Sunday, August 4, 2013

අකාලේ මිලිනවූ සුලා 15

කට ඉස්සරකරගන්නේ නැතුව තුන් මාසයක් ඉවසල හිටියේ හොල්මන් වලට බයෙන්.අද ලියනවා .මේ සිද්දිය තුළ මා යමක් ඉගෙනගත්තා ,ඔබටත් යමක් තියෙන්න පුළුවන්,
            මන් රැකියාව කරන තැන  ,මන් බලාගන්න ලෙඩාගේ අසල්වැසියා වුනේ අවුරුදු 78 ක ආච්චි කෙනෙක් එයා තනියම ගෙදර හිටියේ.එයා නිතර අපේ දිහා එනවා කතාබහ කරනවා.එයා වයස වුනාට මාත් එක්ක කතා කරන්නේ සමවයසේ යාළුවෙක් වගේ. එයාගේ නම 'සුලමිත්' එයාගේ ලස්සන පුංචි පුංචි ගැජමැටික්ස් වගයක් තියනවා හැමදාම මට පෙන්නනවා..එයාගේ හස්බන්ඩ් ගේ ෆොටෝ පෙන්නනවා.මට කියලා ඇහිබැමි ගලොගන්නවා ,නියපොතු පාටකරගන්නවා .ඒ වගේම බැංකු පොත්වල ගොඩක් සල්ලි තියන බව පෙන්නනවා ..එයාට අනාගතය වෙනුවෙන් හීන තිබ්බා.කෑවේ බීවේ හරි පරිස්සමට ... ඒ අතර මාත් එක්ක මගේ ලෙඩාට හොරෙන් කියපු දෙයක් තිබ්බා.. "සිල්වා ටෝම් මැරුණම ඔයා එන්න අපේ දිහා මන් බලන් ඉන්නේ" කියලා  ඒකට හේතුව ඔහු අවුරුදු 93 ක් වයස පුද්ගලයෙක් වීම,  
                                               ටෝම් ගැනත් යමක් ලියන්න ඕනේ ,එයා නිදහස් මනසක් තියන ,හැම පුද්ගලයාටම ආදරේ අනුකම්පාව දක්වන ,ආගම දහමට ලැදි කෙනෙක් ,ඒ වගේම පොඩි දරුවෙක් වගේ හැමදාම හවසට ටිපි ටිප් පැකට් එකක් කනවා,,කාර්ටුන් ,රෙස්ලින් බලනවා ,, ඒ වගේම විශේෂයෙන් මට කියනවා " අර මනුස්සය පව් තනියම ඉන්නේ ,,,ටිකක් ගිහින් කතා කරන්න ,,උදවුවක් කරලා එන්න ,, කියලා 
                                                        දවසක් රෑ සුලමිත්ගේ දුව ඇවිත් හිටියා,,මන් සීයාගෙන් අහලා එහෙ ගියා. එයා  ටිකක් අසනීපෙන් හිටියේ ඒ ටිකේම...මන් එක්ක කතා කර කර ඉද්දි එයා මාව ගොඩක් ලගට අරන් ඇහුවා ඔයා "ටෝම් මැරුණම එනවා නේද කියලා" මන් ඔව් කිවුවා..එයාගේ ඇග ගොඩක් ගැහුනා වෙනදට වඩා,,එහෙම විනාඩි 2 ක් විතර මාව තුරුල් කරන් මගේ බෙල්ල ඉබගෙනම එයා අන්තිම හුස්මත් ඉවරකරලා තිබ්බා..
   විශ්වාස කරන්න මනුස්සයෙක් තමන්ගේ ඇගට තුරුල්වෙලා ,ලන්වෙලා එයාගේ අන්තිම හුස්මත් තමන් මතටම හෙලුවා කියන අත්දැකීම හරිම අමුතුයි. මුළු ඇගමමගේ මනසත් එක්ක බිදිති බිදිති වෙන් වෙලා ආපහු පිච්චෙන ගිණිකොලපාට දියරෙකින් ආපහු එකතු කළා වගේ. ඒක මගේ මනසට දැනුනද කියලා  හෝ දැනිච්ච ආකාරය එතරම් විශේෂ වුනේ නැහැ. ඒත් ශරිරෙටනම් මන් කියපු වගේ දෙයක් සහ මහා උතුරා යන ආදරයක් ,,ජාතියක් ,නෑකමක් යන බැම්මට එහායින් දැනුණා නිරුවත් මනුස්ස  කමක්.. .
                                  ඊට පස්සේ දුව එයාව හොස්පිටල් ගෙනිච්චා,එදා ගෙදර ඇවිත් කාලා වෙනදවගේම නිදාගත්තා බයක් දැනුණේ නැහැ,,

ඒත් කාටවත් කියන්න ගියෙනැහැ

 "මාව බදාගෙන කෙනෙක් මැරුණා මන් හොදට ඉන්නවා,එයා මට බුතයෙක් වෙලා බැල්ම දැම්මේ නැහැ කියලා " බයට තමයි හිටියේ, 

                   'සුලමිත්' එයාගේ හීනත් එක්කම මැරුණා. ටෝම් තාමත් මාත් එක්ක සතුටින් ඉන්නවා.. ජිවිතේ හරි පුදුමාකාරයි,, මරණය කොයි වෙලේ එනවද අපි දන්නේ නැහැ , හැමදවසකම පුළුවන් තරම් සතුටින් ,තෘප්තිමත්ව නිදාගන්න පුළුවන් නම් ,,

                                                                දේශපාලනය ,  දුෂණය (ස්ත්‍රී /රාජ්‍ය ආයතන /පරිසර /බාල අපචාර)  කියන මාතෘකා දෙක හැමදාම අපේ ඉහමොළ රත්කරනවා ඒ වලින් මිදිලා තනියම මොකෙක්ද වගේ ඉන්න බැහැ,, ඒත් මේ ඔක්කොම අවුල් ජාල වලින් පිරිච්ච මහා කුලකෙන් පිට ඔයාගේ හිතට ලස්සන තැනක් හදාගන්න,, එතනට ගේන්න එපා ලෝකේ දේවල්..තනිවෙලා ඒමේ අත හිතන්න ...එක පෝස්ට් එකක් කියවන කෙනා දහසක් පැතිවලින් ඒක දකිනවා,, ඒ නිසා මන් එක පැත්තක් ගැන විතරක් ලියනවා,,
                                            කියවන්න නැවතුනාට ඉස්කෝතු ආ ,,  

15 comments:

  1. මැලේ රාළ
    1 week ago - Shared publicly

    කතාව කියෙව්වට පස්සේ දැන් මට බයයි සුලමිත් දැන් මගේ පස්සේ එයි ද කියලා ........
    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    නිදාගන්න යද්දී මතක් කරගන්න ,, මාත් දවසක් මගේ හෙවනැල්ලට බයවුනා එයා කියලා ,,

    ReplyDelete
  2. Kaushi Ariyabandu
    1 week ago - Shared publicly

    මට මතක් උනේ ජපන් නමක් තිබ්බ ඉංග්‍රිසි හොල්මන් ෆිල්ම් එකක්... ( අම්මපා මට නම මතක නෑ නේ...) ඒකෙත් ඔය වයසක අය බලාගන්න කෙල්ලෙක්ට හොල්මන් පේන කේස් එකක් තමයි තිබ්බේ... මොකද ගෙවල් වල අය නෑ නේ දවල් දවසට... වයසක අය විතරයි..

    ජීවිතේ හොර බොරු නැති අයට බූතයෝ වෙන්න මොකද්ද තියෙන උවමනාව කියල මට හිතෙන්නෙ... මැරෙන අයට වඩා මං ජීවත් වෙන අයට බයයි...
    +

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    ඔව් +Kaushi Ariyabandu ඔයා හරි ,, මේ ඕවා කියලා මාව බයකරන්ඩ එපා අම්මෝ 

    ReplyDelete
  3. kanchana amilani
    1 week ago - Shared publicly

    ඇත්ත.මමත් කැමතියි මේ ලියන විදිහට.
    දිගටම ලියන්න.

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    ස්තුති ,,පාළුවෙන් ඉන්න මට තියන එකම සැනසීම 

    ReplyDelete
  4. Naleen Dilruksha
    1 week ago - Shared publicly

    සම වයසේ යුවතියකට නැති ජීවිතාවබෝධයක් ඔබට හිමියි. ඒ අද්දැකීම මැනවින් අන්‍යන්ට දැනෙන්නට ලියන්නත් ඔබට හැකියි. මේ සුවිශේෂි ගුණාංගයක්.. දිගටම ලියන්න.

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago

    මන් මේක ලියන්නේ නැතුව ඉන්නත් හදල ලිවුවේ ..මන් බ්ලොග් වලට අලුත් ඒ වගේම බරසාර විදියට සිංහල සාහිත්‍ය එහෙමත් දන්නේ නැති නිසා ,, ඒත් ඔයාලගේ දිරිමත් කිරීම මට පෙළබිමක් දුන්නේ ,ස්තුති 

    ReplyDelete
  5. Maathalan - Priyantha Hewage
    1 week ago - Shared publicly

    මම ඔය රටේ ඉන්න කාලේ "ඇම්බියුලන්ස්" කෝස් එකක් කලා. ඒ කාලේ මගේ අතේම අවුරුදු 3ක විතර දරුවෙක් නැති උනා. ඒක බොහෝ කාළයක් මගේ හිත සලිත කල සිඳුවීමක් උනා. දරුවා මිය යාම නොවේ. ඒ දෙමව්පියන්ගේ හඬා වැටීම. කොහොම හරි එයාලගේ හිත නිවන්න මාත් ටිකක් හරි උදව් උනා කියන සන්තෝෂය අදත් මට තියෙනවා. ඒ අය ලංකාවටත් ඇවිත් ගියා. ඒ තරම් හිතවත් උනා. ජීවීතය ඔහොම තමයි. මගේ තව මිතුරියක් සිටියා, ඇය හිට්ලර්ගේ ජ්‍රමන් සිර කඳවුරක සිටිය පොඩි කෙල්ලෙක් ඒ කාළේ. ඒත් ජීවීතය ගැන පුදුම දැක්මක් තිබුනේ.

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    එහෙම හදවත් ලැබිච්ච ඔයත් මමත් වාසනාවන්තයි අයියේ ,, 

    Ajith Kumara
    1 week ago


    jiwithe hati ehema thama

    ReplyDelete
  6. Naleen Dilruksha
    1 week ago - Shared publicly

    සම වයසේ යුවතියකට නැති ජීවිතාවබෝධයක් ඔබට හිමියි. ඒ අද්දැකීම මැනවින් අන්‍යන්ට දැනෙන්නට ලියන්නත් ඔබට හැකියි. මේ සුවිශේෂි ගුණාංගයක්.. දිගටම ලියන්න.

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago

    මන් මේක ලියන්නේ නැතුව ඉන්නත් හදල ලිවුවේ ..මන් බ්ලොග් වලට අලුත් ඒ වගේම බරසාර විදියට සිංහල සාහිත්‍ය එහෙමත් දන්නේ නැති නිසා ,, ඒත් ඔයාලගේ දිරිමත් කිරීම මට පෙළබිමක් දුන්නේ ,ස්තුති 

    ReplyDelete
  7. manjula lakmal
    1 week ago - Shared publicly

    ඔයාගේ සම වයසේ බ්ලොග් කාරයන්ට සහ කාරියන්ට ගොඩක් එහා පැත්තේ ඔයා ඉන්නවා , බ්ලොග් එක හරිම රසවත් සහ ලිපියක් ලිපියක් ගානේ ගත යුත්තක් තියනවා . ලෙකු සීන් ලොකු ටෝක් නැති හන්දා මට හොදට තේරෙනවා ,

    ඔය පොඩි වයසට ඔහොම හිතන්න ඔහොම ලියන්න හේතුව වයසට වඩා ජීවත් වීම වෙන්න ඇති , අවුරුදු 50ක හැටක ගෑණියෙකුට නැති සමාජ අවබෝධයක් උඹට තියනවා

    Reply

    අපුර්වී ඔමායා
    1 week ago

    ස්තුතිය අටම් අයියේ ,, 

    ReplyDelete

  8. Yasith Gamage
    3 days ago - Shared publicly

    වෙන්වීම දුකක්... ළංවීම ඊට වඩා දුකක් මොකද සෑම ළංවීමකම අවසානය වෙන්වීමක් නිසා...

    (සමහර වෙලාවට අවසාන මොහොතේ තමන් ළගින් හිටපු අය අශ්‍රය කරපු අය හොයාගෙන මිය ගිය අය ආපු කතා නම් මං අහල තියෙනවා :/
    Reply

    අපුර්වී ඔමායා
    3 days ago

    +Yasith Gamage මේ මාව බය කරන්න නේද හදන්නේ ,, කොටියම කාපිය

    ReplyDelete
  9. කළු සහ සුදු
    6 days ago - Shared publicly

    කියවන්න ආස හිතෙන ආරයක් ඔයාගේ රටාවේ තියනවා...ඔමායා..කියවන්න එන්නම්..
    Reply

    අපුර්වී ඔමායා
    6 days ago


    හරි සුදු ,, තැනක් යු 

    ReplyDelete
  10. ඉවාන් පවුලූශා
    1 week ago - Shared publicly

    සංවේදී කතා ඔයා ඉදිරිපත් කරන ආකාරය ඉතාම අගෙයි, මේ තමයි ප්‍රතිභාව ඔමායා.

    ·
    Reply

    අපුර්වී ඔමායා
    1 week ago


    +ඉවාන් පවුලූශා ස්තුති දිරිමත් කරනවාට 

    ReplyDelete
  11. බුහාහා සුල්මිත් ඔබ පසුපස එයි බුහාහා

    * පට්ට අක්කේ ඔයාගේ කතා නම් කියවන්න ආසස හිතෙනවා

    ReplyDelete
  12. ඇත්තටම බය හිතෙන සිදුවීමක් නේ ,,,,

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අදටත් බයක් දැනුණේ නැහැ අයියේ

      Delete
  13. ඒක මාර අත්දැකීමක් නේද. බයක් දැනෙනව තමා. ඒත් බලන්න ඒ මැරිච්ච ආච්චි අන්තිම හුස්ම හෙලන්නේ තමන්ගෙ දුව බදාගෙන නෙමෙයි. ඔයාව බදාගෙන. මනුස්සකමේදී , කරුණාවන්තබවේදී ජාති ආගම් නෑ කියල හොඳටම ඔප්පු වෙනව ඒකෙන්ම. ඔයා එක අතකින් වාසනාවන්තයි එහෙම අත්දැකීමක් ලබන්න :).

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...