Saturday, November 30, 2013

Acceptable life of the Mona Lisa (2 කොටස )මොනාලිසාවකි නුඹේ අම්මා



1.කොටස මෙතනින්
  කුස්සිය අස්පස් කරනකල් දොර රෙද්දේ එල්ලී එල්ලී හිමරු මං දිහා හොරෙන් බලන් ඉන්නවා ,, කී වතාවක් දොර රෙද්ද කඩා වැටිලා ආයෙමත් එල්ලන්න ඇද්ද ...අනේ තේරෙනවනම් එපා කියන එක කරන්නේ නැහැනේ.."තව ටුට්ටක් ඉන්න මණික" මණික කියලා හුරතලෙන් කියද්දී දොර රෙද්දෙන්න මුණ වහගන්නවා ... "ඔන්න අම්මි උයලා ඉවලයි " දරුවා වඩාගෙන මිදුලේ බංකුවෙන් වාඩිවෙලා ඒ හුරතලේ බලන එක දැන් මගේ ජිවිතේ කොටසක් ..
                                                  .ගෙදර කවුරුත් නැතුව දරුවා එක්ක තනිවෙන හැම මොහොතකම මටත් නොදැනී මගේ හිත අතීතයට යනවා..පුතා ඉපදිච්ච මුල්දවස් වල  මාසයක් ගානේ ඉස්පිරිතාලේ ක්ලිනික් එකටයි ,,සති දෙකෙන් දෙකට ඩෙන්ටල් ක්ලින්ක් වලටයි යන්න සිද්ද වුණා..පුතාට මාස එකහමාරක් වෙද්දී තොල් වල ඔපරේෂන් එකට දිනයක් ගන්න අවස්ථාව ලැබුණා..ඒත් ළමා රෝහලේ පොරොත්තු ලේඛණයේ තව මාස 8 ක් රැදෙන්න වෙන බව දැනගත්තම මට කදුළු නවත්තගන්න බැරි වුණා..දරුවාව මුණ පෙන්නේ නැතිවෙන්න හන්ඟගෙන වගේ මේ මාස එකහමාර ගෙවපු මං තව මාස අටක් කොහොම ඉන්නද ...ඒත් මොනවා කරන්නද  එතන ඇවිත් හිටපු අනිත් දෙමවුපියෝ එක්ක කතා බහ කරද්දී ...එක එක විදියේ අඩුපාඩු තියෙන දරුවෝ දකිද්දී මගේ හිත තරමක් සැහැල්ලු වුණා..අපි විතරක් නෙමේ මේ විඳවන්නේ කියලා දැනුනත් මගේ යටිහිත නිතරම හඬා වැටුණා..


 අපි පෝසත් මිනිස්සු නෙමේ අපේ වාහන වලම හැම ගමනක්ම පුතාව අරගෙන යන්න. ගොඩක් වෙලාවට පාරේ බස් එකේ ඉස්පිරිතාලේ යන්න සිද්ද වුණේ...මගේ අම්මා ,නිශාන්ගේ අම්මා මාරුවෙන් මාරුවට මා එක්ක ඒ ගමන් වලට  ආවේ නිෂාන්ගේ රැකියාව පරිස්සම් කරගන්න ඕනේ නිසා ,, ඒත්,, සතියට දවස් දෙක තුනක් අම්මා තාත්තලට කරදර කරන්නේ කොහොමද ...අන්තිමට පුතාට මාස එකහමාරක් යද්දී මං පුරුදු වුණා තනියම දරුවා එක්ක ඉස්පිරිතාලේ යන්න ,ක්ලිනික් වලට යන්න ..ගමේ ක්ලීනික් එකට දරුවා එක්ක ගියාම හැමෝම මා දිහා බැලුවා ..ළමයි හම්බවෙන්න හිටපු අම්මලා මගේ දරුවා දැක්කම අහක බලාගත්තා..
                                             සෙනග පිරිච්ච බස් එකේ මගේ පුතා අඩනකොට මිනිස්සු හැමෝම අපි දෙන්නා දිහා බලාගෙන ඉද්දී පුතා එක්ක මාත් ඇඬුවා ,,, එයාගේ තොල් බෙදිලා තියෙන නිසා කිරි උරද්දී අමාරුයි ,,කිරිත් එක්ක නාස් පුඩුවලින් හුස්මත් ඇවිත් හිර වුණාම මගේ පුතා අඩනවා ....සමහර වෙලාවට සමහර මිනිස්සු මගේ දරුවා දිහා බලලා අහක බලාගෙන කල්පනා කරනවා ,, ඔවුන් හිතන්න ඇති නොයෙක් දේ නොයෙක් නිගමන වලට එන්න ඇති ..."පව් අහිංසක ළමයා " "අපොයි ඒ මොකද ඒ ළමයා හරි අමුතුයි" "පව් පොඩි කෙල්ලෙක් කරුම තමයි ඔය "  ... ඒ වගේම මට ඇහිලා තියෙනවා පුංචි ළමයි අහනවා අම්මලාගෙන් "ඒ ළමයාගේ කට මොකද ඒ අමුතු අම්මේ"කියලා අහනවා..ඒ වෙද්දී  අවුරුදු විස්සක් වත් ලබලා නැතුව ගෙදර හුරතල් වෙවී හිටපු මගේ හිත කොච්චර අසරණ වුණාද..
                                                              
                                           මාස තුනක් ගියත් මගේ පුතා හැරුණේ පෙරලුණේ නැහැ ,,,,ක්ලිනික් එකෙන්  පිසෝතෙරපි ඒකකයට අපිව යොමු කළා,සතියට දවස් දෙකක් දරුවා එක්ක උදේ 7 ට කලින් ගිහින් නොම්බරයක් අරන් පැය කීපයක් පෝලිමේ ඉන්න එක ඉතාම අතෘප්තකර අත්දැකීමක්..ඒ අතර හමුවෙච්ච සොඳුරු  වැඩිහිටියෙක් මගේ දරුවා දැකලා මා එක්ක කුළුපගව කතා කළා .. ඒ වගේම තොල් වල සැත්කමට ලැබුණ දිනය ගැන කී විට ඔහු උදව්කරන්න ඉදිරිපත් වුණා.ඒ අනුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී හිමරුගේ ශල්‍යකර්මය..දරුවට මාස 4 ක් වෙද්දී සිදුකරගන්න පුළුවන් වුණා..දුර බැහැර ප්‍රදේශයක වුණත් දරුවා වෙනුවෙන් ලෝකේ කොනට යන්න පුළුවන්කම තිබ්බ අපි පේරාදෙණිය රෝහලට කීප වාරයක් ගිහින් අවශ්‍ය කටයුතු සුදානම් කරගත්තා...සැත්කම දවසේ හිමරු ඔපරේෂන් තියටර් එකේ ඇඳ උඩින් තියලා මම එලියට ආවේ මළමිනියක් වගේ..එතරම් බැරෑරුම් සැත්කමක් නොවුණත් මගේ දරුවාගේ ලේ බිංදුවක් වත් හෙලවෙනවා දකින්නේ කොහොමද මං..සැත්කම අවසානේ දරුවට සිහිය නොඒවිද..එහෙම වුණොත් මාත් බෙල්ල මිරිකගෙන මැරෙනවා...දහසක් සිතුවිලි අතර අතරමන් වෙච්ච හිත මොහොතකට සැනසුනේ නිශාන්ගේ මුණ මතක් වෙලා.. දරුවා නිසා මං නිශාන්ගෙන් කොච්චර ඈත් වෙලාද..රෑ තිස්සේ දරුවා එක්ක මං නිදිමරද්දී නිශාන් උදේට මට හොරෙන් නැගිටලා කෑම හදලා වැඩට ගිය හැටි..හවසට ඇවිත් ඇදුම් හෝදපු හැටි ...මගේ දරුවා අපේ ආදරේ තවත් ශක්තිමත් කළා කියලා හිතෙනවා ඒ දේවල් මතක් වෙද්දී..
                                                               
                                     අවුරුදු දෙකක්  ගියත් හිමරුට තනියම ඇවිදින්න හිටගන්න බැරි අපහසුවක් තිබ්බා ,, මාස තුනේ ඉදන් ව්‍යායාම කෙරෙවුවත් මගේ දරුවට අවිදින්න පුළුවන් කමක් තිබ්බේ නැහැ..ඩවුන්ස් සින්ඩ්‍රෝම් සහිත සාමාන්‍ය දරුවෙක් තරමට මගේ දරුවා ක්‍රියාශීලි නැහැ ,, බුද්ධි වර්ධනය වගේම වැඩ කිරිමේ ප්‍රමාදයකුත් මගේ පුතා තුල තිබුණා.. අන්තිමට ඇවිදීමේ අපහසුවට හේතුව විදියට ඩොක්ටර්ස්ලා කීවේ දරුවාගේ යටිපතුල් සමතලාව පිහිටීමයි ..ඒ වෙනුවෙන් විශේෂ සපත්තු හදලා අපි පුතාට දැම්මා ..({ෆ්ලැට් ෆිට් }ආරුක්කු හැඩයට සපත්තුවේ උඩට නෙරා එනවිදියට හදලා) හිමරුට වඩා පොඩි දරුවෝ හුරතල් කතා කියනවා දකිද්දී ,,තනියම දුව පනිනවා දකිද්දී පුදුම පරාජිත කමක් හිස් කමක් හදවතට දැනුනේ,,නිතර නිතර අසනීප වෙන පුතා එක්ක රෝහලේ ගත කරපු වාර ගණනවත් මතක නැහැ,,
                                                             
                  කල්පනා ලෝකෙන් බිදකට ඈත් වුණේ සමාධිගේ සද්දෙට  "අන්න පුතේ නංගිලා එනවා" .. කියන පරක්කුවට ඔඩොක්කෙන් පනින හිමරු නතර වෙන්නේ චුටි දුවගේ අතේ එල්ලිලා .....හිමරු හම්බුනාට පස්සේ දරුවෙක් හදන එක හිතෙන් අතහැරලා හිටපු අපේ ජිවිත වලට බලාපොරොත්තු ඇතිකරලා අපේ හිත් හැදුවේ නිශාන් ගේ නැන්දා  ..එයා ග්‍රාමීය පාසලක විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උගන්වන ගුරුවරියක්. පුතාට අවුරුදු 4ක් විතර වුණාට පස්සේ නැන්ද අපිව දැනුවත් කරන්න ගොඩක් මහන්සි ගත්තා .. අයෙත් මේ වගේ දරුවෙක් ලැබෙයි කියන බයට අපි ආයේ බබාලා හදන්නේ නැහැ කියලා හිතන් හිටියේ..ඒත් අපිට ලැබුණු වෛද්‍ය උපදෙස් මත සහ පරික්ෂ කීපයකින් අනතුරුව අපි තව දරුවෙක් හදන්න තීරණය කළා .ඒ වගේම දරුවෙක් පිළිසිඳ ගත්ත බව දැනගෙන මාස දෙකකින් පස්සේ කරපු පරීක්ෂණයෙන් පස්සේ දරුවා නිරෝගී කියලා දැනගත්තා..පුදුමාකරා සතුටකින් ඒ මාස කීපය අපි ජිවත් වුණේ.. ලොකු දුව සමාධි හම්බුණාට පස්සේ අපේ අම්මලා තාත්තලා පවා සතුටු වුණා. ඊට අවුරුද්දකට පස්සේ පොඩි පුතා යොමාල් හම්බුණේ..දැන් ලොකු පුතත් වෙනදට වඩා ක්‍රියාශීලි ,,නංගි, මල්ලි කරන දේවල් බලන් ඉන්නවා ..
                                             පුතාට අවුරුදු හය සම්පුර්ණ වෙද්දී විශේෂ පාසලකට ඇතුලත් කලත් දරුවා එතනට පුරුදු වුනේම නැහැ ,, නිතර අසනීප වීමත් ,නිතර ඇඳුම් වලම කක්කා චු දාගන්න එකත් නිසා අන්තිමට අපි තීරණය කළා දරුවා යම් මට්ටමකට එනකල් ගෙදර තියාගන්න ...මගේ පුතා ගැන දැන් මං දුක් වෙන්නේ නැහැ..මගේ දරුවා තනියම කනවා බොනවා එයාගේ වැඩ කරගන්නවා...අවුරුදු නමයක් උනත් මගේ පුතාගේ හුරතල් මුහුණ දවසට කී පාරක් මං ඉඹිනවද ...දුවයි පොඩි පුතයි ගැන තියෙන බය මට හිමරු ගැන නැහැ ...මගේ පුතාගේ අතින් කවදාවත් පවක් සිද්දවෙන්නේ නැහැ....එයා සහෝදරයොත් එක්ක දැන් සතුටින් ඉන්නවා..
                                  "නිතරම මිනිස්සු එක්ක පැටලෙමින් කළහකාරී විදියට ජිවත් වෙච්ච මගේ අම්මා දැන් හැම පෝයටම සිල්ගන්නවා"  දරුවා වෙනුවෙන් එයා නොගිය පන්සලක් ,කෝවිලක් ,දේවාලයක් නැහැ...තාත්තා පවා දැන් අම්මා එක්ක එයාට සමීපව ඉන්නවා ..හිනාවෙන්න ජිවිතේ කිසිම ඉඩක් නැහැ වගේ පෙනුණට...ඒ තුලත් පුංචි පුංචි සතුටේ සේයා මං අත්දකිනවා,,

හැම මනුෂ්‍යයෙක්ම වගේ මාත් ආස කළා ලස්සන හුරුබුහුටි දරුවෙක්ට නමුත් මට ලැබුණේ ආබාධිත දරුවෙක්..නිරෝගී දරුවෙක් බිහි නොවී හිමරු වගේ දරුවෙක් බිහිවුණ එක ගැන මා දෙවියන්ට ස්තුතී කරන්නේ නැහැ ...නමුත් වෙන කාටවත් නොදී හිමරු මට දුන්නට ස්තුතී..."  අවුරුදු දහනමයක බොළද ආදරවන්තියක් වෙලා හිටපු  මගේ ජිවිතේ ශක්තිමත් ගැහැණියක් ,,ආදරණිය අම්මා කෙනෙක් කලේ මගේ රත්තරන් පුතා" ,"නිශාන්ගේ ආදරේ මට තව තව දැන්නුවේ මගේ පුතා"



"අපේ පුතාගේ වැඩිවෙච්ච ක්රෝමොසෝම් එක අපේ ජිවිත වල වැඩි වටිනාකමක් ගෙනත් දුන්නා"
(21 වෙනි ක්රෝමොසෝම /වර්ණදේහ යුගලය වෙනුවට 3ක් තිබීම තමයි ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ  )



_______________________________________________________________________________    ----------------------------------------------------------------------------------------------------------


ඔබට හැකිනම් මේ වීඩියෝව නරඹන්න . අන්ධ දරුවෙක්ගේ අම්මා කෙනෙක්ගේ වීඩියෝ එකක් ..



ප/ලි 

ජිවිතේ අපි හැමකෙනාටම මොකක් හෝ දෙයක් නොදී ඉන්නවා හෝ ...අපි අකමැති දෙයක් දෙනවා එපා කියන්න බැරි විදියටම...ඒ වෙලාවට මනුෂ්‍ය මට්ටමින් දරාගන්න අමාරු වුණත්..ජීවිතෙන් පලා නොයා වැරදි විසඳුම් වලට නොයා ශක්තිමත්ව මුණදෙන්න..ජීවිතේට හැමාදාම ඔබව සෙල්ලමට ගන්න නොදී ඔබ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න..එතකොට ජිවිතේ ඔබ අමාරුකාරයෙක් බව තේරුම් ගනීවි. :) 
-----------------------අපුර්වී------------------------------------------------- 

96 comments:

  1. මුළු ලිපිය ගැනම කිව යුත්තේ එකම දෙයකි.
    ඔබ වැනි තරුණ යුවතියකගෙන් මෙවැනි පැතිකඩක් පෙන්වා දෙන ලිපියක් කිසිදා බලාපොරොත්තු නොවූයෙමි.
    පළමු සහ මෙම අවසන් කොටස කියවීමෙන් පසු මා හට ඔබ ගැන අති විශාල පැහැදීමක් ඇති විය.
    මා හිතවත් නංගි,තව තවත් මෙවැනි ලිපි වලින් මෙම අවකාශය දැනුවත් කිරීමට ඔයාට ශක්තිය ලැබේවායි මගෙන් ප්‍රාර්ථනාවන්...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතී මා අගයනවට ,, මං කෙන්ජි කියනවද රජිව් අයියා කියනවද කියලා කල්පනා කලේ හි හි ස්තුති ඔබේ පතුමට..

      Delete
    2. කොයි නමින් ඇමතුවත් මම මමයි මණික :)

      Delete
  2. කලින් පොස්ට් එකේ ලිව්වා වගේම මට නම් මේ ළමයි දේවදුතයෝ..

    ReplyDelete
  3. නියම වයසින් නැතුව අඩු වයසින් ලමයි හැදුවම මෙහෙම දෙවල් වෙන්න බැරි නෑ, මොනා කරන්ඩද ඉතින් ලැබෙන දේ බාරගන්ඩ වෙනවනෙ...මේ වගේ ලමයි කොන් කරල තියන් නැතුව හොදින් රැක බලාගන්ඩ ඕන..

    ReplyDelete
    Replies
    1. අනේ අනේ සසිදුවෝ ඒකද දැන් හේතුව ,, ? අඩු වයස නෙමේ ප්‍රශ්නය ,, හේතු විය හැකි කාරණා ගණනාවක්ම තියෙනවා .. ///මේ වගේ ලමයි කොන් කරල තියන් නැතුව හොදින් රැක බලාගන්ඩ ඕන../// මේක තමයි මගෙත් පැතුම

      Delete
  4. ඔබේ සුපිරි හැකියාවට මල් මිටක්......එසේම මෙවන් දරුවන්ගේ මාපියන් ගේ සිතුම් පැතුම් කෙබඳුද යන්නත් ගැන මෙනෙහි කරමින් සිටිමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔයාට ..ඔයාලගේ මල් සහ ගල් තමයි මට හැමදාම ශක්තියක් දෙන්නේ //මතකද දවසක් "වට්ටක්කා ඉස්ටු කතාවට ඔයා දාපු කොමෙන්ට් එක ??// පජාතම පෝස්ට් එකක් කියලා ,, එකෙන් පස්සේ ඒ ලැජ්ජාව වහගන්න මං හැමදාමත් උත්සහ කළා හොදට ලියන්න ස්තුති :)

      Delete
    2. හොද දේ හොදයි යාළුකම වෙනයි. කට කෑවත් ඇත්ත කියන්නත් එපැයි.

      Delete
    3. හි හි ඒකනේ ඔයා එහෙම කියපු එක කොච්චර හොදද

      Delete
  5. අක්කෙ ඇඩෙනවා අක්කේ...සෑහෙන්න හිතට අමාරුයි.මම කලින් ලිපියත් කියෙව්වා.හැමෝටම පේන්නෙ නැති,සමහරු පිළිකුල් කරන මේ වගේ පැත්තක් ගැන තවත් ලියන්න අක්කේ.දැනුයි වීඩියෝ එක බැලුවේ.බලන්න ඒ අම්මාගේ මූනෙ තියන හැගීම් ගැන.....වෙලාවකට සතුට,තවත් වෙලාවක හිතේ තද කරන් හංගන් ඉන්න දුක.... සෑහෙන්න සංවේදී අක්කේ...මේ ලෝකෙට අපි මොනවද කරලා තියෙන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.ආදර්ශෙට ගන්නවනම් අන්න නියම අම්මලා..මේවා මෙහෙම නෙමෙයි පෙන්නන්න ඕන.ලොකු ස්ක්‍රීන් දාලා හැමෝටම පෙන්නන්න ඕන මෙහෙම ධෛරවන්ත මිනිස්සුත් ඉන්නවා කියලා.එහෙම නැතුව මළ මගුල් මෙගා ටෙලි පෙන්නලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. මං නෙට් එකේ මේවගේ දේවල් හොයන අතර තමයි අහම්බෙන් ඔය වීඩියෝ එක දැක්කේ ,, එයාගේ මුණේ තියෙන කදුලයි සිනහවයි පේනවා නේද ,, ඒකයි මේ කතාවට මන් මොනාලිසා කියන නම පාවිච්චි කලෙත් .. අපිට මහා පරිමානෙට බැරි වුනත් එක මනුස්සයෙක්ව හරි මානසිකව වෙනස් කරන්න පුලුවන්නම් ඒකත් වටීවි ස්තුති මගේ ලිපි කියෝනව්ට

      Delete
  6. කෙන්ජි අයියා කියලා තියෙනවා වගේ ඇත්තෙන්ම ගැහැනු දැරිවියෙක් මේ වගේ මාතෘකාවක් කතා කරනවා කිවුවාමත් පුදුමයි ඔමා.
    හැබැයි මේ කතාවෙ අම්මට මං ගොඩක්ගරු කරනවා. මොකද හැමෝම ඔහොම නෑ. 'ප්‍රීතීපුරේ' වගේ ආබාධිත ළමා නිවාස වල ඉන්නවා හම්බ වෙලා සති ගනන් වල පොඩි ළමයි ඔය වගේ. ඒ අම්මලා ඒ ළමයිව ගෙදර ගෙනියන්න කැමති නෑ.
    මම නම් පතන්නෙ හතුරෙක්ට වත් ඔහොම දුකක්නම් දෙන්න එපා කියලයි.

    ඔමා කතාව ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ .. ..මිනිස්සු හැමෝම එක වගේ නැහැනේ අයියේ ..එකෙත් හැටි

      Delete
    2. Chathuranga Priyashad

      සමහරක් අය වයසට යනකම්ම එතන , කාත් කව්රුවත් නැ

      Delete
  7. සංවේදී මාතෘකාවක් වගේම ගොඩාක් කරුණු හොයලා ලියලා තියෙන්නේ. ගොඩාක් දේවල් හිතන්න ලැබුණා

    ReplyDelete
    Replies
    1. ස්තුති යකෝ :) ඔයාට මං g මේල් එකක් දැම්ම බලන්න , ඔයාගේ බ්ලොග් එකේ වැඩේ ගැන

      Delete
    2. තේරුණේ නෑ, මට මේල් එකක් ඇවිත් නෑනේ

      Delete
  8. මිනිස්සු කට්ට කන්න කන්න පරිනත් වෙනවා කියන්නේ බොරුවක් නෙමෙයි කියලා මේවලින් පේනවා. ඇයි මේ වෙනස. අපේ රටේ මොන්ගල් දරුවෝ අපූර්වී දැකලා නැද්ද..? ඕන තරම් දැකලා ඇති. ඒත් ඔවුන්ට ආදරය කරනවා කවදාවත් දැකලා නැතුව ඇති. රටවල් දෙකක වෙනස. චින්තනය. නමුත් එකම අවුරුද්දේ නිදහස ලැබිලා තියෙන්නේ. ලැබුනට වඩා හොඳා, නොලැබුනා නම්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒකනම් ඇත්ත අයියේ ,, මේ ලෝකේ මහ අරුම පුදුමම ජාතිය තමයි අපි

      Delete
  9. සන්වේදි කතාවක්.දිරිය ගැහැනියක්.බිරිදට ඇඩුනලු කියවනකොට.මෙ වගෙ දරුවො ඉන්න අයව දිරිමත් කරවනව මෙකෙන්.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බිරිදත් කියෝනවද .. ස්තුති කියන්න .. ස්තුති අයියේ

      Delete
  10. හිතුවට වඩා ඉක්මනින් ඉවර කරලානේ අපු. ගොඩක් වටිනවා ලිපි දෙක නම්

    ReplyDelete
    Replies
    1. මීට වඩා මගේ යාළුවො දුකේ දාන්න බැහැ පුමෝ

      Delete
  11. මේ වගේ ලිපියක් ලියන්න හිතුන නිමිත්ත මොකද්ද ඕමා ......

    ReplyDelete
    Replies
    1. සුපර්මාර්කට් ගිහින් එද්දී පොඩි දරුවෙක් ගෝ කාර්ට් එකක තියාගෙන හිටපු ඉතියෝපියන් අම්මා කෙනෙක්ව දැක්ක,,ඊට පස්සේ නෙට් එකේ එක එක දේවල් බලද්දී හිතුණා යමක් ලියලා හිත හදාගන්න

      Delete
  12. ඔමා කතාව නියමෙට ලියලා තියෙනව... දෙබස් එහෙම හෙනම සජීවියි කලින් එකේ උනත්.. අනිත් එක ඒ තත්වෙ අම්මා කෙනෙක්ගෙ මානසික මට්ටමටම බැහැලා ලියපු එකයි වටින්නෙ වැඩිපුර.. ඒක ටිකක් අමාරු වැඩක්....

    මගේ එක මාමා කෙනෙක්ගේ කසාද දෙකේම පුතාලා දෙන්නම ඔය වගේ එක එක ලෙඩ හැදුන අය... අපිට නං ඇත්තටම හිතුනෙ ඒක නං මොකක් හරි කරුමයක් පල දීමක් කියල... එක පුතෙක් නං 18 වෙද්දි නැති උනා... අනිත් එකාට දැං අවුරදු 10ක් විතර වෙනව.. බෙල්ලෙන් පල්ලෙහා පණ නෑ.. වැඩේ කියන්නෙ අපේ පවුලෙ හැමෝම මේකට පුදුම ආදරෙයි... මේකත් එහෙමයි... අපේ මල්ලි එක්ක මාරම ෆිට්.. මල්ලිව දැක්කම හිනාවෙනවා හිනාවිල්ලක්.. කියලා වැඩක් නෑ.. හි හි... අනිත් පොඩි අය නං ටිකක් බයයි.. මොකද මෙයා එක පාරටම එයාගෙ ඇහැ ගලවන්න යනව.. ස්නායු කේස් එකක්.. ඉතිං ඔඩොක්කුවෙ තියාගත්තත් එයාගේ ඒ අත අපි අල්ලගෙන ඉන්නොනෙ.. කොහොම උනත් මාමයි නැන්දයි මේකට පණ ඇරල... වැඩේ තියෙන්නෙ දෙන්නම පොඩ්ඩක් මිත්‍යා පස්සෙ පන්නනවා වැඩියි.. මාම ඉගෙන ගත්ත කෙනෙක් උනාට ඕනෙ කෙනෙක්ට ලේසියෙන් රවට්ටගන්න පුලුවන්.. ( ඒක කලින් දෙතුන් පාරකුත් වෙලා තියෙනව.. ) ඉතිං පංසල්වල හාමුදුරුවරුයි, එක එක දේවාල කපුවොයි මෙයාලගෙන් කඩා වඩා ගන්නවා හෝ ගාල.. ඒත් අඩුම ගානෙ මමවත් ඕවට මොනාවත් කියන්නෙ නැ.. මොකද හිත සැනසෙන්න කරන දේවල් නිසා සහ ඒ අය හිතේ භක්තියෙන් කරන දේ නිසා මොකක් හරි හොඳක් සිද්ධ වෙනවනෙ කියල.. ඔන්න ඔය වගේ දේවලුත් අපේ රටේ සිද්ධ වෙනව ඉතිං...

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මේ වෙද්දී යම් විදියකට හොද තත්වයක් තිබ්බත් ඔය වගේ අයත් ඉන්නවනේ ..සමහර පවුල්වල් ළමයි කි දෙනෙක් හම්බුනත් ඔක්කොම අඩුපාඩු සහිතව ඉපදෙනවා ,ජාන වල බලපෑම තමයි ,, අනේ ඉතින් ඒ වගේ අසරණ මිනිස්සුන්ගෙනුත් ගසාගෙන කා සමජයක්නේ මේක

      ස්තුති අක්කේ මාව දිරිමත් කලාට

      Delete
    2. මෙයාගෙ කේස් එකේ තනිකරම ජාන වල ප්‍රශ්නයක් නෙවෙයි ඔමා... මෙයා ඉපදුනෙ හත් මාසෙන්... හදිසියෙ අරන් ගියෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට... එතනදි සල්ලි හරි ඩොක්ටස්ලා නැතුව හරි මොකක් හරි කේස් එකක් වෙලා පැය අටක් තිස්සෙ ළමයට ඔක්සිජන් දීලා නෑ... බලෙන් ටිකට් කප්පගෙන වෙන එකකට අරන් ආවෙ... ඒකෙන් මොළේට ඔක්සිජන් නැතුව ළමයා අප්සට් උනෙ.. කලින් අප්සට් උන ළමයත් අඩු මාසෙන්... එයාට තිබ්බෙ හාට් කේස් එකක්.. වැඩේ කියන්නෙ කසාද දෙකේම ගෑණු ළමයි හොඳටම හොඳයි.. පිරිමි ළමයින්ට තමයි මේ කේස් එක උ‌නේ... දැන් මෙයාට මල්ලි කෙනෙකුත් ඉන්නව... ප්‍රකෝෂන් විදියට එයාව සීසර් කරලා කලින් ගත්ත.. මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ...

      අපේ රටේ කරන තරමක් ගසා කන්නෙ අහිංසක මිනිස්සුන්ව තමයි ඔමා...

      Delete
    3. අයියෝ එහෙමද ? අනේ කොච්චර පවුද අප්පා . :(

      Delete
  13. සංවේදී කතාවක් .. ගොඩක් මිනිස්සුන්ගේ ජිවිත වලට ආශිර්වාදයක් වෙනවා ඔය වගේ දරුවෝ... ඒක තේරුම් ගත්ත මිනිස්සු ජිවිතේ ජය ගන්නවා දරුවාගේ ජීවිතෙත් එක්කම...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් සමාජයේ ගොඩක් දෙනා හරියට තේරුම් ගන්නේ නැහැ ,සහ දැනුවත් මදි

      Delete
  14. ඇත්තම කිව්වොත් මට මේ කතාව ලෙසටම කියවන්න අමාරුයි. එක නිසා වේගෙන් පහලට යන ගමන් එහෙන් මෙහෙන් කියෙව්වේ. මට මේක සංවේදී වැඩියි. හරියට කියෙව්වානම් මට දරාගන්න අමාරුයි. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ඉවාන් අපිට කියවන්න දකින්න බැහැ ,ඒත් මේ වා ජිවිතේ පුරා අත්දකින මිනිස්සු කොච්චර දුකක් විදිනවා ඇද්ද ,,

      ස්තුති ඉවාන්

      Delete
  15. කරුණු ලස්සනට සංවේදීව ගලපලා වටිනා විදියට ඉදිරිපඅත් කරලා.
    සමහර තැන් වලදි ඕනෑම සංවේදී සිතැත්තෙකුට දෑසට කඳුලු ඒම නවත්වන්න බැරි වෙන්න පුලුවන්,
    ඔයාගෙ හැකියාව අගෙයි.
    බොහෝ දෙනාගෙ ඇස ගැටෙන, එහෙත් නිර්මාණ වලදී තේමා කොට නොගන්නා මෙවන් මාතෘකා ඉදිරියේදිත් අප හා බෙදා ගන්න හැකියාව ලැබෙන්න කියලා පතනවා...
    සුබ පැතුම්..............

    ReplyDelete
    Replies
    1. ස්තුති prasad ඔයාගේ අදහස් එකතු කලාට ,, ඒක මට ශක්තියක්

      Delete
  16. දෙමාපියනුත් සමාජයත් කොන්කර අතහැරීම නිසා බොහෝ දුරට සමාජයටත් ඔවුන්ටත් වැඩදායක පුරවැසියන් කලහැකි දරුවෝ ගෙවල් අස්සෙත් නිවාසවලත් දුක් විඳිනවා... විශෙෂ දරුවෙක් නිසා දෙමාපියන් ලජ්ජා වෙන එක බරපතල ප්‍රශ්නයක් ඒ නිසා දරුවා සඟවන්න ගිහින් දරුවාගේ වැඩීමට අවශ්‍ය කටයුතු කරන්නෙ නෑ. අපි නම් සමාජය තුට්‍ටුවකට සලකන්නේ නෑ. අපේ පුතාට දැන් වයස දහතුනයි.. එයා හෙමින් ඉගෙනගන්නවා. ශාරීරික ප්‍රශ්නවලට දැනගත්දා සිට ව්‍යායාම කරවන තැන්වලට අරන් ගිහින් අපි ඔහු එක්ක යුද්දයක් කලා. අද ඔහු බොහොම ස්වාධීනයි.. පිහිනුම් තටාකයෙ ඉහලම ස්ප්‍රිං බෝඩ් එකෙන් පහලට පැනලා ඊයක් වගෙ පීනන්නෙ වතුරට බහින්න බැරිව බයෙ හිටි කොල්ලා. ඒ පිටිපස්සෙ තියෙන්නෙ අම්මාගෙ ශක්තිය සීයට හැත්තෑවක්ම. අපි කවදාවත් බාරගත්තෙ නෑ බැරිය කියන එක. තාමත් බාරගන්නෙ නෑ. ඔහුගේ හැකියාව අපි හොයාගන්නවා. එහෙම බැරි උනත් මමත් අම්මාත් අපේ ජීවිත කාලය පුරා ඔහුව ඉදිරියට ගෙනයනවා. ඉන් ඉස්සරහට අක්කි එයාට ඉන්නවා. ඔහු ගැන මං වෙනම ලියන්නම් .. ඒක හුඟක් අයට ප්‍රයෝජනවත් වේවි..

    මේ දරුවන් දිහා බලන්න බය හිරිකිත අයට මගෙ ඊලඟ බ්ලොග් සටහන කියවාන්න වෙනවා. ඒක ගෙනෙන්නෙ මං දන්න සත්‍ය කතා කීපයක්.. කර්මය පලදෙන හැටි එයින් පෙනේවි..

    ReplyDelete
    Replies
    1. /// අපි කවදාවත් බාරගත්තෙ නෑ බැරිය කියන එක. තාමත් බාරගන්නෙ නෑ. ඔහුගේ හැකියාව අපි හොයාගන්නවා. එහෙම බැරි උනත් මමත් අම්මාත් අපේ ජීවිත කාලය පුරා ඔහුව ඉදිරියට ගෙනයනවා.////මේවා කොච්චර උදාර දේවල්ද අයියේ ,,, මං ඔයාගේ ලිපිය කියෙවුවා ,, ඔයාගේ ලින්ක් එක ඔස්සේ .. ඔයා වගේ යාලුවෙක් මට ආඩම්බරයක් ,, හැමෝටම ආදර්ශයක් ...හදවතින්ම ඔබේ බිරිද සහ ඔබ ගැන දෙවියන්ට ස්තුති කරනව

      Delete
  17. ඔබ මෙන් හිතිය හැකි අය බොහොම සීමිතයි අපෙ රටෙත් සමාජයෙත්.. අපේ දරුවන් වෙනුවෙන් මෙසේ ලිවීම ගැන අපි ඔබට උපහාරය පුදනවා.

    ReplyDelete
    Replies
    1. මට මෙම ලිපිය අවසානයේ ඔබ යුවල මතක් වුනා සරා.
      අත්දැකීම් නැතිව මැය,කරුණු රැස් කර දෙනෙතට කදුළු නැගෙන ආකාරයෙන් ලිවිම නම් ඉතාමත් අගය කලයුතුයි.

      Delete
    2. ස්තුති sarath අයියේ , කෙන්ජි @ ඔයාගේ ලිපියත් ගොඩක් වටිනවා sarath අයියේ

      මං කවදාහරි මගේ දරුවෙක්ට දාන්න හිතාගෙන හිටපු නම තමයි "හිමරු ආලෝක " ඒක තමයි ළමයට දැම්මේ

      Delete
  18. හරිම සංවේදී කතාවක් ඔමා ලියල තියෙන්නෙ..දුක අස්සෙ සිනාව හොයන මිනිස්සු කොච්චරනම් ඇතිද?

    ReplyDelete
    Replies
    1. ඒ අය වෙනුවෙනුයි මං උපරිමයෙන් ලියන්න උත්සහා කලේ යාලු ..

      Delete
  19. අතිශය සංවේදියි. කෙනෙක් විඳින අත්දැකීමක් තමන්ගේ කරගෙන තාත්විකව ලියන්න පුළුවන් ඔබ දක්ෂ ලේඛකයෙක්.බොලොග් එකෙන් පෙරහුරුවක් අරන් දිග ගමනක් යන්න.
    දැන් අපේ සමාජය මෙවැනි දරුවන්ට සලකන ආකාරය ඉස්සරට වඩා හොඳයි. ඔබ සමාජ ගත කරන පණිවිඩය ට බොහොම පිං

    ReplyDelete
    Replies
    1. ස්තුති විශ්ව

      ඔව් දැන් තරමක් වෙනස් ඇති කියලා මාත් හිතනවා , ඒවුනාට මේ රටවල නම් පුදුම විදියට පහසුකම් සහ සැලකිල්ලක් තියෙන්නේ ඒ වගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට

      Delete
  20. හරිම ඉහලයි ඔමා,තමන්ට කොහෙත්ම නැති අත්දැකීමක් තමන්ගෙ බවට පත්කරගෙන මේ වගේ සංවේදී සටහනක් තබන්න හැකිවීම ලොකු දෙයක්.සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුති කඩේ අයියේ ,,,ඔයාලා තමයි මගේ ගුරුවරයෝ වගේ ඉන්නේ

      Delete
  21. බොහොම දුක්බර කතාවක්. ජිවිතේ ඔහොම තමයි.
    ඇත්තටම මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද.

    ReplyDelete
    Replies
    1. හේතු කීපයක් තියෙන්න පුළුවන් ,,,මගේ පවුද්ගලික අදහස මෙහි සටහන් නොකරමි

      Delete
  22. කියවන කාලය තුළ කියවන්නා එහි නොදැනීම ජීවත්වන ලෙස ලියන ඔබගේ තාත්වික භාෂා ශෛලිය අතිශයින් අගයනවා...

    ReplyDelete
  23. කතාව හුඟක් සංවේදී යි, අපූර්වී අක්කේ. කතාවෙන් ඔබ්බට ගිය වටිනා ආදර්ශයක් තියෙනවා. පුංචි දේටත් මැරෙන්න යන උදවියට හොද ආදර්ශයක්. ඇත්තට ම මේ වගේ මිනිස්සු තමයි සැබෑ මිනිස්සු :) කතාවට මම ලකුණු 10/10 ක් දෙනෝ.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ලකුණු ගොඩක් දුන්නට

      Delete
  24. කථාවේ සංවේදී කම ගැන කිසිත් නොකියමි. මේ පෝස්ටුවේ අගට එල්ලා ඇති ප.ලි ය මගේ සිත් ගත්තෙහිය.
    තරුණියක වුවත් ඉන් එහා ගිය දැක්මක් ඔබ සතු බැව් නොකියා කියන සටහනකි එය. ඔබ වැනිව සිතනා තරුණියන් අද කාලයේ අඩු බවද කියනු රිසි වෙමි.

    මේ වගේ වීර්යවන්ත මවක් වෙන්න එයාගෙ සහකරුවාගෙන් ලැබෙන සහයෝගයත් ඉතාම වැදගත්...මේ කථාවෙ හැටියට බොහොම උදාර මනුස්සයෙක් තමයි ඇගේ සහකරුවා...ඒත් ඒ වාසනාවත් හැමෝටම ලැබෙන්නෙ නෑ....හරියටම ඔබ කියනවා වගේම හැමදේම හැමකෙනාටම ලැබෙන්නෙ නෑ...ස්වභාව දහම එහෙමයි. දිගටම ලියන්න ශක්තිය ලැබෙන්නට පතනවා..ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් මෙවැනි කතාවක් සීයට සීයක්ම වෙනස් වෙනවා හස්බන්ඩ් ගේ ප්‍රතිචාර මත..,,සමහර මහත්තුරු වයිෆ්ව දාලා යනවා ,සමහරු බිබී තමන්ගේ ජිවිතේ ගෙනියනවා පවුලේ කිසි වගකීමක් නැතුව ,, අම්මා තමයි කරමුලටම හිරවෙන්නේ,, මට ලියන්න අවශ්‍ය වුණේ..සාමාන්‍ය පවුලක මෙවැනි දරුවෙක් ඉපදුනොත් ඒ දුක තුනී කරගන්න හැකි ක්‍රමයක් .. එවැනි සිතකට පුංචි හෝ සහනයක් ,,

      ස්තුති අයියේ

      Delete
    2. අන්න අර විදිහට ජාතක කරල බිරිඳට ඔක්කොම බර දාල නිදහස් වෙලා යන පිරිමින්ට ප්‍රසිද්ධියෙ දු‍ටුතැන කෙල ගහන්න සමාජය පුරුදුවෙන්න ඕනෙ.. ඒ විදිහේ එකෙක් අපි පුතාව පිහිනුම් වලට ගෙනයන තැනට එක දවසක් ආවා. ඒ එනකොට දරුවාට 17යි.. තාමත් පොඩි එකෙක් වගේ. අර නිරිසතා පින්තූර වගයක් අරන් යන්න ගියා. ඒ තිරිසනා දරුවා අම්ම එක්ක දාල ගිහිල්ල තියෙන්නෙ උපන්දාමයි.. අම්මා අර දරුවා එක්ක තනියම සටනේ.

      Delete
    3. ඒක නම් ඇත්ත අයියේ .. :(

      Delete
    4. එහෙම උන්ට නම් හෙණ ගහන්න ඕනෙ...කියන්න හොද නැති වචනයක් උනත්...මට ආව ආවේගයටම කියලා දැම්මා ඔන්න.. ළමයා හැදුනෙ අම්මගෙ ඩිම්බ වලින් විතරක් කියලා ඒ මෝඩයා හිතන්න ඇති.

      Delete
  25. කෙන්ජි අයිය/මාමා(මම අවකාශයට අලුත් නොවැ...කවුද කියන්න හරියට දන්නේ නැ)උදේ පාන්දර කියපු කතාවම තමා මටත් කියන්න තියෙන්නේ..නෙතට කදුලක් නැගුනා අක්කේ ඔයාගේ උත්සාහය 100% ක් සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වම මොකද විරේ මට වඩා අවුරුදු 4 ක් වැඩිමල් දැරිවියක් ඔය සීයා කියල කියන්නෙ.

      Delete
    2. ස්තුති මල්ලි .. ඔය කෙන්ජි මාමා /අයියම උත්තර දීලා තියෙන්නේ

      Delete
    3. හෙමෝම ඔබ වගේ නෙමෙයි නෙහ් කෙන්ජ්යියේ සමහරුන්ට කේන්ති යනවා නොවැ ආමන්ත්‍රණය වැරදුනාම...බ්ලොග් ලෝකයට අලුත් උනාට මුනූ පොතේ අවුරුදු ගානක අද්දැකීමෙන් කියන්නේ

      Delete
    4. fb එකේ එච්චර අත්දැකීම් තියෙනවනම් තව මොන කතා ද මල්ල.
      මම ඇවිල්ල වෙනස් චරිතයක් කොයි විදියට කතා කලත් මම මමයි.
      ඔබ තාම ඉගෙන ගන්නවද මල්ලි?
      හෙමින් ඔහොම ගිහිල්ල බොගක් පටන් අරන් පොඩියට ලියන්න ගන්න.
      මේ ඔමාය අක්කි එකට උදව් කරයි බොගක් හදල දීල.
      එයා තමයි මගේ බොගත් ලස්සනට හදල මාව බලෙන්ම ලිපි ලියවන්න උනන්දු කලේ.
      නැත්නම් මම මේ ආත්මෙට ලියන්න හිටපු කෙනෙක් නෙමේ.
      ඔබට ජය මල්ල.....!!!

      Delete
    5. ඔවු මම ඉගෙන ගන්නවා තම..පුද්ගලික මෙවුවා එකක පට්ටමක් ගන්න... මගේ බෝගක් තියෙනවා හිමිට ලියන් යන

      රටේ වෙද්දු සහ ලෙඩ්ඩු http://drweerakoon.blogspot.com/ නිවාඩු පාඩු වෙලාවක ගොඩ වදින්න එන්නකෝ

      Delete
    6. හරි මල්ලි අපිත් එනවා

      Delete
  26. මටනම් හැම තිස්සෙම හිතෙන්නේ මේ ලමයි විශේෂිතයි කියලා.. නිකමට හිතන්න අනිත් අයට වඩා සමහර වෙලාවට එකම දෙයක් දිහා ඒ අය කොයි තරම් අපූරුවට දකිනවද කියලා..

    කතාව ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒ විදියට හිතන එක කොච්චර හොදද දිනේෂ් . ස්තුති

      Delete
  27. ඔබ ලබා නැති අත්දැකීමක් මේ ලෙස සජීවී ආකාරයට ඉදිරිපත් කිරීම ඉතා ඉහළ දක්ෂකමක්. විශේෂයෙන් මේ සිදුවීම් හා බැඳුණු හැඟීම් ඉදිරිපත් කරන්න, එය අත්දැකපු නැති කෙනෙකුට අපහසුයි. ඒ නිසා මෙය ඉතාම හොඳ ලිපියක්.

    නමුත් ලිවීම කියන අභ්‍යාසයේදි යොදන විරාම ලකුණු ගැන මීට වඩා සැලකිළිමත් වුණොත් හොඳයි. කොමා යොදන ආකාරය, නැවතීමේ තිත, ආදිය එහෙම. එවිට මීට වඩා පහසු ලෙස කියවන්න පුළුවන්. ගොඩක් අය විරාම ලකුණු ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිදහස ඔබටත් තියනවා. මම කිව්වේ මගේ අදහස. මේ කතාවේ ඉංග්‍රීසි තේමාවේ අර්ථයත් මට තේරුණේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුති තිසර . හ්ම්ම් මං ඉදිරියේදී ඒ වරද හදාගන්නම් . මොනාලිසාවක් ගෙවන යතාර්ථවාදී ජිවිතයක් කියන අදහසින් තමයි ලීවේ එහෙම .වරදක් තියෙනවද ඒකෙ?

      Delete
  28. එක දිගට කියවගෙන යන්න අමාරු තරමට හැඟුම්බර කතාවක්. මිනිස්සුන්ට කොයි තරම් දේවල්වලට මූණ දෙන්න වෙනවද කියල හිතෙනවා මේ කතාව කියවද්දි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් , ඒකනේ දිලිනි .

      Delete
  29. ජිවිතේ හැමදේම මිනිස්සුන්ට දෙන්නේ නැහැ කියන එක නම් ඇත්ත.ළමයෙක් කියන්නේ හැමෝටම සම්පතක්.ඒ ළමය අඩු පාඩුද නැත්ද කියන එක වෙදගත් නැහැ.රටේ ලෝකේ එන බලපෑම ඉන්න සමාජයේ හැදියාව එක්ක වෙනස් වෙන නිසා ඒ කට ගැලපෙන සමාජයක් තෝරාගෙන විතැන් වෙන එක හොද උත්තරයක්.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට හැමෝම හිතන්නේ නැහනේ අයියේ .

      Delete
  30. තුන්වෙනි පාරට අහන්නේ...
    ඔය ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ ඔයා ද ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... ඇයි...අනේ...?

      Delete
    2. මං නෙමේ අනේ මෙයා Kristin Kreuk ,මං මිට වඩා ලත්තනයි

      Delete
    3. ඔයා මීට වඩා සෙක්සි කෑල්ලක් ද ?

      Delete
  31. හරීම සංවේදී කතාවක්. මේ අයත් දරුවෝ. අනාගතයට මේ දරුවොත් අයිතියි.

    ReplyDelete
    Replies
    1. හැමෝම එහෙම හිතනවා නම් කොච්චර හොදද

      Delete
  32. සංවේදී ලිපියක්.

    සමහර විට අනාගතයේ දිනෙක ඔය අක්තිරික්ත ක්‍රෝමසෝමය ට ප්‍රතිකර්මයක් සොයාගනීවී. ඔබට ජය!

    text to click on

    ReplyDelete
    Replies
    1. ඔව් මගෙත් පැතුම ඒක..මිනිස්සු එයට ප්‍රතිකර්ම හොයනවට වඩා ඉතින් බලන්නේ එවැනි කළල හදුනාගෙන අයින් කරලා උපත වලක්වන එකනේ

      Delete
  33. ගොඩක් ස්තුතියි ඔමා මේ වගේ සටහනක් තිබ්බට

    ReplyDelete
  34. //ජිවිතේ අපි හැමකෙනාටම මොකක් හෝ දෙයක් නොදී ඉන්නවා හෝ ...අපි අකමැති දෙයක් දෙනවා එපා කියන්න බැරි විදියටම...ඒ වෙලාවට මනුෂ්‍ය මට්ටමින් දරාගන්න අමාරු වුණත්..ජීවිතෙන් පලා නොයා වැරදි විසඳුම් වලට නොයා ශක්තිමත්ව මුණදෙන්න..ජීවිතේට හැමාදාම ඔබව සෙල්ලමට ගන්න නොදී ඔබ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්න..එතකොට ජිවිතේ ඔබ අමාරුකාරයෙක් බව තේරුම් ගනීවි.//

    කියන්න දෙයක් නෑ අතිශයින්ම සංවේදී. තව තවත් වටිනා දේ ලියන්න වාසනාව ශක්තිය ලැබේවා!!!

    ReplyDelete
  35. ඇත්තටම කියනවා නම් මගේ ඇස් දෙකට කඳුළු ආවා ඔෆීස් එකේ ඉඳන් මේක කියවනකොට. ඒ තරම්ම සංවේදී විදිහට මේක ලියවිලා තියෙනවා නංගි. අළුත් පිට තාත්තෙක් වෙච්ච නිසා මමත් දන්නවා දරුවෙක් වෙනුවෙන් කොයි තරම් දේවල් කරන්න ඕනෙද කියලා. මගේ වයිෆ් පුතා උප්දන් දවසේ ඉඳන් තනියෙම ඒ දේවල් කරගන්නේ එයා ගැන බින්දුවක්වත් නොහිතා, දරුවා ගැනම හිතලා. එහෙව් එකේ මේ අම්මා කොයි තරම් ශක්තිමත් ඇතිද?

    මේ ලියමන එක්ක ඔයාට තියෙන යාළුකම ලොකු ගෞරවනීය බැඳීමකට වෙනස් උනා.

    ReplyDelete
  36. ඔබේ දහිරියවන්තකමට, ආදරණීයබවට මගේ හිස නමනවා. ඇත්තටම ඔහොම හිතන දෙමාපියන් දුලබයි. ඔබ ගැන බොහෝම ලොකු ගෞරවාදරයක් හිතට දැනෙනවා සොයුරිය. ඔබට ඉදිරි ගමන ශක්තිමත්ව ගත කිරීමට හැකිවේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුති සචී...මේක මං ලියපු කතාවක් විතරයි සතුටුයි ඔබට ඒක මේ විදියට දැනිච්ච එකට

      Delete
  37. ඔමා......ඔබ දක්ෂ ලෙස මේ කොටස් දෙකම ලියා තිබුනා...මා මීට පෙර ලිපියේ කිව්වාසේ ඔබේ පළමු ලිපියෙන්ම බොහෝ අය සංවේධී උනා.
    Acceptable Life Of Monalisa කියා යෙදුවේ ඇයි? නොදන්න නිසා ඇහුවේ...ගිය පාරත් මම හිතුවා.

    ReplyDelete
    Replies
    1. මොනාලිසාවක් දකින ජීවිතය කියන අර්ථය හිතලයි දැම්මේ , සිංහල තේරුමට ගැලපෙන්න නෙමේ දැම්මේ, මොනාලිසා කියන්නේ කදූළු අතරින් සිනාසෙන කියන අර්ථය නිසයි දැම්මේ ,

      Delete
  38. මුලු කතාවම කියවද්දි මම ඒ අම්මගෙ මනසට ඇතුලු උනා.. ඇහෙන් කදුලක් වැටුනෙ නෑ කිව්වොත් ඒ බොරු.. ගොඩාක් උතුම් පෝස්ට් දෙකක්.. දෙකම කියෙව්ව එක හුස්මට

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...