Monday, October 5, 2009

පුංචි ආදර කතාවක් 08


ආලෝක සොනාලිට ගොඩක් ආදරේ කළා ,ඒක පුදුම තරම් ලස්සන ,අහිංසක ,සැහැල්ලු ආදරයක් වුණා.ඉස්කෝලේ ගියෙත් එකට..පාඩම් කලේ ,ජොබ් කලේ එකට ඔවුන් ගොඩක් ආදරෙන් හිටිය.සොනාලිගේ මුළු ලෝකෙම උනේ ආලෝක.ඒ අතර ආලෝකට ශිෂ්‍යත්වයක් ලැබුණා ජපන් යන්න ,
                                                    එදා ආලෝක සොනාලිගෙන් වෙන්වෙලා ජපන් ගියේ හදවත මහා වේදනාවකින් පුරෝගෙන.,,,ඒත් අඩමින් වැලපෙමින් වුන් සොනාලි ඉස්සරහ කදුලක්වත් නොහලා ඉන්න ඔහු පරිස්සම් වුණා. ජිවිතේ ,ආත්මය සොනාලි ලග තියලා ආලෝක මේ ගමන ගියේ .
                                                     කාළය ගෙවුනා...ආදරය තව තවත් හදවත් වල වැඩි වුණා මිස අඩු උනේ නැහැ.
                                           "සොනාලි මන් ලබන සතියේ එනවා " ඈත දෙව්ලොවෙන් ආ මිහිරි පණිවුඩයක් ඇගේ හදවත මහා ප්‍රීතියකින් පිරෙවුවා.
                               ආලෝක කටුනායක ගුවන්තොටුපලින් බැහැලා සොනාලි සර්ප්ර්යිස් කරන්න හිතාගෙන කෝල් එකක්වත් දුන්නේ නැහැ.
                                                  කුලීරථයේ යනාතර දෙපස විශාල කඩසාප්පු දෙස අරමුණකින් තොරව දෑස් හරවන් ගිය ආලෝකට මතක් උනා..සොනාලි පුංච් කාලේ ඉදන් ලග තියන් හිටපු ටෙඩියව.රථය මදකට නතර කෙරවූ ආලෝක ඒ වගේම පුංච් ටෙඩියෙක් ගත්තා ,,ඒත් ඒක අරන් කැෂියර් ලගට එන්නත් කළින් තමන්ගේ මුළු ජිවිතයම ආලෝකට අහිවී පෙනුනා.සොනාලි වෙනත් තරුණයෙක්ගේ තුරුළේ ඔහුගේ ඇස් ඉදිරිපිට,,,
                                                   ලියා විස්තර කළනොහැකි හැගීම් ගොන්නක්  හදවත වෙලාගනිද්දී ආලෝක කුලිරථයේ වාඩිවුණා.,,,,,,

(ඒත් මේ බුරූ කොල්ලට අමතක වෙලා තිබුනා "අමාලි -සොනාලි "ටුවින්ස්ලා කියලා ,,,,පස්සේ මතක් වෙන්න ඇති ඒ වගේම දැන් එයාලා සතුටින් ඇති හලිද ???)

 "යමක් ඇස් වලින් දැකලා අල්ලලා බලලා මිස විශ්වාස කරන්න එපා කියන මතයේ මන් ඉස්සර හිටියේ,, ඒත් මන් දැන් කියනවා දකින හැමදේම පැහැදිළි මනසින් විමසා බලමු කියලා "                                                          



16 comments:

  1. හැම දෙයක්ම හොඳ පැහැදිලි මනසක්න්ම බලමු. හොද අදහසක්.

    ReplyDelete
  2. හප්පේ.... හදිස්සි වෙලා ඔහොම තීරණය කරන්න නම් නරකයි. යමක් ඇහින් දැක්කත් කනෙන් ඇහුවත් වරදින්න පුළුවන් වෙලාවල් තියනවා. හොදම දේ කලබල නොවී හැමදේම නිරාකරණය කර ගන්න එකයි.

    ReplyDelete
  3. //දකින හැමදේම පැහැදිළි මනසින් විමසා බලමු කියලා//

    ඇත්තම ඇත්ත.

    ReplyDelete
  4. mamath 'samali' ge kathawata ekagayi. Ada kale ahin dakkata kanen ahuwata madi.

    Mama adamayi blog ekata awe.bloging walata mama aluth. Digatama kiyawannamko, lassanata liyanawa digatama karagena yanna. Subapathanawa 'kuweni' (Kamak nane) ta.
    :)

    ReplyDelete
  5. හැමදාම එපා වෙච්චි දුක තමයි කියලා හිතෙද්දිම මෙන්න බොලේ වෙන එකක් කඩා පාත් උණා. හොදයිනේ කියන්නේ

    ReplyDelete
  6. ස්තුතියි ඔයාට ,,මාත් අළුත්,,,ඔයත් ලියන්න

    ReplyDelete
  7. මම කිව්වා කලිනුත් මෙයා පොස්ට් එකක් දැම්මොත් අපේ මොලේ අවුල්........ දැන් එයාල සතුටින් ඇති කියලා අවිස්වාසේට නැතුව හරියටම හොයල කියනවකො දැන් මොකද කියලා

    ReplyDelete
    Replies
    1. හි හි ,,,, කොල්ලා දෙවැනි පාරට රට ගිහින් එද්දී කෙල්ල කසාද බැදලා ,, අන්න ඒවගේ

      Delete
  8. මටත් මෙහෙම කෙනෙක් ඉන්නවා සහ මේ සිද්දියම වෙන විදිහකට විඳලා තියෙනවා..
    කරුමෙ කියන්නෙ එයාට නිවුන් සහෝදරියක් නැති එක..

    ReplyDelete
  9. ඔමාගේ මානසිත්වය හා පරිකල්පන අති ඉහලයි.. ඒකයි හිතාගන්න බැරි කතාවක් කවියක් හැම වෙලාවෙම එළීයට එන්නේ. ඒවා පොදු ආකෘතියෙන් බැහැරව මතු වෙන අදහස් වීමයි වඩා වටින්නේ.. ඔබ දක්ෂයෙක්...

    ReplyDelete
  10. @දේශක ස්තුති ඔබේ අගය කිරීමට

    ReplyDelete
  11. >> "යමක් ඇස් වලින් දැකලා අල්ලලා බලලා මිස විශ්වාස කරන්න එපා කියන මතයේ මන් ඉස්සර හිටියේ,, ඒත් මන් දැන් කියනවා දකින හැමදේම පැහැදිළි මනසින් විමසා බලමු කියලා " <<
    මෙය තම සත්‍යය...
    කතාව ඉහලයි.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...