Thursday, November 7, 2013

ඉගිල්ලෙන සිංහයෝ Flying Lions

ඊයේ දවල් අහන්න ලැබුණ දෙයක් නිසා මගේ හිත නිතරම වදදෙනවා ප්‍රශ්න කරනවා මං නොකළ වරදකට ඇයි දඩුවම් විදින්නේ ...ඒ නිසාම ඒ දේ බ්ලොගේ ලියන්න හිතුණා ලියලා හිත නිදහස් කරගන්න . 
                            මගේ හොඳම යාළුවෙක්ගේ යාළුවෙක්  ලබන සතියේ ඊශ්‍රායෙල් එනවලු ...එයා එන්නේ සාත්තු සේවයට නම් නෙමේ ගොවිපළක වැඩට... මාස හතක වගේ විසා පදනමකට.... 'අර රජයට කඩේ යන අයට විතරක් හම්බෙන වීසා' ඔයාලත් දන්නවා ඇති...පස්සේ එයා ඒ ගැන විස්තර ටිකක් කීවා.. කළින් මේ විදියට දෙවතාවක්ම කණ්ඩායම් ඇවිත් තියෙනවා (හි හි කලින් දෙවතාවෙම ෆාම් වීසා වලට ඇවිත් පැනපු නිසා මෙදා නම් ලක්ෂ පහළවක විතර ඇපයකට අත්සන් අරගෙන තමයිලු එවන්නේ) .. මොනාටද දන්නවද ? තක්කාලි ගෙඩි කඩන්න , ගස් වලට සාත්තු කරන්න ,දොඩම් ගස් වල ගෙඩි කඩන්න කොරියාවෙත් යනවලුනේ කිරිදොවන්න අපේ රටෙන්...හ්ම්ම් ... දැන් හිතනවා ඇති ඔමාගේ හිත වදදෙන්න දෙයක් වුණේ නැහැනේ කියලා.. දැන් ලියන්නම්කො 
                                   
අපේ ශ්‍රී ලාංකිකයෝ ඕනේ තරම් පිටරට රැකියා කරනවා නමුත් ඊශ්‍රායලය කියන පුංචි කාන්තාර රටේ තක්කාලි කඩන්න,කටු ඇනගෙන සීතලේ වෙවුල වෙවුලා දොඩම් කඩන්න අපේ රටේ තරුණයෝ එවන්න රජයට ලැජ්ජා නැද්ද? මට ඔබ බනීවි සමහර විට..ඇත්තමයි මට සියුම්  කේන්තියක් ආවා මේක ඇහුවට පස්සේ.. මගේ කේන්තිය සාධාරණද අසාධාරණද ඔබ තීරණය කරන්න මගේ ලිපිය අවසානයේ 
       
මගේ රට සහ ඊශ්‍රායලය කියන රටවල් දෙකම නිදහස් රාජ්‍යයන් වුණේ 1948 ...එදාසිට මේ දක්වා ආර්ථික දියුණුව ඊශ්‍රායලයේ  කොච්චර වේගවත්ද ..එහෙත් අපේ ආර්ථිකය..ඒවාට ඕනේ තරම් උත්තර තියේවී..ඊශ්‍රායලයට අරවා තියෙනවා ..අපිට නැහැ .. එයාලට දියමන්ති තියෙනවා අපිට නැහැ ..
ඒත් අපිට තියෙන ගොඩක් දේවල් මේ රටට නැහැ...


  • අපිට  භුමිය වර්ගකිලෝමීටර් 65610 ක් තියෙනවා එයාලට වර්ග කිලෝ මීටර් 22072 යි
  •  අපිට වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය මි.මි 900 -5000 දක්වා ලැබෙද්දී ........ඊශ්‍රායලයට  වියළි ප්‍රදේශයන්ට මි.මි 250ක් සහ අනෙකුත් ප්‍රදේශවලට මි.මි 300-400ක් පමණයි මුළු වර්ෂය පුරාම ලැබෙන්නේ.. එසේම අපිට වගේ වසර පුරාම පැතිරුණු වර්ෂා රටාවක් නැහැ .
  • අපිට ළිදක් කපලා වතුර ගන්න පුළුවන් අපේ වත්තේ ඕනේ තැනක  ඒත් මේ රටේ මිනිස්සුන්ට එහෙම ළිං කැපුවට වතුර නැහැ..බොන්න වතුර නැහැ.. වැස්සට පිරෙන කිනර මුහුදේ වතුර තමයි රටේ වැඩි ප්‍රදේශයකට බෙදා හරින්නේ..කඩෙන් වතුර ගෙනත් තමයි බොන්නෙත්...
  • අපිට තියෙන සරුසාර පොළව මේ රටට නැහැ....දිය කදුලක් නැති කාන්තර පොළවක් තියෙන්නේ... 
  • අපිට තරම් ශ්‍රම බලකායක් නැහැ ජනගහනය අපේ ජනගහනය මෙන් 3 /1 යි ඉන්නේ...
  • 1948 ඉදලා අද වෙනතුරුත් ඔවුන් යුද්දෙක ඉන්නේ ... හැම පවුලකම එක්කෙනෙක් හෝ කීප දෙනෙක් යුද්දේ ඉන්නේ...
කෘෂිකර්මාන්තය පැත්තෙන් ඔවුන්ට කවදාවත් නොලැබෙන බොහෝ දේවල් අපිට තියෙනවා...අපිට අපේ පොළවේ රත්ත්‍රන් නිධි , බොරතෙල් ,දියමන්ති සහ ඊශ්‍රායලයට වගේ පිට රටවලට අවිආයුධ ,, රෝබෝයානා ,මෘදුකාංග හදලා විකුණන්න තරම් හයියක් නැති වුණාට අපිට මොකුත් නැහැ කියන්න පුලුවන්ද ? 
                                         අපිට ඉතාම සරුසාර පොළවක් ...වසර මුළුල්ලේ ලැබෙන වර්ෂාවක් තියෙනවා ඉතින් අපිට සම්පත් නැහැ කියන්න පුලුවන්ද ... ඒක එහෙම මං නිකන් කීවට අහපු වචන සෙට් එකක් විදියටම දැනෙන්න ඇති ... ඊශ්‍රායලය කියන්නේ වැලිමය නිසරු පසක් තියෙන රටක් වගාවකට ගන්න තරම් වර්ෂාවක් ලැබෙන්නේ නැහැ.. ඒත් මේ සරුසාර අපේ ශ්‍රී ලංකාවේ ඉදන් බත් කාලා හැදිච්ච හොද ජවසම්පන්න තරුණයෝ ඊශ්‍රායල් යවන්නේ  මොනා කරන්නද ..?
                                ගොවිපළවල ඊශ්‍රායල් ජාතිකයන් තමන්ගේ වගාවන් කරගෙන යාම සදහා ඉතා විශාල හරිතාගාර පද්ධති හදලා තියෙනවා ..සොබාදහම ඔවුන්ට නොදුන්න දේ ඔවුන් තාක්ෂණය හරහා ලබාගෙන තියෙනවා...පිට රටවලින් සේවකයෝ ගෙන්නලා කරන්න තරම් ඔවුන් මහාපරිමාණයෙන් මෙය ක්‍රියාත්මක කරලා තියෙනවා... මුළු අවුරුද්ද පුරාම කන්න පලතුරු , එළවළු අඩු මිලට රට පුරාම ...ඒ විතරක් නෙමේ අතිරික්ත එළවළු පලතුරු පිටරටවලටත් යවනවා .... 

බලන්න මේ පොලවේ නිසරු කම 


මේ සියල්ල ඊශ්‍රායල් කෘෂිකර්මය ගැන තියෙන සයිට් එකකින් ගත්තේ 

බලන්න එයාලගේ පොලවේ හරියට තණකොළ ගහක්වත් තියෙනවා ද කියලා කොච්චර නිසරු පොළවක්ද...මේ වගේ විශාල හරිතාගාර ගොඩාක් තියෙනවා රටපුරාම.. අපිට වගේ නෙමේ ඉතාම කටුක ගිම්හානයක් සහ ශිත කාලයක් තියෙනවා ..ඒ නිසා සාමාන්‍ය පොලවේ  සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ කිසිම වගාවක් කරගන්න බැහැ හරියට ..එයට පිලියමක් විදියට ඔවුන් හරිතාගාර පාවිච්චි කරනවා ...  






මේ විදියට ඉතා විශාල හරිතාගාර තුල ඔවුන් තමන්ට අවශ්‍ය හැම එළවළුවක් පලතුරක්ම වගා කරනවා ...ඒ වගේම හරිතාගාර තුල වගාකරන්න අපහසු විශාල ශාක වන ඇපල් ,දොඩම් වර්ග ,දෙළුම් සහ සියළුම පලතුරු වර්ග පවා ඔවුන් වගාකරනවා දොඩම් වතු , දෙළුම් වතු ,විශාල මිදි වතු ඒ හැම ගහකටම වතුර දෙන්න ඕනේ හැම දවසකම .. ඒ සදහා බහුලවම භාවිතා කරන්නේ බිංදුමය ජල සම්පාදන ක්‍රමය ... කෘෂිකර්මාන්තයට විතරක් නෙමේ මුළු රටපුරාම බිංදුමය ජලසම්පාදනය ක්‍රියාත්මකයි ... පාරවල්වල වල හරිම ලස්සනට මල් පැල පුංචි පුංචි ගස් හරිම ලස්සනයි .. ඒ හැම ගහකම මුල ගාවට වතුර එන්න තරමට ඔවුන්ගේ ජලසම්පාදනය දියුණුයි...අපේ වගේ බොරුවට කවුරුහරි එයාර්පෝර්ට් එකේ ඉදන් කොළඹ යද්දී , ක්‍රිකට් ටීම් එක දිනලා එද්දී අර කටුනායක ඉදන් පෑලියගොඩට වෙනකල් පාර පුරාම  තියන තඩි මල්පෝච්චි වගේ නෙමේ ...ඒවාට සාත්තු කරන්න වෙනම අය පවා ඉන්නවා .. 
                                දැන් මේ මාසේ ලංකාවෙන් එන අපේ අයට වීසා තියනවා ශිත කාලේ පුරාවට 
 ...මං හිතන්නේ ඊශ්‍රායල් ජාතිකයන් වැඩ කිරීමට අපහසු ශිත කාලෙම මාස හය හතකට පිටරටවලින් අඩු වැටුපකට සේවකයන් ගන්නෙත් යම් හේතුවකට .. අපිට ඒ මුදල ලොකු මුදලක් වුණාට .. ගොවිපළක රැකියාවට එන කෙනෙක්ට ලැබෙන වැටුපෙන් මේ රටේ කුඩා ගෙයක මාසෙක ගෙවල් කුළිය ගෙවීමට වගේ තමයි ප්‍රමාණවත් වෙන්නේ...මා වැටුප ගැන කීවේ මුදල් ගැන කියන්න නෙමේ "තමන්ට ස්වභාවිකව නොලැබුණාවූ දේ තාක්ෂණය සහ උත්සාහය හරහා ලබාගෙන සොබාදහම තමන්ගේ රටට නොදී ...නමුත් ඒ දේම දී තිබෙන රටක මිනිස්සු ලවුවාම ඉතා අඩු වැටුපකට තමන්ගේ ඒ අවශ්‍යතාව සපුරගනිමින් ඒ වෙනුවෙන් තමන්ගේ කාලය වැය නොකර කරන මේ දේ සොබාදහමට දඩුවම් දුන්නා වගේ දැනුන නිසා"
                          ඉස්සර අපේ ප්‍රධාන අපනයන  උනේ තේ,පොල් ,රබර් දැන් මොනවද මං දන්නේ නැහැ .... බලන්න ඒ තුනම පොළවෙන් ලබාගන්න ඒවා... ඊශ්‍රායලයේ අපනයන අතර තියෙන්නේ ගිණි අවි ,මෘදුකාංග,දියමන්ති ,ජෙට් යානා .. ඒවා තාක්ෂණික දේවල් මේ දෙකේ වෙනස දකිද්දී මට හිතෙන්නේ අපිත් ඊශ්‍රායලය වගේම සොබාදහමට අභියෝග කරන ජාතියක් කියලා...මේ සරුසාර මහපොළව තමයි අපිට තියෙන සම්පත සොබාදහම අපට දුන්නාවූ දේ එය පසෙකදාලා වෙන මොන පැත්තෙන් දියුණු කරන්න හැදුවත් වැඩක් නැහැ..

ශ්‍රී ලාංකිකයෙක් වීම මට ආඩම්බරයක් ********* :)

ප.ලි /මං කටින් බතල හිටවන්නේ නැහැ සයිබරයේ විතරක්. වපුරන කැට පාගන තැන ඉදලා වී ටික ගෝණිවල පුරෝලා ගෙදර ගේනකල්ම කුඹුරේ කරන ඕනෙම වැඩක් කරලා තියෙනවා.. අදටත් කරනවා 


112 comments:

  1. අපිට නැත්තේ උවමනාව විතරයි. ඒක තිබ්බ නං අපිත් හොද හැටියට හැදෙනවා. නිකං කන්න දෙනව නං සල්ලි දෙනවනං රට උනත් විකුණන තත්වෙකයි අපි ඉන්නේ... ඔබ ඉන්න රට ගැන මට නං ආඩම්බරයි මොකද දේශපාලන හේතුන් හා ව්‍යුහන් පැත්තක තිබ්බත් මිනිසුන් අතර නීතියක් හා හැමෝටම පොදු යාන්ත්‍රණයක් තියෙනවා. අපිට එහෙම නැහැ.. වැඩ කරන එකා බැනුං අහන්න ඕන දඩුවම‘ විදින්න ඕන. නිකංම ඉන්න එකා සැපට කාලා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරියටම හරි ..මෙහෙ හැම මනුස්සයටම හැමදේම පොදුයි ... අපිට ගැහුවොත් අපි විනාශ කරනවා කියන යුධ සංකල්පයක් මං හිතන්නේ ඔවුන්ගේ තියෙන්නේ ,, හතර වටෙන්ම අරාබි රටවල් වලට මැදි වෙච්ච පොඩි රටක් වුණත් මේ මිනිස්සු තුල මහා පුදුම බලයක් තියෙනවා ... ජාති , ආගම , භාෂා මහ හුගක් තිබ්බට විදේශයකට එරෙහිව යද්දී හැම කෙනාම එකා වගේ

      Delete
  2. ඔය ගැන කී දෙනෙක් කතා කරනචද.පොත් හටං ලියලා තියනවද , බ්ලොග් කාරයොත් කි දෙනෙක් ඔය ගැන ලියුවද ,

    ඔන්න ඔව්වා අමතක කරලා ආතල් කතාවක් ලියාගන ඉන්නව ළමයා

    ReplyDelete
    Replies
    1. ගනිං බං බාගයක් වත්....

      Delete
    2. අටං තුමා @ හා හා මහන මැෂින් ගැන ඔයා ලියන නිසා මං වොෂින් මැෂින් ගැන වත් ලියන්නම් ඉදගෙන :)

      Delete
    3. රෙප් මහත්තයා @දේශක තුමා තලයෙක් ඩෙවල් දාලා දෙන්නද ඈ

      Delete
  3. හොද විස්තරාත්මක ලිපියක්.
    අර දේශක යා කියල තියන දේ තමයි ඇත්ත.
    බැලුවම මෙයත් බොලද ලමයෙක් නෙමේ.
    ලංකාවට ගියාම චන්දෙ එහෙම ඉල්ලන්න අදහසක් තියෙනවද...?

    ReplyDelete
    Replies
    1. ලංකාවට එද්දී අපේ පක්ෂේ තියෙයිද ?

      Delete
    2. මොකද්ද ඔයාගේ පස්සේ වැරදුනා පක්ෂේ ?

      Delete
    3. ඉන්බොක්ස් බලනු ඉදගෙන හි හි

      Delete
  4. Replies
    1. අනේ මන්දා මෙවා කතා කරලා වැඩක් තියෙනවාද කියලා මොකද මෙකට හෙතු ගොඩක් තියෙනවා ..සමහරු කියනවා අපේ රටේ මිනිස්සු කම්මැලි කියලා සමහරු කියනවා උද්ද්ච්දකම කියලා මම නම් ඔය දෙකම නෙවෙයි කියලා

      Delete
    2. උද්දච්ච වෙන්න මොනවා තිබිලද සහෝදර ලෝකේ වටෙන් ණය අරගන එන අපේ මොන උද්දච්ච කමක්ද .. පරම්පරාව ගොඩදාගන්න හදන දේශපාලකයෝ ටිකක්නේ ඉන්නේ අපිට හේතු හොයා හොයා ඉදි

      Delete
    3. ඔමා අක්කේ ඔය දේශපාලුවො පත් කර ගත්තෙත් අපිම නේද ???ඉතින් අපි අපිටම වල කපා ගෙන ඒ වලේ බැහැලා කෑ ගහලා වැඩක් තියෙනවාද ???මේ ක්‍රමේ වෙනස් කරන්න ගිය අය එක්කො ජිවිතෙ පිදුවා අනිත් අය ඒ ගොල්ලො වෙනස් උනා ....
      ශ්‍රී ලාංකිකයෙක් වීම මට ආඩම්බරයක්

      Delete
    4. ඔයා ඇත්තටම ආඩම්බර වෙනවද මල්ලි ,, මාත් ආඩම්බරයි මගේ සරුසාර භුමිය ගැන...

      Delete
  5. වැඩක් නෑ ඔමා වැඩක් නෑ. බිහි‍රි අලින්ට වීණා වාදනේ කරලා වැඩක් නෑ. උන්ට ඒවා ඇහැන් නෑ.
    අපේ මිනිස්සුන්ට අපේ රටේ රස්සා නෑ නෙමේ තියෙන රස්සා කරන්න කැමතිනෑ 'උද්දච්චකම' නිසා. අනික ඇග මහන්සි කරලා වැඩ කරන්න තියෙන අකමැත්ත නිසා.
    ඒත් වෙන ඕන රටක ටොයිලට් විතරක් නෙමේ ඒවාට යන උන්ගෙ පශ්චාත් භාගෙ හෝදන්න උනත් අපේ උන් ලෑස්තියි.

    ReplyDelete
    Replies
    1. සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා වගේ ඔන්න ඔහොම කතාවක් තියෙනවා නේද ඒක මතක් උනා ඔයාගේ කොමෙන්ට් එක කියවද්දී

      Delete
  6. ශ්‍රී ලාංකිකයෙක් වීම මට ආඩම්බරයක් ********* :) මෙහෙම හිතන අය හරි අඩු එකනෙ තියෙන ප්‍රශ්නෙ ඔමා.

    ReplyDelete
    Replies
    1. දිලිනියෝ මං ඒක කිවුවේ කෝචෝක් එකට ආඩම්බර වෙන්නේ මොනා හින්දද ?

      Delete
  7. එයාලට නැති අපිට ඉන්න නැෂනල් කිට් ගහගත්ත බඩ තියන බුවාල තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ රාජ් අපරාදේ අපේ රට

      Delete
  8. ඔය වෙනස ගැන ඔමා කොච්චර ලිව්වත් ඇති වැඩක් තියේද,බලය තියන තැනට පන්දම අල්ලගෙන කීයක් හරි හොයාගන්නව කියන මානසිකත්වය තියෙන තුරු හැදෙන්න බෑ.
    අලුත් විදියට හිතන ජනතාවක් අපේ රටට පත්කර ගන්නකල් මෙහෙම තමයි.

    ReplyDelete
    Replies
    1. තරුණ කොටස් වලින් කීප දෙනෙක් හරි මෙහෙම ලියන එක අගය කරන්න ඕන හැලප.
      එතකොට ඒ ළමයි තවත් මෙවැනි පණිවිඩ ගේන්න උනන්දු වෙනවා.
      ඒ ගෝත්‍රික අදහස් තියන ජනතාවගේ සිත් වෙනස් කරන්න පුළුවන් වන්නෙ පොඩියෙන් හරි මෙවැනි පණිවිඩ නිතරම ගෙනාවොත් කියලයි මම හිතන්නෙ.

      Delete
    2. @කඩේ අයියා ... ඔව් අනේ ඒක තමයි ඒත් //අලුත් විදියට හිතන ජනතාවක් අපේ රටට පත්කර ගන්නකල් මෙහෙම තමයි/// මේ ජනතාව අපි කොහෙන්ද ගේන්නේ ?? ක්ලෝනීකරණය කරලා තමයි ගණන් වෙන්නේ

      Delete
    3. ස්තුතී කෙනී @ ඔයා වගේ කඩේ අයියා , දේශක තුමා වගේ හිතන්නේ නැහැ රටේ හැම වැඩිහිටියම ,,

      Delete
    4. නෑ කෙන්ජි එහෙම ලියන එකේ වරදක් නෑ,මම කිව්වෙ ඔය ගැන යතාර්ථය දකිනව මිසක් ආවේගශීලී වෙන්නට අවශ්‍ය නෑ කියන එකයි.

      Delete
    5. මම එක තේරුම් අරන් තමයි මචං කිව්වෙ මේ වගේ තරුණ කොටස් ලියන එකට පුළුවන් තරම් උනන්දු කරන්න ඕන එක ගැනයි.
      අඩු ගානේ විස්සයි තිහේදී වත් සැබෑ වෙනසක් කරන්න පුළුවන් වෙයිනෙ කියල.

      Delete
  9. මම නම් ඔය දේවල් ගැන කතා කරන්න කැමති නෑ. හැබැයි අපේ පරම්පරාව ඔය විදිහට හිතන එක ගැන සතුටුයි. එත් එහෙම හිතන්නේ කොච්චර අඩු ප්‍රතිශතයක්ද? මේ එක නෙවෙයි මොකක්ද මේ ඔයාගේ මවුස් පොයින්ටර් එකෙක් ඉන්නේ හාවෙක්ද පූසෙක්ද? අර කෙන්ජිගේ බ්ලොග් එකෙක්ත් ඕකට නරියෙක් දාලා දෙන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මෙච්චර සුන්දර වන සතුන් සිටින ලොවේ,වෙන සතෙක් ගේ නමක් මතක් වුනේම නැද්ද මලේ... :(:(:(:(

      Delete
    2. මගේ මවුස් පොයින්ට් එකේ ඉන්නේ පුසෙක් ,, නරි නැහැනේ ඉවාන් ,,, හි හි මං මරු අයිටම් එකක් දැම්මා ...

      Delete
  10. nangi boru baila epa maseta laksha 3.5 k padiganna oyata therenawada lankawe minissunge duka? un masa 6k wada karla hoyagena enna hadana ekatath kelwannada one kelle? NGO kaari

    ReplyDelete
    Replies
    1. එන්ජීඕ කාරි.. මම දැන් දන්නේ ඒක.. හිටපිය තොට මං ඔමා... හැක් හැක්..

      Delete
    2. කුප්ප කතා නොකිය ඉදින් ඇනෝ...
      අහිංසක දරුවන්ට..
      උඹේ මේල එවපන් රියල් NGO අක්කල ටිකකගේ නම් එවන්න.

      Delete
    3. අප්පට බොල අපි දන්නෙත් දැන්නෙ.
      ඔමා ලේසි නෑ හොදේ. හි..හි.. :-)

      @ ඇනෝ
      දික්කරන ඇගිල්ලට කලින් ඒ ඇගිල්ල දික් කරන දිහාව බලන්න පුරුදු වෙයන්. ඒ පෙන්නන්නෙ වැදගත් දෙයක් නම් පෙන්නන්නෙ කවුරු උනත් ඒ දේ පිලිගන්න තරම් නිහතමානි වෙයන්.

      Delete
    4. ඇනෝ @ දැන් සැලරි එක ටිකක් විතර වැඩි ඔය ගිය අවුරුද්දේ.. මං රාජ්‍ය සේවකයෙක් නෙමේ තමයි හි හි

      Delete
    5. දේශක තුමා @ ඔය fb එකේ සමහරු කියන දෙයක් මට මොකෝ අනේ මං හිතට එකගව රස්සාවක් කරලා වැටුපක් ගන්නේ කවුරු මොනා කිවත් මොකෑ ..

      Delete
    6. කෙනී ,ප්‍රියා ගණන් ගන්න එපා ඉදගෙන මගේ තරහක් නැහැ ඕවා කීවට ..

      Delete
    7. එයි ලස්ස තුනහාමාරක් හම්බ වෙනවනම් මටත් සියෙක්‌ හොයලා දීපන්කෝ නගේ බලාගන්න

      Delete
    8. හි හි සීයා බලාගන්න එක මගේ job එක නෙමේ මැලේ... මගේ පක්ෂේ මොකක්දදත් ඇහුවා නේ ,,

      Delete
  11. මේකනේ ඔමා මේ රටවල් වල අපි දුක් විදින හැටි ලංකාවේ මිනිස්සුන්ට පැහැදිලි කරලා වැඩක් නෑ.මොකද ඒ මිනිස්සු හිතන්නේ අපි කියන කතා ඊරිසියාවට කියනවා කියලා.අනික ලංකාවේ මිනිස්සු හිතන්නේ අපි ගන්න සම්පුර්ණ පඩියම ලංකාවට එවනවා කියලා ඉතුරු කරන්න, පොඩ්ඩක්වත් හිතන්නේ නෑ අපි කන්න ,බොන්න අදින්න,කුලී ගෙයක ඉන්නවා නම් කුලී ගෙවන්න,බිල් අරවද මේට්වද එකී නොකී වියදම් තියනවා කියලා. ඉතාලි ජීවිතේ ගැන මගේ යාලුවෙක්ට කියන්න ගිහින් අපේ යාලු කමත් නැති උනා එදායින් පස්සේ මම නම් මේඉ රටවල් වලට එන අයට මොකුත් කියන්නේ නෑ...ඇවිත්ම බලන්න කියනවා මිසක්......
    කොච්චර සම්පත් තිබුනත් වැඩක් නෑ.තමන්ගේ මල්ල විතරක් තර කරගන්න හිතනකන් ලංකාවට හරියන්නෙත් නෑ මිනිස්සුන්ට හරි යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය සත්‍ය මිනිස්සු දන්නේ නැහැනේ .. මෙහෙ ලක්ෂ ගානක් හෙවුවත් ලංකාවේදී දැනෙන ඒ සැනසිල්ල හිතේ නැහැ ,, අම්මාගෙන් මල්ලිගෙන් ඈත් වෙලා ඉන්න එක හරිම කටුකයි ... ඔයාගේ කතාව මං දන්නා යාලුවෝ කීප දෙනෙක්ම කීවා..

      ඕක තමයි අපේ මිනිස්සුන්ගේ හැටි අක්කේ

      Delete
  12. අපිට ඉන්නෙ විල මැද බංගලාවට යවපු තක්කඩියො ටික.. රට කන්න ඒ මදැයි ? හූ හූ ඊශ්‍රායලේට කොහෙද එහෙම පිනක්..

    ReplyDelete
    Replies
    1. හි හි මෙහෙත් ලොක්කෝ මල්ල තර කරගන්නවා ,, හැබැයි තනියම නෙමේ රටේ හැම මනුස්සයටම යමක් ලැබෙන විදියට

      Delete
  13. මේකෙම තවත් පැත්තක් ගැන මාත් ලිව්ව.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලිපිය කියෝලා එන්නම් මාත්

      Delete
  14. අපිට ඔලුව උස්සගන්න බැරි ඔමා හේතු කීපයක් නිසා.. රටේ තියෙන සම්පත් වලින් වැඩක් ගන්න පාලකයන්ට උවමනාවක් නැහැ. අපේ රට යන්නේ එදා වේල ටුවර්ස් ක්‍රමේට...

    මාත් බ්ලොග් එකේ අනන්ත ඔය ගැන ලියලා තියෙනවා ...අපේ රටේ පාලකයන්ට ඕනේ හිඟන්නාගේ තුවාලේ වගේ ප්‍රශ්න ටික හැමදාම තියාගන්න.. ඊළඟ චන්දෙට කියන්න දෙයක් තියෙන්න එපැයි ... මාත් ඊයේ ඊශ්‍රායල් ගැන හොයද්දි මට පුදුම සංවේගයක් ඇති උනේ.. මට මුණගැහිලා තියෙනවා ඊශ්‍රායල් යුධ සේවයේ ඉන්න පුද්ගලයෝ..ඒ මිනිස්සු පුදුම විදිහට රට ගැන හිතන්නේ.. සමහර පරීක්ෂණ වලට මුහුණ දෙන්නේ " මන් මැරුණත් කමක් නැහැ කැමති දෙයක් කරන්න " කියලා...

    සමහර අයව පරීක්ෂන කුටි වලින් එළියට ගන්නේ ලේ වලින් නෑවුණු මළ කඳන් විදිහට.. එහෙම උනත් ඊළඟට පෝලිමේ ඉන්න කෙනා කැමැත්තෙන් තමන්ගේ වාරය ආවම කුටියට යනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ කලින් ලිපියක ඒ ගැන ලීවා .. හැම ගෙදරකම හැම කෙනාම යුද්දයට බැදිලා ඉන්නේ මරණය දක්වාම ..

      Delete
    2. සහන් ඒ කියන්නේ මැරෙනවා බව දැන දැනම පරීක්ෂන වලට ඉදාරිපත් වෙනවද එයාල

      Delete
    3. @ atam

      ඔව් අටම් .. සෑම කෙනෙක්ම ඒ පරීක්ෂණ වලට මූණ දෙන්න ඕනේ...ඉඳලා හිටලා මළ කඳන් විදිහට එළියට එන අයත් ඉන්නවා. මරණයට බය කෙනෙක්ට අඩුම තරමේ එවැනි පරීක්ෂණයක් දැකගන්න වත් අවස්ථාවක් එන්නේ නැහැ ...

      Delete
  15. නොමිලේ කන්න බලාගෙන ඉන්න ජනතාවක් ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ. රටක සංවර්ධණයට ඒ රටේ සංස්කෘතිය බොහෝ සේ බලපානවා. ඊශ්‍රායලය කියන්නේ ආගමට අපට වඩා බොහෝ සේ ගරු කරන අදහන රටක්. නමුත් ඒ දේ එතනින් ඉවරයි. අර කැරළි කාරයෝ (ඕතඩොක්ස් ජුවිස්) මරාගෙන කන්න හැදුවත් රෙඩ් ලයිට් ස්ට්‍රීට් හිටන් ඊශ්‍රායලයේ තියෙනවා. හෝලි සිටි කියන ජෙරුසලමෙත් ගණිකා නිවාස තියෙනවා. හැම කඩේකම මත්පැන්, සිගරට් තියෙනවා. මම කියන්නේ ඒවා අත්‍යාවශ්‍ය දේ කියන එක නෙමෙයි. එවා පාවිච්චි නොකරන මිනිහත් ඒවට මරාගන්න යන්නේ නෑ. එදා මෝසස් ඇඳපු ඇඳුම තවම අඳින්නේ නෑ. ඊශ්‍රායලය එක්ක සසඳන්න ඕන රට අපේ රට නෙමෙයි. පලස්තීනය. ඊශ්‍රායල් කෙල්ලෝ කොටට ගහලා, ලැම්බෝගිනි, ෆරාරි, බී ඇම්, බෙන්ස් වල යද්දි, පලස්තීනේ කෙල්ලෝ තවම බූරුවෝ පිටේ යනවා..

    පලස්තීනය ශ්‍රී ලංකාවට අදේශ කලාම හරියට හරි..

    මොකෝ පලස්තීන් කාරයන්ගෙයි, අපේ උන්ගෙයි ඔලුවල වෙනසක් නෑ..

    මගේ යාළුවෝ ගොඩාක් ලංකාවට ඇවිත් තියෙනවා.. උන් කියන්නේ මේ රට දියුණු කරන්න රටේ තියෙන ගංගාවල් ටික ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. මේවා කොච්චර කීවත් අපි වැඩක් නැහැ රට යන අතට යනවාමය .. ගංගාවල් ටික මේ පොළව අපිට ඇති අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ .. ඕවා

      Delete
    2. හදවතින්ම එකඟයි මාතලන් මේ කමෙන්ටුවට..

      Delete
  16. වටිනා විස්තරයක්.. හරිතාගාරය දිහා බාහිරින් බැළුවම හිතෙන දේ නෙමෙයි ඇතුලත තියෙන්නේ.. අන්න ඒ ඕනකමයි උත්සාහයයි තියෙනවනම් මොනවද කරන්න බැරි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ් ඉතින් අපිට නැත්තේ බවුතික සම්පත් නෙමේ (හරියට වචනේ ටයිප් වෙන්නේ නැහැ ) ආකල්පමය ,,මානසිකමය සම්පත්

      Delete
    2. භෞතික..

      ඇත්ත, අපේ තරම් භෞතික සම්පත් තියෙන රටක් තියෙනවද.. ඒත් ඉතින් ඊට වඩා වැඩ්යිනේ ලොකු පුටු වල හිස් මොළ ටික..

      Delete
    3. ඒකනේ දිනේෂ් thanks මගේ සිංහල ඕක ටයිප් වෙන්නේ නැහැ

      Delete
  17. ඇත්ත අපේ රටේ මිනිස්සුන්ගේ මාන්නේ වැඩි. කුහකතම ඊරිසියාව වැඩි. එකෙක් ගොඩ ගියොත් අනික් ඒකා හුල්ලලාම මැරෙනවා නැත්තන් ඌ නහිනකන්ම දෙහි කපනවා. ඒ නිසා අපේ රටට ගොඩ ඒමක් නෑ කවදාවත්.

    ReplyDelete
    Replies
    1. අපිවත් පටන්ගමු ඒ දේවල් වලින් ඇත්වෙන්න

      Delete
  18. අපු පහතින් ලියමි එක නම් ලියලා තියෙන්නේ කාත් එක්ක තරහකට අභියෝග කරනවා වගේනේ

    ReplyDelete
    Replies
    1. කෙනෙක් මට අභියෝග කරන්න පුළුවනි ඔයා මොනාද දන්නේ ඔහේ ඉදන් කියලා ඒකයි ,, ඒ වගේම

      ///AnonymousNovember 7, 2013 at 10:06 PM
      nangi boru baila epa maseta laksha 3.5 k padiganna oyata therenawada lankawe minissunge duka? un masa 6k wada karla hoyagena enna hadana ekatath kelwannada one kelle? NGO kaari
      ReplyDelete බලන්න

      Delete
  19. අනේ මන්දා ඔමා මේ විස්තරේ දැක්කාම පුදුම කලකිරීමක් ආවා අපේ රට ගැන. ඔයා සෑහෙන්න විස්තර හොයලා මහන්සි වෙලා ලියාපු එකනම් අගේ කරන්නම ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුති යශෝ..එවැනි අදහසක් ඔලුවට ආවොත් කොහොමහරි කරලා ලියනවා ,, නෙට් එකෙන් සහ යාලුවන්ට කෝල් කරලා විස්තර අහගත්තෙ

      Delete
  20. අල්ලට සිඟා වල්ලට සැපදෙන නායකයෝ ඉන්න රටක්නේ ළමයා මේක...බයිලා නොකිය සිංදු කියන්න.....අපරාදේ ඔමාගේ කාලේ...

    ReplyDelete
    Replies
    1. හි හි මෙයා කියන එවුවා ඉදගෙන .. :)

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. @ ප්‍රසන්න ගුරුගේ......මට පහල ප්‍රශ්න ටික පැහැදිලි කරලා දෙන්නකෝ.

      Delete
    2. ප්‍රසන්න @//ලංකාව ගැන අවතක්සේරැ කරනවට නම් මම කැමති නැහැ./// මාත් කිසිමදාක කැමති නැහැ මගේ රට නිසා මං කීප වාරයක් මිනිස්සු එක්ක පැටලිලා තියෙනවා .. මගේ භූමියට මං ආදරෙයි ඒක පාලනය කරන සත්වයන්ට නෙමේ ..

      ///අනික මිනිස්සු රට යන්නේ වැඩිපුර කීයක් හරි හොයලා දියුණු වෙන්න.වගාකරන්න ඉඩමක් තියා හිසට සෙවනක් වත් නැති අය තමයි ඔය රට රාජ්‍ය වල දුක්විදින්නේ. /// මං කතා කලේ මීට එහා ගිය දෙයක් යාළු.. පෝස්ට් එකේ අවශ්‍ය සියල්ල පැහදිලිව ලියුව නිසා නැවත කියන්නේ නැහැ

      ඔබගෙන් මන් ප්‍රශ්න අහන්නේ නැහැ ..//ලංකාව වගේ රටක උපදින්න ලැබීමත් වාසනාවක්..// කියලා මට හොදට තේරෙනවා සීතලේ හීටර් දාගෙන වෙවුල වෙඋලා නිදගද්දී ,, සෙල්සියස් 40 ට විතර ගිණි රශ්නෙට ඒසී එක දාගෙන වෙලෙද්දී ... ඒ මහා නිධානයක් වගේ වටිනා රට ගැන ,, භුමිය ගැන තමයි මං කතා කලේ ...ඒ හැර ඌරු කොටුවක් වගේ වෙලා තියෙන දේශපාලනික රාමුව ඇතුලේ හදුන්වන ශ්‍රී ලංකාව කියන රටේ ඉපදිමනම් කරුමයක් විතරයි ..

      Delete
  22. //// කෘෂිකර්මය පැත්තෙන් ලංකාව හොද තැනක ඉන්නවා.ලංකාවට ආවම ඇවිදලා බලන්න නැගෙනහිර උතුර දකුණ පලාත්වල////

    .@ ප්‍රසන්න......අපි කෘෂිකර්මය අතින් හොඳ තැනක ඉන්නවා කියන්නේ කුමන පදනමින්ද?අපේ ගොවීන් ඊශ්‍රායලයේ ගොවිපලවලට යන්නේ තව දුරටත් ශ්‍රීලංකාවේ ගොවිතැන යනු ස්ථීර ආදායම් මාර්ගයක් නොවන නිසාද? නැත්නම් වෙන යම් හේතුවක් නිසාද?

    ////48න් පස්සේ අපේ රටේ බිහිවුනු හොද නායකයෝ රට හොද තැනකට ගෙනාවා.එය අදටත් එසේමයි.ඔය අතර තමන්ගේ මඩිය තරකරගන්නා කීප දෙනෙක් නිසා සමස්ථ නායකත්වයට දොස් කීම වැරදියි./////

    ශ්‍රීලංකා රජය විසින් ජාත්‍යන්තර ආයතන වෙත ගෙවිය යුතු වාර්ෂික ණය සහ පොලී වාරිකයන් කොපමනද?
    අපේ රාජ්‍යය ආදායම සහ ණය වාරික අතර පරතරය කොපමනද?

    ඔබ අදහස් දක්වා ඇතිදේ උපුටා දක්වමින් මම මේ ප්‍රශ්න අසන්නේ මගේ දැණුම වර්ධනය සඳහා පමනක් බව සලකන්න.

    ReplyDelete
  23. ඊශ්‍රායලයේ තලගොයි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මොන තලගොයිද කාකා ජී හුනෙක්වත් තාම නහි දේ සත්තා :)

      Delete
  24. පෝස්ටුව මෙන්ම කමෙන්ටු සියල්ල ම ද හොඳන් කියෙව්වෙමි. තවත් පොස්ටුවකට තරම් අදහස් ගොන්නකින් මසිත පිරීයයි. එහෙත් ඉතාම කෙටියෙන් මෙය කොටමි.
    නිදහසින් පසු අප රටේ කෘෂි කර්මාන්තය ගැන හැබෑ වුවමනාවක් දැක්වූ නායකයන් වූයේ නම් ඒ ඩී.එස් සේනානායකයන් හා සිරිමා බණ්ඩාරනායක පමණි.
    ඇට අටට ජනසවියට දිවිනැගුමට වැනි සහනාධාර ක්‍රම මත යැපෙන්නට කැමැති ජාතියක් කවදා නගා සිටුවන්නද? සහනාධාර මානසිකත්වයෙන් මිදෙන දාක් එන තුරු අපි බලන් සිටිමු.
    දොඩම් කඩන්නට අඩු වැටුපට රට යන කොල්ලන් ගැන මෙන්ම වැඩි වැටුපට වුවත් තරුණ දිවිය දියකර හරින දුවණියන් ගැන ද මට දුක ය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .. අපිට දුක්වී සුසුම් හෙලා බල්සිටින්න විතරද පුළුවන් අප්පා

      Delete
    2. මාත් අද ආයි බැලුවේ ප්‍රතිචාර ගොඩ.. නලින් කිව්ව එක ඇත්ත.. හුගක් කතා මෙතැන දැං තියෙනවා. ඇත්තටම මේ බ්ලොග් ලිවිල්ලේ ලොකු වටිනාකමක් එන්නේ ඒකයි විවිධ අදහස් ගොඩක් එකපාරට බලන්න පුළුවන්... නලින් කියන දේ මට තේරෙනවා. දුක තමයි පුතේ ඒ උනාට..

      Delete
  25. ඔයාගේ බ්ලොග් එක කියෙව්වේ අද... මේ ලිපිය කියෙව්වම එකපාරටම මගේ හිතට ආවේ කුමාරතුංග මුණිදාසයන්ගේ කවි පදයක් "අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"

    ReplyDelete
    Replies
    1. ස්තුති ආවට මේ පැත්තේ .. කවිය අපේ ලංකාවට කොච්චර නම් උචිතද නේ

      Delete
  26. අද කාලේ හැමෝටම ඕනේ කොම්පුටර් වැඩ්ඩේක් වෙන්න මිසක් ඔවැනි දේවල් කරන්න නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෝරලේ මහත්තයෝ ... ඊශ්‍රායලේ අංක එකේ කොමියුටර් වැඩකාරයෝ වගේ agriculture වැඩකාරයොත් ඉන්නවා ඒකයි වෙනස ,,

      Delete
  27. ඔමා අක්කේ කමෙන්ටු සියල්ල මම හොඳන් කියෙව්වෙමි.මට පොඩි දුකක් හා සතුටක් දැනුණි මක් නිසාද යත් සතුට නම් පොස්ටුවෙන් සැබැ දෙයක් කියා ඇත ..දුක නම් ඔමා අක්කේ අපි ජිවත් වන්නෙ ගොවිතැන් කිරිමෙනි ,උඩ කෙමෙන්ටු කල කිසිවෙක් එසේ ජිවත් වනවාද යන්න මා නොදනි නමුත් මෙහි(ලංකාවේ) සැබැ තත්වය ගැන ඔබ ලංකාවට ආ අවස්ථාවක බලන්න ..ලංකාවේ ගොවින්ට නැතිනම් කෘෂිකර්මයේ යෙදෙන අයගේ අදායම ඉතාම අඩු ය .ඒ මක් නිසාද ස්ථිර වේළද පොලක් නැති කමයි .අපේ බඩ ඉරිගු ,වී ටික විකිණුවේ නැත්නම් අවුරුදුද කා හමාරය ...අපි අවුරුද්දට ඇති මාස 12 ඇදුම් 12 ගන්න බැරිය ..ගන්නෙ ඇදුම් 2ක් හෝ 3කි ..ගෙදර කන්න නැති අවස්ථා ඕනෑ තරම්ය.. ඔබට සිතා ගත හැකිද මා නොදනිමි ,A/L සමත් වී විශ්වවිද්‍යාල යන්න බැරුව කුඹුරු කොටන ළමයි මෙහේ ඔනෑ තරම් ය .. අපේ මිනිස්සු සිතාගෙන ඉන්නෙ රට ගියාම කියක් හරි ලොකු මුදලක් හම්බ කර ගන්න හැකි කියාය ....ඒ අපේ අය ගේ මනසිකත්වයයි...ගමේ කොල්ලො ඔක්කෝම කොරියන් යන්න දගලන්නේ ඒ නිසාය රටේ දේශපාලනයෙන් ඔවුන්ට වැඩක් නැත ..මන්ද එවා ගැන හිතනවාට වඩා එදා වෙල සවි කර ගැනිම වැදගත් නිසාය..අපි අතර සිට ලොකු පුටු වල වඩි වු අයට දැන් ගමේ නම කිමටද දිව නැමෙන්නෙ නැති තරම්‍ ය ...මෙය පහත් මනසිකත්වය යැයි කෙනෙකුට කිව හැකිය ..
    මගේ තාත්තා ගේන් පන්සලේ පින්කම් පොලේ දි සෙල්ලම් බඩුවක් ඉල්ලා හැඩු හැටි මතකය ..ඒ වෙලාවේ අපේ තාත්තා ලග තිබුනේ නැත ..ඒ අපි ගොවිතැන් කරන නිසා බව මට ටිකක් ලොකු වෙනකොට සිතුනි .. මට අපේ අම්මාව තාත්තාව මගේම වාහනයක එක්කරගෙන යන්න හින දැක්කෙමි ..නමුත් එකට ගොවිතැන් කිරිමෙන් බැරිබව ඉපදුණු දා සිට මට අවබෝධ උණු දෙයක්ක් ය ..
    ඔමා අක්කේ අපි මේ මෙච්චර ජිවිතේ දගලන්නේ ඒ දැක්ක හින හැබැ කර ගන්න ..එකට රට යන එක වැරදිද .........
    ඕනම් කෙනෙකුට අදහස් දැක්විය හැක (මෙක දිග වැඩි නම් අයින් කරලා දන්න )....

    ReplyDelete
    Replies
    1. අපේ ශ්‍රී ලාංකිකයෝ ඕනේ තරම් පිටරට රැකියා කරනවා නමුත් ඊශ්‍රායලය කියන /////පුංචි කාන්තාර රටේ තක්කාලි කඩන්න,කටු ඇනගෙන සීතලේ වෙවුල වෙවුලා දොඩම් කඩන්න අපේ රටේ තරුණයෝ එවන්න රජයට ලැජ්ජා නැද්ද?//// මට ඔබ බනීවි සමහර විට..ඇත්තමයි මට සියුම් කේන්තියක් ආවා මේක ඇහුවට පස්සේ.. මගේ කේන්තිය සාධාරණද අසාධාරණද ඔබ තීරණය කරන්න මගේ ලිපිය අවසානයේ


      මේ කොටස තුල ඔබේ ප්‍රශ්නය අසන්න ඉඩක් නැහැ මල්ලි ,, මං කීවේ මේවා සාමන්‍ය ජනතාවගේ වැරදි කියලා නෙමේ ,, ආනයනය සහ පිට රට රැකියාවලට යාම තහනම් කර කන්න අපේ දේ කියලා නෙමේ මං කීවේ... රජය මිනිස්සුන්ට උදවු කරන්න ඕනේ ,,, කෘෂිකර්මය ඉහලටම ඔසවලා තියන්න ඕනේ ... ඔයාගේ කොමෙන්ටුව පුරා ඔයාගේ අව්‍යාජ කම මන් දැක්කා .. ලොකු අසරණ කමක් මගේ හිතට දැනුණා අපේ රට ගැන

      Delete
    2. @සහෝදර........ඔබේ විවෘත අදහස් දැක්වීම අගය කරමි. ගොවියාගේ ජීවිතය හා සම්බන්ධ ගැටළු රාශියකි. වේදිකාවල කෑගහන තරම් ඒවා රසවත් නැත .අපේ රට කෘශිකාර්මික අතින් හොඳ තැනකය කියා සමහරුන් කියන්නේත් ලංකාවට ඇවිත් බලන්න කියන්නේත් කොයි පලාතේ ඉඳගෙනද කියා මට අපැහැදිලිය.

      බඩ ඉරිඟු ගොවියාගේ සිට ශීත කලාපයේ ගොවියා දක්වාත් උතුරුකරයේ ගොවියා දක්වාත් ප්‍රශ්නය ශෝචනීයය.

      Delete
    3. ඇත්තටම අපිට බැයිද අයියේ මේ වෙනුවෙන් දෙයක් කරන්න ..ඇත්තමයි අපි අවශ්‍ය හැමදේම රට ඇතුලේ තියාගෙන කරන මේ මහා අපරාදේ අම්මප

      Delete
    4. @arugeadaviya ඔබ මා කුමන පළාතේ ඉදගෙන මේ කතා කරනවද යන්න කියා ඇසුවේ හොද ප්‍රශ්නයකි ..මා ඉන්නේ අතිතයේ රට සහලින් පිරවු ඌව වෙල්ලස්ස ප්‍රදේශයේය ...මා දන්නා පරිදි ලංකාවේ වැඩිම බඩ ඉරිඟු නිෂ්පාදනය වන්නේ අපේ ප්‍රදේශයේය .නමුත් ලංකාවේ දුප්පත්ම ප්‍රදේශීය ලේකම් කොඨ්ටාශය අපේ සියඹලාණ්ඩුව යි ...ඒ නිසා ඔය කරුණ මා හට හොදින්ම වැටහේ ....


      Delete
    5. @සහෝදර......ඇත්තටම මම ඔබෙන් නෙමේ ඒ ප්‍රශ්නේ ඇහුවේ......හැබැයි ඔබේ උත්තරය නිසා කරුනු දැක්වීම තවත් වැදගත් උනා. ස්තූතියි සහෝදර.

      Delete
  28. ලන්කාව වටිනා රටක්.ඒ වගේම එකම රටත් නෙමේ.නමුත් අපි වගේ වටිනා අනිත් රටවල් වල පාලනය වගේම මිනිස්සුන් හිත්න විදිය වෙනස් අපිට වඩා.රටක ජීවථ් වෙන්න ඉපඩෙන්න රට හොද උන එකන විතරක් මදි.

    ReplyDelete
    Replies
    1. මගියෝ ලිපිය කියෙවුවද ? මන් එහෙම දෙයක් කිවේ නැහැ

      Delete
  29. චීන්නු අපට සබන් බෝල පුංබන ඒවත් විකුනනවා .මොන කරුමයක්ද මංදා අපිට බැරිවුනා බර කරත්තෙන් එහාට යන්න!!!!

    ReplyDelete
    Replies
    1. ලක්මිණි අනේ මන්ද අපේ පරම්පරාවේත් ඉන්නවනේ තාමත් අර ජාතිය වුදවිය ඒ නිසා හරි අමාරුයි මේ දේවල් වෙනස් කරන්න , ස්තුති ලක්මිණි මෙහෙ ආවට

      Delete
  30. අපේ ලංකාව පෞඩ ඉතිහාසයක් තියෙන සම්පත් වලින් පිරිච්චි රටක්...ස්භභාවික විපත් පවා බොහොම අඩුයි...ඒත් අපිට වැරදුනේ නිදහසින් පස්සෙ පරගැති චින්තනයක් තියෙන කලු සුද්දන් පිරිසක් රටේ බෝ වීම. සුද්දො ඒ දේ කරලා තමයි අපේ රටට නිදහස දුන්නෙ.

    මේ කලු සුද්දො ස්වයංපෝෂිත ආර්ථිකයක් වෙනුවට හැමදේම මෙහෙ හදනවට වඩා පිටින් ගන්න එක ලාභයි කියලා රටින්ම ගෙන්නුවා. කවදාවත් මේ සැපයුම නතර වුනොත් වෙන දේ ගැන අවබෝධයක් තිබුනෙ නෑ. ඒ හින්දම අපේ නිෂ්පාදන වලට වඩා පිටරට නිෂ්පාදන ඉහළයි කියන චින්තනයක් අපේ පරම්පරාව ලංකාවෙ ජාතක වෙද්දි ඇවිල්ලා තිබුනෙ.

    පුවක් ගෙඩිය / දෙල් ගෙඩිය / අඹ ගෙඩිය ටිකක් ලොකුවට හැදුනා නම් ඒ සියල්ල රට පුවක් / රට දෙල් / රට අඹ උනා.

    1960 දශකයෙ මුල් භාගයෙදි මම සිංගප්පූරුව ලංකාවෙ කොළඹ වගේ හදනවා කිව්ව සිංගප්පූරුවෙ හිටපු අගමැති ලී ක්වාන් යූ අන්තිමට බටහිර රටක මට්ටමකට එය දියුණු කලා. අද සිංගප්පූරුව ජපානෙටත් ඉහළින් තමන්ගෙ ආර්ථික මට්ටම පවත්වාගෙන යන රටක්...ඒ ගොල්ලන්ට මොනවද තිබ්බෙ. බොන්න වතුර නෑ, කිසිම ස්වාභාවික සම්පතක් නෑ, අදටත් සිංගප්පූරුවෙ මහා පරිමාණයෙන් වගා කරන්නෙ නෑ.

    ඒගොල්ලන්ට තිබ්බෙ රටේ පිහිටීම විතරයි...ඒගොල්ලො තමන්ගෙ වරාය ඉතාම කාර්යක්ෂමතාවයකට පත්කර ගෙන ඒ ඔස්සේ දියුණුවට පය තිබ්බෙ...දේශපාලකයො හොරා කෑවෙ නෑ..ජනතාවට සේවය කලා මිසක...

    අපේ රටට තියෙන ප්‍රධාන ගැටලු....අපේ පුද්ගල ආකල්ප තවමත් නවීන ලෝකයට ගැලපෙන ලෙස වෙනස් වෙලා නෑ / ශ්‍රම බලකාය තුල කාන්තාවන්ට ඉදිරියට එන්න සමහර පුරුෂයො ඉඩ දෙන්නෙ නෑ / රටේ නීති රීති වල තියෙන විචල්‍ය ස්වරූපය ඒ කියන්නෙ බලය අතේ තියෙන එකාට නීතිය පවා වෙනස් කල හැකි වීම / අට පාස් නැති දේශපාලුවන් රටේ ආර්ථික මර්මස්ථාන වලට අදාළ තීන්දු ගැනීම / සීමාරහිත හොරා කෑම.......

    ලංකාවට අත්වෙලා තියෙන ඉරනම ගැන ඉතාම දුකයි...සිංහල රජ දවසෙ පෑව විස්කම් වල හැටියට අද අපිට ආසියාවෙ අංක එකට ඉන්න තිබුනා...යුධ ජයග්‍රහණයෙන් පස්සෙ ආයෙමත් ඒ සදහා අවස්ථාවක් ආවත්...බලලෝභී දේශපාලුවො ඒ අවස්ථාවත් පැහැර හැරියා.

    ReplyDelete
    Replies
    1. මගේ සැලියුට් එක සිරාවටම සිරා ... ඔබගේ කොමෙන්ටුව ඉතාම වැදගත් සතුටුයි ඔබගේ අදහස බෙදාගත්තට ඒ වෙනුවෙන් කාලය වෙන් කලාට

      Delete
  31. ඒ වී සුරවීරයන් හෙයියම්මාරුව කියන නවකතාව ලිව්වෙත්, පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආපු කෘෂිකර්මය කියන එක, ඒ පරම්පරා වල දරුවෝ ඉගෙනගෙන රජයේ හෝ වෙනත් රැකියාවලට ගිය පසු, අඩපණවෙන එක නවත්තන්න යම් ප්‍රවේශයක් දෙන්න කියලා මම අහලා තියනවා. කෘෂිකරමාන්තය අපේ රටේදි පවුලක උරුමයක් උණා මිසක මහා පරිමාණ කර්මාන්ත තත්වයට වර්ධනය උණේ නැහැ. දැනටත් සුද්දෝ බිහි කරපු තේ වතු විතරයි මහා පරිමාණ වතු වගාවන් විදිහට තියෙන්නේ...

    ශ්‍රී ලංකාවට වඩාත්ම සුදුසු වන්නේ කෘෂි ආර්ථිකයක් කියන එක තමයි මගේ අදහසත්. ලෝක ආහාර වැඩසටහන ලංකාවේ යම් යම් ව්‍යාපෘති කරනවා. නමුත් බොහෝ වෙලාවට ඔවුන් කරන්නේ දැනට කෘෂිකර්මාන්තයේ යෙදෙන අය සම්බන්ධ කරගෙන කෙරෙන මිනි-ප්‍රොජෙක්ට්ස් විදිහටයි.

    අර අන්තිම හරියේ රතු පාටින් හයිලයිට් කරලා තියන වාක්‍යය දැක්කහම දැනුණේ, වරක් විදේශයකදි ඉතා හොඳ යැයි සම්මත ඇඳුම් කඩයක කාලය කා දැමීම පිණිස ඇඳුම් අතපත ගගා සිටි විටක දුටු "මේඩ් ඉන් ශ්‍රී ලංකා" සලකුණ දුටු විට ඇතිවූ හැඟීම.

    ReplyDelete
    Replies
    1. උඹ අන්තිමට එන එක තරං පෝස්ටුවකට තවත් වටිනාකමක් නැහ...

      Delete
    2. ස්තුති තිසර මට තේරෙන්නේ නැහැ අපේ රටේ මිනිස්සුන්ට ඇයි මේවා නොතේරෙන්නේ කියලා

      Delete
    3. ඔව් දේශක තුමණි මේ අදහස් තුලින් පෝස්ට් එකට වටිනාකමක් එකතු වුනා ,, හැම කෙනාගෙම කොමෙන්ට් මං ඉතාම ආදරෙන් අගය කරනවා

      Delete
  32. ඉතා වැදගත් ලිපියක් ඕමයා. මම කමෙන්ට් ඔක්කොමත් කියෙවුවා. ගොඩක් හොඳ අදහස් කමෙන්ට් වල තිබුනා එක තැනක හැර. ලංකාව හොඳ රටක්, දියුණුවට ප්‍රමාණවත් සම්පත් සහ හොඳ අදහස් තියෙන පිරිසක් ඉන්නවා නමුත් ඉදිරියට නොයන්නේ ඇයි කියන එකට හේතු කිහිපයක් තියෙනවා. ලොකුම හේතුවක් තමයි ආකල්ප. දේශපාලකයා විතරක් නොවෙයි සම්පුර්ණ සමාජයේම ආකල්පමය වැරදි තමයි සියල්ලටම මුල. ඔය ගැන ලිපි ලියන්න.
    සමහරවිට ඔබ නොදන්නවා ලංකාවෙත් දියුණු ගෝවී මහතුන් ඉන්නවා. අලුත් කාර් පවා භාවිතා කරන සහ ගොවිතැනින් පමණක් අදායම් සොයන. මාතර ගාල්ල වගේ දිස්ත්‍රික් වල සුලුපරිමාන තේ වැවිලි කරුවන් සිටිනවා හොඳ අදායම් ලබන. ඒ බව හොඳට දැකගන්න පුළුවන් ඒ පැතිවල පොඩ්ඩක් ඇවිද්දා නම්. රැකියාවක් නොකරට හොඳට ජීවත් වන අය දැකගන්න පුළුවන්. සැබෑ දිරිමත් මිනිසුන්. ලංකාවේ ගොවිතැනේ ඇති ලොකු වැරද්දක් තමයි අවිදිමත් කළමනාකරණය. එක ගොවියෙක් පැපොල් වැවුවොත් ඔහු සාර්ථක නම් ඔක්කොම පැපොල් වවනවා. මිල බහිනවා. හැමෝම අසාර්ථක වෙනවා.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැනි ආයතනයකින් ක්‍රමවත් දත්ත පද්දතියක් මගින් මෙවැනි දෙයක් පාලනය කරන්න පුළුවන්. වගාවට කලින් ගොවියා අදාල ස්ථානයකට ගිහින් උපදෙස් ගන්නවා. එතන පරිගණක පද්දතියේ පවතිනවා දැනට පටන්ගත් වගාවන් සහ ඉදිරි ඉල්ලුම පිළිඹඳ තොරතුරු එමගින් ගොවියාට උපදෙස් දෙන්න පුළුවන් වඩා වාසිදායක බෝගය කුමක්ද යන බව. ඔය වගේ දියුණු කරන්න පුළුවන් දේ තියෙනවා. ලංකාවේ ගොවිතැනේ ගැටලුව එයයි.

    ලංකාවේ බිම් ප්‍රමාණය අනුව දියුණු වෙන්න නම් කාර්මික සංවර්ධනයක් අවශ්‍යයි.ඒ වගේම තොරතුරු තාක්ෂණයෙන් ලොකු වැඩක් කරන්න පුළුවන් ලංකාවේ ප්‍රයෝගික භාවිතය සහ විදේශ සඳහා මුදුකාංග නිෂ්පාදනයෙන්. ඔය කරුණ සම්බන්දයෙන් මම සක්‍රීය දායකත්වය ලබාදෙනවා. මගේ අරමුණ ලංකාවේ ඉඳන් $ හොයන එක.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ස්තුති විශ්ව .. ඒ වගේම ඔයා කියපු කතාව හරි ,,මගෙත් ලොකු ආශාවක් තියෙනවා ලංකාවට ගියාම යමක් කරන්න දායක වෙන්න

      Delete
  33. ලංකාවෙ අති බහුතරය කම්මැලියි. නිර්මානාත්මක නෑ. මේක සුද්දගෙවත් දේශපාලකයකගෙවත් නෙමේ අපේ මිනිස්සුන්ගෙ ජානවල තියෙන කරුමයක්. සුද්දො ඇමරිකව ඔස්ට්‍රේලියාව හද ගත්තෙ තමන් එකතුවෙලා. අපේ උන් ගේ ඉස්සරහ පාරෙ වලට පස් තාච්චියක් දාන්න කොළඹ ආන්ඩුවෙන් එනකල් ඉන්නව. ඔය රට එන බහුතරය ලංකාවෙ ඇඟ මහන්සි කරල වැඩ කරන්න කම්මැලි කමට වඩා ලැජ්ජයි. ඒකයි ප්‍රස්නෙ.

    ඇත්තටම ලංකවෙ ධෛර්යවන්ත ගෑණු මිසක් පිරිමි නෙමෙයි. කණගාටුවෙන් උනත් ඇත්ත ඒකයි. කම්මැලි පිරිමි කුණුවෙන්න බීල වල්පල් දොඩ දොඩ ඉන්නව මිස වැඩ කරන්නෙ නෑ. සුද්දො ඒකෙ අනික් පැත්ත.

    බලන්න අපේ මිනිස්සුන්ගෙ ගෙවල් කොයි තරන් අපිරිසිදුද කියල. මම කියන්නෙ අන්ත දුප්පත් මුඩුක්කු නෙමෙයි සමාන්‍ය ගෙවල් අති බහුතරය. තේකක් බොන්න හිතෙන්නෙ නෑ, කෝප්ප පිළී ගඳයි. කකුස්සි පෝච්චි ඇම්බර් කලර්, තෙතම තෙතයි. වත්තෙ තණකොළ වල් ගස් ගලවන්නෙ නැතුව නිවාඩු දාට ආස්ච්‍රයෙ පාර බල්න්න යනව. ටීවි එකේ හින්දි පිචර් බලනව. වහලෙ පීල්ලෙ වතුර, මදුරුවො බෝ වෙනව. කාණුව සුද්ද කරගන්න එකතුවෙන්නෙ කොහෙද ගෙමි එක එකා අනික් උන් එක්ක්ක ඉරිසියාවයි, තරහයි, ඉතින් ඉන්නව නගර සභවෙන් එනකල් ඒකට.

    කොටින්ම අපේ රටවල මිනිස්සුන්ගෙ නැට්ට හැලෙන්න කලින් සුද්ද ඇවිත් නැට්ට කපල ගෙට ගත්ත. ඉතින් අපේ සමාජෙ තාම ප්‍රී මැචුවර්ඩ්. තාම අපිට මෙට්ටෙ ඉන්න දන්නෙ නෑ, ඇදෙන්නෙ මඩටමයි. රට ගිහින් අල ගලවන එකත් ඒ කරුමෙම කොටසක්.

    ඔය රට යන එක ගැන ඇත්ත කතාවක්. අපේ බ්ලොග් බලන මූණු පොතී යාලුවෙක් තමයි රුචක කියන්නෙ. මිනිහගෙ ඥාතියෙක් කරන ඩුබායි රැකියා ඒජන්සියක තමයි වැඩ. මේ කතාව මට කිව්වෙ එයාමයි. ඒ ඒන්ජන්සිය තමයිලු ඩුබායි ටැක්සි කම්පැනියට ඩ්‍රයිවර්ල ගේන්නෙ. මාසෙකට ඩ්‍රයිවර්ල සීයක්වත් ගෙන්නනවලු. ඒත් එකෙක්වත් ලංකාවෙන් ගේන්නෙ නෑලු. හේතුව අපේ උන් අර නේපාල් ඉන්දියන් තරන් කැපවීමෙන් වැඩ නොකිරීම සහ අපේ එවන ලංකාවෙ ඒජන්සි කාරයො අර එන උන්ගෙන් ගාන ගන්නව මිස ආවම උන්ට ඕන දේ ගැන හොයල බලන්න උනන්දු වෙන්නෙ නැති කමලු. ඔන්න අපේ තත්වෙ. මොන තරන් අවස්ථා ඔය වගේ තිබ්බත් රට ඉන්න ගොඩක් උන් ඒව ලංකාවෙ කෙනෙක්ට දෙන්න දෙපාරක හිතනව පඊ අය්යලගෙ තියෙන "කැත" වැඩ නිසා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉන්දික ඔයාගේ අදහස් අත්දැකීම වටිනාකම වැඩි කළා පෝස්ට් එකේ ..ටැක්සි ඩ්‍රයිවර් ලගේ කතාව මාත් අහලා තියෙනවා ,අපි කොච්චර ලජ්ජා වෙන්න ඕනෙද ,,, අපේ පරම්පරාවෙන් වත් පුළුවන් උනොත් රටේ පවතින මේ ක්‍රමය යම් තරමක් හෝ වෙනස් කරන්න

      Delete
  34. බොහොම කාලෝචිත ලිපියක් විශේෂයෙන් ඊශ්‍රායලයේ ජීවත්වන ඊශ්‍රායලය දැකපු සෑම දෙනෙක්ම පුදුම වෙනවා ශුෂ්ක කාන්තාර කලාපයක පිහිටලා තියන මේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණු තත්වය පිළිබඳව. ඔවුන් මේ සඳහා තාක්ෂනය උපරිමයෙන්ම යොදා ගන්නවා.
    ඇත්තටම මේ රටේ මිනිස්සු තාක්ෂනය තමන්ගේ අත වැසියෙක් කරගෙන කිව්වොත් මම වඩාත් නිවරදියි කියල හිතනවා. තාක්ෂනය තාම බිල්ලෙක් කරගෙන ඉන්න අපිවගේ රටවල් වලට මේ රටින් ඉගෙනගන්ඩ ගොඩක් දේවල් තියනවා. කෘෂිකර්මාන්ත ගැන අපුර්වී අපුරුවට ලියල තියන නිසා මම ඒ ගැන කතා නොකර අවසාන වශයෙන් කිරි නිෂ්පාදනය (dairy production)ගැන වචනයක් කියනවනම්. මේ රට තමයි එක ගවයකුගෙන් වරකට වැඩිම කිරි ප්‍රමාණයක් දොවගන්නා ලෝකයේ අංක 1 හිමිරට. ලංකාවේ වරකට ගවයෙකුගෙන් දොවාගන්නේ කිරි ලීටර් 1.5 - 2 වගේ ප්‍රමානයක් නමුත් ඊශ්‍රායලය දලවශයෙන් ලීටර් 9 ක් පමණ ලබාගන්නව. ඇමරිකා එක්සත් ජනපදයත් ඉශ්‍රයලයට සාපේක්ෂව අඩු අගයක තමයි තියන්නේ. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන්නේ තාක්ෂණික ගව පාලනයක්....

    ReplyDelete
  35. ///තාක්ෂනය තාම බිල්ලෙක් කරගෙන ඉන්න අපිවගේ රටවල් වලට මේ රටින් ඉගෙනගන්ඩ ගොඩක් දේවල් තියනවා.// මේ කතාව නම් ඇත්ත සුසිල් .. මං ඔයාගේ කොමෙන්ට් එක දැක්කට පස්සේ සීයාගේ දුවගෙන් අහල බැලුවා එයා කීවා මට ඔව් ඒක ඇත්ත කියලා , එයාලගේ ආගමේ දෙවියන් මෝසෙස්ට දුන් පොරොන්දුවක් ඒක මං දන්නා තරමින් .. "මේ ඊශ්‍රායලය දිහා පෙන්නලා කියනවා එක තැනක "මං නුබලාට දෙන දේශය කිරි සහ මී පැණියෙන් ගලායන දේශයක් කියලා " ,, මේ කාන්තාරය දිහා බලද්දී අපිට හිතන්නවත් පුලුවන්ද ..බැරිවෙලාවත් අපේ රටේ පොළව මෙහෙම වුණානම් ...

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ඔයාට ස්තුති පශු සම්පත් ගැන මට ලියන්න බැරිවෙච්ච කොටස එකතු කලාට

      Delete
    2. ඔමායා ඔය දේශය ඊශ්‍රායල් වරුන්ට ලැබුනේ කොහෙන්ද?

      Delete
    3. පලස්තීනය දෙකඩ කරලනේ ඊශ්‍රායෙල් කියලා රටක් හදලා දුන්නේ .. තවමත් දේශ සීමාවන් හරියටම බෙදිලා නැහැ ඒ නිසා තාමත් යුද්දේ .. යුදෙවුවන් කියන්නේ මං දන්නා තරමින් අවුරුදු 3000 ක් හෝ 5000 කට එහා ඉදලා තමන්ගේම කියලා දේශයක් නැති මිනිස්සු ..ඔවුන්ට දේශය ලැබුණේ නැහැ එයාලා යුද්ධ කරලා අල්ලා ගත්තා .. ඔවුන්ව කීප වතාවක් වහලට අරන් ගියා විවිද ජාතින් විසින් ,,, යෝසේප්ගේ කාලේ (5000 කට කලින් යෝසේප් කියන්නේ යාකොබ්ගේ බාල පුතා යාකොබ්ගේ පියා තමයි ආබ්‍රහම් ) ඊශ්‍රායල් දේශයේ සාගතයක් ඇවිත් ඔවුන් මිසරයට යනවා.. එයින් පස්සේ තමයි පටන් ගන්නේ ඔවුන්ගේ සරනාගතකම ..ඊශ්‍රායෙල් කියන්නේ යෝසේප්ගේ පියාගේ නම(මුල් නම යාකොබ් දෙවියන් ඔහුව නම් කරනවා ඊශ්‍රායෙල් කියලා මගේ මතකයේ හැටියට එහෙම නම් කරන්න හේතුව සහ ඊශ්‍රායෙල් කියන නමේ තේරුම "නුබ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යන් සමගත් පොරබදා ජයගත් මනුෂ්‍යයෙක් කියන එක " ) ආයෙමත් වතාවක් බයිබලයේ ඒ කොටස් කියෝලා ලිපියක් ලියන්න හිතෙනවා ,, අපේ ජාතියට සහ ආගමට අදාලා නොවුව්නත් යුදෙවුවන් ගැන දනගන්න ආස කෙනෙක්ට වැදගත් වේවි ,, ඔබගේ අදහස මට කියන්න )

      Delete
    4. ඔමායා.... මම උත්සාහ කලේ ඔබේ මේ පිලිතුර සහ ඔබ දැක්වූ තවත් අදහසක් ගලපාගන්නේ කොහොමද කියලා. මේ කරුනු දෙක ආගමික සහ දෙශපාලනික වශයෙන් වෙන් වෙන්වූ කරුනු දෙකක් බව පැහැදිලියි. නැත්නම් මේක පටලගනියි. දේශපාලනික අදහස් දැක්වීම තමයි සත්‍යය...ආගමික මතය කැමති කෙනෙකුට කැමති විදිහට විග්‍රහ කර ගත්ත හැකි මගේ හිතේ.

      මේ ඔබ දැක්වූ අදහස.........

      ////// එයාලගේ ආගමේ දෙවියන් මෝසෙස්ට දුන් පොරොන්දුවක් ඒක මං දන්නා තරමින් .. "මේ ඊශ්‍රායලය දිහා පෙන්නලා කියනවා එක තැනක "මං නුබලාට දෙන දේශය කිරි සහ මී පැණියෙන් ගලායන දේශයක් කියලා " ,, ///////

      Delete
    5. ඔව් ආගමික කතන්දරය අපි කිසිවෙක්ට පිළිගන්න බැහැ වගේම පිළිගන්නේ නැහැ .. ආගමික කතාවේ තියෙන ඉශ්‍රයලයේ මුල් නම "කානාන් දේශය " වෙන දේශයක විදේශිව හිටපු අබ්‍රහම්ට දෙවියන් දුන් පොරොන්දුවක් අනුව තමයි මෙයට යුදෙවුවන් උරුමකම් කියන්නේ "උත්පත්ති:17 ;8 "

      ලෙබනනය ,සිරියාව ,ඊජිප්තුව ,ජෝර්දානය සහ මධ්‍යදරණී මුහුදෙන් වටවෙලා තියෙන මේ රටේ දේශ සීමා ගැටුම් තාමත් තියෙන්නේ ඔය ආගමික ප්‍රශ්නය නිසා තමයි ,, ඔවුන් මහා හිතුවක්කාර අමුතු ජාතියක් අදටත් වටේම රටවලට ගහනවා දේශ සිමා විශාල කරගන්න ,, මන් දැන් සීයාගෙන් ඇහුවා ඇයි ඔයාලා ඔහොම කරන්නේ කියලා මේක අපේ රට තාම අපේ රට සම්පුර්ණ වෙලා නැහැ ,,, "එලොයිම් " කියපු සීමාවන් අගලක වත් අතාරින්නෙ නැතුව අපි අපේ කරගන්නවා කියලා .. 1948 මැයි 14 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යුදෙවුවන්ට ලබාදුන්නේ ..

      Delete
    6. එලොයිම් කියන්නේ දෙවියන්ට

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. ඒකනමි ඇත්ත තමා

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...