Friday, October 11, 2013

තාත්තෙක් වෙන්න ආසද 33


                                           ලියන්න ඕනේ යටිපෙළ අදහස මට ආරම්භයක් දෙන්නේ නැහැනේ ,,,මෙහෙ  සුදු ඇන්ටිලා සමර් එකේ උනාදාපු ඇදුම් ආයෙම අදින්න පටන් අරන් ,,, ලොකු අවුකන්නාඩි නොදා පාර්ක් එකේ යන්න පුළුවන් ,,, සීතල හුළං රැළි ඇගේ වැදෙද්දී ආ,,,සයි,,,
                     ඒ බලු පැටියගෙයි එයා අයිති රයිනෝ වගේ ලොකු ගෑණු කෙනාගෙයි මුණු දෙකම එක වගේ වුණේ කොහොමද ,,, ඕක වෙච්ච පළවෙනි වතාව නෙමේ මේ ,, ඒකට උත්තරයක් හොයන් මට වැඩක් නැහැ ,, දහස්  ගණන් දීලා  සැන් පවුඩර් ගාලා ,කොණ්ඩා පීරලා හැදුවට බිත්තරයක් වත් දානවයැ,,බල්ලෝ 
                                   තාත්තාට මන් කෝල් කලා ,,අවුරුදු තුනකින් ඒ කටහඩ ඇහුවේ ...පුංචි කාලේ මතකයන් ගොඩක් අළුත් වුණා.. මගේ තාත්තා කොච්චර වයසට ගියත් මට අදටත් මැවෙන්නේ එයාගේ තරුණ කාලේ කඩවසම් රූපේ ,කටහඩ ,,එදා තාත්තා කතා කරපු දා රෑ අහපු සිංදුවක් මගේ හිතට වද දෙනවා මන් ඔයාට කියන්නම් සේරම අහගෙන ඉන්න 

            සද හාමිනේ මගේ ....දරුවන් උකුළේ තියා 
            නිදිකිරනවා ඇතී......රෑ මැද නෙත නොපියා 
            දිපන්කරේ ආවේ.. ..මගේ දරු පැටව් නිසා 
            මට බය උන්ට මා ...අමතක වේද කියා 


                                ඉස්සර තාත්තා මට කැට පෝලයක් හදලා දීලා තිබ්බා අපි දෙන්නට දෙකක් තිබ්බා ,, හවසට වෙලේ ඉන්න කොක්කුන්ට අපි විදිනවා ගල් වලින් ,,,මං කල්පනාකලේ මගේ තාත්තට මාව හුරතල් කරලා ලොකු සතුටක් හම්බෙන්න ඇති ,,අම්මා ලග නැති පාළුවත් ටිකක් හරි තුනී වෙන්න ඇති ,, ඒත් අවුරුද්දේ දෙකේ පුංචි දරුවෝ බිරිඳ එක්ක තියලා පිට රටවල රස්සාවල් කරන තාත්තලා ,,ඒ වගේම ඒ තාත්තලගේ පුංචි දරුවෝ ,,සමහරවිට බිරිදට බබා හම්බවෙන්න ඉද්දි සැමියට රට යන්න වෙනවා ...
                               රෝගියෙක් විදියට ප්‍රතිකාරෙකට ,එහෙම නැත්නම් ස්ථිර පදිංචිය පිණිස පවුල් පිටින්ම පිට රට යෑම හැර වෙන මොන කාරණාවක් වෙනුවෙන් හරි අපි පිට රටක රැකියාවක් කරන්නේ සල්ලි ඕනේ නිසා ,,, මේ ඉන්නවට වඩා ඉහලට යන්න ඕනේ නිසා ,, පවුලේ අනාගතය ,,ගේ හදාගන්න ,,ළමයින්ට උගන්නන්න මේ වගේ මුලික හේතු එකක් හෝ කීපයක් නිසා ,,,මන් ආස නැහැ ඔබට වාර්තාමය ලිපියක් ලියන්න රාජකාරි විදියට බස හසුරවමින් ,,කරුණු පෙළගස්වමින් ,,,ඒ මොකද මන් ආස නැහැ එවැනි ලිපි කියවන්න ,,උඩයි යටයි විතරයි මන් කියවන්නේ ඒ වගේ ලිපිවල ,, "අපේ ශ්‍රී ලංකාව ඇතුළු තුන් වන ලෝකයේ කියන රටවල් වල විදේශ ගත වි රැකියා කරන එක සහ එහි ආදීනව එදිනෙදා ඕනේ තරම් අහන්න ලැබෙනවා" අපි හැමෝම දන්නවා ඉතින් ඒ ගොඩට මට මොකුත් එකතු කරන්න ඕනේ නැහැ ,,ඔබේ හදවතට පුංචි කතාවක් කියන්නම් රට ගිය පියෙක් හා එවැනි පියෙක්ගේ දරුවෙක්  ගැන  එච්චරයි ,, හ්ම්ම් 
                                   
                                       

         දරුවට මාස කීපයක් වෙද්දී තාත්තා පිට රටකට රැකියාවට යනවා ,,,, ඔයා හිතන්න ඒ දරුවට මේ විදියට තාත්තගේ කරේ ඉන්න පුළුවන් වෙනවද ,,, අතේ තියාගෙන ඉන්නවට වඩා මෙහෙම ගොඩක් උස තැනක ඉදලා අවට බලන්න එයා ආසයි ,,, හරි දරුවට මාමලා ,,සීයලා ඉන්නවා එයාලා මෙහෙම කරලා ඒ කරේ යන අත්දැකීම දුන්නා කියමුකෝ .... ඒත් ඒ තාත්තට කෝ ඒ අත්දැකීම ,, එයා රැකියාව කරනවා නවාතැනට එනවා (පිට රට ඉන්න තරුණ තාත්තලාගේ අතුරු කතානම් බොහොමයි ...ස්කයිප් ,ෆේස්බුක් හරහා ඔවුන් බොහොම සතුටින් ඉන්නවා කියලා ඔයා දැන් හිතයි ඒත් ඒ සියල්ල පසෙක තියලා ගැඹුරින් බැදීම් ගැන විතරක් හිතලා ලියන්නේ )අවුරුදු දෙකක් රැකියාව කරලා ගෙදර යද්දී ළමයා ලොකුයි.. 


මේ විදියට වැඩට ගිහින් ඇවිත් ෂර්ට් එක විතරක් ගලෝලා දාඩිය පිටින් පොඩි එකාව අතට අරන් බලන් ඉන්න එයාට හම්බවෙනවද ,,,(දැන් නම් එහෙම අල්ලන්නවත් දෙන්නේ නැහැ විෂබිජ නිසාලූ) "මගේ මුණමයි ,,,දෙයියනේ මේ මගෙම දරුවා නේද" ,, කිරිපොවලා ,, ඔඩිකොලෝන් ගාලා පව්ඩර් ගාලා ඉන්න තමන්ගේ දරුවව ලගට අරන් ඉබිද්දී එන ඒ සුවද රට ඉදලා ස්කයිප් එකෙන් හුරතල් කලාට තාත්තට විදින්න පුලුවන්ද ,,,මාස හය හත ඉදලා අවුරුදු දෙක තුන කියන බහතෝරන කාලේ කියන හුරතල් කතා ඒ තාත්තට රිසිසේ අහන්න හම්බවෙයිද ,,,අපි පොඩිකාලේ කථාකරන්න අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම ඉගෙනගත්තා ඒත් තාත්තා රට ඉන්න පුංච් දරුවට තාත්තාගෙන් ඉගෙනගන්න ලැබෙන්නේ නැහැ ,, තාත්තා අනාගතේ ඉටුකරන්න තියෙන යුතුකම් වෙනුවෙන් වර්තමානේ කැප කරලා ,,,
                                දරුවට අවුරුදු දෙකක් තුනක් වෙද්දී තාත්තා කෙනෙක් රට යනවා ,, ඔහු යන්නේ දරුවා වෙනුවෙන්මයි පවුලේ අනාගතය වෙනුවෙන් ,,, බොහෝ විට එක වරකට සීමාවෙන්නෙ නැහැ ඒ ගමන,, වසරින් වසර අළුත් උවමනාවල් හේතු එකතු වෙනවා දිගටම රට රැකියාව කරන්න ,, "උන්ගේ තාත්තා ඉතාලි බන් " "යනවා එනවා " "දැක්කද අළුත් බයික් එක උන්ගේ තාත්තා සල්ලි එවනවනේ බන් "  යාළුවො කියයි ,,,
මොනදේ ලැබුණත් ....ඒ වගේ තාත්තා කෙනෙක් පොඩිකාලේ ඉදන්ම පිටරට ඉන්න දරුවෙක්ට කොච්චර අත්දැකීම් ගොන්නක් අහිමි වෙනවද ...
                                        වැරදි කරලා අම්මා කෑගහද්දී ඉස්සර මට හිටපු ගැලවුම්කාරයා තාත්තා ,,ඒත් අම්මා කෙනෙක් එක්ක විතරක් හැදෙන දරුවෙක්ට අත්තම්මා ,සීයත් නැත්තම් ඉතින් අම්මා ඉස්සරහා නැගිසිටින්න කිසිම හයියක් නැහැ ,,,තාත්තා අවුරුද්දට සැරයක් දෙකකට සැරයක් නිමාඩුවට ඇවිත් ගියාට සමීප බවක් දැනේවිද ,, ඒ තාත්තා ආගන්තුකයෙක් වගේ ඇවිත් ටිකක් දරුවා සමීප වේගෙන ඉද්දි ආපහු යනවා ,,, 

                    "තාත්තේ ටිකක් වඩාගන්නකෝ " කියන්න පුලුවන්ද ළමයෙක්ට අවුරුදු අටක් දහයක් ගියාම ,,, තාත්තට පුලුවන්ද ඒ වයසේ ළමයෙක් ඉස්සරහ වීරයෙක් වෙන්න,, ඒ වයස වෙද්දී ...මෝටර් බයික් එකේ ඉස්සරහා ටැංකිය උඩ ඉදගෙන තාත්තා එක්ක ඉස්කෝලේ යන ළමයෙක්ගේ මුණේ තියෙන ආඩම්බර උද්දාමය මන් දැකලා තියෙනවා ,,, තාත්තා රට ඉන්න දරුවෙක්ට එහෙම යන්න පුළුවන් වයස පහුවෙලා තාත්තා එක්ක යන්න වෙන්නේ බයික් එකේ පිටිපස්සේ තමයි 

                                     ..ආර්ථිකය ඉහල ගියාට සල්ලි හම්බවෙලා ගේ හැදුවට අග හිඟකම් දුරු උණාට පුතෙකුටයි තාත්තා කෙනෙක්ටයි ලබන්න තිබ්බ අත්දැකීම් ,,,වින්දනයන් මහාගොඩක් අහිමි වෙලා ඒවා ආයේ කවදාවත් ගන්න බැහැ ...දරුවන්ට ආදරේ නිසාමයි රට රකියාවකට යන්නේ ,,,පවුල ගොඩගන්න ඕනේ නිසා,, ඒවා එහෙම වෙනවා ,,, ඒත් අර කරේ ගිහින් ,, ලුණු ගිහින් ,,,වඩාගෙන ,,බයිසිකල් පද්දගෙන දරුවාගේ  ඇගේ ගෑවී ගෑවී කාලේ ගත වෙද්දී දැනෙන පිරිච්ච අමුතු බැදීම හිත් වලට කොහෙන්ද ගේන්නේ ,,,, ඒවා කොහෙහරි රටකට ගිහින් ගේන්නද ,,, සල්ලි වලට මොනතරම් දේ කරන්න පුලුවන්ද මනුස්ස ජිවිතේක ,,,
                     අගක් මුලක් හොයාගෙන ලිහන්න බැරි තරම් පැටලිච්ච නූල් බෝලයක්  ලිහන්න උත්සහ නොකර ඇස් වලින් ලිහන්න පාරවල් හොයා හොයා නූල් බොලේ දිහා බලන් ඉන්න විතරයි මට පුළුවන් හොදටම පැටළුම වැඩිනම් ඒක විසිකරලා අළුත් නූල් පන්දුවක් අරන් පටලගන්නේ නැතුව තියාගන්න එක තමයි කරන්න වෙන්නේ ,,,
                                 මන් පටන් ගන්නවා ,,දැනටමත් පටන් අරන් තියෙන්නේ ,,, ඔයත් පටන් ගන්න ,, කසාද බදින්න කලින් පුළුවන් තරමින් ජිවිතේ ගොඩ දාගන්න ,,, ඔයා අම්මෙක් තාත්තෙක් වුණාට පස්සේ දරුවන්ගෙන් ඈත් වෙන්න එපා ,,,ජිවිතේ ලැබෙන ගවුරව ,,නම්බුනාම ,,ඉඩකඩම් දේපළ මේ හැම දේටම වඩා දරුවෝ බිරිද ,සැමියා ආදරෙන් හිනාවෙලා සතුටින් ඉන්න එක කොච්චර වටිනවද ,,,කියන්න ලේසී කරන්න නේ අමාරු දැන් තියන ආර්ථිකෙත් එක්ක ,, එහෙම කියලා හේතු හදන් හර්දසාක්ෂිය වහලා හිස් ටින් බෙලෙක්ක වගේ හිනාවෙන්න එපා ,,, දරුවෝ කුඩුකාරයෝ ,,ස්ත්‍රීදුෂකයෝ වෙච්ච කෝටිපතියෝ ඕනේ තරම් ඇති අඩා වැටෙන ඉතින් ඒ සල්ලි වලට පුලුවන්ද එයාගේ හිත හදලා එයාව හිනස්සවන්න ,, ඒ නිසා නතරවෙලා ජිවිතේ ගැන හිතන්න ,, ඔයාගේ ජිවිතේ ඔයාගේ ,,   මන් ලියලා ඉවරයි  ස්තුතී------------------෴




72 comments:

  1. හ්ම්....බදින්න ඉන්න කස්ටියට අගනා උපදෙසක්.
    ලිපිය කියවද්දි මගේ දරු පැටව් දෙන්න පුංචිම කාලේ කිරි බිල අහවර වුනයින් පස්සෙ වඩාගෙන ගුඩුස් යවද්දී සමහර වෙලාවට කිරි වමනෙ ටිකක් ලා රස්නෙට පිට දිගේ ගලාගෙන ගිය හැටිත්,
    එයාලට හෙම්බිරිස්ස හැදිල හුස්ම ගන්න අමාරු අමාරු වෙද්දි මගෙ කටින් හෙමින් සොටු සුරල ගත්ත විදිත් මතක් වුනා.
    දැන් උස්මහත් වෙද්දි කොහොම හිටපු දෙන්නද මේ ඉන්නෙ කියල සිතට පුදුම සතුටක් ලැබෙනව.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කොමෙන්ට් එක කියවද්දී මගේ අතීතේ මතක් වුණා ,අපේ තාත්තා ඔය විදියටම කළා ,,මගේ හොටු සුරල ඔහොම ගන්නවා කියලා එයා කියපුවා ,මට මතක නැහැ පොඩි නිසා වෙන්න ඇති..පුංචි කාලේ ඉදන් ලගින් හිටපු නිසා ඔයාට ඒ සතුට විදින්න හම්බුනා ,,මගේ ලිපි කියවන අයව ජිවිතේ බැදීම් වලට ආදරේ කරවන්නයි මන් ආස ..

      Delete
    2. ඒ පොඩි කාලෙ කටින් හොටු සූරපු විදිහ..

      අපෙ (තාත්තගෙ අම්ම) ආච්චිගෙ උගුරෙ සෙම හිර වෙලා, ෆිට් එක හැදිල ඉද්දි අපෙ අම්ම (දුව නෙවෙ ලේලි) කටට අත දාල සෙම ටික ගත්ත හැටි මට තාමත් මතක් වෙනවා. දොස්තර අත දැම්මෙත් නැහැ.

      ඒ සිද්ධි අපිට හොද පාඩම් !

      ස්තුති ලිපියට - ජය වේවා !!

      Delete
    3. ස්තුති සෑම් අදහස් බෙදාගත්තට

      Delete
    4. Thaththa thamai mage mulu lokema , ape thaththata den awidinna be , kawuda magema wayase yaluwek eyawa happala dala gihin thibuna, eda idan mage thaththa thama hospital eke adak udata wela bala gaththu atha balan innawa , eyata aye jiweetheta katha karanna hinawela inna , awidinna hambennne ne , mage thiyena ayushath aran eya jiwath wenna ona kiyala mama budu saduta pahana thiyena hema welema illanawa , mokada me loke mama dekka hodama thaththa eya hinda.oyage kathawa kiyawan yaddi mata mathak wune thaththa apiwa kare thiyagena bath kawanna ammata udaw karapu heti , oyata godak pin thaththala gena artical akak liwwata .

      Delete
  2. ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා කතාවක්

      Delete
    2. ඒකනේ පූමෝ ,, හි හි , විහිළු නෙමේ මං මේක ලියද්දි ඔයාවයි ඔයාගේ දරුවන්වයි කීප සැරයක් මතක් වුණා..ඔයා ඒ සතුට විදින පියෙක් ,, ළමයි නිසා අකරතැබ්බ වලට පත් වුනා කියලත් ඕනේ තරම් ආරංචි ආවා හි හි

      Delete
    3. ස්ථාවර මට්ටමකට ඇවිත් තීරණයක් ගන්න ;)

      Delete
  3. මගේ දුව දැන් මොන්ටිසෝරි යනවා. එයාලගේ පන්තියේ ඉන්න ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ අම්මා සහ තත්තා යන දෙදෙනාම රට. අනෙකා ගේ තාත්තා රට ඒ දරුවා තවම තාත්තා දැකලා නැහැ. ඒ ළමයි ගැන දන ගත් විට මටත් ඔබ ට මේ ලිපියේදී හිතුනු සියල්ලම හිතුනා. ඇත්තටම ඒ දරුවන්ට සහ දෙමවුපියන්ට අහිමිවන අත්දැකීම් සහ කාලය නැවත ලබාගන්න බැහැ. මටනම් මුදලට වඩා ඒවා වටිනවා. බොහෝ විට එම දෙමවුපියන්ට ලංකාවේදී ප්‍රමාණවත් මුදලක් සොයන්න බැරි ඇති. දැනට රට ඉන්න ඕමයා අනාගතයේදී අම්මා කෙනෙක් වූ පසු තත්වයට කෙසේ මුහුණ දෙයිද?

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ,, මගේ පුංචි කාලේ ඉතාම අසුන්දරයි මතක් කරද්දී ඔලුව කැක්කුම එන තරමට ,, "මගේ සුදු තාත්තා කියන ලිපිය (http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html) වෙලාවක් ලැබුනොත් කියවන්න ... හුදෙකළාව තමයි මන් වටේ නිතර තිබ්බේ ,,ඔව් සල්ලි තමයි ප්‍රධානම හේතුව .. ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මන් බදින්න කලින් රට ආවේ ආර්ථික ප්‍රශ්න එද්දී බැදලා ළමයි දාලා ,ස්වාමිපුරුෂයා දාලා එන්න අකැමති නිසා,, එක දවසක්වත් මගේ අතීත අත්දැකීම මගේ දරුවන්ට විදින්න නොදී ලගින් ඉන්න නිසා ,, ඒක මගේ බලාපොරොත්තුව හීනෙ වුණාට ජීවිතවල නොහිතන දේ සිද්ධ වෙන්න පුළුවන් ,දැනට එහෙමයි හිතාන ඉන්නේ

      Delete
    2. ඔබ තත්තා ගැන ලියපු එක අද බැලුවා.

      //ඒක මගේ බලාපොරොත්තුව හීනෙ වුණාට ජීවිතවල නොහිතන දේ සිද්ධ වෙන්න පුළුවන් ,දැනට එහෙමයි හිතාන ඉන්නේ // නමුත් සියලු ගැටලුවලට දරුවන් ස්වාමිපුරුෂයා සමගම මුහුණ දෙන්න පුළුවන්. උත්සාහය සහ කැපවීම තියෙනවා නම් රට යන්නේ මොකටද මෙහේ ඉඳන් දියුණු වෙන්න පුළුවන්.

      රට රැකියා කරන්න ගත්තම ඇබ්බැහි වෙන්න පුළුවන්. බොහෝ අයට වරදින තැන එතන.

      Delete
    3. ස්තුති විශ්ව මන් තාම විවාහ වෙලා නැහැ ,, ඇබ්බැහි වෙන්න තියා මෙච්චර කල් ගිහිල්ලත් මට කවදද ගෙදර යන්නේ කියලා ඉන්නේ ,, පිටරටක ඉන්න එක දුකක් මිස සතුටක් නැහැ මොන දේ තිබ්බත් ,, මුදල් නිසාම මිස වෙන කිසිම හේතුවක් මට නැහැ ඉක්මනටම එනවා ගෙදර

      Delete
  4. මේ අත්දැකීම ලබන්න වෙලා නෑ. මොකද පොඩි කාලේ ඉදලම අම්මයි තාත්තයි ලගින්ම හිටපු හින්දා. අපු ගේ කතාවේ සමහර සිදුවීම් මගේ පුද්ගලික එකක් කරගන්න බෑ ඒ හින්දා.

    ReplyDelete
    Replies
    1. ඔයා දරුවෙක් විදියට තෘප්තිමත් ,,ඒ දෙය ඒකෙම දෙගුණයක් කරලා ඔයාගේ දරුවන්ට දෙන්න කවදාහරි

      Delete
  5. මටත් දියණිය එක්ක ගත කරන්න ලැබෙන වෙලාව අඩු එක ගැන ගොඩක් දුකයි.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද.. මේක හරි සංකිර්ණ ප්‍රශ්නයක්නෙ,, ආර්ථිකය කාර්යබහුලත්වය ... එක්ක

      Delete
  6. ඇත්ත ඔමායා. දැන් මිනිස්සු කාර්යබහුල වෙද්දි මානවීය හැඟීම් ගොඩාක් දුරස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි මොනදේ තිබ්බත් හිතේ සතුට නැත්තම් වැඩක් තියේද

      Delete
  7. මේ ගැන මගේ අද්දැකීම් සෑහෙන වෙනස්..ඉඩක් ඇති වෙලාවක මම ඒ ගැන ලියන්න හිතන් ඉන්නේ.. මෙතන කියන්න බැහැ ඒ තරම් දිගයි...මම දන්න පැටව් දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නගෙත් අම්මයි තාත්තයි දෙන්නම රට.. ඉන්නේ ආච්චි ළඟ..දූට වයස 4 යි ..පිරිමි කෙනෙක් දැක්කම බලාගෙන ඉන්නවා ... අපේ පුංචි ළඟට ක්ලාස් එනවා... මාව දකිද්දී ඒ දරුවා මා දිහා බලන් ඉන්නවා ළඟට එන්න ආසාවේ.. පව් ඒ දරුවා පුදුම විදිහට තාත්තෙක්ගේ ආදරේ හොයනවා..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පව් නේද ශාන් .. සල්ලි හොයන ඇවිත් අම්මයි තාත්තයි අනාගතේ සරු කරයි ඒත් වර්තමානේ කොච්චර දේවල් අහිමි වෙලාද

      Delete
    3. Oma add my blog in to your blog roll ..

      http://obeth-mageth-addakeem.blogspot.com

      Here is a link for you.Read it තාත්ති අර ආන්ටිගේ කුක්කු ලොකු ඇයි ..?

      Can you increase the font size of comments forum ..?

      Delete
    4. හරි ශාන් ස්තුති මන් කාලෙකින් බ්ලොග් රෝල එඩිට් කලේ නැහැ , මන් හිතන්නේ ෆොන්ට් සයිස් ලොකු කරන්න නම් මට ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න වෙනවා ,, ඔයා වගේ නිතර මගේ ලිපි කියෝන කෙනෙක් වෙනුවෙන් ඒ වෙනස කරන්න උත්සහ කරන්නම් ,, ඔයාගේ ලිපිය දැන් කියෝනව

      Delete
    5. ඔමා මට මේල් එකක් දැම්මද ? මට ලැබුණේ නැහැ තවම නම්...

      Delete
  8. ආයික් ඉතිං මොනා කියලා කියන්නද.. ඔය ඔක්කොම කියලා තියෙන්නෙ.. හි හි

    ReplyDelete
    Replies
    1. මත් වතුර බොන එකක් ගැන තිබුන නම් යසට යාං හෑල්ලක් ලියන්න තිබුන නේද හිරු දුවේ...?

      Delete
  9. මමත් කෙලි පැටවු දෙන්නෙක්ගෙ පියෙක්.මාසෙකට සැරයක් මිටින් වලට උදෙන්ම පිටත් වෙලා ගියාම දරුවො නැගිටල මාව හොයන හැටි බිරිද කියනකොට මට එන හැගිම කියල වැඩක් නැ.ෆොන් එකෙන් තාත්ති ඔයා කොහෙද අහනකොට ඔක්කොම දමල ගෙදර යන්න හිතෙනව.ඉතින් කොහොමද කාලයක් වෙනරටක ඉන්න වුනොත්

    ReplyDelete
    Replies
    1. ඒකනේ ,, ඔයා එහෙම උනොත් කියලා හිතාගන්න බැරුව ඉන්නව , ඒත් කීදෙනෙක් දරුවෝ තාත්තා ලග නැතුව ඉන්නවද , සතුටින් ඉන්න හැමදාම

      Delete
  10. අම්මො මාර අමරුවෙන් කියෙව්වෙ .හොදයි එත් කතාව දිග වැඩි වගේ

    ReplyDelete
    Replies
    1. මන් හිතුවේ කතාව කෙටි වැඩි කියලා වෙනද කට්ටිය බනිනවනෙ ,, අමාරුවෙන් හරි කියෙවුවනේ ස්තුති

      Delete
  11. ඔව් .....

    මටත් ඔය ගැන අත්දැකීමක් තියෙනවා..
    මේ ළඟදි නෑ ගෙදරක ගියා(දුරින් නෑ වෙන අක්ක කෙනෙක්) එයාට චුටි දුවෙන් ඉන්නවා. මාව දැකපු ගමන් 'තාත්ති' කියන් දුවගෙන ඇවිත් මගේ ඇඟේ එල්ලුනා, මට ලැජ්ජාව හිතුනත් ඇහේ කඳුලකුත් එක්ක මන් වඩාගත්තා, මාව පුළුවන් උපරිමෙන් තුරුළු කරගන්න හදපු හැටි තාම මතකයි.

    බබාව හම්බෙලා මාස 6කින් විතර අයියට රට යන්න උනා., අද වෙනකම් බබා තාත්තව දැකල නැහැ. ගෙදර ඉන්නේ අක්කයි එයාගේ අම්මයි බබයි විතරයි. කවදාවත් නොදැකපු තාත්ත කවුද කියල චුටි හිත කොච්චර තර්ක කරනවා ඇත්ද... කවද තාත්තෙක්ගේ අඩුව පිරවෙයිද... දවසක තාත්ත අවොත් ළමය තාත්තව 100% පිළිගනියිද... කාගේද වැරැද්ද...

    මගේ දැනුමේ හැටියට දරුවෙක්ට අම්මෙක් වගේම තාත්තෙකුත් අනිවාර්යෙන්ම ඕනේ. පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් හැමදාටම.. අඩුම තරමේ විවාහ වෙනකං වත් දෙමාපියන් දරුවන්ට අවශ්‍යයි. දෙමාපිය රැකවරණය, සෙනෙහස, ගුරුහරුකම් යටතේ හැදුන ළමයෙක්ට වරදින්නේ නැතිම තරම්.

    අපිත් දැනගන්න ඕනේ පවුලක් ගොඩනගන්න කලින් අනාගතේ ගැන හිතන්න. විවාහක යුවල කොහොම උනත් බහ තෝරන කිරිසප්පයන්ට මවගේ පියාගේ අඩුව නොදැනේන්න අපි වගබලා ගන්නම ඕනේ. නැත්නම් වැදූ දරුවන් නොහැදු දෙමවුපියන් පිරිසක් විතරක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාගේ අදහස බෙදාගත්තට ,, මට හරිම දුකයි ,, කාටද දෙන්නපුළුවන් ඒ උණුසුම ,,, අපේ රටේ කීදෙනෙක් මේ විදියට දරුවෝ දාලා පිටරට යනවද ,, සල්ලි තමයි හැමදේටම මුල

      Delete
  12. අපේ අප්පුච්චගෙන් ඉස්සර මං අම්බානකට කාල ඇති කරපු මගෝඩි වැඩ වලට. දැන් නම් මතක් වෙද්දිත් හිනා යනවා.. ඒ කාලෙ නම් මට පේන්න බෑ :)
    දැන් තමයි තේරෙන්නෙ තාත්ත කෙනෙක් පවුලක් ගොඩ දාන්න කොච්චර මහන්සි වෙනව ඇතිද කියලා...

    මමත් කවද හරි අප්පොච්චියෙක් වෙයිනෙ.. එතකොට මගේ කොල්ලටත් මං ගහවි නේ :P

    ReplyDelete
    Replies
    1. හි හි අප්පච්චියෙක් වුනදාට තේරෙයි නේද ඒ ආදරේ තරම ,,, //මමත් කවද හරි අප්පොච්චියෙක් වෙයිනෙ.. එතකොට මගේ කොල්ලටත් මං ගහවි නේ :P // මාත් ආසයි මෙහෙම ගහන්න

      Delete
  13. මම හිතන විදිහටනම් තාත්ත රට යනවට වඩා අම්ම රට යන එක ලමයින්ට බලපානව ගොඩක්...

    ReplyDelete
    Replies
    1. මන් ලීවේ දෙමාපියන් විදේශගතවීම ගැන නෙමේ සසිඳු,, පියෙකුට දරුවෙකුට විදගන්න තියෙන ජිවිතේ ගැන

      Delete
  14. මගේ එක හීනයක් තමයි දුවෙක්.. අපූරුවට ලියවුන ලිපියක්.. මාත් හැබැයි පොඩි කාලේ ඉදන් හැදුනේ තාත්තගෙන් ඈත් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හීනෙ එහෙමම ඉස්ට වෙයි ,, මන් වගේ චුටි දුවෙක් හම්බෙයි හි හි

      Delete
  15. ඔයා ලියල තියෙන ලිපිය බොහොම අර්ථවත් එකක්,දෙමාපියන් දරුවන් ලඟ සිටිය යුතුයි ඒකෙ දෙකක් නෑ නමුත් බොහෝ වෙලාවට ආර්ථිකමය ගැටළු නිසා දෙන්නගෙන් කාට හරි වෙන්වෙන්නට සිද්ධ වෙනවා අපට දකින්නට පුළුවනි,එය ඉතින් මානුෂීය ප්‍රශ්නයක්.කිසිම අම්මෙක් තාත්තෙක් තමන්ගෙ දරුවන්ගෙන් වෙන්වෙලා ඉන්න කැමති නෑ නමුත් යම් යම් තත්වයන් තුල එය කරන්නට ඔවුන්ට බලකෙරෙනවා,මොනවා කරන්නද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනේ ඉතින් වැඩේ ආර්ථිකෙනේ

      Delete
  16. අපි හිතන ඉතාම සුන්දර විදිහට දේවල් වෙනවා නම් කොච්චර හොඳඳ? මිනිස්සු ජීවත්වෙන්නේ අපි ලියන ලෝකෙට වඩා යථාර්තවාදී ලෝකේ ඔමා.......රට යෑම පැත්තක තිබ්බත් තාත්තා කෙනෙක්ගේ ලෝකය අහිමි වෙච්ච ළමයි කොච්චර ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. මන් ලියන්නේ හීන ලෝකේ ඉදන්ද ,,මන් දන්නවා ඒත් මන් ලියපු දේකින් එක්කෙනෙක් හරි ජීවිතේට යමක් ගත්තොත් ඇති

      Delete
  17. හ්ම්ම් ............හිතන්න වටින කාරණා ටිකක්

    අපේ එක්කෙනත් මෙදා පාර ආවම යවන්නෙ නෑ කියලා තමයි හිත..:D

    ReplyDelete
    Replies
    1. හි හි එහෙමද ,, thnks රෙහානි

      Delete
  18. ලිපිය දාපු දාම කියෙව්වා.කොමන්ටුවක් දාන්න වේලාව නැති උනා.නංගා ලිපිය නම් අගේයි.ඇත්ත තාත්තා කෙනෙක්ට තමඟේ දරුවන් ලග ඉන්න බැරිනම්,පිය සෙනෙහස දරුවන්ට විදින්න දෙන්න බැරි නම් මුළු ලෝකෙම පීරලා සල්ලි හම්බ කලත් වැඩක් නෑ කියලයි මම නම් හිතන්නේ....මේ රටේ මන් දන්න ඕන තරම් තාත්තලා ඉන්නවා පුංචිම කාලේ දරුවොන්ගෙන් ඇත් වෙලා ටිකක් තේරෙන වයසට ආවම දරුවන්ව,බිරිදව මෙහෙට ගෙනල්ලා එක ගෙදර ආගන්තුකයෝ වගේ ජීවත් වෙන..... දකිද්දි හිතට හරිම දුකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ ,, ඔව් මේවා විසදන්න පුළුවන් ප්‍රශ්න නෙමේ දැන්

      Delete
  19. රන් වැට නම් බෝ රජිඳුට රන් වැට වී දිවියේ
    පින් වපුරා රන් අස්වැනු නෙළනා කෙත වුයේ
    මල් අතුරා සෑ සදිසිව පිඳුවත් නිම නුයේ
    පිං අරනේ පියාණන්ය රන් පුන්සඳ වුයේ

    සොරොව්ව බැඳ නිල් දියවර දුන්නේ දරුවන්ටයි
    පහන්ව සිත බෝ සෙවනක් වුයේ දරුවන්ටයි
    ගිලන්ව ගිය මුත් ගතිනේ සිත දරුවන් ළගමයි
    දු පුතුනේ සක් විති සැප දෙගුරුන් පාළගමයි

    ඉතාමත් ලස්සන අදට ගැලපෙන බාල මහලු වැඩිහිටි හැමෝටම එක සේ හිතන්න පොඩ්ඩක් නෙමෙයි ගොඩාක් දේවල් තියේන සත්‍ය කතාවක් ... ඔබට ජය ..... අපුර්වී ඔමායා... සොයුරිය.

    ReplyDelete
    Replies
    1. http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html මේ මන් තාත්තා ගැන ලියපු ලිපියක් වෙලාවක් තිබ්බොත් කියවන්න ඔයා කවිකාරයෙක්නේ ලස්සනයි ,ස්තුති ඇවිත් අදහස් බෙදාගත්තට

      Delete
  20. වටින ලිපියක් අපුර්වි

    ReplyDelete
    Replies
    1. ස්තුති නෙරන්ජි මේ පැත්තේ ආවට ,, මගේ ලිපිය කියෙවුවට

      Delete
  21. අපූර්වි අහලා තියනවද Cat's in the Cradle කියන සිංදුව... තාත්තලා පුතාලා ගැන ලියවිච්ච සංවේදී සිංදුවක්....

    තාත්තා එනකං... | Cat's in the Cradle

    ReplyDelete
    Replies
    1. ඔව් මන් මේ දැන් ඇහුවේ ඔයා දුන්න එකෙන් හි හි ,, ගොඩක් ස්තුති තිසර

      Delete
    2. http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html මේ මන් තාත්තා ගැන ලියපු ලිපිය වෙලාවක් ලැබුනොත් කියවන්න

      Delete
    3. මේ කතාව මම කියෙව්වා, කොමෙන්ට් කලා කියලත් මතකයි... කකාගේ පෝස්ටුවකින් මේකට ලින්ක් එකක් දාලා තිබ්බා... නමුත් මම නැවතත් කොමෙන්ට් කරන්නම්....

      Delete
    4. ඔයාගේ ලිපිය නම් නියමයි තිසර ,, ඇත්තමයි ,මන් මගේ යාළුවො කීප දෙනෙක්ටම දුන්න බලන්න

      Delete
  22. "මගේ මුණමයි, දෙයියනේ මේ මගෙම දරුවා නේද" කිරිපොවලා, ඔඩිකොලෝන් ගාලා, පව්ඩර් දාලා ඉන්න තමන්ගේ දරුවව ලගට අරන් ඉබිද්දී එන ඒ සුවද රට ඉදලා ස්කයිප් එකෙන් හුරතල් කලාට තාත්තට විදින්න පුලුවන්ද?
    මාස හය හත ඉදලා අවුරුදු දෙක තුන කියන බහතෝරන කාලේ කියන හුරතල් කතා ඒ තාත්තට රිසිසේ අහන්න හම්බවෙයිද?

    ඇත්තම කියන්න නගෝ ඔයාගේ මේ අදහස් බොහොම වටිනවා අද කාලේ තාත්තලට, මොකද එයාලා මේ දේවල් කරන නිසා. නමුත් අපේ කාලේ ඒ වගේම අපේ තාත්තලා අපිව හොඳට බලාගත්තා. හැමදාම වැඩ ඇරිලා ඇවිල්ලා රෑට කෑමකලා ඉවරඋනහම තාත්තා කලේ මගේ ඉස්කෝලේ වැඩ බලලා ඒවායේ උදවු කරපු එක. ඒ මන් දන්න තේරෙන කාලේ. චුටි කාලේ කොහොම කලාද දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා, එයා මට කිසිම අඩුවක් කරලා නැහැ.

    අන්න ඒ ආදර්ශය මං මගේ දරුවන්ටත් දෙනවා. අදටත් මගේ පුතාට හැමදේම කියලා දෙන්නේ මම. එයා මෙච්චර ලොකුවෙලත් හැම උපදෙසක් ම ගන්නේ මගෙන්. කොහේයතත් මොනවා කලත් එයා මාත්එක්ක ඉන්නවා, එක මටත් හරිම ශක්තියක් ආඩම්බරයක් අනිත් දරුවෝ සහ දෙමවුපියෝ දිහා බලනකොට. මොකද ගෙදරින් දරුවාට තාත්තාගෙන් ඉගෙනගන්න දේවල් වෙන කිසිකෙනෙකුගෙන් ඉගෙනගන්න බැහැ. මන් දන්නවා මේකට ගොඩක් අය තර්ක විතර්ක ඉදිරිපත් කරයි. නමුත් මම මේ කියන්නේ අද්දැකීමෙන්.

    තව කියන්න නම් ගොඩක් දේවල් තියනවා, ඒ ඔක්කොම කිව්වොත් මේකත් බ්ලොග් එකක් වෙයි.

    ReplyDelete
  23. oma, me lipiya kiyawanakota mata edenawa. //අපි පිට රටක රැකියාවක් කරන්නේ සල්ලි ඕනේ නිසා ,,, මේ ඉන්නවට වඩා ඉහලට යන්න ඕනේ නිසා ,, පවුලේ අනාගතය ,,ගේ හදාගන්න ,,ළමයින්ට උගන්නන්න මේ වගේ මුලික හේතු එකක් හෝ කීපයක් නිසා// math me nisai rata evith enne. mage daruwo mathak wenakota puduma dukak denene.mage daruwo dennawa hurathal karanna vidiyak nehe mata. hithata enadewal liyaganna therenne. me kepakireem thaththalata karanna wela thiyenne daruwanta dukak denne nethiwa hoda thenakata genna, daruwange anagathaya yahapath karanna. Amaruwen hari me dewal apita karanna wenawa daruwan wenuwen.

    ReplyDelete
    Replies
    1. ඔව් සමන් මට තේරෙනවා මොනා කරන්නද ඉක්මණින් ඔයාට දරුවෝ ලගට යන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා ,, සතුටින් ඉන්න

      Delete
  24. මමත් ආවා.සමහරවිට අපිට එකතු වෙලා දුර රටක ඉන්න අපේම,ශ්‍රී ලංකාවේ අය වෙනුවෙන් දෙනුවත් කරන්න පුළුවන් කියලා..............මම විශ්වාස කරනවා.ඒ නිසාම මටත් ඒ අපේ අයට දුනුවත් කරන්න පුංචි ඉඩක් දුන්නට බොහෝම ස්තුයි............. සුභ දවසක්........................................................... ,
    හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,

    විදෙස් රැකියාවක නියුතු ඔබ සැම වෙනුවෙන් වූ අප සේවා


    විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ශ්රීස ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං ශය වීසින් පැය24 පුරාම මෙමවිශේෂ විගමණික සම්පත් මධ්යයස්ථානය ක්රිdයාත්මක කරයි.
    මේ වනවිටත් ඔබ අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු වි සිටීම ගැන ශ්රීෂ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංටශය වෙනුවෙන් ස්තුතිය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
    එසේම පහත සදහන් අප සේවා එසැනින්ම ලබාදීමට අප කටයුතු කරමි.
    • ලියාපදිංචිය පිළිබඳ වර්තමාන තත්වය( මේ සදහා ගමන් බලපත්රක අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය සටහන් කිරීම පමණක් ප්රිමානවත්ය)

    • විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යීතා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රිනයාත්මක වීම ( ඔබගේආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් ගතයුතු කඩිනම් ක්රිසයාමාර්ග සම්බන්ධීකරණය සිදු කරන අතර පැය 24 පුරා ක්රිධයාත්මක මෙම ඒකකය ඔස්සේ එම ගැටලු හා අවශ්ය්තා ලබා ගෙන ඒ සඳහා නිසි පිළියම් යෙදීමට අදාළ අංශ වෙතට යොමුකිරීම් කටයුතු සිදු කෙරේ)

    • විදේශ රැකිය රක්ෂණ ක්ර මය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික පවුල්හී දූ දරුවන් වෙනුවෙන් ශිෂ්යපත්ව යෝජනා ක්රතමය පිළිබඳ සියළු විස්‌තර
    • පිළිබඳ සියළු විස්‌තර
    • සහනදායි පොළී ක්රතමයක‍ට නිවාස ණය හා ස්වයං රැකියා ණය ලබාදීමේ යෝජනා ක්රකමය පිළිබඳ සියළු විස්‌තර
    • විගමණික ශ්රුමිකයන් නැවත සමාජානුගත කිරීම පිළිබඳ සියළු විස්‌තර ( රට විරුවෝ වැඩසටහන පිලිබදව)
    • එතෙර රැකියාවේදී පූර්ණ ආබාධිත වන අයට නිවාස පහසුකම් ලබා දීමේ ව්යා‌පෘතිය පිලිබදව
    • සේසත විශ්රාවම වැටුප් ලබාදීමේ යෝජනා ක්රීමය පිළිබඳ සියළු විස්‌තර
    • විදේශ රැකියාවන්හි යෙදී සිටියදී රෝගාතුරව පැමිණෙන අය සඳහා වෛද්යව ප්රඳතිකාර ලබාදීමේ ව්යාවපෘතිය පිලිබදව
    • සහන පියස සුභ සාධන සේවා මධ්යයස්ථානය පිලිබදව
    • සමථකරණ සේවා පිලිබදව (එතෙර රැකියාවක් සිදු කිරීමේදි යම් කරදරයක් අපහසුතාවයක් සිදුවුවහොත් ඒ සම්බන්ධව ක්ෂණිකව සොයා බලා එයට‚ එම ගැටලුව සමථයකට පත් කිරීම සඳහා ඉතා ක්ර මවත් හා කඩිනම් වැඩ පිළිවෙලක් මේ යටතේ ක්රිවයාත්මක වේ. ඔවුන් සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු වහාම අදාල රටේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා එක්ව කඩිනමින් ඒ ගැටලුව හා අවශ්යගතා පිළියම් යෙදීමට කටයුතු කෙරේ.)
    • විදේශ සම්බන්ධතා සේවා පිලිබදව
    • සමාජ‚ රක්ෂණ සේවා පහසුකම් පිලිබදව
    • ප්රජවර්ධන වැඩසටහන් පිලිබදව


    ඒබැවින් කරුණාකර අප සමග ඉතාමත් සුහද හදවතින් එකතු ලෙසටම , අප පිළිබඳව හා අපගේ තොරතුරු ඔබ දන්නා ශ්රීහ ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට මෙම පැය24 පුරාම ක්රිවයාත්මක විගමණික සම්පත් මධ්යකස්ථානය පිළිබඳව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි.

    අපගේ දුරකථන අංකයන්: 0094112879900
    0094112879901
    0094112879902

    ෆැක්ස් අංකය : 0094112879903

    ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
    ස්කයිප් : inforcenter_slbfe
    අන්තර්ජාලය : www.slbfe.lk
    මේ සම්බන්දයෙන් ඔබගෙන් ලැබෙන සහයෝගයට ගරු කරමි.

    මෙයට- විශ්වාසි,

    අතුල ඉලංගන්තිලක
    පරිපාලන නිලධාරී,
    විගමණික සම්පත් මධ්ය්ස්ථානය- ශ්රී: ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංවශය


    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම හොයල බැලුවා ..මේ ඇත්තම ඇත්ත රාජ්‍ය ආයතනය. මේ ගැන අනිත් අයවත් දැනුවත් කරන්න ....


      (මුලින්ම මම හිතුවේ අර ආචාරියා කියලා .. කලින් කමෙන්ට් එක දැම්මේ ඒකයි..)

      Delete
    3. ඔව් ශාන් බියුරෝ එකේ ,, සතුටුයි මගේ ලිපිය කියවීම ගැන ,,,

      Delete
  25. මට ඔය ගැන තියෙන්නෙ දුක අත්දැකීමක්. මම මැදපෙරදිග රැකියාවට යනකොට මගේ ලොකු මුවට මාස 6යි. ඉතින් මෙහෙම වසර 4ක් විතර යනකොට ඇයට තාත්තා මාස තුනෙන් තුනට ගෙදර ඇවිත් යන ඥාතියෙක් ගානට උනා. මම මේ ගැන කොතරම් දුක් උනත් ජීවිතේ ගොඩ දාගන්න සටන නිසා ඉවසුවා. ඒත් එක්තරා තැනකදී මාව හිරවුනා. දුව මාත් එකක් ස්කයිප් වලින්වත් කථා කරන්නෙ නැති උනා. ඒ පාර මම රුකියාවෙන් අස්වෙලා ලංකාවට ආවා. දැන් දුව මාත් එක්ක එකතුයි. ඒත් අර අඳුරු මතකය ඇයගේ සිතේ තියනවා කියලා මට කිහිප වාරයක් හිතුනා. ඒ මම අපේ දෙවෙනි දුව (තාම අවූග 1 මාස 4යි) වඩාගෙන , කරේ තියාගෙන යනකොට ලොකු දුව කියනවා "තාත්තට මාව ඔය විදියට වඩාගෙන ඉන්න බැරි උනානෙ" කියලා. එතකොට දැනෙන වේදනාව කියන්න බෑ. පොඩි අය දන්නෙ නෑ අපි එයාල වෙනුවෙන් වෙන මහන්සිය. ඒත් ...................

    ReplyDelete
    Replies
    1. මටත් දුකයි, එත් දැන් කරන්න දෙයක් නැහැ,වෙච්ච දේ වුනානේ ,, ඒත් දෙවැනි දරුවට වත් ඒ ආදරේ ලැබෙනවනේ අඩු නොවෙන්න ,, අපේ වගේ රටක ජිවිතේ ලේසි නැහැනේ හැමෝටම මොනා කරන්නද ,,

      Delete
  26. මට මේ ලිපිය කියවන්න කියල ඔය කියල තිබුනට මම අයි මේක කියෙව්වේ සිරාවට පටන්ගත්ත තැන ඉඳල ඉවර වෙනකල්ම තියෙන්නේ සිරාම ඇත්ත කතාව මම මේ සතියෙම වයිෆ් ව ලංකාවෙන් මෙහෙට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපොයි එපා ,,පැටියා හම්බෙලා ටික දවසක් හිටපුදෙන් ,, අත්තම්මලට ,සීයලට පැටියගේ හුරතලේ බලන්න දෙන්නේ නැද්ද ? ,, කලින් කිවා වගේ මාස 6 ක් වගේ ගිහාම ගෙන්න ගන්න ,, ඊලග සමර් එකේ වගේ ,,

      Delete
  27. වලා කුලේ දා බිදු තවරා,
    මහ පොලවට මහ වැසි ගෙනෙනා......
    දිවි ගමනේ ඉම කදු මුදුනේ හිද,
    පිතු සෙනෙහේ කදුලැලි සලනා....

    --------------------------------------
    --------------------------------------

    ReplyDelete
  28. මම නම් මගේ පුතා එක්ක සෙල්ලම් කරනව..මගේ පන කොල්ලා.

    ReplyDelete
  29. මේක ඉතින් හැම මිනිහෙකුටම ස්වභාවිකව තියෙන ලොකු ආසාවක්. මේ වගේ ලිපියක් පලකළාත් ස්තුතියි.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...