Saturday, January 18, 2014

පොලිස් කේස් එකක්

මේක මට නිකන් පාර දිහා බලන් ඉද්දි හිතිච්ච දෙයක් හොදේ ... 


මේ ෆොටෝ එකේ තියෙන්නේ ඊශ්‍රායල් පොලිසියේ නිල ඇදුම..මේ දෙන්නා ගැහැණු පිරිමි නිසා නෙමේ මේ පාට දෙක. දෙන්නම එකම නිල වල ඉන්න සාමන්‍ය නිලධාරින් .



මේ ඇදුම් දෙකම පොලිසියේ නිත්‍යානුකුල නිල ඇදුම්... සීත කාලේදී හෝ තමන්ට ඕනේ වෙලාවක මේ කළු පාට වගේ ඇදුම අදින්න පුළුවන්,, ඒ වගේම රශ්නේ කාලේදී ලා නිලට හුරු ඇදුම අදින්න පුළුවන්.. පිරිමි අයනම් කොහොමත් ලා නිල් එක තමයි නිතර අදින්නේ සැහැල්ලු නිසා., 
ඇදුම මොක වුණත් රාජකාරි තිතටම වෙනවා..



මන් කල්පනා කලේ අපේ රටේ පොලිසියේ වැඩ කරන අය ගැන එයාලව දැක්කම අපිට පවා එපා වෙනවා , දාඩිය තුම්මුනින් දාගෙන කළුවට යක්කු වගේනේ පේන්නේ.. ඒ වගේම එයාලත් ඒ ඇදුම ඇතුලෙදි හරි අමුතුයි. සාමන්‍ය මිනිස්සුන්ගෙන් ඒ තියෙන ඇදුමේ අපහසුවත් එක්ක අල්ලලා පලිගන්නවද කියලත් හිතෙනවා සමහර පොලිසියේ මහත්වරු කතාකරන විදිය දකිද්දී ..1975 න් පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇදුම වෙනස් වෙලා නැහැ...අවුරුදු 39ක්.
නිල ඇදුමේ විකාශනය





ඒ නිසා මං හිතන්නේ අපේ ශ්‍රී ලංකාව වගේ සෙල්සියස් 30 හා ඒ අවට උෂ්ණත්ව තියෙන රටවල පොලිස් නිලධාරීන්ට මං ආසම නැති පාට වෙච්ච  ඒ කැත ගොමකොළ පාටින්ම උණත්  (කාකි) සැහැල්ලු රෙද්දකින් මහපු  යුනිෆෝර් එකක් දෙනවනම් ඒක යම් ආකාරයක බලපෑමක් ඇතිකරයි සාමාන්‍ය ජනජීවිතයට පවා.. .ඒ වගේම ඔවුන්ට ශරීරයට යම් නිදහසක් දැනෙද්දී ඔලුවත් රිලැක්ස් වෙනවනේ යම්තාක් දුරකට හරි.

ලියුම් කාරයටයි පොලිස් කාරයටයි එකම ඇදුම තියෙන කාලේ ගමේ ගොඩේ අපේ අයට හොද හොද සීන් උනානේ ..හි හි ඒවා ඔයාලා දන්නවනේ...
තැපෑල නම් අලුත් ඇදුමකට බහලානේ දැන්..
ප/ලි

ශ්‍රී ලංකා පොලිසිය සහ එහි ඉතිහාසය ගැන බොහෝ වෙබ් අඩවිවල විස්තර තියෙන නිසා කිසිම දෙයක් එකතු නොකර සරලව මට දැනිච්ච දේ විතරක් ලීවේ.

88 comments:

  1. මේවා ලියලා දඩත් කන්න වෙයිද මන්දා ඔමා. හි… හි…

    කොහොම උනත් ඔයා කියපු කතාව ඇත්ත. අපේ රටෙත් ඔය මඟුලෙ වෙනසක් උනා නම් හොදයි කියලා හිතෙනවා. විශේෂෙන්ම කාන්තා පොලොස් ඇන්ටිලටත් කලිසම ඇන්දුවොත් හොදා කියලා මම හිතනවා. නිකමට බලන්න බස් එකකට නැග්ගත් ඒ මනුස්සයො විවින දුක. හදිසියෙ හොරෙක් අල්ලන්න දුවන්න උනොත් සාය කරේ තියන් තමා දුවන්න වෙන්නෙ. ඒ නිසා මන් හිතනවා එයාලටත් දිග් කලිසම සුදුසුයි කියලා. (මගේ මතය පමණයි.)

    අපේ පොලොස් කොට්ටෝරුවන්ගෙ ඇදුම වෙනස් කරන එකනම් හොදයි ඒත්. ආකල්ප වෙනස් නොකර හැව පමණක් වෙනස් කල පමණින් නයාගෙ විශ සිදේ යැයි බලාපොරොත්තුවෙන්න බෑ. ඒත් කරලා බැලුවත් වටිනවානෙ………

    ReplyDelete
    Replies
    1. @ප්‍රියා,,
      ජාත්‍යන්තර පොලෝසියට කියලා තමයි කරන්ඩ වෙන්නේ ඉදගෙන :) // විශේෂෙන්ම කාන්තා පොලොස් ඇන්ටිලටත් කලිසම ඇන්දුවොත් හොදා කියලා මම හිතනවා. /// මේ ගැන මං නොලීවේ එතකොට කියෝන අය ඒක ගැන වැඩිපුර හිතන නිසා.. ඔයා කියනදේ හරි අයියේ.. සාය අදින එක නම් කිසිම තේරුමක් නැති වැඩක්.. ආකල්ප වෙනස් කරන එක ගැන නම් මොන කතාද ඈ

      Delete
  2. දැන් සමහර වෙලාවට පොලිස් නිලධාරීන් ලා නිල්පාර කමිසයක් නම් ඇඳගෙන ඉන්නවා .එත් ඒක මොන හේතුවක් උද අඳිනවාද කියන එක නම් දන්නේ නෑ. කොහොම වුනත් මේ දැන් අඳින නිල ඇඳුමට වඩා ලස්සන ඒවා සමහර සිකුරුටි ෆර්ම් වල තියෙනවා.
    අපේ පොලිසියේ සෙරමෝනියල් කිට් නම් ලස්සනයි. පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න ඕනේ එයාලගේ පෞරුෂය කැපී පෙන නිලඇඳුමක්. 2001 ජෝන් අමරතුංග අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වෙලා ඉන්න වෙලාවේ මේ ගැන යෝජනාවක් ගෙනාවා එකට මොනා වුනාද මන්දා ...(යූ.එන්.පී. ආණ්ඩුවට වෙච්ච දේම වෙන්න ඇති )

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සමහර සිකුරොටි උන්දැලැ ඉන්නවා අපෙ පොලොසියෙ අංකල්ලට වඩා ලස්සනට. ඉරිසියත් ඇති පොලොස් අංකල්ලට. හික්… හි……

      Delete
    2. හොද අදහස ඉවාන් ..
      /// පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න ඕනේ එයාලගේ පෞරුෂය කැපී පෙන නිලඇඳුමක්.//// ඒක හරි,,,,,,,,,

      @ප්‍රියා , ඒකනම් ඇත්ත මල්ලි

      Delete
  3. මමත් එකඟයි පොලීසියේ නිල ඇඳුම වෙනස් කරනවානම්. දැනට අඳින පීක් කැප් එක දාගෙන හොරෙක් පස්සේ එළවන්ඩ, උද්ඝෝෂණයක යෙදී ඉන්න පිරිස් සමග පොරබදන්ඩ බැහැ. ඒ නිසා හමුදාවේ වගේ හිස් වැසුමක් (STF එකත් අඳින බෙරේ එකක්) තමයි ගැලපෙන්නේ. දැනට ලා නිල් පාට කමිසය සහ කාකි කලිසම අඳින්නේ පොලිස් සහායක අයවලුන් පමණයි. ඒ වගේම තමයි පොලීසියට දෙන්න ඕනේ මිලිමීටර් 9 උන්ඩ යෙදිය හැකි, ඉක්මනින් හැසිරවිය හැකි, එතරම් දිග නැති, අර්ධ ස්වයංක්‍රීය තුවක්කු. (මගේ පරණ ලිපිවල විස්තර තියනවා) මේ පින්තූරේ ඉන්න ඊශ්‍රායල් පොලිස් නිලධාරියා අතේ තියෙන්නේ M4 Carbine නමැති සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක්.

    මොකද ඔමායට හිටපු ගමන් පොලීසිය අන්දවන්න හිතුණේ.......................................

    පොලිස් කාරයෙක් කිව්වද අපි අඳිමු කියලා? හෑ.....................

    ReplyDelete
    Replies
    1. මාත් බලන් හිටියේ විචාරක තුමාගේ කොමෙන්ට් එක දානකල් ///පොලීසියට දෙන්න ඕනේ මිලිමීටර් 9 උන්ඩ යෙදිය හැකි, ඉක්මනින් හැසිරවිය හැකි, එතරම් දිග නැති, අර්ධ ස්වයංක්‍රීය තුවක්කු.// ඒක නම් හොද අදහසක්..ඒත් ඕකෙන් අපේ අහිංසක මහජනතාවටත් දීලා අරි ආගිඅතේ... ඔයා ගිණි අවි එක්ස්පර්ට් නේ හි හි ..
      අනේ අනේ ...මං නම් කවදාවත් පොලිස් කාරයෙක් හරි නීතියට සම්බන්ධ කෙනෙක් හරි නම් බදින්නේ නැහැ.. මං උදේ ජනේලෙන් පාර බලන් ඉද්දි දැක්කා පොලිස් කපල් එකක් කාර් එක ඇතුලේ හුරතල් වේවි යනවා ඒක දැකලා ලියන්න හිතුනේ

      මෙහෙ හමුදාවේ පොලිසියේ අය ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ එකම ඇදුම ,, ගැහැණු අය ලිප්ස්ටික් ,කියුටෙක්ස් ගාලා ,කොන්ඩේ කඩාගෙන ඕනේ විදියකට ඉන්නවා ,, ජාතික උත්සව වලදී පවා එයාලා එයාලට ඕනේ විලාසිතාවකින් ඉන්නේ ,, ගිය පාර රණවිරු දිනේදී මං ඒක පැහැදිලිව දැක්කා ...

      Delete
    2. මෙන්න මම විචාරක සමඟ එකඟ නොවෙන තැනක්.
      <>
      මම නම් හිතන්නේ යුද්ධයක් නොපවතින, හදිසි නීතිය යටතේ පාලනය නොවෙන රටක පොලිස් නිලධාරීන්ට ස්වයංක්‍රීය තබා සාමාන්‍ය ගිණි අවියක්වත් ලබා දියයුතු නෑ කියායි. අමෙරිකාවේ නම් සිවිල් වැසියන්ටත් තුවක්කු පාවිච්චි කරන්න සමහර ප්‍රාන්ත වල ඉඩ දී තියෙන නිසා පොලීසිය අවි දැරීම අනිවාර්‍ය වෙනවා.

      එතකොට පොලීසියට ඔය කැත පාට කැත ඇඳුම නැතුව වෙනත් පාටක ඇඳුමක් යෝජනා කල වෙලේ පොලීසියම ඒකට අකමැති වුනේ එතකොට ජනතාව පොලීසියට තියෙන බය නැති වෙනවා කියලා. ඉතිං කාට කියන්නද මේ අවනඩුව?

      Delete
    3. ඒකත් ඇත්ත තමයි බලපුවාම :/

      Delete
    4. හෙන්රි, දැන් ලංකාවේ පොලිස් නිලධාරීන් හැම වෙලාවේම ආයුධ අරන් යන්නේ නෑ අර යුද්ද කාලේ වගේ. මම කිව්වේ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුවයි. ඒ කියන්නේ පොලීසියට මූණ දෙන්න වෙන්නේ කෙටි දුරක ඉන්න සතුරන්ට. වීදි සටන් වලට. close quarter battle ඒ වැඩේට ගැලපෙන තුවක්කු වර්ගය තමයි මම කිව්වේ. එයින් අදහස් කරන්නේ හැමවිටම ඒවා රැගෙන යායුතු බව නෙවෙයි. දැනට පොලිස් නිලධාරීන් පාරේ ඉන්නවා 1950 දී පමණ නිෂ්පාදනය කරපු .38 රිවෝල්වර් පැළඳගෙන. මටනම් අනුකම්පාවක් ඇතිවෙනවා. ඒවායින් 25%ක් වත් හරියට වැඩ කරන්නේ නැති බව මට කියන්න පුළුවන්.

      Delete
    5. පොලීසියට ඇයි තුවක්කු? යුද්දෙකට යන්නද මහජනයා එක්ක?

      කැරළි මර්ධන හමුදාව කියලා වෙන එකක් තියෙනවා නේද? ඉස්සර අර ගෆූරා ලා ආවෙත් අත් වන වන. ගැහැව්වේ කඳුලු ගෑස් විතරයි. දැන් නං වතුර කැනන් තියෙනවානේ.

      අපේ අංකල් කෙනෙක් හිටියා මට මතකයි බැටන් පොල්ල විතරයි තිබුණේ ආයුදේකට!

      Delete
    6. ඕනෑම පොලීසියකට තුවක්කු අවශ්‍ය වෙනවා. නමුත් ඒ තුවක්කු පාවිච්චි කලයුත්තේ තමන්ටත් ගිනි අවි ප්‍රහාරයක් එල්ලවනවානම් පමණයි. ඒ තමයි ජාත්‍යන්තර නීතිය. ආධාරක භට පිරිස් එන්නට කලින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීම පිණිස ගිනි අවියක් තිබීම වැදගත්. ජාත්‍යන්තර නීතිය අනුව සම්පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු පොලීසියට ලබාදීම සුදුසු නැහැ. නමුත් දැන් අපේ රටේ පොලීසියේත් තියනවා T 56 නමැති පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුව. ඒ නිසයි මම යෝජනා කරන්නේ පොලීසියට අඩු කැලිබරයකින් යුත් අර්ධ ස්වයංක්‍රීය තුවක්කු දියයුතුයි කියලා. දැනට අපේ රටේ තියන තත්වය යටතේ අපරාධ වැඩිවෙනවා මිස අඩුවෙන්නේ නැහැ. ඒ නිසා පොලීසිය සන්නද්ධ කලයුතු වෙනවා. බැටන් පොල්ලෙන් ගහපු කාලේ තිබුනේ බැටන් පොල්ලට බය උද්ඝෝෂණ. නමුත් මේ රටේ උද්ඝෝෂණ වලදී පොලීසිය වෙඩි තියපු අවස්ථා (සාධාරණ/අසාධාරණ) තිබෙනවා. එහිදී වෙඩි තිබ්බේ .303 වැනි ඉතා ඉහල කැලිබරයේ ආයුධ වලින්. ඒ නිසයි මම කියන්නේ මිලිමීටර් 9 අවි වඩාත් යෝග්‍ය බව. කාරුණිකව ඉල්ලනවා රතුපස්වල ගැන මා ලියන ලද ලිපිය කියවන ලෙස.

      Delete
    7. කකා , ඕස්ට්‍රේලියාවේ ඩියුටි ඉන්න හැම පොලිස් කාරය ගාවම තුවක්කුවකුයි , ස්ටන්ඩ් ගන් එකකුයි තියෙන්නේ , ඔහේ හරි දරුණුවට යුද්දයක් යන හින්ද වෙන්න ඇති නේ ? :P

      පොලිස් කාරයෙක් ට තුවක්කුවක් ඕන වෙන්නේ තමන්ගේ ආරක්ෂාවට. මොකද රස්සාව කරන්නේ පන්සලක හරි සිල් ගත්ත මිනිස්සු අතරේ හරි නෙමේ නේ. කකාත් වැඩ බිමකට යවන්න ඕනේ හෙල්මට් , බූට් නැතුව. ඒවා මොකටද ? තමන් පරිස්සං උනාම හරි නේ ! ? ;)

      Delete
    8. @ මහසොහොන් පිල්ලිය
      මෙන්න ඔහේලගේ ගමේ පොලීසියේ වැඩ කිඩ.

      http://www.smh.com.au/federal-politics/society-and-culture/poor-training-and-bad-tactics-to-blame-for-police-shootings

      Delete
  4. Ape paththeth awith yanna http://slnawakatha.blogspot.com

    ReplyDelete
    Replies
    1. හොදයි ඔන්න අපි ඇවිත් ගියා

      Delete
  5. මැලේසියාවෙ පොලිස් නිලධාරීන් අදින්නෙ තද නිල් පැහැති කොට් එකක් සහ ඒ පැහැයෙන්ම යුතු දිග කලිසමක්....ඒ කලිසමේ දෙපැත්තෙන් සුදු ඉරක් තියෙනවා ඉහළ සිට පහලට...රථ වාහන නිලධාරීන් සුදු පැහැති ඇදුමට කල දිග කලිසමක් අදිනවා....මේ අයගෙ හමේ වර්ණය පැහැපත් නිසා මේ ඇදුම ඒ අයට බොහොම ලස්සනයි....අපේ අයටත් ලා නිල් පැහැය ගැලපෙයි කියලා හිතනවා...

    http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2011/7/8/1310132979585/Malaysian-police-line-up--007.jpg

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් මයි ලස්සනයි සිරා අයියේ

      Delete
  6. ලන්කාවෙ පොලිස් ගැන නම් කතා කරල වැඩක් නෑ.ඔය අදුම පොඩ්ඩක් පැත්තකින් තියල මේ මට උන කේස් එකක් අහහන්.අපේ ගෙවල් ළග හොරකමක් උනා මහ දවල් lcd ටී වී එකක් ගෙදර ඈතුලට ඇවිත් හදන්න ගෙනියන්න විදියට ඇන්න ගිහින්.හෙහ් හෙහ් පොලිස් එකා ආව පැජරෝ එකකින්.විස්තර ලිය ලිය ඉන්නකොට ගමේ එකෙක් ඇවිත් කීව අන්න ටී වී එකක් ඇන්න එකෙක් කොලබ බස් එකකට නන්ග කියල පොලිස් අන්කල් සුටුස් ගාල ඉස්ටර්ට් කොලා වාහනේ අපි තල්ලු කරල දුන්න බස් එක පස්සෙ යන්න.

    ReplyDelete
    Replies
    1. හි හි ඉතින් හොරා අල්ල ගත්තද අයියේ....

      මේ ඒක නෙමේ ඔයාගේ ගම් පළාත කොහෙද හැබෑට ඈ බොහොම රූරල් ගතියක් මෙවුවා වෙන්නේ ටෝකින් ස්ටයිල් එකෙන්

      Delete
    2. ඇත්‍ත කියහන් මඟියො උඹ 'අටකලම්පන්නෙ' කියලා. හික්… හි……
      මම නම් 'කළුවා මෝදර තුම්පිම්ම හංදියෙ' හික්… හික්.…

      Delete
    3. ප්‍රියා @ බැනුම් අහගන්න වෙයි ඈ ..ඔන්න මං නම් නැහැ ඕවට

      Delete
  7. අනිවා... ලංකාවෙ පොලිස් මාමලාට වෙන නිල ඇඳුමක් නං අන්ඳන්නම ඕනෙ. ඒක ඔම කියනව වගේ පොලිසිය සහ මිනිස්සු කියන දෙපැත්තටම හොඳයි. හැබැයි එතිං ඒ ගමංම එයාලගෙ ආකල්ප සංවර්ධනය කරනත් අනිවාර්යෙං මොකක් හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නම ඕනෙ. නැත්තං ඉතිං හොලිවුඩ් නලුවො වගේ අන්දලා ගත්තත් අපේ මාමලා ගොම'කොල පාටම තමයි.
    .
    කාකි ඇඳුමට උනත් අර සුදුපාට සුසුකි පොලිස් බයික් වල යන පොලිස් මාමලගෙ අමුතු ගාන්භීර කමක් තියෙනවා.
    හැබැයි ඒකට දැං... එක එක පාටිං ඉන්දියන් හුචක්කු දීලා මුංගෙ අවලස්සන ලස්සනට වැඩිවෙලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ආකල්පමය වෙනසක් කරන එක ගැන නම් හිතාගන්න බැහැ තිලිණ..
      // කාකි ඇඳුමට උනත් අර සුදුපාට සුසුකි පොලිස් බයික් වල යන පොලිස් මාමලගෙ අමුතු ගාන්භීර කමක් තියෙනවා.////

      අපේ ආච්චි අම්මත් මහින්ද ලොක්කට කැමති තණකොළ ගොල්ල වගේ තියෙන උඩු රැවුලයි සුදුපාට ජාතික ඇදුමයි නිසානේ...

      Delete
  8. මට තක විදියට අර තුන්වෙනි ෆොටෝ එකේ ඉන්න ලංකා පොලිස් ගෑල්ළමයි ටිය යන්නේ කාන්තාවන් ගේ අයිතීන් ගැන කෙරුණු විරෝධතාවයකට (නිමල්කා) බැෂ්ටිය දෙන්නයි!

    පේනවා නේ හිනා වෙවී යන හැටි.

    ReplyDelete
    Replies
    1. @කතන්දර කාරයා .හි හි නිමල්කා බැස්ටිය ඔය දෙකම මට තේරුණේ නැහැ අනේ

      Delete
    2. ගණිකා වෘත්තිය නීතිගත කරන්න – නිමල්කා ප්‍රනාන්දු

      http://www.lankafrontline.com/?p=19643

      බැස්ටිය = බැට ( වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දෙතී )

      Delete
    3. ඉන්දික@
      මං දැනගෙන හිටියේ නැහැ අයියේ thanks.

      Delete
  9. අපෝ පොලිස් නෝනලාට කලිසම් ඇන්දුවොත් මරුවට හිටී. skinny legs..flat bums...big bellies :-)

    ReplyDelete
    Replies
    1. ''සෝකෝ'' පොලිස් අක්කලා දිග කලිසං අදිනවා

      Delete
  10. ඕක වෙනස් කොරන්න ගිහින් පොලෝසියත් අන්තිමට පාරට බැහැල වැඩ වර්ජන පටන් ගනීද ඔමා..

    ReplyDelete
    Replies
    1. උමේෂ්@ එතකොට අපිට තියෙන්නේ කැරලිකරුවන් මර්දනය කරන්න බඩු ලෑස්ති කරන්න..කියන දේ ඇහුවේ නැත්තම් වෙඩි තියන්න කදුළු ගෑස් නැත්තම් LP ගෑස් වලින් හරි දෙන්න :)

      Delete
  11. මට පොලිස් කාරයෝ පෙන්නන්න බැරි එක හේතුවක් තමා ඔය ඇඳුමේ පාට...

    ෴ හිතුවක්කාරයෙකුගේ සටහන් ෴

    ReplyDelete
    Replies
    1. අමිල@.

      මටත් ඒක එක හේතුවක් ,, ලින්ක් එක දිගේ එන්නම්

      Delete
  12. දැං පොලිස් මාමලයි අලුත්ම ඉට්ටැයිල් එක තමයි හැංදෑවෙ 6ට 7ටත් සංගලාස් දාං ඉන්න එක.මං හිතන්නෙ අවු රස්නෙට වෙන්නැ.ඇයි ඉතිං එතුමංලා ලගත් කොච්චරනම් රස්නයක් තියනවද?මං මේ කිව්වෙ නිළ ඇදුමෙ රස්නෙ

    ReplyDelete
    Replies
    1. මල් මල්
      එහෙමද පව් අප්පා ...

      මල්ලි දැන් වනිතා හඩට කන් දීලා අරක කපනවයි ඉදගෙන ඔයා හි හි හි

      Delete
  13. බලම්ය් ඇඳුම වෙනස් කරලවත් හරි යයිද කියලා!

    ReplyDelete
    Replies
    1. පොලෝසියේ කවුරුත් බ්ලොග් කියවන්නේ නැහනේ අප්පා නාඩි අයියේ

      Delete
    2. අදෙ අෆ්ෆා. දන්නවද ඔමා මාත් මෙහෙම හිටියට A/L කරන මැදක් වෙනකම්ම හීන මැවුවෙ ඔය කිට මරලා (පගා කන්න නෙමේ බොල ඩියුටි කරන්න) පොලිසියට බැදෙන්න.ඒත් මගේ පිනකට විභාගෙ කරලා ඉවර වෙත්දි පොලෝසිය මට තිත්ත කසාය වගේ.

      වැරදිලා හරි මන් පොලොස් කොට්ටෝරුවෙක් උනා නම් අද බ්ලොග් කියවන පොලොස් කාරයෙකුත් ඉන්නවා ඕන්.

      Delete
    3. පොලිස් කාරයෙක් වෙච්ච නැති නිසානේ බ්ලොග් කියවන්නේ ...හැමෝටම පොලෝසියේ අයව පේන්න බැහැ අනේ මන්ද ..පව් නේද :)

      Delete
  14. ඇදුමේ අවුලක් නැ නේ අක්කෝ ( මට නම් හොදේ) 

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මධාරෝ මිනිස්සු විවිධාකාරයි ලෝකේ සෘජුකොනාශ්‍රාකාරයි :)

      Delete
  15. මගේ අදහසත් හොරු අල්ලන්න පොරබදන්න සුදුසු ඇඳුම් නොවේ ඔවුන් පාවිචි කරන්නේ.

    //ඒ කැත ගොමකොළ පාටින්ම උණත් (කාකි) // ඕමයා කාකි කියන්නේ පොලිස් ඇඳුමේ පාට නොවේ. විචාරක මහතා කියුව සහයක ලාගේ ඇඳුමේ පාට කාකි කියන්නේ කහපාටට හුරු ලා දුබුරු පාට.

    ReplyDelete
    Replies
    1. විශ්ව..

      එහෙමද මං මේ වෙනකල් හිතන් හිටියේ එහෙම .තෑන්ක්ස් අයියේ .

      Delete
  16. ආපෝ මොක ඇන්දත් වැඩක් නෑ දැන් උන්ගේ බොරු ලොකු ලයින් බස්සන්න තමා ඕන හැමදේටම කලින්

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අප්පා..ඕනේ කටුස්සෙක් වගේ කෙනෙක් ඕක ඇදලා කැප් එක දාපුවම බලන්න එපැයි තියෙන මෙවුවා එක

      Delete
  17. කැලේ මාරු කරාට පුල්ලි මකන්න බැහැනේ ඔමා.....ආකල්පමය වෙනසක් තමයි අවශ්‍යය කියලා මට හිතෙන්නේ...ඔසරියක් අන්දලා කොන්ඩේ කටුවක් ගහලා පොලිස් රාජකාරියට යැව්වත් ඔය ටිකමයි වෙන්නේ. (අවංක නිලධාරීන් අමනාප නොවන්න )

    ReplyDelete
    Replies
    1. නිකමට කැලේ මාරුකරලා බැලුවනම් ,,,පුල්ලි මාරු නොවුණත් යම් වෙනසක් වෙන්න පුළුවන්....
      ..මගේ නිකන් සිතුවිල්ලක් විතරනේ අයියේ මේවා වෙනස් වෙයිද අපි බ්ලොග් වල ලීවට

      Delete
  18. ධර්ම චක්‍රයත් තියෙන නිසා නරකත සිල් පාටින් සරමකුයි බැනියමකුයි ඇන්දුවොත්!

    ReplyDelete
    Replies
    1. කකා.......උතුරු සළුව එල්ලන්නේ කොයි හරියෙන්ද?

      Delete
    2. නිල්පාටින් අන්දලා රතු පාටින් උතුරුසළුව දැම්මනම් හරි මහරජතුමා වගේ

      Delete
  19. මට නං පීඑච්අයි මාමාවත් මාරුවෙනවා..

    ReplyDelete
    Replies
    1. දේශ @ඔව් අනේ තරු අනම් මනම් හින්දනේ අදුරගන්න පුළුවන්

      Delete
  20. ඇත්තටම ලංකාවෙයි ඉන්දියාවෙයි තමයි මම දැකල තියෙන කැතම නිල ඇඳුම් තියෙන්නේ පොලිස් මාමලාට

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමයි ,ඇදුම ලස්සන වෙලත් වැඩක් නැහැ මෙවුවල අප්පා

      Delete
  21. ලංකාවේ දේශගුණයට වඩාත්ම ගැලපෙන පොලිස් නිල ඇඳුමක් විශේෂ කාර්ය බලකායේ කාර්යාල කටයුතු සඳහා භාවිතා කරනවා.එම නිල ඇඳුම කාන්තාරයේ වැලිවල පැහැයට හුරුයි.කෙටියෙන් කීවොත් ක්‍රීම් පැහැතියි.ඒ නිල ඇඳුම සමඟ ගිනි අවි රැගෙන යාම කරන්නේ නැහැ.එය සියලුම පොලිස් නිලදාරින්ට නිර්දේශ කරනවානම් හොඳයි.අනිත් අතට පොලිස් නිලදාරීන් තම සිරුර ගැන නොසැලකිලිමත් නිසාත් නිල ඇඳුම හැඳි විට ප්‍රිය මනාප පෙනුමක් ලැබෙන්නේ නැහැ.අනිත් අතට යුද්ධය නැති වුනත් සන්නද්දව සිටින අපරාධ කරුවන් නිසා පොලිසියට සුළු ගිනි අවි ලබාදිය යුතුමයි.විචාරක මහතා අදහස් කරන MP5 වැනි ගිනි අවි වෙනුවට පිස්තෝල සහ රිවෝල්වර සුදුසු යයි සිතමි.සාපේක්ෂව මේවායින් සිදුවන හානිය අඩුය.හොඳ පුහුණුවකින් පසුව මේ ගිනි අවිවලින් මනා සේවයක් කල හැකිය.

    ReplyDelete
    Replies
    1. හොද අදහසක් ඇනෝ ... අපිට ඕවා හිතුනට රටේ ඉහලින්න උන්ට ඕවා ගානක් නැහනේ අප්පා

      Delete
  22. අනේ අප්පේ

    ReplyDelete
  23. මං ඔයාට ආදරෙයි නංගි ඔහොම නපුරුවෙන්න එපා හරිද

    ReplyDelete
    Replies
    1. ඔයා තාමත් පෘෂ්ටවංශිකයෙක් උනේ නැහනේ ආදර වන්තයෝ

      Delete
  24. අපේ පොලිස් මාමල පාරෙ ඉඳං අහින්සක බක් කාරයො නවත්තල ජරාව ගන්න විදියට මට නං හිතෙන්නේ කලිසම වැඩක් නෑ ෂර්ට් එක විතරක් දුන්නම ඇති කියලා !!!
    ඒ මිනිස්සු ජරාව ගන්නෙ දරු පවුල නඩත්තු කරන්න පඩිය මදි නිසා කියල කෙනෙක් කියනවනං තව ටිකක් හොඳට හොයල බලන්න !!! ඒක එහෙම පිටින්ම ගොඩක් අය වියදම් කරන්නෙ චයිනීස් එකක බොන්න හරි බැරැක්කෙ සෙට් වෙන්න හරි තමා !! ඒව ගෙදර ගෙනියන් නෑ !!

    මොකෝ ඒ මහත්තුරුත් දන්නව ඇති මේ සල්ලි වලින් ගෑනුන්ට දරුවන්ට කන්න දෙන්න හොඳ නෑ කියලා !!!

    ReplyDelete
    Replies
    1. පත්තර මුන්නා@ අනේද කියන්නේ මල්ලි සහතික ඇත්ත..

      Delete
  25. ඒකනම් ඇත්ත නංගී! මේ රටවල නිල ඇඳුම කොච්චර හැඩද? අපේ නිළියෝ පාර්ලිමේන්තු ගියාම මේවා වෙනස් කරයි. එතකන් ඉවසං ඉමු...

    ReplyDelete
    Replies
    1. හි හි කරයි කරයි අයියේ අපේ නිලියෝ @චන්දන

      Delete
    2. එහෙම කියන්න එපා ඔමා බලමුකෝ...)))

      Delete
    3. දිලිණි@ බලමුකෝ මොනා කරයිද කියලා

      Delete
  26. අන්දන්න ඕන ලොකු සාක්කු තියන එකක්, බ්හ් හක්. හක්..

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. විදානේ@ හි හි ඒකනම් ඇත්ත ඈ තව පුරෝගන්න පුළුවන්

      Delete
  27. පරන පොලිස් අදුම දැක්කම මට මතක් උනේ අර ඉස්සර ITN එකේ ගිය ප්‍රියන්ත සෙනෙවිරත්නයි පොලිස් කාරයො දෙන්නෙකුයි ඉන්න මියුසික් වීඩියෝ එක :D මට ඒ සින්දුවෙ නම මතක නෑ...

    ReplyDelete
    Replies
    1. සඳ සාක්කි කියාපුදෙන්....හිරු සහතික ලියාපුදෙන්...

      Delete
    2. සකිසද එලියස් එකෙත් ඔහොම සීන් එකක් තිබ්බා නේද

      Delete
  28. අන්න ඒකටත් එක්ක ඉතාලි පොලිස් කිට් එකයි කැරිබිනේරි කිට් එකයි.. පොලිස් කෙල්ලෝ ඒක ඇදන් ඉද්දී මාර ගතී.. මම මගේ දරුවෙක් මෙහේ පොලිසියට දානවමයි.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. අනේ මේ මොන ලෝකේ වුණත් ළමයි නෙමේ හත්මුතු පරම්පරාවේ එකෙක් දාන්න එපා පොලිසියට

      Delete
  29. නරක නැහැ අදහස... මාත් කල්පනා කරනවා මෙච්චර රස්නේ මුන් කාකි කිට් කොහොම ඇඳ ඉන්නවද කියලා. කලිසම කෙසේ වෙතත් ෂර්ට්.

    ReplyDelete
    Replies
    1. තිසර@
      අපිට හිතෙන ඒවා අපේ ලොක්කන්ට නොහිතෙනවද ,,නැත්තම් දැනිලත් නොකර ඉන්නවද මන්ද

      Delete
  30. ඔයාගේ කතාව සම්පූර්ණ ඇත්ත. මේ ඇඳුමට දාඩිය දැම්මම පුදුම ගඳක් එන්නේ. දවසක් අපේ වාහනයට වවුනියාවෙන් පොලිස් කාන්තාවෝ දෙන්නෙක් නැගලා මම ඉන්න තැනින්ම වාඩි වුණා. කියලා වැඩක් නෑ සුවඳ. ලංකාවේ දේශගුණයට නම් මේක ගලපෙන්නෙම නෑ. කොයි තරම් කලර් ලයිට් තිබ්බත් මෙයාලාත් පාර මැද්දේ හිට ගන්නවානේ. නිල ඇඳුම වෙනස් කරන්න නම් කාලේ හරි තමයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 40 ට රජයන් කීයක් ආවා ගියාද...බොරුවට ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් ලට ඇදුම් අදින්න කිවා, ටිකක් කඩන මැෂින් ගන්න බලකලා, ඒ මිනිස්සුන්ට පොඩ්ඩ වෙද්දී දඩ ගහන්න බලනවා...යන යන තැන ඉන්නවා දෙන්නා දෙන්න ..කිසිම වැඩකට ඇති දෙයක් නැහැ..

      Delete
  31. ඇඳුම නං කමන් නෑ කියමු.. ඒත් රාජකාරිය අකුරට වෙනවා නං ඒකවත් ඇති. ඒත් කොයි.. මුං පගා මරුවෝ..

    ReplyDelete
  32. ඇඳුමත් වෙනස්වෙන්න ඕනෙ තමයි ඒත් වඩාම වැදගත් ආකල්ප හැසිරීම වෙනස් වෙන එකයි.. මිනිස්සුන්ට හෙලාතලා කතාකරන පොලිස් කාරයා මොක ඇන්දත් හෙළුවෙන්..

    ReplyDelete
  33. සැහැල්ලුවට හිතන්ට නං අමුඩ ම ගස්සන්ටෝනෙ. දන්නැද්ද.. උදේ නෝනා මහත්තයාගෙ තේ එකට සීනි අඩු උනත් ඕවා අහිංසක මිනිස්සුන්ගෙ පිටින්නෙවැ යන්නෙ. :P :)

    ReplyDelete
  34. amudeth naththam thawath sahalluwak danei ne hih hih he....

    ReplyDelete
  35. අපේ පොලිසිය Professional පොලිසියක් බවට පත් කල යුතු බවයි මගේ අදහස

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...