Thursday, August 15, 2013

සමර් එකේ අඩනිරුවත 18

              සමර් එකේ මුණම වැහෙන්න සන්ග්ලාස් නොදා පාර්ක් යෑමේ ආදීනව ඊයේ හවස බඩපුරා අත්වින්දා ,, සැක් !! අපරාදේ මොනා කරන්නද උඩ බැලුවා ගස්කොළන් දිහා බැලුවා ,, 
                         හැමගහක් දිහාම ගොඩක් උවමනාවෙන් බලන් හිටියේ ඔබ ඔබා ඉන්න මොබයිල් මෙවුව එකවත් (s 4 ඈ ) ගෙනියන්න බැරිවෙච්ච හින්දා.සීයා යන් කියනකල් මන් ගොළුව වගේ හිටියට මගේ මොළේ නම්  හෙනට වැඩ කළා ..බිත්තර තැම්බුව කතාව වගේ ලියන්න ඕනේ කියලා හිතුණා.
                                          මේ ලෝකේ ජිවය ඇතිවීම ගැන ගොඩාක් විද්වතුන්ගේ උපකල්පන , වාද තියෙනවා..ඔවුන් කාලයක් තිස්සේ නිරීක්ෂණ කරලා ,,,ඒවා තහවුරු කරන පරීක්ෂණ කරලා නිගමන වලට ඇවිත් ..කල්පිත ගොඩනැගුවා.. ගහකොළ සතා සිවුපාව බිහි වුනේ කිසිවෙකුගේ අනුදැනුමකින් තොරව පරිණාමනය වෙමින්  කියලා හැමෝම කියනවා .මන් අද සත්තු ගැන නෙමේ ගස් ,වැල්,මල් ,කොළ ,අතු ,රිකිලි ,කටු ,ගෙඩි,ගැන විතරයි ලියන්නේ ..
(ඇල්ෆා රුපය )

                              1858  අවුරුද්ද වෙනකල් මිනිස්සු විශ්වාස කලේ මැවුම් වාදය..ඒත් එදා චාල්ස් ඩාවින් ස්වභාවික වරණය ගැන පරිණාමය ගැන තමන්ගේ අදහස ඇල්ෆඩ් රසල් කියන ස්වභාවික විද්යාඥයා  එක්ක එකතුවෙලා ඒකාබද්ද ප්‍රකාශයක් ලෙස එලි දැක්වුවාට පස්සේ මිනිස්සු ඒ ගැන හිතන්න ගත්තා 1959 දී චාල්ස් ඩාවින් ඒ සම්බන්ද තමන්ගේ මුල්ම කෘතිය එළිදැක්වූවා ..ඒ වගේම පිටපත් 1200 ම එදිනම විකිණී තිබුණා...දැන් ඒ ගැන ඇති ඈ ,, ඩාවින් පැත්තකින් තියලා මගේ අදහස ලියන්න ඕනේ.



 අඹගහේ කොළ වගේම කොළ තියන කිසිම ගහක් මන් තාම දැකලා නැහැ,අඹ කොලවල සුවද ඔයා දන්නවද ඇස් පියාගෙන උනත් නහයට ලන්කලාම කිවුවහැකි නේ ,,,කැන්ද කොළ ,, රොටි පුච්චන්න කඩන්නේ ,,ඒකෙත් අමුතු සුවදක් නේද ,, පොල්ගහේ කොළ දිගට දිගට ,,,ඒ මදිවට ඉරට්ටක් කියලා එකකුත් ,,,ගස්ලබු කොළ කොහොමද හෆෝ  ,,,කහබිලියා කොළ පට්ට නේද ඇගේ ගෑවුනාම..,, ගොරක ගස්වල හැටි දැක්කම බයයි කළු පාටට ,,,කජු ගස්වල කොළ කොහොමද ..එකෙත් පට්ට සුවදක් තියෙන්නේ ...කොහොබ කොළ කොහොමද ,,, එරඩු ගස්වල කොල ,තල් ගස්වල ,බෝ ගස්වල කොල ,අරලියා ගස්වල කොළ ,, ඔයාට මතකද ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එද්දී අරලිය කොළවල දිලිසෙන පැත්තේ අරලිය කිරිවලින් අපේ නම ලියලා ඒක උඩට වැලි දානවා පාරෙන් අරන් ,, නියමයි නේද ?,,ඊට පස්සේ ඒවා කම්බි වැටවල් දිගේ එල්ලනවා.....

ගස් වර්ග කීපයක් හැරුනම හැම ගහකම කොල එහෙමත් නැත්නම් පත්‍ර කොළ පාටයි.ඒත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් සයිස් එක ,හැඩය ,ගනකම ,නාරටි බෙදෙන විදිය ,ඒ වගේම  ඒවල කද බෙදෙන විදිය,මහත් වෙන විදිය ,උස යන විදිය ,අතු විහිදෙන විදිය එකිනෙකට වෙනස්.   


අපි විද්‍යාවට ඉගෙනගෙන තියනවා ශාක තමන් තමන්ගේ ජිවය අඛණ්ඩව පවත්වාගෙන යන පිණිස ඒ පරිසරයට අනුව හැඩගැහෙනවා ,අනුවර්තනය වෙනවා කියලා,, ගගවල් ,කලපු අයිනේ තියන ශාක වලට කරු මුල් ,කයිරු මුල් තියෙනවා,, මහා කාන්තාර වල තියන ගස් ,පතොක් වගේ ඒවා තමන්ගේ ජල සංචිත රැකගන්න..නොනැසී පවතින්න අනුවර්තනයන් වෙලා තියෙනවා  කියලා ,,කේතුධර ශාක ,සවානා ,,වැසිවනාන්තර ,ලදු කැලෑ ඔය තැන්වල හැදෙන ගස් ඒ ඒ පරිසරයට අනුව හැඩ ගැහිළලු 

අනේ මන්ද ඒත් මට නම් මේ මන් ඉන්න තැන එකම පරිසර සාධක මැද්දේ ලස්සනට වැවෙන ගස්ටිකේ කොළ වල ,මල්වල ,අතුවල තියන වෙනස්කම් ටික හෙන පුදුමයක්,,හිතාගන්නත් බැහැ ඉස්සර පොඩිකාලේ කොස්කොලවල යට පැත්තේ උඩ සිවිය පරිස්සමට අයින් කරලා අත්කාචේ අරන් ඇස දෙක රිදෙනකල් බලනවා ,,ඒකෙ දිලිසෙන කොලපාට හරිත ලව දිහා ,,දැලක් වගේ බෙදිලා තියන ඒකෙ අපූරු සැලැස්ම දිහා ,,ඔයත් බලන්න ඇති..මේ ගස් ඔක්කොගෙම කොළ එක වගේ තිබ්බනම් කිසිම වැඩක් තියෙයිද,,
                  මේ ලෝකේ කෝටි ගානක් ශාක විශේෂ ,වැල් විශේෂ තියෙනවා ,,ඒත් ඒවලින් කිසිම දෙකක් එක වගේ නැහැ,, මොන විදියකින් හරි වෙනස් ,, 
 පොලුයි තැබිලියි ගස්දෙකම එකවගේ ඒත් ගෙඩි වල ,ඉරටුවල පාට වෙනස් ,රසය වෙනස් ..ගම්මිරිස් කොලෙයි බුලත් කොලෙයි එකවගේ ඒත් සුවද වෙනස් ,,


හරි පුදුමයි නේද ?මට නම් හරි පුදුමයි මෙවුවා මෙහෙම උනේ කොහොමද කියලා.ඒ වෙනස්කම් නොතිබුණානම් ..උඩම තියෙන ෆොටෝ එකේ (ඇල්ෆා රුපය ) මොන වගේ පෙනුමක් තියෙයිද නේ ? 
                        එකිනෙක  ගස්වල හැදෙන මල් ඒ වගේම වෙනස් ,,පාටින් ,සුවදින් ,සයිස් එකෙන් ,පෙති ගණනින් ,පිපෙන කාල වකවාණුව,පිපිලා තිබෙන කාලය ,පිපෙන වෙලාව අනුව වෙනස් වෙනවා ,වෙසක් මල් කියන මල් ජාතිය පිපෙන්නේ හරියටම වෙසක් දවසේ රෑට විතරයි,, හැම අවුරුද්දෙම වෙසක් එන්නේ එක දවසේ නෙමේ,,
 මට මෙවුවා හෙන ප්‍රශ්න.                          
පලතුරු වර්ග බැලුවම ඒවත් කොච්චර වෙනස්ද නේ ? චුටි මිදි ගෙඩිත් එන්නේ වැලක (වැල කිවුවේ අරවා නෙමේ ඈ )පත සයිස් වට්ටක්කා ,කොමඩු එන්නෙත් වැලක ,,ලස්සන පාටින් පාටට ගෙඩි හැදෙන ජම්බු(රතු)ගස්ලබු (කහ) ඇපල්(කොළ/කහ /රතු ) දොඩම් (තැබිලි)කොමඩු (නිල්කොල පාටක්)මේ හැම ගහම එකම පොළවේ හිටවල එකම විදියට සාත්තු කලත් වෙනස් වෙන්නේ නැහැ ,,
ඒවගේ පොත්ත හැදෙන හැටි පරිණාමය විසින් සැලසුම් කලාද ඈ ?? 


  අපි ප්‍රවේණි විද්‍යාවේදී ඉගෙනගන්නවා ඌනන විභාජනය සහ අනුනනය කියලා ෛසල විභාජනය වෙන ක්‍රම දෙකක්,,මෙහිදී සයිල වල නයෂ්ටියේ තියෙන වර්ණදේහ බෙදීමක් සිද්ද වෙනවා ඒකටම උගන්වනවා DNA කියන න්‍යෂ්ටික අම්ලය ගැන මේවා ද්විත්ව හෙලික්ශීය දගර ගැහුණු දාම විදියට තියෙන්නේ; (ශාන්ත පතිනායක මගේ සර් ලස්සනට ඇදලා පෙන්නුවා අම්මපා තවම මතකයි) මෙන්න මේ ව්‍යුහ  තැනිලා තියෙන්නේ ජාන වලින් ඒ ජාන අස්සේ තමයි ඔක්කොම සීන් ටික වෙන්න ඕනේ කරන ඩීටෙල්ස් තියෙන්නේ  මන් මේ විස්තරේ ලිවුවේ කෙනෙක්ට ප්‍රශ්නයක් ආවොත් උත්තරයක් විදියට හරි ඉතින් අපි මේ ඔක්කොම හොයාගත්තා,, ඒ සොයා ගැනීමේ යහපත් ප්‍රථිපල ලෙස  'සීඩ් ලස්" මිදි කනවා ,,පොල් ගෙඩි වගේ ලොකු දොඩම් කනවා,,තව ගොඩක් දේවල්...  සොබාදහම හරිම පුදුමාකාරයි කොච්චර ලස්සන සැලැස්මක් එයාට තියෙනවද නේද..

            ඒ වගේම කියෝගෙන එද්දී හිතෙන්න ඇති නේද මේ කෙල්ලගේ මොළෙත් බොහොම ප්‍රාතමිකයි කියලා..හොද වැඩේ නැවතිලා කියෙවුවට ,,,,
                            මන් මේවගේ දේවල් හිත හිතා පැයක් හිටියා වෙලාව යනවා දැනුණේ නැහැ ,,සමර් එක නිසා අඩනිරුවතින් එහාට මෙහාට යන ගෑනුන්ගේ එවුවා මෙවුවා දැක්කෙත් නැහැ ,,
                              අන්තිම වශයෙන් තවදෙයක් අපි  ,,හාල්මැස්සො  ගෙනත් ඔලුටික සට සට ගාලා කඩල උයනවා අපිට උන් ඔක්කොම එක වගේ ඒත් උන්ගේ මුනවල් වල වෙනස්කම් ඇති නේද එයාලා විතරක් දන්නා ,,, අපිට වුන් ඔක්කොම හාල්මැස්සෝ වුනාට ,, සාලයෝ එහෙමත් ඒවගේ ඇති නේද..  මමයි අපේ ජාතියේ පියයි දෙන්න දෙන්නා ගමනක් යද්දී  ඉස්සරහට වලහෙක් එනවා ,,වලහ සාටකේ හින්ද එයාව නොකා මාව කයිද ? ඈ වලහාට අපිදෙන්නම මිනිස්සු දෙන්නෙක් විතරයි අපිට අර සත්තු ටික හාල්මැස්සෝ හෝ සාලයෝ වුණා වගේ,,
--------------------------------------------
සැ.යු කවදාවත් මන් ඔයාලට කතාවක් කියන්නේ නැහැ ,,එහෙම උනොත් ඔයාලා ඒක අංග සම්පුර්ණව කියෝලා තෘප්තිමත් හිතෙන් වෙන බ්ලොග් පිටුවක් කියවන්න පටන් ගන්නවා අරක අමතකයි .. අම්මා උයන බත් හැමදාම කෑවත් ගානක් නෑ ගලක් දෙකක් හැපුනොත්නේ පහුවදාටත් මතක ,,අන්න ඒකයි ඈ ,, 

52 comments:

  1. එක මරු.... මාතලන් සින්ඩිය හරහා අවෙමි... ^_^ ආයේ එනවා ඈ..

    ReplyDelete
  2. මාරු කළා කොමෙන්ට් ඔක්කොම ඉවරයි

    ReplyDelete
  3. කළු සහ සුදු
    1 hour ago - Shared publicly

    ඇත්තමයි..හරිම අපූරු කතන්දරයක්...
    Reply

    PUBUDU SAMARASEKARA
    1 day ago - Shared publicly

    ඇ නිව්ටන් මාමාගේ මෙව්වා 3 ම මොකක් වෙලා කිව්වා?හපොයි මේ ඊයේ පෙරේදත් යස අගේට හිටපු මනුස්සයා.
    අන්න ඒක නම් මරු අක්කා බලලා නංගි අරන් යන්න තියෙනවා නම්.

    Reply

    සු දී ක
    1 day ago - Shared publicly

    මමත් වෙලාවකට අර හාල්මැස්සෝ සීන් එක වගේ හිතලා බලනවා. ඔය චීන, ජපන්, කොරියන්, තායි වගේ එකම මූණු තියෙන අය මොන ජාතියේද කියලා අපට අඳුන ගන්න බැරි වුනාට, ඒ ජාතිවල අය යස අගේට අඳුනගෙන කතා කරනවා මම දැකලා තියෙනවා.

    ReplyDelete

  4. ARUNA PERERA
    1 day ago - Shared publicly

    ඈ ලමයෝ..අර මත්වෙන්න උරලා බොන කොලේ මේ ඔක්කොටම වඩා වෙනස් නේද?

    Reply

    අපුර්වී ඔමායා1 day ago

    ජෝයින්ට්ද අයියේ ?? හි හි ..

    Chandana C
    1 day ago - Shared publicly

    ම්ම්.. අමුතු ලියවිල්ලක්. මට නම් ගලක් හැපුනා. :)

    මේ ගුගල් ප්ලස් කමෙන්ට් බොක්ස් එක උවමනාවෙන්ම දාලද.. ඉබේම ඇවිල්ලද..
    Reply

    අපුර්වී ඔමායා1 day ago

    ස්තුති අයියේ 

    ReplyDelete


  5. sinhalen softwere
    1 day ago - Shared publicly

    ඔහොම ගලාන යං.පට්ට පට පට.
    Reply

    Samsan Prasanna Guruge
    1 day ago - Shared publicly

    oya liyala thiyana dewal eththa. gas kolan apuru nirmanayak. eka apita therum ganna behe. meke hithanna dewal godak thiyenawa. ara biththara kathawath hari pudumai mama ekath kiyewwa. "Charles Devin " monawa kiwwath mama visswasa karanne meka Deviyan Wahansege mevilla. ekai apita therum ganna beri.
    1
    · Reply

    අපුර්වී ඔමායා1 day ago

    මාත් පවුද්ගලිකව විස්වාස කරන්නේ මැවුම් වාදය,,පරිණාම වාදය කියන්නේ වාදයක් .ඒක නිගමනයක් නෙමේ ,අපි හැමෝටම නිදහස තියනවා තමන්ගේ සිතුවිළි වලට ඉඩදෙන්න 

    ReplyDelete
  6. Dilini Ariyawansa
    1 day ago - Shared publicly

    ඔන්න මමත් ආවා මාතලන් ගෙ පාරෙන්.

    · Reply

    වැව් ඉස්මත්ත
    1 day ago - Shared publicly

    ඔය ලියන කරමෙට මොකද්ද කියන්නෙ.......මතක නෑනෙ පිස්සු හැදිල ආයෙත් පිස්සු හැදෙනව
    Reply

    අපුර්වී ඔමායා1 day ago

    +වැව් ඉස්මත්ත අනේ මන්ද ,,මානසික සීන් තමයි 

    ReplyDelete
  7. PUBUDU SAMARASEKARA
    2 days ago - Shared publicly

    අම්මපා තුක් නොදොකින්.මතෘකාව දක්කම හිතුනෙ පට්ට කතාවක් කියන්න වගේ ලෑස්ති වෙන්නෙ කියල.
    අර පුන්චි කාලෙ අහපු කතාවක් මතක් උනා.ඇම්ඩාට කිව්වම බල්ලා ගැන රචනයක් ලියන් වර කියල,ඌ බල්ලගෙ ඇගේ ඉන්න මැක්කා ගැන ලිව්වා වගේ.හෙන වටෙයක් ගැහුවෙ එව්වා මෙව්වා හොයන්න.(හපොයි මෙහෙ නන්ගිලා සමර් එකට රෙදි වලට වියදම් කරන්නෙම නැති තරම්.නැත්නම් ඔය කොල්ලන්ට බලන්නම තමයි එලියෙ දගෙන යන්නෙ.)එව්වා මෙව්වා සෙව්වා.
    ඒත් සයිල විබාජනේ හරියට වෙලා නෑ වගෙ.බුදු අම්මො මෙයාට තියෙන ප්‍රශ්න නිව්ටන්ට වත් ඒ කාලෙ නොතිබෙන්න ඇති.

    · Reply

    අපුර්වී ඔමායා1 day ago+1


    අපි අක්කා පෙන්නලා නංගි දෙන්නේ ,, නිව්ටන් මාමගේ මෙවුවා 3 ම දැන් බොරු වෙලානේ අයියේ 

    ReplyDelete
  8. ගමන් මගේ මඟියා
    2 days ago - Shared publicly

    ඔය වගේ දෙයක් පරිසරය දිහා බලල හිතන එකත්, මේ විදියට ලියන එකත් දෙකම වෙනස් අත්දැකීමක්.නියම ඉස්ටයිල් එකක්.ඔහොමම ලියන්න ..
    Reply

    අපුර්වී ඔමායා1 day ago

    +ගමන් මගේ මඟියා ස්තුති 

    ReplyDelete
  9. Pamitha Gayashan
    2 days ago - Shared publicly

    අම්මේ ඔලුව කැරකෙනව වගේ නිකන්. පොස්ට් එක ම...රු... ඈ...... දිගටම ලිය..න්න... ජය...වේ...@-]
    Reply

    Helapa kade
    2 days ago - Shared publicly

    අගක් මුලක් ඕනේ නෑ මෙහෙමම ලියන්න.අර මාතලන් කිව්වා වගේ ඔබේ ලිවිල්ල පට්ට රහයි.මට පෙනෙන හැටියට ඔබ ඉන්නෙ ලංකාවේ නෙවෙයි එහෙම නේද.

    · Reply
    Hide replies

    අපුර්වී ඔමායා1 day ago (edited)

    ඔව් හැලපෙයෝ,(හිතවත් කමට හැලප +අයියේ කිඋවොත් අයන්න ලොප් වෙනවා ඒකයි ඈ )

    ,ආවට කියෙවුවට ස්තුති ,,මේ කොමෙන්ට් පෙට්ටිය හදාගන්න පුළුවන්නම් උදව් කරන්න 

    Chandana D M1 day ago

    http://angeloveth1.blogspot.com/2013/06/how-to-add-or-remove-google-comment_14.html මෙක බලන්න ඔමා.
    ඔයාගෙ ඩෑෂ්බෝඩ් එකේ තියනව නෙ google + කියල. එතනින් ගියාම Manage comments in one place ඔන්න ඔහොම තියනව නෙ. එතනින් ඉස්සරහට ගිහින් ඕක වෙනස් කර ගන්න පුළුවන් වෙයි. මං කරල බලල නම් නෑ.

    අපුර්වී ඔමායා1 day ago

    +Chandana D M අයියේ මෙහෙම කළා ,මන් දවසක් අදත් කළා ,ප්‍රශ්නේ තියෙන්නේ පරණ කොමෙන්ට් එකක්වත් නැහැ ,අලුතෙන් දාන ඒවා ඉදල විතරයි ඉතුරුවෙන්නේ 
    Add a comment...

    ReplyDelete

  10. Haritha Thilakarathne
    2 days ago - Shared publicly

    පිස්සු බම්පර් උනා බොලව්!!!!!
    Reply

    මැලේ රාළ via Google+
    2 days ago - Shared publicly
    ලක්මාල් කන්දෙවිදානෙ originally shared this

    ඔහේ එක්ක ඉදලා සීයට මැරෙන්ඩ කලින් පිස්සු හැදෙනවා

    · Reply

    ReplyDelete

  11. වැව් ඉස්මත්ත
    2 days ago - Shared publicly

    නියමයි
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    ස්තුති

    Kaushi Ariyabandu
    2 days ago - Shared publicly

    මේ බ්ලොග් එකේ ගූගල් කමෙන්ට්ස් විතරක් ඇයිද කියන එක මට හෙන ප්‍රශ්නයක්....

    ටෙම්ප්ලේට් එකේ කේස් එකක්ද නැත්තං වෙන මොකක් හරි මඟුලක්ද... ාජාන ඉංජිනේරු විද්‍යාව හරි පාවිච්චි කරලා විසඳන්න බලන්න... නැත්තං පුරුදු නැති අය කමෙන්ට් නොදා යයි...

    හරි ඉතිං අපිට අප්‍රිකන් මිනිස්සුන්ගේ මූන වල් වල වෙනස්කම් හොයගන්න මාර ගෙමක් දෙන්න වෙනවනේ සමහර වෙලාවට... මං මේ කිව්වේ කලවම් අය නෙවෙයි... කලවම් නැති කලුම කලු ලොකු තොල් තියෙන, තන් එල්ලෙන, පාට ගොඩක් තියෙන රෙද්දක් උරහිසේ ඉඳලා ඇඳගත්ත අප්‍රිකන් ගෑණු ගොඩක් අස්සේ කීදෙනක් ඔයාට වෙන් කරල ුඅඳුනගන්න පුළුවන් වෙයි කියල ඔයා හිතනවද... ?

    වලහ සාටකේ හින්ද එයාව නොකා මාව කයිද///

    පිස්සුද නංගි.. ඔන්න ගොනෙක් එහෙම උනා නං ජාතියේ පියාට සොරි තමයි... හි හි...

    මෙතනදි වලහා ඔයයි මායි වගේ ජන්දෙ දාන කෙනෙක් නෙවෙයිනේ... ඔන්න වලහට ජන්දේ තිබ්බනං උෟ ඔයාව කයි... හි හි... අනිත් එක වලස්සු මස් කන්නේ නෑ නේද..
    Expand this comment »

    · Reply
    View all 4 replies

    Kaushi Ariyabandu2 days ago+1


    ටෙම්ප්ලේට් එක මාරු කරලා බලන්න... සමහර විට හරි යයි... 

    අපුර්වී ඔමායා2 days ago

    +Kaushi Ariyabandu හා අක්කේ දැන් ආයේ පාරක් බලන්නම් 

    ReplyDelete
  12. Muthu Ruwan
    2 days ago - Shared publicly

    ඔනම් දේ වෙලා ...... මාතලන් ගෝයියා පබ්ලිසිටිය දීලා දැන් නැගේ එයි කට්ටිය වල නොකැඩි .... වෙනද වගේම අදත් පොට්ටුව එල ... අපේ මොලේ අල .......
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    ස්තුති දිරිමත්කලාට 

    ලක්මාල් කන්දෙවිදානෙ
    2 days ago - Shared publicly

    ඔහේ එක්ක ඉදලා සීයට මැරෙන්ඩ කලින් පිස්සු හැදෙනවා
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    අනේ විදානේ මාමේ කොමෙන්ට් පෙට්ටිය හදා දෙන්නකෝ ,, +ලක්මාල් කන්දෙවිදානෙ සීය දැන් එන්න එන්න කොල්ලා වගේ 

    ReplyDelete


  13. ඉවාන් පවුලූශා2 days ago - Shared publicly

    සොබා දහම , අපූරු සොබාදහම...............කවුරුත් හිතන්නේ නැති දේ තමයි අන්තිමට ඔයා ලියලා තියෙන්නේ... මොන රාමු හදාගත්තත් අන්තිමට හැමෝම මිනිස්සු, සත්තු,
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    තෑන්ක්ස් ඉවාන් 

    Tithira Hiranjith Perera2 days ago - Shared publicly

    අපූරුයි..
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    ස්තුති

    ReplyDelete
  14. Janaranga Wijaindu Dewasurendra2 days ago - Shared publicly

    ඇත්තටම අමුතු රහක් තියනවා..වෙනසක් තියනවා..රසාස්වාදනය බොහොම වටින දෙයක් ගන්න පුළුවන්..වෙනස් දේවල් ලියන්න.මාතලන් කිව්වා වගේම හිට්ස් ගැන හිතන්න එපා..
    Reply

    අපුර්වී ඔමායා2 days ago

    ස්තුති දිරිමත්කලාට 

    ReplyDelete
  15. Maathalan - Priyantha Hewage2 days ago - Shared publicly

    අදත් උදේ පාන්දරම මොළේ මඤ්ඤංම වෙලා ඉතරක් නෙමෙයි කුරුවල් වෙලාම ගියා... මේ ලිවිල්ල මාර වෙනස්.. පට්ට රහයි.. පටන් ගන්නෙ එකකින් ඉවර කරන්නෙ තව එකකින්.. මාත්තුරුකාව කොහේවත් නෑ.. පට්ට රහයි ඕං ඈ... මේ වගේම ලියන්න... ඒක අනන්‍යතාවයක් වේවී... හිට්ස් ගැන හිතන්න එපා...
    Reply
    Hide replies

    අපුර්වී ඔමායා2 days ago

    හදපිරි මෙවුවා එක ,,රෑ 2 පහුවුනාම ඔයවගේ ඒවා ලියන්න හිතෙනවා ,,මන් තනියම ඉන්න නිසා වෙන්න ඇති මේ වගේ දේවල් ඔලුවට් පාත්වෙන්නේ අයියේ ,,ස්තුති ගොඩක් මන් වගේ අලුත් එකෙක්ගේ හැම පෝස්ට් එකම කියවන්න ඔයාගේ කාලේ වෙන්කරනවට 

    ඉවාන් පවුලූශා2 days ago

    +අපුර්වී ඔමායා හෑ බොල ......... එතකොට මාතලන් අයියා. අටමා මාමා ......

    අපුර්වී ඔමායා2 days ago

    +ඉවාන් පවුලූශා හි හි ඔයාලා තුන් දෙනාම මට එකයි,,දන්නා තරමින් ලාබාල +ලක්මාල් කන්දෙවිදානෙ තමයි 

    වැව් ඉස්මත්ත1 day ago

    +අපුර්වී ඔමායා
    මොකක් අටන් ලාබාල

    ReplyDelete
  16. ඔමා ඇන්ටි.. ආ ෂොරි.. සහෝදරී මාව නම් දන්නව වෙන්ට බෑ.. මොකෝ මං මේ වෙලකට බැස්සේ කලකට පස්සේ.. මගේ දකුණු ඇහැ වම් ඇහැට වඩා පේනවා අඩුයි.. ඇස් ගහලා නම් නෙවෙයි... හේතුව මේකයි.. ඕ ලෙවල් කරන දවස්වල හැදුවා පොඩි පොඩි අය පේන්න පොඩි උපකරණයක්.. වම් පැත්තේ අයිනෙම LED බල්බ් එකක්.. ඒක සුදු පාටයි.. ඊළගට ඔලුව කඩලා අයින් කරලා හෝදලා පිරිසිදු කරපු සූත්‍රිකා බල්බ් එකක්.. ඊළගට චූටි කාචයක්.. ඒක ආරක්ෂක කැමරාවක කෑල්ලක්ද කොහෙද කුණු ගොඩකින් හම්බුනේ.. මට ඒක දිව්‍ය සම්පතක් ඒ දවස් වල.. ඊළගට ආයෙත් කලින් වගේ කරලා ඇතුළට වතුර පුරෝපු සූත්‍රිකා බල්බ් එකක්.. ඔන්න ඕවා හරි පෙළට හයි කරලා වටේට වැහුවා... අපේ ගෙදර බලන්න ජීවියෝ ඕන තරම්.. පොඩි විලක් තිබුනා.. ඒකෙන් ගෙනාපු වතුර දැම්මා දෙවනි බල්බ් එකට.. බලන්න එපැයි ලස්සණ.. අමුතු අමුතු සත්තු.. අමුතු අමුතු ගස්.. සමහර ඒවා සත්තුද ගස්ද කියලා හොයා ගන්නත් බෑ.. යූ ටියුබ් වීඩියෝ වලින් බලනවට වඩා අපූරුයි ඇත්තට බලනකොට.. අනික ලස්සනම වැඩේ තමා එයාලා පැටව් ගහන ඉක්මන.. අර "දරු දෙන්නයි අපි දෙන්නයි පුංචි පවුල රත්තරං" සංකල්පේ එයාලා ගාව නැද්ද කොහෙද.. දවසක් බල්බ් එකේ වතුර එක තිබ්බොත් කලින් හිටියා වගේ බර ගානක් සත්තු හැදෙනවා... දැං ඉතින් ඕක ගැන ලියන්න ගියොත් මේක කමෙන්ට් එකක් නෙවෙයි පෝස්ට් එකක් වෙනවා... කොහොම හරි ඕක බලලම මගේ ඇහැ ඩවුන්... දැනටත් ඒ උණ එහෙමම තියෙනවා..

    මං වගේ පිස්සු පොරවල්ලා එක්කෙනෙක් හරි ඉන්නවා ඒ කියන්නේ මේ ලෝකේ.. ක් ක්... එහෙනම් අපි ගියා... සුභ දිනක්...

    ReplyDelete
  17. මටත් සතුටුයි ඔයාව හමුවීම ,, තෑන්ක්ස් අදහස බෙදාගත්තට

    ReplyDelete
  18. මාර මාර දේවල්නෙ ඔමා ඔයාට හිතෙන්නෙ .. හැබැයි එක අතකින් ඒවත් ඇත්ත

    ReplyDelete
  19. මාතලන්ගේ සින්ඩියෙන් ආවේ ..දිගටම එන්නම් ... බ්ලොග් එක හොදයි

    ජයවේවා !!!

    ReplyDelete
  20. happe akke mokadda meeeeeeee oluwa kohedo kada kohedo........................oooo

    ReplyDelete
    Replies
    1. හි හි ඔළුවයි කදයි එකම පැත්තේ තියෙන්නේ මොලුස්කාවංශේ අපි ක්‍රෝඩාටා,,අන්න ඒකයි මල්ලි

      Delete
  21. දූරංගමං ඒකචරං අසරීරං ගුහාස‍යං...ට්‍රිප් එකක් එක්ක ගියා...මාතලන්ගේ පාරෙන් ආවේ...

    සුබ පැතුම්..ලියමු දිගටම...හැකි සෑම ලිපියක්ම කියවන්නම්.

    ReplyDelete
  22. අද තමයි ගොඩවුනේ, දිගටම එන්නම් ජයවේවා!!!

    ReplyDelete
  23. පිස්සු උනාට ෂෝක් නෙ මෙයා......

    ReplyDelete
  24. http://campusapi123.blogspot.com/

    ReplyDelete
  25. *****විශ්වවිද්‍යාලයේදී තමන් මුලින්ම හිතට ගන්න ඕනේ දේ තමයි තමුන් මෙතනට ආවේ මොකටද කියන එක. දුප්පත් දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරලා දුප්පත් දෙමව්පියන්ගේ හීන බලාපොරොත්තු උකසට තියලා ඇවිත් ඉගෙන ගන්නේ නැතුව එක එකාට කඩේ යනවනම් මොකද්ද ඒකේ වැදගත්කම? මහපොළ සල්ලි වලින් තීන්ත අරන් පෝස්ටර් ඇඳලා තමන්ටවත් රටටවත් වැඩක් නැතුව කරන දේශපාලනෙන් වැඩක් තියනවද? මේ දේවල් වලින් කාටද අන්තිමට ප්‍රයෝජනයක් තියෙන්නේ? ඔබටද? මටද? නැත්තම් වෙන කාටද?******අන්න ඒකයි මාත් කියන්නේ ඉදගෙන @ano

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඔය කතාව සමාජයේ හරි ජනප්‍රිය නිදහසට කාරණාවක්. සමහර වෙලේට වැස්සකට යුනියකට අඩිය තියලා නැති එවුනුත්, තමන්ට හෝ තමන්ගේ පවුලේ එකෙක්ට යුනියට යන්න බැරිවෙච්ච දුක තියෙන උනුත් ගොඩක් වෙලේට කියන කතාවක් තමයි ඔය. රුපියල් 2500ක හිඟන මහපොලක් අරන් හරියට කන්නවත් නැතිව තමයි ඔතනින් ගොඩක් උන් එලියට එන්නේ. කවුරුත් ඒ ගැන කතා කරන්නේ නෑ.

      පසුව ලියමි : වාද කිරීමෙන් දෙපැත්තටම ප්‍රයෝජනයක් නැති නිසා මෙය සංවාදයට විවෘත නැත.

      Delete
  26. මගේ ඔළුව කරකැවිල්ල වගේ... :/

    ReplyDelete
  27. අද තමයි මාත් ආවේ ඔමායා.. දිගටම එන්නම් සහ අනිත් පෝස්ට් ටිකත් ටික ටික කියවන්නම්.. එන්න මගේ බ්ලොග් එකටත්..

    එදිනෙදා ජීවිතය | Trance".

    ReplyDelete
  28. ස්තුති යාලුවා ,මාත් එන්නම් ඔයාලගේ පැත්තේ

    ReplyDelete
  29. බොහොම හොද පොස්ට් එකක්, දිගටම ලියන්න නංගෝ, හැබැයි එක දෙයක් අමතකකරන්න එපා. මොකක්ද දන්නවද, මේ ලෝකේ මැව්ව මැවුම්කරයා කව්ද කියන එක. මොකද කිව්වොත් එයාට පුළුවන් ඔය හැමදෙනාම වෙන් වෙන්ව අදුනගන්න. එයා ඔය හැමදෙනාම හඳුනාගන්න ක්‍රම සහ විදි අපිට උගන්වලා තියනවා. මතක නැද්ද ඔය හැම සතාටම නම් දැම්මේ ආදම් කියන එක.

    ReplyDelete
  30. // අපි ,,හාල්මැස්සො ගෙනත් ඔලුටික සට සට ගාලා කඩල උයනවා අපිට උන් ඔක්කොම එක වගේ ඒත් උන්ගේ මුනවල් වල වෙනස්කම් ඇති නේද එයාලා විතරක් දන්නා ,,, අපිට වුන් ඔක්කොම හාල්මැස්සෝ වුනාට ,, සාලයෝ එහෙමත් ඒවගේ ඇති නේද.. මමයි අපේ ජාතියේ පියයි දෙන්න දෙන්නා ගමනක් යද්දී ඉස්සරහට වලහෙක් එනවා ,,වලහ සාටකේ හින්ද එයාව නොකා මාව කයිද ? ඈ වලහාට අපිදෙන්නම මිනිස්සු දෙන්නෙක් විතරයි අපිට අර සත්තු ටික හාල්මැස්සෝ හෝ සාලයෝ වුණා වගේ,,//

    මේ තරම් ලස්සනට මේ ඇත්ත ලියල තියනව දැක්කමයි........

    ReplyDelete
    Replies
    1. ස්තුතී හිතුවක්කාරයෝ

      Delete
  31. ඔක්කොම කියෙව්වුවා. මරුවට ලියල තියනව. පොඩි පොඩි තැන් වල චුට්ටක් එහාට මෙහාට වෙලා තියනවා. හරියටම කියවද්දී එක තේරුම් ගන්න පුළුවන් . දිගටම ලියහන් නංගියේ. උඹට ජය වේවා
    ජය ශ්‍රී

    ReplyDelete
  32. මේකත් ඔන්න කියවලා ඉවරයි. හොඳට හිතන්න එකම පරිසරයක තියෙන ගසේ වර්ග වලත් වෙනස් කම් තියෙන්නේ ඇයි. කියලා. කරුණු හොයලා බලන්න ඔබට පැහැදිලි වෙයි. ඔබට පරිණාම වාදය පිළිඹඳ පොඩි තරහක් තියෙනවා වාගේ. ඔන්න මම මොනවත් කියන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. එකම පරිසරයක තියෙන ගස් වර්ග කීවේ? එකම පරිසරයක තියෙන එකම විශේෂයේ ගස් වර්ගද ? නැත්නම් වෙන වෙන වර්ගද ,, පරිනාමවාදය මං පවුද්ග්ලිකව පිළිගන්නේ නැහැ ,, ඒක මගේ අයිතිය

      Delete
  33. ඒ බං අක්කේ.මේ පෝස්ට් එකේ නොටිෆිකේසන් මට ආවේ නැහැනේ.ඒ මොකෝ එහෙම වෙන්නේ.......

    ReplyDelete
    Replies
    1. නොටිෆයි මී ක්ලික් කලේ නැතුව ඇති ඔයා

      Delete
  34. එරඬු කොලවල නැට්ට කඩලා හුලං බුබුලු යවන්න මං පට්ට ආසයි. පොඩි කාලෙ අවුරුද්දකට සැරයක් තාත්තගෙ ගමේ යනකං ඇඟිලි ගනිනවා අපේ පැත්තෙ එරඬු නැති නිසා...
    .
    මේ සමාජ ක්‍රමෙත් එක්ක අපි යන'එන , පදිංචි වෙලා එන්න පුංචි සීමවල් ඇතුලෙ උනත් අපිට අවට ලෝකයෙ දකින්න/විඳින්න තියෙන දේවල් ගොඩයි. හැබැයි හැමෝම මොනවදෝ පස්සෙ දුවනවා අත ලඟ තියෙන ගොඩක් දේවල් මිස් කරගෙන...
    .
    මේ ලිපිය ගැන කියන්න හිතට ආපු දේවල් තව ලිපියක් ලියන්න තරං දිගයි. ඉතිං කොටන්න කම්මැලියි අප්පා..
    .
    මේ බ්ලොගේ මං දැනට කියවලා තියෙන ලිපි වලිං, මට දෙවෙනියට හොඳම ලිපිය මේක...

    ReplyDelete
  35. එරඬු කොලවල නැට්ට කඩලා හුලං බුබුලු යවන්න මං පට්ට ආසයි. පොඩි කාලෙ අවුරුද්දකට සැරයක් තාත්තගෙ ගමේ යනකං ඇඟිලි ගනිනවා අපේ පැත්තෙ එරඬු නැති නිසා...
    .
    මේ සමාජ ක්‍රමෙත් එක්ක අපි යන'එන , පදිංචි වෙලා එන්න පුංචි සීමවල් ඇතුලෙ උනත් අපිට අවට ලෝකයෙ දකින්න/විඳින්න තියෙන දේවල් ගොඩයි. හැබැයි හැමෝම මොනවදෝ පස්සෙ දුවනවා අත ලඟ තියෙන ගොඩක් දේවල් මිස් කරගෙන...
    .
    මේ ලිපිය ගැන කියන්න හිතට ආපු දේවල් තව ලිපියක් ලියන්න තරං දිගයි. ඉතිං කොටන්න කම්මැලියි අප්පා..
    .
    මේ බ්ලොගේ මං දැනට කියවලා තියෙන ලිපි වලිං, මට දෙවෙනියට හොඳම ලිපිය මේක...

    ReplyDelete
  36. අක්කා බයෝ වගේ කරලා තියෙන්නේ. පට්ට මගේ හිතත් ගිය ඈත.
    (තිඹිරි ගෙයින් ආවේ)

    ReplyDelete
  37. මැදැයි ඔමාගෙ අඩ නිරුවතක් බලන්න ආව ...
    සුපියල් පා කෑව ...

    ReplyDelete
  38. මොනවද අම්මේ අකුරු ජාතියක්
    මල් පෙති වල කවුදෝ ලියලා
    කවුරුද අම්මේ මේවා ලියන්නේ
    පාට පාට ඉරි හැඩ ගහලා

    ඔමා දන්නෙ නෑ හඳ ඇති කාලෙට
    වනන්තරේ හරි වැඩ කෙරෙතී
    බෝසත්වරු බණ කතා කියද්දී
    වන දෙවඟනො මල් වල ලියතී

    මේ වගෙ ලස්සන පාට අපට නෑ
    කොතැනින් මේවා ගෙන එන්නේ
    කොහොමද අම්මේ මේව කියන්නේ
    මට නෑ මොකවත් තේරෙන්නේ

    ඉර පායන කොට ඉර බැස යන කොට
    පාට වළාකුළු ඇත අහසේ
    ඒවායින් මේ මල් පැහැ ගන්වයි
    ඒව කෙරෙන්නේ හොර රහසේ

    අම්මෙ අම්මෙ අර පුංචි කුරුල්ලෝ
    කිචි බිචි ගා මොනවද කියතී
    උන් දන්නව ඇති මේ මල් වල ඇති
    පුංචි අකුරු නිතරම බලතී

    ඔව් මගෙ සූකිරි ඔමා දුවේ ඔව්
    කුරුළු ගීත වල රස මතුවේ
    එක එක තාලෙට කියන කියන දේ
    මල් කොළ වල තව තව ලියැවේ

    බිම බැලුවත් මල් උඩ බැලුවත් මල්
    පුංචි කුරුල්ලන් ඉගිලෙනවා
    සෑමදාම ඇයි මෙහෙමම නැත්තේ
    මල් ද කුරුල්ලන් කොහි යනවා

    බුදු හාමුදුරුවො ඉපැදුණු කාලෙට
    කවදත් ඔහොමයි ඔමා දුවේ
    මිනිසුන් වාගෙම සත්තුන් වාගෙම
    මල් කොළ වලටත් සතුට නැගේ

    ReplyDelete
  39. adai obawa kiyewwe. hari apoorui. digatama liyanna.

    ReplyDelete
  40. මගේ අම්මටත් හිත නොරිද්දා ,......................කියන්න තිබුන දේ ..................ගල් හැපුණා , ...
    අද මට අද අකැපය .....................මගේ මාපියන් දෙදෙනාම අද මා ලග නැත ..................
    මතකය ඇවිස්සු ................ඔබට තුති .........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!111111

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...