Saturday, July 6, 2013

-කුවේණි- 07

______-කුවේණි _____

මහ වංසයේ සඳහන් පරිදි, (ක්‍රි.පු. 5 වන සියවසේ දී) බුදු හිමියන් පිරිණිවන් පැ දිනයේ තම්බපන්ණි වෙරළට ගොඩබට විජය කුමරු සහ ඹහු‍ගේ 700 ක් පිරිස බල්ලෙකු දිටීය. ඌ පසුපස ගිය විජයගේ සගයෙකුට ගසක් යට කපු කටිමින් සිටි යක්ෂ ගෝත්‍රික කුවේණි කුමරිය හමුවිය. කුවේණිය තම මායා බලයෙන් මොහුව සඟවා ගත්තාය. මෙසේ වරින් වර කුවේණිය වෙත පැමිණි විජයගේ සියළු සගයින් කුවේනිය විසින් සඟවා ගන්නා ලදී. අවසානයේ ඇය වෙත ‍පැමිණි විජය කුමරු ඇයව බිය වද්දා තම සගයින් නිදහස් කර ගත්තේය.
පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් ලංකාවේ රජු බවට පත්වී කුවේණියගේ යක්‍ෂ සහොයුරන් ඝාතනය කර කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය.
කුවේණි යනු ලිඛිත ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රථම රජු වූ විජය ගේ බිසවයි. ඇයට ජීවහත්ත නම් පුතකු සහ සිසාලා නම් දියණියක වූවාය මහවංසය‍ට අනුව වැද්දන් පැවත එන්නේ කුවේණියගේ මේ දරුවන් දෙදෙනාගෙනි. කුවේණි පැවත එන්නේ රාමායනයේ සඳහන් රාක්ෂස ගෝත්‍රික රාවණා රජු ගෙන් බව ජනශුති වල දක්වා තිබේ. තවද ඇය සමන් දෙවියන්ගේ සොහොයුරිය වන බව වැදි ජනප්‍රවාදයන් ගේ සඳහන් වේ .
කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හෙතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් සබරගමුවට පැමිණියහ.

මීට වෙනස් කථාවක කුවේණිය යක්දෙස්සාගලින් පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්‍රියාවට ශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේ කිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙම ශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපය නිසා යැයි යන මතය දරන පිරිස් සිටී,
කුවේණි ශ්‍රී ලංකාවේ විසූ යක්‍ෂ ගෝත්‍රික කුමරියක් වශයෙන් ඉතිහාස වංස කතා වල සඳහන් වේ. ඇය පිළිබඳව මුළිකව විස්තර ලබාගත හැකි මූලාශ්‍රය වන්නේ මහාවංසය යි. මීට අමතරව ඇය පිළිබඳ තවත් තොරතුරු වැදි ජන පුරාවෘත්ත වල ද සඳහන් වේ (පොත පත අන්තර්ජාලය ඇසුරිනි )

3 comments:

  1. ආදරය හින්දා හැම දේම නැතිකරගත්ත අපේ පරම්පරාවේ පළවෙනි ගැහැණිය

    ReplyDelete
  2. මහා වංශයේ පිළිගන්න බැරි තැන් එමටයි.මට නම් හිතෙන්නේ විජයගෙන් සිංහල ජාතිය පැවත එනවා කියන්නේ බොරුවක් බවයි.මීට වඩා වෙනස් කතාවක් සිංහල නම් වෙළෙන්දෙකු සම්බන්ධව තිබෙනවා.විජය ගැන කියවෙන්නේ මහා විහාරයේ ඉතිහාස කතාවයි. මේ මීටවෙනස් කතාවක් අභයගිරියේ තිබී තිබෙනවා.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...