Friday, October 25, 2013

ගොඩක් දුර ගිය පොඩි කතාවක් 35

            බිත්තර තම්බන්න ගිහින් වුණා වගේ ඊයේ හවස මට තව වැඩක් වුණා.  ඔබට මෙයින් පුංචි හෝ දෙයක් ලැබේවී කියලා හිතුණ නිසා ලියන්න පටන්ගත්තේ.
                                                      ටික දවසක  ඉදන් කිචන් සින්ක් එකේ වතුර බහින්නේ හිමින් හිමින්  සීයට කියන්නත් බැහැ ,,එතකොට අහනවා සින්ක් එකට ඔයා කෑම දැම්මද කියලා (ඒ මොකද කලින් වතාවකදී බාත්රූම් එකේ නාන වතුර යන්නේ නැතුව ඔහොම වෙලත් බැරිම තැන සීයට කීවම එයා ඒක සුද්ද කළා ,, සුද්ද කරන්න අත දාද්දි එයාගේ අතට ආවේ මගේ කොණ්ඩ ගස් කිලෝ එකක් විතර ගුලියක් බැන්නේ නැහැ ඒත් ඒ මතකය නිසා මේක නොකියා හිටියේ ) ඉතින් මං ගේ පුරාම හොය හොයා තියෙන අතට අහුවෙන කම්බි වලින් කූරු ගගා හිටියා උණුවතුර වැක්කෙරුවා,,වේගෙන් වතුර ගැහුවා ,,ගෙයි තියෙන කෙමිකල් බෝතල් වලින් හල හල කම්බි වලින් කූරු ගෑවා ,, ඒත් හරිගියේ නැහැ ,, සීයට තේරුමක් නැහැ එයා කිචන් එකට එන්නෙම නැහැ... ඊයේ පෙරේදා වතුර බ්ලොක් එක හොදටම වැඩි මට රෑ නින්ද යද්දිත් ඒක මතක් වෙනවා ,, අන්තිමට මන් සීයට හොරෙන් පොඩි මිකැනික් පාරක් දාන්න ගියේ 
U හැඩේට තියෙන පැත්තේ සින්ක් එක
   
                               පස්සේ රෑ හොරෙන් ගලවන්න යද්දී ටිකක් බුරුල් කලාවිතරයි උඩින් වතුර හැමතැනම ඊට පස්සේ ආපහු තද කරලා තියලා මන් හිතාගත්තා "හෙට උදේම සීයට කියනවා ,,කියලා මන් හදනවා කියලා " ටිකක් සීනි  වැඩියෙන් දාලා රසට කිරි එක හදලා දීලා ටිකක් ලොකු චීස් කේක් කෑල්ලක් දීලා මුඩ් එක හොදට තියෙද්දී මං කීවා විස්තරේ,,,,ඊට පස්සේ  මං ආයේ  කීවා මට ඒක හදන්න පුළුවන් කියලා.. එයා ඒක ගණන් ගත්තෙවත් නැහැ ,, "හරි යමු බලන්න " කියලා නැගිට්ටා .. මට මොකුත් කීවේ නැහැ "කාලෙකින් පම්ප් කරලා නැතුව ඇති පම්ප් එක ගන්න" කීවා ,,මං එහෙම එකක් දැනන් හිටියේ නැහැ ඒත් එතන තිබ්බ බඩු දිහා බලලා නිකමට මං   නොදන්න දේකට තිබ්බ එක අරන් දුන්නා,, හොඳ වෙලාවට හරිගියා  රූපයේ විදියේ සරළ උපකරණයක් ඔයාලා දන්නවා ඇති මේක ,, මම දැකලා තිබ්බට කරන වැඩේ දැක්කේ එදා .ලී හෝ ප්ලාස්ටික් මිටක් තියෙන්නේ

 පහල කෙළවරේ තියෙන්නේ රබර් වලින් හදපු චුෂකරයක් ඒක වේගයෙන් සින්ක් එකට වතුර පුරෝලා වේගයෙන් ඉහළ පහළ කලාම බටය දිගේ වතුර ලොකු පිඩනයකින් ගමන් කරන්නේ විනාඩි පහෙන් වැඩේ ඉවරයි ,, සීයා කීවා සතියකට සැරයක් ඔහොම කරන්න කියලා ,, එතනින් පස්සේ ඒ ප්‍රශ්නෙන් මං නිදහස් වුනා .--------------------------------------------------------------------------------------------------වෙච්ච සිද්දිය ගැන තනියම කල්පනාකරද්දී මට දැනුණේ අපේ ජීවිතවලත් සමහර ප්‍රශ්න ගැටළු එද්දී අපි ඒවත් එක්ක තනියම කොච්චර පොරබදනවද ,,මුළින් මුළින් තමන්ගේ පරණ අත්දැකීම් වලට අනුව උත්තර හොයන්න යනවා ,, අර මං කම්බිකූරු දදා බැලුවා වගේ ... ඒවා හරි නොගියාම අළුත් විදියට ඒ ප්‍රශ්නෙට මුණ දෙන්න බලනවා අර කෙමිකල් ජාති ,උණුවතුර හැලුවා වගේ ,,,හැමදේම කරන්නේ රහසින් ,,, හිතට නිදහසක් නැහැ ,,නින්දක් නැහැ  නොයෙක් නොයෙක් ක්‍රම වලින් උත්සහා කරලා බැරිම තැන තීරණේ කරනවා මේ ප්‍රශ්නෙට නම් උත්තර මේ ලෝකේ නැහැ කියලා ,, මං කරලා තියෙනවා මගේ ජිවිතේ  ඕනේ තරම් ඔය විදියට.  ඇත්තටම මගේ ඇස් වලට පේන්න කිසිම උත්තරයක් නැහැ ,, දන්න හැමදේම කලත් විසදුමක් නැහැ ,,මේකනම් කාටවත් විසදන්න බැහැ ,අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ    එකම තීරණයක් පමණයි කියන තැනට එනවා ,,, අර බට ලයින් එක ගලවලා සුද්ද කරන්න හිතුවා වගේ ,, සමහර විට අපි අන්තිමට ඒ ගන්නා ක්‍රියාමාර්ගය ,,,ජිවිතයට යම් ආකාර දැමේජ් එකක්  කරන්න ඉඩ තියෙනවා ,,ප්‍රශ්නය විසදුනත් ඒ කැළැල් කවදාවත් මකන්න බැරිවෙනවා 
                                  අන්තිමට සීයට කීවට පස්සේ ඉතාම සරලව ප්‍රශ්නේ විසඳුනා .. මේකෙන් මන් ඉගෙනගත්ත පාඩම ප්‍රශ්නයක් ආවම ඒකට පිළිතුරක් පේන මානෙකවත් නැති වුණාම ඒකට කිසිම පිළිතුරක් නැහැ කියලා අවදානම් සහිත විසදුම්  වලට නොයා ,, සුදුසුයි  කියලා හිතෙන වැඩිහිටියෙක්ගේ  හරි , ඉතාම විශ්වාසවන්ත යාළුවෙක්ගේ හරි ඒ කාරණාව සම්බන්ධ විශේෂ පුද්ගලයෙක්ගේ හරි  උපදෙස් ගන්න යොමු වීම තමයි හොද ,, 

මේක පුංචි ගැටලුවේ ඉදන් ඉතාම බරපතල දේකට වුණත් සුදුසුයි... සමහර මිනිස්සු ලැජ්ජාව නිසාත් තමන් විදිමින්  ජිවත් වෙන්න ඕනේ කාලේ ,, විඳවමින් ඉන්නවා ලෝකයත් එක්ක මුණේන් හිනා වුණාට..ඔවුන් හදවත්වලින් වැළපෙනවා..ඒක අපරාදයක් ..තමන්ගේ පෞද්ගලිකත්වයට  හානි කරනොගෙන අනවශ්‍ය අවදානම් වලට නොයා වෙන කෙනෙක්ගෙන් උදව්ගන්න ,,

 බොහෝ දෙනා ලිංගික ගැටළු වලින් පිඩා විදිනවා සමාජයට තියෙන බය ,ලැජ්ජාව නිසා රටේ ලෝකේ මිනිස්සුන්ට ඕනේ විදියට ජිවත් වෙන්න එපා !!!!ඒක මහ අපරාධයක්.. ලිංගාශ්‍රිත රෝග විශේෂඥයෝ ඉන්නේ බල්ලන්ගේ පුසන්ගේ ලෙඩ වලට බෙහෙත් දෙන්න නෙමේනේ...  අපිට මේ ලැබිලා තියෙන ලස්සන ශරීරය ,,,ජීවිතය වගකීමෙන් බලාගන්න ඕනේ ,,  


    ලිපිය කියෙවුවට මන් ගානේ තේ එකක් බීලම යන්න :)

88 comments:

  1. පට්ට තේ එක!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මා හැදුවේ උතුමාණනි

      Delete
  2. ඔය වැඩේ තමා කල යුත්තෙ නිතරම වතුර බසින තැන් වලට,විශේෂයෙන් ශිත කාලවලදී තෙල් මිශ්‍ර වතුර බස යාමේදී වතුර බැස ගියත් බටය වටේ තෙල් තැන්පත් වී ඝන වී මාර්ගය අවහිර වෙනව.
    සෝදා අවසන් වූ පසු සින්ක් එකට ටිකක් උණු වතුර පුරවා අර උපකරණයෙන් සක් කලහම හරි..

    ReplyDelete
    Replies
    1. දැනගෙන හිටියේ නැහැනේ කලින්

      Delete
  3. ලිංගික කටයුතු එක් විශ්වාස සහකරුවෙකුට පමනක් සීමා කරන්න.... එයයි හොදම කටයුත්ත.....

    පලි: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....බ්ලොග් කරුවන් ලෙසින් එන ලිංගික දඩයම් කරුවන්ට රැවටෙන්න එපා..... ණය දෙන්නත් එපා

    ReplyDelete
    Replies
    1. මචෝ..අපි කෙල්ලන්ගෙ තැන්වල නැතිව මේ දේවල් පිරිමින්ගෙ ලිපි වලදී කතා කරමුද Pl ...

      Delete
    2. මොකෙක්ද බං මේ පොන්* ඇනෝ...... පිරිමියෙක් වෙයන් බං කෙල්ලොන්ට බලු වැඩ කරන්නේ නැතිව හරි හමන් පිරිමියෙක්ට කියහන්.

      Delete
  4. අර තේ එකක් නම් බොන්න වෙන්නෙ ලංකාවට ආවම ඔයාලගේම ගෙදරදී.
    මොකද කොහුබත් මිශ්‍ර ලෝකයේ නියම කහට තේ වලට ලංකාව ප්‍රසිද්ධ නිසා.

    ReplyDelete
    Replies
    1. මම අැස් ෙදෙකන්ම දැක්කා අම්බලංෙගාඩ තැනක ෙත් ෙරාඩු ෙගනල්ලා ඩයි කරලා ෙව්ෙලන්න දාලා තිෙයනවා. ෙමානවා උනත් සවුදි වල මම දනන් විදියට 90% කැමති ලංකාෙව් අෙප් ෙත් වලට.

      Delete
    2. ඇත්තමද ?මෙච්චර තේ තියෙද්දී කොහුබත් දානවා ?

      Delete
  5. \\\\ඉතාම විශ්වාසවන්ත යාළුවෙක්ගේ හරි ඒ කාරණාව සම්බන්ධ විශේෂ පුද්ගලයෙක්ගේ හරි උපදෙස් ගන්න යොමු වීම තමයි හොද ,,\\\\

    එහෙම අය ලැබෙනවා නම් බොහෝ ප්‍රශ්න විසඳගන්න පුළුවන්... ඔබ හරි... හැබැයි එකිනෙකා පාවා දෙන , විශ්වාසය බිඳින අයට නම් මොනවත් කියන්න හොඳ නැහැ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  6. ඔක්කොමත් හරි මේකගේ තේක තමයි කේස් එක... හි හි...

    ReplyDelete
    Replies
    1. හි හි ඒක ලස්සන කෝප්පයක්නේ හිරුවෝ :)

      Delete
    2. ඔන්න කෝප්පේ මාරු කළා

      Delete
  7. සිදුවුෙන් සරල කාරණයක් උනත් එයින් ඉෙගන ගන්න ෙගාඩක් ෙද්වල් තිෙයනවා.
    ෙත් එකට ස්තුති..
    ෙකාෙහාමත් ලංකාෙව් අය අාගන්තුක සත්කාර වලට ලැදියිෙන්. ඔබට ඡය...

    ReplyDelete
    Replies
    1. ස්තුති සැම්ස්....තේ වල කොහුබත් කියන්නේ ඔයාලා

      Delete
  8. ඔය තියෙන්නෙ ජිවිත පාඩමක් සරලව කියා දීල.මමත් බොහොම කටුක විදියට තමා ඔක දැන ගත්තේ.

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කියන්නේ රහස් ගුහාවක් ,,නිධානයක් මගියෝ ,,,හොයන්නට සම්බවේ

      Delete
  9. හ්ම්ම්ම්ම් මිකැනික් වැඩෙත් පටන් අරන් වගේ. ඔක්කොමත් හරි කොමඩ් තේ එක තමයි අවුල්

    ReplyDelete
    Replies
    1. ඔන්න මහත්තයෝ එක විසික්කා කරලා අළුත් එකක් වක්කරන් ආවා

      Delete
  10. හැමදාම වගේ සරළව ලියල ජීවිතේට දෙයක් එකතු කලාට ස්තුති! විශ්වාසවන්ත යාලුවො තමා හොයා ගන්න බැරි :B මට නැත්තෙත් ඔහොම යාලුවොනේ.තේ විතරද කන්න මොකුත් නැද්ද.?:)

    ReplyDelete
    Replies
    1. කේක් තිබ්බා හිරු අක්කා එයාගේ මහත්තයටත් ඕනේ කියලා ඔතන් ගියා අක්කේ හි හි

      Delete
  11. Lady green tea අපිට මොන්න හොදෙයි?

    ReplyDelete
    Replies
    1. මොන්න නෙමෙයි බොන්න* වෙන්න ඕන හොදේ..

      Delete
    2. හ්ම්ම්ම්,, හි හි ලේඩි ගාගගේ සින්දු අහන්නේ ගෑණු විතරද හි හි

      Delete
    3. @ දිනේශ් & ඔමායා......දැණගැනීම සඳහා පමණයි.....

      Lady Green Tea නමින් තේ වර්ගයක් නැහැ. මේක Lady Grey Tea . මෙයගේ පිරිමි Version එක තමයි Earl Grey Tea. මේ තේ වර්ග Bergmont Oil වලින් Flavour කරනවා. Earl Grey එකේ flavour එක වැඩියි. Lady Grey එක අඩුයි. Earl කියන නම්බුනාමය ලැබුනාම ...එම නාමය ලැබුනු තැනැත්තාගේ බිරිඳ Lady නමින් අමතයි.

      Evening Tea වලට හොඳයි. Breakfast වලට බොනවා අඩුයි.. After Dinner හොඳා.........යි
      ඇති නේද.....

      Delete
    4. හි හි මෙයා දන්න තරම් ,, තැන්කුයි ඈ

      Delete
  12. කුන්ෆු කියන්නේ එදිනෙදා ජීවිතය සටනට උපයෝගී කර ගන්නා ක්‍රමයක්. ජැකී චෑන්ගේ ෆිල්ම් වල මේ දේ හොඳට තියෙනවා. ඔයත් කරලා තියෙන්නේ ඒ වගේ වැඩක්. එදිනෙදා ජීවිතයේ මුහුණ දුන් ගැටළුවක් සඳහා පිළියම, මානුෂීය ගැටළුවක් සඳහා යොදා ගැනීමේ උත්සාහයක්. නියම කෙනෙකුගෙන් උපදෙස් පැතුවොත් වරදින්න බෑ,

    ReplyDelete
    Replies
    1. ස්තුතී අදහස් බෙදාගත්තට,, ඔව් අපි කොච්චර ශක්තිමත් වුණත් හැමදෙයක්ම තනියම විසදගන්න බැහැනේ

      Delete
  13. කිලෝ එකක විතර කෙස්ගස්!!!! මගේ අම්මෝ මාර කොන්ඩයක්නේ තිබිලා තියෙන්නේ........ තව කිලෝ කියක් ඉතුරුද???

    ReplyDelete
    Replies
    1. අගල් 5 ක විශ්කම්භයක් තියෙන නලයක් අවහිර වෙන තරමේ ,,ලොකු කෙස් ගුලියක් කිලෝවට වැඩි ,, දිගට හරහට කොන්ඩේ ගියා ඒ දවස් වල, ඒත් ඔලුවෙත් ඒ විදියටම කොන්ඩේ තියෙනවා අඩුවක් නැහැ අනේ මන්ද රාලේ .

      Delete
    2. මැලේ රාල දන්නේ නැද්ද කෙස් තියෙන්නේ ඔලුවේ පමණක් නොවන බව. බාත් රුම් වලට වෙලා රේසර් යොදාගෙන අනවශ්‍ය කෙස් ඉවත් කරන කොට ඔහොම වෙනවා.

      Delete
    3. ඇනෝ @ ඔබගේ පෞද්ගලික අත්දැකීම හැමෝටම ආදේශ කරන්න එපා යාළු

      Delete
  14. ඔය සරල උපකරණය ලංකාවේ බොහෝ හාඩ්වෙයාර් කඩවල තිබේ!

    ReplyDelete
    Replies
    1. මාත් දැකලා තිබ්බට ඕක මොනා කරන එකක්ද කියලා දැනගෙන හිටියේ නැහනේ අපරාදේ

      Delete
  15. පොඩි දෙයකින් ගොඩාක් දේවල් හිතල තියනවා. අපටත් හිතන්න මග පෙන්නල තියනවා. ස්තුති යි ඔමායා.

    ReplyDelete
    Replies
    1. තනියම ඉද්දි හිතන්න දේවල් නැතිකමටද මන්ද ,, ඔහේ බලාගෙන කල්පනා කරද්දී ඔලුවට එන ඒවා තමයි

      Delete
  16. අපි සීයලා වුණේ අත්දැකීම් ගොඩක් එක්ක. ඒ නිසා අපිත් එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බෑ ඕගොල්ලන්ට.
    හි.හී....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මන් දන්නවා බුද්ධියට වඩා අත්දැකීම් වලට ගොඩක් දේ කරන්න පුළුවන් කියලා , මේ ලෝකේ මන් දැක්කට වඩා දෙතුන් ගුණයක් ඔයාලා දැකලා තියෙනවා

      Delete
  17. ඔමාගේ මේ පොඩි අත්දැකීම අපි කාටත් හිතන්න ගොඩක් දේ ඉතුරු කරල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුති ,.. ඔයත් එක හේතුවක් මන් මේ දේවල් ලියන්න පෙළබෙන්න ,, අඩුපාඩු කියදෙනවට ස්තුති

      Delete
  18. විශිෂ්ට සංකල්පයක් සරල ලෙස හිතතට කවද්දුවට ස්තුති.... සිරා වෙදෙකුගෙන් මිස ගොඩ වෙදුන් ගෙන් නම් බෙහෙත් ගන්න එපා...පට්ටම් වලින් වෙදාව මනින්න එපා..පට්ටම් නැති සිරා වෙද්දු ඇත ඕනෑතරම් හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි

    ReplyDelete
  19. ගැඹුරු සංකල්පයක් ඉතාම සරලව, කතාවකුත් එක්ක කියාදීලා... සුපිරියි ඈ!

    ReplyDelete
    Replies
    1. තැන්කූ බස්සියේ ,, තනියම ඉද්දි ඔළුවට එන දේවල්,, කට වැඩ කරනවා අඩු නිසා

      Delete
  20. කතාවෙනම් අත් හැරිය යුතු කිසිම දෙයක් නැත. අපේ ගොඩක් මිනිස්සු තමන්ගෙ ප්‍රශ්ණ හිතේ තද කරන් දුක් විදිනවා. විදවලා විදවලා අන්තිමේදි අවධානම් තීරණ අරගෙන ජීවිතේම විනාශ කර ගන්නවා.
    කොහොම උනත් තේ එක නම් මරේ මරු. ;-)

    ReplyDelete
    Replies
    1. ස්තුති චතු,,

      අම්මා හැදුවේ

      Delete
  21. ඔයාටත් හිතෙන දෙවල්.අම්මපා ඇත්තනේ

    ReplyDelete
    Replies
    1. හැම පුංචි සිදුවීමක් පිටුපසම ඉගෙනගන්න දෙයක් තියෙන්න පුළුවන්

      Delete
  22. අවංකවම කියන්න ඕන.. මෙච්චර ගොඩ වෙදා උන මටත් තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරේ අදයි හම්බ උනේ... ඕක හාඩ් වෙයාරිවල තියෙනවා මං දැකලා තිබුනා උනාට මං හිතුවේ නැහැ මෙහෙම දෙයකට ගතෑකි කියලා.. සින්ක් හිර වීමේ ප්‍රශ්නයනං මට හැම තැනදීම තිබුන එකක්.. බලමු මේක අදම කරලා...

    // ප්‍රශ්නයක් ආවම ඒකට පිළිතුරක් පේන මානෙකවත් නැති වුණාම ඒකට කිසිම පිළිතුරක් නැහැ කියලා අවදානම් සහිත විසදුම් වලට නොයා ,, සුදුසුයි කියලා හිතෙන වැඩිහිටියෙක්ගේ හරි , ඉතාම විශ්වාසවන්ත යාළුවෙක්ගේ හරි ඒ කාරණාව සම්බන්ධ විශේෂ පුද්ගලයෙක්ගේ හරි උපදෙස් ගන්න යොමු වීම //

    මේකටම එකතු කරගන්න බ්ලොග් කියවීමත් හොඳයි කියලා... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, ඔයා කරලා බලන්නකෝ ,,ඊට පස්සේ නිතර ඉරිදට වගේ කරන්න

      Delete
    2. ඔයා කියද්දී මතක් උනේ ඕක මන් කීප සැරයක් පාවිච්චි කලේ කබඩ් වල දුර තියෙන බඩු ලගට ඇදලා ගන්න හි හි

      Delete
    3. මාඩමෝරයා රටේවෙදා වගේ ලොකුඑක දැම්මට ඔය ජිල්මාට්එක දන්නෙත් නැද්ද

      Delete
    4. ඒක ගැන දැනගෙන හිටියනම් මේ පෝස්ට් එක ලියවෙන්නේ නැහැනේ අනේ

      Delete
  23. හැබෑට ඔමා මාත් ඔය උපකරනේ මොන මලදානෙකට ගන්න එකක්ද කියල දැනං හිටියේ නැහැ නෙව.. ඒකෙන් කාරි නැහැ.. ගැටළුවක් විසදන්න උවමනාවට වඩා හිතන්න නරකයි. Just do what you think right or get professional help



    තේ එක නං අජරාමරයි යකෝ...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි එක එක දුර තියෙන දේවල් ලගට ඇදලා ගන්න තමයි යුස් කරේ ඉදගෙන :) yes BOZZ

      the එක අම්මා හැදුවේ උතුමාණනි

      Delete
  24. ඔය ගැජට් එකට කියන්නෙ "ප්ලන්ජර්" කියල. ඕකෙන් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන්න සින්ක් එකට උණුවතුර දාල ටිකක් වෙලා තියන්න ඕන.

    කතාව ඇත්ත. තමන් හැමදේම දන්නව කියල නොහිත ප්‍රස්නයක් අවම විස්වාසවන්ත අයගෙන් උදව ඉල්ලන්න ඕන. ඒක සාර්ථක මිනිහෙකුගෙ හොඳ ගතියක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඉන්දික මන් නම දැනගෙන හිටියේ නැහැ ,, ඒකනම් සුපිරි භාණ්ඩයක් තමයි ඇත්තට ,,

      Delete
  25. අහා බාත් රුම් බට වල නම් කෙස් හිර වෙනවා අර L හැඩේට තියන කෑලි වල දැන් අලුතෙන් එන L කෑලි උඩින් ගලවන්න පුළුවන් විදිහට එන්නේ එක නිසා සුද්ද කරන්න ලේසි හැබැයි පොඩ්ඩක් ගන්න වැඩි

    අපරාදේ අර ලස්සන තේ කෝප්පේ මාරු කලේ මොනා උනත් හොද උපදේශයක් දීලා තියනවා

    ReplyDelete
    Replies
    1. ඔව් මෙහෙ ඒ ජාතිය එකක් තිබ්බේ හොද වෙලාවට .. බැහැනේ කස්ටිය කෑගහුවනේ බොරළු

      Delete
  26. ඇයි බං අපේ කෙල්ලො උඹ වගේ හිතන්නෙ නැත්තේ... :(

    ඔය කියන සරල බව තේරුං ගන්න කෙල්ලො'කොල්ලො / අපි හැමෝම ගන්න කාලෙ බොහොම වැඩියි. කාට කියන්නද...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒකනේ බන් මන් මේ මෙහෙමවත් දැනෙන එවුවා ලියලා දාන්නේ ආදරේ ගැන ලියන්න ඕනේ තරම් අය ඉන්න නිසා ,,

      තන්කු තිලී

      Delete
  27. පට්ට තේ එක තමා...

    ලොකු කතාවක් කියා දුන්නට ටැංකියු

    ReplyDelete
    Replies
    1. පට්ට තේ එක ලොට්ට ලැප් එක නේ හි හි තැන්කුයි මෙහෙ ආවට

      Delete
  28. කොහොමත් වැඩිහිටියෙක් ගෙන් දන්න කෙනෙක් ගෙන් අහන එක හොඳයි.

    සින්ක් බ්ලොක් වෙන එකට (දරුණු කේස් එකක් නම් ) Caustic Soda තමයි ඉන්ජෙක්ෂන් එක. බොහෝම සැරය. පරිස්සමෙන් පරිහරනය කරන්න.

    ReplyDelete
    Replies
    1. ගෙයි තිබ්බා මන් දැම්මා ඒත් එවේලේ කල්පනාවකින් නෙමේ කලේ ,, තැන්කූ

      Delete
  29. ඇත්තටම මාතෘකාවට පෝස්ට් එක ගැලපෙන අපූරුව හරිම කදිමයි..

    ReplyDelete
    Replies
    1. මාතෘකාවක් කිවුවේ හැලප අයියා :)

      Delete
  30. බොහෝ දෙයක් හිතන්න ඉඩ කඩ විවර කළ ලිපියක්. මටත් ආයි විසඳගන්න බැරි ගැටලුවක් ආවොත් කෙළින්ම දාන්නේ බ්ලොග් එකේ.. ඉතින් ඒවටත් දිපල්ලකෝ උත්තර ඉඳගන

    ReplyDelete
    Replies
    1. ආවද රටවටේ රවුම්ගහලා ? කොහෙද අනේ ගියේ ?

      Delete
  31. "ලිංගාශ්‍රිත රෝග විශේෂඥයෝ ඉන්නේ බල්ලන්ගේ පුසන්ගේ ලෙඩ වලට බෙහෙත් දෙන්න නෙමේනේ..."
    හොඳ කතාවක්.
    මොකක්ද බං මේ තේ එකට සීනි දාලා නෑනේ ...ශේහ් අම්මප !

    ReplyDelete
    Replies
    1. මන් හිතුවා කතාව තව දික් කරන්න උදාහරණ ලියන්න ,ඒත් පස්සේ ආපු අදහසක් නිසා ඔහොම තනි වාක්‍යක් ලියන්න හිතුණා , ස්තුති ඉවාන්

      අම්මා හැදුවේ තේ එක හි හි

      Delete
  32. ඒ කියන්නේ පිලියම් හොයන්න තියන හොඳම ක්‍රමය කතාකරලා තව කෙනෙකුගේ අදහස් වලටත් සවන්දෙන එක ..

    …හුඟ දවසකින් මේ පැත්ත ආවේ ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයාව කාලෙකින් දැක්කේ නැහැ තනියම විසදගන්න අමාරුම නම් ඒ ක්‍රමයත් හොදයි නේ

      Delete
  33. බොහොම හොඳ අදහස් ටිකක් ලියලා තියනවා, මේ වගේ දිගටම ලියන්න

    ReplyDelete
  34. ///අවදානම් සහිත විසදුම් වලට නොයා ,, සුදුසුයි කියලා හිතෙන වැඩිහිටියෙක්ගේ හරි//
    අනේ මoදා අක්කේ ජිවිතේ හැම දේම අලුත් එක නිසා මට නම් හිතෙන්නෙ කවුරු කිව්වත් හැම දේකම අවදානමක් තියනවා අඩු -වැඩි විදිහට .

    ReplyDelete
  35. මන් කිවුවේ තමන් හැමදේම තීරණය කරන්න ඕනේ ,, හැමදේම අළුත් තමන්ට ඒ මන් හෝ ඔයාට මිට කලින් නොදන්නා නිසා නමුත් අපිට කලින් ඒ අත්දැකීම හොදහැටි විදපු හෝ දන්නා කෙනෙක්ගෙන් අපිට උදව්ගන්න පුළුවන් ,,

    ReplyDelete
  36. ඔමාගේ කලින් ලිපි කීපයක් බැලුවත් අද තමයි කොමෙන්ටුවක් කොටන්නේ.මම දැක්කා කොතැනක හරි තිබුනා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කියලා.මමත් උසස් පෙල 97.එතකොට නම් ඔය නම නෙමෙයි දන්නවනේ පරන නම..

    ReplyDelete
  37. ඔයා 97 උසස් පෙළ කරද්දී මන් සිසත්තෙට පන්ති යනවා ,, හි හි හ්ම්ම් ඕක ප්‍රසිද්ද රහසනේ ඕවා ඔය නාලන්දේ කොල්ලෝ අපේ ඉස්කෝලේ එක්ක ඉරිසියාවට කියන කතා

    ReplyDelete
  38. මං මේක ලියලා ගොඩ කාලෙකට පස්සෙ තමයි කියවන්නේ.කෝස්ටික් සෝඩා හොදයි ඒත් සමහර විට සින්ක් එකේ පාට විවර්ණ කරනවා.
    //ජිවිතයට යම් ආකාර දැමේජ් එකක් කරන්න ඉඩ තියෙනවා//
    කස්ටිය හැමෝම උඩින් පල්ලෙන් ඕන් කියවලා තියෙන්නෙ අක්කෙ..දැමේජ් නහී ඩැමේජ්..ඩැමේජ්

    ReplyDelete
  39. මොනාද අප්පා මේ තේ කොල..
    හරිම රසයිනේ..

    ජීවිතේ පුන්චි පුන්චි අත්දැකීම් ජීවිතේට ගොඩක් වටිනා පාඩම් කියලා දෙනවනේ.

    ජයම වේවා !!!

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...