Tuesday, July 23, 2013

පුසන් කැටුව යන හාදයා 10


මේ ෆොටෝ එක මන් ඊයේ හවස ගත්තේ මාස 7 ක මාගේ පළමු පරීක්ෂණයේ කුළුදුල් සමාප්තියත් සමග චිත්තක් ප්‍රීතියෙන් පිනායමිනුයි ඈ ,,,,,

මේක විහිළුවක් නෙමේ ,,මන් කාමරෙන් එලියට යන්නේ බිල් වර්ග ටික ගෙවන්නයි  ,රෝගියාගේ අමතර බෙහෙතක් ගන්න ලගම තියන ෆාමසියට යන්නයි විතරයි ,,ඔය යන ගමන විනාඩි 10 ක් වගේ තමයි ,,මේ පුංචි කාලයේදී මන් නිතරම හරි අහම්බෙන් මෙන් මේ  කොල්ලව දකිනවා ,,, එයා මේ විදියට බෑග් එක එල්ලන් අතෙත්  බෑග් එකක් එල්ලන් යනවා.
 මෙයා පස්සෙන් පුසෝ යනවා.. මට හෙන ඉරිසියයි ,,මේ පුසොන්ට මන් දන්නා හැමවිදියටම හුරතල් කරන්න ට්‍රයි කලත් මුන් මන් ලගට එන්නේ නැහැ ,,,, මන් එලියට බහින හැම දාම මේ කොල්ලව දකිනවා ,, මන් බලෙන් හිනාවෙනවා ,,ඒත් මෙයා හිනාවෙන්නේ නැහැ,
 සැක්  ලජ්ජයි ඔහොම කාලයක්
 යද්දී මන් දැක්කා මෙයා නිවාස සංකිර්ණ වල පහලට ගිහින් පුසන්ට "සී සී සී "කියනවා ,,එතකොට කොටි වගේ තඩි පුසෝ එන්නේ .. උන්ට මෙයා කන්න දීලා වතුරත් දීලා ඔලුව අතගාලා යනවා ,, ඒ මිට මාස 2 කට කලින් ,,,මන් ඉතින් දැන් දන්නවා මෙයා පුසොන්ට කන්න දෙන හින්දනේ පුසෝ පස්සෙන් එන්නේ කියලා ,,ඒත් ඊට පස්සේ මට ඕනේ උනා දැනගන්න ඇයි මෙයා මෙහෙම උදේ හවස කන්න බොන්න දෙන්නේ මේ අලි වගේ ලොකු අයාලේ යන පුසන්ට කියලා ,,,

                                   මන් දවසට එක පාරක් විතර ජනේලෙන් එලිය බලනවා ,ඒ බලන බොහෝ අවස්ථා වල මන් මේ බෝයිව දකිනවා ,,, මන් ජනේලෙන් ඔලුව දාලා  "ශ් ශ්හ් ශ්හ් " ගෑවා එයාට හොදට ඇහෙන ගානට ,ඒත් මෙයා බලන්නේ නැහැ ...මට හෙන ප්‍රශ්නේ (ඇයි මන් කළුද කියලත් හිතුණා )
නමුත් අතහැරියේ නැහැ ගිය මාසේ දවසක ගට්ස් අරගෙන එලියට බැස්සේ අද කතා කරනවා මයි කියලා ,, පාරේ දහස් ගණන් මිනිස්සු යනවා කාවවත් සත පහකට ගණන් නොගන්න පුසෝ මෙයාව දැක්කම තාප්ප උඩින් පැනලා දුවන් එන්නේ,,,මට ඉරිසියයි ,,

                   ඉස්සර මගේ හිටියා ලස්සනම ලස්සන පුසෙක් එයාගේ නම 'චාර්ලි " මගේ පණ මන් ගෙදරින් ආවට පස්සේ නොකා නොබී හිටිය කියලා අම්මා කිවුවා ,, ඊට පස්සේ එයා සතියකින් මැරුණා කිවුවා ,, මගේ චාර්ලි මට කොච්චර ආදරේ කරලද කියලා දැනගත්තේ මන් එයාගෙන් ඈතට ආවට පස්සේ,,, ඉස්කෝලේ ඇරිලා එනකල් තාප්පේ උඩට වෙලා ඉදලා මන් එනවා දැක්කම දුවගෙන ඇවිත් නැට්ට කොඩිය වගේ උස්සගෙන මුණ ඇතිවෙනකල් මගේ උඩු පතුලේ උලනවා,,,

චාර්ලිගේ මුළු ජීවිතේම උනේ මම,, මන් ඒත් මගේ ජිවිතේ සතුට හොයාගෙන ආවා එයාව තනි කරලා,, ඒ ආදරේ උණුසුම මට අදත් දැනෙනවා ,,,

               රෑට මගේ පපුව උඩ නිදාගන්නවා ,,අම්ම කෑගහලා පැත්තකින් තියනවා එයාගේ ඇග රෑට මැෂිමක් වගේ ගැහෙන සද්දේ දැනුත් මට තනියම නිදගද්දී දැනෙනවා ,,මන් ඉස්කෝලේ ගියාම චාර්ලි උදේ වරුවම නිදාගන්නවලු ,, එයාට මන් නැතුව ඉන්න බැරි නිසා නිදාගන්නවා ඇති,
චාර්ලි මාව මුළු ලෝකෙම කරගත්තත් මට එයාව නිකම්ම පුසෙක් වගේ දාලා එන්න සිද්ද උනා,,මට ආයේ වෙන පුසෙක් ගැන හිතන්න බැහැ,, එයාගේ දුබුරුපාට හුරතල් ඇස් දෙකේ මන් මගේ මුණ දැක්කා ,,ඒ ඇස් වල උන්නේ මන් විතරමයි..චාර්ලි ආදරේ වෙනුවෙන් ජිවත් වෙච්ච ,,ඒ ආදරේ වෙනුවෙන් ජිවිතේ දීපු පුසෙක්,, හනේ   සොරි ඈ මන් පදුර තලනවා මිසක් කතාව කියලා නැහැනේ ,,,
    ඉතින් ඊට පස්සේ මන් මේ බෝයි එක්ක කතා කරලා මේ ගැන අහන්නම ඕනේ කියලා හිතාගෙන එලියට ගිය කිසිම දාක මට එයාව දකින්න බැරි උනා ,, ඒත් එයා පුසන්ට දාපු චුටි රවුම් විස්කෝතු හව්සින් ස්කීම් වල පල්ලහ තට්ටුවේ තියෙනවා මන් හැමදාම දැක්කා ...                        ඒත් ඊයේ හවස මට එයාව හම්බුනා ,,  එයා ඉස්සරහට එනවා ,,බෑග් එක එල්ලන් වතුර එක එල්ලන් ,,, මන් ඉස්සරහට පැනලා කොල්ලව නතර කරගත්තා ,,
එයා බය උනා,,මන් දන්නා ඉංගිරිසියෙන් නම ඇහුවා ,,මගේ නමත් කිවුවා ,,,ඒත් එයා කතා කලේ නැහැ ,, දැන් මට ඇඩෙන්න වගේ ,, ඊට පස්සේ මන් දැක්කා පුසෝ එනවා එහෙන් මෙහෙන් පැනගෙන ,, මන් ආයේ ආයේ අහද්දී එතැන් හිටපු ගැහැණු කෙනෙක් කිවුවා එයාට යන් දෙන්න කියලා ,, ඒ වෙද්දී මන් එයාගේ බෑග් එකෙන් අල්ලන් ඉදලා මන් දන්නේ නැහැ ,, මන් අතහරියම එයා ගියා මුකුත් නොවුනා වගේ

            ,,,මේ ෆොටෝ එකේ තියෙන්නේ එයා ගිය විදිය ,,,පුසොත් එයා පස්සේ ගියා ... ඒ බෝයිට කතා කරන්න බැහැලු ,,කන් ඇහෙන්නේ නැහැලු ,,මට ඇඩුනා,,,එයා පොඩි ජොබ් එකක් කරනවලු ,,,එකෙන් තමාලු උදේ හවස පුසන්ට කන්න දෙන්නේ ,,, පුසෝ 150 කට විතර එයා කන්න දෙනවා ,,මට ජිවිතේ  ගොඩාක් දුක හිතුන දවසක් උනා ඊයේ,,,,මේ කතාවේ බොහෝ දේ මට හිතන්න ලැබුණා ,, ඔබටත් යමක් ලැබේවි සමහරවිට 

24 comments:

  1. ඇත්තම කියනවා නම් මම පූසන්ට එච්චර කැමති නෑ. ඒත් මේ පිරිමි ළමයා ගැන නම් ආඩම්බරයි.

    ReplyDelete
  2. තිරිසන් සත්තුන්ගේ ආදරේ උනත් ලබාගන්න පුලුවන් ශ්‍රේෂ්ඨ මිනිසෙක්..ගොඩක් හිතට දුකයි..

    ReplyDelete
  3. කතාව කියවගෙන එද්දි මේකට දාන්න ඕන කමෙන්ටුව හිතින් හිතාගනම ආවත් කතාවේ අවසානය දැක්කම ඒ විහිලුව නොකළ යුතුය කියා හිතුණා.
    කතාව හරිම සංවේදියි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අයියේ

      Delete
  4. මේ වගේ බල්ලන්ට කන්න දෙන මනුස්සයෙක් ගැන වීඩියෝ එකක් මං දැකලා තියෙනවා!

    ReplyDelete
  5. jiwithe hari punchi dewal walin apita godak loku padam igena ganna puluwan akki .... mekath e wage katwak .... lassanakuth ekka harima sanwedi hagimak mata danune .... dukai e boy gana ...

    ReplyDelete
  6. Replies
    1. අනේ ඔව්මයි මෙයාව මන් ඊයෙත් දැක්කා අයියේ

      Delete
  7. හරිම සංවේදී කතාවක් තව ලියන්න තෙරුවන් සරණයි මම|( කල්පි)

    ReplyDelete
    Replies
    1. ස්තුති දිරිමත් කලාට තෙරුවන් සරණයි

      Delete
  8. හරිම සංවේදී කතාවක් තව ලියන්න තෙරුවන් සරණයි මම( කල්පි)

    ReplyDelete
  9. මම පූසන්ට නං එච්චර මනාප නැ , හොද මනුස්සයෙක් නේද ,හෙන හයේ හතරේ පොරක් නේද , සමහරක් විට පොරට කාත් කවුරැවත් නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් අයියා මාව පොළබවනවා මෙයා ගැන තව හොයන්න ,, ඔව් මෙයා හෙන සයිස් ඈ ,,

      Delete
  10. ඔමායගේ හින කියන නම හොදා මේ කුවේණිගේ රෙද්දට වඩා

    ReplyDelete
    Replies
    1. හා මාමේ ,,,(හි හි ) මම මේ දැන් මාරු කරනවා ඈ

      Delete
  11. හරිම සන්වෙදි කතාවක්.මෙක කියවන අයට හිතන්න දෙයක් ඉතුරු කරල ඔයා මෙක ලියල තියෙනව 'කුවෙනි'.

    ReplyDelete
  12. හරිම දුකක් දැනුනේ මේ තරුණයා ගැන

    ReplyDelete
    Replies
    1. @සෙන්කොලය ,ඕවා ඔහොම තමයි අනේ

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. "Hachiko - a dogs story" ‍ෆිල්ම් එක බලල තියෙනවද ?
      චාලි ගැන කියද්දි මට ඒකෙ ඉන්න හචී'ව මතක් උනා.
      >
      හ්ම්ම්... මේ කොල්ල ගැන වෙනම හිතන්න ඕනෙ. කතාව කිව්වට ස්තුතියි !

      Delete
    2. ස්තුති අද මගේ බ්ලොග් එක කියෝගෙන යනවට ..මන්චාලිට ඒ නම දැම්මේ "හෙලිකොප්ස්" කියලා සිංහල උපසිරසි සහිත ඇමරිකන් කතාමාලාවේ එන ප්‍රධාන නළුවාට ආස නිසා

      Delete
  14. ඔන්න මම කියෙව්වා. හරිම කණගාටුයි චාර්ලි ගැන. තිලින කියල තියෙනවා වගේ හචිකෝ හොයාගෙන බලන්නකෝ. ඇත්ත සිද්දියක් මත පදනම් වෙච්ච චිත්‍රපටියක්.

    ReplyDelete
  15. චමින්ද @ස්තුති .මන් බලන්නම්

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...