Sunday, July 14, 2013

"හසලක ගාමිණී "විනාඩි 8 ක් මට දෙන්න නැවතිලා කියවන්න _ 09



මන් පුංචි කාලේ ඉදන් අහල තියනවා "දනපාල උඩවත්ත "මගත්මයාගේ


"සිතුනාද ,,,සිතුවාද වීරයා හසලක කදවුර බේරාගන්නට ,,

පැන්නා,,පැන්නා ඒ මරුවා දැක දැක මාරක බුල්ඩෝසරේට,,,

වේග රිද්මෙට ගයන සින්දුව ,,අද 2013 -07-14  අද මන් ලියන්නේ 1991 -07 -14 වෙනිදා අළුයම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු හසලක ගාමිණී වීරයා පිළිබදව,,,


අපි සියල්ලෝම දන්නවා එදා අලිමන්කඩදී වෙච්ච සිද්දිය..කෙටියෙන් කිවුවොත් ,,,91 ජුලි 13 වනදා වනවිට ltte මිලේජ්ජ කොටින් ඔවුන්ගේ දෙවන ඊලාම් යුද්දය ආරම්හ කරලා තිබුණේ,,5000 ක් පමණ සාමාජිකයින් පිරිසක් ඒ වනවිට අලිමංකඩ කදවුර වටලා සිටියා ,,මක්නිසාද අලිමංකඩ යනු යාපන අර්ධද්වීපයට A9 මාරගය ඔස්සේ ඇති ප්‍රධාන පිවිසුම් දොරටුව මෙන්ම ලංකාවේ ඉහළම පිහිටි මර්මස්ථානයද නිසාවෙනි.රණවිරුවන් 600 ක් පමණ සිටි කදවුරේ සතුරු බලය සවිමත් බව සියල්ලෝ දැන සිටියා.

                                         මෙසේ යුද්දය පැවතුනු අතර එක්වරම දැකගන්න ලැබුනේ කිසිදා නොදුටු ආකාරයේ නවීකරණය කරනලද බුල්ඩෝසරයකි,,එය ගනකම් තහඩු වලින් ආවරණ කොට ,,මැෂින් තුවක්කු මුදුනේ සවිකර ,පුපුරණ ද්‍රව්‍ය වලින්ද පුරවා තිබුණි.දසත වෙඩිහඩ මැද මියගිය සහ තුවාල ලබා වේදන්නවෙන් කෑගසන සහෝදර විරුවන්ගේ විලාපයන් මැද සියල්ලන්ගේ අවදානය යොමු වෙලා තිබුනේ ,,කදවුරේ දකුණු ප්‍රවේශය වෙත ඇදෙමින් තිබෙන අත්භූත බුල්ඩෝසරය වෙතයි..
                                      සිදුවෙන්න යන විනාශය ක්ෂණයෙන් වටහාගත් ලාන්ස් කෝප්‍රල් ගාමිණී කුලරත්න දෑතට බෝම්බ දෙකක් ගෙන තමන් වෙතට ඇදෙන මරණිය බුල්ඩෝසරය වෙත දිව ගියේ අණදෙන උසස් නිලදාරියාගේද අණ නොතකමින් තම ජිවිතයද නොතකමින්,,ඒ අතර කොටි ත්‍රස්තවාදීන් නොනවත්වාම වෙඩි තැබුහ.නමුත් විරුවා නැවතුණේ බුල්ඩෝසරයට නැග බෝම්බ දෙකෙන් එතුලට දමාගැසීමෙන් අනතුරුව තම ප්‍රාණය ජාතිය වෙනුවෙන් පිදුවාටත් පසුවයි...
                                      ඉන් අනතුරුව ත්‍රස්තයන් කෙමෙන් පසුබැස්ස අතර සහෝදර සෙබල ජිවිත සියලත් අලිමංකඩ කදවුරත් බේරුණා,,ඉන් අනතුරුව ගාමිණී කුලරත්න විරුවා කෝප්‍රල් නිලය දක්වා උසස් කල අතර මෙතෙක් කාලයකට රණවිරුවෙක් පිදුම් ලබා නොතිබූ "වීර විභූෂණ සම්මානයෙන් "පිදුම් ලැබුවා,,
           
                                      මට ආසයි ඔබට ලියන්න එතුමාගේ ජිවිතයේ කුඩාකාලය සහ යුද්දයට පරිබාහිර ජීවිතය ගැනත් යමක්..
                                                         මහියංගණය හසලක නම් කෘෂිකර්මාන්තය ප්‍රදානජීවනෝපාය කරගත් කොළබින් බොහෝ දුරබැහැර ගමක තමයි ගාමිණී ඉපදුනේ,ඒ 1966 සැප්තැම්බර් 4 වනදා .,දරුවන් 7  දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙසයි..මී හරකෙකුගේ ඇනුමකට ලක්ව ඔහුට වසර පහළොව වනවිට පිය සෙනෙහස අහිමි විය.බොහෝ දුක් කම්කටොළු මැද ජිවිතයද සරි කරගත යුතුවූ අතර මුලික අධ්‍යාපනය ලැබුවේ කිනපලැස්ස කනිටු විදුහලෙනි.උසස්පෙළ දක්වා ඉගෙනීමට හසලක මහා විද්‍යාලයට ඇතුල් විය.
                                පසුකලෙක ගිහිජිවිතයේ ලවුකික සැපට ලොල්වී සංසාරය දිගු කරගන්නවාට වඩා පැවිදි දිවියට ඇතුල් වීමට සිතූ ගාමිණී තරුණයා "මහියංගණ ධර්මජෝති නමින් සාමණේර නමක් බවට පත්විය.මෙසේ ගිහිජිවිතය අතහැර ධර්ම ගවේෂණය පිණිස පැවිදි දිවියට  ඇතුල් වුන ,ධර්මජෝති හිමියන්ට මුහුණ දීමට සිදුවුයේ නොසිතු බිහිසුණු සිද්ධියටය.
                                            1987 ජුනි දෙවන දින කැළණි රජමහා විහාරය වන්දනාකරනු පිණිස ධර්මජෝති හිමියන් ඇතුළුව  භික්ෂුන් වහන්සේලා 30 නමක් සමග ගිහියන් කීප දෙනෙක් එකතුව ගමන් කරමින් තිබු බස් රථයට නුවරතැන්න ප්‍රදේශයේදී කඩාවැදුණු රුදුරු අවි අමෝරාගත් ත්‍රස්තවාදීන් පහරදී මංකොල්ලකා භික්ෂුන් වහන්සේලා මරාදැමුහ.ඒත් ඒ අතර ධර්මජෝති හිමියන් ඇතුළු තුන් නමක් දිවිබේරාගෙන පලායාමට සමත් විය.
                                 ඉන්පසු තුවාල සුවවීමෙන් පසු ධර්මජෝති හිමියන් නායක හිමියන්ගෙන් ඉල්ලාසිටියේ මිලේජ්ජ ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම පිණිස යුද පෙරමුණට යාමට තමන් නිදහස් කරන ලෙසයි..මෙසේ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කළනොහැකි වූ හිමියන් අවසර දුන් අතර 1987 අගෝස්තු 27 දින සෙබලෙක් ලෙස යුද හමුදාවට සම්බන්ද විය,එතැන් පටන් සියල්ල අපි දනිමු..මන් විශ්වාස කරනවා මෙය කියවන ඔබේ හදතුල හසලක ගාමිණී වෙනුවෙන් වෙනදාට වඩා ගවුරවයක් භක්තියක් පැනනැගුණා කියා. ඔහුගේ ජීවිතය යම් අරමුණක් කරා මෙහෙයවනු ලද්දාවූ ජයග්‍රාහී ජිවිතයක්,,මෙතුල අපිට ආදර්ශ බොහෝයි,,

                                          කුරිරු යුද්දය අවසන් වී තිබේ,අපි ඒ ජයග්‍රහණය සමරණ අද දවසෙත් හසළක ගාමිණී විරුවා සිහි කරන්නේ,එදා කළාවූ මහගු ජිවිත පරිත්‍යාගය නිසයි ,යුද කාලසීමාව තුල දහස් ගණන් විරුවන් දිවි පිදුවා නිහඩව ඔවුන්වද ගවුරවයෙන් සිහිපත් කල යුතුයි.වචන වලින් අපි මෙසේ කිවුවාට වැඩක් නැතැයි කියන යද අනන්ත වෙති, වචනයෙන් හෝ අපිට පුළුවන් ආකාරයෙන් අපි අපේ ජාතිය වෙනුවෙන් අතීතයේ දිවිපිදුවන් ගැන කතා කල යුතුයි අපේ ජිවිතේ තිබෙනතුරාම

.
"හසළක වීරයා වූ  ගාමිණී කුලතුංග ,පිලිබදව ලියවී තිබු ලියකියවිලි බොහොමයක් කියවීමෙන් අනතුරුව මෙසේ මා ලත් සියල්ලේ සම්ප්‍රයුක්තයක් මෙසේ ඔබහා බෙදා ගතිමි.  ඉතිහාස ලියවිලි වල දින වකවාණු පිළිබදව නම් පරස්පරයන් බොහොමයක් හමු විය, නමුත් ගතයුතු හරය පමණක් ගෙන වීරයා පිළිබද විශාල ගවුරවයක් හදපතුලින්ම ලදිමි.

14 comments:

  1. Godak sthuthiyi mathak kalata me dewal. Aththa ethuma wage wirayo hitapu nisa thamayi me rate minissu daas ganak berune...
    Eth awasanawakata minissunta me dewal gana amathakayi...
    Lassanata liyanawa,subapathanawa digatama liyanna...

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ඔයාගේ දිරිමත් කිරීමට

      Delete
  2. ජාතියේ විරුවකු ලෙස ගාමිණි දැනටමත් ඉතිහාස ගත වෙලා ඉවරයි. මේ සටහන බෙදාගැන්ම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාටත්

      Delete
  3. මෙව්වා මෙහෙම මතක් කරලා ලියන එක වටිනවා අනාගතේ දරුවන්ට දකින්න

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අපේ දරුවෝ කවදාහරි සයිබරේ තමයි හැමදේම හොයන්න පාවිච්චි කරන්නේ ,,පුළු පුළුවන් දේ ලියන්න උත්සහා කරනවා

      Delete
  4. අප්පට සිරි නම වෙනස් කරලා නේද

    ReplyDelete
    Replies
    1. ඔව් ඇටම් අයියේ ,,fb එක නිසා මාරු කලේ

      Delete
  5. මම මෙතනට මෙයාගේ ගමට ගිහින් තියෙනවා.
    ඒත් ඔය කතාව ඔයිට වඩා වෙනස් කියලයි මම අහල තියෙන්නේ.හසලක ගාමිණි බෝම්බ දාලා ආයේ අපේ කෑම්ප් එකට දුවගෙන එද්දී අපේම සගයෙක් අතින් මරණයට පත්වූ අනුවේදනීය පුවතක්.
    මේක කිව්වේ හමුදාවේම හිටපු නිලදාරියෙක්.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කතාව අහලා තියෙනවා

      Delete
  6. මෙකනෙ මචං.දැන් හසලකට තිබුණ හැඟීමම එහා පැත්තෙත් තිබුණා නෙ මචං..එක කොහොම ගත්තත් මරගෙන මැරෙන තත්වයක් නෙ.එයාට ඒකට සාධාරණ හෙතු ට්හිබුණා.දැන් මචං උබ මෙකේ හොද දෙයක් කරලා තියෙනව මචං.එක යයපත් වැඩක්.හසලක ගෙ අතීත ජීවිතයෙත් තොරතුරක් එකතු කරපු එක.දැන් හසලකම පැනලා අනිත් අය නොපැන්නට මචං ඔය එහා පැත්තෙන් ආපු දෙමල හමුදාවට ත් මරාගෙන මැරෙන්න තරම් හැඟීමක් තිබුණ නෙ මචං.උදාහරනෙකට එහෙම ය කොච්චර ආවද බං කොලබට බෝම්බ තියන්න..සිරාවට බැලින්නම් දෙපැත්තෙන්ම තියෙන්නෙ මාර මොරාල් එකක් මචං..නේද ?

    ReplyDelete
    Replies
    1. මෙතන කිසිම දිගු විග්‍රහයක් කරන්න මට අවශ්‍ය නැහැ,උබ උගත් කොල්ලෙක් නිසා,"මොරාල් එක නෙමේ වැදගත් අරමුණේ ස්ථිරසාර කම සහ එයින් බහුතර යහපත් පිලට වෙන්නාවු බලපෑමයි වැදගත්" මේක මගේ හදවතට දැනිච්ච දේ, එයින් ඔබ්බට උබ යමක් කියනවා නම් මන් ආසයි අහන ඉන්න කියහන්

      Delete
  7. meka hodai eth methanin jathyanthara viyapara walata oththu sepaeemak vevi ehema unoth apita oyage me wede
    nathara karanna wevi karunakarala bihisunu aparada gena ho kedawachaka gena katha karanna epa oyala minis molaya ha buddi mattama pilibada adu awabodayak thiyana aya ... ehema unoth anagatha parapurata thawath uddayakata atha weneemak sidukereemata boho ida etha minis molaya danathmaka swrupayata gena a uthuya

    ReplyDelete
  8. අනේ පව් නොදී යනවා මනුස්සයෝ

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...