Saturday, October 19, 2013

අමිහිරි ළමාවියේ මිහිරි මතකයක් 34



  නොයෙක් හැලහැප්පීම් එක්ක දවසේ වැඩිහරියක් හුදෙකලාවේගෙවපු මගේ කුඩා කාළයේ මතකයන් විටින් විට මාව අතීතයට ගෙනියනවා ,,, අමිහිරි සිදුවීම් වැඩිපුර තිබ්බත් පුංචි කාලේ තාත්තා වැඩට ගියාම එයාට හොරෙන් කරපු දේවල් ටිකක් තිබ්බා ,,,ඒ අතර මාළු බෑම තමයි ඉහළින්ම තිබ්බේ. හි හි ඔයාලා කියෙවුවට පස්සේ හිනාවෙයි.
                            අපේ අම්මගේ ලොකු අයියගේ නම ගාමිණී එයාට මගේ වයස පුතෙකුයි තව මට බාල පුතෙකුයි ඉන්නවා එයා රැකියාව විදියට කලේ පොල් පරාල බිස්නස් එක ගස් අරන් මිනිස්සු දම්මලා පලලා පරාල කරලා විකුණපු එක ,ඉතින් දවසෙන් වැඩි හරියක් ගෙදර...එයා වෙල් මාළු අල්ලන්න හරි ආසයි.. ලොකු විසි දැලකුයි,අතංගු ,තව මා දැල්  වගේ ඒවා ගෙදර තිබ්බා ,, හවසට මමයි එයාගේ පුතාලා දෙන්නයි යනවා එයත් එක්ක මාළු අල්ලන්න එයා අපේ තාත්තා එක්ක එච්චර හිත හොද නැති නිසා මාව ගෙනියන්න අකමැතියි ,, අපේ තාත්තා වෙල්මාළු ගදට ආස නැති නිසා මට දැලක් වත් අල්ලන්න එපා කියලා තිබ්බේ ,, ඒත් මන් අඩලා අඩලා පස්සෙන් යනවා,, 
                                         අපේ වත්ත පහල ලොකු වෙල් යාය ඊට එහා ලොකු ගඟකුයි ..  කිලෝමීටර් දෙකකට විතර එහා බන්ට් එක කියලා අපි පොඩිකාලේ හදුන්වපු අමුණකුයි තියෙනවා , ඉතින් ගගේ වතුර අඩු කාලෙට ගාමිණී මාමා එක්ක අපි තුන් දෙනා ගගේ බැහැලා ගඟ දිගේ අමුණ ගාවට යනකල් යනවා ,,ගගේ වතුර තිබ්බේ ඉන ගාවට විතර මගේ .

.මාමා දැල දානවා ඊට පස්සේ අපි අහුවෙන මාළු කූඩේට එකතු කරනවා ,, සමහර තැන් වල ගගේ  අයිනට වෙන්න ගුල් ඇතුලේ "කාවයියෝ" කියන මාළු ඉන්නවා ,, ගුල් අස්සට එහෙම අත දාපුවම මාලුවෙක් අහුවුනාම ඉතින් හරි ලොකු දෙයක් කළා වගේ ,,,අපි තුන් දෙනා නිතරම මාළුන්ට රණ්ඩු කළා,, එහෙම ගුල්වලට අත දාපුවාම ලොකු කළුපාට කකුළුවෝ ආපු වෙලාවලුත් තිබ්බා ,,ඒ වෙලාවට කෑගහලා ගොඩට දුවනවා ඊට පස්සේ ටිකක් ගොඩ ඉදලා ආයෙම ගඟට බහිනවා ,,, 

ගාමිණී මාමා එයාගේ ළමයි දෙන්නට වඩා මාව පරිස්සම් කළා.  අර මඩ ගොහොරුවේ බැහැගෙන ගිය හැටි,දැන් මතක් වෙද්දීත් අප්පිරියයි ,,, ගුල්වලට අත දැම්මේ කොහොමද කියල හිතාගන්නත් බැහැ..,, ගගේ වතුර වැඩි කාලෙට බහින්නේ නැහැ ,,,බිලීබාන එක තමයි කරන්නේ ,, 
                          ඉස්කෝලේ ඇරිලා ඇවිත් කාලා අපි තුන් දෙනා යනවා කිතුල් ගස් තියෙන තැන් හොයාගෙන ,, ඉස්සර අපේ පැත්තේ පාළු ඉඩම් ඕනේ තරම් ,,ඉතින් ලොකු කිතුල් ගස් යට පොඩි කිතුල් පැලගස් තියෙනවා ,,, අපි කරන්නේ මුලින්ම හොද කිතුල් අතු ටිකක් කපන් ඇවිත් මැද නාරටිය ඉතුරුවෙන්න කොළ ටික විසිකරලා වහලේ උඩ දාන එක ,, 
                                      ඉර අවුවට පිච්චුනාම හොදට පදම් වෙලා එනවා බිලීපිත්ත,, ඊට පස්සේ තංගුස් නූල් ,,බිලිකටු ගෙනත් බිලිපිති හදාගන්නවා ,, ,,තව බිලිපිති එක්කම කළෙන් වැල් ජාති ඇදගෙන එනවා ,,, ඒවා ගේන්නේ ඉලගොටු හදන්න ,,, ඉරටුයි වැලුයි පාවිච්චි කරලා අපි ඉලගොටු හදනවා ඊට පස්සේ,, 
                           
                                       
               වැස්සට වෙල් යාය පිරිලා වැව වගේ වෙනවා ,, ඒ වෙද්දී අපි බඩු ටික රෙඩි කරන්ඉන්නේ වතුර අඩුවෙලා යන්තම් නියර පේන ගානට එද්දී අපි අර හදපු ඉලගොටු ගෙනියලා වෙලේ වක්කඩ වල තියනවා ,, ඊට පස්සේ ඉතින් පැයෙන් පැයට ගිහින් බලනවා මාළු අහුවෙලාද කියලා ,,,ඉතින් අපි විතරක් නෙමේ අහල පහල අනිත් ළමයිනුත් දානවනේ ,, ඉස්කෝලේ ගිහින් ආවම කන්න කලින් ගිහින් බලන්නේ මාළු ඉන්නවද කියලා ,, සමහරු අපේ ඒවල මාළු හොරෙන් ගන්නවා අපිත් ඒ වගේ හොරෙන් එයාලගේ ඒවා බලනවා ,, 

පුදුම පිස්සුවක් තිබ්බේ ඒ කාලේ ,,, අලුතෙන් වැහැලා දවස් 3ක් ගිය හැටිය ඉලගොටු වලට අහුවෙන ලොකු මාළු දැක්කම එච්චර ලොකු මාළු කොහේ හිටියද කියලා හිතෙනවා ,, "බට්ටෝ ,ලුලෝ ,කාවයියෝ ,පෙතියෝ,හුන්ගෝ ,වැලිගොවුවෝ ,ආදෝ "වගේ මාළු අහුවෙනවා ඉලගොටු වලට ,, ඉලගොටුව බලන්න වෙලට යන්නේ දිග ඉරටුවක් අරන් ,,මාළුවෙක් අහුවෙලා හිටියොත් මාළුවාගේ කරමල අස්සෙන් රින්ගෝලා කටින් එන්න ඉරට්ට ගහලා ගෙදර ගේන්න නිසා, මල් අමුණනවා වගේ තමයි ,, ඒත් ටිකක් ලොකු මාලුවෙක් අහුවෙලා හිටියොත් අහළපහල ගෙවල් වලටත් පෙන්නගෙන ඉලගොට්ට පිටින්ම තමයි ගෙදර ගේන්නේ ,,
                                                 
    වෙලේ වතුර තව ටිකක් අඩුවේගෙන එද්දී පටන් ගන්නේ බිළිබාන්න,, වැස්සට පස බුරුල්වෙලා තියෙන නිසා බිලිබාද්දී ඇමට ගන්න පනුවෝ හොයාගන්නත් ලේසි ,, වත්ත පහළ කොටලා පොල්කට්ටක් පිරෙන්න හොද ලොකු සයිස් පනුවෝ හොයාගන්නවා ,, 

ඊට පස්සේ පොල්කට්ට පණුවන්ගෙන් පිරුණට පස්සේ උඩින් පස් ටිකක් දාලා වහගෙන වෙලට ගෙනියනවා ,, ඊට පස්සේ පනුවාගේ කටින් හෝ පස්ස පැත්තෙන් පණුවව බිලිකොක්කට අමුණගන්නේ පනපිටින්මයි ,, වැඩිපුර කෑල්ල කඩලා පොල්කට්ටෙන් තියනවා ,, ඊට පස්සේ ,, පණුවට කෙළපාරකුත් ගහලා ඇලට දානවා ,, අපි තුන් දෙනා පැය ගණන් මාළු අල්ලනවා එක්කෙනෙකුට එක්කෙනෙක් ඉරිසියයි ලොකු එකෙක් අහුවෙනවට ,, 

මාළු අල්ලන්න  හැමෝටම බැහැ ඒකත් ක්‍රමයක් තියෙනවා ,, ඉපියාව දිහා බලාගෙන තමයි වතුර යට වෙන දේ තේරුම් ගන්නේ ,, ගැස්සී ගැස්සී තිබිලා මාළුවා ගිල්ලා කියලා දැනගන්නකල් අදින්නේ නැතුව ඉන්න ඕනේ ,, මාළු අල්ලලා තියෙන අය දන්නවා ඇතිනේ ,, නිකන් හරි මාලුවෙක් අහුවෙන්නේ නැතුව නිකන් පිත්ත උඩට ගත්තොත් හරි මාළුවා ඇම කාලා ගිහින් තිබ්බොත් හරි ඉතින් එහෙම වෙච්ච කෙනා අනිත් අයගෙන් බැනුම් අහනවා ,, 

"හ්ම්ම් ඔන්න කළා වැඩක් දැන් ඉතින් අපිත් අල්ලලා ඉවරයි " "දැන් මාළු දන්නවා අපි ඉන්නවා කියලා "ශික් අපරාදේ මගේ එකටත් එකෙක් කොට කොට හිටියේ ඔයා වැඩේ කෑවනේ ",,ඔහොම කියනව 
                                            
 වැස්ස නැවතිලා ඇලේ, වෙලේ වතුර හිදීගෙන යන කාලේ එද්දී අපි තුන් දෙනා තව අපූරු වැඩක් කරනවා ,, අපි විතරක් නෙමේ වෙන අයත් කරනවා එහෙම ,, ඇලේ කොහේ හරි තැනක් බලලා වතුර හිදිළා වලක් වගේ වතුර එකතුවෙච්ච තැනක් හොයාගෙන  ඒකේ එක පැත්තකින් වැටියක් බදිනවා මඩ වලින් බැදලා ඉවරවෙලා බාස්කට් ,පනිට්ටු ගෙනත් වතුර ඉහින්න පටන් ගන්නවා ,,, 

වතුර ටික ටික අඩුවේගෙන එද්දී මාළු දගලනවා පේනවා ,, නියමයි ,, මඩ ගදේ ඉන්න බැහැ ,, ඒත් අපි තුන් දෙනා වතුර ඉහල වල හිදීගෙන එද්දී මාළු අත්වලින් අල්ලනවා ,, අර ගගේදී වගේ ගුල් අස්සට අත දාලා තමයි "මගුරෝ" වගේ මාළු අලන්නේ ආදෝ , කාවයියෝ ,ලුලෝ තමයි ගොඩක් ඉන්නේ ,,අපේ මුණවල් ගන්න දෙයක් නැහැ මඩ,,හි හි මතක් වෙද්දී දැන් අප්පිරියයි  

                                              ඔහොම එක එක විදි වලට මාළු අල්ලන් ආවට අපි තුන් දෙනාම කන්නේ නැහැ ඒත් ආසයි අල්ලන්න ,, ඊට පස්සේ මන්  තාත්තා එන්න කලින් ගෙදරට ඇවිත් නාලා ඉන්නවා සද්ද නැතුව .. තාත්තා කවුරුත් එක්කවත් ආශ්‍රයක් නැති නිසා මාළු අල්ලන,, වෙලේ දඟලන සෙල්ලම එයාට ආරංචි වෙන්නේ නැහැ ලොකුවට ,, 

තව එකක් අමතක වුණා.. "කූනී ගානවා " කියලා එකක් තියනවා ,, හොදට වැහැලා දවසින් දෙකෙන් වෙල්යාය පිරුණම පහුවදා උදේට තමයි මේක කරන්නේ ,, වෙලේ ලියදි වල හතර කොනේ ඉන්න කූනිස්සෝ අල්ලන්න පුළුවන් මෙහෙම,,අර පස් පුරෝන කුඩ තියෙන්නේ අන්න ඒවගේ කූඩයක් විතරයි ඕනේ..

 ලියද්දේ කෝන් වලට ගිහින් එතන මඩ වෙනකල් උඩපැනල පැනලා මඩ කරනවා ඊට පස්සේ  අර කූඩේ අරන් වතුර යටට දාල ගන්න තියෙන්නේ ,, කොහෙන් ආපු කුනිස්සොද දන්නේ නැහැ ඒත් හැමදාමත් එහෙම හිටියා කූනිස්සෝ ,,
                                                      ඔහොම  දවසක් වෙලේ වලක් ඉහලා මාළු අල්ලන්න ගුලකට මම අත දානකොට ලේ හුන්ගෙක් අතට විද්දා එකපාරටම ආපු වේදනාවට මට හොදටම ඇඩුනා ,,, කෑ ගහගෙන ගොඩට දුවනකොට මාමත් බයවෙලා මගේ පස්සෙන් දුවන් ආවා මම අඬාගෙන ගෙදර දුවන්න හදනකොට මාම මගේ අතින් අල්ලං බේතක් කරල වේදනාව අඩුවෙනකල්ම ඉඳලයි ගෙදර යන්න දුන්නෙ...ඒත් මම ගෙදර ගිහිං වෙච්චි දේ කිව්වෙ නෑ.

එහෙම වුනත් මාළු අල්ලන්න තියෙන ආසාව පොඩ්ඩකින්වත් අඩුවුණේ නෑ.....

.
        ඔය විදියට අවුරුදු දාහතරක් පහළවක් වෙනකල්ම අපි මාළු අල්ලන වැඩේ කළා ,,පායන කාලෙට සරුංගල් පිස්සුව ඒත් වෙලේමයි ..පස්සේ පස්සේ මන් දැක්කා ගමේ ලොකු  ගෑණු ළමයි ස්ටයිල්  එකට ඇදගෙන පාරේ යනවා මන් මාළු අල්ලනවා පිලීගඳ මඩ ගාගෙන වෙළවල් වල, ලැජ්ජාවක් එක්ක මේදේවල් ඇති කියන අදහස මටම දැනෙන්න ගත්තා  .. සාමාන්‍ය පෙලට පංති යන්න පටන් ගද්දි ඉබේම ඒ දේවල් නතරවුණා,, මෙදා ලංකාවට ගිය වෙලාවේ දැක්කා අපි මාළු අල්ලපු ඇළ වටේටම ලොකු පදුරු ,කටුගස් වැවිලා,, සන්නිවේදනයේ  දියුණුවේ බලමහිමය ,,මහා විපර්යාසයක් ඒ මුළු පරිසරයේම ,,,,,

ලිපිය ලියලා පබ්ලිෂ් කළාටත් පස්සේ ලැප් එක ෂට්ඩවුන් කරන්න හදද්දී දැක්කේ මාස ගාණක් තිස්සේ මගේ ඩෙක්ස්ටොප් එකේ වෝල් පේපර් එක මේ ෆොටෝ එක ,,,හරි පුදුමයි මන් තාමත් ඒ අතීතේ විදිනවා

95 comments:

  1. මේකි කොල්ලො කරන දේවල් නෙ කොරල තියෙන්නෙ.
    මට වෙල් මාළු පිලීගද හරිම අප්‍රසන්නයි.කවදාකවත් කාල නැහැ.
    මේ කතාව කියවද්දී මතක් වුනේ අපේ ගමේ ඉඩමට එක මායිමක් විශාල වැවක්.ඔය කියපු විසි දැල් කරන එක,කොල්ලො කුරුට්ටො බිලීබාන එක දකින්න පුළුවන්.
    පායන කාලයට අපි කරන්නෙ වැවේ වැලක් හාරල සරමක් දෙපැත්තෙන් අල්ලන් තිත්තයො,පෙතියො පැටව් අල්ල අල්ල අර වලට එකතු කරන එක.
    හැබැයි කෙල්ලෙක් මාළු අල්ලනවානම් දැකලම නැහැ.
    කතාව හරිම රසවත්.
    ගොඩක් අයට පුංචි කාලෙ මතක් වෙන ලෙසට ලිවිම අරි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී,, මගේ මල්ලි මට වඩා අවුරුදු 12 ක් විතර බාලයි මට හිටපු යාළුවො දෙන්නම පිරිමි ළමයි ඒකයි ,, හරි ෂෝයි අනේ ,, ගියපාර ලංකාවේදී තව අපූරු දෙයක් දැක්කා ,, මන් දිහා අමුතු විදියට බලපු ,මට හිනාවෙලා රණ්ඩු වෙච්ච මගේ වයසේ සහ මට වැඩිමල් ගැහැණු ළමයි බබාලා වඩාගෙන යනවා.. එදා හිනාවම ඒ මුණුවල තිබ්බදෝ කියලා හිතෙනවා මගේ මුණේ එයාලට

      Delete
    2. හා හා හා පරණ කෙස් වලට පොඩි රිටන් එකක් දීලා වගේ

      Delete
  2. ළමා වියේදි සමහර වෙලාවට පොඩි එකා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියන එක සාපේක්ෂයි. ඒ අත්දැකීම් තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම ඔව් මාත් ටිකක් ලොකු මහත් වෙනකල්ම මගේ හිතේ එහෙම අවබෝදයක් තිබ්බේ නැහැ අයියත් මල්ලිත් මාත් ආතර වෙනසක් ගැන

      Delete
  3. '''ඉලගොටු '' හදන හැටි විස්තර කරහං

    ReplyDelete
    Replies
    1. මන් හිතුවා ඉලගොටු ලියලා වරහන් ඇතුලේ විස්තරයක් කරන්න අටම් වගේ කොළඹ රටේ උදවියත් මේවා කියෝන හින්දා ,, ආයේමත් අයින් කළා අපරාදේ ,, (ඇත්තටම ද ඇහුවේ )

      Delete
    2. උඹට ගේ පිටිපස්සෙ වෙලේ ඉලගොටු හදල තියන්නද,හදන හැටි මූට කියන්නම එපා ඔමා

      Delete
  4. බුදු අම්මේ අපු උඹ අපිටත් වඩා අන්ත වැඩ නොවැ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හි හි ඊයේ දවසෙම ඕවා මතක් වුනා හැලප අයියා හින්ද ,, ඒකයි ටිකක් සැර අඩුකරලා ලිවුවේ පූමෝ,,

      Delete
  5. අපේ වර්ථමානය සරසන්නෙ මං හිතන විදියට නම් අතීතයයි. ඒ අතීත මතක සුන්දර වුනත් අසුන්දර වුනත් අපේ ජීවිතේට ගොඩක් වටිනාකම් එකතු කරනවා. මේ වගේ දගකාර සුන්දර අතීත මතකයන් තුල සැරි සරත්දි අපි ආයෙත් පොඩි ලමයි වගේ වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් chathuranga ,පාළුවෙන් කාමරයක් අස්සේ රිංගගෙන තුන්සිය හැටපස් දවසම ඉන්න මට මතකයන් තමා ලග ඉන්නේ

      Delete
  6. ඔන්න මටත් මාළු කථාවක් මතක් වුනා මේක කියෙව්වට පස්සේ ..... හැබැයි ටිකක් වෙනස් අවසානයක් තියෙන එකක් ( ලඟදීම බලාපොරො‍ත්තු වන්න )
    හැබෑටම ගම් පලා‍ත මොකද්ද කියලා ඇහුවට කමක් නැද්ද මන්දා !!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලියන්න ලියන්න ,, මන් ගම්පහ ,,එයාපෝර්ට් එක කිට්ටුව ගම ඇහුවට මොකෝ වෙන්නේ අනේ

      Delete
  7. මමත් එක සැරයක් යාලුවෙකුගෙ ගෙදර ගිහින් එයාලගෙ මාමත් එක්ක ලොකු ඇලක හරහට දැලක් දාල මාලු එක පැත්තක ඉදන් එලවගෙන ආව.එතකොට දැලට මාලු පැටලෙනව.වතුර පල් ගදයි පොල්ලෙලි වලක වගෙ.නිකට ලගට එනකන් වතුරෙ බැස්ස.දැන් මතක් වෙනකොට නම් පුදුම හිතෙනව බැස්සෙ කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් නියමයි නේ ,ඒ කාලේ ඒක ලොකු වැඩක්නේ ,, මොන අප්පිරියාවක්ද

      Delete
  8. ඔමා නංගි මමත් ඔය වෙලවල් වල බඩ ගාපු කාලයක් තිබුනා,අපේ ගේ පිටි පස්සේ වෙලේ වතුර පිරුන කාලෙට අපි කෙසෙල් කොට බැදලා තෙප්පම් හදලා උඩින් ලෑල්ලක් එහෙම හයි කරලා එකා මාරුවට එකා පදිනවා.අපේ ගේ එහා පැත්තෙ ගෙදර හිටපු අක්කලා තුන් දෙනයි,අපේ අක්කයි,මට වැඩියේ අවුරුද්දක් වැඩිමල් අයියා කෙනෙකුයි තමා ඔය වැඩ කෙරුවේ.වතුර දනිහෙන් පහලට හිදුනම මයි,අර අක්කල තුන්දෙනාගෙන් අපෙ අක්කගෙ වයස අක්කයි බකට් බල්දි අරන් යනවා මාලු අල්ලන්න හැබැයි කෑමට නෙමේ ඇති කරන්න.හුන්ගෝ තමා අල්ලන් එන්නේ හැබැයි ටික දවසකින් මාලු මැරෙනවා.මට අවුරුදු 10 දි හැමදේම නැවැත්තුවා,ආයෙත් උ\පෙ කරන කාලෙදි තමා අපේ මල්ලී කෙනෙකුයි එයාගේ යාලුවොයි එක්ක සරුංගල් අරින්න මගේ යාලුවෙක්ගෙ ගෙවල් ලග වෙලකට ගියේ ඒ වෙනකොට අපේ ගේ පිටි පස්සේ වෙල ගොඩ කරලා කෙසෙල් පැල හිටවලා තිනුනේ..........අම්මේ ලියන්න ගොඩයි ......නැවත්තුවා නැත්තම් පොස්ට් එකක්ම ලියයි..... හි...හි..හි.... අතීතෙට ඇදන් ගියාට ස්තූති ඔමා

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් අක්කේ අපෙත් වත්ත පහල ලොකූ වෙල්යායක් තියෙන්නේ ,, වහිනකොට වැස්සේ තෙමි තෙමි මයි කෙහෙල්කොට ඔරු හදන්නෙත් ,,අර "හද නලයි" කියලා ඉන්නේ උන්ගේ හද ලොකු වුන් ගෙනත් දාන ඉන්නේ ,,ෂෝයි නේද අක්කේ ,,මන් ගිය අවුරුද්දේ හදපු සරුංගලේ ෆොටෝ එකක් තියෙනවා fb එකට දාන්නම්කො ,, ලොකු මොනරෙක් :) ස්තුති අදහස් බෙදාගත්තට

      Delete
    2. මුන්ට කියන්නේ නලහඳයෝ නේද? නළලේ සුදු ලපයක් තියන නිසා

      Delete
    3. හඳ නලයෝ අපි කිවුවේ ,, ,, පව් වුන්ව ගෙනත් තියාගෙන ඉන්නවා ,, වත්ත පහලින් වැට අයිනේ ගලාගෙන යන පුංචි ඇලෙන් තමයි උන්ව ඇල්ලුවේ

      Delete
  9. මාළු බාපු කෙල්ලෙක් ගැන ඇහුවමයි මේ...පව් කියල හිතුන් නැද්ද බන්?

    ReplyDelete
    Replies
    1. හි හි ඇයි මාළු බාන කෙල්ලෝ මීට කලින් දැකලා නැද්ද ,, අනේ යන්න මෙයා යන්න :)

      හි හි ඒ කාලේ එහෙම හිතුනේ නැහැ ඒකෙත් හැටි නේද

      Delete
    2. දැල් අදින ගෑනුනම් දැකල තියනව...ඒත් බිලී බාන, ගුල් අස්සෙ අත දාල මාළු අල්ලන ලංකාවෙ කෙල්ලෙක් ගැන ඇහුවෙ අද :D

      Delete
    3. හි හි කොච්චර භාගයක්ද සසිදුවෝ ඒක

      Delete
  10. මේ පෝස්ට් එක කියවනකොටත් පිළීගඳයි මඩ ගඳයි එනවා ඕං. :D

    ReplyDelete
    Replies
    1. ඒ ඔය ඔබ ඉන්න මෝල්ලන්තෙ පුරා හමන පිලිගද හෙන්රිය.
      උඹ ඔහොම කිව්වම මේකිගෙ ඇත්ත කතා අපිට රසට අහන්න ලැබෙන එකක් නැහැ.

      Delete
    2. හි හි ඔයා එහෙනම් ඔක්කොම හරියට කියෝලා නැහැ හෙන්රි :) දැක්කේ නැද්ද මගේ අවවාදය (සංවේදී අය ලිපිය කියවීමට පෙර මාස්ක් එකක් හෝ ලේන්සුවක් තබා නාසය ආවරණය කරගන්න )

      Delete
    3. විහිළු විහිළු ඈ. සිතාමතා කිසිසේත් සිත් නොරිදවමි.
      මමත් ට්‍රයි කලාට ජීවිතේට මාලුවෙක් මගේ ඇම කාලා නෑ, මේ නිකං ඉරිසියාවට වගේ කිව්ව දෙයක්.:D

      Delete
    4. හි හි අනේ නැහැ හෙන්රි ,, මාත් විහිළුවක් කලේ ,,ආවට ස්තුති මේ පැත්තේ

      Delete
    5. @ Henry .. උඹේ ඇම කෑවෙ දීපා විතරනේ...

      Delete
  11. කොහොමද බං ඔමා උඹ ඔය ළමා කාලෙ අමිහිරියි කියන්නෙ. මගේ අම්මයි තාත්තයි දෙන්නාම ලංකාවෙ හිටියා තමයි. ඒත් මම ඔය වයස ගත කලේ ඩේ කෙයාර් සෙන්ටර් එකක බිත්ති හතරකට කොටු වෙලා. උදේ අටට එතනට ඇරලුවාම ආපහු අම්මත් එක්ක ගෙදර යන්නෙ හවස හයත් පහු වෙලා. ඒ කොටු වුන ළමා කාලය නිසාම වෙන්න ඇති පස්සෙන් පහු මම නිදහස හොයාගෙන ඉගිල්ලුනා බොහොම දුරට.

    ඇත්තමයි. මට නම් ඔයාගෙ ළමා කාලය ගැන ඉරිසියයි.

    ReplyDelete
    Replies
    1. හි හි එහෙමද මන් ඩේ කෙයා එකක හිටියනම් හොදයි කියලා හිතෙනවා ඇස් වලින් දැකපු සමහරක් නොදකින්න ,, මේ ලෝකේ හැමදේම එහෙමනේ බස්සියේ http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html පුළුවන් වුනොත් මේක කියවන්න ,,

      Delete
  12. මට නම් ඒ තරම් බිලි බාන්න අවස්ථාවක් ලැබිලා නැහැ.. මගේ අයියලා උනත් මම එනවට කැමති නැහැ බිලි බාන්න.. කොහොම හරි මාලුවෙක් නම් අල්ලලම නැහැ...

    ගැහැණු ළමයෙක්ව එක පාරට ට්‍රැක් එකෙන් වෙනස් වෙනවා අවුරුදු 13 - 15 කාලේදී ඔමා... හරි පුදුමයි.. අහල පහළ කොල්ලන්ට තමයි ඒ වෙනස දරන්නම බැරි... :(

    " යකෝ අපි එක්ක ජංගිය ගහන් හිටපු එකී දැන් යන හැටි බලපන්කො " කියලා හිතෙනවා... ඉස්සර අපේ මීරිගම පුන්චිලගේ අල්ලපු ගෙදර හිටපු නංගිත් ඔය වගේ.. අපේ පුන්චිලගේ වැට පැනලා තමයි ඉස්කෝලේ යන්නේ එන්නේ . පුන්චිලගේ ගෙදරමයි උන්නේ .ඉස්කෝලේ ඇරිලා ආවම අපි යනවා සෙල්ලම් කරන්න...

    ඉස්සර අපේ පුංචිගේ කටේ තිබ්බෙම

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    " සුද්දෝ අර ළමයාගේ සිරියාවන්ත කම බලපන්කො.අපිටම පෑහෙන දරුවා "

    මට ඉතින් වගක් තිබ්බේ නැහැ නෙව ඒ කාලේ ඕව ගැන... :(

    ReplyDelete
    Replies
    1. ගිය හකූරට නාඩන්නේ..... තියෙන හකුර රැකගන්නේ......

      Delete
    2. දැනුත් මට ගේමක් නැහැ ..ඒ ළමයා මට වඩා සෑහෙන බාලයි රාලේ ( ගෙඩිය පිටින් 1X ).. මගේ දුවෙක් වගේ.ඒකයි අවුල... මුහුණුවරිණුත් අපි දෙන්නා එක හැඩ හුරුකම් තියෙන්නේ.." ශාන්ගේ නංගි දැක්කේ අදමයි " කියලා කීප දෙනෙක් කියලා තියෙනවා මූණටම...:)

      රැකගන්න හකුරක් නැහැනේ දැන් මට ...:(

      Delete
    3. ඔව් ශාන් ,, මන් ඉතින් මස්සිනාලා දෙන්නා එක්කනේ ඔය සෙල්ලම් කලේ ,,පස්සේ පස්සේ ලොකු මස්සිනා දිහා කෙලින් බැලුවෙත් නැහැ අමුතු මෙවුවා එකක් ,කොයිල් ගතියක් මෙවුවා වුණා.. හි හි ,,

      ඔයා එච්චර බාල ළමයින්ටත් ලයින් දැම්මද ඈ
      :)

      Delete
    4. මගේ හිතේ එහෙම දෙයක් තිබ්බේ නැහැ... අපේ පුංචිලාගේ වැඩ තමයි.. එයාලා කියන්නේ වයස එතරම් හොයන්න එපා බන් කියලා.. එයාල කියන්නේ අපි දෙන්නා ගැළපෙනවා කියලා... දන්නවද ඒ නංගිගේ නංගි එයාට වඩා අවුරුදු 1X විතර බාලයි...( මේල් එක ආවද ...?)

      Delete
    5. ඔව් ඔව් ඔයා හරි අහිංසකයි මේ නැන්දලගේ වැඩනේ,,, නම දැක්කම පේනවනේ "සයිලන්ට් ශාන් " yes

      Delete
  13. බිලි පිත්තෙන් මාළු අල්ලන එකත් ඇත්තටම එක්තරා විදියක කලාවක්.... හුගක් අය හිතන්නේ ඇමක් දාලා බිලිපිත්ත දාන් හිටියම මාළු අහුවෙනවා කියලා ...... එකට පුදුම ඉවසීමක් තියෙන්න ඕනා.... ඉවසීම ඉගෙන ගන්නනම් කියාපු වැඩක් තමයි ඕක.... අනික හොදට මාළු අහුවෙන්නෙත් පව්කාරයින්ට විතරලු....... (දවසම බිලිපිත්ත ගගේ දා ගෙන ඉදලා එක මාළුවෙක්වත් අහුවෙන්නේ නැති උනාම හිත හදාගත්තේ ඕක මතක් කරලා )

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් රාළේ,,, අපිත් මාළු අහුවුනේ නැති වුනාම කියනවා "උබලා පව් කාරයෝ ඒකයි අහුවුනේ ,,අපි පින්කාරයෝ කියලා "

      Delete
  14. ඇත්තටම මේවා කියවන කොට මටත්, මගේ පුංචි කාලේ මතක් වෙනවා, අපිත් ඔය කාලේ හිටියේ වෙලේ ඇලේ ඔය මඩ වැඩ කරලා තමා. අපිත් මාළු ඇල්ලුවා වතුර අඩුවෙන කාලෙට ඇලේ හරහට නියරවල් බැඳලා ඊටපස්සේ ඇල ඉහනවා. එක පාරක් මාළු ගොඩක් ඇල්ලුවා, මන් හිතන්නේ පෝර බෑග් එකකින් බාගයක් වගේ පිරෙන්න ඇති. ලොකු එවුන් උයලා පොඩි එවුන් බැද්දා. ඊටපස්සේ පාන් එක්ක කෑවා. එදානම් ගොඩක් ලොකු කට්ටිය අපේ මාමලා එහෙමත් එකතු උනා අපිට උදවුවට. එතකොට මට වයස 15 ක් වගේ ඇති මයෙහිතේ.

    ඇත්තටම ඒ කාලේ ගැන හිතනකොට අද කාලේ ළමයි මොනවද කරන්නේ කියලා හිතෙනවා. මුළු දවසම කොම්පුටරේ නැත්නම් පාඩම් එහෙමත් නැත්නම් ටියුෂන්. එකට අපි ඉස්කෝලේ යන කාලේ හවසට කලේ කැලේ පැනලා සෙල්ලම් කරන එක, ගඩාගෙඩි කඩලා කනඑක. ගෙදරින් දවල්ට බත්එක කෑවද කියලා වත් මතක නැහැ සමහර දවස් වලට.

    බොහොම හොඳයි නංගියෝ අපිට අතීතේ මතක් කරලා දුන්නට.

    ReplyDelete
    Replies
    1. මටත් සතුටුයි ඔයාට ඒ අතීතය මතක් කරදෙන්න ලැබීම ,, එහෙම මාළු අල්ලද්දී මාර ආසයි ඇතිවීමක් නැහැ නේද අයියේ ,, දැන් කාලේ ළමයි මොනවා කරන්නද ඒ ළමයි සතුටක් ලබන්නේ වෙන වෙන දේවලින් ,, පරම්පරාවෙන් පරම්පරාව ළමාකාලය වෙනස් වේවි යනවා ,, අනේ මන්ද ,,

      Delete
  15. මමත් ඔය අත්දැකීම හොඳට රස විඳලා තියනවා. කාවයියන්ට අත් කැපිලා ඇති ඕන තරම්. හුංගෝ ඇන්නාම චූ යනවා නේද ඔමා.....මම ඒ ගම ගැන ලියන්න හිටියේ...පුදුම රසවත්. හිටපු ගමන් බිලි පිත්තට දියනයිත් මාට්ටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. හි හි මටත් චු ගියා කීප සැරයක් ලජ්ජාවට ලිවේ නැහැ හි හි හි හි සමහර වෙලාවට දිය නයා ආපුවම පිත්ත විසිකරලා ගෙදරම දුවනවා ස්තුති අදහස් බෙදාගත්තට

      Delete
    2. මාත් ඔයාගේ ඒවා කියවන ගමන් ඉන්නේ

      Delete
  16. අඩේ! යකෝ මෙකි කරලා තියෙන දහ දුරා වැඩ!

    ReplyDelete
    Replies
    1. හි හි ඔයා කලේ නැතැයි නාඩි අයියේ

      Delete
  17. ඈ අසුචි අක්කේ ඔයා ඉලංගෝටු කියලා දාල තියෙන්නේ කේමන කියන අයිටම් එකටද..
    මගේ අතීතයත් ඔඉට වෙනස් නැ හෆ්ෆා...බට ගස් වලින් කේමන හදන්න පුරුදු උනත් වැඩේකරන්නෙම දැල් වලින්...බට හොයාගන්න තියෙන අපහසුව සහ ගෙදර දැල් ඕන තරම් තියෙන නිසා..
    මැෂින් පිත්තෙන් වගේම නිකන් පිත්ටත් හොදට ඇත හුරුයි...තමා හරියට බැරි ඔරුව පෙල්ලගන්නේ නැතුව විසි දැලක් ගහගන්න...

    ReplyDelete
    Replies
    1. නැහැ මේවා හදන්නේ වැල් වලින් වළල්ලක් හදලා ,ඉරටු වලින් සම්බන්ධ කරගෙන හදන්නේ ,, කේමන කියන්නේ කලපු ආශ්‍රිතව මලු බාන අය පාවිච්චි කරන එකක් වෙන්න ඕනේ ,, මන් නම් මැෂින් පිති දැකලා තියෙන්නේ ෆොටෝ වල , tv වල විතරයි

      Delete
    2. ස්තුති ආවට මල්ලියේ හි හි

      Delete
    3. කේමන කලපු වා පාවිච්චි කරන්න බැ..එකට ඕනි ගලාගෙන යන වතුර පාරක්..එකහරහට තමා කේමන බදින්නේ...

      Delete
    4. එහෙමද අපිනම් අරවා තමයි හැදුවේ වක්කඩේ හරහට තිබ්බේ

      Delete
  18. අපි මාලු අල්ලන්න ගියාම දියබරි දියනයි අහු වෙනවා.. අපි එකපාරක් බිල් පිත්ත දාල ගෙදට්ට අනකල් දුවගෙන ආවා.. සික් උන් ගලවන්නත් බැහැ නයි නේ..

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් උන් මුළු ඇගම වෙලාගෙන දරදඩු කරන් ඉනන්වනේ ,,අපිත් පිත්ත විසි කරලා දුවනවා

      Delete
  19. හ්ම්.... මේ සේරම මේ විදිහටම මමත් කරලා තියෙනවා.
    අදටත් කොහෙදිහරි වෙල්මාළුයි බතුයි විතරක් ලැබුනත් සුදු බත් ටික විතරයි කන්නේ. වෙල්මාළු දකිනකොට අදටත් මතක්වෙන්නෙ මඩ අස්සෙ අතගාල මාළු අල්ලද්දි උන් අතේ දඟලපු හැටි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ලුලා ,කාවයියා ,හුන්ඟා හරි විදියට ඇල්ලුවේ නැත්තම් ඉතින් ඉවරයි අත නේද ,,

      Delete
  20. බොලේ අපිට හපන්නේ මෙයා.. කෝම වුනත් මතකය හරිම සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ නම් පුදුම නිදහස් ස්තුති අදහස් බෙදාගන්න ආවට

      Delete
  21. අතීතයට ගිහින් ආවා එක පාරටම

    ReplyDelete
  22. (මෙදා ලංකාවට ගිය වෙලාවේ දැක්කා අපි මාළු අල්ලපු ඇළ වටේටම ලොකු පදුරු ,කටුගස් වැවිලා,, සන්නිවේදනයේ දියුණුවේ බලමහිමය ,,මහා විපර්යාසයක් ඒ මුළු පරිසරයේම )

    මාළු බැම අනුමත නොකරන දෙයක් උනත් ළමා කලයේ ළමයි විනොදෙට කරන දෙවල් කරන්න ඔනි නැත්නම් ජිවිත කාලයේදී කවදාවත් ම කරගන්න බැරි වෙනවා ඒ දුකම ඇති ...
    දැන් ළමයි දන්නේ නෑ ඔවා මත් මගේ ළමා කලයට ගියා ..ඒ කාලේ කරපු දෙවල් චිත්‍රපටියක් වගේ මතක් උනා
    බොහොම ස්තූති ....

    ReplyDelete
    Replies
    1. අපි විනෝද වුනේ අහිංසක මාළුන්ගේ ජිවිත එක්ක ,, මන් සමුහ ඝාතිකාවක් අතීතයේ ,, හරිම සතුටුයි අදහස් බෙදාගැනීම ගැන

      Delete
  23. අපේ ගේ පිටිපස්සේ තියෙන්නෙත් පුංචි ඇල පාරකුත් එක්ක වෙල් යායක්.. පුංචි කාලේ මමත් වතුර ඇති කාලෙට ඔය වෙලේ බැහැගෙන මාළු අල්ලන එකයි පායන කාලෙට සරුංගලයක් හදාගෙන වෙල පුරා දුවන එකයි ඇරෙන්න වෙන දෙයක් කලේ නැහැ ... අපුර්විගේ ලිපිය මාව අතීතෙට අරගෙන ගියා..

    ReplyDelete
    Replies
    1. ස්තුති චමි සතුටුයි එහෙම ඔයාලට හදවතින් හෝ සතුටක් විදින්න මතකයක් අවදි කරන්න ලැබීම

      Delete
  24. අපූරු අද්දැකීම්... දැන් කලෙ ළමයින්ට මේ වගේ අද්දැකීම් ගන්න වෙලාවක් නෑ නෙ. කොටින් ම කිව්වොත් ළමා කාලයක් කියල එකක් දැන් බිහි වෙන ජීවිතවල නෑ!

    ReplyDelete
    Replies
    1. දැනුම් තේරුම් ඇතුව මාළු අල්ලන එකට නම් මම මනාප නෑ හොඳේ :)

      Delete
    2. ඔව් දැන් ළමාකාලය කියන්නේ ඉස්කෝලේ යන්න ඉගෙනගන්න වෙන් වෙච්ච කාලයක් විතරයි ,, , හි හි අපි සතුටු වුනේ අහිංසක මාළුන්ගේ ජිවිත එක්ක ,, දැන් දුකයි ,, මොනා කරන්නද ආයේ කරන්නේ නැහැ

      Delete
  25. අමිහිරි කිවුවට මිහිරි නේ ඔමායාගේ ළමා කාලේ. කොළඹ අව් කට්ටෙ හැදුන අපිට කොහෙද ඔහොම මතකසටහන්.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද සිහින ,, මාත් ගමේ ඉපදුන නිසානේ ,, අනික මගේ සමවයසේ ගමේ හිටපු ළමයි උනත් හිටියා කොළඹ හතේ ඉපදිච්ච වුන් වගේ ,, මඩ ටිකක් ජීවිතේට පාගපු නැති අය.. සතුටින් ඉන්න හැම මොහොතේම

      Delete
  26. එතකොට අසූචියා රාජකුමාරියක් නෙවෙයි ගමේ කෙල්ලෙක්.....!

    ReplyDelete
    Replies
    1. හි හි කවුද කියන්නේ ,,මන් රාජකුමාරියක් ගමේ කෙල්ලෙක් නෙමේ ,, ස්තුති ඉවාන්

      Delete
  27. මාළු මරලා හෝ මරන්නේ හෝ නෑ, කනවා විතරයි!

    ReplyDelete
    Replies
    1. හි හි කද්දී දැනෙන රසයි අල්ලද්දී දැනෙන රසයි දෙකක් ඈ ,, :)

      Delete
  28. me lipiya kiyewwama matath mathak una, podikale mama hedune ape loku ammalage gedara. ge pitipasse thibuna welak. mama eke malu elluwa. mata bilikatu thibune nehe. mama malu elluwe elpenetthk nawala, nulakata getagahala, diga kotuwak kadagena ekata geta gahanawa. kawaiyo thamai elluwe. den e welawal nehe. godakarala gewal hadala.

    ReplyDelete
    Replies
    1. ගොඩක් තැන් වල එහෙමයි දැන් අයියෝ අපරාදේ , අල්පෙනෙත්තට පනුවා ගැහුවම මාළුවා පනුවා කාලා යනවා අල්ල ගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙන ව නේද

      Delete
  29. මං තිත්තයො අල්ලනව ඉස්සර හැමදාම.. ඊට පස්සෙ කූණිස්සොත් ඇල්ලුව උන් කැතයි. වැලි ගොව්වො දෙන්නෙකුත් ටැංකියක දාගෙන හිටිය :) ගමේ ඉන්න කාලෙ නම් මරේ මරු.. දැන් ආසාවට වෙලට තිත්ත පැටියෙක් හොයාගන්න නෑ :(

    ReplyDelete
    Replies
    1. හද නලයෝ තමයි ලස්සනට ගෙනත් බෝතල්වල් හැදුවේ ,,වැලි ගොවුවෝ මටත් අප්පිරියයි

      Delete
  30. ඔමායා ලස්සනට ලියනවා...කියවන්න හරිම ආසයි...

    අපිත් පොඩ්ඩෝ කාලේ වෙලේ බැහැලා, දෙපාව උඩ ඉඳන් මාළු අල්ලලා තියෙනවා. කිතුල් පිත්තෙන් කපාගත්ත බිලි පිත්තට ලාබෙටම ගන්න පුළුවන් චුටීම බිලී කොක්කක් අමුනලා තමයි ඉතින් ගොඩක් වෙලේට වැඩට බහින්නේ. හුගක් දවස් අසාර්ථකයි, මොකද අපේ චුටි කොක්කේ ගහලා තියෙන පාන් කෑල්ල කඩන මාළු පැනලා යන නිසා. ඉඳලා ඉඳලා එක මාලුවෙක් අල්ලගත්තම එතනින් එහාට ඒකා මැරෙනකම් පය ගණන් බලන් ඉන්න ඕනේ. ගෙදර ගෙනියන්නත් බෑ ගුටි කන්න වෙනවනේ....

    ඔයිට අමතරව කුඹුරේ වක්කදවල් වල වතුර හරස් කරලා රෙද්දක් දාලා ගප්පි වගේ පොඩි මාළු අල්ලන් බෝතල් වල දාගෙන යනවා ඇති කරන්න. ගෙදර උයපු බත් මුට්ටියේ දන්කුඩ ටික ඇමට දාලා චුට්ටි මාළු අල්ලපු කාලෙකුත් තිබ්බා..

    වැඩ අස්සේ එන්නේ බන්. නිතර එන්න වෙන්නේ නැති එකට සමාවෙයන්...

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ "තෙපාව " උඩ වෙන්න ඇති ,, අපිත් එහෙමයි බිලිකටු ගත්තේ ඉස්කෝලේ යන්න දීපු සල්ලි වලින් ,,අපෝ ඔයා පාන් කෑලිද අනේ ගැහුවේ ,, ගැඩවිල් පනුවාගේ නෙමේද , හූ හූ

      කමක් නැහැ ඔයා අද ආවනේ

      Delete
  31. ඔය වයසෙ කෙනෙක්. අපි විඳපු ළමා කාලය ගැන ලියනවා දකින්න ලැබුනමයි. කොහොම හරි උඹ හොඳ පන්නරයක් තියෙන කෙල්ලෙක්.. ඔහොම ඉන්න ගමන් මොනවා හරි ඉගෙන ගනින්.. ඔතනින් ජීවීතේ ඉවර නෑ.. මමත් ඔහේ ඉඳිද්දි ඇම්බුයුලන්ස් කොස් එකකුයි, ඔටිසම් ට්‍රීට්මන්ට් කෝස් එකකුයි කලා..

    ReplyDelete
    Replies
    1. ඔව් මන් අද ඉදලම හොයලා බලන්න ඕනේ ,, ඔටිසම් ට්‍රිට්මන්ට් ඉගෙනගන්න මන් ආසයි ,, අපි වෙන්න ඇති අපේ ගමේ මේ කාළය විදපු අන්තිම කීපදෙනා ,, අපේ පුංචි අම්මලාගේ ළමයින්ට කකුල් වලින් සෙරප්පු ගලවන්න තහනම් ,, ඉතින් කොහේ බහින්නද වෙලේ ,, ස්තුති

      Delete
  32. අපිත් ගම්පහ කොල්ලෝ අරිද?

    ජා ඇල පාරය යාබදව තියන වෙල් යායයි, ඔයයි අපි නිතරම ගැවසුන තැන්. ඒ වගේම කැලණි ගඟේ, වයඹ පලාතේ, රජරට වැව් වල එහෙම මාළු අල්ලලා තියනවා. එක පාරක් දියලුම කිට්ටුව පුංචි ගමකට ගිහින් මාළු අල්ලගෙන උයලා කෑව එක නම් මතකයි හොඳට... අනිත් අය මරපු මාළු රස කරකර කෑවට තමන්ම අල්ලපු මාලු කෑවේ නම් බොහොම අමාරුවෙන්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් පොඩි කාලේ මගෙන් ගුටි කාපු අර කොල්ලද දන්නේ නැහැ ඔයා :D ජා -ඇල කියන්නේ අල්ලපු ගම අපේ
      හ්ම්ම් මටත් කොච්චර ඇල්ලුවත් කවදාවත් කන්න නම් හිත දුන්නේ නැහැ

      Delete
  33. මේ ලියල තියෙන දේවල් දකිද්දී මගේ ඇඟ හිරිවැටුනා. යකඩෝ මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද? මමත් පොඩි කාලේ ගිය මාළු බාන්න ලූලෙක් තමයි ඇම කෑවේ. ඉක්මනට උඩට ගත්ත මට මාලුවැව අල්ලන්න මොකක්ද වගේ අපි මාළු ඇල්ලුවේ ටැංකි වලට දාන්න පස්සේ මට දුක හිතිලා ඇත ඇරලා දැම්ම එදා මෙදා තුර මම නෙවෙයි මාළු බාන්න ගියේ. මාළුවා දඟලන හැටි දැක්කම පව් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කෝරළේ මහත්තයෝ මේ අහා ආවට තැන්කූ,, මට හිටපු යාළුවො දෙන්නා නිසයි තාත්තා නිසයි වෙන්න ඇති දැන් වුනත් මන් කරපොත්තෙක් එහෙම අවම අතේ ගුලිකරන් ගිහින් දසපින් එකට දානවා ,, :)

      Delete
  34. ඔමායා, Have you heard about Karakgahanawa? That's putting a basket (with a big hole on bottom and a small one on top) down to trap fish and then putting your hand through the hole on top to grab the fish. Did you use that method too?

    Fishing is considered to be a very relaxing past time in the West and I too think it must be so. But, I wonder what would happen if fish had voices. Not so peaceful to pull a screaming fish up eh?

    BTW I hope you don't have guardians of the blog who will be offended by my use of English. If you do, my apologies. I am very very interested in the contents of this post and thought I should comment.

    ReplyDelete
  35. your first question ,, yes used that method.

    //I wonder what would happen if fish had voices. //// i was thought about this ,, but its hard ,,i wll try

    ReplyDelete
  36. Tell us what ඉලගොටු is when you can. Also, write more about your childhood experiences. You must be in the last generation to experience these things. I read a lot about the times past. But your experiences are unique because there are so recent (I'm assuming you are fairly young) but still have lots of things now almost totally vanished.

    ReplyDelete
  37. ඔබතුමාට සිංහල කියවන්න පුළුවන් ඇති කියලා හිතනවා මගේ පෝස්ට් කියවන නිසා ,,

    හ්ම්ම් මන් අද ලියන්න හිටියේ බැරි වුනා ,සමහර විට ඒවා කියෙවුවට පස්සේ බොහෝ දෙනා මා වැදි පැටියෙක් ලෙස උනත් හදුන්වන්න පුළුවන්

    ReplyDelete
  38. I' bi-lingual. I have no real preference for one language but TYPING in English is easier for me. I like to read in Sinhala articles/posts about SL village life. However, if you dislike me commenting in English I'm sorry,. I will read your posts (the ones that interest me) without commenting in future.

    ReplyDelete
  39. තුන දාල තිබුනා.. ඔක්කොම කියෝනව කියල හිතාගෙන ඔන්න ආවා මේ පැත්තෙ :)

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...