Wednesday, September 11, 2013

ඉවසන සෙල්ලම 29

                                     



                     විස්ස විසිදෙක වෙනකල් මල්ලි එක්ක ක්‍රිකට් ගහපු ,,මාරි පැකට් එකෙන් වැඩි කොටස කන්න මල්ලි එක්ක මරාගත්ත,,විනාඩි පහකට වඩා එක ඉරියවුවේ නොහිටපු ,,මන් දැන් ගෙවන ජිවිතේ මටම පුදුමයක්.
             ඉවසීම කියලා වචනයක් නොතිබ්බ මගේ වචන ලිස්ට් එකේ  උඩින්ම  තියාගන්න වුනේ ඉවසීම ,,,මට ලැබුන මුල්ම රැකියාව මාසෙකින් දමාගසා ඒමට සිද්ද වුනෙත් ඒ නිසා..කාටහරි වැදගත් වෙයි කියලා හිතුන නිසා මන් ඉවසීම ඉගෙනගත්ත හැටි සහ ඉවසීම පුරුදුවෙන සෙල්ලම කරපු හැටි ලියන්නම් මගේ මුල්ම රෝගියා  ප්‍රොෆෙසර් කෙනෙක්,,වයස අසුඅටයි ,,ඩිමෙන්සියා මුල් අවදියේ කෙනෙක්..
                                    එයාට ලොකු පුස්ථකාලයක් තියෙනවා ගෙදර,, හිටපු ගමන් මට කියනවා උඩම රැක් එකේ පොත් ඔක්කොම බිමට ගන්න කියලා ,මන් ඉතින් ඉනිමග දිගේ නැගලා ඒවා අරන් අරන් මේසේ උඩින් තියන්න ඕනේ.. ලොකු පොත්,,උඩ රාක්කෙ ඔක්කොම බාන්න මන් සියවාරෙකට වඩා  නගින්න බහින්න ඕනේ ,, පොත් දෙකකට වඩා එක පාර පහලට ගේන්නත් බැහැ ,, 

වචනයක් වත් කතා කරන්නෙත් නැහැ ඔය වැඩේ කරන අතර තුර..ඊට පස්සේ ඔක්කොම බෑවට පස්සේ යටම රාක්කෙ ඔක්කොම ආයේ අරවගේ දෙක ගානේ උඩින් තියන්න ඕනේ..අනේ දෙකම පැයගානක් මහන්සිවෙලා දත්මිටිකාගෙන කලාට පස්සේ කියනවා අනේ සොරි සිල්වා මට අමතක වුණා , එක පොතක් මිස් වුණා කියලා,,  අනේ මන් ආයේ ඔක්කොම පෙන්න පෙන්න අහන්න ඕනේ මේකද ? මේකද ? කියලා... ඔහොම උදේ ඉදලා 12 විතර වගේ වෙනකල් කලාට පස්සේ කියනවා

 "හ්ම්ම් අදට ඇති දැන් බඩිගිනි",,,මන් ඉතින් කන්න මොනාහරි හදනවා,, ඊට පස්සේ විනාඩි 10 කින් වගේ මට කතා කරලා කියනවා "ඇයි තාමත් කන්න දෙන්නේ නැත්තේ " දැන් කීයද වෙලාව ?? පුතාට කෝල් එකක් අරන් මොනාද කියනවා ,, ඊට පස්සේ පුතා මට කතා කරලා අහනවා ඇයි කන්න දුන්නේ නැත්තේ මගේ තාත්තට කියලා.. මට භාෂාව තේරෙන්නේ නැහැ කියන්න වෙච්ච දේ ,ඒ පුතාට ඉංග්‍රීසි දන්නේ නැහැ ,,මන් ගොත ගගහා කියද්දී එයා කට් කරනවා ,,අනේ මට සීයව කන්න කේන්ති ,,,
                                             
         ආයේ ඉතින් පටන් ගන්නේ කන්න ගියාම පැණි රසට කන්නේ අපි වගේ මිරිස් කන්නේ නැහැනේ,,හැමදාම දවල්ට අල කොටු කොටු කපලා චිකන් කොටු කොටු කපලා එකට දාලා හදන කෑමක් තමා කන්න ආස ,,මොන ජාතියක මිනිහෙක්ද මන්ද කියලා හිතුණා, ඉතින් අද කියනවා "හෙට උයද්දී පොඩියට කපන්න මේ ගානට කියලා ,,, "  පහුවදාට කනකොට ආයේ කෑගහනවා "අපොයි මේවා ලොකුයි පොඩියට කපන්න හෙට මෙන්න මේ ගානට " අනේ ඒ ගානට කපපුවාම කියනවා මොනාද මේ කියලා ,, ,, කනකල්ම බනිනවා මන් රවනවා , අඩනවා ,, පස්සේ පස්සේ මන් හැමදාම රණ්ඩු වුනා ,, සති තුනක් ඇතුලත නව වතාවක් පුස්තකාලේ අස් කළා අර වගේම,, 
                                                කාලා බිලා මන් එක්ක රණ්ඩු කරලා ඊට පස්සේ පටන් ගන්නේ ෆ්‍රිජ් එකේ බඩුවල එක්ස්පයර් ඩේට් චෙක් කරන එක මොලේ කුඩු වෙන්න ජෑම් බෝතලෙකින් දෙන්න හිතුන වාර අනන්තයි ,, පස්සේ මන් ළමයි ආවම කීවා හැමදේම ඒත් එයාලා කිවේ ඉවසන්න තාත්තගේ හැටිනේ කියලා.. ඒ සති තුනේදී මන් හිටියේ පුදුම කලකිරීමකින් , කේන්තියකින් වයිරෙකින් ,අම්මට වත් කතා කලේ නැහැ ,, ඒ මනුස්සයන්ව රිද්දුවා මගේ හිතේ තිබ්බ පිඩනේ නිසා ,,
                                          අසතුටින්මයි හිටියේ,, මගේ මුණේ කුරුලෑ ගොඩක් ආවා ,, කණ්ණාඩියෙන් මුනවත් බැලුවේ නැහැ මාවම එපා වෙච්ච නිසා ,,,  මන් නිතරම  මිනිහට කීවා ,,මන් ඔයාව ආදරෙන් බලාගන්න කැමති මට ඇයි මෙහෙම කරන්නේ ,,මාත් මනුස්සයෙක් කියලා ,, දවසේ හැම තප්පරේම මන් ගෙවුවේ කේන්තියෙන් ,කලකිරීමෙන් ,මට මාව වත් පෙන්නන්න බැරුව  හිටියේ.
දවසක්  මන් එයා එක්ක රණ්ඩු වෙලා කිවුවා "මේක මගේ ලංකාව වුණානම් දෙකට කපලා ජනේලෙන් පහලට විසිකරනවා කියලා " (අපි හිටියේ 12 වෙනි තට්ටුවේ ගෙදරක) ඊට පස්සේ කට වහගත්තා ,,එවලේම මන් මගේ ඇදුම් ටිකත් අරන් ජොබ් එක දාලා ආවා... ඔන්න ඔහොම තමයි මගේ ඉවසීම කෙලවර වුණේ. 
                                       ඊට පස්සේ ගොඩාක් හොද කෙනෙක් හම්බුණා..මාත් ගොඩක් සතුටින් හිටියා...කිසිම අභියෝගයක් නැහැ ආච්චිට ලස්සනට මේකප් එකක් දාලා ෂෝයි ඇදුමක් අන්දලා තිබ්බම පාඩුවේ ඉන්නවා ,, අම්මේ දෙවියෝ මගේ මුන බැලුවා කියලා හරිම සැහැල්ලුවෙන් හිටියා.. එත් ඒ කාලය තුල මගේ හිත මට දොස් කිවුවා..ඇයි අතනින් ආවේ කියලා.. මන් ඉංග්‍රීසි කතා කරන්න ඉගෙනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ කාලයක් තිස්සේ.. ප්‍රොෆෙසර් හම්බුනාම ගොඩක් සතුටු වුණා එයා හොදට ඉන්ග්ලිෂ් කතා කරපු නිසා...මන් මටම කියාගත්තා මොන ප්‍රශ්නේ ආවත් මන් මෙයා එක්ක ඉන්නවා ඉංග්‍රීසි ඉගෙනගන්න පුංචි කාලේ ඉදන් තිබ්බ ආසාවට මේක දෙවියන් දුන් තෑග්ගක් මට කියලා..දෙවියන්ටත් ස්තුති කළා.. ඒත් ඒ හැමදේම පරාද කරගෙන මගේ දුර්වල හදවත ,ශරීරය නැගී සිටියා කියලා මන් හිතන්නේ.. 
                                      
අර භාජනේ ලිපේ තියලා රත් වෙනකල් කකුළුවා ස්විමින් කළා වගේ දෙයක් වුනා මටත්... දවසක් උදේ නැගිටිද්දී ආච්චි මාව තුරුල්කරන්ම නැතිවෙලා.. මාත් නිදාගත්තම මලා වගේනේ උදේ තමයි දන්නේ හොස්පිටල් එකෙන් කිවුවා ස්වභාවික මරණයක් කියලා,,ඒ වගේම රෑ නැති වෙලා තියෙන්නේ....එකත් ඉවරයි. ඔහොම තව රැකියා කීපෙකින් පස්සේ තමයි දැන් ඉන්න සීයව හම්බුණේ.
                                
                                                    මට වඩා අවුරුදු 70 ක් විතර වැඩිමල් කෙනෙක් එක්ක පැය විසිහතරම  සහ දින 365 ම ගෙවන්න මට සිද්ද වෙලා තියෙන්නේ දැන්... කාලයත් එක්ක පලවෙනි කෙනා හොදයි කියන මට්ටමට දේවල් සිද්ද වෙන්න පටන් ගත්තේ මුලදී මෙතනිනුත් යන්නම ඕනේ කියලා හිතුනත් මුදල් ගැන හිතලා මට ඉන්න හිත හදාගන්න සිද්ද වුණා.. දෙවියන්ට ස්තුති කියපු කටින්ම අනේ දෙවියනේ ඇයි මට මෙහෙම කරන්නේ ,,? අනිත් අය සතුටින් ඇයි මටම මෙහෙම කරන්නේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගත්තා .. .. 

මේ සීයා නිසා මට ජිවිතේ කලකිරුණා පුදුම විදියට එයාගේ භාෂාව මට තේරෙන්නේ නැති එකට නිතරම මට මොලේ නැහැ කිය කියා ඇද කරනවා, මගේ රටට අපහස කරනවා.. මන් බාත් රූම් එකේ ඉද්දි කෝල් එකක් එයාට ආවොත් ෆෝන් එක අරන් දෙන්න මන් ලග නොහිටියා කියලා ඒක මගේ ලොකු වරදක් වෙනවා ,, ඒ වගේම කලින් ප්රෝෆෙසර්ට තිබිච්ච පුස්ථකාල අස් කරන ලෙඩේ මෙයාට ඊට වඩා තියෙනවා...මන් කේන්ති එන හැම වෙලේම ඒක යටපත් කරගන්න ඕනේ කියලා කටින් කිවුවා මට ඇහෙන්නම .. මට කරන්න බර වැඩක් නැති හින්ද ලැබෙන සැලරි එකට හරියන්න මන් මගේ හිත රිදෙන්න අරින්න ඕනේ කියලා ,, ඇත්තමයි මටම පුදුමයි..
                          මන් හොදටම දන්න හරිම සරල දෙයක් ගැන සීයා සමහරවෙලාවට මට කියාදෙන්නේ විශ්ව රහසක් එළිදරව් කරනවා වගේ මගේ යටි හිත කියනවා මොන විකාරයක්ද මේ,, "ඕක කරන්න ඔච්චර මහන්සිවෙන්න දෙයක්ද ,,ඕවා අපි චුටි කාලේ ඉදන් දන්නේ කියලා"  එත් ඒක මන් කටින් කිව්වුවොත් දවසම ඉවරයි ඊට පස්සේ දවසේ කිසිම වෙලාවක සීයා මන් එක්ක හිනාවෙන්නේ නැහැ..මාව පෙන්නන්න බැහැ.. වැඩ කියනවා නිතර..ඒ නිසා මන් පුරුදු වුණා කටින් නොකියා ඔහේ බලන් ඉන්න.මුල් කාලේ ගොඩක් අමාරු වුනත් මන් කළා..
                                    අල්මාරියට රෙදි නමලා දාන්න ගියාම එපා වෙනවා.. අතනින් තියන්න ,,නැහැ මෙතනින් ,,,එක්කෝ නැහැ අතනින් ..මට කිවුවට තේරෙන්නේ නැති නිසා අතින් පෙන්නනවා ..ඔක්කොම ඉවරකරලා යන්න හදද්දී කියනවා ,,පහල තට්ටුවේ ඔක්කොම උඩට දාලා උඩ ඒවා පහලින් තියන්න කියලා.. මුල් කාලේ මුණ යකෙක් වගේ කරගෙන කලාට කමක්නැහැ මන් මෝඩයෙක් වගේ ඉද්දි සීයා සතුටින් ඒ වගේම සල්ලි හම්බෙන්නේ නිකන් ඉන්නවට නෙමේනේ කියලා හිතන්න පස්සේ පස්සේ මන් පුරුදු වුනා..එහෙම හිත හදන් අල්මාරිය වහල එද්දී ආයේ කියනවා කෝ කෝ බලන්න කියලා බෙඩ් ෂිට් ඔක්කොම බලන්න ඕනේ කියලා අරන් දෙන්න කියනවා,, මන් ඉතින් දෙනවා ..ඔක්කොම දිගහැරලා දාලා කියනවා ආයේ නමන්න කියලා ,,ඒ වෙලාවට මගේ ඇග පොපියනවා කේන්තිය වැඩිකමට ,,ඒත් මන් ගොඩක් අමාරුවෙන් ඉවසීමේ සෙල්ලම කරනවා ,,කිසිම කලබලයක් නැතුව , ගානක් වත් නැතුව මුණේ පොඩි හිනාවකුත් තියාගෙන අර ටික ආපහු නමලා තියනවා..
                                                ගෙදර බෙල් එක වැදුනම කවුද කියලා අහන්නේ නැතුව දොර අරින්න එපා කියලා හැමතිස්සෙම කියනවා ,,ඉතින් ගෙදර බෙල් එක වදිද්දී මන් ෆෝන් එකෙන් කවුද කියලා අහද්දී මට කෑගහනවා මොනාද අහන්නේ ඉක්මනට දොර අරින්න කියලා.. ඒ එන කෙනා එයාට වුවමනා කෙනෙක් නොවුනොත් ගියාට පස්සේ බයිනවා ඇයි මන් කියන දේ කරන්නේ නැත්තේ කියලා "අනිත් දවසේ එහෙම දොර අරින්න එපා කියනවා මුල් දවස් වල මේක වුනාම මන් අඩලත් තියෙනවා ,,එත් ඉවසීමේ සෙල්ලම කරන්න ගත්තට පස්සේ ඔය වගේ දේවල් වලදී මන් කරන්නේ "හා එහෙම කරන්නම් අමතක වුනානේ" කියනවා ,,
                                    සීයාගේ දරුවෝ මට කිවුවා  පස්සේ එයා එක්ක ඉන්න ගොඩක් අමාරුයි කියලා ,,එයාලා ආවත් පැය බාගයක් ඉන්නේ නැහැ මහා හයියෙන් කියවගන්නෙ ,,
                                                            මේ කාසිමාවේදී හරි අහම්බෙන් මන් නෙට් එකේ ඉන්න අතර වාක්‍යක් දැක්කා  "අපිට අපහස කරන ,වැරදි කරන අය එක්ක   එකට එක කරමින් රණ්ඩු වෙමින් ගහගන්නවට වඩා එයාට පෙරලා ආදරය , කරුණාව , දැක්වීමත් ඒ වගේම ඒ දේවල් මොකුත් නොවුන ගානට කතා බහ කිරීම තුලිනුත් අපිට ඒ මනුස්සයාගේ හිස උඩට ගිණි අගුරු ගොඩ කරන්න පුළුවන් වගේ අදහසක් ඒ වාක්‍යයේ තිබ්බා.. ඇත්තටම මන් ඒ දේ කළා... දෙවියන්ට දොස් කියන එක පැත්තක තියලා  ඒ හැම එපා වෙන කලකිරෙන වෙලාවකම මන් මටම කියාගත්තා මේ ජොබ් එක කවුරුවත් මට බලෙන් දුන්නේ නැහැ ,,සල්ලි හම්බෙන්න නම් මන් මේවා දරාගන්නම වෙනවා ඒ වගේම මේ කෙනා රෝගියෙක් ඉවසන්න ඕනේ කියන එක .. සමහර වෙලාවට පැය ගණන් පාර දිහා බලන් ඉන්නවා කතා කරන්නේ නැහැ..මට කාමරේට යන්න විදියකුත් නැහැ ,,,




                                   කතාව දිග වැඩිවෙනවා තවත් දේවල් ලිවුවොත්.. මන් වගේ නොඉවසිලිවන්ත මනුස්සයෙක්ට තියා හරිම අහිංසක ඉවසිලිමත් කෙනෙක්ටවත් දරන්න බැරි දේවල් වලට මුණ දෙන්න සිද්ද වුනා මේ විදියට ,, ඒ හැම වෙලාවකම අර කවුද   සතුටුවෙන සෙල්ලම කරනවා වගේ  මන් "ඉවසන සෙල්ලම කළා"  ඇත්තමයි ඒක හරිම ආත්මතෘප්තිය දෙන සෙල්ලමක්.. වෙන කෙනෙක්ගේ මතය ඉවසල බලන්න එකපාරක් ,,හැබැයි මුණේ ඉරියවුවකින්වත් ඒ කෙනාට "කෝචෝක් හිනාවක් නොදා" ඔයාට ගොඩක් සතුටු වෙන්න පුළුවන් වෙයි.. මේ විදියට මාසයක් ගියා සීයා නතර කළා එයාගේ ගොඩක් දේවල් ,, පුස්තකාලේ අස් කරන එක ,අල්මාරියේ රෙදි නමද්දී කරන වැඩේ එයා නතර කළා.. එයාට එපා වුනා..මන් හිනාවෙලා ඒවා කරද්දී ,,මෝඩයෙක් වගේ එයා කියල දෙන ප්‍රාථමික දේවල් මහා ඉහලින් අගය කරද්දී එයා සතුටු වුණා..දැන් මේ ගෙදර හැමදේම වෙන්නේ මට ඕනේ විදියට,,ඉවසීමට කරන්න පුළුවන් දේ කොච්චරක්ද කියලා මන් තේරුම් ගත්තා ,,

                                       මේ ලිපිය ලිවීමේ අරමුණ වුණේ මන් මගේ පලවෙනි රෝගියා එක්ක ගත කරපු කාලසීමාවේ අත්දැකීමට සමාන අත්දැකීම් විදින අය සහ අනාගතේ මෙවැනි රැකියාවක් කරන්න ඉන්න අය වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේට යමක් දෙන්නයි..එක්කෙනෙක් හරි ඉවසීමේ සෙල්ලම කරලා සතුටු වුනොත් මටත් සතුටුයි,,ඒ වගේම මගේ ජීවිතය තුල මේ දේ තව තව තහවුරු කරගන්න අදහසකුත් නැතුව නෙමේ...අවසන් වශයෙන් මේ ලීවේ ඉතාම පුංචි පැතිකඩක් මගේ රැකියාවට සම්බන්ද ,, දෙවියන්ට හෝ දයිවයට දොස් නොකියා ශරීරයට  ,ආත්මයට රිදුනත් ඉවසන්න උත්සහා කරන්න.. ඒකට කරන්න පුළුවන් දේ හරි විශාලයි ,,මන් අද ගොඩක් සතුටින් ,, 
                                                         ස්තුතියි --------
                                            

63 comments:

  1. හ්ම්....,,,,හොද විස්තරාත්මක ලිපියක්.කාන්තා පක්ෂයට පමණක් නොව පුරුෂ පාර්ශවයටත් වටිනා පාඩමක්.
    මේ ලිපිය කියවන විට මතක් වුනේ බටහිර රටවල ඔහොම නම්,අරාබිකරයේ වැඩ කරන කාන්තාවන් විදින දුක කොහොම ඇද්ද කියල.
    සංසාරේ................සංසාරේ...............

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඔව්,, මට මේ ඇග මහන්සි වෙන වැඩක් නැතුව එක මනුස්සයෙක් එක්ක විතරක් ඉදලා මෙහෙම නම් අරාබිකරයේ ගෘහ සේවිකාවන් විදියට යන අය ,, පව් ඒක මට හිතාගන්න පුළුවන් ,, ස්තුති ගොන්ජි

      Delete
  2. //"මේක මගේ ලංකාව වුණානම් දෙකට කපලා ජනේලෙන් පහලට විසිකරනවා කියලා"// මේ ටික කියෙව්වට පස්සේ කොමෙන්ටු දාන බයයි කවදා හරි ලංකාවේදී හම්බ වුනොත් එහෙම ...? එක නිසා මුකුත් නොකියම මම යනවා බායි බතලි.....නෑ නෑ සොරි සොරි ඔමායා

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් ඇත්ත මන් කිවුවේ හිරේ ගියත් අපේ රටෙනේ

      Delete
  3. කෙන්ජයියලගේ ජපානේ එහෙම නැතෙයි

    ReplyDelete
    Replies
    1. ඈ අටමා ,මොකද බං බ්ලොග ලියන්නෙත් නෑ , අපේ පැත්තේ එන්නෙත් නෑ , අවුලක්ද ,තරහින්ද ?

      Delete
    2. මන් ඔයාට කියන්නම්කො ඉවෝ මෙයාට වෙච්ච දේ පව්

      Delete
    3. අටමා අපුරුවට බුකියෙ ඉන්නෙ. මුකුත් වෙලා නැහැනෙ.

      Delete
  4. මට තේරෙන විදියට ඔයා බෞද්ධ කෙනෙක් නොවෙයි. බුදු දහමේ තියෙනවා ඕනෑම කෙනෙකුට මෛත්‍රී කලහම ඒ අය ටික දවසකින් ධමනය වෙනවා කියලා. මට හිතෙන්නේ ඔයා කරලා තියෙන්නෙත් ඒ ටික. මටත් ජීවිතේ ඔය වගේ අත්දැකීම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට ලංකාවේ හිරගෙවල් වල ඉන්නේ ඔක්කොම වෙන ආගම් වලද ?? බෞද්ධ හැමෝම මෛත්‍රී කරනවද ,,ඔව් බලන් ගියාම මන් කරලතින්නෙත් ඒකම තමයි ස්තුති ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට

      Delete
    2. ///එතකොට ලංකාවේ හිරගෙවල් වල ඉන්නේ ඔක්කොම වෙන ආගම් වලද ?? බෞද්ධ හැමෝම මෛත්‍රී කරනවද ///
      ගෙදරක දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවගේ ආගම හෝ අදහන දහම තීරණය වෙන්නෙ එයාගෙ මවුපියන්ගේ එක (දෙන්නා මික්ස් නම් එකක්). (මෝඩ වැඩක් නේද?) ඒනිසා බෞද්ධ ගෙදරක ඉපදෙන පලියට බෞද්ධ වෙන එවුන් ඕනේ තරම් ඉන්නවා. හරියට බැලුවොත්, හරි බෞද්ධයෙකුගේ තිබිය යුතු මූලික ගුණාංග වලින් 1%ක් තරම් වත් නැති උණත් නමට බෞද්ධ තමයි.

      (හරි වැඩේ, එතකොට බෞද්ධ අය ඉන්න ගෙදරක ඉපදෙන සතුනුත් බෞද්ධ ද? කිතුණු පවුලක් හුරතලේට ඇති කරන බල්ලා කිතුණු බල්ලෙක්ද? විකාරයි නේ)

      එහෙම නමට ආගමක් දහමක් ගාවගෙන ඉන්න එවුනිතින් මොන වැ‍රැද්ද කලත්, ආගම්වාදීන්ට ආගමකට ගරහන්න ඕනේ උනාම ඉස්සරහට අරන් පෙන්නන්නෙ අර "නමට ආගම් තියාගෙන පිස්සු කෙලින උන්"ගේ විකාර වැඩ තමයි.

      Delete
  5. ඔයාගේ මෙතඩ් එකත් හරි.. හැබයි පිල්ලියන්ගෙ මෙතඩ් එක ඕක නෙමෙයි. උන් සැර කරලා බය කර ගන්නවා. ඊට පස්සෙ උන් බව්වෝ වගේ ඉන්නවා..

    කෙසේ වෙතත් භාෂාව ඉගෙන ගන්න.... එච්චර අමාරු නෑ... මම නම් ඔහේ උන්න කාලේ අපේ උන්ට නොමිලේ ඉගැන්නුවා...

    ReplyDelete
    Replies
    1. පිල්ලියන්ගේ පිරිමි වෙන්න ඇති ඔය මෙතඩ් එක කෙල්ලෝ නම් වෙන මෙතඩ් එකක් ,, හි හි


      මට යාළුවො නැහැනේ අප්පා එත් දැන් ලියන්නත් පුළුවන් මට , මන් හෝඩි පොතක් ගෙනත් ඉගෙනගත්තා අකුරු 27

      Delete
    2. ඒ මෙතඩ් එකත් නරකම නෑ.. ගොඩ ගිය උන්, අනන්තයි, අප්‍රමානයි.. ඔහෙත් දන්නවා ඇති නෙව..

      Delete
    3. අපොයි ඔව් සිටිසන් ගන්න කියලා ළමයි තුන් හතර දෙනා ඉන්න නාකි බැදගන ඉන්නේ ශික් අප්පිරියාවේ බහ මට..

      Delete
  6. ඉවසීමෙන් සැනසීම ලැබේ තමා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් අසංක ඒක අමාරු නමුත් කලොත් දිනුම්

      Delete
  7. ලොකු විස්තරයක් එක්ක වෙනස් විදියේ අත්දැකීමක්. ඔයා කරල තියෙන්නේ හරි දේ.. ඒක එපා වෙන විදියට වැඩ කරන කොට අපිටම එපා වෙනවා. ඒකයි වෙන්නේ. අවස්ථා තුනකින් පමණක් ඒ දේ ඉගෙන ගන්න පුළුවන් වීමම දක්ෂතාවයක්.. හොදයි එහෙනං සීයව හොදට බලාගන්න.. ඇත්තටම බරපතල වගේම සාර්තක ලිපියක් ඔමා..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ඊයේ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ලිවුවේ

      Delete
  8. //ඩිමෙන්සියා// කියන්නෙ මානසික රෝගයක්ද ?


    මං වගේ හිටිය නම් සීයට ඉක්මනින්ම එයාගෙ සැනසීම ළඟා කරල දෙනව.. මුල්ම දවසෙ ඉතුරු දත් ටිකත් බඩට යන්න දුන්න නම් බය වෙලා ඉදීවි...

    නැත්නම් මහ රෑට හොල්මනක් වගේ ඇවිත් බය කරනවා, ඇවිල්ල කියනවා උදව්වට ඉන්න ළමයට කරදර කරොත් ලේ බොනවා කියලා. එතකොට බයට ඉඳීවි.. වයසක මිනිස්සුනෙ :)

    ReplyDelete
    Replies
    1. මෙයා මැරුණම ඔය ක්‍රමෙත් පාවිච්චි කරන්න පුළුවන් ,,තැන්කු ඈ , හි හි අපොයි හිරේ දානවා ඕවා කලොත් ඒකයි ඉවසන්න පුරුදු වුනේ

      Delete
    2. දිමෙන්සිය කියන්නේ මානසික වික්ශෝපේ කියන තත්වය ,, වයසට යද්දී බොහෝ විට ඇතිවෙන්නේ මේකේ අවදි තුනක් තියනවා මුල් අවදියේ බෙහෙත් වලින් පාලනය කරන්න පුළුවන් ,,නමුත් නමුත් වයසත් එක්ක අමාරුයි ,,මේකෙදි වෙන්නේ අතීතයේ මතකයන් වයසට ගියාම අළුත් වෙනවා වගේ දෙයක් , ඒ වගේම අමතක වෙනවා නිතරම ,, හේතුවක් නැතුව හිනාවෙන්නත් පුළුවන් මන් කලින් ලියපු ලිපියක මේ ගැන ලිවුවා

      Delete
  9. වයස එක්ක අමාරුකම් එනකොට අනුන්ට වද දෙන්නේ නැතිව මැරිලා යන්න තියනවා නම් තව පව් රැස් කර ගන්නේ නැතිව එක ලොකු දෙයක් අප්පා .//ඇති ඔයින් ඉගෙන ගත්ත එක.ඔය වගේ කෙනෙක් බලාගන්න නම් ඉවසීම කියන එක හොඳටම තියෙන්න ඕන වෙනවා.නැත නම් පිස්සු හැදෙනවා අපිට..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ එත් අපිත් වයසට ගියාම අපිට තේරෙයි ඒ වයසේ කෙනෙක්ගේ හැගීම්

      Delete
  10. "පයට පෑගෙන දූවිලි" මම් හිතන්නේ ඒක පද්මිණී කරුණාතිලකගේ... ඒකත් ඔය වගේමයි... තම්න් එක්ක ඉන්න මනුස්සයාගෙ සපත්තුවට බැහැලා හිතන එක තමයි එතන සිද්ධිය... ඒ සෙල්ලම පුරුදු වුනොත්නම් නංගි මෙලෝ කපේකට කිසි කෙනෙකුට ඔයාව වට්ටන්නවත් පහලට දාන්නවත් බෑ... ධනාත්මක පැත්ත හිතන සෙල්ලමත් එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ අදහස බෙදාගත්තට , ඔව් ඒක හොද ක්‍රමයක්

      Delete
  11. ඔය දැන් තොරගෙන ඉන්න ක්‍රමය හරියටම හරි..
    අපිත් එක්ක තරහ කෙනෙකුට, අපිව තරහ ගස්සවන කෙනෙකුට හොඳක් වෙන්න කියල පතන්න හිත හදාගත්තොත් ඒ වෙලාවට ලොකූ මානසික සතුටක් සැනසීමක් විඳින්න පුලුවන්..
    වෛරයට,ක්‍රෝධයට හොඳම බෙහෙත මෛත්‍රියනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් දුල්ශාන් ස්තුති අදහස් බෙදා ගත්තට

      Delete
  12. බොහොම හොඳ ලිපියක් ඔමා,දැන් කරදරයක් නැතිව ඉන්න එක ගැනත් සතුටුයි මේ ලිපිය ලිවීමෙන් ඔයාගේ හිතේ තිබුණු ඔක්කොම බර සැහැල්ලු වුනා කියල මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ වහලා තිබ්බ කාමරයක ජනෙල් හෝස් ගාලා ඇරියා වගේ ,, ලියන්න ගොඩක් දේ තියෙනවා මගේ එම්ප්ලෝයර් ගැන ජිවිතේ ගොඩක් දේ ඉගැන්නුවා මට ..

      Delete
  13. මමත් සීය කෙනෙක් බලා ගත්ත මිනිහත් ෆ්‍රොෆෙස්ර් කෙනෙක් වයස 91 යි ඔයා ඔය කියන ලෙඩෙ ඒ කියන්නෙ එකම බඩුව 100 පාරක් අද්ද අද්ද බලන එක ඒ වයසෙ අයට තියනම ලෙඩක් .
    මම ජොබ් එක එපා වෙනව කියල අම්ම එක්ක කිව්වම එයා කිව්ව ඒ සමහර දේවල් වලට අසීමිතව ආසා කරන්නෙත් නොවටිනා (පොත්පත් හැර) සමහර දේ අරන් තියන්නෙ අවුරුදු 80 ව 90 ව පැන්න ගොඩක් යුරෝපෙ අය 2 න ලෝක යුදිදෙන් පිඩාවට පත්වෙලා ඉදල තියනවලු නොකා නොබී දුක් විදලතියනවලු ඒකලු . ඒ අමිහිරි මතකෙ නිසාම වෙන්න ඇති .
    මොනා උනත් 2 වන 3වන පරන්පරාව එක්ක ගනුදෙනු කරන්න ලේසියි දෙයක් තෙරුම් කරල දෙන්න ලේසියි මොකඩ එයාල තරුන නිසා ධාරන ශක්තිය වැඩී වසස අය ෆ්‍රොෆෙසල උනත් වයස නිසා මේ බලන මේ දකින මේ අහන දේ මතක නෑ
    හික් හි හිහි ..
    මොනා උනත් ඔයාගෙ කියවපු ලිපිවලින් ලස්සනම එක . ස්තුත්යි

    ReplyDelete
    Replies
    1. ඔව් යුද්දේ බලපෑම තමයි ඒ ගොඩ දෙනෙක්ට තියෙන්නේ ,, මට සැලරි එකක් හම්බෙන්නේ එයාව බලාගනන්නේ ,,මගේ job එක තියෙන්නේ එයාගේ ශරිරෙත් එක්ක ,, දැන් මට ගොඩක් ආදරෙයි ඒ වගේම එයාට ඒ වගේ රෝගයක් තියෙනවා කියලත් එයා පිලිගනන්වා ,,,, ස්තුති ඔයාට

      Delete
  14. ඔයාගේ ලිපිය කියවද්දි මට අවු.6 කලින් එකටම ඉතාලියට ආව මාව මතක් උනා ,,,,,,,,ඉස්කෝලේ ගිහින් ඉවර වෙනකන් අපේ අම්මා තමා මගේ ඇදුම් හේදුවේ,අයන් කරේ,සපත්තු පවා හේදුවේ අපේ අම්මා මම ලව්වා අම්මා ගෙදර වැඩ කරව ගත්තේ නෑ කවදාවත්ම.මන් මෙහෙට ආවට පස්සෙ තමා පලවෙනි ජොබ් එක කලේ ඒකේ හිටිය සීය නම් හෙන නපුරා.ආච්චි නම් හරිම හොදයි අද මන් කොච්චර පිලිවෙලද,කොච්චර දැනුමක් මන් ලග මේ රට ගැන තියනව නම් ඒ ඔය අච්චි නිසා මාත් අවු.2 ක් යනකම් බැනුම් ඇහැව්වා,ඇඩුවා මට මාවම එපා උනා එත් ඉවසිම කියන සෙල්ලම හැමදේම ඉවසන් කරද්දි හිත සතුටු වුනේ මමවත් නොදැනුවත්වම ......දැන් මන් වැඩ කරන්නේ හරිම සතුටින් දැන් අවු.6 ම මන් මෙතන වැඩ.මෙයාලගේ හැම වැඩේටම මන් නැතුව බෑ........ හොදට ලිපිය ලියලා තියෙනවා ඔමායා.....

    ReplyDelete
    Replies
    1. මාත් ගෙදරට වෙලා කකා බිබී ඉදලා උඩපැනගෙන රට ආවට මෙලෝ දෙයක් දන්නේ නැහැ ඒත් මේ අත්දැකීම මාව ගොඩක් වෙනස් කළා හොයපු සල්ලි වලට වඩා වැඩි ජීවිතේට හම්බවෙච්චා .ස්තුති අක්කේ ඒ වගේම කුස් කුස් වට්ටෝරුවටත්

      Delete
  15. ගොඩක් සංවේදී සටහනක්, මනුස්සයෙක්ට උහුලන්න පුළුවන් දෙයක්ද මේ තමන්ගේ රටේවත් ඉන්න නැතුව අඩුම තරමේ? :'(

    හරි අගේට ලියල තියෙනවා,මම එක අකුරක් මග අරින්නේ නැතුව කියෙව්වා.. :)

    ReplyDelete
    Replies
    1. කියවල විතරක් මදි.හොදට මොලේ කියන එකට ඔබා ගනින්.
      ඇත්තටම මේ ලිපිය කාටත් ප්‍රයෝජනවත් ලිපියක් මල්ලො.

      Delete
    2. ස්තුති ගොඩක් මන් මේක ලිවුවේ අර වට්ටක්කා ඉස්ටුව දාලා වෙච්ච ලජ්ජාවෙන් බේරෙන්න ,, එත් ඔයාලගේ කොමෙන්ට්ස් දකිද්දී හිතට සතුටුයි ගොඩක් ඇත්තමයි තව ලියන්න හිතෙනවා ,, ඔව් @කරූ මාත් ගෙදරට වෙලා කකා බිබී ඉදලා උඩපැනගෙන රට ආවට මෙලෝ දෙයක් දන්නේ නැහැ ඒත් මේ අත්දැකීම මාව ගොඩක් වෙනස් කළා හොයපු සල්ලි වලට වඩා වැඩි ජීවිතේට හම්බවෙච්චා ..ඔයා අකුරක් ගානේ කියෙවුව කිවම සතුටුයි ගොඩක් ඇත්තමයි ,,

      Delete
  16. කිව්වම මොකද කෙල්ලේ නුඹේ හිතේ ඇති දෝමනස්සයන් මැනවින් අපට වැටහෙනවා. ඒත් මොනවා කරන්නද. මේ දවස්වල මගෙත් හොස්ස අගින් මැස්සා යන්න බෑ තද වෙනවා. උදේ 8 ඉදන් රැ 9 විතර වෙනකම්ම වැඩ. මාත් හිතට ගත්තා ඔබේ මන්තරය ජප කරන්න. ඔබට වාසනාවන්ත අනාගතයක්.. නැ නැ සුබ අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. ඊයේ වෙච්ච පොරොන්දුව ඉස්ට කළා මන් රෑ 2 වෙනකල් නගිටන් ඉදලා ලිවුවා ඔන්න..ඔයත් මේ සෙල්ලම කරලා බලන්න

      Delete
  17. රට පුරා ඇදෙන නයි නැතුව මේ වගේ තමුන්ගේ ඇත්දැකීම් ඇත්තටම ලියන්න ගෑනු හුරුවෙවන එක කොච්චර දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. මාත් හිටපු ගමන් fb එකේ නයි අරිනවා කම්මැලි කමට හි හි ස්තුති අමිල කාලෙකින් ඔයා ආවේ

      Delete
  18. ඔයා ඔය කිව්ව ජොබ් කළේ ජර්මන් වලද ඉශ්‍රායෙල් වලද ?

    ReplyDelete
    Replies
    1. ජර්මන් වල , මුල් දෙකම , කන්ටිනිව් එක තමයි තවත් ඉවසගෙන ඉන්නේ

      Delete
  19. වටිනා ලිපියක්. හරි අහම්බෙන් කියවන්නට ලැබුනෙ. මගේ සුභ පැතුම්....!

    ReplyDelete
  20. දුක නොවිද, ඉවසීමෙන් නොඋසුලා, ගත් සැපය, දියුණුව රසයක් නොවන්නේමය.

    ජය වේවා. !

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත සෑම්,, ස්තුති ආවට

      Delete
  21. ඔයා ගැන සතුටුයි ගොඩක්. මාත් ඉවසන්න සැහෙන්න උත්සහා කරනවා මේ දවස් වල. හ්ම්ම්ම්. මාත් ඉවසිම අඩු කෙනෙක් සැහෙන්න.

    ReplyDelete
    Replies
    1. ඉවසලා බලන්න ඒක අමාරු උනත් කලාට පස්සේ ලොකු සතුටක්

      Delete
  22. ඉවසීම ඇති කරගන්න, කේන්තිය නැති කරගන්න පාඩම් දානවා නම් මමත් එනවා.

    සමහ වෙලේට මළ පැනලා තියෙන්නේ හේතුවක් නැතිව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මාත් එහෙම තමයි ,, දැන් කරගන්න දෙයක් නැති කමට ඉවසන්න පුරුදු වුනේ..

      Delete
  23. ඉවසීමෙන් ලැබේලු සැනසීම. ඔයාටත් එසේම මානසික සහනයක් ලැබේවි. අපිත් ඔය හේතුවම නැතත් යම් යම් හේතුන් නිසා කලකිරෙන අවස්ථා නැතුව නෙවි. එකවෙලාවකට ජොබ් එක ගහල දාලා යන්න හිතෙනවා. ඔයාගෙ අදහස්වලින් මමත් ගත්තා ඩීවිතේට යම් දේවල්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමෙන්ටෙකට ස්තුතී , සතුටුයි ඇත්තමයි ,,තව දේවල් ලියන්න පුළුවන් එතකොට

      Delete
  24. ඔමා......බොහොම හොඳ අත්දැකීම් තියෙනවා නේද? ජීවිතේ කියන්නේ දිනපතා ඉගෙණගැනීමක් නේ. ඩිමෙන්ෂියා රෝගීන් එක්ක වැඩ කරනකොට නිකම්ම ඉවසීම පුරුදුවෙනවා.මගේ වයිෆ් වැඩ කරන්නෙත් ඔය වගේ තැනක නිසා ඉවසීම දියුණු වෙන හැටි මට නියමෙට පේනවා.

    ReplyDelete
    Replies
    1. හි හි ඔයාගේ වයිෆ්ට කොහොමත් ඉවසීම පුරුදුවෙන්න ඕනේ ඇති කසාද බැදපු දා ඉදන් නේද ?? ස්තුති අයියේ

      Delete
  25. ඔන්න මාත් අවා මේ පැත්තේ.දිගටම එන්නම්කෝ..ඔන්න ෆලොව් පාරකුත් දැම්ම..ජය වේ..

    ReplyDelete
  26. ලියල තියෙන කරේමටම තව ඉවසීම පුරුදු කරන්න ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියල කියල තියෙනවනෙ ඉඳගෙන........

    මොනා උනත් ඉවසීම පුරුදු කලොත් කවදාවත් වරදින්නෙ නෑ ඒක ටිකක් අමාරුයි ඒත් පුරුදු උනාම හරිම ලේසියි අන්න ඒකයි මම කියන්නෙ
    ජයවේවා

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. ඉවසීම ජීවිතේට ජය ගේනවා. ඒක මගේ ජීවිතේ අත්දැකීමෙන් දන්න දෙයක්. ඉවසීම නැති නිසා ගොඩක් දේවල් නැති වෙලා තියනවා. ඉවසීම ජීවිතේට ගොඩක්ම වැදගත් ඈ ...................
    ජය ශ්‍රී

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...