Saturday, August 31, 2013

සත්තමයි 26


ඔයාගේ ආදරේ සුළගක් වගේ ,,
මට පේන්නේ නැහැ ,,
ඒත් දැනෙනවා ,,,
සිහිල් පවනක් වගේ දැනෙන ආදරේ ,,
ටොර්නඩෝවක් වගේ මුළු ජීවිතේම ,,
කරකෝලා කුඩුපට්ටම් කරලා ,,
සුන්බුන් ගොඩක් ඉතුරු කරලා යාවිද ,,
මද පවන උනත් සුළි සුළග උනත් ,,
සුළගක උරුමය හමායාමම බව පසක් වූ පසු ,,
නුබේ අගනා ආදරේ සුළගට සමකරන්නේ කොහොමද මන් ,,
ඒ ආදරේ මගේ ජිවිතයමයි,,
සුළගක් වගේ ගතට දැනෙන පහසක් නෙමේ 
නුබේ ආදරේ ..ආත්මයම සනසාලන ඒ හැගුම 
මෙයයැයි සමකරන්නේ ,,
කුමටද ,,
නොදනිමි වචනයක් ,,
සත්තමයි

33 comments:

  1. අදහස ලස්සණ යි. සත්ත ම යි.

    ReplyDelete
  2. මගුලෙ සිතිවිලි නෙමේ,මැන්ටලේ එක්ක ගිහිල්ල පහත් වෙච්ච එක ලියපං ළමයො ඉදගෙන.....!!

    ReplyDelete
    Replies
    1. එහෙමද ..මන් මේ සමීක්ෂණයක් කොරනගමන් ..අද රෑට ලියන්නම්කො ඉදගෙන ඈ

      Delete
    2. හිටගන හරි ලියනවා ළමයා

      Delete
    3. මොනව පහත් වෙච්චි එකද කෙන්ජියො

      Delete
    4. හි හි කඩේ අයියාත් අහන එවුවා ඉදගෙන

      Delete
    5. ඊයියායායායයයා.................හැලප අහන කතා......
      මම අහැව්වෙ මේ ළමය අලුතින් පහත වෙච්ච රට ගැන.
      මම දෙබිඩි තේරුම්/කැත කතා අහන කෙනෙක් ද ඉගෙන....හ්ම්......???

      Delete
    6. මමත් බැලුවා මේ ඉඳගෙන පහත් වෙච්ච එක මොකක්ද කියලා

      Delete
    7. අයියේ මන් ඊයේ රෑ ලිවුවා ආයේ රිමු කළා ,,යුද්දේ ගැනයි ඉතිහාසේ ගැනයි ගොඩක් දේ තියෙනවා ලියන්න ,,

      Delete
  3. ඔයාගේ නම අසූචි වුනාට කවි සුවඳයි නඟා

    ReplyDelete
    Replies
    1. තරහයි මන් ,,මෙයත් නම් හදනවා ඉදගෙන :-)

      Delete
  4. බලාගෙන බලාගෙන , සුළඟ වැඩි කල් ළඟ රැදෙන්නෙ නෑ. තවත් අය ගාවට හමාගෙන යනවා :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනේ මන් මේ කියන්නේ ඉදගෙන

      Delete
  5. ඔයාගේ සීයා..ආච්චීව මතක් කරන්නෙම නැද්ද?මම දන්නවා එයාට ඩිමෙන්ශියා බව.මම ඇත්තටම අහන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මන් ලියන්නම් පුදුම ආදර කතාවක් අයියේ ඒක,, ආච්චි නැතිවෙලා දවස් 7 කින් මන් ආවේ ,, අදටත් හැමදාම ගෙදර ආච්චි වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරනවා දවස් 7 ක් එක දිගට පත්තු වෙනවා ,,මන් හැමදාම සිකුරාදා උදේට ඒක නිමේනකල් බලන් ඉදලා සීයට අලුත් එකක් දෙනවා ,,හැම සිකුරාදාම ඇස්වල කදුළු ,, මාත් එක්ක කියනවා ,,සමහරදාට ඇදුමක් ඉල්ලගෙන කෝට්ටේ යට තියාගෙන නිදාගන්නවා ,, රෑ 12 ,1 නිදි නැහැ ,,පස්සේ මන් ලගට ගිහින් විස්තර අහනවා ,,ආච්චි ගැන හිතන් එපා එයා තමයි මාව එවුවේ ,,මන් එයා තරම්ම ආදරෙයි ඔයා ලග ඉන්නවා කියලා ඔලුව අතගානකොට කියනවා නින්ද යනකල් මෙහෙම ඉන්න කියලා ,,මන් ඉන්නවා ,,එයාගේ මලානික ඇස් වල කදුළු දකිද්දී මට හිත වාවන්නේ නැහැ ,, මන් නැළවිලි ගීත කියනවා මහා හයියෙන් කියන්න ඕනේ වෙලාවකට ,
      ඔන්න බබෝ ඇතින්නියා ,,ඒ සින්දුවට ගොඩක් ආසයි ,,පස්සේ එයාට නින්ද යනවා ,, එයා ගැන කියන්න දේවල් දහසක් තියෙනවා අයියේ ,,

      Delete
    2. ඒ මොකක්ද ඒ කතාව :(

      Delete
    3. ඔමායා.......හරිම සංවේදීයි ඔය වගේ අයගේ කතා.මගේ වයිෆුත් ඔය වගේ අය ඉන්න තැනක වැඩ කරන්නේ.ඒකමයි මම අරවගේ ප්‍රශ්ණයක් ඇහුවෙත්.හොඳින් බලාගන්න.

      Delete
  6. සුළග මේ මන්ද :D ඔමායා අක්කි .. ලස්සනයි ඔයා ආවේ නැනේ අපේ පැත්තේ .. මම අලුතින් ආවේ ... සුළග ඔයාව දන්නවා

    ReplyDelete
  7. :)කවුද බං අක්කෙ සුද්දා ? :D

    ReplyDelete
  8. උඹ නම් නියම කෙල්ලෙක්. විස්ස විජ්ජාලවලට වඩා සමාජයේ ලබන දැණුම කොතරම් වැදගත්ද කියන දේ උඹේ නිර්මාණවල වල නොඅඩුවම තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මට PHD එකකට වඩා මේ ඩිග්‍රිය වටිනවා ඉදගෙන ඈ ,,

      Delete
    2. PHD
      P= පිඟන්
      H= හෝඳන
      D= ඩිග්‍රිය

      :) :)

      Delete
  9. මහමෙර වෙයන් නුබ
    ලතෙත් බව උතුරා ගොස්.,
    සියොත් සතුනට දිවි දෙන..

    මද නල ද සැඩ සුළග
    ඔබ සොයා ගෙන පැමිණ
    සිටිනු ඇත ඔබ දෙපා මුල
    නොගොස් අන් මගක.

    ඉඩ හසර දෙනු ඇත
    විදිනට එහි පහස
    ඔබේ සිරුරේ ඇති
    තුරු ගොමු වලට රිසි සේ

    ReplyDelete
    Replies
    1. mokak da bung meke theruma.. mata nam nothere

      Delete
    2. ඉඩ හසර දෙනු ඇත
      විදිනට එහි පහස
      ඔබේ සිරුරේ ඇති
      තුරු ගොමු වලට රිසි සේ


      හරිම ලස්සනයි

      Delete
  10. කවි සංගමේට තවත් කෙනෙක් එකතුවෙලා වගෙයි බොහොම හොඳයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මාත්තියා බෑරක්ද ,,ස්තුති ඈ

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...