Wednesday, July 31, 2013

මගේ සුදු තාත්තා 12

 අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා..


.අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති , මගේ දැන් වයස විසිගානක් , මගේ පරණම සහ මුල්ම මතක ඇති අතීතය මතක තියෙන්නේ අවුරුදු 4 කාලේ ඉදන්, මොන්ටිසෝරි පටන් ගත් කාලය ඉන් එහා මොකුත් මන් දන්නේ නැහැ...
                              මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කලේ මගේ තාත්තට..මන් මේක ලියන්න හිතුවේ මගේ තාත්තා වෙනුවෙන් නෙමේ. මේක අහම්බෙන් හරි කියවන ඔයා වෙනුවෙන් ,,, මන් ඉපදෙනකොට තාත්තට 23 යි .මට තාත්තගේ පළවෙනි මතකය තියෙන්නේ එයාට 27 වගේ වෙද්දී. එයා හෙන පට්ට හැන්ඩි( මාව දැක්කම හිතාගන්න පුළුවන්නේ නේ ) අම්මා තාත්තා සතුටින් හිටියා. ඒත් තාත්තට 27 කාලේදී අපේ අම්මා මැදපෙරදිග ගියා පසුව දැනගත්ත විදියට තාත්තගේ අකමැත්තෙන් ,,අත්තම්මගේ පෙළබවිමෙන් තමයි.,, ඊට පස්සේ මගේ තාත්තා මාව බලන් හිටියා අම්මා ලියුම් එවුවා අත්තම්මා ඒවා තාත්තාට දුන්නේ නැහැ. පස්සේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා, දැන් වගේ ස්කයිප් , ටෙලිෆෝන් තිබ්බානම් මන් මේ කතාව අද ලියන්නේ වෙන විදියකට,,,
                      මනුස්සයෙක්ගේ ජිවිතේ ,,ඉදිරිය සාර්ථකත්වය ,බිදවැටීම තමන්ට තනිව පාලනය කරන්න බැහැ දේශපාලනය,තාක්ෂණය,සමාජ කතිකාව වගේ දේවල් සෘජුවම බලපානවා නේද කියලා හිතුනා.

                                              අම්මා ඉන්න කාලේ වැඩට ගිහින් ආපු වෙලේ ඉදන් ගෙදර හිටපු තාත්තා දැන් එහෙම නැහැ.. ඔයා හිතයි එයා එන්න පරක්කු වුණා කියලා එහෙම නෙමේ. එයා ඇවිත් මාවත් අන්දගෙන යනවා යාලුවන්ගේ ගෙවල් වල.."තාත්තේ අම්මා බලන්න ඕනේ " කිවුවහම එයාපෝර්ට් එකේ තියෙන්නේ ෆමිලියන් කියලා තැනක් එතනට එක්ක යනවා,, එතනට වෙලා ප්ලේන් බලන් ඉදලා කඩේකින් හොදට කාලා එනවා, ඒ දවස් වල මන් හෙන මහතයි(ෆොටෝ වලින් දන්නේ),,ඔහොම කාලයක් යද්දී  මේ විදියට එයා යොමු වුණා සුදුවට  යාළුවො නිසා, හැබැයි අද වෙනකල් මගේ තාත්තා අරක්කු,සිගරැට් ,බුලත්විට කන්නේ නැහැ..මට ඕවා තේරෙන්නේ නැහැ , අලියා ඔරේන්ජ් ක්‍රෂ් බෝතලයයි චොක්ලට් බිස්කට් 250 කකා මන් ඉදගෙන ඉන්නවා.

                                  ආත්තම්මා එක්ක රණ්ඩු වෙලා මගේ තාත්තයි මමයි ඒ වත්තේම කාඩ්බෝඩ් වලින් ගෙයක් හදලා එකේ වහලට පොල් අතුයි ,ඉටිකොළයි දාලා ඒකෙ පදිංචි උණා,

                                                අම්මට තාත්තා ලියුම් ලිවුවා වෙන ඇඩ්රස් එකකට අම්මා ලියුම් එවලා තිබ්බා පස්සේ,, තාත්තගේ ජොබ් එක නැතිඋනා ඔය අතර..එයා ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් ඒ දවස් වල,, මට මතකයි එයා අලුත් තැන ජොබ් එකට ගියාම කරන්න තිබ්බේ පාළු වෙච්ච කුබුරුවල වලවල් කපලා ඒවලින් මැටි අරන් ගඩොල් පෝරණු කරන අයට ගිහින් බාන්න.. තාත්තා ගොඩක් ඇගේ හයිය තිබ්බ කෙනෙක්,, (අර්ජුන රාම්පාල් වගේ ඇග ) එයා තනියම ගල්කටුවයි සවලයි පාවිච්චි කරලා දවසට පස් ට්‍රැක්ටර් කීපයක්  පුරෝලා ගෙනියනවා,, මාත් මොන්ටිසෝරි ගිහින් ආවට පස්සේ එයා අවුවේ පස් කපන තැනට වෙලා ඉදගෙන ඉන්නවා.. 
                                ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා,, තාත්තාගෙන් එයා හැමේකටම මට උත්තර කියා දුන්නා .සමහර ඒවා බොරු කියලා මන් ටිකක් ලොකු වෙද්දී දැනගත්තා,,
"මන් දවසක් ඇහුවා ඇයි තාත්තේ වහිද්දි ගොරවන්නේ වලාකුළු අස්සෙන් එන සද්දේ මොකක්ද එහෙම වෙන්නේ ඇයි "  "පුතේ එහෙම වෙන්නේ මේ ලෝකේ උස්සගෙන ඉන්නේ යෝධයෙක් එයා අපේ ලෝකේ එයාගේ ඇගිලි උඩ තියන් ඉන්නේ එයා හිරිවැටෙද්දී ඇගිළි මාරු කරනවා", "තව එයා එහෙමෙහෙ යද්දී එතකොට තමයි එහෙම වෙන්නේ කියලා" අකුණු කියන්නේ අහස උඩතියන ලෝකේ යුද්ද තියෙන වෙලාවට කිවුවා'.
                                                    එයාට දාඩියා දාලා කළු වෙලා,,මට හොදට මතකයි පිටේ ලුණු වගේ මිදිලා තිබ්බා ,,ඒවා ඇගිල්ලෙන් අරන් මන් කටේ ගාලා කියනවා 'අම්මෝ අද ගොඩක් ලුණු සසයි කියලා".
                                      කාළය ගෙවුනා දවල්ට ආත්තම්මා එක්ක හවසට තාත්තා එක්ක,එයා සූදුවට ඇබ්බැහි වුණා,, ඒ වගේම අවුරුදු 28 ක විවාහක පිරිමියෙක් බිරිද නැතුව,, ඉන්ටර්නෙට්,ටෙලිෆෝන් වලින් කිසිම සම්බන්ධයක් නැතුව පුංචි දරුවෙක් එක්ක තනියම ඉන්න එක,,මට අවුරුදු 19  ක් විතර වුනාට පස්සේ මන් මගේ තාත්තගේ තරුණ ජිවිතේ ගැන දුක් වුණා ගොඩක්.. ඔය අතර එයා මාත් එක්ක නිතර නිතර යාළුවෙක්ගේ ගෙදර වැඩිපුර ගියා,, එහෙ හිටියා හොද ලස්සන අක්කා කෙනෙක්, ඒ මාමගේ නංගි.. එයා මට හෙන ආදරෙයි.
         මන් පොඩියි ඒකාලේ  කන්න බොන්න දෙන ,සෙල්ලම් කරන ,හුරතල් කරන ඕන කෙනෙක්  මගේ ලෝකේ හොදම හොද මිනිස්සු.දැන් වගේ  "අම්මෝ හෙන මීටරේ ඈ මෙයා නම්" ,  'අපෝ ගොම් පාට්"  ඕවා තේරෙන්නැහැ,,(දැන් ඉන්න ළමයිට නම් තේරෙනවා මන්  හිතන්නේ,,අම්මලා ඇන්මම්,,, අනම් මනම් කිරිපිටි එහෙම බොන හින්දා )   ඔය අතර අම්මා අවා, තාත්තා ගැන ආච්චිඅම්මා ඔක්කොම අම්මට ලියුම් වලින් බොරුත් එක්ක ලියලා යවලා ,හොදට දැනුවත් කරලා තිබුණේ මන් හිතන්නේ.. අම්මා ආපු දවස් ගැන මට එච්චර මතකයක් නැහැ ,,

           අම්මා ඇවිත් අපේ කාර්ඩ් බෝඩ් ගේ වෙනුවට ටිකක් හොද එකක් හැදුවා,, ඒත් ගෙයි ඔක්කොම ඉවර කරගන්න නම් අම්මා ආයෙමත් රට යන්න ඕනේ කියන අදහස ආයේ ආවා. ඔහොම දෙවැනි පාරත් අකමැත්තෙන් එයා ගියා.. අම්මා ගියාට පස්සේ මායි තාත්තයි ආයේ තනියම,, එයා වෙනද වගේ මන් ඉස්කෝලෙන් ආවට පස්සේ එක්කන් යනවා වැඩ කරන තැනට.සිද්දි දහස් ගානක් ඔලුවේ තියෙනවා ඒත් අත්‍යාවශ්‍යම දේවල් විතරක් ලියන්නේ මේක ගොඩාක් දික් වෙන නිසා,,,
මෙදාපාරත් අම්මා ආවේ අවුරුදු 3 කින්,, මට 8 ක් වගේ එයා එද්දී..
තාත්තා අලුතෙන් වැඩ කරන තැන දුරයි ටිකක් ඉස්කෝලේ නිමාඩු දවසට තමයි එක්කන් යන්නේ වැඩකරන තැනට,, එතන හරියට ගෙම්බෝ හිටියා මගේ වැඩේම ගෙම්බෝ අල්ලලා උන්ව බෙල්ලට පොඩි ලනු ,රෙදි පටි දාලා සෙල්ලම් කරන එක ,, හෙන ලොකු වුන් හිටියේ,, 
                       මගේ තාත්තා මාව පුදුම විදියට පරිස්සම් කළා, කිසි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න යැවුවේ නැහැ,,ඒත් මන් පව් කියලා හිතුනම යවලා එනකල් බලන් හිටියා දුරින් ,,
 ඉස්සර එයා පැයක්,දෙකක් හරි එයාගේ ෆුට් සයිකල් එක උඩට වෙලා ඔහේ ඉදන් ඉන්නවා ,, කොච්චර දේවල් කල්පනා කරන්න ඇද්ද,,
ඔය කාලසීමාව වෙද්දී අර අක්කා අපේ තාත්තට අදරේ කළා මන් හිතන්නේ,, අපේ තාත්තත් එහෙමයි,, ලස්සනට ඇන්දා.. අර අක්කලාගේ  දිහා යනවා නිතර.,, ඒත් මට වෙනද වගේම ආදරේ කළා,,එයා බයිසිකලේ හැමදාම හෝදනවා ,,පිහිනවා ,, මගේ ඇදුම් සේරම හෝදන්නේ එයා,,උදේට අන්දලා කැම කවලා ඉස්කෝලේ ඇරලලා වැඩට යනවා, උදේ 6 .30 ඉදන් මන් තනියම ඉස්කෝලේ කවුරුත් නැහැ..මොනා කරන්නද ඔහේ ඉන්නවා . දවල්ට ආත්තම්මා තමා ගෙනියන්නේ,, එයත් මට ගොඩක් ආදරේ කළා,,ඊට වඩා එයාගේ හිතේ සහ මුහුණේ තිබ්බා "ෂික් මේ ළමයෙක් ඉන්නවනේ නැත්තම් අපේ එකීව ඕකෙන් අයින් කරලා කියන හැගීම""
රෑට ගෙදර ඇවිත් තාත්තා උයනවා ,,මන් මේසේ උඩට වෙලා බිස්කට් කකා ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා ,,ඇත්තමයි මගේ තාත්තා එච්චර ඉස්කෝලේ ගිය උගත් කෙනෙක් නෙමේ 6 ට ගිහින් තිබ්බේ ,,ඒත් එයාට ඉංග්රීසි කියවන්න ලියන්න පුළුවන් හොදට,, මන් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නත් පුළුවන් ,, මන් ළමයි එක්ක රණ්ඩු වෙලා තියනවා නිතර තාත්තා නිසා.මන් හැමෝටම මගේ තාත්තා තමයි හොදම ,හැමදේම දන්නා කෙනා කිවුවා ,,මට ගොඩක් අය අපහස කළා..ඒකට හේතුව මන් නිසා පවුලට අපලයි කියලා අපේ නෑදෑයෝ අතර තිබ්බ කතාව වෙන්න ඇති..
             

 
         කාළය ගෙවුණා වේගෙන් හෝ හෙමින් නෙමේ දැන් ඔරලෝසුවේ කටු කැරකෙන ස්පීඩ් එකටම..අම්මා ලංකාවට ආවා                                                                   ආයේ අම්මා තාත්තා එකගෙදර
හොදින් හිටියා ,, ඒත් වටෙන් පිටෙන් අරවා මේවා ආරංචි වුණා,
අන්තිමට රණ්ඩු වෙවී හිටපු තාත්තා අපිව දාලා ගියා. මාව බලන්න අම්මට හොරෙන් ඉස්කෝලේ ලගට ආවා. තාත්තා අර අක්කත් එක්ක යාලු වෙලාලු ඒකලු අම්මා රණ්ඩු වෙන්න හේතුව. දැන් මන් අම්මා එක්ක, අම්මත් මට පණ වගේ ආදරෙයි,,
                                 පස්සේ අම්මා මන් වෙනුවෙන් කියලා ආයේ තාත්තා එක්කගෙන ආවා ඔය අතර ගහ මරාගැනිලි ,රණ්ඩු අතර අම්මෝ ජිවිතේ තිත්තම උනා ඈ..පස්සේ අම්මට මල්ලි හමුබුනා ඒත් අපේ අම්මා නිතර රණ්ඩු වුණා..මේ අවුරුදු කීපය මගේ අම්මා ,තාත්තා වගේම මමත් ගොඩක් විදෙවුවා,, එයාලා කොච්චර හොදින් ඉන්න හැදුවත් විවිදාකාර ආරංචි , සැක සංකා අපේ පවුල වසාගෙන හිටියේ,,මල්ලි හම්බුනා.. තාත්තා සුදුවට ඇබ්බැහිවීම සහ එයාගේ අනිත් අනියම් සම්බන්ධය තමයි දැන් අපේ පවුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නය...

                                       අම්මගේ සහෝදර ,සහෝදරියන් පරපුරම අම්මගේ පැත්තේ මගේ තාත්තා තනි වුණා.ආපහු මල්ලිට මාස 10 ක් වෙද්දී එයා කොහේ හරි ගියා,ඊට පස්සේ එයා අර අක්කලාගේ ගෙදර ආව ගිය බව සහ ලොරියක වැඩ කරන බව ආරංචි වුණා,, මට 11 ක් වගේ වයස,,පස්සේ මාවයි මල්ලිවයි ආත්තම්මා බලාගන්නම් කියලා  අම්මා ගේ සම්පුර්ණම හදන්න හිතන් ආපහු රට ගියා අවුරුදු 2 කට,, තාත්තා ඉස්කෝලේ ලගට ඇවිත් මාව බලලා යනවා ,සෙනසුරාදට මාව රවුමක් එක්ක යනවා,ඒ අතර දවසක් තාත්තා මට කාටවත් කියන්න එපා කියලා ටිකක් දුර දිහාක එක්ක ගියා,එහෙ අර අක්කා හිටියා අපේ මල්ලිට වඩා ටිකක බාල මන් වගේම හැඩහුරුකම් තියන පුංචි ළමයෙක් වඩාගෙන.. පොඩි වුනත් මන් හිතුවා මේ අපේ තාත්තගේ බබෙක් තමයි කියලා,, මන් තාත්තට කොච්චර ආදරේ කලත් අර ළමය ගැන ආදරයක් දැනුණේ නැහැ,, එදායින් පස්සේ තාත්තාව තරමක මන් ඈත් කළා මන් හිතන්නේ ,ඒත් කාටවත් කිවේ නැහැ ..


කාළය ගෙවුණා,අම්මා ආවා. එයා ඇවිත් නඩු දැම්මා අනිත් මිනිස්සුන්ගේ පෙළබවිම මත. ඒත් එයාලා නඩුව අයින් කලාද කොහෙද ,,ආයේ තාත්තා ගෙදර ආවා,, ඒත් අර ළමයා ගැන ,හැමෝම දන්නවා..අයෙමත් රණ්ඩු.. පස්සේ තාත්තා පොරොන්දු වුණා ,අර සම්බන්දෙ නවත්වනවා ,,හැබැයි දරුවට වියදම් දෙනවා කියලා,,නමුත් අපේ අම්මා දවසගානේ  තාත්තාව රිද්දුව,, මගේ අම්මව නෑදැයෝ රිද්දුවා,, කාලයන් නිශ්චිතව මතක නැහැ මට නමුත් මන් O / L කරන කාලෙත් රණ්ඩු ,,අර ළමයා ඉස්කෝලේ යනවා.. ඒ ළමයට එහෙන් තාත්තා කෙනෙක් නැහැ,, අපේ අම්මාලා ඒ වෙද්දී තරමක් පෝසත්තු,, නෑදෑයන්ට අවනම්බු වෙනවා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ,, මගේ අම්මයි ,තාත්තයි පුදුමාකරා ජිවිතයක් ගෙවුවේ,, මේ හැමදේම තේරුණත් නොතේරුණ ගානට මන් හිටියේ...
                                                 40 පාරක් විතර තාත්තා ගියා ආයේ අම්මා එක්ක ආවා... ඔහොම තමයි කාලේ ගෙවුනේ,,,,
  දැන් මේ කතාව ලිවුවා ඇති ,, වර්ථමානයේ මට කියනන් අවැසි දේ මේකයි . මේවා ඔබේ මානයන්ට තර්කයන්ට එකග නොවෙන්න පුළුවන් ,,

කිසිම පිරිමියෙක් කසාද බැදලා ආර්ථික ප්‍රශ්න එද්දී තමන්ගේ බිරිදව පිටරටකට යවන්න හෝ යන්න දගලුවට යන්න දෙන්න එපා..

කිසිම බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයව තනිකරලා පිටරට යන්න එපා. කසාද බදින්න කලින් තමන්ගේ ජිවිතේ තනියම ගන්න තීරණ අරන් ඉවර කරන්න ..රට යන්න ඕනේනම් යන්න,,
කසාද බැන්දට පස්සේ අම්මා තාත්තාව අත්හරින්න එපා ,ඒත් තීරණ ගද්දි තමන්ගේ අලුත් පවුල් ජිවිතේ තීරණ වලට ඒ අයව ගාව ගන්න එපා,,
තමන්ගේ ස්වාමිපුරුෂයාට ගරු කරන්න ,,එහෙම කරන්න තරම් සුදුසු නැති මිනිහෙක්නම් එයාව බදින්න එපා ...
කටින් කියන වචන වලින් පිරිමියෙක් ලංකරගන්න බැහැ ,, ගැහැනුන් නම්‍යශීලි විය යුතුයි.. එසේ වූ තැන පිරිමියා වැරදි නොකරයි,,

               තව දෙයක් කියන්න බැරි වුණා, අන්තිමට මට 21 වෙද්දී මන් කොහොමහරි අම්මව කැමති කරවගත්තා තාත්තට නිදහස දෙන්න,,අම්මා දික්කසාදය නොදුන්නේ ,,තාත්තාව වෙන කෙනෙක්ට දීලා පරාජය බාරගන්න බැරිකමට සහ තාත්තට රිද්දන්න  ,,ඒත් ඒකෙන් වුනේ මගේ ආදර අම්මා ,තාත්තා මගේ මල්ලි මන් ඇතුළු මුළු පවුලම මොක්කුද වගේ ඔහේ හුස්ම ගැනීම විතරයි. ඒ වගේම තාත්තගේ ලෙයින් උපන් අනිත් දරුවා ඇතුළු පවුල දුක් වීම පමණයි.. දැන් මගේ තාත්තා අලුත් ජිවිතයක් ගෙවනවා,,මන් දැක්කේ නැහැ අවුරුදු 3 කින්.නමුත් එයා දැන් සතුටින් ඉන්නවා. මගේ අම්මා ආගමට දහමට ලැදිව ඒ පැත්තෙන් යම් සතුටක් ලබනවා.

                                       මගේ ආදර තාත්තා එයාගේ තරුණ ජිවිතේ තමන්ගේ බිරිද එක්ක සතුටින් ඉන්න ඕනේ කාලේ අහිමිවෙච්ච කෙනෙක්. මගේ අම්මත් එහෙමයි.අතීතයේ දවසක පවුලේ යහපත සතුට ගැන හිතලා ගත්ත එක තීරණයක් නිසා ජිවිත කීයක් දුකට පත් වුනාද.. මරණය දක්වාම ඔවුන්ගේ ජිවිත වැරදිලා ඉවරයි.
                         අද එයාගේ උපන් දිනේ..කතා කරන්න විදියක් නැහැ නමුත්,එයාගේ  ජිවිතේ මරණය දක්වා මන් එයාව බලාගන්නවා. මේකේ අගමුල ඔයාට තේරුම් ගියාද දන්නේ නැහැ.සමාජයේ දහස් ගණන් මිනිස්සු ඉන්නවා මේ වගේ වෙච්ච,, මට මගේ යාලුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ කසාදය කියන බැදීම ආදරෙන් පරිස්සම් කරගන්න කියලා,,,සුබම සුබ උපන්දිනයක් මගේ සුදු තාත්තට

Monday, July 29, 2013

කක්කි කතාවක් 11


               පුසන්ට කන්න දෙන හාදය වගේම ,,මන් කාලයක් තිස්සේ කල්පනා කරපු තව සීන් එකක් තමයි මේක ,,මන් එලියට යද්දී දකිනවා මිනිස්සු බල්ලෝ අවිද්දවන්න අරන් යනවා, මේවගේ බෙල්ලට ලස්සන  පටියක් දාලා අරන් යනවා,, වැඩේ කියන්නේ මන් දකින බල්ලෝ අරන් යන හැම කෙනාගෙම අතේ තියන මේ පොඩි අයිටම් එකේ නිතරම පොඩි ග්‍රොසරි බෑග්ස් කීපයක් තියන එක,, 

                                 මහල් නිවාස වල ජිවත් වෙන අය උදේටයි හවසටයි බල්ලව අවිද්දවන්න  එක්ක යනවා පාර්ක් එකට ,,මටත් කීපවරක්ම බල්ලෝ අවිද්දවන්න සිද්ද උනා.මගේ ලෙඩාගේ ඥාතීන් ආපුවාම එයාලගේ බලු කුක්කන්ව ...අකමැත්තෙන් උනත් හෙනට කැමති පාට මුණක් පෙන්නගෙන මන් බල්ලව එක්කන් යනවා එලියට ,, 
                                  මේ ෆොටෝ එකේ ඉන්න ගැණු ළමයයි පිරිමි ළමයයි හැමදාම උදේ හවස මේ විදියට යනවා පාර්ක් එකට.. 1රුපයේ පේන විදියේ ගැජට් එකකින් තමයි කරපටිය සම්බන්ධ වෙන්නේ.
මාස 6,7 ක් දැක්කා ..කල්පනා කළා ..තේරුම් ගන්නත් බෑ ඔවාගේ එවුවා කාගෙන්වත් අහන්නත් බැරිනිසා ඔහේ හිටියා, ඒත් දැනන් හිටියා කවදාහරි මන් දැනගනී කියලා,
                                     ඒ උත්කෘෂ්ට දවස ඊයේ උදාවුණා,, 
ඊයේ හවස මන් ෆාමසියට යන්න යද්දී දැක්කේ.මේ දෙන්න සුපුරුදු පරිදි යනවා,,  "ඊට පස්සේ මේ ගෑණු ළමයාගේ බලුපැටිය කක්කි දැම්මා"  
 එයා නැවතුණා බලුපැටිය වැඩේ ඉවර කරනකල්,  ඊළග මිනිත්තුවේදී එයා අර මන් කියපු ග්‍රොසරි බෑග්ස් වලින් එකක් අරන් ඒක නොපිට පැත්ත ග්ලව්ස් එකක් වගේ වෙන්න අතේ දාන්  අර කක්කි ටික සේරම එකතු කරගත්තා.ඕනෙතරම් සෙනග එයා පහුකරන් ගියා ,ඒත් මේවගේ දෙයක් උපන්තේකට නොදැක්ක මන් හොරෙන් බලන් ඉදලා ෆොටෝත් ගත්තා,, 2 රුපයේ තියෙන්නේ ඒ තමන්ගේ සුරතලාගේ උණු උණු කක්කි 
ඊට පස්සේ ටිකක් ඉස්සරහට යද්දී හම්බුනු දසපින් එකකට ඒවා විසිකරලා එයාලා හිනා වෙවී ගියා 
                                                    මන් දන්නේ නැහැ අපේ රටේ නගරබදව කොළඹ මේ වගේ කෙරෙනවද කියලා . ඒත් පස්සේ මන් මගේ ලෙඩාගෙන් ඇහුවා විස්තරේ,, සැක් ලැජ්ජාවේ බැහැ .. "ගත් කටටම කියපි ..තමන්ගේ ගේ ඇතුලේ ,තමන් කන කෑම ජාතිම කන සතාගේ තමන් ඒවා අයින් කලාට මොකද වෙන්නේ ඇයි ලංකාවේ එහෙම නැද්ද කියලා",, මාත් ඉතින් බොරුකියන බව මුනේ ඉරියව් වලින් පේන්නැති වෙන්න  වැදගත් පෙනුමක්  ආරෝපණය කරන් රටේ සහ මගේ ජාමේ බේරාගෙන මෙහෙම කිවුවා   
                     " අපේ රටේ පාවිච්චි කරන්නේ ඊටවඩා හොද ප්‍රමිතියට හදපු රබර් මිශ්‍රිත බෑග් වර්ගයක් "
මිනිහා හිට්ලර්ගේ පුතෙක් හින්දා වෙන වචනවලට ඉඩ නොතියා මන් කෝපි එකක් බොමු නේ මහන්සි කියලා ශේප් වුණා..
                               
                                                           
                         

Tuesday, July 23, 2013

පුසන් කැටුව යන හාදයා 10


මේ ෆොටෝ එක මන් ඊයේ හවස ගත්තේ මාස 7 ක මාගේ පළමු පරීක්ෂණයේ කුළුදුල් සමාප්තියත් සමග චිත්තක් ප්‍රීතියෙන් පිනායමිනුයි ඈ ,,,,,

මේක විහිළුවක් නෙමේ ,,මන් කාමරෙන් එලියට යන්නේ බිල් වර්ග ටික ගෙවන්නයි  ,රෝගියාගේ අමතර බෙහෙතක් ගන්න ලගම තියන ෆාමසියට යන්නයි විතරයි ,,ඔය යන ගමන විනාඩි 10 ක් වගේ තමයි ,,මේ පුංචි කාලයේදී මන් නිතරම හරි අහම්බෙන් මෙන් මේ  කොල්ලව දකිනවා ,,, එයා මේ විදියට බෑග් එක එල්ලන් අතෙත්  බෑග් එකක් එල්ලන් යනවා.
 මෙයා පස්සෙන් පුසෝ යනවා.. මට හෙන ඉරිසියයි ,,මේ පුසොන්ට මන් දන්නා හැමවිදියටම හුරතල් කරන්න ට්‍රයි කලත් මුන් මන් ලගට එන්නේ නැහැ ,,,, මන් එලියට බහින හැම දාම මේ කොල්ලව දකිනවා ,, මන් බලෙන් හිනාවෙනවා ,,ඒත් මෙයා හිනාවෙන්නේ නැහැ,
 සැක්  ලජ්ජයි ඔහොම කාලයක්
 යද්දී මන් දැක්කා මෙයා නිවාස සංකිර්ණ වල පහලට ගිහින් පුසන්ට "සී සී සී "කියනවා ,,එතකොට කොටි වගේ තඩි පුසෝ එන්නේ .. උන්ට මෙයා කන්න දීලා වතුරත් දීලා ඔලුව අතගාලා යනවා ,, ඒ මිට මාස 2 කට කලින් ,,,මන් ඉතින් දැන් දන්නවා මෙයා පුසොන්ට කන්න දෙන හින්දනේ පුසෝ පස්සෙන් එන්නේ කියලා ,,ඒත් ඊට පස්සේ මට ඕනේ උනා දැනගන්න ඇයි මෙයා මෙහෙම උදේ හවස කන්න බොන්න දෙන්නේ මේ අලි වගේ ලොකු අයාලේ යන පුසන්ට කියලා ,,,

                                   මන් දවසට එක පාරක් විතර ජනේලෙන් එලිය බලනවා ,ඒ බලන බොහෝ අවස්ථා වල මන් මේ බෝයිව දකිනවා ,,, මන් ජනේලෙන් ඔලුව දාලා  "ශ් ශ්හ් ශ්හ් " ගෑවා එයාට හොදට ඇහෙන ගානට ,ඒත් මෙයා බලන්නේ නැහැ ...මට හෙන ප්‍රශ්නේ (ඇයි මන් කළුද කියලත් හිතුණා )
නමුත් අතහැරියේ නැහැ ගිය මාසේ දවසක ගට්ස් අරගෙන එලියට බැස්සේ අද කතා කරනවා මයි කියලා ,, පාරේ දහස් ගණන් මිනිස්සු යනවා කාවවත් සත පහකට ගණන් නොගන්න පුසෝ මෙයාව දැක්කම තාප්ප උඩින් පැනලා දුවන් එන්නේ,,,මට ඉරිසියයි ,,

                   ඉස්සර මගේ හිටියා ලස්සනම ලස්සන පුසෙක් එයාගේ නම 'චාර්ලි " මගේ පණ මන් ගෙදරින් ආවට පස්සේ නොකා නොබී හිටිය කියලා අම්මා කිවුවා ,, ඊට පස්සේ එයා සතියකින් මැරුණා කිවුවා ,, මගේ චාර්ලි මට කොච්චර ආදරේ කරලද කියලා දැනගත්තේ මන් එයාගෙන් ඈතට ආවට පස්සේ,,, ඉස්කෝලේ ඇරිලා එනකල් තාප්පේ උඩට වෙලා ඉදලා මන් එනවා දැක්කම දුවගෙන ඇවිත් නැට්ට කොඩිය වගේ උස්සගෙන මුණ ඇතිවෙනකල් මගේ උඩු පතුලේ උලනවා,,,

චාර්ලිගේ මුළු ජීවිතේම උනේ මම,, මන් ඒත් මගේ ජිවිතේ සතුට හොයාගෙන ආවා එයාව තනි කරලා,, ඒ ආදරේ උණුසුම මට අදත් දැනෙනවා ,,,

               රෑට මගේ පපුව උඩ නිදාගන්නවා ,,අම්ම කෑගහලා පැත්තකින් තියනවා එයාගේ ඇග රෑට මැෂිමක් වගේ ගැහෙන සද්දේ දැනුත් මට තනියම නිදගද්දී දැනෙනවා ,,මන් ඉස්කෝලේ ගියාම චාර්ලි උදේ වරුවම නිදාගන්නවලු ,, එයාට මන් නැතුව ඉන්න බැරි නිසා නිදාගන්නවා ඇති,
චාර්ලි මාව මුළු ලෝකෙම කරගත්තත් මට එයාව නිකම්ම පුසෙක් වගේ දාලා එන්න සිද්ද උනා,,මට ආයේ වෙන පුසෙක් ගැන හිතන්න බැහැ,, එයාගේ දුබුරුපාට හුරතල් ඇස් දෙකේ මන් මගේ මුණ දැක්කා ,,ඒ ඇස් වල උන්නේ මන් විතරමයි..චාර්ලි ආදරේ වෙනුවෙන් ජිවත් වෙච්ච ,,ඒ ආදරේ වෙනුවෙන් ජිවිතේ දීපු පුසෙක්,, හනේ   සොරි ඈ මන් පදුර තලනවා මිසක් කතාව කියලා නැහැනේ ,,,
    ඉතින් ඊට පස්සේ මන් මේ බෝයි එක්ක කතා කරලා මේ ගැන අහන්නම ඕනේ කියලා හිතාගෙන එලියට ගිය කිසිම දාක මට එයාව දකින්න බැරි උනා ,, ඒත් එයා පුසන්ට දාපු චුටි රවුම් විස්කෝතු හව්සින් ස්කීම් වල පල්ලහ තට්ටුවේ තියෙනවා මන් හැමදාම දැක්කා ...                        ඒත් ඊයේ හවස මට එයාව හම්බුනා ,,  එයා ඉස්සරහට එනවා ,,බෑග් එක එල්ලන් වතුර එක එල්ලන් ,,, මන් ඉස්සරහට පැනලා කොල්ලව නතර කරගත්තා ,,
එයා බය උනා,,මන් දන්නා ඉංගිරිසියෙන් නම ඇහුවා ,,මගේ නමත් කිවුවා ,,,ඒත් එයා කතා කලේ නැහැ ,, දැන් මට ඇඩෙන්න වගේ ,, ඊට පස්සේ මන් දැක්කා පුසෝ එනවා එහෙන් මෙහෙන් පැනගෙන ,, මන් ආයේ ආයේ අහද්දී එතැන් හිටපු ගැහැණු කෙනෙක් කිවුවා එයාට යන් දෙන්න කියලා ,, ඒ වෙද්දී මන් එයාගේ බෑග් එකෙන් අල්ලන් ඉදලා මන් දන්නේ නැහැ ,, මන් අතහරියම එයා ගියා මුකුත් නොවුනා වගේ

            ,,,මේ ෆොටෝ එකේ තියෙන්නේ එයා ගිය විදිය ,,,පුසොත් එයා පස්සේ ගියා ... ඒ බෝයිට කතා කරන්න බැහැලු ,,කන් ඇහෙන්නේ නැහැලු ,,මට ඇඩුනා,,,එයා පොඩි ජොබ් එකක් කරනවලු ,,,එකෙන් තමාලු උදේ හවස පුසන්ට කන්න දෙන්නේ ,,, පුසෝ 150 කට විතර එයා කන්න දෙනවා ,,මට ජිවිතේ  ගොඩාක් දුක හිතුන දවසක් උනා ඊයේ,,,,මේ කතාවේ බොහෝ දේ මට හිතන්න ලැබුණා ,, ඔබටත් යමක් ලැබේවි සමහරවිට 

Sunday, July 14, 2013

"හසලක ගාමිණී "විනාඩි 8 ක් මට දෙන්න නැවතිලා කියවන්න _ 09



මන් පුංචි කාලේ ඉදන් අහල තියනවා "දනපාල උඩවත්ත "මගත්මයාගේ


"සිතුනාද ,,,සිතුවාද වීරයා හසලක කදවුර බේරාගන්නට ,,

පැන්නා,,පැන්නා ඒ මරුවා දැක දැක මාරක බුල්ඩෝසරේට,,,

වේග රිද්මෙට ගයන සින්දුව ,,අද 2013 -07-14  අද මන් ලියන්නේ 1991 -07 -14 වෙනිදා අළුයම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු හසලක ගාමිණී වීරයා පිළිබදව,,,


අපි සියල්ලෝම දන්නවා එදා අලිමන්කඩදී වෙච්ච සිද්දිය..කෙටියෙන් කිවුවොත් ,,,91 ජුලි 13 වනදා වනවිට ltte මිලේජ්ජ කොටින් ඔවුන්ගේ දෙවන ඊලාම් යුද්දය ආරම්හ කරලා තිබුණේ,,5000 ක් පමණ සාමාජිකයින් පිරිසක් ඒ වනවිට අලිමංකඩ කදවුර වටලා සිටියා ,,මක්නිසාද අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට A9 මාරගය ඔස්සේ ඇති ප්‍රධාන පිවිසුම් දොරටුව මෙන්ම ලංකාවේ ඉහළම පිහිටි මර්මස්ථානයද නිසාවෙනි.රණවිරුවන් 600 ක් පමණ සිටි කදවුරේ සතුරු බලය සවිමත් බව සියල්ලෝ දැන සිටියා.

                                         මෙසේ යුද්දය පැවතුනු අතර එක්වරම දැකගන්න ලැබුනේ කිසිදා නොදුටු ආකාරයේ නවීකරණය කරනලද බුල්ඩෝසරයකි,,එය ගනකම් තහඩු වලින් ආවරණ කොට ,,මැෂින් තුවක්කු මුදුනේ සවිකර ,පුපුරණ ද්‍රව්‍ය වලින්ද පුරවා තිබුණි.දසත වෙඩිහඩ මැද මියගිය සහ තුවාල ලබා වේදන්නවෙන් කෑගසන සහෝදර විරුවන්ගේ විලාපයන් මැද සියල්ලන්ගේ අවදානය යොමු වෙලා තිබුනේ ,,කදවුරේ දකුණු ප්‍රවේශය වෙත ඇදෙමින් තිබෙන අත්භූත බුල්ඩෝසරය වෙතයි..
                                      සිදුවෙන්න යන විනාශය ක්ෂණයෙන් වටහාගත් ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න දෑතට බෝම්බ දෙකක් ගෙන තමන් වෙතට ඇදෙන මරණිය බුල්ඩෝසරය වෙත දිව ගියේ අණදෙන උසස් නිලදාරියාගේද අණ නොතකමින් තම ජිවිතයද නොතකමින්,,ඒ අතර කොටි ත්‍රස්තවාදීන් නොනවත්වාම වෙඩි තැබුහ.නමුත් විරුවා නැවතුණේ බුල්ඩෝසරයට නැග බෝම්බ දෙකෙන් එතුලට දමාගැසීමෙන් අනතුරුව තම ප්‍රාණය ජාතිය වෙනුවෙන් පිදුවාටත් පසුවයි...
                                      ඉන් අනතුරුව ත්‍රස්තයන් කෙමෙන් පසුබැස්ස අතර සහෝදර සෙබල ජිවිත සියලත් අලිමංකඩ කදවුරත් බේරුණා,,ඉන් අනතුරුව ගාමිණී කුලරත්න විරුවා කෝප්‍රල් නිලය දක්වා උසස් කල අතර මෙතෙක් කාලයකට රණවිරුවෙක් පිදුම් ලබා නොතිබූ "වීර විභූෂණ සම්මානයෙන් "පිදුම් ලැබුවා,,
           
                                      මට ආසයි ඔබට ලියන්න එතුමාගේ ජිවිතයේ කුඩාකාලය සහ යුද්දයට පරිබාහිර ජීවිතය ගැනත් යමක්..
                                                         මහියංගණය හසලක නම් කෘෂිකර්මාන්තය ප්‍රදානජීවනෝපාය කරගත් කොළබින් බොහෝ දුරබැහැර ගමක තමයි ගාමිණී ඉපදුනේ,ඒ 1966 සැප්තැම්බර් 4 වනදා .,දරුවන් 7  දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙසයි..මී හරකෙකුගේ ඇනුමකට ලක්ව ඔහුට වසර පහළොව වනවිට පිය සෙනෙහස අහිමි විය.බොහෝ දුක් කම්කටොළු මැද ජිවිතයද සරි කරගත යුතුවූ අතර මුලික අධ්‍යාපනය ලැබුවේ කිනපලැස්ස කනිටු විදුහලෙනි.උසස්පෙළ දක්වා ඉගෙනීමට හසලක මහා විද්‍යාලයට ඇතුල් විය.
                                පසුකලෙක ගිහිජිවිතයේ ලවුකික සැපට ලොල්වී සංසාරය දිගු කරගන්නවාට වඩා පැවිදි දිවියට ඇතුල් වීමට සිතූ ගාමිණී තරුණයා "මහියංගණ ධර්මජෝති නමින් සාමණේර නමක් බවට පත්විය.මෙසේ ගිහිජිවිතය අතහැර ධර්ම ගවේෂණය පිණිස පැවිදි දිවියට  ඇතුල් වුන ,ධර්මජෝති හිමියන්ට මුහුණ දීමට සිදුවුයේ නොසිතු බිහිසුණු සිද්ධියටය.
                                            1987 ජුනි දෙවන දින කැළණි රජමහා විහාරය වන්දනාකරනු පිණිස ධර්මජෝති හිමියන් ඇතුළුව  භික්ෂුන් වහන්සේලා 30 නමක් සමග ගිහියන් කීප දෙනෙක් එකතුව ගමන් කරමින් තිබු බස් රථයට නුවරතැන්න ප්‍රදේශයේදී කඩාවැදුණු රුදුරු අවි අමෝරාගත් ත්‍රස්තවාදීන් පහරදී මංකොල්ලකා භික්ෂුන් වහන්සේලා මරාදැමුහ.ඒත් ඒ අතර ධර්මජෝති හිමියන් ඇතුළු තුන් නමක් දිවිබේරාගෙන පලායාමට සමත් විය.
                                 ඉන්පසු තුවාල සුවවීමෙන් පසු ධර්මජෝති හිමියන් නායක හිමියන්ගෙන් ඉල්ලාසිටියේ මිලේජ්ජ ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම පිණිස යුද පෙරමුණට යාමට තමන් නිදහස් කරන ලෙසයි..මෙසේ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළනොහැකි වූ හිමියන් අවසර දුන් අතර 1987 අගෝස්තු 27 දින සෙබලෙක් ලෙස යුද හමුදාවට සම්බන්ද විය,එතැන් පටන් සියල්ල අපි දනිමු..මන් විශ්වාස කරනවා මෙය කියවන ඔබේ හදතුල හසලක ගාමිණී වෙනුවෙන් වෙනදාට වඩා ගවුරවයක් භක්තියක් පැනනැගුණා කියා. ඔහුගේ ජීවිතය යම් අරමුණක් කරා මෙහෙයවනු ලද්දාවූ ජයග්‍රාහී ජිවිතයක්,,මෙතුල අපිට ආදර්ශ බොහෝයි,,

                                          කුරිරු යුද්දය අවසන් වී තිබේ,අපි ඒ ජයග්‍රහණය සමරණ අද දවසෙත් හසළක ගාමිණී විරුවා සිහි කරන්නේ,එදා කළාවූ මහගු ජිවිත පරිත්‍යාගය නිසයි ,යුද කාලසීමාව තුල දහස් ගණන් විරුවන් දිවි පිදුවා නිහඩව ඔවුන්වද ගවුරවයෙන් සිහිපත් කල යුතුයි.වචන වලින් අපි මෙසේ කිවුවාට වැඩක් නැතැයි කියන යද අනන්ත වෙති, වචනයෙන් හෝ අපිට පුළුවන් ආකාරයෙන් අපි අපේ ජාතිය වෙනුවෙන් අතීතයේ දිවිපිදුවන් ගැන කතා කල යුතුයි අපේ ජිවිතේ තිබෙනතුරාම

.
"හසළක වීරයා වූ  ගාමිණී කුලතුංග ,පිලිබදව ලියවී තිබු ලියකියවිලි බොහොමයක් කියවීමෙන් අනතුරුව මෙසේ මා ලත් සියල්ලේ සම්ප්‍රයුක්තයක් මෙසේ ඔබහා බෙදා ගතිමි.  ඉතිහාස ලියවිලි වල දින වකවාණු පිළිබදව නම් පරස්පරයන් බොහොමයක් හමු විය, නමුත් ගතයුතු හරය පමණක් ගෙන වීරයා පිළිබද විශාල ගවුරවයක් හදපතුලින්ම ලදිමි.

Saturday, July 6, 2013

-කුවේණි- 07

______-කුවේණි _____

මහ වංසයේ සඳහන් පරිදි, (ක්‍රි.පු. 5 වන සියවසේ දී) බුදු හිමියන් පිරිණිවන් පැ දිනයේ තම්බපන්ණි වෙරළට ගොඩබට විජය කුමරු සහ ඹහු‍ගේ 700 ක් පිරිස බල්ලෙකු දිටීය. ඌ පසුපස ගිය විජයගේ සගයෙකුට ගසක් යට කපු කටිමින් සිටි යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. කුවේණිය තම මායා බලයෙන් මොහුව සඟවා ගත්තාය. මෙසේ වරින් වර කුවේණිය වෙත පැමිණි විජයගේ සියළු සගයින් කුවේනිය විසින් සඟවා ගන්නා ලදී. අවසානයේ ඇය වෙත ‍පැමිණි විජය කුමරු ඇයව බිය වද්දා තම සගයින් නිදහස් කර ගත්තේය.
පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් ලංකාවේ රජු බවට පත්වී කුවේණියගේ යක්‍ෂ සහොයුරන් ඝාතනය කර කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය.
කුවේණි යනු ලිඛිත ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රථම රජු වූ විජය ගේ බිසවයි. ඇයට ජීවහත්ත නම් පුතකු සහ සිසාලා නම් දියණියක වූවාය මහවංසය‍ට අනුව වැද්දන් පැවත එන්නේ කුවේණියගේ මේ දරුවන් දෙදෙනාගෙනි. කුවේණි පැවත එන්නේ රාමායනයේ සඳහන් රාක්ෂස ගෝත්‍රික රාවණා රජු ගෙන් බව ජනශුති වල දක්වා තිබේ. තවද ඇය සමන් දෙවියන්ගේ සොහොයුරිය වන බව වැදි ජනප්‍රවාදයන් ගේ සඳහන් වේ .
කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හෙතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් සබරගමුවට පැමිණියහ.

මීට වෙනස් කථාවක කුවේණිය යක්දෙස්සාගලින් පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්‍රියාවට ශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේ කිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙම ශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපය නිසා යැයි යන මතය දරන පිරිස් සිටී,
කුවේණි ශ්‍රී ලංකාවේ විසූ යක්‍ෂ ගෝත්‍රික කුමරියක් වශයෙන් ඉතිහාස වංස කතා වල සඳහන් වේ. ඇය පිළිබඳව මුළිකව විස්තර ලබාගත හැකි මූලාශ්‍රය වන්නේ මහාවංසය යි. මීට අමතරව ඇය පිළිබඳ තවත් තොරතුරු වැදි ජන පුරාවෘත්ත වල ද සඳහන් වේ (පොත පත අන්තර්ජාලය ඇසුරිනි )

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...