Wednesday, September 11, 2013

ලිබියානු ක්‍රමයට වට්ටක්කා ඉස්ටු 28

වටිනා සුපසාස්තර පාඩම් මාලාවේ දෙවැන්න

            
*අවශ්‍ය ද්‍රවය 

1 .අගලේ සයිස් එකට කැපු චිකන් කිලෝ 1 ක්
2 .ලොකු B ළුණු ග්‍රෑම් 250 ක් ,(රවුම් ලෙස ලොකුවට කැපු)
3. අමු මිරිස්
4.ගම්මිරිස්

5.විනාකිරි
6 .කහ
7 .කුරුදු පොතු
8.කරපිංචා ,රම්පෙ අනන්මනම්
9. වට්ටක්කා ග්‍රෑම් 250 අගලේ අගලේ කොටු කැපු
10.බටර් හෝ තෙල් වර්ගයක්

*පිළියෙළ කරගන්නා ආකාරය


                         මුලින්ම බදුනක් ලිප තබා එයට තෙල් හෝ බටර් එක් කරන්න ,, තෙල් මේස හැදි 6 ක් ඉන්පසු එය රත් වෙනවිට අබ ,ලුණු, දිග අතට පලාගත් අමුමිරිස් කරල් 7 ,8 කරපිංචා ,කුරුදු පොතු සියල්ල එක්කරන්න ,,ඉන්පසු තරමක් බැදුණු පසු එයටචිකන් එකතු කරන්න ,,ඉන්පසු කහ මේස හැන්දක්.. එකතු කරන්න ,අවශය තරම් ලුණු දමන්න ,, හොදින් කලවම් කර ගින්දර අඩු කර බදුන වසා විනාඩි 8 ක් පමණ පිස ගන්න. 
                             ඉන්පසු එයට වට්ටක්කා එකතු කර වතුර කෝප්ප බාගයක් දමා නැවත පිසගන්න ,,ඉන්පසු හෙන සුවදක් එනවිට  විනාකිරි මේස හැදි 3 ක් දමා ගින්දර අඩුකර මදක් පිසගන්න ..වට්ටක්කා හොදින් තැම්බූන පසු ලිපෙන් බාන්න,, ඔබ වට්ටක්කා කන්න අකමැති නම් ...නොදා ඉන්න ..

අවවාදයයි ,,, ඔබ අහාරයට ගෙන ඉතිරිවන කොටස් අහිංසක සත්තුන්ට දෙන්න එපා ,, අසමෝදගම් නිතර ලග තබාගන්න 

38 comments:

  1. ඒක අමුත්තක් නැහැනේ... වෙනස වට්ටක්කා දාන එක..

    ලිබියාවේ ගියාම කන්න ඕන.. හැක්.. දෙන්නකෝ හොද ඒවා දෙක තුනක්... විකාර නොකර...

    ReplyDelete
  2. ඕවා කන්නෙ නැතෝ....

    ReplyDelete
    Replies
    1. හරිම රසයි අනේ කාලා බලන්නකෝ

      Delete
  3. අද නම් අසාර්ථකම ලිපියක් අපූර්විගේ. අන්තිමයි පජාතයි. කෑමක් හදන විදිය වුණත් මෙයිට වඩා හොදට ලියන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. :-( හරි දැන් හරි වැඩේ ,,අද රෑට අරක ලියාගන්න පුළුවන් පවර් එක ආවා ,, කම්මැලි කමෙන් හිටියේ ,,මේ ලැජ්ජාව වහගන්න දැන් ඉතින් ලියන්නම ඕනේ තෑන්ක්ස් ගොඩක්

      Delete
  4. මස් මාළු නැතුව කන්න දෙයක් මොනාද තියෙන්නෙ ඔයාගෙ ගෙදර ?

    ReplyDelete
  5. හදල බලමුකො,ඔක්කොම ජාති හොයාගත්ත අර අනම්මනම් ටිකක් හොයාගන්න තිබ්බේ නෑනෙ...තාම හොයනවා

    ReplyDelete
    Replies
    1. කඩේ අයියේ කුස් කුස් හදන හැටි කියාදෙන්න ඈ

      Delete
    2. මම කුස් කුස් කාල තියනව . ඒක මුස්ලිම් කෑමක් හරියට බත් ඇට වගේ පිටිවලින් හදපු දෙයක්ද ? ඇට වර්ගයක්ද කියන්නනම් දන් නෑ

      Delete
    3. ඔමා ඔයාගේ මේල් ඇඩ්රස් එක මට එවන්න helapakade@gmail.com

      Delete
  6. හපොයි දෙවියනේ... මෙයා උයන්නත් දන්නව..... එල එල... මම අම්මට මේක පෙන්නන්නම්... සම්පල් එකකුත් අරගෙන තියාගන්නම්...

    ReplyDelete
    Replies
    1. නියමයි ,,මාත් කාලා නැහැ තාම

      Delete
  7. වට්ටක්කා වලට මම හරිම ආසයි..... ;D
    රෙසිපියට වඩා පෝස්ට් එක රහයි...

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම කෑම ,, මට රසට උයන්න පුළුවන් ඇති ,,උයලා නැහැ තාම :-)

      Delete
  8. වෙලාවක් ලැබුනොත් හදන්න ඕනේ ඔයාගේ රෙසපිය......වට්ටක්කා එක්ක පාස්තා කන්න මන් හරිම කැමති :)

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම කෑම ,,කුස් කුස් ඉතාලි විදියටත් හදන්න මට ඔයාගෙන් අහගන්න ඕනේ

      Delete
    2. පාස්තා පජෝලි මරු ...

      Delete
    3. අනේ හදන්නේ කොමද ඒවා

      Delete
  9. යකෝ කුකුල් මස් කිලෝ එකයි... වට්ටක්කා ග්‍රෑම් දෙසිය පණහයි... ඒත් නම අයිති වට්ටක්කෙට.. මේක යකාගේ කෑමක්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න නියම සූපවේදියෝ ඇවිත්. දැං දීපංකො උත්තර.මේ ඔමරියෝ ඔය අපටත් හදාගන්න හැකි ජර්මන් කෑම වට්ටෝරු ටිකක් දාපං කෙල්ලේ.

      Delete
    2. නැහැ මන් ලියන්න ඉන්නේ කාටවත්ම තේරෙන්නේ නැති තරම් ගැඹුරු ,,,,හිතාගන්න බැරිතරම් ප්‍රේමාන්විත ,,මටවත් තේරුම් ගන්න බැරිවිදියේ කථාවක් ඔව් ,,, රජ්ජුරුවන්ගේ ඇදුම වගේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගන්න පුළුවන් ,,අඩුගානේ මටවත් නොතේරෙන ,, ත්‍රාසය ,භීතිය ,කුතුහලය එකට කුළුගැන්වුණු ,ඇග කිලිපොලා යන කතාවක් ,, :-)

      Delete
    3. හප්පට සිරි.. එහෙමනං ඒ කතාව නැගලා යයි.. අපේ උන්දලා හරි කැමතියි නෙව තමුන්ට නොතේරෙන හුට්ටප්පර තේරුණා වගේ ඉන්න... :D

      ආ තව වරදක් අහු උනා.. මේකේ අවශ්‍ය ද්‍රව්‍ය කියන කෑල්ලට අඩි රූලක් කියන එකත් එකතු විය යුතුයි නේද..? :D :D :D

      Delete
    4. හි හි ඔව් නේද ,,නැහැ අනේ ලිබියාවේ වට්ටක්කා වල අගලේ අගලේ සයිස් දාර තියෙනවා

      Delete
  10. වට්ටක්ක කියද්දී මැවිල පේන්නෙම ලොකු පස්සක්.
    වල් සිත නිසාමද මන්ද....,,,,,????

    ReplyDelete
    Replies
    1. අප්පේ මෙහෙ වට්ටක්කා ගොඩාක ලොකුයි ,,කිලෝ 25 වගේ ගෙඩි තියෙන්නේ ,, ඔයාගේ වල් හිත නෙමේ අනේ ඔයා හරිම නිදහස් මනුස්සයෙක් ,,විදිමින් ජිවත් වෙන

      Delete
  11. ඕවා කාල වෙන්න ඇති ගඩාෆිට කෙල උනේ! හෙක් හෙක්!

    ReplyDelete
  12. වට්ටක්ක කිව්වහම මතක් වෙන්නෙ කන වට්ටක්ක නෙවී අෆ්ෆා ඉඳගෙන වට්ටක්ක ඕනි නෑ එක්කො කනකොට දුක හිතෙනව.... අනික මේව කනවනම් අසමෝදගම් බෝතලේ සාක්කුවෙ තියාගන්න ඕනි අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
  13. කුළුදුලේම මේ පැත්තට ගෑටුවෙමි..වට්ටක්කා ඉස්ටුව ඉස්තරම් එකක් වේ යැයි මේ ඡායාරූපයෙන් අදහස් ගැනීමට බැරි කමක් නෑ..

    හැබෑටම දැන් ලිබියාව කියලා රටක් තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. කුලුදුලේම ආවේ හැමෝගෙන්ම බැනුම් අහපු පෝස්ටුවට අනේ ,, ලිබියාව නැති උනේ මේවා කාලා තමයි ස්තුතියි ආවට අපේ දිහා

      Delete
  14. ලිබියානු ක්‍රමයට වට්ටක්කා ඉස්ටු........
    ..............................
    ..............................
    ............ඔබ වට්ටක්කා කන්න අකමැති නම් ...නොදා ඉන්න ..


    මේ විදියට නං ඕනෑම ඉස්ටුවක් හදන්න පුළුවනි!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි මාත් ඉදගෙන කිවුවේ ,,මන් දන්න වට්ටක්කා ඉස්ටු බැරියැයි,,පරිප්පු උයාගන්නෙත් බොහොම අමාරුවෙන්

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...