Sunday, December 29, 2013

රැඩිකල් මාළුවා ('Salmon fish')


           දවස් කීපයක්  ඉදලා වලස්සු පස්සෙයි මාළුවෙක් පස්සෙයි වැටිලා හිටපු මගේ හිත සොබාදහම කියන අරුම පුදුම සැලසුම්කාරයගේ අපූරු නිර්මාණයක් රසවින්ඳ...ඉතින් මං ඒ කතාව ලියන්නම් ඔයාට කියවන්න..
                            නිදහස් වෙලාවක් අරන් පටන් ගන්න...රැකියාව සහ එදිනෙදා ජිවිතයේ වෙහෙස මදකට පසෙකින් තියලා සොබාදහමේ අපූරුව විඳින්න උත්සහ කරන්න.
----------------------------------------------
  අද මගේ කතාවේ කතා නායකයා තමයි පැසිපික් සල්මන් මාළුවා.කාලයක් තිස්සේ ඩිස්කවරි වගේ නාලිකා හරහා දිය ඇලි උඩින් පනින මාළු සහ පනින මාළුන්ව අල්ලගෙන කන වලස්සුන්ව දැකලා තිබ්බට ඒ ගැන එතරම් හිතුවේ නැහැ..ඒත් මේ සිද්දිය පිටුපස ලස්සන කතාවක් තියෙනවා ........................

                  පැසිපික් සැමන් මාළුවාගේ ජිවන ගමන පටන් ගන්නේ දකුණු බ්‍රිටිෂ් කොලොම්බියාවේ  සහ (Southern british columbia ) ඇලස්කාවේ වැසි වනාන්තර වලින්. ඒ වැසි වනාන්තර තුල දහස් ගණනක් වූ පිරිසිදු ජලය පිරුණු ඇළමාර්ග වල තමයි සැමන් මාළුවා බිත්තර දාන්නේ..මේ කුඩා ඇළමාර්ග වල තියෙන වතුර තමයි ලෝකයේ පිරිසිදුම ස්වභාවික වතුර.. 


                                        

පැසිපික් සැමන් මාළුවෙක් වරකට  2000-10000 ත් අතර බිත්තර  ප්‍රමාණයක් දානවා.දල වශයෙන් එක බිත්තරයක් ප්‍රමාණයෙන් පැන්සලක කෙලවර තියෙන පුංචි මකන කෑල්ලක් තරම් වෙනවා..ඇළමාර්ග වල තියෙන ගල් වලට මුවා වෙන තැන් වල ගැහැණු සැමන් මාළුවා තමන් වලිගයෙන් හදාගන්න කුඩුවක් වගේ තැනක බිත්තර දාන අතර පිරිමි මාළුන් කීපදෙනෙක් සටන් කරනවා ඒ දාපු බිත්තර උඩට තමන්ගේ පුරුෂ බීජ එකතු කරන්න..ඒ සටනෙදි ශක්තිමත්ම පිරිමිසතා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. බිත්තර දැම්මට පස්සේ දින කිහිපයකින් ආසන්න වශයෙන් සතියකට විතර පස්සේ වැඩිහිටි සැමන් මාළුවන්  ඒ බිත්තර අසලම මිය යනවා. ඒ මියයාම ගැන දැන් ඔයාගේ හිතේ ප්‍රශ්නයක් ඇති ඒ ගැන කියන්නම් ඉස්සරහට..........

Monday, December 23, 2013

කට


  සමර් එකේ අඩනිරුවත  ලියද්දි පහළ වෙච්ච හිත ඊයේ  හවස ආයෙම උඩට ආවා. ඒ දැකපු රුපවාහිනී වැඩසටහනක් නිසා.. ඒකේ තොල් අලංකරණය ගැන කතා කලේ මට මෙලෝ දෙයක් තේරුණේ නැහැ රුසියන් භාෂාවෙන් තිබ්බ නිසා මං ඔහේ කට උඩ බලන් හිටියා. "හබුන් කටක් කන්න , උම්මා එකක් දෙන්න තියෙන කටට කරපු විගඩම්".."සීයා නම් කීවේ දෙයියොම බලාගනිත්වා දක්ෂ ළමයි" කියලා.


                     මං දකින විදියට අපේ මේ ශරීරය මහ පුදුම ආශ්චර්යමත් යන්තරයක්..හමෙන් වහලා හරි අපූරුවට පිළිවෙළකට නියමිත තැන් වල අසුරලා තියෙන අවයව ටික එකතුවෙලා වෙන වෙනම නමුත්.. එකම අරමුණක් වෙනුවෙන් කරන දේවල් හරිම පුදුමයි. අපි මවුකුස  පිළිසිඳ ගත්දා පටන් අන්තිම හුස්ම හෙලන දවස වෙනකල් මානසිකව,කායිකව වර්ධනය වෙමින් ජීවිතය ඉදිරියට ගමන් කරනවා  ...
මං පුංචි කාලේ ඉදන්ම ආශාකලා ඇඟ ඇතුලේ වෙන...ඒත් මට පෙන්නේ නැති දේවල් ගැන දැනගන්න.ගස් කොළන් අස්සේ වෙන දේවල් ,පුංචි පැල ලොකු ගස් වෙන හැටි දැනගන්න..ඒ නිසාම ඉස්කෝලේ එකොළහ වසරෙදි ඒ ලෙවල් කරන යාළුවෙක් එක්ක මාත් ජීව විද්‍යා පන්තියකට ගියා ඒ වගේම කෘෂි විද්‍යා පන්තියකට ගියා සත්ව පාලනය තියෙන කොටස් ඉගෙනගන්න(තිස්ස ජනනායක -සමාධි ගම්පහ) ..පසුව මා ගණිත විෂයන් තොරගත්තත් ජීව විද්‍යා පන්තියටත් ගියා ..හි හි අම්මලා දන්නේ නැහැ.  ඒ තුලින් මගේ හිත යම්තාක් දුරට සෑහීමට පත් වුණා.

Wednesday, December 18, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා.2 (වර්ථමානය මිහිරිකළ අමිහිරි ළමාවිය 4)


නැන්දා ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී පොඩි ළමයි දෙන්නා මට ගොඩක් හුරුවෙලා  හිටියේ .. එයා ගෙදර හිටියත් වැඩිපුර එයාලා මා එක්ක ඉන්නේ ..පස්සේ ඉබේටම වගේ චූටි නංගි නිදියන වෙලාව එද්දී කොට්ටේ අරන් මං ලගට එනවා.. පස්සේ දවසක් මට ඇහුණා නැන්දා ආච්චිට කියනවා "අපුරුත් ඉන්න හින්ද මං ජුජුබ්ස් කොම්පැණියේ වැඩට යන්නද අම්මේ , දවල්ට ළමයට කිරිදෙන්න එන්නත් පුළුවන්නේ කියලා." ඒත් ආච්චි කීවා "කොල්ලා කොයි වෙලේ හරි ඇවිත් පොඩි එකී ගෙනියයි"  කියලා. එයා අපේ තාත්තට කීවේ කොල්ලා කියලා ආදරේට ...කොහොම නමුත් නැන්දා ඊට පස්සේ දවසක ඉදලා  වැඩට ගියා. සැරින් සැරේ ඇවිත් පොඩි නංගිට කිරි පොවලා ගියා.මං ඉබේම ගෙදර ළමයි බලාගන්න කෙනාම වුණා.හැබැයි ඒක නිසා තාත්තා ගැන හිත හිතා කල්පනා කරන්නයි පාර අයිනට වෙලා මග බලාගෙන ඉන්නයි වෙලාවක් නැති වුණා..
                                "අම්මේ අයියා බෝගම්බර..ගිය සතියේ මං ගියා" ....ඔය වගේ විස්තර ගොඩක් ආච්චි එක්ක කියලා බාප්පා යන්න ගියා. එයා එද්දී ගෙනාපු කවරේ තිබිලා ලියුමකුයි රාණි සබන් කැටේකින් ලස්සනට කපපු කුරුල්ලෙකුයි මට දුන්නා. ඒ වෙද්දී මගේ උපන් දිනේ පහුවෙලා තාත්තා මගේ උපන්දිනේට ඒ කුරුල්ලා එවලා තිබ්බේ ,,මං හිතුවේ තාත්තා දුර ජොබ් එකක් කරනවා ඇති කියලා ආච්චි පස්සේ මට කීවා තාත්තා හිරේ ඉන්නේ ආයේ එන්නේ අවුරුද්දකින් කියලා ..ඒ කුරුල්ලව හදලා තියෙන්නේ හිරේ හිටපු කෙනෙක් ..එයාලා එක එක නිර්මාණ කරනවා කියලා පස්සේ කාලෙක තාත්තා මා එක්ක කීවා...

Wednesday, December 11, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා. (අමිහිරි ළමාවියේ මතක 03)

        
 අමිහිරි ළමාවියේ මතක 1 කොටස
         අමිහිරි ළමාවියේ මතක 2 කොටස

 දවසක් තාත්තා හදිසියෙම ගෙදර ආවා ඊට පස්සේ මට ඇදුමක් අන්දලා තව මගේ ඇදුම් වගේකුත් ලොකු

කවරෙකට දාලා බයිසිකලේ දාගෙන ගෙදරින් ආවා ,, එයා කලබලෙන් නිසා කොහේ යන්නද කියලවත් මං ඇහුවේ නැහැ ,මොකද මාත් හරි ආසයි බයිසිකලේ යන්න ,, එදා තාත්තා පුදුම වේගෙකින් ගියේ මගදී මට කීප සැරයක් නින්ද ගියා ,, එයා ෆුට් සයිකල් එක පදිද්දී හුස්මගන්න සද්දේ මට තාමත් ඇහෙනවා වගේ.. වේගෙන් හුස්ම ගන්න හැටි හරි අමුතුයි.."ගණේමුල්ල කඩවත පාරේ තියෙන කදු වලදී මාව තියාගෙන

තල්ලු කරනවා "පල්ලමේදී එයා හුස්ම පිටකරනවා වේගෙන්;මගදී ගණේමුල්ලේදී ආප්ප දහයක් අරන් දුන්නා ඒකත් අතේ...අන්තිමට රෑ වේගෙන එද්දී ආච්චිගේ ගෙදරට අපි ගියා ගිහින් බලද්දී සෙරප්පුවකුත් වැටිලා ..බයිසිකලේ ඉදන් එද්දී කකුල් හිරිවැටෙනවා සෙරප්පු වැටෙනවා තේරෙන්නේ නැහැ එහෙම වෙච්ච අය දන්නවා ඇති ඉතින් ... තාත්තා ආච්චිට මාව දීලා හැඩල් එකේ එල්ලලා කරකෝලා තිබ්බ ඇදුම් ටිකත් දීලා මාව වඩාගෙන ඉම්බා... එයා මාව ඉබින්න කළින් කැප් එක ගලවනවා ඒ මං ඔළුව බදාගන්න නිසා ඊට පස්සේ "මං දැන් යනවා ආයේ මං කවදාහරි තාත්තා එනකල් මෙහෙ ඉන්න ඕනේ..අම්මා,මිනුවන්ගොඩ ආච්චි, පොලීසිය,ඔය කවුරු ආවත් යන්න එපා මං නැතුව.... තාත්තා කියපු දේ කරන්න ඕනේ" . ඊට පස්සේ ආච්චිටත් කීවා එයා හැර වෙන කිසිකෙනෙක් ආවට මාව දෙන්න එපා කියලා .මට මේ මොකුත් තේරුණේ නැහැ ,, එදා රෑ මාව ඇරලලා ගියාට පස්සේ මම ආයේ තාත්තව දැක්කේ මාස එකොළහකින්.. හෝ    අවුරුද්දකින්                                                            

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...