Tuesday, August 13, 2013

"මෝඩ පෘෂ්ඨ වංශිකයාගේ පැටියව තම්බලා කෑවේ ඔන්න ඔහොමයි 17

                                 
  බිත්තර දෙක තැම්බෙන්න ලිපේ තියලා ,,ජනේලෙන් එළිය බලන් ඉදලා ආපහු ටිකකින් බැලුවා ඒවා තැම්බෙනවද කියලා ,,ඒවා උණු වතුරේ පෙරලි පෙරලි තම්බෙනවා මාත් ඔහේ බලන් හිටියා..ඒ ඉද්දි මට නොයෙකුත් දේවල් ඔලුවට ආවා ,, ඒ ආපුවා මේකේ ලියන්න ඕනේ කියලා හිතුණා. ඔන්න දැන් ලියනවා 
                     
              සත්තු ,ගහකොළ ඇහැට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවියාගේ ඉදලා මිහිපිට සිටින හැම ජිවියෙක්ම පැටවුන් බිහි කරනවා ,,එකිනෙකාට සුවිශේෂී වෙච්ච ක්‍රම වලට ,,(ජීව විද්‍යාව කරපු අය දන්නවා ඒක යම් පිළිවෙලකට උගන්වන නිසා ),,ඒත් මන් බිත්තර දෙක ලිපේ තැම්බෙනකල් ජීවවිද්‍යාව නැති ඔළුවකින් මේ කාරණේ ගැන ටිකක් හිතුවා ,,,
                               සර්වබලදාරි දෙවියන්වහන්සේ හෝ සොබාදහම මේ ක්‍රියාවලිය හරි ලස්සනට කරලා තියෙනවා ,,සමහර සත්තු බිත්තර දානවා ,සමහරු මව් සතාගේ බඩේම කළලයක් විදියට ඉදල සම්පුර්ණ ජීවියෙක් වෙලාම ඉපදෙනවා,,  බිත්තර දාන සත්තුත් සමහර සත්තු බිත්තර ටික දාලා යනවා (කැස්බෑවා /කටුස්ස /හුනා වගේ අය ) කුකුල්ලු ,කුරුළු විශේෂ බිත්තරේ දාලා උණුසුම් කරලා රකිනවා ,,(කොහා හැර )
                                මන් ඉස්සර රකිනවා කියන එක හිතුවේ  කිකිළි බිත්තර දාලා පැටවූ එනකල් උණුසුම් කරනවා කියලා ,, ඒත් ඊයේ රෑ හිතුනා ,, රකිනවා කියන්නේ ඊට වඩා තේරුම් ඇති වචනයක් කියලා .
මන් ලියන්න කල්පනා කරපු කාරණේ  ලියන්න ඕනේ දැන්වත්

*පැටව් දැමීම 

*බිත්තර දැමීම 
                 ^බිත්තර දමා යාම 
                 ^බිත්තර රැකීම

ක්ෂීරපායී සත්තු පැටවුන්ට කිරිදෙනවා කියලා අපි හතර පහ පන්ති වලදීම දන්නවා ,,ඒත් ඇයි කටුස්සෝ ,ගෙම්බෝ පැටවූ බිත්තරේ ඇතුලේ ඉද්දි  දාලා යන්නේ ඇයි එයාලටත් බැරි හම්බවෙන්න කාලේ එනකල් බඩේ තියන් ඉන්න ඈ නේද ?..මවු සත්තු දාලා ගිය බිත්තර වලින් එලියට එන පැටවූ තනියම ජිවිතේ පවත්වගන්නවා ,,සොබාදහම හෝ දෙවියන්වහන්සේ ඔවුන් වෙනුවෙන් ඔවුන්ටම ආවේනික රටාවක් දීලා තියෙනවා ,, (කෙටියෙන් ලියන්න යද්දී ඔළුව පුරාම සත්තුන්ගේ ජිවන චක්කර කැරකෙනවා අයියෝ ) 

             
                                      ඊළගට බිත්තර දාලා ඒවා යම්කාලයක් පරිස්සම් කරලා ,උණුසුම් කරලා පැටව් එලියට ආවට පස්සේ කන්න හොයා දීලා ලොකු කරන සත්තු ,,එයාලා පෙර කණ්ඩායමට වඩා හොදයි ,,නමුත් කාලයක් යද්දී පැටියව පිටත් කරනවා ,,,
                                                  ඊලග සෙට් එකේ තමයි අපි ,මීහරක් ,බල්ලෝ ,කොටි ,නිල්තල්මසා,ලේන්නු ,වදුරෝ  වගේ අය  ඉන්නේ .කාලයක් තමන්ගේ ඇග ඇතුලෙම තමන්ගේ ලේ අස්සෙම තියන් ඉදලා එලියට ආවට පස්සේ ඒ දැනෙන පුදුමාකාර ධාරක ප්‍රේමය එක්ක කිරිවෙච්ච තමන්ගේම ලේවලින් සනසලා ,ලගටම වෙලා ඇතිදැඩි කරනවා මේ කට්ටිය 
                                          ඒත් මන් දන්නා තරමින් මේ අයගෙනුත් මිනිස්සු වෙච්චි අපි වගේ මැරෙනකල් දරුවෝ පරිස්සම් කරන්නේ නැහැ වෙන කිසිම සතෙක්...
                                               මේ කාරණය හරිම ලස්සනයි ,,මට හිතෙන්නේ බුද්දිමත් කම වැඩිම සතා නිසා,වෙන්න ඇති. 
ආදරය ,බැදීම් කියන ඒවා බුද්ධිමට්ටම අනුව වෙනස් වෙන්නේ කියලා මන් බිත්තර දෙක තැම්බෙන දිහාව බලන් තීරණේ කළා නිගමනේකට ආවා ...කිචන් එකේ පරික්ෂනේ ඉවරවෙලා සාලෙට ආවා කන්න බිත්තර දෙකයි අනිත් එවුවයි අරන්..
                                        සියා කට උල්කරන් tv එක දිහාබලන් ඉන්නවා ,,බලද්දී පුංචි දරුවෙක්ව පාර්ක් එකක බංකුවක් උඩ දාලා ගිහින් ,,, සැක් !!!ඉවරයි මගේ නිගමනේ එහෙම් පිටින් යටිකුරු ..සොබාදහම හෝ දෙවියන්  මට වඩා කොච්චර ඉදිරියෙන්ද හිතුණා...
                               
~අවසාන නිගමනය ~

             මිනිසුන් පැටවූ නොදා බිත්තර දමන සත්වයෙක් කොට මෙලොව බිහි වුනානම් උදේට කුණු එකතු කරන ට්‍රැක්ටරේ වගේ බිත්තර එකතු කරන එකකුත් දාන්න වෙනවා 

"මෝඩ පෘශ්ඨවන්සියගේ පැටියව තම්බලා කෑවේ ඔන්න ඔහොමයි "(ෆාම් බිත්තර වල යුක්තානුවක් නැහැ /අනික ඕවා ෆාම් වල හදන්නේ ඕවා හිතන්න එපා ,,මොක වුනත් මන් කෑවේ බිත්තරේ )

(මේක ලියන්න ගත්ත වෙලේ ඉදන් සත්තුන්ගේ ,මිනිස්සුන්ගේ ,ගස්කොලන් වල එකිනෙකට ආවේනික ජිවක්‍රියාවලි /, ගබ්සා කිරීම් වල,දරුවන්ට අතවර කිරීම් ,ඉපදුනුගමන් මරලා දාන ඔයවගේ දහසක් දේ ගැන මතකයන් ඔලුවට එනවා ඒත් ඒ මොකුත් ලිවුවේ නැහැ ,, ඔයත් මොනාහරි හිතන්න ) 

              කියෙවුවට ආ ඉස්කෝතු ....
                                       

17 comments:

  1. ලක්මාල් කන්දෙවිදානෙ
    4 days ago - Shared publicly

    හිතන්නට යමක්ඇති ලිපියක්

    Reply

    Bhashi Karunathilaka
    4 days ago

    අනිවාර්යෙන්ම..... විශේෂයෙන් ගැහැණු ජාතිය වන අපට. ආඩම්බරයි ඔමායා ................

    අපුර්වී ඔමායා
    4 days ago


    අන්න බුද්ධිමතා ,, +ලක්මාල් කන්දෙවිදානෙ මාමට තමයි තේරුනේ ,,ඒ කාරනාවේ ජබුර , ස්තුති ,,මගේ මනොවිකාර කියවනවට ස්තුති ආයෙමත් 

    ReplyDelete
  2. Black Puma
    4 days ago - Shared publicly

    කන බොන වෙලාවට මේ වගේ බහු භූත හිතන්න හොඳ නෑ. රෑට බඩේ අමාරුව හැදෙනවා.

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago

    තව එකක් තියනවා පුමෝ ඒකත් ලියන්න ඕනේ මොනාහරි කරලා 

    ReplyDelete
  3. ඉවාන් පවුලූශා
    4 days ago - Shared publicly

    බිත්තර නොවුනත් කුණු ට්‍රැක්ටර් වලට උපන් ගමන් මරා දාපු ළමයි එකතු කරනවා ඕනෑතරම්, කොහොමත් දවසට එකක් විතර එහෙම ඒවා වාර්තා වෙනවා,,

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago

    දවසට එකක් නෙමේ ඉවාන් ,,ඒක හෙන පට්ට ගැබුරු කාරණාවක් ඈ ,,, හි හි හි ...මන් අදහස් කලේ නිකමට හරි අපිත් කුරුල්ලෝ වගේ බිත්තර දාන ජාතියක් වෙලා ඉපදුනානම් කියලා 

    ReplyDelete
  4. Maathalan - Priyantha Hewage
    4 days ago - Shared publicly

    මොලේ මඤ්ඤං උනා මේක කියවලා... ඒ නිසා වැඩිය ඒ ගැන හිතන්න යන්නේ නෑ.. බිත්තර වලින් කෑම කී ජාතියක් හදන්න පුළුවන්ද කියලා දැනගත්තේ රට ගියයින් පස්සෙ තමයි...

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago

    මන් ඇත්තට අදහස් කලේ ,,අපිත් 'අණ්ඩජ" උනානම් කියලා +Maathalan - Priyantha Hewage ඔව් බිත්තරයි තක්කාලි චොප් කරපුවයි ලුණු ටිකකුයි ,සුදු ගම්මිරිස් ටිකකුයි දාලා උයලා කනවනේ

    ReplyDelete
  5. දේශක යා
    4 days ago - Shared publicly

    මම තාම හිතනවා අනේ.. විකාරයි වගේ..

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago

    බුද්ධිමතුන්ට විතරයි තේරෙන්නේ (රජ්ජුරුවන්ගේ ඇදුම වගේ )

    ReplyDelete

  6. Kaushi Ariyabandu
    4 days ago - Shared publicly

    කන කොට කනවා මිසක් ඕවා හිතන්න යන්න හොඳ නෑ ... හි හි.. නැත්තං කෑම එපා වෙයි...

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago

    අක්කේ තව සීන් එකක් තියනව ලියන්නම් කෝ ඈ 

    ReplyDelete

  7. ගමන් මගේ මඟියා
    4 days ago - Shared publicly

    හැබෑටම හිතන්න දෙයක් තියනවා තමා, මේකේ සමහර කොටස් ඔලුවේ තියාගෙන ලියලද කොහෙද ?

    Reply

    අපුර්වී ඔමායා
    4 days ago


    ඔව් අයියේ මන් හිතන්නේ එහෙම ,, ඒ ටික නොලිඋවේ ඔයාට හිතන්න දෙයක් ඉතුරුකරන්න ,, අන්න ඒකයි මගේ සහස 

    ReplyDelete

  8. Helapa kade
    4 days ago - Shared publicly

    හැබෑටම ඔයා මොනාලිසාගේ පරපුරෙන් පැවත එනව කියල මම පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑනෙ අර මොනාලිසා කතාව ලියන කාලෙ.

    Reply
    Hide replies

    Kenji Japan
    3 days ago
    අපුරුවට ඔමාය දැරිවිගේ පින්තුරේ දාන්න තිබ්බ නේද හැලප?

    අපුර්වී ඔමායා
    3 days ago


    +Kenji Japan ගොන්ජි මොකක්ද අනේ හැලප කතාව ඈ 

    අපුර්වී ඔමායා
    3 days ago

    +Helapa kade ඔව් එයාට වගේ මටත් කදුළු එක්කම කැකිරිපලන්න පුළුවන් අන්න ඒකයි මන් කිඋවේ ඉදගෙන

    ReplyDelete

  9. Thilanga Sajan
    3 days ago - Shared publicly

    අවන්කවම මම නිර්මාංශිකයෙක් . ඒක ගැන මේ වගේ සමහර අවස්තාවල මම නිහතමානිව ආඩම්බරයි. (පොඩි කාලෙ එකෙන් එක මස් මාලු අත අරිද්දි මම . අම්මල බල කරල මට ඒවම කවන්න උත්සහ නොකිරීම නිසා මම වාසනාවන්තයි)
    පෝස්ට් එකත් සුපිරි ඔමා . පුද්ගලිකව මමත් කැමතී ටිකක් බරට ලියනවට මේ වගේ
    සමහරු කිව්වත් තේරුම් ගන්න බැ බර වැඩී කියල මම ආසයී ඒ බර ගතියට නැත්තන් අපි හැම දාම එකම තැන.

    Reply

    අපුර්වී ඔමායා
    3 days ago

    ස්තුති ඔයාගේ අදහස බෙදාගත්තට ,,සතුටින් ඉන්න 

    ReplyDelete

  10. Kenji Japan
    3 days ago - Shared publicly

    ලිපියනං මසුරං.
    පිංතුර ටික අශාවෙන් කාපු බිත්තරත් එපා කෙරෙව්වා
    ·
    Reply

    අපුර්වී ඔමායා
    3 days ago


    ස්තුති අයියේ ,,ඔන්න තවත් බුද්ධිමතෙක් :-)

    ReplyDelete


  11. Prasanna Karunarathna
    3 days ago - Shared publicly

    උදේට බිත්තර එකතු කරලා නිකං ඉන්න එකක් නෑ... ඒකත් විකුණයි.

    Reply

    අපුර්වී ඔමායා
    3 days ago


    ඒකනේ සොබාදහම හෝ දෙවියන් අපි ගැන දන්නා නිසයි බිත්තර වලින් නැතුව මාස 9 ma ඇග ඇතුලෙම තියන් ඉන්න සලස්ස්වන්න ඇත්තේ 

    ReplyDelete

  12. Maathalan - Priyantha Hewage
    3 days ago - Shared publicly

    මට උදේ කියන්න අමතක උන එක දෙයක් කියන්නම ඕන. මේ විදියට හිතන්න පුළුවන් වෙලා තියෙන්නෙම් උඹේ ජීවන අත්දැකීම්. අජ්ජාපනෙන් මේ වගේ සිතුවිලි මවන්න බෑ. ඒක මාර වටිනවා. අනික තරුණ කෙල්ලෙක්. මට උඹ ගැන හරි ආඩම්බරයි. උඹ කිව්වේ ආදරේට.. "සර්පයා" කියන්නෙත් මේ විදියට හිතපු එකෙක්... උඹත් ඒ වගේමයි.. බය නැතුව හිතෙන දේ ලියන්න..

    Reply

    ARUNA PERERA
    3 days ago - Shared publicly

    මම හරිම කැමතියි මේ ඔමා මේක ලියලා තියෙන ස්ටයිල් එකට.අරූගේ ගෑණී අරකි කියලා ගියා බිත්තර දෙකක් තැම්බෙන්න තියන්න කියලා.මේක කියෙව්වාට පස්සේ බිත්තර දෙක ෆ්‍රිජ් එකට දාලා සැමන් ටින් එකක් එලියට ගත්තා.

    Reply

    අපුර්වී ඔමායා
    3 days ago

    හි හි ,,,

    ReplyDelete

  13. dinuka rajakaruna
    3 days ago - Shared publicly

    අම්මා බැදලා හරි තම්බලා හරි දෙන බිත්තරේ කැවා මිසක් මේ ගැන හිනෙන්වත් හිතුණේ නැනේ අප්පා...
    ඔයාගේ මනෝවිකාර නම් නියමයි අක්කා...
    Reply

    අපුර්වී ඔමායා
    3 days ago


    thank you aa

    ReplyDelete
  14. මිනිසුන් පැටවූ නොදා බිත්තර දමන සත්වයෙක් කොට මෙලොව බිහි වුනානම් උදේට කුණු එකතු කරන ට්‍රැක්ටරේ වගේ බිත්තර එකතු කරන එකකුත් දාන්න වෙනවා

    මොනවා උනත් කියන්න ඕනේ ටික කියලා තියනවා

    ReplyDelete
  15. මට නම් ඔය විද්‍යාත්මක දේවල් කතාන්දර විතරයි මම නම් ඔය විද්‍යාව පිළි ගන්නේ නෑ කෙල්ලේ

    ReplyDelete
  16. අනේ මන්දා බිත්තරේ.... ජීවන චක්‍ර කිවුවා විතරයි මගෙත් ඔලුව රවුම් රවුම් කැරකෙන්න පටන් ගත්තා.

    බිත්තර වලින් හදන්න පුලුවන් කෑම ජාති දාහක් විතර දන්නව අපේ නගා. මමත් ඉතින් ලේසි ලේසි එවුවා අහගෙන බස්සාට වැඩ පෙන්නනව. කොලෙස්ටරෝල් හැදිලා තමයි නවතින්නෙ අන්තිමට.

    ReplyDelete
  17. ලිපියට අදාල නැති උනත් මේං මට හිතුනු දේ... ලැජ්ජයි කියන්න, මම තනියම උයාගෙන කන්න දන්න එකම කෑම බිත්තර තම්බලා කෑම විතරයි. ලිපිය කියවලා ඉවර වෙනකම් ඔලුවෙ වැඩකරේ 'කමක් නෑ ඒකවත් දන්නවනේ'.. කියලා. ඒත් කමෙන්ට්ස් ටික බැලුවම නොදකිං කියලා හිතුනා. බිත්තර වලිනුත් කෑම ජාති දාහක් විතර හදන්න පුලුවංලු.. අයියෝ මං වගේ හරකෙක්.. :( :( :(

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...