Saturday, August 24, 2013

අම්මා 25

වෙහෙසුණා ලියන්නට
ඇය නමින් කවි පෙළක් ,,
මුළු රැයම තනි වුණා අතීතේ මා සමග 
අම්මා ,,,
නිමක් නැති පෙමක් ගැන 
ලියන්නට ,,ඇරඹුමක් සොයාගිය 
ඒ ගමන තෙත් කළා 
මුළු හිතම ,,
මා නමින් නුබ කැපකලාවූ
ඒ සොදුරු ජීවිතය ,,
කුස පිරෙනකල් ,,මදිවෙන වාරයක් ..ගානේ 
පෙවුව ඒ රන් කිරිවල 
ආදරණිය ණයකාරකම ,,,
සසර පුරා මා නුබ කරා බැදතබයි
පස්මහ බැලුම් නොබැලු මා 
බොහෝ පිං පුරන්නට ඇත,,,
නුබේ කුස ලබන්නට ,,,
අම්මා තවමත් නොදන්නවා ඇති 
මා ඇයට ආදරේ තරම් ,,


(යාලුවනේ ටික දවසකට මන් නැතිවෙයි මේ පාළු ගෙයි මන් ඉන්න අන්තිම දවස අද ,,ලියන්න කතා ගොඩක් තියනවා ,, හෙටින් පස්සේ යන රටේ තව ලියන්න කතා ගොඩක් හම්බවේවි ,,සමහර විට තව සතියක් ,,දවස් කීපයක් යාවී ,,, මන් ලියපු දේවල් කියවමින් මාව දිරිමත් කරමින් මේ දක්වා මාත් එක්ක හිටපු මගේ යාළුවො ඔක්කොටම ස්තුති ,, සතුටින් ඉන්න බායි )

38 comments:

  1. යන තැනකට පරිස්සමෙන් යන්න.තෙරුවන් සරණයි

    ReplyDelete
  2. Replies
    1. එයා එක්ක තමයි යන්නේ ,,එයාගේ උවමනාවට..මන් යනවා අයියේ

      Delete
  3. සුබ ගමන් ඔමයියේ

    ReplyDelete
  4. සුබ ගමන් එහෙනම්.. තෙරුවන් සරණයි..

    ReplyDelete
  5. සුභ ගමන්......!!!!!
    යන ගමන් රෙස්ලින් පටි පෙන්න පෙන්න යන්න නැත්නම් "නට්සි"කාරයො එනව කියල ප්‍රධාන දොර ලගට යයි ඇවිද ගෙන වහන්න කියල.ඉදගෙන...,පොඩ්ඩක් බලන්න ඒ ගැන.
    කොහොමත් එංගලන්තයේ සියා සමග ගෙවන වාසය සතුටක්ම වේවායි පතමි...!!!

    ReplyDelete
    Replies
    1. කොතනද තියෙන්නේ මෙයා එංගලන්තේ යනවා කියලා ඈ .....????

      Delete
    2. කොහෙවත් නැහැ.සීයගෙ තියෙන අමාරුවයි,ලියන ළමයගෙ හැසිරීම අනුව මම නිගමනය කලා එරට.
      ඇයි අප්ෂට් ද?

      Delete
    3. හි හි මේක මන් දැක්කේ වචන මාරු වෙලානේ කෙන්ජි ,, ලෝකේ කොහේ ගියත් මන් මන්ම තමයි අයියේ

      Delete
  6. ලස්සන පදවැලක් ඔමා!!

    සීයත් එක්ක පරෙස්සමෙන් යන්න. සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. ස්තුති ඈ සීයා බබා වගේ ඉන්නවා

      Delete
  7. ලෝකේ විස්තර කරන්න අමාරුම අපූරුම අරුත්බරම අකුරු තුන....

    ReplyDelete
  8. තාත්තා ගැන ලොකු ලිපියක්.... අම්මා ගැන පොඩි කවි පෙළක් ..... නමුත් එකවගේම දැනෙනවා කියවන කොට ඇති සෙනෙහස දෙදෙනාම ගැන .....
    ඇති යන්තන් මොලේ කොලොප්පන් වෙන ලිපි කියවන් නැතුව හිටියකි ටික කලක්..... හදිස්සියක් නෑ යන වැඩ ටික හිමිට ඉවර කරන එන්න ...... හි.... හි.....හි.....

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ඉදලා ඉවරයි මන් අවා ,,,,, ස්තුති කවිය ඇගේ කිරීම ගැනත්

      Delete
  9. ජයවේවා, නැවත අහමු වෙමු ඉකම්නින්ම.

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා ,,මෙහෙත් ඉන්ටර්නෙට් හැමතැනම

      Delete
  10. සුභ ගමන්!!!! ඉක්මනින් නැවත හමුවෙමු...

    ReplyDelete
  11. අම්මා...... කියන්න වචන නෑ ඒ ගැන...

    යන තැනකට පරිස්සමෙන් යන්න....

    අම්මා ගැන මමත් එකක් ලිව්වා. වෙලාවක් තිබුනොත් බලලා යන්න.
    http://sandunima.blogspot.com/2013/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. හරි මන් බලනවෝ ,, ස්තුති මන් ගැන හිතුවට

      Delete
  12. අම්මා . . . . දුර්වර්න වෙච්ච පින්තූර කීපයකට පමණක් සීමාවුන මතකයක්, මොනා කරන්නද ඉතන් නේද ?

    පරිස්සමෙන් යන්න. හැකිවෙන පලමුවෙනි වතාවෙම පෝස්ට් එකක් දාන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් තව ටිකකින් දානවා ,, දුක් වෙන්න එපා සතුටින් ඉමු අපි

      Delete
  13. ඉක්මනට ආයෙ එන්න. සුභ ගමන්!! :)

    ReplyDelete
  14. ලමයෝ....ගොහින් වරෙන් කරදරයක් නැතුව.සීයාව හරියට බලාගනිං.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඈ සීයා බබා වගේ ඉන්නවා

      Delete
  15. දැන් එහේට වෙලනෙ ඇත්තෙ.... පරිස්සමින් ඉන්න... අම්ම ගැන කියන්න වචන නෑ ඔමායා.... ඒ ගැන මම හොදටම දන්නව....

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...