Saturday, September 21, 2013

ඇයි කාක්කට බැරි ෆයිබර් ග්ලාස් වලින් ගෙයක් හදාගන්න 31

                                                මේකත් මගේ සමර් එකේ අඩ නිරුවත ලිපිය වගේ මනෝ විකාරයක් වෙන්න පුළුවන් ,,,ගහකොළට ,සත්තුන්ට ,තරුවලට ,ඈත විශ්වයට මන් ගොඩක් ආසයි .. ඒවගේ තියන සැගවෙච්චි දේවල් හොයන්න ලස්සන විදින්න ආසයි..පොඩි කාලේ ගෙම්බෝ ,බත් කූරෝ එක්ක සෙල්ලම් කරද්දී මන් විශ්වාස කළා උන්ටත් කතා කරන්න පුළුවන් කියලා ,, ඒ හින්දා මන් ගෙම්බොන්ට නම් පවා දැම්මා ,, "ඇලෙක්ස් ' කිවුවේ  කැතම ,නපුරුම ගෙම්බට,,, "චාර්ලි " මගේ ආරක්ෂකයා  ලොකු ගස් වල කදන් වලට කන තියලා සුරංගනාවියෝ කතා කරනවා ඇහුවා ,,හි හි හරි අද ලියන්නේ මොනාද .....
                               
   සත්තු නිර්මාණශිලිද ?? නැද්ද ??

           මේ ප්‍රශ්නේ දවසක් මන් දහය වසරේදි ගියපු ගණිත පන්තියක සර් කෙනෙක් අපෙන් ඇහුවා ,ඇහුවේ  පන්තිය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දී ඊලග සතියෙන් පස්සේ මට යන්න බැරිවුනා මොනාහරි හේතුවක් නිසා .. ඔය ප්‍රශ්නේ මගේ ඔලුවේ නිතරම තිබ්බා ඒත් අවුරුදු ගාණකට පස්සේ  ඊයේ දවල් මේ ප්‍රශ්නේ ආපහු මට මතක් වුණා.මන් දැක්කා පොඩි ගහක හදාපු පුංචි කුරුළු කුඩුවක්.. ඒකෙ කුරුල්ලෝ නම් හිටියේ නැහැ...අතෑරලා දාලා ගිහින් වෙන්න ඕනේ,, 
                   ඉතින් මන් මේ ගැන ලියන්න හිතුවා මගේ අදහස ,,, ඊට කලින් "වත් පොතේ" මගේ හොද යාලුවෙක්ගෙන් අදහස විමසුවා 

මේ අපේ දෙබසේ අවශ්‍ය තැන් කීපයක් 



  • 9:40am
    Apurvi Omaya
    මල්ලි සත්තු නිර්මාශිලිද ? නැද්ද ?
    9:40am
    චූටි මල්ලී
    නිර්මාණශීලි

    9:40am
    Apurvi Omaya
    උදාහරණ එක්ක පුලුවන්නම් කියන්න ,,

    9:40am
    චූටි මල්ලී
    උදාහරණ වඩු කුරුල්ලා ඒ වගේම කොඩක් කුරුල්ලෝ
    නිර්මාණශීලි


    9:40am
    Apurvi Omaya
    හ්ම්ම් තව

    9:41am
    චූටි මල්ලී
    කුබලා
    බබරා දෙබරා ,මී මැස්සා ,වේයා
    හැම සතාම නිර්මාණශීලි


    9:42am
    චූටි මල්ලී
    නැත්තම් ඔය වගේ තමන්ගේ කුඩු හදන්නේ කොහොමද
    9:42am

    Apurvi Omaya
    ok ,, නිර්මාණශීලි කම කියලා ඔයා අදහස් කලේ මොකක්ද ?

    9:42am
    චූටි මල්ලී
    "හිතලා දෙයක් කරන්න පුළුවන්කම
    හිතලා නිර්මාණයක් කරන එක"
    එලෑස්,,තෑන්ක්ස් 
    ______________________________________________

                                     
    ඉතින් ඇත්තටම සත්තු නිර්මාණශීලිද ? නිර්මාණශීලි කමට චුටි මල්ලි දුන්න උත්තරය ගැලපෙනවද? අපේ සංවාදේ ගොඩක් දුර ගියා,, දැන් මන් මගේ කතාව ලියන්න එපැයි

                            ලජ්ජාශීලි කෙනෙක් කියන්නේ ලැජ්ජාවක් තියන කෙනෙක්ට ,,ඉතින් ඒ වගේ මන් හිතනවා නිර්මාණශීලි කියන්නෙත් නිර්මාණ කරන්න පුළුවන් කියන එකට ,,
                                        ඒ වගේම නිර්මාණය කියන්නේ මොකක්ද ?? ඈ මන් දන්නේ නැහැ ,,, නිර්වස්ත්‍ර /නිර්මාංශ /නිරාහාරව/නිර්පද්‍රිතව /නිර්නාමිකව  මේ වචන ඔක්කොගේම අදහස් වෙන්නේ නැති හෝ නැහැ කියලා මේ ඔමායගේ අදහස ඈ .(සිංහල විෂයක් විදියට ඉගෙනගෙන නැහැ නිකමට හිතුවා විතරයි ඈ )
                       ඒ වගේම "නිර්මාණ "  නිර් +මාණ = නැති මාණ ,,දැනට නැති නව මාණ කියලා මන් හිතන්නේ
    හදමින් පවතින වඩුකුරුළු කූඩු
     

     හ්ම්ම් ඒක පැත්තකින් තියමුකෝ  මල්ලි කිවුවා වඩුකුරුල්ලා,වේයා ,දෙබරා වගේ සත්තු ,පොදුවේ කුරුල්ලෝ නිර්මාණශීලි කියලා,,ඔව් ඒත් මන් කල්පනාකලේ වඩුකුරුල්ලා අවුරුදු දහස් ගානක ඉදන්                                                                හදන්නේ කූඩුව එකම විදියට 

    ඇයි මෙයාට බැරි මේක මීට වඩා වෙනස්ව හදන්න ,, මේකේ මේ හැඩය වෙනස් කරන්න ,,ඔය යටින් එන්න තියන සිදුර වෙනස් කරලා වෙන විදියකට දාන්න 

            ,,,කාක්කා එදා ඉදන්ම ඇයි කෝටු කෑලි ගෙනියලා දාලා දාලා පොඩියට වහලයක් නැතුව කුඩුවක් හදන්නේ ,,,
                  ඇයි කාක්කා හිතන්නේ නැත්තේ "මෙදා පාර කූඩුව තට්ටු තුනකට විතර ගහලා ,වහලට ෆයිබර් ග්ලාස් දාලා ලස්සනට හදන්න"  පොඩි කාලේ කතාවක් අහලා තිබ්බා දවසක් කාක්කෙක් වතුර තිබහ හැදිලා වතුර හොයාගෙන යද්දී අඩියේ වතුර ටිකක් තියෙන බෝතලයක් හම්බෙලා ඊට පස්සේ ඒකට ගල් ගෙනත් දාලා වතුර ටික උඩට ගත්තයි කියලා,,එහෙම කාක්කෙක් ඉන්න ඇත්ද ඇත්තටම ???   

                     වේයා ඇයි හැමදාම මැටි හද හදා ලොකුවට තුබස්  ...බදින්නේ,, වේයාට ඇස් පේන්නෙත් නැහැ කියලා අහලා තියනවා...වේයා ඒ තුබස හදන්න මැටි හැර වෙන කිසිම දෙයක් පාවිච්චි නොකරන්නේ ඇයි,,,මේ ලෝකෙට වේයෝ බිහිවෙච්චි දා ඉදන් හැදුවේ තුබසම විතරයි වෙන මොනාහරි අළුත් දෙයක් හැදුවද ??නව නිර්මාණයක් තුබස් වේගෙන් වේලෙන්න සංයෝගයක් ,,, තුබසට නයින්ට රිංගන්න බැරිවෙන විදියේ රහස් ඛේතයක් දාපු දොරක් 
                                  
      මී මැස්සා තමන්ගේ ඝනාවාසේ හැමදාමත් මී පැණි වලින්  පුරෝනවා ,,,මිනිස්සු ඒවා කඩාගන්නවා ,,, ඇයි මී මැස්සට තමන් නිර්මාණශීලි නම් පුළුවන්නේ මිනිස්සුන්ගෙන් තමන්ගේ මී වදේ බේරගන්න...
                     බීවරයා කියන වේල්ලක් බදිනවා කියලත් අහලා තියෙනවා,, එත් එයා හැමදාමත් ඒක බදින්නේ එකම අරමුණක් වෙනුවෙන් ,, ටර්බයින කරකෝලා ලයිට් පත්තු කරගනන් නෙමේනේ   ,,,
                                     මන් නම් හිතන්නේ සත්තු නිර්මාණශීලි නැහැ නැහැමයි,,,මනිසා හැරෙන්න මේ පෘතුවියේ වෙන කිසිම ජීවියෙක් තුල නිර්මාණශීලි කමක් නැහැ ,,, මේ හැම කුරුල්ලටම ඕනේ ඉපදිච්ච නිසා ජිවත් වෙන්න ,,වර්ගයා පවත්වාගෙන යන්න ,,තමන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට අවශ්‍ය කාරණා ටිකක්  විතරයි ඔවුන් ලග තියෙන්නේ,,හරකෙක් බලන්න ඉපදුනු දා ඉදන් කනවා නිදාගන්නවා.. 
    ------------------------------------------------------------------------
                                 
                         මේ ලෝකයේ ජිවය බිහිවීම ගැන සහ පරිණාමය ගැන අපි අහලා තියෙනවා , ජීවී නාමකරණය ,වර්ගීකරණය ගැන එපා වෙන්න අහලා තියෙනවා,,, සාගරයේ අජීවී දෙයකින් සජීවී ජීව සයිලයක් බිහිවෙලා (අකුණු ගැසීම් සහ නොයෙකුත් රසායනික ක්‍රියාවලි සමුදායකින් පස්සෙලු ) හෝ   එහෙමත් නැත්නම් විශ්වයේ කොහේ හෝ තැනකින් ආපු දෙයකින් මුල්ම ජීවී සයිලය බිහිවෙලා අවුරුදු බිලියන ගණනකට පෙර ජිවය ඇති වෙන්න ඇති කියලා හිතමුකෝ ,, ඉතින් ඔහොම හෙමින් හෙමින් සයිල බෙදෙමින් වර්දනය වෙමින් කොහොමහරි  ජිවය සාගරයෙන් ගොඩබිමට ආවා කියමුකෝ  ,,,ඊට පස්සේ අවුරුදු මිලියන ගණන් ගියාට පස්සේ විවිද ජීවින් වර්ග මිලියන ගාණක් මේ පෘතුවිය මත ඇති වුණා,, 

                                ඒ අතර දැන් ඉන්න මිනිසා දක්වා පැමිණි ජීවී විශේෂයත් හිටියා..ජීවී වර්ගීකරණයේදී මිනිසාත් අනිත් සත්තු ගස්කොලන් එක්කම තමයි වර්ග කරන්නේ...
    හෝමෝ නියන්ඩතාල් ,
    හෝමෝ ඉරෙක්ටස් ,
    හෝමෝ සේපියන් ,
    හෝමෝ සේපියන් සේපියන් ...කියා කියා  කාලයත් එක්ක මිනිසා වානරයාගෙන් පැවත ඇවිල්ලා කකුල් හතරෙන් ඇවිදින එක පැත්තක දාලා ටික ටික කකුල් වලින් විතරක් ඇවිද්දා ,,, සත්තු මරාගෙන අමුවෙන් කන එක නවත්තලා ගින්දර හොයාගෙන පුච්චගෙන කෑවා ,,,,උයාගෙන කෑවා ,,, ඒත් ඒ කාලේ අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ තාමත් ඇයි එහෙම්මම ඉන්නේ ඇයි එයාලා අපි වගේ පරිණාමය වෙනෙන් නැත්තේ ??? "හොලෝසින කියන යුගයේදී නුතන මානවයා පරිණාමය වෙද්දී ඇයි එයාලා එහෙම නොවුනේ ???අපේ තිබ්බ විශේෂත්වය මොකක්ද ??? මන් මේවට උත්තර දන්නේ නැහැ ,, ඇයි ප්‍රකෝටි ගණන් සත්තු සත්තු විතරක්ම වෙලා ඉන්නේ තාමත් ??අපි විතරක් කොහොමද 'ඇපල් අයි ෆෝන්" චන්ද්‍රිකා , මිසයිල ,න්‍යෂ්ටික අවි හදන්නේ ,, අලුතෙන් ගෙයක් හදද්දී ඒකෙ වෙන කිසි කෙනෙක්ගේ ගෙදරක නැති අළුත් දේවල් කරන්න හදන්නේ,,, ඒත් ඇයි මිනිස්සුන්වත් ක්‍රෝඩේටා වංශයටම දාලා ,,, බල්ලා ,පුසා ,කුකුලා එක්කම ,,, ඇයි මමේලියා ගෝත්‍රයට  දාලා කකුල් වලින් එල්ලිලා නිදාගන්න වවුලා එක්ක දෙන්නම කිරිබොන හින්දලු ,, 
                                  මට නම් මේ මුළු ලෝකෙම රහස් වලින් පිරිච්ච ගුහාවක් මන් දන්නේ හරිම ටිකයි ,, මේ මගේ ප්‍රශ්න වලින් කීපයක් ඔයාලා උත්තර දනනවා නම් මට කියාදෙන්න ,, 


           සමර් එකේ අඩ නිරුවත සබැදි ලිපියක් 

118 comments:

  1. කාක්කෝ ෆයිබර් ග්ලාස් කූඩූ හැදුවේ නැති උනාට, කොළඹ ඉන්න කාක්කෝ නම් දැන් කූඩූ හදන්නේ කම්බි, කොස්සෙ තියෙන කොහු, රෙදි කෑලී, බොම්බයි ළුණූ පොත් අරවා මේවා දාලා.. ඒ කියන්නේ කෝටූ නැත්නම් නෑ කිය කියා අඬ අඬා ඉන්නෙ නෑ. කොහොම හරි හදා ගන්නවා. මිනිසා නම් නිර්මාණශීලියි දියුණු වෙනවා. ඒත් අපේ උන් අයි පොඩ් එකත් අරගෙන කතරගම දෙයි හාන්දුරුවෝ පෙනී ඉන්නවා බලන්න යනවා..

    ReplyDelete
  2. 'මට නම් මේ මුළු ලෝකෙම රහස් වලින් පිරිච්ච ගුහාවක් මන් දන්නේ හරිම ටිකයි' ඇත්ත මන් දන්නෙත් හරිම ටිකයි... අපුරු ලිපියක් නගෝ

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ කොමෙන්ට් කලාට

      Delete
  3. අපූර්වීට අපූරු කතාවක් කියන්නයි යන්නේ. අපූර්වි අපේ පුංචිපුතා වත්තේ දමා තිබෙන කාර් කබලක් ලග ඇන තියන් බලන් ඉන්නවා මං පුතාට කිව්වා මොනවද පුතා ඔතන කරන්නේ මෙහාට එන්න කියලා. එයා එතකොට මට කියනවා “ හූ.. හූ... අප්පච්චි පරාදයි “ මෙහෙට එන්නකො කියලා.
    මමත් බැලුවා. පුතා ෂ්ස්... කියලා මට ශබ්ද කරන්න එපා කියලා සංඥාවක් දුන්නා. මමත් පස්සේ හෙමින් ඒ දෙසට ඇදිලා බලන් හිටියා.
    වත්තේ ගසක වසා සිටිය බට්ටිච්චෙක් අර පරණ කාර් කබල පැත්තට ඉගිලී ගොස් ඒක ඇතුළට රිංගා ගත්තේ හොටේ බත්කූරෙක් තියාගෙනයි.
    ඌ ආපහු යනකන් ඉදලා පුංචි පුතා මට පෙන්නුවා අපූරු පොල්කිචි කූඩුවක්. ඒක හදලා තිබුණේ කාර් එකෙන්ම ඇහිද ගත් සුංබුං වලින්.
    මටත් පුදුමයි.
    අප්පච්චී කිව්වා නේද සත්තු නිර්මාණශීලී නෑ කියලා.දැන් මොකද කියන්නේ? කියලා පුතා අහපි.
    උන් අගේට පරිසරයට අනුවර්තනය වෙලා.කැලෑව/ගහකොල/මිනිහා තම බූදලය කරගත්තම ඌත් මක්කොරන්නද?

    ReplyDelete
    Replies
    1. ස්තුති සර් කතාවට ඒත් එක හුදෙක් ජිවය පවත්වාගන්න මිසක් වෙන අරමුණක් වෙනුවෙන් නෙමේනේ නේද

      Delete
  4. //වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ තාමත් ඇයි එහෙම්මම ඉන්නේ ඇයි එයාලා අපි වගේ පරිණාමය වෙනෙන් නැත්තේ ??? "//
    මම දන්නා විදිහට නම් මේ සත්තු පරිණාමය වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ පරිණාමය සිද්ධ වෙන්නේ බොහොම හිමින්! අනිත් එක ඒ අය බොහෝ වෙලාවට කරන්නේ තමන් ජිවත් වෙන පරිසරය අනුව හැසිරීම් රටා වෙනස් කරගන්න එක.

    මම දැකලා තියනවා ලවණ විල් ආශ්‍රිතව ජිවත් වෙන වඳුරු විශේෂයක් අල වර්ග කද්දී ඒවා ලුණු වතුරින් හෝදලා කනවා. සමහර වඳුරෝ කොට්ටම්බා ගෙඩි තලා ගන්න ගල් ගෙඩි පාවිච්චි කරනවා. මට පේන විදිහට ඒ ආයුධ පාවිච්චියේ මුළාරම්භ අවස්තාවක්!

    //මේ හැම කුරුල්ලටම ඕනේ ඉපදිච්ච නිසා ජිවත් වෙන්න ,,වර්ගයා පවත්වාගෙන යන්න ,,තමන්ගේ ආරක්ෂාවට සහ පැවැත්මට අවශ්‍ය කාරණා ටිකක් විතරයි ඔවුන් ලග තියෙන්නේ,,//
    කුරුල්ලෝ සත්තු විතරක් නෙවෙයි. මනුස්සයොත් එහෙම තමයි! අපිත් මේ හැම දෙයක්ම කරන්නේ අපේ පැවැත්ම සඳහා. වෙනස තියෙන්නේ අපි ඒ පැවැත්ම වඩා සුවපහසු හා සපිරි කරගන්න නොයෙකුත් උපක්‍රම පාවිච්චි කරන එක.
    "නිරුවත් වානරයා" පොතේ කැ තැනක තියනවා මට මතක විදිහට "ලෝකයේ සියලුම දේ රඳා පවතින්නේ ලිංගිකත්වය මතය" කියලා! බලාගෙන ගිහාම ඒකත් ඇත්තක් නැත්තෙමත් නෑ! ;)


    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක හෙමින් කියන්නේ ගොඩක්ම හෙමින් වෙන්න ඕනේ ඉතින් මිනිසා මෙච්චර දෙයක් කරනකලුත් කොට්ටම්බා ගල් වලින් තලලා කනවා කියන්නේ නේද ? ඔව් ඒක ඇත්ත ,,මාත් ඒ පොත කියෙවුවා ,,දැන් මතක නැහැ 7 ඩදී වගේ කියෙවුවෙ

      Delete
    2. http://rationalwiki.org/wiki/How_come_there_are_still_monkeys%3F

      Delete
  5. මිනිස්සු නිර්මානශීලීයි, හැබැයි හැමෝම නෙවෙයි. මිනිස්සු නිර්මාණ කරනවට වඩා කරපු නිර්මාණ වෙනස්, වැඩි දියුණු, විකෘති කරන්න දක්ෂයි.නිර්මාණශීලී වෙන්න බුද්ධියක් ඕනේ, අපි ඉගෙන ගන්න විද්‍යාවට අනුව මිනිසා නේ වැඩිම බුද්ධියක් තියෙන සතා , සත්තුන්ගේ බුද්ධි වර්ධනය හෙමින් වන නිසා මිනිසා තරම් ඉක්මනට නිර්මාණ විකාශනය කරන්න බෑ ..මේ මට හිතෙන විදිහ ..හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්,

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් කවුද ඉවාන් එහෙම මිනිසාව වෙන්කරලා වැඩි බුද්ධියක් දුන්නේ සොබාදහමද ? ඇයි මිනිසාට විතරක් වැඩි බුද්ධියක් දුන්නේ කියලා තමයි මාත් කල්පනා කලේ,

      Delete
  6. ආ... දෙන්නම්කො ගමකට ඇතිවෙන්න .
    මේක මම අන්තර්ජාලයද මොකක් ද කියන එකෙන් ගත්ත වීඩියෝ ක්ලිප් එකකින් හොදේ.
    කොකෙක් ජලාශයක අයිනක මඩ කඩිත්තක් පහුරුගාමින් කෑම හොයනවා.එත කොට ඌ දකිනවා ජලයේ පාවෙන රෙජිෆෝම් කෑල්ලක් ජලාශය මැද.මූ දෙපාරක් හිතුවේ නෑ.ඉගිලිලා ගොහින් අර රෙජිෆෝම් කෑල්ල උඩ වැහුවා . ඊට පස්සේ අපූරුවට එහෙට මෙහෙට පදිමින් නියම ධීවරයෙක් වගේ මාලු ඩැහගන්න පටන් ගත්තා.
    අපූර්වි... අපූරුයි නේද?

    ReplyDelete
    Replies
    1. ෂා ,, ඒත් ඒක ඇත්ත එකක්මද

      Delete
    2. බ්ලොග් අවකාශයට අලුත් අපූරු මහත්මයෙක් ඇවිත් හරිම සතුටුයි. මේ කිව්වේ ආනන්ද මහත්මයට

      Delete
    3. නලින් අයියේ මගේ හොදම යාලුවෙක් ,,හොද වැඩිහිටියෙක් ,විශ්‍රාමික විදුහල්පති තුමෙක් ,,මට ගොඩක් දේ කියල දෙනවා අදුනගන්න ඔයත්

      Delete
  7. මට හිතෙන්නේ සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම නිර්මාණ්ශීලි වෙන්න පුලුවන්...නමුත් උනුත් මිනිස්සු වගේම අම්මා තාත්තා වැඩිහිටියෝ කරන දේ දිහා බලාගෙන ඒ දේම කරන්න පුරුදු වෙලා..ඒ නිසා තමයි කුරුළු අම්මා හදපු කූඩුව ඒ විදිහටම කුරුළු පුතත් හදන්නේ.... දැන් කපුටෙක් ලී කෝටු අරගෙන කූඩු හදනවා ...උගේ පැටවු හැදෙන්නේ ඒ කූඩුවේ...ඉතින් එදා ඉඳන්ම උන් දකින්නේ ඒ දේ .., ඒ නිසා උන් කවදාහරි කූඩුව හදන්නෙත් අර විදියටමයි.මම හිතන්නේ ඒ උන්ගේ පහසුවට මිසක් නිර්මාණශීලි නැතිකම නිසා නොවෙයි කියලා..මොකද ඒ කපුටාම අර කූඩුව කලින් දැක නොතිබුනානම් අලුත් විදිහකට ඌ කූඩුවක් හදාවි.

    ReplyDelete
    Replies
    1. මන් කියපු දේ ඒක නෙමෙයි රෙහානි ,, :-(

      Delete
  8. හැම මිනිහම නිර්මාණ ශීලිද අක්කේ?? ලෝකෙට අලුතෙන් දේවල් එක්කරපු අය කීදෙනාද ඉන්නේ...ඔයා , මම මොනවාද මෙහ් ලෝකෙට එකතු කරලා තියෙන්නේ....
    වෙනස් විදියට කුඩු හදන සත්තුත් ඉන්නවා..ඔය දැකලා තියෙනවද කටවල් 2ක් තියෙන වඩු කුරුළු කුඩුව ඔය වගේ ඒවා ගොඩක් තියෙනවා අපි විමසිල්ලෙන් බලන්නේ නැ එකයි නොපෙනෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ කටවල් දෙකක් නෙමේ ඔයා දැකලා තියෙනෙන් බාගෙට හදන එකක් ,,මාත් දැක්කා ,, මන් අදහස් කලේ නිර්මාණ කරන මිනිස්සු මහා දාර්ශනිකයෝ ගැන නෙමේ මල්ලි පොදුවේ මිනිසා ගැන..

      Delete
    2. වීරේ කියන කතාව ඇත්ත..

      Delete
  9. කමෙන්ට් ටික සමග පෝස්ටුව කියව්වා .. ලොකු කතා බහක් යන හැඩයි... හොඳ පෝස්ට් එකක් ඔමායා..

    ReplyDelete
  10. ආචාර්ය වීරකූ හරි තැනට කතාව ගෙනත් තියෙනව.

    මිනිස්සු අතරින් බොහොම කුඩා සංක්‍යාවක් තමයි නිර්මාණශීලී. ඒත් මිනිසට තියෙන වෙනත් හැකියාවන් නිසා අර නිර්මාණශීලී අයගෙ දේ කොපි කරනව සහ සමහරු දියුණු කරගන්නව.

    බලන්න අවුරුදු දාස් ගානක් ගිහින් අපේ අයට බැරි උනා ගඩොල දියුණු කරන්න. ඒකට ආදෙශකය වෙච්චි බ්ලොග් ගල් ආවෙ වෙන රටක කෙනෙක් කරපු සොයාගැනීමක් නිසා.

    ඉතිහාසෙ පුරාම සිංහල උළු සහ පිදුරු පොල් අතු දාන් හිටපු අපේ අය සුද්දො කියල දෙනකල් ඒක වෙනස් කරේ නෑ. ඉතින් ඔයා වගේම බොහොම සීමිත නියැදියක් පරීක්ෂා කරොත් ( ඒ කියන්නෙ ලන්කාවෙ අතීත ගෙවල් ) ඒකෙ නිගමනය මිනිසා වහල සැදීමේදී නිර්මාණශීලී නැත කියන එකයි.

    අර උඩවළවෙ ජලාසෙන් පීනල වැට ලඟට එන අලිය බලන්න. අවුරුදු ගානකට කලින් ඌ එතන හිටියෙත් නෑ, වැව් බැම්ම උඩ අලි වැටක් තිබ්බෙත් නෑ. ඒත් පාර අයිනෙ අලි වැට ගාවට එන අලි ගාන වැඩි නිසා, කෑම පන්ගුව අඩු උන නිසා එක අලියෙක් විතරක් පීනල වේල්ල උඩට ආව. ඌ නිර්මාණශීලී නැද්ද?

    මිනිසා කියන්නෙ සොභාවයෙන් උසස් මනසක් තියෙන කෙනා නිසා මේ නිර්මාණාත්මක හැකියාව වැඩියි. ඒත් ඇයි වෙන සතෙකුට මේක නොදී මිනිසටම ලැබුනෙ කියන එකනම් "අයි ඩෝන්ට් නෝ වයි"

    ReplyDelete
    Replies
    1. අලියා කැලේ කොටන් ගෙනත් විදුලි වැටට දාල වැට කඩන එක හැමෝම දන්නා කාරයක් ඒක උගේ පරිකල්පනය නෙමේද

      Delete
    2. හ්ම් අලිය බුද්දිමත් සතා
      (යු.ඇන්.පි. අලිය නෙමේ)

      Delete
    3. ඉන්දික ////@මිනිසා කියන්නෙ සොභාවයෙන් උසස් මනසක් තියෙන කෙනා නිසා මේ නිර්මාණාත්මක හැකියාව වැඩියි. ඒත් ඇයි වෙන සතෙකුට මේක නොදී මිනිසටම ලැබුනෙ කියන එකනම් "අයි ඩෝන්ට් නෝ වයි"////

      මේ කොටස තමයි මාත් දන්නේ නැත්තේ ස්තුති අනිත් හැමදේම හැමෝම දන්නවා

      Delete
  11. හොද ලිපියක් . ස්තුතියි.
    බලාපොරොත්තු වුනේ (සීයාගෙ ලව් ස්ටෝරිය) ඒක ලියන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒක හෙට ලියනවා ආච්චිගේ සොහොනට යන්නේ හෙට ,,ඊට පස්සේ ලියනවා ස්තුති අයියේ

      Delete
  12. Replies
    1. තනියම ඉන්න මන් වෙන මොනා හිතන්නද අයියේ ,,

      Delete
  13. ඉතාමත් වටිනා තැනකට කතිකාවක් ගොඩනැගුම ගැන මුලින්ම තුති.

    මනුස්සයා යනු මනස උසස් තැනැත්තා යන්නයි. එවන් තැනැත්තන්ගේ නිර්මාණ හැකියාව ගැන තර්කයක් නෑ.(සියලු මනුස්සයන් නොවේ)
    එහෙත් මේ මනුස්සයන් තම නිර්මාණ ශක්තියෙන් කරන්නේ සොබාදහමට පිටින් යන දේවල්නේ. සත්තු තාම පරිනාමයට අනුව වෙනස්වනවා මිසක් සොබාදහමේ නීති කඩන්නේ නෑ.
    ඒ අනුව තාමත් සතුන් තමා අප දිවි ගෙවන ලොවට අවැසි ලෙස දිවි ගෙවන්නේ.
    මිනිසුන් වූ අප කරන්නේ සොබාදහමට පිටින් බොහෝ දේවල් කරන එකයි. විනාසයේ මුලත් එයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාගේ කතාව ඇත්ත අයියේ

      Delete
  14. ගොඩක් අය මේකතාව කියලා අන්තිමට එන්නේ පරිණාමවාදය වැරදියි මැවුම් වාදය තමයි සත්‍ය. සමහර විට ඔබගේ හිතේ තියෙන නොකිවූ අදහස එය වන්න පුළුවන්. මුලින්ම කියන්න තියෙන්නේ ඔබ පෙන්වූ සාක්ෂි මෙන්ම ඔබ දැක්වූ අදහස් සාධරණ නොවීම.
    පරිණාමවාදය අනුව යම් ජීවින් විශේෂයක් පරිණාමය වන්නේ ස්වභාවිකවරණයට ලක්වීමෙන් එනම් ජීවත්වීමට දෙන තරගය අනුව දිනන සත්වයාගේ පරපුර ඉදිරියට යනවා එනම් පරිසරයට ගැලපෙන ජාන සහිත ජීවින් ඉතුරු වෙනවා ඔවුන් මුහුන්වීම මගින් තවත් දියුණු ජීවීන් බිහිවෙනවා. ජීවින් අතර තරඟයක් හෝ ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් නැත්නම් පරිණාමයක් නොවේ. එනම් පරිණාම ක්‍රියාවලිය සිදුවන විට ජීවීන්ගේ පැවැත්මට තර්ජන සහ තරඟය වැඩි කාලවලදී පරිනාමයේ වේගය වැඩියි. ජීවී විශේෂය එම තර්ජන මැඩපැවැත්වීමට අහඹුලෙස අනුවර්තනය වන ආකාරය අනුව එම ක්‍රියාවලිය දියුණු වෙනවා. මෙහෙම හිතන්න කුරුළු විශේෂයක් ආරක්ෂාව සඳහා දුවන්න හුරු වුවොත් ඔවුන්ගේ දිවීමේ හැකියාව වැඩිවෙනවා සමහර විට පියැබීමේ හැකියාව නැතිවෙන්න පුළුවන්(පැස්බරා). ඒක නිසා සමහර සතුන්ගේ යම් හැකියා දියුණු වෙලා තිබෙනවා. ස්වභාව ධර්මයට අනුව ගත්තොත් නිර්මාණශීලීත්වය කියන්නේ දිවීම, පිහිනීම, ගහෙන් ගහට පැනීම වගේම ජීවීන්ට ලැබුණු යම් හැකියාවක් විතරයි. ඒ කියන්නනේ යම් ඉන්ද්‍රියක ඇතිවූ අනුවර්තනයක් විතරයි බුද්ධිය(නිර්මාණශීලීත්වය) අපි ඕක විශේෂයෙන් දැක්කට ස්වභාව ධර්මයට අනුව ගත්තොත් එහි වෙනසක් නැහැ.
    ඔබ දාපු තර්කයක් තමයි
    "ඒත් ඒ කාලේ අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ තාමත් ඇයි එහෙම්මම ඉන්නේ ඇයි එයාලා අපි වගේ පරිණාමය වෙනෙන් නැත්තේ"
    ඔබ දන්නේ නැද්ද දැන් ඉන්න වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ කියන්නේ අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ නොවන බව. අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ වැනි සත්වයෝද අපේ පුරාතණ වානරයා මෙන්ම පරිණාමය වුනා නමුත් වෙනත් අංශවල හැකියා ලබාගත්තා. අපේ පුරාතණ වානරයා කල යම් යම් කියකරකම් එනම් ආරක්ෂාව සහ අහාර ලබාගැනීමට කල ආයුධ භාවිතය, සන්නිවේදනය වැනි කියකරකම් වලට අහඹු ලෙස යොමුවීම නිසා ඔහුගේ මොලය දියුණු වුනා එය ලෝකයේ ඇති වැඩිම නියුරෝන ප්‍රමාණයක් හිමි මොලය මෙන්ම ඇඟේ ප්‍රමාණය හා සසඳන කල සත්වයකුට හිමි ලොකුම මොලය බවට පත්වුණා. මෙය අපට පරිනාමයෙන් ලැබුණු දායාදයක්. 85,000,000,000 පමණ නියුරෝන සහ 10^14–10^15 synapses ප්‍රමාණයක් හිමි(http://en.wikipedia.org/wiki/List_of_animals_by_number_of_neurons) හිමි අපගේ මොලය කරන ක්‍රියාකාරකම් ඔබ කපුටෙක් ගෙන් බලාපොරොත්තු වෙනවා නම් එක මෝඩ කමක්. මිනිසා තරම් අනෙක් සතුන් බුද්ධිමත් නොවන බව ඇත්ත නමුත් වෙනක් සතුන්ටත් ඔවුන්ගේ මොළයේ ප්‍රබලකම මත යම් යම් බුද්ධිමය හැකියා ලැබී තියෙනවා. පොඩ්ඩක් අන්තර්ජාලය මගින්ම සොයන්න.
    ඔබ මිනිසාට ඇති බුද්ධිය බල්ලට නැති එක ගැන තර්ක කරන්න පුළුවන් ඇයි බල්ලා මිනිසා වගේ පරිණාමය නොවුනේ ඇයි කියලා. ඇයි ඔබ බුද්ධිය වර්ධනය පැත්තෙන් විතරක් පරිණාමය ගැන හිතන්නේ එකේ ඇති විශේෂය මොකක්ද? ඔබට අමතක වෙනවා නම් මිනිසාට වඩා බල්ලාට තියෙන හැකියා ගැන ඔබ මෝඩයෙක්. බල්ලාගේ පරිණාමය වූ එහෙම හැකියාවක් තමයි ගඳ සුවඳ දැනීම මිනිසාට වඩා මිලියන ගණනක ගඳ සුවඳ දැනීමක් බල්ලාට තියෙනවා. ඒ වගේම මිනිසාට වඩා හැකියා සහිත සතුන් ඉන්නවා. ඇත්තටම මිනිසා කියන්නේ බුද්ධිය අතින් දියුණු වුනාට අනෙක් අංශවලින් අසරණ ජීවියෙක් පමණයි. එනම් අපේ දියුණුම පරිණාමයක් සහිත ඉන්ද්‍රිය වන්නේ මොළයයි. අනෙක් ඉන්ද්‍රිය අතින් අපි පිටුපසින්. තව තියෙනවා කියන්න දේවල් ඒ වුනාට මට ලියන්න කාලය නැහැ අනෙක මම ජීව විද්‍යාව පැත්තෙන් ගිය කෙනෙක් නොවේ. විශ්වය ගැන සොයන්න කලින් තමා ගැන සොයන්න හිතන්න නැත්නම් ඔබ පරාදයි....

    ReplyDelete
    Replies
    1. // මෙහෙම හිතන්න කුරුළු විශේෂයක් ආරක්ෂාව සඳහා දුවන්න හුරු වුවොත් ඔවුන්ගේ දිවීමේ හැකියාව වැඩිවෙනවා සමහර විට පියැබීමේ හැකියාව නැතිවෙන්න පුළුවන්(පැස්බරා).///

      /// අපගේ මොලය කරන ක්‍රියාකාරකම් ඔබ කපුටෙක් ගෙන් බලාපොරොත්තු වෙනවා නම් එක මෝඩ කමක්.///
      // විශ්වය ගැන සොයන්න කලින් තමා ගැන සොයන්න හිතන්න නැත්නම් ඔබ පරාදයි.//.

      "ඔයාගේ කොමෙන්ට් එක මන් කීප වරක් කියෙවුවා වඩා හොදින් තේරුම් ගන්න නිසා..පරිණාමවාදය සහ ස්වභාවික වරණය මතම ඉන්න ඔයාට මන් කියපු දේ තේරුම් ගිය විදිය මම දන්නේ නැහැ ,,, ඔබ ඔතරම්ම පරිණාමය විශ්වාස කරන්නෙක් නම් මන් කිසි දෙයක් කියන්නේ නැහැ ..මොකද පරිණාම වාදය බොරුවක් සහ නුතන විද්‍යාවත් එක්ක එකග නොවෙන නිසා /..පැස්බරා ගැන තර්කය හරිම විහිළුවක්,,

      මන් මන් ගැන කොහොමත් හිතනවා විශ්වය ගැන නොහිත මන් ගැන විතරක් හිතුවොත් මාත් කුඩුවක් හදලා පැටව දාලා කාලා බිලා මැරිලා ගිය කපුටම තමයි ,,කපුටෙක්ගේ ක්‍රියාකාරකම් මනුස්සයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා ..

      Delete
    2. "මොකද පරිණාම වාදය බොරුවක් සහ නුතන විද්‍යාවත් එක්ක එකග නොවෙන නිසා "
      යමක් කියද්දී ටිකක් හොයල බලලා කියන්න. කවුද ඔහොම කියල තියන්නේ. පරිණාමවාදය සමස්ත විද්‍යා ප්‍රජාවම පිළිගන්න දෙයක් අන්ත ආගම්වාදීන් ඇරෙන්න.යමක් නොතේරුන පලියට බොරු කියන්න එපා .තරහ වෙන්න එපා අවවාදයක් විතරයි නංගි .

      Delete
    3. මන් හොයලා බලලා තමයි කීවේ,,නූතන විද්‍යාව සහ ඩාවින් වාදය තවමත් පොහොසත් නැහැ ජීවයේ සම්භවය ගැන නිසි උත්තරයකට.. ඒ මොකද අජීවී දෙයකින් සජීවී දෙයක් ජීවයක් ඇතිවෙන්න බැහැ කියලා ඔවුන්ම කියලා තියෙන නිසා ,,DNA වගේ විශිෂ්ඨ අනුවක් සංකීර්ණ ජිව රසායනික ක්‍රියාවලියකින් වත් දියුණුම තාක්ෂනයෙන් වත් අදටත් හදාගන්න බැහැ,,, (මැස්සන්ගෙන් පමණක් ඉහද පනුවන් ඇතිවීමේ පරීක්ෂණය මගින් ඔප්පු කරන් ඉන්න නිසා ජිවය ඇති වෙන්න ජීවයක්ම ඕනේ කියල වගේ සරල පරීක්ෂණ )ඔයාට ඔතරම් විශ්වාසනම් මොකද ඇනෝ කියන්නේ කෙලින් කියන්නකෝ

      Delete
    4. නංගි ජීවයේ ආරම්බය පිලිබදව මත කිහිපයක් තියනවා. ටිකක් කියවල බලන්න.විද්‍යාව ගොඩක් දේවල් වලට පිළිතුරු දීගෙන යනවා. DNA හදන්න තරම් තවම දියුණු නොවුනට කවද හරි එතනට එයි.අමතක කරන්න එපා අද අපි පාවිච්චි කරන tech බඩු එකක් වත් මිට අවුරුදු 150 තිබුනේ නැහැ .පරිනමව්දය අද darwin හිටිය කාලයටත් වඩා සවිමත්.
      http://www.livescience.com/1804-greatest-mysteries-life-arise-earth.html
      ඇනෝ එන්නේ profile හදන්න කම්මැලි නිසා

      Delete
    5. මුලින්ම මම කියපු ටිකට ඔබ කියපුවා සලකා බලමු
      //ඔයාගේ කොමෙන්ට් එක මන් කීප වරක් කියෙවුවා වඩා හොදින් තේරුම් ගන්න නිසා//
      ඔයාට මම කියපුවා තවම සම්පුර්ණයෙන් තේරිලා නැහැ.

      //පරිණාමවාදය සහ ස්වභාවික වරණය මතම ඉන්න ඔයාට මන් කියපු දේ තේරුම් ගිය විදිය මම දන්නේ නැහැ ,,, ඔබ ඔතරම්ම පරිණාමය විශ්වාස කරන්නෙක් නම් මන් කිසි දෙයක් කියන්නේ නැහැ//
      පරිණාම වාදය විස්වාස කරන්න දෙවභාශිතයක් නොවේ. පරිණාම වාදය කියන්නේ විද්‍යාවේ ඉගැන්වීමක්, විද්‍යාව කියන්නේ විශ්වාස කරලා පිළිගන්න දෙයක් නොවේ අවබෝධයෙන් තේරුම් ගෙන පිළිගන්න දෙයක්. මෙය නොතේරුන නිසා තමයි ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ.
      ඔබ මේ ලිපියේ ගෙනහැර දැක්වූ ලිපියට එකඟ වන්නේ නිර්මාණ වාදය(දෙවියන් විසින් මැවීම) විශ්වාස කරන අය සහ පරිණාම වාදය හරියට වටහා නොගත් අය පමණයි. මෙම ලිපියට විරුද්දව අදහස් දක්වන්නන් අනිවාර්යෙන්ම නිර්මාණ වාදය නොපිළිගන්නා අය. එහෙම අය අදහස් දැක්වූ විට ඔබ කියනවා "මන් කිසි දෙයක් කියන්නේ නැහැ" කියලා එහෙම නොවෙයි කල යුත්තේ ඔබගේ අදහසට විරුද්ද නම් වාද කරන්න.

      // ..මොකද පරිණාම වාදය බොරුවක් සහ නුතන විද්‍යාවත් එක්ක එකග නොවෙන නිසා //
      හරි දැන් මට කියන්න කොතනද එකඟ නොවන්නේ කියලා. එහෙම තැනක් තියෙනවා නම් තර්කකරලා හරිනම් පිළිගනිමු. නැත්නම් පරිණාම වාදය සමග එකඟ වෙමු.

      //.පැස්බරා ගැන තර්කය හරිම විහිළුවක්,,// මට පෙන්වනවාද විහිළුවක් වූ ආකාරය.

      මට දුන් මෙම පිළිතුර
      //මන් මන් ගැන කොහොමත් හිතනවා විශ්වය ගැන නොහිත මන් ගැන විතරක් හිතුවොත් මාත් කුඩුවක් හදලා පැටව දාලා කාලා බිලා මැරිලා ගිය කපුටම තමයි ,,කපුටෙක්ගේ ක්‍රියාකාරකම් මනුස්සයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා .. //
      සහ පහත දී Black Puma ට දුන් පිළිතුර සලකා බලමු
      //මන් කන්නාඩි නැතුව ලෝකේ මගේ ඇස් දෙකෙන් දකින්නේ හැමදාමත් ,, තර්ක වලින් නෙමේ සැහැල්ලු හිතෙන් හිතලා බලන්න ,//

      ඔබගේ මෙම පිළිතුරු දෙකින් ඔබගේ දැනුමේ මට්ටම ගැන සම්පුර්ණ අවබෝදයක් අවා. මම //විශ්වය ගැන සොයන්න කලින් තමා ගැන සොයන්න// කියපු දේ සහ //දාගත්ත කණ්ණාඩියේ හැටියට තමා හැමදේම. // කියන දේ ඔබට තෙරිලාම නැහැ

      විශ්වය ගැන සොයන්න කලින් තමා ගැන සොයන්න කියලා කියුවේ කවුද(මම මෙහි ලියුවට එය මගේ අදහසක් නොවේ) ඔහු එය කියුවේ කවර අර්ථයකින්ද කියලා සොයන්න. ඉන්පසු ඔබට සියල්ල තේරේවි. Black Puma කියපු කන්නාඩිය මොකක්ද කියලා අවබෝද වේවි. ඔබ ඉතා නිර්මාණශීලී වගේම හොඳට ලෝකය ගැන හිතන කෙනෙක්. නිදහසේ කියවන්න නිදහසේ හිතන්න.

      Delete
    6. සංවාදයක් විදිහට හොඳයි.. නමුත් ඔයා හරි මම හරි කියලා කියන්න තරම් ඉක්මන් වෙන්න හොඳ නැහැ අපි මෙවැනි මාතෘකා වලදි..

      Delete
    7. විශ්ව,,තර්කයට මා අකමැති කීවාම ඔබ කියයි ආයෙමත් මන් මෝඩයෙක් කියලා ,,,පැස්බරාගේ ප්‍රශ්නෙට මට දෙන්න තියන උත්තරේ කලින් මන් ඔයාට දීපු උත්තරේ දෙකෙන් වැඩි කරලා ,,මැවුම් වාදය හෝ පරිණාම වාදය පිළිගැනීම අපි කාටවත් මොකුත් කියනන් බැරි දේවල් ,,මොකද ඒ දෙකම වාද පමණක්ම නිසා ,,,මන් කවදාවත් මගේ හිතට එකග නැති ,,100% මනස තෘප්තිමත් නොවෙන දෙයක් පිළිගන්නේ නැහැ,,පුමට මන් උත්තර දුන්නේ හිතලා ,,ඒ උත්තරේ ඔයා බලාපොරොත්තු ඔයා බලාපොරොත්තු වෙච්ච සහ ඔයාගේ තර්කයන්ට එකග නොවීමට මන් මොකද කරන්නේ ,,,, තර්ක කරන්නේ නැහැ මන් කවදාවත් ,,එතකොට ඔයා තනියම තර්ක කරාවි ,,(ඒ වගේ දේ වෙනුවෙන් මට වගේ නාස්ති කරන්න කාලයක් නැතිවෙන්න පුළුවන්) මන් ඩාවින්වාදය පිළිගන්නේ නැහැ,, මන් සතුටින් ජීවත්වෙන කෙනෙක්..අවසාන වශයෙන් ඔයා ////ඔබ ඉතා නිර්මාණශීලී වගේම හොඳට ලෝකය ගැන හිතන කෙනෙක්. නිදහසේ කියවන්න නිදහසේ හිතන්න.///මේක කිවුවේ ඇයි කියලා දන්නවා ,,ටයිප් කරන ගමන් කට කොනින් හිනාවෙලා පව් මෝඩ කෙල්ල කියන්නත් ඇති :-)

      Delete
    8. //මේක කිවුවේ ඇයි කියලා දන්නවා ,,ටයිප් කරන ගමන් කට කොනින් හිනාවෙලා පව් මෝඩ කෙල්ල කියන්නත් ඇති :-)// මෝඩ කෙල්ල කියලා කියන්න ඕන නම් මම කෙලින් කියනවා ඒ වගේම අගයන්න ඕන දේ අගයනවා. හොඳට ලෝකය ගැන නිදහසේ නොහිතන කෙනෙකුට ඔය වගේ ලිපියක් ලියන්න බැහැ. අපි හැමෝම හිතන්නේ යම් රාමුවකට කොටුවෙලා ඒ රාමුව මේ මාතෘකාවේදී මැවුම් වාදය හෝ පරිණාම වාදය හෝ අතරමැදි වාදයක් වෙන්න පුළුවන්. හිතාගෙන යනවිට යම් සංසිද්දියක් ඔබගේ රාමුවට දාන්න බැරිවිට ඔබට ඔබ හිතන රාමුව මාරු කරන්න වෙයි.

      //මන් ඩාවින්වාදය පිළිගන්නේ නැහැ,//ඩාවින්වාදය සහ දැන් පිළිගන්නා පරිණාම වාදයට කියන්නේ දෙකක්. ඩාවින්වාදය කියන්නේ යල් පැනපු දෙයක්. ඔබ ඩාවින්වාදය කියා අදහස් කලේ පරිණාම වාදයට නම් එය නොපිළිගන්න නම් එය හොඳින් වටහාගන්න අවශ්‍යයි. ඔබ හොඳින් එය අවබෝදකරගෙන ඉන්නවා නම් ඔබ මේ ලිපිය ලියන්නේ නැහැ. ඒක නිසා තමන් හරියාකාරව නොදන්නා වාද බොරුයි කියන්න එපා.

      Delete
    9. මන් මේ ලිපියෙන් කියන්න අදහස් කරපු කිසිම දෙයක් ඔයාට තාමත් තේරිලා නැහැ ,, අනික නුතන විද්‍යාව ගැන දිනපතා මන් කියෝනව මගේ job එකට අමතරව මන් කරන දෙවැනි දේ තමයි නුතන විද්‍යාවේ සොයාගැනීම් ගැන කියෝන එක ,,ඒ හැමදේම එයාලා කරන්නේ යම් නිශ්චිත අරමුණු ඔලුවේ තියාගෙන ,, මන් ලිපිය ලිවුවේ ස්වභාවික වරණය , පරිණාමය යන පැති වලින් බැහැරව,,, ඔයාලා හැමෝම කියන විද්‍යාව නෙමේ මන් ලිවුවේ ජිවය කියන පොදු කාරණයේ සම්භවය එකක් නම් මිනිසා විතරක් ඇයි මෙතරම් සුවිශේෂී උනේ කියලා විතරයි මන් කල්පනා කලේ,, ඒක විද්‍යාවේ දැනුම එක්ක කලවම් කරන්නේ නැතුව සැහැල්ලු සරල මනසකින් කල්පනා කලාම ඒක මහා පුදුමයක් ,,, ඒක මට තනියම රසවිදින්න පුළුවන් උනා ,,, සත්තු නිර්මාණශීලි නැහැ කියලා කිවුවට මන් කිවුවේ නැහැ කාටවත් සත්තුන්ට වෙන වෙන සංවේදන හැකියාවල් නැහැ කියලා ,,ඔයාට ස්තුති

      Delete
  15. ඔබ මීට වඩා භාෂාව ගැන සැළකිලිමත් වනවානම් හොඳයි කියා අවධාරණය කරන්න කැමතියි. බ්ලොග් ලිවීමේදී ඕනෙම වචනයක් ඕනෙම ආකාරයකට ලිවිය හැකියි කියන අමනොඥ අදහසේ ගැලුන සෑහෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔය ඔක්කොම කෙනෙහිලි සිංහල භාෂාවට විතරයි. එක ඉංග්‍රීසි අකුරක් වැරදුනොත් එය පෙන්නලා දෙන්න පෝලිමේ එන්නේ. මගේ මේ අදහස් දැක්වීමටත් සෑහෙන ගෙරවිලි එයි. එහෙත් අපේ රටේ තියන අවාසනාවන්ත අධ්‍යාපන ක්‍රමය යටතේ භාෂාව සහ සාහිත්‍යය නිසිපරිදි ඉගෙන ගන්නට නොලැබීම සහ ඒ ගැන ප්‍රමාණවත් උනන්දුවක් නොමැතිවීම නිසා භාෂා ඥානයෙන් පිරිහුණ සෑහෙන පිරිසක් මෙලෙස තමන්ගේම අමනොඥ වාග්මාලා සකස්කරගෙන එය සම්මත භාෂාව කරගන්නට උත්සාහ කිරීම අනුකම්පා කටයුතුයි.

    ඔබේ වැරදි කීපයක් පෙන්වා දෙන්නේ අපහාසයට නෙවෙයි. ඒ අඩුපාඩු නිවැරදි කරගන්න ලෙස කරන කාරුණික ඉල්ලීමක් හැටියටයි.

    මන් = මනස හෝ ඒ හා සම්බන්ධ

    මං = මම

    කුබලා, බබරා, තුබස්, වැනි වචනවල සඤ්ඤක බයන්න (ඹ) නොයෙදීම බලවත් අඩුපාඩුවක්. ඒ වගේමයි වදුරෝ කියන තැන සඤ්ඤක දයන්න (ඳ) යෙදිය යුතුමයි.

    ලිව්වට පස්සේ නැවත කියවලා බලන්න. මටත් තවම වරදිනවා. ජනාවාසේ කියලා කියන්න අවශ්‍ය තැන යතුරුලියන දෝෂයකින් ඔබ ලියා තිබෙන්නේ ඝනාවසේ කියලයි.

    පෘතුවිය නොවෙයි නිවැරදි වචනය පෘථිවිය

    අර කාක්කා වතුර බිව්වේ බෝතලකින් නෙවෙයි කලයකින්. පරණ කුමාරෝදය පොතක බලන්න ඒ කතාව තියනවා.

    විද්‍යාත්මක සහ තාක්ෂණික තොරතුරු හැර, අනෙක් සෑම තොරතුරක්ම ලිවීමේදී හැකිතරම් සරල සිංහල වචනම යොදන්න උත්සාහ කර අපේ අම්මා හා සමාන මව් බස රැකගන්නට උත්සාහ කරන්න.



    ReplyDelete
    Replies
    1. ස්තුති මං මන් සහ මං කියන එකේ වෙනස දැනන් හිටියේ නැහැ ඔබතුමා කියනකල් , ස්තුති නිවැරදි කලාට සහ වැරදි පෙන්නුවට

      ජනාවාසේ නෙමේ මට අවශ්‍ය වුණේ ඝනාවසේ තමයි ,,එහෙමත් මං අහලා තියෙනවා,,හ්ම්ම් අද ඉදලා මීට වඩා ගොඩක් සැළකිලිමත් වෙන්නම් භාෂාව ගැන ස්තුතී,,

      Delete
    2. ඝනාවසේ = කොලනියද ඔය අදහස් කලේ ඔමායා..?


      Delete
    3. ඔව් ශාන් ඒ වගේ අදහසකින් තමයි ,,මන් හිතන විදියට ඔය සේරම හරි

      Delete
    4. තුඹස සහ හුඹහ කියන වචන දෙක දෙකක්ද?අතර වෙනස

      Delete
  16. විචාරකයි විශ්වයි දෙන්නා ගොඩක් විස්තර ඇතුව කියපු හින්දා මට හිතෙනවා කෙටියෙන් කියන්න. මගේ නම් අදහස අපි තමා කණ්නාඩිය දාගන්න ඕනේ නිර්මාණශීලි ද නැද්ද කියලා. දාගත්ත කණ්ණාඩියේ හැටියට තමා හැමදේම.

    ReplyDelete
    Replies
    1. මන් කන්නාඩි නැතුව ලෝකේ මගේ ඇස් දෙකෙන් දකින්නේ හැමදාමත් ,, තර්ක වලින් නෙමේ සැහැල්ලු හිතෙන් හිතලා බලන්න ,ස්තුති පූමෝ

      Delete
  17. හොදම හොද ලිපියක්.
    ඔබ හුග දෙනෙක් නොදකින දේවල් දකින,දැකල නිකන් නොඉද අකුරු කරල කතිකාවක් ගොඩ නැගීම හර්ම අපූරුයි අපුර්වී.
    තනිකම් දෝෂය නිසාම හිතෙන දේවල්ද මන්ද ඉදගෙන.

    ReplyDelete
    Replies
    1. මන් ලිපියක් ලියලා යහපත් ප්‍රතිචාරම බලාපොරොත්තු වෙන්නේ නැහැ ,,ඒත් ගොඩක් දෙනා තේරුම් ගත්තේ මන් හිතපු විදිය නෙමේ,,මට හරිම පුදුමයි ,,සමහර විට මට වගේ විකාර දේවල් හිතන්න නාස්තිකරන්න කාලයක් නැති නිසාම වෙන්න ඇති

      Delete
  18. ඇයි මිනිස්සු කටින්ම කෑම කන්නෙ ? වෙන කොහෙන් හරි කන්න, එහෙමන් තැන්නම් ඒකෙ පෝෂණය ටික ඇඟට inject කරගන්න පුළුවන්නෙ....
    ඇයි කුරුල්ලො හැමෝටම කූඩු හදන්න පුළුවන් නම් මිනිස්සු හැමෝටම ගෙවල් හදන්න බැරි ?

    ReplyDelete
    Replies
    1. හි හි ඔයාම කියෝලා බලන්න ඔයාගේ ප්‍රශ්නේ ,,නතර වෙලා සොබාදහම දකින්න..ඔයාට විශ්වාසද හැම කුරුල්ලම කූඩු හදනවා කියලා ..

      Delete
    2. සාඅපේක්ෂව ඔව්... වර්ග 100 ක් ගත්තොත් 90ක්ම හදනවා.. ඒත් මිනිස්සු 100ක් අරන් බැළුවොත් 1% කටවත් ගෙයක් හදාගන්න පුළුවන්ද ?

      Delete
  19. මම මීට ටික කාලෙකට කලින් (2002/2003) වගේ පරිගණක සඟරාවට විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වා ලෝකේ පරිණාමය මාරු වුනොත් කොහොම තියෙයි ද කියල .. ඒ කියන්නේ සත්තු ගස් වගේ සහ ගස් සත්තු වගේ වෙච්ච ලෝකයක් ගැන ... නිකමට හිතල බලන්න .. හරි ජොලියට තියෙයි .. අඹ ගස් කොස් ගස් ගෙවල් හදාගෙන යාන වාහන අරගෙන .පොෂ් එකට ජිවත් වෙනවා .. ඒ අතරේ මිනිස්සු වර්ග,බල්ලෝ වර්ග ,පුසෝ වර්ග තැන් තැන් වල වගා කරලා .. ලෝකය සත්ත්ව භරිත ලෝකයක් කරන්න ගස් උත්සාහ කරනවා .. පිස්සු හොඳ එක නේ ... :D

    ඔය ගැන සිරියස් විදියට හිතල ඔයාට උත්තරයක් හොයන්න වෙන්නේ නෑ ... විශ්වය අපි දන්නවට වඩා බොහොම පුදුමාකාරයි .. අපි මේ සංකීර්ණ විශ්වයේ නිකන් තිතක් විතරයි .. තව මේ වගේ තිත් බොහෝ ගණනක් ඇති ... අපිට පිළිගන්න පුළුවන් කලිපිත ටිකක් හදාගෙන අපි හිත හදාගෙන ඉන්නවා මේවා මෙහෙම තමා උනේ කියල ... එතනින් එහාට හිතල තව කල්පිත ගොඩ නගන්න පුළුවන් .. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන් .. අපිට කවදාවත් දන ගන්න වෙන්නේ නෑ ...

    ඔබේ ලෝකය දකින ඇස හරි සුන්දරයි ... මගේ ඒ ඇස දැන් යාන්ත්‍රික වෙලා .. :(

    ReplyDelete
    Replies
    1. \\\\අපි මේ සංකීර්ණ විශ්වයේ නිකන් තිතක් විතරයි .. තව මේ වගේ තිත් බොහෝ ගණනක් ඇති ... අපිට පිළිගන්න පුළුවන් කලිපිත ටිකක් හදාගෙන අපි හිත හදාගෙන ඉන්නවා මේවා මෙහෙම තමා උනේ කියල ... එතනින් එහාට හිතල තව කල්පිත ගොඩ නගන්න පුළුවන් .. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන් .. අපිට කවදාවත් දන ගන්න වෙන්නේ නෑ ... \\\\\


      සම්පූර්ණයෙන් එකඟයි පැතුම්...

      Delete
    2. ඔව් ඔයාලා දෙන්නත් එක්ක මාත් එකගයි,,, ඒත් මට මේවා හිතෙනවා ඒකයි ලියන්න හිතුවේ ,,අනික ඩාවින් ගේ පරිනාම වාදෙන් මට වැඩක් නැහැ ,මන් හිතන්නේ මගේ හිතෙන් මට ඕනේ දේ ,,මන් ලිවේ මගේ අදහස,, ස්තුති පැතුම් ,ශාන් අදහස් බෙදාගත්තට

      Delete
    3. \\\\අපි මේ සංකීර්ණ විශ්වයේ නිකන් තිතක් විතරයි .. තව මේ වගේ තිත් බොහෝ ගණනක් ඇති ... අපිට පිළිගන්න පුළුවන් කලිපිත ටිකක් හදාගෙන අපි හිත හදාගෙන ඉන්නවා මේවා මෙහෙම තමා උනේ කියල ... එතනින් එහාට හිතල තව කල්පිත ගොඩ නගන්න පුළුවන් .. ඒවා ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන් .. අපිට කවදාවත් දන ගන්න වෙන්නේ නෑ ... \\\\\
      අපි කලිපිත ඇසුරෙන් තනාගත් ආකෘතියක් ඇසුරෙන් ලෝකය අවබෝද කරගන්න හදනවා එය තමයි විද්‍යාව. ස්වභාවික සංසිද්දීන් අපේ ආකෘතියට නොගැලපෙන විට අපේ ආකෘතිය වෙනස් කරගන්නවා. මෙම ආකෘතිය මගින් දැනට අපි දන්නා ස්වභාවික සංසිද්දීන් තීරුම් ගන්න පුළුවන් වුනාට එය නිරපේක්ෂ සත්‍යය නොවේ.
      Pathum Herath සහ SilentSahan ඔබලාට මමත් එකඟයි.


      අපුර්වී ඔමායා
      //ඩාවින් ගේ පරිනාම වාදෙන් මට වැඩක් නැහැ//
      පරිණාම වාදයෙන් ඔබට වැඩක් නැත්නම් ඔබ අහපු දේවල් වලට උත්තර ඔබට හොයාගන්න බැහැ
      {
      //අපේ පුරාතණ වානරයා එක්ක කැලේ හිටපු වදුරෝ,ගෝරිල්ලෝ,මුවෝ තාමත් ඇයි එහෙම්මම ඉන්නේ ඇයි එයාලා අපි වගේ පරිණාමය වෙනෙන් නැත්තේ ??? "හොලෝසින කියන යුගයේදී නුතන මානවයා පරිණාමය වෙද්දී ඇයි එයාලා එහෙම නොවුනේ ???අපේ තිබ්බ විශේෂත්වය මොකක්ද ??? මන් මේවට උත්තර දන්නේ නැහැ ,, ඇයි ප්‍රකෝටි ගණන් සත්තු සත්තු විතරක්ම වෙලා ඉන්නේ තාමත් ??//

      මේවට පිළිතුරු පරිණාම වාදෙන් නැත්නම් මොන රෙද්දකින්ද බලාපොරොත්තු වෙන්නේ.
      }

      Delete

    4. @ මේ සංවාදයට සභාගි වුණු සියලු දෙනා


      මම නම් මේවගේ ඇත්ත නැත්ත මහා ලොකුවට හොයන්න , තර්ක ගොඩ නගන්න , දිනීම සඳහා දිගින් දිගටම වාදයට යන්න කැමති නැහැ.. ඕනෙම කෙනෙක් කියන එක අහලා " අහ්හ් එහෙමද ? ඔව් නේද ...? " වගේ උත්තරයක් දෙනවා විතරයි... නමුත් මම ඉතාම ආසයි මෙවැනි සංවාද වලට... අලුත් අලුත් අදහස් එළියට එනවා මෙවැනි කතා බස් තුලින්...

      නිහතමානීව කරුණු එකින් එක ගෙනහැරපාමින් සංවාදය ඉදිරියට යනවා දකින්න කැමතියි.. මම මේ මතෘකාවේදී වැඩි යමක් නොකියා බලන් උන්නෙත් ඒ නිසයි..

      Delete
    5. මන් සංවාද කරන්න කැමති නැහැ ,එත් කොමෙන්ට් එකට ප්‍රතිචාර දැක්වුවා විතරයි ,,මන් කියපු දේ ගොඩක් දෙනා තේරුම් ගත්තේ තම තමන්ගේ දැක්ම අනුව ,,

      Delete
  20. ඔමා අමුතු විදියට ලෝකය දකින්න උත්සාහ කරන කෙනෙක් නොවැ,ඔබේ තර්ක සාධාරණයි හොඳ ලිපියක්.මට මුල ඉඳන්ම කියන්න අවශ්‍ය වෙලා තිබුණු දෙයක් විචාරක තුමා කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති කඩේ අයියේ ,හ්ම්ම් මීට පස්සේ ගොඩක් සැලකිල්ලෙන් සිංහල ලියන්නම්

      Delete
  21. මෙහෙමයි ඕන්...........
    අපි ගම්මු සත්ව පරිනාමය ඒක එක පාරට හුටුස් ගාල වෙන්නෙ නෑ අපිට හදිස්සි උනාට......ඒක බොහෝම හෙමෙන් වෙන සන්සිද්දියක්....
    පරිනාමය කියන එකට කෙලින්ම බලපාන එකක් තමයි පරිසරයට අනුව හැඩ ගැසීම කියන කාරනය....(මේ මම දකින විදිහ ඈ)
    උදාහරණයක් විදිහට අපි ගම්මු මදුරුව.... මදුරුව දන්නවනෙ අර කනවටේ කූo කූo ගගා ගිහිල්ල බලෙන් ඇඟට ඇනල ලේ බොන එකා අන්න ඌ......... කාලයක් ලෝකෙට තිබ්බ පුරස්නයක් තමයි මැලේරියාව කියන එක අන්න ඒකට හොයා ගත්තු පිලියමක් විදිහට ඉස්සෙලාම පාවිච්චි කොලේ DDT කියන රසායනය.... මේව මදුරුවො බෝ වෙන තැන් වලට දැම්ම......ප්‍රතිඵල තිබ්බ හැබැයි ටික කාලෙකින් ඒ මදුරුව DDT ගහපු වතුරෙ පිහිනුම් තරඟ තියන්න ගත්ත............ ඒ කියන්නෙ මොකද්ද ඌ ඒ භාහිරෙන් ආපු තත්වයට ඔරොත්තු දෙන්න ප්‍රතිශක්තීකරනය හදා ගත්ත.... ඒක පරිසරයට අනුව හැඩගැසීමක්, පරිනාමයක්......
    හැබැයි අනෙක් හැම සතාම එක පාරටම පරිසර තත්වයන්ට මුහුනදෙන්නෙ නෑ සමහරු වඳවෙලා යනව...

    නිර්මාණශීලී තත්වය ගත්තොත්,
    ඔව් මම කියන්නෙ සත්තු නිර්මානශීලීයි..හැබැයි ඒ උන්ගෙ මුල් පරම්පරාව විතරයි.......මොකද ඔමා කියන විදිහටම කුඹල,වඩු කුරුල්ල, වේයා,කපුට තාමත් හදන්නෙ එකම ක්‍රමේට උන්ගෙ තාවකලික නවාතැන....ඒ ඇයි....උන්ගෙ පලවෙනි පරම්පරාවෙන් ඇගේ තියෙන ජන වල පිහිටෙන් උන් ඒක හදනව......ඒකට අලුතෙන් කිසිම දෙයක් එකතුවෙලා නෑ.....ඒ කියන්නෙ නිර්මානශීලීත්වය උන්ට නෑ......පලවෙනි පරමපරවෙ ජානවලින් හම්බුවෙච්චි දේ උන් ඉස්සරහට ගෙනියනව එච්චරයි....මේ මම දකින විදිහ හරිය
    මනුස්සය ගත්තොත් හැම මනුස්ස්යමත් 100% නිර්මානශීලී නෑ..... නිර්මාන ශීලීත්වය රදාපවතිනව පරිකල්පන හැකියාව එක්ක....
    හැබයි මනුස්සය කියන සත්වයට හම්බුවෙලා තියෙන මොලය කියන මහා බල සම්පන්න අයුදේ එක්ක මනුස්සය එක එක විදියෙ නිර්මාණ වලට යන්ව.... එතනදී ජාන බලපෑමක් නැතෙයි කියන්නෙ නෑ ඒත් ඊට වඩ එහා ගිය පරිකල්පන හැකියාව නිසා තමයි ඒ හැම දෙයක්ම මනුස්සය කරන්නෙ...

    ඔය මට වැටහිච්ච කරේමෙ ඉඳගෙන වැරැද්දක් ඇත්නම් පෙන්නන්න ඕන අන්න ඒකයි මම කියන්නෙ


    මොනදේ උනත් ඔමා ලෝකය දිහා බලන මානය හරිම සුන්දරයි......ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඔයාම කියෝලා බලන්න කුරුල්ලෝ ඔයාගේ කොමෙන්ට් එකේ මගේ ප්‍රශ්නෙට කිසිම උත්තරයක් තියෙනවද කියලා ,, උසස්පෙළ /සාමාන්‍ය පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයට අනුව ලියලා තියෙන්නේ ලස්සනට කොමෙන්ට් එක ඉදගෙන

      දෙවැනි කොටස ....//මනුස්සය ගත්තොත් හැම මනුස්ස්යමත් 100% නිර්මානශීලී නෑ..... නිර්මාන ශීලීත්වය රදාපවතිනව පරිකල්පන හැකියාව එක්ක....// මේකෙන් ඔයා අදහස් කරන නිර්මාණශීලි කම නෙමේ චින්කෝ මන් කිවුවේ ,, මිනිසා කියන විශේෂය තුල තිබෙන පොදු විස්මිත හැකියාවන් ගැන,, මහා කළා නිර්මාණ ,තාක්ෂණික නිර්මාණ නෙමේ චින්කු මට මානසික සීන් එකක් උනාට ඔයා මක් කරන්නද ඉදගෙන

      Delete
    2. ඔමා නෝනෙ මම මේකෙන් ඇත්තටම අදහස් කොරන්න උත්සාහ කලේ පරිනාමය රදාපවතින එක සාදකයක් ගැන විතරයි ඒ පලවෙනි කොටසෙදි ඉඳගෙන

      මෙන්න මේ කොටස ඔබතුමීට මගහැරිල

      "ඔව් මම කියන්නෙ සත්තු නිර්මානශීලීයි..හැබැයි ඒ උන්ගෙ මුල් පරම්පරාව විතරයි.......මොකද ඔමා කියන විදිහටම කුඹල,වඩු කුරුල්ල, වේයා,කපුට තාමත් හදන්නෙ එකම ක්‍රමේට උන්ගෙ තාවකලික නවාතැන....ඒ ඇයි....උන්ගෙ පලවෙනි පරම්පරාවෙන් ඇගේ තියෙන ජන වල පිහිටෙන් උන් ඒක හදනව......ඒකට අලුතෙන් කිසිම දෙයක් එකතුවෙලා නෑ.....ඒ කියන්නෙ නිර්මානශීලීත්වය උන්ට නෑ......පලවෙනි පරමපරවෙ ජානවලින් හම්බුවෙච්චි දේ උන් ඉස්සරහට ගෙනියනව එච්චරයි....මේ මම දකින විදිහ හරිය"

      මෙන්න මේ කොටසෙ මම ඔබතුමීගෙ ප්‍රශ්නෙට යම් උත්තරයක් තියෙනව කියල විශ්වාස කරනව.
      අනික මනුස්ස්ය ගැන කියපු කරුනෙදි නිකන් හිතල බලන්න හැම මනුස්සයෙක්ම නිර්මාණ ඒ කියන්නෙ මහා නිර්මාණ කරන්නෙ නෑ නිර්මානශීලීත්වය රඳා පවතිනව වෙනස් විදිහට දැකීම සහ සිතීම මත ඉඳගෙන
      ඔබතුමිය කියන පොදු විස්මිත හැකියාව හැමෝමතුල නෑ ඒක මගේ පුද්ගලික හැඟීමක් ඒක එකිනෙකාගෙ මානසික හා පරිකල්පන ශක්තිය මත අනිවාර්යෙන්ම රදා පවතිනව..... ඕන් මේව මේ මට හිතෙන ඒව හරිය නිවරදි කිරීම් වලට ඉඩ තියෙනව එහෙම වෙනවනම් පිලිගන්නත් හැකියාව තියෙනව ඈ අන්න ඒකයි මම කියන්නෙ

      Delete
  22. මේ පෝස්ට් එකට අපේ සයුරි නෝනත් එන්න ඕනේ... පහන් යාය

    ReplyDelete
  23. නියමයි ඇත්තටම සත්තු නිර්මාණශිලිත්වය අඩුයි කියලයි මටනම් හිතෙන්නේ/ නැහැ කියල පැත්තකට දාන්නත් බෑ මොකද උන් නිර්මාණයක් කරන්නේ ජිවත් වෙන්න සතුන්ට තියෙන්නෙ සරල ජිවන රටවක් එක නිසා උන් උන්ට ගැලපෙන නිර්මාණ කරනවා හැබැයි මිනිස්සු තරම් වෙගවත් නැහැ
    මිනිසා කියන්නෙ මනසින් උසස්ම ස්ත්වයෙක් ඉතින් නිර්මානශිලිකම මනසත් එක්ක සම්බන්ද දෙයක් මිනිසා මනසින් උසස් වු පලියට අනිත් සතුන්ට මනසක් නැහැ යන්න කියවෙන්නෙ නැනැ නෙද?මට ප්‍රශ්නයක් තියෙන්නෙ දැන් සත්තු 100% නිර්මානශිලි නැත්නම් මිනිස්සු 100% නිර්මනශිලිද?

    ReplyDelete
    Replies
    1. ///මිනිසා කියන්නෙ මනසින් උසස්ම ස්ත්වයෙක් ඉතින් නිර්මානශිලිකම මනසත් එක්ක සම්බන්ද දෙයක් මිනිසා මනසින් උසස් වු පලියට අනිත් සතුන්ට මනසක් නැහැ යන්න කියවෙන්නෙ නැනැ නෙද?මට ප්‍රශ්නයක් තියෙන්නෙ දැන් සත්තු 100% නිර්මානශිලි නැත්නම් මිනිස්සු 100% නිර්මනශිලිද?/// මන් ඇහුවේ ඇයි මෙහෙම උනේ කියලා විතරයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  24. සතුන් ගේ නිර්මාණශීලිත්වය අවතක්සේරු කරන්න බෑ කියන එක යි මගෙ නම් අදහස.

    ReplyDelete
    Replies
    1. මන් කිවුවේ වෙන දෙයක් දිලිනි

      Delete
  25. ඔමා කොහොමත් අමුතු දෙයක්නේ ලියන්නේ. කපුටා ෆයිබර් ග්ලාස් හොයාගන්න කම් අර කොවුලාට කෝටු කෑලි ටිකක් හොයලා දෙමුද?:D

    ReplyDelete
  26. මාතලන් කිව්ව වගේ කපුටෝ කෝටු කැලි නැති වුනොත් කම්බි කෑලි හරි අරගෙන කුඩුව ගහනවා :)

    සමහර වෙලාවට සත්තු මිනිස්සුන්ට වැඩිය සුක්ෂම විදිහට දක්ෂයි. ඒ නිර්මාන මිනිස්සුන්ට කරන්න අමාරුයි. මට මතකයි සිංහල පොතේ තිබ්බා බීරලුවා කියල සතෙක් ගැන. ඒ සතා වතුරෙ තමන්ගෙ නිවස හදා ගන්නව. ඒ වගෙ ඔමායා කිව්ව වගේ මේ ලෝකෙම රහස් ගුලක්..

    ජය !

    සරලව කිව්වොත් සත්තු නිර්මානශීලී !

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහස් දැක්වුවට සෑම්

      Delete
  27. මේකේ ලියලා තියන දේවල් ඔක්කොම හොදයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ, ලෝකය මැව්වේ දෙවියන්වහන්සේ කියන එක. උන්වහන්සේ තමා මනුෂ්‍යා, සත්තු සහ ගහකොළ සියල්ල මැව්වේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ දෙයක්. මේක ආගමක් නොවේ. කරුණාකර මෙයට ආගම් පටලවාගන්න එපා. උන්වහන්සේ එකම මැවුම්කාර දෙවියන්වහන්සේ.

    අනිත් දේ තමා මේ සැම නිර්මාණශීලි හැකියාවක්ම දෙවියන්වහන්සේ විසින් නියමකළ දේවල්. මේවා බොරු නම් බයිබලය බොරු වෙන්න ඕනේ. මොකද මේ සැම දෙයක්ම බයිබලයේ සඳහන් දේවල්. ඒක බොරු කරන්න ජගතෙක් මේ ලෝකයේ තාම බිහිවෙලා නැහැ. ඒ වගේම බිහිවෙන්නෙත් නැහැ. ඔන්න ඕකයි සත්‍ය. අකමැත්තෙන් උනත් ඔයාලට මේක පිළිගන්න වෙනවා.

    ඔමයා නංගා උත්සහ කලේ (ඉතින් ඇත්තටම සත්තු නිර්මාණශීලිද ?) යන්න ඇයගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. නමුත් මෙතන ඒක වෙනත් පැත්තකට යොමුවෙලා තියනවා.

    කරුණාකර මාතෘකාවට අදාලව අදහස් දක්වන්න.

    ReplyDelete
    Replies
    1. අන්තිමට කෙනෙක් හිටියා ඒ ගැන කියන්න ,,,
      අපගේ සමානත්වයෙන් ,ස්වරුපෙන් මනුෂ්‍යා මවම්හ ,, මැවුම්කාර හැකියාව අපතුලත් මේ ක්‍රියාකරන්නේ නව නිර්මාණ කරන්නේ ,,ස්තුති ඩොකා අයියා

      Delete
    2. ඔන්න බළලා මල්ලෙන් එලියට පන්නා, ඔබ මෙතන බල පොරොත්තු උනේ ඔය කතාව තමයි. අපිනම් දන්නවා ගොනා හැරෙන කොට පොල් පැලේ කන්න බව.
      මම දාපු පලවෙනි comment එකේ පළමු වාක්‍ය ලිවුවේ ඔබගේ අදහස මට ලිපිය කියවන කොට තේරුණා නිසා. ඒ වගේම මම දාපු පලවෙනි comment එකේ අවසාන වාක්‍ය ලිවුවේ මගේ උපකල්පනය හරිද වැරදිද යන්න නිර්ණයට. ඔබ එයට දීපු පිළිතුරෙන් මට ස්තිර් වුනා ඔබ මැවුම් වාදය ගරුකරන ආගමක් නියෝජනය කරන බව. මෙතනට ආගමක් ගාවන්න එපා කියලා ඩොකා අයියා කියලා ඔහුම ආගමක් ගාවනවා. ඔහුට ඔබදෙන ආගමික පිළිතුරෙන් ඔබ මම අහපු මේ ප්‍රශ්නයට උත්තර දීලා තියෙනවා //මේවට පිළිතුරු පරිණාම වාදෙන් නැත්නම් මොන රෙද්දකින්ද බලාපොරොත්තු වෙන්නේ.//

      ඔබලා තවම හිතන් ඉන්නේ ලෝකය රොටියක් වගේ පැතලියි කියලා. ඔබ ලෝකය දකින්නේ එහෙමයි. තවම ඔබ ලෝකය ගෝලයක් කියලා පිළිගන්නේ නැහැ.

      http://en.wikipedia.org/wiki/Science_and_the_Bible

      නිර්මාණ කරුවා කොතරම් ශ්‍රේෂ්ඨ ද?

      Delete
    3. dokage කමෙන්ට් එක අතිශයින් විනෝදජනකයි... ආගම පටලන්න එපා කියලා ඇයි ඔයාම කොහෙවත් තියෙන බයිබලයක් පටල ගත්තේ ...? බයිබල් කතාව එක්ක මේ පොස්ට් එකේ තිබුණ විද්‍යාත්මක වටිනාකම බින්දුවටම බැස්සා..

      දෙවියන් වහන්සේ ඇයි දන්නේ නැහැ එයාව පිළිගන්නේ නැති අපි වගේ අයව මැව්වේ නේද ඩොකෝ ...? ( දැන් ඉතින් ආගම පටලගන්න එපා කියන බැහැ ඔයාට .. බළලා මල්ලෙන් පැන්නා නෙව )

      Delete
    4. මෙතන කොහෙද ආගමක් තියෙන්නේ. දෙවියන්වහන්සේ කියන්නේ ආගමක් නොවේ. ඉස්සෙල්ලා ඕක තේරුම් ගන්න. මනුෂ්‍යා මැවුම්කාර දෙවියන්වහස්ව ආගමක් කරගන්න හදන්නේ ඇයි. බයිබලය කියන්නේ දෙවියන්වහන්සේගේ වචනය සදහන් වෙලා තියන තැන. කොහෙද බයිබලයේ ආගමක් ගැන සඳහන් කරලා තියෙන්නේ. නිකන් බොරුවට ඔහේ කටතියන පලියට කියවන්න එපා. ඉස්සෙල්ලා තේරුම් ගන්න, දන්නේ නැත්නම් අහන්න මන් කියලා දෙන්නම්.

      Delete
    5. අහ්හ් ආගමක් නැද්ද ..? එහෙනම් සමාවෙන්න ඕනේ..මට වැරදීමක් වෙලා... :P

      Delete
    6. මගේ ලිපිය කියවද්දී ඔයාට එහෙම දැනුන එකට මන් එදා පලවෙනි කොමෙන්ට් එක දාද්දි සතුටු වුනා .. ඒත් මන් ඇයි ඔයා එක්ක කියන්නේ මගේ විශ්වාසය ගැන හෝ ඇදහිල්ල ගැන ,, නුතන පරිණාම වාදය කියන්නේ වාදයක් පමණයි ,, නිගමනයක් නෙමේ ,, ඔයාගේ දැනුමේ ප්‍රමාණය හොදට පේනවා කොමෙන්ට් එකෙන් ..ශාන් @ // බයිබල් කතාව එක්ක මේ පොස්ට් එකේ තිබුණ විද්‍යාත්මක වටිනාකම බින්දුවටම බැස්සා..?/ මන් විද්‍යාත්මක වටිනාකමක් බලාපොරොත්තු උනේ නැහැ .. හදවතට දැනෙන දේ ලිවුවේ ලෝකේ මිනිස්සුන්ගෙන් ඉගෙනගත්ත දේ නෙමේ

      Delete
    7. @ඩොක් අයියා
      //දෙවියන්වහන්සේ කියන්නේ ආගමක් නොවේ. ඉස්සෙල්ලා ඕක තේරුම් ගන්න. මනුෂ්‍යා මැවුම්කාර දෙවියන්වහස්ව ආගමක් කරගන්න හදන්නේ ඇයි. බයිබලය කියන්නේ දෙවියන්වහන්සේගේ වචනය සදහන් වෙලා තියන තැන. කොහෙද බයිබලයේ ආගමක් ගැන සඳහන් කරලා තියෙන්නේ. //

      ඔබ දකින ඔබගේ ලෝකයේදී එහෙම වෙන්න පුළුවන්. නමුත් දෙවියන්වහන්සේ ගැන කිසිම විස්වාසයක් නැති ඔබට(අපුර්වී ඔමායාට හෝ ඩොක් අයියාට) මිත්‍යාදුෂ්ටිකයන් ලෙස පෙනෙන අපට නම් දෙවියන්වහන්සේ ඇදහීම කියන්නේ ආගමක්. ඔබට දෙවියන් වහන්සේ සහ ඔහුගේ දේව වචනය තියෙන බයිබලය පිළිගැනීම පිළිඹඳ අපට ගැටළුවක් නැහැ. අපි සියලුම ආගමික නායකයන්ට ගරුකරනවා නමුත් නිග්‍රහ කරන්නේ නැහැ නමුත් නිකන් බොරුවට ඔහේ කටතියන පලියට කියවන්න එපා බයිබලය සහ දෙවියන් වහන්සේ කියන්නේ ආගමක් නොවේ කියලා.

      @අපුර්වී ඔමායා
      //මන් විද්‍යාත්මක වටිනාකමක් බලාපොරොත්තු උනේ නැහැ.// ඔබ බලාපොරුත්තු වුනේ ඔබ දකින මැව්ම්කරුගේ ආශ්චර්යය අපිට පෙන්වන්න නේ. මන් කියන්නේ මම නොවන බව විචාරක මහතා කොතරම් පැහැදිලිව කියුවත් ඔබ හැදෙන්නේ නැහැ.

      Delete
    8. @ ඕමයා

      ඔව් මේ පොස්ට් එක ලියලා තිබුනේ කිසිම ආගමක් , මැවුම්කරුවෙක් ගැන සඳහන් නොකර බොහොම මධ්‍යස්තව වගේ... ඒත් දැන් කතාව යන්නේ වෙන පැත්තකටනේ ඕමයා..

      මොනවද මේ මැවුම්කාර කතා ...? එහෙනම් මේ සියල්ල අයිති මැවුම්කරුට... වඩු කුරුල්ලෝ , වේයෝ , මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නැහැනේ ඕමයා...


      Delete
    9. මේ ගැන මින් ඉදිරියට කතා කිරීමෙන් පලක් නැත.

      Delete
    10. //මේ ගැන මින් ඉදිරියට කතා කිරීමෙන් පලක් නැත.//
      කතාකරන්න දෙයක් නැද්ද?

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. @ ඩොක් අයියා.....මිනිසාව මැව්වෙ දෙවියෝනම් දෙයියන්ව මැව්වෙ කවුද? දෙවියෝ මිනිසාව මවද්දි ඒක දැක්කෙ කව්ද?

      Delete

    13. @ ඩොක්

      මිනිසා , ශාක , ලෝකය වැනි දේවල් අතිසංකීර්ණ දේවල් කියලා මමත් දන්නවා..එසේ වූ පළියට ඒවා මැවුම්කරු විසින් මැව්වා කියලා කියන්න බැහැනේ...

      එහෙනම් ඇයි ඩෙංගු මැව්වේ ? පිළිකා මැව්වේ ඇයි ..? හෙම්බිරිස්සාව මැව්වේ ඇයි ...?

      ( කරුණාකරලා මහත්මයෙක් විදිහට උත්තර දෙන්න හෙමීට ප්‍රශ්නෙන් බේරිලා නොයා )

      Delete
    14. //මේකේ ලියලා තියන දේවල් ඔක්කොම හොදයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ, ලෝකය මැව්වේ දෙවියන්වහන්සේ කියන එක. උන්වහන්සේ තමා මනුෂ්‍යා, සත්තු සහ ගහකොළ සියල්ල මැව්වේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ දෙයක්. මේක ආගමක් නොවේ. කරුණාකර මෙයට ආගම් පටලවාගන්න එපා. උන්වහන්සේ එකම මැවුම්කාර දෙවියන්වහන්සේ.//
      මට නම් පුකෙනුත් හිනා........ :D

      Delete
    15. රංග අන්න උබව හොයනවා නිවන් යන්න.

      Delete
    16. උබ පලයන්.මට ඕනේ නැහැ නිවන් යන්න.

      Delete
    17. soda @මං නම් ආගම් පටලවා ගන්නවා ,, ඒ වගේම මං ලියන්නේ මට ඕනෙදේ ,,

      Delete
    18. ආ මේ අපේ සහන් ළමයා නේ අනෝ ඇවිත් තියෙන්නේ. ඔබ දැන් නිවන් ගිහින් නේ තියෙන්නේ.

      Delete
    19. @ විශ්ව

      මම මේ පෝස්ට් එකට මේල් සබ්ක්රිප්ෂන් දාලා තියෙන නිසා මෙතන වෙන දේ දැක්කා... ඔබ මෙන් නිවට ලෙස ඇනෝ කමෙන්ටු මම දාන්නේ නැහැ.. දැන් ගලක් හැප්පුනත් සහන් කියලද කියවෙන්නේ ... හික්ස් ...

      බලාගෙන හීනෙනුත් මාව පෙනෙයි... :D

      Delete
    20. රංග උබට මහ බලු වැඩේ නේද උනේ?හැමතැනින්ම පල් උනේ උබ.

      Delete
    21. සියල්ලටම පෙර මම ඔබගේ බ්ලොග් එකේ අද දැමු ඔබගේ විසින් publish නොකරන ලද කමෙන්ට් publish කරලා ඒවාට පිළිතුරු දීලා එන්න. මම දාපු කමෙන්ට් publish නොකරන්නේ තවත් ඔබ චාටර් වෙනවාට බයද?
      ඔබ නිවට ලෙස පැමිණ අනෝ කමෙන්ට් දාන බව කවුරුත් දන්නවා. අනෝ ආවත් උම්බෑ කියන විට ඌ කවුද කියා අදුන ගන්න පුළුවන්.

      මෙතන ඉහල කමෙන්ට් එකේ අනෝ ඇවිල්ල උම්බෑ කිවුවේත් ඒ නිවට හරකම තමයි.

      Delete
    22. @ all

      පැහැදිලිද විශ්ව රංගනාත් නමින් සිටින මානසික රෝගියාට අවශ්‍ය කෙසේ හෝ "පොර" වීමටයි... මෙවැනි කී බෝර්ඩ් වීරයන් අන්තර්ජාලය පුරා සිටිති.... අප මෙවන් මානසික බෙලහීනයන්ට අනුකම්පා කරමු... තමාම ඇනෝ දමමින් මගේ බ්ලොගයේ සහ ඉන්දිකගේ බ්ලොගයේ මොහු නැටු නාඩගම් ඕනෑම අයෙක්ට දැක ගත හැකිය. මෙම පෝස්ටුවේ පවා ඕනෑ තරම් එයට උදාහරණ ඇති....

      ස්තූතියි..... මෙවැනි මානසික බෙලහීනයන් හට අනුකම්පා කරමු ...


      @ ඔමායා

      සුබ නත්තලක් වේවා ඔමායා ඔබට .........

      Delete
    23. සහන් ඔය ඔබ දැමු කමෙන්ට් එකේ මගේ නම වෙනුවට ඔබගේ නම දැම්මා නම් හරියටම ගැලපෙනවා.

      මම ඔබගේ බ්ලොග් එකේ දැමු කමෙන්ට් publish නොකර පිළිතුරු නොදීමෙන් ඔබගේ පරාජය සැමටම අවබෝද වේ. දැන්වත් හොඳ ළමයා වගේ එම කමෙන්ට් වලට පිළිතුරු දීලා එන්න. එය නොකර වෙන කතා කියලා මට අපහාස කරලා ප්‍රශ්නය මගහැරලා යනතාක් ඔබගේ නිවට කම සැමටම පැහැදිලිවේ.

      Delete
    24. @ all

      පැහැදිළියි නේද ? මන් කිව්වේ බොරුද ... :D


      Delete
    25. දැන්වත් අර කමෙන්ට් ටික publish කරලා මහත්මයෙක් වගේ හැසිරෙනවාද? නැත්නම් නිවටයෙක් වගේ ප්‍රශ්නෙන් පැනයනවද? ඔබ කොයි වෙලාවෙත් කරන්නේ අදාල ගැටලුව මගහැරලා වෙන ඒවාට පිළිතුරු දෙන නිවටයා නේ. මම කලින් කමෙන්ට් එකෙන් පැහැදිලිවම කියුවා මම දැමු කමෙන්ට් publish කරලා පිළිතුරු දීලා එන්න කියලා. ඔබ එහෙම නොකර කියනවා //පැහැදිළියි නේද ? මන් කිව්වේ බොරුද// කියලා. එතනින් පැහැදිලියි ඔබට මා සමග වාද නොකර මගහැර පරාජය පිළිගත් බව.

      මා කී පරිදි මගේ කමෙන්ට් publish නොකර මෙයට පිළිතුරු ලෙස ඔබ කරන වෙනත් ඕනෑම දෙයකින් ඔබගේ පරාජය තහවුරු වෙන බව මතක තබාගන්න.

      බලමු ඔබ තවදුරටත් හැසිරෙන්නේ මහත්මයෙක් ලෙසද නිවටයෙක් ලෙසද කියා...........

      Delete
    26. අපි නම් නත්තල් පාර්ටි වලට ගියා...පිස්සා මුළු රෑම කමෙන්ට් දාලා බලන් ඉඳලා නේද මන් එනකම්...හනේ මෙහෙමත් පිස්සෝ. ... හරි හරි බන් මන් නිවටයෙක්.. මේ මහත්තයා උගතෙක්... දැන් හරි නේද ... දැන් යන්න... රුපියල් 5 ක් දෙන්නද ටොපියක් ගන්න ...

      මා හරි උගතා ...... මා හරි ජගතා ...
      යැයි සිතනා මිනිහා .....

      කව්ද .....? ( මන් කියන්න ඕනේ නැහැනේ .. :P)

      Delete
  28. එකනේ බුදු දහමේ සඳහන් වෙන්නේ මිනිස් ආත්මයක් ලබන එක හරි අමාරු දෙයක් කියලා. සත්තු නිර්මාණශීලි කියල අපිට පෙනුනට උන් ඒ දේවල් කරන්නේ උන්ගේම ආරක්ෂාවට. අපේ ඇහැට ලස්සනට පෙන නිසා අපි කියනවා වඩු කුරුල්ලා නිර්මාණශිලියි කියල.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්,මහත්මයා ගේ අවංක උත්තරේ ට ස්තුති මිනිස්සු සරලව විදින්න පුළුවන් සොබාදහම නුතන විද්‍යාවත් එක්ක පටලගන්නවනේ

      Delete
    2. අපුර්වී ඔමායා ඇයි මිනිස්සු සරලව විදින්න පුළුවන් සොබාදහම දෙවියන් වහන්සේ සහ බයිබලය සමග පටලගන්නවනේ.

      Delete
    3. උන්වහන්සේගේ වචනයේ ප්‍රකාශකර තිබෙනවා ඌරන් ඉදිරියේ මුතු දැමීමෙන් වලකින්න කියලා. කවදා හරි දවසක මේක මෙයාලට තේරේවි. හැබැයි ඒ වෙනකොට පරක්කු වැඩි ද මන්දා. ඔබ සැමට ජේසු පිහිටයි

      Delete
    4. ඌරන්ට මුතු වටින්නේ නැතිවට උන්ට අසුචි වටිනා දෙයකි. ඌරන් වටිනා සම්පතක් ලෙස සිතන්නේ අප සැම පිළිකුල් කරන අසුචි වේ. එසේම ඔබද වටිනා දෙයක් ලෙස සලකන දෙය ඇත්තටම එවැනි දෙයකි. කණගාටු දායක දෙය නම් ඔබ මිරිඟුවක් පසුපස දුවන බව ඔබට නොතේරීමයි.

      Delete
    5. මුතු නොවටින්නේ ඌරන් වැනි තිරිසනුන්ට පමණක් නොවේ. මුතු වටින්නේ භාහිර හුදු ආටෝපය අගේ කර සලකන පෘතක්ජන මිනිසුන්ට පමණි. ඇත්තටම එවැනි මිනිසුන්ට මුතු යනු ඌරන්ට අසුචි මෙන් වටිනා දෙයකි. ලෝක සිවභාවය තේරුම් නොගත් ඩොක් අයියා සහ අපුර්වී ඔමායා නංගීට ජේසු පිහිටයි.

      Delete
    6. මං ලෝක ස්වභාවය තේරුම් නොගත්ත කෙනෙක් හ්ම්ම් ස්තුතී විශ්ව

      Delete
  29. මමනම් කියන්නෙ සත්තු නිර්මාණශීලියි. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැ පරිණාමවාදයට විතරක්..නිර්මානශීලීත්වය මනින්න අපිට මිම්මක් නෑ...අපි නිර්මානශිලීත්වය මනින්නේ අපේ නිර්මාණ ශක්තියට සාපේක්ෂව..වෙනත් සතෙක්ට වඩුකුරුළු කූඩුවේ නිර්මානශිලීත්වය නොපෙනනෙන්න පුළුවන්..අපේ නිර්මාණ ශක්තිය එක්ක බැලුවහම වඩු කුරුළු කූඩුව විශිෂ්ඨ නිර්මාණයක්..ඒක ගොඩක් සියුම් නිර්මාණයක්.....ඒ වගේම හැම සතෙක්ටම තියෙනව ඔව්න්ට ආවේනික වෙච්ච හැකියාවන් මිනිසාත් ඇතුලුව. උදාහරණක් විදියට අපි මී මැස්සව ගමු. මල් වලින් පැණි අරගෙන ඒවා මීවයක් හදන එක කරන්න පුළුවන් මී මැස්සට..ඒත් එක කරන්න මිනිසාට බැ....අපිට නොපෙනෙන දියුණුවක් ඒ සත්තුන්ගේ නිර්මාණ ශක්තියේ ඇති..ඒක දවසින් දවස දියුණු වෙනවත් ඇති..ඒත් ඒක අපේ ඇගට ඇසට පෙනෙන දියුණුවක් නෙමෙයි.. ඇත්තටම මේ ලෝකෙ රහස් වලින් පිරිච්ච ගුහාවක් වගේ.. අපි මේ ලෝකෙ ගැනැ දන්නේ බොහොම ටිකයි..සත්තු කවද හරි මිනිසා තරමට දියුණුවෙයි.. ඒ එදාට මිනිසා කොහේ ඉදියිද කියල කියන්න බැ..සමහරවිට මිහිපිටින් තුරන් වෙලා ඉන්නත් පුළුවන්..අපේ පරිනාමය තාමත් සිද්ද වෙනව..උදාහරණයක් ගත්තොත් අද මිනිසාගේ ආයුකාලය මෙයිට අවරුදු 100 කට ඉස්සෙල්ල තිබ්බට වැඩිය අඩුයි.ඉස්සරහට තවත් අඩු වෙයි..ශරීර ප්‍රමාණයෙන් පොඩි වෙයි.. එකට බාහිර පරිසරයේ වෙනස් වීම වගේම මිනිසාගේ ක්රියාකරකමුත් හේතු වෙනව...සමහරවිට සත්තුන්ට මිනිසාගේ නිර්මාණ ශක්තිය අබිබවා යන්නත් පුළුවන්...හැබැයි එකට තව අවුරුදු කල්ප ගානක් යයි...තවමත් ෂිශ්ථ සම්ම්පන්න සත්ව කොට්ටාශය මිනිසා විතරයි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔයාගේ දැනුම තර්කනය එක්ක එකතු කරලා හොද අදහසක් මිරා,, නමුත් මගේ මානයට සීයට සීයක් පටහැනි ,, හි හි තර්කයට එන්නේ නැහැ මිරා ස්තුති කොමෙන්ට් කලාට ,,ඔයාගේ අදහස මා එක්ක බෙදා ගත්තට

      Delete
  30. ඔය සතුන් ඔය නිර්මාණ හැම එකක්ම කරන්නේ ජානමය බලපෑමෙන්.බල්ලා නිදාගන්න පෙර වටේ කැරකෙනවා වගේ එකක් තමයි ගේ කුරුල්ලා කූඩුව හදන්නෙත්.මෙතනදි නිර්මාණශීලී කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නය මතුවෙනවා.අපි මේක මෙහෙම තේරුම් කරමු.කටපාඩම් කිරීම හා තර්කනය කියල.කටපාඩම්කිරීමේ බුද්ධියක් නෑ.නිකම් දත්ත මතක තබා ගැනීමක්.හැබැයි මෙසේ දත්ත ලබාගෙන වෙනත් දත්ත කරා යන්න පුළුවන්.ඒක තමයි බුද්ධිය කියන්නෙ.පරිඝනකයේ සී පී යූ එකෙන් කරන දේ වගෙ එකක්.ගේ කුරුල්ලා ගේ හදන්න ඕන මේ විදියයි කියන එක ජානගතවම එනවා.ඒ දත්ත සංස්කරනය කරන්න ඌට ඕනෙ නෑ.මම හිතන්නෙ සතුන්ට අලුත් ද්ත්ත කරා යන්න අවස්ථාවක් නෑ.ඒකයි ගැටළුව.

    ReplyDelete
    Replies
    1. ඒ ගැටළුව තමයි ශාන් මාත් කල්පනා කලේ

      Delete
  31. මෙන්න මේ දරුවා හොය හොයා හිටිය දේ... :)
    http://www.amazon.com/Finding-Darwins-God-Scientists-Evolution/dp/0061233501

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...