Saturday, May 18, 2013

අද සතුටු දවසක් 04



"මැයි 22 ජාතික වීර දිනය,,,එතකොට මැයි 18 ??????"
පුංචිම කාලේ අවුරුදු 4,5 කාලේදී ඉදන් රේඩියෝ එකේ හැමදාම ප්‍රවුත්ති වලට මට ඇහුණා
" මුලතිව් ගැටුමෙන් L.T.T.E සාමාජිකයින් 18 දෙනෙක් සහ හමුදා සෙබළුන් 12 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ අතර ,,,,," සහ සමහර දිනවල .... "අද ගැටුම් වලින් කොටි ත්‍රස්‌තවාදීන් 14 දෙනෙක් මරමුවට පත්වූ අතර ...රණවිරුවන් 8 දෙනෙක් දිවිපිදුහ" .....මෙන්න දැන් ලැබුණ පුවතක් ,,"ග්රෑන්ඩ්පාස් වටරවුම අසල දී බස් රථයක් පුපුරා ........",,,,,"....."..."
...............................වැනි දහසකුත් පුවත් ,,හැම දිනකම ප්‍රවුත්ති වල අනිවාර්ය අංගයක් ලෙස යුද්දය ගැන ප්‍රවුත්ති තිබ්බා ,,,එත් අදට අවුරුදු 4 කට කලින් අදවගේ දවසක ඒ මුසල යුද්දය ඉවරවුණා,,,යුද්දය ගැන මන් වචනයක් වත් කියන්නේ නැහැ ,,,ඒ මොකද මේක කියවන ඔයාලා හැමෝම යුද්දය ගැන ඉතාම හොදින් දන්නවා මොකද යුද්දය අපේ ජිවිත වල නානාප්‍රකාර මතකයන් තියලා ගියපු නිසා ....දේශපාලකයෝ ලොකු කර්තව්‍යයක් කලාලු,,යුද්දය හින්දා අපේ තාත්තා ගොඩක් මහන්සි වෙලා හොයපු මුළු පඩියම වියදම් උණා මාව  ඉස්කෝලේ යවන්න, මට  කන්න බොන්න දෙන්න,,බඩු හරි ගණන් කිය කියා අම්මලා කියෙවුවා... "ඒත් යුද්දේ කරන්න සල්ලි ඕනෙලුනේ රජයට කරන්න දෙයක් නැහැ " තාත්තා කියනවා නිතර ඇහිලා තියනවා මට .
ඉස්සර අම්මා කොළඹ යන්න දෙන්නේ නැහැ ,,ගියත් එනකල් බයයි ,,අදුරන්නේ නැති අයගේ බෑග් එකක්වත් ගත්තේ නැහැ ,,,අම්මෝ ඔයවගේ අපි හැමෝම අත් විදපු අත්දැකීම් ගොඩයි ,,,ඒත් දැන් අපි කොච්චර සතුටින්ද ,,,මගේ පවුලේ කවුරුත් යුද්දෙන් මැරුණේ නැහැ ඒත් මන් හිතනවා අද මට දැනෙන සතුට සැහැල්ලුව යුද්දෙන් තමන්ගේ පවුලේ සමීපතමයන් අහිමි උන අයට පවා දැනෙනවා ඇති මොකද ඒ දිවිපුදපු හැම රණවිරුවකුගේම ජිවිත වලට වටිනාකමක් හම්බුණු නිසා ,,අද සිංහල අපි අපේ රටේ ඕන තැනක බය නැතුව යන්නේ එන්නේ මුළු පපුව පිරෙන්නම හුස්ම අරගන්නේ යුද සීමාවල අපිවෙනුවෙන් ,අපේ ජිවිත බේරගන්න අවිආයුද දරාගෙන ලේ දහදිය හලමින් කවුරුත් නැති නිසා,, කොටින්ම සරලව කිවුවොත් "ප්‍රභාකරන්"මැරුණ හින්දා...පොඩිකාලේ ප්‍රභාකරන් කිවුවාම මන් හරි බයයි ඉස්සර .ඔයාලත් සමහරවිට එහෙම ඉන්න ඇති.


ඒත් අපේ අම්මා අදත් මට කියනවා "අපෝ බඩුවල ගණන්" ...ඉස්සර තාත්තා කිවුවා යුද්දේ කරන්න සල්ලි ඕනේ ඒකයි කියලා,, ඉතින් මන් ටිකක් හොයලා බැලුවා...යුද්දේ ඉවරවුනාට පස්සේ රට අද වෙද්දී ගොඩක් සංවර්ධනය වෙලා ඒවාගැන මන් කතාකරන්නේ නැහැ හරියට නොදන්න නිසා ..."උද්දමනය" ගැන මන් දැනගත්තදේ ඔබටත් වටින්න පුළුවන් සමහරවිට ,,රටකට උද්දමනය අවශ්‍යයි !!,,එහෙම නොවුනහොත් නිෂ්පාදකයා අධයිර්යමත් වෙනවාලු. ,,1%-3% වගේ උද්දමනයක් කියන්නේ පාරිබෝගිකයාට දැනෙන උද්දමනයක් නොවේ ,,ඒත් අපි පළමු ලෝකයේ රටක් නොවෙන නිසා අපේ රටේ උද්දමනය අංක දෙකක සංක්යාවකට යාම වෙන්න පුළුවන් දෙයක් (10%- සිට ඉහලට )
අපේ රටේ යුද්දේ අවසන් වූ කාලසීමාවට සමගාමිව ලෝකය පුරා ධනවත් රටවල පවා ආර්ථිකයන් කඩා වැටුනා ඒත් අනෙක් 3 වන ලෝකයේ රටවලට සාපේක්ෂව අප රටේ උද්දමනය වැඩි උනේ නැහැ ඒ ගැන අපට සතුටු විය හැකියි .( ලෝකය ධරුණු ආර්ථික අවපාතයකට මුහුණ දුන්නා සරලව කිඋවොත් .....හී හී ) ඒත් රජය ප්‍රකාශ කරන විදියට ගියවසරේ අප රටේ උද්දමනය අංක එකේ සංක්යාවකට ගෙනාවාලු ,,,

රටේ සංවර්ධන වැඩපිළිවෙල දකිද්දී සතුටුයි,,,ඒත් "3 වන ලෝකයේ රටවලට පොදු "දුෂණයයත් අඩුවුනා නම්,,,එසේ වුනානම් සංවර්දන කටයුතු මීටත් වඩා පුළුල්ව කල හැකිබව ඕනෑම තරාතිරමක පුද්ගලයන් කියන කතාවක්,,
COLOMBO NIGHT RACE වැනි අනවශ්‍ය දේවල් සදහා රජය වියදම් කලේ කෝටි ගණනින් යුද්දය නිසා පාරේ බස් එකක යන්න බයෙන් හිටපු මිනිස්සු එවැනි දේවල් බලන්න කොළඹ නගරයට රැස් වුයේ මරණභය නැතිව කියන එකනම් නොකියාම බැරිය,,,,,

අද මට ගොඩක් සතුටු දවසක් කෙටියෙන් කිවුවොත් ,,,කියවලා මහන්සිනම් ,,එඩිතර සිංහලයෙක් වගේ පපුව පිරෙන්න හුස්ම ගොඩාක් අරන් අපිට අද මේ විදින සැනසීම ගෙනත්දීපු රණවිරුවන් සිහිකරන්න ,,,,,හ්ම්ම්

6 comments:

  1. පුදුමයි කෙල්ලට තාම ගල් පාරවල් එල්ලකරල නැති එක ගැන.. ඒ වුණත් මේ යථාර්ථය මතක් කිරීම වෙනුවෙන් උඹටත් මගේ ආචාරය.. යුද්ධය අහවර කරන්නට දායක වූ සැම සියලු දෙනාටම ලක් මවගේ ආචාරය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි

      Delete
  2. ඕනිම දෙයක් අපිට කරගන්න නම් කැපකිරීම් කරන්න ඕනි...මෙතනදි ඔයාට ඔයාගේ බඩුමිල කියන දේ කැපකරන්න වෙනවා බෝම්බ වෙනුවෙන්...

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4 කට කලින් ගෙන්නපුවටද ??????

      Delete
  3. ලියමු ලියමු හොර වෙන්නේ නැතුව

    ReplyDelete
  4. යුද්ධය නවත්තපු එක, රටේ පොදු මහජනයට මරණ බයක් නැතුව ජීවත් වෙන්න පුලුවං වෙලා තියෙන එක, යුද්ධෙන් පස්සෙ රට භෞතිකව දියුණුවක් ලබලා තියෙන එක ඉතාම වටිනා දෙයක් සහ ආයෙ ඒකෙ කතා දෙකක් නෑ. අපි ඒකෙ ප්‍රතිඵල භුක්ති විඳිමින් ඉන්නෙ...
    නමුත් ඊට එහා ගිය දරුණු ආර්ථික කඩාවැටීමක් සිද්දවෙමිං තියෙනවා. දූපත් මානසිකත්වයකින් ඔලු පිස්සු වැටිලා ඉන්න අනුවණ මිනිස්සු වැඩි රටක, තමංගේ යහපත ගැන පමණක් සිතන බුද්ධිමතුන් ඉන්න රටක, උස්'පහත් භේදයක්'තරාතිරමක් නැතුව වැඩිපිරිසක් ඊරිසියාවයි, කුහක'කමයි පුරවගත්තු මිනිස්සු වෙච්ච රටක, මේ වෙනකොට වෙමිං තියෙන්නෙ මොකද්ද කියන එක වැඩිදෙනෙක් තේරුං නොගැනීම ලොකු ඛේදවාචකයක්. පහන් දැල්ලක් උනත් නිවිලා යන්නෙ නිවෙන්න කලිං එක සැරේ ලොකු එලියක් ඇවිල්ලා... අපි මේ ගෙවන්නෙ ඒ වගේ කාලයක් බවයි මගේ හැඟීම.
    >
    ( පාර්ලිමේන්තුවේ ආණ්ඩුපාක්ෂිකයන්ට කට උත්තර නැතිකල අනුර දිසානායකගේ කථාව )
    මේ.., මට අනුව නං, මෙතෙක් ලන්කාවෙ සිදුවුන, කිසිම විදිහකින් නොසලකා හැරිය නොහැකි දරුණු ‍රැවටීමක, බරපතල හෙලිදරව් කිරීමක්. කතාකරන පුද්ගලයා අයිති දේශපාලන පක්ෂයේ කෙරුවාව අදාල කර'නොගෙන මොහුගේ කතාව මුල සිට අග දක්වා අසන ලෙස මේ කමෙන්‍ටුව කියවන හැමෝගෙන්ම මං ඉල්ලා සිටිනවා.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...