Monday, December 1, 2008

prince of boleviya 01


මේක ගොඩක් ලස්සන ආදර කථාවක්...
මීට අවුරුදු දහස් ගානකට පෙර සිද්ද වෙච්ච සත්‍ය සිද්දියක් ,,,,
ත්‍රාසය ,
භීතිය ,
කුතුහලය ,
හාස්‍ය කුළුගැන්වුණු.....හරිම රසවත් ,,ඇසිපිය නොහෙලා ,,,බලා ඉන්න පුළුවන් ,,,අද කාලේ අපගේ හදවත් පවා ස්පර්ශ කරන තරම් යාවත්කාලිනවූ,,ගොඩාක් සුන්දර ප්‍රේම වුර්තාන්තයක් අද මන් ලියන්න යන්නේ,,,,
ඔයාට හිතාගන්න බැරිතරම් වෙයි ,,,,

                           එකෝමත් එක රටක හිටියා "ජෝර්ජ් කාර්පට්" කියල්ලා රජ කෙනෙක්..ඔහුගේ එකම පුතු " තරුණ බොලී කුමාරයා.,,,,ඔහු තමයි මේ ආදර කතාවේ කුමාරයා ,,,,
                                     ඉතින් දවසක් ,,,,පියකරු උදැසන කුමාරයා අවදිවෙලා ,,අසු පිට නැගලා ,,,,තමන්ගේ ආදරවන්තිය හමුවීමට මාළිගාවෙන් පිටත් උණා.ලස්සන වන උයන් පසු කරමින් ,,වනසතුන්ගේ අසිරිය නරබමින් ,,,කුමාරයා ගොඩාක් සතුටින් තමන්ගේ කුමාරිකාව හමුවීමට දැන් රාජ ලීලාවෙන් යනවා ,,,ඔහු ගොඩාක් එඩිතර ,නිර්භීත ,තාරුණ්‍යයේ තේජසින් අංගසම්පුර්ණ ,,,,ආරෝහපරිනාහ දේහ සම්පත්තියකින්  හෙබි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ කුමාරයෙක් ..
ඔහුට මේ ගමනේදී ගංගාවක් පසුකරන්න පවා සිද්ද වෙනවා.
            මේ අතර කුමාරිකාවත් ,,,,ඔහු එනතුරු ඇගිලි ගනිමින් මග බලා ඉන්නවා.,,ඒක ගොඩාක් සුන්දරයි ,,ඔවුන් හමුවන ඒ අසිරිමත් මොහොත සිහිකිරීමෙන් පවා ඇය සතුටක් ලැබුවා.,එය එතරම්ම රමණිය ප්‍රේමයක් ,,
      ඉතින් කුමාරයා අසුපිට නැගල ගංගාව ලගටම ආවා ..,,,එත් වෙනද වගේ නෙමෙයි ,,,එදා ගංගාවේ ගොඩාක් වතුර ,,,,,,("වතුර පට්ට සීත ඇති අම්මෝ"කුමාරයා හිතුවා  )
ඉතින් කුමාරයා අසු ආපහු හරවගෙන මාලිගාවට ගියා ,,,,,,

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...