Monday, October 5, 2009

පුංචි ආදර කතාවක් 08


ආලෝක සොනාලිට ගොඩක් ආදරේ කළා ,ඒක පුදුම තරම් ලස්සන ,අහිංසක ,සැහැල්ලු ආදරයක් වුණා.ඉස්කෝලේ ගියෙත් එකට..පාඩම් කලේ ,ජොබ් කලේ එකට ඔවුන් ගොඩක් ආදරෙන් හිටිය.සොනාලිගේ මුළු ලෝකෙම උනේ ආලෝක.ඒ අතර ආලෝකට ශිෂ්‍යත්වයක් ලැබුණා ජපන් යන්න ,
                                                    එදා ආලෝක සොනාලිගෙන් වෙන්වෙලා ජපන් ගියේ හදවත මහා වේදනාවකින් පුරෝගෙන.,,,ඒත් අඩමින් වැලපෙමින් වුන් සොනාලි ඉස්සරහ කදුලක්වත් නොහලා ඉන්න ඔහු පරිස්සම් වුණා. ජිවිතේ ,ආත්මය සොනාලි ලග තියලා ආලෝක මේ ගමන ගියේ .
                                                     කාළය ගෙවුනා...ආදරය තව තවත් හදවත් වල වැඩි වුණා මිස අඩු උනේ නැහැ.
                                           "සොනාලි මන් ලබන සතියේ එනවා " ඈත දෙව්ලොවෙන් ආ මිහිරි පණිවුඩයක් ඇගේ හදවත මහා ප්‍රීතියකින් පිරෙවුවා.
                               ආලෝක කටුනායක ගුවන්තොටුපලින් බැහැලා සොනාලි සර්ප්ර්යිස් කරන්න හිතාගෙන කෝල් එකක්වත් දුන්නේ නැහැ.
                                                  කුලීරථයේ යනාතර දෙපස විශාල කඩසාප්පු දෙස අරමුණකින් තොරව දෑස් හරවන් ගිය ආලෝකට මතක් උනා..සොනාලි පුංච් කාලේ ඉදන් ලග තියන් හිටපු ටෙඩියව.රථය මදකට නතර කෙරවූ ආලෝක ඒ වගේම පුංච් ටෙඩියෙක් ගත්තා ,,ඒත් ඒක අරන් කැෂියර් ලගට එන්නත් කළින් තමන්ගේ මුළු ජිවිතයම ආලෝකට අහිවී පෙනුනා.සොනාලි වෙනත් තරුණයෙක්ගේ තුරුළේ ඔහුගේ ඇස් ඉදිරිපිට,,,
                                                   ලියා විස්තර කළනොහැකි හැගීම් ගොන්නක්  හදවත වෙලාගනිද්දී ආලෝක කුලිරථයේ වාඩිවුණා.,,,,,,

(ඒත් මේ බුරූ කොල්ලට අමතක වෙලා තිබුනා "අමාලි -සොනාලි "ටුවින්ස්ලා කියලා ,,,,පස්සේ මතක් වෙන්න ඇති ඒ වගේම දැන් එයාලා සතුටින් ඇති හලිද ???)

 "යමක් ඇස් වලින් දැකලා අල්ලලා බලලා මිස විශ්වාස කරන්න එපා කියන මතයේ මන් ඉස්සර හිටියේ,, ඒත් මන් දැන් කියනවා දකින හැමදේම පැහැදිළි මනසින් විමසා බලමු කියලා "                                                          



,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...