Tuesday, October 29, 2013

36.මිරිසට උයපු තලගොයි මස් (අමිහිරි ළමාවියේ මතකයන් part 2)

මේ ළිපිය කියවීමෙන් පසු ඔබ මා ගැන සහ මගේ පියා ගැන මොන ආකාරයෙන් සිතාවිද දන්නේ නැහැ..නමුත් මෙහි අකුරක් නෑර ලියවෙන්නේ වයස අවුරුදු හතත් අටත් අතරදී මා ලබපු සත්‍ය අත්දැකීමක්

                           ඉස්සර තාත්තා එක්ක මට දවසෙම ඉන්න ලැබෙන්නේ ඉරිදට; එදාට අපි දෙන්නා දවල් වෙනකල් නිදාගන්නවා ඊට පස්සේ නැගිට්ටම මට ලොකු කිරි වීදුරුවක් හදාදෙනවා බොන්න ඒක බොන්න අමාරුයි ගොඩක් ලොකුයි ඒත් මං තාත්තට  බයට බොනවා.. ඊට පස්සේ එයා උයන්න පටන්ගන්නවා ,, 
                                           ඉරිදට කුකුල්මස් උයලා කිරට පතෝල හරි වැටකොළු හරි හදන එක තමයි කරන්නේ ඒ මං  ආස නිසා ,, තාත්තා රසට මස් උයනවා මං  හරි ආසයි ,, ඒ රස දැනුත් මතක් කරද්දී දිවට දැනෙනවා,, දවසක් මන් උදේ කළින් නැගිට්ටා තාත්තා මං  ලග හිටියේ නැහැ ඊට පස්සේ මං ගේ පිටිපස්ස පැත්තට ගියා එයාව බලන්න ..එතකොට මං  දැක්කා යුරියා කවරයක් ඇතුලේ සතෙක් දගලනවා කවරේ කට ගැටගහලා තිබ්බේ..පස්සේ මං  දැක්කා තාත්තා එකෙන් තලගොයෙක් අරන් බෙල්ල කපනවා.. මට තේරුණා එයා මට හොරෙන් කරන වැඩක් නිසා යන්න හොද නැහැ කියලා , ඊට පස්සේ මං ආපහු වෙනදා වෙලාවට නැගිටලා යද්දී එයා ඔක්කොම වැඩ ඉවරකරලා ,, ඊට පස්සේ මං ඇහුවා ඇයි අර තලගොයා  මැරුවේ කියලා ... පස්සේ කීවා උදේ මං නිදාගෙන ඉද්දි තලගොයා ගෙට ආවා ඒකයි මැරුවේ කියලා ...ඊට පස්සේ වෙනද වගේ කිරි එක බිබී ඔහේ හිටියා ඒ ගැන ආයෙමත් අහන්න තරම් උවමනාවක් තිබ්බේ නැහැ ඒ කාලේ ..
.......................................................................................................

             එදත් ඉරිදා දවසක් හැන්දෑවේ වත්ත පහල ඇවිදිනකොට තාත්තා මට කිවුවා  "පුතා ඔහොම්ම ඉන්න මන් ටාර් ගාලා එන්නම් "  එයාගේ කටේ නිතර තිබ්බ වචනයක් තමයි ඕක..ළග තිබ්බ ගඩොල් බාගයක් අතට ගත්ත තාත්තා කැටකෑල ගහ පැත්තට දිවුවා .. මන් එහෙම්ම බිම ඉදගෙන බලන් හිටියා එයා එතන ඉදන් මොහොකටද මන්දා කුරුමානම් අල්ලනවා.. ඊට පස්සේ එල්ලය බලලා ගලෙන් ගැහුවා පදුරකට ..එතකොට "සර සර" ගාගෙන වේලිච්ච කොලරොඩු සද්දෙත් එක්ක සතෙක් බඩගාගෙන ගියා වේගෙන් .. 

ඒ තලගොයෙක් ඔය සිද්දිය අස්සේ අපේ බල්ලා කොහෙන්ද කඩන් පාත් වුණා එකපාරට දැන් තමයි නියම හරිය ඊට පස්සේ තලගොයා පස්සේ බල්ලා එලවන්න ගත්තා තාත්තට හොදටම කේන්ති ,, අන්තිමට බල්ලට බයේ දුවපු තලගොයා නතරවුණේ වෙල අයිනේ තිබ්බ පොල්ගහේ මැදක් වෙන්න නැගලා.. බල්ලා බුරනවා මහ සද්දෙට තාත්තා බල්ලව ගෙදර ගිහින් බැදලා ආවා..

 මාත් ඒ ගිය ගමන් එනකොට "කැටපොල් එකයි ගල්කැට ටිකකුයි අරන් ආවා " මොකද  හවසට අපේ වත්ත උඩින් වවුල්ලු රංචු ගණන් පියාඹනවා.. මායි තාත්තයි උන්ට විදිනවා ගල්වලින් පල්ලහ තියන කජු ගහට නැගලා මාත් උඩටම නගිනවා..ඊට පස්සේ අපිදෙන්නා වෙල අයිනට වෙලා හිටියා ,,, 
                         

   " මංකොක්කුන්ට කිරල්ලුන්ට විද විද හිටියා" දිය කාවෝ වෙලේ වතුර යටින් වේගෙන් පීනාගෙන ගිය හැටි හරි පුදුමයි තාමත් මතකයි මං විදපු ගල් වලට ඉගිල්ලිලා ගියාට ආයෙම ඇවිත් වෙලට බැහැලා පීනපු හැටි...
                               තාත්තා පොල්ගහ දිහා සෑහෙන වෙලා බලන් හිටියට තලගොයාට බැහැගන්න බැහැ නැග්ගට ඔහේ ගහ බදාගෙන හිටියා.. ඊට පස්සේ ටික ටික රිවස් එකට ඇවිත් හිටියා ,,, එදා මන් ඇහුවා "ඇයි තාත්තේ ඔයා තලගොයා එක්ක ඔච්චර තරහා" කියලා ,, "එදත් මරුවා ඇයි ඉතින් මෙයාට ගහන්න ගියේ අපේ ගෙට ආවේ නැහැනේ" කියලා ,, මං දිහා බලලා හිනාවෙලා කීවා.. "කුකුල්මස් වලට වඩා තලගොයි මස් රසයි" කියලා "හපෝ මටනම් එපා " කිය කියා මං  කියද්දී එයා තවත් හිනාවෙලා කීවා
                     "මෙච්චර දවස් එහෙනම් කෑවේ රසයි කිය කියා  " ඊට පස්සේ මං නොකා හිටියද කෑවද කියලා මට මතක නැහැ ,,ඒ වගේම මට තලගොයි දිවක් තම්බලා කෙහෙල් ගෙඩියක් මැද්දට දාලා කන්න දුන්නලු ... එහෙම දුන්නම මතකය වැඩි වෙනවලු... ඒත් මං ඒ කාලේ 

තේරුම්ගත්ත දේ තමයි සල්ලිවලට මස් ගන්නවට වඩා සතෙක්ව අපිම අල්ලගෙන කෑවොත් සල්ලි යන්නෙත් නැහැ ඒ වගේම රසයි කියලා .. 

ඒ සිතුවිල්ල කොහෙන් ආවද කවද මගේ හිතෙන් අයින් වුනාද මං දන්නේ නැහැ...... සමහර දාට තාත්තා "කලවැද්දෝ", "හාවෝ" එහෙමත් අල්ලනවා එයා ඒ හැමදේම කරන්නේ අනිත් හැමෝටම හොරෙන් කිසිම කෙනෙක් දන්නේ නැහැ,, අපේ ගේ තිබ්බෙත් ටිකක් අතුලට වෙන්න; ආච්චි අම්මලාගේ ගේ තිබ්බේ අක්කර දෙකකට විතර එහා ..මායි තාත්තයි දඩයක්කාරයෝ වගේ තමයි ඒ කාලේ මං ඒ පව් වැඩ වලින් සතුටු වුණාට දැන් දුකයි මතක් වෙද්දී ,,,
                                             කැටපොලේ බෙල්ලේ එල්ලගෙන ෂොපින් කවරෙට ගල් හරි අමු දොඹ ගෙඩි හරි පුරෝගෙන "ඇඩිඩාස් කලිසම් කොට" ඇඳන් ගස් උඩ නැගගෙන සත්තුන්ට විදපු ඒ පුංචි ළමයා නිතරම මගේ හිතේ හොල්මන් කරනවා.. ...........................෴

............................................................................................................
              මට මතකයි පත්තරේක කියෙවුවා දවසක් ඉස්සර උතුරේ හිටපු ප්‍රධාන කොටි නායක /නායිකාවෝ තලගොයි මස් කන්න ආස කළාලු,, එදා පුදුකුඩිරිප්පු හන්දියේ තලගොයි පණපිටින් විකුණලා ජිවත් වෙච්ච මිනිස්සුත් හිටියලු,, සමහර කොටි නායකයන් දවසේ තුන් වේලම පවා තලගොයි මස් කන්න පුරුදු වෙලා ඉදලා තියෙනවළු.. ඒ මොකද ඔවුන් අතර විශ්වාසයක් තිබිලා තියෙනවා තලගොයි මස් කියන්නේ හොද ශක්තිජනක මස් වර්ගයක් කියලා ,, ඒ වගේම සතා පණපිටින් ගෙනියලා උයන්නෙත් මස් වලට වස දාලා තියේවි කියන සැකය නිසාලු ,, ඒ වගේම ප්‍රධානම නායකයින් කෑමට කලින් ආහාර පරික්ෂා කරන්නත් වෙන පිරිසක් ඉදලා තියෙනවලු ,,, කෙසේහෝ  කාලයත් සමඟ පුදුකුඩිරිපු අවට ප්‍රදේශයේ ආසාවට දකින්න තලගොයෙක් නැති වුණාලු...  

89 comments:

  1. ඇයි සමහර තැන්වල පණපිටින් ඉන්න කුකුලව පෙන්නුවම එකාව එවෙලේම මරලා හම ගහලා දෙන්නේ, ඒ වුනත් කොච්චර මස් කෑවත් ඒ විදිහට කන්න නම් අමාරුයි මටනං

    ReplyDelete
    Replies
    1. මාත් ලොකු වුණාට පස්සේ කෑවේ නැහැ ඉවාන් ,, දැන් කන්නේ චිකන් විතරයි ,, ඒත් දැන් සීයා නිසා නැත්තම් මන් එළවළු තමයි වැඩිපුර කන්නේ ,, නොදන්නා කමට වෙච්ච දේනේ

      Delete
    2. ඒක හරි චිකන්, පීකුදු කෑවම පව් නෑ.... ඒවා ගන්නෙ සතාගෙන් දොවලනෙ.....

      Delete
    3. හි හි හි නැහැ මන් අදහස් කලේ මන් නිර්මාංශ නෙමේ කියන එක ඔයාගේ ප්‍රශ්නේ හරි ෂෝයි ඇනෝ

      Delete
  2. ඔයා නං හරිම ලස්සන ළමා කාලයක් ගෙවල තියෙනව ඔමා,අර තලගොයි පණපිටින් අරං ගියෙ කොටි නායකයට උයල කන්න දෙන්නලු ඒ දවස්වල මිනිස්සු කාලෙට ගිහිං තලගොයි අල්ලං එනවලු කොටින්ට විකුනන්න.

    ReplyDelete
    Replies
    1. කාලෙට නෙවෙයි කැලේට

      Delete
    2. ඔව් කඩේ අයියේ මිනිස්සු කැලේ රිංගලා තලගොයි අල්ලගෙන ගෙනත් තියාගෙන ඉන්නවලු විකුනන්න

      Delete
  3. මගෙත් ඔය සමාන අත්දැකීම් ටිකක් තියනවා ලියන්න කියලා හිටියේ , උඹ ඉස්සර උනා එහෙනං , හැබැයි මගේ කතාවලට වඩා උඹේ කතා රහයි ,

    ReplyDelete
    Replies
    1. මේ එහෙම කියන්න එපා ඉදගෙන ඈ . ,ඔයත් ලියන්න..මන් මොකෙක්ද අයියේ ඔයා එක්ක බලද්දී ඒක නෙමේ කෝ "ඔයාගේ අත්දෙක පිච්චුනාට මට කරන්න දෙයක් නැහැ " ?? ලියන්නේ නැද්ද

      Delete
  4. මේකි කාලා තියෙන දේවල්. වවුල් මසුත් කාලා ඇති. දැන්නම් තලගොයි, වවුල්ලු මැරුවොත් උසාවි ගිහින් හිරේ යන්න වෙන වැරද්දක්.

    ReplyDelete
    Replies
    1. ඉබ්බොත් කාලා ඇති හරියට ,, එහෙමද ? අම්මෝ එහෙනම් වෙලාවට කලින් ඉපදුනේ මං :)

      Delete
  5. තලයාගේ රස නම් කියලා වැඩක් නැ අක්කේ...පට්ට....ඒවගේම ඔය ලියන style එකත් ෆට්ට....

    ReplyDelete
    Replies
    1. තැන්කු මල්ලි ,, මං ස්ටයිල් එකක් දන්නේ නැහැ අනේ ලියන්න හිතුනම මතක් වුනාම ලියාගෙන ගිහින් පබ්ලිෂ් කරනවා

      Delete
  6. "ඇඩිඩාස් කලිසම් කොට" ඇඳන් ගස් උඩ නැගගෙන සත්තුන්ට විදපු ඒ පුංචි ළමයා නිතරම මගේ හිතේ හොල්මන් කරනවා.. ...........................ඔය හොල්මන් කිරිල්ල මටත් තියනවා ඔමායෝ
    ....ඔයාගේ ලිපි කියවද්දි මගේ ගොඩක් මතකයන් අලුත් වෙනවා.ටැන්කු ඈ:)

    ReplyDelete
    Replies
    1. අද ඔයාගේ බ්ලොග් එක අස්සක් මුල්ලක් නෑර අවිස්සුවෝ ,,,,,,,,,,,,,,හි හි

      Delete
  7. මේ වගේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් ගොඩක් අයට තියෙනවා තමන්ගේ ලමා කාලයේදී.එතකොට ඉතින් ආශාවට ඔය දේවල් වලට සම්බන්ධ වුනාට එතනින් එහා දෙයක් හිතුවේ නෑ.මමත් වක්කලං හරස් කරලා වතුර ඉහලා කාවයියෝ,හුංගෝ,මගුරා අල්ලලා තියෙනවා.ඒ කාලේ මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ..http://omageheena.blogspot.co.il/2013/10/blog-post_19.html මේ තියෙන්නේ මන් කාවයියෝ අල්ලපු හැටි

      Delete
  8. මන් නම් ඉතින් දැහැමි දරුවෙක් පොඩි කාලේ ඉඳන්..හරියට සිරිමත් වගේ...:) සත්තු ගැන නම් අප්‍රමාණ අනුකම්පාවක් තියෙනවා ඔමා..පාරක බල්ලෙක් පූසෙක් හිටියොත් උස්සන් ගෙදර අරන් එනවා.. තාමත් එහෙමයි.. මේ දැනුයි මගේ කම්පියුටර් මෙසේ උඩ පූස් පැටව් දෙන්නෙක් දොයි...

    දැන් ඉතින් වැරදි කරන්නේ නැහැනේ ඔයා.. කවදා හරි අම්මි කෙනෙක් උන දාට බබාලවත් සත්තුන්ට ආදරේ කරන්න හුරු කරන්න...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එහෙම වෙයිද

      ‘‘ මම ටාර් ගාල එන්නං චුට්ටක් ඉන්ඩ කියයිද දන් නැ ‘‘

      Delete
    2. ශාන් @ඔයාගේ දරුවොනම් එහෙම වෙයි ඔයා අහිංසක නිසා ,, මගේ නම් කියන්න බැහැ .බලමුකෝ

      හි හි

      Delete
    3. @ අටම්

      නෝනා පොඩ්ඩට තලගොයි මසක් කන්න දොලක් ආවොත් ඉතින් " චුට්ටක් ඉන්නකෝ පැටියෝ " කියන්න වේවි මටත්...:(

      Delete
    4. ඔයාගේ නෝනා ඉල්ලුවොත් තලගොයි මස් ඔයා ගෙනත් දෙනවද එයාට ? innocent shan ?

      Delete
    5. මන් ඉතින් මගේ සුදු නෝනට පැහැදිළි කරලා දෙනවා " අනේ පැටියෝ සත්තු පව් " කියලා... බැරිම උනොත් සෝයා මීට් ටිකක් හදලා දෙනවා තලගොයි මස් රහට එන්න...

      සතෙක් නම් මරන්න බැහැ ... ( ඒත් කියන්න බැහැ ආදරේ වැඩි කමට )

      Delete
    6. අලිදෙන්නම් කොටිදෙන්නම් කියන මිනිස්සු බැන්දම දෙයි මෙන් කියලා ;)

      Delete
    7. අලියෙක් උනත් ගෙනත් දෙන තැනට මනුස්සයයව ගන්න නෝනා දැනගන්න ඕනේ..

      Delete
  9. නොදැන කරපු දේ ගැන පසු තැවෙන්න එපා කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ.. මතකය වැඩි වෙනන තලගොයාගේ දිව කනවා කියලා මාත් අහලනම් තියෙනවා.. හැබැයි ඇත්තටම ඒක එහෙම වෙනවද කියන එකනම් සැකයි මට..

    ReplyDelete
    Replies
    1. ඔවු අනේ මාත් ඕවානම් විශ්වාස කරන්නේ නැහැ නමුත් අපි නොදන්න හැමදේම එහෙම වෙන්නේ නැහැයි කියන්න අයිතියක් නැති නිසා මොකුත් නොකිය හිටියේ ,, මන් දන්නේ නැහනේ හොරෙන් දීලා තියෙන්නේ දිනේෂ් ,,

      Delete
    2. අර දෙකට බෙදිච්ච තලගොයි දිව දැක්කම අපිරියාවේ බැහැ

      Delete
  10. ඇත්තටම හරිම සොදුරු රසවත් අතීත මතක සටහන්.
    ඔබ වගේ තරුණියක් බොරු මෝස්‌තර නැතිව සත්‍ය ලිවිම ගැන නම් හරිම ආඩම්බරයි දියණිය..
    තව තවත් රසවත් ලිපි ලිවීමට ශක්තිය පතමි...!

    ReplyDelete
    Replies
    1. තැන්කු කෙන්ජප්පු මාමේ ලියන්නම්කො තව

      Delete
  11. ඔමාට මැච් වෙන කොල්ලෙක් හොයාගන්න එකනම් ලේසි වෙන එකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තද ? දැන් මෙයාට මේක තමයි ප්‍රශ්නේ වුනේ ඈ .. බැරිද ඔහෙන් ඉම්පෝර්ට් කරලා දෙන්න

      Delete
    2. රාල රජීව් කියල කොල්ලෙක් බදින්න යන්නෙ ඔමාය ළමය...
      සමකය වටේ ට ගොඩ වදින්න..

      Delete
    3. මෙහෙ මුස්ලිම් එවුන්නම් හරියන්නේ නැ අනේ පොඩි අඩුවක් තියෙනවා

      Delete
    4. හෆෝ මෙයා කියන එවුවා

      Delete
  12. ඔය වගේ දේවල් කරන්නෙ ඉතින් තේරුමක් නැති කාලෙ නෙ. කෝ කර්සරය වෙනස් කරල නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිණි ..
      මට කියා දෙන්නකෝ කවුරුහරි ,,

      Delete
    2. ඇයි මම උත්තරේ දුන්න නේ. මොකක් හරි අවුලක් වුණා ද?

      Delete
    3. අනේ දිලිනි කෝ ? ආ හරි ඔයාගේ බ්ලොග් එකේ ඇත්තේ මන් හදන්නම් ,,බැරි වුනොත් ආයේ අහන්නම්

      Delete
    4. හුරේ හදාගත්තා වැඩේ හරි බලන්න ශෝයිද කියලා ,,

      Delete
    5. මේ කර්සර් එක වෙනස් කරන්න click point එක පැහැදිලිව පෙන්නේ arrow කර්සර් එකේ විතරයි. හැමෝම කරන්නන්වාලේ වැඩ කරන්න එපා. බ්ලොග් කියවන්න වයසක අයත් දෘෂ්යාබාදිත අයත් එනවා. අනික බ්ලොග් එක ලෝඩ් වෙන්න වෙලා යනවා. හොඳ ලිපියක් මගෙත් ළමා කාලේ ඔය වගේ මතකයන් රැසක් තියනවා.

      Delete
    6. මිනී ඔළුවක් නේද මේ? ඒකට click point එක පැහැදිලි රූපයක් දාගන්න.

      Delete
    7. දැන් හරි නේද ? අරක නිකන් දැම්මේ අනේ අර කලින් රේඩියෝ එකක් දාලා අහගත්තා වගේ අහගන්න හින්දා ,, මේ ක්ලියෝපැට්‍රා හොදයි නේද දිලිනි

      Delete
    8. ඇනෝ : දිලිනි , ශානු දාන් ඉන්නවා දැකලා ඒ හින්දම තමයි දැම්මේ ,, ,, හි හි දැන් මාරු කළා , ලෝඩ් වෙන්න පරක්කු වෙන්න හේතුවක් දන්නවා නම් කියන්න මට ඒක හදාගන්න ,, මෙහෙ ක්ලික් කරපු ගමන් ඕපන් වෙන නිසා මට ඒ ගැන අවබෝදයක් නැහැ

      Delete
  13. මතකය වැඩිමීමක් නං පේන්නේ නෑ... (අඩුවෙලා මිසක්කා)

    ReplyDelete
    Replies
    1. ඔයාට පොඩිකාලේ කටුස්සෙක්ගේ දිවක් දීලාද කොහෙද ඔයාගේ තාත්තා හි හි

      Delete
  14. අයියෝ තලගොයි ඬිතරද කෑවේ?

    අපි නං ඕනෑ වුණාම කබරගොයිත් තලගොයි කියලා හිතාගෙන කනවා. වැඩියෙන්ම දඹුල්ලේ ඉන්න කාලේ.

    ReplyDelete
    Replies
    1. හි හි අපි දඹුල්ලේ යන්නේ වදින්න විත........රමයි .

      Delete
  15. සුන්දර ළමා කාලයට මාවත් අරං ගියා ඔයාගේ පෝස්ටුව...

    තලගොයි මරපු එක ගැන එච්චර හිතන්න එපා...පුංචි කාලේ දේවල්නේ :)

    ReplyDelete
    Replies
    1. මෙහෙම ලිවම ඔයාලගේ කොමෙන්ට් දැක්කම සතුටුයි අමතක කරන්න බැරිවුනත් හිත හදාගන්න පුළුවන්

      Delete
  16. ඔයාටනම් හරිම ලස්සන බාල කාලයක් තිබිලා තියෙන්නේ...

    තල ගොයි දිව කාපුවම ඉගෙන ගන්න පුළුවන් කියන කතාවනම් මමත් අහලා තියෙනවා ඒ උනත් ඔය තලගොයා කියන සතාගේ පෙනුම මට අප්‍රසන්නයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒත් මේ සුන්දරකම යට ලොකු දුකක් තනිකමක් තිබ්බා චමි ,, මගේ සුදු තාත්තා පෝස්ට් එක වෙලාවක් තිබ්බොත් බලන්න ,, ඒ වගේම ඊළගට ලියන්න වෙන්නෙත් ගොඩක් දුක් වෙච්ච කාලයක් ගැන

      Delete
    2. ඒයි...චමිය..උඹේ හක්ක සනීපද මල්ල..???

      Delete
    3. දැන් සනීපයි කෙන්ජයියා...,

      Delete
  17. මමත් දඩයමේ ගියා පාරක් අනුරාධපුරේදී මුවෙක් එළාගන්න කියල ගියේ සෙට් වුනේ මීමින්නෙක් විතරයි. එයින් පස්සේ කවදාවත් මම සත්තු මරන්න හවුල් වෙලා නැහැ. අපේ ආගමට අනුවත් තමන් අනුබල නොදුන්නු තමන් වෙනුවෙන් නොමරපු මස් කෑවට පව් නැහැනේ. හැබැයි ලංකාට නිවාඩු යන හම වතාවකම ගෝනා වල් ඌරා අනිවා ගෙන්නන් කනවා. වෙන එව්වා නැහැ

    ReplyDelete
    Replies
    1. ඔයා නම් පවුකරලා නැහැ ආයුබෝවන්ඩ ,, මන් ඉස්සර කැට පොලෙන් විදිනවා අහිංසක සත්තුන්ට නිතරම වල්ඌරා රහයිලු නේ :)

      Delete
  18. මාත් අහලා තියෙනවා මතකය වැඩි වෙන කතාව නම්. ඒත් කාලම නෑ. මම නම් කෑම තෝර තෝර කන්නෑ අහුවෙන ඕන මගුලක් කනවා. (මිනී මස්, බලු මස්, සර්ප මස් වගේ ඒවා හැර) ඒත් දැන් සමහර මස් ගෙදරට ගේන් නැති නිසා කැවෙනවා අඩුයි.
    අර සල්ලි දීලා කනවට වඩා මරලා කන ඒවා රහයි කියපු කතාවනම් 100%ක් ඇත්ත.
    හොදම උදාහරණේ අල්ලපු ගෙදර අඹ ගහෙන් හොරෙන් කඩන් කත්දි තියෙන රහා ඉල්ලන් කඩන් කත්දි නෑ නෙ.
    කොහොම උනත් ඔමායි තාත්තයි අතරෙ තිබිලා තියෙන්නෙ අපූරු සම්බන්දතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා එක ගැන මගෙත් විශ්වාසයක් නැහැ..දැන් කන්නේ නැහැ කිසිම මසක් ,, හරක් මස් කවදාවත් කාලා නැහැ ,, චිකන් කනවා මෙහෙ වෙන කරන්න දෙයක් නැතිකමට,,

      අපේ තාත්තා මට ගොඩක් ආදරේ කළා අද එයා මාලග නැති වුනත් ඒ මතකය මන් ලග හැමදාමත් තියේවි

      Delete
    2. @අපුර්වී ඔමායා
      //දැන් කන්නේ නැහැ කිසිම මසක් ,, හරක් මස් කවදාවත් කාලා නැහැ ,, චිකන් කනවා මෙහෙ වෙන කරන්න දෙයක් නැතිකමට//

      දැන් කිසිම මසක් කන්නේ නැත්නම් චිකන් කියන්නේ මස් ජාතියක් නොවේද?

      Delete
    3. නැහැ මන් අදහස් කලේ ඒක නෙමෙයි ඒත් මගේ කොමෙන්ට් එක වැරදි තමයි ,, සතියේ දවස් හතෙන් හතරක් චිකන් බබකිව් හදන්න ඕනේ මගේ සීයා සමහර දාට කන්නේ පීකුදු , වින්ග්ස් පුච්චපුවා විතරයි ,, එළවළු ,, බත් කන්නේ කලාතුරකින් ,,මේ වෙද්දී මාස එකහමාරකින් කෑවේ නැහැ බත් ,, "චිකන් කියන්නෙත් මස් ජාතියක් තමයි "

      Delete
  19. සත්තු මරණ එකනම් පවු වැඩක් තමා එත් පොඩි කලේ මර ජොලි.කැටපොලේ කරේ දාගෙන දකින දකින කුරුල්ලන්ට පරේ ඉන්න බල්ලොන්ට විද විද ගියපු කලේ මතක් වෙනවා ...එ වැඩ කරේ අපිමද කියලා දැන් හිතන්නත් බෑ ...ඇත්තටම ඒ අතිතය හිතේ තමත් හොල්මන් කරනවා .

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි ඒ කතාවනම් ඇත්ත මල්ලි, මන් සමහර වෙලාවට ට්‍රයි කරනවා ඒ රූපේ හිතේ මවාගන්න

      Delete
  20. අෆ්ෆාටසිලි. මාරයි නේ. මම නම් කාලාම නෑ. අදහසකුත් නෑ. දැන් ඔමායා මස් කන්නෙ නැද්ද ඉතින්?

    ReplyDelete
    Replies
    1. නැහැ සිහින ,, කනවා කුකුල්මස් විතරයි

      Delete
  21. කාලෙකින් මේ පැත්තට ආවේ.. පොඩි කාලෙනේ මොනවා කරන්න ද ඉතින්

    ReplyDelete
    Replies
    1. ඔව් ජනියෝ මාත් එහෙම හිතුවා ඉතින්

      Delete
  22. මාත් සර්ව භක්ෂක උනාට මාළු ඇල්ලුවත් මරලා නෑ.. ඉස්සර අපි යනවා රා බිලී පිතිත් අරගෙන ගෝල්පේස් එකේ කෙලවරට මාළු බාන්න.. මම අහුවෙන කෙලවල්ලෝ හිටන් ගලවලා ආයේ මුහුදට දානවා.. ඒ වැඩේ නිසා අනික් උන් මගේ මාළු කනවා.. මට මතකයි යුද්දේ තියෙන කාලේ ආරුගම් බේ ගිහින් දැලක් අදින එකකට එකතු වෙලා.. පරා පැටව් ටිකක් හම්බ වෙලා බා බේ කිව් කරන් කාපු හැටි.. මම හිතන්නේ ලෙබනන් වලින් කෑවට පස්සේ කාපු රසම මාළුවා..

    තලගොයි මසුත් කාලා තියෙනවා.. ඒත් සත්තු මරණවා තියා. මරණ තැනක ඉන්නත් බෑ.. අපේ මස්සිනත් ඌ කියන විදියට ඔයාගේ තාත්තායි ජාතියේ පොරක්.. පොර සත්තු මරන එක නවත්තලා තියෙන්නේ, බඩේ පැටව් ඉන්න හාවෙක් මරපු දවසක.. එතකන් හැමදාම සත්තු මරමු එකෙක්...

    ReplyDelete
    Replies
    1. අනේ අල්ලලා මුහුදට විසිකලාම පව්නේ ,,බිලිකටුවට තුවාල වෙච්ච සතාට රිදෙනවනේ පස්සේ අසාත්මිකතාවක් ඇතිවෙලා මැරෙනවා ,, :) හි හි අපේ තාත්තා නම් නැවැත්තුවේ නැහැ තාමත් දැන් කොහොමද දන්නේ නැහැ ,, ස්තුති අත්දැකීම් බෙදාගැනීම ගැන

      Delete
  23. මස් මාංශ නොකන නිසා අදනම් ටිකක් අමාරුවෙන් තමයි පෝස්ට් එක කියෙවුවෙ.

    …දන්නවද ඔමා මට මේ කතා කියවද්දි මතක් වෙන්නෙ රෝල් ඩාල් ගෙ "සූර වීර ඩැනී" පොත. ඒකෙත් ඩැනීගෙ තාත්තායි ඩැනීයි ඔය වාගෙ යාලුවො වගේ තමයි ඉන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. හි හි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ටික ගන්නවත් කන්න අර සමහරු වගේ ....

      මන් ඉස්සර කියවුවෙත් ඒ වගේ පොත් ,, ටාසන්,, රොබින් හුඩ් මගේ වීර චරිත

      Delete
  24. ෂා මාර ලමා කාලයක් නේ.එ වුනාට සත්තු මරල කන්න නම් අමාරුයි.මාලු නම් අල්ලගෙන කාල තියෙනව.(මාලු යනු සත්ව වර්ගයක් බව දනිමි )
    හය හතර

    ReplyDelete
    Replies
    1. තැන්කු දමිත් ,,මන් මාළු අල්ලපු හැටි කලින් පෝස්ට් එකේ තියෙනවා වෙලාවක් තිබ්බොත් බලන්න

      Delete
    2. මම එක බැලුව බොල............ඉදගෙන (කෙටුවත් එක්ක නෙද )

      Delete
    3. හුටා ඔව් නේද ? සොරි වේවා .. :)

      Delete
  25. මරල කඩේ ඉන්න එවුන් මිසක් ලයිව් මරල කාල නැහැ !

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එකක් vcd හෝ නෙට් එකේ බැලීම වගේද මැජෙස්ටික් එකේ බලද්දී ඈ

      Delete
  26. තලය මාත් කාල තියනව. කියන්න තරම් වරදක් නෑ. තලගොයා කබරය එක්ක ක්‍රොස් වෙනව කියන මිත්‍යාව නිසා දැං නං කෑම අඩුයි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් තියෙනවද ? ,, අපොයි ,,මාත් කන්නේ නැහැ දැන්

      Delete
  27. තලගොයා කබරය එක්ක ක්‍රොස් වෙනව කියන මිත්‍යාව. It's only a මිත්‍යාව.

    ReplyDelete
  28. අපේ තාත්ත ඉස්සර තයිගොයින්ව බේරගන්න මාර ගේමක් දෙනව... උන් ඔක්කොම අපේ වත්තෙ තමයි ඉන්නෙ ඉතිං... මොකද තලගොයි මරන අය අපේ ගෙවල් පැත්තෙත් හිටිය.. තාත්ත හිටපු ගමන් හොඳ මහත තලගොයි දැක්කම පෙන්නලා කියනවා හපොයි මූ නං ළඟදිම කාගේ හරි බඩකට යනව කියල.. ඉතිං හැමදාම උදේට ගිහින් බලනවා පේන්න ඉන්නවද කියල... හි හි... හැබැයි තාත්ත තලගොයි මැරුවෙ නැති උනාට සර්පයෝ, විශේෂයෙන් නයි නං අතාරින්නෙම නෑ... කොහොම හරි මරනව... තලයො හිටපු නිසාද මන්ද සර්පයොත් හිටිය හරියට අපේ වත්තෙ... වෙසක් දවසෙත් එකෙක් මැරුව මට මතකයි... ඌ තමයි අන්තිම එකා.. ඊට පස්සේ එහා පැත්තෙ කැලෑව කපලා වෙන්දේසි කළා... අපේ වත්තත් දෙකට බෙදලා මාමා ගේ හදල, ඊට පස්සෙ වෙන කට්ටියකට විකිණුවා... සර්පයෝ නං දැං අඩු උනාට තලයො නං තාම ඉන්නව.... තලයො කන කට්ටිය අඩු ඇති මං හිතන්නෙ.. නීති දැම්මට නං වැඩක් නෑ... අපේ මිනිස්සු නීති ගනං ගන්නවයි.. අනිත් එක තලගොයෙක් මැරැවා කියලා මොකෝ ගනං තියං ඉන්නවයැ තලයො මෙච්චර හිටිය කියල.. නෑ නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එකනම ඇත්ත අක්කේ ,, ඔයාගේ අර නිර්මාණ නම් ශෝක් අක්කේ මන් බැලුවා සේරම ලස්සනයි මට නම් ඔවුවා බැහැ අප්පා ,,

      Delete
  29. තලගොයිනම් මාත් කාලා තියෙනවා ඇතිතරම්. කාලම බලන්න ඔනා රහ. මගේ යාලුවෙක් කිවුවා යාපනය පැත්තේ හෝටල් වල තලගොයි කොත්තු තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ කාලේ උණු පාන් එක්ක කෑවා ,මාර රසයි නේ ,, කොත්තුවත් නියමෙට ඇති හි හි

      Delete
  30. මම නම් කාලා තියෙන රසම මස් කළවැද්දො මස්. ඔමායා කාලා නැත්ද? කුකුළ් මස් කියන්නෙ මොනවද කියල හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කලවද්දයි , හාවයි , තලගොයයි තව නම් දන්නේ නැති ඒවත් කාලා ඇති හැබැයි හරක් මස් කවදාවත් කාල නැහැ

      Delete
  31. මං මේක නං කලින් කියෙව්වා.. ඒත් කමෙන්ට් කරල නෑ.. එක කියෝගෙනම එන ගමන් මේකටත් ගොඩ වදුනා :)
    තලගොයි මස් පුච්චනකොට හරිම අප්‍රසන්න ගදක් එනව කියල මං අහල තියනවා.. වැද්දංගේ ඒ කියන්නෙ ලංකාවෙ ආදිවාසී ජනතාවගෙ නං ප්‍රියතම කෑම වලින් එකක් තමයි ඔය තලගොයි මස්.. එයාල කන්නෙ නං මං හිතන්නෙ කෙලින්ම ගින්නෙ පුච්චලා

    ReplyDelete
  32. ඒනම් තලගොයි මස් කාල තමා මෙයා මෙච්චර බුද්ධිමත් වෙලා තියෙන්නෙ ඈ :D

    ReplyDelete
  33. සතුන් මැරීම ගැන වෙනස් අදහසක් මට තිබෙන්නෙ.මම නම් කිසිම දාක මැස්සො මදුරුවො වගෙ පුංචි සත්තු එතනින් ගිහාම සර්පයෙක් දෙන්නෙක් ඇර වෙන කිසිම සතෙක් මරල නෑ.සර්පයෙක් හම්බවුනහම ඌ මරා වීරත්වයට පත් වීමේ අවස්ථාව ලඟ ඉන්න කෙනෙකුට දෙනව.ඉස්සරහටත් එහෙමයි.

    හැබැයි සත්තු මරන අයට ඒ සඳහා අයිතියක් තිබෙනව.සත්තු මරන අය මස්මාලු නොකන අයට වඩා නරක නෑ.ඒක ඒ ඒ මිනිස්සු හිතන විදිය තමයි.සත්තු මරන ඒත් ඉතාම යහපත් අය මං දැකල තිබෙනව.මස්මාලුවත් කන්නෙ නැති නරක මිනිස්සුත් ඉන්නව.

    හැම දේම සාපේක්ෂයි.මම නම් කන්නෙ කුකුල්,හරක්,ඌරු වගෙ වෙළැදපොළේ හිබෙන සාමාන්‍යයෙන් කන සත්තුන්ගෙ මස් විතරයි.අපිට පිළිකුල් වුනාට චීන්නු එහෙම ඕනම සතෙක් කනවනෙ.එක එක්කෙනා හිතන හැටි.

    ගම් වල ඉන්නව තලගොයි මරන අය .අපේ ගෙවල් ලඟ පොල් ලී පලන්න ආව තලගොයි මරුවෙක්.පැත්ත පළාතක තලගොයෙක් හොයා ගන්න බැරි වුනා.දැන් නම් ලොකු තලගොයි වත්තෙ පිරිල.කවුරුවත් හිංසා කරන්නෙ නැති නිසා අපි හිටියත් උන්ට ගානක් නෑ.ගේ ලඟටම එනව.
    තලගොයි ඉන්න එක හොඳයි උන් සර්පයො එහෙම කනවනෙ

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...