Monday, July 29, 2013

කක්කි කතාවක් 11


               පුසන්ට කන්න දෙන හාදය වගේම ,,මන් කාලයක් තිස්සේ කල්පනා කරපු තව සීන් එකක් තමයි මේක ,,මන් එලියට යද්දී දකිනවා මිනිස්සු බල්ලෝ අවිද්දවන්න අරන් යනවා, මේවගේ බෙල්ලට ලස්සන  පටියක් දාලා අරන් යනවා,, වැඩේ කියන්නේ මන් දකින බල්ලෝ අරන් යන හැම කෙනාගෙම අතේ තියන මේ පොඩි අයිටම් එකේ නිතරම පොඩි ග්‍රොසරි බෑග්ස් කීපයක් තියන එක,, 

                                 මහල් නිවාස වල ජිවත් වෙන අය උදේටයි හවසටයි බල්ලව අවිද්දවන්න  එක්ක යනවා පාර්ක් එකට ,,මටත් කීපවරක්ම බල්ලෝ අවිද්දවන්න සිද්ද උනා.මගේ ලෙඩාගේ ඥාතීන් ආපුවාම එයාලගේ බලු කුක්කන්ව ...අකමැත්තෙන් උනත් හෙනට කැමති පාට මුණක් පෙන්නගෙන මන් බල්ලව එක්කන් යනවා එලියට ,, 
                                  මේ ෆොටෝ එකේ ඉන්න ගැණු ළමයයි පිරිමි ළමයයි හැමදාම උදේ හවස මේ විදියට යනවා පාර්ක් එකට.. 1රුපයේ පේන විදියේ ගැජට් එකකින් තමයි කරපටිය සම්බන්ධ වෙන්නේ.
මාස 6,7 ක් දැක්කා ..කල්පනා කළා ..තේරුම් ගන්නත් බෑ ඔවාගේ එවුවා කාගෙන්වත් අහන්නත් බැරිනිසා ඔහේ හිටියා, ඒත් දැනන් හිටියා කවදාහරි මන් දැනගනී කියලා,
                                     ඒ උත්කෘෂ්ට දවස ඊයේ උදාවුණා,, 
ඊයේ හවස මන් ෆාමසියට යන්න යද්දී දැක්කේ.මේ දෙන්න සුපුරුදු පරිදි යනවා,,  "ඊට පස්සේ මේ ගෑණු ළමයාගේ බලුපැටිය කක්කි දැම්මා"  
 එයා නැවතුණා බලුපැටිය වැඩේ ඉවර කරනකල්,  ඊළග මිනිත්තුවේදී එයා අර මන් කියපු ග්‍රොසරි බෑග්ස් වලින් එකක් අරන් ඒක නොපිට පැත්ත ග්ලව්ස් එකක් වගේ වෙන්න අතේ දාන්  අර කක්කි ටික සේරම එකතු කරගත්තා.ඕනෙතරම් සෙනග එයා පහුකරන් ගියා ,ඒත් මේවගේ දෙයක් උපන්තේකට නොදැක්ක මන් හොරෙන් බලන් ඉදලා ෆොටෝත් ගත්තා,, 2 රුපයේ තියෙන්නේ ඒ තමන්ගේ සුරතලාගේ උණු උණු කක්කි 
ඊට පස්සේ ටිකක් ඉස්සරහට යද්දී හම්බුනු දසපින් එකකට ඒවා විසිකරලා එයාලා හිනා වෙවී ගියා 
                                                    මන් දන්නේ නැහැ අපේ රටේ නගරබදව කොළඹ මේ වගේ කෙරෙනවද කියලා . ඒත් පස්සේ මන් මගේ ලෙඩාගෙන් ඇහුවා විස්තරේ,, සැක් ලැජ්ජාවේ බැහැ .. "ගත් කටටම කියපි ..තමන්ගේ ගේ ඇතුලේ ,තමන් කන කෑම ජාතිම කන සතාගේ තමන් ඒවා අයින් කලාට මොකද වෙන්නේ ඇයි ලංකාවේ එහෙම නැද්ද කියලා",, මාත් ඉතින් බොරුකියන බව මුනේ ඉරියව් වලින් පේන්නැති වෙන්න  වැදගත් පෙනුමක්  ආරෝපණය කරන් රටේ සහ මගේ ජාමේ බේරාගෙන මෙහෙම කිවුවා   
                     " අපේ රටේ පාවිච්චි කරන්නේ ඊටවඩා හොද ප්‍රමිතියට හදපු රබර් මිශ්‍රිත බෑග් වර්ගයක් "
මිනිහා හිට්ලර්ගේ පුතෙක් හින්දා වෙන වචනවලට ඉඩ නොතියා මන් කෝපි එකක් බොමු නේ මහන්සි කියලා ශේප් වුණා..
                               
                                                           
                         

9 comments:

  1. ගූගල් කමෙන්ට් අයින් කරලා ආයෙත් බ්ලොගර් කමෙන්ට් දැම්මා තිබුන කමෙන්ට් පෙනෙන්නේ නැති හින්දා මෙහෙම කොපි කරලා ඒ ටික දානවා , සමාවෙන්න යාළුවනේ , ගුගල් ෆලෝවර්ස් ගැජට් එකයි බ්ලොගර් ෆලෝවර් ගැජට් එකයි දෙකම එකට දාන්න ක්‍රමයක් කවුරුහරි කියලා දෙන්නකෝ

    ReplyDelete

  2. කතන්දර කාරයා
    2 weeks ago - Shared publicly

    අපවිත්‍ර කරනවාට දඩ ගනවා ඇති.

    බල්ලෝ හදන්න ලයිසන් ඕනී නිසා හැම බල්ලටම අයිතිකාරයෙක් ඉන්නවානේ නේද?

    මෙන්න ඔය ගැන මං කියවපු තවත් කතන්දරයක්.

    http://storiesfrommelbourne.blogspot.com/2013/01/first-day-in-melbourne.html
    Expand this comment »

    Reply

    Naleen Dilruksha
    2 weeks ago

    මා හිතන්නෙත් ඒ රටේ නිතියෙන්ම කළ යුතු දෙයක් මේක. 

    Omaya de Silva
    2 weeks ago (edited)


    නැහැ අයියේ එහෙම කිසි නීතියක් නැහැ ,,මේ මිනිස්සු කැමති පිරිසිදුව ලස්සනට ඉන්නලු ,,තමන්ගේ නගරේ ගද එනවට අකමැති නිසාලු ,, ඔව් අයියේ බල්ලව ලයිසන් කරන්න ඕනේ ,අයාලේ යනුන් නැහැ 

    ReplyDelete
  3. 

    Naleen Dilruksha
    2 weeks ago - Shared publicly

    ඇතැම් රටවල සතුන් මහ මග පාර්ක් වල ජරා කරවීම දඩුවම් දෙන වරදක්. එනිසා මෙහෙම කරනවා ඇති. කොහොම වුණත් හොද පුරුද්දක්. මා හිතන්නේ දැනට කොට්ටේ මැති සබේ පැත්තේ පාර්ක් එකේ ඓහෙම මේ දේ දැන් ක්‍රියාවට නැගෙනවා.

    ඉතාමත් කාලෝචිත හැම දෙනාටම හිතන්න හැකි පෝස්ටුවක්. මාත් මේ දවස් වල බල්ලො ගැනමනේ දැම්මේ ඒ ඔඩෙල් අක්කිගේ ඇස මේ ගැන යොමු කරවන්නං. එයා මේකටත් මොනවා හෝ දෙයක් කරාවි.
    සතුන් හදන කාටත් හොද පාඩමක් ඔමා.
    ·
    Reply

    Omaya de Silva
    2 weeks ago

    ස්තුතියි ඈ ,,,

    ReplyDelete

  4. සිහින මදාරා
    2 weeks ago - Shared publicly

    මම කලින් අහලා තියෙන සීන් එකක්.

    බ්ලොග් එකේ වැඩියෙන්ම කැමති ඔයාව හදුන්වලා තියෙන විදියට හරි අවංකයි.

    Reply

    Omaya de Silva
    2 weeks ago


    ස්තුති මධාරා ,,

    ReplyDelete
  5. manjula lakmal
    2 weeks ago - Shared privately

    අපේ ඉස්සරහ ගෙදර පොරට පෙන්නංඩ ක්‍රමයක් නැනේ මේ පෝස්ට් එක . පොරගේ බල්ලො දෙන්නා ලොකු වැඩෙයි පොඩි වැඩෙයි දෙකම කරන්නේ අපේ වත්තේ

    Reply
    Hide replies

    Omaya de Silva
    2 weeks ago


    එයාට මේල් එඩ්රස් එකක් නැද්ද මාමේ ,,fb එකක් එහෙම ,,

    manjula lakmal
    2 weeks ago

    අප්පැන්නයක්වත් තියනවද දන්නැ

    manjula lakmal
    2 weeks ago

    Reply

    උප්පැන්න සහතිකයක්

    අපුර්වී ඔමායා
    2 weeks ago

    හි හි එහෙමද ,ඔහොම මිනිස්සු ඉන්නවා අයියේ ,,එයාට ඒකෙ වරදක් නොතේරෙනවා ,ඇති ,එකපාරක් වත් කිවුවේ නැද්ද ඔයාලා 

    manjula lakmal
    2 weeks ago

    කියුවා ගෙදර ගැණු මනුස්සයට , නැලවිලා පැද්දිලා කට උල් කරලා එහෙම කියුවා.

    '' අපේ දෙන්න නෙමෙයි අනේ අපේ දෙන්නා කැත කරන්නේ අපේ වත්තේ , පොඩි කාලේ ඉදන් අපි පුරුදු කරානේ''

    ReplyDelete
  6. Maathalan - Priyantha Hewage
    2 weeks ago - Shared publicly

    දැන් කොළඹත් එහෙම තමයි...
    Reply

    amila chathuranga
    2 weeks ago - Shared publicly

    හපෝ මෙහෙ ඉන්න සල්ලි කාර නෝනලට බල්ලො හදන්න පුලුවනි ගෙවල් ඇතුලෙ බල්ල කක්කි දාන්න එක්කරං එන්නෙ පාරට..

    ReplyDelete

  7. ARUNA PERERA
    2 weeks ago - Shared publicly

    ඔමා....දැන් දැන් ඔය කක්කා පැකිං කේස් එක ටික ටික අවුල්.සුද්දෝ නම් වැඩේ හරියටම කරනවා.උන් කැමතියි කාටවත් වනයක් නොවී ඉන්න.පිටින් ආපු කට්ටිය නම් කක්කා පැකිං කොහොම උනත් කක්කා පුටිං....වටේ ලුකිං....ස්ලෝලි රනිං.සුද්දෝ කරන හැම වැඩක්ම හරිය කිව්වා එහෙම නොවෙයි හොඳේ.
    මීට
    අරූගේ අඩවිය

    ඇත්තටම හොඳ දෙයක් නෙමේද?ඇත්තටම හොඳ දෙයක්.නැත්නම් දෙනෝදාහක් කඩියන් වගේ එහෙ මෙහෙ පයින් යද්දී ඕවා පෑගිලා මොන තරම් අපහසුතාවයකට පත් වෙනවාද?
    මන් දන්නේ නෑ අපේ රටේ උදවියනම් කවදාවත් ඕවා නම් ඉගෙනගන්න එකක් වගේම කරන එකකුත් නෑ.
    කතන්දර කාරයා කිව්වා වගේ ඇත්තටම පොලිසියෙන් දැක්කොත් හෝ කවුරුන් විසින් හෝ නම් ගම සහිතව පැමිණිල්ලක් කලොත් අනිවාර්යෙන්ම දඩ නම් ගෙවන්නම වෙනවා.
    සමහර කුඩා දරුවන්ගේ පාර්ක් වලට බල්ලන්ව ඇතුල් කරන්න දෙන්නේ නෑ.තහනම්.ඒත් ඒ වගේ පාර්ක් එකක් කිට්ටුව අනිවාර්යෙන්ම බල්ලන් සදහා පමණක්ම වූ පාර්ක් එකකුත් දකින්න ලැබෙන එක සුලබ දර්ශනයක්.
    Expand this comment »

    ReplyDelete
  8. PUBUDU SAMARASEKARA 6 days ago - Shared publicly

    ඇත්තටම යුරෝපයේ මේ සිද්ධිය බහුලවම දකින්න පුළුවන්.කක්කි බෑග් විතරක් නෙමේ 99%පාර්ක් වලට ඇතුල් වෙන තැනත් පාර්ක් එකේ විවිධ තැන් වලත් ඔය කියන විදියේ බෑග් සහ ඒවා දාන්න වෙනම පොඩි පෙට්ටියකුත් හයි කරලා තියෙනවා

    ReplyDelete
  9. ඔය රටවල් වල මිනිස්සුන්ට තියෙන විනය අපේ රටේ නං කවදාවත් ඇතිකරන්න බෑ. එහෙම විනයක් හදන්න මොකක්හරි වැඩපිළිවෙලක් පටං ගත්තොත් සමහර විට 3014 විතර වෙද්දි නං සාර්ථක වෙලා තියෙයි. මෙහෙ ඉන්නෙ එච්චර ප්‍රෞඩ ජාතියක්.
    >
    මං මේ කල්පනා කොලේ බල්ලට බඩ'එලියෙ යන දවසකදි අර කෙල්ල කොහොමද ඒව ග්‍රොසරි බෑග් එකට ගන්නෙ කියලා... :(

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...