Thursday, November 21, 2013

මළ මුහුදේ මල කෝලම් (බෙත්ලෙහෙම් සංචාරය 1)

ඔමාගේ එක හීනයක් සැබෑකරගත්තා ගිය සතියේ.  ඔයාලටත් වැදගත් වේවි මගේ මේ හීන සවාරිය,, පිළිවෙලකට ලියන්නම්කො 

                                 ඊශ්‍රායලයේ වෙළද අගනුවර වන tel-aviv වලින් තමයි අපේ  ගමන පටන් ගන්නේ..ටෙලවිව් ඉදලා  ජෙරුසලම දක්වා කිලෝමීටර් 65 ක දුරක් තියෙනවා..විනාඩි 45 ක විතර කාලයක් ගතවෙනවා මේ ගමනට. ජෙරුසලම තමයි ඊශ්‍රායලයේ අගනුවර.. (එය එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් පිළිගන්නේ නැහැ .ජෙරුසලම් නගරය තුල කිතුණු බැතිමතුන්ට වටිනා ස්ථාන කීපයක් තිබෙනවා ,, ඒ පිළිබදව ඉදිරි ලිපියකින් ලියන්නම් ,,) ඉතින් අපි පැරණි ජෙරුසලම් නගරයට එද්දී හොදටම කරුවල වැටිලා. අපි කීවේ මමයි තව ලංකාවේ අක්කලා පස් දෙනෙකුයි..බස් එකෙන් බැහැලා මුලින්ම කලේ එදා රෑට නතර වෙන්න තැනක් හොයපු එකයි.නියම තැනක් හම්බුණා; ජෙරුසලමේ ප්‍රධාන දේවස්ථානය ලගම.

දවස් දෙකක කාලයක් පුරා මා ආසාවෙන් විඳගත්ත සංචාරේ ගියපු ප්‍රධාන තැන් ටික තමයි මේ තියෙන්නේ 
  
1.  ජෙරුසලම (ඉපැරණි නගරය )-

  • කොතෙල් 
  • Church of the Resurrection(Holy Sepulchre Church)

  
2.   බෙත්ලෙහෙම -

  • nativity church 
  • the shepherd'sfield


3.   හෙරෝදියන් උද්‍යානය- 

4. මළ  මුහුද (Dead Sea - 1,020 sq km/394 sq mi) -

                 මේ උඩ කියපු තැන් වලට ගිහින් ඔයාලටත් එක්ක බලාගෙන ආවා ,, ෆොටෝ කෑලිත් ඇල්ලුවා හරි හරියටමේ තැන් සේරගෙන්ම මුලින්ම ලියන්නේ මං ආසම තැන ....


                             ෴මළ  මුහුද ෴

   පුංචි කාලේ තාත්තා  මළ මුහුද ,කහ මුහුද ,රතු මුහුද ගැන කියාදෙද්දී මං හිතුවා ඒ මුහුදවල් වල වතුර ඒ ඒ පාටින් තියෙන්නේ කියලා ,, ඒ වගේම  මළ මුහුද ගැන එයා මට කියාදීපු දේ ගැන හරි මතකයක් නැහැ.. ඒත් මං හිතන් හිටියේ ඒකට බැස්සම මැරෙනවා කියලා ,, හරි දැන් පුංච් කාලේ කතාව නෙමේ ,,මගේ අත්දැකීම ලියන්නම්...
                         
 අපි බෙත්ලෙහෙමට බස් එකේ ගිහින් එතනින් ටැක්සියක් අරන් තමයි මළ මුහුදට යන්න පිටත් වුණේ.ඒ පාර දෙපැත්තම පුදුමාකාර දුෂ්කරයි පාරවල් නම් සුපිරියටම තියෙනවා දෙපැත්තේම කාන්තාර විශාල පස් කදු ,,හරිම නිසරුයි ඒ පැත්තම කිසිම තැනක වතුර බිදක්වත් සලකුණක් නැහැ...ඔටුවෝ , අශ්වයෝ ,බුරුවො පිටේ යන මිනිස්සු නිතර දකින්න ලැබුණා... ඔටුවෝ පිටේ මිනිස්සු යනවා මං දැකලා තිබ්බේ tv එකේ විතරයි ඒ නිසා මට නම් ඒක අමුතුම අත්දැකීමක් ..විශාල පස් කඳු කපලා තමයි පාර හදලා තියෙන්නේ,, ඒ පස් කඳු වල හරිම ලස්සනට පාංශු ස්ථර වෙන් වෙන්ව පේනවා ,, මං ගොඩක් දුක් වෙනවා සහ පසුතැවෙනවා හොද කැමරාවක් ගෙනියන්න බැරිවෙච්ච එක ගැන .. ඒ වගේම ෆෝන් එක වත් චාර්ජ් කරන් යන්න බැරිවෙච්ච එක ගැන.
                       මෙහෙම කිලෝමීටර් ගානක් කාන්තාරේ මැද්දෙන් යද්දී එක තුන්මං හන්දියක් හම්බෙනවා එතනත් විශේෂ තැනක් 

නෙට් එකෙන් ගත්තේ මට ෆොටෝ ගන්න බැරිවුණා

     එදත් මේ හරියේ මේ වගේ ඔටුවෙක් එක්ක මනුස්සයෙක් හිටියා .. මෙතන තමයි sea level එක. මෙතනින් එක පාරක් ජෙරිකෝවටත් තව පාරක් ජෙරුසලමටත් ,අනිත් පාර මළ මුහුදටත් වශයෙන් බෙදෙනවා.මෙතනින් පටන් ගත්තට පස්සේ මළ මුහුද පැත්තට යන්න යන්න හුළගේ වියළි ගතිය සහ රස්නය වැඩිපුර ඇගට දැනෙන්න ගන්නවා හුස්ම ගද්දි පවා අමුතු නුහුරු ආගන්තුක ගතියක් නාස්පුඩු වලට පවා දැනෙන්න ගන්නවා අමුතු ගොරෝසු ගතියක්. 

                                 කාන්තාරේ මැද්දෙන් යද්දී මං දැක්කා සිමෙන්ති හදන ෆැක්ටරි දෙකක්ම..සමහර තැන් වල කාන්තාරේ මැද්දේ අළුත් රට ඉඳි වගාවන් දාලා තිබ්බා..ඒ වගේම ගහක් කොලක් තියා පුංචි පඳුරක්වත් නැති කාන්තාරේ පොඩි පොඩි ගෙවල් තිබ්බා ඒ වගේම ඔටුවෝ හිටියා..අපේ ටැක්සි ඩ්‍රයිවර්ගෙන්  ඇහුවම කීවා රජයෙන් වතුර දෙනවලු , නල පද්ධතියක් තියෙනවලු.. පව් ඩ්‍රයිවර් මං අහන ප්‍රශ්න වලට උත්තර දීලා එපා වෙන්නත් ඇති.. 
                                 හවස දෙක විතර වෙද්දී අපි මළ මුහුදට ආවා .. එතනට ඇතුල් වෙන්න මෙහෙ මුදල් වලින් සෙකල් 53ක් ගන්නවා (රු.1750ක් ආසන්නව) එතනදී මට අපේ ඩ්‍රයිවර් දෙයක් කීවා.. මේ ස්ථානය අයිතිය තියෙන්නේ ඊශ්‍රායෙල් රජයටලු..එයාළලු සල්ලි ගන්නේ එන අයගෙන්..ඒ වගේම බෙත්ලෙහෙම් නගර පුරා තියෙන කිසිම තැනකින් සංචාරකයන්ගෙන් මුදල් අය කරන්නේ නැහැලු (අය කලේ නැහැ ) . ඒ මොකද බෙත්ලෙහෙම් නගරය පාලනය වෙන්නේ පලස්තීන රජයෙන්.මේ සංචාරයේදි මං සතුටක් ලැබුවා වගේම ඊශ්‍රායෙල් පලස්තීන දේශසීමා සහ මේ රටවල් දෙක ගැන යම් යම් දැනගෙන නොහිටපු දේවල් ඉගෙනගත්තා . ඒවා පහලින් ලියන්නම්.හ්ම්ම් දැන් මළ මුහුද ගැන.. 
                                  දකින්න පෙරුම්පුරාගෙන හිටපු සිහින සාගරය මගේ ඇස් දෙක ඉස්සරහා ..මට වතුරට අඩිය තියන්න කලින් මගේ තාත්තා මතක් වුණේ. කහ මුහුදේ ,රතු මුහුදේ, බැස්සම කැස්ස හැදෙන කැස්පියන් මුහුදේ හි හි කතාවල් මතක් වුණේ...වතුරේ ටිකක් වෙලා හිටගෙන ඉදලා අනිත් අයව කොපි කරලා මාත් ඉදගත්තා ගිලෙන්න හිතාගෙන.. ඒත් ගිලෙන්න බැහැ මේ පහළ තියෙන ෆොටෝ එකේ වගේ උඩට එනවා මං ඉතින් ටිකක් අමුතු මෙවුවා එකක් ගන්න ආස නිසා සෑහෙන්න ට්‍රයි කළා ගිලෙන්න,, එහෙට මෙහෙට පෙරළුනා.. අන්තිමට ඇස් වල‍ට ලුණු වතුර ගිහින් තමයි නැවතුණේ.ආයේ ගොඩට ගිහින් හෝදන් ඇවිත් බැහැගෙන හිටියා පාඩුවේ..ඒ වතුර වල අමුතු ඝනකමක් දැනෙනවා..ඒ වගේම විද්‍යාපාඩමකදි ඉගෙනගත්ත දෙයක් මතක් වුණා ඒ තමයි  ජලයේ උත්ප්ලාවකතාවය  (buoyancy), ඒ කිවුවේ  දිය මතුපිට පා වීමේ හැකියාව මළ මුහුදේ එය ඉතාම ඉහලයි  .පොල්තෙල් වගේ ලොකුවට නෙමේ නමුත් බර ගතියක් ,,, වතුරෙන් නාලා ගොඩට ආවට පස්සේ උනත් ඇගේ වතුර වතුර වගේ දැනෙනවා ..සමහරු මඩ නාගෙන අවුව තපිනවා ..කෙන්යාවෙන් ඇවිත් හිටිය සෙට් එකක ගැහැණු අය කීපදෙනෙක්ම නෑවේ උඩට අදින්නේ නැතුව..එයාලා තද කළු නිසා මිනිස්සු බැලුවේ නැහැ මාත් ඉතින්  ඇස් දෙක හුරුකරගත්තා අප්පා. පැයක් විතර විකාර කර කර එක එක්කෙනාගේ ,සුද්දියන්ගේ අරක මේක ගැන කියෝලා එතනත් අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු කරලා හවස් වෙද්දී අපි එන්න පිටත් වුණා.හ්ම්ම් .. ගෙදර ඇවිත් තව විස්තර හොයාගත්තා...
නෙට් එකෙන් මේ වගේ මල කෝලම් අපිත් කළා 




                                                   
                     අන්තරජාලය හරහා සහ ටැක්සි ඩ්‍රයිවර්ගෙන් අහගත්ත දේවල් එකතු කරලා  මං ඒ දේවල් ලියන්නම් ...මළ මුහුද ජෙරුසලම් නගරයේ ඉදලා කිලෝමීටර් 78.8 ක් දුරින් පිහිටලා තියෙන්නේ.  ඊශ්‍රායලයට, ජෝර්දානට සහ බටහිර ඉවුරට මායිම්ව පිහිටලා තියෙන මළ මුහුද සාමාන්‍ය මුහුදක ලවණතාවය මෙන් අට ගුණයක ලවණතාවකින් යුක්ත වෙනවා .මේකට මුලිකම හේතු විදියට මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ නොවීම සහ අනෙක් හේතුව තමයි  නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි.
           
                                   ගලීලි මුහුද හා මළ  මුහුද මුහුදු මට්ටමෙන් පහලින් පිහිටා ඇති අතර මළ  මුහුදේ පතුල ලෝකයේ පෘතුවි පෘශ්ඨයේ පහලින්ම පිහිටි ස්ථානය ලෙස සලකනවා එය මුහුදු මට්ටමේ ඉදන් අඩි 1401 ක් පහලිනුයි පිහිටලා තියෙන්නේ .නමුත් එය වර්ථමානයේ විද්‍යාවේ දියුණුවත් එක්ක වෙනස් වෙලා දැන් පිළිගන්නේ ලෝකයේ පහත්ම ගොඩබිම විදියට ඇන්ටාක්ටිකාවේ . .බෙන්ට්ලි උප ග්ලැසියර අගාධයකියන ස්ථානයයි.එය උපරිම ගැඹුරේදී මීටර් 2555 ක් දක්වා පහතලු. එසේම මළ මුහුද එහි උපරිම ගැඹුරේදී මීටර් 800ක් දක්වා තමයි පහතට යන්නේ  



 ඇයි මළ මුහුදට මළ මුහුද කියන්නේ මං දන්නා තරමින් එයට හේතුව මෙහි ජීවයක් නොමැති වීම ජලජ ජිවින්ට පැලෑටි වලට ජිවත් වීමට අපහසු වීම සහ  ලවණ සාන්ද්‍රණය අධික වීම නිසා ජීවීන්ට  එහි වාසය කරන්න බැරි වීම  . ඒ මොකද , ජීවින්ගේ  දේහ වලින් ජලය පිට වීම හෙවත් බාහිරාස්‍රැතිය සිද්ධවෙන නිසා. වැඩි වෙලාවක් සත්තුන්ගේ සමත් එක්ක  මේ අධික ලවණ සහිත මුහුදු වතුර ගැටෙන කොට ඉබේම සත්තු විජලනය වෙලා මැරිලා යනවා.නමුත් අලුත්ම සොයාගැනීම් වලට අනුව  මළ මුහුද තුලත් එයටම අනුවර්ථනය වෙලා ජිවත් වෙන අධික ලවණතාවට ඔරොත්තු දෙන මත්ස්‍ය වර්ග කීපයක් ඉන්නවාලු.
                                                                                    ජෝර්දාන් සීමාව පැත්තෙන් ඇති මළ  මුහුද අධික ලවණතාවයකින් යුක්ත අතර එමගින් ඛණිජ විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා . ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය සදහා ඊශ්‍රායලය සහ ජෝර්දාන යන රටවල් දෙකම මළ මුහුදෙන් ලබාගන්න සම්පත් පාවිච්චි කරනවා . පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් කියන  ඛනිජ වර්ග බහුල වශයෙන්ම  මෙම ලුණුවල අන්තර්ගතව තියෙනවලු. 

                  ඒ වගේම මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම් රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් තිබෙනවාලු ..ඒ වගේම මං ලංකාවේදී අහල තියෙනවා සුදු කබර ,පොතු කබර වගේ රෝග තියෙන අයට මළමුහුදේ මඩ කියන්නේ දිව්‍ය ඔසුවක්ලු..ඒ වගේම  ලවණ මිශ‍්‍රිත මඩෙහි බැහැගෙන  සිටීමත්  විවිධ රෝග සඳහා හොඳ ප‍්‍රතිකාර ක‍්‍රමයක්ලු .

       අපි දන්නවා ඉන්දියන් සාගරය ,,අත්ලාන්තික සාගරය වගේ ඒවා සාගර කලාප විදියට වෙන් කළාට ඒවා එකිනෙක සම්බන්ධයි ,,,නිතර ජලය කැලතෙනවා ගලාගෙන යනවා එකතැන රැදීමක් නැහැ නමුත් මේ මං කතා කරන මළ මුහුදට එහෙම කිසිම සම්බන්ධයක් නැහැ බාහිර ජල සම්පත් එක්ක ,,තියෙන එකම ජල සැපයීම වෙන්නේ  ගලීල මුහුදෙන් පටන්ගන්නා ජෝර්දාන් ගංගාව 

වර්ථමානය වන විට මළමුහුද සිදීයාමේ තර්ජනයකට මුහුණ දීලයි තියෙන්නේ.. ඒකට හේතුව තමයි ඊශ්‍රායලය සහ ජෝර්දානය ජෝර්දාන් ගංඟාව තමන්ගේ දේශීය ජල අවශ්‍යතාවන්ට සහ විවිධ කෘෂිකාර්මික කටයුතු වලට බහුලව යොදාගැනීම තමයි ඉතින් ...


මෙවැනි අලංකාර ලුණු ටැම් මළ මුහුදේ මැද්දේ තියෙනවා,, එන්න එන්නම ඒවායේ ප්‍රමාණය වැඩිවෙමින් ..මළ මුහුද තව තවත් ලවණ තාවයෙන්ම පිරෙන එක වෙන්නේ කාලයත් එක්ක 
                         ලෝකයේ හතර කොණින් මිනිස්සු දුර කතර ගෙවාගෙන මළ මුහුදේ මඩ නාගන්න එන එක ඊශ්‍රායලයට සහ ජෝර්දානට සොබාදහමෙන් ලැබුණ  සැනසිලිදායක තෑග්ගක් කියලා මට හිතෙන්නේ ...රටවල් දෙකේම සංචාරක කාර්මාන්තය වාර්ෂිකව ලොකු ආදායමක් උපයනවා මළ මුහුදෙන්. කාන්තාරයක් මැද්දේ රටවල් දෙකකට මැදිවෙලා ඒ රටවල් දෙකටම බොහෝ සම්පත් දෙමින් මුළු ලෝකයක් ආකර්ෂණය කරන මේ ලුණු මුහුද සොබාදහමේ අපුරු නිර්මාණයක් ෴.
------------------------------------------------------පසුව ඇතුල් කිරීම් ;
ටැක්සි එකේ ඉදලා ගත්තේ 

මගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් ..
මේවා අපැහැදිලි නිසයි  නෙට් එකෙන් අරන් දැම්මේ

160 comments:

  1. ෂා...නියමයි...මමත් කවද හරි යන්න ආස කරන තැන කීපයක්..

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම ආසාවෙන් ඉදල තමයි ඔය ගියේ

      Delete
  2. මැදැයි ඔමායා නානව බලන්න ආව..සික් ඔක්කොම නෙට් එකෙන් නේ අරං තියෙන්නෙ..එක පිංතූරුවක් නැහැ නේ වැඩකට ඇති..

    ReplyDelete
    Replies
    1. හූ ඇද්ද ඈ .. එවුවා දාන්න බැහැනේ අයියේ තියෙනවා ගත්තුවා ටිකක්

      Delete
  3. මම හිතුවෙ අර උඩම ගැහැණු දැරිවියො දෙන්නා අලිගැට පේර නානවා කියලා. ඔමා කළු ගලක් බැදන් ගිලෙන්න ට්‍රයි කලේ නැත්ද?
    ඇත්තටම ජොර්දාන් ගංගාවෙ ජල සැපයීම දිගින් දිගටම අඩාල වෙලා මල මුහුදත් මැරිලා යයිද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. උඩම ඉන්නේ ගැහැණු දැරිවියෙකුයි කොල්ලෙකුයි ඈ .. ඔව් විද්‍යාඥයෝ ගණන් හදලා තියෙන්නේ එන්න එන්නම ජෝර්දාන් ගගේ ජල සැපයුම අඩුවීම තමයි ඉතින් හේතුව ,, ලෝක බැංකුවෙන් යෝජනා කරලා තියෙනවා රතුමුහුදෙන් ඇලක් හදලා වතුර මළ මුහුදට ගේන්න,, ඒත් පරිසර වේදීන් හැම එකටම වගේ එකේදීත් නැගී හිටලානේ තියෙන්නේ

      Delete
  4. මගෙ අල්ලපු කාමරේ ඉන්න සගයා (හැල ගෙම්බා) ඔය සවාරිය ගියා ගිය මාසෙ.. හැබැයි විස්තර ඇහුවාම වචන දෙක තුනයි.. මට අවස්තාවක් ලැබුණා යන්න ජොර්දානය හරහා .. කරුමෙට ඒ දවස්වල බෝම්බයක් නිසා මිනිස්සු ගොඩක් මලා මට යන්න තිබුණ නගරෙ. ඔන්න අපේ කොම්පැණිය ගමන අවලංගු කලා. දැන් ඔබේ ලිපිවලින් දකිනකොට කණගා‍ටුයි..ලෙබනන් වලට නම් ගියා. හරිම ලස්සන රටක්.. ඒත් ඉස්සර අපේ රට වගේ යුද්ද නිසා අසරණයි..

    ReplyDelete
    Replies
    1. හැලගෙම්බා හි හි පව් ඈ .. යාළුවනේ ඔයාගේ යන්න උත්සහ කරන්න හරිම වටිනා තනක්

      Delete
  5. ඇත්තටම නම විතරක් හා නම නිසා හිතේ ඇදිලා තිබ්බ චිත්‍රයට වඩා ගොඩක් දේවල් දැ න ගත්ත මේ පොස්ටුවෙන්..... ට්‍රිප් එකට අක්කලා විතරක් ගියේ ඔහේ අයියලා නැද්ද අනේ..... නැත්නම් කියන්න ලංකාවේ අයියලා ට්කක්වත් කොහොම හරි ඔහෙට පටවමු....

    ReplyDelete
    Replies
    1. ඒයි මැලේ අන්න අද ප්‍රවෘත්ති වලට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා. ලංකාවේ මිනිස්සු සංචාරක වීසා වලින් මැලේසියාවට යවන ජාවාරමක තතු හෙළිවේ කියලා

      Delete
    2. උන් ඕක දැන්ද බන් හොයාගෙන තියෙන්නේ ????

      Delete
    3. අයියලත් ඉන්නවා අයියලා එක්ක ඕවල යන්න බැහැනේ අනේ ඒකයි දාලා එන්න ඇත්තේ එයාලා ,,

      ඉවාන් අපේ රජය මාර වැඩකාරයෝනේ පොඩි ළමයිනුත් දන්නා ඒවා හොයාගෙන

      Delete
    4. අනේ ඉවාන් උඹ මෙච්චර කල් නිදාගෙනද හිටියෙ...මේ රාළෙ අත ගෙවෙනෙකං කී බෝඩ් එකේ කොටන්නෙ ඕවා ගැන නේන්නම්...

      Delete
    5. එක තමයි සිරෝ මම කිව්වේ ..මම රාලගේ ඔක්කොම ලිපි ටික පලවෙනි එකේ ඉඳන්ම කියෙව්වා. අදයි පොලීසිය දැනගෙන තියෙන්නේ. එකනිසයි මම රාලයාට කිව්වේ ඌ මෙච්චර දවස් අපිට කිඅපුවා අද තමයි පොලිසිය දැනගෙන තියෙන්නේ

      Delete
    6. ඒක මිසක් ..මං දැකලා තිබ්බා ඉවාන් තුමාගේ කොමෙන්ට්

      Delete
  6. මේකත් අර විදුරයාගේ වාගේ හාන්සි පුටු සංචාරයක්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. //ඔයාලටත් වැදගත් වේවි මගේ මේ හීන සවාරිය// කියා මුලින්ම ලියලා තියෙන්නේ.

      Delete
    2. හාන්සි පුටු නෙමේ ඇත්ත වශයෙන්ම මේක ලියන්නේ හොද ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක් දාපු ලක්ෂ 3 ක් වටිනා කරන්ට් එකෙන් වැඩ කරන බෙඩ් එකක් උඩ ඉදන් ..

      අටමා .. ඩේටා පෙරේතයා :)

      Delete
    3. විශ්ව @ ඔව් හීන සවාරිය තමයි :(

      Delete
    4. එහෙනං හැබැ කරගත්තා කියලගා තියෙන්නේ

      Delete
    5. ඉතින් අනේ මං මේක මළ මුහුදේ බැහැගෙන ලීවා නෙමේනේ ගෙදර ඇවිත් කම්මැලි කමේ ඉදලා ඉදලා ඔය ලීවේ ඒකයි

      Delete
    6. අටමට ඇති උන සැකය මටත් තියනව..මොකද ඔහොම ගමනක් යනවනම් මොකා උනත් පෙර සූදානමක් තියනව, උබට කැම් එකක් ගෙනියන්ඩ බැරිඋනා කියමුකො අක්කෙ ඒත් අඩුම ගානෙ ෆෝන් එක චාර්ජ් කරගන්න අමතක වෙන්න බෑනෙ..අනික අයිෆෝන් එකේ ෆොටෝ කොහෙද බන් පැහැදිලි මදි පච කියන්න එපා :D

      Delete
    7. අනේ නැහැ බන් ,, දවස් දෙකක ගමන අන්තිම දවසේ හවස් වෙලා එහෙට යද්දී ,, අපේ අක්කලට කැමරාමන් වෙන්නේ මන් හැමදාම ,, උන්ගේ ෆොටෝ මම ගන්නවා ගන්නවා මගේ ඒවා එකක් වත් හරියට ගන්නේ නැහැ එයාලා කොහොමහරි අන්තිමට බැට්‍රිත් ලෝ පැහදිළි නමුත් වැඩි පහසුවට නෙට් එකෙන් දැම්මේ ,,

      Delete
    8. //හාන්සි පුටු නෙමේ ඇත්ත වශයෙන්ම මේක ලියන්නේ හොද ස්ප්‍රින්ග් මෙට්‍රස් එකක් දාපු ලක්ෂ 3 ක් වටිනා කරන්ට් එකෙන් වැඩ කරන බෙඩ් එකක් උඩ ඉදන් .. //

      නයෙක්ද මන්දා.... ඉදගෙන

      Delete
  7. මමත් කවදා හරි යන්න ආස තැනක් තමයි මළ මුහුද. පාවෙන එක අපූරු යි කියලා කවුරු කිව්වත් ඒ අත්දැකීම විඳින්න ම ඕනේ හිතට පිරෙන්න. පින්තූර ගන්න බැරි වුණ එක නං දුක යි. අනාගතේ දී මේ වගේ පිස්සු නට නටා යාළුවෝ එක්ක ගිය ගමන් මතක් වෙන්න තියෙන්නේ පින්තූර විතර යි!

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා ඒක හරි අමුතුයි අප්පා ,, මේකයි උනේ උදේ ඉදලා බෙත්ලෙහෙමේ අනිත් තැන් වල ඇවිදලා ඇවිදලා ෆොටෝ ගහලා ගහලා ගිය නිසා ෆෝන් එකේ බැට්‍රයි ලෝ වුණා.. ඒත් මං ෆොටෝ කීපයක් ගත්තා ,, නමුත් දකින අයට වඩා පැහැදිලි වෙන්න නිසයි නෙට් එකෙන් අරන් දැම්මේ ,, ඒ වගේම මගෙම ෆොටෝ දාන්න හිත හදාගන්න අමාරු උණා ධාරෝ ඒකයි

      Delete
    2. // ඒ වගේම මගෙම ෆොටෝ දාන්න හිත හදාගන්න අමාරු උණා ධාරෝ ඒකයි//
      කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා.

      Delete
    3. හා ඇනෝ තැන්ක්ස්

      Delete
  8. අයියෝ ඔමා මෙහෙම වටිනා ට්‍රිපක් යනකොට කැමරාවක් කියන එක අනිවා කියල අහල නැද්ද?අපරාදෙ...ෆොටෝ ටික

    ReplyDelete
    Replies
    1. මං ආයේ යනවා ලබන මාසේ අග .. එතකොට ෆොටෝ වලින් පෝස්ට් එකකුත් දාන්නම්කො

      Delete
  9. අපේ මහත්තයා වගේ කොච්චර පාවෙන්න ට්‍රයි කළත් ගිලෙන ජාතියෙ අයටත් පාවෙන්න පුලූවන්ද දන් නෑ.. හි හි...

    ඕක මුහුද කියලා කතාවට කිව්ව විලක් වගේ නේ... ඇත්තටම සැනසිලි ත්‍යාගයක් වෙන්නම ඕනෙ ...

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා තඩි ඌරෝ වගේ කෙන්යාවේ ඇන්ටිලා උඩ පාවෙද්දී අපිට හොදටම හිනා ගියා

      Delete
    2. correction තඩි ඌරා වගේ හිරු aunty

      Delete
    3. හි හි එහෙම කියන්න එපා ඇනෝ හිරු අක්කා මහත නැහැ

      Delete
  10. ට්‍රිප නම් හොදම එකක් ගිහින් තියෙන්න.විස්ත‍ර ටික නම් මරු.ගත්ත ෆොටෝ ටික දාන්න බැරි තරම්ම අවුල්ද බන්

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සමහර එවල අර උඩට ඇදපු නැති කස්ටියගේ ඒවත් තියෙනවා ඒකයි

      Delete
    2. අදාල ස්ථාන බොද කරහන් :D

      Delete
  11. අර කිව්වත් වගේ කැමරාවක් නැතිව ගමන ගිය එක නම් හෙලා දකිනවා

    ReplyDelete
    Replies
    1. බෙල්ල මිරිකලා මරාදැම්මත් හෙලා දකින්ට නම් එපා ඉදගෙන

      Delete
  12. මමත් කීප වතාවක් ගියා.. මගෙත් සිහිනයක් වෙලා තිබුන තැනක්..

    ඊට වඩා මේ පෝස්ට් එකේ වැදගත් කම තමයි.. මේ වගේ ට්‍රිප් ගිහින් අනික් උන් ලියන පෝස්ට් වලයි මේකෙයි තියෙන වෙනස.. හරියට අහසට පොළොව වගේ.. මැද පෙරදිග රටවල ඉන්නා කාන්තාවන් ගැන ඒවල ඉන්න උන්ම පහතට දාලා කතා කරන කොට.. මේ වගේ ටැලන්ඩට් කෙල්ලොත් ඉන්නවා කියලා පෙන්නන්න ඇනපු තද ටොක්කක් මේක..

    උඹ වගේ එකෙක් ඔහේට නෙමෙයි වටින්නේ. කොහොම හරි ට්‍රයි කරලා ඔහෙන කැනඩා පැනපන්..

    ReplyDelete
    Replies
    1. මමත් මාතලන්ගේ කීමට එකගයි.
      මමත් දවසක් කිව්වා කැනඩාව ගැන.
      අහන්නෙම නැත්තන් එක්කගෙන හරි යනවා.

      Delete
    2. @හ්ම්ම් ..හැමදාමත් ඔයා මාව දිරිමත් කරනවා ස්තුති ,, ඔටිසම් කෝස් එක කරන්න තැනක් තාමත් හම්බුණේ නැහැ මට ..ඔබගේ කොමෙන්ට් කිරීම හදවතින් බවත් දන්නවා ස්තුති

      Delete
    3. ගොන්ජි පජාන් :D @ එහෙමද ආස ?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. This comment has been removed by a blog administrator.

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. This comment has been removed by a blog administrator.

      Delete
    13. This comment has been removed by a blog administrator.

      Delete
    14. This comment has been removed by a blog administrator.

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. This comment has been removed by a blog administrator.

      Delete
    18. This comment has been removed by the author.

      Delete
    19. මොකක්ද බන් මෙ.. මක්කැයි මෙතන තිබුනේ...

      Delete
    20. ඔමායා......ඔබේ තීරණය සහ සිතුවිල්ල ඉතා නිවැරදියි...කවුරුන්ගේ හෝ විමසිල්ලට භාජනය විය හැකි නිසා මම සහ අටම් මෙය සමතුලනය කිරීමට උත්සාහ කල පාර්ශවයන් බව දන්වා සිටිමි. ශත පහකට වැඩක් ඇති විවාදයක් සිදුවුනේ නැත.

      ඔමා....අළුත් පෝස්ට් එකක් දාන්න .....නිකම් රම්පෙට පොරි වගේ.....යාළු..මාළු එකක්!!!!!

      Delete
    21. මාතලන් @ මෙතන කොත්තු කඩයක් තිබ්බා . .. හි හි :D


      අරු@ ... අපේ මෙහෙයුම සාර්ථකයි උතුමාණනි ,,, ලියන්නම් ලෙසටම

      Delete
    22. @ මාතලන් & අරූ ,
      මම මාතලන් දැමු කොමන්ටුව අනුමත කොට පිළිතුරක් සැපයුව.මමත් ඇනෝ කෙනෙක් විදියට ඉදගෙන කරන්නේ හැමෝවම දිරිමත් කරන ඒක.මම අකමැතිම දෙයක් තමයි බඩේ එකයි,හක්කේ එකයි තියන් කතා කරන අයට සහ මං "පොර" කියල හිතාගෙන ඉන්න අයට.
      මෙය දිගින් දිගටම ගියේ අපේම සහෝදරයෙක් ඇනොල දෙන ටයිප් එකේ කොමන්ට් කල නිසයි.
      කොහොමත් ඔමාය ගත් තීරණය නිවැරදියි.දකින්න දකින්න තව දුරදිග යන්න තිබුන.මෙම අවකාශයේ පරිනතයෙක් ලෙසට ඔහු එලෙස හැසිරේ යයි මා කිසිවිට නොසිතු වෙමි.
      කෙසේ වෙතත් මා නිසා යම් අපහසුතාවයක් වුවා නම් ලේඛිකාවගෙන් සහ ඔබ සැමගෙන් හිසනමා සමාව අයැද සිටිමි.
      ප.ලි.:මෙම සිද්දිය මගේ සිතින් සම්පුර්ණයෙන් ඉවත් කල බව දන්වමි...!

      Delete
  13. සිරාවට විස්තර කරල තියෙනව.... පට්ට ගති,,,

    ReplyDelete
  14. ශා.............නියම අත්දැකීමක් ලබලා තියෙන්නේ..
    පිනක් තිබුණොත් යන්න ලැබෙන්නේ නැතැයි අපිටත්..
    පොටෝ නැති එක නම් පාඩුවක් ඔන්න

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටිකක් තියෙනවා රෙහානි මගේ ඒවා දැම්මේ නැහැ බ්ලොග් එකේ .. ලබන මාසේ ගියාම ගන්නවා ..හීන මවන්න යන් ලැබෙයි

      Delete
  15. එලම පොස්ටුව ඔමා ... "ඉතින් බතලි ගිලෙන්නේ නෑ කියන්නේ අපිට කොහොමත් බය වෙන්න දෙයක් නෑ."

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉවාන් .. හොද නැහැ මට නම් හදනවා ..ඉන්නවකෝ අම්මට අහුකරලා දෙන්න ..

      Delete
  16. කවදාක හරි ඔය මුහුදට බහින්න මටත් ආසාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, ඒ ආශාව ඉස්ඨ වේවා

      Delete
  17. පුංචි කාලෙ බයිබලේ කියවද්දි අහන්න ලැබුන තැන් ගැන දැන ගන්න හරි ආසයි.පුළුවන් වුනොත් ඊශ්‍රායලයේ සංචාරයක යෙදිලා මේ හැම දෙයක්ම ඇස් දෙකින්ම බලා ගන්නවා.
    ඊශ්‍රායලය මහ පුදුම රටක්.සීමිත සම්පත් හා සීමිත බූමි ප්‍රමානය ඔවුන් උපයෝගීකරගන්න විදිය නම් හරිම පුදුමයි.ඊශ්‍රායල් වරුන්ගෙන් ඉගෙන ගන්න හුඟක් දේවල් තිබෙනවා.
    දිගටම ලියන්න.සිංහල බ්ලොග් අවකාශය අර්තවත් වෙන්නෙ ඔබ වැනි අය නිසයි

    ReplyDelete
    Replies
    1. ////පුංචි කාලෙ බයිබලේ කියවද්දි අහන්න ලැබුන තැන් ගැන දැන ගන්න හරි ආසයි.පුළුවන් වුනොත් ඊශ්‍රායලයේ සංචාරයක යෙදිලා මේ හැම දෙයක්ම ඇස් දෙකින්ම බලා ගන්නවා./////

      ඕකම තමයි මගෙත් හීනෙ වෙලා තිබ්බේ ,, ඔව් මගේ පරණ ලිපිවල මාත් ලියලා තියෙනවා
      ස්තුති ඔබගේ නොමසුරු වචන වලට

      Delete
  18. ගමනක් ගියහම තමන්ගේ අත්දැකීම මතුවෙන විදිහට ලියන එකට තමයි මම කැමති. අවශ්‍ය තැන් වලදි අන්තර්ජාලයෙන් විස්තර හොයාගත්තට අවුලක් නැහැ. මේක නම් මුල කොටස ඇරුණහම, අනික් ටික නම් නිකං වාර්තාවක් වගේ....

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ලීවේ තිසර ,, මං කවදාවත් වාර්තාමය සටහන් ලියන්න කැමති නැහැ ,, නමුත් මගේ අත්දැකීම සහ අවශ්‍යම දේවල් කියවන අයගේ පහසුවටයි එහෙම ලීවේ.. මොකද ඒ දේවල් මගේ අත් දැකීම නෙමේනේ ගණිතමය දේවල් ,, ඉලක්කම එක්ක කියන දේවල් ඒ විදියට අවශ්‍යයිනේ මං කාපු බීපු හැටි සහ මං ගත්ත ෆන් එක විස්තර කරනවට වඩා මං නිතරම කැමති කියවන ඔබට යම් දෙයක් ගැන දැනුවත් කමක් ලබාදෙන්නයි .. නැත්තම් මටත් විදුරට වගේ අහගන්න වෙයි .

      Delete
  19. හොඳ සටහනක්. හමුදාවෙ ඉන්න මගේ යාළුවෙක් ඔතනට ගිහින් විස්තර කිව්ව දවසක්.

    ReplyDelete
  20. එහෙනම් මල මුහුදත් ළඟදීම මැරිලා යයි වගේ නෙහ්!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ අවුරුද්දකට මළ මුහුදේ ජල මට්ටම මීටර 1.2 ඉදලා 1.8 වගේ මට්ටමකට අඩු වෙනවලු ,, අපි නාන්න බැස්සේ මළ මුදේ ඉහලම පටන් ගන්න තැනින් එතනට හොදට පේනවා වෙලා තියෙන දේ .. ලෝක බැංකුව රතු මුහුද හරහා ඇල මාර්ගෙකින් ජලය ගෙන්න යෝජනා කරල තියෙන්නේ නමුත් පරිසර වේදීන් අකමැති ඒකට එයාල කියන්නේ රටවල් දෙකේ රජයන් දැනුවත් කරලා ජෝර්දාන ගංගාවේ ජලය සංරක්ෂණය කරන එක තමයි වඩාම හොද කියලා

      Delete
  21. ලොකු වුනාම මාත් යන්න ඉන්නෙ,ඔමා ගත්ත පින්තූර නැති එක ලොකු අඩුපාඩුවක්.

    ReplyDelete
    Replies
    1. ලොකු උනාම !!! මොකක් ලොකු උනාමද ???

      Delete
    2. හූ ඈ කඩේ අයියේ මෙන්න මැලේ සීයා පුතුගෙන් ප්‍රශ්නයක් අහලා :D

      මං දන්නවා පොඩි එකට ෆොටෝ බලන්න ඕනේ ඇයි කියලා ඉන්නකෝ දාන්නම්

      Delete
    3. අරූ ගේ සීයාගේ එක

      Delete
    4. අරූ නෙමේ අනේ හැලප අයියා

      Delete
    5. අරූගේ සීයගේ එක උඹට තාම මතකයිනේ බං.

      Delete
    6. අඩෝ ..නිරංජන්..සීයාගේ එකට වඩා උඹ පාසල් ගිය විදිය මචං මැවිලා පේන්නෙ.
      දැන් අලුත්ම එක උඹ කෙසෙල් ඇවරිය අතින් අරන් කකා යන හැටි.
      මට මචං දැන් තියෙන එකම ප්‍රශ්නය ඒ දවස්වල සිලිං බෑග් තිබුනෙ නැති නිසා කෙසෙල් ඇවරිය පත්තර කොළයකින් ඔතන් පපුවට තුරුළු කරන් ගෙඩිය ගෙඩිය කඩා ගත්ත ද..
      නැත්නම් අර සිමෙන්ති බෑග් වලින් හදපු කවරයක දාගෙන ,අතේ එල්ලගෙන යන ගමන් කෑවද කියන එක.
      ඔබ කියන ඇන්ඩර්සන් පාර,කළුබෝවිල බෙල්ලන්විල පැත්ත මට ගොඩක් හුරුයි.
      මගේ මවගේ සනුහරේ ගොඩක් ගෙවල් ඔය පැතිවල.
      අර අහපු දේට ඊ ලග ලිපියෙන් හරි කියහන් මචෝ.. :)

      Delete
    7. @ කෙන්ජි.....මෙතනම උත්තරයක් දෙන්නම්....ඔමා තරහගන්න එකක් නැහැනේ....මචං ඔය ගෙදරට සිංහල පත්තරයයි...ඉංග්‍රීසි පත්තරයයි ගන්නවා. කොහෙට හරි යමක් ගිහිල්ලා දෙන්න ඕන වුනාම ආච්චී ඒක ඔතන්නේ ඉංග්‍රීසි පත්තරේ. උඹට තේරුණානේ එයාගේ මනසිකත්වය. ඉස්සර බෑග් භාවිතාවක් නැහැනේ වැඩිය. හැමදේම පත්තර කොල රැපින්ග් තමයි. සීනි පිටි එහෙම කඩදාසි ගොටුවල. තේරුනාද ඔමා?

      සමූපකාරේ හාල් ගේන්න නම් පන් මල්ලක් තිබුනා. කෙන්ජි ඉස්සර කොල්ලෝ කියනවා ඒ මල්ලේ තමයිලු අරූගේ සීයා "අරක" දාගෙන යන්නේ.

      Delete
    8. හි හි තලහා නැහැ අනේ ..මට තේරුනේ නැහැ කියපු එක .

      Delete
    9. කෙන්ජි......උඹේ දෝනියැන්දාට මේක තේරුම් කරලා දීපං!!!!

      Delete
    10. thanks ,නිරංජ ,පස්සේ මම පොඩි ඒකිට පහදලා දෙන්නම් ..මචෝ... :)

      Delete
  22. දේශාටන චාරිකා නැවත නැවත කියෙව්වත් රසය අඩුවෙන්නේ නැහැ. ඔබේ අත්දැකීම්වල වටිනාකම වැඩිවෙන්නේ කවදාහරි ඔබේම දරුවන්ට ඒවා කියාදෙනවිටයි. ඔබ ලබාගත් පින්තූර සංස්කරණය කර හෝ ඇතුලත් කළානම් බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. සමහර ෆොටෝ තියෙනවා ,, ගොඩක් ඒවල අර ඇදුම් නැතිව නාපු අයව පේනවා , ඒ වගේම ගෑණු ළමයෙක් විදියට මගේ ෆොටෝ දාන්න නම් හිතුනේ නැහැ .. ඒ වගේම මං නෙට් එකෙන් අරන් දැම්මේ ඒවා වඩා පැහැදිලි නිසා, විචාරක තුමණි මං ලබන මාසේ ආයේ යනවා ,, ගිහින් ඇවිත් අනිවාර්යෙන්ම ෆොටෝ වලින් ලස්සන පෝස්ට් එකක් ලියනවා ,, ස්තුති අදහස් බෙදාගත්තට

      Delete
    2. කමක් නෑ ඔයා ගාව තියෙන ටික දාන්ට ...අපි අර ඇඳුම් නැති අය දිහා නොබලා අනික් ටික විතරක් බලන්නං

      Delete
  23. අපූරු ගමන් විස්තරයක්නේ. එක හුස්මට කියවගෙන ගියා. අපූරුයි අපූර්වි අක්කේ.

    ReplyDelete
  24. හොද විස්තරයක්...ඒ උනාට ඉහළින් තිසර කියලා තියෙනවා වගේ වාර්තාමය ගතියක් තියෙනවා...ඔයා එක්ක ගියැයි කියන අක්කලා එක්ක කරපු කථා බහෙන් දෙබස් කීපයක් හරි අරගෙන මේක මැදට අත ඇරියා නම් තවත් ලස්සන වෙන්න ඉඩ තියෙනවා කියලයි මගේ වැටහීම...ඔයා නෑවෙ නැද්ද මළ මුහුදෙ මඩ ?

    ReplyDelete
    Replies
    1. තිසරට දීපු උත්තරේම තමයි ඔයාටත් දෙන්න තියෙන්නේ...

      මඩ නෑවා අයියේ

      Delete
  25. හී.... පුදුමයි ඔමා ඔයාව ගිලුනෙ නැද්ද ඇත්තටම?! ඔච්චර විසාල ස්කන්ධයක් වෙලත්!! එහෙනම් අපිට බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ නේ...

    සංචාරෙ විස්තරේ අපූරුයි ඔමා. පින්තූරු නැති එකේ අඩුවක් දැනුනෙ නෑ ඇත්තෙන්ම. මොකද මම කතාවක් විඳින්නෙ චිත්ත රූප වලින්. බතල ඔමා පාවෙන හැටි අගේට මැවිලා පෙනුනා.... :P

    ReplyDelete
    Replies
    1. thanks බස්සියේ .. ෆොටෝ වලින් එකක් දාන්නම් ඊලග පාර

      මේ බතලි කියනව බොලේ දැන් හැමෝම ..මේ අටමයි සසින්දුවයි තමයි ඕක බෝ කරේ ..මං ස්ලිම් එකට ඇග තියෙන කෙල්ලෙක් ඈ සෑහෙන්න අප්සැට් :)

      Delete
    2. බොට හොදම වැඩේ බතලි, මෙතන මාවයි අටමවයි ගෟරවයෙන් සිහිපත් කිරීම ගැන මාගේ ස්තූතිය :P

      Delete
  26. දිනේෂ් අයියායි මායි යන ලෝක සවාරියට තවත් තැනක් එකතු වුණා අක්කෝ ඔන්න.

    ReplyDelete
    Replies
    1. මම මේ බඳින්න කලින් ගිහින් එන්න කියලා හිතුවා විතරයි..

      Delete
    2. මෙන්න සිහින මේ හොර කොල්ලා කියපු කතාව

      Delete
    3. එහෙම යන එව්වැයි තමා රහ වැඩි

      Delete
  27. පුංති කාලේ ඉදන් වැලිකතරේ සටවල් වලට මන් බයයි අෆ්ෆා එත් ඉතින් ඔමයියා ලියලා තියෙන විස්තරේ හැටියට ඔය පැත්තේ කරක් ගහන්නමයි හිත බලමුකෝ

    ReplyDelete
    Replies
    1. කමාරාවක් මානාගෙන ඉන්නේ අප්පා baye බෑ ශානුවෝ ,,පුළුවන් වුනොත් එන්න දවසක

      Delete
  28. දැන් එතකොට අර ලුණු කඳු කඩන්නේ එහෙම නැද්ද? ලියපු එක්කෙනා මල මුහුදේ පාවෙන ෆොටෝ එකක් නැති හන්දා අපිට පිළිගන්න අමාරුයි ගියාමයි කියලා..

    ReplyDelete
    Replies
    1. ලුණු ගන්නවා සෑහෙන්න ,, මුහුද මැද්දේ තියන ඒවානම් කඩන්න්නේ නැහැ

      Delete
  29. මේක කියවගෙන යද්දී නිකං එතන ඉන්නව වගේ දැනෙනවා.
    ලගන්නාසුළු ආකාරයට රචනා කර තිබෙනවා..

    ReplyDelete
  30. ඕක මරපු කෙනා හෙම හම්බ වුණේ නැද්ද ඔමා?

    ReplyDelete
    Replies
    1. අනේ තේරුනේ නැහැ දිලිනියෝ

      Delete
    2. ආ දැනුයි තේරුණේ.. ඉන්නවා දිලිනි ,, ඉශ්රායෙල් රජයයි ජෝර්දාන් රජයයි

      Delete
  31. අර අප්‍රිකන් ගෑනු කොයිවගේ උදවියද කියලා මෙහෙම කිව්වට අමාරුයි හිතාගන්න.

    ReplyDelete
    Replies
    1. ඊ මේල් එක එවන්න හසරැල් මාමේ එවන්නම් පුටෝ එකක්

      Delete
    2. මගේ එකනං දන්නව මයේ හිතේ

      Delete
    3. පොඩි වුන්ට එවන්නේ නැහැ අටම් සොර්රි මල්ලි

      Delete
    4. අටම් මල්ලි නෙමේ බන් උබට පුතා වෙන්නෙ උබේ වයස ගැන හිතල කතාකරහන් ආච්චි අම්මේ :D

      Delete
    5. ඇත්තද පව් ඉදගෙන :) පොඩි එකා

      Delete
  32. ඔය කීවාම මටත් යන්න ආසාවක් ආවා. අප්පා ඉලං මඩ නාන්න තියෙන එකම පොට් එක :)

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනේ.. දැන් වෙන අයනේ අපිට මඩ ගාන්නේ එහෙදි අපිටම මඩ ගහගන්න පුළුවන්

      Delete
  33. ඔමා....... ලස්සන සටහනක්...මගේ න,ණ,ල,ළ, මඤ්ඤං කියලා කවුරුත් දන්නවනේ...දැන් මේ පෝස්ට් එකේ උඩ මලද යට මළද හරි මළ? මාව තවත් කොර වෙනවා.

    ReplyDelete
    Replies
    1. කීප තැනක බැලුවා ,, එක එක විදියට තිබ්බේ ,,හරිම වචනේ ඇත්තටම දන්නේ නැහැ ,අනුමාන කරලා දැම්මේ "මළ මුහුද" කියල ,, ස්තුති

      Delete
  34. සිරා ලිපියක් අපූර්වි.....හරිම ආසාවෙන් කියෙව්වේ. මාත් දවසක ඕක බලන්න යනවා අනිවා......

    ReplyDelete
  35. අර පොටෝ එක මටත් එවහං ඈ :D
    මගෙ ඉමේල් ඕනි නෑනෙ බොලාට :P :P

    ඕවෑ නම් මෙ ජීවිතකාලෙ යන්න ලැබෙයිද කියල මට නං සැකයි.. මේමවත් බලාගන්නෙකම මදෑ :(

    ReplyDelete
    Replies
    1. එවුවා ,,, දැන් හරි නේද සමියෝ :)

      Delete
    2. වල් සැමියා ඉදපිය අම්මට කියනව මම :P

      Delete
    3. ඔයාටත් ඕනේ නම් ඉන්බොක්ස් ගත කරන්නම්

      Delete
    4. කළු බතල ගෑනුන් බලන්නෙ මොකටද අප්පා :D

      Delete
  36. මේවයේ ඉතින් අපි නම් කවදා යන්නද...ඔමා..විස්තර කිවවට තෑන්ක් යු...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සුදා

      Delete
  37. නියමයි...මමත් යන්න සිහින දකින තැනක් තමා. තවත් ෆොටෝ දැම්මානම් තවත් හොඳයි :) එතකොට අර මරියානා ආගාධේ ගැඹුරුම එක කියන කතාවත් බොරු වෙලාද?

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගොඩක් දැම්මේ නැත්තේ පෝස්ට් එක ගොඩක් ලොකු වෙන නිසා . ,මරියානා අගාදේ කියන්නේ වතුරේ තියෙන ගැඹුරුම තැන . ඒකනම් තාම වෙනස් වෙලා නැහැ මං හිතන්නේ

      Delete
  38. මේ පාර හීනෙන් ගියාට ඊලග පාරවත් හැබැහින් යමන්කෝ :D

    ReplyDelete
    Replies
    1. මේ ඕවට එන්න එපා ඈ කොනිත්තලා මරන්නේ :)

      Delete
  39. නියමයි අක්කෙ ,, නියම සංචාරයක් ,අපුරු විස්තරයක් .... මට මේක මගැරිලානේ තිබුනේ???
    //ගලීලි මුහුද හා මළ මුහුද මුහුදු මට්ටමෙන් පහලින් පිහිටා ඇති අතර මළ මුහුදේ පතුල ලෝකයේ පෘතුවි පෘශ්ඨයේ පහලින්ම පිහිටි ස්ථානය ලෙස සලකනවා එය මුහුදු මට්ටමේ ඉදන් අඩි 1401 ක් පහලිනුයි පිහිටලා තියෙන්නේ .නමුත් එය වර්ථමානයේ විද්‍යාවේ දියුණුවත් එක්ක වෙනස් වෙලා දැන් පිළිගන්නේ ලෝකයේ පහත්ම ගොඩබිම විදියට ඇන්ටාක්ටිකාවේ . .බෙන්ට්ලි උප ග්ලැසියර අගාධයකියන ස්ථානයයි.එය උපරිම ගැඹුරේදී මීටර් 2555 ක් දක්වා පහතලු. එසේම මළ මුහුද එහි උපරිම ගැඹුරේදී මීටර් 800ක් දක්වා තමයි පහතට යන්නේ //
    මෙතන නං මට පේන්නෙ පොඩි අවුලක් තියෙනව අක්කෙ. මල මුහුදේ වතුර තියන නිසා ඒකෙ පහළින්ම තියෙන්නෙ ජලස්කන්ධයක් නෙ . එත් බෙන්ටලී උපමහද්විපික නැම්ම වතුර නැති නැම්මක්. වතුර තියෙන එව්වගෙන් නම් පහතම මරියානා අගාධය(>8km). දෙවෙනියට මින්ඩනාවෝ අගාධය (>6km)...
    ඒත් අක්කෙ ඔයා මේකෙන් අදහස් කලේ ගොඩබිමින් පිහිටලා තියෙන වඩාත්ම ගැඹුරු ස්ථාන දෙක පිළිවලින් නම් ; මේක නිවැරදියි...
    //මළ මුහුදේ පතුල ලෝකයේ පෘතුවි පෘශ්ඨයේ පහලින්ම පිහිටි ස්ථානය ලෙස සලකනවා// මෙන්න මේ කෑල්ල "::ගොඩබිම තුල දෙවෙනියට:: කියන ටැග් එක යටතේ දාන්න"

    ReplyDelete
    Replies
    1. අපුරු හෙඩර් බැනර් එකක් අක්කෙ .. සුබපතනවා !!!

      Delete
    2. ඔව් ,මං අදහස් කලේ ගොඩබිම,,,මොකද මළ මුහුද කියන්නේ අභ්‍යන්තර මුහුදක් නිසා ඒක ගණන් ගන්නේ ගොඩබිම තියෙන පහත්ම ස්ථානය කියලා ,,, මරියානා අගාධය තියෙන්නේ සාගරයෙනේ .,,ගොඩබිම තුල දෙවනියට කියලා නොදැම්මේ ,,තවමත් මුළු ලෝකෙම සලකන්නේ ලෝකේ පහත්ම ස්ථානය මළමුහුදේ පතුල කියලා ඒකයි

      Delete
    3. හෙඩර් එක මට හොදම යාලුවෙක් හදලා දුන්නේ මගේ අදහස විතරයි එයාට කිවේ

      Delete
  40. මම අදයි මේ ලිපිය දැක්කේ.
    ඔයා නම් වාසනාවන්තයි.මගෙත් ආශාවක් තියෙනවා කවදාහරි චාන්ස් එකක් ලැබුනොත් ජෙරැසලමේ ඔය ස්ථාන දැක බලා ගන්න.මගේ යාලුවෙකුත් එකපාරක් ගිහින් ආවා.එයානම් වීඩියෝ කරගෙන ඇවිත් තිබුනා.මම දන්න විදියට ඔය මළමුහුද කියන්නේ ඉස්සර බයිබලයේ සදහන් වන සොදොම් සහ ගොමෝරා කියන ප්‍රෙද්ශයයි. සොදොම් සහ ගොමෝරා වට සිදුවුන දෙය ඔයා දන්නවා ඇතිනේ. ඒකයි තාමත් ඒ ප්‍රදේශය ඔය විදිහට තියෙන්නේ. ඊලග පාර ගියාම පොටෝ ටිකක් අරන් එන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාව කාලෙකින් දැක්කේ අයියේ .. හ්ම්ම් ඔව් එන්න පුළුවන්කමක් ලැබුණොත්,, සොදොම් ගොමෝරා දැනටත් තියෙනවා ... මළ මුහුදට මායිම් වෙන්න වගේ .. සොදොම ගොමොරාව ගිණි සහ ගෙන්දගමින් විනාශ වෙච්ච එක සහ මේක අතර සම්බන්ධයක් ගැන නම් අහලා නැහැ අයියේ ,හොයලා බලන්නම්කෝ ..අබ්‍රහම්ගේ මල්ලි ලොත් ගේ බිරිඳ ලුණු කණුවක් වෙච්ච තැනත් තාම තියෙනවා ..

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...