Saturday, January 11, 2014

සැමියට ලියන කවි 1.

හිමිදිරි හිරුට පෙර පිනිකැටි නැහැවෙනවා 

දහවල සමිද පැ රශ්මිය නැති------වෙනවා 
අහසක් තරම් නුබ සෙනෙහස කැපවෙනවා
මගේ හිමි නිසා සුව සම්පත ---ඉතිරෙනවා 

වෙහෙස දහවලයි අප වෙත සෙත සැදුවේ 
දහඩිය වඟුරුවා හැම දිවි තර ...කෙරුවේ 

හිනහෙන දරු පැටව් සනසා තනි නැසුවේ 
නුඹ සක්විති රජෙකී අප හැම හද වැඩුවේ 


ගොම්මං කළුවරින් පුර පැල එළිය වෙතී 
මගේ හිමි සදුන් පහනකී රැය පහන් වෙතී 
වෙහෙසී දුකින් හිමි සද පැදුරටම.....වෙතී
දරුවන් සුව යහන් ,මත පෑ සෙනේ..වෙතී


ප/ලි -
මගේ තවත් හීනයක් 

92 comments:

  1. ම්ම්ම්...හොද සිතිවිල්ලක්...

    ReplyDelete
  2. ආවත් කළුවරත් සමගින් මම නිවස වෙත
    නිවසම බබලවයි ඔබගේ සිනා පොද
    වෙහෙසුනු ගතට සුවසම්පත ලබාදෙන
    ඔබ දෙව්දුවකි සොදුරිය මාහට ලැබුන.. :D

    ReplyDelete
    Replies
    1. ෂා ලස්සනයි මල්ලියා

      Delete
    2. සසිය උඹ තිස්තුං පැයේම සයිබරේද බං?

      Delete
    3. ඕකව ගෙදරින් දොට්ට දාලා ඉන්නේ මල්ලි එකයි @ධනා

      Delete
    4. අනේ අම්මපා සසිදුවා හැම එකකටම හැම වෙලාවෙම එනවා . අනේ මන්දා අපි මේ රෙද්දට කාලය දෙනවා වැඩියි බොලව්

      Delete
  3. කොහෙන්ද මේක ඉස්සුවේ

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම අහිංසකව හිටියට කවිත් පුළුවන් ඈ

      Delete
  4. දැන්ම ඉදන් මේවා කියන්න පුරුදු වෙන එක හොඩයි

    ReplyDelete
    Replies
    1. යේක හොඩයි මල්ලියත් පුරුදුවෙන්න බිරිඳට එකක් ලියන්න

      Delete
    2. ලියනවා අක්කෙ සමහර වෙලාවට පැදුර වගේ දිග ඒවා.(වෙන්න බිරිදට)

      Delete
    3. යෞවනියකගේ උතුම් පැතුම්!!!
      ඔයාට මේ වගේ කෙනෙක්වම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

      Delete
    4. ලියනවා අක්කෙ සමහර වෙලාවට පැදුර වගේ දිග ඒවා.(වෙන්න බිරිදට)///
      හැක් හැක් ,කියවන්න මුළු රෑම යනවා ඇති ..ඔය ලියන එකක් දහන්කෝ බන්ස්

      Delete
    5. මට එහෙම එවුවොත් මං උඩයි යටයි විතරක් කියෝනවා

      Delete
    6. බෑ බං සහොදරයා ඔව්ව දාන්න...උබලා ඔව්ව කියවලා නරක්වෙනවා

      Delete
  5. ඔමා මට මේ කමෙන්ට් එක දාන්න බයයි. මොකද වැරද්දක්ම හොයන පුද්ගලයෙකුට මගෙත් එක්ක එල්ලෙන්න මේ කමෙන්ට් එක ඇති. ඒත් එහෙම නොවේවා කියා පතනවා. මොකද මන් ගැටුම් වලට අකමැතියි (අපි බෝ පැල වගේ බොලවු :-D )

    ඒත් මේක මුලින්ම කියවපු ගමන් මගෙ හිතට ආපු අවංකම අදහස කියන්නම්. මට මතක් උනේ 'යශෝදරාවත'.

    ඔයා ලස්සනට පද ටික ගොතලා.

    මට විස්වාසයි ඔයා හොද බිරිඳක් වෙයි. සුභ පැතුම් ඔමා!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, මං ආපහු ලීවා අයියේ තව එකක් ,,, සීරිස් එකක් ලියන්න ඉන්නේ :) බදිනකල් මාත් ලියයි ඊට පස්සේ තමයි හි හි

      Delete
    2. ස්තුති ඔයාගේ පැතුමට

      Delete
    3. ඇත්තටම හොදයි ඔමා.

      ඔයා බය වෙන්න එපා. ඔයාට හම්බවෙන සැමියත් ඔයා වගේම වෙයි. එතකොට දිගටම ලියන්න.

      Delete
    4. හි හි .. හරි අයියේ තැන්කූ වේවා

      Delete
  6. මේ කවි ටික දැක්කම මටත් ඉක්මනට බඳින්ඩ හිතෙනවා...

    ReplyDelete
  7. Replies
    1. ඔයා වගේ උයන්න දන්න :D

      Delete
  8. සතුටුයි,සතුටුයි. මුළු රටම අපූ වාගෙ කාන්තාවන්ගෙන් පිරිල තිබුන නම් කොච්චර හොඳද කියල හිතෙනවා.පවුලක් ගොඩ නැගෙන්නෙ සෙනෙහස තුලිනුයි.මේ කවි වල ඒ සෙනෙහස නො අඩුව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති යකා මහත්තයෝ .. මාත් ඕවා ලියන්නේ එහෙම වෙන්න උත්සහ කරන නිසා ,,

      Delete
  9. කවි පෙළ අපූරැයි නංගී! ඔබට යහපත්ම සැමියෙකු ලැබේවායි පතමි!!
    පහත කවි ටික හදිසියේ ලියවුනි.

    සැමියාගෙන් බිරිඳට.....

    ඔබ මුව කමල දුටු විඩාව සන් සිඳුනී
    මට ඇති සෙනේ කඳ මුහුනින් මට දැණුනී
    සුන්දර කථාවෙන් හදවත කිති කැවුනී
    ඔබෙ ගෙල රනින් වසනට එවෙලේ සිතුනී

    මට හා දරැ කැළට සෙනෙහේ දෙන ලඳුනී
    ගෙයි ගිනි කිසිත් නම් පිටතට නොම ඇදුනී
    මා ජය ලබන්නේ ඔබ උණුසුම මතිනී
    සැමඳා රකිමි මැණිකක් රකිනා ලෙසිනී

    ReplyDelete
    Replies
    1. හිනහෙන දරු පැටව් සනසා තනි නැසුවේ
      නුඹ සක්විති රජෙකී අප හැම හද වැඩුවේ


      ස්තුති අයියේ
      ඔයාගේ කවිය ලස්සනයි

      Delete
    2. ස්තූතියි නංගී!!

      Delete
  10. උඹලා වගේ උන් බ්ලොග් නැත්නම් කවදා එළියට එන්නද..? උඹේ ටැලන්ට් එක නම් මට අදහා ගන්නත් අමාරුයි.. ඒ වගේම තව එකෙක් තමයි බෙන් ටෙනිසන්.. කවි ලියන්න හැමෝටම බෑ..

    ඒ වගේම පිලිතුරු කවිත් අනර්ගයි...

    ReplyDelete
    Replies
    1. ස්තුති මාතලන් තුමණි.. ඔව් බ්ලොග් තමයි මගේ තනි මකන්නේ ....ඒ අස්සේ තමයි මේවා ලියවෙන්නේ

      Delete
    2. මා දන්නා හොදම කවියෙක් තමයි මේ මහාචාර්ය මාතලන් උතුමා...කාලීන තොරතුරු අරභයා කවි ගොතන්නන් අතර මගේ ප්‍රියතමයා...

      Delete
  11. බොහොම අගෙයි. මීට පෙර කවි ලියලා තියන බව පෙනෙනවා. තව දුරටත් පද ගැලපීම ගැන සිතා ලියන්න. සිතුවිල්ල සටහන් කරගන්න. පද බලෙන් ඔබන්න එපා. ඔයාගෙම හිතේ පද තියනවා. ඒවා හෙමින් හෙමින් එලියට එන්න දෙන්න.

    ReplyDelete
    Replies
    1. හරියට ඉගෙනගන්න ආසයි මං ස්තුති විචාරක තුමණි ,,, මං ඉදිරියේදී ඒවා හදාගන්නම්

      Delete
  12. යකඩෝ ඔය තියෙන්නෙ මරු කවියක්. . . දැන් ඉතින් කවි රස විදින්න පුලුවන් එකෙක් හොයාගන්න. . . නැත්නම් ඌට නොතේරුනොත් මල පනිනවනේ බන්.හෙහ් හ්ව්හ් හ්හෙහ්

    කවි ඩින්ග මරු ඈ. . .

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද හ්ම්ම් ..තැන්කු අයියේ

      Delete
  13. Replies
    1. තැන්කු තිලිණ (හරකෝ ) :D

      Delete
  14. වයසට යනකම් ඉන්නේ නැතිව ඉක්මනට කසාදයක් කරගන්න. හොඳ සැමියෙක් ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔහොම කියන්න එපා ඈ..කටේ කිරිසුවද ගිහිල්ලත් නැහැ ..

      Delete
  15. මෙය ඔබට යථාරතයක් ම වේවා..

    ReplyDelete
  16. අනේ මංද කියන්න දෙයක් එන්නෙ නෑ අය්යෝ කවිය නං පට්ට... මොනාත් නොකීවට තරහ ගන්ට කාරි නෑ. අපිට ඔය අත්දැකීම් නෑනෙ අයිබංඩ.

    ReplyDelete
  17. ඔය වගේම බුවෙක් ලැබේවා! :-)

    ReplyDelete
    Replies
    1. අගහරු වලින් තමයි ගේන්න වෙන්නේ

      Delete
  18. කොහොමද හැමදාම ටැප් වෙන්න ගහල ගෙදර ඇවිත් තඩිබාන පොරක් හම්බ උනොත් .... හික්ස් ... ඔහොමම කියනවද ?

    ReplyDelete
    Replies
    1. හි හි එහෙම කෙනෙක්ටත් එකක් ලියන්නම්

      Delete
  19. කවිය නම් ෆෙස් බුක් එකෙන් කියෙවුවා :) 

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මං fb එකෙත් ශෙයා කළා මධාරා

      Delete
  20. දැම්මම කවිත් ලියලා එහෙනං.....හොඳයි.....

    එයා හම්බුනාම පෙන්නන්න

    ReplyDelete
    Replies
    1. @රෙහානි බලමුකෝ රෙහානි

      Delete
  21. ෂේප් එකේ ජීවිතය ගැන හිතන....බොරුවට කලබල නොවෙන බුවෙක් ලැබී....දරුවෝ දුසිම් බාගයක් ලැබී ...ඔමාට ගෙදර වැඩ රාජකාරිවලින් පිරී ඉතිරී යන ...කාලයක් ලැබේවා!! හස්බන්ඩ්ට කණක් ඇහිලා ඉන්න ලැබෙයි: D

    ReplyDelete
    Replies
    1. අපෝ අයියේ ඒක මාර ප්‍රාර්ථනයක් තමයි

      Delete
  22. Replies
    1. තැන්කු @ආචාර්‍ය තුමෝ

      Delete
  23. හා හා දැන් කවි එහෙම ලියාගෙන මඟ බලාගෙනද ඉන්නේ.. ඒක හොදා.. එතකොට පස්සේ ලේසියි නේ..

    ReplyDelete
    Replies
    1. අනේ නිකන් ලිවේ දිනේෂ් හයියු

      Delete
  24. හ්ම්ම්. ලස්සන නිර්මාණයක්. කවියෙන් බලාපොරොත්තු වෙන් කෙනාවම ලැබෙයි....

    ReplyDelete
  25. සැපට දෙක තුනක් ලැබේවි.. හැක්

    ReplyDelete
    Replies
    1. හෆෝ ..දේශකතුමගේ කට ..

      Delete
  26. කවි ටික ලස්සනයි !
    හිත පැලෙන්ඩ ආදරේ කරන්ඩ පුලුවන් ජාතියේ සැමියෙක් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුති මධුරංග .. හිතපැලෙන්න ආදරේ කරේ නැත්තම් තට්ටේ පලන්න හිතන් ඉන්නේ :)

      Delete
    2. ඕ...හ්... දෙයියෝ සාක්කි !
      පවු දෙයියනේ ඒ කොල්ලා.

      Delete
    3. හි හි අනේ මේ නිකමට ලියපු කවියක් මධු

      Delete
    4. නිකමට ලියපු කවි ඇත්ත වෙන දවසකුත් එයි නෙහ්.

      Delete
    5. අපෝ හොද නැහැ අප්පා @මධූ

      Delete
  27. අඩේ මන්දා කවි ගැන මොනවා කියන්න ද කියලා ...කෙසේ නමුදු මේ කවි මට නම් හිතන්නෙ ලියනවා නෙවෙයි ..හැක් හැක් ..ලියවෙනවා ..තමා ගේ පුරුෂ රත්නය පිලිබද තව තවත් මෙව්වා ලියන්න ලැබෙවා ..

    ReplyDelete
    Replies
    1. හි හි අනේ ලියවුනා නෙමේ මල්ලි ලිවුවා .. තැන්කු ..

      Delete
  28. අනාගත සැමියා මචං වෙත !!!!

    උඹට දෙයියංගෙම පිහිටයි.. :D

    ReplyDelete
  29. නංගි මං ආදරෙයි ඔයාට ...
    කවදද මට හා කියන්නේ...

    _නුවන්_

    ReplyDelete
    Replies
    1. ඔයා පෘෂ්ඨ වංශිකයෙක් වෙච්ච දාට තමයි අයියා ;)

      Delete
  30. බදින්න පෙර මෙව්වා මෙහෙමය...
    බැන්දාට පසු අරෙහෙමය.
    එදාට බලාගමු...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි හරි හරි විදානේ ,,
      කියනකොට එහෙමයි කරනකොට ඇරෙහෙමයි

      Delete
  31. මේක හෝම් මේඩ් ද?

    සිහිනය සිහිනයක්ම නොවේවා..!

    ReplyDelete
    Replies
    1. නැහැ මල්ලි පුස් සිටියෙන්

      තනන්කුයි වේවා

      Delete
  32. බෙහොම සන්තෝෂයි...මේ වගේ කාරියකට සෑහෙන කාලයකුත් මිඩංගු වෙනවා එළිවැට ගලපගෙන කයිය රහ කොර ගන්න....ඔයාට නම් ඇති තරම් කාලය තියෙන හැඩයි....ඉස්සර මමත් සෑහෙන්න නිසදැස් ලිව්වා...නමුත් ඒ සිතුවිලි ගගුල දැන් හිදිලා ගිහිල්ලා....

    ReplyDelete
    Replies
    1. විනාඩි 20 ක් වගේ අරන් ලිවේ අයියේ.. වෙන කවියක් පබ්ලිෂ් කලේ,, දෙන්නෙත් කොමෙන්ට් කළාටත් පස්සේ මේක ලියලා දැම්මේ, අනේ හි හි ,,

      Delete
  33. ලස්සනයි ඔමා.. මාත් ඔහොම එකක් ලියන්න හිතගෙන බැඳලා මෙහෙම එකක් තමයි ලියවුනේ.

    http://ipanella.blogspot.com/2014/01/kawi.html

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...