Saturday, August 31, 2013

සත්තමයි 26


ඔයාගේ ආදරේ සුළගක් වගේ ,,
මට පේන්නේ නැහැ ,,
ඒත් දැනෙනවා ,,,
සිහිල් පවනක් වගේ දැනෙන ආදරේ ,,
ටොර්නඩෝවක් වගේ මුළු ජීවිතේම ,,
කරකෝලා කුඩුපට්ටම් කරලා ,,
සුන්බුන් ගොඩක් ඉතුරු කරලා යාවිද ,,
මද පවන උනත් සුළි සුළග උනත් ,,
සුළගක උරුමය හමායාමම බව පසක් වූ පසු ,,
නුබේ අගනා ආදරේ සුළගට සමකරන්නේ කොහොමද මන් ,,
ඒ ආදරේ මගේ ජිවිතයමයි,,
සුළගක් වගේ ගතට දැනෙන පහසක් නෙමේ 
නුබේ ආදරේ ..ආත්මයම සනසාලන ඒ හැගුම 
මෙයයැයි සමකරන්නේ ,,
කුමටද ,,
නොදනිමි වචනයක් ,,
සත්තමයි

Saturday, August 24, 2013

අම්මා 25

වෙහෙසුණා ලියන්නට
ඇය නමින් කවි පෙළක් ,,
මුළු රැයම තනි වුණා අතීතේ මා සමග 
අම්මා ,,,
නිමක් නැති පෙමක් ගැන 
ලියන්නට ,,ඇරඹුමක් සොයාගිය 
ඒ ගමන තෙත් කළා 
මුළු හිතම ,,
මා නමින් නුබ කැපකලාවූ
ඒ සොදුරු ජීවිතය ,,
කුස පිරෙනකල් ,,මදිවෙන වාරයක් ..ගානේ 
පෙවුව ඒ රන් කිරිවල 
ආදරණිය ණයකාරකම ,,,
සසර පුරා මා නුබ කරා බැදතබයි
පස්මහ බැලුම් නොබැලු මා 
බොහෝ පිං පුරන්නට ඇත,,,
නුබේ කුස ලබන්නට ,,,
අම්මා තවමත් නොදන්නවා ඇති 
මා ඇයට ආදරේ තරම් ,,


(යාලුවනේ ටික දවසකට මන් නැතිවෙයි මේ පාළු ගෙයි මන් ඉන්න අන්තිම දවස අද ,,ලියන්න කතා ගොඩක් තියනවා ,, හෙටින් පස්සේ යන රටේ තව ලියන්න කතා ගොඩක් හම්බවේවි ,,සමහර විට තව සතියක් ,,දවස් කීපයක් යාවී ,,, මන් ලියපු දේවල් කියවමින් මාව දිරිමත් කරමින් මේ දක්වා මාත් එක්ක හිටපු මගේ යාළුවො ඔක්කොටම ස්තුති ,, සතුටින් ඉන්න බායි )

Thursday, August 22, 2013

ඒකාධිපතියෙක් වූ සිත්තරා (ඇඩොල්ෆ් හිට්ලර්) 24


                                  








   "සිල්වා ,,,සිල්වා ඉක්මනට ජනෙල් වහන්න ,,, ඇහෙනවද සද්දේ ,,කවුරු තට්ටු කලත් දොර අරින්න එපා"

"හරි හරි මේ වහනෝ ,,,වහනෝ ,,දැන් නම් ලග ලගම ඇහෙනවා සද්දේ " මාත් ත්‍රාසජනක චිත්‍රපටියක් බලද්දී වගේ මුණෙන් ඇක්සන් එක දෙනවා..

                      ඔයා කල්පනා කරන්න එපා මන් කියන්නම් අගමුල , මේකට වගකියන්න ඕනේ හිට්ලර්,,
                                  හිට්ලර් බලයට පත්වෙච්ච කාලේ ජර්මනියේ ගෙවල් වලට මහ රෑ නට්සි රහස් පොලීසියෙන් කඩාපනිනවලු,,ඒකාලේ  සීයා අවුරුදු 14 ක වගේ  ළමයෙක්, (මගේ ගණන් හැදීමට අනුව ,එයාට මතක නැහැ,) ඒ කාලේ මුළු ජර්මනියම සිර කදවුරක් වගේලු..එයා පුංචි කාලේ ලබපු අමිහිරි අත්දැකීම පසු කාළෙක අමතක කරලා ජිවත් වුනත්,දැන් එයාගේ ජිවිතේ අන්තිම කාලේදී ඒ අතීත මතකයන් වර්තමානෙට කාන්දු වෙනවා,එයා සමහර වෙලාවට ජිවත් වෙන්නේ 1940 වගේ මටත් පට්ට ආතල් (ඩිමෙන්සියාව නම් රෝගී තත්වය ),, තනිවම කල්පනා කරන්න නොදී නිතරම වෙන දේකට අවදානය යොමුකරවන එක තමයි මන් නිතර කරන්නේ,, එයා දැන් දවසෙන් වැඩි හරියක් ටීවී බලනවා, රෙස්ලින් ,බැලේටර්,කික් බොක්සින්, ම්ම්ම්ම් ,,,නැහැ ඒවා ගැන කතාව වෙන දවසක ,,අද කියන්නේ සීයා මට පිස්සු කියලා කියපු කතාව 

                                            එයා මගෙන් අහනවා ඉස්සර නිතරම වගේ..." වෙඩි සද්දේ ඇහුණා නේද" ? "ජනෙල් වහලද??"  , ආයේ කියනවා "එලියට යන්න එපා!! ,දොර අරින්න එපා!! මන් ඉතින් එයා ගැන දන්න නිසා එයා රෝගියෙක් හින්දා මාත් රගපානවා ,,ඒකෙන් එයා ගොඩක් සතුටු වුණා..

                                      ඒ වගේම මන් කියලා තිබ්බා මන් ලංකාවේදී හමුදාවේ වැඩ කළා ඒ හින්දා කිසි දේකට බයවෙන්න එපා,," සෙරප්පු සද්දෙන් මන් කියන්නම් කවුද එන්නේ" ,"නට්සි කාරයෝ කොහෙද මන් එක්ක හැප්පෙන්නේ " හෙන පත බොරු ,, සීයට මාර  ෆිට් ,,
                              ඒත් එයාගේ යාළුවො කෝල් කරලා එයාගේ ඔලුව අවුල් කරනවා.එයාලා  සීයට කියනවා ,,"දැන් යුද්දේ ඉවරයි හිට්ලර් මැරිලා කොච්චර කල්ද" කියලා..එහෙම කෝල් එකක් ආවට පස්සේ මන් එක්ක කතා කරන්නෙත් නැහැ දවසෙම..මටත් දුකයි..මන් කොහොමහරි බොරු කියලා කියලා හිට්ලර්ව මවලා දෙනවා..
                 
                            ඊයේ අපි ගියා සීයාගේ දුවගේ ගෙදර අපි දෙන්නා සෝෆා එකේ ඉදගෙන ඔහේ ඉන්නවා,, එයාට පාළු ඇති කියලා හිතලා මන් බොරුවට ඇහුවා "මේ පැත්තේ නාසී කාරයෝ නැද්ද,,වෙඩි සද්ද එහෙම ඇහුනේ නෑ තාම" කියලා.එතකොටම දුවත් ආවා අපි ලගට
 ඊට පස්සේ මන් දිහා බලලා කැත නක්කල් හිනාවක් දාපු සීයා මට කියනවා 
                         "සිල්වා ඔයාට මොලේ හොද නැද්ද? දැන් කොහෙද යුද්ද??? " ඊළග පාර බෙහෙත් ගේද්දී දෙන්නටම ගේන්න මන් සල්ලි දෙන්නම්" කියලා ,, පොලව පලාගෙන තට්ටු හතක් යට වළක් කපන් වැලලුනා නම් ඊට වඩා හොදයි,,සැක් දුවටත් ඇහුණා. මොනා කරන්නද මන් අඩන්න බැරිකමට හිනාවෙලා කරබාගත්තා..
                           ගෙදර එනකල් පුදුම කේන්තියකින් හිටියේ ඒත් මුණෙන් හරිම ප්‍රසන්න හිනාවක් මවාගෙන..ගෙදර ආවට පස්සේ සීයට මතක නැහැ වෙච්චදේ,සමහරවිට එයත් අමතක බව මට පෙන්නනවා ඇති මොනා කරන්නද,, ඊට පස්සේ ඒ අපහසුතාව මගහරවගන්න ඕනේ කියලා හිතිලා හිට්ලර් ගැන තිබුණ ලිපි ,විකිපීඩියාවේ ලිපි ,බ්ලොග් වල ලිපි කියෙවුවා රෑ 3 වෙනකල්..මගේ සමාදානේ කාපු යකා හිට්ලර්,, කියෝලා ඔළුවට එයා ගැන ගත්ත දේවල් ඔයාලා කාටහරි වැදගත් වෙයි කියලා හිතුනා,, ඒ මතකය මන් දැන් ලියන්නම් නම් ,ගම්,වර්ෂ වලට වඩා සිදුවීම් වලට මුල් තැනක් ලැබේවී,, අඩු පාඩු තිබේවි,,නමුත් කියවපු දෙයක් දිහා බලාගෙන කොපි රයිට් කරන එක නැවැත්තුවේ 4 වසරේදී ඒ නිසා මේ ලියන්නේ මගේ මතකය විතරයි ....


                      ඔයා කැමතිද මගේ හිතේ හිට්ලර් වෙනුවෙන් තියන අදහස කියවන්න ??හ්ම්ම් ,,, එහෙමනම් මන් ලියනවා ඔන්න ඈ ,,,


                                      

                              ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතඑන ලෝකයේ උතුම්ම මානව වර්ගය බව ප්‍රකාශ කරපු  හිට්ලර්  ජර්මන් ජාතිකයෙක් නෙමයි. 1889 අප්‍රියල් 20 වෙනිදා ඔස්ට්‍රියාවයි ජර්මනියයි අතර තිබ්බ බ්‍රොනාව කියන කුඩා ගම්මානෙක ඔහු ඉපදුණේ.ඔහුගේ පියා ඔස්ට්‍රියානු ජාතික රේගු නිලධාරියෙක්,අසාර්ථක විවාහ දෙකකට පසු තුන් වන විවාහය ලෙස තමයි හිට්ලර්ගේ අම්මව කසාද බැන්දේ. (මුල්කසාද දෙකේම බිරියන් රෝගීව මිය ගියා) හිට්ලර්ට සහෝදර සහෝදරියන්  හතර දෙනෙක්  හිටියා. ඒ අතරිනුත් තිදෙනෙක් මිය ගියා , 
                       
                         ඔහුගේ පියා මවට වඩා අවුරුදු විසිගානක් වැඩිමල් කෙනෙක් , දැඩිව මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්..පියා ඉතාම කුරිරු විදියට තමයි හිට්ලර්ට සහ නැගණියට සැළකුවේ.නිතර පහර දුන්නා, කිසිම හේතුවක් නැතුව ඔහු දරුවන්ට පහර දුන්නා,,මේ තුලින් තම පියා ගැනත් සමාජය ගැනත් තද වයිරයක් හිට්ලර් තුල පැළපදියම් නොවුනානම් තමයි පුදුම

                     මවගේ සියළු දුක් ගැනවිලිත්,පියාගේ කුරිරු අනසකත් තුල ඇඩොල්ෆ් ගේ ළමාවිය ඉතාම අසුන්දර විදියට තමයි ගෙවුනේ,, ඔහු අනෙක් දරුවන්ට වඩා වෙනස් කනස්සලෙන් සහ කලකිරීමෙන් තමයි නිතර හිටියේ .මව ඇයගේ වේදනාවන් ඇඩොල්ෆ් සමග බෙදාගත් අතර ඇය ඔහුට අසීමිතව ආදරය කළා. 
                            ඇඩෝල්ෆ්ට වයස 14 ක් වගේ වෙද්දී පියා පෙනහළු රෝගයකින් මිය යනවා ....මේ පිඩනය වයිරය වෙන්න ඇති ඔහු අවසානේ මෙතරම් දුෂ්ඨ ඒකාධිපතියෙක් කරන්න ඔහුව මෙහෙයවන්න ඇත්තේ සමහවිට .
                               ඉන්පසු මවගේ කැමැත්ත වුණේ තමන්ගේ දරුවා පුජකයෙක් කරන්නයි.ඒ මන්ද යත් ඇය දැඩි ආගමික භක්තියක් තිබු කාන්තාවක් වූ නිසයි.නමුත් පාසලේ හොරෙන් සිගරැට් බී( දුම්බීම ඈ )  හසු වීමෙන් ඒ ගමන අඩාල විය.
                           ඉන්පසු මවගේ අභාවයත් සමග ජිවත් වීමට ක්‍රමයක් නොවූ හිට්ලර් එදිනෙදා  කවුරුන් හෝ පිනට දෙන යමකින් යන්තම් ජිවත්වූ අතර ..චිත්‍ර ඇදීමේ සහජ දක්ෂතාවක් තිබු ඔහු චිත්‍ර විකුණා යම් මුදලක් උපයා ගැනීමෙන්ද ඉදහිට කල සුළු රැකියාවකින්ද යන්තම් දිවිගැට ගසා ගත්තෙකි.
"ඔයා දැකලා තියනවද එයා ඇදපුවා"?? 

 








                        ඔන්න එයා ඇදපු වලින් මට හම්බවෙච්චා.,, හ්ම්ම් ඊට පස්සේ අවුරුදු විසි පහේදී වගේ ඔස්ට්‍රියා රජය හමුදාවට සොල්දාදුවන් බදවාගැනීමේ සුදුසුකම් බලන පරීක්ෂණයකට ඉදිරිපත්වෙච්ච අපේ කතා නායකයා ඒකෙන් අසමත් වෙනවා,,හි හි හි ,,"අවිදරන්ඩ තරම් සුදුසු මට්ටමක ඔහු නොසිටීම එයට හේතු වුණා"ඒත් අන්තිමේ බලෙන් වගේ බැවේරියානු පාබල හමුදාවට ඔහු එකතු වෙනවා,,,සටන් හතලිස් ගානකට  සම්බන්ද වෙච්චි හිට්ලර් "යකඩ කුරුසය කියන සාමාන්‍ය සෙබලෙක්ට ලබන්න පුළුවන් දුර්ලභම සම්මානයෙනුත් පිදුම් ලැබුවා ,නමුත් කවදාවත් ලාන්ස් කෝප්‍රල් තනතුරෙන් උඩට නම් එන්න බැරි වුණා..
                                       ඉන්පසු දේශපාලන පක්ෂ වල ඔත්තු බලන්නෙකු ලෙස තමයි ඔහු රාජකාරි කලේ  මේ අතර ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට ඔහුට අණ ලැබුණා .මේ පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් තිබුනේ නැහැ . (එය රජයට එරෙහි වූවක් පමණක් විය අපේ රටේ නම් එහෙම එවුවා නැහැ නේ ,,) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය. එහෙත් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් හිට්ලර්ගේ හිතට වැදුනා . ඒ ඒවා ඔහුගේ අදහස් හා සමාන වෙච්චි හින්දා.
                                  ඒ මන් හිතන්නේ 1920 වගේ,,එතන ඉදලා 1933 හිට්ලර් ජර්මනියේ බලයට එන දවස වෙනකල් ගොඩක් දේවල් සිද්ධ වුණා.ඔහුට ජර්මනියේ පුරවැසි භාවය පවා ලබාගන්න වුනේ ජරාවක් දීලා..ඔයා දන්නවද හිට්ලර් හරිම දක්ෂ කථිකයෙක් ,ඔහු කතාව තුලින් මිනිස්සු ඇල්ලුවා ,වරක් රාජද්‍රෝහී ක්‍රියාවකට සිරබාරයක්ට ගත්ත වෙලාවේ ඔහු ඒකට මුණ දුන්න විදිය මිනිස්සුන්ගේ හදවත්වල හිට්ලර් නමින් වීරයෙක් බිහි කෙරුවා,,අවසානේ වසර පහක සිරදඩුවමක් නියම වුණා.නමුත් ඔහු මාසකීපයකින් එයින් නිදහස් වුණා,, ඒ වගේම ඔහු සිරගතවෙලා ඉන්න කාලේදී පොතක් ලියුවා (ලියුව කියන්නේ හිට්ලර් කටින් කියද්දී වෙන කෙනෙක් ලියුවේ කෙනාගේ නම මතක නැහැ)ඒ පොත ලෝකේ භාෂාවල් එකොළහකට පරිවර්ථනය කළා .. ඒකෙ නම "මගේ සටන"අන්තිමට පොතේ කතෘ භාගයට හම්බවෙච්ච සල්ලි වලින් හිට්ලර් පෝසත් වුණා .,,
                                          කොහොම කොහොම හරි 1933 වෙද්දී ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත්ත  හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීමට පටන් ගන්නවා.ඒ කාලේ මුළු ජර්මනියම ලොකු හිරගෙයක් වගේ ,,"අන්න ඒ කාලෙට තමයි මගේ පේසන්ට් මාව එක්කන් යන්නේ" හරිද ..එතන ඉදල 1945 වෙනකල් මුළු ලෝකෙටම හිට්ලර් කරපු හරිය ඔයාලා දන්නවනේ ඉතින් ...කොහොමහරි ටික ටික හිට්ලර්ගේ බලය අඩුවේගෙන යන්න පටන් ගත්තා..අන්තිමට 45 අවුරුද්දේ අප්‍රියල් විසිනව වෙනිදා. තමන්ගේ අනියම් පෙම්වතිය වෙලා හිටපු ඊවා බ්‍රොන්ව කසාද බදිනවා..ඒ වගේම තමන්ගේ අන්තිම කැමති පත්තරෙත් ලියනවා,, ඊට පහුවදා තමන්ගේ කාමරේම වෙඩි තියාගෙන මැරෙනවා,,ඒ වගේම ඔහුගේ බිරිදත් එදාම වහබීලා මැරෙනවා..

හිට්ලර්ගේ උපදෙස් අනුව තමයි අන්තිම කටයුතු සිද්ද කලෙත් ..මිනීදෙකම "චාන්සලරි උයනේ සත්තුන්ගේ කෑම වලකට දාලා ගිනිතිබ්බලු " (මන් හිතන්නේ චාන්සලරි කියන්නේ ඔහු ජර්මනියේ චාන්සල් වරයා වෙලා හිටපු ගෙදර උයන වෙන්න ඇති අපේ අරලිය ගහ මන්දිරේ වගේ )

                             ඕක තමයි කතාව ..මට හිතන්න දේවල් සහ නිගමන කීපෙකට එන්න ලැබුණා මෙයා ගැන කියෝලා ,,ඔයාටත් සමහරවිට පුළුවන් වෙයි.. 
                        හිට්ලර් මොන තරම් අපරාදකාරයෙක් වුණත් මට එයා ගැන දුක හිතුණා..සමාජ වටපිටාව ,දේශපාලනය ,ආදරය ,සෙනහස මේ දේවල් කොච්චර එකිනෙකට සම්බන්ධද කියලා හිතුණා..
                                    සිත්තරෙක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක් ,,,,,,,ම්ම්ම් නැහැ නැහැ දැන් ඇති ,,ඔයා තීරණේ කරන්න ඔයාට හිතෙන දේවල් ,,,
 එකක් ලියන්නම් අන්තිමට ,,ඔයාගේ දරුවන්ට ගොඩක් ආදරේ දෙන්න,,ඒ හදවත් වලට අපේ ජිවන බර ,පිඩනය පෙන්නන්න එපා.!!


 කියෙවුවට ආ කන්න පොපී ,,,

Thursday, August 15, 2013

සමර් එකේ අඩනිරුවත 18

              සමර් එකේ මුණම වැහෙන්න සන්ග්ලාස් නොදා පාර්ක් යෑමේ ආදීනව ඊයේ හවස බඩපුරා අත්වින්දා ,, සැක් !! අපරාදේ මොනා කරන්නද උඩ බැලුවා ගස්කොළන් දිහා බැලුවා ,, 
                         හැමගහක් දිහාම ගොඩක් උවමනාවෙන් බලන් හිටියේ ඔබ ඔබා ඉන්න මොබයිල් මෙවුව එකවත් (s 4 ඈ ) ගෙනියන්න බැරිවෙච්ච හින්දා.සීයා යන් කියනකල් මන් ගොළුව වගේ හිටියට මගේ මොළේ නම්  හෙනට වැඩ කළා ..බිත්තර තැම්බුව කතාව වගේ ලියන්න ඕනේ කියලා හිතුණා.
                                          මේ ලෝකේ ජිවය ඇතිවීම ගැන ගොඩාක් විද්වතුන්ගේ උපකල්පන , වාද තියෙනවා..ඔවුන් කාලයක් තිස්සේ නිරීක්ෂණ කරලා ,,,ඒවා තහවුරු කරන පරීක්ෂණ කරලා නිගමන වලට ඇවිත් ..කල්පිත ගොඩනැගුවා.. ගහකොළ සතා සිවුපාව බිහි වුනේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව පරිණාමනය වෙමින්  කියලා හැමෝම කියනවා .මන් අද සත්තු ගැන නෙමේ ගස් ,වැල්,මල් ,කොළ ,අතු ,රිකිලි ,කටු ,ගෙඩි,ගැන විතරයි ලියන්නේ ..
(ඇල්ෆා රුපය )

                              1858  අවුරුද්ද වෙනකල් මිනිස්සු විශ්වාස කලේ මැවුම් වාදය..ඒත් එදා චාල්ස් ඩාවින් ස්වභාවික වරණය ගැන පරිණාමය ගැන තමන්ගේ අදහස ඇල්ෆඩ් රසල් කියන ස්වභාවික විද්යාඥයා  එක්ක එකතුවෙලා ඒකාබද්ද ප්‍රකාශයක් ලෙස එලි දැක්වුවාට පස්සේ මිනිස්සු ඒ ගැන හිතන්න ගත්තා 1959 දී චාල්ස් ඩාවින් ඒ සම්බන්ද තමන්ගේ මුල්ම කෘතිය එළිදැක්වූවා ..ඒ වගේම පිටපත් 1200 ම එදිනම විකිණී තිබුණා...දැන් ඒ ගැන ඇති ඈ ,, ඩාවින් පැත්තකින් තියලා මගේ අදහස ලියන්න ඕනේ.



 අඹගහේ කොළ වගේම කොළ තියන කිසිම ගහක් මන් තාම දැකලා නැහැ,අඹ කොලවල සුවද ඔයා දන්නවද ඇස් පියාගෙන උනත් නහයට ලන්කලාම කිවුවහැකි නේ ,,,කැන්ද කොළ ,, රොටි පුච්චන්න කඩන්නේ ,,ඒකෙත් අමුතු සුවදක් නේද ,, පොල්ගහේ කොළ දිගට දිගට ,,,ඒ මදිවට ඉරට්ටක් කියලා එකකුත් ,,,ගස්ලබු කොළ කොහොමද හෆෝ  ,,,කහබිලියා කොළ පට්ට නේද ඇගේ ගෑවුනාම..,, ගොරක ගස්වල හැටි දැක්කම බයයි කළු පාටට ,,,කජු ගස්වල කොළ කොහොමද ..එකෙත් පට්ට සුවදක් තියෙන්නේ ...කොහොබ කොළ කොහොමද ,,, එරඩු ගස්වල කොල ,තල් ගස්වල ,බෝ ගස්වල කොල ,අරලියා ගස්වල කොළ ,, ඔයාට මතකද ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එද්දී අරලිය කොළවල දිලිසෙන පැත්තේ අරලිය කිරිවලින් අපේ නම ලියලා ඒක උඩට වැලි දානවා පාරෙන් අරන් ,, නියමයි නේද ?,,ඊට පස්සේ ඒවා කම්බි වැටවල් දිගේ එල්ලනවා.....

ගස් වර්ග කීපයක් හැරුනම හැම ගහකම කොල එහෙමත් නැත්නම් පත්‍ර කොළ පාටයි.ඒත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් සයිස් එක ,හැඩය ,ගනකම ,නාරටි බෙදෙන විදිය ,ඒ වගේම  ඒවල කද බෙදෙන විදිය,මහත් වෙන විදිය ,උස යන විදිය ,අතු විහිදෙන විදිය එකිනෙකට වෙනස්.   


අපි විද්‍යාවට ඉගෙනගෙන තියනවා ශාක තමන් තමන්ගේ ජිවය අඛණ්ඩව පවත්වාගෙන යන පිණිස ඒ පරිසරයට අනුව හැඩගැහෙනවා ,අනුවර්තනය වෙනවා කියලා,, ගගවල් ,කලපු අයිනේ තියන ශාක වලට කරු මුල් ,කයිරු මුල් තියෙනවා,, මහා කාන්තාර වල තියන ගස් ,පතොක් වගේ ඒවා තමන්ගේ ජල සංචිත රැකගන්න..නොනැසී පවතින්න අනුවර්තනයන් වෙලා තියෙනවා  කියලා ,,කේතුධර ශාක ,සවානා ,,වැසිවනාන්තර ,ලදු කැලෑ ඔය තැන්වල හැදෙන ගස් ඒ ඒ පරිසරයට අනුව හැඩ ගැහිළලු 

අනේ මන්ද ඒත් මට නම් මේ මන් ඉන්න තැන එකම පරිසර සාධක මැද්දේ ලස්සනට වැවෙන ගස්ටිකේ කොළ වල ,මල්වල ,අතුවල තියන වෙනස්කම් ටික හෙන පුදුමයක්,,හිතාගන්නත් බැහැ ඉස්සර පොඩිකාලේ කොස්කොලවල යට පැත්තේ උඩ සිවිය පරිස්සමට අයින් කරලා අත්කාචේ අරන් ඇස දෙක රිදෙනකල් බලනවා ,,ඒකෙ දිලිසෙන කොලපාට හරිත ලව දිහා ,,දැලක් වගේ බෙදිලා තියන ඒකෙ අපූරු සැලැස්ම දිහා ,,ඔයත් බලන්න ඇති..මේ ගස් ඔක්කොගෙම කොළ එක වගේ තිබ්බනම් කිසිම වැඩක් තියෙයිද,,
                  මේ ලෝකේ කෝටි ගානක් ශාක විශේෂ ,වැල් විශේෂ තියෙනවා ,,ඒත් ඒවලින් කිසිම දෙකක් එක වගේ නැහැ,, මොන විදියකින් හරි වෙනස් ,, 
 පොලුයි තැබිලියි ගස්දෙකම එකවගේ ඒත් ගෙඩි වල ,ඉරටුවල පාට වෙනස් ,රසය වෙනස් ..ගම්මිරිස් කොලෙයි බුලත් කොලෙයි එකවගේ ඒත් සුවද වෙනස් ,,


හරි පුදුමයි නේද ?මට නම් හරි පුදුමයි මෙවුවා මෙහෙම උනේ කොහොමද කියලා.ඒ වෙනස්කම් නොතිබුණානම් ..උඩම තියෙන ෆොටෝ එකේ (ඇල්ෆා රුපය ) මොන වගේ පෙනුමක් තියෙයිද නේ ? 
                        එකිනෙක  ගස්වල හැදෙන මල් ඒ වගේම වෙනස් ,,පාටින් ,සුවදින් ,සයිස් එකෙන් ,පෙති ගණනින් ,පිපෙන කාල වකවාණුව,පිපිලා තිබෙන කාලය ,පිපෙන වෙලාව අනුව වෙනස් වෙනවා ,වෙසක් මල් කියන මල් ජාතිය පිපෙන්නේ හරියටම වෙසක් දවසේ රෑට විතරයි,, හැම අවුරුද්දෙම වෙසක් එන්නේ එක දවසේ නෙමේ,,
 මට මෙවුවා හෙන ප්‍රශ්න.                          
පලතුරු වර්ග බැලුවම ඒවත් කොච්චර වෙනස්ද නේ ? චුටි මිදි ගෙඩිත් එන්නේ වැලක (වැල කිවුවේ අරවා නෙමේ ඈ )පත සයිස් වට්ටක්කා ,කොමඩු එන්නෙත් වැලක ,,ලස්සන පාටින් පාටට ගෙඩි හැදෙන ජම්බු(රතු)ගස්ලබු (කහ) ඇපල්(කොළ/කහ /රතු ) දොඩම් (තැබිලි)කොමඩු (නිල්කොල පාටක්)මේ හැම ගහම එකම පොළවේ හිටවල එකම විදියට සාත්තු කලත් වෙනස් වෙන්නේ නැහැ ,,
ඒවගේ පොත්ත හැදෙන හැටි පරිණාමය විසින් සැලසුම් කලාද ඈ ?? 


  අපි ප්‍රවේණි විද්‍යාවේදී ඉගෙනගන්නවා ඌනන විභාජනය සහ අනුනනය කියලා ෛසල විභාජනය වෙන ක්‍රම දෙකක්,,මෙහිදී සයිල වල නයෂ්ටියේ තියෙන වර්ණදේහ බෙදීමක් සිද්ද වෙනවා ඒකටම උගන්වනවා DNA කියන න්‍යෂ්ටික අම්ලය ගැන මේවා ද්විත්ව හෙලික්ශීය දගර ගැහුණු දාම විදියට තියෙන්නේ; (ශාන්ත පතිනායක මගේ සර් ලස්සනට ඇදලා පෙන්නුවා අම්මපා තවම මතකයි) මෙන්න මේ ව්‍යුහ  තැනිලා තියෙන්නේ ජාන වලින් ඒ ජාන අස්සේ තමයි ඔක්කොම සීන් ටික වෙන්න ඕනේ කරන ඩීටෙල්ස් තියෙන්නේ  මන් මේ විස්තරේ ලිවුවේ කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් විදියට හරි ඉතින් අපි මේ ඔක්කොම හොයාගත්තා,, ඒ සොයා ගැනීමේ යහපත් ප්‍රථිපල ලෙස  'සීඩ් ලස්" මිදි කනවා ,,පොල් ගෙඩි වගේ ලොකු දොඩම් කනවා,,තව ගොඩක් දේවල්...  සොබාදහම හරිම පුදුමාකාරයි කොච්චර ලස්සන සැලැස්මක් එයාට තියෙනවද නේද..

            ඒ වගේම කියෝගෙන එද්දී හිතෙන්න ඇති නේද මේ කෙල්ලගේ මොළෙත් බොහොම ප්‍රාතමිකයි කියලා..හොද වැඩේ නැවතිලා කියෙවුවට ,,,,
                            මන් මේවගේ දේවල් හිත හිතා පැයක් හිටියා වෙලාව යනවා දැනුණේ නැහැ ,,සමර් එක නිසා අඩනිරුවතින් එහාට මෙහාට යන ගෑනුන්ගේ එවුවා මෙවුවා දැක්කෙත් නැහැ ,,
                              අන්තිම වශයෙන් තවදෙයක් අපි  ,,හාල්මැස්සො  ගෙනත් ඔලුටික සට සට ගාලා කඩල උයනවා අපිට උන් ඔක්කොම එක වගේ ඒත් උන්ගේ මුනවල් වල වෙනස්කම් ඇති නේද එයාලා විතරක් දන්නා ,,, අපිට වුන් ඔක්කොම හාල්මැස්සෝ වුනාට ,, සාලයෝ එහෙමත් ඒවගේ ඇති නේද..  මමයි අපේ ජාතියේ පියයි දෙන්න දෙන්නා ගමනක් යද්දී  ඉස්සරහට වලහෙක් එනවා ,,වලහ සාටකේ හින්ද එයාව නොකා මාව කයිද ? ඈ වලහාට අපිදෙන්නම මිනිස්සු දෙන්නෙක් විතරයි අපිට අර සත්තු ටික හාල්මැස්සෝ හෝ සාලයෝ වුණා වගේ,,
--------------------------------------------
සැ.යු කවදාවත් මන් ඔයාලට කතාවක් කියන්නේ නැහැ ,,එහෙම උනොත් ඔයාලා ඒක අංග සම්පුර්ණව කියෝලා තෘප්තිමත් හිතෙන් වෙන බ්ලොග් පිටුවක් කියවන්න පටන් ගන්නවා අරක අමතකයි .. අම්මා උයන බත් හැමදාම කෑවත් ගානක් නෑ ගලක් දෙකක් හැපුනොත්නේ පහුවදාටත් මතක ,,අන්න ඒකයි ඈ ,, 

Tuesday, August 13, 2013

"මෝඩ පෘෂ්ඨ වංශිකයාගේ පැටියව තම්බලා කෑවේ ඔන්න ඔහොමයි 17

                                 
  බිත්තර දෙක තැම්බෙන්න ලිපේ තියලා ,,ජනේලෙන් එළිය බලන් ඉදලා ආපහු ටිකකින් බැලුවා ඒවා තැම්බෙනවද කියලා ,,ඒවා උණු වතුරේ පෙරලි පෙරලි තම්බෙනවා මාත් ඔහේ බලන් හිටියා..ඒ ඉද්දි මට නොයෙකුත් දේවල් ඔලුවට ආවා ,, ඒ ආපුවා මේකේ ලියන්න ඕනේ කියලා හිතුණා. ඔන්න දැන් ලියනවා 
                     
              සත්තු ,ගහකොළ ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියාගේ ඉදලා මිහිපිට සිටින හැම ජිවියෙක්ම පැටවුන් බිහි කරනවා ,,එකිනෙකාට සුවිශේෂී වෙච්ච ක්‍රම වලට ,,(ජීව විද්‍යාව කරපු අය දන්නවා ඒක යම් පිළිවෙලකට උගන්වන නිසා ),,ඒත් මන් බිත්තර දෙක ලිපේ තැම්බෙනකල් ජීවවිද්‍යාව නැති ඔළුවකින් මේ කාරණේ ගැන ටිකක් හිතුවා ,,,
                               සර්වබලදාරි දෙවියන්වහන්සේ හෝ සොබාදහම මේ ක්‍රියාවලිය හරි ලස්සනට කරලා තියෙනවා ,,සමහර සත්තු බිත්තර දානවා ,සමහරු මව් සතාගේ බඩේම කළලයක් විදියට ඉදල සම්පුර්ණ ජීවියෙක් වෙලාම ඉපදෙනවා,,  බිත්තර දාන සත්තුත් සමහර සත්තු බිත්තර ටික දාලා යනවා (කැස්බෑවා /කටුස්ස /හුනා වගේ අය ) කුකුල්ලු ,කුරුළු විශේෂ බිත්තරේ දාලා උණුසුම් කරලා රකිනවා ,,(කොහා හැර )
                                මන් ඉස්සර රකිනවා කියන එක හිතුවේ  කිකිළි බිත්තර දාලා පැටවූ එනකල් උණුසුම් කරනවා කියලා ,, ඒත් ඊයේ රෑ හිතුනා ,, රකිනවා කියන්නේ ඊට වඩා තේරුම් ඇති වචනයක් කියලා .
මන් ලියන්න කල්පනා කරපු කාරණේ  ලියන්න ඕනේ දැන්වත්

*පැටව් දැමීම 

*බිත්තර දැමීම 
                 ^බිත්තර දමා යාම 
                 ^බිත්තර රැකීම

ක්ෂීරපායී සත්තු පැටවුන්ට කිරිදෙනවා කියලා අපි හතර පහ පන්ති වලදීම දන්නවා ,,ඒත් ඇයි කටුස්සෝ ,ගෙම්බෝ පැටවූ බිත්තරේ ඇතුලේ ඉද්දි  දාලා යන්නේ ඇයි එයාලටත් බැරි හම්බවෙන්න කාලේ එනකල් බඩේ තියන් ඉන්න ඈ නේද ?..මවු සත්තු දාලා ගිය බිත්තර වලින් එලියට එන පැටවූ තනියම ජිවිතේ පවත්වගන්නවා ,,සොබාදහම හෝ දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ඔවුන්ටම ආවේනික රටාවක් දීලා තියෙනවා ,, (කෙටියෙන් ලියන්න යද්දී ඔළුව පුරාම සත්තුන්ගේ ජිවන චක්කර කැරකෙනවා අයියෝ ) 

             
                                      ඊළගට බිත්තර දාලා ඒවා යම්කාලයක් පරිස්සම් කරලා ,උණුසුම් කරලා පැටව් එලියට ආවට පස්සේ කන්න හොයා දීලා ලොකු කරන සත්තු ,,එයාලා පෙර කණ්ඩායමට වඩා හොදයි ,,නමුත් කාලයක් යද්දී පැටියව පිටත් කරනවා ,,,
                                                  ඊලග සෙට් එකේ තමයි අපි ,මීහරක් ,බල්ලෝ ,කොටි ,නිල්තල්මසා,ලේන්නු ,වදුරෝ  වගේ අය  ඉන්නේ .කාලයක් තමන්ගේ ඇග ඇතුලෙම තමන්ගේ ලේ අස්සෙම තියන් ඉදලා එලියට ආවට පස්සේ ඒ දැනෙන පුදුමාකාර ධාරක ප්‍රේමය එක්ක කිරිවෙච්ච තමන්ගේම ලේවලින් සනසලා ,ලගටම වෙලා ඇතිදැඩි කරනවා මේ කට්ටිය 
                                          ඒත් මන් දන්නා තරමින් මේ අයගෙනුත් මිනිස්සු වෙච්චි අපි වගේ මැරෙනකල් දරුවෝ පරිස්සම් කරන්නේ නැහැ වෙන කිසිම සතෙක්...
                                               මේ කාරණය හරිම ලස්සනයි ,,මට හිතෙන්නේ බුද්දිමත් කම වැඩිම සතා නිසා,වෙන්න ඇති. 
ආදරය ,බැදීම් කියන ඒවා බුද්ධිමට්ටම අනුව වෙනස් වෙන්නේ කියලා මන් බිත්තර දෙක තැම්බෙන දිහාව බලන් තීරණේ කළා නිගමනේකට ආවා ...කිචන් එකේ පරික්ෂනේ ඉවරවෙලා සාලෙට ආවා කන්න බිත්තර දෙකයි අනිත් එවුවයි අරන්..
                                        සියා කට උල්කරන් tv එක දිහාබලන් ඉන්නවා ,,බලද්දී පුංචි දරුවෙක්ව පාර්ක් එකක බංකුවක් උඩ දාලා ගිහින් ,,, සැක් !!!ඉවරයි මගේ නිගමනේ එහෙම් පිටින් යටිකුරු ..සොබාදහම හෝ දෙවියන්  මට වඩා කොච්චර ඉදිරියෙන්ද හිතුණා...
                               
~අවසාන නිගමනය ~

             මිනිසුන් පැටවූ නොදා බිත්තර දමන සත්වයෙක් කොට මෙලොව බිහි වුනානම් උදේට කුණු එකතු කරන ට්‍රැක්ටරේ වගේ බිත්තර එකතු කරන එකකුත් දාන්න වෙනවා 

"මෝඩ පෘශ්ඨවන්සියගේ පැටියව තම්බලා කෑවේ ඔන්න ඔහොමයි "(ෆාම් බිත්තර වල යුක්තානුවක් නැහැ /අනික ඕවා ෆාම් වල හදන්නේ ඕවා හිතන්න එපා ,,මොක වුනත් මන් කෑවේ බිත්තරේ )

(මේක ලියන්න ගත්ත වෙලේ ඉදන් සත්තුන්ගේ ,මිනිස්සුන්ගේ ,ගස්කොලන් වල එකිනෙකට ආවේනික ජිවක්‍රියාවලි /, ගබ්සා කිරීම් වල,දරුවන්ට අතවර කිරීම් ,ඉපදුනුගමන් මරලා දාන ඔයවගේ දහසක් දේ ගැන මතකයන් ඔලුවට එනවා ඒත් ඒ මොකුත් ලිවුවේ නැහැ ,, ඔයත් මොනාහරි හිතන්න ) 

              කියෙවුවට ආ ඉස්කෝතු ....
                                       

Sunday, August 4, 2013

අකාලේ මිලිනවූ සුලා 15

කට ඉස්සරකරගන්නේ නැතුව තුන් මාසයක් ඉවසල හිටියේ හොල්මන් වලට බයෙන්.අද ලියනවා .මේ සිද්දිය තුළ මා යමක් ඉගෙනගත්තා ,ඔබටත් යමක් තියෙන්න පුළුවන්,
            මන් රැකියාව කරන තැන  ,මන් බලාගන්න ලෙඩාගේ අසල්වැසියා වුනේ අවුරුදු 78 ක ආච්චි කෙනෙක් එයා තනියම ගෙදර හිටියේ.එයා නිතර අපේ දිහා එනවා කතාබහ කරනවා.එයා වයස වුනාට මාත් එක්ක කතා කරන්නේ සමවයසේ යාළුවෙක් වගේ. එයාගේ නම 'සුලමිත්' එයාගේ ලස්සන පුංචි පුංචි ගැජමැටික්ස් වගයක් තියනවා හැමදාම මට පෙන්නනවා..එයාගේ හස්බන්ඩ් ගේ ෆොටෝ පෙන්නනවා.මට කියලා ඇහිබැමි ගලොගන්නවා ,නියපොතු පාටකරගන්නවා .ඒ වගේම බැංකු පොත්වල ගොඩක් සල්ලි තියන බව පෙන්නනවා ..එයාට අනාගතය වෙනුවෙන් හීන තිබ්බා.කෑවේ බීවේ හරි පරිස්සමට ... ඒ අතර මාත් එක්ක මගේ ලෙඩාට හොරෙන් කියපු දෙයක් තිබ්බා.. "සිල්වා ටෝම් මැරුණම ඔයා එන්න අපේ දිහා මන් බලන් ඉන්නේ" කියලා  ඒකට හේතුව ඔහු අවුරුදු 93 ක් වයස පුද්ගලයෙක් වීම,  
                                               ටෝම් ගැනත් යමක් ලියන්න ඕනේ ,එයා නිදහස් මනසක් තියන ,හැම පුද්ගලයාටම ආදරේ අනුකම්පාව දක්වන ,ආගම දහමට ලැදි කෙනෙක් ,ඒ වගේම පොඩි දරුවෙක් වගේ හැමදාම හවසට ටිපි ටිප් පැකට් එකක් කනවා,,කාර්ටුන් ,රෙස්ලින් බලනවා ,, ඒ වගේම විශේෂයෙන් මට කියනවා " අර මනුස්සය පව් තනියම ඉන්නේ ,,,ටිකක් ගිහින් කතා කරන්න ,,උදවුවක් කරලා එන්න ,, කියලා 
                                                        දවසක් රෑ සුලමිත්ගේ දුව ඇවිත් හිටියා,,මන් සීයාගෙන් අහලා එහෙ ගියා. එයා  ටිකක් අසනීපෙන් හිටියේ ඒ ටිකේම...මන් එක්ක කතා කර කර ඉද්දි එයා මාව ගොඩක් ලගට අරන් ඇහුවා ඔයා "ටෝම් මැරුණම එනවා නේද කියලා" මන් ඔව් කිවුවා..එයාගේ ඇග ගොඩක් ගැහුනා වෙනදට වඩා,,එහෙම විනාඩි 2 ක් විතර මාව තුරුල් කරන් මගේ බෙල්ල ඉබගෙනම එයා අන්තිම හුස්මත් ඉවරකරලා තිබ්බා..
   විශ්වාස කරන්න මනුස්සයෙක් තමන්ගේ ඇගට තුරුල්වෙලා ,ලන්වෙලා එයාගේ අන්තිම හුස්මත් තමන් මතටම හෙලුවා කියන අත්දැකීම හරිම අමුතුයි. මුළු ඇගමමගේ මනසත් එක්ක බිදිති බිදිති වෙන් වෙලා ආපහු පිච්චෙන ගිණිකොලපාට දියරෙකින් ආපහු එකතු කළා වගේ. ඒක මගේ මනසට දැනුනද කියලා  හෝ දැනිච්ච ආකාරය එතරම් විශේෂ වුනේ නැහැ. ඒත් ශරිරෙටනම් මන් කියපු වගේ දෙයක් සහ මහා උතුරා යන ආදරයක් ,,ජාතියක් ,නෑකමක් යන බැම්මට එහායින් දැනුණා නිරුවත් මනුස්ස  කමක්.. .
                                  ඊට පස්සේ දුව එයාව හොස්පිටල් ගෙනිච්චා,එදා ගෙදර ඇවිත් කාලා වෙනදවගේම නිදාගත්තා බයක් දැනුණේ නැහැ,,

ඒත් කාටවත් කියන්න ගියෙනැහැ

 "මාව බදාගෙන කෙනෙක් මැරුණා මන් හොදට ඉන්නවා,එයා මට බුතයෙක් වෙලා බැල්ම දැම්මේ නැහැ කියලා " බයට තමයි හිටියේ, 

                   'සුලමිත්' එයාගේ හීනත් එක්කම මැරුණා. ටෝම් තාමත් මාත් එක්ක සතුටින් ඉන්නවා.. ජිවිතේ හරි පුදුමාකාරයි,, මරණය කොයි වෙලේ එනවද අපි දන්නේ නැහැ , හැමදවසකම පුළුවන් තරම් සතුටින් ,තෘප්තිමත්ව නිදාගන්න පුළුවන් නම් ,,

                                                                දේශපාලනය ,  දුෂණය (ස්ත්‍රී /රාජ්‍ය ආයතන /පරිසර /බාල අපචාර)  කියන මාතෘකා දෙක හැමදාම අපේ ඉහමොළ රත්කරනවා ඒ වලින් මිදිලා තනියම මොකෙක්ද වගේ ඉන්න බැහැ,, ඒත් මේ ඔක්කොම අවුල් ජාල වලින් පිරිච්ච මහා කුලකෙන් පිට ඔයාගේ හිතට ලස්සන තැනක් හදාගන්න,, එතනට ගේන්න එපා ලෝකේ දේවල්..තනිවෙලා ඒමේ අත හිතන්න ...එක පෝස්ට් එකක් කියවන කෙනා දහසක් පැතිවලින් ඒක දකිනවා,, ඒ නිසා මන් එක පැත්තක් ගැන විතරක් ලියනවා,,
                                            කියවන්න නැවතුනාට ඉස්කෝතු ආ ,,  

Saturday, August 3, 2013

සැනසිල්ලේ නිදන්නී 14

                                                                 අත්තම්මා


මා  අතැර ඔබ ගිහින් 
මා කොහොම අදහම්ද  
ඔබ මගෙන් දුරක වග 
දින සතිත් මාසවී,,,,,,,
නුබේ මළගම ගෙවී
ගඳපාන පදුරු
විත් නුබේ සොහොනට උඩින් 
නුබ කොහොම ඉන්නවද 
සුවෙන් සැතපී කියන්,,,,
කදුළු වියලුණ හදක් 
ලතෝනිය තියන විට,,,,,,,,

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...