Sunday, December 29, 2013

රැඩිකල් මාළුවා ('Salmon fish')


           දවස් කීපයක්  ඉදලා වලස්සු පස්සෙයි මාළුවෙක් පස්සෙයි වැටිලා හිටපු මගේ හිත සොබාදහම කියන අරුම පුදුම සැලසුම්කාරයගේ අපූරු නිර්මාණයක් රසවින්ඳ...ඉතින් මං ඒ කතාව ලියන්නම් ඔයාට කියවන්න..
                            නිදහස් වෙලාවක් අරන් පටන් ගන්න...රැකියාව සහ එදිනෙදා ජිවිතයේ වෙහෙස මදකට පසෙකින් තියලා සොබාදහමේ අපූරුව විඳින්න උත්සහ කරන්න.
----------------------------------------------
  අද මගේ කතාවේ කතා නායකයා තමයි පැසිපික් සල්මන් මාළුවා.කාලයක් තිස්සේ ඩිස්කවරි වගේ නාලිකා හරහා දිය ඇලි උඩින් පනින මාළු සහ පනින මාළුන්ව අල්ලගෙන කන වලස්සුන්ව දැකලා තිබ්බට ඒ ගැන එතරම් හිතුවේ නැහැ..ඒත් මේ සිද්දිය පිටුපස ලස්සන කතාවක් තියෙනවා ........................

                  පැසිපික් සැමන් මාළුවාගේ ජිවන ගමන පටන් ගන්නේ දකුණු බ්‍රිටිෂ් කොලොම්බියාවේ  සහ (Southern british columbia ) ඇලස්කාවේ වැසි වනාන්තර වලින්. ඒ වැසි වනාන්තර තුල දහස් ගණනක් වූ පිරිසිදු ජලය පිරුණු ඇළමාර්ග වල තමයි සැමන් මාළුවා බිත්තර දාන්නේ..මේ කුඩා ඇළමාර්ග වල තියෙන වතුර තමයි ලෝකයේ පිරිසිදුම ස්වභාවික වතුර.. 


                                        

පැසිපික් සැමන් මාළුවෙක් වරකට  2000-10000 ත් අතර බිත්තර  ප්‍රමාණයක් දානවා.දල වශයෙන් එක බිත්තරයක් ප්‍රමාණයෙන් පැන්සලක කෙලවර තියෙන පුංචි මකන කෑල්ලක් තරම් වෙනවා..ඇළමාර්ග වල තියෙන ගල් වලට මුවා වෙන තැන් වල ගැහැණු සැමන් මාළුවා තමන් වලිගයෙන් හදාගන්න කුඩුවක් වගේ තැනක බිත්තර දාන අතර පිරිමි මාළුන් කීපදෙනෙක් සටන් කරනවා ඒ දාපු බිත්තර උඩට තමන්ගේ පුරුෂ බීජ එකතු කරන්න..ඒ සටනෙදි ශක්තිමත්ම පිරිමිසතා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. බිත්තර දැම්මට පස්සේ දින කිහිපයකින් ආසන්න වශයෙන් සතියකට විතර පස්සේ වැඩිහිටි සැමන් මාළුවන්  ඒ බිත්තර අසලම මිය යනවා. ඒ මියයාම ගැන දැන් ඔයාගේ හිතේ ප්‍රශ්නයක් ඇති ඒ ගැන කියන්නම් ඉස්සරහට..........


                            හැම අවුරුද්දකම වසන්ත කාළය උදාවීමත් එක්ක පැසිපික් සාගරයේ ජිවත් වෙන සැමන් මාළුවන් උතුරු ඇමරිකාවේ බටහිර වෙරළ තිරය දෙසට මුහුණලා තමන්ගේ ජන්මභූමී ගංගාවන් වෙත ගමන් කිරීමේ මහා සංචාරය පටන් ගන්නවා ඒ ගමන සැතපුම් 3000 ක දිගු ගමනක් ..

සැමන් මාළුවාගේ ගමන් මාර්ගය 



සෑම වසරකම දල වශයෙන් බිලියන භාගයක් පමණ  සැමන් මසුන් මේ මහා සංචාරයට එකතුවෙනවා. මේ වන විට ඔවුන්ගේ වයස අවුරුදු 4 ත් 5 ත් අතර පමණ.  සැමන් මසුන් ඒ විදියට සාගරයෙන් තමන්ගේ උපන් බිම් (spawn garden)වෙත ගමන් කරන්න හේතුව තමයි තමන්ගේ වර්ගයා බෝකිරීමට සුදුසු කාළය පැමිණීම මේ විදියට මුහුදේ ඉදලා ගංගාවලට ගිහින් බිත්තර දාන එකට කියන්නේ anadromous fish migration pattern කියලා  . 
අධික ලවණ සහ ආම්ලිකතාවකින් යුතු මුහුදු ජලයේ ph අගය සැමන් මාළු බිත්තර වලට නුසුදුසුයි.ඒ නිසා ඉතා පිරිසිදු ජලය සහිත ඇලස්කාවේ සහ දකුණු බ්‍රිතාන්‍ය  කොලොම්බියාවේ වැසි වනාන්තර වෙත ඔවුන් තමන්ගේ ගමන පටන් ගන්නවා..මේ සැමන් මාළුවන්  නිවැරදිව යන්න ඕනේ දිශාව හොයාගන්න එක තවමත් අභිරහසක් ඒත් විද්‍යාඥයන් සැක කරන විදියට  ඔවුන්ගේ ඔළුවේ තියෙන යකඩ අනු විශේෂයක් මාළිමාවක් විදියට ක්‍රියාකරමින් පෘතුවියේ චුම්භක බලරේඛාවන් ආශ්‍රයෙන් පාර හොයාගන්නවා කියලා තමයි කියන්නේ.





මෙසේ වසන්ත කාළය පටන්ගන්නවාත් සමග සැමන් මාළුවා සංචාරේ පටන් ගද්දි ඇලස්කාවේ ,බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ හිමෙන් මිදුණු කදුමුදුන් වල ජිවත් වෙන වලස්සු පටන් ගන්නවා.... ගුහා ඇතුලෙන් එලියට ඇවිත් ..මාස පහකට පස්සේ තමන්ට ලැබෙන පළවෙනි ආහාරය ගැනීම සදහා සුදානම් වෙන්න.. 
ශිත කාලයේ බිහිකරන කුඩා වලස් පැටවුන් සහ දහස් ගණන් වූ හිම වලසුන් මාස ගණනක් තමන්ගේ බඩගින්න නිවාගන්න කරන එකමදේ විශාල හිම කදු අස්සේ ගුල් හාරාගෙන නිදාගන්න එක, වසන්තය උදාවෙද්දී පුංචි වලස් පැටවූ මාස කීපයක් වයසයි.මේ වලස් පැටවුන්ගෙන් බාගයක්ම වගේ බඩගින්න නිසා පුංචි කාලෙම මිය යනවා ..ඊට පස්සේ ලොකු වලස්සු ඒ මස් පවා කනවා වෙන කිසිම කෑමක් සීත කාලේ පුරාවටම නැති නිසා. වලස් පැටියෙක්ට පළමු වසර ජිවිතේ ඉතාම අමාරු කාලයක් . 

ඉතාම අසීරු ගමනක් 


බලන්න මේ පැටවුන්ගේ දුර්වල පෙනුම 




මේ විදියට වලස්සු දහස් ගණනින් සැමන් මාළුවන් එන ගංගා ලගට ඇවිත් බලාගෙන ඉන්නවා..මාස 5 කට 6කට පස්සේ තමන්ට ලැබෙන එකම රසවත් ආහාර වේල ලබාගන්න..


පේනවනේ මේ 

------------ ----- -- -- --- - - -- - -- - -  -- - - - - -- 
පැසිපික් සාගරේ ඉදලා තමන්ගේ උපන් භූමියට යන ගමන පටන්ගන්න සැමන් මාළුවන් මගදී කිසිම ආහාරයක් ගන්නේ නැහැලු.වසර දෙකක් තිස්සේ මුහුදෙන් ලබාගත්තු කෑම වල ශක්තිය මේ මාළුවාගේ ශරීරයේ පටක වල ලොකු තැන්පතුවක් තියෙනවා.. ඒ වගේම ඒ වනවිට ගැහැණු මාළුවාගේ ශරීරයේ අභ්‍යන්තර ස්වභාවය ලොකු වෙනස් වීමක් වෙනවා . ආමාශය ක්ෂිණ වෙලා  ගර්භාෂය විශාල වෙනවා. බිත්තර 2000-10000 ත් අතර ප්‍රමාණයක් දරන්න පුළුවන් වෙන විදියට.. 
                   
                    සාගරයේ ඉදලා උපන් බිම් කරා යන මේ ගමන ඉතාම වෙහෙසකරයි මාළුවෙක්ට දරන්න පුලුවන්ද කියලත් හිතෙන තරම්. සැතපුම් 3000 ක මේ දුර මාස කීපයක් පිහිනන්න ඕනේ,, ඒ අතර මග දෙපැත්තේම ඉන්නේ සැමන් මාලුවව අල්ලගන්න බලන් ඉන්න විලොපිකයෝ මිනිස්සු වෙච්ච අපිත් ඇතුළුව.







 ගග දිගේ ඉහළට පිහිනගෙන එන මේ ගමන වඩා අසීරු  වෙන්න හේතුව සැමන් මාළුවන් එන කාලේ වෙද්දී ඉහළ වැසි වනාන්තර වලට විශාල වශයෙන් වැස්ස ලැබීම මාළුවා වතුර ගලන පැත්තට විරුද්දව පීනගෙන එන්න ඕනේ. ඒ වගේම ඒ කුඩා ගංගා පුරාම ලොකු කුඩා දිය ඇලි තියෙනවා සැමන් මාළුවා ඒ දිය ඇලි උඩින් පැනලා ඉස්සරහටම පීනගෙන යනවා ...



සමහරුන්ගේ ගමන මෙතනින් ඉවරයි 
මේ විදියට ඉහළට පිහිනන සැමන් මාළුවන් පිහිනගෙන එහාමෙහා යන ගංගාවල් හරහා වේලි හදද්දී ඒ රටවල් වල රාජය මාළුන් වෙනුවෙන්(මෙතනින් වීඩියෝව නරඹන්න)වෙනමම පඩිපෙලක් විදියට වතුර යන්න  හදලා තියෙනවා. මේ විදියට උඩට පනින්න සැමන් මාළුවාගේ ඇග ශක්තිමත්ව නම්‍යශිලිව හැදිලා තියෙනවා. ඒ වගේම එයාගේ ඇගේ පැහැදිළි අංශරේඛාවක් තියෙනවා.

                   පැසිපික් සාගරයෙන් ගමන පටන් ගත්ත බිලියන බාගයක් වෙච්ච සැමන් මාළුන්ගෙන් ගොඩ දෙනෙක් මගදී වලස්සුන්ගේ කෑම වෙනවා..අවුරුදු ගානක් මුහුදේ ජිවත් වෙලා අන්තිමට තමන්ගේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් තමන්ගේ උපන් තැනට එන්න මහන්සි ගන්න හැම මාලුවටම ඒ ගමන කෙලවරට එන්න බැහැ.







මාස 4 කට අධික කාලයක් එක දිගට පීනගෙන එන සැමන් මාළුවා අවසානෙදි තමන්ගේ ගමනාන්තෙට ලගාවෙනවා . 





මේ විදියට නොගැඹුරු සුපිරිසිදු ජලයේ තමයි සැමන් මාළුවා බිත්තර දාන්නේ.. බිත්තර දැමීම ගැන මන් මුලදී සදහන් කළා.. ඒ විදියට බිත්තර දැම්මට පස්සේ පැසිපික් සැමන් මාළුවා දවස් 6ක් හෝ 7 ක් ඇතුලත මැරෙනවා. (අත්ලාන්තික් සැමන් මාළුන් මේ විදියට මැරෙන්නේ නැහැලු එයාලා බිත්තර දාලා ආපහු මුහුදට යනවලු ) 
ඒකට හරිම හේතුව පරීක්ෂකයන් හොයාගෙන නැතත් බොහෝ දෙනාගේ අදහස වෙන්නේ මාස ගණනාවක් එක දිගට ආපු ගමනේදී දැනෙන අධික විඩාවත්, මුහුදු වතුරෙන් ඈත් වෙලා ජීවත්වීමේ අපහසුවත් හේතු වෙනවා ඇති කියලා

ඒ වගේම තව මතයක් තමයි බිත්තර දාපු අවටම මැරුණම ඒ ශරීරවල ජිරණයෙන් පස්සේ ගගේ වතුරට එකතුවෙන වටිනා පෝෂක කොටස් බිත්තර වලින් එලියට එන ඊලග පරම්පරාවේ මාළු පැටවුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න කියන එක ... ඒ වගේම මේ විදියට මැරෙන සැමන් මාළුන්ගේ ඇගවල් වල තියෙන; ඔවුන් ඈත එපිට පැසිපික් සාගරයෙන් ගෙනාපු පොස්පරස් ,නයිට්‍රජන් ආදී වටිනා පෝෂක වලින් ඒ වැසි වනාන්තරයේ මිටර සිය ගණන් උස විශාල ගස් වලට ඕනේ පෝෂණය ලබාදෙනවා.























      වැඩිහිටි මාළුවන් බිත්තර දාලා මිය ගියාට පස්සේ  බිත්තරේ ඇතුලේ ඉදලම පුංචි සැමන් මාළුවා ජිවිත සටන පටන් ගන්නවා. 
කුරුල්ලෝ බිත්තර කන්න එන විදිය 


පැහැදිළි වතුරේ තියෙන බිත්තර කන්න කොක්කු බලාගෙන ඉන්නවා ..එකපාරට පියාඹගෙන ඇවිත් වතුර යටට ගිහින් බිත්තර අරන් කන්න ඒ කුරුල්ලෝ හරිම දක්ෂයෝ...මේ විදියට විශාල සැමන් බිත්තර ප්‍රමාණයක් කුරුල්ලෝ කාලා දානවා .





 සාමානයෙන් ඔක්තෝබර් නොවැම්බර් මාසවල තමයි සැමන් මාළුවා බිත්තර දාන්නේ.. බිත්තරේ ඇතුලේ මාස 4 කට ආසන්න කාලයක් මාළු පැටියා ජිවත් වෙනවා..ඊට පස්සේ එයා බිත්තරෙන් එලියට ඇවිත් මාසයක් යනකල් ජිවත් වෙන්නේ බෙල්ලේ පහලින් ගෙඩියක් වගේ 
තියෙන යෝක් එකෙන් .ඒක ඇතුලේ 
 එයාට ඒ මාසේ වර්ධනයට ඕනේ කරන පෝෂක සියල්ලම තියෙනවා.

මේ කුඩා අවදිය කොටස් කීපෙකට බෙදලා ඒ ඒ වයස අනුව මාළු පැටවුන්ව හදුන්වන්න පුළුවන්,,





වයස අනුව සැමන් මාළුවා හදුන්වන විදිය 

මේ ආකාරයට බිත්තර වලින් එලියට එන සැමන් මාළුවන් අවුරුදු 2ක් වෙනකල් ජිවත් වෙන්නේ මේ දියපාරවල් වල...ඊට පස්සේ තමයි පැසිපික් සැමන් මාළුවා මුහුදට යන්නේ. ඒ යන කාළය වෙද්දී බර අවුන්ස 2ක් සහ දිග දල වශයෙන් අගල් 6 ක්.ඊට පස්සේ මුහුදේ අවුරුදු එක හමාරක් දෙකක් ජිවත් වෙලා ආපහු බිත්තර දාන කාලේ වෙද්දී තමන්ගේ උපන් බිමට එනවා.. සැමන් මාළුවාගේ මුළු ජිවිත කාලය දල වශයෙන් අවුරුදු 5 ක් වගේ තමයි එකම එක වතාවයි බිත්තර දාන්නේ ...


ඒ වගේම පැසිපික් සැමන් මාළු විශේෂ කීපයක් ඉන්නවා 




    පැසිපික් සැමන් මාළුවාගේ ජීවිතය සොබාදහමේ අපිට හිතාගන්න බැරිතරම් පුදුම සහ..දහස් ගණනක් සත්ව විශේෂ වලට ජිවිතේ පවත්වාගෙන යන්න නැතුවම බැරි දෙයක්..... මුහුදේ ඉන්න කාළය පුරා කීයක්නම් මාළුන්ට සහ මිනිස්සුන්ට කෑම දෙනවද ,,ඒ වගේම ආපහු එන ගමනට එයා පාර හොයාගන්න හැටි කොච්චර පුදුමද,,ඒ වගේම මාස 4ක් කිසිම කෑමක් ගන්නේ නැතුව තමන්ගේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් ගමන් කරන දුෂ්කර මාර්ගය ....


                   ඇලස්කාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ ගංගා අවට ජීවත්වෙන කුරුල්ලන්ගේ ,දහස් ගණනක් වලස්සුන්ගේ  ,සර්පයන්ගේ බඩගින්න නිවන ,ගස් කොළන් වලට පවා අවශ්‍ය අවශ්‍ය පෝෂණය ගේන්න මුහුදට ගිහින් එන මේ මාළුවා මෙහෙයවන සොබාදහම කොතරම් සුක්ෂමද...


විශාල පරිසර පද්ධතියක් රැකගනිමින් ජිවිතේ කැපකරන ආදරණිය මාළුවා ... 
-------------------------------------------------------------------------
ප/ලි 
සිංහල භාෂාවෙන් පැසිපික් සැමන් මාළුවා ගැන විස්තරයක්  සදහන් වෙච්ච කිසිම තැනක් තිබුනේ නැහැ.අරුණි සපිරෝ කියන බ්ලොග් කාරියගේ බ්ලොගයේ මාළුවෙක්ගේ ෆොටෝ එකක් විතරක් තිබුණා. මා නැරඹු යු ටුබ් වීඩියෝ කීපයක් මට හැකි උපරිමයෙන් සිංහල භාෂාවෙන් මගේ විදියට  ලියන්න ගත්ත උත්සාහය මේ..ඔබේ අදහස් සහ තොරතුරු ඒ වගේම ලිපිය තුල අඩුපාඩුවක් වේනම් මා සමග බෙදා ගන්න 


පසු /එක්තුකිරීමක් 
සැමන් මාළුන් බෝවෙන ඇළමාර්ග 10000 කට අධික ප්‍රමාණයක් ඒ රටවල පරිසර සුරැකීමේ ආයතන මගින් හදුනාගෙන සංරක්ෂණය කරලා තියෙනවා ...

146 comments:

  1. වෙනද වගේම වටින විස්තර සහිත ලිපියක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ස්තුතී ඔයාට හැමදාමත් මගේ ලිපි කියවනවට ..

      Delete
  2. > මේක මං ඉස්සරහ දවසකදි ලියන්න හිතං හිටපු ලිපියක්නෙ... ඒ ගැන හිතේ තිබුණු නිසාමයි දැක්ක ගමන් දුවල ඇව්විත් කියෙව්වෙ... ඔමා මේ ගැන ලිව්ව එක හොඳයි.මං ලිව්වනං මෙච්චර හොඳට මට ලියන්න බෑ. නියමයි.
    > සැමන් මාළුවගෙ කතාව මගෙ හිතේ තදින්ම මුල් බැහැගත්තෙ පොඩි කාලෙ tv එකේ ගියපු ඩොකියුමන්ට්‍රියක් බලලා... රූපවාහිනී සංස්ථාවෙ වැඩසටහන් ගබඩාවෙ මේ වැඩසටහන තියෙනවා. සිංහලෙන් හඬ කවලා තියෙන්නෙ. හැබැයි ඒක ඔමා බලපු වීඩියෝවමද කියලා නං මං දන් නෑ.
    සැමන් මාළුවගෙ ජීවන චාරිකාව මට නං මාආආආරයි. අවුරුදු ගානකට පස්සෙ පරිණාමවාදයයි, ජාන විද්‍යාවයි ඉගෙන ගනිද්දි සමහර නොතේරුනු තැන් මං ලිහා ගත්තෙ කලාත්මක චිත්‍රයක් වගේ හිතේ ඇඳිලා තිබුණු සැමන් මාළුවගෙ කතාව නිසා...

    ReplyDelete
    Replies
    1. කියන ලස්සන විතරක්,, මං යු ටුබ් එකේ තිබ්බ වීඩියෝ පුළුවන් තරම් බැලුවා ...ඒ වගේම සැමන් මාළුවා ගැන පරීක්ෂණ කරපු අයගේ සයිට් වලත් තිබ්බ වීඩියෝ...ඒවා බල බල චිත්‍රයක් හිතේ මවාගෙන තමයි ලිවේ,, මට එපා වුනා රෑට නිදගත්තෙත් මාළුවා ගැන එක එක ඒවා හිත හිත ,සතියක් ගිහින් තමයි ලිවුවේ .. පස්සට කල්දාන්න එපා හිතුනම ලියන්න , පහුවෙද්දී කම්මැලි හිතෙනවා.. අපේ රටේ ඉගෙනගන්න ළමයෙක්ට මේක වැදගත් වෙන නිසයි ලීවේ.ආයේ හිතුනොත් නොලියා ඉන්න එපා මොන දෙයක් උනත්

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ගොං පාට් දාලා උබේ පොන්නකම ප්‍රදර්ශනය කරන්නෙපා.. කුණුහරුප දන්නෙ උඹ විතරක් කියල හිතන්නෙපා අනික් අය ඒව භාවිතා කලේ නැති පලියට.. තැන් තැං වල වසුරු හලල මෝඩ ආතල් ගන්නෙපා බං

      Delete
    2. මේ ටිකේම ඔහොමයි මල්ලි..ඔය ඇනෝ දාන ඔක්කොම අපේ යාලුවොමනේ...මං වගේ කෙල්ලෙක් එක්කවත් කෙලින් කතා කරන්න බැරි කම මොකක්ද ,,,. විකාර

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. උදේ පාන්දරම ඩිස්කවරි චැනල් එක බැලුවා වගේ මේක කියෙව්වහම

    ReplyDelete
    Replies
    1. ඔයා දෙයක් ලබාගත්තානම් මට සතුටුයි චාමි..

      Delete
  7. නියම ලිපියක් ඈ අක්කෙ අකුරක් නෑර ඔක්කම කියෙව්වා :)
    ඇනෝ කමෙන්ට් දාන්න දෙන්න එපා කාලන්නි රැලක් ඉන්නව කුණුහරප වපුරන :/

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්තමද ? :) // අකුරක් නෑර ඔක්කම කියෙව්වා // හි හි මන් නොදනවයි ..

      ඔව් මල්ලි, මන් සෙටින්ග්ස් හදනවා

      Delete
    2. හා දැන් බොරු කිව්ව කියලද හිතන්නෙ? :O
      ඔය සමහර මනෝ විකාර නොකියවා කමෙන්ට් කලාට ජීවිත කතා, අත්දැකීම්, ලස්සන කතා, ඉගෙනගන්න දෙයක් මම අනිවා කියෝනව බන්...

      Delete
    3. හි හි මං විහිළුවක් කලේ මල්ලි ,,, හි හි

      Delete
  8. මේකේ වලස්සුන්ගේ පැත්තෙන් විතරයි බලලා තිබ්බේ. ඒ කියන්නේ අර මාස ගානකට පස්සේ ආහාර හොයාගෙන යන එක

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,,, ඒක ගැනත් SALMON RUN කියලා වීඩියෝස් තියෙනවා ගොඩක්,, අනේ ඒ සත්තු ජිවත් වෙන දරන මහන්සියක්,,, පව් ,ඒ අතින් අපි මේ මනුස්ස ජිවිතේ ලබන්න කොච්චර වාසනාවන්තද ?..

      සැමන් මාළුවට කොච්චර විලෝපිකයෝ ඉන්නවද බලන්න ,, පුළුවන් වෙලාවක මේ වීඩියෝ බලන්න .. හරිම ලස්සනයි

      Delete
  9. සෑහෙන්න වටින ලිපියක්.නොදන්න දේවල් හුගක්ම තිබුනා.වෙලාවකව ස්වභාවධර්මය කොච්චර ලස්සන විදියට පවතිනවද කියලා හිතුනා.අක්කත් එක්ක ඇනෝලා පුදුම තරහක්නෙව තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔයත් බලන්න ඒ වීඩියෝ ,,ලිපියට වඩා වදගත් වෙයි මල්ලි,කමාරේ ඇතුලට වෙලා කොටුවෙලා ඉන්න මාව හිනස්සන එකම යාළුවා සොබාදහම .

      Delete
  10. අපුර්වී විසින් සොබ්දහමේ අපුර්වත්වය ලස්සනට විස්තර කරලා තියෙනවා. නිර්මාණ කරු කොතරම් ශේෂ්ඨ ද?

    මම නවක බ්ලොග් කරුවෙක් මගේ පළමු ලිපිය අපි කප් ගැසුවේ sex වලින් පමණද? පැමිණ කියවා අදහස් දක්කවා සහයෝගය පලකරන්න.

    ReplyDelete
    Replies
    1. මන් ලියන්න ආසම දේ තමයි පරිසරයේ සුන්දර කම ..

      මාත් අලුත් තමයි , අනේ ඔයාගේ බ්ලොග් එක දැක්ක නම් නෑවිත් ඉන්නේ නැහැ ,,
      අනිවා එන්නම්

      Delete
  11. බොහොම හොඳයි ඔමායා. බොහොම හොඳයි. ඩිස්කවරි නාලිකාවේ වැඩසටනක් තරම්ම වටිනවා. ඇලස්කාව සහ බ්‍රිතාන්‍ය කොලොම්බියාව පෙන්වන ගූගල් සිතියමකුත් දැම්මනම් ලිපිය තවත් පරිපූර්ණ වෙනවා.

    ReplyDelete
    Replies
    1. මන් එකතු කරන්නම් විචාරක තුමණි. ස්තුති ඔබට

      Delete
  12. මේ ක්‍රියාදාමය මේ වනාන්තර වල පැවැත්මට බොහෝ සේ බලපානවා. සැමන් මසුන් බහුල කාලෙට වළස්සු මාළුවාව සම්පූර්නයෙන් කන්නෙ නෑ, ඔලුව බඩවැල් ආදිය විතරයි. එහෙම කන්නේත් ගොඩට ගෙනිහින්. ඒ නිසා වෙන වෙන සත්තුන්ටත් අවස්ථාව ලැබෙනවා සැමන් මාළුවාව කන්න. එහෙම කිසිම සතෙකුට අහු නොවෙන සැමන් මාළුවන්ගේ සිරුරු පොළවට දිරාපත් වෙලා යනවා. මේ වනාන්තර ඉතා සාරවත් වෙන්නත් මේක හේතුවක් වෙනවා.

    ඔය මාලු මැරෙන්නේ ඉහලට ඉහලට යනකොට ජල පාර හීන වෙලා, අවශ්‍ය තරම් වතුර ප්‍රමාණයක් නැති නිසා කියලත් මම අහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් නේද ස්තුති තිසර .... ඒ දේවල් හරිම පුදුමයි..සැමන් මාළුවා මුහුදට ගිහින් එන්න හේතු අතරට ඒකත් අයිතිලු .

      ජලමට්ටම සමහර කාලවලට විතරයි අඩුවෙනවා කියන්නේ.. ඒත් මං දැකපු විදියට වතුර තිබුණත් එයාලට මුහුදෙන් ආවට පස්සේ කන්න බැහැ , සිරුරු වල අභ්‍යන්තර ඉන්ද්‍රින් වෙනස් වෙන නිසා . ඒ වගේම සැර වතුර පාරත් එක්ක ඉදිරියට ඇවිත් උන්ගේ ඇග ගොඩක් විඩාබර වෙනවා. පැටවූ දැම්මට පස්සේ එයාලා ලී පතුරු වගේ ඇගේ හම පවා යනවා වයසට ගිහින් මැරෙන්නේ ... ඕක මං හිතන්නෙත් අර විදියට ගස් කොළන් වලට පොස්පරස් නයිට්‍රජන් වගේ දේවල් ලැබෙන්න නිසා වෙනවා ඇති.. පොඩි වලස් පැටවූ ගොඩක් වෙලාවට පහසුවෙන් අල්ලගන්නෙත් මේ වගේ වයසට ගිය මාළු .. ඒත් අත්ලානතික් සල්මන් මාළුවා එහෙම නොමැරී නැවත නැවත එන එකයි ,, පැසිපික් මාළුවා මෙහෙම මැරෙන එකෙයි වෙනස තාමත් ප්‍රශ්නයක්

      Delete
    3. // ඕක මං හිතන්නෙත් අර විදියට ගස් කොළන් වලට පොස්පරස් නයිට්‍රජන් වගේ දේවල් ලැබෙන්න නිසා වෙනවා ඇති.//

      මොකක් හරි හොඳ දෙයක් වෙන්න ඕන "නිසා" සිද්ද වෙන දේවල් ජීව විද්‍යාවෙ නැහැ අපූර්වි. කොටින්ම තමාගේ වර්ගයා පවත්වා ගැනීම පිනිස කියල උනත් අපි පරිනාමවාදයෙදි කතාවට කිව්වට ඇත්ත මෙකැනිසම් වැඩ කරන්නෙ එහෙම නෙවෙයි. අපූර්වි මෙහෙම අදහස් දෙක තුනක් ජාන ගැනත් ලිපියක කියල තියනව දැක්කා, එවෙලේ කමෙන්ට් කරන්න වෙලාවක් තිබුනේ නෑ.

      මට දැන් ඒ ලිපිය හොයන්න වෙලාවක් නෑ, නමුත් ඔබට කියවන්න වෙලා තියනව නම් හොයා ගෙන කියවන්න The Selfish Gene සහ The Extended Phenotype කියන පොත් දෙක ඉඳගෙන. දෙකම Richard Dawkins ගෙ. ජීව විද්‍යාව ගැන ඔබ හිතන් ඉන්නා දේවල් උඩු යටිකුරු වේවි හොඳ පැත්තට.

      Delete
    4. hmmm තැන්කු මං බලන්නම් ඉදගෙන :)

      Delete
  13. උත්සහය අතිවිශිෂ්ටයි :)
    ඒ වගේම තොරතුරු හොයන්න උනු මහන්සිය බොහොම අගය කරනවා. මං දන්නවා ඔයා බොහෝම කැමති විශයක් තමයි සත්ව ලෝකය.. එහි සුන්දරත්වය අනික් අයටත් පෙන්නන්න ගන්න මේ උත්සහයට හිස නමා ආචාරය :)

    ReplyDelete
    Replies
    1. ස්තුති මල්ලි.. දවස්ගානක් ලියාගන්න පටන් ගන්න බැරුව ඉදලා ඕනේ එකක් වෙච්චදෙන් කියලා ඊයේ රෑ ලීවේ.

      Delete
  14. මේක ඩිස්කවරි හෝ නැෂනල් ජෝග්‍රෆික් එකේ බලලා තිබුණා. සිංහලෙන් කියවන අය වෙනුවෙන් මෙහෙම ඉදිරිපත් කරපු එක හොඳයි. පරිවර්තනය කෙතරම් අමාරු කාරියක්ද කියලා මම දන්නවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ස්තුතී අයියේ.. ඔව් මං කීප සැරයක් බලලා බලලා තමයි මේ විදියට හරි ලියාගත්තේ ..

      Delete
  15. හ්ම්ම්ම්ම්ම් බොහොම වටිනා විස්තරයක් නොදන්නා දෙයක් දැනගත්තා මෙහෙම ලියවුන ලිපියක් මෙවැනි මාතෘකාවක් පිලිබඳ ලියවුන පලවෙනි වතාව මෙය විය හැකියි.

    ReplyDelete
    Replies
    1. ලියන්න කලින් හෙවුවට සිංහලෙන් හම්බුනේ නම් නැහැ මල්ලි. අරුණි සපිරෝ මහත්මියගේ ෆොටෝ එකක් විතරක් තියෙනවා දැක්කා එච්චරයි .

      Delete
    2. ස්තුති මල්ලි ලිපිය කියවන්න ඔයාගේ කාලේ වෙන් කලාට

      Delete
    3. මේ අනෙක තමයි අක්කේ ඇනෝ කොමෙන්ට්ස් වාරණය කරන්න. මොකද මේ බ්ලොග් කියවන අය අතර ඉන්නවා මොලේ නොමේරු පුද්ගලයොත්. තමුන්ගේ වලත්ත කම ප්‍රදර්ශනය කරන්නේ ඇනෝ කොමෙන්ට්ස් වලින්

      Delete
    4. ඔයා වගේම හිතවත් කීපදෙනෙක් කීවා.මන් කවදාවත් හිතුවේ නැහැ මෙහෙම කරන්න ඒත් බ්ලොග් එක කියවන්න එන අනිත් අයට බාදාවක් නිසා මොඩරේසන් දැම්මා මල්ලි

      Delete
  16. ගොඩක් මහන්සියෙන් හදපු අගනා ලිපියක් පොඩිකාලේ ජාතික රුපවහිනියී සිංහල හඬ කවපු වැඩසටහනක් බැලුවා මතකයට අවා. ඉස්සර ජාතික රුපවාහිනියේ ගිය ඔය වගේ විස්තර තිබුණු තවත් වැඩසටහනක් තමයි Wild America.

    ReplyDelete
    Replies
    1. ස්තුති විශ්ව .මාත් හරි ආශාවෙන් බැලුවා සත්තු ගැන තිබ්බ වැඩසටහන්.. මෙහෙත් හැමදාම හවසට පැය දෙකක් විතර අපි බලනව NAT GEO චැනල් එක,,හිතාගන්න බැරි තරම් සුන්දර දේවල් සත්ව ලෝකේ තියෙන්නේ විශ්ව

      Delete
    2. මට මතක හැටියට ගියේ ITN එකේ වනගත ඇමරිකාව කියලා ප්‍රසන්ට් කලේ රැවුල වවපු බුවෙක්

      Delete
    3. පස්සේ වයිල්ඩ් ඒසියා කලා නේද අර ගොරෝසු කටහඩ තියෙන ඇස් ලොකු ඉන්ග්ලිෂ් නිවුස් එහෙම කියන කෙනෙක් ,,මන් ඒකත් ආසාවෙන් බැලුවා ,දැන් මෙහෙ අපි බලනවා අප්‍රිකාව ගැන ,,අම්මෝ හිතාගන්න බැරි දේවල් වෙන්නේ ඉස්සරහට ලියන්න උත්සහ කරන්නම් මල්ලි

      Delete
    4. එයාගේ නම ''මාරිස් ටෝපර්'' නේද

      Delete
    5. එයාගේ නම '' මාරිස් ටෝෆර් '' නේද

      Delete
    6. එයාගෙ නම ‘මාර්ටි ස්ටෝෆර්‘ අටං, එයා කොළේ ‘වයිල්ඩ් ඇමරිකා‘. සිරාම පොරක් තමා...

      අපූ කියන්නෙ අරූන් ඩයස් බණ්ඩාරනායක ගැන. ඇස් ලොකු, නිවුස් කිව්ව හාදයා...

      Delete
    7. @අටම් තැන්කු @ඩ්‍රැකී තැන්කු ..... ඔව් අරුන් ඩයස් තමයි හි හි

      Delete
  17. වටින විස්තරයක්... !
    මං ඩිස්කවරි වැඩසටහන් වල නං දැකලා තියෙනවා වලස්සු සැමන් මාලුන්ව ඩැහැගන්න හැටි !
    ඇයි මිනිස්සුත් කෝටු වලින් ඇන ඇන මාලු මරන්නේ

    ReplyDelete
    Replies
    1. ස්තුති මධු.
      හ්ම්ම් මාත් ඉස්සර ඉදන් දැකලා තිබ්බට ගානක් තිබුණේ නැහැ නිකමට හොයන්න හිතුනමයි දැනගත්තේ සේරම..
      මං හිතන්නේ කෝටුවෙන් ඇනලා අල්ලන්නේ එතරම් පහසුවෙන් අල්ලන්න පුළුවන් නිසා කියලා. එක ගොඩේ ගොඩක් මාළු ඉන්නවනේ ,, ඒ වගේම ඉස්සර මිනිස්සුන්ට තිබ්බ එකම මෙවලම ඕකනේ ඉතින්

      Delete
  18. මමත් මේ මාලු දැකලා තිබුනට මේ වගේ විස්තරයක් දැනන් හිටියේ නැ. නියමයි ඇත්තටම. ඔය උඩපනින සීන් එක ගැන මටත් කුතුහලයක් තිබුනා කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තුති මධාරා ..මාත් ඉස්සර දැක්කම හිතුවේ මාළු හැමදාම එහෙම එනවා ඇති වලස්සු උන්ව කනවා ඇති කියලා .. ඒත් දැන්නේ දන්නේ කතාව ,,

      Delete
  19. ඔය මාළුවා ලස්සනට හිටියට එච්චර රස නෑ,හැබැයි වලස්සුන්ට නං රස ඇති ඒකනේ හොය හොයා කන්නෙ

    ReplyDelete
    Replies
    1. අපොයි ඇත්තමද ඔය කියන්නේ ,, සල්මන් මාළුවා තමයි මේ රටේදී අපි කන රසම මාළුවා..ඔයා ඇත්තටම කාල තියෙනවද ? රතුපාට ලස්සන මසක් තියෙන්නේ

      Delete
    2. ඇත්තටම කාල තියෙනව අපි හදන ක්‍රමේ වැරැද්දද මන්ද මට නං එච්චර රසක් නෑ.

      Delete
    3. මගෙ කටට නම් කෙළත් ඉනුවා. (පෙරේත කමකට නෙමෙ ඕන් :-) )

      Delete
    4. සැමන් දකුණු මූදේත් ඉන්නවා.

      සැමන් රහයි. වැඩිය ඉදෙන්න උයන්නේ නැතුව එක පැත්ත නිකං විනාඩි දෙක ගානේ ෆ්‍රයි කරලා ගත්තම.

      Delete
    5. සමහරවිට හැම සැමන් මාළුවම රස නැතුව ඇති. විශේෂ කීපයක් ඉන්නවනේ ..රට රටවල ගිහින් තියෙන හැලප තුමා කාලා නැතුව ඇති කියලා මං කිවේ මෝඩ කතාවක් කියලා මට හිතුණා.. ඒ වගේම උයන විදියේත් ඇති මොනාහරි,, අපිත් ෆ්‍රයි කරලා තමයි කන්නේ

      Delete
    6. අනේ මන්ද....
      ඔය මාළුවා අපේ විදයට උයල කනවා ඇහැව්වමයි.
      අමුවෙන් සහ පෙති දෙපැත්ත ලාවට ෆ්‍රයි කර සලාදයක් සමග කද්දී හරිම රසයි.

      Delete
  20. "අපූර්වි පෙන්නන සොභා දහමේ අපූරුව".

    ඔයා මේ ලිපිය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා ඔමා. කරුණු ටිකයි ඒ කරැණු වලට යන ෆොටෝස් ටිකයි පෙළ ගස්වලා තියෙන විදියයි ලස්සනයි.

    ඇත්තටම තාක්ශණයෙ දියුණුවත් එක්ක අපිට සොභාදහම මොන තරම් මග හැරිලද???
    අපිට ආශාවෙන් ගහක් කොලක් මලක් දිහා බලන්න වත් වෙලාවක්, උනන්දුවක් තියෙනවද???

    ReplyDelete
    Replies
    1. නංගි ඔයා Comment Moderation දාපු එක හොදයි. බල්ලො ඇවිත් වත්ත වටේ ජරා කරත්දි ඒ එන බල්ලො එළව එළව ඉන්නවට වඩා ලේසී වත්ත වටේ වැටක් බදින එක.

      හොද හෝ නරක තමන්ගෙ නමෙන් ඇවිල්ලා කියලා යන්න බැරි ඕකුන්ට කෙල්ලෙක් එක්ක කතා කරලා ආශ්‍රය කරලා පුරුද්දක් නැති කමයි තියෙන්නෙ.
      උන් දකින්නෙ මේ ලෝකෙ ඉන්න ගෑණු ඔක්කොම උන්ගෙ උවමනා ඉටු කරන්න සැදී පැහැදී ඉන්න උන් කියලා.

      Delete
    2. ඔව් ප්‍රියා අයියේ .. කියන්න දෙයක් තියෙනවනම් කෙලින් මට කියන බැරි මොකද මගේ ඊමේල් එඩ්රස් fb ඔක්කොම ඔය තියෙන්නේ .. මන් ඔය මිනිස්සු කියන කතා ගණන් ගන්නේ නැහැ .. මන් වරදක කරලා නැහැ ඔය කියන කාටවත් ඒ නිසා ඒ ගැන හිතන්නේ නැහැ .. ඔයා වගේම හිතවත් බ්ලොග් කරුවෝ කීපදෙනෙක්ම කීව නිසා කොමෙන්ට් මෝ දැම්මේ ,, //බල්ලො ඇවිත් වත්ත වටේ ජරා කරත්දි ඒ එන බල්ලො එළව එළව ඉන්නවට වඩා ලේසී වත්ත වටේ වැටක් බදින එක.// මේක තමයි ඉතින් ,,, හි හි ..

      ස්තුති දිගු ලිපිය කියෙවුවට ..සහ නිරන්තරව දිරිමත් කරනවට

      Delete
  21. අපූරුයි අපූර්වී. මේ මාළුවෝ ගැන ඩොකියුමෙන්ට්‍රියක් බැලුවා දවසක මං හිතන්නේ ජාතික රූපවාහිනියේද කොහෙද? ඔබේ පරිවර්තනය විශිෂ්ටයි. හ්මොගෙන සිත් ගන්න විලාසයට පරිවර්තනයක් කිරීමේ හැකියාව හැමෝටම නෑ. ඒ හැක්යාව ඔබ සතුයි. සුබ පැතුම්. සුබ නව වසරක් වේවා බතලි.

    ReplyDelete
    Replies
    1. :( බතලි කීම හෙළාදකිනවා ඉදගෙන

      ස්තුති ඔයාගේ අවංක අගය කිරීමට ,මන් ලියන්න අරන් දවස් කියක් ආපහු නොලිය හිටියද ඊයේ රෑ ඕනේ එකක් වෙන්න කියලා ලියන්න ගත්තේ.. ඒ වගේම සිංහල භාෂාවෙන් සැමන් මාළුවා කියල ගහල හොයන ඕනෙම කෙනෙක්ට දැන් කියවන්න යමක් තියෙනවා ,ඒක මට ලොකු සතුටක්,, එතකොට තව ලියන්න හිතෙනවා ,, සොබාදහම කියන්නේ මගේ හොදම යාලුවා ,, හුදෙකලාව ඩිවෝස් කරලා සොබාදහම පෙම්වතා කරගත්තා

      Delete
    2. ඔව් ඉවාන් මෙයා නිකම්ම බතලි කියනවට කැමති නැ , එක් සම්පූර්ණයෙන්ම කියන්න ඉස්සරහට '' ගූ '' කියන කෑල්ලත් දාලා

      Delete
    3. ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් මිනිඔලුවා :D

      Delete
  22. සිංහල TV ඩොකියුමෙන්ට්‍රි එකක් වගේ . හැකි උපරිමයෙන් සිංහලෙන් ලිව්වා කියල කිව්වට TV ප්‍රෝග්‍රෑම් එකකට වුනත් සුදුසුයි. ඉතින් බොහොම වටිනා ලිපියක්.බොහොම ලොකු දැනුමක් ලැබුන. මේක ලියන්න වෙච්ච මහන්සිය මට හිතාගන්න පුළුවන්. මොනවා උනත් THANK YOU VERY MUCH.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ශෙහාන්, මගේ හීන අඩවිය බලන්න ආවටත් තෑන්ක්ස්..සතුටුයි

      Delete
  23. වාර්තා චිත්‍රපටයක රූප රාමු නරඹන හැගුමක් මේ ලිපිය කියවාගන යද්දී මට දැනිනි. ඉතාමත් සරල බස් වහරකින් අගනා තොරතුරු ගොන්නක් මේසේ බ්ලොග් සටහනක් ලෙස එළි දැක්විම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුති නලින් අයියේ

      Delete
  24. ඉතාලියේ ඔය මාළුවා ''සල්මෝනේ'' කියල තමා හදුන්වන්නේ...හරිම රස,ගුණයෙන් පිරි මාළු ජාති ගොඩේ තමා මෙයා ඉන්නේ.ගොඩක් පදම් කරපු සල්මෝනේ සිහින් පෙති නෝර්වේන් ගෙන්වනවා...යුරෝපයේ, නෝර්වේ සල්මෝනේ මාළුවන් හරිම ප්‍රසිද්ධියක් උසුලනවා කියලා මගේ යාළුවෙක් කිව්වා.ඒ විතරක් නෙවේ අවුරුද්දෙ වැඩි සල්ල්මෝනේ මාළු අස්වැන්නක් තියෙන කාලයට යුරොප් හවුලට අයත් රටවඉන් ශ්‍රමිකයෝ නොර්වෙට සේවය සපයනවලු.
    සල්මෝනේ කිලෝවක මිල යුරෝ 8 වගේ මුදලකට මිලදි ගන්න පුලුවන්,මේ මාළුවාගෙන් විවිධ රස කෑම ජාති හදන්නත් පුලුවන් ඕංංංංං...........

    ReplyDelete
    Replies
    1. ෂා තැන්කු අක්කේ ... ලොකු විස්තරයක් .

      Delete
    2. ඔයාලා දන්නවද, Norwegians අය salmon මලුන්ව හදන (farming) බව?

      මේ video බලන්න: http://www.youtube.com/watch?v=J3ONqWXYe18

      Delete
  25. වටිනා ලිපියක,
    ලස්සනට පිංතූර ටිකයි විස්තර ටිකයි ඉදිරිපත් කරල තියෙනවා.
    ඉගනගන්න ලමයෙකුට දෙන්න වටිනා තෑග්ගක්..
    තව තවත් මේ වගේ වටිනා දේ ලියන්න..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුති විදානේ ,, ඉගෙනගන්න අය වෙනුවෙන් තමයි ලියන්න හිතුනේ ..

      Delete
  26. පොඩි කාලේ ඩිස්කවරි චැනල් එක බැලුවට මෙලෝ මළ දානයක් තේරුනේ නෑ අ‍ෆ්ෆා :D මේ ලිපිය නං ආසාවෙන් කියෙව්වා. මුලින් ම කුතුහලයක් මතු වුණ නිසා අකුරක් නෑර අගට ම කියෙව්වා මාළුවා බිත්තර දාල ටික කාලෙකින් මැරෙන්නේ ඇයි කියලා බලන්න. සොබාදහම හරිම පුදුම යි! අපි හිතන්නේ නැති කොච්චර නං ලස්සණ දේවල් තියෙනව ද හැංගිලා?

    අපූර්වී අක්කට සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එකනේ ධාරා මෙච්චර ශක්තිමත් සොබාදහම එක්කනේ මේ මිනිස්සු ඔට්ටු වෙන්න හදන්නේ ,, සත්තු කොච්චර ල්සසනට සොබාදහමට අනුව ජිවත්වෙනවද ..

      ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් නංගි

      Delete
  27. හැමදාමත් වගේ අදත් ලිපිය උපරිමයෙන්ම රසවින්දා මම.

    ඔමා මෙතන තවත් වැදගත් පොයින්ට් එකක් තමයි මම ඉගෙන ගත්තු විදියට ඔය මාලුවො බිත්තර දාන්න යන්නෙ එයාල ඇති දැඩි වුන මිරිදිය දිය පාරවල් හොයාගෙන. සැමන් මාලු වගේම ආඳා වගේ මාලුත් ඔය චර්යා රටාව පෙන්වනව. ඉතින් මේ දුෂ්කර චාරිකාවෙන් පස්සෙ එයාල දැඩි වෙච්ච දිය පාර හොයාගන්ට බැරි වුනොත් ඒ මාලු බොහෝවිට බිත්තර දාන්නෙ නැතිලු.

    හිතන්න කාලයත් එක්ක යම් පලාතක තිවුන ස්වාභාවික දියපාරවල් ගොඩකරලා එතන කර්මාන්තශාලාවක් හෝ වෙනත් ඉදිකිරීමක් ගොඩනැගුවොත්.... අන්න ඒ වාගෙ වෙලාවට මේ මාලු බිත්තර දාන එක ගොඩක්ම අවම වෙනවා, නැත්නම් බිත්තර දාන්නෙම නැහැ. එතෝට මෙයාලගෙ ගහණය විශාල වශයෙන් අඩු වෙලා යනවා.

    ජීවිතේ රැක ගන්න මේ තරම් සටනක් කරන මේ ලස්සන මාලු වඳ වෙලා යන එක නවත්වා ගන්න එකත් අපි හැමෝගෙම යුතුකමක් නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වගේ හිතු මනාපෙට වැලි ගොඩ දාගෙන,ගොඩනැගිලි හිතු මතේ හදන දේශපාලුවෝ ඒ රටවල නැහැ බස්සි.

      Delete

    2. //මේ දුෂ්කර චාරිකාවෙන් පස්සෙ එයාල දැඩි වෙච්ච දිය පාර හොයාගන්ට බැරි වුනොත් ඒ මාලු බොහෝවිට බිත්තර දාන්නෙ නැතිලු.// කලාතුරකින් වෙනවා ඇති ඒත් ඒ මාළු මේ ගමන එන්නේ තමන්ගේ උවමනාවට නෙමේ ඒ වගේම එයාලා පාර හොයාගන්න ක්‍රමය තාමත් මිනිස්සුන්ට හරියටම හොයාගන්න බැහැ.
      //සැමන් මාළුවා විදියට මුහුදේ ඉදලා ඇවිත් බිත්තර දාන එකට කියන්නෙ anadromous fish migration pattern කියල . .ඒ වගේම බස්සියේ ආඳ කරන්නේ ඕකේ අනිත් පැත්ත. ගඟේ ඉඳල මුහුදට ඇවිත් බිත්තර දානවා..ඊට පස්සේ පැටවු ගඟ දිගේ ඉහලට යනවා ඒකට කියන්නෙ catadromous fish migration pattern කියල. තව ඒ වගේ මාළු වර්ග ඉන්නවා.
      ඔය migration patterns දෙක තියන මාලු ඉන්න රටවල උං ගමන් කරන ගංගා ඇල මාර්ග ඒ රටවල් වල වගකිව යුතු ආයතන වලින් හදුනාගෙන සංරක්ෂණය කරලා තියෙන්නේ..ඒ වගේ ගංගා හරහ වේලි බඳිනව නං . . ඒ වේලි වල පැත්තකින් හදනව වතුර ගලන පඩි පෙලක්.. මං ලින්ක් එකක් දාලා තියෙනවා පෝස්ට් එකක් . . ඒ මාලුන්ට යන්න පුළුවන් වෙන්න .
      ///එතන කර්මාන්තශාලාවක් හෝ වෙනත් ඉදිකිරීමක් ගොඩනැගුවොත්.../// අපේ රටේ වගේ දේශපාලකයන්ට ඕනේ ඕනේ විදියට ඒවා කරන්න බැහැ ඒ රටවල් වල .. ඒ සම්බන්ධ නීති රීති තදයි වගේම මිනිස්සුත් ඒ වට ගරු කරනවා ...
      සැමන් මාළුවා බිත්තර දාන ඇළමාර්ග 10000 ක් බ්‍රිටිෂ් කොලොම්බියා ආශ්‍රිත ප්‍රදේශයේ හදුනාගෙන සංරක්ෂනය කරලා තියෙනවා ..

      ඔව් බස්සියේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ තවමත් සොබාදහමට එරෙහිවෙලා අපිට ඉස්සරහට යන්න බැරිබව

      Delete
    3. ඉස්සෙල්ල කොමෙන්ට් එක ඩිලීට් කලේ ටයිප් කරලා දැම්මට පස්සේ දැක්කේ වචන මාරුවෙලා ,

      ඒ වගේම තැන්කු බස්සියේ මගේ ලිපි කියෝනවට

      Delete
  28. හැම අවුරුද්දෙම මාළු එනවලු .. අවුරුදු 5ක් ගිහින්ලු බිත්තර දාන්නේ ඉතින් වයස අඩු අය ඒ එක්ක කලවමට එන්නේ නැද්ද

    sadun

    ReplyDelete
    Replies
    1. නැහැ sadun සැමන් මාළුවා මේ හැමදෙයක්ම කරන්නේ තමන්ගේ ශරීරය තමන්ව මෙහෙයවන විදියට ..එයා හිතලා මාළු රංචු යන පස්සේ ගිහින් නෙමේ ,,, සැමන් මාළුවා කියන්නේ ඒ වැසි වනාන්තර වල විශාල පරිසර පද්ධතියකට ජිවය දෙන සොබාදහමේ මහිමයක්,, එයාලා ඒ ඒ කාලසීමාව අනුව තමයි හැමදේම කරන්නේ .. මුහුදට ඇවිත් මාස කීපයක් වෙද්දී තව තමන්ට වඩා වැඩිමල් සැමන් රංචු හම්බුනාට එයාලා යන්නේ නැහැ,, එයාලා සාගරයෙන් පිටවෙන්නේ බිත්තර දාන්න අවශ්‍යතාව ආවම,, ඒක හරිම පුදුමයි

      Delete
  29. සෑහෙන්න විස්තර ටිකක් හොයාගෙන මහන්සි වෙලා ලියපු ලිපියක්නේ.. වටිනවා වගේම අගය කරනවා ඔන්න..

    ReplyDelete
  30. ඩිස්කවරි එකෙන් රුප රාමු බලලා තිබ්බා අද තමයි කතාව තේරුම් ගත්තේ...

    සුබ නව මෙවුවා එකක් වේවා ඉදගෙනම.............

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා ආචාර්‍ය තුමෝ

      Delete
  31. කියන්න දෙයක් තියෙනවා මුහුදු වතුර ආම්ලික නැහැ.භාෂ්මිකයි.මුහුදේ සල්ෆියුරික් නැවත් ගිළුනත් මුකුත් වෙන්නේ නැහැ.ඒ තරම් භාෂිමිකයි. අපි විද්‍යාගාරයේදී මුහුදු වතුරේ භාෂ්මිකතාවය මනින්නේ දන්නා සාන්ද්‍රණයකින් යුත් සානද්‍ර අම්ල පරිමාවක් එකතු කරලා ඊට පස්සෙයි අනුමාපනය කරන්නේ .
    සැමන්ලා කෘතිමව අභිජනන කරන්න පුළුවන් නෝර්‍ර්වේ සවීඩන් වල කරනවා.හෝමෝන ප්‍රතිකාර ගබා දීගා.
    අපි සැමන් කියලා කන්නේ සැමන් නෙමේ බොල්ලෝ හරි ලින්නේ විරයි . සාඩින් කයල ාකන්නේ සාලයින්ව.
    ඇත්තටම අපි පොඩි කාලේ කෑව ටින්මාළු රහ දැන් නැහැ.ඒවා ඉතා ප්‍රණතියි.
    මම හිතන්නේ මට වඩා කල් මේ ලොකේ හිටපු හැලප හරි චිචාරක හරි මේක සතළ්‍ය බවට තහවුරු කරයි.

    ReplyDelete
    Replies
    1. මං කතා කලේ මුහුදේ තියෙන ph අගය නුසුදුසු නිසා සහ එහි අධික ලවණ ප්‍රතිශතය සහ ආමලිකතාව මාළු බිත්තර වලට නුසුදුසු නිසා ඉතාම පිරිසිදු වතුර තියෙන දියපාරවල් වලට යනවා කියන එක .. ඒ වගේම ඔවුන් එහෙම යන්න සැලැස්වීම වටායි විශාල පරිසර පද්දතියකට ජීවයක් ලැබෙන්නේ ,,, මුහුදු ජලයේ මාළු ඕනේතරම් බිත්තර දාන්නේ , ඒත් පැසිෆික් සල්මන් එහෙම නැහැ..ඒ ලෙවල් විද්‍යා පාඩම් ගැන කතා කරන්න තරම් දෙයක් නෙමේ ඒක..

      ///සැමන්ලා කෘතිමව අභිජනන කරන්න පුළුවන් නෝර්‍ර්වේ සවීඩන් වල කරනවා.හෝමෝන ප්‍රතිකාර ගබා දීගා.// මේ දේවල් ගැන සදහන් නොකළේ මා කතා කලේ salmon මාළුවාගේ ජීවිතය සහ පරිසරය ගැන...නළදරු උපත් සිදු කරන කාලේ සැමන් මාළුවෙක් කියන්නේ සාමාන්ය් දෙයක්නේ
      හැලප තුමා නම කාලා ඇති එතුමා කෑම වර්ග ගැන දන්නවා ලියන පෝස්ට් කියවද්දිත් කටට කෙල උනනවා
      .

      Delete
    2. //බොල්ලෝ හරි ලින්නේ//

      ''සල්මෝනේ''

      ඔය ඔක්කොමලා මැකරල් කියන ජාතියටද අයිති වෙන්නේ

      මටත් මතකයි මම පංචි කාලේ ටින්මාලු මීට වඩා රසයි තමා , සාඩින් , සැමන් කියන වචන දෙකම පාවිච්චි කරන්නේ මිනිස්සු ඇත්තටම ඒ වර්ග දෙකට වෙනමම නෙමෙයි නේද , ඒ වචන දෙකම නිකම්ම ටින්මාළු වලට භාවිතා කරන වචන නේද

      Delete
    3. මාත් හිතන්නේ එහෙම අයියේ ,, ඔය මාළුවා සැමන් කියලා සිංහලෙන් කියන්නේ salmon නිසානේ ...මං හිතන්නේ සැමන් කියලා අපි කන ටින්මාළු වල තියෙන්නේ වෙන වෙන මාළු

      Delete
  32. discovery channel එකේ බලලා තිබ්බට මෙච්චර විස්තර දැන ගත්තේ අද! සොබාදහම හරිම පුදුමාකාරයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි අපිට පාරාද කරන්න බැරි එකම කෙනා තමයි සොබාදහම

      Delete
  33. සෑහෙන කරුණු එකතු කරලා ලියපු ගොඩක් වැදගත් ලිපියක්... සැමන් මාළුවාට කරදියේ වගේම මිරිදියෙත් ඉන්න පුළුවන් කියල දැනගත්තේ අද..
    anyway, සුභ නව වසරක් වේවා අක්කේ... :)

    ReplyDelete
    Replies
    1. ස්තුති අශාන් ...මට සතුටුයි ඔයාලා පුංචි දෙයක් හෝ ගත්තනම්

      Delete
    2. සුබ අලුත් අවුරුද්දක් මල්ලි

      Delete
  34. නව වසරට පෙර ලැබුනු විවේකයේදී කිසිම කම්මැලි කමක් නැතුව මුල සිට අගට එක හුස්මටම කියෙව්වා...බොහෝ දෙනෙකුට කියවන්නාට විඩාවක් ඇති නොවන ලෙස දිගු ලිපියක් ලියන්න හැකියාව නෑ. එහෙත් ඔමායා මෙතැනදි ඒ කාරණේ ඉතා හොදින් ජය ගෙන තිබෙනවා....අතිසාර්ථක ලිපියක්...සැමන් මත්සයා ගැන නොදත් බොහෝ දේ ඉතා සරළව ඔබ විස්තර කර තිබෙන ආකාරය අපූරුයි....දිගින් දිගටම මෙවැනි ලිපි ලියන්නේ නම් ඉතාම කැමතියි...ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ... සතුටුයි ඔයාට දෙයක් ලබාගන්න පුළුවන් උන එක ගැන සුබ අලුත් අවුරුද්දක්

      Delete
  35. කටු කොහොල් මැදින් තමන්නෙ ජීවන චාරිකාව උන් අවසන් කරන අයුරු නං අපූරුයි.. මං මේ කල්පනා කලේ අපේ මිනිස්සුන්නෙ බඩේ සැමන්ල කී දෙනෙක් සොහොන් වෙලා ඇද්ද කියල එහෙම බලනකොට සත්ත හිමිකං අරව මේව ගැන කතා කරන කී දෙනෙක් බොරු පලනවද කියල හිතෙනව. ස් තුතියි මේ දීල තියෙන තොරතුරු වලට මේව අපිටත් වඩා හුගක් ප්‍රෙයෝජං වෙන්නෙ තාම ඉක්කෝලෙ කුර ගාන හිච්චි ඈයන්ට.. ඔයා කරල තියෙන දේ නං වටිනව. වැඩම බදාන ඉන්නව මිසක් අපිට මේ වගේ දෙයක් කියවන්න වෙන්නෙ කලාතුරකින් ස්තුතියි ඔයාට

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහස් බෙදාගැනීමට ... ඔබේ ලිපිත් මන් කැමැත්තෙන් කියවන්නේ ,, සොබාදහමෙන් ඈත්වෙලා අපිට යන්න අතක් නැහැ මහේෂ් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  36. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  37. ඔන්න දගලලා දගලලා ඵේජ් එක ලෝඩ් කරගත්තා , ඒත් ගූගල් ක්‍රෙම් වලින් නෙමෙයි ෆයර් පොක්ස් වලින්

    ReplyDelete
    Replies
    1. මං ඔයා නිසා අර ගැජට් අයින් කළා මොකක් හරි සින් එකක් තියෙනවා අයියේ අනේ මන්ද ,, අපි ගමුද අලුත් LCD මොනිටරයක් ඕක අයින් කරලා :) නංගිට පෙන්නුවද මේක මාළු පැටවූ

      Delete
  38. ෂානා තෝවා මෝතෙක්....

    සැමන් මාළු ඔහේ ඉන්න කොට ඇති තරම් කෑවා.. පුදුම රහක්නේ තියෙන්නේ.. ඒත් ගාන තමයි දිරවන්නෙ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. තොදා මාමී :D ක්හග් සමයක්හ් ...

      ඔව් මං සීයට බොරුවට කීවා මුන් කාපුවම ආයුෂ වැඩිවෙනවා කියලා දැන් ගේන්නේ දිගටම එවුවා සීයා මැරෙන්න බයයි ... කොහොමද ටිකිලි මොලේ

      Delete
    2. මිනිස්සුන්ගේ මරන බය ඔහොම බඩජාරිකමට බැලන්ස් කරන්ඩ එපා යකෝ

      Delete
    3. කෙල්ලට පෙන්නුවා , ලියාපු එකිවත් පෙන්නුවා

      Delete
  39. අපුරුයි අපුර්වී මාත් ගොඩක් ආස දෙයක් තමා සොබාදහම ගැන හොයන එක විශේෂයෙන් කුරුල්ලෝ සහ මාළු ගැන මේ වගේ තව ලිපි දාන්න කියල ඉල්ලනවා වගේම සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ස්තුති ෂැගියෝ ලියන්නම්කො පුළුවන් වෙන හැමවෙලාවකම .. ස්තුති මේ පැත්තේ ආවට .. සුබ නව වසරක් වේවා

      Delete
  40. ෆට්ට වටිනා තොරුතුරු ටිකක් හරිම වටිනවා

    ReplyDelete
    Replies
    1. තැන්කු සචි සතුටුයි ඔයාලා ආසාවෙන් කියෝලා දෙයක් ඉගෙන ගත්ත කියලා ඇහෙද්දී .. සුබ අලුත් අවුරුද්දක් ඔයාට

      Delete
  41. අපූර්වී | හරි අපූරුවට පෙලගස්ලා තියනවා දිගටම ලියන්න.. ජයවේවා........!!

    ReplyDelete
    Replies
    1. ස්තුති දිල්නුවන් ඔබටත් ජයෙන් ජය

      Delete
  42. ටිකක් පරක්කු වෙලා උනත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ගොඩක් වටින් විස්තරයක්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුති පික්සු දෙයියෝ ....අදහස් බෙදාගත්තට thanks

      Delete
  43. ඇත්තටම මේ ලිපිය කියෙව්ව මට පරිසරයේ සුන්තරත්වය කෙතරම් අපුරුද මේ ලෝකය කොතරම් නම් සුන්දරද කියල දැනගත්තෙමි.මේ මාළුවා ගැන දැන ගත්තෙත් ඔයාගේ අපුරුවූ මේ බ්ලොගය කියවද්දී,ඔබ කෙතරම් සුන්දර ලේකිකවක්ද ?ඔබ ඔබට අවේනික කර ගෙන ඔබේ හැම ලිපියක්ම ලියනවා .,මන් සුබ පටහනව ඔයාගේ අනාගත නිර්මාණ මේ ලිපි ත්ව තවත් සුන්දර කරගෙන අපිට විදිනට හැකි නිර්මාණ කිරීමට ඔබට ශකිතිය දහිර්ය ලැබේව කියල ඔබ හරි සුන්දර නිර්මාණ සහලි සුන්දර තැනැත්තියක්,ආදරේ ගැන ඔබ ලියපු ලිපියෙත් ආදරේ ඇති නියම ස්වභාවය සුන්දරත් වය හරි අපුරුවට නිර්මාණය කර ට්යෙනවා ,කවද හො ඔබට ආදරේ කරන ඔබ ආදරේ කරන කෙනෙක් ඉන්න ව නම් ඔහු කෙතරම් වසනවන්තතද සහ ඔහු සුන්දර ප්‍රේමවන්තයෙක් වේ වී ,,,,"""ඔබට ජය වේවා ඔමයා මෙනවිය ,,,,,!!!!!!!"""" ___රසිකයෙක්___

    ReplyDelete
    Replies
    1. ස්තුති ඔබට දිගටම රැදිලා ඉන්න,.. හැකි වෙලාවට අදහස් බෙදා ගන්න

      Delete
  44. ලස්සන ලිපියක් මේ වගේ ලිපිම දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුති මහත්මයා..මන් උත්සහා කරනවා දිගටම ලියන්න

      Delete
  45. හඳුනාගැනීම සතුටකි... ලස්සන ලිපියක්.... ඔබට ලැබුවා වූ 2014 නව වසර සුබ නව වසරක් වේවා.... ශ්‍රී දළදා සමිඳු පිහිටයි.....!

    ReplyDelete
    Replies
    1. ස්තුති අදහස් බෙදාගැනීම ගැන ...ඔබටත් මේ වසර සුබ වේවා , වාසනාවන්ත වේවා

      Delete
  46. 1996-1998 කාලෙ රූපවාහිනියෙ ඩිස්කවරි චැනල් පෙන්නුවා. ඒ කාලෙ සැමන් ගැන වෙනම ඇඩ් එකක් වගේ කෙටි වැඩසටහනක් නිතරම දානවා. අපූගෙ පෝස්ටුව කියවද්දි මට මතක් උනේ ඒක.

    සැමන් රන් එක ගැන ඩිස්නි ‘බ්‍රදර් බෙයා‘ ෆිල්ම් එකෙත් පෙන්නනවා.

    ස්තූතියි වටිනා විස්තරයට අපූ. දිගටම ලියමු. මේ වගේ වටිනා දෙයක් බ්ලොග් එකක දකින්න ලැබීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති ඩ්‍රැකී .. ඔය කාලේ අපි 3 4 වගේ වසරේ මං හිතන්නේ .. මාත් මේ දේවල් වෙන වෙනම දැකලා තිබ්බට මේ වගේ කතාවක් ගැන දැනගෙන හිටියේ නැහැ ,,අහම්බෙන් වගේ එකිනෙකට සම්බන්ද වීඩියෝ කීපයක් දකිද්දී අදහසක් ආවේ තව තව හොයාන්න ,, සොබාදහම ගැන තමයි මන් ලියන්න කැමතිම විෂය ,,ස්තුති ඔබේ අවංක අදහස් බෙදාගැනීමට

      Delete
  47. වටිනා ලිපියක්. පරක්කු වෙලා හරි කියවන්න ලැබීම සතුටක්. දිගටම මෙවැනි දේවල් ලියන්න.
    ඔබට සුබ නව වසර වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රසන්න කාලෙකින් ඔයාව දැක්කේ මං ඔබටත් එසේම වේවා

      Delete
  48. මට මතක් වුනේ Salmon Fishing in the Yemen කියන චිත්‍රපටිය... තමන්ගේ හීන ජයගන්න උඩුගං බලා පීනන්න ලෑස්ති මිනිස්සු ගැන ඒකෙත් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තුති beetle මන් ලින්ක් එක හරහා ගිහින් බැලුවා ස්තුති,,

      Delete
  49. පලියට අනුව, මුලම ඡේදයකදෛ සල්මන් කියලා ලියවිලා තියෙනවා හැර වෙන අඩුපාඩුවක් මම දැක්කේ නෑ. මේක ලස්සනට ලියලා තියෙනවා. මමත් සැමන් මාලුවගේ මේ ගමන ගැන එක්කෝ ඩිස්කවරි චැනල් එකේ නැතිනම් නැට්ජියෝ එකේ කාලෙකට කලික් බලලා තියෙන බව මතක් වුනා.
    ඔබට සුභ 2014ක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති හෙන්රි අයියේ....ඊශ්‍රායල් වල කියන්නේ ඒ විදියට ඒ නිසා මට ලියවිලා වෙන්න ඕනේ,, එක හුස්මට ලියලා දැම්මේ පෝස්ට් එක අඩුපාඩු බැලුවේ නැහැ ..natgeo වල එහෙන් මෙහෙන් දැකලා තමයි මටත් ආසාව ආවේ ..ඔයාටත් මේ වසර වාසනාවන්ත ජයග්‍රාහි වසරක්ම වේවා

      Delete
  50. බොහොම හොඳ විස්තරයක් ලියලා තියනවා. ගොඩක් ස්තුති නංගෝ මේ වගේ දේවල් අපිට කියවන්න ලියන නිසා. ගොඩක් ස්තුතියි.

    http://www.youtube.com/watch?v=MTbxOFcvC4U
    Salmon Confidential Documentary 2013 British Columbia
    ඔන්න ඔකේ ගොඩක් විස්තර තියනවා, පුළුවන් නම් තව එකක් හදන්න.

    ReplyDelete
    Replies
    1. තැන්කු ඩොක් අයියේ ..ඒ වීඩියෝ එක මං දැක්කේ නැහැ ,, රජයේ මැදිහත්වීම් ගැන වෙන වීඩියෝ එකක් බැලුවා .. තැන්කු ලින්ක් එකට

      Delete
  51. ඔව් ස්වභාවධර්මය සූක්ෂමයි...

    වෙනස් ලිපියක්. සවිස්තරාත්මකයි

    ReplyDelete
  52. සැමන් කියන්නේ මාළු අතර ඉන්න රසවත්ම මාළු වර්ගයක්. බේක් කිරීමත් ග්‍රිල් කිරීමත් තමයි වඩාත්ම සුදුසු. ස්මෝක් සැමන් හොඳ ඇපිටයිසර් එකක්. පින්ක් සැමන් සහ රෙඩ් සැමන් වර්ග දෙක අතුරින් රෙඩ් සැමන් මිළ අධිකයි.

    salmon farms තියෙනවා . ඒවා තමයි මාකට් එකේ අපිට ගන්න තියෙන්නේ. අනිත් ඒවා ඉහල මිළක් වෙනවා. කිලෝ එකක් පවුම් 75-80ක් වෙනවා.

    වටිනා ලිපියක්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ තොරතුරු වලට ,, අපි කන්නේ ග්‍රිල් කරලා තමයි ආසයි මතක් වෙද්දීත්

      Delete
    2. 75-80 ක් හත් දෙයියනේ අරු අයියේ ඒ ගානට අපිට මාසයක් ආරි අංකල්ගෙන් මාළු කතහැකි

      Delete
    3. ඒකනේ අටමෝ කියන්නේ....මම ඕවා දන්නේ මගේ රැකියාව නිසා. මට මතක් වෙනවා අපේ අම්මා කරවල කටු 100 ගෙනල්ලා හොද්ද හදපු හැටි. අපි හරියට කටු කාපු එවුන් අටම්.

      Delete
    4. එක දිගට මාසයක් විතර

      කොහිල අල දවල්ට
      කොහිල දලු රැට

      කොහොමද එහෙම කනකොට ආතල් එක අයියේ

      Delete
    5. ඕවා ඔහොම තමයි බං.

      Delete
  53. හොඳ ලිපියක්. සුළු සුළු අඩුපාඩු තියෙනවා.
    1. salmon run කියන්නෙ වලස්සු මාලු දඩයමට යන එක නොවේ. සැමන් මාලුවාගෙ ඔය ගමනයි.
    2. වලස්සු ශිශිරතරණයට පෙර අවශ්‍ය ශක්තිය ගබඩා කර ගැනීම තමයි ඔය කරන්නෙ. salmon run එක අඩුනම් වලසුන්ට නින්දේදීම මියයන්නට සිදුවේවි.
    3. pacific salmon ඉන්නේ ඇලස්කාවෙ සහ බ්‍රිටිෂ් කොලොම්බියාවෙ පමණක් නොවේ. රුසියාවෙ Kamchatka සහ තවත් ප්‍රදේශවලත් ඉන්නවා.

    @ අටමා.
    නියම ජෝන් වෙස්ට් සැමන් තවමත් තියෙනවා. නමුත් අද ලංකාවෙ සාමාන්‍ය ව්‍යවහාරයෙ තියන 'සැමන්'
    කියලා මුලින්ම ආවෙ චිලී රටෙන් ජැක් මැකරල්. නමුත් අද මිළ වැඩි නිසා ලංකාවෙ බොහොමයක් දෙනාට කන්න ලැබෙන්නෙ චීනයෙන් ගෙනා මළ ජරාව pilchards වැනි බාල මාලු. තවමත් ජැක් මැකරල් එන්නෙ ඩයමන්ඩ් සහ කැප්ටන් වෙළඳ නාමයන් ගෙන් පමණයි. ඒවාත් සීමිතව . ඒ එන්නෙත් චිලියෙන් නොවෙයි පීරු වලින්.
    කොහොමද ආශ්චර්යය.

    ReplyDelete
    Replies
    1. මගේ මෝඩ කමෙන්ට් ඔක්කොම ස්පෑම් කළා.
      ස්තුතී මාව නිවැරදි කලාට. මං ඒ කොටස එඩිට් කළා. ඒ වගේම පැසිෆික් සැමන් බහුල වශයෙන් ජිවත් වෙන්නේ බ්‍රිටිෂ් කොලොම්බියා ,ඇලස්කා අවට ප්‍රදේශයේ නිසයි ඒ විදියට ලිවේ, ස්තුති තොරතුරට. ඒ වගේම මට අවශ්‍ය වුණේ, සැමන් මාළුවාගේ ජීවිතය ගැන සඳහන් කරන්න, සොබාදහමේ අපි නොදන්න ලස්සන දේවල් තියෙන බව සහ ඒ වයේ අපුර්වත්වය ගැන හිතන්න ,හොයන්න කියවන අයගේ කැමැත්ත ඇති කරන්න. මගේ තියෙන කලහකාරී ස්වභාවය සහ, අකීකරු ස්වභාවය සමාවෙන්න. .

      Delete
    2. @ ඔමා.......මම මේ සංවාදය දිහා බලන් හිටියේ. ඔබ මේ දැන් දැමු කමෙන්ට් එකත් ,යමක් තේරුම්ගෙන එහි වරද පිලිගැනීමත්, වරද පෙන්වා දුන් කෙනා ප්‍රශංසා කිරීමත් යන ඔබේ මහඟු ගුණයට මම වැඩිහිටියෙක් ලෙස ඔබට ගරු කරනවා. මේ ගුණය තව තවත් දියුණු කරන්න. අපි හැමෝගෙම අතින් වැරදි වෙනවා. විශිෂ්ඨයි!!

      ඇනෝටත් ගරු කල යුතුයි, මේවා නිවැරදි කිරීම සහ පහදාදීම ගැන.

      Delete
    3. ස්තුතී එදා ඉදලා අපි ගැන හොයාබලනවට..

      Delete
  54. //තවමත් ජැක් මැකරල් එන්නෙ ඩයමන්ඩ් සහ කැප්ටන් වෙළඳ නාමයන් ගෙන් පමණයි. ඒවාත් සීමිතව . ඒ එන්නෙත් චිලියෙන් නොවෙයි පීරු වලින්.
    කොහොමද ආශ්චර්යය.//

    එහෙනං කාරනාව නොදැන හරි මම හරිදේ ඇරගන තියනව , මම ගන්නෙත් ඔය වර්ගදෙක විතරයි , ඔයින් ටින් දෙකක් ගන්න සල්ලි වලට ගණන් අඩු එව්වා තුනක් ගන්න පුළුවන් ,

    මම හරිම ආසයි සැමන් (අමුවට ) සම්බෝල හදල කන්න

    ReplyDelete
    Replies
    1. Maath asai. Eth rathupata saman malu thelata hadala kaddi mara rasai

      Delete
  55. ගොඩක් මහන්සි වෙලා හැඩයි වගේ අපූර්වි
    ඇත්තටම මේ මාළුවා ගැන ගොඩක් විස්තර නෑ තමයි

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...