Saturday, August 3, 2013

සැනසිල්ලේ නිදන්නී 14

                                                                 අත්තම්මා


මා  අතැර ඔබ ගිහින් 
මා කොහොම අදහම්ද  
ඔබ මගෙන් දුරක වග 
දින සතිත් මාසවී,,,,,,,
නුබේ මළගම ගෙවී
ගඳපාන පදුරු
විත් නුබේ සොහොනට උඩින් 
නුබ කොහොම ඉන්නවද 
සුවෙන් සැතපී කියන්,,,,
කදුළු වියලුණ හදක් 
ලතෝනිය තියන විට,,,,,,,,

15 comments:

  1. Damith Tharanga2 weeks ago - Shared publicly

    සාරවත් පද පෙලක්....ලස්සනයි. හැඟිම් මැව්වා මගේ හිතේත්
    +Reply

    ReplyDelete
  2. Harshana Adikari2 weeks ago - Shared publicly

    අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි...
    හුග දවසක් බලන් හිටියා..එන්නෙම නැති පාටයි...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
    Reply

    අපුර්වී ඔමායා2 weeks ago+1



    සැරදේවා උතුමාණනි ඈ 

    ReplyDelete
  3. ARUNA PERERA2 weeks ago - Shared publicly

    පොලොවේ පය ගහලා ඉන්න එක අනිත් හැම දේකටම වඩා වටිනවා.Keep it up OMA.
    Reply

    අපුර්වී ඔමායා2 weeks ago

    තැන්ක්ස් අරුණ ,,

    ReplyDelete
  4. Loku John2 weeks ago - Shared publicly

    අපි ජීවිතයටම මතක හිටින හුඟාක් දේ ඉගෙනගන්නෙ අම්මා තාත්තගෙන් නෙමෙයි පුංචි කාලෙ බලාගත්තු ආතම්මාගෙන් සීයගෙන්...
    Reply

    ReplyDelete
  5. Naleen Dilruksha2 weeks ago - Shared publicly

    ලොකය දෙස අප අවට දෙස බොහොම සංවේදිව දකින්න හැකි හදවත් හා එයටම සරිලන නිර්මාණාත්මක හැකියාවකින් පිරිපුන් තැනැත්තියකි ඔබ ඔමායා.
    Reply

    අපුර්වී ඔමායා2 weeks ago

    ස්තුති ඔයාට ,,මන් බොහොම සැහැල්ලුවෙන් තනියම ඉන්නේ මන් එක්කම මුමුණ මුමුණ ,,හිතට එන ඒවා ,, බ්ලොග් එකේ ලියනවා 

    ReplyDelete
  6. Kenji Japan2 weeks ago - Shared publicly

    පෙර ලිපියට දැමු කොමන්ටුවට ලැබී ඇති පිළිතුර දුටුවිට යි හැගුනේ ඔබ මොළය ඇති අපේම දියණියක් කියා.
    Reply

    ReplyDelete

  7. nuwan hemachandra2 weeks ago - Shared publicly

    කියවගෙන යනකොට සංකල්ප රූප මැවෙනවා අපූර්වි
    Reply
    අපුර්වී ඔමායා2 weeks ago

    ස්තුති 

    ReplyDelete
  8. ඉවාන් පවුලූශා2 weeks ago - Shared publicly

    අපේ ජීවිත් වෙනස් කරන , සංවේදී කරන අය තමයි ආච්චිලා සීයලා
    Reply

    අපුර්වී ඔමායා2 weeks ago

    +ඉවාන් පවුලූශා ඔව් එක මගේ ජිවිතේ ඇතුලෙත් ඇත්ත

    ReplyDelete
  9. යාලුවනේ මගේ බ්ලොග් එක ගුගල් + coment තියෙද්දී ඔයාලා දාපු කොමෙන්ට් මන් සේරම කොපි කරලා දැම්මා ,ඒකයි මගේ නමින් කොමෙන්ට් ඔක්කොම තියෙන්නේ

    ReplyDelete
  10. කිසි හැඟීමක් දැනීමක් නැති ඔලුව ඉදිමිච්ච හයි'ක්ලාස් මෝඩයෙක් වෙන්න නියමිතව හිටපු මම වෙනස්ම මිනිහෙක් උනේ මගේ ආච්චි අම්ම එක්ක පොඩි කාලෙ ගත කරපු කාලය නිසා...
    හිතට ගොඩක් දැනුනා මේ කවිය...

    ReplyDelete
    Replies
    1. ඒ මතකය හරිම සුන්දරයි අයියේ . ස්තුති

      Delete
  11. දැනෙනසුලු මතකයන් අවදිවනසුලු කොමෙන්ටුවක් දාන්ට හිතෙනසුලු කවියකි. ජය !

    ReplyDelete
  12. සුභ ගමන් අත්තම්මේ.........!!!!!

    ReplyDelete
  13. ලස්සනට ලියලා. අපූරුයි.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...