Wednesday, November 13, 2013

ඔමාගේ සස සහස් (වටිනා සූපසාස්තර පාඩම් මාලාව)

වටිනා සූපසාස්තර පාඩම් මාලාවේ තෙවැන්න 
බෙල්පෙපර් සලාදය 
මුලික පාඩම් මගහැරුනා නම් පහත සබැදියන් භාවිතා කරන්න 

෴බෙල්පෙපර් සලාදය෴
(පිල්පිලීම් සැලඩ් ) 


කෑම උයන්න නොදන්නා සහ කෑම පිසීම වෙනුවෙන් ලොකු කාලයක් යොදවන්න අකමැති මෙන්ම අධික කාර්යබහුලත්වය නිසා ඒ වෙනුවෙන් කාලයක් නොමැති අය වෙනුවෙනුයි මගේ මේ සූපසාස්තර් ...අහලා බලන්න වරදින්නේ නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • වර්ණ කීපයකින් බෙල් පෙපර් ගෙඩි 5ක් හෝ 6 ක් 
  • හොදින් ඉදුණු තක්කාලි කිලෝ එකක් 
  • අමු මිරිස් කරල් 3ක් 4ක් 
  • එළවළු තෙල් 
  • මිරිස් කුඩු 
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු 
පිළියෙළ කරගන්නා ආකාරය: 
මුළින්ම බෙල් පෙපර් ගෙඩි අවන් එකක හෝ බාබකිව් උදුනක තරමක් පුළුස්සා ගන්න.. අවන් එකක නම් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ පැය බාගයක් පමණ.. බාබකිව් උදුනක නම් ඒ මේ අත පෙරලමින් බීටා  රූපයේ ආකාරයට පෙපර් ගෙඩි පුළුස්සා ගන්න (නමුත් ගෑස් ලිප මත තබා නම් පුළුස්සන්න එපා එය අනාරක්ෂිතයි ) 

බීටා රූපය 
ඉන්පසු එම පුළුස්සා ගත් පෙපර් ඇල්වතුර බදුනකට දමා පිටත සියුම් සිවිය ඉවත් කරගන්න මෙය නිකම්ම ඉවත්වෙනවා අපහසු නැහැ.. ඉන්පසු ගෙඩි දෙකට පලා ඇට ඉවත් කරන්න ඇට ඉවත් කර දිග අතට තීරු තීරු කපන්න. ගැමා රුපයේ ආකාරයට කැබලි වී ගියත් ප්‍රශ්නයක් නැත. රස වැඩිවෙයි.
ගැමා රූපය

ඉන්පසු කපාගත් පෙපර් පසෙකින් තබා...තක්කාලි ගෙඩි කීපය ඇලුමිනියම් බදුනකට දමා එයට හොදින් නටවාගත් උණුවතුර දමන්න ,,තක්කාලි ගෙඩි වැසි යන මට්ටමට වතුර දමා විනාඩි 8 ක් 10 ක් වසා තබන්න..ඉන්පසු වතුර ඉවත්කර පෙර ආකාරයටම තක්කාලි වල උඩ සියුම් සිවිය ඉවත්කරන්න.. ඉන්පසු තක්කාලි ගෙඩි දෙකට පලා ඇට ඉවත්කරගන්න .. ඇට ඉවත්කරගත්  තක්කාලි කොටු ආකාරයට කුඩා කැබලි කපාගන්න...ඉන්පසු කපාගත් පෙපර් සහ තක්කාලි ලිප තබා පිසගැනීමට සුදුසු භාජනයකට දමා කලවම් කරන්න ,, එයටම   මිරිස් කරල් කීපයත් කුඩා සියුම් කැබලි වලට කපා එකතුකරගන්න ඉන්පසු බදුන ලිප තබා විනාඩි 15 ක් තැම්බෙන්න අරින්න.. ඉන්පසු එයට තෙල් මේස හැදී 5ක් (තක්කාලි කිලෝ එකට මම දාන ප්‍රමාණය ,, එකිනෙකාගේ තෙල් පරිභෝජනය අනුව ප්‍රමණය තීරණය කරගන්න තෙල් හොදින් ඇතිවිට රසයි ..ඔලිව් තෙල් තිබේනම් වඩා හොදයි )  සහ ගම්මිරිස් ,මිරිස්කුඩු ,ලුණුකුඩු තමන්ගේ කැමැත්ත අනුව එකතු කරන්න..ඉන්පසු හොදින් හැදිගාන්න..ඉන්පසු ගින්දර අඩුකර මද ගින්නේ පැය භාගයක් භාජනය හොදින් වසා පිසගන්න.,නැවත හොදින් හැදිගා ගින්දර අවම මට්ටමට අඩු කර තව විනාඩි විස්සක් පමණ පිසගන්න..ඉන්පසු සීනි මේස හැන්දක් එයට එකතුකර හොදින් මිශ්‍ර කර ලිපෙන් බාන්න.. ඉන්පසු නිවෙන්න හැර පිසගත්  සලාදය සුදුසු බදුනකටදමා ශීතකරණයේ තබන්න..හොදින් සීතල වූ පසු කෑමට ගන්න.    


*නිදහස් වෙලාවක මෙවැනි සලාදයක් සාදා ශිතකරණයේ තබන්න සතියකට පමණ සෑහෙන්න..හරිම රසයි....

*පාන් එක්ක ,බත් එක්ක හෝ ඔබට කැමති ඕනෙම දෙයක් සමග  ආහාරයට ගන්න පුළුවන් ...කාර්යබහුල අයට හරිම පහසුයි මේ වගේ දෙයක් හදලා තියාගන්න එක.අවශ්‍ය වෙච්ච වෙලාවට ෆ්‍රිජ් එකෙන් අරන් කන්න පුළුවන්..

ඒ වගේම ඉතාම පහසුවෙන් හදාගන්න පුළුවන්නේ ඕනෙම කෙනෙක්ට.. 

කලින් වට්ටක්කා ඉස්ටු වගේ බොරු ඒවා නෙමේ මං හදන ඇත්තම කෑමක් මේක ,,අසමෝදගම් ලගතියාගන්න ඕනේ නැහැ ... ඉදිරියටත් ලියන්නම් අන්තර්ජාලය තුල රැදෙමින් කාර්‍යබහුල වන අප ඔබ සියලුදෙනාගේ පහසුව පිණිස  රසවත් ආහාර වට්ටෝරු .__________
                  


101 comments:

  1. ෂා...!!!ගැහැණු දරුවෝ කෑම හදන්න දැනගෙන ඉන්න එක කොච්චර ශෝක්ද...

    ReplyDelete
    Replies
    1. ඉස්සර දන්නේ නැහැ සීයා තමයි කියාදුන්නේ

      Delete
  2. තක්කාලි කිලෝවක්? උඹට පිස්සුද අපුවෝ. කීයක් වෙනවා කියලද හිතන් ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. කිලෝවක් කකීවට මං අපි දෙන්නට කන්න කිලෝ දෙක හමාරක් හදනවා ,, එච්චර ගණන්ද පූමෝ ? එහෙනම් තක්කාලි නොදා හදන්න කියමු හි හි

      Delete
  3. තක්කාලි කියන්නේ ඔහොම උඹට ඕන විදියට පුච්චල කරල දාන්න තියෙන කෑමක් නෙමෙයි...

    ReplyDelete
  4. හෙහ් හේ.. කෙල්ලො මහ කපටී.. ප්‍රශ්න ආවහම ඒවට උත්තර දෙන්නෙ හොඳ රසවත් කෑමක් හදල දීල...

    ප්‍රශ්නෙ කිව්වෙ..අර කමෙන්ට් ප්‍රශ්නෙ..

    ReplyDelete
    Replies
    1. කොහෙද සැමා ,, මං දැක්කේ නැහැනේ ,, අපි පැන නොයමි ඈ

      Delete
  5. ඔය මැඩිටරේනියන් සී එක වටේ ඉන්න අය සළාද කන්න රුසියෝ.. ඕකට ඔලිව් තෙල් ටිකක්, පැප්‍රිකා කුඩු ටිකක්, සුදු ලූණු ගෙඩියක් දාගත්තම අපේ එකක් වෙනවා නිකන්ම.. කෙල්ලේ කට්සිලීම් හදන හැටිත් ලියන්න.. මගේ ප්‍රියතම ආහාරයක්..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ශබත් දවසට අපි දෙන්නා සලාද පහක් හෝ හයක් කනවා ..ඔව් අපි ඔලිව් දාන්නේ ඒත් අපේ ලංකාවේ ඔලිව් නැහැනේ එහෙම දාන්න ඒකයි එළවළු තෙල් කිවේ හ්ම්ම්, පිල් පිල් (ගම්බා ) මෙයාලා මිරිස් නොදා හදන්නේ , මං සීයට ටික ටික දාලා හදලා දැන් ගානට හායි හුයි කියලා කන්න හදලා දෙන්නේ ,, හට්සිලීම් බාබකිව් වගේද ? තව අර බිත්තර වල දවටලා බැදලත් පට්ට ..

      Delete
    2. ඹුන් දෙන්නා ඊස්රායෙල් කුනු හබ්බ ද කොහෙද මේ කියන්නේ ඉදගන , අපි දන්න එකක්යෑ හීබ්රු ඉදගන

      Delete
  6. ඕක සලාදයක් උනේ කොහොමද කියලා මං කල්පනා කළේ.. පුච්චලා, තෙල් දාල, තම්බල, ෆ්‍රිජ් එකේ දාල... හි හි...

    හා කමක් නෑ.. මාත් ඔය ෂෝට් ඇන්ඩ් ස්වීට් කෑම ජාති වලට කැමතියි... උයන්න කම්මැලියනෙ.. හි හි

    ReplyDelete
    Replies
    1. මේක සලාදයක් අක්කේ , බෙල්පෙපර් පැණි රසයිනේ ,, අපි මිරිස් දැම්මට මෙයාලා මිරිස් දාන්නේ නැහැ ... මං ඔය මිරිස් දාලා සීනි දාල හැදුවට.. ෆ්‍රිජ් එකේ නොදා කද්දී කිසිම රසක් නැහැ අලිගැට පේරත් අපිට පළතුරක් උනාට මෙහෙට සලාදයක්

      Delete
    2. @ හිරු සහ ඔමා......මේ ඩිශ් එක කුකරි වලදි සැලඩ් එහෙකට වඩා Pepper pesto කියා හෝ pepper dip කියලා කියන එක තමයි නිවැරදි

      Delete
  7. මේක මොන රහට තියෙයිද කියලා මට හිතාගන්න බෑ.

    අපූර්වි දන්නවද පිටි නැතිව ලැවරියා හදන හැටි? ගල්බො‍රැල්ලෙ හිටපු අපේ යාලුවෙක් කිව්වෙ. ඒකත් මාරයි. Ingenious!

    ReplyDelete
    Replies
    1. හි හි එයත් මං වගේ වෙන්න ඇති අයියේ .. ඒ කොහොමද අනේ .. කියන්නකෝ ඉදගෙන

      Delete
    2. ෂුවර් එකටම මාතලන් වෙන්න ඇති.

      Delete
    3. නෑ බං හැලපේ. මේක කිව්වේ සැමුවෙල් රොඩ්‍රිගෝ නොහොත් අමාරිස් අයියා.

      ඔන්න අපූර්වි පාන් පිටි නැතිව ලැවරියා හදන විදිය ඉඳගෙන හෝ හිටගෙන.

      හොඳින් පැසුණු පොල් ගෙඩියක්
      සීනි
      ගම්මිරිස්
      කරදමුංගු
      කුරුඳුපොතු

      ඉස්සෙල්ලම පොල් ගෙඩිය ගාගන්නවා. ඉන් පස්සේ සීනි මේස හැන්දක් සාස් පානකට දමා ලිපේ තබා රන්වන් පාට හෝ තද දුඹුරුපාට වෙනකල් බැදගෙන කැරමල් එක හදාගන්නවා. ඉන් පස්සේ මේ කැරමල් එකට වතුර එක්කර ඉන් පසුව උකු වනතෙක් තවත් සීනි එක්කර රත්කරනවා. මීලඟට තලාගත් ගම්මිරිස් ඇට කීපයක්, කරදමුංගු හා අවශ්‍යනම් කුරුඳුපොතු මේ මිශ්‍රණයට එක්කරනවා. අවසානයට ගා ගත් පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන ලිපෙන් බාගන්නවා.

      ඉන් පසුව කඩෙන් ගෙනා ඉඳිආප්ප වලින් එකක් පැත්තකින් තබා අනිත්වා මැද්දට මේ ඔබ සාදාගත් පැණිපොල් මිශ්‍රනය ටික ටික තබා දෙකට නවා මේසයට යවනවා.

      ඉන්පස්සේ ඉඳගෙන කනවා.

      Delete
    4. හරියට හරි,යකෝ මේ ක්‍රමේ මතක් උනේ නෑනෙ ඉඳගෙන

      Delete
    5. අෆෝ මං ආසාවෙන් කියෝගෙන ආවා මදැයි .... :( හොද නැහැ අප්පා ,, හෝප්ස් ඔක්කොම සීසීකඩ

      Delete
    6. හැලප අයියා කියන්න බලන්න කුරක්කන් පිටි නැතුව හැලප හදන විදිය ඉදගෙන :)

      Delete
    7. @Henry.. පැත්තකින් තියපු ඉදිආප්පෙ?

      Delete
    8. අන්න උඹට විතරයි තිසර පැත්තකින් තිබ්බ ඉඳිආප්පේ මතක් වුනේ. ඔඋඹ මාර මීටරේ ඈ. ය ඉඳි ආප්ප ඔය විදියට දෙකට නැමිලා හිටින්නේ බොහොම කලාතුරකින්. එතකොට අර කිව්ව ඉඳිආප්පෙ නූල් වෙන් කරගෙන ඒ නූල් වලින් දෙකට නවපු ඉඳිආප්ප වලට ගෝනි මැස්මෙන් මැහුමක් දාන්න ඕනෙ. මේ කෑල්ල අමාරිස් අයියගේ නෙවෙයි. ඒ ඔස්සේ හිත මෙහෙයවපු ඩූඩ්ගේ අදහසක්.

      Delete
    9. අපි ඇහුවේ නැත්තේ හිතුණා ඒකෙන් නූල් ගන්න තමයි කියලා ... :)

      Delete
  8. හරියන්නෑ හරියන්නෑ.
    කියන්න කණගාටුයි අපේ බබා හම්බවෙන්න ඉත්දි මං ඔය 'බෙල් පෙපර්' ගෙඩි ටිකක් අරන් ගියා ගෙදර. කොහොම හරි ඕකේ සුවඳ දිරෙවුවෙ නෑ මගෙ ප්‍රියම්භිකාවට. මෙන්න දැම්මෙ නැත්ද ගමකට වමනේ.
    දැන් ඉතිං දොලදුක් අනම් මනම් ඉවර වෙලත් වයිෆ් ඕවා ගෙවල් පැත්තෙ ගේන එක තහනම් කරලා තියෙන්නෙ.
    දුක තමා මක් කරන්නද?

    ReplyDelete
    Replies
    1. නැහැ ප්‍රියා මේක පැණි රසයි හදලා දීලා බලන්න ඉල්ලා ඉල්ලා කයි රසයි .. වමනේ දාන්න ඇත්තේ බබා හම්බවෙන්න නිසානේ , දැන් කයි

      Delete
  9. අපි ඕවට කියන්නෙ කැප්සිකම් කියලා... මම නම් ගෑවුණ තැනකවත් ඉන්නෙ නෑ... ඔය ගැස්ට්‍රයිටීස් එහෙම තියන කට්ටියට කැප්සිකම් කෑවහම වැඩිවෙනවා... අනික තක්කලි... පේන්න බෑ... මම අකමැති දේවල් අහක් කරලා ඕක හැදුවොත්.. උණු වතුරට ලුණු දාපු කැඳ එකක් හැදෙන්නේ...

    ReplyDelete
    Replies
    1. තිසර උඹ කියන කැප්සිකම් සහ බෙල් පෙපර් දෙකම එකයි කියන කතාව ඇත්ත වෙන්න ඇති. අපි නම් කැප්සිකම් කියන්නේ ලංකාවේ මාළු මිරිස් කියලා හඳුන්වන මිරිස් කරලට. බෙල් පෙපර් කියන්නේ බෝල් ගෙඩි වගේ තියෙන රතු කහ කොළ පාට මිරිස් වලට.
      උඹලා එතකොට මාළු මිරිස් වලට මොනවද කියන්නේ?

      Delete
    2. මචං... ඔය ලංකාවෙ තියන එක මෙහෙ හොයාගන්න හරිම අමාරුයි, ඒෂියන් කඩයක තිබ්බොත් මිසක්.. එහෙම තිබ්බොත් ඒවගේ තියෙන්නේ උන්ගේ මොනවහරි නම්... හැබැ‍යි මේකට සමහරු "බනානා කැප්සිකම්" කියලා කියනවා.... මෙහෙ භාවිතා වෙන කොමන් එක ඔය බෙල් පෙපර් කියන වර්ගය නිසා ඒකට නිකම්ම කැප්සිකම් කියලා කියනවා...

      Delete
    3. තිසර @මාත් ඉස්සර ඔහොමයි තිසර ,, ගොඩක් රසවත්ව හදාගන්න පුළුවන් කෑම වර්ග අපිට මග හැරෙනවා ඒ එළවලුවට දක්වන අප්‍රියතාව නිසා ,, ඒ ඔයා මුලින් කාලා තියෙන විදිය නිසා ,, හදලා බලන්න හරිම රසයි .. ආදරේ කරපු කෙනා දාලා ගියාම ආදරේ කියන්නේ දුකක් ,බොරුවක් ,වංචාවක් කියලා අපිට නිගමනය කරන්න බැහැනේ ,, අන්න ඒ වගේ ආයේ පාරක් වෙන කෙනෙක්ට ආදරේ කරලා බලන්න වෙන විදියකට හි හි ....ඒ වගේම බෙල්පෙපර් කියන්නේ මෙකට ලෝකෙම පිළිගත්ත නම , ඒත් සමහර රටවල කැප්සිකම් කියනව බෙල් පෙපර් වලටත්

      Delete
    4. @තිසර&ඩූඩ්........මේ සියල්ලක්ම චිලි හෝ කැප්සිකම් පවුලට අයත් වර්ග. කුකින්වලදී මේ පවුලට අයත් වර්ග 20-30ක් භාවිතා වෙනවා. මෙක්සිකන්, ඒශියන්, සහ මෙඩිටෙරනියන් කුකින් වලදී භාවිතා වෙනවා.. ලංකාවේ කොච්චි, නයි මිරිස් ආදියත් මේ පවුලේ ඒවා. බෙල් පෙපර් කියන්නේ තවත් වර්ගයක්.

      Delete
  10. හදල කාල බලල ගුණ පන කියන්නං

    ReplyDelete
    Replies
    1. හදන්න ඕනේ එහෙනම් මේ සෙනසුරාද හොදේ

      Delete
  11. මටනම් පේන්නේ අච්චාරුවක් වගේ

    ReplyDelete
    Replies
    1. හි හි විනාකිරි එහෙම දාන්නේ නැහැනේ ඒ නිසා මේක අච්චාරුවක් නෙමේ ,, අච්චාරු කෑමක්

      Delete
  12. අරේවා මෙරේ දීදී,

    මෙන්න! මගේ කුලුඳුල් කමෙන්ට් රත්නය........!

    අක්කණ්ඩියේ, ඔබතුමිය අවිවාහක යුවතියක් වීම (පිරිමි ) ජාතියේම වාසනාවකි!!!!!!!!!

    මොකද, මේ තියෙන කෑම කෑවොත් උන්දැට සතියක් යනතුරු "උදර් චලෝ" වීම වලක්වන්න සක්කරයගේ මාමණ්ඩි "කෙන්ජි මාමා ජීට" වත් බෑ නෙවැ!!

    හික්z!!!!!!!


    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. පිල්ලී මුන්නා අනි කසෆ්ති අතා මෙරේ බොහොත් බඩා දෝස්ත් කියලා ඉදගෙන

      Delete
    2. හුටා ,, මෙරේ ලැන්ග්වේජ් චේන්ජ් හුවා ඉදගෙන .. මේ හිබ්රු කෑල්ලක් .. තැන්කු පිල්ලි මුන්නා ,, දිගටම රැදී ඉන්න ,,

      Delete
    3. මේක හරියන කේස් එකක් නෙමෙ මෙන්න ඒ පාර මොනවද අමුතු බාසවක් . . .

      Delete
    4. හික්z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  13. මෙව්වට නම් උනන්දුවක් නැතෝ!!! ඔමා සූපවේදිනියට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. හි හි ඔයා මල් පැල හිටවනවනේ ඒකත් මරු .. හි හි තැන්කු ඈ

      Delete
  14. ඒකත් ලේසි වැඩක් නෙවෙයි.. ඒත් හදාගත්තොත් ම්ම්..

    ReplyDelete
    Replies
    1. අමාරු නැහැ අයියේ විස්තරාත්මකව ලිවේ පහසු වෙන්න රසයි

      Delete
  15. නංගි මටත් ආසයි ඔය සලාදේ කන්න ,, හැමදාම ,, ඔයාට බැරිද මගේ බිරිද වෙන්න ,, මං ආදරෙයි

    ReplyDelete
    Replies
    1. අම්මට කියලා හදාගන්න ඇනෝ .. සලාදයක් හදාගන්න මාව බැදගෙන අන්තිමට වහ කන්න වෙයි .. මට වයිර නොකර ආදරේ කීවට ස්තුතී

      Delete
    2. ඇනෝ ජී,

      මචෝ, බෙල්පෙපර් කෑල්ලක් කන්න තියෙන ආසාවට උඹෙ ලයිෆ් එකම උකස් තියන්නද හදන්නේ..........??

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. පිල්ලී මුන්නා එහෙම කියන්න එපා ඉදගෙන

      Delete
    4. අපූර්වී දීදී,

      සත්‍ය බොහොත් බොහොත් තිත්ත හේ!!!!!

      හික්z! :D

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  16. පාස්තා එක්කත් මේක පුළුවන් නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් පැස්ටා කද්දී දාගන්නවා ,, ටිකක් සැරට හදලා

      Delete
    2. හයියෝ, ඉතාලි කාරයෙක්ට ඇහෙන්නනම් පැස්ටා කියන්න එපා වැරදිලාවත්..

      පාස්තා, ඉට්ස් කෝල් පාස්තා..

      Delete
    3. හි හි ඔව් නේද මාත් අහලා තියෙනවා ඒක

      Delete
  17. හ්ම්ම්ම්ම්ම් මේක අපේ හාමිනේගේ අවධානය යොමු කරන්න ඕනේ ලිපියක්

    ReplyDelete
    Replies
    1. බනියට පෙන්නන්න ,, එයාගේ කකුල සනීපද දැන්

      Delete
    2. නැහැ නංගා. ඒ ඔපරේෂන් එක කල් ගියා. මුලින්ම බබාව හදල ඊට පස්සේ ඔපරේෂන් එක කරන්න තමයි කල්පනාව.
      http://chithula.blogspot.ae/2013/10/blog-post_3880.html

      Delete
    3. එහෙමද හැමදේම හොදින් වෙයි ,,

      Delete
  18. මට ඔය පාට දෙකෙන් බෙල් පෙපර් ටිකක් එවන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. හි හි එද්දී ගේන්නම්

      Delete
  19. අම්ම ගහයි බැට් එක හංගපන් මුල්ලක කිව්වලු. මම මේ පස්ට බඩගින්නේ මේක කියෙව්වේ. තාම උයලත් නෑ බොලව්. බඩගිනියි යකූ...

    ReplyDelete
  20. වයිපරෙට කියල හදවගෙන බලන්නම්.මොනවහරි උනොත් එහෙම බොලා තමයි හරිය

    ReplyDelete
    Replies
    1. සුවර් නැත්තම් අසමෝදගම් ලග තියාගන්න මොඅකටත්

      Delete
  21. ඈ බන් යසට තියන බෙල් මිරිස් ටික විනාස කොරල පැයක් විතර දගලනකොට බතකුයි එලෝලුවකුයි කුකුලෙකුයි යසට ඉයියහැකිනෙ බන්. හෙට හදන්න ට්‍ර්‍යි කරන්නම්කො. අනික ජර්මනි වලින්ද බන් පොටො නම් කලෙ. . ඉදගෙන. .

    ReplyDelete
    Replies
    1. හි හි ගරික් වලින් වෙන්න ඕනේ .. එක පාරයිනේ වෙලාව යන්නේ ඊට පස්සේ කන්න තමයි තියෙන්නේ ඉදගෙන

      Delete
  22. ඊයා බං... තක්කලි කන්නේ කවුද....
    බුවෑක්කා.... :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෆෝ උබ කැකිල්ලේ රජ්ජුරුවොනේ කාහං උතුමාණනි කැකිරි

      Delete
  23. මාත් දෙතුන් විදිහකට හදන්න දන්නවා අපි මෙහේ බෙල් පෙපර් වලට කියන්නේ පෙපරෝනි කියලා ,,,,මේ විදිහට හදලා නෑ බලමු දවසක හදලා

    ReplyDelete
    Replies
    1. අක්කේ පැටියෝ fb එකට ටයිප් කරලා දමන්ටකෝ අනේ එවුවගෙන් එකක් හදන්න මටත්

      Delete
  24. ඔමා......පෙපර්ස් රෝස්ට් කරන්න පෙර ඔලිව් ඔයිල්වලින් බ්‍රශ් කරගන්න. තවත් රසයි සහ සුවඳයි...

    ReplyDelete
    Replies
    1. හෙට හදද්දී කරන්නම් ,, අපි ඔලිව් තෙල් දාලා තමයි හදන්නේ ,හැබැයි ඔය විදිය ඊට වඩා රස ඇති ස්තුති

      Delete
  25. මේ වගෙ විවිධ ලිපි වලට අපි කැමතියි.ඊශ්‍රායල් ලිපිත් අතරින් පතර හරි දාන්න.මම නම් වැඩියම කැමති ඒවටයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හෙට අනිද්දා ලියන්නම්. අද ගියා DED සී , ලියන්නම් , මගේ පරණ ලිපි කීපයක් ඇති කියවන්න

      Delete
  26. ඉස් @ කුස්සියෙ

    ReplyDelete
    Replies
    1. කෝ දැන් හැදුවද

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  27. තක්කලි කන්න ඕනි අමුවෙන් .. ඉව්වම ගුනේ නැතිවෙනවා.. ඔන්න බලන්න මං දන්න ඒවා

    - මුදියා නොහොත් මොකාද මන්ද එකා -

    ReplyDelete
    Replies
    1. අනේ මුදියෝ ඔයාද මේ

      Delete
    2. ඔව් ඉදගෙන ඇයි අනේ මං මෙච්චර දවස් හිතුවේ වෙන කෙනෙක් කියලා

      Delete
  28. අර හතරවෙනි පින්තූරේ නම් කරල නෑ එකටත් ඹය මියු, ලැම්ඩා, ඩෙල්ටා, වගේ නමක් දැම්මනම් මේ අච්චාරුව සොරි සලාදෙ තවත් රසවත් වෙලා තියෙවි......
    ලස්සන කෑමක් ( හදල කාල බලන්න ඹන රසද කියලා.)

    ReplyDelete
  29. සුදෝ දන්නෙ නැති හින්දා අහන්නෙ...බඩ විරේකයටත් මේ වෑංජනය හොදාද ? ලංකාවෙ ක්‍රමයට පොල් සම්බෝලයක් හදා දෙන්න කියා දෙන දවසට නම් මම අනිවාර්යෙන්ම එමි. තව තවත් රස කෑම වර්ග හදන හැටි ඉදිරියට කියා දෙනවා නේද ? ජය !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉදගෙන එන්නකෝ

      Delete
    2. බඩ කුරු කුරු ගානකොටද ඉද ගන්න කිව්වෙ....

      Delete
  30. ඔච්චර මහන්සි වෙලා කාන්තාරෙ වවපු බෙල් පෙපර් ටිකට කරපු අපරාදෙ !!!

    ReplyDelete
    Replies
    1. අපරාදේ වගේද කෑවොත් සස ?

      Delete
    2. පත්තර මල්ලී භයියා,

      සිරාවට! ගෑනු අතකට අහු වුණොත් මොන සක්කරයට වුනත් ඔය සෙතේම තමයි!!

      හික්Z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අපූර්වී දීදී,

      ඒකනේ, ඔය දොස්තර සහබ්ලාත් කියන්නේ මාස තුනකට සැරයක්වත් විරේක බෙහෙත් ගන්න එක ඇඟට හොඳයි කියලා!

      නැද්ද අක්කණ්ඩි?!

      හික්Z!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. පිල්ලි මුන්නා බොහොත් සුක්රියා ,,, මෙරේ BODDY බ්ලඩ් ඔක්කොම රිවර් එකේ නාචේ ,, කර්තීහු දුප් :(

      Delete
  31. මේක කන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා මං අදත් කෑවා

      Delete
  32. ඔහේ තක්කාලි නම් කොහොමද දන්නේ නැ මෙහෙ ඒවා නම් අපේ අම්ම ඇලුමිනියම් එවෑ උයන්න දෙන්නේ නෑ විස වෙනවා කියලා ...

    ඕකට ගම්බිරිස් නොදා මිරිස් කුඩු ටිකක් දල ගත්තම tometo souse කියලා කියනවා සිංහලෙන්

    ReplyDelete
  33. අපොයි දෙවියනේ අර තක්කාලි ටිකටයි මාලු මිරිස් කරල් ටිකටයි දීලා තියෙන දසවද... :D රස ඇති කියල නම් හිතෙනවා.

    ReplyDelete
  34. මේ ප්‍රොෆයිල් පික් එකේ ඉන්නේ ඔයාමද ? හෙන සෙක්සි නෙහ් ! :)

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...