Friday, September 2, 2011

ජැමෙයිකානු ක්‍රමයට කොන්ඩ කැවුම් 16

                                                 *වටිනා සූපවේද පාඩම් මාලාවක ආරම්භය *

අවශ්‍ය ද්‍රව්‍ය :



#හාල්පිටි  කිලෝවක්

#පැණි බෝතලයක්
#පාන් පිටි 250 g
#සීනි 250 g
#පොල්තෙල් අවශ්‍ය තරම්
#ඉරටුවක්
#දිගට අඩු තියන අඩුවක්
#හෝර්ලික්ස් බෝතල් පියනක්

*විෂ්කම්බය අගල් 2ක් සිටිනසේ වුර්තාකාරව පිත්තල වලින් වැල්ඩින් තියා සම්බන්ද කරගත් 1. 5 cm උසකින් යුත් ගැජට් එකක් සහ ඒ හැඩයටම නමුත් විෂ්කම්බය 2.5 cm ක් පමණ වූ ...අගල් 1 ක් උස ඒවගේම පොඩි ගැජට් එකක්

සාදාගන්නා ආකාරය :


හාල් පිටි ,පැණි ,බ්ලෙන්ඩරයක දමා විනාඩි 10 ක් පමණ ගසාගන්න, ඉන්පසු රස අනුව සීනි ටික ටික එක්කරන්න .. මිශ්‍රණයෙන් ස්වල්පයක් හැන්දකට ගෙන අඩියක් පමණ ඉහල සිට නැවත බදුනට හලා බලන්න නුලක් සේ එක දිගට ගලාගෙන යන පදමට එන තුරු මෙසේ වරින් වර කරන්න ඈ .. ඒ අතර ,,සීනි ,පාන් පිටි එකතු කරන්න ..හොදට හැදිගාමින් මිශ්‍රණය කොහොම හරි හදාගත් පසුව ,, තාච්චියක් ලිපතබා තරමක් පොල්තෙල් එකතු කරන්න ,, ඉන්පසු අර පෙර කී ලොකු ගැජට් එක තාච්චියේ සෙන්ටර් වෙන්න තියන්න තෙල් හොදට රත්වුනාට පස්සේ හෝර්ලික්ස් පියනට මිශ්‍රණය පුරවා ,,අර ගැජට් එකේ 4 /3 ක් පිරෙන්සේ වක්කරන්න , ඒ අතර තෙල් හැන්දෙන් අර අපේ අත්තම්මලා කරනවා වගේ තෙල් ගහන්න ඕනේ කැවුමට,, මද ගින්න ඉතාම සුදුසුයි ඈ ..ඊට පස්සේ විනාඩි 3කින් කැවුමේ සෙන්ටර් පොයින්ට් එකට වගේ වෙන්න ඉරටුවෙන් සිදුරු කරන්න ...එවිට ගිනිකන්දකින් ලාවා ගලනවා වගේ අමු පිටි උඩට එනවා .. ඒ එක්කම අඩුව ආධාරයෙන් පොඩි ගැජට් එක සිදුරට සෙන්ටර් වෙන්න තියලා උඩින් තව ටිකක් මිශ්‍රණය වක්කරන්න උතුරලා නොයන විදියට .. ඊට පස්සේ හොදින් තෙල් ගහන්න කැවුමට ,, රතට හුරු දුබුරුපාට එද්දී කැවුම බාගන්න ,,, ඔය විදියට සේරම හදාගන්න ,,අඩුව ආධාරයෙන් කැවුම් උණු උණුවෙම ගැජට් එකෙන් ගලෝගන්න ... ඊට පස්සේ ගැජට් එක නැතුව උයන්න පුරුදුවෙන්න /.....


මන් උයල නම් නැහැ ,,මගේ හීනයක් ඈ 
(අවවාදයයි !! අසමෝදගම් නිතර ලගතබාගන්න ,, ඔබ උයන කැවුම් අහිංසක සත්තුන්ට දෙන්න එපා )

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...