Sunday, September 15, 2013

יום כיפור යොම් කිපුර් (මුළු ඊශ්‍රායලයම සයිලන්ට් වෙන එකම දවස) 30


             යුදෙව්වන් කියන ජාතිය ගැන මේ ලෝකේ නොදන්න පිරිස ඉතාම අල්පයි කියලා මම හිතන්නේ ,, ඒ දන්නා අය අතර වුණත් ඔවුන් ගැන බොහෝවිට තිබෙන්නේ හොද ආකල්පයක් නෙමේ.. පවුද්ගලිකව මා තුල පවා... නමුත් මන් ආසයි ඔබට ලියන්න ඔවුන්ගේ සංස්කෘතිය තුල තිබෙන , සාමාන්‍ය ජනජීවිතය තුල තිබෙන දේ... "රොෂ් හා ශනා "ගැන ලියපු ලිපියෙන් පොරොන්දු වූ ආකාරයට,, කාලයත් එක්ක ඔබට යම් අවබෝධයකට  එන්න හැකි වේවි යුදෙවුවෝ ගැන ,,, එහෙනම් මන් අද ලියන්නම් "යොම් කිපුර්" පිලිබදව  
      
                     









    13 වෙනි සිකුරාදා ඉර බැස යාමත් සමග ආරම්භ වී 14 වෙනි දින ඉර බැස යාමත් සමග අවසාන වෙච්ච මේ දිනය මුළු ඊශ්‍රායලය පුරා සිටින යුදෙවුවෝ සැමරුවා හරි අපුරුවිදියට... 
                               මගේ සීයා දැඩි ආගමික භක්තිකයෙක් නිසා හැම චාරිත්‍රයක්ම ඒ විදියටම දැකගන්න හම්බුණා. ඒ වගේම යොම් කිපුර් පිළිබදව අන්තර්ජාලයෙන් ,සගරා වලින් කියෝනවට වඩා දේවල් අහගන්න හම්බුණා.
                                   සිකුරාදා හවස පහ මාර වගේ වෙද්දී කාලා බීලා අවසන් කළා . ඊට පස්සේ එයාගේ යට ඇදුමේ ඉදන් ඔලුවට දාන කිපාව (කුඩා තොප්පිය) දක්වා හැම එකම සුදු පාටින් ඇදගත්තා.. හවස හයේ ඉදලා රෑ නවය හමාර වෙනකල් එයා දෙවියන් යැද්දා,, "රොෂ් හා ෂනා" වලට වගේම කිපුර් සදහාම ලියවෙච්ච පොතක්  සහ කවි පොතක් කියෙවුවා...බෙහෙත් වත් බිවුවේ නැහැ නිදාගත්තා.. පහුවදා උදේ හතට නැගිටලා  නවය වෙනකල් එක දිගට අරවිදියට කළා ,,මන් සැරින් සැරේ හොරෙන් බැලුවා.. මුළු දවසම සාලෙට වෙලා පොත් දෙක කියෝ කියෝ දෙවියන් යැද්දා.. නිදාගන්නවා නැගිටිනවා ආයේ යාඤා කරනවා.. ඒ වගේම ඒ මුළු දවසෙම කරන්ට් එකෙන් වැඩකරන කිසිම දෙයක් පාවිච්චි කලේ නැහැ.. ලයිට් එකක් වත් දාන්නේ නැහැ.. (නිතරම මට කන්න කන්න කියා කියා කන්නලව් කළා ,, මන් මුලින් හිතාගෙන හිටියේ සීයට බොරුවට කෑවේ නැහැ කියලා හොදට කකා බිබී ඉන්න.. කොහෙවත් ඉන්න රටක මිනිස්සුන්ගේ විකාර වලට ඇයි මන් නොකා නොබී ඉන්නේ කියලා ...ඒත් අර වයස මනුස්සයා බඩගින්නේ ඉද්දි කන්නේ කොහොමද මාත් නිරාහාරව ඉන්න තීරණේ කළා ඒ වගේම හිටියා ,, එයා ඒ ගැන දුක් වුනත් පස්සේ ගොඩක් සතුටු වුණා  ඒ වගේම ශක්තිමත් වුනා.එයාගේ දරුවෝ මට කලින් කියලා තිබ්බා එයා වයස නිකා නොකා ඉන්න දෙන්න එපා කියලා ඒත් එයා කලින් දවසේ හැන්දෑවේ ඉදලා පහුවදා රෑ හත හමාර වෙනකල් කෑවේ නැහැ  )
                                           පැය විසි හයක් විතර මේ විදියට නිරාහාරව දෙවියන් යදිමින් ගත කළා...ඒ කාලය අතර එයා සෝෆා එකේ ඇලවෙලා ඉන්න වෙලාවට යොම් කිපුර් ගැන මන් අහගත්තා.. 



 රොෂ් හා ශනා  නැත්නම් අළුත් අවුරුද්ද දවසේ ඉදලා ඉස්සරහට දවස් දහයක් ගියතැන තමයි යොම් කිපුර් දවස යෙදෙන්නේ ,,, ඒ දවස් දහයේ කාල සීමාව තුල තමන්ගේ ආත්මය සෝදිසි කරමින් තමන් තුල තියෙන අඩු පාඩු ,පව් ගැන ස්වයං විමසීමක් කරගන්න තමයි ඒ කාලය වෙන් කරලා තියෙන්නේ,, 

ඒ වගේම හැම යුදෙව්වෙක්ම එදා දවස වැඩි හරියක් ගත කරන්නේ  "සිනගෝගයේ" වතුරවත් බොන්නේ නැහැ නිරාහාරව මුළු දවසම ගෙවන්නේ..
(යුදෙවුවන් ගේ ආගමික ස්ථානය)  සීයා ගොඩක් වයස නිසා තමයි ගෙදර හිටියේ.. මේ රුප වල පෙනෙන විදියට සළුවක් පොරෝගෙන , පොඩි තොප්පියක් පැළදගෙන තමයි එයාලා ආගම අදහන්නේ..එදා මුළු දවසෙම ඊශ්‍රායලය නිහඩයි ..ගුවන්තොටුපල වසා දානවා ,,කිසිම ගුවන් ගමනක් නැහැ , දුම්රිය ස්ථාන වසාදමනවා ,බස් වැඩ කරන්නේ නැහැ , රුපවාහිනි චැනල් හැමෙකක්ම ,රේඩියෝ චැනල් හැමෙකක්ම ,සුපිරි වෙළදසැල් ,කොෆී ෂොප් පවා වසා දමනවා... 

මට හරිම පුදුම හිතුණා.. පාරවල් අටක් ක්‍රොස් වෙන ලොකු හන්දියක අපේ ගේ තියෙන්නේ ,,සිකුරාදා හවස හයේ ඉදලා සෙනසුරාදා රෑ අට වෙනකල් පාරේ එක වාහනයක්වත් ගියේ නැහැ ,, බයික් එකක්වත් නැහැ ..සීයාගෙන් අහපුවාම කීවා..
                              
                              "මේක අපේ රට මන් විතරද මේ රටේ ඉන්න එකම යුදෙවුවා ,,,එයාපෝර්ට් එකේ වැඩකරන්නෙත්,,බස් එලවන්නෙත් යුදෙවුවෝ ජනාධිපති සිමෝන් පෙරිස් එයත් යුදෙවුවෙක් පාරේ කුණු එකතුකරන එයත් යුදෙවුවෙක්,,,අපි හැමෝම එකතුවෙලා යුද්ධ කරලා ,,ජිවිත දීලා අයිතිකරගත්ත අපේ රට මේක" 
                              කියලා තව ගොඩක් දේවල් කියාගෙන ගියා ඒ වගේම සීයා කිවා අද තමයි පොඩි ළමයින්ගේ බයිසිකල් පදින දවස කියලා ,,උදේ ඉදන් ළමයි පාර මැද්දේ බයිසිකල් පැද්දා...






මේ අවුරුදු 12 ,13 වගේ ළමයි සමර් එක නිසා ඔහොම තමයි අදින්නේ




                                          යොම් කිපුර් දිනය සමරන ආකාරය ගැන වගේම මෙහෙම දිනයක් ගතකරන්න හේතුව හොයාගන්නත් එපැයි,,/
                                          ""ශුද්ධ බයිබලයේ ලෙවී කථාවේ 23 :26 -27 වෙනකල් සදහන් වෙනවා සත්වෙනි මාසේ දස වන දින සමගිකම් කිරීමේ දවසය ;නුබලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය ,නුබලාගේ ආත්මවලට දුක දී දෙවියන්ට පුජාවක් ඔප්පු කරන්න කියලා ,, ඒ වගේම ඒ දවසේ කිසිම බර වැඩක් කරන්න එපා කියලා""
                           
                              ඒ වගේම යොම් මෙවර යොම් කිපුර් උත්සවයේ තව වැදගත්කමක් තියෙනවා ඒ 1973 අවුරුද්දේ සිරියාව ,ඊජිප්තුව ,ජෝර්දානය කියන අරාබි රටවල් එක්ක ඊශ්‍රායලය බරපතල යුද්දෙකට මුණ දුන්නලු,,ඒ යුද්ධය අවසානෙත් ඊශ්‍රායලය ජය අරන් තියෙනවා ගුවන් ප්‍රහාර මගින් ඊජිප්තුව වගේ විශාල රටක හමුදාවක් අන්දමන්ද කරලා ඒ රටෙත් යම් යම් කොටස් ඊශ්‍රායලයට ඈදාගෙන තියෙනවා.. මේ යුද්ධය දවස් හයක් පුරා ඉතාම දරුණුවට තිබිලා තියෙනවා එය එදා නම් කරලා තියෙන්නේ යොම් කිපුර් යුද්ධය කියලා ඒ යුද්දෙන් විසිදාහකට වඩා හමුදාවේ අය මිය ගිහින් තියෙනවා 
                                    අද  (සැප්තැම්බර් 15 ) ජෙරුසලමේදී "යොම් කිපුර් රාජ්‍ය උත්සවය පැවැත්තුවා ජනාධිපති සීමොන් පෙරිස් ,අගමැති බෙන්යමින් නෙතන්යාහු ,ඇතුළු යුද හමුදා ප්‍රධානින් ගේ මුලිකත්වයෙන්   ඒ වගේම ඒ යුද්ධයෙන් තමන්ගේ සමීපතමයන් අහිමි වෙච්ච අය ඇවිත් හිටියා හරිම සංවේදී උත්සවයක් ඒක.. අගමැති නෙතන්යාහුගේ ලොකු අයියා පවා ගුවන් හමුදාවේ රාජකාරි කරද්දී ඒ යුද්ධෙන් මිය ගිහින් ,, අවුරුදු 40 ක් සම්පුර්ණ වෙන අද දවසෙත් ගොඩාක් අයගේ ඇස් වල කදුළු ,, (සීයාගේ පුතාලා තුන් දෙනාම ඒ යුද්දෙන් දරුණු විදියට අනතුරු වලට මුණ දීලා තියෙනවාලු ,, ලොකු පුතාගේ ඔලුවේ ප්ලැටිනම් වලින් මොනාද දාලා තියෙන්නේ කීවා, තව එක්කෙනෙක්ගේ බඩේ උඩ ඉදන් යටටම ඔපරේසන් කීපයක් ,, බාල එක්කෙනාගේ කකුල් වලට ප්ලේට් දාලා තියෙන්නේ,,) 

                                      උත්සවේ අවසානෙදි මිය ගිය අයගේ සොහොන ලග මල්වඩම් තියලා ගවුරව කළා.. මැතිඇමති වරු නෙමේ ජනාධිපති ,අගමැති ,හමුදාපති වරුන් ඇතුළු ඒ දුදරුවෝ අහිමි වෙච්ච පවුල්වල අය තමයි මුලික උනේ..අවසානේ ජාතික ගීය කියලා අවසන් වුණා.


රාජ්‍ය උත්සවය 
                             සීයා මට කියපු තවදෙයක් තමයි හැම යුදෙව්වෙක්ම අවුරුදු 18 සම්පුර්ණ උනාට පස්සේ අනිවාර්යෙන් හමුදාවට බැදෙන්න ඕනේ කියන එක..අවුරුදු 3ක් හමුදාවේ වැඩකරන්න ඕනේ ,,අවිවාහක ගැහැණු අය අවුරුදු 2 ක් වැඩ කරන්න ඕනේ..ඊට අමතරව හැම පිරිමියෙක්ම අවුරුද්දට දවස් 45 ක් හමුදාවේ වැඩ කරන්න යන්න ඕනේ අවුරුදු 55 සම්පුර්ණ වෙනකල් ,,,ඒ වගේම රටේ වාතාවරණය හැටියට දික් වෙන්නත් ඉඩ තියනවලු ...විවාහ වෙච්ච නැති ගැහැණු අය අවුරුදු 50 වෙනකල් රටේ හදිසි වාතාවරනෙකදී හමුදාවෙන් කැදවනවලු,,,, මේ රට පොඩියි ,ජනගහය අඩුයි ඒ නිසා රටේ ජනාධිපතිගේ ඉදලා සාමාන්‍ය පුරවැසියා වෙනකල් හැම කෙනාටම රටේ ආරක්ෂාව ගැන වගකීමක් තියෙනවා..

                                    ගොඩක් පවුල්වල දරුවෝ හතර දෙනාට වඩා ඉන්නවා ,, පාරේ ළමයි 6 දෙනෙක් එක්ක යන තරුණ ගෑණු කෙනෙක් පෙන්නලා මන් කිවුවා "අම්මෝ ළමයි ගොඩ " කියලා සීයා කිවුවා "දෙයියන්ගේ පිහිටයි " කියලා ,,මන් කිවුවා අම්මෝ එච්චර ළමයි මොකටද කියලා එයා කියනවා යුද්දෙට යන්න ළමයි ඕනේලු ,, ඒ වගේම දරුවා ලැබෙන්න කුසට ආපුවාම මාස 3නෙන් ස්කෑන් කරලා බලලා නිරෝගී බව තහවුරු කරනවලු ,,විකුර්ති සහ ආබාධ තියෙන කළල රජය විසින්ම අයින් කරනවලු ....ඒ වගේම නිරෝගී නම් මාස 3 නේ ඉදලා රජයෙන් අම්මට යම් මුදලක් ගෙවනවලු ,, ඒ වගේම දරුවා හම්බ වුනාට පසේත් ළමයාගේ වියදම් රජය ගෙවනවා,,,සීයා කියනවා ළමයි 8 දෙනෙක් හදාගත්තොත් අම්මා තාත්තා රස්සාවක් කරන්න ඕනේ නැහැලු...මේ රටේ මිනිස්සු ළමයි වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා ,, මන් tv එකේ දැකලා තියෙනවා නිතර... තවම මේ රටේ ජනගහනය මිලියන 7.5 ක් වගේ එකෙන් 20% ක් විතර අරාබි ඉතිරි 80% යුදෙව්වන් අපේ රටෙන් තුනෙන් එකක් තරම් කුඩා රටක් මේක..
 (සමහර කොටස් ප්‍රියන්ත හේවගේ කොමෙන්ට් එක අනුව නිවරැදි කළා 

                                         ඊශ්‍රායලය යුද ශක්තිය අතින් ලෝකේ රටවල් අනුපිලිවෙලට ගත්තම ඉන්නේ 12 වෙනි ස්ථානයේ අංක එකට ඉන්නේ ඇමරිකාව ,,නමුත් මුළු ලෝකෙම දන්නා කරුණක් වෙන්නේ ඊශ්‍රායලය සතු සැගවුණු යුධ ශක්තියක් තිබෙන බවයි.. ප්‍රහාරක ඩෝරා යාත්‍රා , කෆීර් යානා නිපදවන්නේ ඉශ්‍රයලයේ..ඒ ගැන වෙන ලිපියකින් ලියන්නම් ,,, සිමෝන් පෙරිස් ජනාධිපති තුමාට අවුරුදු 90 ක් ඉවරයි ඒත් තවමත් තනියම ඇවිදින්නේ ,,ෆුට් බෝල් උත්සවයක් බලන්න ගිය වෙලාවක බෝලෙට පයින් ගහනවත් දැක්කා .... ඊලග ලිපියේ ලියන්නම් ඒවා ගැන

    
                                                 අවසාන වශයෙන් "යොම් කිපුර්"                          කියන්නේ,නිරාහාරව සිටිමින් දෙවියන් සමග පමණක් තම ආත්මය ගනුදෙනු කරන දවසක්,,ගෙවුණු වසරේ පාපයන් වලට පසු තැවෙමින් හිත් පිරිසිදු කරගන්න දවසක් ඒ නමුත් යුදෙවුවන් කියන්නේ තද හිත් තියන ජාතියක් ඒ නිසා ඔවුන් මොන දේ කලත් ඔවුන්ගේ ඇතුලාන්තය තුල හිස් කමක් තියෙනවා ""   
                          ශුද්ධ බයිබලයේ යෙසාය අනාගත වක්තෘ තුමාගේ පොතේ 1 :18 වෙනි පදයට සමාන අදහසක් ඇතුව ඔවුන් මෙය සිදුකරනවා ඇති (එහි දෙවියන් කියනවා එන්න අපි කාරණා කතා කරගමු කියලා ,, ලාක්ෂ මෙන් රතුව තිබෙන පාප හිම මෙන් සුදු කරන්නම් කියලා )

93 comments:

  1. Replies
    1. තවත් හොද විස්තරයක්.
      මම මුලින් කිව්ව වගේ මේ ලිපිවලට මාතලන් ගෙ අදහසුත් ලියවෙද්දී,මේලිපියට තවත් වටිනා කමක් ලැබෙනවා.
      සීය තාවකාලිකාවද ඔය රට ට ආවෙ?.

      Delete
    2. ඔව් අයියේ ,, මන් එයාව බලාගන්න ඇවිත් මාස 8 ක් විතරනේ , එයා ආච්චි මරෙද්දීත් මෙහෙ ඉදලා තියෙන්නේ ,, දරුවෝ දෙන්නෙක් එහෙ ඉන්නේ ,, එහෙත් ගෙයක් තියෙනවා මෙයාට ,, මේ උත්සව වලට ඇවිත් තියෙන්නේ ,, මේ 20 , ද කොහෙද තව උත්සවයක් , ආයේ නොවෙම්බර් තව එකක් ඒකයි ,, මාතලන් අයියා ගේ කොමෙන්ට් එක නැතුව ඊශ්‍රායල් ගැන ලිවුවොත් ඒක අඩුවක් ,,එයා කොමෙන්ට් කළා

      Delete
  2. යුද්දෙට යන්න ළමයි ඕනේලු

    හිට්ලර් ජර්මන් ජාතිය වැඩි කර ගන්න ජර්මනියෙ අවිවාහක කාන්තාවො වරකට 1000 හකට වැඩිය හමුදා කදවුරකට ආරාධනා කරල එක ‍රැයකින් ගැබ් ගැන්නුවලු ජාතිය වැඩිකර ගන්න . ඒ එහෙම ගිය කාන්තාවන්ව හදුන්න්වල තියෙන්නෙත් වෙනමම නමකින් මට ඒක හරියටම මතක නෑ . ආය කදවුරෙන් ගෙදර ඇවිත් තියෙන්නෙ මාස හයක බඩකුත් එක්ක එයාල.

    ලිපිය දිගයි නියමයි ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අපේ අම්මේ ඔව් ඔව් මාත් අහලා තියනවා ,,

      Delete
    2. ඒ කඳවුරු වලට ගිය කාන්තාවෝ හදුන්වලා තියෙන්නේ Führer's brides(නායකයාගේ බිරින්දෑවරු) කියලා

      Delete
    3. එහෙම ස්වාමිපුරුෂයාගෙන් නැතිව වෙන කෙනෙක් ලව්වා ඒ කාර්යය කරවන එක මහ පහත් වැඩක්නෙ....

      Delete
    4. හිට්ලර්ගේ අණක් හෝ බල කිරීමක් වෙන්නත් පුලුවන්

      Delete
  3. ඔයාට සීයා කියලා දීලා තියෙන්නේ වෙන දවසක් ගැන. ඒ කියන්නේ යොම් හසිකරෝන් කියන දවස ගැන, එහෙම නැත්නම් යුධ විරුවන් සමරන දිනය ගැන. ඒක වෙනම දවසක්. මට මතක විදියට ඕක තියෙන්නේ ඊට කලින්. මේ දිනය ඇවිත් දෙවියන් හා තමන් අතර බැඳිම වැඩි කර ගන්න දවස. පව් සමා කර ගැනීමකුත් තියෙනවා. ඇත්තටම මේ දවස සලකන්නේ ශබාත් වල ළොකුම දිනය හැටියට. වෙනස තමයි ඔයා කිව්වා වගේ මුලු දිනයම නිරාහාරව සිටීම. ඒ වගේම ගොඩාක්ම රිලිජස් උන් නාන්නෙ මූන සෝදන්නෙවත් නෑ. සෙන්ට් එහෙම දාන්නෙ නැතුව සිනගෝග් එන එකම දවසත් මේක.

    ඇත්තටම පැය 24ක් නෙමෙයි පැය 25 ක්ම වතුරවත් නොබී ඉන්නේ. හැබයි පොඩි උන්ට මේ නීතී නෑ. ශබාත් දවස්වලට අරාබි කාරයෝ ටැක්සි දිව්වත් මේ දවසට එකෙක් වත් කොහේවත් යන්නෙ නෑ. අපි හිටපු කාලේ නම් හැම ශබාත් දවසටම එයාර්පෝට් එකත් වහනවා. ඒ වගේම විදුලිය පාවිච්චි කරන්නේ නෑ. ඔය දවසට ඔය ලයිට් ඕෆ් කරලා ඔන් කරලා හොඳ ගානක් හොයා ගන්න පුළුවන්. හැබයි සල්ලි එදාට නම් හම්බ වෙන්නෙ නෑ. මොකෝ එදාට නෝ ගණුදෙණු නේ.

    මට මතක විදියට යොම් කිපූර් වලටයි, රොෂා ෂානා වලටයි තියෙන්නේ එකම ප්‍රේයර් බුක් එකක්. ඒ ගැන නම් මතකය අඩුයි. අනික ඔය දවස හැම අවුරුද්දෙම ඔය දවස වෙන්නේ නෑ. මොකෝ ජුවිස් අයගේ තියෙන්නේ මඤං කැලැන්ඩරයක්. පෙබරවාරි නෙමෙයි. තවත් සමහර මාස වල තියෙන්නෙත් දවස් 29 යි. ඉතින් ඔය දවස් හැම අවුරුද්දෙම වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ යොම් හැසිකරෝන් තියෙන්නේ අප්‍රියෙල් මාසේ මියගිය රණවිරුවන් සිහිකරන්නනේ ඒක "හෝලි කොෆ්ට් "කියලත් කියන්නේ ,,ඒ වගේම මන් ලිපියේ කිවුවා දෙවියන් හා ගනුදෙනු කරමින් තමන්ගේ ආත්මය විමසන දවසක් කාලයක් කියලා ,,

      ඔව් මෙයාලගේ කැලැන්ඩරේ වෙනස්නේ කොහොමත් දිනය වෙනස් උනාට එයාලා දසපනතේ විදියට කරන නිසා අසන්න වසයෙන් එනවා සැප්තැම්බර් දෙවැනි සතියට,, යුදෙව් මාස ක්‍රමයට 7 වෙනි මාසේ තමයි සැප්තැම්බර්..(තිෂ්රි)ලෙවී කථාවේ 23 :26 -27 වෙනකල් සදහන් වෙනවා සත්වෙනි මාසේ දස වන දින නුබලාගේ ආත්මවලට දුක දී දෙවියන්ට පුජාවක් ඔප්පු කරන්න කියලා ,, ඒ වගේම ඒ දවසේ කිසිම බර වැඩක් කරන්න එපා කියලා,,

      ඒ වගේම පැය 26 වගේ කාලයක් යනවා කියලා,, දුකයි ඔයා ලිපිය එහෙන් මෙහෙන් කියෙවුවට
      :-(
      ඒ වගේම එයාලට අයියේ හැම උත්සවෙකටම වෙනම ප්රේයාර් බුක් තියෙනවා ,, සබත් වලට කියවන එක නෙමේ ,,යොම් කිපුර් වලට ,,පොතේ නම යොම් කිපුර් ,

      Delete
    2. මම කිව්වේ ඔමායා, ඔයා කියලා තියෙනවනේ මේක මේ සමරන්නේ ඊජිප්තු යුද්දේ දිනපු නිසාය කියලා. ඒ කතාව වැරදියි. මේක අතීතයේ ඉඳලා එන එයාලගේ පූජනීයම දිනය. එත් අද ඉන්න උන් ඕවා ඒ විදියටම කරන්නේ නෑ.. මගේ මිතුරන් හා බොස්ලා ගොඩක් හොටෙල් ක්ෂේස්ත්‍රයට සම්බන්ධ උන්, උන් ඕවා වැඩියේ එලවන්නේ නෑ. ඔයා දාපු පින්තූරෙන්ම එක ඔප්පු වෙනවනේ. අර කෙල්ලෝ ඔක්කොම ඔයා කියලා තියෙන විදියටම ටීනේජර්ස්ලා නේ. යොම් කිපූර් වල ඔහොම ඉන්න බෑ. අවුරුදු 9 පහළ උන්ට විතරයි චාන්ස් එකක් තියෙන්නේ.

      මේ දිනය ගැන ඔයා කියලා තියෙන හේතුව වැරදියි. ඔමායා.. ඔයා තව කීප දෙනෙක් ගෙන් අහන්න..

      Delete
    3. ඔව් මන් හේතුව කියලා ලියලා තියන තැන සම්පූර්ණ වැරදි තමයි අයියේ .ඔයා නොහිටින්න මන් එක දකින්නේ නැහැ,, සැබෑ හේතුව ඔවුන්ගේ ඇදහිල්ලට අනුව දෙවියන්ගේ නියමය ///ලෙවී කථාවේ 23 :26 -27 වෙනකල් සදහන් වෙනවා සත්වෙනි මාසේ දස වන දින නුබලාගේ ආත්මවලට දුක දී දෙවියන්ට පුජාවක් ඔප්පු කරන්න කියලා ,, ඒ වගේම ඒ දවසේ කිසිම බර වැඩක් කරන්න එපා කියලා//,, මෙන්න මේක

      ඔව් දැන් ඉන්න පරම්පරාව ඒවා කරන්නේ නැහැ ,, සීයාගේ පොඩි පුතා 65 ක් එක්කෙනෙක් එයත් කෑවා බීවා නිරාහාරව හිටියේ නැහැ ,, තරුණ අයගෙන් දැතියෝ විතරයි හරියට කලේ

      ඔයා කැමති නම් මන් මේ කොටස ලිපියට එකතු කරන්නම් කියවන අයගේ පහසුවට ,, ගොඩක් ස්තුතී,, මට සමාවෙන්න ,,ඒ වගේම හැමදාම මාත් එක්ක ඉන්න

      Delete
    4. අහන්න අය නැහැ අයියේ ඇහුවා ගොඩක් අයගෙන් එයාලා දන්නේ නැහැ ,ඊට පස්සේ නෙට් එකෙන් බැලුවා තව ටිකක් ,,

      Delete
    5. ගනන් ගන්න එපා කෙල්ලේ... වැරැද්ද නිවැරදි කරන්න.. මටත් අනන්ත ඔය දේවල් වෙලා තියෙනවා... කෙනෙක් පෙන්නලා නිවැරදි කරපු අවස්ථා අනන්තයි.. අපි මිනිස්සුනේ...

      Delete
    6. ස්තුති ඔයාගේ නිහතමානී කමට ,,

      Delete
  4. අර පොටෝ එකේ ඉන්න ආමී අක්කලා සෙට් එක එක එක පාට කට්ටිය , කළුපාට අයත් ඉන්නවද යුදෙව්වෝ

    ReplyDelete
    Replies
    1. මුට කළු කෑලි පෙන්නන්න බැහැනෙ.
      කොහෙද කොටලා තිබුන ශරීර කූඩුව කළු වුනාට සිත සුදුයි කියල.

      Delete
    2. ඇෆ්‍රිකන් පෙනුම තියෙන යුදෙව්වෝ ඉන්නවා (ටිකක් පුදුමයි). ඊට අමතරව ඉරානය වගේ රටවල් වලත් යුදෙව්වෝ ජීවත් වෙනවා. ඉරානේ ඉන්න යුදෙව්වන්ට ඇල්කොහොල් එහෙම පාවිච්චියේ තහනමක් නෑ. ඉරානේ යුදෙව්වෝ ගැන වාර්තා වල වැඩසටහනක් තිබුනා You tube වල Don't tell my mother. I'm in Iran කියලා වැඩසටහනක

      Delete
    3. ඔව් යුදෙව් ජාතිකයෝ ලෝකයේ රටවල් 100 ක විතර ඉදලා තියෙනවා ,,ලංකාවෙත් එක්කෙනෙක් ඉන්නවා ,, ඔය කළු අය ගොඩක් ඉන්නවා ,, ඉතියෝපියාවෙන් ,සුඩානෙන් වගේම ගොඩක් අප්‍රිකානු රටවලින් ආපු අය,, එයාලා පාට ගැන හිතන්නෙවත් නැහැ ,යුදෙව්ව්ක් වීම විතරයි වැදගත්
      අප්පේ කෙන්ජයිය ආවනම් මෙහෙත් සමර් එකේ නියමයි ,,

      Delete
  5. මාතලං හොද ඌනපුරණයක් දිපු එකෙන් ලිපියට වැඩි වටිනාකමක් ලැබුනා.. ජය වේවා

    ReplyDelete
  6. ඊශ්‍රාලය රණවිරුවන්ට තියෙන කලගුන දැක්වීමනම් විශිෂ්ඨයි...රටක් දියුණු වෙන්නනම් හැමෝගෙම දායකත්වය තියෙන්න ඕනෙ...ඊශ්‍රාලය රටක් වශයෙන් දියුණු වෙන්න තියන හැම බාධකයක්ම අයින් කරල තියෙන්නෙ..මමනම් හිතන්නෙ ඒකට ප්‍රදානම හේතුව අපේ රටෙ වගේ ලොකු සංස්කෘතියක් නැතිකම වෙන්න ඇති..අපේ රටේ හොඳක් කලත් නරකක් කලත් සංස්කෘතියට තමයි මුල්තැන..එහෙම නොකලොත් හාමුදුරුවන්ගේ ඉඳල හැමෝම පාරට බැහැල උපවාස කරල උද්ගෝශන කරල ඒක නවත්තනව...කවදාවත් මේ රට දියුණු කරන්න බෑ......විකුර්ති සහ ආබාධ තියෙන කළල රජය විසින්ම අයින් කරන එක අපේ රටේනම් කවදාවත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ..අපි හිතන්නෙ ආගමිකව ඒක පවක් විදියට..ඒත් යුදෙව්වො හිතන්නෙ ඒක රටේ දියුණුවට බාධකයක් විඩියට..ඒවගේ කොච්චර දේවල් කැප කරනව ඇද්ද යුදෙව්වො තමන්ගෙ රට දියුණුකරන්න..
    .....පෝස්ට් එකනම් නියමයි..දිගටම ලියන්න...GOOD LUCK

    ReplyDelete
    Replies
    1. ඔව් මිරා එයාලා අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ ,,හමුදාවේ අය උනත් i නිල ඇදුම අදින්නේ තම තමන්ට ඕනේ විදියට ,ගැනු ළමයි හිරට අදිනවා ..කොන්ඩේ කඩාගෙන එක්කෝ ගැටගහලා තමන්ට ඕනේ විදියට ,, පෙනුම නෙමේ ඔවුන්ට වැදගත් වැඩේ තමයි ,, සංස්කෘතියක් නැහැ ,, අම්මා චුටි ශෝටක් ඇදන් සිගරට් එක බිබී ළමයා ඉස්කෝලෙට ගිහින් දානවා ,කවුරුත් හැරිලාවත් බලන්නේ නැහැ ,,

      Delete
  7. යුදෙව්වොන්ට රට ජාතිය ගැන හැඟීමක් තිබුනට අපේ එවුන්ට නැහැනේ.............

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සු එක එක රටවල් වලින් ඇවිත් එක එක ආගම් අදහන ය එක්ක මිශ්‍ර වෙලා හිටියත් රට ඇතුලෙන් බරපතල වාර්ගිකක් ගැටුම් නැහැ ,, රටක් විදියට ඔක්කොම එකට ,, හැම දාකම උදේ නැගිටලා ආගම කියවද්දී මුළු රටටම ආශිර්වාද කරනවා ,, tv බලද්දිත් එහෙමයි ,,ලෝකේ සිංහලයෝ ඉන්න එකම රට වෙච්චි අපිට බැහැනේ එහෙම ඉන්න මොනාට හරි වලියක් ඔනෙමනේ

      Delete
  8. ස්තුතියි විස්තරයට. නිව් යෝර්ක් වලටත් යුදෙව් නිවාඩු දවස් වල බලපෑම වැඩියි. සැහෙන පිරිසක් මෙහෙත් ඉන්නවා නේ,ඒ දවස් වලට මෙහෙත් ට්‍රැෆික් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් වාහන වලින් එලියට යන්නේ නැහැ ගෙවල් ඇතුලේ හරි පල්ලිය ඇතුලෙම හරිනේ ඉන්නේ ,,ස්තුති අදහස බෙදාගත්තට

      Delete
  9. // ඒ වගේම දරුවා ලැබෙන්න කුසට ආපුවාම මාස 3නෙන් ස්කෑන් කරලා බලලා නිරෝගී බව තහවුරු කරනවලු ,,විකුර්ති සහ ආබාධ තියෙන කළල රජය විසින්ම අයින් කරනවලු // මෙන්න මේක තමා ජරාම වැඩේ......

    ReplyDelete
    Replies
    1. ඒක කොහෙද ජරා වැඩක් වෙන්නේ ,,,

      Delete
    2. ඒකත් හිට්ලර් කළා වගේම වැඩක් තමයි.... අර Iron Sky කියලා ෆිල්ම් එකක හිට්ලර්ගේ ඔය සිස්ටම් එක ගැන මරු සීන් එකක් මේ ළඟදි මං දැක්කා.. අනේ මන්දා ආගම, ආණ්ඩුවටයි අනිත් හැම කෙහෙල්මලටයි අත දානවා මදිවට ගෑණුන්ගේ බඩටත් අත දාන එක ගැන නං මටත් හොඳක් කියන්න බෑ....

      Delete
    3. හ්ම්ම් ,, ඒත් ඒක නීතියක් නෙමේ අක්කේ තමන්ගේ කැමත්ත අනුව කරන්න පුළුවන්ලු,, මෙයාලගේ තාක්ෂණේ ගොඩක් දියුණුයිනේ 4D විදියට ස්කෑන් කරලා හැමදේම බලනවා

      Delete
    4. ප්‍රශ්නෙ ආබාධිත බාවය මනින මිණුම මොකද්ද කියන එකයි . අයින් කරන්නෙ මොන මොන ආබාධ උඩද කියන එකයි අතක් නැතුව අනිත් සියලු දේම හොදින් වැඩිල තිබ්බොත් ඒකත් අයින් කරනව ඇති ඔය විදිහට නේ .
      මොනා උනත් හැම ජීවියෙක්ම තමන්ගෙ ජීවිතයට ආදරෙයි .
      මාස තුනක කළලයක් කියන්නෙ වේදනාව අදුනන පුත්ගලයෙක් හරිය .. . .

      Delete
    5. අපේ ආගමට අනුව ඒක පවක්..ඒත් අබාදිත ලමයෙක් ඉපදිලා පොඩි කාලෙ ඉඳලම සමාජෙන් කොන්වෙලා දුක් විඳල අවුරුදු 50ක් 60ක් ඉඳල මැරිල යනව..ඒක එක්තරා කරුමයක්...රටට බරක්..ලෝකෙට බරක්..ඒත් අපේ අම්ම කෙනෙක්ටනම් ඒක බරක් නෙමෙයි කවදාවත්...උනහපුලුවට උගේ පැටිය මැණිකක් කියනවනේ..හරිද වැරදිද කියල මටනම් තෙරෙන්නෙ නෑ...

      Delete
    6. හයියෝ හයියෝ මේකට කියන්න දේවල් නම් මට ගොඩක් තියනවා දෙන්න උදාහරණ ගොඩක් තියනව...
      එකක් විතරක් කියන්නම්...ආබාදිත කියල දැන් ලෝකේ මිනිස්සු පාවිච්චි කරන්නේ නැහැ එකට කියන්නේ " special needs" කියල . මොන අබාද තිබුනත් මාස තුනක ළමයෙක් කියන්නේ ..... මිනි මැරුමක් එච්චරයි ....

      Delete
    7. අපේ රටෙත් දැන් ඒ විදියට බලනවා ඒ වගේම එහෙම කරන් එක පාපයක් කියන්නේ කොහොමද ,, මිනුම් දණ්ඩක් තියෙනවා තිලංග,,මේ කරුණ මන් ලිවුවේ ඒක නීතිගත කරපු දෙයක් කියලා නෙමේ ,, ඒ වගේ දේවල් පවා සිද්ද කරන්න නීතියෙන් අවසර සහ රජයේ උදවුව ලැබෙනවා කියන එක, ලෝකේ නීති විරෝදී ගබ්ශාවන් ලෝකේ විනාඩියට කීයක් සිද්ද වෙනවද ,, දරුණු අබාධ සහිත කළල තමයි එහෙම ඉවත්කරන්නේ ,,

      Delete
    8. හ්ම්ම් ඔව් @ගමන් මගියා ඒ වචනේ ගොඩක් හොදයි නේද "විශේෂ අවශ්‍යතා සහිත දරුවන් "කියන එක

      Delete
    9. @මිරන්ත අබාදිත ළමයි කොන් වෙන්නේ අපේ ලංකාවේ.දියුණු වෙන්න හැම බදවක්ම අයින් කරලා තියන රටකට එහෙම වෙන්න බැහැ.අනික ලෝකයේ පිළිගත් සම්මත තත්ත්ව වල අබදිත අයට වෙනම පර්කින්ග් ස්පේස් තියෙන්න ඕන.බස් වල වෙනම කොටසක් තියෙන්න ඕන එක දියුණුයි කියල මනින්න.එහෙම නැතිව අබාධිත ළමයි මරා දමල නෙමේ.
      මොකටද පැරා ඔලිම්පික් කියල එකක් තියෙන්නේ එහෙනම්.අබදිත අයව කොන් කරන්නේ නොදියුණු සමාජ වල ඔය කියන රටේ එහෙම එකක් නැහැ.

      Delete
    10. 4D ස්කන් එක ලංකාවෙත් තියනවා.කලාම වීඩියෝ එක CD එකක දාල දෙනවා පස්සේ බලන්න.මගේ පුතාගේ එක තාම මම ගව තියනව ලංකාවෙන් ගත්තේ

      Delete
    11. ඔව් මේ රටෙත් හැමතැනම රෝද පුටුවල යන අයට යන්න තැනක් තියනවා ,,මහපාරේ ,කඩසාප්පු ,බැංකු ,පෝස්ට් ඔෆිස් හැම තැනම ,, බස් එක පවා හෝල්ට් එකේ නැව්ත්තුවට පස්සේ නගින්න අපහසු අයට නගින්න බස් එකේ දොර පැත්ත පාත් කරනවා පහලටම

      Delete
    12. අපේ රටේ හැමදේම තියෙනවා ,,කරනවා ඉතින් පෝසතුන්ට නේ ඉතින් ඒ හැමදේම බුක්ති විදින්න පුළුවන් ,,රජයේ රෝහලේ නිකන් කරන්නේ නැහැනේ ..

      Delete
    13. ඔව්..ඒක ඇත්ත..නිර්වචනය හරි..මාත් ඒක පිලිගන්නව...ඔවුන්ටත් තියෙනව සුවිශේශී දක්ශතා..මම කිව්වෙත් ඒක තමයි..අපේ අම්මලට ඒක සම්පතක් කිව්වෙ ඒකයි මම...මොනව උනත් මෙහෙම ලමයි ඉපදෙන්න හේතුව හොයල බලල ඒකට පිලියමක් යෙදුවොත් කවදාවත් මේ වගේ ලමයි බිහිවෙන්නෙ නෑ.

      Delete
    14. ආභාධිතයෙක් එළියට අරන් දිවි ඇති තුරා ඒ පුද්ගලයාත් අම්මා තාත්තාත් විදවන එක ගැන මොකද කියන්නේ කස්ටිය...
      හිරුවෝ අත දාන්නේ බඩට නොවේ.

      Delete
    15. නලියෝ මචන් ... අභාදිත කියන එක ජිවිතේ ජය ගන්න රටට වැඩක් වෙන මිනිහෙක් වෙන්න කිසිම භාදාවක් නැහැ.අද ඇත පය හොඳට තියන උන් කොච්චර ඉන්නවද සමාජෙට වැඩක් නොවී.එහෙම තර්ක කරන්න බහ මචෝ // /

      Delete
    16. ඔමා කියන විදිහට මේ ඉවත්කිරීම කැමතිනම් පමනයිනේ. සජාන් අහනවා වගේ ආබාධිත යැයි තීරණය කරන මිනුම්දන්ඩ කුමක්ද? තීරණය කරන්නේ එක් පුද්ගලයෙක් පමනක්ද? කුසයේදීම මානසික (මොලයේ ) දුර්වලතාවයන්ට ගොදුරුවූවන් හඳුනාගන්නේ කෙසේද? මානසික දුබලතාවය less able, disable හෝ special need නොවේද?මෙය ඉතාම සංවේදී සහ සංවාදශීලි මාතෘකාවක් යැයි මම සිතමි.

      Delete
    17. අයියේ මන් දන්නා තරමින් මේ රටේ නෙමේ අපේ ලංකාවේ පවා නීතියෙන් ඉඩ තියෙනවා එහෙම අයින් කරන්න,,, අතපය අඩු අයව නෙමේ ,, සමහර කළල තියෙනවා හරියට විකසනය නොවෙච්චා ඒකයි එකෙන් අදහස් වෙනෙන් නැහැ සුළු අඩුපාඩු සහිත දරුවන් මරාදමනවා කියලා මේක ගොඩක් හොද දෙයක් විදියටයි මන් නම් දකින්නේ ,,මව වෙනුවෙන් ඒ දේ කරන්නේ..@ගමන් මගියා අයියේ සමහර කළල තියෙනවා ඇග තිබ්බට හිසක් කියලා කොටසක් නැතුව ,,, එතකොට මොකද කරන්නේ ,, තව කළල තියනවා මුණ තිබ්බට ඇස් ,නාස් ,නැති ,, ඒක ඒ ළමයට තියන ජිවත් වීමේ අයිතිය නැති කිරීමක් නෙමේ,, මන් යු ටුබ් එකේ දැකලා තියෙනවා එහෙම කළල ,මේ රටේ ආබාධිත පුද්ගලයන්ට පුදුම විදියට සලකනවා ,, එවැනි දරුවන්ට ඉතාම උසස් විදියට නව තාක්ෂණය පාවිච්චි කරලා ව්‍යායාම කරවන මධ්‍යස්ථාන හදලා තියෙනවා,, රජයෙන් ඒවාට වියදම් කරනවා..

      Delete
  10. ඊශ්‍රායලයත් ඊජිප්තුවත් යුද වැදුණු සය දින යුද්ධය මට හොඳට මතකයි ඒ 1973 ඔක්තෝබර් මාසෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ යුද්දේ තමයි යොම් කිපුර් කියන්නේ ,, ඔයාට කඩේ අයියා කියන්නද ,, පප්පේ කියන්නද කියලා කල්පනා කලේ ඉදගෙන

      Delete
  11. නම දැක්කම මට එකපාරටම හිතුනෙ එකපාරටම හින්දි නළුවෙක්ගෙ නමක් ආවේ කොහොමද කියල... හි හි...

    මට නං ඔය සමහර දේවල් ඇත්තටම මහ විකාර විදියට පේන්නෙ.. ඒත් ඉතිං ඒක ඒ ගොල්ලන්ගෙ දෙයක්... කොහොමත් ඊශ්‍රායලය කියන්නේ රටක වටිනාකම දන්න රටක්.. රට වෙනුවෙන් එයාලා ඕනෙ දෙයක් කරන්න ලෑස්තියිනෙ..

    ReplyDelete
    Replies
    1. අපිට විතරක් නෙමේ මෙයාලගේ තරුණ පරපුරත් එහෙමයි අක්කේ

      Delete
  12. ඊශ්‍රායලය ගැන බොහොම වැදගත් තොරතුරු ගොන්නක් ම දැනගත්තා ඔමායා. වැඩි යමක් කොටන්න වෙලා මදි වැඩ කරන ගමන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කියෙවුව නම් එච්චරයි අයියේ thanks

      Delete
  13. තව තොරතුරු ලියන්නකෝ. කියවනවා හැම දා ම වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි මන් දන්නවා තෑන්ක්ස්,, ආයේ සිකුරාදාට තව එකක් තියෙනවා ලියන්නම්කො

      Delete
  14. ගොඩක් වැදගත් විස්තරයක් ඔමායා...

    ReplyDelete
  15. ඔමා මම ඉන්න පලාතේත් බොහෝමයක් යුදෙව්වෝ. ඔවුන් තමයි ආර්ථිකයේ ඉහලම සම්මාදම්කරුවෝ. ඔබගේ ලිපියත්, මාතලන්ගේ එකතුවත් ඉතා වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මේ මිනිස්සුන්ගේ ජිවන රටාවෙන් ගන්න දේ එමටයි ,, මාතලන් අයියා ගොඩක් දේ දන්නවා ඒක මට ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට ,, මේ මිනිස්සු වැඩට දක්ෂයි වගේම ගොඩක් බුද්ධිමත්

      Delete
  16. "//එදා මුළු දවසෙම ඊශ්‍රායලය නිහඩයි ..ගුවන්තොටුපල වසා දානවා ,,කිසිම ගුවන් ගමනක් නැහැ , දුම්රිය ස්ථාන වසාදමනවා ,බස් වැඩ කරන්නේ නැහැ , රුපවාහිනි චැනල් හැමෙකක්ම ,රේඩියෝ චැනල් හැමෙකක්ම ,සුපිරි වෙළදසැල් ,කොෆී ෂොප් පවා වසා දමනවා"//

    එතකොට ඊශ්‍රායලයේ වෙන ආගම් අදහන අය , වෙන ජාතීන එහෙම නැද්ද ? අපේ රටේ එහෙම ඔහොම දෙයක් කරන්න ගියානම් කොහොම තියෙයිද ? මොකද බහු වාර්ගික බහු ආගමික නේ .

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අරාබි ජාතිකයෝ ඉන්නවා ,ක්‍රිස්තියානි ය ඉන්නවා ,,විවිද ආගම් අදහන අය ඉන්නවා ,, ඒත් මන් දැකපු දේනම් රට ඇතුලේ දේවලදී එයාලා ආගම් කියලා වෙන් වෙන්නේ නැහැ ,,යුදෙව් කියන ජාතිකත්වය තමයි වැදගත් ,,යුදෙවුවන්ගේ හැම ප්‍රසිද්ද නිවාඩුවක්ම මුළු රටටම වලංගුයි ,, පිට රටවලින් ඇවිත් වැඩ කරන අයට පවා ,, අපි සිරිත් විරිත් කලයුතු නැහැ..
      ඒ වගේම මේ රටේ 20 % ඉන්න අරාබි ජාතිකයින්ට හැමකෙනෙක්ම හමුදාවට බැදෙන්න ඕනේ කියන නීතිය වලංගු නැහැ ,, ස්වේච්චාවෙන් එකතුවෙන්න පුළුවන්

      Delete
  17. ගොඩක් හොද විස්තරයක්...මටනම් අන්තිමට හිතුනෙ අපේ රටනම් ගොඩක් හොදයි කියල අනිත් රටවල් එක්ක බලද්දි..සසර පුරාවටම ලංකාවෙ ඉපදෙන්න තියනවනම්....

    ReplyDelete
  18. මමනං ආසම ඊශ්‍රායල් කෙල්ලන්ට.

    අම්මෝ.......... ලස්සන. ඇඩෙනවා!!! ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිය රට දේ සිරි සැපදේ බන්...කොහෙද ඉතින් උ‍බේ අන්තප්පුරේ පුරවන්ඩ ලංකාවේ ගෑණු මදිනෙ පුලුවන්නම් ඊශ්‍රායලෙනුත් ගෙන්නපන් :D

      Delete
    2. ඔව් රජෝ fb කියන්නම්කො බොට සුපිලි ෆොටෝ ටිකකුත් තියේ තව ටිකක් ලොකු උනාම දෙන්නම් ඈ :-)

      Delete
    3. ඇයි අපිටත් දුන්නොත් නරකද? :D

      Delete
  19. අනේ............දැන් වෙලා නෑ කියවන්න ...පස්සෙ එන්නම් ඔමා

    ReplyDelete
    Replies
    1. හරි රෙහානි තෑන්ක්ස් මේ පැත්තේ ආවට

      Delete
    2. ඔන්න ඇවිත් කියෙව්වා....

      ඊශ්‍රායලයෙ යුදෙව්වෝ ආගම් ගැන ,මම නම් ඇත්තටම මුකුත් දන්නේ නෑ.ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ගේ සිරිත් විරිත් හරියට අදහනවා , අපේ එවුන්ට තමයි බැරි අර පොඩි නොනගත කාලෙටවත් නොකා නොබී කට පරිස්සම් කරගන්න.

      Delete
    3. ඔව් ඒක නම් ඇත්ත..එත් මෙහෙත් දැන් අළුත් පරම්පරාව සිරිත් විරිත් කරන්නේ දෙමවුපියන්ට පේන්න,සහ ආගමට බය නිසා තමයි තෑන්ක්ස් රෙහානි

      Delete
  20. ඊශ්‍රායලේ ගැන සෑහෙන කරුණු ටිකක් දැන ගතෑකි වගේ මෙහෙම යද්දී...

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා ට්ව උත්සවයක් පටන් ගන්නවා සුක්කොත් කියලා එකත් ලියනම්කො

      Delete
  21. මම අද තමයි මේ අඩවියට පැමිණියේ. හෙමිහිට කියවා බලා ප්‍රතිචාර දක්වන්නම්. මේ අත්දැකීම් අනාගතයේදී තමයි වඩාත් වටිනාකමෙන් වැඩි වෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට ,,මන් අළුත් කෙනෙක් වැරදි අඩුපාඩු දැක්කොත් කියන්න හොදේ

      Delete
  22. ඔමාගේ ලිපි වලින් නොදන්න ඊශ්‍රායෙල් මිනිසුන්ගේ සිරිත්විරිත් ගැන නම් හොද දැනුමක් ලබා ගන්න පුලුවන් දිගටම ලියන්න,,ඊලග විස්තරෙත් බලන්න එන්නම් සිකුරාදායින් පස්සේ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අක්කේ ඔයත් ලියන්න කෑම ගැන මන් බලන් ඉන්නවා

      Delete
  23. හුටා මේම ඔක්කොම වහ ගත්තහම අනෙක් ජාතිවල උන් කෝමද ඉන්නෙ උන්ගෙ අවශ්‍යතා ඒම ඉස්ඨ සිද්ද කොරගන්නෙ කෝමද ඈ ඉඳගෙන

    ලන්කාවෙ මෙහෙම උනානම් කචල් ගොඩයි නේ ඈ අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
    Replies
    1. එවුවා කරන්නන දෙයක් නැහැ ,,කලින් දවසේ හැමදේම කරගන්න ඕනේ

      Delete
  24. යන්නත් හිතයි ඊශ්‍රායෙල් .. :)
    උන් වැරදි කියන්නත් බෑ හරි කියන්නත් බෑ.. එක්කො හිට්ලර් කරපු දේ හරි..

    ReplyDelete
    Replies
    1. කොයි දේකටවත් අපිට හරි වැරදි කියන්න බැහැනේ අනේ ,,ස්තුති

      Delete
  25. පුද්ගලිකවම මටත් යුදෙව්වෝ අරහන්. ඒත් ශ්නයිඩර් ලිස්ට් කියන film එක බැලුවට පස්සේ නම් ඒ අය ගැන එහෙම හිතෙන එක ටිකක් අඩු උනා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, එයාල හිතන් ඉන්නේ ලෝකේ ඉන්න උතුම්ම , ශක්තිමත්ම , බුද්ධිමත්ම ජාතිය එයාලා කියලා ,, පිට රටවලින් අපු අයව එච්චර ගණන් ගන්නේ නැහැ ,,හැමෝම එහෙම නැහැ ,ඒත් බහුතරය

      Delete
  26. මට් නම් දිරවන්නෙම නැති ජාතියක් තමා.. බොහොම‍යක් හීබෲ අය සේවකයන් නොම්‍ර මර්වනවා ලෝකයේ බොහෝ ර්ට වල.. ඔබේ හාම්පුතා ගැන නොවේ සහෝදරී මා කතා කර්න්නෙ බහුතරය ගැන..

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට // බොහොම‍යක් හීබෲ අය සේවකයන් නොම්‍ර මර්වනවා ලෝකයේ බොහෝ ර්ට වල..// මේ කතාව ඇත්ත වෙන්න බැහැ ,, ඔයා කියන්නේ අරාබි ජාතිකයන් ගැන වෙන්න ඇති මල්ලි ,, යුදෙවුවන් එහෙම නැහැ ,, මුළු රටේම එහෙමයි ,, ඉෂ්රායල්යේ ඉන්නවට වඩා ඇමරිකාවේ යුරෝපයේ ඉන්නවා යුදෙවුවෝ නමුත් එක වැරදි මල්ලි,,

      Delete
  27. නෑ සහෝදරී , මා ජීවත් වන්නෙ යුරෝපයේ..මේ රටේ කෙල්ලෙක්ම මාත් එක්ක කියනව එයලගෙ ශොප් එකක වැඩට ගියහම එකිගෙන් වැඩ ගත්ත හැටි.. ගොඩක් අය කිව්ව සහෝදරී ඕකම. මට පුද්ගලික අත්දැකීමකුත් තියේ මන් වැඩ කරන තැනකට ඇවිත් මට ලොකු සයිස් එකක් දාපු. ඒකටරිටන් එක දුන්න මන් . මොකෝ මන් කැශියර් ඉද්දි සිකුරාද නිසා සල්ලි දෙන්න බැරිද මොකද්ද කියල තමා ලෙඩේ ඇදුනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ මිනිස්සු හරි ඔලුවෙන් ඉන්නේ ලෝකේ ඉන්න උතුම්ම ජාතිය සහ දෙවියන් වහන්සේ තෝරාගත් ජාතිය කියලා හිතන් ඉන්නේ ,,එයාලා ඇමෙරිකානු ක්‍රමයට ඇබ්බැහි වෙලා එහෙන් එන හැම කුනුගොඩම අනුකරණය කරනවා ,, ඒත් එයාලගේ ඇදහිලි ක්‍රමය තියෙන්නේ මිත්‍යාවක් මත ,, සිකුරාදා , සෙනසුරාද එයාලා වැඩ කරන්නේ නැහැ ,, මහා අඩම්බර කාර ජාතියක් , නමුත් සේවක නීති මේ රටේ නම් අකුරටම ක්‍රියාත්මකයි ,, ඔහේ වෙනස් ඇති සහ , හැම කෙනාම එක වගෙත් නැහැනේ ,, ස්තුති අදහස බෙදාගත්තට

      Delete
  28. ඔව් සහෝදරී.. මම එතනින් ඉවත්වනතුරුම ඔවුන් ආවා ගියා..අන්තිමට එයාල සල්ලි දුන්නා හැබැයි රෙද්දෙ කොනකින් අල්ලල අතේ නොගෑවෙන්න.මමත් රස්සාවක්නෙ කරන්නෙ හවසට බැලන්ස් කරන්න එපැයි .මට හිතෙන්නෙම ඔවුන් හරි කෲරයි කියා..හොද අය ඇති. මට හමුවී නැහැ. ස්තූතියි අක්කෙ

    ReplyDelete
  29. නියමයි! ඒ වගේම ඉතාමත් වැදගත් ලිපියක් තවත් විස්තර ඉදිපත් කරන්න ඊශ්‍රායලය ගැන.

    ReplyDelete
  30. ඊශ්‍රායල අගමැතිගේ වැඩිමල් සහෝදරයා යොනතන් නෙතන්යාහු එයා මැරුනේ (Operation Thunderbalt) එන්ටැඹේ මෙහෙයුම අතරතුරදී.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...