Wednesday, November 3, 2010

The ඉමෝර්ටල් ලව් (කිඳුරු විමානයේ අසීමාන්තික ආදර අන්දරය )

      'රකන්ටෝ' ඇයි තවමත් ප්‍රමාද,?,,ඔයා අද නාවත් හෙට එයි,,,,ඔබ එනබව මන් දන්නවා,,කවදාකහරි ඔබ එනවා,, මා ජිවත්වන හැමදාකම ඔබ එනතුරු බලන් ඉන්නවා ,,,,පුංචි 'ෆියර් ' මට ඔබගේ ආදරේ උණුසුම පපුවට ලන්කරලා දෙනවා ,,,,රකන්ටෝ ,,,තවත් ප්‍රමාද ඇයි....

,,,'එමරල්ඩ් ' 'රකන්ටෝ ',,,ආදර කතාව මුළු කිදුරු විමානයම එලිය කරපු කාලයක් තිබුණා...එමරල්ඩ් රකන්ටෝට නොසෑහෙන්න ආදරේ කළා ,,රකන්ටෝ නිතරම ඇයට කිවුවේ "එමරල්ඩ් ඔයා මගේ ජිවිතේ ,,මට ඔයාව ගොඩාක් වටිනවා" කියලා .
         හැම සන්ධ්‍යාවකම ඔවුන් පැය ගනන් ඈත පෙනෙන කෙළවරක් නැති මහා සාගරය දිහා බලාගෙන කතා කලා.. රකන්ටෝගේ ආදරයේ උණුසුම එමරල්ඩ්ට මේ මහා සාගරයටත් වඩා ලන්ව දැනුනා.. ඒ හැම සන්ධ්‍යාවකම එමරල්ඩ් රකන්ටෝට ආදර පොරොන්දු දුන්නා ,,ඒ පොරොන්දු ඔවුන්ගේ ඇස් කදුළින් තෙමන්න ඇති,, ඒත් ඒ කදුළු මහ මුහුද හැර ඔව්නොවුන් වත් නොදකින්නට ඇති,,,,

                                        සතුටට බොහෝ කල් ඔවුන් හා රැදෙන්නට නොහැකි උනා.කිදුරු විමානය තුල මෙතෙක් කිසිවෙකු වෙත නොතිබුණාවූ රෝගයක් එමරල්ඩ් කරා පැමිණ තිබුණා.අයගේ ඇස් කොරපොතු වලින් වැසී යන්නට පටන් ගත්තා,,රකන්ටෝ මේ වන විට මුළු කිදුරු විමානයම පීරමින් බෙහෙත් සොයා වෙහෙසුණා. හැම උත්සාහයක්ම අසාර්ථක වූ අතර එමරල්ඩ් දිනෙන් දින දුර්වල වෙමින් සිටියා. 



 දිනක් රකන්ටෝ වෙත පැමිණි විමානයේ මහළු කිදුරා එමරල්ඩ් බේරා ගැනීමට මගක් තමන් දන්නා බවත් ,,,එහෙත් එය මීට පෙර නොකියා සිටීමට හේතුව එය ඉතාමත් අසීරු කටයුත්තක් නිසා බවත් රකන්ටෝ හට පැවසුවා ...එහෙත් අද හෙටම තමන් මියයාමට සිටින බැවින් එම රහස තමන් සමග මිය නොයායුතු බවත් ඔහු රකන්ටෝ වෙත කියා සිටියා , මහළු කිදුරා කිවූ ලෙසම එය ඉතාමත් අසීරු ,,කිදුරෙකුට කළනොහැකි දෙයක් බව මහළු කිදුරාගේ කතාව අයාගත්මුවින් අසා සිටි රකන්ටෝට අවබෝධ විය ..

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...