Wednesday, December 18, 2013

මටත් මගේම නොවුණ මගේම ළමාකාලයක් තිබුබූබූණා.2 (වර්ථමානය මිහිරිකළ අමිහිරි ළමාවිය 4)


නැන්දා ඉස්පිරිතාලෙන් ගෙදර එද්දී පොඩි ළමයි දෙන්නා මට ගොඩක් හුරුවෙලා  හිටියේ .. එයා ගෙදර හිටියත් වැඩිපුර එයාලා මා එක්ක ඉන්නේ ..පස්සේ ඉබේටම වගේ චූටි නංගි නිදියන වෙලාව එද්දී කොට්ටේ අරන් මං ලගට එනවා.. පස්සේ දවසක් මට ඇහුණා නැන්දා ආච්චිට කියනවා "අපුරුත් ඉන්න හින්ද මං ජුජුබ්ස් කොම්පැණියේ වැඩට යන්නද අම්මේ , දවල්ට ළමයට කිරිදෙන්න එන්නත් පුළුවන්නේ කියලා." ඒත් ආච්චි කීවා "කොල්ලා කොයි වෙලේ හරි ඇවිත් පොඩි එකී ගෙනියයි"  කියලා. එයා අපේ තාත්තට කීවේ කොල්ලා කියලා ආදරේට ...කොහොම නමුත් නැන්දා ඊට පස්සේ දවසක ඉදලා  වැඩට ගියා. සැරින් සැරේ ඇවිත් පොඩි නංගිට කිරි පොවලා ගියා.මං ඉබේම ගෙදර ළමයි බලාගන්න කෙනාම වුණා.හැබැයි ඒක නිසා තාත්තා ගැන හිත හිතා කල්පනා කරන්නයි පාර අයිනට වෙලා මග බලාගෙන ඉන්නයි වෙලාවක් නැති වුණා..
                                "අම්මේ අයියා බෝගම්බර..ගිය සතියේ මං ගියා" ....ඔය වගේ විස්තර ගොඩක් ආච්චි එක්ක කියලා බාප්පා යන්න ගියා. එයා එද්දී ගෙනාපු කවරේ තිබිලා ලියුමකුයි රාණි සබන් කැටේකින් ලස්සනට කපපු කුරුල්ලෙකුයි මට දුන්නා. ඒ වෙද්දී මගේ උපන් දිනේ පහුවෙලා තාත්තා මගේ උපන්දිනේට ඒ කුරුල්ලා එවලා තිබ්බේ ,,මං හිතුවේ තාත්තා දුර ජොබ් එකක් කරනවා ඇති කියලා ආච්චි පස්සේ මට කීවා තාත්තා හිරේ ඉන්නේ ආයේ එන්නේ අවුරුද්දකින් කියලා ..ඒ කුරුල්ලව හදලා තියෙන්නේ හිරේ හිටපු කෙනෙක් ..එයාලා එක එක නිර්මාණ කරනවා කියලා පස්සේ කාලෙක තාත්තා මා එක්ක කීවා...


ඉස්කෝලේ එක පොතක් වත් මා ළඟ තිබුණේ නැහැ. ගෙදර කාටවත් උවමනාවක් තිබ්බෙත් නැහැ මාව ඉස්කෝලේ යවන්න හෝ මිනුවන්ගොඩ ඇරලවන්න ..පාරෙන් එහා පැත්තේ ගෙදර හිටියේ ටීචර් කෙනෙක් එයා මං ගැන ඇහුවම ආච්චි කීවේ "ඉස්කෝලේ නිවාඩුවට ආපු පිම්ම ඔය කෙලී යන්න කැමති නැහැනේ "කියලා...මාත් ඉතින් බිම බලාගෙන ඇඟිලි වලින් පොළව හෑරුවා.ඇත්තටම මට ඉස්කෝලේ යන්න ආශාවක් තිබ්බේ නැහැ..සිංහල ටීචට කටපාඩම් දීලා එපා වෙලා තිබ්බේ එයා හරිම කම්මැලි අපිට පාඩම කියවන්න කියලා ඈනුම් අරිනවා කල්පනා කරනවා හෑන්ඩ් බෑග් එක අවුස්සනවා .. එයා හැමදාම ඇන්ඳේ එකම මොස්තරෙන් පාට විතරක් වෙනස් සාරි 3ක්  අළු දුඹුරු පාට සාරිය ,ජරා කොලපාට සාරිය ,කුණුලේ පාට සාරිය. ඔය මං ඒවාට දීලා තිබ්බ පාට.ඉංග්‍රීසි ටීචට තමයි ආදරේ තිබ්බේ ගොඩක් එයා තරුණයි හරිම පිරිසිදුයි එයා මතක් වෙද්දී දුක හිතුණා.. තාත්තගේ රේස් පත්තර බලන නිසා මට ඉංග්‍රීසි කියවන්න පුළුවන් ඒ කාලේ. ජොකියන්ගේ නම් එහෙම මතක තිබ්බා ලඟක් වෙනකල්..

                                                      "අන්න පුතේ තාත්තා ඇවිත්" මං ඒක ඇහුණා විතරයි පිස්සා වගේ දුවගෙන ආවේ දොර ගාවට ඒත් බලද්දී අපේ තාත්තා නෙමේ නැන්දගේ මහත්තයා..මුළු කොන්ඩේම එකම ගානකට කපලා ලොකු බෑග් එකක් එල්ලගෙන සපත්තු දෙකක් දාගෙන හමුදාකාරයෙක් කියන රූපේ එයාට තිබ්බා.එයා එදා රෑ නිදාගත්තේ අර බුරු ඇඳ දාපු පොඩි කාමරේ ..නැන්දා කොහේ නිදාගත්තද මන්දා පහුවදා උදේම නැගිටලා හොඳට ඇදගෙන කොහෙද ගියා එයා හරියට හැසිරුනේ යුරෝපේ ඉදලා ආපු මනුස්සයෙක් වගේ. නැන්ද එදා වැඩට ගියෙත් නැහැ ගෙදර හිටියේ..ආච්චි සීයා උදේම වැඩකට ගියා.. දවල් අර මාමා ආපහු ආවේ උයන්න බඩු වගයක් එහෙම අරගෙන..එහෙ මං හිටපු ඒ අවුරුද්දට එක දවසක්වත් මස් කාලා නැහැ උම්මලකඩ හාල් මැස්සොයි පරිප්පුයි තමයි කෑවේ..පොඩි ළමයින්ටත් එක්ක කියලා පරිප්පු හාල් මැස්සෝ දාලා උයනවා නැත්තම් පරිප්පු කිරට උයලා හාල් මැස්සෝ තෙල් දානවා  එදා එයා හුරුල්ලෝ මාළු ගෙනත් තිබ්බා මට හොදට මතකයි නැන්ද එදා ඉවුවේ හරියට මගුල් ගෙදරකට උයනවා වගේ එහා ගෙදරට දුවලා ගම්මිරිස් අහුරක් ඉල්ලන් එනවා  ආයේ ගිහින් සුදු ළුණු බික් දෙකක් ඉල්ලන් එනවා .මං උඩහා ගෙදරින් රම්පෙ කොලයක් කඩාගෙන එනවා  . 
                                       ඔය විදියට දවස් තුන හතරක් ඉදලා එයා ආපහු හමුදාවට යනවා ආයේ මාස දෙකකින් වගේ එනවා..නැන්දා එයා ආපු දාට හොදට උයනවා වටේ පිටේ ගෙවල් වලින් අඩුමකුඩුම ඉල්ලන් ඇවිත්..ඒ මාමා ආපුවාම පත්තර කියෝනවා ඒත් එයා ඒවා බලන්නේ තනියම.

ආච්චිලගේ ගේ ඉස්සරහා ජම්ඹු ගහක් තිබ්බා එතන යටට වෙලා තමයි එයා ඒවා කියවන්නේ මං ආස වුණත් එයාගෙන් ඉල්ලුවේ නැහැ කියවන්න..එයා ඔහොම ඇවිත් ගිය දවසක මං අර පුංචි කාමරේට ගිහින් ටිකක් විපරම් කරලා බැලුවා පත්තර තියෙයිද කියලා... හම්බුණේ නැහැ. 

පස්සේ බූරු ඇඳට එහා පැත්තේ තිබ්බ පරණ සූට් කේස් එකක් යට තිබිලා පත්තර පිටු දෙකක් හම්බුණා;අළු දුඹුරු පාටට හුරු පිටු හතරක පත්තර පිටුවක් ඒක...හි හි ඒකෙ තිබ්බේ අමුතුම වචන...ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එහෙමත් තිබ්බා..අවුරුදු අටේදී ඇත්තටම මට ඒ මොකක්ද කියලා තේරුනේ නැහැ තුන වසරේ මාස තුනයි ඉගෙනගත්තේ කටපාඩමින් කියෝපු වචනයි බොහොම සරල දෙක වසරේදී ඉගෙනගත්ත අකුරු ටිකකුයි විතරනේ දන්නේ ...දැන් ළමයි ශිෂ්‍යත්වේට තුනේදී පංති ගියාට අපේ කාලේ එහෙම දැනුමක් කොහෙද..පස්සේ කාලෙකදී මට තේරුණා එයා හොරෙන් හංගගෙන කියවුවේ අර පත්තර ජාතිය කියලා.. 
                                   ඒ වගේම එයා නාන්න යද්දී එහා ගෙදර හිටපු පිරිමි ළමයින්ව එක්ක යනවා. නිතරම වටේ පිටේ අය ඒකට එයාට ගොඩක් හොඳ කීවා. මාවත් දවසක් දෙකක් එක්ක ගියා ඒ ගියාම එයා ඒ ළමයි හැමෝවම නාවනවා හොදට ඇගවල් සබන් ගාලා අතුල්ලනවා. 

 බටුවත්තේ ගෙදර නාන්න ලිඳක් නැහැ හැමෝම නාන්න යන්නේ වෙල අයිනේ තියෙන ලිඳට..එකේ වතුර හරිම සීතලයි අත ළඟ වතුර..පනිට්ටුව ගහලම වතුර අරන් නාන්නේ කඹයක් ඕනේ නැහැ..හැමදාම හැමෝවම නෑව්වේ නැහැ දෙතුන් දෙනෙක් තමයි නාවන්නේ ඒ ඔක්කොම මට වඩා උසට හිටියා ඉස්කෝලේ හතරේ පහේ වගේ අය..අපි නාන්නේ නැති කීප දෙනා වෙරළු ගහක් උඩට වෙලා ඉඳගෙන නාවනවා බල බල හිනාවෙනවා ,කෝච්චි යනවා බලනවා එයා කවදාවත් මාව නාවන්න උත්සහ කලේ නැහැ ඒ ඇයි කියල නම් මට අදටත් තේරෙන්නේ නැහැ.. 

අර කොල්ලන්ව නාවද්දී එයා කියන වචනයක් තිබ්බා මට තාමත් මතකයි ඒ ගොරෝසු කටහඩ එක්කම "අම්මලට කියන්න ඕනේ නැහැ මෙච්චර සබන් ගෑවා කියලා " මං වගේම අනිත් ළමයිනුත් හිතුවේ එයා ගෙනාපු සුවඳ සබන් ජාතිය ගොඩක් ගණන් නිසා කියන්න එපා කීවා කියලා..
                                       
       තාත්තා ,අම්මා ,ඉස්කෝලේ ,කැටපොල් එක ...ඒ හැමදෙයක්ම මගෙන් ඈතයි..මං වෙන ලෝකෙක ජිවත් වෙනවා වගේ ඒ කාලේ දැනුණේ.මිනුවන්ගොඩ ඉදලා බටුවත්තට පැය එක හමාරක වගේ දුරක් තිබ්බට මට ඒ කාලේ දැනුණේ ලංකාවේ කෙලවරේ ඉන්නේ කියලා..මධුෂානි කියලා මගේ වයසෙම යාළුවෙක් හම්බුණේ ඔය අතරදී හවසට ආච්චි ,සීයා ගෙදර ආවම පොඩි නංගිව එයාලා එක්ක තියලා මං ලොකු නංගිත් එක්ක මධුෂානිගේ ගෙදර ගියා එයාගේ පොත් කියෙවුවා.සිකුරාදට තමයි මං ආසම දවස එදාට එයාගේ පොත් ගෙදර අරන් එන්න පුළුවන්..අපි අමාරු වචන ලීවා තරගෙට,ඉස්කෝලේ වැඩ කරා..ඒ අවුරුද්දේ අගෝස්තු ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙද්දී සිංහල පාඩම් පොත දෙපාරක් විතර කියෝලා ඉවරකළා මං.අග හිගකම් සහ හිත් රිදීම් කදුළු ගැන ලියලා ලිපියකට ගොනු කරන්න බැහැ ඒවා ලියලා සංවේධි හිත් තියෙන ඔයාලට කදුළු පොවන්නත් මට බැහැ. 
                                       
     
දවසක් චුටි නංගිව කකුල් දෙකේ තියන් නිදිකර කර ඉද්දි අපේ අම්මයි ආච්චි අම්මයි ආවා..මට හොදට මතකයි හවස හතරට විතර පොඩි පොද වැස්සකුත් තිබ්බා අම්මා දොර ගාව හිටගෙන මං දිහා බලාගෙන ඉද්දි එයාගේ ඇස් වලින් කදුළු වැක්කෙරුණා..මං එයා දිහා බලන් හිටියා බයවෙච්ච පාරට අම්මා රට ඉන්න කාලය තුල තාත්තා එක්ක හිටපු නිසා සහ ආච්චි අම්මා මගේ තාත්තා එක්ක රණ්ඩුවෙච්ච නිසා මගේ හිතේ අම්මා ගැන තිබ්බේ වැරදි චිත්‍රයක්.අම්මා මට ආදරේ නැහැ එයාට මට වඩා සල්ලි ලොකුයි කියන දෙක මගේ ඔළුවේ තිබ්බා..එදා අම්මා අඬඅඩා යන් ගෙදර ඔයා ඉස්කෝලේ යන්න ඕනේ කියද්දී මං අර ළමයව කකුලෙන් අයින් කරලා අම්මා ළගට ගියේ නැහැ. 
                                         ඒ වෙලාවේ බටුවත්තේ ආච්චි කිසිම දෙයක් කීවේ නැහැ අම්මලට ගෙට එන්න කීවා විතරයි.ආච්චි අම්මා ගෙට ආවේ නැහැ.ඒත් අම්මා ආවා.එයා මට රටින් ගෙනාපු රෝස පාට ලේස් රෙද්දෙන් මහපු ගවුමක් දීලා කීවා මේක ඇඳගෙන යන් ඉස්කෝලේ යන්න ඕනේ කියලා..ඒත් මං අම්මට කීවා මට එපා "සවුදියේ බාබට අන්ඳන්න මට එපා ඕවා" කියලා , ඒ වෙලාවේ අම්මා ගොඩක් ඇඩුවා ආච්චි එක්ක අඩ අඩා කීවා ගොඩක් දේවල්... පස්සේ ලමයව බිමින් තියලා මං නැගිට්ටා ..අම්මට කේන්ති ගියපාර බලෙන් මට ඇඳුම ඇන්දුවා ඇඳගෙන හිටපු කලිසම් කොටේට උඩින්...අම්මා කෑගහලා කීවා මං පොලිසි යනවා ළමය දුන්නේ නැත්තං කියලා , ආච්චි මොකුත් කීවේ නැහැ..ඒ අස්සේ මං පිටිපස්සේ දොරෙන් එළියට ගිහින් හැන්ඟුණා කරුවල වැටුණාම තමයි ආපහු ගෙදරට ගියේ.. ඒ වෙද්දී අම්මා ගිහින් තිබ්බා..එදා මං හැසිරුණ විදිය ගැන පස්සේ කාලෙක ගොඩක් දුක් වුණා .එදා අම්මට මං කියපු වචන ගැන පසු තැවුනා.එයා පිටරට ගියේ අපේ පවුලේ අනාගතේ වෙනුවෙන් කියන දේ එදා තේරුනේ නැහැ..ඊට පහුවදත් උදේම අම්මා ආවා ..එදා මාව ආච්චි හැංගුවා.තාත්තා මාව එක්ක ගියා කියලා අම්මට කීවා එදත් එයා අඩලා ගියා. 
                                            මගේ හිත ඒ කාලේ කොච්චර නපුරුද,තදද කියනවා නම් අම්මා ගෙදරට ඇවිත් හිස් අතින් අඬ අඩා යනවා හොරෙන් බලන් ඉඳලා හිනා වුණා. ඒ ජනවාරි මාසේ අග වගේ..එදා අම්මා ගෙදර යන්නේ නැතුව බාප්පලාගේ ගෙදර ගිහින් තිබ්බේ. ඊට පස්සේ තමයි අම්මා දැනගෙන තියෙන්නේ තාත්තා හිරේ කියලා අම්මා තාත්තා බලන්න ගිහින් ආපහු ඇවිත් මාව එක්ක යන්න හැදුවත් මං බිම පෙරලි පෙරළි ඇඬුවා.ඊට දවස් කීපයකට පස්සේ තාත්තා පෙබරවාරි හතර හිරෙන් නිදහස් වෙලා ආවා..විශේෂ සමාව යටතේ..ඒ ඇවිත් දවසකට දෙකකට පස්සේ අම්මා ආවා අපිව එක්ක යන්න..අපි ගෙදර යද්දී පරණ කාර්ඩ් බෝඩ් ගේ වැස්සට තෙමිලා හැකිළිලා ඇඹරිලා තිබ්බා...

                              ඊට පස්සේ අලුතෙන් අම්මයි තාත්තයි ජිවිත පටන්ගත්තත් කාළයේ අවෑමෙන් මං අම්මයි මල්ලියි එක්ක ආයෙම  තනි වුණා. ඉවරයක් නැති  මේ ගැටුම් එක්ක මට අවුරුදු 20 වෙද්දී ජීවිතෙන් භාගයක් තාත්තා එක්ක තව ටිකක් අම්මා එක්ක,,තව ටිකක් දෙන්නා එක්කම ,තවටිකක් පිට මිනිස්සු එක්ක විදිය ගෙවිලා ගියා.

__________________________________෴


ප/ලි 

අවුරුද්දක් ඉස්කෝලේ ගිය නැති නිසා මාව බාරගත්තේ තුනේ පංතියටමයි..ළමයි පේල් කුක්කි කීවා මට..පස්සේ මට ප්‍රමෝෂන් එකක් දුන්නා හතරේ පන්තියට...මා කලින් සදහන් කල ඉංග්‍රීසි ගුරුතුමිය තමයි විශේෂ ඉල්ලීම මා වෙනුවෙන් කලේ.
                 කාකා තුමා ඉල්ලීමක් කරලා තිබ්බා අර දරුවෝ දෙන්නා ගැන ලියන්න කියලා .ඒ ගැන ලියනවා නම් තව පෝස්ට් එකක් ලියන්න වෙනවා .මේකත් දැන් දිග වැඩි වගේ .ඒ නැන්දාපොඩි නංගිව අරගෙන පැනලා ගියා කොල්ලෙක් එක්ක .ලොකු නංගිව තාත්තගේ මල්ලි හදාගත්තා .එයා අරන් ගිය පොඩි එක්කෙනාව හමුදාකාරය ආයෙම අරගෙන ඇවිත් එයාගේ අම්මට දීලා හැදුවා .බාප්පා බලාගත්ත නංගිමෙදා උසස් පෙළ .ඒ කථාව මං දවසක ලියන්නම් ,, දෙමවුපියන්ගේ වැරදි නිසා දරුවන්ගේ ජිවිත වලට වෙන බලපෑම මෙච්චරයි කියන්න බැහැ .ඒ වගේම හාමුදාකාරයාගේ තිබුණ ඒ අමුතු ගති ස්වාභාවයන් ඔවුන්ගේ පවුල් ජිවිත වලට බලපාපු විදිය මට දැන් තේරෙනවා ..

කැමති නම් කියවන්න තාත්තා එක්ක මගේ පුංචි කාලේ ගැන කතන්දරේ මෙතන

101 comments:

  1. අම්මා ගැනත් දුක හිතුණා.

    ළමා ඔබ හැසුරුණු ආකාරය තේරුම් ගත හැකියි.

    කතාව අපිට කීඟ ගැණ ඔබට මගේ ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. ඔයා මේ ඉක්මනට කියෙවුවද ..අම්මෝ ,,මං නිදාගන්නවා 2,40 ත් වෙලා උදේ 6 ට නැගිටින්නත් ඕනේ .. ස්තුතී

      Delete
  2. ලිපි පෙලේ රසවත්ම කොටසද කියල හිතුන.
    දුක්බර කතාවක් රසබර ලෙස අකුරු කිරීම හරි අපුරුයි.
    හිර ගෙදර ඉන්න නිර්මාණශීලි පුද්ගලයන්ගේ වැඩ මම ඇස් දෙකෙන්ම දැක්ක ඇතුලේ හිටපු මාස තුනක පමණ කාලයට.
    ටුත් බ්‍රෂ්,පොල් කටු උපයෝගී කරගෙන මුදු වගේ දේවල් නිර්මාණය කරනවා.
    තව ලොකු නිර්මාණ පවා කරනවා විශ්මිත විදියට.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාට.ඔව් එයාලා නරක දේවල් වගේම හොද දේවලුත් කරනවා ලුනේ

      Delete
  3. කියවන්න එවා අද ගොඩක් තියෙනවා කෙන්ජී මමාත් අදම එකක් දලා ...වෙලාවක ඇවිත් කියවනවා ....

    ReplyDelete
    Replies
    1. නිවාඩුව වලෙන් පුතේ...

      Delete
  4. පහුගිය ලිපිය අතුරුදන් වුනේ ඇයි? මේ ලිපිය මීට වඩා ටිකක් කෙටි වුනානම් හොඳයි කියලා හිතෙනවා. කොහොම වුනත්, ජීවිත අත්දැකීම්, කවදත් කා තුළත් යම් යම් කම්පන ඇති කරනවා.

    ReplyDelete
    Replies
    1. මං ඒ ලිපිය අයින් කළා ..ඒකට කොමෙන්ට්, රිප්ලයි කර කර ඉන්නවට වඩා ඒක අමතක කරන එක හොදයි කියලා හිතුණා.. මේක ගොඩක් අමාරුවෙන් මේ ගාණට ලිවෙත් කොහොම කෙටි කරන්නද විචාරක තුමණි.

      Delete
  5. මෙයා නිදි මරාගෙන ලියලා අපිව අප්පට් කරනවනේ අප්පා

    ReplyDelete
  6. ඔය අපේ මහත්තයත් ජොබ් එකකුත් නැති, අතේ සතේ නැති වැලන්ටයින් දවසක කැකුළු සබන් කැටේකින් කපලා දුන්න කැටයමක් මා ගාව තාම තියෙනව.. ඒ ඉස්කෝලෙන් අවුට් උන කාලෙ...

    ඔමාගෙ කතාවෙ පුල්ස්ටොප් ටිකක් වැටුන නං හොඳයි කියල හිතෙනව... වෙලාවකට වාක්‍ය ඉවරවෙන්නෙ ‌කොතනද කියල හිතාගන්න බෑ...

    අම්ම ගැන හිතපු දේ ගැන නම් ඔයාට වැරැද්දක් කියන්න බෑ ඔමා... මොකද ළමයි ඒ කාලෙදි පුංචි දේකින් හිතේ මවාගන්න ලොකු චිත්‍රෙ හිතට ලොකු බලපෑමක් කරනව...

    ReplyDelete
    Replies
    1. ඒ කැටයම් කලාවත් ශෝක් නේ ..හ්ම්ම්,, ඔව් අක්කේ මං දැන් ආපහු කියෝලා ඒ ටික හදන්න ඕනේ. ස්තුති අක්කේ

      Delete
  7. හමුදාවේ බාප්පාගේ චරිතය පුංචි ළමයෙකුට දැනෙන විදියටම ලියලා තියනවා. කුතුහලය, සංයමය ඇතුව ලියලා තියන හින්දා පොඩි එකෙක්ගේ අහිංසක කම කැපිලා පේනවා

    ReplyDelete
    Replies
    1. සමහර දේ ගලපගන්න අමාරුවට නොලියා හිටියා ,,ස්තුති යක්ෂයෝ :)

      Delete
  8. කියන්න දෙයක් තේරෙන් නෑ බන් දුකයි උබ ගැන...ඔච්චර ප්‍රශ්න තියාගෙන ජීවිතේ මෙච්චර දුරක් එන්න තිබුන ධෛර්ය ගැන පුදුමයි..

    ReplyDelete
    Replies
    1. මාටත් මගේ සමහර දේවල් දැන් පුදුමයි සසින්දුවෝ

      Delete
    2. ඇත්ත සසිඳු. ඒ අතින් ඔබ ශ්‍රේෂ්ඨ යි ඔමා.

      Delete
  9. ලස්සනට ලියලා තියෙනවා අත්දැකීම් සජීවීව දැනෙන විදියට. රාගම කිට්ටුව බටුවත්තේ ද ඒ කාලේ හිටියේ. ළමයි පේල් කුක්කි කීම ටික කලකට හරි ලොකු මානසික වදයක් වෙන්න ඇති. යම් යම් අඩුපාඩු වලට අපහාස කිරීම පාසල් ළමයි අතර සහ සමාජයේ තියෙන ලොකු වැරද්දක්. ඔබට වාසනාවට කරදරයක් නොවුනට ඔබ ඒ දවස්වල ඉඳලා තියෙන්නේ අනාරක්ෂිත පරිසරයක.

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ එහෙ තමයි .ඔව් එහෙම කියද්දී මං ඒ ළමයි දිහා බැලුවේ මරන් කන්න වගේ ..මාත් සමහරුන්ට පොඩිකාලේ ඔහොම කියලා ඇති ..ඔව් ඒක ඇත්ත. ඒ පරිසරය ගැන තේරුම් ඇති වයස එද්දී හොදට තේරුණා

      Delete
  10. ඇයි අමිහිරි... අක්කෝ ? හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. සතුටක් නොතිබ්බ නිසා මධාරා

      Delete
  11. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා ඔමා ඔයා මේ ඔයා දැකපු හීනයක් ගැන ලියනවද කියලා.
    හ්ම්……… ඔව් නපුරු හීනයක්.

    ඔය තරම් පුංචි ගෑණු දරුවෙක්ට ඔහොම දුක් උහුලන්න පුලුවන්ද දෙවියනේ.
    කොහොම උනත් ඔය තරම් දුක් විදපු පුංචිම පුංචි කෙල්ල දැන් ඉන්න තත්වෙ ගැන නම් මට ඇත්තටම සංතෝසයි.

    අරනැන්දා පැනලා ගිය එක ගැන මං නම් පුදුම වෙන්නෑ. ඒ හමුදා මෑන් මහ අමුතු ජාතියෙ පොරක්නෙ.

    ReplyDelete
    Replies
    1. හීනයක් කියලා අමතක කළා ,මේවගේ ලිවම හිත හරිම නිදහස් ...ඔව් නැන්ද ගැන මට ඒ කාලේ අවබෝධයක් නොතිබ්බට තේරෙන වයසට එද්දී දැනුනා..ආච්චි අම්මා පවා නැන්දට මොකුත් කීවේ නැහැ එය කරපු දේට,,ඒ තරමට අර මනුස්සය කරපු දේවල් නිසා

      Delete
  12. කියන්න දේවල් බෝමයි.. එත් කොහොමෙයි මේකට වචන ගලපන්නේ.....

    ReplyDelete
    Replies
    1. උත්සහ කරන්න එපා නලින් අයියේ ඕක කියෙවුවා අමතක කළා ඒ ඇති ,, ඔයිට වඩා දුක් විදපු දරුවෝ මායිම් ගම්මාන වල කොච්චර ඉන්න ඇද්ද,,ඔහොමයි ජිවිතේ

      Delete
  13. පොඩි ළමයින්ගෙ හිත් හරියට මල් වගේ.එයාලගෙ හිත් වලට වැටෙන දේවල් හොද නරක විදිය තේරුම් ගන්න පොඩි කාලයක් ගත වෙනව.ඒ කාලෙ ඇතුලත වෙන සමහර දේවල් වලට වැඩිහිටියන් වගකිව යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර දෙමවුපියන්ගේ නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා ගොඩක් දරුවන්ට කරදර වෙනවා

      Delete
  14. මටනම් ලිපිය කොට වැඩියි.පැහැදිලිකර ගන්න ඔන තැන් ටිකකුත් ඉතුරු උනා.පරන ලිපිවල ඇතිනෙද උත්තර.ඔයයි අම්මයි දෙන්න ගැනම දුක හිතුන.ලොකු හුස්සමක් පිටවුනා කියවල ඉවර වුනාම.

    ReplyDelete
    Replies
    1. දමිත් අයියේ මගේ ලේබල් ගොඩේ තියෙනවා මගේ ළමාවිය කියලා එකේ තියෙන කතා 6 එකතු කලාම ඔයාට තේරේවි ,වෙලාවක් තිබ්බොත් කියවන්න

      Delete
  15. @ අපූර්වී දීදී,

    බොහොත් සංවේදී පෝස්ට් හේ............!

    මම ජී ගොඩාක් ආසාවෙන් කියවන ලිපි පෙලක් මේක!

    දිගටටම ලියන්න අක්කේ!!!

    ප:ලි-අර ආමිකාරයා අර ටයිප් උනේ අක්කණ්ඩිගෙම වාසනාවටද කොහෙද!

    හික්z!!!!!!!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. සුක්‍රියා පිල්ලී මුන්නා ..මෙරා අතීත් සුන්දර් නහි හුවා but මේ නහි චෝර් මෙරා අතීත් ..

      තෑන්ක්ස් මුන්නෝ ලියන්නම්කො ..හි හි ඔව් එකනේ වයිෆ් දාලා ගියෙත් ඉදගෙන ;)

      Delete
  16. ලියමන හොඳයි මිස් !!

    තලන්න තලන්න තමා මුවහත් වෙන්නෙ !!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. තැන්ක්යූ මල්ලි

      Delete
    3. පත්තර මල්ලී භයියා!

      චී බලන්නකෝ අනේ මෙයා කියන නෝටි කතා!!!!!!!!!!!!!!!!!!

      හික්z!!!!!!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!
      @ අපූර්වී දීදී,

      හනී හනී! මෙයාටත් සෝයි වගේ!!!!!!1

      Delete
  17. සෑහෙන දුක හිතෙන පෝස්ට් එකක්.... ඔයා ගොඩක් දුක් විඳපු කෙල්ලක් !

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද අපි පස්මහ බැලුම් බලලා උපදින්න තරම් පින්වන්තයෝ නෙමේනේ මධු .. ජිවිතේ ලැබිච්ච දේවල් අපේ තෝරාගැනීම් නෙමේනේ ,, ඒත් අපි ඒවා විදින්නම එපයිනේ ,, මං ඒ වුනාට දැන් නම් සතුටින් අප්පා,,මාව අඩවන්න මිනිස්සු ආස වුනාට මං අඩන්න ආස නැහැ

      Delete
  18. කියෙව්වා... මීට වඩා යමක් කියන්න බෑ, ඔයා අද ඉන්න තැන ගැන හිතුවාම ඔයාගැන ආඩම්බරයි .එපමණයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු ඉවාන් ,, මාත් ආසයි ඔයා වගේ කතා ලියන්න ,, දැන් පටන් ගන්න ඕනේ කොහොමහරි ලියාගන්න ඒ වගේ කතාවක් මගේ දුක හිතෙන කතා දැන් ඇති

      Delete
  19. Replies
    1. ටැංකු අකලංක ,,මගේ ඉස්සර යාලුවෙක් හිටිය අකලංක කියලා වේයන්ගොඩ

      Delete
  20. ඔයා ජීවිත කතාව ලියනකොට මගේ කතාව ලියන්න කියලා තිබ්බ බලාපොරොත්තුව නැතුව යනවා. කමක් නෑ මම මගේ ජීවිතෙත් මිහිරි ටික විතරක් ලියන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි එහෙම කියන්නෙ,,,, ලියන්න, ලියලා මටත් එවන්න ලින්ක් එක

      Delete
  21. දෙවියනේ කොයිතරම් අනාරක්ෂිත පරිසරයකද ඔයා ජීවත්වෙලා තියෙන්නෙ..!! අර හමුදාකාරයට පොඩි ගැහැණු ළමයි ගැන උනන්දුවක් නොතිබිල තියෙන්නෙ ඔයාගෙම වාසනාවට. අවුරුද්දක් ඉස්කෝලෙත් පාඩු වෙලා ඔයතරම් ප්‍රශ්න මැදත් මේ තරම් සියුම් සහ පුළුල් ජීවිත දැක්මක් තියෙන්න (ඔයාගේ බ්ලොග් එක කියවනකොට එහෙම හිතෙනවා) ඔයා අසාමාන්‍ය තියුණු බුද්ධියකින් යුතු කෙනෙක් වෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ හරිය කියවද්දි නම් මගෙ පපුවත් ඩිග් ඩිග් ගෑව.ළමයි නාවන්න එක්ක ගෙන යන එකට දෙමවුපියො ඔහුට හොඳ කියල.වැඩිහිටියන්ගෙ නොදැනුවත්කම නිසා ළමයි අමාරුවෙ වැටෙන හැටි තමයි.

      Delete
    2. ස්තුති ඇනෝ මගේ ලිපි කියෝනවට ,,, මට දෙවියන් දුන්නු හදවත ගැන සතුටුයි ..

      ඔව් එයාගේ සින් එක වෙනස් හි හි ,,ඔව් යකා අයියේ දෙමවුපියෝ නොදැනුවත් වීම ලොකු හානියක්

      Delete
  22. හරිම දුක හිතෙනව මේක කියවද්දි

    ReplyDelete
    Replies
    1. දුක් වෙලා නවතින්න එපා කවදාහරි තාත්තා කෙනෙක් උනාම තමන්ගේ දරුවාව පරිස්සම් කරන්න ,, ලගින් ඉන්න

      Delete
  23. මම නං ඔය හෙඩිම දැකල අප්පිරියාවෙන්මයි ආවේ නැත්තේ...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් prasnna ට කරපු ටික අපි දන්නවනේ මෙයාගේ අප්පිරියාව හෙඩිම ඔහොම දැම්මෙත් ඒකයි :)

      Delete
    2. මුන්ට කොරනකොට හොදා. . . කියනකොට නරකයි

      Delete
  24. ඇත්තට උබ වාසනාවන්තයි , , , ඔය තරම් වාසනාවක් බොහෝ අයට නැහැ,. . . අනික අද මෙහෙම ඔලුව කෙලින් කරලා ඉන්න එකම ඇති බන් . . . .

    ReplyDelete
    Replies
    1. මං අවාසනාවන්තයි කියලා තමයි මගියෝ ලෝකයා නම් කීවේ

      Delete
  25. 100% ඇත්ත ඔමා...

    සම්පූර්ණයෙන්ම නැතත් ඔයාගෙයි මගෙයි කතාව එක වගේ කියලා හිතෙනවා...මමත් හැදුණේ අපේ නැන්දලාගේ ගෙවල්වල, ලොකු තාත්තලාගේ ගෙවල්වල.ආයේ කැරකිලා අපේ ගෙදර.මාත් එක තැනක හිටි කෙනෙක් නෙවෙයි....අම්මා නැතුව මාත් තැන් තැන්වල දුක් වින්ඳා...හ්ම්ම් ඇති ඇති මොනා කියවෙයිද දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අපි දැන් සතුටින් ඉන්නවනේ රෙහානියෝ ..ඔයාගේ අම්මා තාත්තා ගැන ලියපු ක්=දෙයක් තියෙනවා නම් මට ලින්ක් දෙන්න

      Delete
  26. මේව කියනකොටනම් ඔයා අද ලබාගෙන තිබෙන්නෙ ලොකුම ජයග්‍රහණයක්.මේ වගෙ දුක් කඳුළු පරාජය කරල සිනාසෙන්න පුළුවන් එහෙමත් කෙනෙකුට.මට නම් පුදුමයි.හැබැයි මේ වගෙ චරිත සමාජයෙ නැතිවාම නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මට වඩා දුක් විදපු ළමයි ඕනේ තරම් ඇති ,,,මොකක්දෝ හේතුවකට මං පුංචි කාලේ ඉදන් දුක ඇතුලේ ඉදන්ම සතුට ගැන හිනා දැකලා හිනා වුණා

      Delete
  27. ඇඩෙන එක යන්තන් නවත්තන් කියෙව්වෙ අක්කේ.මන් සෑහෙන්න බලන් ඉදියා මේක දානකම්.ඇත්තටම කියන්න වචන නෑ අක්කේ,මන් එක උස්මට කියවලා ආයිමත් සැරයක් කියෙව්වා.මටනම් පෝස්ට් එකේ කිසි දිගක් නෑ අක්කේ.තවත් ඒවා ලියලා තිබුනනම් මරු.කියලා වැඩක් නෑ අක්කේ.මට හිතේ ඇදිලා ගියා අම්මා අඩ අඩ පොඩි එකා හොයන කොට ඔයා වැහැරුනු කලිසං කොටේකුත් ගහන් ඇද යටට ගුලි වෙලා අම්ම යනකන් ඉදලා අම්මා ගියාට පස්සෙ ඒ කරදරෙත් අදට ඉවරයි කියලා හීන් හිනාවකුත් දාන් එළියට එනවා,ඒ කාලෙ ඔයා එහෙම කලේ ඇයි කියලා අපිට හිතා ගන්න පුලුවන් අක්කේ..මාරම සංවේදී.....

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙන් ගුටි කන්න වෙන නිසා මං නිදිමාරගෙන් ලීවේ තැන්කු මල්ලි

      Delete
    2. දැනුත් නිදිමතේද මන්ද?? නැත්නම් නිදිමාරට නියලා මේක ලියාවිද????

      Delete
    3. හි හි අර වැඩේ හරිද මල්ලි

      Delete
    4. වැඩේ හරි අක්කේ.ඒත් තාම කොපි කලේ නෑ

      Delete
  28. හ්ම්ම් කියෙව්වා,කියවන්නත් ටිකක් අමාරුයි.කොහොමත් සත්‍යය ප්‍රබන්ධයට වඩා විස්මයජනකය කියනවනෙ.
    අකුරු වැරදි ටිකක් තියෙනව ඔමා හදාගන්න.

    ReplyDelete
    Replies
    1. ඊයේ රෑ ලියලා ඉවර වෙද්දී 2,40 යි මං අඩුපාඩු හදන්නම් තැන්කු

      Delete
  29. නංගි අම්මට නපුරුකම් කලාට මට එහෙම කරන්නේ නැහැ නේද ? කවදද මට ආදරේ කියන්නේ අපුරී :)

    ReplyDelete
  30. ඔමා........උඹ හරි අපූරු ළමයෙක්....මට කියන්න වෙන දෙයක් නැහැ...ඉදිරි අනාගතය කිසිදු නපුරක් කරදරයක් නැතිව සතුටින් සහ පහසුවෙන් ගතකරන්නට ධෛර්ය්‍ය ශක්තිය ලැබෙන්න කියලා පතනවා!!!!!!සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔයාට ...ඒ කියපු දේ ඇති වෙන මොකුත් එපා ,, උබ කියලා ආදරෙන් වැඩිහිටියෙක් කියද්දී සතුටුයි ..

      Delete
  31. ගෙදරින් පිට හැදුන කටුක නොවුනත් ප්‍රිය ජනක නොවන අතීතයට පියමැන්නා මම ඔබේ ලිපිය තුලින්

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහස් බෙදගත්ත්ට සහ මගේ ලිපිය කියෙවුවට..

      Delete
  32. සාමාන්ය පව්ලක කොල්ලෙක් උනාට ඔයාගේ කතාව කියෙව්වම අපිට සැප වැඩි උනාදෝ කියලා හිතෙනවා. මෙච්චර දේවල් පුංචි කෙල්ලෙක් කොහොමද දරාගත්තෙ කියලා හිතෙනවා. ඔයට කවදාවත් වරදින්නෙ නෑ අපූර්වි අක්කේ.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා දුක් විදින ළමයි අදටත් ඉන්නවා මල්ලි,, ලමාකාලයේ ළමයින් විදින හැම දේටම දෙමාපියෝ වගකියන්න ඕනේ

      Delete
  33. අනේ මංදා... කියන්න තේරෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, සතුටින් ඉන්න, අපේ දරුවන්ගේ ජිවිත ලස්සන කරන්න වත් හිතාගමු

      Delete
  34. හයියෝ මොනා කියන්නද හිතාගන්න බෑ ඔමයියෝ. මට මං ගැන ලැජ්ජයි බං. රස්සාව නිසා මාව පුංචි කාලෙ අවුරුදු ගානක් අම්මලා ඩේ-කෙයා එකක බිත්ති හතරට කොටු කලා කියලා මම ඒ දවස්වල පුදුම පෙරලියක් කලා ගෙදර. මගෙ ගැන හොයන්නෙ නෑ කියල. අනේ මං වාගෙ හරකියෙක් කියල හිතෙනවා ඔයාගෙ කතාව කියවද්දි. ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන. ඔයා නම් ගමේ කෙල්ලෙක් නෙමෙයි රාජ කුමාරියෙක්ම තමයි.

    ReplyDelete
    Replies
    1. @ ඔමා සහ බස්C.....ජීවතය කියන්නේ ඔමා කුඩා කල දුටු කටුකත්වයත්, බස්සි දුටු ඩේ කෙයාර් කටුකත්වයත් නෙවේ...එතනින් එහාට ගිය තමන් ලෝකය තුල වැඩිහිටියන් ලෙස දකින ලෝකයයි. මෙය නිවැරදිව තේරුම ගන්න. අපි දෙන්නා අපේ දුවට කියන්නෙත්...ඇය ඔබ වයසේ කෙනෙක්ම නිසාත් ලෝකය සහ සමාජය දෙස නිවැරදිව දකින්නේත් ඉතාම විවෘත මනසින්.

      අපි තුන් දෙනාම ආදරයෙන් කියවූ පොත් දෙකක් තියෙනවා. පුළුවන් නම් වෙලාව අරන් කියවන්න. අන්ත දෙකක්. කතා දෙකක්.

      A Piece of cake....By Cupcake Brown ( Autobiography )
      A Thousand Splendid Suns By Khaled Hosseini.
      Two different ways of two different girls who survived & recovered their souls

      Delete
    2. අරූ තුමා අපි දෙන්නා අතර හැමදාම ඉදී මේ වගේ ,, අපි දෙන්නට කාටවත් දොස් කියන්න බැහැ බස්සියේ ඔයාගේ අම්මා තාත්තා වගේම මගේ අම්මා තාත්තත් අපිට හොදම දේ දෙන්නයි හැමදේම කරන්න ඇත්තේ ,,, අපේ පරම්පරාවෙන් අපි උත්සහ කරමු අර "මාරාන්තික නිල් චිත්‍ර පටිය කියන "ඔයාගේ පොස්ට් එකේ අපි කතා උනා වගේ ..,, අපේ දරුවන්ට අපි එහෙම නොවෙන්න වැඩ කරන්න උත්සහ කරමු ..
      මං උත්සහ කරනවා මේ පොත් කියවන්න ස්තුති ගොඩක් දෙන්නටම

      Delete
  35. මේ කතාමාලාව මෙතනින් ඉවරද බං

    ඉවර කරන්ඩ කියල කියන්ඩත් හිතෙනවා

    තව ලියන්ඩ කියලා කියන්ඩත් හිතෙනවා

    උඹේ ජීවිතේ ගැන මං මොකවත් කියන්නේ නැ , මොකද මට ඒකට කිසිම සුදුසු කමක් නැ

    උඹට හොදට රසට , ( අකුරක් අකුරක් ගානේ ) ලියන්ඩ පුළුවන් කියලා විතරක් කියන්නං

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කතා මාලාව ඉවරයි ආයේ දුක හිතෙන අතිතවල් ලියන්නේ නැහැ මිනිස්සුන්ගේ හිත් සතුටු කරන ,මනසට යමක් ලැබෙන මොනාම හරි ලියනවා ,,මගේ ජිවිතේ ගැන කියන්න ඔයාට නැති සුදුසු කමක් නැහැ ,ඔයා මගේ වැඩිහිටියෙක් මං සාමාන්‍ය කෙල්ලෙක් එච්චරයි ...(රාජකුමාරියක් කියන්නේ මෙවුව්වා එකට හි හි )

      Delete
  36. මේ පෝස්ට් එක කියෙව්ව ම මට දැනුනේ සතුටක්. ඒ ඔයා පොඩි කාලේ දුක් වින්ද නිසා නෙමෙයි. අද ඔයා ඉන්න තත්ත්වේ ගැන හිතලා. ඇත්තට ම ඒචගේ පරිසරයක ඉඳලා මේ වගේ තත්ත්වෙකට පත් වෙන්න ලොකු ධෛර්යයක්, කැපවීමක් සහ අධිෂ්ඨානයක් ඕනේ. දුක් විඳලා උරුම කරගන්න දේවල් හරිම සුන්දර යි, අපූර්වී අක්කේ. නිකං ඉඳලා ලැබෙනවට වඩා ලොකු වටිනාකමක් තියෙනවා. ඔයාගේ මතු ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.

    මේ පෝස්ට් එකේ ඡේද කැඩුවා නං කියවන්න ලේසි යි. නැත්තං එක ම පේළිය දෙපාරක් කියවෙන්න තියෙන්න අවස්ථාව වැඩි යි. මේ මට උදව්වක් ඕනේ. අර බ්ලැක් පූමා අයියගේ බ්ලොග් එකේ ඔයා කමෙන්ටුවක් දාල තිබුණේ මර්ලින් මල්ලිගේ කවි පන්තිය ගැන. එකේ ලින්ක් එක දෙන්න පුළුවන් දෝ?

    ReplyDelete
    Replies
    1. තැන්කු ධාරා ,,ඔව් ඒක මං හදන්නම් නංගි ,, අදහස් බෙදාගෙන මාව ශක්තිමත් කරනවට ස්තුති නංගි ...
      දැන් මර්ලින් මල්ලි fb නැහැ ,එයා අපිට ගෘප් චැට් එකකින් කියාදුන්නේ ,, මං ඔයාට fb එකේ ඉන්න දක්ෂම කවියෙක් හදුන්වලා දෙන්නම් නංගි ,, එයා ටිකක් වැඩිමල් හොද කෙනෙක් ,, https://www.facebook.com/ariyasena.amarasekara මේ තියෙන්නේ ලින්ක් එක , මං එයාට කීවා ඔයා එයාට msg එකක් දාන්න ,,

      Delete
  37. එක හුස්මට කියෙවුව...
    ඉගෙන කියන්ට දෙයක් නැ හෆ්ෆා...
    ෆට්ට ලිවිල්ල කියලා විතරක් කියලා කැපෙන්නම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, තෑන්ක්ස් මල්ලි

      Delete
  38. දිගටම කියෙව්වා..
    එදා මොන දුකක් වින්දත් අද ඔබ ඉන්න තැන ගැන හිතල සතුටු වෙන්න පුලුවන්...
    ජය වේවා...

    ReplyDelete
  39. ඔයාගෙ ළමා කාලය බොහොම කටුක අත්දැකීම් සහිත එකක් බව දැන් අපි දන්නවා...මට ඒ ගැන ඉතාමත් කණගාටුයි....අපි අත්වින්ද සුන්දර ළමා කාලය සහ අපූර්වි කියන පුංචි කෙල්ල අත්වින්ද ළමා කාලය මට හිතාගන්නත් බෑ...මේ වගේ පරිසරයක ඔයා ලොකු මහත් වෙච්ච හැටි...මේ අත්දැකීම් වලින් ලද පන්නරය වෙන්න ඕනෙ අද ඉන්න තැනට ඔබට ගෙනිච්චෙ....තමා ගැන උවත් අවංකව කථා නොකරන බහුතර බ්ලොග් කරුවන් අතර ඔබේ අවංකත්වය ගැන කියන්න තවත් උපමා රූපක අවශ්‍ය නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ,, ජිවිතේ ඔහොමයි මොනා කරන්නද දැන් මං සතුටින් ඉන්නවා

      Delete
  40. ළමා කාලේ දේවල් සුන්දර උනත් කටුක උනත් අපිට ඒවා වටිනවා නේද ඕමා................?

    ReplyDelete
  41. අවරුදු අටේදී අම්මගේ ජොබ් එක කරනවා කියන්නේ බරපතල වගකීමක්! අපේ හාමිනෙත් කියනවා නිතරම එයාට අවුරුදු අට වෙනකොට නංගිලා 5ක් පඩිපෙල වගේ. බාලම නංගිට අවුරුද්දක් වත් නැතිලු එතකොට. අම්ම ට්‍රේනිං කොලෙජ් එකේ..හාමිනේ තමයි නංගිලාගේ වැඩ සේරම කරලා තියෙන්නේ. ඔය දෙන්නම ලොකු පිනක් කරගෙන තියෙනවා!

    ReplyDelete
    Replies
    1. එහෙමද අනේ එයා හොද කට්ටක් කාලා තියෙනවා ,, ස්තුති අදහස් බෙදා ගත්තට

      Delete
  42. කිව්වට තරහ වෙන්න එපා අක්කේ ආමි බුවා නම් ටිකන් කොලු ඩයල් එකක් වගේ මට ක්ලික් වුනේ. මම කියුවේ මට තේරුණ හැටි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්, එකනේ අන්තිමට අරෙහෙම උනේ හි හි

      Delete
  43. හැමදාම කදුලත් එක්ක ජීවත් වුණ.... කදුලට ආදරේ කල අය තමා ජීවිතේ හොද පන්නරයක් ලබන්නෙ. ලෝකෙට ආදරේ කරන අය වෙන්නෙ. ඔයාගෙ කදුල ඔයාව නවත්තපු තැන ඔයාගෙ අකුරු අතරින් හොයාගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඒ අයත් එක්කමනේ මල්ලි ලෝකේ මිනිස්සු හැප්පෙන්න එන්නේ ,, ස්තුති ඔයාට

      Delete
  44. මට මතක් උනේම මීට සෑහෙන්න කාලෙකට කලින් දිල් කියල අක්ක කෙනෙක් ලියපු දුක්බර කතා ටික. ඊටත් ටික කාලෙකට පස්සෙ අලුපාට හැන්දෑව කියල බ්ලොග් එකකත් මේ වගේම දුක හිතෙන කතාවක් ගියා.
    මොනව උනත් මේ විදියට සංවේදී පෝස්ට් තියන බ්ලොග් ගොඩක් එකම කාලෙ නොතිබී එකකට පස්සෙ එකක් විදියට තියන එක හරි වටිනව.

    ReplyDelete
  45. සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..

    ReplyDelete
  46. My heart became very heavy after reading your post.I too had a somewhat rocky childhood because of my father's alcoholism . But it was only a psychological one as I was a very proud person since a tiny tot. I was humbled by your love to your parents .I can't tell I like my father that much even today and I am 42 yrs now. I have read similar sad posts by atampahura, maraya and Indranatha thenuwara too and my heart goes to all of them . How ever, I was able to get a very good education inspite of all the negative things but even today I feel really sad when I think about my small days .Spry for not responding in sinhalese to a Sinha la post .I don't know how to .Keep writing. Thusitha

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...