Monday, December 23, 2013

කට


  සමර් එකේ අඩනිරුවත  ලියද්දි පහළ වෙච්ච හිත ඊයේ  හවස ආයෙම උඩට ආවා. ඒ දැකපු රුපවාහිනී වැඩසටහනක් නිසා.. ඒකේ තොල් අලංකරණය ගැන කතා කලේ මට මෙලෝ දෙයක් තේරුණේ නැහැ රුසියන් භාෂාවෙන් තිබ්බ නිසා මං ඔහේ කට උඩ බලන් හිටියා. "හබුන් කටක් කන්න , උම්මා එකක් දෙන්න තියෙන කටට කරපු විගඩම්".."සීයා නම් කීවේ දෙයියොම බලාගනිත්වා දක්ෂ ළමයි" කියලා.


                     මං දකින විදියට අපේ මේ ශරීරය මහ පුදුම ආශ්චර්යමත් යන්තරයක්..හමෙන් වහලා හරි අපූරුවට පිළිවෙළකට නියමිත තැන් වල අසුරලා තියෙන අවයව ටික එකතුවෙලා වෙන වෙනම නමුත්.. එකම අරමුණක් වෙනුවෙන් කරන දේවල් හරිම පුදුමයි. අපි මවුකුස  පිළිසිඳ ගත්දා පටන් අන්තිම හුස්ම හෙලන දවස වෙනකල් මානසිකව,කායිකව වර්ධනය වෙමින් ජීවිතය ඉදිරියට ගමන් කරනවා  ...
මං පුංචි කාලේ ඉදන්ම ආශාකලා ඇඟ ඇතුලේ වෙන...ඒත් මට පෙන්නේ නැති දේවල් ගැන දැනගන්න.ගස් කොළන් අස්සේ වෙන දේවල් ,පුංචි පැල ලොකු ගස් වෙන හැටි දැනගන්න..ඒ නිසාම ඉස්කෝලේ එකොළහ වසරෙදි ඒ ලෙවල් කරන යාළුවෙක් එක්ක මාත් ජීව විද්‍යා පන්තියකට ගියා ඒ වගේම කෘෂි විද්‍යා පන්තියකට ගියා සත්ව පාලනය තියෙන කොටස් ඉගෙනගන්න(තිස්ස ජනනායක -සමාධි ගම්පහ) ..පසුව මා ගණිත විෂයන් තොරගත්තත් ජීව විද්‍යා පන්තියටත් ගියා ..හි හි අම්මලා දන්නේ නැහැ.  ඒ තුලින් මගේ හිත යම්තාක් දුරට සෑහීමට පත් වුණා.
 ඉතින් අද ලියන්න හිතුණා දිව සහ කට ගැන.ගූගල් දෙයියන්ට මුලින්ම කියලා බැලුවේ .අපොයි කට කියලා ගහපුවාම එන්නේ කුණුහබ්බ. ඉගෙනගන්න කෙනෙක්ට වැදගත්  දෙයක් සිංහල භාෂාවෙන් ඇතුලත් වෙලා නැහැ ..ඔක්කොම එන්නේ "සිංහල වැල කතා ,වල් කතා කියන ඒවා" අඩුගානේ කටේ ෆොටෝ එකක් වත් එන්නේ නැහැ එන්නේ ඔක්කොම විකාර .මුඛය කියන වචනේ යටතේ නම් මුඛ රෝග සහ දත් ගැන තියෙනවා එච්චරයි. mouth කියලා ගහලා තමයි ෆොටෝ ටික හොයාගත්තෙත්. 
කට සහ දිව ගැන කල්පනා කරමින් ඊයේ රෑ මං නිදාගත්තා ඇත්තටම කට කියන්නේ ශරීරයේ තියෙන ප්‍රධානම අවයවයක්.(අනිත් අවයව නැතුව කට තිබ්බට වැඩක් නැහැ තමයි..අවයව ,ඉන්ද්‍රින් සියල්ලේම එකතුවෙන් තමයි අපේ ශරීරය  වැඩ කරන්නේ.) මුහුණේ ඉහළ සිට පහලට කොටස් තුනකට බෙදුවොත් තුන් වෙනි කොටසේ මැදට වෙන්න අලංකාර තොල් සඟලකින් බාහිරයට  විවුර්ථ වෙච්ච කට කියන මේ අපුරු විවරය පිහිටලා තියෙනවා. ආහාර මාර්ගයේ ආරම්භක ස්ථානය එහෙමත් නැතිනම් ගුද මාර්ගයේ ඉහළ කෙලවර ඒ වගේම මුළු ශරීරයේම පෝෂණයට අවශ්‍ය සියළුම ආහාර ,ජලය ශරීරය තුලට ඇතුල් කරගන්න උදව් වෙන්නේ මේ කට තමයි.ඒ වගේම දත් වලින් සහ  මුඛයේ තියෙන ඛේට ඇමයිලේස් කියන හෝර්මෝනය මගින් කටේදීම ආහාර යම් තාක් දුරකට ජීරණය කිරීමකුත් වෙනවා. 



            ඉහත රුපයේ ඉතාම පැහැදිළිව අපිට පේනවා කටක සියළුම අංග. 

ශරීරයට පෝෂණය සපයන දේවල් ඇතුල් කරගන්නවා ඇරුනම තව අපිට කටෙන් තියෙන ලොකුම ප්‍රයෝජනය තමයි කතා කරන එක. තල්ල ,දිව සහ දත් මේ සදහා එකමුතුව ක්‍රියා කරනවා.පාවිච්චියක් නැතුව වහගෙන ඉද්දි තිරස්ව සිහින්ව තිබුණට විවුර්ථ කලාම සිරස් අතට ඕවලාකාර හැඩයක් ගන්නවා.
 ඒ වගේම සර්ව භක්ෂකයින් වෙච්ච අපේ කටේ  හරිම ලස්සනට  ජාති හතරකින් දත් පිහිටලා තියෙනවා. ඩ්‍රිල් මැෂින් එකේ ,බ්ලෙන්ඩරේ වගේ ඒ ඒ වැඩේට ගැලපෙන්න ඒ ඒ දත් තියෙනවා..සොබාදහමෙන් හම්බුනාට ඒවා කොච්චර ශෝක්ද නේ ? 
ඒ වගේම කටේ යටි තල්ල හා සම්බන්ධව තියෙන දිව කියන්නේ අපේ ශරීරයේ තියෙන ශක්තිමත්ම මාංශ පේශිය. ඒ වගේම අපි ඇස් දෙකෙන් දකින රසවත් ආහාර පාන වර්ග වල රසයන් විඳ ගන්නේ මේ දිව නිසා.කටේ සහ දිවේ  භෞතික ගුණයන් සහ ස්වභාවයන් වගේම ඊට වඩා බොහෝ දේ කියන්න තියෙන්නේ සන්නිවේදනය සඳහා යොදාගැනීම ගැනයි.

ශුද්ධ බයිබලයේ එක තැනක තියෙනවා
"මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ කියලා".(හිතෝ:18;21)

ඒවගේම තව තැනකදී දැක්කා තියෙනවා 
තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේය කියලා.(හිතෝ:21;23)

ධර්මිෂ්ඨයාගේ මුඛය ජිවන උල්පතක්ය. (හිතෝ:10;11)

වචන බහුල වූ කළ වරද හිඟ නැත ;එහෙත් තමන්ගේ තොල් ආණ්ඩු කරගන්නා නුවණ ඇති කෙනෙක්ය.
(හිතෝ:10;18)


ඒ වගේම දෙවියන් ද්වේෂකරන කාරණා..පිළිකුල් කාරණා  හතක් ගැන ශුද්ධ බයිබලයේ තියෙනවා ඒවා පිළිවෙලින් උඩඟු ඇස්,බොරුකාර දිව,නිදොස් ලේ වගුරුවන අත්,දුෂ්ට උපා යොදන සිත ,නපුරට දුවන්න ඉක්මන් වෙන පාද,මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයෝ. ආදී ලෙස ඒ අතරත් මුඛය හා දිව සම්බන්ධ කාරණා දෙකක් ඇතුලත්..


ඇත්තටම මේවා දැක්කම හිතුණේ දිව එහෙමත් නැත්නම් අපි කතා කරන වචන වලට කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා. මං කිතුණුවෙක් නිසයි මගේ ධර්මය ආශ්‍රිතව දන්නා දේ මෙසේ සටහන් කළේ. {තවමත් මා ශ්‍රවණය කරලා තියෙන්නේ  බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්‍ය සත්‍ය ඇතුලත් සූත්‍ර දේශනා 17504 න්   2 ක් විතරයි ඉදිරියේදී ලිපි වලට බුදුසාදුගේ ධර්මය ආශ්‍රිතවත් ලියන්න පුළුවන් වේවි හොඳේ  }

අපේ පොදු ජන වහරේ කොච්චර නම් යෙදුම් තියෙනවද මේ කට ගැන..

"රට වටකර වැට බැන්ඳත් කට වටකර වැට බඳින්න බැහැ..."

"මාළුවා නහින්නෙත් කට හින්දළු...."

"ඒකනම් කටක් නෙමේ බෝක්කුවක් ..."

"උබේ කට කන්න එපැයි...."

"හොඳට නරකට දෙකට කටමය..."


කෙනෙක් කොච්චර රූමත් වුණත්, සල්ලිකාර වුණත් එයා කතා කරන වචන හොද නැත්තම් අපි එයාව ආශ්‍රය කරන්න කැමති නැහැනේ.  ඒ වගේම සමහර දේශපාලකයෝ ඉන්නවා ඔවුන්  කොච්චර බුද්ධිමත් වුණත් මොනදේ කීවත් එයාගේ හඬේ ස්වභාවයට මිනිස්සු කැමති නැහැ. මට හිතෙන්නේ කෙනෙක් ශරීරයෙන් ,බුද්ධියෙන් ,මිල මුදල් වලින් ඉහළින් හිටියත් එයා කතා කිරීමේ අදක්ෂයෙක්නම් ඒක එයාගේ ජීවිතේට ලොකු අඩුවක් ...

මං කුඩා කාලයේ අහලා තියෙනවා "මනුස්සයා අපවිත්‍ර වෙන්නේ කටින් ඇතුල් වෙන දෙයින් නෙමේ කටින් පිට කරන දෙයිනුයි කියලා"කටින් පිටවන දේ සහ ඇතුළට එන දේ ගැන වෙන් වෙන්ව කල්පනාකරද්දී මට දැනුණේ.. ඇත්තටම අපි ඒ දෙකෙන්ම පරිස්සම් වෙන්න ඕනේ. 

සමහර වචන ඊතල,තියුණු පිහිතුඩු වගේ..එක වචනෙකින් පුළුවන් මනුස්සයෙක්ගේ මුළු ආත්මයම කඩලා බිඳලා දාන්න .ඇස් වලින් සමහරුන්ට පුළුවන්ලු මිනිස්සුන්ව දවලා අළු කරලා දාන්න ඒ වගේම කටේ තොල් දෙක එහෙට මෙහෙට අඹරලත් ඒ දේම කරන්න පුළුවන්. එසේම ආදරණීය වචනෙකට පුළුවන් තව කෙනෙක්ව වැටිලා ඉන්න තැනකින් ඉහලට ඔසවලා තියන්න. බිඳිලා තියෙන හදවතක් සනසන්න.

                            ඒ වගේම අපි පාලනයක් නැතිව නිතරම අධික ලෙස පැණි රස කෑම, මේදය ,තෙල් අධික කෑම කෑමෙනුත් කට නිසා තමන්ගේ ශරීරයට වෙන්නෙත් ලොකු වැරද්දක්..ඒ වගේම ගිණි වතුර , කැහිකූරු ගහලත් ඔක්කොම ජරාව ඇඟට හලාගන්නේ මේ කටෙන්නේ.ඒ නිසා මං දකින විදියට තමන්ගේ කට පාලනය කරගන්න බැරි කෙනා කායිකව,මානසිකව ස්ථාවර නැහැ.ස්ථිර තීරණ ගන්න බැහැ. කට සහ ඒ ආශ්‍රිත සියළු චලනයන් පාලනය කරන්නේ මොළයෙන් වුණාට කට තමයි අපේ ඇඟේ තියෙන භයානකම ආයුධේ..

තවත් වැඩි යමක් ලියන්නේ නැහැ..ඉතිරිය ඔබ සිතන්න ..මං මේ ලිපිය ලියන මොහොතෙත් කල්පනා කරන්නේ මගේ කටෙනුත් කොච්චර නුසුදුසු දේවල් සහ මිනිසුන්ගේ හිත් රිදෙන දේවල් කියලා ඇත්ද කියලා....ඒ නිසයි මේ ලිපිය ලියන්න පෙළඹුණේ.කොහොමහරි ඉන්නවට වඩා යම් මට්ටමකින් හැදෙන්න ඕනෙයි කියන ස්වයං තීරණය අරගෙන තමයි ඔන්න මෙහෙම කරලා පබ්ලිෂ් බොත්තම තද කලේ  :)

(හි හි දිව හපාගෙන ලීවේ මෙහෙම )

ප/ලි 
ශුද්ධ බයිබලය පුරා බොහෝ තැන් වල දිව සහ කට ගැන නොයෙක් දේවල් සඳහන් වෙලා තියෙනවා..පද කීපයක් පමණක් මෙහි සඳහන් කලේ ඔබට ඒවා ප්‍රයෝජනවත් වේවි හිතාගෙන.ආගමක් ගැන විශේෂත්වයක් දැක්වීමට නෙමේ..ස්තුතී----------------------

126 comments:

  1. කවුරුත් නොදකින පැති ලියන ඔබගේ තවත් සවිස්තරාත්මක හරබර ලිපියක්.
    ඔය කට ගැන කතා කරනවානම් මුලින්ම කතා කරන්න වෙන්නෙ අපේ දේශපාලුවෝ ගැන තමයි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි මාමා දොයනනේ නැද්ද

      Delete
    2. මොන නින්දක්ද බං උඹල ලියන බනාන මල් වලට කොමන්ට් කර කර ඉන්නවා ඇර.

      Delete
    3. අපේ මාතලන් ලොක්කට සුභ උපන් දිනයක් වේවා .....

      Delete
    4. මාතලන්ට සුබ උපන්දිනයක් වේවා ...ඕන් එහෙනං

      Delete
    5. ස්තුති kenji තුමණි. ඔයත් ඔයාගේ බ්ලොග් එකේ මටත් කියවන්න පුළුවන් ඒවා ලියන්න :)

      Delete
    6. මාතලන් තුමාගේ උපන්දිනේට සුබ පතමු ආවම ..

      අටන් තුමා ඊයේ රෑ තුන පහුවෙලත් බුකියේ හිටියා මං දැක්කා ,,

      Delete
    7. හෙක්..හෙක්.. වයසට ගිය විට හොද කතා ලියමි.
      තාම කොල්ල නිසා කැත කතා ලියමි.
      එබැවින් ඔබ මා වයසට යන තුරු ඒ පැත්ත පළාතේ නොඑන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...!

      Delete
    8. හෙක් හෙක් තමයි ඉදගෙන හා අයියේ ස්තුති

      Delete
  2. කට හරියට කන හැටි ගැන ෙඉගන ගන්න ලේසි නෑ!

    ReplyDelete
    Replies
    1. Clz එකක් දාමුද කාකා.හි හි

      Delete
    2. කාකා තුමා , දැන් ඉගෙන ගෙන ඇතිනේ ...මේ මහත්තුරු දෙන්නත් බැඳලා දරුමල්ලෝ එහෙම ඉන්න උදවියනේ ක්ලාස් මොකටද ඉදගෙන :D

      Delete
  3. හසන්ත අර අට්පට්ටමේ කියනවා වගේ අපි එහෙනම් අද කට ගැන කතා කරමු.

    ReplyDelete
  4. ෂ්..... කට කට කට..
    රට වටකර වැට බැන්දත් වටකර වැට බඳින්න බැරි බ්රේක් නැති කට ගැන හර බර ලිපියක්.
    අර අර හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නා වගේ..
    අම්මලාට හොරෙන් හරි ජීව විද්‍යා පන්ති ගියපු එක, එගෙම හිතුනු එක. අද කාලෙ තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක හිතා ගන්න අමාරුයි.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒ කාලේත් තරගේ තිබ්බා විදානේ ඒත් මං ආස නිසා ගියා කොහොමහරි ... ස්තුති විදානේ

      Delete
  5. අපු ඔන්න අදනම් ගැලපෙනම මාතෘකාවක් තොරාගෙනද මන්දා

    ReplyDelete
    Replies
    1. ඒ කීවේ මගේ කට වැඩිද

      Delete
  6. හප්පෙ ඇති යන්තම් හැදෙන්න තීරනය කොලා.අපිට කනක් ඇහිල හිටියැකි. . .

    ReplyDelete
    Replies
    1. එහෙමද හිතන් ඉන්නේ මගියෝ ... දී කිරට බළල්ලුත් සාක්කිලු ඉදගෙන :)

      Delete
  7. ෂඃ ..............හරිම අපූරුයි. අපූරු කියන්නේ මොකක්ද? පූර්වයේ නොතිබුණු ඒ කියන්නේ මීට කළින් අහන්න දකින්න, අත්විඳින්න, නොලැබුණු කියන එකයි. අපූර්වී කියන්නේ මීට කලින් මේ මිහිමත නොසිටි අපූරු තැනැත්තිය කියන එක නේද? ඔන්න ඔයා අපූරු ලිපියක් ලියලා. ඔයා දන්නා විෂයයන්ට අදාළව මෙවැනි ලිපි නිතර ලියනවානම්,

    1. දැණුම බෙදා දීමේ කුසළ කර්මය සිදුවෙනවා.

    2. බෙදන්න බෙදන්න වැඩිවන එකම සම්පත දැණුම නිසා ඔයාගේ දැණුම තවත් වැඩි වෙනවා.

    3. මේ කුසළ කර්මයේ දිගටම යෙදෙන්න ආසාව ඇතිවෙනවා, පාඨක ඇගයීම ඉහල නිසා.

    4. ඔබ තුළ මෙතෙක් පුබුදුවී නොතිබුණු දක්ෂතා ඉබේම වර්ධනය වෙනවා.

    5. සිත සමාධිගතවීමෙන් සහනය ලැබෙනවා.

    ඒ නිසා මෙවැනි ලිපි ඔබට හැකි සෑමවිටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමණි අව්‍යාජව අදහස් දැක්වීම ගැන ස්තුති. මට නම දාලා තියෙන්නේ එදා හොස්පිටල් එකට ආපු අලුත් නර්ස් කෙනෙක් ,, වයස කෙනෙක්ලු එයා මාව දැකලා කියලා තියෙනවා අපුරු දරුවෙක් කියලා .. ඒ කොටස අම්මා ඒ නිසාලු දැම්මේ,, මේ කොටස ඔයාට කීවේ ඔයාගේ කොමෙන්ට් එක දක්කම එක මතක් වුණා..

      ඒ වගේම කරුණු 5 වෙනුවෙන් ස්තුති එය මට ශක්තියක් ,, /

      Delete
  8. Replies
    1. කාමරේ සිරා අවොත් කට කඩයි ;)

      Delete
  9. හොදට නරකට දෙකට කටමය කියනවානෙ.

    තව ඉතිං 'කට වහන් ඉන්නකන් ඕන මෝඩයෙක් (මම වගේ) බුද්ධිමතෙක් කියනවනේ.' ඒනිසා මම මේකට මුකුත් කියන්නෑ. කට වහන් ඉන්නවා බුද්ධිමතෙක් වගේ. හි… හි… හි………

    ReplyDelete
    Replies
    1. ඔය හපාන් ඉන්න දිව ඇතුලට දාගන්න. හැපෙයි.

      Delete
    2. ආඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය කියලා හිතෝපදේශ 18;7 සදහන් වෙලා තියෙනවා අයියේ ... ඔව් ඒ වගේම තව තැනක තියෙනවා .ආඥාන තැනැත්තා පවා කට අරිනකල් බුද්ධිමතෙක් වගේ පේනවා කියලා .. හි හි

      Delete
  10. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්‍ය සත්‍ය ඇතුලත් සූත්‍ර දේශනා 17504 න් 2 ක් විතරයි ඉදිරියේදී ලිපි වලට බුදුසාදුගේ ධර්මය ආශ්‍රිතවත් ලියන්න පුළුවන් වේවි හොඳේ

    ReplyDelete
    Replies
    1. හා හොඳේ .දැන් යන්න.සත පහක් දෙන්නද මහන්සියට.

      Delete
    2. ඔව් ඇනෝ .. මං දවසට එක ගානේ හරි කියවන්න තමයි උත්සහ කරන්නේ

      Delete
  11. කතාවක් තියනවනේ මනුස්සයෙක් කට වහන් ඉන්න තරමට උගතා ඒත් කට ඇරපු ගමන්ම ගොඩයා කියලා...ඒකත් මේ වෙලාවේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් .ආඥාන තැනැත්තා පවා කට අරිනකල් බුද්ධිමතෙක් වගේ පේනවා කියලා ..තියෙනවා මල්ලි ,

      Delete
  12. හොඳට නරකට දෙකට කටමය කියන්නේ කට කහනවට නෙවෙයිනේ. මමත් කට හින්දා කටු කාලා තියෙනවා හොඳට

    ReplyDelete
    Replies
    1. බොහෝ සෙයින් කට අරින්නා ඉක්මනින් විනාශ වන්නේලු .. ඒ නිසා ඇසීමට ඉක්මන් වී කතා කිරීමට පමා වීම තමයි හොද තැන්කු මල්ලි

      Delete
  13. කට ගැන අයෙමත් හිතන්න ලිපියක් :) 

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අපි හිතමු මධාරෝ

      Delete
  14. එහෙනම් ඒක තමයි මේ කතාවට කියන්නේ කටට මසුරන් දාන්න ඕනෙ කියල.

    ReplyDelete
    Replies
    1. කට පුරෝලා ස්තුති ඕන්

      Delete
  15. Replies
    1. එකනේ අර සින්දුවක් කියන්නේ
      කරුමෙට ඔය කට
      තමුසෙට ලැබුනට
      ඔයකට හතරට
      කඩනට හිතේ මට කියලා

      Delete
    2. බදින්න පෙර කටට නොයෙකුත් කැටයම් කතා සැලකිලි තිබ්බත්,
      බැන්දට පස්සේ කියවෙන්නෙම ඔය පද හතර නේද ඉවාන් මල්ලි :) ?

      Delete
    3. සුදුසු බිරිදක් සොයාගැනීමතමන් සතුයි .බැන්දට පස්සේ අඩලා හරියන්නේ නහ

      Delete
  16. හපොයි කට තියාගෙන ඉන්න බැරුව වෙච්ච දෙවල් නම් කියල වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. අපි කාටත් එහෙමයි අයියේ ..

      Delete
  17. අර කියන්නෙ ඕකගෙ කට කන්න එපැයි කියල,ඕමා කට කන ආකාරය ගැන ලියල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කිවුවේ හැලප තුමණි ලිප් කිස් කරන විදියද ? ඒ වගේ දේවල් හැගීම් දැනීම් තියෙන දෙදෙනෙක්ට පෙර පුහුණුවකින් තොරව කරන්න පුළුවන් කියලා මං හිතනවා.. හි හි ඔන්න මං කටේ නොගෑවී කියලා දැම්මා ඉදගෙන :)

      Delete
  18. කරුණු ගලපල තිබෙන විදිය නම් අපූරුයි.නොදන්න හුඟක් දේවල් ඉගෙන ගත්තා.බුදු දහමේ දේශනා 17504 ක් කියන එක එකක්.ඇත්තටම ඒක මම දැනගෙන හිටියෙ නෑ.

    මට නම් පේන්නෙ කට කියන්නෙ තමන්ට පැවරුන කොටස රඟ පාන චරිතාංග නළුවෙක් විතරයි .සියල්ල පිටුපසින් ඉන්නෙ මොළය.

    ආ තව දෙයක්.මටත් ඔය හැම දෙයක්ම ඉගෙන ගැනීමේ වුවමනාව තිබුනා.ඒ කියන්නෙ ජීව විද්‍යාව ,ඇග්‍රි,මැත්ස් හැම දෙයක්ම කරන්න.

    ReplyDelete
    Replies
    1. යකා@ ස්තුති යකෝ ... :) යමක් නිවැරදි කරගන්න සහ බැහැර කරන්න ඒ දේ ගැන අද්‍යනය කරන්න ඕනෙනේ ,, ඒ නිසයි මං පටන්ගත්තේ චතුරාර්‍ය සත්‍ය ගැන හොයන්න ..

      ඔව් එකනේ මේ ඇග හරි පුදුම යන්ත්‍රයක් කීවේ

      Delete
  19. මෙවැනි වැදගත් හරවත් පෝස්ටු ලියන්න ඔබට හැකි වේවා ඔමායා ... හිස් බොල් පිළිම රජ වෙන කාලෙක ඔබ වැනි අය ගැන ආඩම්බරයි... බයිබලයේ ඇති දේවල් බය නැතුව ලියන්න.. ක්‍රිස්තියානි ආගම ගැන කරුණු ලියන්න තහනමක් නැහැනේ.. අනික මේ නත්තල් කාලේ...!

    ඔබට සුබම සුබ නත්තලක් වේවා ඔමායා .......!

    ReplyDelete
    Replies
    1. සහන් එක්ක එකඟයි.ක්‍රිස්තියානි දේවල් ඔබ ලිව්වේ නැතිනම් කවුද ලියන්නේ

      Delete
    2. මෙතන වැඩේ මේකනේ යකා..
      කව්රු හරි ක්‍රිස්තියානි ආගම ගැන කිව්වොත් ඔහුට/ඇයට මිෂනාරි ලේබලේ වදිනවා...
      කව්රු හරි බෞද්ධ ආගම ගැන කිව්වොත් ඔහුට/ඇයට රහත් ලේබලේ වදිනවා...


      මේ සේරම කරන්නේ ඉරිසියාවට යකෝ... අන්න ඒකයි අපි තෙරුගත යුත්තේ.. පහු ගිය කාලේ ඔමායා දාපු "සත්තු නිර්මාණ ශීලිද ? " " කියන පෝස්ට් එක බලන්න.. බුද්ධාගම දන්නවා යැයි පෙන්වන්න ගියපු මානසික රෝගියෙක්ගේ නිරුවත දකින්න ලැබේවි ඔබට... කී බෝර්ඩ් ඉන්ටර්නෙට් වීරයෙක් වන ඔහුගේ අනික් දෙබිඩි ක්‍රියාත් ඔබ දැකලා ඇති වෙනත් බ්ලොග් වල .. බුදුන් දෙසු දහම එය නොවේ ... කාවවත් බලෙන් නිවන් දක්කවන්න හැදුවේ නැහැ බුදුරජාණන් වහන්සේ...

      Delete
    3. ඔබේ කියමන සහතික ඇත්ත කියල වැටහුනේ,ඔබ දී තිබුන ලින්කුවට ගොස් බැලුවාමයි.
      ඔබ වැනි මුද්ධිමතුන් මෙහම අවදියෙන් සිටීම ඉතාමත් සතුටුයි.
      (ඉදල හිටලා අපි දෙන්න ඇරගන්න එක වෙනම දෙයක්.ඒ මගේ මල්ලිලා දෙන්නට අමතරව මගේ හදවතේ උඹත් ඉන්න නිසා)

      Delete
    4. ස්තුති සහන්. මං ලියන්න පෙර කරුණු හොයද්දි ගොඩාක් දේ බයිබලෙන් හම්බුනත් ඉතාම කෙටියෙන් දැම්මේ ඒ හේතුව නිසයි ..

      // කාවවත් බලෙන් නිවන් දක්කවන්න හැදුවේ නැහැ බුදුරජාණන් වහන්සේ...// ඔව් බුදුන් වහන්සේ නිවනට යන මාර්ගය අපිට කියාදුන්නේ තෘෂ්නාවලින් ඈත් නොවී අපි කවදා නිවන් දකින්නද .. මහා බෞද්ධයෝ කියලා කෑගහන මිනිස්සු ඒ දේවල් වෙනුවෙන් වෙහෙසෙනවා ඇරෙන්න දේශනා කරපු වචනයේ සත්‍ය අසත්‍ය ගැන විචාරමින් ඒ මාරගයේ සිත පුරුදු කරන්න උත්සහ කරන්නේ නැහැනේ ..

      Delete
    5. ස්තුති සහන් මටත් අමතක වෙලා තිබ්බේ ඔය ලිපිය ලින්ක් කරන්නවත්

      Delete
    6. @ කෙන්ජි අයියේ ...

      දන්නවනේ අපි දෙන්නා වළි නම් වළි... සාමේ නම් සාමේ... උඹ දෙයක් කිව්වොත් මන් අහනවා ...මන් දෙයක් කිව්වොත් උඹ අහනවා.. සහන් කියන කෙනාව තාමත් ගොඩක් දෙනෙක් තේරුම් අරන් නැහැ.. මාතලන් , උඹ වගේ එකෙක් දෙන්නෙක් හරි දන්නවා රියල් ෂේන් කියන්නේ කව්ද කියලා...ඒ ඇති බන්... මොකෝ මන් මේකේ ගෑණු ගන්න ආවැයි ...මට එක එකාගේ සහතික වැඩක් නැහැ "සයිලන්ට් සහන්" කියන ප්‍රොෆයිල් එකට...

      (අන්තිම වාක්‍ය දෙක කිව්වේ උඹට එහෙම නෙවේ හොඳද ? උඹලා ඇර අනික් නයි පනික්කියෝ මට වැඩක් නැහැ... විශේෂෙන්ම නම ගම නැති පොන්නයෝ ...)

      Delete
  20. කට ඇරියොත් රට කන එවුන්ට බට දමා කවා පොවා අනිත් වෙලාවට කට වසා ගෙට දමා තිබි යුතුය. නැත්නම් හොට කපා කට මසා හෙට සිට පිටරට වැඩකට නට නට යන්නට පටපට මැණිකෙට පැටවිය යුතුමය.

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට කීවලු ඉදගෙන හි හි

      Delete
  21. හෙට මට බ්ලොග් පැත්තේ එන්න වෙන්නෙ නෑ..
    ඒ හින්ද අදම කියන්නම්

    **** සුභ නත්තලක් වේවා !!****

    ReplyDelete
  22. මේ කාලේ හැටියට හැමෝටම වැදගත් වෙන ලිපියක්..! :D anyway, සුභ නත්තලක්..! :)

    ReplyDelete
  23. ඔයා කතෝලිකද අපූර්වී ?
    අර අන්තිම පින්තූරේ කට හපාගෙන ලියපු විදිහට මටත් හිතෙනවා ඒ උන්දෑ කට හපන්ඩ... :)

    ReplyDelete
    Replies
    1. මං කතෝලික නෙමේ මධු ... හි හි ඒක දැක්කම ලස්සන නිසා තමයි මං දැම්මේ ,,

      @ඇනෝ මගේ උප්පනේ තියෙන්නේ බුද්ධාගමේ. දැන් හරිද ?

      Delete
  24. සුබ නත්තලක්,
    කට පරිස්සම් කරනවා වගේම කටෙන් නියම විදියට වැඩ ගන්න ඕන නැත්නම් වැඩක් නැහැ.
    මම ලගදී දැක්කා බල්ලෙක් උගේ නම Silent. උගේ සිරිත තමයි වැඩක් නැති තැන්වලදී බුරලා වීරයෙක් වෙන්න යනවා. ඉතින් හැමෝම හිතනවා හරි හොඳ බල්ලා කියලා. නමුත් ලගදී එලිවුනේ ගෙදරට හොරු පනින විට ඌ වලිගෙ කකුල් දෙක පල්ලේ ගහගෙන පුටුවක් පල්ලේ හැඟෙන නිවට බල්ලෙක් කියලා. එහෙම කටින් වැඩගන්න දන්නේ නැති නිවට බල්ලෝ වගේම පුද්ගලයොත් අපිට හමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි තොප්පිය හරි කෙනා අවොත් කුණුහරුප පෝලිමක් සහ බළලා හරකා බුරුවා වගේ නම් ඔබට අහන්න වෙයි. රංග
      ඉජු ඉජු Silent ඉජු ඉජු.
      කෝ තවම නැහැනේ වල් බල්ලා. අය්යෝ අයිතිකාරයා කියන්නේ නම් ප්‍රංශ බල්ලෙක් කියලා. නමුත් ඊට හොඳයි වල් බල්ලා.

      Delete
    2. ඔය බල්ලා වගේ නිවට එකෙක් බ්ලොග් එකක් ලියනවා. ඌ මහා සිංහයා වගේ මට අභියෝග කරනවා. නමුත් මම ඔහුට ප්‍රශ්නයක් දැම්මම මගේ කමෙන්ට් publish නොකර ඒ වාට පිළිතුරු දෙන එක මගහරිනවා. මම ඊමේල් කිහිපයක් දැම්මා නමුත් මිනිහා පිළිතුරු නොදී වටේ යනවා. තව ටික දවසකින් කට්ටියටම පෙනේවි ඔහුගේ තරම.

      Delete
    3. විශ්ව @ මේක සහන් ගේ බ්ලොග් එක නෙමේ.. පොඩි ළමයි වගේ ඔහොම රණ්ඩුවෙන්නේ ඇයි ? අපි කාටහරි බනිද්දි කියන වචනවලින් ලෝකයාට පේන්නේ අපේ හෙළුව මිසක් අපෙන් බැනුම් අහන කෙනාගේ නෙමේ. ..ඔබ මිට පෙර මට කියා තිබෙනවා සිංහල බ්ලොග් අවකාශේ වැරදි තොරතුරු වලින් පිරෙනවට අකමැති නිසයි නිතර වරදක් දැක්කම ප්‍රශ්න කරන්නේ සහ නිවරදි කරන්නේ කියලා .. ඔයාට ඔය විදියට කොමෙන්ට් කර කර ඉදලනම් ඒක කරන්න බැරිවෙයි විශ්ව.. මිනිස්සුන්ට අපහස කරන්නේ ඇයි?,,, සහන් මගේ පුද්ගලික හිතවතෙක් නෙමේ නමුත් එයාගේ පහුගිය පෝස්ට් එකේ අනවශ්‍ය විදියට කොමෙන්ට් කර කර එයාව අපහසුතාවට පත් කරනවා දැක්කා.... දාම් අදිනකොට බලන් ඉන්න අයට තමයි සෙල්ලම් කරන කෙනාට වඩා කපන්න පුළුවන් ඉත්තෝ පේන්නේ ඒ වගේ ඔයා වගේ අයත් තමන්ගෙන් කියලා යමක් දෙන්නේ නැතුව ලියන මිනිස්සුන්ට හිනා වෙනවා සහ ලියන්න උගන්වනවා ...

      මේක මගේ බ්ලොග් එක මෙතන ඔයාලගේ ප්‍රශ්න විසදගන්න එන්න එපා ..මං හිත සැහැල්ලු කරගන්නයි මේවා ලියන්නේ මං ආදරයෙන් ඉල්ලන්නේ . නත්තල කියන්නේ සමාදානයේ කුමාරයාගේ උපත සමරන දවස .. ඔයා මට නත්තල් සුබ පැතුම එකතු කරලා තව කෙනෙක් ගැන තරහකින් කතා කලේ ඒ පැතුම හිස් පැතුමක් විතරයි විශ්ව ... ඔයාට සුබම සුබ නත්තලක්

      Delete
    4. ඔයාට සුබම සුබ නත්තලක්. වැරද්දක් වුනා නම් සමාවෙන්න ඔමායා.
      ඔබම දැකලා ඇති ඔහුගේ හැසිරීම ඔහු වගේ අන්‍යන්ට අපහාස කරන කෙනෙකුට වෙන සලකන ක්‍රමයක් මගේ ළඟ නැහැ.
      මේ ඔහුගේ බ්ලොග් එක නොවේ නමුත් මම මෙතන මෙසේ ලියුවේ මෙම පොස්ට් එකේ උඩ තැනක සහ "සත්තු නිර්මාණ ශීලිද ?" යන පොස්ට් එකේ ඔහු අද දැමු කමෙන්ට් මාව ඉලක්ක කල ඒවා නිසා. ඔබ එතනදී ඔහුට මේ මට කියපු ලෙසම "මේක මගේ බ්ලොග් එක මෙතන ඔයාලගේ ප්‍රශ්න විසදගන්න එන්න එපා" ලියුවා නම් හෝ අදාල නොවන දේ ඉවත් කළා නම් ගැටළුවක් නැහැ නේද?

      //නමුත් එයාගේ පහුගිය පෝස්ට් එකේ අනවශ්‍ය විදියට කොමෙන්ට් කර කර එයාව අපහසුතාවට පත් කරනවා දැක්කා// ඒ මම නොවේ මගේ නම යොදා වෙන අයෙක් කල කමෙන්ට් එකක්. ඔබ එතන මගේ profile picture එක දැක්කේ නැහැ නේද? ඒ බව දැන දැනත් සහන් අවසානයේදී මට බෝලය පාස් කරනවා. මම ඉලක්ක කර අභියෝග කරනවා. එතනදී මම දුන් ප්‍රශ්න කිරීම් සහිත කමෙන්ට් ඔහු publish කරන්නේ නැහැ. ඒ වෙනුවට නිවට ලෙස තැන තැන මට අපහාස කරනවා. ඔහු කොන්ද පණ ඇති කෙනෙක් නම් මට අපහාස නොකර මම ඉදිරි පත්කළ ගැටළු වලට පිළිතුරු දෙන්න පුළුවන්. එතැනින්ම ඔහුගේ පරාජය සහ නොහැකියාව ගම්‍යවෙනවා.

      //ඔයා වගේ අයත් තමන්ගෙන් කියලා යමක් දෙන්නේ නැතුව ලියන මිනිස්සුන්ට හිනා වෙනවා// ලියන මිනිසුන්ට හිනාවෙන්නේ නැහැ ඕමයා. මගේ නැණ පමණට අනුව යම් වැරද්දක් දුටුවම අහනවා. සමහර විට මම හරි වෙන්න පුළුවන් සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. මට වැරදුනොත් මම අවංකවම පිලිගන්නවා. මම හරිනම් මම තර්ක කරනවා. එම මම කරන තර්ක ඇස්පනාපිට හරිබව පෙනී පෙනී තමන් වැරදි බව නොපිළිගන්නා පහත් කෙනෙක් හමුවීම තමයි මේ ගැටලුව. ඔබ ඉංජිනේරු ක්ෂේත්‍රයේ හෝ විද්‍යා අධ්‍යාපනයක් ඇති කෙනෙක් නම් මම ඔහුගේ බ්ලොග් ඔහුට විරුද්දව ඉදිරිපත්කල දේ පැහැදිලිව කියවන්න. ඔබට පෙනේවි කවුද හරි කවුද වැරදි යන බව.

      Delete
    5. සුබම සුබ නත්තලක්

      #############################
      මේක ලියන්නේ ඔබ නොවේ විශ්ව.
      ඔබට සහන්ගේ බ්ලොගයේ ඔහු අපහසුතාවයට පත් කරන්න මම කල කමෙන්ට් ලෙස දුටුවේ යම් කෙනෙක් මෙසේ මගේ නම යොදන ලද කමෙන්ට් වේ. මම ඒවා දුටුවේ කල් ගතවූ පසුයි.
      #############################

      Delete
    6. ඔව් මං දැක්කා ඒක , ඒ වගේම විශ්ව .. ඉහළ සහන් දාලා තියෙන කොමෙන්ට් එකේ එයා ඔයාගේ නම සදහන් කරලා නැහැ .. ඒ වගේම එතන තිබ්බේ මගේම වෙන පොස්ට් එකක් ගැන නිසා මං එයට මොකුත් නොකීවේ .. මා ඒ කොමෙන්ට් කියවුවේ නැහැ උවමනාවෙන් මොකද ඒවල තිබ්බේ රණ්ඩු නිසා .. මං කියවලා බලන්නම් විශ්ව ..

      Delete

    7. @ all

                    විශ්ව රංගනාත් යන නමින් සිටින පුද්ගලයා මීට පෙරද මෙවන් සිහි මද ක්‍රියා කොට අසුව තිබෙනවා.. මා චන්ද්‍රිකාවක නිවවීම ගැන දැමු පෝස්ටුවකට මොහු පැමිණ කර ඇති නාඩගම මෙතනින් බලාගන්න...

                      ඉන්පසු ඔහුම මට ස්කයිප් ඇමතුමක් ගත්තා සිංහයෙක් වගේ.. ඊට පස්සේ මෙන්න රංගම පිළිගත්තා "සහන් යනු විෂයන් කීපයක් ගැන දැනුමක් තියෙන කෙනෙක් බව.ඔහු ඇතැම් දේවල් නොකියන්නේ එයින් යම් ආයතන වලට හානියක් විය හැකි බැවින්.එසේම ඔහුගේ එක හොඳ ගුණයක් දැක්කා ඒ තමයි ඔහුට කොච්චර අපහාස කරත් ඔහු ඒවා ගණන් නොගන්නා බව. "     
      මෙතනින් ඒ සියල්ල ...

                 විටක සහන් "පොරක්" යයි කියන ඔහුම සහන් "බල්ලෙක්" යයි කියයි..:P   මෙවැනි සිහි මද පුද්ගලයෙක්ගේ හැසිරීම ගැන මා ඉහත දී ඇති ලින්ක් වලින්ද පැහැදිළියි.


                       ඔමායා හට ක්‍රිස්තු දහම ඇදහීමට අයිතියක් ඇත... අප එයට ගරු කරමු.. එහෙත් විශ්ව නමැති මානසික රෝගියාට අවශ්‍ය අනික් අය බලෙන් නිවන් දැක්කවීමටයි ..තමන් රහත් / බුදු වූ බව පවසන පුද්ගලයන් සිටින ලොවක අප මීට වඩා දේ බලාපොරොත්තු විය යුතු නොවේ... මගේ බ්ලොගයේ ඇනෝ කමෙන්ට් දැමීමට ගොස් අතටම අසු විය..විශ්ව රංගනාත් නැමැත්තා මගේ බ්ලොගයේ නටා ඇති තවත් පිස්සුවක් මෙතනින් බලාගන්න... ඉන්දිකගේ සැහැල්ලුව බ්ලොගයේ පවා මොහු ඇනෝ කමෙන්ට් දමමින් වැදගත් බ්ලොග් කරුවන්ට අපහාස කරමින් යයි... ඒවාට නොරැවටෙන්න....

      සියලු දෙනාට ප්‍රීතිමත් නත්තලක්....

      ( සයිලන්ට් සහන්ට කාගෙන් වත් සහතික වැඩක් නැහැ.. අපි මේකේ ගෑණු ගන්න ඇවිත් නැහැ කී බෝර්ඩ් වීරයෝ වෙලා.. සබැ ජීවිතයේ යා යුතු තැන් වලට ගොස් ඇති බැවින් මේවා අපට විහිලුය.. )





      Delete
    8. කන් ඇත්තෝ අසත්වා ... සිත් ඇත්තෝ සිතත්වා .. මොනා නමුත් සහන් මේ විදියට කොමෙන්ට් වලින් දිගින් දිගට කරනා ඇදගෙන යන්න එපා , ඔයා ලියන්න හොද දේවල් මිනිස්සුන්ට දැනුමට සහ ජීවිතේට යමක් එකතුවෙන දේවල්,, කොමෙන්ට් එකකින් කෙනෙක් දෙයක් ඇහුවොත් ඔයාට පිළිතුරු දිය හැකි මට්ටමේ දෙයක්නම් පිළිතුරු දෙන්න ,, ඒ වගේම ඔයා ඉදිරිපත් කරන කරුණු ගැන විශ්වාසයක් සහ නියම අවබෝධයක් ඇතුව පොස්ට් එක පලකරානම් ,, කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්න අහද්දී ඔයා ඊට සමාන වචන වලින් කොමෙන්ට් කරන්න එපා , ඔයාගේ පෝස්ට් එකේ කරුණු වල වරදක් ඇත්තටම පැහැදිළිව සාධක සහිතව ඔප්පු කරලා කෙනෙක් පෙන්නුවොත් ඒක ලිපියට එකතුකරගන්න ,, ඒ හැර අනවශ්‍ය විදියට කාලේ නාස්ති කරකර රණ්ඩු වුණාම ලැබෙන්නේ මොකක්ද ,, මං මහා උගතෙක් නෙමේ ,,ඔයාට උපදෙස් දෙන්න තරම් කෙනෙක් නෙමේ ,නමුත් මං ආසයි හැමෝම සතුටින් ඉන්නවා නම් , pls මේ ගැටලුව නිවැරදිව අවසන් කරලා අලුත් පෝස්ට් එකක් දාන්න ..

      Delete
    9. මම හදපු තොප්පිය මේ සහන් දාගෙන නටන්නේ සහන්ගේ ගානට ගැලපෙනවා. සහන් අතීතය නොවේ වර්තමානයට මුහුණ දෙන්න ඔබ අතීතය අවුස්සනවා නම් G Force ගැන ඔබ වැරදියට සඳහන් කල තැන සිට ඔබ නිවැරදි බව පෙන්වන්න. මම එම තැන්වලදී කරන ලද සියලු ප්‍රශ්නකිරීම් ඔබ මගහැර ගිය බව හැමෝම දන්නවා. මතක තියා ගන්න චන්ද්‍රිකා කතාවේදී මම කට වහගත්තේ කාලීනව ප්‍රසිද්ද නොවිය යුතු දෙයක් එලියට දැමීම අපරාදයක් ලෙස දැක්ක නිසා. ඒ බව ඔබට කියලා තියෙනවා නේ. ඒවා දැන් කතා කරනවා නම් මම එතන ඉඳලාම කරුණු අදින්න පුළුවන්.

      හරි දැන්වත් මම ඔබගේ බ්ලොග් එකේ දැම්ම ඔබ විසින් publish නොකරන ලද කමෙන්ට් publish කර පිළිතුරු සපයන්න. එහෙම නොකර් මෙතන වෙන කරුණු කියා මට අපහාස කරන එකෙන් ඔබේ නිවට පහත් බව ලෝකයාට පෙනේ.

      තමන්ට අභියෝග කරන්නාට අපහාස කිරීමකින් තොරව තමන්ට එන අභියෝග වලට නිසි පිළිතුරු සපයන්න නියම පුරුෂයෙක් ලෙස. එසේ නොමැතිව ඔබ කරන මෙම හැසිරීමෙන් ඔබගේ නිවට කම පැහැදිලි වේ. තම පරාජය පිළිගැනීම උතුම් ගුණයකි ඔබ එය නොමැති පහත් මිනිසෙකි.

      Delete
    10. අපුර්වී අපි හැමෝම මහා උගතුන් නොවේ. සියල්ල දන්නා අය නොවේ. එය පිළිගැනීම නිහතමානී කමයි. ඒ බව නොපිළිගන්නා තමාම සෑම විටම නිවැරදි බව හිතන අන් මත නොඉවසන මෙම පුද්ගලයාට අපි කියන දේ නොතේරේ. ඒ බව තෙරේ නම් ඔහු මෙසේ නොහැසිරේ.

      Delete
    11. \\\\\\\\මම හදපු තොප්පිය මේ සහන් දාගෙන නටන්නේ සහන්ගේ ගානට ගැලපෙනවා. \\\\\\\\

      ඒකෙ මගේ නම ගහලා තිබ්බා ...ඒකයි දාගත්තේ ...:P

      අර උඩ මම හදපු තොප්පිය ඔයා ඇයි දාගත්තේ ..... :D

      G force ගැන මම දන්නේ නැහැ ... ඔයා එවෙලේ අහපු කිසිම බයිලයක් මන් දන්නේ නැහැ... දැන් හරිද ... මහන්සියට රුපියල් 5 දෙන්නද මල්ලිට ... :P

      Delete
    12. දැන්වත් මම ඔබගේ බ්ලොග් එකේ දැම්ම ඔබ විසින් publish නොකරන ලද කමෙන්ට් publish කර පිළිතුරු සපයන්න. එහෙම නොකර් මෙතන වෙන කරුණු කියා මට අපහාස කරන එකෙන් ඔබේ නිවට පහත් බව ලෝකයාට පෙනේ.

      තමන්ට අභියෝග කරන්නාට අපහාස කිරීමකින් තොරව තමන්ට එන අභියෝග වලට නිසි පිළිතුරු සපයන්න නියම පුරුෂයෙක් ලෙස. එසේ නොමැතිව ඔබ කරන මෙම හැසිරීමෙන් ඔබගේ නිවට කම පැහැදිලි වේ. තම පරාජය පිළිගැනීම උතුම් ගුණයකි ඔබ එය නොමැති පහත් මිනිසෙකි.

      Delete
  25. මැත්ස් කරන එකෙක් බයෝ ක්ලාස් එකකට යනව ඇහුවමයි මේ, කොල්ලොනම් එහෙම ගියත් කෙල්ලො යන්නෑනෙ :D

    "පාලනයක් නැතිව නිතරම අධික ලෙස පැණි රස කෑම, මේදය ,තෙල් අධික කෑම කෑමෙනුත් කට නිසා තමන්ගේ ශරීරයට වෙන්නෙත් ලොකු වැරද්දක්..ඒ වගේම ගිණි වතුර , කැහිකූරු ගහලත් ඔක්කොම ජරාව ඇඟට හලාගන්නේ මේ කටෙන්නේ.ඒ නිසා මං දකින විදියට තමන්ගේ කට පාලනය කරගන්න බැරි කෙනා කායිකව,මානසිකව ස්ථාවර නැහැ.ස්ථිර තීරණ ගන්න බැහැ. කට සහ ඒ ආශ්‍රිත සියළු චලනයන් පාලනය කරන්නේ මොළයෙන් වුණාට කට තමයි අපේ ඇඟේ තියෙන භයානකම ආයුධේ.." මේ කොටස අගය කරමි, අතිවිශිෂ්ඨයි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් කොල්ලෝ ඕනේ ක්ලාස් එකකට යයි ටෝක් කරන කෙල්ලෙක් යනවනම් හි හි ඕකනේ සීන් එක , :) ස්තුති මල්ලි

      Delete
  26. සුභ නත්තලක්!

    සමහරු ජීවිතේම ගෙනියන්නෙ කටින්, බොරුවෙන්. ජීවිතේම ගෙවන්නෙ කඩ තුරාවකට වහංවෙලා බොරු නං ගං වලින්. දන්නෙ හැංගිල ඉඳන් කටින් ගහගන්න. හරි ප්‍රතිවාදියෙක් ආවම කටේ බලෙන් මාරු වෙනව. එහෙම අයගෙ කට නැත්තන් බල්ලොත් ඇදන් ගිහින්.

    ReplyDelete
    Replies
    1. අභීතයා කිව්වා උබ කටින් කරපු 2.50 වැඩ නිසා ඉතුරු ණය ටික දෙන්නේ නැහැ කියල.අනික ඒවා පොළියට දීපුවා.පොළියට සල්ලි දෙන්න තහනම් ඉන්දික.

      Delete
    2. ඒකනම් ඇත්ත ඉන්දික ,, සතුටින් ඉන්න

      @ඇනෝ හි හි මං අභිතව දැකලා නැහැනේ අප්පා ,, මොනා නමුත් හොද ඉවසීමක් ඇති පුද්ගලයෙක් වෙන්න ඕනේ ,, :D

      Delete
  27. නගාගෙ මේ ලියමන කියවන්න ඉසිඹුවක් ලැබුනෙ අද...මුඛයෙන් ගන්න ප්‍රයෝජන කීපයක් තිබුනත්...ඒ සියල්ලම අවසගව යන්නෙ අන් අයෙකුගේ හිත රිදෙන කටින් පිටවෙන එක වචනයක් නිසයි....තරහා ගියාම මටත් ඔය අත්දැකීම පොදුයි...නමුත් දැන් හැකි තරම් කෝප නොවී මවිසින්ම මාව පාලනය කල හැකි තරමට දියුණු වෙලා තියෙනවා...

    හිතක් රිදුනු පසු කොතෙක් කලත් ඔසු පලක් නොවේ ළදුනේ ....කියලා කිව්වෙ සෝමසිරි මැදගෙදර...

    සුභ නත්තලක් වේවා නගෝ.....

    ReplyDelete
    Replies
    1. ///.නමුත් දැන් හැකි තරම් කෝප නොවී මවිසින්ම මාව පාලනය කල හැකි තරමට දියුණු වෙලා තියෙනවා...// මං දැක්කමයි ඔහොම කියනව කෙනෙක් විශ්වාසයෙන් ,, එය නිතරම ඉටුකරගෙන ජිවිතේ ඉස්සරහට ගමන් කරන්න ඔයාට ශක්තිය ලැබේවි

      සුබ නත්තලක් අයියේ

      Delete
  28. මොනව කළත් කට ඇතුළ දකිද්දි හෙන අප්පිරිය යි අප්පා!

    ReplyDelete
  29. අපුර්වී අක්කේ දන්නේ නැති නිසා අහන්නේ අක්කා මොනවා සම්බන්දවද වැඩ කරන්නේ.ඔය දොස්තර කෙනෙක්ද? ගොඩක් අය කියනවා අක්කා අද ඉන්න තැන ගැන සතුටු වෙනවා කියල. මම හිතන්නේ එහෙමනම් අපිටත් ඔයාගෙන් ඉගෙනනගන්න දේවල් තියෙනවා. ස්තුති.

    ReplyDelete
    Replies
    1. ඇයි නංගි /මල්ලි ඔයාට ඕක කෙලින් අහන්න බැරි ?

      Delete
    2. ඇනෝ ප්‍රශ්න අහනවට ඔච්චර අකමැතිනම් ඇනෝ ඩිසේබල් කරන්නකො ඔයාමෙයා.....

      එතකොට කෙලින් කරගත්ත අය විතරක් මෙතනට එයි.... හරියට අර උඩින්ම ඉන්න එකා වගේ....
      මම මේ උඩ ඇනෝ නෙවෙයි... ඒත් ෆුල් ටයිම් ඇනෝ කෙනෙක්.....

      Delete
    3. හා හා ෆුල් ටයිම් අනොවෙක් නම් මොලේ ඇතිනේ , මැත්ස් කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න බැහැනේ

      Delete
    4. මොළේ තියනවා මෙයා.... ඒත් ඔයා නිසා හරක් දෙන්නෙක් ඇනගන්නවා කියලා ආරන්චියි..... පව් නේද මෝඩ හරක්.....

      Delete
    5. මේ ඒක නෙමේ ඇනෝ ,,කොමෙන්ට් මොඩරේෂන් නොදා ඇනෝ විතරක් නවත්තන්න පුලුවන්ද :) එක්කෝ ඕනේ නැහැ ,,, එයාලාට එහෙම කියන්න එපා , මගේ වැඩිහිටි යාළුවො දෙන්නෙක්,,

      Delete
    6. වැඩිහිටි කියන්න එපා ඒ ගොල්ලන්ට දුක හිතෙයි... එක්කෙනෙක් ඔයාව බඳින්නත් හිතන් ඉඳලා තියෙන්නේ..... පව්....

      Delete
    7. හි හි අපි හැමෝටම හීන දකින්න අයිතියක් තියෙනවනේ ඇනෝ :)

      Delete
    8. This comment has been removed by a blog administrator.

      Delete

    9. හප්පේ!!!!!

      ගෙම්බියෙක් ගිය උඩ!!!!!!!!!!!

      හික්z!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!

      Delete
    10. පිල්ලී මුන්නෝ ,මන් වරදක් කිවේ නැහැනේ

      Delete
  30. කට කට කට! හැම දේකටම මුල කට!

    ReplyDelete
  31. නීමයිනේ යකූ........
    කට ගැන මෙච්චර දේවල් දැනගෙන හිටියේ නෑනේ අපි.

    ReplyDelete
    Replies
    1. ඕන් කට පුරා ස්තුති කීවා හොදේ

      Delete
  32. කට පාලනය නම් සෑහෙන අපහසුයි... බොහොම අමාරුවෙන් ප්‍රගුණ කරගන්න ඕනේ දෙයක්... කටින් ඇතුලත් කරන ආහාර වගේම කටින් පිට කරන වචන පාලනය කිරීම කොච්චර අපහසුද කියලා අද ලෝකේ තියන ප්‍රශ්න වලින් පේනවා.

    හැබැ‍යි ලියන අත පාලනය සාපේක්ෂව මීට වඩා ලේසි වෙන්න ඕනේ... යමක් හිතලා, ලියලා, පළකරන්න යන වෙලාවෙදි ඒ ගැන නැවත වරක් හිතන්න අවස්ථාව තියනවා. කට කෙසේ වෙතත් අත වත් පාලනය කරගන්න බැරි රෝගේ බ්ලොග් පුරාම දකින්න තියනවා. අපූර්වි කියනවා වගේ මේක ස්වයං ව්‍යායාමයක්... තමන්ගෙන්ම තමයි පටන් ගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති තිසර අදහස් එකතු කලාට ...

      Delete
  33. බොහොම හොඳ කාරනා ගොඩක් මේ ලිපිය තුල තියනවා, ඒ වගේම කොමෙන්ට් ගොඩක් තියනවා, ඔක්කොම කියවන්න බැරි උනා. මොනවා උනත් නංගෝ ඔයටනම් තියෙන්නේ පුදුම අදහස් තමයි. කියන්න ඕනේ ටික කෙලින්ම කියලා තියනවා.
    බොහොම හොඳයි එහෙම තමයි ලියන්න ඕනේ. බයිබල් පද දාපු එකත් ගොඩක් හොඳයි, දිගටම මේ වගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ... මීට වඩා ගොඩක් දේ හම්බුනත් කෙටිව සරලව ලිවුවේ කට පරිස්සම් කරගෙන හි හි

      Delete
  34. // ඒ වගේම සමහර දේශපාලකයෝ ඉන්නවා ඔවුන් කොච්චර බුද්ධිමත් වුණත් මොනදේ කීවත් එයාගේ හඬේ ස්වභාවයට මිනිස්සු කැමති නැහැ. //විපක්ෂ නායකතුමා ගැනද මංදා කීවේ... :D

    කට පාවිච්චි කරන්න ඕනේ පරිස්සමින් තමයි...කට නිසා හුඟක් දේවල් නැතිවෙන්න පුලුවන්

    (දැන් තමයි එන්න පුලුවන් උනේ )

    ReplyDelete
    Replies
    1. දැන් හරි වගේ මන් ගැජට් එකක් අයින් කළා ,, අටම් අයියටත් පෙන්නේ නැහැ කිව මගේ බ්ලොග් එක ..

      හි හි මන් එයාගේ නම ඔහොම්මම ලියලත් රිමු කළා හි හි ..

      Delete
  35. මං නං හීනෙන් වත් බයෝ ක්ලාස් 1ක් ලගින් යන්න කැමති නෑ. ඒක මට තියෙන දෝසයක් නෙව. මං හිච්චි එකා කාලෙත් මට ඔය විජ්ජාව ඇලජික්ලුනෙ.
    හුගක් දේවල් සිංහලෙන් හොයන්න කලියෙන් දෙපාරක් හිතුවොත් හොදා නේද... මොකද දෙවනි පාරටත් අර අහවල් දේ හොයල කප් 1 ගහපු අංකල්ලනෙ ඉන්නෙ... එයාලගෙ අවුල් මයින්ඩ් 1 හින්ද දැං ගූගල් දෙය්යගෙං අපි මක්ක හරි ඇහුවත් අපිටත් මහ නරක කතා තමා කියන්නෙ
    මොනා උනත් මං දෙයක් මේකෙං ඉගන ගත්ත..... මොකද්ද දන්නවැයි......?
    නෑනෙ නෙහ් ..............?
    මං කියන්නෙ නැතුව කෝම දැනගන්නද.......

    තමාගේ මුඛයත් දිවත් රැකවල්කරගන්නා තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේය කියලා.

    වචන බහුල වූ කළ වරද හිඟ නැත ;එහෙත් තමන්ගේ තොල් ආණ්ඩු කරගන්නා නුවණ ඇති කෙනෙක්ය.

    මාත් මීට පස්සෙ සද්ද නැතුව ඉඤ්ඤංකො...

    ReplyDelete
    Replies
    1. හොද ළමය ,, එත් බයෝ ඉගෙනගන්න එක ජීවිතේට වටිනවා මල්ලි, මන් එකයි ඉගෙනගත්තේ ... කට තමයි අප්පා හැම තැනදීම හෙනේට හිටින්නේ ,, අලුත් අවුරුද්ද සුබ වේවා

      Delete
  36. හොද නරක දෙකටම කටය කියන්නෙ නිකමටයැ නැද්ද මං අහන්නෙ
    ඔයාටත් එසේම වේවා

    ReplyDelete
    Replies
    1. කෝ අරින්න කට මසුරන් ටිකක් හලන්ට .... තැන්කු මහේෂ් ,,,

      Delete
  37. ගුද මාර්ගයේ ඉහල කෙලවර - මේ ඔපර්සිට් හිතිල්ල නම් මරු...
    ඉස්සරහට චන්ද ඌශ්නෙ වැඩිවෙද්දි බලන්න පුලුවං අපේ දේශපාලුවෝ කටින් නොව ගුද මාර්ගෙ එහා කොනින් කතා කරන විදිහ.. දැනටමත් එහෙමද මංද...
    >
    මම ලිපියක් බලලා වෙලාව තියෙන හැටියට කමෙන්ට් ටිකත් බලන්නෙ, ලිපියෙ නොකියවුනු ලිපියට අදාල මම නොදන්න වෙන කරුනුත් කමෙන්ට් අතරෙ තිබුනොත් දැනුවත් වෙන්න පුලුවං නිසා... ඒ'වගේම සමහර අයගෙ විහිලු 'තහලු හරි රහයි , එ'වගෙම නිර්මාණශීලීයි...
    ඒත් දැන් ගොඩක් බ්ලොග් වල කමෙන්ට් බැලිල්ල නම් මට එපා වෙලා... නිකම් ගොසිප් සයිට් එකක කමෙන්ට් වගේ දැං තියෙන ඒවා... සමහරු කියන දේවල්, අදහස්, රන්ඩු හරියට දවස් 7ක් දත'කට මැදලා නැති මිනිහෙක්ගෙ කටේ ගඳ වගේ ගඳයි.

    ReplyDelete
  38. මේක පබ්ලිෂ් කරල තිබ්බේ 2013 උනාට මම මේ අද බුකියෙන් දැකලා ආවෙ. ගොඩක් වටිනා ලිපියක්. කරුණු ගොඩක් දැන ගත්තා. සෑහෙන්න මහන්සි වෙලා. ජය වේවා!!!

    ReplyDelete
  39. වසර ගණනක් ගිහිල්ලත් වෙනසක් නැතිව කියවන්න පුළුවන්.. කාලීනයි වගේම ශෛලිය හොඳයි..ජය ජය...

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...