Tuesday, November 26, 2013

මොනාලිසාවකි නුඹේ අම්මා (Acceptable life of the Mona Lisa)



"එරන්දි  ඇන්ටි  හිමරු කක්කි දාලා" 
නිකිණි නහය එක අතකින් වහගෙන ඇවිත් කෑගහන විදියට හිනාත් යනවා  .."හ්ම්ම් ඈ එහෙමද? " සම්බෝලේ කොටන එක පැත්තකින් තියලා සාලෙට යද්දී වෙනද වගේම හිමරු දොර මුල්ලට වෙලා ඉන්නවා ලොකු හොර වැඩක් කරලා වගේ "එන්න මැණික"කක්කි දාලා විතරක් නෙමේ ඉතින් වෙනද වගේම යටිපතුල් වල තලි තලි අලෝගෙන ..දොර වහලා දරුවා උස්සගෙන ටැප් එක ලගට ගිහින්  හෝදලා ඇඳුමක් අන්දලම තමයි කක්කා අස් කලේ...'දැන් හරි' ෂෝයි බබා වගේ නිකිණි එක්ක සෙල්ලම් කරන්න .. ආයේ කුස්සියට ආවේ සම්බෝලේ කොටලා ඉවරයක් කරන්න ..තව ටිකකින් නිශාන් ගෙදර එයි .. රන්තැඹිලි ගහෙන් ගැලවිච්ච වේලිච්ච පොල් අත්තක් 'සරාස්' ගාලා බිමට වැටුණේ පොල්පිත්තත් දෙකට කැඩිලා යන්නමයි.  ජනෙල් කූරු අස්සෙන් පොල්ගස් ,කෙසෙල්ගස් අස්සෙන් දුවන මගේ ඇස් නතර වෙන්නේ වත්ත කෙළවරම තියෙන ඇලට වෙල අයිනේ උස පොල්ගස් වලින් පොල් ගෙඩි වැටෙන්නා වගේ මුළු පපුවම සීසීකඩ විසිකරන ඉකිය ඇස් වලින් දියකර ලොකු කදුළු බෝල මිරිස් ගල උඩට කඩන් වැටුණට පස්සෙයි...

කුස්සියේ දොර රෙද්දේ එල්ලීගෙන මං දිහා බලාගෙන වචනයෙන් කියන්න බැරි කොච්චර දේ මගේ පුතා මට කියනවද ..."එන්න මැණික" මැණික කියන වචනෙට එයා ගොඩක් ආසයි ..කියන පරක්කුවට දුවගෙන ඇවිත් ඇගේ එල්ලෙන්නේ. ලබන මාසෙට අවුරුදු  නමය  සම්පුර්ණ වෙන්න ඉන්න කොලු පැටිය තවම ආසාවට මා දිහා බලලා අම්මේ කියලා නැහැ..වයසට හරියන උසින් ,මහතින් ඉන්න මගේ හිමරුව පුංචි කිරි දරුවෙක් වගේ පපුවට තුරුළු කරන් වඩාගෙන යන එක දකින අයට කොහොම දැනුණත් මට ඒක සතුටක්..අඩලා අඩලා අඩන්න කදුළු නැති කමට සතුටු වනවා නොව..මගේ දරුවාගේ කිරිසුවද තවමත් සමීපව විදින අප්‍රමාණ දරු සෙනෙහස පිරුණු හදවත මට දෙන සැනසුමයි ඒ.

අම්මා තාත්තගේ හිත් රිදෝලා වුණත් මං එදා නිශාන් එක්ක ජිවිතේ අලුතෙන් පටන් ගත්තේ අපි එකිනෙකාට පිස්සුවෙන් වගේ ආදරේ කරපු නිසා.ඒ වගේම එදා විරුද්ද වුණත් දෙමවුපියෝ අපිට සමාව දෙනවා කියලා දැනගෙන හිටපු නිසයි..අවුරුදු දහයකට කලින් මට ආදරේ කරපු මගේ නිශාන් අදටත් ඒ ආදරේ බිදුවක් වත් අඩුකරලා නැහැ....
එදා අපේ කැදැල්ලට අමුත්තෙක් එන්න යන ආරංචිය ලැබුණ වෙලාවේ ඉදන් නිශාන් එක්ක එකතුවෙලා අපේ නුපන් දරුවා වෙනුවෙන් කොච්චර දේවල් සැලසුම් කලාද ,ප්‍රර්ථනා කලාද..මහා පෝසත්තු නොවුණට දරුවා කුසට ආපු දවසේ ඉඳලා බිහිවෙන දවස දක්වා හැම දේකටම ගියේ හොදම ඩොක්ටර් ළගට..දරුවා බිහිකළේ රටේ ප්‍රසිද්දම රෝහලක..ඒ ප්‍රර්ථනා සේම  දරුවා සමග සතුටින් ගෙවන්න ගොඩ නගාගෙන හිටපු සිහින සියල්ල මගේ පුංචි පුතා දෝතට දුන්න දෙවියන්ම  අපෙන් ගොඩක් ඈතට ගෙනියලා තිබුණා. 
උදේ මාව බලන්න නිශාන් ඇවිත් ගියාට පස්සේ රෝහල් ඇඳේ වැතිරිලා ඉන්න අපහසුවක් දැනෙන්න ගත්තා ,, උදරයෙන් දැනෙන වේදනාව සියුම්ව අඩුවෙලා යනවාත් එක්කම කොන්ද ප්‍රදේශයෙන් ඒ සමාන වේදනාවක් ආයේ පටන් ගන්නවා මේ ආකාර මාරුවෙන් මාරුවට දැනෙන්න ගත් වේදනාවන් පැයක් හමාරක් ගත වෙද්දී ඉතාම තදින් ළඟ ළඟ වේදනාවන් වැඩිවෙමින් දැනෙන්න ගද්දි නුහුරු බියක් වේදනාවක් සමග මුසුවෙච්ච සියුම් කෙඳිරිය නවත්ත ගන්න බැරි තරමේ විලාපයක් වුණේ නිරායාශයෙන්..සියළු වේදනා නිමා කරමින් මගේ පුතා ඒ උදෑසන මෙලොව එළිය දැක්කා...ඒ වෙද්දී මා සමග දරුවන් ලැබුණු හැමෝම තමන්ගේ දරුවන්ව තුරුල් කරගෙන, සමහරු කිරි දෙනවා ..ඒත් කෝ මගේ දරුවා ඇයි එයාව මට දෙන්නේ නැත්තේ...

"ඔයාට පුතෙක් හම්බුණා බබා ඉපදෙද්දී ඇඩුවේ නැහැ . දරුවා  PBU (නොමේරු ළදරු ඒකකය /බේබි කාමරය )එකට ගෙනිච්චා " 

CLEF LIP BEBY අන්තර්ජාලයෙන් 

ඒ වගේම දරුවාගේ තොල් වලටත් පුංචි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා හරිම පුංචි ඔපරේෂන් එකක් ..වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවා නිරෝගී . ඒ මට නොකියා නිශාන්ට රෝහලෙන් කියා තිබුණ දේ .

සතිගානක් ඉස්පිරිතාලේ පිස්සියෙක් වගේ එහාට මෙහාට ඇවිද ඇවිද විදුරු කුඩුවක් ඇතුලේ හිරකරපු මගේ පුතාට කෝප්පෙකට මිරික මිරිකා  කිරිපොවපු මගේ හිත... දරුවෝ තුරුල් කරන් ඒ කිරිසුවද විද විද දරුවන්ට කිරිපොවන අම්මලා ඉස්සරහා කොයිතරම් අසරණ වුණාද දෙවියනේ..කෝප්ප වලට මිරික මිරිකා නාන කාමරයේ සින්ක් එකට හලපු ඒ මුල් කිරි මගේ පුතාට තුරුල් කරන් පොවන්න මං හීන දැක්කේ උසස් පෙළට මවුකිරි ගැන ඉගෙනගද්දී..ඒ කිරිබිදුවක් ගානේ දොවලා විසිකරද්දී ඒවත් එක්ක මගේ සතුට දියවෙවී මගෙන් ඈතටම ගියා.

ඒ බේබි කාමරේ හිටපු දරුවන්ගෙන් සුදට ලස්සනට හිටියේ මගේ පුතා පින්පාට ඒ හුරතල් මුණ දිහා බලලා අපි කාටවත් හිනාවෙන්න පුළුවන් වුණේ නැහැ.පුංචි මුවේ උඩු තොල රෝස මලක පෙති වගේ වෙන් වෙලා ..මගේ පුතා අමාරුවෙන් හුස්ම ගත්තේ..මේ සියළු වේදනා දියකර හරින්න මං මග බලා හිටියේ හැමදාම  නිශාන් වැඩ ඇරිලා ඉස්පිරිතාලෙට එනකල්.. මං පිස්සියෙක් වගේ එයාගේ පපුවට මුණ ඔබාගෙන පැයක් පුරාම අඩනවා..අපේ අම්මා තාත්තලා පවා මගේ පුතාව දැකපු පලවෙනි දවසේ නොසෑහෙන්න ඇඩුවා...රෝහලේ ගත කරපු ඒ කාලය තුළ මා කාපු බීපු කිසිවක් ගැන මතකයක් නැහැ..උදේට ඇවිත් නිශාන් කවලා යනවාත් ,,දවල්ට ගෙදරින් කවුරුන්හෝ ඇවිත් කවලා යනවාත් පමණක් මතක තියේ.

"මගේ දරුවා ආබාධිත දරුවෙක්"..අකමැත්තෙන් වුවත් අවසානයේ මගේ දුබල හදවතට ඒක පිළිගන්න සිද්ද වුණා..

සති කීපයකින් කන්නාඩියකින් නොදැක්ක මගේ රුපය මටම හදුන ගන්න බැරිතරමට වෙනස් වෙලා තිබුණා.දරුවා ලැබෙන්න පෙර විවාහවූ අළුත පිරිපුන්ව තිබුණ මගේ ශරීරය වියළි දර කෝටුවක් වගේ වියළිලා ගිහින්.. 

දරුවා ගෙදර ගෙනාපු ආරංචිය සහ එරන්දිට අමුතු ළමයෙක් හම්බවෙලා කියන ආරංචිය කටින් කට ආරංචි වීමට වැඩි දවසක් ගියේ නැහැ..නෑදෑයන් වගේම අහල පහළ අය පවා දරුවා බලන්න නිතර ආවා.ඒ බොහෝ දෙනාට අවශ්‍ය වුණේ මගේ රත්තරන් පුතාව බලන්න නෙමේ එයාගේ තියෙන වෙනස්කම් බලන්න..දරුවා බලන්න එන වැඩිහිටියන් නොයෙක් දේ කියමින් මගේ හිත සැනසුවා නමුත්..ගමේ සමහර මිනිස්සු මගේ දරුවාගේ ආබාදය ගැන නොයෙක් ආකාර කතා කීවා..ගෙදරට එන අයගේ ,,නෑදෑ හිත මිතුරන්ගේ ඇස් වල අපගේ දරුවා වෙනුවෙන් රැදී තිබුණ ඒ නොයෙක් හැගීම් මගේ හිත අසරණ කළා  "පව් " කියන හැගීම ඒ ඇස් වල දකිද්දී පුදුම අසරණකමකින් හිත වැහිලා යනවා 

~2 සහ අවසාන කොටස ළගදීම~

---------------------------------------------------------------------------෴
ප/ලි  
අද දවල් ආබාධිත දරුවෙක් එක්ක හිටපු අම්මා කෙනෙක්ව දැක්කා ඒ වගේම විනාඩි කීපයක් ඒ අය දිහා බලන් හිටියා ..අමුතු වේදනාවක් ,දුකක් ,අනුකම්පාවක් දැනෙන්න ගත්තා ගෙදරට ආවට පස්සේ මට ඒ වෙනුවෙන් යමක් ලියන්න හිතුණා.

105 comments:

  1. මම මේ දුක විඳපු කෙනෙක්.මගේ පුතා ඩවුන්ස් සින්ඩ්‍රෝම් නිසා බුද්ධි හීනයි.. .ඒත් දැන් අපි ජීවිතය වටහාගෙන සටනේ.. අනුකම්පාව වෙනුවට මේ දරුවන් යදින්නෙ පිලිගැනීමයි.. සමානයෙකු ලෙස සැලකීමයි.. ඒක කවදා සිදුවේද ?

    ReplyDelete
    Replies
    1. සරත් අයියේ පුතාට දැන් වයස කියද බලන්න මේ ලින්ක් දෙකෙන් වැඩක් වෙයිද කියලා
      http://www.oocities.org/childrenremedy/Down_Syndrome.html
      https://www.facebook.com/DownSyndromeMalaysia

      Delete
    2. මෙරටින් බැහැර ව කළ හැකි ප්‍රතිකර්මයක් නැද්ද?

      Delete
    3. ලෝකෙ කොහෙවත් ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ..අපට කරන්න පුළුවන් එයාගෙ තියෙන හැකියාවල් වලින් ප්‍රයෝජන ගැනීම විතරයි.. පුතා දැන් විශේෂ පාසලකට යනවා. ලියන්න කියවන්න පොඩි ගනන් හදන්න පුළුවන්. ශාරීරික වශයෙන් හොඳයි..ක්‍රීඩාවට කැමතියි..දැන් පිහිනන්න හොඳට පුළුවන්.. ස්ප්‍රිං බෝඩ් එකෙන් පනින්න පුළුවන්.. බොහොම දුක් විඳලා ක්‍රමානුකූලව අරන් යනවා. බොහොම ස්වාධීනයි..අපිට කිසිම බරක් නෑ. එයාට දැන් දහතුනයි.. ඔහොම යනකොට අයාට කලහැකි කිසියම් දෙයක් හමුවේවි..එතකොට ඒ අතේ යවනවා. එයාගෙන් අපි ජීවිතය ඉගෙනගත්තා.

      Delete
    4. ඔව් sarath අයියේ ජිවිතේ ඔහොමයි අපි බලාපොරොත්තු වෙන දේම මේන් කියලා හම්බෙන්නේ නැහැ.. දිලිනිටයි ඉවාන්ටයි sarath අයියා උත්තර දීලා තියෙනවා .. මාත් ඊයේ එහෙම දරුවෙක් එක්ක යන දෙන්නෙක් දැක්කා ඒ ගැන නිතර මතක් වුනා ඒ නිසාමයි මේ ලිපිය ලීවේ. මේ රටවල් වල නම් එවැනි දරුවන්ව රජය විසින්ම ඉතාම ඉහලින් ගොඩනගන පිණිස විශේෂ අධ්‍යාපන ඒකක ඉදිකරලා තියෙනවා .. ඒ වගේම මවූ කුසේදීම ස්කෑන් වලින් එවැනි දුර්වලතා අදුනගන්නවා අපේ රටේ අනුමත නොකලට බොහෝ විට මේ රටේ ඒ වගේ දරුවන්ව ,, ඒ වගේම නිවැරදිව අක්ෂි ගෝල තුල ඇස් පිහිටා නැති දරුවන්ව සහ නොයෙක් විකුර්තිතා සහිත දරුවන්ව (කළල ) ගර්භාෂයෙන් ඉවත් කරනවා .. මේ කාරණය ගැන විවිධාකාර මත තියෙනවා එකිනෙකාගේ ...21 වෙනි වර්ණ දේහය ත්‍රී ගුණ වීමෙන් තමයි .. කවදාවත් සුව කරන්න බැහැ මේ තත්වය කලලයට සති 11 ගත වුණාට පස්සේ මේඩවුන්ස් සහලක්ෂණ සහිතද කියන පරික්ෂනේ කරනන් පුළුවන් ..

      Delete
    5. මගේ හිතේ මැවුන කතාවේ අම්මත් ඔයා වගේ අයියේ .. ඉතුරු කොටස ඉක්මණින් ලියන්නම් ,, එවැනි දරුවන් සිටින කෙන්කෙගේ හදවත මට තේරුම් ගන්න පුළුවන් ,, ඒ වගේම දැන් කිසිම දරුවෙක්ට මන්ධ බුද්ධික කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ..

      ඔවුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ,,

      Delete
    6. පුතා ගොඩ නැගීමේ සම්පූර්ණ බර සීයට හැත්තෑපහක්ම දැරුවෙ අම්මා. මම රස්සාව නිසා සති ගනන් නිවසින් බැහැර රටවල සංචාරය කරනකොට තනියම සටනට මුහුණ දුන්නෙ ඇය.. හරියටම ඔෂින් වගේ..
      කළලය හඳුනාගත් පසු අර විදිහට මරාදැමීම නම් මම අනුමත කරන්නේ නෑ. සුපිරි මනුස්ස ජාතියක් එහෙම බිහිකරන්න හිතීම විහිළුවක්. එතකොට අඩුපාඩු ඇතිවෙනකොට වයසක මිනිස්සුත් මරන්න ඕනෙනෙ.. ඒක හිට්ලර්ගෙ ප්‍රතිපත්තිය වෙනත් විදිහකට ගෙනයාමක් විතරයි.. අර විදිහට කරන දෙමාපියෝ පවෙන් ගැලවෙයි කියල හිතනවද ?

      මෙන්න මේ මගෙ ලිපියත් කියවන්නකො.

      .ලෝකය අයිති සුපිරි මිනිසුන්ට විතරද ?

      http://lankapriyagesithivili.blogspot.com/2012/11/blog-post.html

      Delete
    7. සරත්, ඉස්සරවෙලා මෙන්න මේ හැඳින්වීම් කියවන්න.

      http://en.wikipedia.org/wiki/Son-Rise:_A_Miracle_of_Love

      http://www.imdb.com/title/tt0079933/

      ඊට පස්සේ මෙතනින් මේ චිත්‍රපටිය බාගෙන බලන්න.

      http://torcache.net/torrent/E2B153C1CDA89CEF00FDDA0703E4A14B79876A51.torrent?title=[kickass.to]meu.filho.meu.mundo.son.rise.a.miracle.of.love.1979.vhsrip.xvid.ac3.legendado.t1burc1u.avi

      Delete
    8. ඔව් මාත් එකග නැහැ ඒ කරන දේට ,, මගේ ජිවිතයේ වුනත් එවැනි දේකට මුණ දෙන්න උනොත් දෙවරක් හිතන්නේ නැහැ මයි.. සරත් අයියගේ බිරිද වගේ අම්මලාට මගේ හදවතේ තියෙන ආදරය ගවුරවය වෙනුවෙනුයි මේ පුංචි කතාව ලියන්න හිතුවෙත් ,, මාත් ඔය වගේ ෆිල්ම් එකක් බැලුවා ,,

      Delete
  2. දෙවනි එකත් දාමුකෝ බලන්ඩ

    ReplyDelete
  3. ඔය රටේ නම් ඒ වගේ දරුවන්ට කිසි අවුලක් නෑ. විලියම් සින්ඩ්‍රම් තියෙන අය රස්සාවලුත් කරනවා, තනියෙන් ගමන් බිමන් යනවා සාමාන්‍ය මිනිස්සු වගේ. මමත් ඔය කරුණට බොහොම සංවේදි නිසා. කලයක් ඔටිසම් කෝස් එකකුත් කළා. ඒ ආයතනයකත් වැඩ කළා..

    ඒත් මේ කාළකන්නි රටේ නම් තත්වය සම්පූර්ණ වෙනස්. ඒකයි අර වගේ සිතුවිල්ලක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි රටින් පිටව ඉන්නත් එක හේතුවක් ඒක.. ඒත් ඒක වෙනස් කරන්නත් යමක් කරන්න ඕනෙ..

      Delete
    2. ඔව් මාතලන් ඒක ඇත්ත

      Delete
    3. බොහොම අමාරු දෙයක් සරත්, මේක ලැම්බෝගිනි වල නැගලා ගල් යුගයට යන සමාජයක්..

      Delete
    4. බලන්න ඇහුවොත් කියන්නේ ලෝකෙන් උතුම් රට, ධර්මද්වීපය කියලා. ඒ වුණාට වැඩියෙන්ම අනුන්ගේ උපාදුප හොයන්නේ මේ රටේ, කුහකකම් වැඩි මේ රටේ, ස්ත්‍රී දුෂණ, වංචා කොයි ඒකද නැත්තේ. කෙනෙකුට වරදිනකම් බලන් ඉන්නේ.

      Delete
  4. මගේ යාලුවෙක් ඉන්නවා. එයත් එයාගේ නංගිත් ආබාධිත අය ඒ කියන්නෙ දෙන්නම මිටියි. මුන්ගේ තාත්තා කන සාක්කුවට වැටෙන්න අනුමත වෙනවා. ඒත් උගේ අම්මා ඒ කිසිම දෙයක් ගැන හිතන් නැතුව මූන් දෙන්නට ඉගැන්නුවා දැං මූ උපාධියත් අරං ප්‍රා.ලේ. එකේ වැඩ.
    අම්මල ඉතින් එගෙම තමයි කවදාවත් ලමයෙක් අහක දමන්නෑ...

    ReplyDelete
    Replies
    1. හැබැයි ඩවුන්ස් දරුවන්ට නම් බුද්ධි හිනතාවක් තියෙනවා . ඒක විශාල පරාසයක පැතුරුණු රෝග ලක්ෂණ ගණනාවක එකතුවක් ,, ඔයාගේ යාළුවාට තියෙන්න ඇත්තේ වර්ධක හෝර්මෝන වල ප්‍රශ්නයක් ,,

      Delete
    2. ඹ්.... මම කිව්වේ එහෙම එකක් නෙවෙයි.
      මම මේ කථාව ඇතුලෙ දැක්කේ මොන දුකක් උනත් උහුලහෙන තමන්ගේ දරුවා වෙනුවෙන් කැපවුනු අම්මා කියන චරිතය...

      Delete
    3. ඔව් විදානේ ,, ඒක ඇත්ත . ඉතිරි කොටසේදී ඒ ගැන ලියන්නම් ස්තුති අදහස් බෙදාගැනීම ගැන

      Delete
  5. අපොයි ඕමා ඔයා උදේම මූඩ් එක අප්සට් කරා ..... මේ අපි අතර ඇති ඇත්ත උනත් තමන්ට දන්නා හදුනන කෙනෙක්ට මේ දෙවෙනකක් කින් කි දෙනාද මේ දරුවන් දෙස උපේක්ෂා සහගතව බලන්නේ .....

    ReplyDelete
    Replies
    1. ඔව් රාලේ ඕකට මාත් සාක්‍ෂි අගේ ඇස් වලින් දැකලා තියෙනවා ,, :ඕකුන්ගේ මහවුන්ගේ පව් තමයි ඔය පඩිසන් දුන්නේ කියන " මහා ජරා කතා

      Delete
  6. අද දිගට ම මට කියන්න ලැබෙන්නේ හරිම සංවේදී සටහන්. කතාව හුඟක් හිතට වැදුණා, අපූර්වී අක්කේ. උපන් දවසේ ම දරුවා මරන අම්මලා ඉන්න රටක මේ වගේ අම්මල ලබන්නත් කොච්චර නං පිනක් කරන්න ඕනේ ද? ඉක්මනට දෙවැනි කොටස දාන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් නංගි ලියන්නම්කො

      Delete
  7. දෙවනි කොයසත් දාන්න අක්කේ...... අවුරුදු 9 ක ළමයෙක් කියන්නේ ඉස්කෝලේ 5 වසරේ වගේ ඉන්න ඕන වයස.හරිම සංවේදී අක්කේ......ඒත් එහෙම උපන් දරුවාව නොමරා මෙච්චර දුකක් විදන් ඇතිදැඩි කරනවට ඒ දෙමව්පියො දෙන්නගේ උත්සාහයට අපි ගරු කරන්න ඕන.අන්න සැබෑ ලෝකෙ දෙවිවරු

    ReplyDelete
    Replies
    1. ඊයේ පාන්දර 3 වෙනකල් ලීවා , ඇස් රිදෙන නිසා නිදාගත්තා අනේ , මන් ලියන්නම් අද හෙට

      Delete
  8. කොහොමත් එහෙම දරුවෙක් හම්බුවෙලා එයාව හදා වඩා ගන්න විඳින දුකට වඩා දුකක් එන්නෙ අහල පහල කටහැකර ගෑණු කියන කතා අහද්දි තමයි.. අනිත් එක පෝලිමේ ළමයා බලන්න ඇවිත් එක එක ඒවා අහද්දි... එක්කො අහන්නෙ නැතුව ඉන්නෝනෙ... නැත්තං කරන්න පුලුවන් දෙයක් කරලා දෙන්නෝනෙ සද්ද නැතුව...

    අපේ ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක්ට හම්බු වෙච්ච ළමයා මුලදිම අප්සට් එකක් පේන්නෙ නැති උනත් ටික දවසකින් කට පැත්තකට ගිහින් වගේ කියන එක දැකලා අපේ අම්ම දවස් ගානක් කල්පනා කර කර හිටියා මේක දැං මේ මනුස්සයට කියන්නෙ කොහොමද කියල... පස්සෙ මිඩ්වයිෆ් හම්බුවෙලා එයාට කියලා, එයා ලව්වා අර ළමයව ඩොක්ට කෙනෙක්ට පෙන්නුවා... ඒ වෙලාවෙම ඇඩ්මිට් කරලා පුංචි ඔපරේෂන් එකකින් ඒ අවුල හැදෙව්ව නිසා දැං පෙනුමට අවුලක් නෑ ළමයගේ... ඒ වෙලාවෙ ලෙඩේ දැන ගත්ත නිසා දිගටම ‌බේත් කරවලා දරුවව යම්තරමකින් ගොඩ දාගන්න පුලූවන් උනා...

    අපේ අයගේ මේ සමහර හැසිරීම් නිසා කෙනෙක්ට හොඳකට දෙයක්වත් කියන්න බෑ අපේ රටේ... ඒක මාර කරුමයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු අක්කේ , අපේ රටේ ඒ වගේ දේවල් හරිම කනගාටු දායකයි ,මමත් ඔය සමාන අත්දැකීම් ලබලා තියෙනවා

      Delete
  9. අපේ නෑදැ වෙන තැනක ඔහොම දරුවෙක් හිටියා , වයස දාසයේදි මැරුනා , ඒ ළමයා ගෙනාපු පව් ගෙවලා ඉවර කරගත්තා , ගෙදර මිනිස්සු ඇති වෙන්ඩ පින් කරගත්තා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, , පවුලක ජිවිතේ මුළුමනින්ම උඩු යටිකුරු වෙනවා මේ වගේ දෙකදී

      Delete
    2. මමනම් කියන්නේ නැහැ පවු ඉවරවුනා කියලා. ඩවුන් සින්ඩ්‍රෝම් පුද්ගලයකුගේ ආයුෂ එහෙම නැති කෙනෙකුගේ ආයුෂට සාපේක්ෂව සීමිතයි. එක හේතුවක් ඔවුන්ගේ සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය උපතින්ම හීනවීම.

      Delete
  10. මටත් මේක ගොඩක් දැනුනා ඔමා. මොකද අපේ ලොකු මාමාගෙ දෙවනි දුව මට වඩා හරියටම දවස් 14 කට පස්සෙයි ඉපදිලා තිබුනේ එයත් ඔය වගේ තමා. එකම වයසෙ අපි දෙන්නා හැදෙන විදිය සංසන්දනය කර කර අපේ මාමලා විදවපු විදිය මං දැක්කා. අන්තිමට එයා අවුරුදු 15 දි නැති උනා.
    දෙවනි කොටසත් ඉක්මනට දාන්න. ඒකත් කියවන්න බලාන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා ,, ඒ දෙමවුපියෝ දවසගානේ දරුවා දකින ගානේ වැලපෙනවා , මගේ මේ උත්සාහය එවැනි හිතකට යන්තම් හෝ සිහිල් දිය බිදක් ඉහින්න

      Delete
  11. දෙවැනි කොටස එනකම් බලා ඉන්නම්.... මෙහෙම දෙයක් ලංකාවේ කෙනෙකුට නොවේවා වෙන් මුකුත් නිසා නෙවෙයි. සුද්දෝ කැලෑවල ඉන්නකොට ශ්‍රේෂ්ට සංස්කෘතියක් තිබ්බයි කියන අපේ මේ උසස් කියන සමාජය ඔවැනි දරුවන් දිහා බලන හැටි බලන් ඉන්න බැරි නිසා .අම්ම තාත්ත නැති දවසට අපේ සමාජයේ මේ දරුවන් කොන් වෙනවා 99%ක්ම.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මල්ලි.
      මට මේ වගේ දේවල් දැක්කම පුදුම දුකක් දැනෙන්නේ.
      යමක් ලියන්නවත් බැහැ බං,,,,,

      Delete
    2. හ්ම්ම් පපුව පුරෝලා හුස්ම අරන් වේගෙන් පිට කරනවා තමයි මේ දේවලදී අපි මොනා කරන්නද

      Delete
  12. අක්කණ්ඩි කිව්වට තරහ වෙන්න එපා මට කරකැවිල්ලක් වගේ ආව. මට මහා අමුතු මෙව්වා එකක් වුන කියනන් තේරෙන්නේ නැහැ නමුත් බයක් වගේ එකක්................... U Know What I mean......... and Y

    ReplyDelete
    Replies
    1. මට දැනෙනවා මලයෝ ඔබේ හැගුම.. බය වෙන්න දෙයක් නෑ ඔබ දෙපළස පවු කළ ඇත්තන් නොවන නිසා.

      Delete
    2. අපේ පව් පිං අනුවම ඒ දේවල් කියන්න බැහැ ,, කෝරලේ මල්ලි බයවෙන්න එපා ඔයාගේ බනියට ලස්සන හුරතල් දරුවෙක් හම්බෙනවා දෙවියන්ගේ පිහිටෙන්..අද තාක්ෂනේ දියුණුයි. ඩවුන්ස් සින්ඩ්‍රෝම් කළල අවදියේම හොයාගන්න පුළුවන්..සතුටින් ඉන්න, මේ පෝස්ට් එක කියෙවුවට එයාට මේක ගැන කියන්න එපා.. මේක ලියපු මට වුනත් අනාගතේ මෙවැනි දරුවෙක් හෝ මා නොහිතන විදියේ දරුවෙක් ලැබෙන්න පුළුවන් ,,, සතුටින් ජිවත් වෙන්න ජිවිතේ හැටි ඔහොමයි

      Delete
    3. කෝරලේ මල්ල,මම උදෙන්ම මේ ලිපිය කියෙව්ව ගමන් ලියන්න හිටිය දේ ඔමාය පළමු පෙලෙන්ම කියල තියෙනවා.
      මම දරුවෝ දෙන්න (දෙන්නාම සීසර් )හම්බ වෙන්න ඉද්දි TV වල පොත්පත් වල සතුන්ව වත් බලන්න දුන්නේ නැහැ.සමහර විට මගේ බොලද වැඩක්ද දන්නේ නැහැ.කාමරයට සිස්ටර් බබාලව ගෙනාව ගමන් බැලුවේ මුළු ශරීරයම අංග සම්පුර්නද කියල. ඇගිලි පවා එකින් එක බැලුව.
      ඒකාලේ ඉදලම මම ආබාධිත අහිංසක දරුවන් ගැන හරි දුකකින් හිටියේ.

      Delete
  13. ජීවිතේ ගැන ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති වෙනව අනේ මේ වගේ කතා දැක්කම.

    ReplyDelete
    Replies
    1. මගේ හිතට දැනිච්ච විදිය දිලිනියෝ අපි අකමැති වුනත් ජිවිතේ දෙන සමහර දේ අපිට බාරගන්නම වෙනවා ..

      Delete
  14. අපිට ලැබිල තියෙන මේ මනුස්ස ආත්මෙ කොච්චරනම් වටිනවද කියල හිතෙනව..මම අහල තියෙනව දැන්නම් මේ වගේ දරු උපත් කලින්ම අදුනගන්න පුළුවන් කියල.ඇත්තද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මොකද ඒ දේ අපි හැමෝටම වැදගත් වෙයි කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ////ඔව් sarath අයියේ ජිවිතේ ඔහොමයි අපි බලාපොරොත්තු වෙන දේම මේන් කියලා හම්බෙන්නේ නැහැ.. දිලිනිටයි ඉවාන්ටයි sarath අයියා උත්තර දීලා තියෙනවා .. මාත් ඊයේ එහෙම දරුවෙක් එක්ක යන දෙන්නෙක් දැක්කා ඒ ගැන නිතර මතක් වුනා ඒ නිසාමයි මේ ලිපිය ලීවේ. මේ රටවල් වල නම් එවැනි දරුවන්ව රජය විසින්ම ඉතාම ඉහලින් ගොඩනගන පිණිස විශේෂ අධ්‍යාපන ඒකක ඉදිකරලා තියෙනවා .. ඒ වගේම මවූ කුසේදීම ස්කෑන් වලින් එවැනි දුර්වලතා අදුනගන්නවා අපේ රටේ අනුමත නොකලට බොහෝ විට මේ රටේ ඒ වගේ දරුවන්ව ,, ඒ වගේම නිවැරදිව අක්ෂි ගෝල තුල ඇස් පිහිටා නැති දරුවන්ව සහ නොයෙක් විකුර්තිතා සහිත දරුවන්ව (කළල ) ගර්භාෂයෙන් ඉවත් කරනවා .. මේ කාරණය ගැන විවිධාකාර මත තියෙනවා එකිනෙකාගේ ...21 වෙනි වර්ණ දේහය ත්‍රී ගුණ වීමෙන් තමයි .. කවදාවත් සුව කරන්න බැහැ මේ තත්වය කලලයට සති 11 ගත වුණාට පස්සේ මේඩවුන්ස් සහලක්ෂණ සහිතද කියන පරික්ෂනේ කරනන් පුළුවන් ..//// මේ මන් sarath අයියගේ කොමෙන්ටුවේදී දැමු කොමෙන්ටුව ,,ඔබේ පහසුවට

      Delete
  15. මේ කතාවේ දී නම් මාත් හරිම සංවේදියි. මගේම නැගෙනිය සේවය කරන්නේ අබාධිත දරුවන්ට උගන්වන පාසලක. අවුරුදු ගාණකට පස්සේ ඇය විවාහ වී දරුවකු ලබන්න ඉන්දැද්දී හමුවන බොහෝ දෙනා කීවේ ඒ පාසලෙන් ඉවත්ව වෙනත් පාසලකට යන්න කියලයි. ඒත් ඇය එකම තිරණය වුණේ මා පවු කරලා නෑ ඒ නිසා මේ දරුවන් එක්කම ඉන්නවා කියන හැගුමෙනුයි. දරුවකු කුසින් මෙලොවට බිහිකරන තාක් ඒ දෙමාපියන් ඉන්නේ ගින්දරක් දරාගන. එය මොන රටේ වුණත් විය හැකියි. නිරෝගී දරුවන් සැම මවකටම බිහිවේවා.. පතනු හැර අප කුමක් කරන්නද,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් අයියේ ,, අපේ රටේ මිනිස්සුන්ගේ තමයි ඔය පහත් අදහස් තියෙන්නේ අයියේ .. ඔබගේ ප්‍රර්ත්නයට මාද මගේ පැතුමත් එකතු කරනවා

      Delete
  16. හරිම සංවේදී කතාවක් ඔමා,මේවගේ කතා කියවන්න මට හරිම අපහසුයි.බටහිර රටවල මව් කුසේදීම මෙවැනි දරුවන් හඳුනාගෙන අයින් කරලා දාන ක්‍රමයක් තියෙනව මම නං ඒකට හරි කැමතියි.

    ReplyDelete
    Replies
    1. http://lankapriyagesithivili.blogspot.com/2012/11/blog-post.html

      Delete
    2. ස්තුති ලින්ක් එකට sarath අයියේ

      Delete
    3. @හැලප අයියා ඔයා එහෙම කීවේ මොන අදහසකින්ද කියලා තේරෙනවා ,අයියේ එවැනි දරුවෙක් ඉපදිලා හැමෝම දුක් විදින නිසයි එහෙම කිවේ .., හැකි නම් sarath අයියගේ ලිපිය කියවන්න ,, ඔබගේ අදහස බොහෝ දුරට වෙනස් වේවි ,,,

      Delete
  17. මේ වගේ ළමයින් හින්දා අම්මලා තාත්තලා කොච්චර නම් විදවනවද? ඒත් එහෙමයි කියලා ඒ දෙමව්පියෝ කවදාවත් අතාරින්නේ නෑ. එදිනෙදා හම්බෙන සමාජයේ දැකපු ගොඩාක් අම්මලා තාත්තලා එහෙමයි

    ReplyDelete
    Replies
    1. ඔව් පුමා එක මහා පුදුම දෙයක්

      Delete
  18. සංවේදී කතාවක්. ළඟකදී පාටියකට ගියපු වෙලාවක ගැහැණු දරුවෙක් ඉතා ලස්සන ගීතයක් සංගීත කණ්ඩායම සමග ඉදිරිපත් කළා. බලන විට දැක්කේ අවුරුදු 15 විතර අසාමාන්‍ය ළමයෙක්. නමුත් ඇති දක්ෂයි ගායනයට සහ නර්තනයට. කොතරම් දක්ෂ වුවත් දෙමවුපියන්ට යම් හිතේ බරක් ඇති අනිවාර්යෙන්ම. නමුත් බොහෝ මෙවැනි අය යම් තරමක් සමාජ ගත කරන්න පුළුවන්. බොහෝ පවුල්වල කරන්නේ සඟවා තැබීම.

    ඇයි ඕමයා දෙවියන් වහන්සේ එක එක පුද්ගලයන්ට වෙනස් විදියට සලකන්නේ? සැමට කරුණාව දක්වන සාධාරණ දෙවිකෙනෙක් නම් එහෙම විය නොහැකියි නේද?(වාද කිරීමක් නොව නොදන්නා දෙයක් ඇසීමක් පමණි)

    ReplyDelete
    Replies
    1. ඔව් විශ්ව අපේ පරම්පරාවෙන් වත් මේ දේවල් වෙනස් කරන්න පුළුවන් වෙනවානම් හොදයි.

      ඔබගේ ප්‍රශ්නයට මට පිළිතුරක් තියෙනවා.. නමුත් එය ඔබට සෑහෙන පිළිතුරක් නෙමේ ඒ වගේම එවැනි දරුවන් ගැන තියෙන සැලැස්ම ගැනත් පිළිතුරක් තිබෙනවා .

      Delete
    2. මම කැමතියි මෙවැනි අය බිහිවීම ගැන ඔබ විශ්වාස ධර්මයේ ඇති විග්‍රහය දැන ගැනීමට. ප්‍රමාණවත් පිළිතුරක් නොමැති නම් කරුණු සොයලා පසුව හරි කියන්න.

      Delete
    3. හා මං ඔයාට කියන්නම් විශ්ව

      Delete
  19. මේක ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. මෙවැනි අම්මලා ඕනේ තරම් ලෝකේ ඇති මගේ හිතේ මැවුන කතාවක් සසිඳු

      Delete
  20. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සංසාරේ බවේ දුකා නේද අක්කියෝ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි බබෝ ... නිතරම යහපත් දේ කරන්න ,, ජිවිතේ මොන දේ දුන්නත් එපා නොකියා ඒ ලැබෙන අභියෝගය සාර්ථකව නිම කරන්න

      Delete
  21. ඉස්සර මම චූටි කාලෙ අපේ අම්මා සේවය කලේ ඔන්න ඔය කියන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා කරන වැඩසටහන් වලට සම්බන්දව. ඒ කාලෙ අත්කම් ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග වගේ දේවල් පෙන්නන්න අපේ අම්මා මාවත් එක්කරගෙන යනවා. මම නම් එයාලත් එක්ක සෙල්ලම් කරලත් තියෙනවා. ඒ නිසාමද මන්දා මට ඔය කියන දරුවෝ වෙනස් විත්තිය එච්චරකටම දැනිලා නෑ. දැන් ඔය වගේ දරුවොන්ව නිසි අධ්‍යාපනයක් දීලා සමාජගත කරන්න ගන්න වෑයම නම් සෑහෙන්න අගය කරන්න ඕනි දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අසෙනි .. දැන් නම රටේ තත්වය වෙනස් ,, ඔයාට එහෙනම් ඒ ගැන අත්දැකීම් ඇති ..ඔයාගේ අම්මගේ රැකියාව ඉතාම උසස්

      Delete
  22. ඔය වගේ දරුවන්ට අපි මුලු හිතින්ම ආදරේ කරන්න ඕනා. ලංකාවේ සමාජයේ සමහරක් ඔය ළමයින්ව පැත්තකට කරලා තියන්නේ ඇයි කියලා හිතා ගන්න බෑ.මේ රටේ අපි ඉන්න හරියේ ඔය ළමයි සාමානය ළමයි , හැමෝම එක්ක දුව පැන සෙල්ලම් කරනවා , නංගි මන් කතාව කලින් කියෙව්වා මේ ලින්ක් එක හොයලා දෙන්න ඕන නිසා කොමට් නොකලේ,,,,,,http://youtu.be/Ru_-bvgbKZMඔය වගේ ළමයෙක්ව ආදරෙන් රැක බලාගන්න දෙමව්පියෝ මෙලොව දෙවිවරු,මේ වගේ දරු උපතක් ලැබුනම දෙමව්පියෝ දුක් වෙන්න ඕනා කියලා මම හිතන් නෑ,මොකද මේ වගේ ළමයින්ට රැකවරණය වැඩිපුර දෙන්න පුලුවන් කුසක් ,උරහිසක් තමා දෙවියෝ උනත් තෝරලා දෙන්නේ.ඔයාට මතකද මන්දා පුංචි කාලේ සුරන්ගනා කතාවක් තිබුනා පල්ලියක හැදෙන විරූපි,ශරීර හැඩයෙන් වෙනස් හිතින් බොහෝම පොහොසත් කොල්ලෙක් යකෙක් කියලා ගමේ මිනිස්සු එලවන් යද්දි සීනු කූඩුව උඩ හැන්ගිලා ඉදලා මේ කොලුවා වැටෙනවා.මේ කොලුවගේ පිටේ ලොකු කුදුවක් තියෙනවා.මෙයා වැටෙද්දි ඒ කුදු පිටෙන් තටු දෙකක් ඇවිත් මේ කොලුවා දේව දුතයෙක් වෙනවා. ඔය කතාව මගේ හිතේ ගැඹුරෙන්ම තියෙනවා. ඔය ආබාධිත වෙනස් කිය කිය සමාජයේ බොහෝ ඇයෝ ලේබල් අලෝන දරුවො මට නම් සාමනය දරුවෝ,ඒ දරුවෝ මගේ ලෝකේ නම් දේවදුතයෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි අක්කේ එයා එක්ක කුරුල්ලෝ 3 දෙනක් ඉන්නවා නේද නිතරම ,, හරිම සංවේදී කතාවක් ,, ස්තුති ලින්ක් එකට .. මේ රටෙත් ඔහොමයි අක්කේ ,,

      Delete
  23. කොළඹින් අල්ලපු බල්ලන්ව නිදහස් කරන්න කියල නිමල් සිරි ඇමති තුමාගෙ නෝනත් උද්ඝොෂන කරාලු. ඒත් ඉතින් මේ වගේ දරුවො වෙනුවෙන් කවුද ලංකාවෙ කතා කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒක නම ඇත්ත ඉන්දික

      Delete
  24. ඉතාම හොදට මේ ලිපිය ලියලා තියෙනවා...ලිපියෙන් කියවෙන සංවේදීකම අපේ හිත් වලට හොදින් කා වදිනවා...ඔබේ හැකියාව ගැන මට ඉතාමත් සතුටුයි ඔමායා...ඔබට ඔබේ ලිපි වලින් යමක් හොදින් අවධාරනය කරන්න හොද හැකියාවක් තිබෙන වබ පේනවා...මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ මෙවැනි දුක්බර අත්දැකීමක් දෙමාපියෙක් ලබන්නෙ තමන්ගෙ පින් පව් අනුව කියලයි. ඒ නිසාම මම හැකි තරම් පවු වලින් ඈත්ව ඉන්නයි උත්සාහ කරන්නෙ...අපේ නැදෑ පරපුරේ කිසිම තැනක මෙවැනි ආබාධිත දරුවන් නෑ...ඒ නිසා මගේ අනාගතය ගැන පොඩි සහනශීලී හැගීමක් දැනෙනවා....

    ඔබට මතකද කෝසල දූල්ලෑව දරුවා...ඔහුත් සෙමෙන් මනස වැඩෙනා වර්ගයේ දරුවෙක්...නමුත් උගත් දෙමාපියන්ට දාව උපන් නිසා අනෙක් ආබාධිත දරුවන් බහුතරයකට ලැබෙන සැළකීම නොවෙයි ඔහුට ලැබුනෙ...ඔහු දැන් ඉතාමත් හොද ළමා නර්තන ශිල්පියෙක්...මිරැන්ඩා හේමලතා මහත්මිය තමයි ඔහුගෙ ගුරුතුමිය.

    ඇයි මේ පෝස්ටුවට මොනාලිසා කියලා නම දැම්මෙ...මොනාලිසා මෙවැනි අත්දැකීමක් ලබපු කෙනෙක් නෙමෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. සිරා කර්මය වරදවා වටහාගෙන.. මේ ආත්මෙ නෙවෙයි පසුගිය ආත්මවල දෙවල් පලදරන්න පුළුවන් මේ ආත්මෙ.. මාත් ඔහොම හිතූ කෙනෙක්. අපෙත් දන්නා පවුලක විශේෂ දරුවෙක් නෑ. අනික සිරා මං හිතන්නෙ නෑ නරක කර්මයක් කියල. මේ ලැබුණ අවස්ථාව තවත් ප්‍රාණියෙක් ඉහල තලයකට ගෙනියන්න ලැබෙන අවස්ථාවක්. ඒක නිසා මනුස්සයෙකුට වෙන වෙනස මං දන්නවා. අපෙ පුතා නිසා අපි මනුස්ස ගුණ ධර්මවලින් ඉහලට යන්න ඉගෙන ගත්තා. ජීවිතේ අවබෝධ කර ගත්තා.. මේ අතින් අපි බෞද්ධයො හරිම දුප්පත්.. මම ඔහු පෙන්නු එක සිංහල ක‍තෝලික විශේෂඥයෙක් ඔය ගැන කතා කලා. එයා කිව්වෙ මෙහෙමයි.." ඔයාල දන්නවද ? මේ තමයි දෙවියන්ගෙ දරුවෝ.. එයාල ලඟ තියෙන්නෙ දෙවියන්ගෙ ගතිගුණ ..ඔයාල ලඟට එයාලව එවන්නෙ දෙවියන් වහන්සේ ආදරය දෙන්න පුළුවන් නිසයි.. ඔයාල එහෙම ‍තෝරග්ත්ත පවුලක්.?"" කොච්චර අපූරුද ඒ චින්තනය ? හරියට බුදු දහම ඉගෙන ගත් කෙනෙක් හිතන්නෙත් ඔහොමම තමයි..

      Delete
    2. මෙයට මම එකගයි සරා.
      ඔහු කියා තිබෙන්නේ නියම සත්‍යය.

      Delete
    3. ස්තුති සිරා අයියේ.. ඒ වගේම sarath අයියාගේ කොමෙන්ට් එක තුල ඔයාට යමක් තියෙනවා ..
      මං අහලා තියෙනවා බුදුදහමේ තියෙනවා
      උප්පජ්ජ වේදනීය කර්ම
      දිට්ටධම්ම වේදනීය කර්ම
      අපරාපරිය වේදනීය කර්ම
      අහෝසි කර්ම ආදී වශයෙන්.. (මා බවුධයෙක් නොවෙමි ඒනිසා වරදක් ඇත්නම් සමාවෙන්න ) මේ අනුව අප කරන කර්ම මේ ආත්මයේ සහ ලබන ආත්මයෙත් ... පෙර ආත්ම වල කර්ම මේ ආත්මයෙත් වශයෙන් පරිසන් දෙන්න පුළුවන් ,, අපි පව්කරලා නැහැ කියන්න නම් කිසිම කෙනෙක්ට බැහැ මගේ ආගමේ විදියට ,, සරත් අයියගේ කොමෙන්ට් එකේ තියෙන අකුරක් නෑර සත්‍යයි .. අනාගතේ මං මේවගේ දරුවෙක්ට අම්මා කෙනෙක් උනොත් මං මගේ ඒ වගකීම එහලින්ම ඉටුකරන්න බලාගෙන ඉන්නවා ,,

      Delete
    4. ///ඇයි මේ පෝස්ටුවට මොනාලිසා කියලා නම දැම්මෙ..//// අනේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි උනානේ ,,, මොනාලිසා කදුළු අතරින් සිනාසෙන කෙනෙක් නිසා ඒ වගේම මං එයාගේ ජිවිතේ කතාවටත් ආසයි ..

      Delete
    5. බුදු දහම අනුව විස්තරයක් මෙතන තියෙනවා
      http://www.budurashmiya.net/2010/06/blog-post.html

      Delete
    6. විශ්ව, ඔබගේ යොමුව ඉතා වැදගත් නමුත් අප මේ පිළිබ‍දව මේ තරම් දීර්ගව නෙබලා
      බුදු දහමේ එන නියාම ධර්ම තුලින් අවබෝධ කරගත හැකියි
      1. උතු නියාම
      2. බීජ නියාම
      3. චිත්ත නියාම
      4. ධම්ම නියාම
      5. කර්ම නියාම

      මම හිතන විදියට මේ පිළිබද විස්තයක් කල යුතු නැහැ
      ඔබම සොයා බලන්න..(අවශ්‍ය වේ නම් අදාල නියාම ධර්මයන් පිළිබදව කරුණු ගෙනහැර දැක්විය හැකියි)

      Delete
    7. @සී.ජේ. විදානේ ඔබගේ කතාව හරි. විශ්වය සිදුවන සියලු ක්‍රියා පාලනය වන්නේ ඔය පංච නියාම ධර්ම වලින් එකක් හෝ කිහිපයක සම්මිශ්‍රණයකින් එම නිසා මේ කරුණත් එතනින් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. කර්ම නියාම සහ බීජ නියාම දෙක මැදිහත් වීමක් මෙවැනි දේට හේතුව ලෙස පෙනෙනවා. මම දකින විදියට සරල විස්තරයක් කරන්නම් වැරදි ඇතොත් නිවැරදි කරන්න

      වර්ණදේහ මගින් ඇතිකරන ගැටළු නිසා ඇතිවන Down's syndrome වැනි තත්වයන් යටතේ නේ මෙවැනි අය බිහිවෙන්නේ. එනම් මෙවැන්නෙක් සිටින කලලයක් ඇතිවන්නේ බීජ නියාම නිසා. ඒ වගේම එවැනි කළලයක් හරහා ප්‍රතිසන්දියක් ඇතිවීමට නම් එම කෙනාගේ කර්ම නියාමය හේතු වෙනවා. ඒ වගේම මෙවැන්නෙක් බිහිවීමට මවුපියන්ගේත් කර්මය හේතු වෙනවා.
      අනෙක් පැත්තෙන් යමෙක් බිහිවෙන්නේ අහේතුක, ද්වි හේතුක හෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් මගින් මෙවැනි ප්‍රතිසන්දීන් අයත් වෙන්නේ අහේතුක ප්‍රතිසන්දි යටතට.

      Delete
    8. @ සී,ජේ.& විශ්ව........දැන් මාව අල්ලලා..හොල්ලලා..උස්සලා..බිම ගහපන්...

      ඔය කියන ඔක්කොම හේතු මත ලෝකෙට දායාද වෙන ඒ අහිංසකයාට අපි ඉතුරු දේවල් කරන්නේ ඔය උඹලා කියන බීජ වලින් මොන බිජ්ජ ඉස්සරහට අරගෙනද? අපි කතා කලයුතු ඔය බිජු ගැනද...එහෙම නැත්තම් පවතින යථාර්තය ගැනද? මාතලන් කියන විදිහට අපි සයන්ස් ලැම්බොගිනි එකේ නැගලා තර්කයන් කියන ගල් කරත්තයට නගිමුද? එහෙම නැත්නම් විද්‍යාව කියන ගල් කරත්තයට ගොඩවී..එය දියුණු ඇසින් බලමුද? ඉපදෙන දරුවා ඉපදෙන්නේ සතර පෙර නිමිති බලා නොව බව මම විශ්වාස කරමි. එහෙම ඉපදුනේ බුදුවරයෙක් වූ සිදුහත් කුමරා පමණි. වලාකුළු කලු වන්නේ වහින බව කියන්නටය. එහෙම නැතිව අමුඩ ඇඳ ගන්නට නොවය.

      බුදුන් දේශනා කල සේම කේන්ති නොගෙන උත්තරයක් දෙන්න.

      Delete
    9. මොකක්ද කරුමේ කියන්නේ ?

      Delete
  25. අපෙ නැ වෙන අක්ක කෙනෙක්ට ඔයවගෙ දරුවෙක ලැබුන.බැදල හිටපු බුරුව දරුව ලැබුන දවසෙ ඉදල අක්කට බැන්න එය බබා ලැබෙන්න ඉන්නකොට හිතපු එව නිසා කියල.අනෙ දවස් 6කට පස්සෙ ගෙදර එක්කන් ගිය දවසට පස්සෙන්ද දරුවත් අරන් ලිදට පැනල මැරුන.මතක් වෙනකොට මාර දුකයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේ මිනිස්සුත් ඉන්නවා තමයි අයියේ ශික් ... පව් ඒ අක්කා

      Delete
  26. අද බ්ලොග් වලින් ඉස්සෙල්ලම ආවේ මේ පැත්තට.. හිතට දැනුනේ පුදුමම දුකක්.. කතාවේ ඊලග කොටසත් දාන්නකෝ..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද දිනේෂ් ජිවිතේ හැටි ඔහොමයි , අපිට මෙවැනි දේ අහලා දැනෙන දුකට වඩා කොතරම් වැඩියෙන් මේ දේ විදින අය අත්දකිනවා ඇත්ද ..

      Delete
  27. සියළු දෙනාගේම දැනගැනීම පිණිසයි.

    'ක්ලෙෆ්ට් පැලට්' හෙවත් බිඳුණු තොල බොහෝවිට වෛද්‍ය ප්‍රතිකර්ම මගින් සාර්ථක තත්වයට ගන්නට පුළුවන්. අන්තර්ජාලයේම සොයා බැලුවොත් එවැනි විස්තර තිබෙනවා.

    'ඩවුන් සින්ඩ්‍රෝම්' තත්වය ගැන දැන් ක්‍රමයෙන් අපේ රටේ ආකල්ප වෙනස්වෙමින් පවතිනවා. එය වෙනස් කළ හැක්කේ සාමාන්‍ය අධ්‍යාපනය තුල ඔවුන්ව පිළිගැනීම සඳහා පාසල් දරුවන්ගේ ආකල්ප සියුම්ව වෙනස් කිරීමෙන්. රට පුරාම දැන් විශේෂ අධ්‍යාපන එකක සෑහෙන ගණනක් තියනවා.

    'අවුටිස්ටික්' තත්වය පාලනය කරන ප්‍රතිකර්ම දැන් වඩාත් දියුණු තත්වයට පත්ව තිබෙනවා. මේ කිසිදු දරුවකු රෝගියකු නොවන බවත් අප විසින් කලයුත්තේ ඔහුව සමාජය වෙත පිළිගැනීම සහ ඔහුට හැකිතරම් ස්වාධීනව කටයුතු කිරීම සඳහා ආධාරවීමත් පමණයි.

    ලංකාවම ආදරය කළ හමුදාවේ මහ සෙනෙවියකුටත් මෙවැනි දරුවකු ඉන්නවා. ඒ කාලේ ඔහුව සෑම හමුදා උත්සවයකටම රැගෙන ආවා මට මතකයි. එයින් ඒ දරුවාගේ මානසික වර්ධනයට මහත් පිටුබලයක් ලැබුනා. මුලින්ම අපි තමයි අපේ ආකල්ප වෙනස් කරගත් යුත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ස්තුති ඔබේ පැහැදිලි කිරීම එකතු කිරීම ගැන ,, එසේම පුංචි දෙයක් එකතු කරන්න කැමති.
      //'ක්ලෙෆ්ට් පැලට්'// කියන්නේ විදලිත තල්ල එහෙමත් නැත්නම් බෙදුණු තල්ල , පිටතින් නොපෙනුනාට මේ තත්වය "ක්ලේෆ්ට් ලිප්" කියන තත්වයට වඩා ටිකක් බරපතලයි .. ස්වසන අපහුතා මෙන්ම මේවගේ දරුවන්ට මව්කිරි මවගෙන්ම උරා බිමේ හැකියාව නැහැ මුඛ්‍ය සහ නාසය එකිනෙක විවුර්ථ ව ඇති නිසා , එවැනි දරුවන්ගේ ශල්‍යකර්ම පවා සිදු කරන්නේ මාස 6 -18 වගේ කාලයක් ගිහින් ,,,, ක්ලේෆ්ට් ලිප් තත්වය නම් මාස 3 නෙන් පසු දරුවා නිරෝගිනම් සහ නියමිත බරින් ඉන්නවා නම් සිදු කරනවා ...

      ඔව් අයියේ මෙවැනි දරුවන් වෙනුවෙන් ජාතික මට්ටමෙන් නිතර දැනුවත් කිරීම් පවත්වනවනම් ,, රටේ මිනිස්සුන්ගේ ඔලු වලට මේ දේවල් ඇතුල් කරනවා නම් එවැනි දරුන්ගේ මානසික මට්ටම සහ දෙමවුපියන්ගේ මානසික මට්ටම පවා යහපත් වේවි

      Delete
  28. මොහොතකට නැවතුණා හිත.. විදීම දුක්බරය.. සැබෑය.. හිනැහේවි ඔබ මතු දිනෙක

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මල්ලි

      Delete
  29. ඔමා......සරත්ගේ කතාව ජීවිතය කරදරයක්ය කියා හිතන අයට නැවත හිතා බලන්න බල කරනවා...මගේ තරුණ යාළුවෙක්ගේ පුතා ඕටිස්ටික් දරුවෙක්. මෙවැනි දරුවන් දෙස ඉතා විමසිල්ලෙන් බලන් ඉන්න ඕන. පිටරටකදී තත්වය තවත් අමාරුයි. තමන් හිසට තම අතමය සෙවන කියලා කියනවනේ. ඕටිසම් වලට වෛද්‍ය ප්‍රතිකාර ප්‍රයෝජනවත්ද කියන ප්‍රශ්ණය තිබුනා. මේ නිසාම ඔවුන් ලංකාවට ගියා. ටික කාලයකින් බිරිඳ ඔවුන්ව හැර දෙමව්පියන් වෙත ගියා. දරුවා තවත් අසරණ වුනා. උසාවිය දුන් අවසර මත ඇය දරුවා බලන්න පැමිණුන හැම වාරයකටම පසු මේ දරුවා තව තවත් ව්‍යාකූල තත්වයකට පත්වුනා. තවත් හේතුන් මත උසාවිය ඇයට දරුවා බැලීම තහනම් කලා. ඇය ඉතා සතුටින් එය බාරගෙන තිබෙනවා.. මෙහෙමත් අම්මලා...දැන් ඒ දරුවා මේ සඳහා විශේෂිත ස්ථානයක ඉගෙනගන්නවා.

    ඔබේ ලිපිය ඇස් ඇරවීමක්....

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සුත් ඉන්නවා නේද ,, හ්ම්ම්

      Delete
  30. කවුරුත් වැඩිපුර කතා නොකල මාතෘකාවක් ඔමා. දෙවැනි කොටසත් දාමුකො. ඔහොම දරුවෙක් ඉපදුනාම අහළ පහළ උන් කතා හදන එක නම් සම්පූර්ණ ඇත්ත. ඒ දෙමවුපියන්ට කතා හදන එක තමයි හපන්කම කියල හිතන්නෙ. මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙකුටත් ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙන නිසා අත්දැකීම් තියෙනවා ඒ දෙමවුපියො විඳින දුක ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව් යශෝ මාත් දැකලා තියෙනවා ,,ඒ වෙනුවෙන් පුංචි හෝ දෙයක් කරන්නයි මේක ලිවේ

      Delete
  31. සංවේදීම මාතෘකාවක්. මට අත්දැකීමක් නැතත් පාරෙදි හෝ මෙහෙම ළමයෙක් දැක්කම මට හිතෙන්නෙත් ඔය අපූර්විට හිතුන දේවල්ම තමයි. ඔය ගැන කියන්න මටත් බොහෝ දේවල් තියනවා ඒත් අවාසනාවට වෙලාව මදි... දෙවනි කොටසත් දාන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මේ ලෝකේ හැම මනුෂ්සයටම එහෙම හිතෙනවා නම් කොච්චර හොදද ,,ලියන්නම් හැකි ඉක්මනින්

      Delete
  32. බ්ලොග් ලියන කියවන අයට මේ පණිවුඩය දැන් ලැබුණා. ඒත් මේ ලංකාවටම ගෙනියන්න පුළුවන් විදියක් අපි හිතන්න ඕනේ දැනුවත් මිනිසුන් වශයෙන්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ,අයියේ ,,තනියෙන් කාමරේකට හිරවෙලා ඉන්න මට පුළුවන් එකම දේ මෙච්චර වුණාට අපිට එකතුවෙලා සමාජෙට යම් දැනුවත් කිරීමක් දෙන්න පුලුවන්නම් ,,

      Delete
  33. හිතට දුකක් වගේම පුංචි බයකුත් දැනුන ඔමා මේක කියවද්දි. මේ වගේ කතාවක් කාටවත් ජීවිතේ කොටසක් කර ගන්න ලැබෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා. ඉතුරු ටිකත් ඉක්මණට ලියන්නකො.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න බය වෙන්න එපා ..මේ ලෝකේ ඕනේ තරම් විවිධ අඩුපාඩු සහිත පුද්ගලයෝ ඉන්නවා ,,,මොනවා කරන්නද ජිවිතේ දෙන ඕනේ දෙයක් බාරගන්න ඕනේ,, වැඩිදුර කොමෙන්ට් කරනවට වඩා ඊලග කොටසේ ලියන්නම් මට හැකි පමණින් ,, සතුටින් ඉන්න ඕනේ නිතර ජිවිතේ අපිට මොන අභියෝගය දුන්නත් , :)

      Delete
  34. මේ සංවේදී පොස්ටුව හා කමෙන්ටු සියල්ල කියවා බලු මට සිතුනේ වටිනා මාතෘකාවක් ඉතා සද්බාවයෙන් විවිධ පැති වලින් සකාච්චා කෙරු හොඳ මණ්ඩපයක් බවයි. සෑහෙන්න දැනුවත් වුනා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔබට ඇවිත් කියවා අදහස් බෙදා ගත්තට ,,

      Delete
  35. මට හැමදාම පාරේ දකින දුප්පත් පොඩි එව්වෝ, ආබාධිත අහිංසක දරුවෝ දකිං කොට එයාලා වෙනුවෙන් මොනවා හරි මගේ ශක්ති ප්‍රමාණයෙන් දෙයක් කරන්න හිතෙනවා. මම එහෙම දේවල් කරනවා පෞද්ගලික මට්ටමෙන්. ඊට වඩා එහා ගිය සංවිධානාත්මක ව්‍යුහයක් තියේ නම් ඊට වඩා දෙයක් කරන්න තිබුනා.

    ඔමා, සුපිරියි නගේ, සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ,, එවැනි දෙයක් තිබ්බොත් මාත් උදවුකරන්න දෙපාරක් හිතන්නේ නැහැ

      Delete
  36. පරක්කු උනත් ආවා.. මේ වෙනකොට දෙවෙනි කොටසත් දාල හින්ද ඒකත් කියෝලම එන්නම්

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...