Saturday, September 7, 2013

යුදෙව් අළුත් අවුරුද්ද (රොෂ් 'හ ෂනා) 27

                                ඔන්න මන් පටන් ගන්න යන්නේ ඊශ්‍රායලය ගැන ලියන්න ,,,මන් විශ්වාස කරනවා මට පුළුවන් වේවි  ලිපි කීපයක් මගින් මේ රට ගැන අහලා තිබුණ දේට වඩා සමීප අවබෝධයක් ඔයාලට ලබා දෙන්න..මොකද මන් අත්දකින හැම දේකම අපේ රටේ ක්‍රමයට ජිවන රටාවට ,සංස්කෘතියට  යනාදී වශයෙන් හැම පැත්තකින්ම වෙනස් විදියට මෙහෙදී  දකින දේ ...මගේ ඇස් වලින් දැකපු දේම ඔබට  ලියන්න  බලාපොරොත්තු වෙනවා.. .
                                                   පැය විසිහතරක් මානසික රෝගියෙක් එක්ක ඉදල මගෙත් යම් යම් මානසික සීන් තියෙනවා ,,ඒවා මගහැර ගන්නත් එක්ක මන් ලියන්නම් .,

                       දැනට ඔලුවේ කරුණු හයක්  තියෙනවා,,

  • ජෙරුසලම් සංචාරය 
  • චර්මචේද්ද්‍ය මංගල්‍ය ( පිරිමි දරුවන්ගේ අර මෙවුවා එකේ කෙලවර කපන උත්සවේකට ගියා )
  • ඇපල් i ෆෝන් ,කුඩාදරුවන්,දු දරු සම්බන්ධතා ,සදාචාරේ 
  • අළුත් අවුරුද්ද 
  • යුද්ධයේ වර්තමාන තත්වය 
  • රට ගැන හැදින්වීමක් (ඉතිහාසය,භුමිය,ආර්ථිකය,ආගමික පසුබිම )
                    
                 යුදෙව් අළුත් අවුරුද්ද (රොෂ් 'හ ෂනා)


                 සෑම වසරකම සැප්තැම්බර් මාසයේ යුදෙව්වන් ඔවුන්ගේ  අළුත් අවුරුද්ද සමරනවා.මේ අවුරුද්දත් එක්ක බැදිච්ච චාරිත්‍ර ගොඩක් තියෙනවා,,4 වෙනිදා සන්ද්‍යාවේ තමයි අවුරුද්ද ලැබුවේ අවසන් වුනේ අද 6 වෙනිදා සන්ද්‍යාවේ..
                     ඔබට යමක් කියන්න ඕනේ ඔවුන්ගේ කැලැන්ඩරය ගැන ,අපිටත් අළුත් කැලැන්ඩරයක් හම්බුණා ගිය සතියේ ,,මෙයාලගේ කැලැන්ඩරය පටන් ගන්නේ සැප්තැම්බර් වලින් ඉවරවෙන්නේ අගෝස්තු වලින් ,,දෙසැම්බර් 31 යුදෙව්වන්ට වැදගත් නැහැ,ඔවුන් මාස ගනින්නේ ජනවාරි ,පෙබරවාරි ලෙස නෙමේ ,, පලවෙනි මාසේ විදියට ගන්නේ මාර්තු/අප්‍රියල් ,,දෙවැනි මාසේ අප්‍රියල්/මැයි ඔය විදියට තමයි 12 යන්නේ ,, ඒවාට විශේෂ නම් තිබෙනවා,, 
                         සැප්තැම්බර් මාසයේ මුල සමරන මේ අළුත් අවුරුද්ද ඔවුන් මුළු වර්ෂයේම උතුම්ම දිනය ලෙස ඉහලින් සමරනවා,,එයට හේතුව සර්වබලධාරී දෙවියන්වහන්සේ ප්‍රථම මිනිසා සහ ගැහැණිය ලෙස ආදම්ව සහ ඒවා  ව මවපු දිනය ලෙස එම දිනය සළකන නිසයි..මුලිකම අයිතිහාසික පදනම ඒකයි..
                                   ඒ වගේම පළමු දිනයේ රාත්‍රියේ බැටළුවෙක්ගේ අන් වලින් සාදා ගත් හොරණෑවක් පවුල්වල් පිරිමි අය පිබිනවා,,කුඩා දරුවන් පවා සම්බන්ද වෙනවා,,මෙය ඔවුන් කරන්නේ මෝසෙස් හරහා දෙවියන් වහන්සේ ඔවුන්ට දුන්නාවූ අණක් ඉටු කිරීම උදෙසායි,, ශුද්ධ බයිබලයේ ලෙවී කතාව පොතේ 23; 23-26 දක්වා පද වල සදහන්ව තිබෙනවා සැප්තැම්බර් මාසයේ පළමු දින හොරණෑවක් පිබින්න කියලා..

බැටළුවෙක්ගේ අගක් උපයෝගී කරගෙන හොරණෑව පිබිම මගින් සංකේතවත් වන්නේ යුදෙව් ඉතිහාසයේ සුවිශේෂී මතකයක් වන ආබ්‍රහම් විසින් මොරියා කන්දේදී කළාවූ පුජාවයි.. ඒ ගැන ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ සදහන් වෙනවා (අවශ්‍ය ය වෙතොත් මන් පද ලබා දෙන්නම් ) මේ වසරේ යුදෙවුවන් සැමරුවේ 5774 වෙනි අවුරුද්දයි ,,මේවා අපේ ක්‍රමයන්ට වෙනස් වුවත් ඔවුන්ගේ ඇදහිල්ල ,විශ්වාසය එයයි.. 
                              






පැය 48 ක් ඔවුන් අවුරුද්ද සමරනවා ..ඒ කාලය පුරාම මන් දැකපු දේවල් ලියන්නම් ඔබට වැදගත් වේවි.
                අපි නැකතට ලිප ගිණි මොලෝනවා , කිරිබත් කනවා ,වැඩ අල්ලනවා වගේ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරනවා .. ඒ වගේ මොවුන්ටත් නිශ්චිත වේලාවන් තියෙනවා අළුත් අවුරුද්ද නැති නම් "රොෂා ෂනා" එකේදී  ඔවුන් ඔරලෝසුවත් එක්ක නෙමේ වෙලාව හදන් ඉන්නේ අවුරුදු චාරිත්‍ර එකිනෙක පවුල් අනුව කැමති වෙලාවට කරන්නේ ගෙදර ගැහැණු අය කෑම හදනවා දවල් ඉදලා ,, ඊට පස්සේ ඉර බැහැලා ගියාට පස්සේ අවුරුද්ද පටන් ගන්නවා.. 

රෑ 7 .30 වගේ වෙද්දී පවුලේ වැඩිහිටි අය දෙවියන් යදිනවා ,,ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂිත පොතක් තිබෙනවා.. රොෂා ෂනා වෙනුවෙන් තියෙන පොතේ අදාලා කොටස් පැයක් විතර කියවනවා මාරුවෙන් මාරුවට ශබ්දනගමින් හැමකෙනාම ඒ අවසානයේ පිරිමි අය අර හොරණෑව පිම්බා,,( මාත් පිබලා බැලුවා අනේ අම්මේ ඒකත් හක්ගෙඩිය වගේ හරි අමාරුයි පිබගන්න) 
(යුදෙවුවන්ට ඔවුන්ගේ හැම ආගමික වශයෙන් වැදගත් දිනයක් සදහාම විශේෂිත පොතක් තිබෙනවා හැම ගෙදරකම තිබෙනවා උදා: සබත් ,,යොම් කිපුර් ,හනුක්හා,පේසක් ඔය ආදී වශයෙන් මේ පොත් සහ උත්සව ගැන මන් ඉදිරියේදී ලියන්නම් ඒවත් ලග එනවා කිවුවා  )        ඊට පසේ තමයි හොදම හරිය තියෙන්නේ 
                           
ලහ්මනියා ලෙස හදුන්වන පාන් ( තල තියෙන්නේ උඩ)

                             පවුලේ දරුවන් ,මුණුබුරන් ,හැම කෙනාට ඉදගන්න පුළුවන් වෙන්න මේස දෙකක් එකතු කරලා ලොකූ මේසයක් ලෑස්ති කළා.. සීයා තමයි ප්‍රධාන පුටුවේ ඉදගන්නේ මන් එයාලගම පුටුවේ ඔක්කොම 18 ක් හිටියා මුලින්ම මේසෙ තියලා තිබ්බේ ඔවුන් ගොඩක් උසස් ශුද්ධ ආහාරයක් ලෙස සළකන ලොකු පාන් ගෙඩි දෙකයි(ලහ්මනියා ) , මිදී යුෂ බෝතලයයි මිදී වක්කරන අලංකාර කප් එකයි සහ (අර පල්ලි වල ස්වාමිවරු පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ ) ඇපල් ගෙඩි 20 ක් විතර තීරු තීරු කපලා දාපු බදුනකුයි, පිරිසිදු මී පැණි පුරෝපු බදුනකුයි.. 


ඊට පස්සේ සීයා පොතේ වාක්‍ය වගයක් කියෙවුවා ,, මට මෙලෝ දෙයක් තේරුනේ නැහැ ඔවුන් තැනින් තැන ආමෙන් කිවුවා,, ඊට පස්සේ දෙවියන්ට ස්තුති කරලා මුලින්ම මිදියුස වක් කරලා නැවත යාතිකා කළා ඉන්පසු හැමකෙනාම ඒ කප් එකෙන් බීවා,,ඉන් පසු පාන් ගෙඩි දෙක එක උඩ එක තියලා යාඤ කරන ගමන් පිහියෙන් උඩ පාන් ගෙඩිය දෙකට කැපුවා ඊට පස්සේ පාන් කෑල්ලක් ලුණු කුඩු බැදුනේ ගාලා සීයා කොටසක් කාලා ඉතුරු ටික ඔක්කොම කෑලි කෑලි කඩලා හැමෝටම දුන්නා.. හැමෝම කෑවා,,


මේ අතර බීම බෝතල් වර්ග ගොඩක් මේසේ පුරාම තිබ්බා කෑම වර්ග ගොඩාක් තිබ්බා,,සලාද වර්ග 7 ක් තිබ්බා ,,තව මන් නම නොදන්නා කෑම වර්ග ගොඩක් තිබ්බා.. ඒ හැම එකක්ම කුඩා කුඩා දීසි වල දාලා එක වර්ගෙකින් එක ගානේ අර හැමෝටම ආහාර වර්ග ඔක්කොම ලැබෙන විදියට ඒ වගේම අර ෆොටෝ එකේ තියෙන ජාතියේ පාන් රාත්තල් තව කීපෙකුත් තිබ්බා ,,,,කෑම කද්දී මේ රටේ කිසිම කෙනෙක් ,,හිගන්නෙක් වත් අතින් කන්නේ නැහැ,, හැදී ගෑරුප්පු පමණයි.
                                 










 ඊළගට ආපහු යාඤ කරලා   සීයා අර ඇපල් කෑල්ලක් අරන් මී පැණි වල ගිල්වල කෑවා,, මාත් කෑවා අම්මේ රසයි ..හැමදෙනාම ඒක කළා දෙවියන්ට ස්තුති කළා,, ලාවට ඉංග්‍රීසි දන්නා මුනුබුරෙක් ඉන්නවා සීයට කොල්ලා තමයි මට හිටපු පිහිට ඔක්කොම විස්තර අහගන්න (කොල්ලා කිවුවට බැදලා ළමයි 4 ක් ඉන්නවා) එයා  කිවුවේ ඇපල් මීපැණි සමග කන එකෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ලබන වසර සදහා ආශිර්වාදයයි ,,, ඇපල් වලින් සංඛේතවත් කරන්නේ නිරෝගී කම සහ සුවය , මී පැණි වලින් මිහිරි යහපත්  නව වසරක්  එසේම පාන් වලින් එකමුතු කම සහ බැදීම (පන්ගුකාරකම)

                                ඊලගට තරමක් ලොකු තසිමක් ගෙනාව එළවලු ගොඩක් එකට උයපු,, ඒ තසිමේ තිබ්බා එළවලු සහ හරක් මස්,,ඒ සමානවම එළවලු ,මස් බෙදපු තාසිම් තුනක් මේසේ තැනින් තැන තිබ්බා .. මේක යුදෙව් අවුරුදු චාරිත්‍රයක් ඊට පස්සේ ආයෙමත් විනාඩි පහක් විතර හැමෝම ගීතිකාවක් කිවුවා ,,ආපහු යාඤ කළා, ඊට පස්සේ හැම කෙනාම ගෑරුප්පු අතට ගත්තා,, සීයා නම් කරන එලවලුවෙන් කොටසක් හැමෝම අරන් කනවා ,,මාත් කෑවා,, මෙලෝ රහක් නැහැ ,නිකන් තම්බලා ඔක්කොම එකට 


  • මෑකරල් 
  • සැල්දිරිකොල
  • ලීක්ස්
  • වට්ටක්කා 
  • කැරට්
  • හරක් මස් 
                               මේ හැම දෙයක්ම ඔවුන් හැමෝම කාවා ,,කන වාරයක් ගානේ දෙවියන්ට ස්තුති කළා ,, ඒ වගේම කිවුවා "මේ හැම ආහාරයක්ම අපට ලබන වසරේ මීට වඩා ලැබෙන්න සහ සියලු ඊශ්‍රායෙල් ජාතිකයෙක්ටමත් ලබන වසර කෑමෙන් බීමෙන් ආශීර්වාදයෙන් පිරී ඉතිරෙන්න ඕනේ දෙවියන්ගේ කරුණාවෙන් කියලා.. එතනින් චාරිත්‍ර කොටස .ආගමික කොටස ඉවරයි ,,ඔවුන් ඒ ගෙනාපු එළවලු පිරිච්ච බදුනට කිවුවේ බ්‍රක්හොත් කියලා.
                        අනේ අම්මේ ඊට පස්සේ තමයි හොදම හරිය,, පාන් කෑවා අර සැල්ඩ් වර්ග එක්ක ,ඊට පස්සේ මාළු ලොකු පෙති කපපුවා ,,හැම කෙනාටම පිගාන ගානේ අගලක් උසට පිගානම පිරෙන තරම් මාළු කෑල්ල,, විනාඩියෙන් දෙකෙන් ඒකත් එයාලා කෑවා,,මිරිස් පොඩ්ඩක් වත් නැහැ,, පැණිරස මිරිස් වර්ගයක් දාන්නේ ,,රතුපාට විතරයි,, ඊට පස්සේ කුකුල්මස් පෙති බැදපුවා සහ කුකුලා පිටින් අවන් එකේ දාපුවා තසිම් කීපයක් මේසෙට ගෙනාවා ,, ඒඅතර අර කලින් කාපු පිගන් වෙන කෙනෙක් ඇවිත් එකතු කරන් යනවා,, අළුත් පිගන් දෙනවා හැමෝටම ,,හරක් මස් අබරපුවා වඩේ වගේ බෝල හදලා බැදපුවා, හරක් මස් ලොකු කෑලි පිටින් උයපුවා.. 

බැටළුවෙක්ගේ ලොකු කකුලක් පිටින් රෝස් කරලා , සහ තව අමුතු කෑමක් තිබ්බා ,, ඒකට කියන්නේ "කුස් කුස්" ඒක හදන හැටිත් මන් කනගමන් අහගත්තා 
කෙනෙක්ගෙන් ගොළු භාශාවෙන් (මෙරටේ ගොඩක් අය ඉංග්‍රීසි දන්නේ නැහැ ගොඩක් සල්ලි තිබ්බට , හොද ලොකු ජොබ් කලාට එයාලා ඉංග්‍රීසි දන්නේ නැහැ වැඩිය,, මේ රටේ හැමදේම තියෙන්නේ හිබ්රු භාෂාවෙන්,,හෑන්ඩ් ෆෝන් වල , ලැප්ටොප් වල තියෙන්නේ හිබ්රු,, ඉංග්‍රීසි එයාලා ගණන් ගන්නේ නැහැ,, ඔවුන්ට ඉංග්‍රීසි වල වැදගත් කමක් නැහැ,, ඒ ගැන මන් විස්තරාත්මකව පස්සේ ලියන්නම් )
පිට්ටු වගේ හදන්නේ පිට්ටු වලට වඩා පොඩි ඇට ඇට වගේ කහ පාටට ඒක කන්නේ අර්තාපල්,කැරට්, කුකුල් මස් වගේ දේවල් එක්ක කලවමට බත් වගේම තමයි ආ තව කුස් කුස් වලට තම්බපු කඩල කලවම් කරලා තිබ්බා..ඒ අතර අන්තිමට බත් ගෙනාව සුදු පාටට උයපුවයි ,, රටකජු ,කඩල, ආමන්ඩ්, ඇට එකතු කරපුවයි ,,, ඒ අතර බීම වර්ග හැම එකම ,, 
                                            

  හැබැයි මේ දවස් දෙකේ එක දවසකවත් කිසිම කෙනෙක් අරක්කු බිවුවේ නැහැ,, සිගරැට් නම් බිවුවා හැම කෙනාම වගේ,, අපි කෑම කන අතර අපිට කෑම වර්ග ගේන ගැහැණු අය හැමෝම සිගරැට් බිවුවා,, නැන්දම්මා ,, ලේලි,, එකට බොනවා ඒක අපි වතුර වීදුරුවක් බොනවා වගේ ඉතාම සරල දෙයක්,, අර දරුවෝ හතර දෙනෙක් ඉන්න කොල්ලගේ වයිෆ් තමයි පවුලේ භක්තිමත්ම ගැහැණු කෙනා ,, එයා තමයි වැඩියෙන් සිගරැට් බිවුවේ ,, පොඩි දරුවා අතේ තියන් කිරිපොවනවා සිගරැට් එක බොන ගමන් ,, මෙයාලගේ සංස්කෘතිය ගැන , දුදරු සබදතා ගැන වෙනම ලියන්නම් 
                                       මන් ජීවිතේට දැකපු කෑම වලට ගිජුම මිනිස්සු ඉන්නේ ඊශ්‍රායලයේ ,, බය නැතුව කියන්නේ,, ඔවුන් කාපු තරම් මට හිතාගන්න බැහැ,,මාත් සාමාන්‍යයෙන් හොදට කන කෙනෙක් එත් මේ වගේ නම් කනවා දැකලා නැහැ,, පුංචි ළමයි පවා එහෙමයි..මෙහෙම පැයක් එකහමාරක් වගේ කෑවා.. ඊට පස්සේ මේසේ අස්පස් කළා ඉක්මනට,, අතුරු කතා ගොඩයි ඒවා පසුව ,, ආපහු අර පොත අරන් දෙවියන්ට ස්තුති කළා ,, ගීතිකා කීවා,, ඊට පස්සේ ආපහු පලතුරු වර්ග ගොඩක් පුරවපු පිගානක් ගෙනාව ,,ඒකෙ බාගෙට ඉදිච්ච රට ඉදි තිබ්බා ,, ඒ හැම එකක්ම කමින් දෙවියන්ට ස්තුතී කළා..පලතුරු කාලා ටිකකින් විවිද ඇට වර්ග පුරෝපු පිගන් මේසෙට ගෙනාව ,, හරිම රසයි ඒවා,, මන් දන්නා එකකට තිබ්බේ ආමන්ඩ් විතරයි,, අච්චර ජාති කාලා හිටපු අය අර පලතුරුත් කාලා ඇට වර්ගත් කෑවා,, මේවට කියන්නේ ඕපාදුප ඇටලු..
                                                  

ඕපාදුප ඇට කකා ඉන්න අතර ලොකු කේක් එකක් ගෙනාවා ,,ඕකත් කෑවා ,, ඊට පස්සේ කෝපි අවශ්‍ය අයට කෝපි,, සහ තේ අවශ්‍ය අයට තේ වශයෙන් ගෙනත් දුන්නා,, ඒ අතර හරිම ලස්සන දෙයක් වුනා,, මට ලංකාව මතක් වුණා එතකොට..අවුරුද්දට එකිනෙකා තෑගී හුවමාරු කරගත්තා,, ඇදුම් තමයි හැමෝම දුන්නේ , තව පොඩි අයට සෙල්ලම් බඩු,, චොක්ලට් පිරිච්ච චොක්ලට් පාර්සල්...මටත් හම්බුනා තෑගි ගොඩක්..,, ඔහොම අන්තිමට රෑ 11 විතර වුනාට පස්සේ දරුවෝ ඔක්කොම ගෙවල් වලට ගියා..ඒ පලවෙනි දවස ,, 
                                       දෙවැනි දවසේ උදේ හතේ ඉදලා  අට හමාර විතර වෙනකල් පිරිමි අය අර පොත පෙරලගෙන යාඤ කළා,, හිටගෙනයාඤ කරන ගමන් ඔවුන් සමහර වෙලාවට වේගෙන් ඉස්සරහට පස්සට වැනෙනවා ,, මට හිනා යන්නත් ආවා.. ඔක්කොම හොරෙන් බලා හිටියේ,,දවල් වුනාට පස්සේ කලින් දවසේ විදියටම අර කෑම වර්ගම ඒ විදියට කෑවා ...ආපහු එදා රෑත් කලින් දවසේ විදියටම එදාට වඩා ජයට මේසේ ලැස්ති කළා .. කලින් දවසේ වගේම ඇපල් ,මී පැණි ,,, එළවලු වර්ග ටික  යාඤ කරලා කෑවා දෙළුම් ඇට තමයි දෙවනි දවසේ වැඩිපුර දේට තිබ්බේ,,, එදත් රෑ වෙනකල් හැමජාතියම කෑවා,, මන් කෙනෙක්ගෙන් ඇහුවා ඇයි මෙච්චර කන්නේ.. ඔයාලා කියලා,,එයා හරි පුදුම දෙයක් කීවා...අපි හැම කෑමක්ම කන්නේ සේවියන්ට භාර කරලා සහ කන කෑමක් ගානේ ඒ ආහාරයට ආශිර්වාද කරලා ,,අපි කන තරමට අපි වගේම අපේ දේශය ආශීර්වාද ලබනවා.අපිට කන්න තියෙනවා ඕනේ තරම් අපි කන දේවල් මොකුත් අපිට අගුණ වෙන්නේ නැහැ .. (මට මතකයි ඒ සම්බන්ධ බයිබලේ සදහන් වෙලා තිබ්බා ,,අපේ රටේ කතෝලික සහ ක්‍රිස්තියානි සභා වල අයත් මේ දේ කලයුතුයි ඔවුන්ගේ බයිබලයේ හැටියට ) හැම අවුරුද්දකම මේ රටේ එළවලු පලතුරු නිෂ්පාදනය ඉහල යනවා,, ඒ දේවල් ගැනත් මන් ඉදිරියේදී ලියන්නම් විස්තරාත්මකව ..
                                         හැම පිරිමි කෙනෙක්ම කෑම මෙසේ වාඩිවෙන්න කලින් "කිපාව" කියලා හදුන්වන පොඩි තොප්පියක් දාගන්න ඕනේ,,අපේ රටේ මුස්ලිම් අය දාන එකට වඩා පොඩි එකක් .. ඒ වගේම යුදෙව්වන් තමන්ගේ හැම ආගමික උත්සවෙකදිම ,,මිදියුෂ සහ ලහ්මනියා (පාන්) පාවිච්චි කරනවමයි .. මතකයි ශුද්ධ බයිබලේ තිබුනා පදයක් "නුබලා රැස්වෙන හැමවිටම මා සිහිකරන පිණිස මාගේ ශරීරය අඩයාලම් වනලෙස රොටී කැඩීමද ,, මාගේ රුධිරය ලෙස මිදියුෂද පානය කරපල්ලා " කියා..

                                           මෙසේ දින දෙකක් හොරණෑ පිබිමෙන් ,දෙවියන් යැදීමෙන් ,ආහාර අනුභව කරමින් ඔවුන් අළුත් අවුරුද්ද සැමරුවා..එහෙදි මන් දැකපු දෙයක් මේ රටෙත් අළුත් පරම්පරාව චාරිත්‍ර වාරිත්‍ර වලින් ගොඩක් ඈතයි,, සීයාගේ පරම්පරාවෙන් පහල ය ,,එයාගේ දරුවෝ ( අවුරුදු 73,69,57,54,51) පවා මේ දේවල් කරන්න මැලිකමක් පෙන්නුවා ,,සීයාට බයට තමයි ගොඩක් දේ කලේ ,,  නමුත් දෙවියන්ට කියලා තමයි හැම දෙනාම කෑම කෑවේ..අළුත් අවුරුද්ද ඉවර වුනාට එත් එක්කම තව උත්සවයක් පටන් ගන්නවා අවුරුද්ද පටන් ගත්දා ඉදල දවස් දහයකට පස්සේ... ඒ ගැන ලියන්නම් ලබන සතියේ ඒකත් ගොඩක් වැදගත් දවසක් යුදෙව්වන්ට ,,,හ්ම්ම් 
                  
                                   මේ පිළිබදව විද්වතුන් පොත පත ලියලා ඇති..මන් ඔබට ලියුවේ  මගේ ඇස් වලින් දැකපු ඔවුන්ගේ අළුත් අවුරුද්ද සහ යන්තම් ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් අයගෙන් අහලා දැනගත්ත කරුණු.. තව දෙයක් කියන්න ඕනේ ,, මේරටේ ගොඩක් සිංහල ය වැඩ කරනවා.. 15  දාහක් විතර මන් අද උදේ ඉදන් හය දෙනෙක්ගෙන් ඇහුවා කෝල් කරලා යම් දෙයක් අලුතෙන් දැනගන්න නිසා ,,නමුත් ඔවුන්ගේ ප්‍රතිචාර හරිම දුක් සහිතයි,, "අනේ මන්ද නංගි අරවා මේවා කරනවා විකාර මොනාට කරනවද කවුද දන්නේ කිවුවා"එක්කෙනෙක් විතරක් ටිකක් යහපත් ප්‍රතිචාරයක් දුන්නා සමහරවිට රැකියාවන් වල කාර්යබහුලත්වය නිසා වෙන්න ඇති....
                                                         ස්තුතී කියෙවුවට ,,, 


ක්හග් සමයක්හ් කුලම් ,,,ශනා තෝව්(ස්තුතී හැමෝටම සුබ අළුත් අවුරුද්දක් )

62 comments:

  1. කියෙව්ව බං ඉදගෙන දැන් නිදි මතයි හෙට එන්නම්.
    මාතලන් හොදට පිළිතුරු දෙයි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි එහෙම කිඋවේ මොනාහරි අඩුපාඩු තියෙනවද ,,කියන්නකෝ :-(

      Delete
    2. මම ලිපියේ වැරැද්දක් කිව්වේ නැහැ ළමයො.
      ලිපිය මල් හතයි පැණි බුලියයි...
      මාතලන්ගෙ සමහර කොමන්ට් වලදී තේරුම් ගිහිල්ල තිබෙනව ඔය රට ගැන ඔහු ගොඩක් විස්තර දන්නා බව.
      මම කිව්වේ ඔහුත් විස්තර ලිව්වාම,කියවන අපට මේ ලිපිය තවත් රසවත් වෙන බව හිතලයි එහෙම ලියුවෙ.
      මොකද හලපගේ ලිපියෙ කොමන්ට් එක ගිල්ලෙ.....???

      Delete
    3. එහෙමද ,,තැන්කූ,,මෙයාලා ගැන ගොඩක් දේ තියෙනවා ලියන්න ,එත් මේකේ ලීවේ අවුරුද්ද ගැනම විතරයි ,,නරක වගේම අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙන ජාතියක් මාතලන් අයියා තාම අවේ නැහැ ,, හැලප පොස්ට් එකේ එකම කොමෙන්ට් එක දෙපාරක් ගියා ඒ නිසා මන් එකක් මැකුවා ,,

      Delete
  2. හුඟක් ලොකු දැනුමක් ලබාගත්තා ඕමා.. ස්තුතියි බෙදාගත්තාට..

    ReplyDelete
  3. ආ ඔයාල නම් ජයටම අවුරුද්ද සමරලා තියනවා ඒ කියන්නේ! ලංකාවේ උනත් දැන් දැන් පරණ අවුරුදු චාරිත්‍ර ඔක්කොම කෙරෙන තැන් අඩුයි. මේක කියවල මටත් හිතුන ලබන සැරේ සිංහල අවුරුද්ද අපි සමරන හැටි ලියන්න. බලමුකෝ ප්‍රතිචාර වලින් ලංකාවේම වෙන වෙන පලාත්වල වෙනස්කම් එහෙමත් දැනගන්න ලබෙවිනේ!
    සිගරට් බොන එක ඉතින් එයාලගේ සංස්කෘතියේම කොටසක් වෙන්න ඇති. දැන් බලන්න, අපි බත් කඳු ගහගෙන කනවා, කිසිම දෙවි කෙනෙකුට කිසිම දෙයක් කියන්නේ නැතුව ඉඳගත්ත, කෑවා. ඒ මිනිස්සු මේවා බලන් හිටියම හිතෙන්නෙත් අපිට හිතෙන දේවල්ම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අපි කන බත් කදු කදුද අනේ ,, කද්දී කටේ කෑම හකු දෙකේ පුරෝගෙන කතා කරනවා අප්පිරියත් එනවා වෙලාවකට ,,හැමෝම නෙමේ නමුත් බහුතරය ,, අපේ සියා මට වැලමිටෙන් ඇනලා පෙන්නනවා එයාගේ මුණුබුරෝ කන කැත ,, හි හි

      Delete
    2. මම අහල තියන විදිහට ඔමා ජර්මන් කාරයො හරිම ගුප්තයී රලුයි පරිස්සමින් ඔය පොඩි උන්ට හිනාවෙන්න එහෙම එපා සීයනන් කියයි අන්තිමට අපිට ලියන්ඩ එකෙක් නැතුව යනව අන්ඩක් වත් කැඩුවොත් ඕකෙක් ලොල්

      Delete
  4. බුදු අම්මෝ ඔමා...ඔයාගෙ පෝස්ට් එකේ තියෙන කෑම ජාති...කියවලම හුම්ම ගන්නත් බෑ.
    අර කුස් කුස් කීප ක්‍රමයකටම පිළියෙල කරගන්න පුළුවනි...පස්සෙ වෙලාවක කියල දෙන්නම්.
    ඔමා ඉන්නෙ ටෙල් අවීව් වලද පිටද?

    ReplyDelete
    Replies
    1. දැන් ටෙල්අවිව් ,, අනේ ඒවා රස නැහැ අයියේ,,ඔයාගේ පොස්ට් වල තියෙන ඒවා වගේ නෙමේ ,මෙලෝ රහක් නැහැ මට පැණි රස කෑම අනේ

      Delete
  5. දැනුම බෙදා දුන්නට ස්තූතියි ඉඳගෙන
    මම අහන්නෙ මුන්ට තියෙන්නෙත් අපිට වගේම බඩවල්ද නැත්නම් ඊට වඩා වෙනස් බඩවල්ද මේම කන්න ඈ...... අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
    Replies
    1. හි හි ,, ඕකත් ඇහුවා සීයා දුන්න උත්තරේ තමයි "බේතෙන් ශේලාණෝ කමෝ නාහස්" අපේ බඩවල් හරියට සර්පයන්ගේ වගේ මුළු ඇගේම බඩ,, සහිමට පත් වෙන්න පුලුවන්ද කුලුල්ලෝ

      Delete
  6. දනුමටනම් ස්තුතියි තමයි .. මහා රැ මේවා කියවනකොට නිකන් එන්න එපා .. අනිත් දවසේ කලා ගොට්ටක්වත් අරන් එන්න ඕන .. නැත්නම් බඩගිනි වෙනෝ .. ඉදගෙන ... :ඩ් :p

    ReplyDelete
    Replies
    1. හි හි ඒ හින්දා තමයි කෑම වර්ග රසකරලා නොකිවුවේ ස්තුති ආවට

      Delete
  7. මොකද ඊශ්‍රායෙල් කට්ටිය සිකුරාදාට නාන්නෙ නැත්තෙ... තව සිකුරාදාට ලයිට් පත්තු කරන්නෙත් නෑ.. ඩෝ බෙල් එකක් රින් කරන්නෙත් නෑ....... තව බිත්ති අයිනට ගිහින් යාඤා කරනවා නේද ඒ ගොල්ලොත්......මේ දේවල් මම දැක්කෙ මම වැඩ කරන හොටෙල් එකේදී... අපි ඊශ්‍රායෙල් කට්ටිය එනවට කැමතිම නෑ.. පුදුම වදයක් දෙන්නෙ..එයාලට වෙනම ලඉට් සෙට් කරන්න ඕනෙ සිකුරාදා ආවිත් එහෙම

    ReplyDelete
    Replies
    1. සිකුරාදා සෙනසුරාද කියන්නේ ශබත්,, ශුද්ධ බයිබලයේ උත්පත්ති පොතේ 2 ;2-3 පද වල තිබෙනවා තියෙනවා උන්වහන්සේ තමන්ගේ මැවීමේ සියලු කටයුතු නිම කරලා සත්වෙනි දවසේ නිමාඩු ගත්තා කියලා ,, ඒ වගේම ඒක ශුද්ධයි කියලා නම් කළා කියලා..
      ඒ වගේම නික්මයාම පොතේ 20 ;8 -11 දක්වා කොටසේ උන්වහන්සේ මෝසෙස්ට දුන්නාවූ දසපනත තුල තදින් කියා තිබෙනවා ..සය දවසක් වැඩ කරලා හත් වෙනි දවසේ නිමාඩු ගන්න කියලා ,,
      මන් මේ ගැන වෙනම ලිපියක් දිර්ගව ලියන්න ඉන්නේ ශෂී ,, එයාලා කරන්ට් එක පාවිච්චි කරන්නේ නැහැ , ෆෝන් ,tv,නාන්නේ නැහැ ,හැමදේම "අෂුර්" කියනවා ඒ කියන්නේ හොද නැහැ,,නමුත් හැම කෙනාම ෂබත් පවත්වන්නේ නැහැ ,,හොදින් ආගම අදහන ය තමයි,, මටත් එපා වෙනවා මොනා කරන්නද එකිනෙකාගේ විශ්වාසය සහ ඇදහිල්ල නමුත් ජේසුස් වහන්සේ සබත් දවස ගැන කළාවූ දේශනාව මතෙව් 12 වෙනි පරිච්චේදය පුරා තිබෙනවා .. යුදෙව්වන් යේසුස් වහන්සේව පිළිගන්නේ නැහැ ,,ඔවුන් තවමත් බලන් ඉන්නවා මෙසායා කෙනෙක් එනතුරු..

      Delete
  8. මමත් කතෝලික .. නමුත් ඊශ්‍රායෙල් වරුන් පිළිපදින්නෙ බයිබලයේ කුමන කොටස්ද කියන එක මට එච්චරම පැහැදිලි නෑ

    ReplyDelete
    Replies
    1. ඔවුන් පරණ ගිවිසුම විතරයි ,, යේසුස් වහන්සේගේ උපතින් පස්සේ ලියවෙච්ච මතෙව් පොතෙන් මෙහාට දේවල් එයාලා විශ්වාස කරන්නේ නැහැ ,, මන් නම් බුද්ධාගමේ ඈ ,, පරණ ගිවිසුමේ යෙසායා තුමා කියපුවා ඒ විදියටම ඉස්ට වුනා ,, මේ මිනිස්සුන්ගේ හිත් හරිම තදයි ,, ජේසු කියනවා ඇහුණාම කෙල ගහනව .. යුදෙව්වෝ තමයි ජේසුස් වහන්සේව කුරුසිපත් කලෙත්,, ඒ පාපයේ වන්දිය ඔවුන් තවමත් ගෙවනවා ,, ජර්මන් කාරයෝ ඇතුළු යුරෝපියන් අතින් මිලියන 6 ක් මැරුම් කෑවා,, ඒ අතර කුඩා දරුවෝ විතරක් මිලියනයට වැඩි .. මේ ජාතිය විදේශිකයන්ව එතරම් ගණන් ගන්නේ නැහැ ,, ඔවුන් තමයි ලෝකේ බලවත්ම සහ උතුම්ම කියලා හිතන් ඉන්නේ ,,

      Delete
    2. ඇ කෙල්ලේ අඹට මෙව්වා ගැන හෙන දැනුමක් තියනවා නේද

      Delete
  9. අම්මෝ මෙහෙමත් කෑමක්..ඔහොම කෑවොත් ඔමාට නැවේ තමයි ලංකාවට එන්න වෙන්නෙ :P ..කොහොම උනත් ජීවිතේට අහපු නැති දෙයක්..ගොඩක් ආසාවෙන් කියෙව්ව..නියමයි ඔමා...මුන් මෙච්චර බලවත් ජාතියක් වෙලා ඇත්තෙ මේ විදියට කාල වෙන්න ඇති....තව ලියන්න..Good Luck

    ක්හග් සමයක්හ් කුලම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් එකක් වෙන්න පුළුවන් ,,ඔවුන් විශ්වාස කරන විදියට සහ ඔවුන්ගේ බයිබලයේ විදියට ඔවුන් උසස්

      Delete
  10. ඔයාටත් වඩා කනවා කියන්නේ නම් ඊශ්‍රායල් කාරයෝ මාරම කෑමක් කනවා ඇති නේද බතලියෝ.....ඊශ්‍රායලය කියන රට හා මිනිස්සු ගැන එච්චර පහන් හැගීමක් එන්නේ නෑ ,එත් විස්තර දන ගන්න කැමති නිසා කියෙව්වේ, ලිපිය top,
    ඈ මේ අර පිරිම් ළමයින්ගේ මෙව්වා එකේ කෙලවර කපනවා බලන්න ගියා කිව්වේ මොකක්ද අනේ ඔය කියන "මෙව්වා" එක. :D

    ReplyDelete
    Replies
    1. හේ හේ මන් හිතුවා අහයි කියලා ,,ලියන්නම්කො ඔව් කාටත් එහෙම තමයි එයාලා හරි වෙනස් ජාතියක් ,,නමුත් ගොඩක් හොද අයත් ඒ අතර ඉන්නවා

      Delete
    2. මම නම් "මෙව්ව"එක කැපුවෙ ලංකාවෙදි සල්ලි ඩොකාට ගෙවල.

      Delete
    3. අපොයි කෙන්ජයියේ......එතකොට ඔයාට මෙව්වා එකක් නැද්ද...? :D

      Delete
    4. දැරිවියක ගෙ ලිපියක වැඩි විස්තර ලිවිම සදාචාරාත්මක නොවන බැවින්,
      ඉදිරියේදී "සමකය වටේ" යද්දී කියවල බලමු.

      Delete
    5. අපේ අම්මේ ,,කෙන්ජි ,, මේ ටිකේ හරි අමුතුයි ඔයා ,,ඒ ගැන ලිපිය ලිවුවම මොනා කියයිද ඉදගෙන ඈ ,, තැන්කු ඔයාට ,,

      Delete
    6. මම ඒ දොස්තර උනානං දෙනවා පොඩි කෙන්ජියට මුලින්ම වැඩේ

      Delete
  11. ගොඩක් ඔය වගේ උත්සව වලදි කෑම නං කනවා නේ නැති වෙන්න... හි හි... පේන් නැද්ද අපේ අවුරුදු.. උදේට කාලා දවල්ටත් කෑවම බඩ උස්සන්න බෑ.. ඒ මදිවට පැණිරසමයිනේ ඔක්කොම...

    ReplyDelete
    Replies
    1. නෑ අක්කේ මෙයාලා අවුරුදු නෙමේ හැම දාකාම එහෙමයි කෑමට ෆර්ස්ට් ,, වැඩටත් එහෙමයි.

      Delete
  12. නොදන්නා දෙයක් ඉගෙනගත්ත ඔන්න.මේ අවුරුදු උත්සවයක් ගැන ඇහුවමයි... හැබැයි ඇත්තටම මමත් යුදෙව්වන් ගැන ඒ තරම්ම හොඳ ආකල්පයක් තියන කෙනෙක් නෙමේ.නමුත් දැන ගන්න කැමති ඒ ගැන.මොකද නිකම්ම අකමැති වෙනවට දැනගෙන අකමැති වෙන එක හොඳා නිසා.හොඳ ලිපියක් ඔන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි ,, මන් මේ දැකපු කාල සීමාව තුල ඔවුන්ගේ නරකට වඩා හොද දේවල් දැක්කා ,, ලියන්න ගොඩක් දේවල් තියෙනවා ,,අපේ ජිවිත වලටත් වැදගත් වේවි අයියේ,, වෙන ලිපියකින් ලියන්නම් .. මේ බඩ්ඩක් තියෙනව කියන්න ,, කෙන්ජි ගැන උඩම කොමෙන්ට් වල ඇති බලන්නකෝ ,, හොද බයිටක් දෙන්න පුළුවන් ඉදගෙන

      Delete
  13. ඔය ඇට කෑම මෙහෙත් තියෙනව. කොටිම්ම අපිත් ජයටම කනව. ඕවගෙ වැඩි පුර තියෙන්නෙ pistachio සහ වට්ටක්ක ඇට. කොලොස්ටරෝල් වලට ඉතා හොඳලු. ඒ නිස බතලි නගත් කන්න.

    ReplyDelete
    Replies
    1. වට්ටක්කා ඇට කනවා එත් උත්සව වෙලාවට නම් ගන්නේ නැහැ ,, වෙන වර්ග 5ක් තිබ්බේ ,,මොනා වුනත් මන් කෑවා හොදට ,,සීයාට දත් සෙට් එක අමතක වෙලා එදා ගියේ ඉතින් අහුරු අහුරු අරන් දෙනවා කන්න කන්න කියලා මාත් ඉතින් අබරුවා,, බතලි කියන්න එපා ඈ අපි ගානට ස්ලිම් එකට ඉන්නේ ..

      Delete
  14. ඈ බං කෙල්ලේ..උන්නං පුරුද්දට කනවා කියමුකෝ.. උඹ කොහොමෙයි ඔය හැටි කෑම ජාති ගොඩක් ගිල්ලේ...

    මොනවා උනත් වටිනා කියන තොරතුරු ගොඩයි මේකේ...

    ReplyDelete
  15. මොකක්ද අර මනුස්සය තඩි ආනමාලුවක් වගේ එකක් කටේ ගහන් පිඹින්නේ ???

    ඇට ජාති නම් ඈක්ක.. :(

    ReplyDelete
  16. නැහැ පුදුම රසයි ඒවා ,,ඒක බැටළු / එළු අගකින් හදපු හොරනාවක්

    ReplyDelete
  17. සුපිරි ලිපියක්, මම බොහොම ආදරය කරන රටක්, ළෝකේ මිනිස්සුන්ට ඊශ්‍රායල් කාරයෝ පෙන්නන්න බෑ කියන්නේ. හරියට අපේ උන්ට දෙමළු පෙන්නන්න බෑ. දෙමළුන්ට අපිව පෙන්න්නන් බෑ වගේ කේස් එකක්. ඔය රටේ විවිධ රටවලින් ආපු යුදෙව් සංක්‍රමනිකයින් 72 ක් ඉන්නවා. රුසියාවේ ඉඳලා අප්‍රිකාව විතරක් නෙමෙයි බූතාන්, ඉන්දියන් උනුත් ඉන්නවා. ඒ නිසා ඔය උත්සවයත් විවිධ ජාතීන් අතර විවිධ ක්‍රමයට තියෙන්නේ. "ලහ්මනියා" සහ වයින් සීන් එක නම් කොමන්. සමහර අය මාළ්ය් ඔළුවක් කෑවට, සමහර රටවලින් ආපු උන් කන්නේ බැටළු ඔළුවක්. කෑම බීම විවිධ ජාතින් අතරේ සෑහෙන වෙනස්. මට හමුවුන අය අතරෙන් රසම කෑම කෑවේ ඉරානෙන් ආපු යුදෙව්වන්ගෙන්, මෙලෝ රහක් නෑති කෑම කෑවේ ඇමරිකන් කාරයන්ගෙන්. අප්‍රිකා උන්ගේ ඒවනම් කන්නම බෑ. තනිකර කුළුබඩු. උන් ගාව සැර ගඳක් එන්නෙත් ඒකයි මයෙ හිතේ.

    මම කාළයක් ජෙරුසලමේ ප්‍රකෝටිපති පවුලක හෝටලේක වැඩ කලා. ඒ මිනිස්සු එක්ක තමයි බෝකෝමයක් රට රටවල ගියේ. එක එක කෑම ජාති කන්න හම්බ උනේ. මම ගියපු රටවලින් නම්. ර්සම කෑම කෑවේ ලෙබනන් වලදි.

    ඔයා දන්නවද යුදෙව්වෝ සහ අරාබි කියන දෙගොල්ලම ඌරු මස් කන්නෙ නැති උනත් ඊශ්‍රාලයේ ඌරූ මස් කඩත් තියේවා කියලා. අපේ වගේ හොරෙන් නෙමෙයි. ප්‍රසිද්දියේ. ඒ උනට මෙහේ වගේ උන් ගිනි තියාගන්නේ නෑ. ඕවල තියෙනවා අර ස්පාඥ්ඥයේ ඉඳලා ගේන ස්මෝක්ඩ් පොර්ක් පුළුවන් නම් හොයාගෙන කන්න.. දිවිය ළෝක රහයි...

    ReplyDelete
    Replies
    1. ෂා නියමයි ,, ඔව් අයියේ මටත් සීයාගේ මුනුබුරෙක් කීවා,,එයාලගේ මිශ්‍ර වෙච්ච කල්චර් එක නිසා එකිනෙකා අතර ගොඩක් වෙනස්කම් තියෙනව කියලා ,,ඉස්සරහට ලියන්නම් ,, ඒවගේම ඌරූ මස් කඩ දැන් නම් හොරෙන් තමයි කරන්නේ ,,රටේ බහුතරය අකමැති නිසා ,, දැන් නම් මෙහෙන් ලෙබනන් වලට ෆෝන් කෝල් එකක්වත් ගන්න බැහැ,, කිසිම සම්බන්දයක් නැහැ රටවල් දෙකේ ,, ස්තුති ඔයාට අදහස් බෙදාගත්තට ,,

      Delete
  18. එයාලට කනවා ඇරෙන්න වෙන වැඩක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ආදායමේ හැටියට කෑම බීම බොහෝම ලාබයි.. වතුරවත් නැති රටේ තනිකර බොන්න තියෙන්නේ නැවුම් එළකිරි. අපිටයි උන්ටයි නිදහස හම්බ වෙලා තියෙන්නේ එකම වසරේ. එතකොට ඊශ්‍රායලය කියන්නේ කාන්තාරයක්. අද කොහොමද..? අනේ අපි හරි පවු කාරයෝ නේද කියලා හිතෙනවා.. ඒවා දැක්කාම..

      Delete
    2. ඔව් අයියේ ලගදීම ලියන්න ඕනේ මෙයාලා ගැන ලිපියක් ,, කාන්තාරේ මල් පුදෝපු මිනිස්සු මෙයාලා ,, අද සියත් එක්ක ලගකට ගියා ටැක්සියේ ,, එකෙ ඩ්‍රයිව් කලේ අවුරුදු 64 ක ගැනු කෙනෙක් ,,පිරිමියෙක් වගේ එයා හරිම ක්‍රියාශීලි ,, අපේ සීයා වැඩිපුර සල්ලි දුන්නා ගත්තෙම නැහැ ,, යනකල්ම දෙන්නට දෙන්නා සුබ පතා ගත්තා,, දෙවියන්ට ස්තුති කළා ,, බස් ඩ්‍රයිවර්ස්ලත් ඉන්නවා ගෑනු අය ඕනේ තරම් නේද,, ඔයා ජිවිතේ ගොඩක් අත්දැකීම් තියන කෙනෙක් අයියේ ගොඩක් සතුටුයි ඔයාගේ අත්දැකීම් බෙදාගනන්වට

      Delete
  19. යකෝ පුදුම කෑමක්නේ ඒක :O අද ගොඩාක් ලියලා :)

    ReplyDelete
  20. ඉදගෙන.. දැං නැගිටගන්නත් බෑ. දැරිවියේ උඹ ඔය තරං කාලා තමා බැරල් එකක් වෙලා තියෙනනේ..

    ReplyDelete
    Replies
    1. මන් ඔමායා ,, ඔයා වෙන බ්ලොග් එකක් කියෝලා මේකට කොමෙන්ට් කරලා ,,ස්තුති

      Delete
    2. එහෙම්මද??? හා හා.. වරෙන්කෝ මටත් ඉදගෙන කියන්න වෙලාවක...

      Delete
  21. පිටරටක ජීවත්වන-සංචාරය කරන උදවිය කිහිප දෙනෙකුගෙන්ම මම ඉල්ලුව ඒ සංස්කෘතිය ගැන යමක් ලියන්න කියල(මාතලන්ටත් කිව්වද කොහෙද). ඒත් හරිගියේ නෑ. මේක හොඳ සටහනක්. මේවගේ ලිපි බ්ලොග් තුල අල්ප උනත් පුවත්පත් වල නම් ඕන තරම් තියනව. එහෙනං ලියමු බලන්න.

    ලඟදි මගේ ඥාතියෙකුගෙ හොටෙල් එකට ආව ඊශ්‍රායල් ජාතිකයන් දෙතුන් දෙනෙක්. බවලතෙක් එහෙම හිටිය මාර ලස්සන :-)

    ReplyDelete
    Replies
    1. මෙහෙ ගෑනු ය මාර ලස්සනයි තැන්ක්ස් ආවට මේ පැත්තේ

      Delete
  22. සුපිරියි හලෝ. ලස්සනට ගෙත්තම් කරලා නොවැ :)

    ReplyDelete
  23. ඕමායා ඔයා හොදට ලිපිය ලියලා තියෙනවා.නොදන්න කරුනු ගොඩක් ඔයාගේ ලිපියෙන් දැන ගත්තා.මාත් කතෝලික නමුත් බයිබලය ,මිනිස්සු මවාගත් වත් පිලිවෙත් ගැන නම් මගේ පැහැදිමක් නෑ .
    කෑම ජාති ගොඩක් තිබිලා නේද?කුස් කුස් නම් මාත් කාලා තියෙනවා හැබැයි ඉතාලියේ හදන විදිහ නම් හරිම රසයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ,, අපිට පිළිගන්න කොච්චර දේ මේ ලෝකේ තියෙනවද නේ ,, ඒ වගේම ඒ මිනිස්සුන්ටත් අපේ දේවල් එහෙම ඇති ,, කුස් කුස් මෙහෙ රහ නැහැ අනේ ,, ඉතාලි විදිය දවසක මට කියාදෙන්නකෝ

      Delete
  24. ඹයාගේ මෙම ලිපිය ඉතා වැදගත් ඹබට දෙවි පිහිටයි

    ReplyDelete
    Replies
    1. ස්තුති දිරිමත්කිරීමට ,, ඔයාටත් දෙවි පිහිටයි

      Delete
  25. යන්න කැමති රටක්. රට බලනවට වැඩිය මගේ කැමැත්ත තියෙන්නෙ ඊශ්‍රායල් කාරයො ලෝකෙට හඳුන්නල දීපු ක්‍රව් මගා කියන ආත්මාරක්ශක සටන් කලාව උගන්නන පාඨමාලාවක් කරන්න.

    ReplyDelete
    Replies
    1. මෙහෙ පුංචි ළමයි ඉදලම පුරුදු වෙනවා ඒවා ,, යුද්ධ රටක් නිසා හැමකෙනාටම ඒ පුහුණුව වැදගත් නිසා

      Delete
  26. මම අද තමයි කියෙව්වේ මේ ලිපිය. මට මතක් උනේ ඇස්ට්‍රික් එකේ ජිංපප්පව..හි. හී

    ReplyDelete
    Replies
    1. හි හි . ,එහෙමද.. thanks අයියේ,

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...