Wednesday, December 11, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා. (අමිහිරි ළමාවියේ මතක 03)

        
 අමිහිරි ළමාවියේ මතක 1 කොටස
         අමිහිරි ළමාවියේ මතක 2 කොටස

 දවසක් තාත්තා හදිසියෙම ගෙදර ආවා ඊට පස්සේ මට ඇදුමක් අන්දලා තව මගේ ඇදුම් වගේකුත් ලොකු

කවරෙකට දාලා බයිසිකලේ දාගෙන ගෙදරින් ආවා ,, එයා කලබලෙන් නිසා කොහේ යන්නද කියලවත් මං ඇහුවේ නැහැ ,මොකද මාත් හරි ආසයි බයිසිකලේ යන්න ,, එදා තාත්තා පුදුම වේගෙකින් ගියේ මගදී මට කීප සැරයක් නින්ද ගියා ,, එයා ෆුට් සයිකල් එක පදිද්දී හුස්මගන්න සද්දේ මට තාමත් ඇහෙනවා වගේ.. වේගෙන් හුස්ම ගන්න හැටි හරි අමුතුයි.."ගණේමුල්ල කඩවත පාරේ තියෙන කදු වලදී මාව තියාගෙන

තල්ලු කරනවා "පල්ලමේදී එයා හුස්ම පිටකරනවා වේගෙන්;මගදී ගණේමුල්ලේදී ආප්ප දහයක් අරන් දුන්නා ඒකත් අතේ...අන්තිමට රෑ වේගෙන එද්දී ආච්චිගේ ගෙදරට අපි ගියා ගිහින් බලද්දී සෙරප්පුවකුත් වැටිලා ..බයිසිකලේ ඉදන් එද්දී කකුල් හිරිවැටෙනවා සෙරප්පු වැටෙනවා තේරෙන්නේ නැහැ එහෙම වෙච්ච අය දන්නවා ඇති ඉතින් ... තාත්තා ආච්චිට මාව දීලා හැඩල් එකේ එල්ලලා කරකෝලා තිබ්බ ඇදුම් ටිකත් දීලා මාව වඩාගෙන ඉම්බා... එයා මාව ඉබින්න කළින් කැප් එක ගලවනවා ඒ මං ඔළුව බදාගන්න නිසා ඊට පස්සේ "මං දැන් යනවා ආයේ මං කවදාහරි තාත්තා එනකල් මෙහෙ ඉන්න ඕනේ..අම්මා,මිනුවන්ගොඩ ආච්චි, පොලීසිය,ඔය කවුරු ආවත් යන්න එපා මං නැතුව.... තාත්තා කියපු දේ කරන්න ඕනේ" . ඊට පස්සේ ආච්චිටත් කීවා එයා හැර වෙන කිසිකෙනෙක් ආවට මාව දෙන්න එපා කියලා .මට මේ මොකුත් තේරුණේ නැහැ ,, එදා රෑ මාව ඇරලලා ගියාට පස්සේ මම ආයේ තාත්තව දැක්කේ මාස එකොළහකින්.. හෝ    අවුරුද්දකින්                                                            


  ... බටුවත්තේ ආච්චිගේ ගෙදර මාත් එක්ක ඔක්කොම හය  දෙනෙක් හිටියා  ආච්චි ,සීයා ,තාත්තගේ නංගි ,එයාගේ පොඩි ළමයි  දෙන්නා..;ලොකු නංගි බැදලා හිටියේ හමුදාවේ කෙනෙක් ..(අපි කිවේ හමුදාකාරයෙක් කියලා )ඒ නිසා එයා ගෙදර එන්නේ කාලෙකින්,,ඒ වෙද්දී මන් ඉස්කෝලේ තුන වසරේ පළවෙනි වාර විභාගේ ලීවා විතරයි ,,ආච්චිලගේ ගෙදර

ගොඩක් පොඩි ..කබොක් ගල්වලින් ගේ හදලා තිබ්බේ ,, කුස්සියයි සාලෙයි පොඩි කාමරේකුයි,, එකේ තමයි අර ළමයි ඉන්න නැන්ද

ඉන්නේ,, බූරු ඇදක් දාන්න විතරයි ඒකෙ ඉඩතියෙන්නේ ,, ඒ කාමරේ කවුරුත් නිදාගත්තේ නැහැ රෙදි බෑග් පුරෝලා තිබ්බා වගේ මතකයි,හැමෝම රෑට නිදාගන්නේ සාලේ පැදුරු දාලා ,,මදුරුවෝ පිරිලා ,, ගෙට එහා පැත්තේ තියෙනවා පොඩි අඩිපාරක් හැමදාම රෑට

නින්ද යනකල්ම ඒ පාරේ බීඩි බිබී එක එක දේවල් කසු කුසු ගගා මිනිස්සු යනවා ,, ඒ පාර වැටෙන්නේ කසිප්පු තිප්පොලකට (කසිප්පු කියන එක තමයි කිවේ ඒකයි එහෙම්මම ලීවේ)ඒ සද්දේ හරි අමුතුයි ඒ පරිසරේ මට හරිම නුහුරුයි ,, නැන්දගේ පොඩිළමයි දෙන්නා පිලිවෙලින්අවුරුද්දෙ සහ දෙකහමාරේ දෙන්නම පොඩි ගෑණු ළමයි... ඒ ළමයි මම දැක්කේ වලස් පැටව් වගේ කළුපාටට නාවර පෙරාගෙන හිටියේ එයාලා ලගින් ආවෙත් අමුතු සුවදක් ඒක සුවදක්ම නෙමේ..හැමදාමත් තාත්තා ගැන ඇහුවට මට ලැබුණ උත්තරේ "ඉරිදා හවසට එයි "..උදේට හැමදාම පාන් කෑල්ලක් එක්ක තේ එකයි හකුරු පෙත්තයි තමයි.. ගෙදරදී හැමදාම මගේ තාත්තා හදාදීපු ලොකු කිරි කෝප්පය ඒ හැම උදේකම මතක් වුණා.සෙනසුරාදා මං ගොඩක් සතුටින් හිටියා තාත්තා ඉරිදා එන නිසා...ඒ සතුට ඉරිදා රෑ කරුවලත් එක්ක කදුළු වෙලා ඉවර වෙනවා.. ඒ ගෙදර හැමෝම මට ආදරෙන් සැලකුවා.. ලොකු නැන්දගේ සැමියා හමුදාවේ හිටියට එයාගෙන් ගෙදරට වියදමට සල්ලි ලැබුණේ නැහැ.. නැන්දා ළමයි දෙන්නා නිසා ගෙදරට වෙලා හිටියේ රස්සාවක් කලේ නැහැ...මම දන්න විදියට ගෙදර ඔක්කොම ජිවත් වුණේ ආච්චියි සීයයි කරපු කුලී වැඩ වලින්..ඒ දෙන්නා ළිං කපන්න , ටොයිලට් වලවල් කපන්න ,,ඉඩම් වල අගල් කපන්න ,,පොල්ගස් වටේ සුද්ද කරන්න වගේ වැඩ වලට යනවා .. ආච්චි ගොඩක් වයසයි. එයා උස මහත හරිම ශක්තිමත් කෙනෙක්... ඒ දෙන්නගේ උදවුවට මාත් එයාලා එක්ක ගියා... බටුවත්ත ,ගණේමුල්ල පැත්තේ පොළව හරිම තදයි ,,වතුර එන්න ළිදක් බඹ ගාණක් කපන්න ඕනේ ,, සීයා වලට බැහැලා කපනවා ආච්චි තමයි අදින්නේ ... මං අවුරුදු හත වුණාට ඒ වයසේ ළමයෙක්ට වඩා පිරිපුන්ව හිටියා (තලගොයි මස් කාපු හින්ද වෙන්න ඇති ) මාත් ආච්චිට මහන්සි දැනුනම පස් කූඩ ඇද්දා.. ආසාවෙන් කලාට හවස් වෙද්දී අත් දෙක දැවිල්ලයි දිය බුබුළු ඇවිල්ලා ඊට පස්සේ ආච්චිගේ පරණ චීත්ත වලින් කෑලි ඉරලා අතේ බැදගෙන තමයි පස් ඇද්දේ...හැමදාම වැඩ තිබුණේ නැහැ...එහෙම දවසට මම නැන්දට උදව් වුණා "බම්බු ඔතන්න" එයා රතිඤඤා හදන කොම්පැනියකින් ගෙදරට ගෙනත් ඔතලා දෙනවා .. තීරු තීරු කපලා එක හට්ටියට තියපු කඩදාසි වලට පාප්ප ගාලා දෙන්නේ මම..බම්බු දාහක් ඔතපුවාම හම්බුණේ රුපියල් දහයක් හෝ ඊටත් අඩු ගණනක් එයා ඒත් ඒක කළා මං එහෙන් එනකලුත්....
  දවසක් රෑක නැන්දට හොදටම අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චා.... සතියකට පස්සේ ගෙදර ගෙනාවේ.. ඒ සතිය මට ජිවිතේ කවදාවත් අමතක කරන්න බැරිවේවි..ආච්චි ඉස්පිරිතාලේ යද්දී මං එයා එනකල් ඒ දෙන්නව බලාගන්න ඕනේ..එහා ගෙදර නැන්දට කියලා ගියාට එයත් වැඩ නිතර එන්න බැහැ...සමහර වෙලාවට දෙන්නම එක පාර අඩනවා..ලොකු එක්කෙනා ඒ වෙලාවට එහාගෙදරට ඇරලලා පොඩි එක්කෙනාව කකුල් දෙකට කොට්ටේ තියාගෙන නලවනවා මට පුදුමයි මතක් වෙද්දී නැන්ද මට හැමදේම කියාදීලා තිබ්බා ඇඩිල්ල අඩු නොවුණොත් තේ බෝතලේ සූප්පුව ගහලා පොවනවා.. ඒ ළමයා අඩන්න ගත්තම ඇස් දෙක කිටි කිටි වෙන්න වහගෙන මුණ රතු කරගෙන අඩන්නේ.. එපා වෙනවා එයාව නවත්තන්න අමාරුයි.. ඔය විදියට කරලා එයාව නිදිකරලා අනිත් එක්කෙනාව ගෙදර එක්ක එනවා.. ඊට පස්සේ ....
----------------------------------------------------------
තවත් ලියන්න අමීළුයි...හෙට අනිද්දට ඉතුරු කොටස ලියන්නම් යාලුවනේ :( 

117 comments:

  1. කාලීනව කතා බහට ලක් වන මාතෘකාවක් අත්දැකීම් ලෙස අපට ඉදිරිපත් කිරීම ගැන තුති...

    ReplyDelete
  2. //දුක කදුල නමැති දුෂ්ඨයන් පරාජය කර සිනාසෙමි//

    අපි ගොඩාක් අයට ලමාවියේ අමිහිරි අද්දැකීම් තියෙනවා ඒත්
    ලබපු අත්දැකීම් සහ ගෙවපු ජීවිතේ ගැන නැවත බලනකොට
    දැන් ගෙවන ජීවිතේ ගැන සතුටු වෙන්න පුළුවන් නේද?
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ ඒක ඇත්ත,, තනියම ඉද්දි ඕවා මතක් වෙනවා

      Delete
  3. කියවාගෙන යනකොට හුඟක් දුක හිතුනා, අපූර්වී අක්කේ. ඉක්මනින් ම මුල් කොටස් දෙකත් හොයාගෙන කියවන්න ඕනේ. කරදරයක් නැත්තං ලින්කුව දෙන්න මට. ඒක නෙමෙයි, ඇයි හැමෝටම මගේ නොවන මගේ ම එව්වා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. @ ඔමායා,
      කතාව ඉස්සරහට සහ පස්සට ලින්ක් කරන්න. අර තලගොයි කතාව තියෙන තැන ඒ කතා කොටසට ලින්ක් කරන්න.

      Delete
    2. @ධාරා මේක මේ සිද්දියේ පලවෙනි කොටස ඒත් 3 වෙනි කොටස කියලා දැම්මේ මිට කලිනුත් මං පුංචි කාලේ යම් යම් දේවල් ලියලා තියෙන නිසා ,,
      කාකා තුමා ඒ ගැන දන්නා නිසයි මේ විදියට කොමෙන්ට් කලේ,, ස්තුති මාව දිරිමත් කරනවට මං ඒ විදියට ලින්ක් කරන්නම් ඊට පස්සේ අනිද්දා වෙද්දී වත් ඉතුරු කොටස ලියන්නම් ස්තුතී

      Delete
  4. ලියන්න අමාරු බව අහන්නත් දෙයක්ද?
    මට නං කියවන්නත් හරිම අමාරු වුණා, හරිම සංවේදී කතාවක්.
    කතාවේ අවසානයෙ අර පොඩි ළමයි දෙන්නා අද කොහේද කියලාත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හොදයි මං හැමදේම ලියන්නම් ,, මේක මට මතක් වුනේ එදා තාත්තා කෝල් කරපු දවසේ රෑ නිදාගන්න යද්දී , ස්තුති
      http://omageheena.blogspot.co.il/2013/11/acceptable-life-of-mona-lisa.html මේ ලිපිය ඔබට මග හැරෙන්න ඇති සචාරේ නිසා වෙලාවක් ලැබුනොත් කියවන්න :)

      Delete
    2. ක්ලික් කලාම වැඩ ක‍රන්න ලින්ක් දාන්නේ මෙහෙමයි
      Use HTML "a" tag.
      http://omageheena.blogspot.co.il/2013/11/acceptable-life-of-mona-lisa.html

      Delete
    3. අනේ ඒක තේරෙන්නේ නැහැ මට :(

      Delete
    4. කකා.......ආපහු සැරයක් කියලා දෙන්න...මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා . සමහරවෙලාවට පොට්ටේ වැඩකරනවා.

      Delete
    5. කකා.......නැවත වරක් පැහැදිලි කරන්න අ යන්නේ ඉදං ඉදගෙනග

      Delete
    6. //a href="ඕන කරන අඩවියේ ලිපිනය"\\අවශ්‍ය වාක්‍ය//a\\

      මේකෙ // වෙනුවට < සහ // වෙනුවට > දැම්මම හරි.

      Delete
  5. මේවා මතක තියෙන එක බොහොම හොඳයි. මොකෝ ගොඩක් අයට ඔයා ඉන්න තත්වයට ආවම මේවා අමතක වෙනවා. මේ රටේ බහුතරයකගේ කතාව මේකම තමයි. අපේ ගම්වල මේ දේවල් අපි අදත් දකිනවා. පොලිටික්කෝ බයිලා ගැහුවට. තාම මිනිස්සු ගෙවන්නේ බොහොම දුක්බර ජීවීත..

    ReplyDelete
    Replies
    1. සියා එක්ක පැය ගණන් ඔහේ tv එක දිහා බලන් බිල්ලෙක් වගේ ඉද්දි මට ඕවා මතක් වෙනවා ,, දැන් බාත් රුම් වල නෑවට හැමදේම අතට පයට තිබ්බට අපි පුංචි කාලේ ටොයිලට් වත් තිබ්බේ නැහැ අපේ ගෙවල් වල හරියට ,,, මෙවුවා කෙල්ලෙක් විදියට කියන්න ලැජ්ජාවක් නැහැ.. ඒ මං විදපු අතීතය ගැන

      Delete
    2. +++++++++++++++++++++++++++++++
      දිරිය දියණියක් ........
      ඉතාමත් ආඩම්බරයි....
      සම හරකියන් දෙස බලන විට...

      Delete
    3. @මාතලන් මහතා
      බොක්කේන්ම සතුටු වෙනවා ..බොරුවට අනේ මටත් දුක හිතුනා ..මගේ තනි ඇහැට ඇඩුණා වගේ කතා කියන්නෙ නැතුව ඇත්ත කතා කරන එකට ...

      Delete
  6. ඔමා දැන් සනීපද?
    නංගි ජිවිතේ අපි කවදාවත් මුල අමතක කරන්න හොද නෑ ...ඔයාගේ කතාව සෑහෙන්න හිතට වැදුනා.....ඔලුවට ගොඩක් දේවල් මතක් උනා....

    ReplyDelete
    Replies
    1. අක්කේ ඇත්තටම සිංහයාට නරිය මොකක්ද කීවේ ඉදගෙන :D

      Delete
    2. ඉඳගෙන ඇවිදින්න එපා පස්ස හමයයි කිව්වා

      Delete
    3. @ඉවාන් පව්ලුෂා +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    4. මගියාට හෙන හැපී වගේ ඉදගෙන ඈ :D

      Delete
  7. පුදුමයි ඔමා ඇත්තටම පුදුමයි ඒ වගේම සතුටුයි.
    (ඔයාට මේ හැමදේම මතක එකට).
    මෙ තරම් දරුනුවට නැතත් නෑදෑ ගෙවල් වල දුක් විදපු අත්දැකීම් ටිකක් මටත් තියෙනවා.

    ඒත් තුන වසර ඒ කියන්නෙ අවුරුදු 8දරුවෙක් කොහොමද දෙයියනේ මේවා දරා ගන්නෙ.

    ටිකක් රෙස්ට් එකේ ඉදලා ඊලග කොටස ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මං තාත්තා එක්ක හිටපු නිසා වෙන්න ඇති ටිකක් අමුතු විදියකට හැදුනේ

      Delete
  8. මුලින්ම අක්කේ ඔයා ගැන මට සෑහෙන්න ආඩම්බරයි.මොනවා උනත් මේ වගේ ඇත්ත කතාකරන එක සෑහෙන්න වටිනවා.වෙන ගෑණු බොරු පුහු ආඩම්බරකම් පෙන්නන කාලේ අක්කා මේ වගේ ඇත්ත දාන එක ගැන නම් සෑහෙන්න වටිනවා.අනිත් ටිකත් ඉක්මනට දාන්න අක්කේ.....මං පුදුම ආසාවෙන් බලන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. තැන්කු අඩවි මලේ .. ලියන්න ඕනේ කම්මැලි නොවී ඉක්මනට ,, ස්තුති එනවට මෙහෙ

      Delete
  9. Replies
    1. ඒක තමයි තැන අටම්තුමණි

      Delete
    2. අටම්තුමා කාලෙකින් මොනවත් ලිව්වේ නෑ නේද?

      Delete
    3. ඔව් මාත් හැමදාම ගිහින් බලලා එනවා මොකුත් ලියලා නැහැ

      Delete
  10. මම ඉන්නෙ උබ ඔය ගණේමුලු ගිය පාරෙ බන්...ගම්පහ ඉදල ගණේමුල්ලට යද්දි හම්බෙන ඉස්සෙල්ලාම කන්ද තියෙන්නෙ, ඒ කන්දට මෙහා පාලම තියෙන්නෙ ඒ පැත්තෙ තමා අපේ ගෙවල් :D

    පෝස්ට් එක උඩින් උඩින් බලන් ගියෙ උදේම කොටස් 3ම කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. උඩුගම්පොළ ඉස්කෝලේ එහා පැත්තේ පාරේ ද ? අර පාලමට මෙහා ? හි හි

      Delete
    2. අයියෝ නෑ බන් උඩුගම්පල නෙමේ, ගණේමුල්ලට මෙහා මාකිලංගමුව තියෙන්නෙ, අන්න ඒ හරියෙ.. :P

      Delete
    3. මුණ දැක්කම හිතුවේ වනාතමුල්ලේ කියලා :D

      Delete
    4. ඔයාගෙ මූණ දැක්කම හිතෙන්නෙ සෝමාලියාවෙ කියල අනේ :v

      Delete
  11. අපේ පැත්තේ නම් තාමත් අර රතිඤ්ඤා ඔතනවා වගේ සුරුට්ටු ඔතනවා. ලොකු ගානක් නැති උණත් සමහර නැන්දලා කරනවා ඒ වැඩේ.
    ගොඩාක් සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. යකා මල්ලි @ වේයන්ගොඩ පැත්තේද

      Delete
    2. නෑ මම රඹුක්කනට කිට්ටු වෙන්න

      Delete
    3. ඉස්සර පුංචි අම්මගේ යාලුවෙක් හිටියා වේයන්ගොඩ එයා ඒවා එතුවා ඊකයි ඇහුවේ :)

      Delete
  12. ඔබට ලියන්න බැරුවා සේම මට ද කියවාගන යන්නත් අපහසු වුණා. මේක මං කියවන්නේ කෝච්චියේ ගෙදර යන ගමන්. වටේ එවුන් මා දිහා බලන් ඉන්නවා. ඇස් දෙක පුරා කඳුළු.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔයත් ආදරණිය තාත්තා කෙනෙක් නිසා වෙන්න ඇති අයියේ

      Delete
  13. මේ වගේ සිදු වීම් කීපයක් මටත් තියෙනවා ...ඒවා ලියන්න බැහැ ඕමා .. සුන්දර ලෝකෙට ගැළපෙන්නේ නැහැ .. මට මගේ තාත්ත ඇර වෙන කෙනෙක් නැහැ මේ ලෝකේ ... මට හැමදාම කියන්න තියෙන්නේ මෙච්චරයි ...... දිගටම ලියන්න ඕමා .......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ,, ස්තුති සහන්..ජිවිතේ ඔහොමයි ,, ජීවිතේට ඔයා අමාරුකාරයෙක් බව පෙන්නන්න

      Delete
  14. //ඇඩිල්ල අඩු නොවුණොත් තේ බෝතලේ සූප්පුව ගහලා පොවනවා// ඉතාම වැදුන කොටස. ඔබහේ ලිපිය කියවන විට පහලවූ හැගීම් ලියන්න වචන නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් .. කිරි තිබුනේ නැහැ ඒ ළමයින්ට තේ දුන්නේ විශ්ව තාමත් මතකයි ඒ බෝතලේ කහට බදිච්ච පාට .. ස්තුති විශ්ව මගේ ලිපි කියවා අදහස් බෙදාගන්න එකට

      Delete
  15. ඔමා..........ඒ අමිහිරි මතකය දැන් මෙසේ ලියා තැබීමට ලැබීමම ඔබ ලැබූ භාග්‍යයකි... සමහරුන් ගඟ තරනය කරන්නේ නැත. මගදී ගසාගෙන යනවාය..සමහරුන් ගඟ තරනය කර පසුපසින් ගඟක් නොතිබූ බව කියනවාය. මා කිහිප වරක් කියා ඇති පරිදිම ඔබ දක්ෂ එඩිතර දරුවෙකි..අවධියෙන් ගමන් කරන්න.

    ReplyDelete
    Replies
    1. \\සමහරුන් ගඟ තරනය කරන්නේ නැත. මගදී ගසාගෙන යනවාය..\\\\\\

      බොහෝ දෙනෙකුට වෙන්නේ ඔය දේ අරූ .... දිය ඇල්ලකිනුත් පහළට වැටුණොත් ආයේ ජීවිතයක් නැහැ...

      Delete
    2. අරූ@ ස්තුති හැමදාමත් දිරිමත් කරනවට ඔයාගේ හැලප තුමාගේ ලිපි කියවීම තුලින් තමයි මාත් පෙළඹුණේ ඒවා මට ශක්තියක් හැමදාම

      Delete
    3. අරූ,
      මේක කියවද්දි මතක් උනේ උඹේ අත්දැකීම්. මම කියන්න හැදුවෙ අරූගෙ ෆීමේල් වර්ෂන් එක කියල. උඹට වැඩිය අමාරු කාලයක් ඔමාට තිබිල තියෙන්නෙ.

      Delete
    4. අරූ තුමාගේ ලිපි කියවලා තමයි මාත් මේ දේවල් ලියන්න ඕනේ කියලා ගට්ස් ගත්තේ

      Delete
    5. @රාජ්.....මටත් එහෙම හිතෙනවා....මගේ යුගයේ මචං අඩුම ගානේ අවට සමාජය සාපේක්ෂෙව සානුකම්පිතයි...නිවැරදි ආකල්ප තිබුනා. ඔමාගේ කාලයට එනකොට සමාජයත් අජූව වෙන්න කුණු වෙන්න පටන් ගන්න කාලේ වෙන්න ඕන. ඒක තවත් ප්‍රෙශර් එකක්.

      Delete
    6. මටත් මතක් වුනා අරුව.මෙ කතාව ගැන හොදම කමෙන්ට් එක තියෙන්නෙ අරු ගාව.

      Delete
  16. කඳුළු රහ දන්නා මිනිස්සු විතරයි ලෝකේ දිනන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නාඩි අයියේ

      Delete
  17. මෙයාගේ කතාව බලද්දී මගේ ජීවිත කතාවෙත් සමහරක් තැන් මතක් වෙනවා.. අපි දෙන්නගෙම වැඩි වෙනසක් නැති පාටයි.. අතීතය අමතක කරන්න හොද නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් එවුවා අපි කොහොම හරි පහු කලානේ දැන් ෂෝයි එකට ඉන්නවනේ :)

      Delete
  18. ඔබ ඉතා වේගයෙන් චිත්තාවේග පිට කරමින් ලියලා තියෙන්නේ. සමහරවිට වැදගත් කොටස් මගහැරෙන්න පුළුවන්. ඒ නිසා ලියන්නට පෙර හිතෙන් පොඩි සැලැස්මක් හදාගන්න. නැත්නම් මේ අගනා කතාවේ කොටස් ගිලිහෙන්න පුළුවන්. ටිකක් හිතලා බලන්න පස්සේ කාලෙකදී මේ කතාව නවකතාවක් හෝ තිර පිටපතක් ලෙස වර්ධනය කිරීමේ හැකියාව ගැන.

    ReplyDelete
    Replies
    1. කතාව දිග වැඩිවෙයි කියලයි එහෙම ලීවේ..හොදයි විචාරක තුමනි මං ඊලග කොටස උපරිමයෙන් ලියන්න උත්සහ කරනවා ස්තුති ඔබගේ දිරිගැන්වීමට

      Delete
  19. ඇත්තටම ඔමා ජීවිතේ විදවන්නත් ඕන විදින්නත් ඕන... නමුත් හැමදාම විදවන්න ඕනෙ නෑ... ඒ වගේමයි හැමදාම විදින කොටත් කිසි ගතියකුත් නෑ.... මමත් මගේ ජීවිතේ සෑහෙන්න විදවලත් තියෙනව විදලත් තියෙනව.... ඇත්තටම මම අතීතයට හරි ආසයි....

    ReplyDelete
  20. කොහොම හරි ලිව්ව නේද??? සුභ පැතුම් නැගී සිටිම ගැන...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ස්තුති දෙශකතුමනි

      Delete
  21. කතාව නම් කෙසෙ වුව ද ..තමාත් කවුරු බයිලා ගැහුවත් තම අපේ ගම් වල තත්වය මෙයයි ..යන්තමින් හෝ පුලුවන් කමක් තිබුණු උන් ඔක්කෝම කොළඹ පදිංචි වෙලා කොළඹ ඇයෝ රට පදිංචි වෙලා ..මෙ කතාවට ඇඩෙන්නෙ ඔවා දැක/විද නැති අයටය ...කුලී වැඩ කරලා දවසට එක වේලක් කලා ,බොහො විට ඉරිඟු පිටි වලින් සැදු යමක් ජිවත් වෙන මිනිස්සු තවමත් ඉන්නවා..අදින්න වස්තරයක් ගන්න බැරුව ..අත දරුවන්ට කිරිපිටි දෙන්න විදිහක් නැතුව කොත්තමල්ලී වතුර දෙන අම්මලා ඉන්නවා ...ඇඩෙන අය අඩන්න ඕන අන්න එ මිනිස්සු ගැන හිතලයි..නැතුව බොරුවට තමන් හිත උනු වෙන පොරක් කියලා පෙන්නන්න නෙවෙයි ...මම කාටවත් බනිනවා නෙවෙයි මේ ,අපේ ඇත්ත තත්වය මෙකයි ...
    වැඩෙ වී තිබෙන්නෙ blog ලියන වැඩි පිරිසක් සාපේක්ෂව සැපවත් ජිවිත ගත කරන අයවලුන් ය (එක්කො රට නැතිනම් ලංකාවේ තරමක් හොද වැටුපක් ගන්න )කියන්න තව බොහෝ දේ තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. අදහස් තියෙනවා නම් කියන්න ..කමෙන්ටුව දිග වැඩි නම් අයින් කරන්න ..;..

      Delete
    2. මටනම් ඈඩුනා බන් මොකද උබ කියලා තියෙනවා වගේ මම පොඩි කාලේ දුක් විදලා නැ බන්......
      ඇයි ඉතින් මේ උබට කේන්ති හිගින් .... නෑ වැරදුනා කේන්ති ඇවිත්

      Delete
    3. කේන්ති නෙවෙයි රාළේ මම ඇත්ත කිව්වෙ ...බොරුව මොකක්ද ???

      Delete
    4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  22. අනෙ මන්ද ඔමා.මටත් ඉන්නෙ කෙලි පැට්ටො දෙන්නෙක් .මට උන්ව මතක් වෙනව මෙව කියවද්දි.උන් මම එනකන් හවසට බලන් ඉන්න හැටි.වින්ද දුක් තමයි ජිවිතෙ හයිය කියල ඉමු නේද.ඔය බම්බු ගැහිල්ල ගැන තියෙනව කතාවක්.එක දාන්නඔන බ්ලොගෙ

    ReplyDelete
    Replies
    1. මටත් ඔයා වගේ ආදර තාත්තෙක් හිටියා දමිත් ලියන්නකෝ බම්බු ගැන

      Delete
  23. අඩුක්බර අතීතය තුලින් සැපවත් අනාගතයක් හදා ගත්ත තැනට වෙනකම්ම ලියන්න නගෝ ... බලන යට වැදගත් වෙයි

    ReplyDelete
    Replies
    1. පුළුවන් තාක් ලියන්නම් අයියේ

      Delete
  24. me oyagema athdekimakda akke ? mata kawuru hari sinhala type karana setup aka thiyenawanam awannako , harima duka hithena kathawak
    menna mage e mail Id aka (roshika.nishanthi@gmail.com)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි...මං එවන්නම්

      Delete
  25. තවත් එක් පරිච්චේදයක්. . .

    ReplyDelete
  26. දුක හිතෙන සිදුවීම් මාලාවක් !

    ReplyDelete
    Replies
    1. ඔව්වත් උනා නේද හිතද්දී මටම පුදුමයි මධු

      Delete
  27. ස්තුතියි සහෝදර තුමාට . ඔමායා අක්කේ ඔයාගේ කතාව හරිම දුක හිතෙන එකක් . ජිවිතේ ජය ගන්න ඔය වින්ද දුක දවසක ඔයාට ලොකු අත්වැලක් වේවි.

    ReplyDelete
    Replies
    1. සිංහල හම්බෙලා වගේ නන්ගියට.. තැන්කු

      Delete
  28. හිත ඇතුලෙ කොච්චරනම් වේදනාවක් හැංගිලා තියෙනවද කියල තේරෙනව..දුක තුනී වෙනකම් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ...ස්තුති

      Delete
  29. කවඩත - ගණේමුල්ල මාර්ගය මමත් නිතරම ආගිය පාරක්..ඒකෙ ඇතැම් තැන්හි තියෙන කදු පල්ලම් ඩබල් කෙසේ වෙතත් තනියෙන්වත් පා පැදිය පැදගන්න බැරි තරම්...

    ඒ කොටස කියවද්දි මගේ තාත්තාවත් මට මතක් වුනා...මමත් බොහොම පුංචි කාලෙ පාපැදියෙ තියාගෙන තාත්තා ගිය හැටි මට තවමත් හොදට මතකයි. දුක අතරින් පැමිණි මේ මගේ ඉදිරිය වඩා යහපත් වෙන්නට පතනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ .. ඔව් ඒ පාරේ තනියම යන හැමවතාවකම මට තාත්තා මතක් වෙනවා.. පල්ලම් වල තියෙන පාලම් ලගදි බයිසිකලෙන් බැහැලා ටිකක් කකුල් වල හිරි ඇරපු ඒවා මතක් වෙනවා ,,

      Delete
    2. මම කොල්ලෙක් උනාට තාත්තට පුදුමාකාර විදියට ආදරෙයි (මොකද කොල්ලො වැඩිය ආදරේ අම්මට කියලා කථාවක් තියෙන නිසා)...වයසින් මුහුකුරා යන්න යන්න ඒ ආදරය වැඩි වෙනවා...ඒ අය අපි වෙනුවෙන් වින්ද දුක...කරපු කැප කිරීම් පුංචි කාලෙදි තේරුම් ගන්න අමාරු නිසා...ඇත්තටම මගේ ලෝකයේ මට ඉන්න එකම වීරයා මගේ තාත්තා...මේ කමෙන්ටුව කොටන අවස්ථාවෙදිත් මගේ ඇස් වල කදුලු පිරිලා...ස්ක්‍රීන් එක බොද උනා.

      Delete
    3. මට තේරෙනවා අයියේ ඔයාගේ හැගීම..ඔයත් ඒ වගේ තාත්තෙක් වෙන්න ඔයාගේ දරුවන්ට

      Delete
  30. ඔයාගෙ කතාව බ්ලොග් එකේ tagline එකට මාර විදියට ගැලපෙනවා ඔමා... මට හරිම ආඩම්බරයි ඔයා ගැන. ඔයාගෙ නිහතමානීකම ගැන. අද කාලෙ ගොඩක් ගෑනුළමයි ගාව නැති වටිනාම ගුණාංගයක් නෙව ඒක.

    පුංචි කාලෙ මුලු කතාවම ලියන්න පුලු පුලුවන් වෙලාවට. කියවද්දි ඇස් කෙවෙනි තෙත් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔයාගේ බ්ලොග් එක කියෝලා මං සතුටු වෙනවා ඔයා මගේ එක කියෝලා දුක් වෙනවා එකෙත් හැටි යශෝ .... ජිවිතේ ඔහොමයි ,,,,මං ලියන්නම්

      Delete
  31. මම නම් අද තමා මේ පැත්තේ ආවේ.. දමිත්ගේ බ්ලොග් එකේ තිබ්බ බම්බු පෝස්ට් එක දැකලා.. ගොඩක් දේවල් දැනෙන්න ලියලා තියනවා.. අද කාලේ අපි නොදකින අද සමාජෙත් එක්තරා පැතිකඩක් ගොඩක් ලස්සනට ඔයාගේ කතාවත් එක්ක ගැලපිලා තියනවා.. අනිත් පෝස්ට් ටිකත් ඉක්මනට කියවන්නම්..

    ඔයා හිටියේ ගනේමුල්ලේ ද?? අපි නම් කඩවත..

    පුළුවන් වෙලේක ගොඩවැදිලා යන්න
    http://mathakamawatha.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඊයේ ගොඩ වැදිලා ආවා සචින් ,, සතුටින් ඉන්න අතීතය සහ වර්ථමානය දුක කදුලම දුන්නත් අනාගතේ සතුට වෙනුවෙන් අද හිනාවෙන්න උත්සහ කරන්න

      Delete
  32. දුක හිතුනා ඔමායෝ...ඔයා එහෙට එක්කගෙන ගියේ ඇයි කියලා දැනගන්න බැරි උනාද?

    ReplyDelete
    Replies
    1. පානුයි, හකුරුයි කාලා...ප්ලේන්ටි බොන්න පුරුදු කරවන්න...

      විහිළුවට කිව්වේ සයුරි!!!!!!!!

      Delete
    2. ලියන්නම් සයුරි ... අරූතුමා කීවා වගේ ,, පානුයි බටරුයි කාපු මට පානුයි, හකුරුයි කාලා...ප්ලේන්ටි බොන්න පුරුදු කරවන්න...තමයි ..

      Delete
  33. ඔහොම දුක් විඳල ඒ දුක මතක තියාගෙන ඉන්න පුලුවං අයට තමංගෙ ජීවිතේ ඉදිරිය හොඳින් සාර්ථක කරගන්න පුලවං. (හැබැයි ඒ ගැන හිතල විඳවන අය නෙමෙයි ඒක ආශිර්වාදයක් කරගත්ත අයට)

    ඉතුරු කොටසත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. Praසන්ன@ ස්තුති අදහස් එකතුකිරීමට ... ලියන්න ඕනේ අද කොහොමහරි ,, ඒ වගේ ඔබතුමගෙනුත් ඉල්ලනවා මේ අවුරුද්ද ඉවරවෙන්න ඉස්සෙල්ලා අර පාලුවට ගිය බ්ලොග් එකේ මොනාහරි ලියන්න කියලා ලස්සන දෙයක් අපි වගේ අයට ජීවිතේට එකතුකරගන්න

      Delete
  34. පරක්කු වුනා කියවන්න් එන්න, ඉතිරිටිකත් ලියන්න කියවන්න එනවා. ජීවිතේ මුල මතක තියෙන අය බොහොම අඩුයි ඔමා....සමහරු මේවා කියන්නේ මාකට් එකක් හදාගන්න. හොඳම උදාහරණය රියැලිටි ෂෝ වලදී ,කට්ටිය තමුන්ගේ නැති බැරිකම, දුක කියකියා sms එකතු කරනවා.
    තමුන්ගේ මුල අමතක් කරන්න හොඳ නෑ වගේම ඒවා මිස්යූස් කරන්නත් හොඳ නෑ. ඒ අතින් ඔබ විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුති ඉවන්.. ඔයාලා එක්ක මේක ලියලා කියවලා කොමෙන්ට් කරලා මං පුදුම සතුටක් ලබන්නේ ,, ඒක තමයි මං බලාපොරොත්තු වෙන ඒකම දේ

      Delete
  35. උබේ අව්‍යාජත්වය අගයමි මගේ නෑනේ :)

    ReplyDelete
  36. උබේ අව්‍යාජත්වය අගයමි මගේ නෑනේ :)

    ReplyDelete
  37. තුන්වෙනි එක කියවන්න ආවට එකයි දෙකයිත් කියොලමයි ආයෙ ආංවෙ.. මට ප්‍රශ්න වගයක් තියෙනවා.. චැට් එකේදි හම්බෙමු :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ,, මුදි ඊයේ රෑ නිදාගත්තේ කීයටද කියලා දැක්කා මං

      Delete
  38. මාත් බයිසිකලේ පොල්ලේ ගිහින් තියෙයි ඉගෙන...පානුයි කහටයි ත් කා තිබේ...ප්‍රශ්න ඉදිරියේ දිවි තොර කරගන්නා අයවලුන් සිටිනා සමාජයක නොසැලී ඉන්න අපි ලබපු ඒ පන්නරය ලොකු හයියක් කියලා මම විස්වාස කරනවා අක්කේ ඉදගෙන....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක නම් ඇත්ත මල්ලි

      Delete
  39. හැම අත්දැකීමක් ම ජීවිතයට ශක්තියක් කර ගන්න. සුවයි නේද දැන්? මම කාලෙකින් නෙ මේ පැත්තෙ ආවෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, තැන්කු දිලිනි සුව දුක් විමසීමට .. දැන් සනීපයි

      Delete
  40. හ්ම්ම්..............ආසාවෙන් කියෙව්වා....දිගටම මේ කතාව ලියමු

    ReplyDelete
  41. අපූර්වි,

    \\\\ස්තුති සහන්..ජිවිතේ ඔහොමයි ,, ජීවිතේට ඔයා අමාරුකාරයෙක් බව පෙන්නන්න\\\\

    \\\\ඔව්වත් උනා නේද හිතද්දී මටම පුදුමයි මධු\\\\

    \\\\ ජිවිතේ ඔහොමයි ,,,,මං ලියන්නම්\\\\

    \\\\අතීතය සහ වර්ථමානය දුක කදුලම දුන්නත් අනාගතේ සතුට වෙනුවෙන් අද හිනාවෙන්න උත්සහ කරන්න\\\\

    ඔබ දැනටමත් ජීවිතය අවබෝද කරගෙන ඇති බවට, හොද සාක්ශි, ඉහල ප්‍රතිචාර වලින් පේනවා. පොලොවෙ සැබෑවටම පය ගහල ඉන්න කෙල්ලෙක් හමුවීම සතුටක්. ඔබ සුරන්ගනා ලෝකයක හීන දකින්නියක්නම්, ඔය විදිහට ජීවිතය ග්‍රහණය කරගන්න බැහැ. ඔබගේ අත්දැකීම් මට නම් ගෙනාවේ චමත්කාරයක්. වර්තමානය සහ අනාගතය සුබ වේවායි පතනවා...!

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඔයාට ,, මාව අගය කලාට නෙමේ මගේ හැගීම් ,තීරණ හරි කියලා කීවට .. කොමෙන්ට් පවා ඔයා කියෝලා වගේ .. මේ වයසට ලබන්න දරන්න අමාරු දේ වුණා ඒ නිසා වෙන්න ඇති ,, මං ඔයා නපුරෙක් කියලා හිතුවේ මුලින් ඔයා නොදන්නවට ,ඒ වගේම ඔයාට බයයි මං ,, ඔන්න ඇත්තම කීවා.. ඔයාගේ කොමෙන්ට් එකෙන් මං තව දෙයක් ඉගෙනගත්තා මිනිස්සු ගැන ,, මං ඉතුරු කොටසත් ලියන්න උත්සහ කරනවා අද රෑට .. ස්තුති ඔයාට ..

      Delete
  42. ඔහොම කට්ට කාල පුරුදු කෙල්ලෙක් බඳින්න තියේ නම් අනිව ගොඩ යන්න පුළුවන්.. සීනිබෝල වගේ කෙල්ලො තමයි අද කාලෙ ඉන්නෙ වැඩිපුර.. කට්ට කාල ජීවිතේ ගොඩ දාගනිපු උන් දන්නව ජීවත් වෙන්නෙ කොහොමද කියලා....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම් ස්තුති අදහස් බෙදා ගත්තට

      Delete
  43. ඔමාගෙ ලිපි කියවල මම නොමඟ ගිය අවස්ථාත් තිබුනා.සමහර ලිපි කියවල ඉවර වුනහමයි දන්නේ මේක වෙන කෙනෙකුගෙ අත්දැකීමක් නිර්මානාත්මකව ලියල බව.නමුත් මේක ඔමාගෙමයි.මේක ගැන මගෙ අදහසත් කියන්නද?ඒක ටිකක් වෙනස් අදහසක් වේවි.මගෙ සිත්ගත් කොටස තමයි ආච්චියි සීයයි හරිම ශක්තිමත් කියන කොටස.තාත්ත ලස්සනයි කියලත් එක ලිපියක තිබුන.මම කියනව හොඳ ජාන උරුමයක් ඔමාට තාත්තගෙ පැත්තෙන් ලැබෙන්න ඇති.ලස්සන,ශක්තිමත් බව ,බුද්ධිය වගෙ දේවල් ජාන වලින් ලැබෙනව කියන්නෙ කෙනෙකුට පුදුම වාසනාවක්.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යකා අයියේ ///ලස්සන,ශක්තිමත් බව ,බුද්ධිය වගෙ දේවල් ජාන වලින් ලැබෙනව කියන්නෙ කෙනෙකුට පුදුම වාසනාවක්.//// ලැජ්ජාවේ මේම මේම මං බලන්නේ ,, ස්තුති

      Delete
  44. කෝ අනේ මේකෙ අලුත් එක??අදත් රෙද්ද උස්සන් ආවා ඒක කියවන්නම ආස හන්දා.අපි තලායි හොදේ

    ReplyDelete
    Replies
    1. හපොයි ලියන්නම් ලියන්නම් මලේ ,,මං ඔහේ ඔද්දල් වෙලා වගේ මේ ටිකේ මල්ලි

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...