Friday, May 24, 2013

ඇපල් අයි VS පරයිපැටිය 06

මේ රූපය දැක්කම ඔබටත් ගොඩක් දේ දැනේවි ,,,මටත් එහෙමයි ,,,අද තාක්ෂණය ගොඩාක් දියුණුයි ..අපි පුංචි කාලේ වගේ නෙමේ ,,මේ දරුවන් දෙදෙනාම සතුටින්,,,කාටවත් දොස් පවරන්න නම් හිතෙන්නේ නැහැ ,,
අපි පුංචි කාලේ කුරුල්ලෝ ,,ගහකොළ එක්ක සෙල්ලම් කළා ,,,සොබාදහම විදින අදහසින් නෙමේ ඒ කාලේ අපිට තිබ්බ වට පිටාව එය නිසා ,,,
                               ඒත් තට්ටු නිවාසෙක ඉපදුණු,,,නගරේ හැදෙන වැඩෙන දරුවෙක්ට එහෙම දෙයක් කොයින්ද ,,,,,(ඒ වගේම අපේ අම්මා සහ තාත්තා ගැනද දුක සිතේ ඔවුන්ට අපිට වගේ ඉන්ටර්නෙට් සහ ටෙලිෆෝන් නොතිබුණ නිසා) ,,,


ඒ වගේම අපේ ගෙදර වෙච්ච සැබෑම සිද්දියක් ඔබට කියන්න හිතුණා,,,

ආච්චි අම්මා ; කෝ ළමයි ? කිසි සද්දයක් නැත්තේ ,,,,

අම්මා ; කාමරේට වෙලා අරක ඔබ ඔබ ඇති .....

ආච්චි අම්මා : අනේ ඒකටත් එක්ක උබල පොඩි කාලේ ගෙවල් වල තිබ්බ සද්දේ ,,,අනේ වාසනාවන් මේ දරුවෝ දෙන්නා ,, ඉන්නවද කියලවත් නැහැනේ
(අම්මාගේ මුණ අබ පුපුරණ ගානට රත් කරන් ආවේ අපේ කාමරයට ,)

හැමදෙයකම හොද නරක සහ වාසි අවාසි තියෙනවා කියලා අපි හැමෝම දන්නවා ,,,තමන්ගේ ජීවිතය සහ චරිතය පරිස්සම් කරගැනීම මනුස්සයෙක්ගේ ජිවිතයේ තියන ලොකුම වගකීමක් ,,ඒ වගේම තමන් ගේ දරුවන්ව නිසි මාර්ගයේ යැවීම,, 


ප/ලි 
මාළුවා මුහුදේ ලුණු ගොඩේ  හිටියත්  උයද්දී ලුණු දාන්න එපැයි අපිත් ඒවගේ ඉන්ඩ ඕනේ ඈ

34 comments:

  1. බොහෝ ඉසව් ගැන හොදින් හිතන්න වන කතාවක්නේ ඔමායා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා

      Delete
  2. කතාව ඇත්ත..අපේ අයියලාගේ පොඩි උන්ට නම් තාම ලමා කාලය තියෙනවා..
    ඒත් මට එකෙක් හිටියොත් ඌව ගෙදට්ට කොටු කරලා හදන්ට වෙයි..

    ReplyDelete
  3. වචන සීයකින් වැඩේ ෂේෆ්

    ReplyDelete
    Replies
    1. හී හී ස්තුතියි කියෙවුවට ,,

      Delete
  4. හ්ම්ම්
    කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා තමා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ස්තුතියි

      Delete
  5. අපි පුංචි කාලේ කුරුල්ලෝ ,,ගහකොළ එක්ක සෙල්ලම් කළා ,,,සොබාදහම විදින අදහසින් නෙමේ ඒ කාලේ අපිට තිබ්බ වට පිටාව එය නිසා ,,,

    Ayeth ekale Enawanam......

    ReplyDelete
    Replies
    1. ඔව් නේද හරි ශෝක් මතක් වෙද්දීත්

      Delete
  6. කියන්න දෙයක් සිතා ගැනීමට නොහැක...

    ReplyDelete
  7. "පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ" වගේ පොඩියට ලිව්වත් ලිපිය ගොඩක් අර්ථවත්....අපි ගත කරපු පොඩිකාලේ ජීවිතේ කොච්චර සුන්දරද?මතක් වෙද්දිත් දුකයි

    ReplyDelete
  8. බුකියේ රජගේ පින්තුරෙකට දාලා තිබුණු කමෙන්ටුවක් ෆලෝ පාරක් දීල තමයි ඔයාගේ බ්ලොග් එක පැත්තට ගොඩ බැස්සේ පොස්ටුව ගැන කෙටියෙන් කිව්වොත් නියමයි පොඩි වචන ගානේ ඇතුලේ හිතන්න ගොඩක් දේවල් තියනවා ,,,

    අච්චාරු මලයා >> " The අච්චාරු පිටුව "

    ReplyDelete
  9. තාක්ෂණයේ දියුණුවත් එක්ක මනුෂ්‍යා වෙනස් වෙනවා, පරිසරයට තියන ඇල්ම ලැදියාව නැතිවෙනවා, ලෙඩ රෝග ඇතිවෙනවා, ඇයි ඉතිං මුළු දවසම ගේ ඇතුලෙනේ. ඉතිං මොනවද මේවට පිළිතුරු?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම් ඇත්ත .. ලෝකේ යන්නේ ආපහු මුලට

      Delete
  10. තාක්ශණය දියුණු වෙත්දි සමාජ සබදතා දුරස් වෙන්නෙ ඇයි?

    ReplyDelete
  11. මම නම් තාක්ෂනයට කැමතියි.නරකට වඩා හොඳ තිබෙනවා.වෙනස් වෙන එක ගැන අපි කරදර වෙන්න ඕන නෑ.ඒක සොබා දහමේ ධර්මතාවයක්නේ.මේක වෙනස් වීමකට වඩා අළුත් වීමක්.

    ReplyDelete
    Replies
    1. එකයි මං මධ්‍යස්ථව ලියලා ඔයාට හිතන්න ඉඩ ඇරියේ

      Delete
  12. තාක්ෂණේ හොද පැත්තත් තියනවා නරක පැත්තත් තියනවා.ඒක පාවිච්චි කරන කෙනා අනුව තමයි තීරණේ වෙන්නේ.ගූගල් දෙයියොන්ගෙ පිහිටෙන් වැඩිපුරම වැල බලන රට ලංකාව උන එක වැරදි පැත්තක්,ඒවගේම දුර රටක ඉන්න ඔමා අක්කණ්ඩිගෙ බොග ඇද උඩට වෙලා කියවන්න පුලුවන් එක තවත් පැත්තක්.ඒවගේම තාක්ෂණේ තියෙන්නෙ කොම්පියුටර,හෑන්ඩ් ෆෝන් එකට විතරක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඒකයි මල්ලි මං නිකන් අවුස්සලා නිකා හිටියේ

      Delete
  13. දිග කතාවක් කියවන්නයි ආවෙ කෝ පටන් ගත්ත තැනම නවත්තලානේ

    ReplyDelete
    Replies
    1. මං මුළු කතාවම කියන්නේ නැහැ හැලපතුමණි . ඒකට මට අයිතියක් නැහැ

      Delete
  14. ඔතනින් වම් පැත්තේ ඉන්න කෙල්ල ලොකු උනාම මොනවා වේවි කියලද ඔයා හිතන්නේ ඔමා....

    ReplyDelete
    Replies
    1. ඇක්චුවලි හිතාගන්න බෑ

      Delete
  15. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට ඔන්

    ReplyDelete
    Replies
    1. ඔව් දුකෝ ,,,,එච්චරයි

      Delete
  16. පොඩි කතාවකින් ලොකු දෙයක් කියනවා. අපි අද 'දියුණුව' කියල හිතාගෙන ඉන්නෙ ඇත්තට ම දියුණුවට ද?????

    ReplyDelete
    Replies
    1. තාක්ෂනෙන් ඉස්සරහට යන්න යන්න අනිත් පැත්තෙන් පල්ලට තමයි

      Delete
  17. පරෙයියොත් රහ ඇති තලගොයි වගේම.

    ReplyDelete
  18. හ්ම්ම්... හැමදේම සාපේක්ෂයි කාලයට වගේම පරිසරයටත්...
    >
    මට මේක කියවද්දි මතක් උනේ බත්කූරෝ.. අර රිං.. ගාලා යන මෙගා සයිස් ඩයල් එක නෙමෙයි, අර චූටි, බටේ පාට පාට තියෙන එවුං... ඉස්සර මගෙ වැඩේ දවසකට පාට කීයකිං කීදෙනෙක් බලාගන්න පුලුවංද කියලා ගණං කරන එක.. ඒ පොඩි කාලෙ. දැනට අවුරුදු 10කින්වත් මං ඒ ජාතියෙ එකෙක් දැක්කෙ නෑ. උං වඳ වෙලාම ගිහිං.. අර මෙගා සයිස් ඩයල් නං ඉඳලා හිටලා දකිනවා. උංට පරිසරේ වෙනස්කං වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිය වැඩි ඇති.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...