Wednesday, July 31, 2013

මගේ සුදු තාත්තා 12

 අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා..


.අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති , මගේ දැන් වයස විසිගානක් , මගේ පරණම සහ මුල්ම මතක ඇති අතීතය මතක තියෙන්නේ අවුරුදු 4 කාලේ ඉදන්, මොන්ටිසෝරි පටන් ගත් කාලය ඉන් එහා මොකුත් මන් දන්නේ නැහැ...
                              මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කලේ මගේ තාත්තට..මන් මේක ලියන්න හිතුවේ මගේ තාත්තා වෙනුවෙන් නෙමේ. මේක අහම්බෙන් හරි කියවන ඔයා වෙනුවෙන් ,,, මන් ඉපදෙනකොට තාත්තට 23 යි .මට තාත්තගේ පළවෙනි මතකය තියෙන්නේ එයාට 27 වගේ වෙද්දී. එයා හෙන පට්ට හැන්ඩි( මාව දැක්කම හිතාගන්න පුළුවන්නේ නේ ) අම්මා තාත්තා සතුටින් හිටියා. ඒත් තාත්තට 27 කාලේදී අපේ අම්මා මැදපෙරදිග ගියා පසුව දැනගත්ත විදියට තාත්තගේ අකමැත්තෙන් ,,අත්තම්මගේ පෙළබවිමෙන් තමයි.,, ඊට පස්සේ මගේ තාත්තා මාව බලන් හිටියා අම්මා ලියුම් එවුවා අත්තම්මා ඒවා තාත්තාට දුන්නේ නැහැ. පස්සේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා, දැන් වගේ ස්කයිප් , ටෙලිෆෝන් තිබ්බානම් මන් මේ කතාව අද ලියන්නේ වෙන විදියකට,,,
                      මනුස්සයෙක්ගේ ජිවිතේ ,,ඉදිරිය සාර්ථකත්වය ,බිදවැටීම තමන්ට තනිව පාලනය කරන්න බැහැ දේශපාලනය,තාක්ෂණය,සමාජ කතිකාව වගේ දේවල් සෘජුවම බලපානවා නේද කියලා හිතුනා.

                                              අම්මා ඉන්න කාලේ වැඩට ගිහින් ආපු වෙලේ ඉදන් ගෙදර හිටපු තාත්තා දැන් එහෙම නැහැ.. ඔයා හිතයි එයා එන්න පරක්කු වුණා කියලා එහෙම නෙමේ. එයා ඇවිත් මාවත් අන්දගෙන යනවා යාලුවන්ගේ ගෙවල් වල.."තාත්තේ අම්මා බලන්න ඕනේ " කිවුවහම එයාපෝර්ට් එකේ තියෙන්නේ ෆමිලියන් කියලා තැනක් එතනට එක්ක යනවා,, එතනට වෙලා ප්ලේන් බලන් ඉදලා කඩේකින් හොදට කාලා එනවා, ඒ දවස් වල මන් හෙන මහතයි(ෆොටෝ වලින් දන්නේ),,ඔහොම කාලයක් යද්දී  මේ විදියට එයා යොමු වුණා සුදුවට  යාළුවො නිසා, හැබැයි අද වෙනකල් මගේ තාත්තා අරක්කු,සිගරැට් ,බුලත්විට කන්නේ නැහැ..මට ඕවා තේරෙන්නේ නැහැ , අලියා ඔරේන්ජ් ක්‍රෂ් බෝතලයයි චොක්ලට් බිස්කට් 250 කකා මන් ඉදගෙන ඉන්නවා.

                                  ආත්තම්මා එක්ක රණ්ඩු වෙලා මගේ තාත්තයි මමයි ඒ වත්තේම කාඩ්බෝඩ් වලින් ගෙයක් හදලා එකේ වහලට පොල් අතුයි ,ඉටිකොළයි දාලා ඒකෙ පදිංචි උණා,

                                                අම්මට තාත්තා ලියුම් ලිවුවා වෙන ඇඩ්රස් එකකට අම්මා ලියුම් එවලා තිබ්බා පස්සේ,, තාත්තගේ ජොබ් එක නැතිඋනා ඔය අතර..එයා ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් ඒ දවස් වල,, මට මතකයි එයා අලුත් තැන ජොබ් එකට ගියාම කරන්න තිබ්බේ පාළු වෙච්ච කුබුරුවල වලවල් කපලා ඒවලින් මැටි අරන් ගඩොල් පෝරණු කරන අයට ගිහින් බාන්න.. තාත්තා ගොඩක් ඇගේ හයිය තිබ්බ කෙනෙක්,, (අර්ජුන රාම්පාල් වගේ ඇග ) එයා තනියම ගල්කටුවයි සවලයි පාවිච්චි කරලා දවසට පස් ට්‍රැක්ටර් කීපයක්  පුරෝලා ගෙනියනවා,, මාත් මොන්ටිසෝරි ගිහින් ආවට පස්සේ එයා අවුවේ පස් කපන තැනට වෙලා ඉදගෙන ඉන්නවා.. 
                                ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා,, තාත්තාගෙන් එයා හැමේකටම මට උත්තර කියා දුන්නා .සමහර ඒවා බොරු කියලා මන් ටිකක් ලොකු වෙද්දී දැනගත්තා,,
"මන් දවසක් ඇහුවා ඇයි තාත්තේ වහිද්දි ගොරවන්නේ වලාකුළු අස්සෙන් එන සද්දේ මොකක්ද එහෙම වෙන්නේ ඇයි "  "පුතේ එහෙම වෙන්නේ මේ ලෝකේ උස්සගෙන ඉන්නේ යෝධයෙක් එයා අපේ ලෝකේ එයාගේ ඇගිලි උඩ තියන් ඉන්නේ එයා හිරිවැටෙද්දී ඇගිළි මාරු කරනවා", "තව එයා එහෙමෙහෙ යද්දී එතකොට තමයි එහෙම වෙන්නේ කියලා" අකුණු කියන්නේ අහස උඩතියන ලෝකේ යුද්ද තියෙන වෙලාවට කිවුවා'.
                                                    එයාට දාඩියා දාලා කළු වෙලා,,මට හොදට මතකයි පිටේ ලුණු වගේ මිදිලා තිබ්බා ,,ඒවා ඇගිල්ලෙන් අරන් මන් කටේ ගාලා කියනවා 'අම්මෝ අද ගොඩක් ලුණු සසයි කියලා".
                                      කාළය ගෙවුනා දවල්ට ආත්තම්මා එක්ක හවසට තාත්තා එක්ක,එයා සූදුවට ඇබ්බැහි වුණා,, ඒ වගේම අවුරුදු 28 ක විවාහක පිරිමියෙක් බිරිද නැතුව,, ඉන්ටර්නෙට්,ටෙලිෆෝන් වලින් කිසිම සම්බන්ධයක් නැතුව පුංචි දරුවෙක් එක්ක තනියම ඉන්න එක,,මට අවුරුදු 19  ක් විතර වුනාට පස්සේ මන් මගේ තාත්තගේ තරුණ ජිවිතේ ගැන දුක් වුණා ගොඩක්.. ඔය අතර එයා මාත් එක්ක නිතර නිතර යාළුවෙක්ගේ ගෙදර වැඩිපුර ගියා,, එහෙ හිටියා හොද ලස්සන අක්කා කෙනෙක්, ඒ මාමගේ නංගි.. එයා මට හෙන ආදරෙයි.
         මන් පොඩියි ඒකාලේ  කන්න බොන්න දෙන ,සෙල්ලම් කරන ,හුරතල් කරන ඕන කෙනෙක්  මගේ ලෝකේ හොදම හොද මිනිස්සු.දැන් වගේ  "අම්මෝ හෙන මීටරේ ඈ මෙයා නම්" ,  'අපෝ ගොම් පාට්"  ඕවා තේරෙන්නැහැ,,(දැන් ඉන්න ළමයිට නම් තේරෙනවා මන්  හිතන්නේ,,අම්මලා ඇන්මම්,,, අනම් මනම් කිරිපිටි එහෙම බොන හින්දා )   ඔය අතර අම්මා අවා, තාත්තා ගැන ආච්චිඅම්මා ඔක්කොම අම්මට ලියුම් වලින් බොරුත් එක්ක ලියලා යවලා ,හොදට දැනුවත් කරලා තිබුණේ මන් හිතන්නේ.. අම්මා ආපු දවස් ගැන මට එච්චර මතකයක් නැහැ ,,

           අම්මා ඇවිත් අපේ කාර්ඩ් බෝඩ් ගේ වෙනුවට ටිකක් හොද එකක් හැදුවා,, ඒත් ගෙයි ඔක්කොම ඉවර කරගන්න නම් අම්මා ආයෙමත් රට යන්න ඕනේ කියන අදහස ආයේ ආවා. ඔහොම දෙවැනි පාරත් අකමැත්තෙන් එයා ගියා.. අම්මා ගියාට පස්සේ මායි තාත්තයි ආයේ තනියම,, එයා වෙනද වගේ මන් ඉස්කෝලෙන් ආවට පස්සේ එක්කන් යනවා වැඩ කරන තැනට.සිද්දි දහස් ගානක් ඔලුවේ තියෙනවා ඒත් අත්‍යාවශ්‍යම දේවල් විතරක් ලියන්නේ මේක ගොඩාක් දික් වෙන නිසා,,,
මෙදාපාරත් අම්මා ආවේ අවුරුදු 3 කින්,, මට 8 ක් වගේ එයා එද්දී..
තාත්තා අලුතෙන් වැඩ කරන තැන දුරයි ටිකක් ඉස්කෝලේ නිමාඩු දවසට තමයි එක්කන් යන්නේ වැඩකරන තැනට,, එතන හරියට ගෙම්බෝ හිටියා මගේ වැඩේම ගෙම්බෝ අල්ලලා උන්ව බෙල්ලට පොඩි ලනු ,රෙදි පටි දාලා සෙල්ලම් කරන එක ,, හෙන ලොකු වුන් හිටියේ,, 
                       මගේ තාත්තා මාව පුදුම විදියට පරිස්සම් කළා, කිසි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න යැවුවේ නැහැ,,ඒත් මන් පව් කියලා හිතුනම යවලා එනකල් බලන් හිටියා දුරින් ,,
 ඉස්සර එයා පැයක්,දෙකක් හරි එයාගේ ෆුට් සයිකල් එක උඩට වෙලා ඔහේ ඉදන් ඉන්නවා ,, කොච්චර දේවල් කල්පනා කරන්න ඇද්ද,,
ඔය කාලසීමාව වෙද්දී අර අක්කා අපේ තාත්තට අදරේ කළා මන් හිතන්නේ,, අපේ තාත්තත් එහෙමයි,, ලස්සනට ඇන්දා.. අර අක්කලාගේ  දිහා යනවා නිතර.,, ඒත් මට වෙනද වගේම ආදරේ කළා,,එයා බයිසිකලේ හැමදාම හෝදනවා ,,පිහිනවා ,, මගේ ඇදුම් සේරම හෝදන්නේ එයා,,උදේට අන්දලා කැම කවලා ඉස්කෝලේ ඇරලලා වැඩට යනවා, උදේ 6 .30 ඉදන් මන් තනියම ඉස්කෝලේ කවුරුත් නැහැ..මොනා කරන්නද ඔහේ ඉන්නවා . දවල්ට ආත්තම්මා තමා ගෙනියන්නේ,, එයත් මට ගොඩක් ආදරේ කළා,,ඊට වඩා එයාගේ හිතේ සහ මුහුණේ තිබ්බා "ෂික් මේ ළමයෙක් ඉන්නවනේ නැත්තම් අපේ එකීව ඕකෙන් අයින් කරලා කියන හැගීම""
රෑට ගෙදර ඇවිත් තාත්තා උයනවා ,,මන් මේසේ උඩට වෙලා බිස්කට් කකා ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා ,,ඇත්තමයි මගේ තාත්තා එච්චර ඉස්කෝලේ ගිය උගත් කෙනෙක් නෙමේ 6 ට ගිහින් තිබ්බේ ,,ඒත් එයාට ඉංග්රීසි කියවන්න ලියන්න පුළුවන් හොදට,, මන් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නත් පුළුවන් ,, මන් ළමයි එක්ක රණ්ඩු වෙලා තියනවා නිතර තාත්තා නිසා.මන් හැමෝටම මගේ තාත්තා තමයි හොදම ,හැමදේම දන්නා කෙනා කිවුවා ,,මට ගොඩක් අය අපහස කළා..ඒකට හේතුව මන් නිසා පවුලට අපලයි කියලා අපේ නෑදෑයෝ අතර තිබ්බ කතාව වෙන්න ඇති..
             

 
         කාළය ගෙවුණා වේගෙන් හෝ හෙමින් නෙමේ දැන් ඔරලෝසුවේ කටු කැරකෙන ස්පීඩ් එකටම..අම්මා ලංකාවට ආවා                                                                   ආයේ අම්මා තාත්තා එකගෙදර
හොදින් හිටියා ,, ඒත් වටෙන් පිටෙන් අරවා මේවා ආරංචි වුණා,
අන්තිමට රණ්ඩු වෙවී හිටපු තාත්තා අපිව දාලා ගියා. මාව බලන්න අම්මට හොරෙන් ඉස්කෝලේ ලගට ආවා. තාත්තා අර අක්කත් එක්ක යාලු වෙලාලු ඒකලු අම්මා රණ්ඩු වෙන්න හේතුව. දැන් මන් අම්මා එක්ක, අම්මත් මට පණ වගේ ආදරෙයි,,
                                 පස්සේ අම්මා මන් වෙනුවෙන් කියලා ආයේ තාත්තා එක්කගෙන ආවා ඔය අතර ගහ මරාගැනිලි ,රණ්ඩු අතර අම්මෝ ජිවිතේ තිත්තම උනා ඈ..පස්සේ අම්මට මල්ලි හමුබුනා ඒත් අපේ අම්මා නිතර රණ්ඩු වුණා..මේ අවුරුදු කීපය මගේ අම්මා ,තාත්තා වගේම මමත් ගොඩක් විදෙවුවා,, එයාලා කොච්චර හොදින් ඉන්න හැදුවත් විවිදාකාර ආරංචි , සැක සංකා අපේ පවුල වසාගෙන හිටියේ,,මල්ලි හම්බුනා.. තාත්තා සුදුවට ඇබ්බැහිවීම සහ එයාගේ අනිත් අනියම් සම්බන්ධය තමයි දැන් අපේ පවුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නය...

                                       අම්මගේ සහෝදර ,සහෝදරියන් පරපුරම අම්මගේ පැත්තේ මගේ තාත්තා තනි වුණා.ආපහු මල්ලිට මාස 10 ක් වෙද්දී එයා කොහේ හරි ගියා,ඊට පස්සේ එයා අර අක්කලාගේ ගෙදර ආව ගිය බව සහ ලොරියක වැඩ කරන බව ආරංචි වුණා,, මට 11 ක් වගේ වයස,,පස්සේ මාවයි මල්ලිවයි ආත්තම්මා බලාගන්නම් කියලා  අම්මා ගේ සම්පුර්ණම හදන්න හිතන් ආපහු රට ගියා අවුරුදු 2 කට,, තාත්තා ඉස්කෝලේ ලගට ඇවිත් මාව බලලා යනවා ,සෙනසුරාදට මාව රවුමක් එක්ක යනවා,ඒ අතර දවසක් තාත්තා මට කාටවත් කියන්න එපා කියලා ටිකක් දුර දිහාක එක්ක ගියා,එහෙ අර අක්කා හිටියා අපේ මල්ලිට වඩා ටිකක බාල මන් වගේම හැඩහුරුකම් තියන පුංචි ළමයෙක් වඩාගෙන.. පොඩි වුනත් මන් හිතුවා මේ අපේ තාත්තගේ බබෙක් තමයි කියලා,, මන් තාත්තට කොච්චර ආදරේ කලත් අර ළමය ගැන ආදරයක් දැනුණේ නැහැ,, එදායින් පස්සේ තාත්තාව තරමක මන් ඈත් කළා මන් හිතන්නේ ,ඒත් කාටවත් කිවේ නැහැ ..


කාළය ගෙවුණා,අම්මා ආවා. එයා ඇවිත් නඩු දැම්මා අනිත් මිනිස්සුන්ගේ පෙළබවිම මත. ඒත් එයාලා නඩුව අයින් කලාද කොහෙද ,,ආයේ තාත්තා ගෙදර ආවා,, ඒත් අර ළමයා ගැන ,හැමෝම දන්නවා..අයෙමත් රණ්ඩු.. පස්සේ තාත්තා පොරොන්දු වුණා ,අර සම්බන්දෙ නවත්වනවා ,,හැබැයි දරුවට වියදම් දෙනවා කියලා,,නමුත් අපේ අම්මා දවසගානේ  තාත්තාව රිද්දුව,, මගේ අම්මව නෑදැයෝ රිද්දුවා,, කාලයන් නිශ්චිතව මතක නැහැ මට නමුත් මන් O / L කරන කාලෙත් රණ්ඩු ,,අර ළමයා ඉස්කෝලේ යනවා.. ඒ ළමයට එහෙන් තාත්තා කෙනෙක් නැහැ,, අපේ අම්මාලා ඒ වෙද්දී තරමක් පෝසත්තු,, නෑදෑයන්ට අවනම්බු වෙනවා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ,, මගේ අම්මයි ,තාත්තයි පුදුමාකරා ජිවිතයක් ගෙවුවේ,, මේ හැමදේම තේරුණත් නොතේරුණ ගානට මන් හිටියේ...
                                                 40 පාරක් විතර තාත්තා ගියා ආයේ අම්මා එක්ක ආවා... ඔහොම තමයි කාලේ ගෙවුනේ,,,,
  දැන් මේ කතාව ලිවුවා ඇති ,, වර්ථමානයේ මට කියනන් අවැසි දේ මේකයි . මේවා ඔබේ මානයන්ට තර්කයන්ට එකග නොවෙන්න පුළුවන් ,,

කිසිම පිරිමියෙක් කසාද බැදලා ආර්ථික ප්‍රශ්න එද්දී තමන්ගේ බිරිදව පිටරටකට යවන්න හෝ යන්න දගලුවට යන්න දෙන්න එපා..

කිසිම බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයව තනිකරලා පිටරට යන්න එපා. කසාද බදින්න කලින් තමන්ගේ ජිවිතේ තනියම ගන්න තීරණ අරන් ඉවර කරන්න ..රට යන්න ඕනේනම් යන්න,,
කසාද බැන්දට පස්සේ අම්මා තාත්තාව අත්හරින්න එපා ,ඒත් තීරණ ගද්දි තමන්ගේ අලුත් පවුල් ජිවිතේ තීරණ වලට ඒ අයව ගාව ගන්න එපා,,
තමන්ගේ ස්වාමිපුරුෂයාට ගරු කරන්න ,,එහෙම කරන්න තරම් සුදුසු නැති මිනිහෙක්නම් එයාව බදින්න එපා ...
කටින් කියන වචන වලින් පිරිමියෙක් ලංකරගන්න බැහැ ,, ගැහැනුන් නම්‍යශීලි විය යුතුයි.. එසේ වූ තැන පිරිමියා වැරදි නොකරයි,,

               තව දෙයක් කියන්න බැරි වුණා, අන්තිමට මට 21 වෙද්දී මන් කොහොමහරි අම්මව කැමති කරවගත්තා තාත්තට නිදහස දෙන්න,,අම්මා දික්කසාදය නොදුන්නේ ,,තාත්තාව වෙන කෙනෙක්ට දීලා පරාජය බාරගන්න බැරිකමට සහ තාත්තට රිද්දන්න  ,,ඒත් ඒකෙන් වුනේ මගේ ආදර අම්මා ,තාත්තා මගේ මල්ලි මන් ඇතුළු මුළු පවුලම මොක්කුද වගේ ඔහේ හුස්ම ගැනීම විතරයි. ඒ වගේම තාත්තගේ ලෙයින් උපන් අනිත් දරුවා ඇතුළු පවුල දුක් වීම පමණයි.. දැන් මගේ තාත්තා අලුත් ජිවිතයක් ගෙවනවා,,මන් දැක්කේ නැහැ අවුරුදු 3 කින්.නමුත් එයා දැන් සතුටින් ඉන්නවා. මගේ අම්මා ආගමට දහමට ලැදිව ඒ පැත්තෙන් යම් සතුටක් ලබනවා.

                                       මගේ ආදර තාත්තා එයාගේ තරුණ ජිවිතේ තමන්ගේ බිරිද එක්ක සතුටින් ඉන්න ඕනේ කාලේ අහිමිවෙච්ච කෙනෙක්. මගේ අම්මත් එහෙමයි.අතීතයේ දවසක පවුලේ යහපත සතුට ගැන හිතලා ගත්ත එක තීරණයක් නිසා ජිවිත කීයක් දුකට පත් වුනාද.. මරණය දක්වාම ඔවුන්ගේ ජිවිත වැරදිලා ඉවරයි.
                         අද එයාගේ උපන් දිනේ..කතා කරන්න විදියක් නැහැ නමුත්,එයාගේ  ජිවිතේ මරණය දක්වා මන් එයාව බලාගන්නවා. මේකේ අගමුල ඔයාට තේරුම් ගියාද දන්නේ නැහැ.සමාජයේ දහස් ගණන් මිනිස්සු ඉන්නවා මේ වගේ වෙච්ච,, මට මගේ යාලුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ කසාදය කියන බැදීම ආදරෙන් පරිස්සම් කරගන්න කියලා,,,සුබම සුබ උපන්දිනයක් මගේ සුදු තාත්තට

65 comments:

  1. Replies
    1. ගූගල් කමෙන්ට් අයින් කරලා ආයෙත් බ්ලොගර් කමෙන්ට් දැම්මා තිබුන කමෙන්ට් පෙනෙන්නේ නැති හින්දා මෙහෙම කොපි කරලා ඒ ටික දානවා , සමාවෙන්න යාළුවනේ , ගුගල් ෆලෝවර්ස් ගැජට් එකයි බ්ලොගර් ෆලෝවර් ගැජට් එකයි දෙකම එකට දාන්න ක්‍රමයක් කවුරුහරි කියලා දෙන්නකෝ

      Delete
    2. Maathalan - Priyantha Hewage1 day ago - Shared publicly

      ඔයා ප්‍රාර්ථනා කලාට ඒ දේවල් ඉටුවන එකක් නෑ. දුප්පත් කම නිසාම නෙමෙයි. වෙනත් හේතුන් වලටත් දරු පවුල් වලින් වෙන් වෙලා යන අය දියුණු රටවලත් ඉන්නවා. ඒක ලැබීමද කරුමෙද කියන්න මම දන්නෙ නෑ. හොඳ උදාහරණය ඇමරිකන් සෝල්ජර්ස්ලා. ගෑණු පිරිමි බේදයක් නැතුව. නමුත්, හොඳම දේ ඒ දේවල් වලට අනුගත වෙලා. තමන්ගේ පවුල් සංස්ථාව දිගටම ගෙනියන එක. මිනිස්සු ජීවත් වෙන්නේ සුළු කාළයයි. ඒ ටිකේ මොකටද ප්‍රශ්ණ ඔළුවේ දාගෙන දුක් විඳින්නේ. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම හොඳ මිනිස්සු, නමුත් හැඟිම් වලට වහල් උනා මිසක්, බුද්ධිමත්ව කටයුතු කලේ නෑ. අන්න ඒ දැණුමයි අපි මිනිස්සුන්ට ලබා දෙන්න ඕන.
      +2
      1
      2
      1
      · Reply

      අපුර්වී ඔමායා1 day ago+1
      2
      1


      ඔව් මන් මගේ තාත්තා ගේ පැත්තෙන් වෙච්ච දේ ගැන විතරමයි මේකේ ලිවේ.මේක එක පුංචි සාධකයක් විතරයි ජිවිත විනාසවෙන, ලිපිය දීර්ග වෙන නිසා එක දෙයක් ගැන විතරක්ම ලිවුවේ. ස්තුති ඔයාට 

      Delete
  2. කතන්දර කාරයා
    2 weeks ago - Shared publicly

    මේක සීරියස් කේස් එකක්. මං හිතන්නේ මේ වගේ අත්දැකීම් තියෙන අය ලංකාවේ තව ඉන්ණවා.

    ඇයි ඉතිං තාත්තාව දැන් මුණ නොගැසෙන්නේ? කතා නොකරන්නේ? අවුරුදු තුනකින්!!!
    ·
    Reply
    Hide replies

    අපුර්වී ඔමායා
    2 weeks ago

    Edit

    මන් ලංකාවේ නෙමේ ඉන්නේ ,,අම්ම ලග එයාගේ නම්බර් නැහැ .. මන් අද මල්ලිට කිවුවා මට තාත්තගේ නම්බර් එක හොයාදෙන්න කියලා . තාත්තා හොදින් කියලා මන් දන්නවා අයියේ,,මම දෙන්නව ඩිවෝස් කලෙත්

    කතන්දර කාරයා
    2 weeks ago


    මගේ තාත්තා මිය ගිය දින සිට මා තාත්තලා ගැන කතාවලට ටිකක් සංවේදීයි. ලඟදීම ඔබට ඔබේ තාත්තා සමහ කතා බහක යෙදෙන්නට ඉඩ ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා!

    අපුර්වී ඔමායා
    2 weeks ago


    sthuthi oyata ,man katha karanawa ,,

    ReplyDelete

  3. ARUNA PERERA
    2 weeks ago - Shared publicly

    හරිම සංවේදී,ඒ වගේම හරිම විවෘත කතාවක්.කාලය ඔබව සනසාලනු ඇත.එතෙක් ඔහු පිලිබඳ මතකය අමතක නොකරන්න.
    මම
    අරූගේ අඩවිය

    ·
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago

    Edit

    ස්තුති ,මේක කියවන එක මනුස්සයෙක් හරි මේකෙන් යමක් අරන් එයාගේ ජිවිතේ යහපතක් කරගන්නවා නම් ඒක වටිනවා මගේ මතකයේ හිරකරන් ඉන්නවට වඩා 

    ReplyDelete
  4. Naleen Dilruksha
    2 weeks ago - Shared publicly

    මේ කතාවට මං මොනවත්ම කියන්න යන්නේ නෑ. ඒ සියලු දේ හිතේ තියාගන දිරියෙන් දිවිය ජයගන්න. ඒ අතීතයෙන් පාඩම් ඉගන ගන්න. මාපියන් කළ අනුවන කම් නොකරන්න වෙර දරන්න.

    ·
    Reply

    සිහින මදාරා
    2 weeks ago - Shared publicly

    මට මාව කියවනවද කියලා හිතුවා සත්තයි. ඒ ඇති මම හිතන්නෙ.

    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago
    Edit

    ඒ කිවුවේ ,,,

    Kãsuŋ Ãrãvïŋdã Mtg
    2 weeks ago (edited)


    +අපුර්වී ඔමායා එකම අත්දැකීම බොහෝ දෙනෙකුට උරුම බව ........

    ReplyDelete
  5. Black Puma
    2 weeks ago - Shared publicly

    මේ වගේ දේවල් වලින් ගොඩක් විදවන්නේ ළමයි. එයලා වෙනත් දේට පෙලෙබෙන්න ඉඩ තියෙනව. සතුටයි අපු මේ දේවල් මැද උණත් ජිවිතේ ජය ගත්ත එකට.

    ·
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    sthuthi pumo ,, ow matath hari pudumai ,eth dewiyan maawa parissam kalaa,

    ReplyDelete
  6. Kenji Japan
    2 weeks ago - Shared publicly

    ඔබේ ලිපිය කියවල පියෙකුට ඇස් වලට කදුළු බිදුවක් නාවොත් තමයි පුදුමෙ.
    ප්‍රශ්න සහ පිළිතුරු ඔබේ ලිපියෙ තිබෙනව.
    හුගක් ජිවිත විනාශ කරන්නෙ පැත්තක ඉන්න(නාකි)හැත්ත.
    මාවයි,බිරිදවයි කොහෙ හරි ගියාම ගන්න පිංතුර පෙන්නල එක එක අයට අපව සමාන කරන හැටි මතක් වුනා.
    ඔබට සහ සහෝදරයාට සාර්ථක දිගු ගමනකට මගෙන් පැතුමන්.!.

    ·
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    මට තේරෙනවා ඔයාගේ හැගීම,,අපේ අම්මා තාත්තාට වුන දේ වෙනස් කරන්න බැහැ ,ඒත් ඔයාට එහෙම වෙන්න හොදනැහැ කවදාවත් ,, 

    ReplyDelete

  7. Nihal M Rupasinghe
    2 weeks ago - Shared publicly

    කහ පාටින් තියෙන අවවාද ටික හරි වටිනවා.
    අනාගතේ යම් දවසක සියලුම දෙනා එකට වාඩි වී සතුටින් ඉන්න එක සිහින මවන්න, ඒ සිහිනය ඉටුවේවි.!

    ඉස්සර අපේ ගෙදරත් අඩු පාඩුකම් තියෙනකොට මං අනනත්වත් හිතල තියෙනව ඇයි තාත්තා පිටරටවත් යන්නෙ නැත්තෙ කියල. ඉතින් දෙමාපියො ඒ කරපු දේම ඇති. අපිව මොහොතකටවත් තනි නොකරපු එක.

    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    ඔයා හරි වාසනාවන්තයි ,,

    ReplyDelete
  8. manjula lakmal
    2 weeks ago - Shared publicly

    ඒ සිද්ධි අයිති අතීතයට , දැන් එව්වා අමතකත කරලා දැම්මොත් නරකද

    Reply

    Thisara Sri
    2 weeks ago - Shared publicly

    කතන්දර බ්ලොග් අඩවියෙන් තමයි මේ පැත්තට පාර කිව්වේ. බොහොම සංවේදී කතාවක්. මමත් විවාහක, පොඩි ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්. අපිති මුල ඉඳලම තීරණය කරලා තියෙන්නේ දීර්ඝ කාලීනව මොනම හේතුවකටවත් වෙන්වෙලා ඉන්නෙ නෑ කියලා. ඒ මගෙත් ළමා කාලයේ යම් යම් අත්දැකීම් නිසා.

    තව පොඩි දෙයක් කියන්න කැමතියි. තමන්ගේ සැබෑ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම හෙළිනොවන විදිහට කටයුතු කරන එක හොඳයි කියලා මම හිතන්නේ. සෑම තැනම හොඳ මෙන්ම නරකත් තියන නිසා.

    ·
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    ස්තුති

    ReplyDelete
  9. දේශක යා
    2 weeks ago - Shared publicly

    ම්හ්.. සිරියස් කේස් එකක්.. ඇයි තාත්තත් එක්ක කතා නොකරන්නේ කියල අහන්න අවශ්‍යතාවයක් නෑ ඒත් පෘතග්ජනයෙක් විදියට ඒ ප්‍රශ්නේ මතු වෙනවා..

    ·
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    තාත්තාගේ ෆෝන් නම්බර් නැහැ ,අම්මාගෙන් ඉලන්නත් බැහැ ඒකයි, (මන් ලංකාවේ නමේ දැන් ඉන්නේ )

    ReplyDelete

  10. Sarath Perera
    2 weeks ago - Shared publicly

    I was amazed at your deep understanding about the problems and
    your ability to see through them! Indeed they are extraordinary.
    So, it will not be difficult for a lady like you to forget the aching past and begin a new life.My heartfelt blessings to you!

    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    thank you .thanks again ,

    ReplyDelete
  11. දේශක යා
    2 weeks ago - Shared publicly

    ම්හ්.. සිරියස් කේස් එකක්.. ඇයි තාත්තත් එක්ක කතා නොකරන්නේ කියල අහන්න අවශ්‍යතාවයක් නෑ ඒත් පෘතග්ජනයෙක් විදියට ඒ ප්‍රශ්නේ මතු වෙනවා.
    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    තාත්තාගේ ෆෝන් නම්බර් නැහැ ,අම්මාගෙන් ඉලන්නත් බැහැ ඒකයි, (මන් ලංකාවේ නමේ දැන් ඉන්නේ )

    ReplyDelete

  12. මැලේ රාළ
    2 weeks ago - Shared publicly

    කතන්දරගේ පර පෙන්නිමෙන් ආවේ .... ඇත්තටම කතාව කියවද්දී ඇහැට කදුළු අව වගේ දැනුණා ....... පිටරටක ඉන්නකොට අපි ඔයවගේ සිද්දි වලට සංවේදී වෙනවා වැඩි මන් හිතන්නේ කොහොම උනත් අම්මව වත් තාත්තාට වත් ඇත් වෙන්න දෙන්න එපා ...... මොකද ඒ චරිතවලට කවදාවත් ආදේශක හොයන්න බැ .......

    Reply

    අපුර්වී ඔමායා
    2 weeks ago


    ස්තුති රාළේ කතාව කියෙවුවට ,,ඔව් දෙමවුපියෝ තමයි අපේ අයිතිකාරයෝ ,,

    ReplyDelete


  13. gimhani jayalath
    2 weeks ago - Shared publicly

    බොහෝ වෙලාවට අපි කතා කරන්නෙ අම්මලා ගැන විතරයි . අම්ම රට ගියාම දරුවන් එක්ක තනි වෙන තාත්තෙක් මොන තරම් දුක් විඳිනවද කියල හරි අපූරුවට තේරෙනවා මේ ලිපියෙන් . ඔයා මේව ආදර්ශයට අරගෙන ඔයාගෙ ජීවිතේ හරියාකාරව ගෙන යන්න .

    ·
    Reply

    Loku John
    2 weeks ago - Shared publicly

    හැඟීම්බර පොස්ටුවකට යොමුකල "කකාට" ස්තුතියි. මට හිතෙන්නේ අපේ රටේ පවුල් ජීවිතය අංක එකට සලකන නිසා හුඟක් අය තම තමන්ගේ පෞද්ගලික උවමනාවන් සඟවාගෙන ජීවත් වෙන්න. අද ඒ තත්වේ සෑහෙන්න වෙනස්වෙලා. ඉස්සරහට මොනතත්වයක් උදාවේදැයි සිතාගත නොහැකියි. . තාත්තා කෙනෙක්ගේ දාරක සෙනෙහය තෙරුම් ගන්න අමාරුයි ඒක තෙරුම්ගන්න බෑ ඒකතෙරුම් ගන්නකොට අපි හුඟක් දුර ගිහින් වෙන්න පුලුවන්. සමහරවිට ඒ තෙරුම් ගන්නකොට අපිට අපිටම ඇහෙන්නවත් ඉකිගගහා අඩන්න බැරිවෙන්න පුලුවන්.


    ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
    ·
    Reply

    ReplyDelete


  14. Drackey Junior
    2 weeks ago - Shared publicly

    කතන්දරගෙන් පාර අහගෙන ආවෙ. දිගටම එන්නං. කතාව වර්ඩ් එකට කොපි කර ගත්තා. නිවාඩුවෙ කියවල කමෙන්ට් එකක් දාන්නං.

    ReplyDelete

  15. Priyantha Fonseka
    6 days ago - Shared publicly

    හරිම දැණුනු සටහනක්... ජීවිතය දිනන්න කියල ප්‍රාර්ථනා කරනව අපූර්වී!

    Reply

    අපුර්වී ඔමායා
    1 day ago

    Edit

    ස්තුතිඅයියේ 

    ReplyDelete
  16. ගමන් මගේ මඟියා
    2 weeks ago - Shared publicly

    කකා ගෙන් දැනගෙන ආවේ.ඇත්තටම හොද ජිවිත අත්දැකීමක් පාඩමක් හැමෝටම...
    +
    1
    0
    1
    1
    ·
    Reply


    Hansani Dias
    1 day ago - Shared publicly

    වෙච්ච හැල හැප්පීම් නොවෙන්න, ඔයා මෙහෙම ඔපන් මයින්ඩඩ් කෙනෙක් නොවෙන්න තිබුනා.මාතලන් ගෙ ලින්ක් එකෙන් වෙන පෝස්ට් එකක් බලන්න ආවහම ඔක්කොම පෝස්ට්ස් කියවන්න හිතුනා. එකම කමෙන්ට් එකක් වත් කියවන්න කලින් මට හිතුනු දේ කියන්නම ඕනෙ කියල හිතුනා.සුබ අනාගතයක් ඔයාට ඒකාන්තයි අක්කේ, ආයෙ ඒකට සුබ පතන්න දෙයක් නැහැ.
    ·
    Reply

    අපුර්වී ඔමායා
    1 day ago


    ස්තුති නංගි ,

    ReplyDelete

  17. PUBUDU SAMARASEKARA 6 days ago - Shared publicly

    ඇත්තටම මුල හරිය කියවද්දීනම් ටිකක් අපහසුතාවයට පත් උන.ඒත් අර රතුපාටින් තිබ්බ ටිකත් අවසානයත් කියවද්දී අදහස් වෙනස් උනා.
    ඒත් මට හිතෙන මගේ පුද්ගලික අදහසනම්,ඔයා ඒ මුල් කොටස් මේකට ගාවන්නේවත් නැතුව තිබ්බානම් මේක මීටත් වඩා ලස්සනයි.
    ඇයි දන්නවද?මුල් කොටසේදී රචකයාගේ හිතේ තාත්තා ගැන තිබ්බ ක්‍රෝධයක් හෝ පසුතැවීමක් හෝ කලකිරීමක් ගැන කියවන පාටකයාට තේරෙනවා.
    ඒත් අවසානෙදි මුල තිබ්බ ගතිය සම්පුර්ණයෙන්ම බලෙන් අමතක කරන්න දැඩි උත්සාහයක් රචකයා අරන් තියෙනවා.
    ඒ නිසයි කිව්වේ මුල් කොටස නැතුව හෝ ඒ කොටස වෙනම වෙනත් ලිපියකින් දැක්වුවනම්,තාත්තා ගැන මිට වඩා අර්ථකථනයක් පාටකයා තුල මතු වෙනවා.එයාගේ උපන් දිනේ සහ අතීතයක් ගැන පරස්පර කතා දෙකක් නිසා,හරියට නිකන් පාටකයා කරකවලා අතැරිය වගේ.
    සමාවෙන්න හිත රිදුනානම්.ඒත් ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.ජය!
    Expand this comment »
    1
    ·
    Reply
    Hide replies

    අපුර්වී ඔමායා
    6 days ago


    මගේ ජිවිත කතාව ඔය වගේ තමයි ,,වෙන විදියකට ලියන්න නම් ඒක වෙන කතාවක් වෙනවා ,,

    PUBUDU SAMARASEKARA
    6 days ago
    1
    Reply

    +අපුර්වී ඔමායා
    නංගියේ,
    මන් හිතන්නේ නෑ අපි සියදෙනෙක් ගත්තොත් එතනින් බාගෙයක්වත් ළමා වියේ අති සුන්දර අත්දැකීම් ලබපු අය නෑ.
    ඒත් අද ඔයා හෝ මම හෝ තවත් කෙනෙක් හෝ ඉන්න තත්වය ගැන හිතුවාම ඇත්තටම ගොඩාක් වෙනස් නේද?අපි කියන බහු වචනේ යොදාගත්තට වරදක් නෑ,මොකද අද අපි බොහොම හොඳට මේ මහපොළොව මත ජිවත් වෙනවනේ.
    අතීතය කියන්නේ යටගියාවක් විතරයි.ඒ ගැන පසු තවිමවත් ඒක නැවත නැවත මතක් කර කර දුක් වීමත් විසින් වෙන්නේ අපේ ඉදිරි ගමනට මොනයම්ම හෝ බාධාවක් විතරමයි.[කිව්වට ඇත්තටම කරන්න අමාරුයි කියල මාත් හොඳටම දන්නවා.]
    Show less

    අපුර්වී ඔමායා
    6 days ago


    අතීතය ගැන දුක් වෙන්නේ නැහැ ,මන් කවදාවත් ඒත් ඒ අතීතයේ තැන් වලින් මා ලැබූ දේ වර්තමානයේ ඒ අත්දැකීම අබියස ඉන්න කෙනෙක්ට ලොකු වුදවුවක් වෙන්න පුළුවන් ,, 
    Add a comment...

    ReplyDelete
  18. ඔමායා..... ජීවිතේ කියන්න හරි පුදුමාකාර දෙයක්... විදිනවා, විදවනවා... මම හිතන්නෙ ඔයා පොඩි කාලෙ විදවලා තියෙනව.. දැන් ඔයා විදිනව ඇති කියල මම හිතනව..නමුත් මම ඉස්සරත් විදවල, දැනුත් විදවනව ඔමාය.... ඒක තමා ජීවිතය කියන්නෙ....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි සහෝදරයා / සහෝදරී මොන දේ වුණත් නිතරම අතීතය ගැන නොහිතා අනාගතේ සතුට මතුකරගන්න උත්සහා කරමු අපි

      Delete
  19. ජීවිතේ කියන්නෙ ප්‍රශ්ණ ගොඩක් විතරමද කියලත් වෙලාවකට හිතෙනවා...සතුට හොයන්න උත්සාහ කරන්න කරන්න ඉතුරු වෙන්නෙ දුකක් විතරයිදත් මන්දා...ඒත් එහෙම වෙද්දී අනාගතේට බයක් නැතුව මුණ දෙන්නේ කොහොමද කියලත් මට තේරෙන්නෙ නැහැ. ඔයාගේ කතාව කියවලා උපදෙසක් දෙන්න තරන් මටත් දැනුමක් නැහැ, මොකද මමත් ප්‍රශ්ණ ගොඩක් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්...ඒත් මම හිතනව ඔයා හොඳින් ඇති කියල මේ වෙද්දී...එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මන් නිතරම මොන ප්‍රශ්නේ ආවත් මගේ සතුට නැති කරගන්නේ නැහැ කියන පොරොන්දුව මටම වෙලා ඉන්නේ ,ඒක කඩන්නේ නැහැ ,,උත්සහ කරන්න ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න හෝ ඒවා අතාරින්න ,,අපේ ජීවිතවල හොදම අවදිය අපි මේ ගෙවන්නේ ,,මට ප්‍රශ්න නැතුවා නෙමේ ඒත් මන් ඒවා බරට එල්ලගෙන ඉන්නේ නැහැ ,කසාද බැදලා වයිෆ් ගෙදර තියලා යනවා වගේ ,, ස්තුති අදහස බෙදාගත්තට

      Delete
    2. "කසාද බැදලා වයිෆ් ගෙදර තියලා යනවා වගේ" - නියම උපමාවක් නංගි :) (නංගි කිව්වේ ආදරෙන් හොඳේ...මම හිතනව ඔයා මට වඩා වයසින් අඩුයි කියල)
      ඔයා සතුටින් ඉන්න බව අහන්න ලැබුන එකත් සතුටක් :) ඔයාගෙන් ඉගෙනගන්න දේකුත් මට තියෙනවා...ප්‍රශ්න අතහරින එක. කොයි තරන් හෙව්වත් විසඳගන්න බැරිනන් අත්හරින එක හොඳයි තමයි. ස්තුතියි ඔයාටත්.

      Delete
    3. හ්ම්ම් ,, ඒකනේ ,, බායි

      Delete
  20. Hi omaya, well its pretty much the same for every parent who leaves their family behind, my daddy left us to saudi when i was 7 days old, n he got himself in a affair wit a woman, i think when i was in grade 4 or 5 it happned, i had no way of understanding wats going on my mom n dad fightin everyday n it was worse for my sis who was 3 years elder to me. he left us for that woman and time went by but he kept sending us money ,bit by bit we grew up and he wanted our love again , he came back never to live wit my mom bt to be wit my sis n myself, i hve been given everyting i ever wanted in life, i gt myself a car when i got thru OL's wit flyin colors , my sister the same , bt he was never able to get our love which we lost, i dnt knw probably i love him too, bt i dnt want him in mylife.......we were poor before he went overseas n i wished he didnt go there for the sake of money, cz money he could hv made in sl as well, people who go overseas for work loose things which cant be measured by money, my dad is a very nice person, he looks good n he gets women after him where ever he go,n havin gt the same looks i dnt womanize cz of the bad experine i gt

    ReplyDelete
    Replies
    1. nt dat im gay :) bt i dnt sleep around, i try to b faithful

      Delete
    2. ඔයා මගේ පෝස්ට් එක කියවපු නිසා සිංහල දන්නවා ඇති කියලා හිතනවා ...මට වඩා ඔයාගේ ජිවිතේ දුක් විදලා තියනවා අපි අපේ ජිවිත වල ,අපේ දරුවන්ගේ ජීවිතවල එහෙම නොවෙන්න මහන්සිගමු

      Delete
  21. වැඩි හිටියන්ගේ නොමනාකම් වල දුක් උහුලන්නේ පොඩි දරුවෝ
    මේ ගැන නුවණින් වටහාගත යුතු දෙපිල බෙදී ඇති දෙමාපියෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, ඔව් ඇනෝ මක් කරන්නද මගේ දරුවන්ටවත් එහෙම නොවෙන්න් බලාගන්නවා

      Delete
  22. කාලයක් තිස්සේ කියවන්න ඕන කියල හිතාගෙන හිටිය ලිපිය අදයි කියෙව්වෙ. මෙතනදි කවුරුවත් වැරදියි කියල කියන්න බෑ. ඒ වගේම අද කාලෙ(අද විතරක් නෙවේ ඒකාලෙත් එහෙම තමයි), දුවෙක් තාත්තට භාරදීල අම්ම රට ගිය තැන්වල වෙච්ච දේවල් බැලුවම ඔමායාට තාත්තගෙ ආරක්ෂාව ලැබිල තියනව.(ඒකත් මදැයි).

    ලිපියේ වැදගත්ම දේ මේකයි, ඔමායා මේ ප්‍රශ්න දිහා බලල තියන ආකාරය විශිෂ්ටයි! මධ්‍යස්ථයි. බොහෝදෙනෙකුට තමන්ගෙ ප්‍රශ්නයක් දෙස ඒ විදියට බලන්න බෑ.

    තාත්තට කතා කරන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති රාජ් අදහස බෙදාගත්තට ,,මට තවමත් බැරිවුනා කතා කරන්න ජනවාරියේ ලංකාවට යනවා ගිහින් හම්බවෙලාම කතා කරනවා

      Delete
  23. ඈ බන් මම මේක කලින් කියෙව්වා. . . එදා දැනුනට වඩා ආපහු අද කියෙව්වම හිතෙන දේවල් ගොඩයි. . . .එදා මගෙ ලිපියට දාපු කොමෙන්ට් එක හොදටම තෙරුනා අද. . . .මම කොහොමහරි මගෙන් වුන වරද හදා ගන්න ඔනි.. .

    ReplyDelete
    Replies
    1. ඒකනේ ,,ඈ ඒ කියන්නේ තාමත් තාත්තට කතා කලේ නැද්ද මනුස්සයෝ ,, ??

      Delete
    2. කතා කලා නමූත් මට ඒක මදි.සාමාන්‍ය විදියට කතා කරන මට්ටමට හදාගන්න ඔන බන්. . . දැන් හැම සතියකම විස්තර අහන්න කතාකරනව.නමුත් පොඩි වෙලාවයි.

      Delete
    3. ඔහොම යද්දී හරියයි බන් ,,ඔය අවස්තාව නැති කරගන්න එපා

      Delete
  24. ඉතා සංවේදී කතාවක්. ගියදේ ගන්න බැහැනේ ඕමයා. අම්මා රට ගියේ ආත්තම්මා කියපු නිසා. සමහර විට ආර්ථික අමාරුකම් නිසා අම්මාට හිතෙන්න ඇති යන්න. නමුත් ඒ තීරණේ නොගත්තා නම් ඔබගේ අතීතය කොතරම් සුන්දර වේද? සමහර විට ඔබට නොතේරුනාට ආත්තම්මා ගේ ඇනුම් බැනුම් තාත්තා වැරදි පාරට වැටෙන්න හේතුවක් වෙන්න ඇති. ඔබගේ අම්මා උනත් අනුන්ගේ පදේට නටන්නේ නැතිව හිටියා නම් පවුල එකතු වී සාමධාන වෙලා දැනටත් හොදින් ඉන්න තිබුනා. තාත්තා කවදාවත් අමතක කරන්න එපා මට පෙන විදියට ඔහු වැරදීම නැහැ.

    ආත්තම්මා ගේ ඔයවගේ හැසිරීමක් නිසා ඔබගේ දෙමවුපියන්ගේ කතාවම වෙන්න තිබුණු පවුලක් ළඟකදී එකතු උනා එකට මමත් ගොඩක් මහන්සි වුනා. එහෙම නොවුනා නම් ඒ ගෙදර ඉන්න දූටත් ඔබගේ කතාව ලියන්න වෙයි හෙට දින.

    ඔබේ ගම දකුණු පළාතේද?

    ReplyDelete
    Replies
    1. ස්ස්තුති විශ්ව ඔයා කියපු සේරම හරි එහෙම තමා වුනේ ...ඒ පවුල එකතු වුන එක කොච්චර හොදද ඔයාට ගොඩක් පිං ඒ වැඩේටනම් ඇත්තමයි මන් දකුණේ නෙමේ ගම්පහ

      Delete
  25. අපිට වෙලාවක් එනවා , ජීවිතේ පසුතැවෙන වෙලාවක්.අනේ මට මගේ තාත්තට අම්මට තව සලකන්න තිබ්බ කියල හිතෙන වෙලාවක්. ඒ තැනට අපි ආවට පස්සේ ආපසු යන්න බෑ. එතනට එන්න කලින් අපි ඒ දේවල් කර ගන්න අපි හිතා ගන්න ඕනේ . පරක්කු වෙන්න එපා . තාත්තල අම්මල තවමත් ඉන්න අය පුළුවන් තරම් එයාලට සලකන්න.මම පරක්කුයි. මට ආය එන්නේ නෑ ඒ අවස්තාව. ඔයා අතපසු කර ගන්න එපා ඒ අවස්තාව.
    දිගටම ලියන්න. ජය ශ්‍රී

    ReplyDelete
    Replies
    1. තාත්තට මන් කෝල් කළා අයියේ ,,ඔයා එදා කියපු දේවල් නිසා පහුවදාම මන් කතා කළා

      Delete
  26. මම උබෙයි හිස් අහස ලියන සදරුවා ගෙයි ලොකු සමානකමක් දකිනවා සහෝදරී..මේ කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියල නෙමෙයි. උබල දෙන්නගෙ ලියමන හරි අව්‍යාජයි.. උබල ඉස්සරහ ගොඩක් උන් එතනදි පරාදයි.. මගේ සැලියුට් එක පිලිගනින්. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබේ අවංක වචන ටිකට ,, සයිබරයේ ලොකු රූප මවාපාලා මිනිස්සු ඉස්සරහා කෑල්ල වෙන්න ඕනේ නැහැ බන් යාලු ,, ස්තුති මගේ ලිපි කියෝනවට

      Delete
    2. සයිබරයේ ලොකු රූප මවාපාන අය ඉදිරියේ ඔබ දැනටම කෑල්ල වෙලා ඉවරයි අපුර්වී. සිංහල සයිබරයේ ලොකුරුප මවන්නේ නැතිව ඉන්න අය ඉන්න්නවා. ඒ වගේම තමන් දන්නේ නැති දේ පිලිම්බන්දව ප්‍රවීණයෝ ලෙස ඉන්න අයත් ඉන්නවා.

      Delete
  27. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. මම දුක්වෙන්නේ නැහැ ඔයා මුහුණදීපු කටුක අතීතය ගැන.මොකද අද ඔයා ඒතුලින් විශාල අත්දැකීම් රාශියක් ලබාගෙන අන් අයටත් උපදෙස් දී ශක්තිමත් කරන්න පුලුවන් තැනක ඔයා ඉන්න නිසා. ඔයා අතීතය වර්ථමානයට සහ අනාගතයට ආදර්ශයක් කරගෙන තිබෙන එකගැන මම සතුටු වෙනවා.මගේ පැතුමනම් ඔයාගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ඨවේවායි...

    ReplyDelete
    Replies
    1. ස්තුති හදවතින් ඔයාට .. බැදීම් වලට ආදරේ කරන්න ඔයත් .. කොමෙන්ට් වලින් දිරිමත් කරනවාට ස්තුති

      Delete
  28. කිසි කෙනෙක් දිහා ද්වේෂයෙන් නොබලා චරිත විග්‍රහහවෙන විදිහට ලියන්න ඔබට අපූරු හැකියාවක් තියෙන්නෙ. අම්මගෙ පැත්තත් තාත්තගෙ පැත්තත් දෙකම ඔබ පරිණත විදිහට දකිනවා. අර වගෙ ක‍ටුක ජීවිත අත් දැකීම්වලින් ඔබ පන්නරය ලද බවයි මට හිතෙන්නෙ අපූර්වි.. .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුති තරමක් දිගු ලිපියක් කියවන්න ඔබේ කාළය වැය කලාට ... මගේ ළමාකාලය ගැන මටම පුදුමයි සමාහර දේ මතක් වෙද්දී.. මං නොදන්නා යම් මාතුල තිබුණාවූ බලවේගයක් නිතර මා තුල තිබ්බා ඒ දේවල් අවබෝධ කරගන්න .

      Delete
    2. ඒ බලවේගෙට තමයි මම කියන්නෙ 'බුද්ධිය' කියලා

      Delete
  29. මුහුණු පොතේ දොඩමලු වෙන කාලේ මම දැනන් හිටියෙ නෑ ඔයා මේ තරම් ජීවිත අත්දැකීම් තියන කෙනෙක් කියල. ඔයාගේ බ්ලොග් එකේ ලිපි කියවද්දී ඇත්තටම පුදුම හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මට මතක නැහැ සුසිල් ඔයාව ,, ස්තුති ආවට මේ පැත්තේ

      Delete
    2. මතක තියන්නේ කොහොමද ඔයා කියන්නෙවත් නැතුව ඔයාගේ fb ගිණුම අකර්මන්‍ය කරලනේ. මම හිතනවා ඔයාට israel වල සුසිල් කියලා fb යාලුවෙක් හිටියෙ මම විතරයි කියල. දැන් මතකද.

      Delete
    3. https://www.facebook.com/hackertyp මේ fb එකට රික්වෙස්ට් එකක් දාන්න ,, අනේ ඒ fb එක බ්ලොක් උනා ,, නැත්තම සිංහලෙන් " කු වේ ණි " කයලා සර්ච් කරන්නන

      Delete
  30. මගේ ආචාරය නගෝ...මේ ව‍ගේ නිහතමානීව තමන්ගෙ ඇත්ත ජීවිතය ගැන කථා කරන අය බොහොම අඩුයි...නිහතමානී කම තමයි පුද්ගලයෙකු සතු විය යුතු හොදම ආභරණය...ඔබට ජයම වෙන්නට පතමි...රළු පරළු දේ තුලින් තමයි අපේ ජීවිත අනාගතයට පන්නරය ලබන්නෙ....ජීවිතය යනු හොද නරක සහ දුක සතුට දෙකෙහිම එකතුවක්..

    ReplyDelete
  31. oya pau akke.ath monawa karannada hamotama jiwithe lassana kathawak kiyanna wenne na.ath mama hithanawa oyage dan jiwithe godak lassana ekak.pahu giya atheethaya gana duk wenna epa.mama oyata suba pathanawa idri jiwithe sarthaka kara ganna oyata shakthiya labenna kiyala.

    ReplyDelete
  32. අර්ජුන් මම කැමතිම ...!

    අපුර්වී...

    මම හිතන්නේ ..

    මේ ලෝකේ ලොකුම බැදීම තමයි.තාත්තෙකුගෙයි දුවෙකුගෙයි.

    ඔයාට මේ කථාව කියන්න පුළුවන්..ඒත්...

    ReplyDelete
  33. මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා මල්මි @ මට තේරෙන්නේ නැහැ ඔයා අදහස් කල දේ,,අනේ තරහ නැතුව කියන්න

    ReplyDelete
  34. අම්මල පිටරට ගියාම දරුවෝ , සැමියාව දාලා , අන්තිමට ඒ මිනිස්සු වද විඳිනවා. නමුත් ලංකාවේ ආර්ථිකේ හැටියට නොගිහිනුත් බැහැ සමහර අයට. හරිම ඛේදජනකයි. මෙහෙම වෙච්ච පවුල් කීපයක් මම දන්නවා ළමුන් හුඟක් අනාථ වෙච්ච. ඒ නිසා ඔබ දැන් හොඳින් ඉන්න එක ගැන හුඟක් සතුටුයි.

    ReplyDelete
  35. අම්මල පිටරට ගියාම දරුවෝ , සැමියාව දාලා , අන්තිමට ඒ මිනිස්සු වද විඳිනවා. නමුත් ලංකාවේ ආර්ථිකේ හැටියට නොගිහිනුත් බැහැ සමහර අයට. හරිම ඛේදජනකයි. මෙහෙම වෙච්ච පවුල් කීපයක් මම දන්නවා ළමුන් හුඟක් අනාථ වෙච්ච. ඒ නිසා ඔබ දැන් හොඳින් ඉන්න එක ගැන හුඟක් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ හේතුවක් නිසා මට එහෙම දෙයක් වුණේ නැහැ අයියේ,,තාත්තා මාව ගොඩක් පරිස්සම් කරපු නිසා වෙන්න ඕනේ,, ස්තුති ඔයාට,, ඒ වගේම වෙබ් අඩවියේ ලිපිය පළකිරීම ගැනත් ස්තුති

      Delete
  36. //කිසිම බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයව තනිකරලා පිටරට යන්න එපා. කසාද බදින්න කලින් තමන්ගේ ජිවිතේ තනියම ගන්න තීරණ අරන් ඉවර කරන්න ..රට යන්න ඕනේනම් යන්න,,//

    ඔමා, එකම වැරැද්ද දෙපාරක් වෙන්න දෙන්න එපා දරුවො

    ReplyDelete
    Replies
    1. මට මේල් එකක් එවන්න අයියේ

      Delete
  37. හැමදේම මුදලට යටවෙන කාලයක් අපූර්වි. ඇස් ඉදිරිපිට වුන දෙයක් වගේ දැනෙන්න ඔයා ලියල තියෙනවා. මේකෙදි කවුරුවත් වැරදියි කියන්න බෑ, හරියි කියන්නත් බෑ. ඔයා ජීවිතෙන් ඉගෙන ගෙන කෙටියෙන් කියල තිබ්බ ඔවදන් ටික නම් කියන්න බැරි තරම් වටිනවා. මේ ලිපියත් එක්ක මට මතක් වුනේ මගෙ පෝස්ට් එකක් කියෙව්ව තාත්ත කෙනෙක් කොමෙන්ටුවක් විදිහට ලියල තිබ්බ එයාගෙ අත්දැකීමක්. මෙන්න මෙහෙමයි එයා කියල තිබ්බෙ.-

    "මේ ලිපිය කියවගෙන යනවිට මට නොදැනීම මගේ අතීතයට ගියා .නියම ආදරය නිසා මේ ලොව මිනිසුන්ට කරන්නට නොහැකි දෙයක් නැති බව මට පසක් උනේ මට මා කල දේ ,මතක් උනු නිසයි ,මීට 10 වසරකට පෙර මම යුරෝපයට සංක්‍රමණය උනේ

    මගේ ජීවිතය පරදුවට තියල ,අවරුදු 35 විතර තරුණ වියේ හිටපු මම ,මගේ බිරිඳ ,සුරතල් වයසේ හිටපු මගේ දියණියන් දෙදෙනා තනි කරල මේ ගමන ආවේ ඔවුන්ගේ ජීවිතය සැපවත් කිරීමේ ,පුදුම චිත්ත දහිර්යයකින් එක මටම අදටවත් හිත ගන්න අමාරු තරම් ,එදා මෙදා තුර මගේ අරමුණ වෙනුවෙන් මා කල කී දෑ පුදුම සහගතයි ,මා ඔවුන් වෙනුවෙන් බලාපොරොත්තු වූ හැමදෙයක්ම කලා ,ඔවුන් හොඳ පාසලක හොඳ අද්යපනයකට මග දුන්නා ,හොඳ නිවසක් යාන වාහන හැමදෙයක්ම ,ඔවුන්ව යුරෝපයට ගෙන්වා ලෝකය පෙන්නුවා මම දන්නවා ඔවුන් මට ආදරෙයි ,එත් මට දැන් හිතෙනවා මේ ගත කරපු කාලය වඩාත් දුකසේ උනත් ඔවුන් සමගම ගත කලානම් මීට වඩා ගොඩක් හොඳයි කියල ,ඒකට හේතුව ම මොන තරම් දේ දුන්නත් මට හිතෙනවා ඔවුන්ට මගේ ආදරය දැනෙන්නේ නෑ කියල"

    තමන්ගෙ බිරිඳ දරුවන් වෙනුවෙන් දුරුකතරකට ගිහින් මුදල් සැප සම්පත් එයාලට ලබල දුන්නත් වටිනාම දෙයක් මග ඇරිලා නේද?

    ReplyDelete
  38. මට ඔමා අක්ක ගැන ගොඩක් ආඩම්බරයි, මොකද දන්නවද ඔයාගෙ ජීවිතේ දුෂ්කරම අවදියක් ගෙවපු හැටි බොහොම විවෘතව හංගන්නෙ නැතුව අනිත් අයටත් දැන ගන්න ලියලා තියෙන නිසා. ඔයාගෙ තාත්තා ගැන ගොඩක් කනගාටුයි. එහෙම හිතෙන්නෙ ඔයා සංවේදීව ලියල තියෙන නිසා.
    අම්මත් පවුලේ දියුණුව ගැන හිතල රට ගිහිං ගොඩක් දුක් විඳින්න ඇති. ඒත් පවුලේ මිනිස්සුන්ගෙ කතා අහන්නෙ නැතුව තාත්තා එක්ක හොඳින් හිටියනම්, ඇහුන්කන් දුන්නනම් සමහරවිට අදටත් ඔයාගෙ තාත්තා ඔයාල එක්කම ඉඳීවි කියලත් හිතෙනව. අපි මොන දේවල් කීවත් දැන් වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි නෙ.

    අන්තිමේට කියන්න තියෙන්නෙ ඔයා වගේ විවෘත අදහස් තියෙන සහ කියන කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි කියල තමා :). හැම බලාපොරොත්තුවක්ම හිතන විදිහටම ඉෂ්ට වෙන්න ඕනෙ.
    ජය වේවා!!!

    ReplyDelete
  39. mage jeewitha kathawath oyage kathawata godak samanai. mageth e kathawa ape ammage thattage langama nayan hithawathun mage pasal yaluwo keepa denekuth hara wena kawruwath danne na.mama katawath kiyalath ne.
    oyata eka open heart ma liyanna thibunu haiya pirimiyek welath mata nathi eke gena mama kanagatu wenawa.
    a prashna ehema nowuna nam mama ada meeta wada sahenna honda thanaka inna thibuna neda kiyala mathak wenawa welawakata.
    oya aduma gane ammai thattai wen wenna hethuwawath dannawa. eth mama adatath e hethuwa danne ne.
    post eke kiyewwe ada nelum yaya haraha.
    bohoma pin mage hithath sahallu una me tika kiyala.
    obata budu saranai !
    puluwannam reply ekak danna. hasitha prasad867@gmail.com

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...