Sunday, September 29, 2013

ආදරය නිරුවත් කලෙමි.. 32


     
  හිතුණා  ලියන්න ආදරය  ගැන ,,,,,,,,,ආදරේ
කියන්නේ අම්මෝ මට හිතා ගන්න බැරිතරම් ලොකු මාතෘකාවක්.. ලෝකේ කෝටි ගණන් ගීත ,චිත්‍රපට,නවකථා තියෙනවා ආදරය ගැන මව් ගුණ ගීතයක් ගත්තත් ,,දේශාභිමානී ගීතයක් ගත්තත් ,,සොබාදහම ගැන ලියවෙච්ච ගීතයක් ගත්තත් ඒ හැමදෙයක් පිටුපසම තියෙන්නේ ආදරයක් ,බැදීමක් ,,,,,,,,,,,,,,,මට අද හිතුනේ මේ සියළු ආකාර ප්‍රේමයන් අතරින් අපි ගැහැණුන් සහ පිරිමින් විදියට ලේ බැදීමකින් තොරව ඇතිවෙන ආදරේ ගැන ලව් එක ගැන ලියන්න 



"ඔබට ආදරේ කොහොමද දැනෙන්නේ ?" 

"ආදරේ ගැන ඔබේ අදහස මොකක්ද ?" 


ඔය වගේ ප්‍රශ්න වලට සාමන්‍යයෙන් අපි දෙන පිළිතුරු කීපයක් තියෙනවා 


  • .ආදරේ සුන්දරයි 
  • ආදරේ කියන්නේ දුකක් 
  • ආදරේ මායාවක්
  • ආදරේ කියන්නේ කදුලක් 
  • ආදරේ භාවනාවක් වගේ 
  • මට නම් රැවටීමක් 
  • අනේ මන්ද 
  • පරිත්‍යාගයක් 
මේ මං දැකපු අසපු සාමාන්‍ය පිළිතුරු කීපයක් ,,


අහපු ප්‍රශ්නෙට උත්තර ගැළපුනත්,, ආදරේ කියන ඒ විශාල දෙයට අර්ථකථනයක් ඒ එකකවත් නැහැ,, අද දවල් ඇහුවා ලස්සන ගීතයක් අකුරු සතරකින් මනස පැටලිලා,,,,,,,මර්වින් පෙරේරා මහත්මයා ගායනා කරන .ඒක ලියපු කෙනා එයාගේ හැගීම හරි අපූරුවට ලියලා තියෙනවා 



අකුරු සතරකින් මනස පැටලිලා 

වැලිපිල්ලේ ලිය ලියා 
ගලපන්නට බැරිව ලත  වුණා
ආදරයයි අකුරු සතර ඒ 


ආ' යන්නෙන් මා පැතු ආදරේ  

ද 'යනු ගිනිතියලා දව දවා ගින්දරේ 
ර 'යනු රන් බැවින් සවන් යුග වසා 
ය 'යනු කීවේ යන්න ඔබ හැරා


වි' යනු වියෝගේ මැවුවා සිතේ 

වා 'යනු වාවන්නට පෙළඹුවා නිරතුරු 
හ' යනු හසරැළි නගන්නෙම් කියා 
ය' යනු යලි කීවේ එන්න ඔබ කරා 


                                                                     ඔමාට ආදරේ දැනිච්ච හැටි ලියන්නම්කො ඒක ඔබේ හැගුමට වඩා වෙනස් වෙන්න පුළුවන් වගේම මාන්ජමික වෙන්නත් පුළුවන් ,,,


  චූටි කාලේ ආදරේ කරේ පවුලේ අයට ටීචට ,,,ගෙම්බොන්ට , බල්ලොන්ට පුසොන්ට ,පොත්වලට  ,, ඒකනේ අපි ඉස්සර පොත් පවා ඉම්බෙ ආදරෙන් ,,මං ගොඩක් උත්සහ කළා වයස 9 ,10 කාලේ දැනිච්ච ආදරේ විදිය කොහොමද කියලා මතක් කරන්න ඒක නම් බැරි වැඩක් වුණා මතක් කරගෙන ඒ හැගීමෙ රසය විදින්න....තාත්තා එක්ක මට දැනිච්ච ආදරේ තුළ තිබ්බේ මාව පරිස්සම් කරන ,කන්න බොන්න දෙන මං කරන්න ඕනේ නොකරන්න ඕනේ දේ තීරණය කරන මගේ ප්‍රධානියා වගේ හැගීමක්,,,ඒ හැගීම බැදීම ලොකු මහත් වෙද්දී අපි විවිද ආකාර වලින් දකිනවා ..ආදරේ කරනවා ,,,
                                                                      ඒත් ලොකු වෙලා අර නව යොවුන් කියන කාලෙදි අමුතු වෙවුවා එකක් ඇතිවෙනවා කොහෙවත් නැති උපන්තේකට දැකලා නැති කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් ,,,, ඒ වයසේදී ඇති වෙන ආකර්ෂණය ආදරය නෙමේ කියලා පහු කාලෙක අපි ඉගෙන ගත්ත නිසා ඒ ගැන ලියලා ලිපිය නිකන් මාගලක් කරන්න ඕනේ නැහැ ,,,
                                        ඉගෙනගෙන ඉවරවෙලා ජොබ් එකක් එහෙම කරන කාලෙදි 'සිරා' ලව් කියලා බදින්නම කියලා කරන්න ගන්නවනේ අන්න ඒ වගේ ආදරයක් ඇතුලේ මොනාද තියෙන්නේ ,, හරි පුදුමයි නේද කොහෙවත් හිටපු දෙන්නෙක් දැන් එකිනෙකාගේ අයිතිකාරයෝ වෙලා...ඉස්සර ආදරේට පොත් ඉම්බා වගේ එකිනෙකාව ඉබිනවා කෑවද බීවද හොයලා බලනවා ..එයා ලග දැවටෙන්න ,කටහඩ අහන්න ආශ කරනවා ,, 

                                                   
         
    අවුරුදු විසිගාණක් තිස්සේ කන්න බොන්න දීලා ඉදුම් හිටුම් දීලා හැමදේම කරලා බලාකියාගත්ත අපිව මේ ලෝකෙට ගෙනාපු අම්මා තාත්තට "මං එයාට ආදරෙයි මං කරන්නේ මට ඕනාදේ" , "මගේ ජිවිතේ තීරණ ගන්නේ මම " ,"මං බදින්නේ මට ඕනේ කෙනාව "  "මේ අම්මේ මගේ එවුවට අතදාන්න එපා ඈ "ඔයවගේ දරුණු වචන ලේසියෙන් කියන්න පවා පුළුවන් කරවන මහා පුදුමාකාර දෙයක්  මේ ආදරේ මාත් ඔය වචන වලින් එකක් හරි කියලා ඇති අපේ අම්මට .. 
                                                අනේ ඇත්තට මොකක්ද මේ බලගතු ආදරේ ඒ ගැන නිර්වචනයක් දෙන්න කවුද මේ ඔමා,, මට දැනෙන්නේ මේ අරුම ආදරේ කියන්නේ  බඩගින්න ,වතුර තිබහ , වගේ මේ ඇගට දැනෙන දෙයක් වතුර තිබහ හැදුන වෙලාවට වතුර බිපුවාම මගේ ඇගට හෙන ෆිට් එකක් දැනෙනවා ඒ අවශ්‍යතාව සම්පුර්ණ වුනාට පස්සේ මන් තෘප්තිමත් ,, බඩගින්නටත් එහෙමයි බඩගිනි දැනුනම කන්න ඕනේ,,කෑවට පස්සේ ඒ අවශ්‍යතාවෙන් මන් තෘප්තිමත් ,,ඒ වගේ ගතට දැනෙන හැගීම් අවශ්‍යතා වගේම ආදරෙත් ආත්මයට දැනෙන අවශ්‍යතාවක් කියලා මට හිතෙනවා.. 

 ඒ වගේම ඒක හදවතට දැනෙනවා ,හදවතින් ආදරේ කරනවා කියලත් කට්ටිය කියනවනේ ,,මට නම් මගේ මේ හිත දැනෙන්නේ මගේ ශරීරෙ පුරාම ,,,කොහොම නමුත් මට දැනෙන දේනම් "ආදරය කියන්නේ අළුත් පරම්පරාවක් ඇති කිරීමට නව ජනිතයෝ බිහි කරන පිණිස අහඹු ලෙස ගැහැණියක් හා පිරිමියෙක් ලවා ලිංගික ප්‍රජනන ක්‍රියාව කරවන පිණිස අඩිතාලම දමාගැනීමේ මුලික ක්‍රියාවට කියන නම යි "   ඕක ආස හිතෙන දෙයක් නොවුනොත් ,,O/L , A/L වගේ කළයුතු ඒත් අප්පිරියාවෙන් කරන දෙයක් වගේ වුණොත් අපි නොකරන නිසා වෙන්න ඇති ආදරේ කරද්දී අමුතු මෙවුවා එකක් ,,කිති කැවෙන හැගීමක් ආසාවක් දැනෙන්නේ  ඒක මේ සොබාදහම අපිව රවට්ටලා එයාගේ වැඩේ කරගන්න දෙන ටොපියක් වෙන්න ඇති ,,, 
                                                                                                                 
                      ශිෂ්ඨාචාර වුණාට පස්සේ කසාදේ කියන ලයිසන් එක ගත්තාම ආදරේ කියන මුලික පදනම මත ඉතුරු අවශ්‍ය වැඩ ටික සිද්ධ වෙනවා ..අළුත් පරම්පරාව බිහි වෙනවා ,, ඒත් අනේ අර අම්මා තාත්තා උයලා දෙන එක කාලා පොඩි රස්සාවක් කරගෙන කුරුල්ලා වගේ නිදහසේ ඉන්න තිබ්බ පිරිමි වෙනම ගෙයක් අරන් ,බිරිදට දරුවන්ට කන්න බොන්න අදින්න දීගෙන ඇයි මේ වෙහෙසෙන්නේ ,, ඒත් ඒක බරක් විදියට කවදාවත් නොහිතෙන්නේ ..? දරුවන්ට බිරිදට ආදරේ කරන්නේ ,, මන් හිතන්නේ ඒකත් අර ලව් කරන කාලේ දුන්න ටොෆියට වඩා රසවත් ,සුන්දර රැවටීමක් සොබාදහම ,,මනුෂ්‍යයාට දෙන නිසා කියලා ,, ඒ තුලින් ශරීරයත් ,ආත්මයත් තෘප්තිමත් කරන නිසා කියලා SEX කියන වචනය  එහෙම බලද්දී ආදරය වගේම සරලව කියන්න පුළුවන් වචනයක් මොකද හැම මනුෂ්‍යයටම පොදු නිසා ..(ලියන්න සිතුවේ ආදරය ගැන පමණයි එහෙත් හිතට ගලාගෙන ආපු ටික එහෙම්ම ලියලා දැම්මා )


                                      ඒ මට හිතිච්ච දේ ඒක මේ ලෝකේ ඕනේ කෙනෙක්ට ප්‍රතික්ෂේප කරන්න ,විවේචනය කරන්න ,හෙලාදකින්න පුළුවන් ඔන් ඈ 



කොහොම නමුත් ආදරෙත් හරියට අර අන්ධ මිනිස්සු හත් දෙනෙක් අලියෙක්ව එයාලා අල්ලපු කොටසෙන් දැනිච්ච විදියට නිගමනය කළා වගේ තමයි  අලියාගේ බඩ අල්ලපු කෙනයි නැට්ට අල්ලපු කෙනයි අතර මැවිච්ච රූප දෙක කොච්චර වෙනස්ද,,,නේ  (අන්ධ මිනිසුන් අන්ධ වගේම ගොළු පුද්ගලයන් ලෙස සලකනවා මං නැත්නම් බඩ අල්ලපු කෙනා කියනවනේ  "අම්මෝ ලොකු " කියලා ,,එතකොට වලිගෙ අල්ලපු කෙනා කියනවනේ "මොන පිස්සුද මේ චූටි සතෙක්නෙ කියලා "ඊට පස්සේ අතපත ගාලා අලියා ගැන නිගමනයකට එයි නේ ඒකයි ගොළුයි කීවෙත්  හි හි ) 

                                                                                ඉතින් ඒ වගේ අපිත් අපේ පවුද්ගලික අත්දැකීම මත ආදරය කියන්නේ මේකයි කියලා නිගමනේකට එනවානම් වැරදී... තමන්ගේ ජීවිතේට ආදරේ කරන්න ,, එක පාරක් දෙපාරක් ආදරෙන් පැරදුනාම කඩාවැටෙන්න එපා අපිට හරියටම  සෙට් වෙන ආදරයේ මිහිරියාව දනවන කෙනා වෙනුවෙන් ඉන්න වෙහෙසිලා හරි එයාව හොයාගන්න ..බඩගිනි හැදුනම පාන් කෑල්ලක් වතුරෙන් පොගෝලා ගිල්ලත් බඩ පිරෙනවා ,,ඒත් හිත පිරෙන්නේ නැහැ සතුටක් නැහැ  
                                  ඒ නිසා ආදරේ කියන ඒ මහා තෝරාගැනීම කරද්දී හොදටම හිතන්න මොකද සල්ලි වලින් කෝටිපතියෙක් වුණත් තමන්ගේ ව්‍යාපාර යාන වාහන ඔක්කොම එළියේ දාලා ඇවිත් නිදාගන්නේ ගෙදර,,ඇද උඩ නිදාගන්න කලින් කොට්ටේ ඔළුව තියන් උඩුබැලි අතට අරමුණකින් තොරව වහලය හෝ සිවිලිම දිහා බලලා හොද දිග හුස්මක් අරගෙන සැනසිල්ලේ නිදාගත්ත හැකි සැනසිලිදායක ආදරයක් විදින කෙනෙක්ට _____________________෴  


102 comments:

  1. මං ඔයාට ආදරෙයි ........!
    .
    .
    .
    .
    කියලා මම කිව්වොත් ඔයාට මොනවා හිතෙයිද ...? මොනවා කියයි ද ?

    මාත් ඔයාට ආදරෙයි කියයිද?
    පිස්සෙක්.......කියයිද?
    හිතලා බලන්න ඕන කියයිද ...?

    ආදරේ කියන එකට නිර්වචන දෙන්න බෑ....
    මොන තරාතිරමක ආදරයක් වුනත්, ඒ කියන්නේ අද බොහෝ දෙනා වටහාගෙන ඉන්න ආකර්ෂණයට කියන තවත් නමක් නෙවෙයි.
    මම දකින විදිහට ආදරය තමයි මිනිසා තුල තියෙන වඩාත් සුන්දරම, ආකර්ශනීයම, සංවේදීම ....... මානුෂීය හැගීම ...... කවදා කොතැන කොහොම හටගන්නවාද කියන එකනම් කියන්න දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා එක්ක එකගයි ඉවාන් ,,ඒකයි ආදරය දුකකට ,වේදනාවකට හෝ තමන් ලබපු අත්දැකීමට සමාන කරන්න එපා කියලා ලිව්වේ ,,

      Delete
  2. ගොඩක් හොදට හිතලා ලියලා තියෙනවා
    ( ශිෂ්ඨාචාර වුණාට පස්සේ කසාදේ කියන ලයිසන් එක ගත්තාම ආදරේ කියන මුලික පදනම මත ඉතුරු අවශ්‍ය වැඩ ටික සිද්ධ වෙනවා ..අළුත් පරම්පරාව බිහි වෙනවා)

    ReplyDelete
    Replies
    1. ස්තුති ජනක ,,ලෝකේ තියන උතුම්ම දේ ගැන පුළුවන් විදියට දෙයක් ලියන්න හිතුවා

      Delete
  3. ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය කියන්නේ එකම කුලකයක හැගීම්. මේවා මින්සෙකු තුල නැත්නම් ඔහු යකෙක් හා සමානයි.

    ReplyDelete
    Replies
    1. ආදරය නිසා කොච්චර දරුණු හදවත් මුදු මොලොක් වෙලා තියෙනවද නේ ,,

      Delete
    2. ඔබ කියන දේ වගේම වගේම එහි විලොමයද සත්‍යයක්.
      ආදරය නොලැබීම නිසා මුදු මොලොක් හදවත් වුවත් කුරිරු වේ.

      Delete
    3. ඔව් ,සමහරුන්ට ඇත්තටම පිස්සු හැදෙනවා ,, මනස අවුල්ම වෙලා ,, එහෙම බලද්දී ආදරේ කියන්නේ හරි පුදුමාකරා ඒ වගේම අපේ ජිවිතේ කියන වැලට ඉහලට ගමන් කරන්න ශක්තිය දෙන ශක්තිමත් ගහක් වගේ ,,උපන්දා සිට මැරෙනකල්

      Delete
  4. ආදරය , විවාහය , ලිංගික සතුට කියන්නේ 3 ක් නේද ...? ඔය කාරණා 3 ම එකම
    වහලක් යටින් වෙන තැනක තමයි " ------------- " තියෙන්නේ.. හිස් තැනට එන්න
    ඕනේ දේ මම දන්නේ නැහැ ඔමායා..

    මම ආදරෙත් කළා මගේ ජීවිතේටත් වඩා.. ඇත්තටම මම මගේ ජීවිතේ නැති වෙන බව දැන
    දැනම ආදරේ වෙනුවෙන් වැඩ කරපු තැන් තියෙන නිසයි එහෙම කියන්නේ..

    විවාහය කියන දේ ගැනත් කියන්න තියෙන්නේ ඒක හරි අවබෝදෙකින් කරන්න ඕනේ
    දෙයක්.. සමහර අයට ඉබේම ගැළපීම තියෙනවා.. සමහර අය ආයාසයෙන් ඇති කරගන්න
    ඕනේ.. ( මහා දිග කතාවක් කරන්න වෙනවා මේක ගැන කතා කරන්න ගියොත් )

    ලිංගිකත්වය කියන දේත් හරි අමුතු දෙයක්..වයස 25 න් වගේ පස්සේදී ලිංගිකව
    සක්‍රීය වීම වැඩියි.සමහර අයට උපතින්ම එක් සහකරුවෙක්ගෙන් සෑහීමකට පත්
    වෙන්න පුළුවන්.. සමහර අයට බැහැ.. ( එවැනි කෙනෙක්ගේ විවාහ ජීවිතය දෙදරන්න පුළුවන් )


    ලිංගික ආසාව කියන දේ තීරණය වෙන්නේ බොහෝ විට හෝර්මෝන ක්‍රියාකාරීත්වයෙන් කියන දේ මම දැකලා තියෙනවා ඔමායා..පිරිමියෙක් සුරතාන්තයට ලඟා උනාට පස්සේ ඔහුට විනාඩි 20 ක් වත් යනකම් නැවත කාමුක සිතුවිල්ලක් ඇති කරගන්න බැහැ.. සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වෙන්න විනාඩි 40 ක් විතර යනවා... ( මේක පිරිමි සියලු දෙනාට 100% පොදු නැහැ හරිද )

    ________________________________________________


    මගේ ආදර වන්තියගෙන් / විවාහ සහකාරියගෙන් මම බලාපොරොත්තු වෙන දේවල් මේවයි ..

    01. දුකේදී ළඟ ඉන්නම ඕනේ. ( එහෙම බැරි නම් දැන්ම යන්න පුළුවන් )
    02. සුහදශීලී වෙන්න ඕනේ.
    03. සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
    04. මගේ පුද්ගලික ජීවිතය ගත වෙන ක්‍රමය දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.
    05. එයා වගේම ලස්සන මන් වගේම හුරතල් දුවලා දෙන්නෙක් වත් දෙන්න ඕනේ .:P

    මා විසින් ඇයට ලබා දෙන දේවල්

    01.ඇයට උවමනා කරන ආරක්ෂාව , සෙනෙහස , ලෙන්ගතු කම
    02. ඇයගේ සියලු අවශ්‍යතාවයන් සඳහා වෙහෙසෙනවා
    03. මට දාව ඇය ලබන දරුවන්ට රැකවරණය.
    04. මැරෙනකම් එයාව දාලා යන්නේ නැහැ .
    05. අපේ පැටව් ටිකත් එක්ක හැමදාටම එයා ලඟින් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. "සුවැති පවුල " වගේ මාතෘකාවක් තමා ඔයවගේ හිස් තැනකට දාන්න වෙන්නේ නේද ..ඒ වගේම ආදරේ විවාහය ,ලිංගිකත්වය ගැන ඔයාගේ අදහස් එක්ක මාත් එකගයි ,, ඒ වගේම ඔයාගේ අදරේ අහිමි වීම සහ එයින් දැනුන වේදනාව ගැන මටත් දුකයි ,,ඕවා ඔහොම තමයි මොනා කරන්නද ඒත් ජිවිතේ තාමත් එහෙම්ම ඉතුරුයි


      ඔයාගේ බලාපොරොත්තු දෙක නම් හරිම සුන්දරයි ශාන් ,, ඔයාගේ ආදරේ ලබන කෙල්ල ,,ඔයාගේ දරුවෝ ගොඩක් වාසනාවත වේවි ,,, පොදුවේ මිනිසුන් විදියට හැමෝම බලාපොරොත්තු වෙන දේවල් හීන ආසාවල් ඇති එකිනෙකාට ආවේණික වෙච්ච ,, ඔයා කියුවා වගේ නැතුව බලාපොරොත්තු වෙන දේවල් විතරක් ඔලුවේ හදවතේ තියාගෙන ඉන්න ය වැඩි ,,තමන් අනෙකාට දෙන දේවල් හිතේ ඔලුවේ තියන් ඉන්න අය අඩුයි ශාන් ,, ස්තුති ඔයාට

      Delete
    2. සහන් ළමයෝ මේ ලිස්ට් එකේ ගැහැනියකට ඕනම දේ නැහැ නේ.
      01.ඇයට උවමනා කරන ආරක්ෂාව , සෙනෙහස , ලෙන්ගතු කම
      02. ඇයගේ සියලු අවශ්‍යතාවයන් සඳහා වෙහෙසෙනවා
      03. මට දාව ඇය ලබන දරුවන්ට රැකවරණය.
      04. මැරෙනකම් එයාව දාලා යන්නේ නැහැ .
      05. අපේ පැටව් ටිකත් එක්ක හැමදාටම එයා ලඟින් ඉන්නවා
      ලිංගික තෘප්තිය නැතිව මොනවා දුන්නත් වැඩක් නැහැ.

      Delete

    3. ඒක ඉතින් විශේෂෙන් ඇතුළත් කලේ නැහැ. මා විසින් ඇයට ලබා දෙන දේවල් අතර එයද ඇතුළත්. බොහොමයක් වෙලාවට මම කැමති ඇය සතුටු වෙනවා බලන්නයි.. මගේ සතුට පැත්තකින් තියපු අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා ඇයගේ සතුට වෙනුවෙන්..

      Delete
  5. නිර්වචනයක් දෙන්න අමාරු යි කියලා තමයි ඔමායා මටත් කියන්න තියෙන්නේ. මොකද ඒක එක එක්කෙනාට සාපේක්ෂ යි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිලිනි ,, මන් ලියන්න උත්සහ කලේ මට දැනිච්ච දේ ,, එකිනෙකාට එකම හැගීම දැනෙන ආකාර වෙනස්නේ ,, නිර්වචනයක් නම් දෙන්න බැරිවෙයි මිහිපිට කාටවත්

      Delete
  6. කියල වැඩක් නැහැ ආදරය ගැන සුපිරි ලියවිල්ල.
    ගොඩක් දෙනෙක් නොහිතන පැති ගැන ලියන මේ කෙල්ලට මම හරිම "ආදරෙයි".

    ReplyDelete
    Replies
    1. මාත් ඔයාට ගොඩක් ආදරෙයි ,,,හි හි ඒක හරිම සතුටක් මට කෙන්ජයියේ (හි හි අපේ ලාලුවෝ ටික ඔයාට වියපත් බඹරා කියයිද දන්නේ නැහැ ඉදගෙන ඈ ) ඊයක් විද්දා කෝ රිප්ල්යි

      Delete
    2. මේකනම් ටිකක් අප්ෂට් වගේ ......... (නෑ මන් හිතන්නේ මට ඉරිසියයි වගේ )

      Delete
    3. කොහොමත් ඉරිසියා කාරයො වයසට ගියත් කොල්ලො වගේ ඉන්න අයට "වියපත්" කෑල්ල දානවමයි.
      ඇසුරු කරන ළමයි තමා දන්නෙ,සම හරක් කියන "වියපත්"අයගෙ සුන්දරත්වය.
      ඊයක් විදිද්දි ළමයෝ..බෝ කොල දෙකක නැටියි,වල්ගෙයි කඩා දාල රතුපාට කොරල,ඒ දෙක පසාරු වෙන්න ඊයක් විද්දොත් තමා මට ලැබෙන්නෙ...:) :)...

      Delete
    4. කෙන්ජිට ජය වේවා....

      Delete
    5. අනිත් පාර එවන්නම් අර අතට අරන් අර බියර් ටින් එකේ වගේ නැට්ට ගලෝලා විසිකරන අර මේම මේම පුපුරණ මෙව්වා එකක්

      @naleen :-)

      Delete
  7. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි...
    පාරිශුද්ධයි... සුරම්‍යයි...
    කියලා කියනවනේ.
    ඇත්තටම ඔමායා ඔයා ලස්සනට ආදරය ගැන ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති chathuranga ,, ඔයත් කාට හරි ලස්සනට ආදරේ කරන්න

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඇත්තටම ආදරය කියන්නේ පුදුමාකාර දෙයක්, පුංචි කාලේ එක විදිහක්, තරුණ කාලේ තව විදිහක්, වැඩිවියට පත්වුනහම තවත් විදිහක්, වයසට යනකොට වෙන විදිහක්. ඇත්ත ඔමයා ඔයා කියනදේවල්, නමුත් මෙතන තියෙන්නේ වැඩිහරියක් අපිට දැනෙන අපි බලාපොරොත්තු වෙන ආදරේ. එතකොට අපි අනිත් අයට දෙන ආදරේ මොනවගේද?

    විශ්ෂයෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට දක්වන ගරුත්වය විතරද?
    ඒ අයට ආදරය කිරීමක් රැකබලාගැනීමක් නැද්ද?

    එක කොයිවගේ වෙයිද?

    බොහොම හොදයි ලියලා තියනවා මේවා ගැනත් හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමෙන්ට් එක ඇතුලේ මට ලියන්න දේවල් ගොඩක් තියේ ,,

      //විශ්ෂයෙන් දෙමවුපියන්ට වැඩිහිටියන්ට දක්වන ගරුත්වය විතරද?
      ඒ අයට ආදරය කිරීමක් රැකබලාගැනීමක් නැද්ද?

      එක කොයිවගේ වෙයිද?//

      මේ දේකට මෙහෙම උත්තර ලියලා මදිවෙයි ,, මන් දවසක ලියන්නම් ඒ ගැන දෙමවුපියන්ට ඔවුන්ගේ මහලු කාලයේ ආදරය දෙන හැටි ගැන ලියන්න හිටියේ අදහස දුන්නට ස්තුති ,,

      Delete
  10. ඔන්න ආදරය ගැන මට හිතෙන විදිය ඈ
    ආදරය = ආකර්ෂණය
    ආකර්ෂණය හේතු කීපයක් නිසා ඇති වෙන්න පුළුවන්
    1. රුප සොභාව නිසා
    2. සාමාන්‍යයෙන් කරන කතා බහ නිසා
    3. සාමන්‍යයෙන කරන වැඩ වලට (ඔය උඩ පනිනවා දගලනවා වගේ වැඩ)
    4. සමාජ තත්වය නිසා (දෙමව්පියෝ ලොකු සල්ලිකාරයෝ, හොද ජොබක් කරනවා වගේ ඒවා )
    5. අර ඇදෙදී කරන මල කෝලන් නිසා (විග්‍රහ නොකරමි)

    ඔන්න ඔය වගේ ප්‍රදාන කරුණක් හෝ කරුණු කීපයක් මුල් කරගෙන මුලින්ම ඇති වන්නා වූ ආකර්ෂණය පසුව වැඩි දියුණු වීමෙන් ආදරය බවට පත් වේ...... කොමද මේක කැඩෙන්න බිදෙන්න නොදී පවත්වාගෙන යන්නේ ???
    හරියටම විරුද්ද පාර්ශවයෙන් දැනගන්න ඕන මොන හෙතුවටද ආකර්ෂණය උනේ කියලා ...... ඊට පස්සේ ඒ හෙතුව හා ආකර්ෂණය නොවූ අනෙකුත් හේතුන් ක්‍රමානුකුලව වර්දනය කර ගත්තොත් .... ඔබගේ ආදරය සෑමදා සුරැකේ...... මොකද හොදට සිහි තබාගත යුතුයි ආකර්ෂණය සැමදා එකම තැන එකම විදියට රැදෙන්නේ නැති බව.... උදාහරණයක් විදියට රුපයටනම් ආකර්ෂණය වී ඉන්නේ රුපය සමද එකම විදියට තබාගත නොහැකි නිසා අර වෙනත් කරුණක් වර්දනය කරගත යුතුයි ආකර්ෂණය(= ආදරය) නොකඩවා රැකගැනීම සදහා

    ReplyDelete
    Replies
    1. //අර ඇදෙදී කරන මල කෝලන් නිසා// මැලේ රාළේ ජීවයට අත්‍යවශ්‍ය දේ මළ කෝලන් වුනේ කොහොමද?

      Delete
    2. හි හි මැලේ රාලේ ඔයාගේ අදහසත් ගොඩක් වටිනවා මිනිස්සු කෙලින් නොකීවට ඇත්ත තමයි ඕක,, ආදරය කියන එක දිගටම පවත්වාගෙන යන්න නම් ඉතින් ගේමක් තමයි තියෙන්නේ දවස ගානේ ,,
      මට ඇහිලා තියෙනවා අනන්ත පිරිමි ය සමහර වයිෆ්ලා අර රෑට අදින බාන්චුවම දවසෙම ඇදගෙන කිලුටුවට ඉද්දි ඒ ගෑනු කෙනාගෙන් ඈත් වෙන කතා ,, ඇත්තනේ ,, ඒ නිසා උපක්‍රමශීලිව කඩුල්ල රැකගෙන ඉනිම සෙල්ලම් කරන්න ඕනේ

      විශ්ව අහපු ප්‍රශ්නේ හරි ,, දෙන්නකෝ රාලේ උත්තර බලන්ට

      Delete
    3. මම මල කෝලන් කියලා මෙතන අදහස් කරේ වර්ගයා බෝ කිරීම සදහා කෙරෙන සම්ප්‍රදායික සාමාන්‍යය ක්‍රියාවලිය නොව ඉන් ඔබ්බට ගිය බහු විද , බහුකාර්යය වඩාත් සංකිර්ණ වූ එම ක්‍රියාව (අර කෙන්ජයිය බැලැක් මනි එකේ ලියනවා වගේ ) නිසා ඇතිවන ආකර්ෂණය ගැනයි .......
      ඔන්න මේකත් තේරුනේ නෑ කියලනම් කියන්න එපා ...... ඊළගට ලියන්නේ සුද්ද සිංහලෙන් ඈ .....

      Delete
    4. හි හි බස්සිත් ලියලා තිබ්බා අර බාල්ක වල එල්ලලා දසවද දෙන ක්‍රියාදාම ඇතුලත් ඔය වගේ මෙවුවට කියන නමක් ,, හාර්ඩ් *** කියලා ,,

      මට නම් තේරුණා රාලේ මේ සිංහල ඇති අම්මියෝ

      Delete
    5. ඒ කියන්නේ අපේ මැලේ රාළට හොඳ missionary position එක විතරයි වගේ wikipedia බලලා වත් හැදෙන්න.

      Delete
    6. අපොයි විශ්ව දැන් ඉතින් අහගන්න වෙයි ,,මන් නම් දැක්කෙත් නැහැ ,මට ඇහුනෙත් නැහැ හොදේ :-)

      Delete
    7. බුදු අප්පොච්චියේ....... බෝපැලයක් වගේ ඉන්න මම තුන් හිතකින් වත් හිතපු නැති ඒවා මුන්දැ ලා මෙතන ලියලානේ ...... "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු ඉදගෙන ඈ......

      Delete
    8. මොකෑ බොලන් තිබිච්ච රුපෙට උනේ ????

      Delete
    9. ආරක්ෂක හේතුන් මත අයියේ

      Delete
    10. මොකටද බයවෙන්නේ. තිබුන රූපේ නම් කාගේ උනත් සිරියාවන්තයි. දැන් එක නම් වැඩක් නැහැ.

      Delete
    11. missionary position කියන්නේ කුමක්ද

      Delete
    12. මිෂනරි පොසිෂන් එකට කලින් ඩිෆෝල්ට් පොසිෂන් එක ගැන කියලා ඉන්නම්කො..

      ඩිෆෝල්ට් : කාන්තාව උඩු අතට දෑත් , දෙපා යම් තරමක් විහිදා සිටි.. දෙදෙනාගේම උදරය , පපුව , කළවා එකිනෙක ස්පර්ශ වන සේ ඇයගේ ශරීරය මතට පුරුෂයා ඉවසිල්ලෙන් ගොඩ වේ. ( මේක තමයි OS එකත් එක්ක එන ඩිෆෝල්ට් එන්නේ )


      මිෂනරි : කාන්තාව තම දෙපා දෙපසට විහිදුවා ලමින් , දනිස්සෙන් පහළ බත් කෙන්ඩ අංශක 110 ක් පමණ නවා ගනිමින් කකුල් සකසා ගනී.. පුරුෂයා විසින් ඇයගේ කළවා වලද සහය ලබා ගනිමින් ලිංගිකව එක් වීම සිදු කරයි.මෙහි ඇති ප්‍රධාන වාසියක් වන්නේ උපරිම ලෙස අවයව තෘප්තිය සඳහා භාවිතා කළ හැකි වීමයි.. ( මේක ඇඩිෂනලී ඉන්ස්ටෝල් කරගන්න ඕනේ add-on එකක් සමහර සිස්ටම් වල වැඩ කරන්නේ නැහැ..)

      මන් හිතන්නේ පැහැදිළි ඇති..

      Delete
    13. @විශ්ව ,,කාගේ වුනත් කීවේ ඇයි ?? ඒක මගේ මන් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක්

      Delete
    14. //@විශ්ව ,,කාගේ වුනත් කීවේ ඇයි ?? ඒක මගේ මන් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් //
      ඇත්තටම ඔබ ගේ නම අපුර්වී ඔමායා ද. ඒ රුපය ඔබගේමද නැද්ද. ඔබ ව්‍යාජ නමකින් සිටින ව්‍යාජ පුද්ගලයෙක්ද මම නොදනිමි. (මට ඒවා දැනගන්න විශේෂ උවමනාවක්ද නැත.) ඉතින් මම නොදන්නා දේවල් ඇත්ත ලෙස පිළිගන්නේ නැත එසේ වන නිසා එලෙස ලියුවෙමි.

      Delete
    15. ඔබ ව්‍යාජ නමකින් සිටින ව්‍යාජ පුද්ගලයෙක්ද මම නොදනිමි//// මන් ලියන්නේ මට තියෙන මේ මහා පාළුව නැති කරගන්න ව්‍යාජ නම් වලින් එන්න උවමනාවක් නැහැ

      Delete
  11. Replies
    1. මැලේ රාළ ට දුන් පිළිතුරක් දමන තැන වැරදුනු නිසා ඉවත් කලෙමි.

      Delete
    2. මන් හිතුවා අයියේ ,, ස්තුති ඔයාගේ මහත්මා ගති ගුණයට "ඔයා හිතන්න ඇති දැන් ඔමායා හිතනවනේ මොනාද මෙයා ඩිලීට් කලේ කියලා " ඔව් අයියේ මන් කලින් ලිපියේ අපේ දේවලුත් නිසා ගොඩක් හිතාවි මෝඩ කෙල්ල වගේ ,, අවන්කවම කිවේ ස්තුති ඈ :-)

      Delete
  12. කියල තියන සේරම එක්ක එකගයි.ඒ වගේම වගකීම කියන එකත් ඔය පසු කාලීනව කරන ආදරය එක්ක එන දෙයක් නෙද? මොකද සිරා කරන කියන්නේ ලොකු වගකීමක් නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඔයා හරි ඒක ජිවිතේ ලොකු වගකීමක්

      Delete
  13. මුකුත් ගන්න බලගෙන නැතුව දෙන්න පුලුවන් නම් එතන ආදරෙ තියෙනව

    ReplyDelete
    Replies
    1. අහලා තියෙන විදියට එවැනි ආදරයක් කරපු එකම කෙනා යේසුස් වහන්සේලු ,, ඒකට කතෝලිකයන් ,කිතුණුවන් කියන්නේ "අගාපේ ප්‍රේමය "කියලා ,,ප්‍රති ප්‍රේමයක් බලාපොරොත්තු නොවී කොන්දේසි විරහිතව ආදරය කිරීම

      Delete
    2. //අහලා තියෙන විදියට එවැනි ආදරයක් කරපු එකම කෙනා යේසුස් වහන්සේලු// එහෙම කියන්න එපා බොහෝ ආගමික නායකයන් සහ බොහෝ ශේෂ්ඨ මිනිසුන් සියලු මනුස්සයන්ට ආදරය කළා භාවිතා කල වචන වෙනස් වුවත්.
      බුදුන් වහන්සේ මේසඳහා භාවිතා කලේ මෛත්‍රිය කියන සංකල්පය ඇත්තටම යේසුස් වහන්සේ ගාව තිබුණු ආදරය සඳහා ගැලපෙන සිංහල වචනයත් මෛත්‍රිය තමයි මට හිතෙන විදියට.
      මහත්මා ගාන්දි, නිඝන්ථනාථ පුත්‍ර වගේ අය ඔය සඳහා භාවිතා කලේ අවිහිංසා සංකල්පය.
      ඔය ඔක්කොම සරලව කියුවොත් ගන්න බලගෙන නැතුව දෙන්න පුලුවන් ආදරය තමයි.

      Delete
    3. විශ්ව ආගමක් ගාවනවා කියන්න එපා ,, කිතුනුවන්ගේ විශ්වාසය සහ ශුද්ධ බයිබලයේ ආකාරයට යේසුස් වහන්සේගේ ප්‍රේමය අපිට කිසිම දේකට සම කරන්න බැහැ ,, මොකද උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා දෙවියන්වහන්සේ තමන්ගේ ඒක ජාතක පුත්‍රයා දෙන තරමට ලෝකයාට ප්‍රේම කළා ,, ඒ වගේම කිසිම පාපයක් නොකර කුරුසියේදී මනුෂ්‍යයා වෙනුවෙන් තමාගේ ජිවිතේ පුජා කළා ,,එවැනි වේදනා කාරී මරණයක් ලබලා මනුෂ්‍යයාගේ පාප වෙනුවෙන් පුජාවක් වුනා ,, අහන්න එපා එයා දෙවියන්ගේ පුත්‍රයානම් කුරුසියෙන් ගැලවෙන්න තිබ්බා නේද කියලා ,, ඒක එදා උන්වහන්සේව මරන්න ගිය අයත් ..ඒ වගේම උන්වහන්සේ එක්ක එකට ඇනගහපු කෙනෙකුත් ඇහුවා ඒක ලොකු පවක් ,,,මොකද අවුරුද දහස් ගානකට කලින් යෙසායා කියන දිවැසි වරයාගේ පොතේ ඒ දේවල් එසේ විය යුතු බන ප්‍රකාශ කරලා තිබුනා ,, ඔබ මේ දේවල් විහිළුවකට ගෙන සුළුවට හිතන්න එපා , මන් බවුද්ධයෙක් බයිබලය කියවා තිබෙන නිසයි දන්නා දේ කිවුවේ ,,

      Delete
    4. //මන් බවුද්ධයෙක් බයිබලය කියවා තිබෙන නිසයි දන්නා දේ කිවුවේ ,,// බවුද්ධයෙක්????

      Delete
    5. ඔමායගේ ආගම මොකක්ද කියලා මට කියන්න ...?

      Delete
    6. මට එක නිවැරදිව ටයිප් කරන්න බැහැ මේකේ ,, කියවන කෙනාට තේරුම් ගන්න පුලුවන් නිසාත් ,,සාමාන්‍ය කොමෙන්ට් එකක් නිසාත් එහෙම දැම්මේ ,,නිවැරදි ක්‍රමේ දන්නවා නම් කියාදෙන්න

      @ශාන් @ ආගමකට හෝ නිකායකට මුලධර්මයකට මන් අයිති නැහැ මගේ හදවතට එකගව මන් ජිවත් වෙන්නේ දෙවියන් විශ්වාස කරනවා

      Delete
    7. //මට එක නිවැරදිව ටයිප් කරන්න බැහැ මේකේ// නිවැරදිව කරන ක්‍රමය ඔබ type කිරීමට භාවිතා කරන tool එක අනුව වෙනස් වේ.

      මම ඉහත මෙසේ "බවුද්ධයෙක්???? " ලියුවේ වචනය වැරදි බව පෙන්වන්න නොවේ. බවුද්ධයෙක් කියා කියුවත් ඔබට බුද්ධ ධර්මය ගැන මුලික අවබෝධයක් වත් නැති බව මම දන්නවා. ඔබ බෞද්ධයෙක් විය නොහැකි නිසා තමයි මම එහෙම කලේ.

      //ආගමකට හෝ නිකායකට මුලධර්මයකට මන් අයිති නැහැ මගේ හදවතට එකගව මන් ජිවත් වෙන්නේ දෙවියන් විශ්වාස කරනවා // ඔබට ඔබේ දර්ශනය පැහැදිලි නැත්නම් මේවා අනුව නිර්ණය කරන්න.
      ඔබ එක දෙවිකෙනෙක් පමණක් විශ්වාස කරනවානම් ඔබ ක්‍රිස්තියානි, කතෝලික හෝ ඉස්ලාම්.
      ඔබ දෙවියන් ගොඩක් විස්වාස කරනවා සහ ඔවුන් යදිනවා නම් ඔබ හින්දු හෝ නමට බෞද්ධයෙක්.
      ඔබ දෙවියන් කියා පිරිසක් සිටින බව විස්වාස කරනවා නමුත් ඔබ යදින්නේ නැහැ එමෙන්ම ඔබ ඔවුන් සර්ව බලධාරී ලෙස පිළිගන්නේ නැත් නම් ඔබ නියම බෞද්ධයෙක්.

      ඔබ එක තැනක කියනවා ඔබ බෞද්ධයෙක් කියා තවතැනක කියනවා ආගමකට හෝ නිකායකට මුලධර්මයකට මන් අයිති නැහැ කියලා ඔබ හැමතැනම කියන්නේ පරස්පර කථා ඔබ ඇයි ආගම සඟවන්නේ. ඔබ මේ කරන වැඩ පිටුපස ඇති සැඟවුන අරමුණ මට තේරෙනවා. මට පෙන විදියට ස්ථිරවම ඔබ ක්‍රිස්තියානි. මා ඉදිරිපිට ඔබ නිරුවත්.

      Delete
    8. ඔයා නෙමේ ඕන මෝඩයෙක්ට පේනවා පෙර පොස්ටුව සහ මේ පොස්ටුවේ කොමෙන්ට් එක්ක බැලුවොත් මන් හිතුවේ ඔබ බුද්ධිමත් කියලා ඒකයි ඉතාම සරලව පැහැදිලි නොකළේ අනික කාට බයේද ආගමක් සගවන්නේ මං කිවුවේ ඇත්ත මට බුද්ධ ධර්මය ගැන මුලික අවබෝදයක් ඇති නැති එක ඔයාට ප්‍රස්නයක් වෙන්නේ මන් බුද්ධ ධර්මය ගැන ඔයාට උගන්නන්න ආවා නම් ,, මං අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ ඉස්සෙල්ලා ,, ඔය වගේ දේවල් වෙනුවෙන් තර්ක කරන්න මට වුවමනා නැහැ ,,මගේ ආත්මය සහ මන් ගොඩක් සතුටින් මගේ අම්මා හැර හැමදේම මං ලග තියෙනවා ,, මගේ පැවැත්ම සහ මගේ වචන ගැන ප්‍රශ්න කරලා ඔයාට යමක් ලැබෙනවා නම් දිගින් දිගටම උත්තර දෙන්නම් ,,මේක මගේ ක්‍රමය විශ්ව ,, බායි

      Delete
    9. //ඔයා නෙමේ ඕන මෝඩයෙක්ට පේනවා පෙර පොස්ටුව සහ මේ පොස්ටුවේ කොමෙන්ට් එක්ක බැලුවොත් // එහෙම තේරෙන එකක්.
      //මන් බවුද්ධයෙක්// කියන දෙය තව දෙයක් .
      // කාට බයේද ආගමක් සගවන්නේ // ඒක දන්නේ ඔබම තමයි.
      //බුද්ධ ධර්මය ගැන මුලික අවබෝදයක් ඇති නැති එක ඔයාට ප්‍රස්නයක් වෙන්නේ මන් බුද්ධ ධර්මය ගැන ඔයාට උගන්නන්න ආවා නම්// උගන්නන්න නාවාට ඔබ බවුද්ධයෙක් ලෙස කීම මට ගැටළුවක්.

      පරස්පරයක් මතුවූ තැනක ප්‍රශ්න නැගීම මගේ සිරිතයි.


      //මගේ ආත්මය සහ මන් ගොඩක් සතුටින් මගේ අම්මා හැර හැමදේම මං ලග තියෙනවා// පෙර පොස්ට් එකෙත් පිළිතුරක් නැති තැන ඔබ එහෙම කියනවා. ඒක තර්කයට අදාළ නැහැ.

      බායි. ඔබට ප්‍රශ්න නැගීම ගැටළුවක් වගේ. එහෙම නම් මම නිහඩයි.

      Delete
    10. මන් බවුද්ධයෙක් කිවුවේ මගේ උප්පැන්නේ තියෙන්නේ සහ අම්මා තාත්තා අදහපු ආගම නිසා ,,මන් ස්වාධින මනුස්සයෙක් ,, මට ආගමක් නැහැ ඇදහිල්ලක් සහ බලාපොරොත්තුවක් තියෙනවා ,ජිවිතයට අරමුණක් තියෙනවා යහපත් විදියට මගේ පාඩුවේ ජිවත් වෙනවා ,,මට ආගමක් අවශ්‍යමද

      Delete
    11. //මට ආගමක් අවශ්‍යමද //

      ආගමක් හෝ ඇදහිල්ලක් අවශ්‍ය නැහැ. නමුත් හොඳ දර්ශනයක් අවශ්‍යයි.

      Delete
    12. අඩේ මම තාම කොමෙන්ටු ටික කියවන ගමන් ඉන්නෙ. මේ ආගමික සීන් එක මෙතෙන්ට ගෑවුනේ කොහොමෙයි (ඔලුව කසමින්.)

      බුද්ධ දර්මය කියන එක බුද්ධ දර්ශනය වශයෙන් නිවැරදි වෙන්ට ඕනෙ නෙවෙද?

      Delete
  14. තියරි එකෙන් ආදරය විග්‍රහ කරන්න මට තේරෙන්නේ නැහැ. ප්‍රයෝගිකවනම් ඕක අපේ ගෙදර තියෙන බව අරූ, අරකී සහ අපේ කෙල්ල ගැන දන්න අයනම් කියන බව මට ඇහිලත් තියෙනවා. තියරිය මොක උනත් ප්‍රැක්ටිකලි ඒක පේන්න තියෙනවානම් ....මම දන්න ආදරයේ විග්‍රහය ඒක තමයි

    ReplyDelete
    Replies
    1. මන් නිකමට මට හිතිච්ච දේ ලීවේ අයියේ ,,ඔයා වාසනාවන්තයෙක් ,,ඒ සතුට හැමදාම ඔයාගේ පවුලේ රැදෙන්න කියලා පතනවා

      Delete
  15. සුවිශේෂී ලිපියක්. එත් මට එහි එතරම් අමුත්තක් නෑ. මන්ද යක් මා අදහන්නේ ආදරය කියා දෙයක් ලොව නොපවතී කියන දහමයි. ලොව ඇත්තේ ගණු දෙණු ය. මේ ලිපියට එහිම කොටසකි. සාර්ථක ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති ,,,නිකන් ඉන්න මමනේ අයියේ ඒ නිසා හිතුණා නිකමට ලියන්න ඒකයි ලීවේ

      Delete
    2. ආදර කියා දෙයක් ලොව නොපවතී කියන එක තරයේ හෙලා දකිනවා ,, ආදරය නැතුව මේ ලෝකේ පවතින්නේ ගස් ගල් විතරයි ,, ඔයාට හිතේ සැනසිල්ල තියෙනවද අයියේ ඒ ගනුදෙනුවෙන් ?

      Delete
  16. ආදරය = ගුරුත්වාකර්ෂණය

    ඔය දෙකම කොහොමත් ලෝකෙ තියෙනවා. ඒකට ඔය නමක් දාපු එක විතරයි වෙනස.. කාට ආදරේ කරත් අදකාලෙ කෙල්ලොන්ට නම් ආදරේ කරන්න හොඳ නෑ. අවස්ථාවාදියො :(

    ReplyDelete
    Replies
    1. අපොයි මෙයා ට බූට් වැදිලා තියෙන පාටයි ,,,ඔයා මුලින් කියපු කතාව එක්ක මාත්

      Delete
    2. ආදරය පපඩමකි.. කාල් තියාඅ ගන්න ඕන නම් ෂොපිං බෑග් එකක දාන්න වෙනවා. බාහිර පරිසරයට නිරාවරණය උනොත් පෙඟිල කන්න බැරි වෙනවා.

      Delete
  17. ඔමා ගේ හීන සාර්ථක වෙන්න කියා පැතුමන් සමගින් ...
    මේ ටිකත් මට නොකියාම බැහ...... ඔමා ලගදී විවාහවෙන්න හීන දකින කෙල්ලෙක් නිසා.
    ඔමා දුවේ.
    ඔබ විවාහයට තෝරාගත් කෙනා ගැන දන්නේ මොනවාද? ඔහු සුන්දරයි කියාවි. කාරුණික පපුවක් ඇති එඩිතර කොල්ලෙක් කියාවි. මාව රන් කූඩුවක දාලා කවමින් පොවමින් අවශ්‍යතා සොයමින් බලමින් මට නිති රැකවරන දෙන රක්ෂණ සමාගමක් කියාවි. එකී, මෙකී.නොකී තව බොහෝ දේවල් කියාවි.
    දැන් සම්බුදු සරණින්,දෙවි රැකවරණින් ,දෙමාපිය ,නෑ හිතමිතුරන් ගේ ආශීර්වාදයෙන් මේ කුරුලු ජෝඩුව කැදැල්ලක් තනාවි. එක වහලක්යට තමා පැතූ සුවය සොයාවි නොඅඩුව.
    ඔබ සැකසූ ඇස්තමේන්තුවේ අයිටම්ස් එනිනෙක ඔබටත් හොරා අඩුව යනු දැනේවි. අපූර්වත්වය වගේම ඔබටත් නොතේරෙන මොකක්දෝ කලුවළාවක් ද ඉද හිට මතුව නැතිව යනු පෙනේ. නැහ නැහ එහෙම වෙන්න දෙන්න බැහ. එයා මට මොනතරම් විශ්වාසද? හිත කියාවි.

    නන් නාදුනන දෙන්නෙක් එක වහලක් යට එකිනෙකා වෙනුවෙන් එකට සමපාත වීමට මොන තරම් නම් කැපවීමක් කරනු ඇතිද?
    පොඩි වචනයක වැරැද්දක් , සෙල්ලම් ගෙදරක කළ සරදමක්, බර වැඩිවූ දගකාර හිනාවක් , වටපිට බැල්මක් , අනෙකා ගේ නිරීක්ෂනයට ලක්වෙන්න මහවෙලාවක් යන්නේ නැහ. අනේ මගේ නිදහස මටත් නොකියා පෑල දොරින් බැස ගොසිනි.

    ඔබ ඔහු දුන් මහබරක් උසුලාගෙන දරුවෙකු ගේ සිහින මවයි. දැන් ආදරයට කණ කොකා හඩන කාලයයි. මම ගෙදර ආවා කියල ගාණක්වත් නැහ. අද තේ එකත් නැහ.... මොකද ඔයාට වෙලා තියෙන්නේ..? ඔයා විතරද මේ ලෝකේ ඉන්න එකම බබ්බු හම්බවෙන්න ඉන්න එක්කෙනා කියා අසාවි. ඔබේ කණ ලග මහ හෙණයක් පිපුරුවාදෝ හිතෙයි. ඔබ අමාරුවෙන් හෝ සිනාවක් දල්වා තේ එකක් හදාගෙන යයි. එය අහක බලාගෙනම සුටුස් ගාලා එක උගුරට ගිල දැම්මොත් අනේ මගේ පංගුව කියා සිතේවි.
    මේ ටික කියන්නේ බය කරන්න නෙමේ. වෙන්නේ නැහ කියල හිතා ගෙන යනවට වඩා හොදයි වුණොත් මම මෙහෙම මෙහෙම කරනවා කියලා ප්ලෑන් එකක් ඇතිව යන එක. මොකේද රිස්ක් එකක් නැත්තේ ? ...කෑමක් වුණත් කන්න පිලිවන්ද එහෙම නැතිව. මම ලොකු කැපකිරීමක් කරනවා. ප්‍රතිචාර මොකවුණත්........?
    දෙන්නට දෙන්න ගේ ම අදහස තම නිදහස වල දා....... අනෙකා වෙනුවෙන් ... ප්‍රතිචාර නොබලා කැපකිරීමක් කිරීම නම් එක වහල සැබෑම සුන්දර සෙවනක් වේවි.නිති ඉගෙන ගන්නා පංතියක් වේවි , ගුරුවරයෙක් නැති.
    ( කෙටියෙන් ලියන්න හිතුවත් අත් දැකීම් වැඩි නිසා දික්වුණා. බෙය කරන්න නෙමේ පරිස්සම් කරන්න.)

    ReplyDelete
    Replies
    1. හප්පේ සර් ,, ඒකෙත් හැටි ජිවිතේ පළවෙනි මතකයේ ඉදන් මේවා මගේ ඇස් ඉස්සරහා තිබ්බා සර් ,, අවුරුදු 4 න් මෙහාට දවසගානේ ඔය දේවල් දැක්කා ,, ඒ අතීතය නොවෙන්ට මන් ගොඩක් බොළද වෙන්නත් තිබුනා ,, ඔබට තියෙන ජිවිත අත්දැකීම් සමග මේ දේවල් ගැන කිවුවට ස්තුති ,සර් කිවුවා වගේ සන්නද්ද වෙලා කසාදයක් බදින්ඩ ඕනේ කවදාහරි ,,හි හි ස්තුති ,,කොමෙන්ට් එක දිග කොච්චර වුනත් මොකෝ වැදගත් දෙයක් නේ

      Delete
  18. ane affe mekanam bara wadiya wage.. :-)

    ReplyDelete
  19. දැන් ඔමා හීන දකින්නෙ කොහොම ආදරයක් ගැනද ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. කවුරුත් දකින සුවදායක ආදරයක් තමයි කඩේ අයියේ

      Delete
  20. ඕන් පරක්කු වෙලා හරි මමත් ගොඩ උනා ඈ .
    මටත් කියන්න තියෙන්නෙ හරියටම නිර්වචනය කරන්න අමාරු දෙයක් ආදරේ කරන ලබන කෙනාගෙන් කෙනාට ලබන අත් දැකීමත් එක්කම ඒක වෙනස් වෙනව නොවෑ .
    __________
    බලන් උන්න සීයගේ ආදර කතවත් මේ උඩ දාලා තියන ප්‍රබේද කීපයෙන් එකක් විය යුතුමයි :-))
    __________
    නියමම පොස්ට් එක අඩුවක් පාඩුවක් නෑ පිරිල
    ස්තුතියී

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ,,සීයාගේ කතාව ලියන්නම් පස්සේ

      Delete
  21. ඇත්ත...ආදරයට හරිම නිර්වචනයක් දෙන්න බෑ... ඔයා ලියලා තියන දේවල් වලට මම එකඟයි යාලු

    ReplyDelete
  22. අර අන්ධයන්ගෙයි අලියාගෙයි කතාව නම් නියමෙට ගැලපෙනවා මෙතනට. ආදරෙන් පැරදුන අයට ආදරේ පපඩමක්. දිනපු උදවියට ඒක ජීවිතේ සුන්දරම අත්දැකීම. කොමෙන්ටු වැලෙන්ම පේනවා අපූරු උදාහරණ.

    ආදරේ කියන්නෙ තමන්ගේ ජානමය සුවිශේෂිතාවයන් ඉදිරියට ගෙනියන්න ඕනෙ කියන තිත්ත බේත වටේ ඔතාපු සීනි කවරයක්. අපි ජාන විද්‍යාව, සත්ව විද්‍යාව, ජීව විද්‍යාව කිය කියා මේ ලිංගිකත්වයයි, ජනිතයන් හරහා ජීවී විශේෂයක ජාන පොකුණ ශක්තිමත් කිරීමයි කියන තිත්ත බේතේ හරය හදාරනවා. ලෙක්චර් එක ඉවරවෙලා ඇවිත් අපිත් අර ආදරේ කියන සීනි කවරේ ආසාවෙන් වැළඳ ගන්නවා. අර තියරි, මේ තියරි මුකුත්ම මතක නෑ එතකොට. සොබාදහම කියන්නෙ සුපිරි විජ්ජාකාරයෙක් තමයි ඔමා...

    හැමදාමත් වගේ අලුත්ම කෝණයකින් ජීවිතේ දකින්නට ගත් උත්සාහයක්. ජයවේවා!

    -Bassi-

    ReplyDelete
    Replies
    1. ස්තුති බස්සියේ ,, හරිම සතුටුයි ,බස්සියේ අපිට අපේ පරම්පරාවෙන් අරක පටන් ගන්න පුළුවන් වෙයි අපි දෙන්නා වත් පටන් ගත්තොත් නරකද ,,, මේ සොබාදහම දිහා ජිවිතේ දිහා විවුර්ථ මනසකින් දකින ඔයාටත් ජය

      Delete
    2. ඇත්තෙන්ම ඔයත් මමත් ඇතුලුව අපේ පරම්පරාවෙ කිහිපදෙනෙක්වත් ඒ වෙනසට මුලපුරාවි කියලා මටත් හිතෙනවා ඔමා. කවුරුහරි පෙරමුණ ගත්තොතින් ඒ අඩිපාරෙ එන කීප දෙනෙක් වත් ඉඳීවි නේද? දැනුවත් කිරීමයි මූලිකම දේ.

      Delete
    3. ඔව් බස්සියේ ,, අපිට මේ ජිවිතේ ආයේ හම්බවෙන්නේ නැහැ ,,මරණෙට කලින් පසුතැවීමට කරුණු ඉතුරු නොකර මැරෙමු ,, ස්තුති

      Delete
  23. මුකුත්ම කියන්න යන්නෙ නෑ. මට කියන්න දේවල් කොච්චර තිබ්බත් ඒකෙන් මේ සටහනේ තියෙන ලස්සන නැති වෙලා යයි. කරුණු ටික කියෙව්වා. අඩුපාඩු තැන් පුරවගත්තා. කදිමයි සටහන.

    ReplyDelete
  24. මම හොයන්නෙ වෙඩින් එක දවසේ අවන්කවම මට එයාගේ උන එක ගැන සතුටු වෙන්න පුලුවනුයි.. මැරෙන දවසේ එයාගේ පපුවට ගුලි වෙලා සැනසීමෙන් සතුටින් මැරිල යන්න පුලුවන් විදියේ ආදරයක්
    (bella swan )

    ReplyDelete
    Replies
    1. ඒත් බෙලා ඒ ආදරය ආත්මාර්ථකාමී නේද ,, ඔයා එයාගේ තුරුලේ ගුලිවෙලා මැරුණම එයා පව්නේ... දවසගානේ ආදරේ කරන්න ,,, මන් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ පැතුම ඉටු වෙන්න ,ඉවසීමෙන් කාලයට ඉඩ දෙන්න

      Delete
  25. නියම ආදරය තේරුම් ගන්න විවාහවෙලා අවුරුදු 4-5 ක් යන්න ඕනේ . හැම දේම සාමාන්‍ය වෙලා ඇත්තම ආදරය පවතීනවා ද නැද්ද යන්න හරියටම දැනෙනවා ඒ කාලේදී. හොද පැත්තට ගියොත් හොදයි , වැරදි පැත්තට ගියොත් ,,,,,,,,,,,,,,,,,,,, අපි පරක්කුයි ඒ වෙනකොට . එක හොයා ගන්න අමාරුයි. අමාරුයි කියන්නේ කොහෙත්ම බෑ .. ඒක අපේ වාසනාව කියන සංකල්පයට බාර දෙන්න වෙනවා.
    මම වාසනාවන්තයි . උඹටත් ජය ශ්‍රී නංගි ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත වෙන්න ඇති ...එහෙනම් මං බැන්දට පස්සේ ලියනවා තව ලිපියක් හි හි ,, සතුටුයි ඔයාගේ සතුට ගැන ,,

      Delete
  26. සිරා ලව් කියලා ඔය එක තැනක ලියලා තියෙන්නෙ....මෙහෙම ලිව්වම මා ගැන රට්ටු මොනවා නොහිතයිද ?

    ඇත්තටම ආදරය ගැන කියනවා නම් ඒ තුල විවිධ ස්වරූප තියෙනවා...එය විටෙක පරිත්‍යාගයක් ලෙස පෙනෙනවා තවත් වෙලාවක ආත්මාර්ථකාමී ස්වරූපයක් ගන්නවා...එහෙත් මට දැනෙන ලෙසට එය මානව පැවැත්මට ඉවහල් වන ජීව විද්‍යාත්මක සාධකයක්...ප්‍රබල මනෝභාවයක්...විදින්නට මිස විදවන්නට අවැසි නැති ලස්සන අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. හි හි ,.. ඔව් අයියේ ,, ඔයා තේරුම් අරන් තියෙනවා

      Delete
  27. ඔයා කියල තියෙන දේවල් කියෙව්වට පස්සෙ රත්ත කොල්ලට දෙයක් එකතු කරන්න හිතුණ. රත්ත කොල්ලට හිතෙන විදියට වර්තමානයවන විට ආදරය කියන දේ තියෙන්නෙ රතු දත්ත පොතට ඇතුලත් කරන්න ඕන තැනක. අපි කුහක මිනිස්සු වගේ ආදරේ විදිනව කාටවත් ආදරේ කරන්නෑ. එහෙම නැත්නම් තමන්නෙ ආදරේට වැටවල් දාල හිරකරල. ආදරේට ලෝබයි කියන ඈයොත් ආදරේ කරන්නෙ නෑ. මං කියනවැල් වටාරම් තේරෙයිද මන්ද. ඒත් අද වෙනකොට මිනිස්සු ආදරේ කියල කරන්නෙ වෙනම 1ක්. නන්ද මාලිනී කියන ආදරේ ලෝකෙ කවදාවත් තිබ්බෙ නෑ වගේම තියෙන්නෙත් නැතිවෙයි. මොකද ඒ තරම් මාන්දමික මිනිස්සු ලෝකෙ කවදාවත් බිහිවෙන්නෙ නැගි හින්දත ඒ වගේ ආදර ඇතිවෙන්නෙ මනුෂ්‍ය සන්තානයෙම විතරයි. ඇත්තටම ආදරය බැමි බැදන් කොටු කරන්නැත්තං ලෝකෙ ලස්සන මනින්න කවියො කියන ජීවී විශේෂයත් අවශ්‍ය නෑ. මන්ද ඔය මට හිතෙන හැටි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්,, එකනේ අපි එකිනෙකාට තියෙන්නේ එක එක විදියේ අදහස් ... ආදරේ හරි පුදුම දෙයක් ... රතු දත්ත පොතට දාන්න වෙයිද හැබෑට හි හි

      Delete
  28. සින්ගන්නා සුලු විදිහට ලියලා තියෙනවා. ආසාවෙන් කියෙව්වා :)

    ReplyDelete
  29. මුළු “කතාවම“ එක හුස්මට කියවගෙන යන්න තරම් රසවත් විදියට ලියලා තිබෙන්නේ , ඒ රසවත් සටහන ඇතුලේ කතා කළ යුතු , වැදගත් කාරණා බොහොමයක් , විශේෂයෙන්ම අද සමාජයේ “ආදරය“ කියන දේ හරියට වටහා ගන්න බැරි , නැත්නම් උත්සහා නොකරන , එහෙමත් නැත්නම් උත්සාහ කරන්නට ඉඩක් ලබා නොදෙන තත්ත්වයක, මෙවන් සටහනකින් හරි “ආදරය ගැන“ කතා කරන එක හුඟක් වටිනවා , ඔබේ ඒ උත්සාහයට මගේ ස්තුතිය ....
    මේ මාතෘකාව ගැන කාලෙකට ඉස්සර මමත් කතා කළා , හැබැයි ඒ සටහන් මේ තරම් රසවත්ද කියන එක නම් කියන්න අමාරුයි ..
    ස්තුතියි

    ReplyDelete
  30. අපි එක එක පුද්ගලයෝ විදිහට ආදරේ දකින විදිහ, විදින විදිහ වෙනස් අපි හැම කෙනෙක්ටම තම තමන්ගේම ආදරය ගැන නිර්වචන තිබුනත් විවාහයකින් පැය 24 ම තමන්ගේ සහකාරිය/සහකරු එක්ක එක වහලක් යටට ගිය දවසට සැබෑ ආදරේ හදුන ගන්න පුලුවන් ඒ ආදරයට නියම නිර්වචනයක් දෙන්න පුළුවන් කියල මම හිතනවා......... ;)

    ReplyDelete
  31. ඔබේ ලිපිය විශාල අදහස් ගොන්නක් මතුවීමට මග පාදා ඇත. එය එම ලිපියේ පවතින කලාත්මක අගයට ලැබෙන සහතිකයයි.ලස්සන වටිනා අදහස් ගොනුවකි

    ReplyDelete
  32. හප්පා ගිය වෙලාව,දන්නෙම නැතිව හවස් වෙලා. ඕන් එහෙනම් 101 මම තිබ්බ. මමත් ඕකට අර්ථයක් හොයා හොයා හිටියේ, තවම හොයාගන්න බැරි උනා.

    ReplyDelete
  33. mage jiwithe mama labanna kamathima de wagema mata aduwenma labila thiyana deyak thamai akki ADARAYA

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...