Thursday, October 31, 2013

ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ

තුරුළුකරන් හිනහුනාට
නුබ හොරාට ඇඩුවා නේද ...

කිරිනොවුනට ඔය රුධිරය 
මා වෙනුවෙන් අහස තරම් ...
දාඩිය බිදු හැලුවා නේද ...
පොඩි මුව නොරිදා හෙමිහිට.. 
විහිළුකතා ගොතා කියා 
මුතුකැට වගේ සුදු දත්ටික 
උදේහවා මදී හොඳට.. 
පොල්කටු ඉස්ත්‍රීක්කයෙන් 
සුදුරැළි එක පෙළට තබා 
මැද ඇන්ඳු පුංචි ගවුම 
ටයිපටියෙන් සරසාලා ...
පොල්තෙල් ගා හිස පිරිමැද 
ඉර හිටින්න දෙකට බෙදා 
කොන්ඩ කරල් දෙක ගොතන්න
තාත්තේ ඔබ සැරකල හැටි තාමත් මතකයි....
සුදු පාටින් මේස් දෙකට 
හැඩ සපත්තු දෙකක් දමා 
පාන්දරම පාසල ලග පුංචි මාව දමා ගියත් 
අඩන් නැතුව හිටියේ ඔබට ආදරේ හින්දයි ....
ඉර හැරෙන්න පටන්ගත්ත වෙලේ ඉදන් කඩුල්ල ලඟ 
දෑස රිදෙනකල් බලාන.....මදුරුවෝ තල තල උන්නේ 
යෝගට් එක කන්න නෙමේ..... ඔබේ මුහුණ දකින්නටයි 
ලෝකෙම ඔබ වෙච්ච නිසා මගේ තාත්තේ ....


(මේ ලියවුනේ මගේ පුංචි කාලේ මතකයක් අද මං තාත්තට කෝල්  කළා ,, එයා ඇඩුවා ගොඩක්...මට පිස්සු හැදුනා මගේ බෙල්ල මිරිකගන්න හිතෙන තරමට උගුර හිර වුණා.)

1.මේ මගේ තාත්තගෙයි මගෙයි පළවෙනි කතාව කැමතිනම් කියවන්න ඔයත්

2.අළුත් තාත්තලාට සහ තාත්තා කෙනෙක් වෙන්න ඉන්න කොල්ලන්ට


80 comments:

  1. ඔක්කොමත් හරි අන්තිමෙට මගෙත් උගුර හිර උනා ඔමා....:(

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ එහෙම කියන්න එපා ,, එයා අඩන කෙනෙක් නෙමේ වෙච්ච දේවල් ඉස්සරහා යෝධයෙක් වගේ හිටපු කෙනා මන් ඉස්සරහා ඇඩුවා ඒකයි ,, මන් ලගදීම යනවා ලංකාවට ඊටපස්සේ තාත්තගේ ගෙදර .. :)

      Delete
  2. :(
    මගේ තාත්තා මතක් වුනා ගොඩක්..හ්ම්ම්ම්.... හෙටම කෝල් කරන්න ඕනි එයාටත්...

    ReplyDelete
    Replies
    1. සදු '' ඔව් හෙටම කතා කරන්න , අතපසු කරන එපා

      Delete
  3. පිය සෙනෙහසට ගී කවි ලියවුනා මදී...

    ReplyDelete
    Replies
    1. ඒකයි මන් මතක් වෙන හැමවෙලේම ලියන්නේ ,,අම්මා හැමදාම කතාකරන නිසා දුකක් නැහැ ඒත් තාත්තා .............

      Delete
  4. මට නම් තියෙන්නේ ඔයිට හාත්පසින්ම වෙනස් අත්දැකීමක්.මම කුඩා කාලයේදීම තාත්තා අපිව දාලා ගියා.එයා වෙන කසාදයක් කරගෙන. මගේ වයස අවුරැදු 5ක් විතර කාලයේ. එයාව මට යාන්තං වගේ මතකයි. අම්ම සෑහෙන්න දුක්විදල අපිව හැදුවෙ.පවුලෙ කොල්ලොම හතරදෙනෙක්. එකාලේ තාත්තා නැති ලමයි කියලා මොනතරන් කතන්දර අහලා තියෙනවද? මිනිස්සුන්ගේ තාඩන පීඩන වලට යටත්වෙලා ගුටිකාලා මොන තරම් දුක් වින්දද. තාත්තා කවදා හරි එයි කියලා බලාගෙන හිටියට එයා ආවේ නැහැ.අනිත් ලමයි තාත්තලත් එක්ක සෙල්ලම් කරනවා පාසල් යනවා අපිට ඒ අවස්ථාව නැහැ. මට අවුරැදු 18 දී විතර අපි තාත්තාව හොයාගෙන ගියා. අන්තිමට එයාව හම්බඋනා. ඒත් අපි එයාට ගහන්න බනින්න ගියේ නැහැ. එයා බැදලා එතනත් ගැහැනු ළමයි 3දෙනෙක් ඉන්නවා. අපිට උන දේට එයාගෙන් පලිගන්න බැහැ. එතකොට වෙන්නේ ඒ ලමයිටත් තාත්තා නැතිවෙන එක.තාත්තගෙ ආදරය අපිට ලැබුනෙ නැහැ. ඒත් අපි එයාට වෛර කරන්නේ නැහැ. මට උන දේවල් කවදාවත් මම මගේ දරැවන්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම රට ආවාට පස්සේත් තාත්තාට කෝල් කලා. මොනවා උනත් එයා මගේ තාත්තානෙ...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අත්දැකීම බෙදාගත්තට ස්තුති ,, ඔබේ ලමාකාලේ ගැන මට දුකයි ,, ඒ වගේම ඔයාලා කරලා තියෙන්නේ නිවැරදිම දේ ප්‍රසන්න ,,ඔයාගේ අම්මා ඒ දේවල් වලට ගොඩක් අපහසුවෙන් මුණදෙන්න ඇති ,, මට පුංචි කාලේ තාත්තා ලග හිටියට දැන් එයා අපේ නෙමේ ප්‍රසන්න ,, // මට උන දේවල් කවදාවත් මම මගේ දරැවන්ට වෙන්න ඉඩ තියන්නේ නැහැ. මම රට ආවාට පස්සේත් තාත්තාට කෝල් කලා. මොනවා උනත් එයා මගේ තාත්තානෙ.../ ඔබට මගේ ආචාරය වගේම සුබ පැතුම් සතුටින් ඉන්න ,,,

      Delete
  5. අම්මා ගෙදර සිටි නිසා මගේ අත්දැකීම් වෙනස් වුනත් මේ කවිය කියවා මගේ පපුව හෝස් ගෑවා. තාත්තා ගැන කතන්දර ලිව්වත් කවියක් ලියානැති බව සිහිවී ඒ දුක තවත් වැඩි වුණා. තාත්තා මියගිය පසු තාත්තලා ගැන කියවන කොට දුක තදින් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මේක මන් ලියන්න හිටපු දෙයක් නෙමේ එත් එයාගේ කටහඩ ඇහෙද්දී මං ගිහින් නතර වෙන්නේ ඉස්කෝලේ දෙකවසර ,, මේ එක හුස්මට ලියලා පබ්ලිෂ් කළේ ඒ මතකයෙන් බිදක් ..

      Delete
  6. නිර්මාණ ඉතාමත් ඉහලයි දියණිය.....
    කෙටියෙන් ලොකු පණිවිඩයක් දෙන එක ඉතා විශිෂ්ටයි.....
    පද පෙළ ටික කියවල කොමන්ට් කරන්න හිතපු ටික මෙන්න අපේ කකා කොටල..

    ReplyDelete
    Replies
    1. පද ගැළපීමක් ගැන හෝ කිසිම දෙයක් ගැන නොහිතා ලිවේ කෙන්ජයියේ ස්තුති ඔයාට ,,

      Delete
  7. කියන්න වචන නැහැ බන්. . . කලින් පොස්ටුව මට වැදගත් එකක්. . . මේකත් වැදගත් උනා ඔන්න. . . එක තාත්ත කෙනෙක් නැති උනා නමුත් ඒ වැඩවලදි කවදාවත් නොවුන විදියට මගෙ අප්පච්චි කිට්ටු උනා. . ඉස්තූති ඔබට. . .

    ReplyDelete
    Replies
    1. එක තමයි මන් කිවුවේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් තාත්තට කතා කරලා එන්න කියලා ,, මටත් සතුටුයි බන් ඒ ගැන

      Delete
  8. අපෙ තාත්ත මහන්සි වෙන හැටි / වුණු හැටි, අපි තාමත් බලන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මට එහෙම බලන්න ලැබුනේ පුංචි කාලේ විතරනේ ,, අපේ තාත්තා දැන් අපේ නෙමේනේ සෑම් ,,

      Delete
  9. අම්මා වරුන් පමණද ළොව බුදු වන්නේ......?

    ReplyDelete
    Replies
    1. තමන්ගේ පැටිය ආදරෙන් බලාගන්න කෙනා අම්මා වුනත් තාත්තා වුනත් එයා තමයි පැටියාගේ මව් වෙන්නේ ඒක මහ අරුම ප්‍රශ්නයක්නේ අයියෝ ,,,

      Delete
  10. "අද මං තාත්තට කෝල් කළා ,, එයා ඇඩුවා ගොඩක්...මට පිස්සු හැදුනා මගේ බෙල්ල මිරිකගන්න හිතෙන තරමට උගුර හිර වුණා"
    කියන්න හිතපු ටිකවත් කියාගන්න බෑ ඔමා .....

    ReplyDelete
    Replies
    1. මේක එක හුස්මට ලියලා ඉවරවුණේ එයා කෝල් කලාම හලෝ කියපු තැන ඉදලා ඇහුන කටහඩ මතක් කරන්නෙම ඉස්කෝලේ දෙක වසරේ වගේ කාලෙදි එයයි මයි කරපු කියපුව ,,ලියාගෙන ලියාගෙන ගිහින් පබ්ලිෂ් කළා ඉවාන්

      Delete
  11. ඔය බොරු කෙල්ලේ ආදරේ නැ තාත්තලට , කෙල්ලේ ආදරේ තාත්තලාගේ පර්ස් වලට

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ කෙල්ලෝ දෙන්නෙක්ගේ තාත්තෙක් නේද බොලා ? ඈ ,,

      Delete
    2. තාම අටම් උඹේ දෙන්න පොඩියි නෙ බං...පැණි රස ඒවාට ආසයි...ඒකයි පොකට් එකට දැනෙන්නේ..
      මේ ලගදි දවසක මම කොමන්ට් එකක් කොට කොටා ඉද්දි මගෙ පුතා (12) මගේ කරට උඩින් ලැප දිහා බලාගන මොනවාද තාත්ති ඔච්චර ලියන්නෙ ඇහැව්වා.
      මම කිව්ව මම දන්න අංකල්ලා /ඇන්ටිලා එක්ක ඇගිලි වලින් ටෝක් කරනව,
      තාත්ති හදිසියෙ මැරුනොත් මේ වල තියෙන මේල් එහෙකට යවන්න කෙන්ජි පියා මලා කියල.
      අනේ..පුතා අත් දෙකෙන් ඔලුව අත ගාන ගමන් කම්මුලට කිස් දෙන ගමන් කිව්ව "ඔයා තාම මැරෙන්නෙ නැහැ කියල.."
      දුව ටිකක් ලොකු හින්ද මැරුනොත් කතාවල් කියද්දී "අනේ තාත්ති පිස්සු කතා කියන්නෙ නැතිව ඉන්න"
      දෙමා පියන්ට දරුවන් හරිම ආදරෙයි..
      මමත් දරුවන්ට හරිම ආදරෙයි.....


      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. දෙන්න සිංහල කතා කොලාට ලියන්න කියවන්න බැහැ නොවැ සිංගල එයාලට...

      Delete
    5. උඩ කොමෙන්ට් එක මැකුවා ,, ඒක හොද නැහැ කියලා හිතුණා ඔබ වගේ පියෙක්ට එහෙම කතා කරන එක ,, සමාවෙන්න කෙන්ජි තාත්තේ විහිළු නෙමේ ඇත්තමයි .. එත් ළමයින්ට සිංහල ටිකක් උගන්නන

      Delete
    6. සිංහල උගන්නල ජාතියේ පියා එක්ක කතා කරන්න යවන්නද දුවේ..?

      Delete
  12. මේ ඇත්තමයි ඔමා කවිය කියවලා ඉවර වෙත්දි ඇස් දෙක තෙත්වෙලා වගේ. මාත් පුංචිම පුංචි කෙල්ලෙක්ගෙ තාත්තා කෙනෙක් (එයාට තාම මාස11යි).
    කවදා හරි මගේ දුව ලොකු උන කාලයක් වෙත්දිත් මේ සයිබර් අවකාශය තිබුනොත් ඔයාගෙ මේ බ්ලොග් එක මන් අනිවාර්‍යෙන්ම පෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් , හැබැයි පෙන්නුවාම "ඉතින් තාත්තා මං එක්ක මෙහෙම කලේ නැහනේ" කියනන් ඉඩ තියන්න එපා ප්‍රියා ,, මන් දනනවා එහෙම වෙන්නේ නැහැ

      Delete
  13. හ්ම්ම්...............හිතට දැනුණා ගොඩක්ම...ඒකට හේතුව මම නොකියා ඉන්නම්... :(

    ඔයාව චූටි කාලේ ඉඳන් බලාගත්තේ ඔයාගේ තාත්තා වගේම මාවත් චූටි කාලේ ඉඳන්ම බලාගත්තේ මගේ තාත්තා....,මාත් එයාට ගොඩක් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ,,,මට හිතාගන්න පුළුවනි රෙහානි

      Delete
  14. මගේ ජීවිතේ පළවෙනි කවිය ලිව්වේ තාත්තට....

    ReplyDelete
    Replies
    1. දැන් ලියන්නේ ආගන්තුකයට නේද දිලිනියෝ

      Delete
  15. ඔමාගේ කවි ටික හරිම සංවේදීයි තාත්ත ගැන අවංක මතකය ලියල තියෙන විදියට ඇහැට කඳුලක් ආවා,මම තවම තාත්ත ගැන හෝ අම්ම ගැන පෝස්ට් ලියල නෑ නේද කියලත් හිතුණා.
    හොඳ උත්සාහයක් ඔමා සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පුතා ඔයා ගැන ලියන්න කලින් ඔයා ලියන්න අයියේ කවියක් ,, කවියටත් වඩා වැදගත් එයාට ආදරේ කරන එක ,, ආදරෙන් බලාගන්න එක ,,

      Delete
  16. ඇත්තටම.....ලස්සනයි අක්කේ...හිතට වැදුනා..(ඒ වගේම මන් ඔයාගේ බ්ලොග් 1 comment කරන first time)

    ReplyDelete
    Replies
    1. ස්තුති මල්ලි ,, ඔයාව ආදරෙන් පිලිගන්නවා ,,

      Delete
    2. ඇත්තටම අක්කේ ඔයාගේ බ්ලොග් 1 comment කරන්ඩ ලැබිච්ච එකත් සතුටක්....මගේ 1 ටත් ඇවිත් බලන්ඩ හොදේ....

      Delete
    3. එන්නම් මල්ලි මේ දැන් ස්තුතී,, අනේ එහෙම කියන්න එපා ,මාත් ඔයා වගේම කෙනෙක්නෙ

      Delete
  17. එහෙනං හරි අන්තිමේදි! ලංකාවට ආවම බලන්න යන්න. කතාකලා කියන එක දැක්කම ලොකු සතුටක් මටත් දැනුන

    ReplyDelete
    Replies
    1. තන්කු වේවා රාජ් ,, ඔව් මන් යනවා ලගදීම

      Delete
  18. මේක දැක්ක වෙලේ මටත් සම්පූර්ණයෙන්ම උන් හිටි තැන් අමතක උනා ඔමා... මමත් මගේ ජීවිතේ වැඩියම ආදරේ මගේ තාත්තට.. තාත්ත නැති දාක නම් හුස්ම වැටෙන්නේ නැහැ මගේ.. ඒක නම් සහතිකයි....

    ඉතාම සංවේදී පද ටිකක් ....:(

    ReplyDelete
    Replies
    1. ඔයාට දැනුත් එයා ඔයා ලගනේ sahan ආදරෙන් ඉන්න

      Delete
  19. පිය සෙනෙහස ලස්සනට කවියකට අමුණලා.. මේ කවි පෙල පියවරුන්ට උපහාරයක්ම වේවා !

    ReplyDelete
    Replies
    1. අඩුපාඩු ඇති මදුරංග ඔහේ ලියාගෙන ගියේ ,, ස්තුති ඔයාට

      Delete
  20. ඉක්මනට යන්න තාත්තාව බලන්න.... ඇහැට කඳුලක් එක්කරපු පොස්ට් එකක්. :(

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ මුල යන්න ඉන්නේ ස්තුති මහේෂි

      Delete
  21. කවිය ඇත්තටම හිතට දැනුනා.. හ්ම්ම්.. ඊට එහා මොනවා කියන්නද මන්දා..

    ReplyDelete
  22. පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ

    ReplyDelete
    Replies
    1. ආදරේට , සෙනෙහසට විතරක්ම ලේ කිරිවෙනවානම් තත්තලාගේත් කිරි වෙනවා ඒ නිසා ඒ ගැන හිතන්න එපා , කිරි නොදුන්නට අපිට තාත්තලා කොච්චර ආදරේ දෙනවද නේ ????

      Delete
  23. කියන්න දේවල් තිබුනත් ඒවා හිරවෙලා...


    මේ වීඩියෝ වත් බලන්න,කාලය වැඩියි වගේ නම් 4.00 වන විනාඩියේ සිට බලන්න

    https://www.youtube.com/watch?v=pDraac2mUt0

    ReplyDelete
    Replies
    1. ස්තුති පාතල ,, :) මන් බලන්නම් මට අන්ලිමිටඩ් ඒ නිසා මුළු වීඩියෝ එකම බලන්නම්

      Delete
  24. http://kenjij1.blogspot.co.il/ ඔන්න බොගක් අටෝගත්තා මාත් දැන් ඇවිත් කොමෙන්ට් කරලා ෆලෝ කරලා බැනලා යන්න පුළුවන් හිතේ හැටියට

    ReplyDelete
  25. මම කිව්වේ මෙයාගේ පොස්ට් එකක් කියෙව්වොත් එක්කෝ ඔලුව අප්සට් යනවා නැත්නම් හිත අප්සට් යනවා........ තරහකට නෙවි එහෙම කිව්වේ බොක්කටම වදින නිසා

    ReplyDelete
    Replies
    1. දන්නවා රාලේ ඔයාලා ගැන ,, තැන්කු වේවා ඉදගෙන :)

      Delete
  26. තාත්තා ගැන මතක් වෙන කොට මමත් හරිම සංවේදියි. ඔබ හැමෝගෙම සිත් අඬවන පොස්ට් එකක් ලියල තියෙන්නෙ. පහුගිය ඒවත් කියෙව්වා. පොඩි කාලෙ තාත්ත එක්ක ගතකල ජීවිතය ගැන කියවද්දි මගෙ අත්දැකීමකුත් මතක් වුනා. මගෙම නෙමෙයි. නමුත් මගෙ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාට ,, මොනාකරන්නද එයා තමයි මගේ ජිවිතේ වටිනම කෙනා , නොදනිම ලියවෙන දේවල් මේ ,,

      Delete
  27. ඔමා............. ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න. කවුරු නැතිවුනත් තාත්තා ඉන්නවනේ කියන හැඟීම ඔයාගේ ඔලුවේ තියාගන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, ඒත් එයා දැන් අපි එකක් නැහැ මහත්තයෝ ,,

      Delete
  28. Replies
    1. ස්තුති පියාබුවට මෙහෙ

      Delete
  29. මේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ ඔයාමද ? හෙන සෙක්සි නෙහ් ! :)

    ReplyDelete
  30. මේ පෝස්ට් එක කියවලා මට ඇඬුනා ඔමා. මගෙත් මුලු ලෝකෙම මගේ තාත්තා. ඒත් එයා මේ වෙලාවෙ ඉන්නෙ නරක විදියට අසනීප වෙලා. හ්ම්ම්ම්.... මෙච්චර දවසක් කොහොම මගඇරුනාද මන්දා මේ පෝස්ට් එක.

    ReplyDelete
    Replies
    1. ඇයි බස්සි එහෙම කිව්වේ? තාත්තට මොකද? ඉක්මන් සුව පතනවා ඔබේ පියතුමාට.

      Delete

    2. අනේ බස්සියේ තාත්තට මොකද ,, අම්මා ඉන්නවද ? මන් හිතේ ඔයා කොමෙන්ට් කළා කියලා , ,, තාත්තා ඉක්මනට සනීප වෙයි ,,

      Delete
    3. hmm... hithata aapu awulata mamath ohe comment ekath ketuwa. wisthare hangout ekaka dannam oma.

      Dude thankz oya blogeth wisthare ahala. mama hangout ekak ewwa balanna.

      Delete
  31. මමත් තාත්තට හුඟක් ලඟින් හිටපු පුතෙක් තමයි. කොහොමත් තාත්තාගේ ආදරය හැමතැනම අවතක්සේරුවට ලක්වෙලා තියෙන්නේ. මේ ගැන සටන් කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මටත් අම්මට වඩා ලන්වුනේ තාත්තා ,, මං ජිවිතේ ඉගෙනගත්තේ එයාගෙන් ,, ස්තුති,, මේ පෝස්ට් එකේ ඇති පහල ලින්ක් දෙකක් තාත්තලා ගැන වෙලාවක් ලැබුනොත් කියවන්න ,,ස්තුති ආවට

      Delete
  32. ඉතා සංවේදියි. මගේ තාත්තා දැන් අප අතර නැහැ. දැනට අවුරුදු 5 ක් වෙනවා නැතිවෙලා නමුත් තවම නැති අඩුව දැනෙනවා. මමත් තාත්තා කෙනෙක්.

    මේ දවස් ටිකේ ටිකක් ප්‍රමාද වුනා මේ පැත්තේ එන්න.

    ReplyDelete
    Replies
    1. එහෙමද ,, මගේ තාත්තා ජිවත් වුනත් දැන් එයා මට අයිති නැහැ ,, මගේ අම්මට අයිති නැහැ ,, හ්ම්ම් ඔයා දරුවන්ට හොද තාත්තා කෙනෙක් වෙන්න ..
      ප්‍රමාද වෙලා හරි ආවනේ ඔයා

      Delete
  33. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  34. පමා උනාට සමාවුව මැන, අදයි දැක්කෙ..

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ සසිඳුවෝ , fb එකේ දාලා තිබ්බ ෆොටෝ එක දැක්කා

      Delete
  35. කතා කරාද අපු එහෙනම්? සතුටුයි අපු ගොඩාක්

    ReplyDelete
    Replies
    1. පූමෝ මට අද ඔයාව මතක් වුණා. ඔව් මං දන්නවා ඔයා හදවතින් සතුටු වෙච්ච බව ස්තුති

      Delete
  36. තාත්තා හිමි කෙනෙකුට රසවිදින්නත් අහිමි කෙනෙකුට හඩා වැටෙන්නත් හැකි අපුර්විගේ අපුරු පද ගැලපුමක් ස්තුත්යි...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...