Monday, January 13, 2014

ජනධිපතිගේ ඊශ්‍රායල් සංචාරය

පහුගිය සතියේ අපේ ගරු ජනාධිපති තුමා මැදපෙරදිග රටවල් තුනක් වන ජෝර්දානය ,පලස්තීනය,ඊශ්‍රායලය යන රටවල  සාර්ථක සංචාරයක් නිමාකරලා මව්බිමට පිටත්ව ගියා..ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයෙක් විදියට ඒ සංචාරය ගැන මෙරට රූපවාහිනීයේ සහ වෙනත් වෙබ්අඩවි වල ඊශ්‍රායල් ජාතිකයන් කියපු කරපු සමහර දේ ගැන යම් සටහනක් ලියන්න හිතුණා. 

ඊශ්‍රායලය සහ අපේ රට 1948 දී එකට නිදහස ලබාගත්ත රටවල්;එදා මෙදාතුර අපේ රටෙන් ඊශ්‍රායලයට පැමිණි පළවෙනිරාජ්‍ය නායකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා.එතුමාව ඊශ්‍රායල් රජය බොහොම ඉහළින් පුර්ණ රාජ්‍ය ගෞවරව සහිතව පිළිගත්තා.



netivity church

මේ ඉහළ ෆොටෝ එකේ තියෙන්නේ ජනාධිපතිතුමා පලස්තීනයේ බෙත්ලෙහෙම් නගරයේ තියෙන යේසුස් වහන්සේ උපන් ස්ථානය නරඹන්න ගිය අවස්ථාවේ ෆොටෝ එකක්.ඒ පල්ලියේ ඇතුල් කොටසකට යද්දී ඔහොම පහත් වෙලා යන්න වෙනවා. ඒ විශාල දොර පාත නිසා.
බටහිර තාප්පය අසල 

මේ තියෙන්නේ වෙස්ටර්න් හෝල්  කියන ශුද්ධ ස්ථානය.ඊශ්‍රායල් වරුන් කොතෙල් කියලා හදුන්වනවා.මේක විශාල තාප්පයක් ,ඒවා ගැන පස්සේ ලිපියක ලියන්නම් විස්තරාත්මකව.

තිස් අවුරුදු යුද්ධයකින් බැටකාපු ශ්‍රී ලාංකික ජනතාව එයින් මුදවා සාමය ස්ථාපිත කිරීම සහ  රැයක් දවාලක් නොබලා රටට සාමය ගෙන එන්න දැරූ උත්සාහය ගැනත්,ඊශ්‍රායලයත් සමග තිබ්බ සබඳතා ශක්තිමත් කරන්න පැමිණි මේ සංචාරය ගැනත්  ඊශ්‍රායල් ජනාධිපති  සීමොන් පෙරිස් මහතා ජනාධිපති තුමාට ප්‍රසංසා කරපු බව ඊශ්‍රායල් වෙබ් අඩවි වල දකින්න ලැබුණා. 

ඒ වගේම ඒ කථාව අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශ කීපයකුත් දකින්න ලැබුණා. ඒ සදහන් වෙලා තිබුණ ආකාරයට සිව් අවුරුද්දකට පෙර ශ්‍රීලංකාව ලබාගත්ත සාමය නිසා රට වැසියන් නිදහස් සහ ප්‍රීතිමත් ජිවිත ගතකරන බව අපේ  ජනාධිපති තුමා ප්‍රකාශකරලා තිබුණා. ඒ වගේම යුධ සිරකරුවන් 14000 ක් පමණ නිදහස් කරපු බවත් ඒ අතර හිටපු ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කර සමාජගත කරපු බවත් සදහන් වුණා. 
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්යමින් නෙතන්යාහු සමග 
ඊශ්‍රායල් අගමැති තුමා සමග රාජපක්ෂ ජනාධිපති තුමා කල කතාබහ 
ගැනත් වෙබ් අඩවි වල කාරණා සදහන්වෙලා තිබුණා.ශ්‍රීලංකාව ලබාගත්තා වගේ සුපිරි සාමයක් ,නිදහසක් නුදුරු අනාගතේදිම ඊශ්‍රායලයත් බලාපොරොත්තු වන බව නෙතන්‍යාහු මහතා ජනාධිපති තුමා සමග කියා තියෙනවා.ඒ වගේම සාමය වෙනුවෙන් දියහැකි උපරිම සහය ලබාදෙන්න ඕනේ වෙලාවක ශ්‍රීලංකා රජය සුදානම් බව රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රකාශකරලා තිබුණා.



යුධ සමයේදී අපේ රටට ඊශ්‍රායලයෙන් ලැබුණ උපකාර වෙනුවෙන් ජනාධිපති තුමා ඉහළින් ස්තුතී කරලා තිබුණා. ඒ වගේම සුනාමි අවස්ථාවේදී ඊශ්‍රායලයෙන් ලැබුණ සහන සේවා ගැන සහ 2000 වසරේ පටන් ඇරඹුණු දෙරටේ ශක්තිමත් තානාපති සබඳතා හරහා මෙරටින් ලැබුණ කෆීර් ජෙට් යානා සහ ඩෝරා මුහුදු යාත්‍රා සාමයේ සුදු පරවියා අප රටට කැන්ඳන්න ඉමහත් පිටුවහලක් බවත් රාජපක්ෂ මහතා සදහන් කරන්න අමතක කරලා නැහැ.



ලබන සැප්තැම්බර් මාසේ ඊශ්‍රායල් ආයෝජකයින් විශාල ප්‍රමාණයක් අපේ රටට එන්න නියමිත බව සහ  hydro-power generation, tourism, -information technology වගේ කේෂ්ත්‍ර ඔස්සේ මෙවර ව්‍යාපෘති ආරම්භ කරන බවත්  අග්‍රාමාත්‍ය තුමා සමග පැවති සාකච්චා වලදී වැඩිදුරටත් කතා සදහන් කරලා තියෙනවා.



අගමැති  හමුවේ කල කතාබහ අතර තවත් කියවෙච්ච වැදගත් කාරණයක් විදියට මං දැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුවට බින්දුමය සහ විසිරුම් ජලසම්පාදන ක්‍රම ගැන තාක්ෂණික දැනුම අප රටත් සමග බෙදාගන්න බව සදහන් කිරීම.. දැනටත් අප රටේ භාවිතා කරන උපකරණ බොහොමයක් ඊශ්‍රායල් නිෂ්පාදන (බිංදුමය ජලසම්පාදනය ගැන ලොවට හදුන්වා දුන් ඊශ්‍රායල් ජාතිකයන්)අපේ රටේ තරුණයන්ව මෙහෙ තක්කලි කඩන්න එවනවට වඩා අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුවට අත දීම පෞද්ගලිකව මා සතුටුවෙන කාරණයක්.ඒත් ඊශ්‍රායල් රාජ්‍ය ප්‍රකාශ කරලා තිබුණා.මේ වසරේදී ශ්‍රී ලාංකිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන්න කටයුතු කරනවා කියලා.කෘෂිකර්මාන්තය සහ රැකබලාගන්නන් (care givers) වශයෙන් ඒ ගැන ජනාධිපති තුමා ස්තුතිය ප්‍රකාශ කරලා තිබුණා.



ඊශ්‍රායලයෙත් දරු සුරතල් බැලුවා










සංචාරය අතර වාරයේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රි ලාංකිකයන් හා ජනාධිපතිතුමා කතා කල අවස්ථාව.මෙම උත්සවයත් ජෙරුසලම් නගරයේ සංවිධානය කරලා තිබුණා.මට සහභාගිවෙන්න ලැබුණේ නැහැ. නමුත් යු ටුබ් හරහා ජනාධිපති තුමාගේ කතාව අහන්න ලැබුණා.එතනදී විදේශගතවෙලා ඉන්න කාටත් පොදුවේ සකසුරුවමින්  මුදල් පරිහරණය ගැන විශේෂයෙන් සදහන් කළා. :D ඒ වගේම දීර්ග කාලයක් රටින් බැහැරව හිටපු ශ්‍රිලාංකිකයන්ට රටේ දියුණුව ගැන පැහදිලි කළා.එතනදී හරි ලස්සන කතාවක් කීවා එතුමා

 "මන් උඩින් ආපු කෙනෙක් නෙමේ යටින් උඩට ආපු කෙනෙක් ඔයාලා අතරින් උඩට ආපු කෙනෙක් " කියලා
ඔය අතර අපේ රටේ අය ජනාධිපති තුමාගෙන් ඉල්ලීම් සහ එතුමා සමග අදහස් බෙදාගැනීම් කරලා තිබ්බා.
කෙනෙක් ඉල්ලීමක් කරලා තිබ්බා මෙහෙ ඉදන් චන්දේ දාලා ජනාධිපති තුමාව තවදුරටත් බලයේ රදවන්න අපිටත් හැකියාව දෙන්න කියලා :)

ශික් මට යන්න බැරිවුණානේ ඉල්ලන්න ඉල්ලීම් දෙකක් තිබ්බා.

1.මේ රටේ ඉන්න පිලිපින් ජාතිකයෝ හැමෝටම වගේ තියෙනවා හෙඳ සහතිකයක්. අපේ ශ්‍රීලාංකිකයෝ තරම් දැනුමක් , පෞර්ශයක් නැති වුණත් ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනවා නර්ස් කෙනෙක් කියන සහතිකේ තියෙන නිසා .ඒත් අපිට එහෙම සහතිකයක් නැහැ. ඊශ්‍රායල් ට්‍රේනින් සෙන්ටර් එකෙන් ලැබෙන සහතිකය විතරයි හැමකෙනාටම වගේ තියෙන්නේ. ඒ නිසා ඊශ්‍රායල් සහ සයිප්‍රස් වගේ සාත්තු සේවිකා රැකියාව සදහා විදේශ ගතවෙන අය වෙනුවෙන් යම් පුහුණු කාලසීමාවක් යටතේ හෙඳ පුහුණුවක් ලබාදී හෙදියක් කියන සහතිකේ දීලා එවනවනම් ඒක ගොඩක් වටීවි (රජයේ හෙදියන් මට්ටමට නොව යම් ග්‍රේඩ් එකක් තුල පිට රටට විතරක් හරි වලංගු වෙන විදියට )



2.රටට විදේශ විනිමය සපයන්නේ මිලියන 1.5ක් පමණ වෙන විදේශ ගත ශ්‍රිලාංකිකයන්ගෙන් ලු , එහෙමනම් බැරිද ඒ මිනිස්සුන්ට තමන්ගේ සේවය අවසන් කරලා ලංකාවට එද්දී එක මනුස්සයෙක්ට එකම එක වතාවක්  තීරුබදු රහිතව වාහනයක් ගේන්න අවස්තාව දෙන්න. 200% ගහන යක්ෂ බද්ද අයින් කරලා.
 -        -             -                -   -              -            -                   -            -             -                  -
 මට දැනුන විදියට මේ සංචාරය ඇත්තටම වැදගත්.වෙන මැදපෙරදිග රටවල් වල  රැකියාව කරන අය ලබන වැටුප හා බලද්දී ඊශ්‍රායල් වල ඉතාම ඉහළ වැටුපක් ලැබෙනවා වගේම ආරක්ෂාව සහ රැකියාව සම්බන්ධ රජයේ නීතිරීති ගොඩක් හොදයි..,ඒවගේ රටක් එක්ක ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබදතා ඇති කරගැනීම ඇත්තටම නුවණට හුරුයි.



-------------------------------------------------------------------------

සීමොන් පෙරිස් ජනාධිපති තුමාගේ ෆේස්බුක් පිටුවේ මහින්ද රාජපක්ෂ සමහර සිවිල් වැසියන්ගේ අදහස්.

මින් පෙර මා ලියු ඉගිල්ලෙන සිංහයෝ ලිපිය මෙතනින් කියවන්න
---------------------------------------------------------------------------------
ප/ලි
අපි රටවල් දෙකම එකට 1948 නිදහස ලබාගත්තත් දියුණුව අතින් අපි දෙරට අතර විශාල පරතරයක් තියෙනවා. අපි නිතරම අපේ රට වෙන රටවල් එක්ක සංසන්දනය කරලා හිනාවෙනවා.රටේ දේශපාලකයන්ට දෝශාරෝපනය කරනවා. ඒ දෝශාරෝපනය ඔවුන්ට අයිති වගේම යම් තාක් දුරකට අපි හැමෝටමත් අයිතියි කියලා මට හිතෙනවා. මේ රට දියුණුයි හැමදේම හොදයි කියලා අපි කීවට මේ රටේ මිනිස්සුත් රජයට බනිනවා.නෙතන්යාහුගේ බිරිදගේ අනවශ්‍ය වියදම් ගැන කියෝනවා.






90 comments:

  1. ලංකාවෙ එක මාධ්‍යයකවත් මෙවන් විස්තරයක් මම නම් දුටුවේ නැහැ.
    ඒ අයියල/අක්කලට වෙන වෙන වැඩ ඇති නිසා වෙන්ටෑ.
    මේ වගේ විස්තර හොයල බලල ලියන්න බැරි.
    කොහොමත් නලින්ට දිනමිණට දාගන්න පුළුවන් ලෙසටම ලියල.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ දාන්න අනේ ලීවේ, හි හි ...ස්තුති

      Delete
    2. දෙන දෙවියෝ ගෙටම ගෙනත් දීලනේ.... මේ තියෙන්නේ බඩු..

      Delete
    3. හැක්...හැක්... නලින් මල්ල ගම්පහින් මේ කෙල්ලව අපේ නායක තුමාට කියල ඉදිරියට ගේන්න හදන එකට වලකපන්න එපා පත්තරේ දාල.... :)

      Delete
  2. සිව් අවුරුද්දකට පෙර ශ්‍රීලංකාව ලබාගත්ත සාමය නිසා රට වැසියන් නිදහස් සහ ප්‍රීතිමත් ජිවිත ගතකරන /////

    ReplyDelete
    Replies
    1. අවසාන ඉල්ලිම් දෙකින් පලවෙනි එක නම් කරන්නම ඕනි දෙයක් ,අපේ රටේ හැම දෙයක්ම ප්‍රමිතිකරනයක් නෑ ,ඔහේ රට යවනවාට යවනවා ,අවසානේ යකඩ අරන් එන්නෙ ,රට යන අය ගැන සොයා නොබැලීම නිසා පසුගිය වකවානුව තුල ගොඩක් ප්‍රශ්න මධ්‍යයේ යනවා දැක්කා ,

      Delete
    2. හ්ම්ම්, මල්ලි වර්ථමානයේ තත්වය ගැනනම් තරමක් සතුටුදායකව කතා කරන්න පුළුවන්... හැම කෙනාටම වගේ පුහුණුව අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම හොද දැනුවත් කිරීමක් කරනවා.. ඒත් සයිප්‍රස්, ඊශ්‍රායෙල් වගේ රටවල සාත්තු සේවය සදහා යන අයට පිළිගත් හෙද සහතිකයක් දෙනවනම් ඉතාම වටිනවා,ඒක ගැන තමයි මං සදහන් කලේ

      Delete
    3. ඔයා කියන එක සහතික ඇත්ත. නරකද ඔය සාත්තු සේවිකාවන්ට හෙද සහතිකය දෙනගමන් කුණු අදින්න රට යන අයට ඉංජිනේරු පට්ටමයි රියදුරන්ට pilot ලයිසනුයි දුන්නනං හරි. මේ වගේ මැටි හරකියෙක් .

      Delete
    4. පරණ නර්ස් කෙනෙක් වෙන්ට ඇති මේ.. මෝඩ කතා කියන්න එපා.මනුස්සයෝ

      Delete
  3. Replies
    1. හ්ම් හ්ම් අපේ ලොක්කා තමයි

      Delete
  4. අනේ හොදයි කොහෙ කොහෙ හරි ගිහින් රටතොටවල් බලාකියාගෙන අපිටත් වාසිවෙන මොනාහරි උස්සන් එනවනම් :D

    ReplyDelete
    Replies
    1. එයාට තෑගී හම්බුණා ගොඩක් ඉල්ලගන්න මල්ලි

      Delete
  5. මොන දේට මොන විදි‍යට මරාට දොස් කිවුවත් "අපේ රට ලැබුවා වගේ සාමයක් නිදහසක් ඔහුනුත් බලාපොරොත්තු වෙනවා" කිවුවමනම් ඇත්තටම මරා ගැන පොඩි ආඩම්බරයක් එනවා. රටගැනත් නිහතමානි ආඩම්බරයක් එනවා.

    මොකද මොන දේ මොන විදියට උනත් ප්‍රභා කියන මීනී මරුවව පැරද්දුවනෙ කි‍යන සතුට.

    මේ සතුට දිගටම තියෙන්න අපේ රට ජාති ආගම් කුල වලට ආයෙ නොබෙදී මේ තියෙන දුරස් බවත් නැති වෙනවනම් මොන තරම් දෙයක්ද??

    ReplyDelete
    Replies
    1. ඔමා ඔයාගෙ ඉල්ලීම් දෙක බොහොම සාධාරණයි.

      ඇත්තටම මේක 16 පිටුවට යාමට තරම් සුදුසු ලිපියක් නිසා මේක ඒ පිටුවෙ ගියොත් "බොහෝවිට" වගකිවයුත්තන්ගෙ ඇස ගැටේවි.

      එසේවී හෝ අපේ රටට විනිමය උපයන ඔබත් ඇතුලු අපේ සියලුම සහෘදයන්ගෙ අහිංසක බලාපොරොත්තුව ඉටුවේවා කියා පතනවා.

      Delete
    2. අනේ මල්ල නිකන් ඉන්න 16 පිටුවට ගියා කියල රටට යහපතක් වෙන්නේ නැහැ.
      අර උඹල කන පාන් ගෙඩිය කන්න බැරි ගානට ගෙනාපු ප්‍රීමා එකෙන් කුට්ටි අරන්,උසාවියේ සිහිය නැතිව වැටිච්චි හිටපු පාරිභෝගික හා මොකක්ද කෙහෙල් මලේ සභා පති ය වම් පසින් තියාගෙන ඉන්න නායක ගෙන්ද පිහාටු ඉල්ලන්නේ...
      ප්‍රීම එකෙන් ගිලපු කුට්ටිය ට තොපි විදවන ව,සරත් විජේසිංහය අරාබි කරේ තානපතියෙක් වෙලා ලොක්ක ගේ වම් උරහිස ලෙව කනවා...

      Delete
    3. ඒකත් ඇත්ත අයියා. ඒත් අපිට උත්සාහයක්වත් දරන්න බැරිද?

      එක අතකින් බැලුවම ගහන්න ගහන්න වදින මිනියා මෝඩයා කියන්නා වගේ ජීවිතේට නොඑරෙන කිරකට අඩන එකත් මෝඩ කමක් වගේ තමා.

      කවදා හරි යයිද මේවා???

      Delete
    4. මොකක්ද මේ 16 පි‍ටුව කියන්නේ. සන් පත්තරේ 3 වෙනි පි‍ටුව ගැන නම් දන්නවා

      Delete
    5. චතුරංග@ ඔව් අයියේ ඔයාගේ මුළු කතාවම හරි..වෙන මක්කා කියන්නද ,, ස්තුති

      Delete
    6. kenji @ ඔහොම තරහා ගත්තොතින් ඉකමනටම නාකි වෙයි :D

      Delete
  6. දෙවනි එක දැනටමත් තියෙනවා. පළවෙනි ඉල්ලීම නම් ඒ කාලේ ඉඳන් මම වග කිව යුතු තැන්වලට කෝල් කරලා කියලා තියෙනවා, ඒ වගේම ලියලත් තියෙනවා. ඒත් අද වෙනකන් කිසිම ප්‍රතිඵලයක් නෑ.. ඒත් ගෘහ සේවීකාවන්ට පුහුණුව අනිවාර්ය කිරීම වගේ දේවල් අගය කළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. දෙවනි එක දැනටමත් තියෙනවා. සතුටුදායක පුවතක්.

      Delete
    2. දෙවැනි එක දැනටමත් තියෙනවා ? ඇහුවමයි මේ.

      Delete
    3. මාතලන්, ඔබ ඔය කියන්නෙ green සහ blue permits ගැන වෙන්න ඇති. මේක දැන් කාලයක් තිස්සෙ නවත්තල තියෙන්නෙ. අනෙක මේකෙන් ලැබෙන්නෙ තීරු බදු සහනයක් නෙමෙයි, වඩා පරණ රථයක් ගේන්න ලැබෙන එකයි.

      මෙන්න වැඩි විස්තර.

      http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1539&task=info&lang=en

      http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=420&task=info&lang=en

      Delete
    4. මාතලන්, ඔබ ඔය කියන්නෙ green permit සහ blue permit ගැන වෙන්න ඇති! මේක දැන් කාලයක් තිස්සෙ නවත්තල තියෙන්නෙ. අනෙක මේකෙන් ලැබෙන්නෙ තීරු බදු සහනයක් නෙමෙයි, වඩා පරණ රථයක් ගේන්න ලැබෙන එකයි.

      මෙන්න වැඩි විස්තර

      http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1539&task=info&lang=en

      http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=420&task=info&lang=en

      Delete
    5. ඔබේ ප්‍රශ්න අංක එකටත් උත්තරේ පහල ලින්ක් එකේ තියෙනව. නමුත් අවාසනවකට ලංකාවෙ බෝහෝ දෙනා මේ සහතිකය ගැන දන්නෙ නෑ.

      http://220.247.221.26/Report_Inquires/View_Skills.php?ind=ID15&lvl1=1

      එතන සයිට් එකට ගිහින් කියන තැන ඉස්සරහ කොළ කොටුව ක්ලික් කරන්න, කෝස් කන්ටෙන්ට් එක එනව.

      මේ කා සඳහාද කියන දේ මෙතන තියෙනව.

      http://www.tvec.gov.lk/nvq/

      මේක විසාල ක්ෂේත්‍ර ගනනකට සැලසෙන සේවයක්/ සහතික කිරීමක් උනාට පාවිච්චි කරන්නෙ කීප දෙනයි.

      Delete
    6. ස්තුති ඉන්දික . මේ ගැන මිනිස්සු දැනුවත් කරන්නේ නැහැ. ඒ වගේම පිලිපින් අය ඒ සහතිකය ගන්නේ පුහුණුවකට ගිහින් ලොකු කාලයක් මුදලක් වැය කරලා නෙමේ අයියේ. එයාලගේ රජය ඒ සහතිකය එයාලට දෙන්නේ තරගකාරී ඊශ්‍රායල් රැකියා වෙළදපලට හරියන්න තමන්ගේ ජාතිකයන්ට වැඩි වටිනාකමක් එකතුකරන්න.නේපාල්,ශ්‍රිලාංකා ,ඉන්දියා අය අතරදි කැපී පේන්න. ඒකයි අපේ රටෙත් ඒ වගේ දෙයක් කලානම් කියලා හිතුණේ.

      Delete
    7. ඉන්දික කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.. බදු සහනයක් ඇර ඉතින් වෙන මක්කා දෙන්නද.. නැව් ගාස්තු ගෙවන්නය. නමුත් මම නම් බලාපොරොත්තු වෙනවා ඔයිට වඩා ගොඩාග් දේවල්. ඒවා ඉතින් සිහින පමණයි. ඊශ්‍රායලයෙදි නම් සෑහෙන පිරිසකට උදව් කලා. ඒ අපේ තානාපති කාර්යාල නිසා නෙමෙයි. එහේ මානුෂික අයිතිවාසිකම් ගැන උසාවි උනත් යන්න පුළුවන් නිසා.

      Delete
    8. මාතලන් @ කුරුණෑගල, රත්මලානේ ,කඩවත තිබ්බ ඊශ්‍රායල් ට්‍රේනින් සෙන්ටර් 3 ම හම්බන්තොටට ගෙනියන්න හදන්නේ සහ ගෙනියලාලු.. දැන් නම් ඉතින් කේන්තිත් එනවා ලිපිය ලීවට,කොච්චර අසාධාරණ වැඩක්ද ඒක.

      Delete
    9. මාතලන්,

      // බදු සහනයක් ඇර ඉතින් වෙන මක්කා දෙන්නද.. නැව් ගාස්තු ගෙවන්නය. //

      ටැපලිල්ලක් වගේ!

      මම කිව්වෙ අර උඹ කිව්ව දැනටමත් තීනව කිව්ව පර්මිට් වලින් දෙන්නෙ බදු සහනයක් නොවෙන බව. ඒකෙන් වෙන්නෙ සමාන්‍ය අනුමත සීමාවට වඩා පරණ වාහනයක් ගේන්න අවස්ථාව දෙන එක විතරයි. ඒත් දැන් ඒකත් නවත්තල.

      Delete
    10. //පිලිපින් අය ඒ සහතිකය ගන්නේ පුහුණුවකට ගිහින් ලොකු කාලයක් මුදලක් වැය කරලා නෙමේ//

      ඒ කියන්නෙ නිකන් නමට සහතිකයක්ද? එහෙම එකක් දෙන එකෙන් වෙනෙ තත්වෙ සවුත්තුවෙන එක මිසක් යහපත් වෙන එක නෙමේ.

      NVQ කියන්නෙ ට්‍රේනින් කෝස් නොකරත් ගන්න පුළුවන් සහතිකයක්.

      // The routes of obtaining NVQ certificates

      There are two routes to obtain NVQ certificates


      a. If the candidate could prove his/her ability with adequate evidence of his/her competencies pertaining to qualifications stipulated in the Skills Standards, then the candidate is eligible to receive NVQ certificate through RPL. This is known as Recognition of Prior Learning.

      b. The other route of getting NVQ certificate is, by following a Competency Based Training (CBT) course relevant to the qualification which is accredited by the TVEC. The public Institution those conducting Competency Base Training courses are National Apprentice and Industrial Training Authority, Vocational Training Authority, National Youth Service Council or at a Technical College of Department of Technical Education and Training. There are private and NGO sector institutions where their courses conducted are accredited to issue NVQ certificates.//


      Delete
    11. මේ රටට අවුරුදු ගානක් සේවය කරපු රජයේ හෙදියක් ආවත්.. යන්තම් ඉංග්‍රීසි ගැටගහගෙන කතාකරගන්න පුළුවන් කෙනෙක් ආවත් කරන්න තියෙන්නේ එකම ජොබ් එක, ලැබෙන්නේ එකම වැටුප.. මෙහෙ වැටුප තීරණය වෙන්නේ ,, තමන් රැකියාව කරන ස්ථානයේ මිනිස්සුන්ගේ මනුස්ස කමේ ලෝබ කමේ ප්ප්‍රමාණය අනුව... අවම වැටුප කියන පහලම සිමාවේ ඉදලා ඉහළට තමයි වැටුප තීරණය වෙන්නේ..වැටුපෙ ප්‍රමාණය සදහා බලපාන එකම සාධකය තමන්ගේ සේවය ලබාගන්න මිනිස්සුන්ගේ ස්වභාවය තමයි.. ඒ නිසා අර ගේන සහතිකය වැදගත් වෙන්නේ රැකියාවක් හොයාගන්න විතරයි..

      Delete
    12. @ ඉන්දික.......උඹ කියන මේ NVQ එක ගැන කතාව කොයි රටට අදාලවද?

      /////NVQ කියන්නෙ ට්‍රේනින් කෝස් නොකරත් ගන්න පුළුවන් සහතිකයක්.//////

      Delete
    13. ow lankawe training course nokalath nvq anna puluwan ekata experiethieema saha assisment ekakin samath wenna one visthara ara indika TVEC ekata katha karala ganna puluwan

      Delete
  7. ඊශ්‍රායල් කියන්නේ සම්බන්ද කම් තියාගන්න වටිනා රටක්. ජනපතිගේ කාර්යය අගයනවා. ඔබගේ යෝජනා දෙක නම් වටිනවා. email එකක් හරි දාලා බලන්න :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අප්පා ,, මාතලන් අයියත් යෝජනා කලාලුනේ..ලම්බෝගිනි එකේ හීනේ අතාරලා ස්කුටියක් ගන්නවා .ගිහින්

      Delete
  8. මහින්දගේ වම් අත කවුද?

    ReplyDelete
    Replies
    1. ඔයා ද දන්නේ නැහැ...

      Delete
    2. සුසන්ත පුන්චිනිලමේ මාමාද @කතන්දර කාරයා

      Delete
    3. ෂෝර්ට් හෑන්ඩ් තේරෙන්නේ නෑ වාගේ.

      මං ඇහැව්වේ ඔය තියෙන ෆොටෝ එක ගැනයි. එතන දකුණු අත ජී. ඇල්. නේ. වම් පැත්තේ ඉන්නේ කවුද?

      Delete
    4. @ කකා....සරත් විජේසිංහ.......එංගලන්තේ හිටපු සොලිසිටර් කෙනෙක්. පස්සේ ලොක්කා ගාවට ගියා. පරිපාලන ඉතිහාසය නම් එතරම් හොද නැහැ (පාරිභෝගික සේවා අධිකාරිය ) .දැන් ඊශ්‍රායල් තානාපතිද? මෙහේ ඉන්න කාලේ නම් විස්තර දන්නවා.

      Delete
    5. කතන්දර කාරයා@ අනේ ඉතින් එච්චර තේරුමක් නම් නැහැ

      Delete
  9. කොහේ ගියත් ලොක්ක දරු සුරතල් බලනවනේ.දැන් හැමොම ඒක විලාසිතාවක් කරන් පුත්තණ්ඩියත් එක්කම

    ReplyDelete
    Replies
    1. මාවත් චුටි කාලේ අතිගරු රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා ඉබලා තියෙනවා. @මල් මල්ලි

      Delete
  10. කෝ අනේ ඊශ්‍රායලයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ එක්ක ඔයාටත් තිබුනනේ එතුමා එක්ක පින්තූරයක් ගන්න. අපේ රටේ තියන වෘත්තීය කුහක කමක් නිසාද අරවගේ සහතිකයක් නොදෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හරියටම මොකක්ද කියන්න බැහැ.විචාරක තුමණි,නොදැනුවත්කම කියන්නත් බැහැ.

      Delete
  11. මේ විස්තර දාපු එක හරි වටිනවා. පලු යන්න බැන්නට මොකද රටේ නායකයා විදියට හොද පිළීගැනීමක් හා පෞරුෂයක් තියෙන බව කියවෙන ප්‍රකාශ දැක්කම අපිටත් පොඩි ගැම්මක්.ඇයි අනේ මේ අපේ රටනේ... අමතක කරන්න මෙයා ඔය කාර් ගේන කතා..

    ReplyDelete
    Replies
    1. @දේශක යා.. ඒකනේ අප්පා.. කාර් ගේන එක අමතක කරනවා ,එක්කෝ මං එන ඒකත් අමතක කරනවා

      Delete
  12. අම්මෝ දෙවෙනි ඉල්ලීම නම් පුදුම භයානක ඉල්ලීමක් අපූර්වී.... :D ලක්ෂ 15 දෙනෙක්ගෙන් ගන්න තියෙන වාහන තීරු බද්ද නැති උනා කියන්නේ කීයක්ද ... නිකමට හිතන්න එක මනුස්සයෙක්ගෙන් ගන්නවා කියලා ලක්ෂයක බද්දක් වාහනයක් ගේද්දී...( මීට වඩා කොහොමත් වැඩියිනේ..)

    1,500,000x100,000 ! මෙච්චර බදු සහනයක් නම් දෙන එකක් නැහැ ... ( ලම්බෝගිනි වලට දුන්නේ ඇයි කියලා අහන්න එපා :P )

    ReplyDelete
    Replies
    1. @සයිලන්ට් සහන් .. ගණන් මිමි ගෑන ලියද්ද්දී හරියට ලියන්න හොදේ දන්නවනේ නැත්තම් වෙන දේ :D

      හැමෝටම වාහන ගන්න වත්කමක් නැහැ නමුත් සමහරු ඉන්නවා පිට රටවල වාහන තියෙනවා ඒත් කවදාවත් ලංකාවට ගිහින් ගන්න බැහැ , කොරියාවේ ලක්ෂ දෙකකට වගේ හොද කාර් එකක් ගන්න පුළුවන් ඒත් ගේන්න බැහැනේ

      Delete
  13. මොනව උනත් ඔබගේ ඉල්ලීම් දෙක සර්ව සාධාරණයි ලංකාවට විදේශ විනිමය ලබාදෙන අය වෙනුවෙන් ඒ වගේ බදු සහන සහිත වාහනයක් ගන්න අවස්ථාව ලබාදෙන්න ඕන. (කොන්දේසි සහතව උවද)

    මහින්ද මහත්තයට අපේ රටේ අය බැන්නට හරිම ආදරෙයි. ඒකනේ හැම ඡන්දෙකදිම 60% පන්නන්නේ.

    ReplyDelete
    Replies
    1. රටේ මිනිස්සු බොරුවට තැන් තැන් වල කුටු කුටු ගෑවට හරි කෙලින් තීරණ ගන්නේ නැහැ, ඒ වගේම රටේ යහපත වෙනුවෙන්වත් එක කාරණයකදී එක්සිත් වෙලා කටයුතු කරන්නේ නැහැ. ඊශ්‍රායල් ජාතිකයෝ එහෙම නෙමේ ලෝකේ වටේ විවිධ රටවල් සංස්කෘති වල ඉදලා ආවා වුණත් රටේ වැදගත් කාරණයකදී ජාතියක් වශයෙන් එකට ඉන්නවා.මෙවුවා කවද නම් හැදෙයිද

      Delete
  14. මොන දේශපාලන මතවාද තිබ්බත්, පිට රටක ඉන්න කෙනෙකුට තමන්ගේ රටේ නායකයා ඒ රටට එනවා කියන එක වටිනා දෙයක් .ලංකාවේ ;ඉදලවත් හම්බ වෙන්න බැරි එකේ ඔහොම තැනකදී ඉල්ලීම් කරන එක නම් ටිකක් හරි අවදානයක් යොමු වෙනවා මයේ හිතේ.
    පලවෙනි ඉල්ලීම නම් හරිම හොද දෙයක්.
    දෙවෙනි ඉල්ලීම නම් දෙන එකක් නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අපේ අක්කලා ශෝක් ඉල්ලීම් තමයි කරලා තියෙන්නේ ඉදගෙන ;)

      Delete
  15. ලංකාවේ මාධ්‍ය වලින් නොදැකපු විස්තර ගොඩක්...අපි යුද්ධයෙන් දිනුවත් රට යන අත ගැන තියෙන්නේ ප්‍රශ්නයක් අක්කේ.කොටින්ම කිව්වොත් අපිට හොරෙන් අපිව විකුණනවා.කොහොම උනත් ලංකාවෙන් පිට ඉන්න ඔයාලට ලංකාවේ කෙනෙක් ඔහාට එනවා කියන්නෙත් ලොකු සතුටක් වෙන්නැති.

    www.amil-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. අපිට අපේ නොවන අපේම රටක් තිබුණා ........වෙයිද අමිල ;)

      Delete
  16. වටිනා තොරතුරු සැපයීම සම්බන්ධව කෘතඥ විය යුතුයි. ඒ වගේම ඊශ්‍රායලයට විතරක් නෙමේ ඕනෑම රටකට යන පුද්ගලයෙකුට හොද වෘත්තීය පුහුණුවක් ලබා දිය යුතුය යන්න මගේ හැගීමයි

    ReplyDelete
    Replies
    1. @වැව් ඉස්මත්ත ,, අදහස් එකතු කිරීම ගැන ස්තුති අයියේ..

      Delete
  17. ඊශ්‍රායලයේ කියන්නේ ලංකාව හා සංසන්දනය කරන විට සම්පත් අඩු රටක් නමුත් අදවන විට ඔවුන් ඉදිරියෙන් ඉන්නේ ඇයි. ඒ ඔවුන්ගේ ආකල්පවල පවතින දියුණු කමයි. තවම අපිට ඉදිරියට යාමට නොහැක්කේ සමාජයේ පිළිකාවක් මෙන් පැතිර ඇති වංචාව සහ කුහක කම මගිනි. අපට බ්ලොග් වලින් කරන්න පුළුවන් ලොකුම සේවය මේ ගැන කතිකාවතක් ඇතිකර එමගින් ආකල්ප වර්දනය කිරීමයි. මෙය බ්ලොග් කරුවන් ලියන එදිනෙදා අත්දැකීම් සහිත ලිපි මගින් පවා කල හැකි දෙයකි.

    ඔබ කියන පළමු සහතිකය සමහර විට පුද්ගලික ආරෝග්‍ය ශාලාවක පුහුණුව ලැබුවොත් ගන්න පුළුවන් නේද? රජයෙන් එය කරන්න ගියොත් සමහර විට රජයේ හෙද සංගම් මගින්ම වල කපාවි. විදේශවලට නිකම් මිනිසුන් පටවන්නේ නැතිව විදිමත්ව පුහුණු ශ්‍රමිකයන් පටවන ගමන්. මෙහි කර්මාන්ත පැත්ත වඩා දියුණු කරනවා නම් සහ වංචාව සහ කුහක කම දුරුකරනවා නම් අපිට ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අපි ඔය ගැන කොච්චර නම් කතා කරනවද .ඒත් කවදා ඕවා වෙනස් වෙයිද.. අනේ මන්දා. අපිටත් මේවා ගැන තේරෙන්නේ අපිට බලයක් නැති නිසාද කියලත් හිතෙනවා ..

      ///ඔබ කියන පළමු සහතිකය සමහර විට පුද්ගලික ආරෝග්‍ය ශාලාවක පුහුණුව ලැබුවොත් ගන්න පුළුවන් නේද? ///එහෙම ගන්න එක නෙමේ මකසි රජයෙන් නිකුත් කරන එකට ඊට වඩා වටිනාකමක් ලැබෙනවා.. ගොඩක් අය බොරුවටත් ඔහොම ඒවා ගනන්වනේ

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. රටක රාජ්‍ය නායකයා නියෝජනය කරන්නෙ එම රටේ සමස්ත ජනතාවම නිසා එතුමාව බොහොම ගෞරවයෙන් පිළිගැනීම අපටත් සතුටක්...ගෘහ සේවිකාවන්ගෙ ප්‍රශ්න සම්බන්ධව කථා කරන්න ආණ්ඩුවෙ ඇමතියෙක් හිටියට ඒ ගොනා හැමදාම රෑට බීලා පාර්ලිමේන්තුවෙ නිදි. විපක්ෂයෙන් තමයි පුලුවන් විදියකට ඒ ගැන කථිකාවක් එතැන ඇතිකර තිබෙන්නෙ...විශේෂයෙන් රංජන් රාමනායක...මේ වගේ කටයුතු කාර්යශූර විදේශ ඇමති කෙනෙකුට ලෙහෙසියෙන් ජයගත හැකි කාරණා...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++@සිරා අයියා

      Delete
  20. ඉල්ලීම් කරන එක හොදයි ඔමා.එත් අපේ රටේ ලොකු උදවියට වැඩ ගන්නකම් හොදයි ඊට පස්සෙ කිසිම දෙයක් මතක නැහැ..කොහොමත් දැන් සම හරක් දේශපාලකයන්ට අමතක වෙනවනෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් උමේෂ් ,, මතක බෙහෙත පිටරටකින් කීයට හරි ගෙන්න පුලුවන්නම් ;D

      Delete
  21. නියමයි අක්කේ....මේ වගේ ලිපි ඔයා වගේ කෙනෙක්ගෙන් ලැබුනොත් තමයි...

    ReplyDelete
  22. අපරාද මෙයත් කෝම හරි ගිහින් අර ඉල්ලීම් ඉල්ලන්න තිබුනේ.. මොනා වුනත් අර දෙවනි ඉල්ලීම සෑහෙන වටිනවනේ..

    ReplyDelete
    Replies
    1. වැඩක් නැහැ දිනේෂ් ඔවුවා.. රජතුමා ඕක නොකලොත් අම්මපා මං එන්නේ නැහැ ,,

      Delete
  23. කාලෙකට පස්සේ හරි හමන් රටකට ගිහිල්ලා:D

    පලස්තීන සංචාරය ගැන ඊශ්‍රායල් ජන මාධ්‍ය මොනවාද කිව්වේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කතා කලේ නැහැ වැඩිය.. අර මහින්ද රාපක්ෂ නමින් විවුර්ත කරපු දේවල් ගැන කීවෙත් නැහැ ..වෙබ් සයිට් එකක යන්තම් කියලා තිබ්බා එහෙ ගියා කියලා

      Delete
  24. හොඳ ලිපියක් ඔමයියෝ.........මේ විස්තර අපි දන්නෙ නෑ නෙව

    ReplyDelete
    Replies
    1. තැන්කු රෙහානියෝ :)

      Delete
  25. ඉල්ලිම දෙකම කරන්න තිබුනනම් හොදයි. පුර්ණ ලිපියේ අන්තර් ගත කරුණ ගැන කියන්න තියෙන්නේ මට හිතෙන්නේ නොකියවෙන යටි අරමුණක් ඇති මේ සංචාරයේ. දන්නේ නැ එත් ජනාධිපති තුමා සමනෙන් කිසිම සාර්ථක අරමුණක් නැතිව වැඩකට අත තියන කෙනෙක් නෙමෙයි නේ. උදාහරණ ගතහැකි මැත කාලින ඉතිහසයෙන්.

    ReplyDelete
    Replies
    1. අනිවා මධාරා අපේ ලොක්කා මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමේනේ .. ;)

      Delete
    2. වෙන කෙනෙකුට ලෙවකන්න :D

      Delete
  26. අම්මපා අක්කේ මමත් ඔය දෙවැනි ඉල්ලීම නම් අහන්නයි ඉන්නේ අපේ මහා රජ තුමාගෙන්. මෙයිට ටිකක් ලඟින් ලඟින් යන එකක් මමත් ලිව්වා. අර උඩ ෆොටෝ එකේ ජනාදිපති තුමා එක්ක දකුණු පැත්තේ ඉන්නේ සරත් විජේසිංහ නේද?

    ReplyDelete
    Replies
    1. මිලියන 1.5 ක් හිටියට හැමෝම වාහන ගේන්නේ නැහනේ රජයට මහා සම්පතක්නම් මේ රට විරුවෝ ඕක කරන්න බැරි මොකද ,, මෙහා පැත්තේ කවුද මන්ද මල්ලි

      Delete
  27. ජනාධිපති තුමාට එක එක අය එක එක කතා කියයි. සමහර කතා ඇත්තය. ඒත් සමහර වෙලාවට ඒ කියන අය ගැනද අවුලක් ඇත්තය.. මන්ද යත් ඒ අයට පේන්නේ වැරදිම නිසාය. මේ වගේ දෙයක් ලියන්න ඒ කවුරුත් හිතන්නේ නැත. ඒ කුහක කමද නැත්තං වෙන දෙයක්ද කියන්නට නොදනී... ඒ ලංකාවේ හැටිය..
    මේ විදියට විනා වෙන අවස්තා නං මේවා ගැන දැනගන්න නැත. සාමය ගැන කියනවා නං ඒ ගැන අපේ හිතේ ලොකු ගෞරවයක් ඇත.. වෙන කාටවත් එලෙස කොන්ද කෙලින් තියාගෙන හමුදාවට නායකත්වය නොදුන්නේය. අන් ශ්‍රී ලංකා පුරවැසියන්ට වඩා ඒ ගැන අපි දනී... ඒ කෙලෙසදැයි අසන්නට එපාය. කියන්නට අවසරයක් නැත... හිතෙන යමක් හිතාගන්නය... මොකද මාත් එක ජාතියක පොරක් නිසාය(වහුටු පොර මොඩල් එක නෙමේ ඈ)
    මොනව වුණත් ස්තුතිය මේ වගේ දෙයක් දැන ගත්තේ ඔබට පිං සිදුවන්නටය

    ReplyDelete
    Replies
    1. ස්තුති මහේෂ් ඔයාගේ අදහස බෙදාගැනීම ගැන .. ඔබේ අදහස තුල පැහැදිළිව තියෙනවා කියන්න අවශ්‍ය දේ .. අනේ ඉතින් හැමෝම හිතන්නේ නැහනේ ඔවුවා

      Delete
  28. නරකද පත්තර වාර්තාකරණයට පුර්ණ කාලිනව බැස්සොත්

    ReplyDelete
    Replies
    1. කැමති අර මහගෙදර නැතුව හිතේ හැටියට කියන්න පුළුවන් ස්වාධීන තැනක.. හි හි

      Delete
  29. ඊශ්‍රායලයෙම ඉන්න කෙනෙක් ලියපු මෙහෙම සටහනක්, අපේ පත්තරේක යන සටහනකට වඩා මට නම් හිතට අල්ලලා යනවා.

    ඊශ්‍රායලය ගැන තව තොරතුරු දැනගන්න ඕනේ ඔමා දැනට ලියලා තියෙන දේවල් වලට අමතරව.

    ReplyDelete
    Replies
    1. මං ඊශ්‍රායල් සංස්කෘතිය කියලා ටැබ් එකක් දාලා තියෙනවා ,,ඊයෙත් උත්සවයක් තිබ්බා ඒකත් ලියන්න ඕනේ අයියේ අද රෑ වත් ස්තුති ඔයාට @හෙන්රි

      Delete
  30. වටින ලිපියක් ඔමයියෝ... පහුගිය ටිකේ නිවුස් නොබැලුවාට පාඩුවක් වෙලා නෑ වගේ. මේ ලිපියෙන් මහරජාගෙ සංචාරෙ ගැන සෑහෙන දේවල් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ඕමා .ඔමී ,ඕම්, අපු අතරට ඕමයියා .. හි හි මේක දැකලා අපේ මල්ලි මට ඕමයියා කිවා අද උදේ .. ස්තුති බක්ෂියෝ හි හි

      Delete
  31. දෙවෙනි ඉල්ලීමට මාත් සපෝට් කරනවා !

    අපේ කුවේණිට ජය වේවා ! කුවේණි අපිට අපි කුවේණිට !

    ReplyDelete
  32. ඔය සංචාරේදී ජනාධිපති තුමා අපූර්වී ඔමායා මැතිනියව හම්බුවෙච්ච චායාරූප මේකේ නැත්තේ ඇයි....? දැන් ජනාධිපති තුමා ඔයාට ගම්පහ සංවිධායක් කම දුන්නොත් අපේ පබා අක්කිට තමයි කෙලවෙන්නේ

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...