Friday, January 31, 2014

බෝල් ගාඩ් එක ඔලුවෙන් ගැලවීම "minor than ego"


එල්ලේ ගහද්දි එක පිට තුන් වතාවක් බෝලේ පිත්තේ නොවැදුනොත්  අවුට් ,, ක්‍රිකට් ගහද්දි කී පාරක් නොවැදුනත් අවුට් නැහැ ,,,

බැලේටර් වලදී බිම වැටිලා ඉද්දි පයින් පාගන්න සහ සුෂුම්නාවට පහර දෙන්න බැහැ ඒ වගේම බෝල් ගාර්ඩ් අනිවාර්යයි ,,,ඒත් රෙස්ලින් වලදී මේසයක් , පුටුවක් ,මිටියක් ගෙනත් පහර දෙන්නත් සුෂුම්නාවට නෙමේ ඕනේ තැනකට පහර දෙන්න පුළුවන්(රෙස්ලින් නම් බොරුවක්නේ) ,,,,

බැලේටර් වලදී අතේ අල්ල සහ ඇගිලිවල දෙවැනි පුරුක වගේ වෙනකල් විතරක් තදට අත්වැසුම් වලින් ආවරණය කරන්නේ. ඒත් බොක්සින් වලදී මැණික් කටුවෙන් පහළ මුළු අතම ආවරණය කරනවා . ඒ වගේම බිම වැටුණාම පෙරලගෙන පහර දෙන්නේ නැහැ බොක්සින් වල .ඒත් බැලේටර් වලදී බිම දාගෙන මුණෙන් ලේ වැක්කෙරෙනකල් ගහන්න පුළුවන්.  

වොලි බෝල් වලදී බෝලෙට අතින් ගහන්නේ ෆුට් බෝල් වලදී කකුලෙන් ගහන්නේ ෆුට් බෝල් ගහද්දි බෝලෙට අතින් ගහන්න බැහැ..නෙට් බෝල් -බාස්කට් බෝල් ක්‍රීඩා දෙකෙත් ඒ වගේ තමයි .දෙකම බෝලේ උඩ තියෙන ගෝල් කණුවකට දානවා උණත් ක්‍රීඩා විලාසයන් වෙනස් 

මේ වගේ එක හා සමාන ක්‍රීඩා වලදී තරග නීති රීති වෙනස් ,,,  ඒ ඒ තරගය අනුව මිනිස්සු තරගයේ නීති රීති අනුව ක්‍රීඩා කරනවා ,, 

ඒ වගේම ,, බැලේටර් වල සෙල්ලම් කරන අය ,, දැන් රෙස්ලින් වල සෙල්ලම් කරනවා ,,, (tito ortiz , rampage jackson වගේ අය) එයාලා ඒ වෙලාවට ඒ තරගයට අදාළ විදියට සෙල්ලම් කරනවා ,,, එකම කෙනා ඒත් ක්‍රීඩාවේ නීති රීතී පටලවගන්නේ නැහැ ,,,නරඹන්නොත් එහෙමයි කොච්චර ක්‍රීඩා වර්ග නැරඹුවත් පටලගන්නේ නැහැ. 

Monday, January 27, 2014

සමතැන සොයා නිසිතැනින් පලා යමුද

මා අප්‍රිය කරන ෆොටෝවක් 

පහුගිය ටිකේම කාන්තා අයිතීන්  ගැන ලිවෙච්ච අමුතු තාලේ ලිපි කියවන්න හම්බුණා. එවුවා වල තියෙන දේවල් දැක්කම බයත් හිතෙනවා..ඒ වගේම කාන්තාව අරගල කරලා නිසි තැන, සමතැන දිනාගන්න ඕනෙලු."ප්‍රොයිඩියානු සංකල්ප" "බටහිර ගැහැණිය" "කාන්තා අරගල" අනේ මට නම් තේරෙන්නේ නැහැ ඔවුවා. මාත් කාන්තාවක් නිසා මට තේරෙන භාෂාවෙන් මගේ වයසේ හැටියට සහ කල්පනාවේ මට්ටමට කාන්තාව ,නිසි තැන, සමතැන වගේ දේවල් ගැන ලියන්න හිතුණා. මට බටහිර ගැහැනියගෙන් සහ අරාබි ගැහැනියගෙන් වැඩක් නැහැ ඒ නිසා මං ලියන්නේ මගේ අදහස මගේ රටේ සිංහල ගැහැණිය ගැන.

කාන්තාවගේ භූමිකාව මොකක්ද?

නිසිතැන/සමතැන මේ මොනවද ?

කාන්තාවට සමතැන අවශ්‍යද ?

නිසි තැන ගන්න අරගල කරන්න ඕනෙද?

කාන්තාවක් සතුවිය යුතු ගුණාංග මොනවාද?

පිරිමියාගේ පැත්තෙන් බලපෑම මොකක්ද ? 

' බේබදුකම සහ නුගත්කම '
අපේ ජිවන චක්කරේ 
කාන්තාව ගැන අර්ථ දැක්වීම් ලියන්න අවශ්‍ය නැහැනේ එක එක්කෙනා බරසාර වචන වලින් අර්ථදැක්වීම් කරලා තියෙනවනේ ඕනේ තරම්..මං කල්පනා කලේ අපි මොන විදියෙන් හරි පිරිමින් සහ ගැහැණුන් විදියට මේ ලෝකේ ජාති දෙකකින් ඉන්නවා.අපි දෙගොල්ලන්ම එකම අමුද්‍රව්‍ය වලින් හැදිච්ච අය හැඩයෙන් සහ අවයව කීපයකින් විතරයි රූපෙන් වෙනස් වෙන්නේ. ඒත් ශරීරයට එහා ගියපු මොකක්දෝ දෙයක් නිසා අපි ගැහැණු පිරිමි කියලා වෙන් වෙනවා..අපිව මවපු මැවුම්කාර දෙවියන් හෝ සොබාදහම මෙහෙම කරන්න අත්තේ යම් හේතුවක් ඇතුවනේ.එක්කෝ අර සමහර ගස් වගේ ද්විලිංගික සත්ව කොට්ඨාශයක් විදියට අපිත් හිටියනම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. පිරිමින්ටත් ළමයි හම්බෙයි. හරි ශෝක් එකට තියෙයි එහෙනම්.. ඒ වල් පල් නෙමේ කතාව ලියන්න ඕනේ.

Tuesday, January 21, 2014

එක්ව එළිය කරමු යශෝධාගේ සිහිනය..

ඔමාගේ  හීන ලියන මගේ හිතේ අනාගතේ ගැන හීන , බලාපොරොත්තු දහසක් තියෙනවා..සතුටින් සැහැල්ලුවෙන් ඒ දේවල් එක්ක මං දවසගානේ ජිවත් වෙනවා....තාත්තා ,අම්මා මා ලග නැති අඩුව හැර වෙන දුකක් මට නැහැ. 
ඒත් යශෝධගේ හීන ,බලාපොරොත්තු වලට මෙපිටින් ඒ සියල්ල වසාගෙන ලොකු බාධකයක්,අභියෝගයක් තියෙනවා..එයාට ඒ අභියෝගෙට තනියම මුණ දෙන්න අමාරුයි....එයාට අපේ උදව්ව ලැබුණොත් ඒ බාධකය ජය ගන්න පුළුවන්..





ඇය යශෝධා ජයරත්න.ගැහැණු දරුවන්ම  තුන්දෙනෙක් ඉන්න  පවුලේ දෙවනියා.උපතින් කිසිම රෝගයක් වෙනස්කමක් නොතිබ්බ යශෝදා අවුරුදු නවය වෙනකල්ම සාමන්‍ය ළමයෙක් විදියට ඉස්කෝලේ ගියා,සෙල්ලම් කළා..ඒත් අවුරුදු නවයෙන් පස්සේ එයාට එක එක විදියේ අපහසුකම් ,ශාරීරික වේදනා දැනෙන්න ගත්තා .අතපය කැක්කුම් ,ඇවිදින්න අපහසුතා,අප්‍රාණික ගතිය,නිතරම තෙහෙට්ටු ගතිය, වගේ දේවල්.ඔය දේවල් වලට එක දිගට කොච්චර බෙහෙත් කලත් අඩුවක් වෙලා නැහැ...

මේ සියල්ල මැද 5 වසර ශිෂ්‍යත්ව විභාගයත් යශෝධා ඉහළින් පාස්වුණා.ඒත් වයස එකොළහ වෙද්දී යශෝධා  සම්පුර්ණයෙන්ම අඩපණ වෙලා එක්තැන් වෙනවා..මේ විදියට අවුරුද්දක් විතර එක්තැන් වෙලා ඉදලා ආපහු රෝද පුටුවක වාඩිවීමට තරම් සුවයක් ඇයට ලැබෙනවා.



ඇයට 1999 දී ඒ කියන්නේ අවුරුදු 11දී රෝද පුටුවේ වාඩිවෙන්න පුළුවන් වුණත් ඉනෙන් පහළ කොටස පණනැති වුණා.ඒ තත්වය අදත් එහෙමයි.

Sunday, January 19, 2014

කෝඩුකාර තාත්තා


පිරුණු කුස දකින විට මා නමින් 
නැගෙන විට වේදනා ඔය මුවින් 
කදුළු දිය නොකෙරුවට මේ  නෙතින් 
හඬනවා රෑ පුරා හොර හොරෙන් 

අඳින විට ලොකු ගවුම නුඹ හෙමින්
මැවෙනවා නුබේ කෝල මුව හිතෙන් 
නගින විට පඩිය දෙක හරි හෙමින්
පිරෙනවා ආදරේ නුඹ නමින් 


මේ උඩ තියෙන කවි පේලි 8 ලීවේ පුරුදුවෙන්න මගේ තිඹිරිගෙයි නොවැම්බර් 24 වෙනිදා ලිවේ ... දැන් ඒක ආපහු කියවද්දී තමයි හිතුණේ ටිකක් හොදට ලියන්න ඕනේ කියලා..




පිරුණු සදකී උපමා කල නුඹට ..... ගතී
නැගනූ සදට වටකර ....තරු දහස් .....නිතී
නැගුනූ පෙමක කඩයිම අග සුවක් ..ඇතී
ලෝ දැරු උතුම් පදවිය පිය සෙනේ වෙතී


උපමා නමැද මව් ගුණ ලොව නිමක්.. නැතී
කවියන් නමැද මව් ගුණ පද වැලක් ....වෙතී
විදි දුක සොදුර නුඹ වැනී මා පසක් ....වෙතී
ලේ කිරි නොවුනූ පිය සෙනෙහස ඉරක් වෙතී

ඇඳ හැඩ ගවුම සමුදී දරු සෙනේ වෙතී
දරු සිත ගාව දෙතනේ ලේ කිරට .එතී
රැ සිහිනෙන්ද මුමුනූ එක පැතුම ..නිතී 
නුඹ මෙන් මාද ඒ පැතුමින් සසර..සිතී

 දැරුවේ විළි දුක අපමන සුවය.........නැතී
 නැගුවේ ශක්තියයි අප සිතුවමක .....වෙතී
 පිය සෙනෙහසද නිම් තෙර නැතී සසර ගතී
 පිය ,මව් සසර පෙරමඟ සුව නුඹට ...වෙතී



නුඹ සුවද දුන් ලෝකය
අද මගේ මුළු ජීවිතයම වී අවසන්ය
 දිවි ගමනේ නුහුරු කඩයිමක 
දුටු සොදුරුතම සිත්තම නුඹය.
මේ ලොව උතුම්ම පදවියට
දහඩියෙන් කිරි පෙවු මව්ද මමය
දුවේ නුබේ මෑණියන් සඳක්  නම් 
නුඹ දිනක දැනගනීවී
               සදටද එළිය දුන් හිරු මා බැව්..........



ප/ලි
 තාත්තා තමයි මේ ලෝකේ මං අදරේ ගොඩක්ම කරපු කෙනා.එයා මතක්වෙන ගානේ දැනෙන්නේ ලොකු දුකක්,තනිකමක්.

ඉතින් තාත්තා කෙනෙක්ගේ ආදරය සමීපව විඳපු මතකයෙන් මං මේවා ලීවේ බ්ලොග් කියෝන තාත්තලා වරදක් හෝ අඩුවක් වේනම් කියන්න හොඳේ :)

Saturday, January 18, 2014

පොලිස් කේස් එකක්

මේක මට නිකන් පාර දිහා බලන් ඉද්දි හිතිච්ච දෙයක් හොදේ ... 


මේ ෆොටෝ එකේ තියෙන්නේ ඊශ්‍රායල් පොලිසියේ නිල ඇදුම..මේ දෙන්නා ගැහැණු පිරිමි නිසා නෙමේ මේ පාට දෙක. දෙන්නම එකම නිල වල ඉන්න සාමන්‍ය නිලධාරින් .



මේ ඇදුම් දෙකම පොලිසියේ නිත්‍යානුකුල නිල ඇදුම්... සීත කාලේදී හෝ තමන්ට ඕනේ වෙලාවක මේ කළු පාට වගේ ඇදුම අදින්න පුළුවන්,, ඒ වගේම රශ්නේ කාලේදී ලා නිලට හුරු ඇදුම අදින්න පුළුවන්.. පිරිමි අයනම් කොහොමත් ලා නිල් එක තමයි නිතර අදින්නේ සැහැල්ලු නිසා., 
ඇදුම මොක වුණත් රාජකාරි තිතටම වෙනවා..



මන් කල්පනා කලේ අපේ රටේ පොලිසියේ වැඩ කරන අය ගැන එයාලව දැක්කම අපිට පවා එපා වෙනවා , දාඩිය තුම්මුනින් දාගෙන කළුවට යක්කු වගේනේ පේන්නේ.. ඒ වගේම එයාලත් ඒ ඇදුම ඇතුලෙදි හරි අමුතුයි. සාමන්‍ය මිනිස්සුන්ගෙන් ඒ තියෙන ඇදුමේ අපහසුවත් එක්ක අල්ලලා පලිගන්නවද කියලත් හිතෙනවා සමහර පොලිසියේ මහත්වරු කතාකරන විදිය දකිද්දී ..1975 න් පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම වෙනස් වෙලා නැහැ...අවුරුදු 39ක්.
නිල ඇදුමේ විකාශනය





ඒ නිසා මං හිතන්නේ අපේ ශ්‍රී ලංකාව වගේ සෙල්සියස් 30 හා ඒ අවට උෂ්ණත්ව තියෙන රටවල පොලිස් නිලධාරීන්ට මං ආසම නැති පාට වෙච්ච  ඒ කැත ගොමකොළ පාටින්ම උණත්  (කාකි) සැහැල්ලු රෙද්දකින් මහපු  යුනිෆෝර් එකක් දෙනවනම් ඒක යම් ආකාරයක බලපෑමක් ඇතිකරයි සාමාන්‍ය ජනජීවිතයට පවා.. .ඒ වගේම ඔවුන්ට ශරීරයට යම් නිදහසක් දැනෙද්දී ඔලුවත් රිලැක්ස් වෙනවනේ යම්තාක් දුරකට හරි.

ලියුම් කාරයටයි පොලිස් කාරයටයි එකම ඇදුම තියෙන කාලේ ගමේ ගොඩේ අපේ අයට හොද හොද සීන් උනානේ ..හි හි ඒවා ඔයාලා දන්නවනේ...
තැපෑල නම් අලුත් ඇදුමකට බහලානේ දැන්..
ප/ලි

ශ්‍රී ලංකා පොලිසිය සහ එහි ඉතිහාසය ගැන බොහෝ වෙබ් අඩවිවල විස්තර තියෙන නිසා කිසිම දෙයක් එකතු නොකර සරලව මට දැනිච්ච දේ විතරක් ලීවේ.

Monday, January 13, 2014

ජනධිපතිගේ ඊශ්‍රායල් සංචාරය

පහුගිය සතියේ අපේ ගරු ජනාධිපති තුමා මැදපෙරදිග රටවල් තුනක් වන ජෝර්දානය ,පලස්තීනය,ඊශ්‍රායලය යන රටවල  සාර්ථක සංචාරයක් නිමාකරලා මව්බිමට පිටත්ව ගියා..ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයෙක් විදියට ඒ සංචාරය ගැන මෙරට රූපවාහිනීයේ සහ වෙනත් වෙබ්අඩවි වල ඊශ්‍රායල් ජාතිකයන් කියපු කරපු සමහර දේ ගැන යම් සටහනක් ලියන්න හිතුණා. 

ඊශ්‍රායලය සහ අපේ රට 1948 දී එකට නිදහස ලබාගත්ත රටවල්;එදා මෙදාතුර අපේ රටෙන් ඊශ්‍රායලයට පැමිණි පළවෙනිරාජ්‍ය නායකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා.එතුමාව ඊශ්‍රායල් රජය බොහොම ඉහළින් පුර්ණ රාජ්‍ය ගෞවරව සහිතව පිළිගත්තා.


Saturday, January 11, 2014

සැමියට ලියන කවි 1.

හිමිදිරි හිරුට පෙර පිනිකැටි නැහැවෙනවා 

දහවල සමිද පැ රශ්මිය නැති------වෙනවා 
අහසක් තරම් නුබ සෙනෙහස කැපවෙනවා
මගේ හිමි නිසා සුව සම්පත ---ඉතිරෙනවා 

වෙහෙස දහවලයි අප වෙත සෙත සැදුවේ 
දහඩිය වඟුරුවා හැම දිවි තර ...කෙරුවේ 

හිනහෙන දරු පැටව් සනසා තනි නැසුවේ 
නුඹ සක්විති රජෙකී අප හැම හද වැඩුවේ 


ගොම්මං කළුවරින් පුර පැල එළිය වෙතී 
මගේ හිමි සදුන් පහනකී රැය පහන් වෙතී 
වෙහෙසී දුකින් හිමි සද පැදුරටම.....වෙතී
දරුවන් සුව යහන් ,මත පෑ සෙනේ..වෙතී


ප/ලි -
මගේ තවත් හීනයක් 

Wednesday, January 8, 2014

තිරිසන් vs මනුසත්

 කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ.ඒත් ලියන්න මොකක්ද දෙයක සේයාවක් හිතේ හොල්මන් කරනවා...සමාවෙන්න අද ලිපියෙත් සතෙක් ගහක් කොළක් කොහෙන් හරි ගෑවේවි ඒ නැතුව ලිපි  ලියන්න මං දන්නේ නැහැ..

                               ගිය සතියේ දවසක මා මුහුණ දුන්න අත්දැකීමක් ගැන ඔයාට කියන්න තියෙනවා..ඒක කියලා ඉන්නම්. එදා ජෙරුසලම ප්‍රධාන බස් නැවතුමෙන්  ටෙලවිව් එන බස් එකකට නැගලා අයිනේ ෂීට් එකක වාඩි වුණේ ලස්සන වට පිටාව බලබල එන්න..මෙහෙ බස් වල ඩ්‍රයිවර් විතරයි ඉන්නේ ඒ වගේම ෂීට් ගානට තමයි සෙනඟ ගන්නෙත්..හරියටම වෙලාවටම බස් එක බස් ස්ටෑන්ඩ් එකෙන් පිටවෙනවා..බස් එකේ දොර වහද්දීම කළු ජාතික (සුඩාන් හෝ ඉතියෝපියා ) දෙන්නෙක් බස් එකට නැග්ගා.. ගැහැණු කෙනාගේ ඇඟේ ළමයෙකුත් රෙදි වලින් බැඳලා එල්ලගෙන හිටියේ.. ඩ්‍රයිවර් ෂීට් නැහැ කීවට ඒ දෙන්නා බැස්සේ නැහැ..

ඊට පස්සේ මේ විදියට අර ලමයවත් එල්ලගෙන අර මනුස්සය හිටගෙන අමාරුවෙන් එද්දී බස් එකේ මිනිස්සු තම තමන්ගේ ලෝක වල කිසි කෙනෙක් ෂීට් එකක් දෙන්න තියා හැරිලාවත් බැලුවේ නැහැ .පැයක ගමනක් තියෙනවා එන්න.විනාඩි දෙකක් විතර බලන් ඉදලා මං එයාට කතා කරලා මගේ ෂීට් එකට එන්න කීවම මං ලග හිටපු ගෑණු කෙනෙක් කීවා "ඔයා ඇයි එයාට ෂීට් එක දෙන්නේ ඕක ඔයාගෙනෙ ඔයා සල්ලි දීලා ඇයි හිටගෙන යන්නේ." කියලා 

මට පුදුම කේන්තියක් ගියේ. මගේ ඇස් වලින් කදුළු පයින්න ඔන්න මෙන්න අර ළමයා එල්ලගෙන හිටපු ගෑණු කෙනා මුලින් එපා කීවත් මං දිහා බලලා එයා ඉදගත්තා..බස් එකේ මිනිස්සු මං දිහා අමුතු සතෙක් දිහා වගේ බලන් ඉදලා ආපහු ටික වෙලාවකින් සාමාන්‍ය විදියට හිටියා.ඒ පැයම හිටගෙන ආවට මං හිටියේ හීන ලෝකෙක...

,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...