Sunday, January 19, 2014

කෝඩුකාර තාත්තා


පිරුණු කුස දකින විට මා නමින් 
නැගෙන විට වේදනා ඔය මුවින් 
කදුළු දිය නොකෙරුවට මේ  නෙතින් 
හඬනවා රෑ පුරා හොර හොරෙන් 

අඳින විට ලොකු ගවුම නුඹ හෙමින්
මැවෙනවා නුබේ කෝල මුව හිතෙන් 
නගින විට පඩිය දෙක හරි හෙමින්
පිරෙනවා ආදරේ නුඹ නමින් 


මේ උඩ තියෙන කවි පේලි 8 ලීවේ පුරුදුවෙන්න මගේ තිඹිරිගෙයි නොවැම්බර් 24 වෙනිදා ලිවේ ... දැන් ඒක ආපහු කියවද්දී තමයි හිතුණේ ටිකක් හොදට ලියන්න ඕනේ කියලා..




පිරුණු සදකී උපමා කල නුඹට ..... ගතී
නැගනූ සදට වටකර ....තරු දහස් .....නිතී
නැගුනූ පෙමක කඩයිම අග සුවක් ..ඇතී
ලෝ දැරු උතුම් පදවිය පිය සෙනේ වෙතී


උපමා නමැද මව් ගුණ ලොව නිමක්.. නැතී
කවියන් නමැද මව් ගුණ පද වැලක් ....වෙතී
විදි දුක සොදුර නුඹ වැනී මා පසක් ....වෙතී
ලේ කිරි නොවුනූ පිය සෙනෙහස ඉරක් වෙතී

ඇඳ හැඩ ගවුම සමුදී දරු සෙනේ වෙතී
දරු සිත ගාව දෙතනේ ලේ කිරට .එතී
රැ සිහිනෙන්ද මුමුනූ එක පැතුම ..නිතී 
නුඹ මෙන් මාද ඒ පැතුමින් සසර..සිතී

 දැරුවේ විළි දුක අපමන සුවය.........නැතී
 නැගුවේ ශක්තියයි අප සිතුවමක .....වෙතී
 පිය සෙනෙහසද නිම් තෙර නැතී සසර ගතී
 පිය ,මව් සසර පෙරමඟ සුව නුඹට ...වෙතී



නුඹ සුවද දුන් ලෝකය
අද මගේ මුළු ජීවිතයම වී අවසන්ය
 දිවි ගමනේ නුහුරු කඩයිමක 
දුටු සොදුරුතම සිත්තම නුඹය.
මේ ලොව උතුම්ම පදවියට
දහඩියෙන් කිරි පෙවු මව්ද මමය
දුවේ නුබේ මෑණියන් සඳක්  නම් 
නුඹ දිනක දැනගනීවී
               සදටද එළිය දුන් හිරු මා බැව්..........



ප/ලි
 තාත්තා තමයි මේ ලෝකේ මං අදරේ ගොඩක්ම කරපු කෙනා.එයා මතක්වෙන ගානේ දැනෙන්නේ ලොකු දුකක්,තනිකමක්.

ඉතින් තාත්තා කෙනෙක්ගේ ආදරය සමීපව විඳපු මතකයෙන් මං මේවා ලීවේ බ්ලොග් කියෝන තාත්තලා වරදක් හෝ අඩුවක් වේනම් කියන්න හොඳේ :)

73 comments:

  1. බුකියේ කිව්වා වාගේ නිදාගෙනන නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ එහෙම්ම ලියුවා @my life

      Delete
  2. මොනවද දරුවො අඩුපාඩු කියන්න තියෙන්නෙ. මම හැමදාම කියනවා වගෙ බ්ලොග් ලියනා කෙල්ලොන්ගෙ තාත්තලාට තියෙන ආදරේ වැඩී විශේෂෙන් ඔයා.

    උදේම මේක කියවලා පුදුම සතුටක් දැනුනෙ.
    (ඒකට තව හේතුවක් තියෙනවා පස්සෙ කියන්නම්.)

    නියමයි ඔමා ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, කියන්නකෝ අයියේ..පස්සේ ස්තුති @ප්‍රියා

      Delete
    2. ප්‍රියා අයියට දූ පොඩ්ඩ ඔහොම කියනවා මතක් වෙන්න ඇති නේද?

      Delete
  3. කවි ටික ලස්සනට ලියල තියනව අක්කෙ, ඒ වගේම ෆොටෝ ටිකත් නියමෙට ගැලපෙනවා..

    ReplyDelete
    Replies
    1. සසිඳු @ ස්තුති මල්ලි

      Delete
  4. දූවරු ඉන්න තාත්තලාට මේවායේ රසය වැඩියෙන් දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුදීක අයියෙ අත්දැකීමෙන් කියන්නෙ.

      Delete
    2. මා කිව යුතු දේම සුදීක පවසා ඇත..... ඉතින් තව මොනවා කියන්නද

      Delete
    3. @සුදීක , ප්‍රියා, නලින් තාත්තලා තුන් දෙනෙක් එක පෙලට කොමෙන්ට් කරලා ...ස්තුති

      Delete
    4. සුදිකගෙ කතාවට ඔන්න මමත් අත ඉස්සුව.
      ලස්සනයි ඔමා කවි

      Delete
    5. ස්තුති දමිත් අයියේ

      Delete
  5. අපි තාත්තලයැ බොලාට උපදෙස් දෙන්න.. හැක්..

    ReplyDelete
    Replies
    1. පවු දෙයියනේ කිරි සප්පයා.

      මේ දරුවො ඕන්නම් මාව දරුකමට හදාගන්කො. හි… හි…

      Delete
    2. දේශක @ එහෙමද ? හා එහෙනම්

      Delete
  6. මොකක්ද අපූ මේකේ ඇති වැරැද්ද ..එකම වැරැද්ද ටිකාක් දුක හිතෙන එක තමයි

    ReplyDelete
    Replies
    1. @ඉවාන් දුක හිතෙන්නතු වෙන්න ලියන්න ටරයි කරන්නම්කො ඉදගෙන

      Delete
  7. මට නං පේන්න වැරැද්දක් නැතිය. කවි ඒ තරං නියමය.. ඒකෙ ආයෙ කතා දෙකක් නැත

    ReplyDelete
  8. හැම රෙද්දම ලියන්නේ . අපිටත් මොනවහරි ඉතුරු කරනවා ළමයා

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ ඔය මුළු සත්තු වත්ත ගැනම ලියන්න හදන්නේ ඒකේ ටිකක් කාටවත් ඉතුරු කොලායැ

      Delete
    2. @අටම්
      ඔන්න ඉවාන් දීලා තියෙන්නේ උත්තරේ
      ඇයි එහෙනම් ඔයා ගොළුබෙල්ලෝ කරන එවුවා ලීවේ ඈ ,ඒ වා අපිලියන්න ඉන්න ඒවා :)

      Delete
  9. ඔය කවි සංකල්පනාව තවත් දහස් ගුණයකින් ඔප්නැංවී ඔබේ හදවතටම දැනෙන්නේ ඔබ මවක්වූ දවසටයි.

    ReplyDelete
    Replies
    1. ලජජ්යි අනේ ඕම කියද්දී @විචාරක තුමා

      Delete
  10. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  11. සියලු පියවරුනට උපහාරයක් ම වේවා!

    ReplyDelete
    Replies
    1. ත්න්කු දිලිනියෝ

      Delete
  12. " පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි.."

    ReplyDelete
    Replies
    1. මදි හින්දනේ දෙයියනේ මන් කෝම කෝම හරි මේ ලියන්නේ @උමේෂ්

      Delete
  13. ජීවතුන් අතර ඉන්නා කාලෙදි දරුවන් හඳුනා නොගන්නා මනුස්සයාගෙ නම තාත්තා. අම්මගෙ ආදරේ සද්දයි.. උලපත ගලනවා වගේ පෙනෙනවා. තාත්තගෙ ආදරේ නිහඬයි අදෘශ්‍යමානයි.. හරියටම අපි හුස්ම ගන්න වායුව වගේ.. හුස්ම ගන්න වායුව නැති උනදාටයි තෙරෙන්නෙ ඒකෙ අගේ..

    ReplyDelete
    Replies
    1. // අම්මගෙ ආදරේ සද්දයි.. උලපත ගලනවා වගේ පෙනෙනවා. තාත්තගෙ ආදරේ නිහඬයි අදෘශ්‍යමානයි../// ඒකනම් ඇත්තයි ,, අම්මගේ ආදරේ වගේම කටත් සද්දයි

      Delete
    2. ජීවතුන් අතර සිටියදීම තාත්තගෙ ආදරය හරියට තේරුම් අරගන්න හැකිවේච්ච කෙනෙක් මම...අම්මට වඩා තාත්තා මගේ ජීවිතයට සමීපයි අද වෙද්දි...පොඩි කාලෙ ඉදලම මගේ වීරයත් එයයි...

      Delete
    3. සරත් අයියගේ මේ කතාව නම් මමත් අත්විදල තියනවා

      Delete
  14. හැඩට ලියල තියෙනවා!!!

    ජය වේවා!!!

    ReplyDelete
  15. බොහොම ලස්සනයි! අපූරැයි! තව තව ලියන්න. විශාල දියුණුවක් මට පේනවා. ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. චන්දන @ඔයා වගේ නම් කවි ලියන්න මට බැහැ ,,ඒත් දැන් මං ලියන්න පුරුදුවෙනවා ස්තුති

      Delete
  16. අර පුරුදු වෙන්න ලියපු කවි කීපයත් අනිත්වටත් වඩා මට නම් හොඳයි.

    තාත්තගේ ආදරය තේරෙන්න කල්යනවා. සමහරවිට පරක්කු වැඩිත් එක්ක. අවුරුදු 18කට ඉස්සර නැතිවෙච්ච තාත්තා ගැන මම තවම ක්‍රමයෙන් තේරුම් ගනිමින් ඉන්නවා. ඇයි එයා ඒ වෙලාවේ ඒ වැඩේ කලේ, ඇයි තාත්තා ඒ වෙලාවේ මොකුත් නොකියා හිටියේ කියලා වගේ.

    ReplyDelete
    Replies
    1. @හෙන්රි
      මටත් එහෙමයි පොඩිකාලේ එයාගේ ආදරේ දැනුයි තේරෙන්නේ,මගේ තාත්තා ජිවත් වුණත් මං ලග නැහැ

      Delete
  17. ඇත්තෙන්ම බොහොම ලස්සනට මේ පද ටික එකතු කරලා තියෙනවා...තාත්තා කියන මහා වෘක්ෂය වටා පුංචි කාලෙ ඉදලම ඔබේ හිතේ එකතුවෙච්ච සෑම විදියකම හැගීම් එකට කැටිකොට තියෙන බවක් තමයි මට වැටහුනේ....වයසින් තරමක් මුහුකුරා යනකං තාත්තලගෙ ආදරේ අපිට දැනෙන්නෙ නෑ....ඒ අය අපිව ජීවත් කරවන්න මුදල් හොයන්න මහන්සි වෙන හැටි පුංචි හිත් වලට සංවේදී නෑ....ඒ නිසයි හැමෝම අම්මගෙ ආදරේ ගැනම කියන්නෙ...නමුත් කරදඩු උස්මහත් වෙලා අපිත් රැකියාවක් කරලා කසාදයක් බැදලා එද්දි තාත්තගෙ එදා දරපු වගකීම් සහ ඒ චරිතයේ වටිනාකම හොදින් අවබෝධ වෙනවා...අවාසනාවකට සමහරුන්ට ඒ සියල්ල සංවේදනය වෙද්දි තාත්තා ජීවතුන් අතර නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ,, ඔව් පුංචිකාලේ ඉදන් එයා එක්ක ගොඩක් සමිපවනේ මන් හිටියේ එයාගේ හැගීම් මට හොදට තේරෙනව.. // සමහරුන්ට ඒ සියල්ල සංවේදනය වෙද්දි තාත්තා ජීවතුන් අතර නෑ./// මේක හරිම කනගාටුදායක තත්වයක්

      Delete
  18. මුල් කවි දෙක තමයි ලස්සනම. තාත්තාගෙ ආදරේ උපරිමයෙන්ම විඳින කෙනෙක් මමත්. ඔයා තාත්තා ගැන ලියන ඒවා මාරයි ඔමා. මේව තාත්තට පෙන්නන්න. එයා ගොඩාක් සතුටුවෙයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු බස්සියේ..දවසක පෙන්නනවා ,,ඒත් ලැජ්ජයි අප්පා

      Delete
  19. කවි ගැන ඉස්සර වගේ වුනානම් මොනා හරි කියන්න තිබුනා.. අපි දැන් කවි වලින් ඈත් වෙලානේ.. ඒ වුනාට මේක නම් කියන්න වරදක් නෑ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්@ තැන්කු දිනේෂ්

      Delete
  20. පුරුදු වෙන්න කියලා ගොතපු මුල් ටිකත් ලස්සනයි අක්කෙ.තාත්තා ඉන්න තැනකට මේ ටික ලස්සකට කොලේක ලියලා හැඩවැඩ දාලා අක්කගෙ ෆොටෝ කෑල්ලකුත් දාලා තැපැල් කරන්න.ඒ මනුස්සයට දැනෙයි ආයිමත් තමන් ජීවත් වෙනවා වගෙයි කියලා.විහිලුවක් නෙමෙයි මං කිව්වට කරලා බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. හැමෝම මුල් ටිකට තමයි කැමති ඒ මොකෑ අප්පා

      Delete
  21. ඉස්කෝලෙ සිංහල පොතට දාන්න යෝජනා කරන්න තරම් සාර්ථක බවක් දැනුනා..

    ReplyDelete
    Replies
    1. සෑම්@ thanks අයියේ අගය කලාට.

      Delete
  22. කවි ටික නම් උපරිමෙන් රස වින්ද . . . හිතට වදින්න හේතුවකුත් තියෙන නිසා . . .

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, ඔයත් තත්තෙක්නේ

      Delete
  23. කවි හින්දා මම කියෙව්වේ නෑ .... කොමෙන්ට් ටිකනම් කියෙව්වා ....

    ReplyDelete
    Replies
    1. මෙයත් දිනේෂ් වගේද @මැලේ

      Delete
  24. දරුවෙක් කියන්නේ ඉදුනු බතක් නම් තාත්තා තමයි එය සුරැකිව මේසේට ගේන පිඟාන. ඒ මගේ විග්‍රහය.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත @අරූ.. කිරිහොද්ද ට සමානකරල්ත් කතාවක් අහලා තියේ

      Delete
  25. තාත්තා කියා ඇමතීමට කෙනෙක් නොසිටි මාහට, ඔබගේ කවි කියවන විට දැනෙනනේ දුක සහ ඊරිසියාවයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න @ ජිවිතේ ඔහොමයි අනේ,, හිතන්න එපා ඔයාගේ දරුවන්ට හොද පියෙක් වෙන්න ,, අපි හැමෝටම හැමදේම නැහැ,මොකක් හෝ අඩුවක් තියෙනවා

      Delete
  26. අඩුවෙන්ම මගේ ලග හිටියට මම වැඩියෙන්ම ආදරේ කලේ තාත්තාට. දැන් නම් අම්මාට. ඊටත් වඩා ආදරේයි සරලකමට. හරි එවුවා වැඩක් නැ. කවිය ලස්සනයි :) 

    ReplyDelete
    Replies
    1. දිලිනි @ තැන්කු මචි.

      Delete
  27. අනේ නගෝ පුලුවන්නම් අර නිස්සද්ද සහන්ට මොකෑ උනේ කියලත් හොයල බලන්නකෝ. ඔයාල හොඳ යාළුවොනේ. මිනිහ වගේ ජෝකරයෙක් නැතුව බ්ලොග් අවකාසේ පාලුවට ගිහිල්ල. හිත වාවන්නෑ නගෝ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ @සහන් ගැන නම් දන්නේ නැහැ. හොයලබල්මු නේද අපේ යාළුවොනේ ඩුක් වෙන්ට එපා අයියණ්ඩි අපි ඔහු සොයාගමුකෝ හිමිට

      Delete
  28. මම වැඩියෙන්ම කැමති මුල් කවියට.. අනිත් ඒවත් ලස්සනයි...තාත්තලට ගොඩක්ම දැනෙනවා ඇති කවි ටික

    ReplyDelete
  29. @සයුරි ,, ස්තුති සයුරි ගොඩක් අය කැමති ඒකට මොකෝ දන්නේ නැහැ

    ReplyDelete
  30. 'piya senehasata kavi gee liyauna madi'.... oma akki e madi paduwa purawanna puluwan oyata thamai akkiyo...oyage kavi mage hadawathata godak danenawa

    ReplyDelete
  31. මේ ලිපිය දැම්මට ගොඩක් ස්තුතියි. අද අපේ රටේ තාත්තලාගේ වටිනාකම තේරෙන අය අඩුවේගෙනයි යන්නේ.

    ReplyDelete
  32. මේ ලිපිය දැම්මට ගොඩක් ස්තුතියි. අද අපේ රටේ තාත්තලාගේ වටිනාකම තේරෙන අය අඩුවේගෙනයි යන්නේ.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...