Thursday, August 22, 2013

ඒකාධිපතියෙක් වූ සිත්තරා (ඇඩොල්ෆ් හිට්ලර්) 24


                                  








   "සිල්වා ,,,සිල්වා ඉක්මනට ජනෙල් වහන්න ,,, ඇහෙනවද සද්දේ ,,කවුරු තට්ටු කලත් දොර අරින්න එපා"

"හරි හරි මේ වහනෝ ,,,වහනෝ ,,දැන් නම් ලග ලගම ඇහෙනවා සද්දේ " මාත් ත්‍රාසජනක චිත්‍රපටියක් බලද්දී වගේ මුණෙන් ඇක්සන් එක දෙනවා..

                      ඔයා කල්පනා කරන්න එපා මන් කියන්නම් අගමුල , මේකට වගකියන්න ඕනේ හිට්ලර්,,
                                  හිට්ලර් බලයට පත්වෙච්ච කාලේ ජර්මනියේ ගෙවල් වලට මහ රෑ නට්සි රහස් පොලීසියෙන් කඩාපනිනවලු,,ඒකාලේ  සීයා අවුරුදු 14 ක වගේ  ළමයෙක්, (මගේ ගණන් හැදීමට අනුව ,එයාට මතක නැහැ,) ඒ කාලේ මුළු ජර්මනියම සිර කදවුරක් වගේලු..එයා පුංචි කාලේ ලබපු අමිහිරි අත්දැකීම පසු කාළෙක අමතක කරලා ජිවත් වුනත්,දැන් එයාගේ ජිවිතේ අන්තිම කාලේදී ඒ අතීත මතකයන් වර්තමානෙට කාන්දු වෙනවා,එයා සමහර වෙලාවට ජිවත් වෙන්නේ 1940 වගේ මටත් පට්ට ආතල් (ඩිමෙන්සියාව නම් රෝගී තත්වය ),, තනිවම කල්පනා කරන්න නොදී නිතරම වෙන දේකට අවදානය යොමුකරවන එක තමයි මන් නිතර කරන්නේ,, එයා දැන් දවසෙන් වැඩි හරියක් ටීවී බලනවා, රෙස්ලින් ,බැලේටර්,කික් බොක්සින්, ම්ම්ම්ම් ,,,නැහැ ඒවා ගැන කතාව වෙන දවසක ,,අද කියන්නේ සීයා මට පිස්සු කියලා කියපු කතාව 

                                            එයා මගෙන් අහනවා ඉස්සර නිතරම වගේ..." වෙඩි සද්දේ ඇහුණා නේද" ? "ජනෙල් වහලද??"  , ආයේ කියනවා "එලියට යන්න එපා!! ,දොර අරින්න එපා!! මන් ඉතින් එයා ගැන දන්න නිසා එයා රෝගියෙක් හින්දා මාත් රගපානවා ,,ඒකෙන් එයා ගොඩක් සතුටු වුණා..

                                      ඒ වගේම මන් කියලා තිබ්බා මන් ලංකාවේදී හමුදාවේ වැඩ කළා ඒ හින්දා කිසි දේකට බයවෙන්න එපා,," සෙරප්පු සද්දෙන් මන් කියන්නම් කවුද එන්නේ" ,"නට්සි කාරයෝ කොහෙද මන් එක්ක හැප්පෙන්නේ " හෙන පත බොරු ,, සීයට මාර  ෆිට් ,,
                              ඒත් එයාගේ යාළුවො කෝල් කරලා එයාගේ ඔලුව අවුල් කරනවා.එයාලා  සීයට කියනවා ,,"දැන් යුද්දේ ඉවරයි හිට්ලර් මැරිලා කොච්චර කල්ද" කියලා..එහෙම කෝල් එකක් ආවට පස්සේ මන් එක්ක කතා කරන්නෙත් නැහැ දවසෙම..මටත් දුකයි..මන් කොහොමහරි බොරු කියලා කියලා හිට්ලර්ව මවලා දෙනවා..
                 
                            ඊයේ අපි ගියා සීයාගේ දුවගේ ගෙදර අපි දෙන්නා සෝෆා එකේ ඉදගෙන ඔහේ ඉන්නවා,, එයාට පාළු ඇති කියලා හිතලා මන් බොරුවට ඇහුවා "මේ පැත්තේ නාසී කාරයෝ නැද්ද,,වෙඩි සද්ද එහෙම ඇහුනේ නෑ තාම" කියලා.එතකොටම දුවත් ආවා අපි ලගට
 ඊට පස්සේ මන් දිහා බලලා කැත නක්කල් හිනාවක් දාපු සීයා මට කියනවා 
                         "සිල්වා ඔයාට මොලේ හොද නැද්ද? දැන් කොහෙද යුද්ද??? " ඊළග පාර බෙහෙත් ගේද්දී දෙන්නටම ගේන්න මන් සල්ලි දෙන්නම්" කියලා ,, පොලව පලාගෙන තට්ටු හතක් යට වළක් කපන් වැලලුනා නම් ඊට වඩා හොදයි,,සැක් දුවටත් ඇහුණා. මොනා කරන්නද මන් අඩන්න බැරිකමට හිනාවෙලා කරබාගත්තා..
                           ගෙදර එනකල් පුදුම කේන්තියකින් හිටියේ ඒත් මුණෙන් හරිම ප්‍රසන්න හිනාවක් මවාගෙන..ගෙදර ආවට පස්සේ සීයට මතක නැහැ වෙච්චදේ,සමහරවිට එයත් අමතක බව මට පෙන්නනවා ඇති මොනා කරන්නද,, ඊට පස්සේ ඒ අපහසුතාව මගහරවගන්න ඕනේ කියලා හිතිලා හිට්ලර් ගැන තිබුණ ලිපි ,විකිපීඩියාවේ ලිපි ,බ්ලොග් වල ලිපි කියෙවුවා රෑ 3 වෙනකල්..මගේ සමාදානේ කාපු යකා හිට්ලර්,, කියෝලා ඔළුවට එයා ගැන ගත්ත දේවල් ඔයාලා කාටහරි වැදගත් වෙයි කියලා හිතුනා,, ඒ මතකය මන් දැන් ලියන්නම් නම් ,ගම්,වර්ෂ වලට වඩා සිදුවීම් වලට මුල් තැනක් ලැබේවී,, අඩු පාඩු තිබේවි,,නමුත් කියවපු දෙයක් දිහා බලාගෙන කොපි රයිට් කරන එක නැවැත්තුවේ 4 වසරේදී ඒ නිසා මේ ලියන්නේ මගේ මතකය විතරයි ....


                      ඔයා කැමතිද මගේ හිතේ හිට්ලර් වෙනුවෙන් තියන අදහස කියවන්න ??හ්ම්ම් ,,, එහෙමනම් මන් ලියනවා ඔන්න ඈ ,,,


                                      

                              ජර්මන් ජාතිය නිර්මල ආර්යයන්ගෙන් පැවතඑන ලෝකයේ උතුම්ම මානව වර්ගය බව ප්‍රකාශ කරපු  හිට්ලර්  ජර්මන් ජාතිකයෙක් නෙමයි. 1889 අප්‍රියල් 20 වෙනිදා ඔස්ට්‍රියාවයි ජර්මනියයි අතර තිබ්බ බ්‍රොනාව කියන කුඩා ගම්මානෙක ඔහු ඉපදුණේ.ඔහුගේ පියා ඔස්ට්‍රියානු ජාතික රේගු නිලධාරියෙක්,අසාර්ථක විවාහ දෙකකට පසු තුන් වන විවාහය ලෙස තමයි හිට්ලර්ගේ අම්මව කසාද බැන්දේ. (මුල්කසාද දෙකේම බිරියන් රෝගීව මිය ගියා) හිට්ලර්ට සහෝදර සහෝදරියන්  හතර දෙනෙක්  හිටියා. ඒ අතරිනුත් තිදෙනෙක් මිය ගියා , 
                       
                         ඔහුගේ පියා මවට වඩා අවුරුදු විසිගානක් වැඩිමල් කෙනෙක් , දැඩිව මත්පැන්වලට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්..පියා ඉතාම කුරිරු විදියට තමයි හිට්ලර්ට සහ නැගණියට සැළකුවේ.නිතර පහර දුන්නා, කිසිම හේතුවක් නැතුව ඔහු දරුවන්ට පහර දුන්නා,,මේ තුලින් තම පියා ගැනත් සමාජය ගැනත් තද වයිරයක් හිට්ලර් තුල පැළපදියම් නොවුනානම් තමයි පුදුම

                     මවගේ සියළු දුක් ගැනවිලිත්,පියාගේ කුරිරු අනසකත් තුල ඇඩොල්ෆ් ගේ ළමාවිය ඉතාම අසුන්දර විදියට තමයි ගෙවුනේ,, ඔහු අනෙක් දරුවන්ට වඩා වෙනස් කනස්සලෙන් සහ කලකිරීමෙන් තමයි නිතර හිටියේ .මව ඇයගේ වේදනාවන් ඇඩොල්ෆ් සමග බෙදාගත් අතර ඇය ඔහුට අසීමිතව ආදරය කළා. 
                            ඇඩෝල්ෆ්ට වයස 14 ක් වගේ වෙද්දී පියා පෙනහළු රෝගයකින් මිය යනවා ....මේ පිඩනය වයිරය වෙන්න ඇති ඔහු අවසානේ මෙතරම් දුෂ්ඨ ඒකාධිපතියෙක් කරන්න ඔහුව මෙහෙයවන්න ඇත්තේ සමහවිට .
                               ඉන්පසු මවගේ කැමැත්ත වුණේ තමන්ගේ දරුවා පුජකයෙක් කරන්නයි.ඒ මන්ද යත් ඇය දැඩි ආගමික භක්තියක් තිබු කාන්තාවක් වූ නිසයි.නමුත් පාසලේ හොරෙන් සිගරැට් බී( දුම්බීම ඈ )  හසු වීමෙන් ඒ ගමන අඩාල විය.
                           ඉන්පසු මවගේ අභාවයත් සමග ජිවත් වීමට ක්‍රමයක් නොවූ හිට්ලර් එදිනෙදා  කවුරුන් හෝ පිනට දෙන යමකින් යන්තම් ජිවත්වූ අතර ..චිත්‍ර ඇදීමේ සහජ දක්ෂතාවක් තිබු ඔහු චිත්‍ර විකුණා යම් මුදලක් උපයා ගැනීමෙන්ද ඉදහිට කල සුළු රැකියාවකින්ද යන්තම් දිවිගැට ගසා ගත්තෙකි.
"ඔයා දැකලා තියනවද එයා ඇදපුවා"?? 

 








                        ඔන්න එයා ඇදපු වලින් මට හම්බවෙච්චා.,, හ්ම්ම් ඊට පස්සේ අවුරුදු විසි පහේදී වගේ ඔස්ට්‍රියා රජය හමුදාවට සොල්දාදුවන් බදවාගැනීමේ සුදුසුකම් බලන පරීක්ෂණයකට ඉදිරිපත්වෙච්ච අපේ කතා නායකයා ඒකෙන් අසමත් වෙනවා,,හි හි හි ,,"අවිදරන්ඩ තරම් සුදුසු මට්ටමක ඔහු නොසිටීම එයට හේතු වුණා"ඒත් අන්තිමේ බලෙන් වගේ බැවේරියානු පාබල හමුදාවට ඔහු එකතු වෙනවා,,,සටන් හතලිස් ගානකට  සම්බන්ද වෙච්චි හිට්ලර් "යකඩ කුරුසය කියන සාමාන්‍ය සෙබලෙක්ට ලබන්න පුළුවන් දුර්ලභම සම්මානයෙනුත් පිදුම් ලැබුවා ,නමුත් කවදාවත් ලාන්ස් කෝප්‍රල් තනතුරෙන් උඩට නම් එන්න බැරි වුණා..
                                       ඉන්පසු දේශපාලන පක්ෂ වල ඔත්තු බලන්නෙකු ලෙස තමයි ඔහු රාජකාරි කලේ  මේ අතර ජර්මානු කම්කරු පක්ෂයේ ජාතිකවාදී ප්‍රවීණයන්ගෙන් යුත් සුළු කණ්ඩායමක් ගැන සොයා බැලීමට ඔහුට අණ ලැබුණා .මේ පක්ෂයට කිසිදු වැඩ පිළිවෙළක් හා ක්‍රියාත්මක සැලැස්මක් තිබුනේ නැහැ . (එය රජයට එරෙහි වූවක් පමණක් විය අපේ රටේ නම් එහෙම එවුවා නැහැ නේ ,,) පක්ෂ භාණ්ඩාගාරයේ මුළු වත්කම ඩොලර් දෙකක් පමණක් විය. එහෙත් පක්ෂයේ නිශ්චිත මතවාද කීපයක් හිට්ලර්ගේ හිතට වැදුනා . ඒ ඒවා ඔහුගේ අදහස් හා සමාන වෙච්චි හින්දා.
                                  ඒ මන් හිතන්නේ 1920 වගේ,,එතන ඉදලා 1933 හිට්ලර් ජර්මනියේ බලයට එන දවස වෙනකල් ගොඩක් දේවල් සිද්ධ වුණා.ඔහුට ජර්මනියේ පුරවැසි භාවය පවා ලබාගන්න වුනේ ජරාවක් දීලා..ඔයා දන්නවද හිට්ලර් හරිම දක්ෂ කථිකයෙක් ,ඔහු කතාව තුලින් මිනිස්සු ඇල්ලුවා ,වරක් රාජද්‍රෝහී ක්‍රියාවකට සිරබාරයක්ට ගත්ත වෙලාවේ ඔහු ඒකට මුණ දුන්න විදිය මිනිස්සුන්ගේ හදවත්වල හිට්ලර් නමින් වීරයෙක් බිහි කෙරුවා,,අවසානේ වසර පහක සිරදඩුවමක් නියම වුණා.නමුත් ඔහු මාසකීපයකින් එයින් නිදහස් වුණා,, ඒ වගේම ඔහු සිරගතවෙලා ඉන්න කාලේදී පොතක් ලියුවා (ලියුව කියන්නේ හිට්ලර් කටින් කියද්දී වෙන කෙනෙක් ලියුවේ කෙනාගේ නම මතක නැහැ)ඒ පොත ලෝකේ භාෂාවල් එකොළහකට පරිවර්ථනය කළා .. ඒකෙ නම "මගේ සටන"අන්තිමට පොතේ කතෘ භාගයට හම්බවෙච්ච සල්ලි වලින් හිට්ලර් පෝසත් වුණා .,,
                                          කොහොම කොහොම හරි 1933 වෙද්දී ත්‍රස්තවාදයෙන් ජර්මනිය තුළ සිය නායකත්වය වර්ධනය කරගත්ත  හිට්ලර් ‘මගේ සටන’ කෘතියෙන් දැක්වුණු ඔහුගේ අරමුණු සපුරා ගනිමින් යුරෝපය පුරා ජර්මන් බලය ව්‍යාප්ත කිරීමට පටන් ගන්නවා.ඒ කාලේ මුළු ජර්මනියම ලොකු හිරගෙයක් වගේ ,,"අන්න ඒ කාලෙට තමයි මගේ පේසන්ට් මාව එක්කන් යන්නේ" හරිද ..එතන ඉදල 1945 වෙනකල් මුළු ලෝකෙටම හිට්ලර් කරපු හරිය ඔයාලා දන්නවනේ ඉතින් ...කොහොමහරි ටික ටික හිට්ලර්ගේ බලය අඩුවේගෙන යන්න පටන් ගත්තා..අන්තිමට 45 අවුරුද්දේ අප්‍රියල් විසිනව වෙනිදා. තමන්ගේ අනියම් පෙම්වතිය වෙලා හිටපු ඊවා බ්‍රොන්ව කසාද බදිනවා..ඒ වගේම තමන්ගේ අන්තිම කැමති පත්තරෙත් ලියනවා,, ඊට පහුවදා තමන්ගේ කාමරේම වෙඩි තියාගෙන මැරෙනවා,,ඒ වගේම ඔහුගේ බිරිදත් එදාම වහබීලා මැරෙනවා..

හිට්ලර්ගේ උපදෙස් අනුව තමයි අන්තිම කටයුතු සිද්ද කලෙත් ..මිනීදෙකම "චාන්සලරි උයනේ සත්තුන්ගේ කෑම වලකට දාලා ගිනිතිබ්බලු " (මන් හිතන්නේ චාන්සලරි කියන්නේ ඔහු ජර්මනියේ චාන්සල් වරයා වෙලා හිටපු ගෙදර උයන වෙන්න ඇති අපේ අරලිය ගහ මන්දිරේ වගේ )

                             ඕක තමයි කතාව ..මට හිතන්න දේවල් සහ නිගමන කීපෙකට එන්න ලැබුණා මෙයා ගැන කියෝලා ,,ඔයාටත් සමහරවිට පුළුවන් වෙයි.. 
                        හිට්ලර් මොන තරම් අපරාදකාරයෙක් වුණත් මට එයා ගැන දුක හිතුණා..සමාජ වටපිටාව ,දේශපාලනය ,ආදරය ,සෙනහස මේ දේවල් කොච්චර එකිනෙකට සම්බන්ධද කියලා හිතුණා..
                                    සිත්තරෙක් කියන්නේ ගොඩක් සංවේදී කෙනෙක් ,,,,,,,ම්ම්ම් නැහැ නැහැ දැන් ඇති ,,ඔයා තීරණේ කරන්න ඔයාට හිතෙන දේවල් ,,,
 එකක් ලියන්නම් අන්තිමට ,,ඔයාගේ දරුවන්ට ගොඩක් ආදරේ දෙන්න,,ඒ හදවත් වලට අපේ ජිවන බර ,පිඩනය පෙන්නන්න එපා.!!


 කියෙවුවට ආ කන්න පොපී ,,,

80 comments:

  1. මාරු එකට ලියල.
    පොඩියට හිටියට ඇත්තටම ඔබ සැබෑ දක්ෂිකාවක් කියල හිතුන මේ ලිපිය කියෙව්වම.
    මේ විදිය දිගටම පවතීවායි පතමි.!

    ReplyDelete
    Replies
    1. මටනං හිතෙන්නෙම මේ කෙල්ලගේ නමින් ඉන්නේ සුපිරි චරිතතයක් කියලයි.

      Delete
    2. නලින් මල්ලිය;
      මේ කෙල්ල අපිට එලටම රස විදින්න දවස ගානෙ ලිපි ලියනව නම් අපේ යුතු කම දිරිමත් කරල ඉදිරියට යැවීම.
      අපි අර චරිත මේ චරිත හොයන්න ගිහිල්ල මෙකි භය වෙයි අපි කසාද බදින්න ඒව හොයනව කියල.
      අන්තිමට නොලිය හිටියොත් අපිට සුම්ම.

      Delete
    3. මටත් හිතෙනවා , කාගේ හරි ෆොටෝ එකක් දාගන , මේ අපිට පෙන්නන කෙනා නෙහමයි ඇත්ත කෙනා

      Delete
    4. නලින් අයියා ,ගොන්ජි ,අටම් ඔයාලා හැමදාම මාත් එක්ක ඉන්නවනේ ,,සුපිලි චලිතයක් කියද්දී ලැජ්ජාවේ සන්තෝසේ බැලුවා ගියා ඈ ඉදගෙන හිකි හිකි ,,අපි හැමෝම සුපිරි චරිත මොකද මන් වගේ ඉන්නේ මන් විතරයි ,ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි ,, මේ ෆොටෝ එකේ ඉන්නේ මමමයි කියන්න හෝ අනේ මන් මේ සාමාන්‍ය කෙල්ලෙක් කියන්න මන් කැමති නැහැ,,ඔයාලා මේ බ්ලොග් එක පුරා දකින්නේ මගේ හීන,,මගේ සිතුම් පැතුම්,දවසෙන් වැඩිහරියක් ,සමහර දවසට ගණන් කරන්න පුළුවන් වචන ප්‍රමාණයක් විතරයි කතා කරන්න හම්බෙන්නේ මට,,පාළුව මකාගෙන කාළයත් ගත කරවාගන්න නිසයි මේවගේ දේවල් ලියන්නේ ,,මන් ලියන දේ ලියලා පබ්ලිෂ් කලාට පස්සේ තමයි මන් කියවන්නේ..

      @අටම් ඔව් ඔව් ඔව් ,,

      Delete
    5. @ අටම්
      ඔව් බං මෙයාට බතලි කියලා කිව්වලු ඒ කාලේ, එත් දැන් නම් බතල කමක් පෙන්නේ නෑ නේ,හරීම ස්ලිම් අනේ...:D

      Delete
    6. @Prageeeth @ තරහයි ඈ ඉදගෙන මන්

      Delete
  2. මම අහල තිබ්බ විදියට හිට්ලර් ඇඳපු චිත්‍ර වල මිනිස්සු ඇඳල තිබ්බෙ නෑලු. අනික තමයි මිනිහත් කැලේ ගස් වලට කතා කරල කතා කරන්න පුරුදු වූ සබකොලිකයෙක්ලු.

    ReplyDelete
    Replies
    1. ඔබ සමග මාත් එකඟයි ඉන්දික

      Delete
    2. @ඉන්දික" ලූ " කියන වචනෙන් උත්තර දෙන්නවා කියන්නේ ඔයා අහලා තියනවා විතරයි ඔයා ඇත්ත දන්නේ නෑ කියන එක ,,නැහැ අයියේ මන් මේවා ඔක්කොම එයාගෙමයි කියලා සහතික කරගෙන දැම්මේ ,,ඊයේ රෑම සීයාගේ මුණුපුරෙක්ට ඊයක් විදලා විස්තර ඇහුවා ,,එයා කිවුවා දැනටත් ඒවා විකුනනවලු,,පුදුම ලස්සනයි..ස්තුති මගේ ලිපිය කියෙවුවට ,ආයෙමත් එන්න ,,

      @නලින් මාමේ ඔයා මාත් එක්ක නැද්ද ඈ ඉදගෙන :-)

      Delete
  3. හිට්ලර් සිත්තරෙක් බව අදයි දන්නේ. හොඳ ලිපියක්. මානසික ආබාදයක් නිසා අතීතයේ ජීවත් වන කෙනෙකු රවට්ටන එකද නැත්නම් ක්‍රමානුකුලව වර්තමානයට ගෙන එන එකද හරි. ඒ ගැන තියෙන විද්‍යාත්මක ක්‍රමය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. විශ්ව,ඔබ කියන එකම මමත් හිතුව.මෙයා වයස 90 ක විතර කෙනෙක් නිසා වෙන්න ඇති ඔමායා එහෙම කරනව ඇති කියා මා සිතුව.
      වයස අඩු කෙනෙක්ව නම් නැවත අනිවා නියම තත්වයට ගත යුතුමයි.

      Delete
    2. @විශ්ව&කෙන්ජි..........මගේ වයිෆුත් වැඩ කරන්නේ වයසක අය ඉන්න තැනක.සීයට හැටක් හැත්තෑවක් වගේ ඉන්නේ ඩිමෙන්ශියා අය.මේ අයව නැවත ප්‍රකෘති තත්වයට ගන්න හරිම අමාරුයිලු.මම දන්නේ නැහැ විද්‍යාත්මක පැත්ත.හැබැයි ගොඩාක් දුරට කියන්නේ ඒ ගතකරන කාලය ඒ විදිහටම ගතකරන්න දෙන්න කියලාලු.වැඩ කරන අයනම් කියන්නේ ඇත්ත කියලා හිත නරක් කරනවාට වඩා ඒකටම ඉඩදීලා ඉන්න එක හොඳ බව.ඇත්ත කිව්වත් බොරු කිව්වත් ප්‍රතිඵලය එකයිලු.

      Delete
    3. විශ්ව @http://mostinterestingblog.blogspot.co.il/2007/04/pic-adolf-hitler-was-good-painter.html මේ ලින්ක් එකේ තියෙනවා ,එයාගේ ගොඩක් චිත්‍ර

      Delete
    4. කෙන්ජි & විශ්ව ඩිමෙන්සියාව නැත්නම් චිත්තවික්ශෝපය කියන රෝගයේ අවධි 3 ක් තියනවා මට මතක විදියට, සුවකළ හැකි කියන්නේ පාලනය කරන්න තමයි පුළුවන් උත්සන්න තත්වයේ ඉන්න කෙනෙක්ව..මෙයාට තියෙන එක මන් හිතන්නේ තවම හොයාගත්ත නැති එකක්.. හැමදේම හොදට කල්පනාව තියෙනවා,, අතීතයත් එක්ක සම්බන්ද වෙන එකට බෙහෙත් බොනවා පාලනය වෙන්න ,එයා දන්නවා එයා බෙහෙත් බොන්නේ ඒකට කියලත්,, එයා පුදුම බුද්ධිමත් කෙනෙක්..94 ක් දැන් සුව කරන්න උත්සහ නොකරන්නේ එයා ගොඩක් සතුටින් ඉන්නේ ,,එයා ජිවිතේ හැමදෙයක්ම සාර්ථකව අවසන් කරලා තෘප්තිමත් සැදෑසමයක් ගතකරන්නේ සුව කරන්න යන එක තේරුමක් නැහැ අයියේ ,,

      Delete
    5. THE HUNDRED YEARS OLD MAN WHO CLIMBED OUT OF THE WINDOW &ESCAPED–BY JONAS JONASSON.මේ පොත කියවන්න.ඔයා රසවිඳියි කියලා හිතනවා.

      Delete
    6. හොයාගන්නම් අයියේ ස්තුති ඈ

      Delete
  4. ඔබ කියවා ඇතැයි සිතනවා බෘනෝ ආප්ටිස්ට් ගේ වෘකයන් අතර නග්නව නම් පොත. Naked Among Wolves. මට නම් හිතෙන්නේ ........... මේ ඇති ?ඔමායා

    ReplyDelete
    Replies
    1. නියම නවල් එක අයියේ ,විස්වාසකරයිද දන්නැ මට හම්බුනා පාරේ වැටිලා තිබිලා , පිජාමා සරමක් එක්ක ඔතලා තිබුනේ ෂොපින් බෑග් එකක දාලා , පාරඅයිනේ තිබුන හන්දා පයින් ගැහුවහම බරක් වගේ දැනුන නිසා ඇරලා බැලුවා , අයිතිනාරයා හොයාගන්න ක්‍රමයක් ිබුනේ නැ , මම තියාගත්තාඒක . සරම දුන්නා පහුවදා හිගන මනුස්සයෙක්ට.එ ලපාත දැනට හොයාගන්න බැ අරගන ගිය එකා මතක නැ

      Delete
    2. නැහැ අයියේ ,,ඕකේ english එක විතරයි තියෙන්නේ මන් ලග ඒකෙන් හරිම අර්ථයගන්න දික්සනරි ලගතියාගන්න ඕනේ ,, කියවනවා කොහොමහරි ආයේ ,, මේ ඇති //කිවුවේ ඇයි අයියේ


      @අටම් අයියේ ඔය එක එක ඒවාට පයින් ගහන එක එච්චර හොද සෙල්ලමක් නෙමේ පුතෝ ඈ

      Delete
    3. අටමා බොරු එපා හරිද දැක්ක එකෙක් කිව්වේ අනික් පැත්තනේ , උඹ පොත හිගන්නෙකුට දීලා සරම අරං ගියා කිව්වේ...:D (ඔන්න තද වෙන්න එපා හරිද?)

      Delete
    4. හැක හැක ,,කොත්තමල්ලි වෙදා කිවුවොත් කියන්නේ ඔහොම කතාවක්

      Delete
  5. ඔමායා...ඔයාට හොඳට ලියන්න පුලුවන් ලමයෙක්.කාලයටත් ඉඩක්දී දිගටම ලියන්න.

    ReplyDelete
  6. මෙච්චර කල් කියෙවුවට අදයි පලවෙනි කමේන්ට් එක දන්නෙ.....

    කතාවා සුපිරි...අපි කොහොමත් දකින්නෙ මිනිස්සුන්ගේ වැරදි විතරයි, එත් මිනිස්සුන්ගෙ හොද පැති කොච්චරද කියලා අපිට ආපහු හැරිලා බලන්න වෙනවා. අනික හිට්ලර් කියන්නෙ ඒකදිපතියෙක් උනාට විරයෙක්.

    ReplyDelete
    Replies
    1. රස්තියාදු කාරයට විතරයි ඒක තේරුණේ,,,එයාගේ ජීවිතෙන් ගන්න ආදර්ශ ගොඩයි ,,එයාගේ කෙරුවාව තුල නෙමේ ,,එයාගේ ජිවිත කතාව තුල

      Delete
    2. හිට්ලර්ට කැමති බොහෝ අය ඒ කලේ ඉන්න ඇති. නැත්නම් ඔහුට ඔතරම් වැඩක් කරන්න බැහැ. ඔහු නිසා විද්‍යාවට සිදුවූ දියුණුව ගැන බලන්න. ඒ කලේ ජර්මනිය දියුණු යුද උපකරණ නිර්මාණය කළා ඒවා සඳහා දායක වූ ඉංජිනේරුවෝ සහ විද්‍යාඥයෝ බොහෝවිට හිට්ලර්ට කැමති අය වෙන්න ඕන. ඔහුගේ නායකත්වය ලෝකයට වැඩදායක දෙයකට යෙදුවානම් කොහොම වේවිද?

      Delete
    3. ඔව් විශ්ව @ වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා පටන් අරන් තිබ්බා ,,ඒත් 1942 වගේ වෙද්දී ආර්ථිකය කඩා වැටෙන්න ගත්තා යුද්දේ ජර්මනිය අතින් විනාස වෙච්ච රටවලට වන්දි දෙන්න වෙච්ච නිසා ,,අර ඉබ්බෝ කාර් එහෙම හැදුවේ ජර්මනියේ අර w අකුරයි v අකුරයි එකට ලියපු කාර් ජාතිය (ෆොර්ග් සේගන් ද කොහෙද ) මුල්ම කාර් එකේ හිට්ලර් තමයි රවුමක් යන්නේ ..ඒත් 42 න් පස්සේ ඇමෙරිකානු සමාගම් තමයි කර්මාන්තශාලා ආපහු ගොඩනගාගෙන ආවේ

      Delete
  7. හැමෝම කිව්ව වගේ හොඳට ලියල තියෙනව...

    "තැලිල පොඩි උන මිනිස්සු තමයි ගොඩක් දුර ගිහින් තියෙන්නෙ(හොඳ හෝ නරක අතින්).."

    ReplyDelete
  8. එළ....

    Times ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානය 1938 වසරේ හිට්ලර්ට
    1939 හිට්ලර් මලා නම් කොහොමද..? අද ලෝකෙ හොදම මිනිසා


    ReplyDelete
  9. ඇයි හිට්ලර්ට අත් දෙකෙන්ම ලිවීමේ හැකියාව තිබ්බලු. කතාවට කියන්නේ එක අතකින් මිනිස්සු දහස් ගානක් මරන්න ගෑස් කාමර වලට දාන නියෝගය අත්සන් කරද්දී අනිත් අතින් ඊවා ට ලියුමක් ලියනවලු!
    මනුස්සයා ලෝකය වෙනස් කරන්න බලපාපු චරිතයක්. මට හිතෙන විදිහට ළමා කාලයේ ඇති වෙච්ච දුක් ගැහැට සුන්දර මනුස්සයෙක් අමනුස්සයෙක් කරලා!

    ReplyDelete
  10. මන් දන්නා විදියට ඕකෙන් අදහස් වෙන්නේ එයාගේ හදවත ගැන ,,

    ReplyDelete
  11. හිට්ලර්ගේ චිත්‍ර මම මීට කලින් දැකලා තියෙනෙවා ,එත් අර හමුදාවට බැඳෙන්න ගිහින් අසමත් වුනා කියන කතාව අදයි ඇහුවේ,
    මේ චිත්‍ර ගැන කතාකරනකොට ඔයාට මග අරුණ කතාවක් තියෙනවා ලිපිය සම්පූර්ණ වෙන්න මගෙන් දායකත්වයක් හැටියට මේක අහන්න.
    ඇත්තටම හිට්ලර් ගේ ආසාව තිබුනේ චිත්‍ර අඳින්න එක නිසා හිට්ලර් සිත්තරෙක් වෙන්න හිතාගෙන යනවා වියානාවේ Academy of Fine Arts කියන අධ්‍යාපන ආයතනයට ,එත් එතනදී පිට පිට වසර දෙකක්ම හිට්ලර්ව ඇකඩමියට තෝරාගැනීම ප්‍රතික්ෂේප වෙනවා. ඒ වෙනුවට ඔහුව වෙනත් අංශයකට යොමු කරනවා (Architecture) ඒ වාස්තු විද්‍යා ආයතනයට නමුත් තමුන්ගේ තුන් හිතකවත් නැතිදෙයක් කරන්නට අකමතිවෙන් හිට්ලර් එතනින් පිටවෙනවා. ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ,පැබ්ලෝ පිකාසෝ අතරට එක්වන්නට තිබූ නමක් ලෝකයේ විනාශකාරීන් අතරට එක්වන මූලික පියවර තැබෙන්නේ එතනින්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ prage මන් ඒක අහලා තිබ්බේ නැහැ ..ජිවිතෙයක් ඇතුලේ කොච්චර දේවල් වෙන්න පුලුවන්ද නේ

      Delete
  12. මට මේක කියවගෙන යනකොට මතක් උනේ රොනල්ඩ් ඩාල් ගේ පොත් මේක ලියලා තියෙන්නේ ඒ විදිහට :)

    ReplyDelete
    Replies
    1. අන්තිමට දාපු හිනාව නම් ඇල්ලුවේ නැහැ,,එයා මොන වගේ කෙනෙක්ද ඇත්තට ඈ

      Delete
    2. ආ කලබල වෙන්න එපා ඒ හිනාව සුහඳ හිනාවක් විතරයි. රොනල්ඩ් ඩාල් කියන්නේ වැඩිපුරම ළමයින්ට පොත් ලියපු කෙනෙක්. එයාගේ ජනප්‍රියම පොතක් තමයි Charlie and the chocolate factory

      Delete
    3. මන් ඒක ෆිල්ම් එකකින් බලලා තියෙනවා

      Delete
  13. ඇත්තටම වැදගත් ලිපියක්.මමත් හිට්ලර් ගැන ගොඩාක් දේවල් දැනගත්ත

    ReplyDelete
    Replies
    1. මේවගේ මිනිස්ස්සු ගැන දැනගත්තට වැඩක් නැහැ කියන ආකල්පය ඉස්සර මට තිබ්බා..ඒත් මේ වගේ චරිත ගැන හොයලා කියෝලා එයා ගැන යම් අවබෝදෙකට ආවාට පස්සේ යම් සතුටක් දැනෙනවා නේද ,,

      Delete
  14. අපූරු යි ඔමායා.

    ReplyDelete
    Replies
    1. ස්තුති දිලිනි ... මන් අපූරු ඔමායා තමයි හිකි හිකි

      Delete
  15. දැන් ඔබටත් බුද්ධිමත් පාඨක පිරිසක් ඉන්නවනෙ...බ්ලොග් ලොවේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය.හොඳයි, හොඳට ලියන්න ලිවීම එන්න එන්නම දියුණු කරගන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති හැලප + අයියේ තුමෝ

      Delete
  16. විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.

    ReplyDelete
    Replies
    1. මාත් යනවා ඇරුගේ අඩවිය බලන්න ස්තුති ගොන්ජි

      Delete
  17. මුලින්ම අදයි ආවෙ... සුපිරියට ලියල තියෙනව බතලි...(නම හොයාගත්තෙ අටමගෙ බ්ලොග් එකෙන්)

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයත් හොද නැහැ ,,සසිදුවා වගේ නම් හදනවා ,, තැන්කූ ආවට ඈ

      Delete
  18. මං වගේ නිර්නාමිකයන්ටත් ඉඩක් ලබාදීම ගැන ඔබට ස්තුතියි.හිට්ලර් සම්බන්දව මේ බ්ලොග් ලිපියෙනුත් සෑහෙන්න දේවල් දැනගත්තා.ඔහුගේ සිතුවම් ඉතාම ලස්සනයි.උමතු වර්ගවාදී අදහස් නොතිබුනා නම් ලොවේ සිටි විශිෂ්ඨ පාලකයෙක් වෙන්න තිබුනා.ඔහුගේ ලේකම් වරියක් විසින් ලියා ඇති,ගිනිමැද සක්මන නමින් සිංහලට පරිවර්තනය වී ඇති පොත කියවුවිට හිට්ලර් සම්බන්දව කිසියම් පහන් සිතුවිලි ඇතිවෙනවා.මා දන්නා අන්දමට හිට්ලර්ගේ අවසන් කාලය ගතකර ඇත්තේ වර්තමාන ජර්මන් පාර්ලිමේන්තුව අසලම පිහිටි භූගත බංකරයකයි.ඔහු සහ ඊවා බ්‍රෝන්ගේ සිරුරු දවා ඇත්තේද එම බංකරය ඉදිරිපිටමය.මේ සම්බන්දව ඔබට අපට වඩා පහසුවෙන් තොරතුරු ලබා ගත හැකියි නේද?.අවසන් වශයෙන් ඔබෙන් ප්‍රශ්නයක් අසන්නම්,වර්තමාන ජර්මන් ජාතිකයන් තුල හිට්ලර් සහ ඔහුගේ නාසි ව්‍යාපාරය විසින් ඇතිකළ වර්ගවාදී අදහස් තිබේද?.පුද්ගලිකව ඔබට ජර්මනිය සහ මිනිසුන් ගැන සිතෙන්නේ කෙසේද?.ඔබට හැකිනම් ඔබ ජීවත්වන රට සහ තවත් තොරතුරු මේ බ්ලොගයේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කොමෙන්ට් එකක් දැම්මට ඔයාගේ අදහස ගොඩක් වටිනවා,, ඒ මිනිස්සු තුල එහෙම හැගීම් දැන් නැහැ,, වරක් මන් බලන්න ගියා එතන ,හිට්ලර් ගැන හිතේ තිබුණු අදුරු සිතුවිළි නිසා එතන ෆොටෝ එකක්වත් ගන්න උවමනාවක් තිබ්බේ නහැ ,දැන් පසුතැවෙනවා ඒ ගැන,,
      මේ රටේ මිනිස්සු තුල එහෙම හැගීම් දැන් නැහැ ,,වැඩි විස්තර මතුවට ලියන්නම් ,(මන් හදුනාගත් අය පමණි ,විසමාකර අය ඇති ),නමුත් ලබන සතිය වන විට මන් මේ රටෙන් ගොඩක් ඈත රටක..

      Delete
  19. ඇඩොල්ෆ් ගේ තාත්තා ගේ නම "Alois Schiklgruber" බව කියෙව්වේ නැද්ද?

    හිට්ලර් යනුවෙන් වැරදියට ලියවුණු Hiedler යන නම ඇඩොල්ෆ් ගේ තාත්තා(Alois) ගේ අම්මා ගේ දෙවෙනි කසාදේ මනුස්සයා ගේ නම ලු!

    ReplyDelete
  20. @කතන්දර
    //ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් ශිකල්ගෲබර් හිට්ලර් ගේ පියා වූයේ ය. ඔහුගේ මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය.
    ඇලෝයිස් ගේ දිවිය එතරම් ප්‍රසන්න වූවක් නොවී ය. ඔහුගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය.//,, මේ විදියට මන් කියෙවුවා ,,නමුත් මට ඕනේ වුනේ හදවතට දැනෙන්න යම් කතාවක් කියන්න ඒකයි නම් ගොඩක් අඩුවෙන් කිවුවේ හිට්ලර්ගේ චරිතයට මුල්තැන දෙන්න ඕනේ නිසා ,මාත් ඔයාවගේ කතන්දර ගොඩක් හිතේ තියන පුංචි කතන්දර කාරියෙක් අයියේ

    ReplyDelete
  21. //කලකිරීමෙන් තමයි නිතර හිටියේ .මව ඇයගේ වේදනාවන් ඇඩොල්ෆ් සමග බෙදාගත් අතර ඇය ඔහුට අසීමිතව ආදරය කළා. ඇඩෝල්ෆ්ට වයස 14 ක් වගේ වෙද්දී පියා පෙනහළු රෝගයකින් මිය යනවා ....මේ පිඩනය වයිරය වෙන්න ඇති ඔහු අවසානේ මෙතරම් දුෂ්ඨ ඒකාධිපතියෙක් කරන්න ඔහුව මෙහෙයවන්න ඇත්තේ සමහවිට .
    ඉන්පසු මවගේ කැමැත්ත වුණේ තමන්ගේ දරුවා පුජකයෙක් කරන්නයි.ඒ මන්ද යත් ඇය දැඩි ආගමික භක්තියක් තිබු කාන්තාවක් වූ නිසයි.නමුත් පාසලේ හොරෙන් සිගරැට් බී( දුම්බීම ඈ ) හසු වීමෙන් ඒ ගමන අඩාල විය.
    ඉන්පසු මවගේ අභාවයත් සමග ජිවත් වීමට ක්‍රමයක් නොවූ හිට්ලර් එදිනෙදා කවුරුන් හෝ පිනට දෙන යමකින් යන්තම් ජිවත්වූ අතර ..චිත්‍ර ඇදීමේ සහජ දක්ෂතාවක් තිබු ඔහු චිත්‍ර විකුණා යම් මුදලක් උපයා ගැනීමෙන්ද ඉදහිට කල සුළු රැකියාවකින්ද යන්තම් දිවිගැට ගසා ගත්තෙකි.ඔයා දැකලා තියනවද එයා ඇදපුවා??//

    කතාකරණ බාසාවයි ලියන බාසාවයි දෙකම එකට යොදාගෙන තියනවනේ.. ඒ වගේ තැන් කීපයක්ම අහු උනා මුලු ලිපියෙම තැනින් තැන..

    ReplyDelete
    Replies
    1. දෙතුන් තැනද අනේ හම්බුණේ,,??

      Delete
  22. මම හිතන්නේ ඔයා හිට්ලර් නමැති එකදිපතියගේ ජිවිත කතාවෙන් ඔයා එයාව දකින විදිය අපුරුවට විස්තර කරලා තියෙනවා .... මම මේ කියන්නේ මට සමීප අත්දැකීමක් නිසා මම හිට්ලර්ව දකින විදිය .... මම එක්ක මෙහෙ කාලයක් වැඩ කරා යුදෙව් සම්භවයක් තියෙන මැලේසියානුවෙක්... ඔහුගේ පියාට වයස අව්රුදු 18 දී හිට්ලර්ගේ වදකාගාරයක් තුල තමන්ගේ දෙමව්පියන් හා ලගම නෑයන් මරණයට පත්වෙලා තියෙන්නේ මේ පුතා ඉදීරියෙමයි ... නිකන්ම නෙවි මරණයකදී (මිනිමරුමකදී)මිනිහෙක්ට විදින්න පුළුවන් දරුණුම වද බන්දන එක්ක.... අපිත් එක්ක මේ විස්තර කියන්නේ කවදාවත් මේක දැකල නැති ඉතා තද හදවතක් (කවදාවත් අඩන්නේ නැති චරිතයක්) ඇති අපේ යාළුවා තමන්ගේ තාත්තා ගෙන් අහපු විස්තරය, කදුළු පුරෝගත්ත දෑසින්.... මේක ඇහැව්වම මටනම් හිට්ලර් ගැන කවදාවත් අනුකම්පාවක් හිතෙන්නෑ........

    ReplyDelete
  23. ඔව් එයා යුදෙව්වෝ ලක්ෂ 6 ක් වද දීලා මරලා තිබ්බලු ඒ කාලේ,,මටත් එයා ගැන අනුකම්පා හිතෙන්නේ නැහැ ,නමුත් අපි වගේම මෙලෝදෙයක් නොදැන මේ ලෝකෙට ඉපදිච්ච එයාට ගත කරන්න ලැබුන පරිසරය , අමානුෂික අත්දැකීම් ගැන දුකක් ආවේ .,ඔයාට ස්තුතී අදහස බෙදාගත්තට රාළේ ,,

    ReplyDelete
  24. ඔමායා ඔයා ලංකාවට ඇවිල්ල පොතක් ලියන්න.
    .
    සමහර විට ඔයාගේ දැනුමට මහාචාර්ය පට්ටමක් උනත් සුවර් :D

    ReplyDelete
  25. අදමයි අවේ මේ පැත්තේ. හොඳට ලියල තියනවා.
    Hitler ගැන ජර්මනියේ අද සිටින තරුණ පරපුර ට මොනවගේ ආකල්පයක් ද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. හිට්ලර්ට පක්ෂපාති අයත් නැතුව නෙමේ ඇනෝ.. මන් දැන් ඉන්නේ ඊශ්‍රායල්

      Delete
  26. ඇඩොල්ෆ් චිත්‍ර ඇඳපු බවක් කවදාවත් අහපුබවක්වත් මට මතක නෑ. ස්තුතියි අපූර්වී.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, ඒකනේ ,හිතන්නත් අමාරුයි

      Delete
  27. හිට්ලර් කියන්නේ මමත් කැමති චරිතයක්.කළු තිබුනට හොඳ කොටස උපරිමයි.ඇඳපු චිත්‍ර ටික නම් දැක්කේ මේකෙදි තමා /// හොඳ ලිපිටක්

    ReplyDelete
  28. මම අහල තියෙන කතා අනුවනම් මේ වගේ බිහි වුන චරිත ගොඩකට මේ වගේ අසාමාන්‍ය දක්ෂතාවනුත් පිහිටලා තියෙනවා. ලංකාවේ උනත් පාතාල නායකයන් ගණනාවක් හිටියා මේ වගේ අමුතු දක්‍ෂතාවන් තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වැඩේ කියන්නේ, ඒ දේවල් වලට වඩා ඉස්මතු වෙන්නේ නරකනේ එයාලගේ

      Delete
  29. ඕමා මේ යන විදිහට ඔයාටත් බෙහෙත් ගන්න වෙයි ද සීය කිව්වා වගේ

    ReplyDelete
    Replies
    1. හි හි බෙහෙත් ගන්නවා මං :)

      Delete
  30. සංවේදී වැඩි මිනිහෙක් එක අන්තයකට ගියොත් ගියාමයි.එයා වෙනස් වෙන්න කැමති නෑ.. හොඳ පැත්තකට ගියොත් එහෙමයි වැරදි පැත්තට ගියොත් මෙහෙමයි...හොඳම උදාහරණය හිට්ලර්. ඒකත් මානසික ප්‍රතිකාර අවශ්‍ය දෙයක් ද මන්දා..

    ReplyDelete
    Replies
    1. අහා මෙයා ඇවිත් කියෝලා.. ඒකතමයි ප්‍රශ්නේ . මං හිතන්නේ දැන් නම් මේ තත්වයන් බොහෝදුරට අඩුයි ස්තුති

      Delete
    2. අඩුයි කියන්නෙ මිනීමරු මානසිකත්වයද? ඇයි ISIS ලා,නේටෝ අණදෙන්නො,ඊශ්‍රාලයෙන් පලස්තීනෙ එහෙම මරණ මැරිල්ල... හැබැයි ඒවා මිනී මැරුම් නෙමෙයි ලු.
      අපි එහෙමයි.. ඔත්තුව දුන්න ගමන් දුවගෙන ආවෙ..

      Delete
    3. ඊශ්‍රායලයෙන් පලස්තිනේ මරණ මැරිල්ල කියන එක මට පැහැදිළි මදි මොකද ඔයා අදහස් කරන්නේ ඊශ්‍රායල් අය අහිංසක ගාසා ස්ට්‍රිප් එකේ අය මරනවා කියලද ,,, isis නම් තුක්

      Delete
    4. ඔව්.. මම අහල තියෙන විදිහට ඊශ්‍රාලය අලුතෙන් ඇවිත් පලස්තීනුවන් ගේ භූමිය තුල 'බලය' භාවිතා කරලා පැලපදියම් වෙන කොට්ඨාසයක්.කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගාසා තීරයේ ජනයාව මරණ බව තමයි මම කිව්වෙ.වැරදියි නම් නිවරදි කරන්න..

      Delete
    5. ඒ අදහස හරිම වැරදි , 1948 un එකෙන් පලස්තීනය කොටස් දෙකකට කඩලා ඊශ්‍රායලය සහ පලස්තීනය වෙන් කළා,,

      //කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ගාසා තීරයේ ජනයාව මරණ බව තමයි මම කිව්වෙ.වැරදියි නම් නිවරදි කරන්න..//
      ඔයා මෙහෙම කියන්නේ ඇත්ත නොදැනයි.. හැමදාම අරාබි අය ඊශ්‍රායල් දේශ සීමා වල බෝම්බ තියනවා මිනිස්සුන්ව මරනවා.. ඒ වගේම ගාස තීරේ ඉදලා හමාස් ත්‍රස්තවාදී සමහර දවස් වලට රොකට් 300 ක් විතර එවනවා ඊශ්‍රායලයේ දකුණු කොටසට( ඇස්කිලෝන්, බෙයර් ෂෙවා, පෙතතික්වා ,රම්ලේ, ටෙලවිව් ) ඔවුන් ඒ හැම රොකට් එකක්ම එවන්නේ අහිංසක සිවිල් වැසියන් ඉන්න ප්‍රදේශයට.. නමුත් ඊශ්‍රායල් රජය ඔවුන්ගේ ඇන්ටි රොකට් තාක්ෂනය පාවිච්චි කරලා ඒ එවන රොකට් අහසෙදීම විනාශ කරනවා ,, සමහර යුද්දේ දවස් වලට අහස මල් වෙඩි වගේ ... ඒ එක ඇන්ටි රොකට් එකකට ඩොලර් 50000 ක් වැයවෙනවා. යුදෙවුවන්ට මිනිස් බලය අඩුයි මිලියන 7,5 වෙච්ච රටේ මුළු ජනගහනයෙන් මිලියන 6ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් යුදෙවුවෝ ඉන්නේ ඒ අතරිනුත් සොල්දාදුවන් ඉන්න ප්‍රමාණය හිතාගන්න පුළුවන් නේ.. මේ රටේ මිනිස්සුන්ගේ හැම පවුලකම කෙනෙක් හමුදාවේ,, ඒ වගේම හැම පුරවැසියෙක්ම කැදවීමක් ලබපු හැටියේ යුද සේවයට වාර්තා කරන්න ඕනේ,,, මේ දේවල් නිසා ඔවුන් තාක්ෂණය උපරිම පාවිච්චි කරනවා,,, ඉතින් ගාසා තීරේ ඉන්න ත්රස්තවාදී එවන රොකට් වලින් යුදෙවුවෝ මැරෙන්න ඉඩාරලා බලන් හිටියනම් මෙලහට රටක් නෑ,,, ඒ රොකට් 300 ක් එවන ගාසා තීරේ හමාස් ලා ලග ඇන්ටි රොකට් නෑ ඉතින් එහෙම කියලා උන් එවන ඒවා නවත්ත නවත්ත ඉන්නද කියන්නේ? .... ...... උඩහින් ලෙබනනය,,, එහා පැත්තෙන් සිරියාව , ඉරානය, ගාසා, ඔය වටේම තියෙන අරාබි රටවල් තුවක්කු මානගෙන ඉන්නේ ... මන් ඉන්න රට නිසා නෙමේ කියන්නේ උදේ හවස tv එකේ දකිනවා මේ දේවල් ඒකයි

      Delete
    6. මාධ්‍ය වලින් පෙන්නන හැමදේම සත්‍ය නොවෙයි කියන මතයේ තමයි මම ඉන්නෙ.ඇත්ත විස්තරේ ගන්න ඉන්න හොඳම කෙනෙක් තමයි ඒ රටේ ඉන්න කෙනෙක්.ඒ නිසා ඔයාගෙ විස්තරය වටිනවා.
      මාව සීතල වෙලා ගියා ඊළමයි ලංකාවයි මතක් වෙලා...
      විස්තර ලබා දුන්නට ලොකු ඉස්කෝතුවක් ලු ඈ...

      Delete
    7. වෙලාවල් තියෙන වෙලාවට කියවන්න කැමති නම් ඊශ්‍රායලය කියන ලේබලය යටතේ තියෙන ලිපි, ඔයාට යමක් දැනගන්න ලැබේවි..මන් මහා දනමුත්තියක් නෙමේ දකින දේවල් ලියාගෙන යනවා

      Delete
    8. මම හෙමින් සැරේ කියවන්නම්කො ඒවත්... ඒ මිනිස්සු අතරම ඉඳන් කියන කතා වල අමුතු ලල් එකක් තියෙනවා.දිගටම එහෙම දකින ඒවා ලියන්න.බලන්න ඉතිං 2013 ලියපු එකක් 2015 දි මට වැදගත් උනා.ඉස්සරහට තවත් වටී... ජයවේවා...!!!

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...