Tuesday, January 21, 2014

එක්ව එළිය කරමු යශෝධාගේ සිහිනය..

ඔමාගේ  හීන ලියන මගේ හිතේ අනාගතේ ගැන හීන , බලාපොරොත්තු දහසක් තියෙනවා..සතුටින් සැහැල්ලුවෙන් ඒ දේවල් එක්ක මං දවසගානේ ජිවත් වෙනවා....තාත්තා ,අම්මා මා ලග නැති අඩුව හැර වෙන දුකක් මට නැහැ. 
ඒත් යශෝධගේ හීන ,බලාපොරොත්තු වලට මෙපිටින් ඒ සියල්ල වසාගෙන ලොකු බාධකයක්,අභියෝගයක් තියෙනවා..එයාට ඒ අභියෝගෙට තනියම මුණ දෙන්න අමාරුයි....එයාට අපේ උදව්ව ලැබුණොත් ඒ බාධකය ජය ගන්න පුළුවන්..





ඇය යශෝධා ජයරත්න.ගැහැණු දරුවන්ම  තුන්දෙනෙක් ඉන්න  පවුලේ දෙවනියා.උපතින් කිසිම රෝගයක් වෙනස්කමක් නොතිබ්බ යශෝදා අවුරුදු නවය වෙනකල්ම සාමන්‍ය ළමයෙක් විදියට ඉස්කෝලේ ගියා,සෙල්ලම් කළා..ඒත් අවුරුදු නවයෙන් පස්සේ එයාට එක එක විදියේ අපහසුකම් ,ශාරීරික වේදනා දැනෙන්න ගත්තා .අතපය කැක්කුම් ,ඇවිදින්න අපහසුතා,අප්‍රාණික ගතිය,නිතරම තෙහෙට්ටු ගතිය, වගේ දේවල්.ඔය දේවල් වලට එක දිගට කොච්චර බෙහෙත් කලත් අඩුවක් වෙලා නැහැ...

මේ සියල්ල මැද 5 වසර ශිෂ්‍යත්ව විභාගයත් යශෝධා ඉහළින් පාස්වුණා.ඒත් වයස එකොළහ වෙද්දී යශෝධා  සම්පුර්ණයෙන්ම අඩපණ වෙලා එක්තැන් වෙනවා..මේ විදියට අවුරුද්දක් විතර එක්තැන් වෙලා ඉදලා ආපහු රෝද පුටුවක වාඩිවීමට තරම් සුවයක් ඇයට ලැබෙනවා.



ඇයට 1999 දී ඒ කියන්නේ අවුරුදු 11දී රෝද පුටුවේ වාඩිවෙන්න පුළුවන් වුණත් ඉනෙන් පහළ කොටස පණනැති වුණා.ඒ තත්වය අදත් එහෙමයි.



රෝද පුටුවේ වාඩිවෙලා හිටපු යශෝධට 2005 අවුරුද්ද වෙද්දී තව තවත් ශාරීරික අපහසුතා මතුවෙන්න පටන් ගත්තා.දිගින් දිගටම බෙහෙත් ගත්තත් තත්වයේ වෙනසක් ,ඇයට සහනයක් ලැබුණේ නැහැ.ශරීරයේ පහළ කොටස පණ නැති වීමත් එක්ක උකුල් ඇටය පැනීම නිසා උකුල් ඇටයේ වැරදි පිහිටීමත් ,එන්න එන්නම කොඳු ඇට පේළිය ශරීරය තුළට නැමීමත් නිසා කොච්චර බෙහෙත් ගත්තත් කිසිම සුවයක් ලැබුණේ නැහැ.

මේ වෙද්දී අසනීප තත්වය බරපතල ජිවිත අවදානමකට  හැරිලා ඉවරයි . scoliosis රෝගයේ උච්චතම අවස්ථාව වන Kyphoscoliosis කියන  රෝගී තත්වයට යශෝදා ගොදුරුවෙලා ඉන්නේ.මේ තත්වය තුල සැත්කමක් සදහා අපේ රටේ කිසිම ඩොක්ටර් කෙනෙක් ඉදිරිපත්වෙන්නේ නැහැ.බොහෝ දෙනා කීවේ ඔපරේෂන් එකක් කරන එක අමාරුයි කියලා.

ඔය අතර එන්න එන්නම යශෝධගේ කොඳු ඇට පෙළ නැමීම නිසා ඇගේ සිරුර අභ්‍යන්තර අවයව වල වේදනාවන් වචනයෙන් කියන්න බැරි අපහසුකම් දැනෙන්න ගත්තා. ඒ අතර තුර ඉන්දියාවේ ඇපලෝ රෝහලේ Dr. Sajan Hegde ඇයට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. කොඳුඇට පෙළ සහ උකුල් ඇටය බද්ධ කිරීමේ සැත්කම ඉන්දියාවේ ඇපලෝ රෝහලේදී සිද්දකරන්න භාර ගැනීමෙන්.ඒත් ඒ සදහා ඇස්තමේන්තු මුදල රු.ලක්ෂ 45 ක් බව දැනගත්තට පස්සේ ඒ බලාපොරොත්තුව ඇයට දැනෙන්න ගත්තේ හීනයක් විදියට.

අදාළ වාර්ථා කීපයක් 









 Dr. Sajan Hegde ගේ උපදේශය වුණේ මාස පහක් අතුලතවත් ශල්‍යකර්මය කරන්න ඕනේ කියන එක. ඒත් ලක්ෂ 45 ක මුදල සම්පුර්ණ කරගැනීම ලේසි කටයුත්තක් වුණේ නැහැ..මේ වෙද්දී උණුවෙන හදවත් තියෙන අපි අතර ඉන්න බොහෝදෙනෙක් ඇයට උදව් කරලා තියෙනවා..තවත් ඉතිරිවෙලා තියෙන්නේ ලක්ෂ 10 ක මුදලක් විතරයි.

ඊයේ රෑ යශෝධා එක්ක ෆේස්බුක් හරහා සම්බන්ද වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ  වෙලාවේ ඇයගේ අසනීප තත්වය ගැන අහද්දී මං ගොඩක් අපහසුතාවට පත්වුණා.පෙබරවාරි මාසේ මැද වෙද්දීවත් මුදල් ටික හොයාගන්න ඕනෙලු,

මේ වෙද්දී එයාගේ ශරීරෙ උඩ කොටසවත් එයාට හරියට සමබරව තියාගන්න බැහැ, හුස්මගන්න එක හරිම අපහසුවෙන් ආයාසයකින් කරන්න වෙලා තියෙන්නේ. නැමෙමින් තියෙන කොඳු ඇට පෙළට ඇග ඇතුළේ අවයව තෙරපෙන නිසා.පෙනහළුවලට ඒ පිඩනය වැඩිපුර දැනෙනවලු.ඒ නිසා ජීවිතේට තියෙන්නේ ලොකු අවදානමක්. එයා මා එක්ක කියපු විදියට මුළු ඇග තුලම එයාට වෙනස්වලු දැනෙන්නේ..උකුල් ඇටය පිට පැනලා නිසා කකුල් දෙක හොලවන්නත් අමාරුයිලු.. නිදාගන්න එක හරිම අමාරු දෙයක් යශෝධට.

"සැත්කම ඉක්මනින් කරන්න ඕනේ, කොහොමහරි ඉතුරු සල්ලි ටික හොයාගන්න ඕනේ"
"උකුල් අටෙයි,කොඳු ඇටපේලියෙයි ඔපරේෂන් කරගත්තොත් මට රෝද පුටුවේ හරි ජිවත් වෙන්න පුළුවන් "
"ඊට පස්සේ කකුල් දෙක කොහොමහරි සනිපකරගන්නවා" 

මේවා යශෝධගෙම වචන.ජීවිතේ පළවෙනි වතාවට මට ජිවිතේ වටිනාකම දැනුණේ මෙච්චර සමීපව.
..අපි දෙන්නම එකම වයසේ, කොම්පියුටර් එක ඉස්සරහා ඉදගෙන අකුරු අමුණ අමුණ කතා කරන මම ඉන්න සැහැල්ලුව එයාට නැහැ ,එයා එකම ඉරියවුවකින් හරිම පරිස්සමට රෝද පුටුවකට බර දීගෙන ඉන්නෙත් මං මට රිසිවිදියට ඉන්නෙත් මගේ හොදක් හෝ ඇගේ නරකක් නිසා නෙමේ. මේ ජිවිතයේ අපි නොදන්නා මොකක්දෝ කාරණයක් වෙන්න ඇති. 

මගේ අත කැඩිලා ගෙවපු දවස් කීපය මං කොච්චර කඩාවැටුණද ,දුක් වුණාද, යශෝධා අවුරුදු ගාණක් තිස්සේ රෝද පුටුවකට වෙලා ඉන්නවා..ඒ හිතේ හැගීම් තේරුම්ගන්න නම් මට කවදාවත් බැරිවේවි.ඒත් මට ඔයාට පුළුවන් ඒ වේදනාවෙන් ඇයව මුදවන්න දායක වෙන්න.පුංචි මුදලකින් හෝ.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් එකතුවෙලා 
යශෝධා වෙනුවෙන් ඉවෙන්ට් එකක් ලෑස්තිකරලා තියෙනවා, පෙබරවාරි 1 වෙනිදා.ඕස්ට්‍රේලියාවේ ඉන්න හැකියාවක් තියෙන කෙනෙක්නම් සහභාගී වෙන්න උත්සහ කරන්න.

මේ ලින්ක් එකෙන් ඉවෙන්ට් එකට ගිහින් බලන්න 





මීට පෙර අපේ බ්ලොග් අවකාශයේ සහෝදරයින් තුන් දෙනෙක් යශෝධා ගැන විස්තරාත්මක ලිපි ලියා තිබෙනවා..මේ ලින්ක් හරහා වැඩි තොරතුරු ඔබට දැනගන්න පුළුවන් 


ඇය වෙනුවෙන් ඇති වෙබ්අඩවිය


උපකාර කරන්න හැකි අය පහත තොරතුරු පාවිච්චි කරන්න.

Jayarathne Diyunugalge Yashodha Samindri
ගිණුම් අංකය : 273-2-001-4-0000208 
මහජන බැංකුව, කඩවත. 
PSBKLKLX (Swift code)

 ගිණුම් අංකය : 8150914277
කොමර්ෂල් බැංකුව, 
මහනුවර නගර ශාඛාව CCEYLKLX (Swift code)

ඇය ඇමතීමට අවශ්‍ය නම්

077-5262396 / 072-8571983
yashodha.jayarathne@gmail.com
--------------------------------------------------------------


යශෝධව මං ඇස් වලින් දැකලා නැහැ.මේ ගෙවිච්ච රෑ තමයි එයා ගැන දැනගත්තේ ..ඒත් මේ ඇස් වල තියෙන ජීවත්වීමේ බලාපොරොත්තුව මගේ ඇස් කදුළින් තෙත් කළා. 





--------------------------------------------------------------
ප/ලි
කැමති අය ඔයාලගේ බ්ලොග් වල යශෝධා වෙනුවෙන් අලුතින් හදපු ෆොටෝ එක දාගන්න... අදාළ ලින්ක් ඇතුලත් කරලා දාගන්නවා ගොඩක් පහසුවෙයි ඔයාලගේ බ්ලොග් වලට එන අයට.
---ස්තුතී.

<a href="http://omageheena.blogspot.co.il/2014/01/blog-post_21.html" target="_blank"> <img src="http://1.bp.blogspot.com/-GYYWAwltzuU/Ut7siGTMiiI/AAAAAAAADhU/OfMaO9PVwN0/s1600/1376168_10202173878094260_1972110264_n.jpg" width="210" height="300" border="0" alt="HOPE YASHODA" /> </a>

මේ කෝර්ඩ් එක කොපි කරලා ඉහළ තියෙන ෆොටෝ එකත් එක්ක ඔයාලගේ බ්ලොග් වල එල්ලන්න, එක මාසයක් යශෝධා වෙනුවෙන් ඔයාගේ බ්ලොග් එකේ ඉඩක් දෙන්න.

86 comments:

  1. මන් බ්ලොග් කියවන්න ආපු මුල් දවස් වලම ‍යශෝධා ගැන දැකලා තිබුනත් අද තමා ඔක්කොම විස්තර ටික දැන ගත්තෙ. රජාගෙයි සැමාගෙයි සිරා අයියගෙයි ලිපි ටිකත් මේ එක්කම බැලුවා. ශ්‍රී ලංකාවෙ ඉපදුන උන් විදියට අනුන්ගෙ දුකකදි උණු වෙන හිත් තාම මැරිලා නෑ ඔමා. අපේ උන්ගෙ පපු ඇතුලෙ හැන්ගිලා ඒ උණු වෙන හදවත් තාම ගැහෙනවා. මුදල නෙමේ චේතනාවයි වටින්නෙ.

    අපි හැකි පමණින් උදවු කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා අයියේ ..ගොඩක් ස්තුති

      Delete
  2. ඔව් අපූර්වි, මේ දවස් වල මේක මෙහෙ අපේ මිතුරන් අතරේ ශෙයාර් වෙනවා. මේකට සහභාගි වෙන්න නොලැබුණත්, ඒ වගේම වෙන ප්‍රාන්ත වල ඉන්න අයටත් මේකට සල්ලි ඩොනේට් කරන්න පහසුකම් තියනවා.

    හැබැ‍යි මට මෙන්න මේ ටිකත් කියන්න ඕනේකම තියනවා. සිරා පෝස්ටුව දැම්මේ ඔක්තෝබර් මාසේ. ලක්ෂ 15යි අඩු කියලා. මේ ජනවාරි, දැන් ලක්ෂ 10යි අඩු. යශෝදාට පත්තර වලින් වගේම රූපවාහිනියෙනුත් සහයෝගය ලැබුණා මම දන්න තරමින්. ඒ වගේම ටිකට් පොත් විකිණීම් ආදියත් තිබ්බා. පහු ගිය මාස දෙක අතුලත ලක්ෂ 5යි හොයා ගත්තේ කියන එක ටිකක් සැක සහිත කරුණක්.

    වැරදියට වටහා ගන්න අවශ්‍ය නෑ. අපි මේ වගේ දේවල් වලට උදව් කරන්න ඕනේ, ඒ වගේම අපිට ලැබෙන තොරතුරු වල නිවැරදිභාවය ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ. අපි එහෙම කරන්න ඕනේ ඇයි කියන එකට ඇති තරම් හේතු දෙන්න පුළුවන්නේ. ඒ නිසා පුළුවන් කෙනෙකුට මම කියන්නේ, යශෝදාගෙ අලුත්ම තත්වය මොකද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. අපිටත් දන්වන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නැත්ත දන්නේ නෑ. මටත් මේ ගැන තියෙන්නේ විශාල සැකයක්. දැන් අවුරුදු ගානක් තිස්සේ නේද මේ කතන්දරේ යන්නේ.

      Delete
    2. මේ වගේ දේවල් බොරුවට මවා පාන අය ඉන්න නිසා තමයි ඇත්තට ම උපකාරයක් වුවමනා අයට දෑත දිගු කරද්දිත් සැකයක් ඇති වෙන්නෙ. අනේ මන්දා... මම පහළ කමෙන්ටුව දැම්මට පස්සෙයි මේ කමෙන්ටු කියෙව්වේ. මේක නම් එහෙම බොරුවක් නෙමේ කියල මට විශ්වාස යි. එහෙම සැකයක් තියේ නම් අපි පෞද්ගලික ව ඇය මුණ ගැහෙමු.

      Delete
    3. ඇයගේ ගිණුමේ පිටපත් මෙතැනට ඇමුණුවානම් කාටත් බලාගන්න සැක සංකා දුරුවේවි. එකතුවෙන ආධාරත් වැඩි වේවි

      Delete
    4. @තිසර
      සිරා අයියා තමයි මට යශෝධව අදුන්නලා දුන්නේ. අවුරුදු ගාණක් වෙන්න බැහැ .ඉන්දියාවෙන් ලිපිය ලැබිලා තියෙන්නේ 2013.03 මාසෙනේ ..මං තව අවශ්‍ය විස්තර එකතුකරන්නම්. ඒ වගේම එයාගේ ෆෝන් නම්බර් තියෙනවා. දැන් ජිවත් වෙන්නෙත් කඩවත. https://www.facebook.com/YashodhaNeedsYou මේ ෆේස්බුක් පිටුවෙත් එයාගේ විස්තර තියෙනවා

      Delete
    5. @ thisara saha anith sema kenatama> oyalata me gena sekayak athi wena eka gena sadaranai. eth mage asanipe pennala boru karanna matawath mage ammatawath one ne.

      kale godak gewna thama. apoorvi akka kiwa wage mata liyuma lebune 2013 marthu mase. eda edan ada wenakam api mahansi wenawa salli hoyanna. tickect poth dunnatama salli lebenne ne. eka boru neme. harshana malli athata poth 40 dunnath mata thamath lebune ewagen 5000katath adu pramanayak. sira ayyage yaluwekta poth 60 dunnath mata lebune 10000i. ewage thama hema thenama.

      sirase giyapu dawae mata 60000k okkoma lebuna. e arenna eka dekala wena kawruwath salli dunne ne.

      salli prashne nisa thama kal yanne. eth salli madi unath man den pebarawari 15ta kalin yanna thirane karala ewarai. e wenuwen 13 wenida man ayeth mage sethkama karana doctorta pennuwa. e pilibadawa man FB eketh update kala.

      eda doctor ta pennuwama thama denagaththe surgery ekata kalin karana parkshana walata lankawe salli walin laksha 3k vithara one kiyana eka. sethkamen passe hoda wenakam enna kale athulatha beth heth walatath thawa lakshayakwath one. ehema beluwoth mata thawa laksha 10katath wada one. eth kohomahari thawa 10k wath hoyaganna hithalai man sira ayyai apoorvi akkai ekka me gena katha karala udaw elluwe.

      mage aththa visthara sam ayya sira ayya hodata dannawa. apita vikunanna ukas thiyanna eda kadam ne. denatath enne rent ekata geka. akka dena salli amamge vishrama wetupenui thama edi neda viyadam karanne.

      laksha 10 one kiyala demmata eka para salli leben ne. 15 demmata passe thama me weddi 5k vvithara lebune. me masakatath wada adu kale athulatha mata thawa laksha 5k wath ekathu karaganna puluwan unoth senasimen mata sethkamata yanna puluwan.

      e nisa mage me visthare weradiyata therum ganna epa. oyala denatamath mata karala thiyena udaw mata godak watinawa. oyala wage godak ayage udawwen thama me tharam dura awe. puluwan kenek udaw karanna. man hemadama mage aluth visthara dannam. oyala hemotama godak pin man wenuwen blog awakashe ekathu wimata.

      Delete
    6. man heki ekkamanin mage ginum wala visthara saha 13 wenida doctor ta pennanna gaththa X-ray pitapath dannam. e wagema onema kenek mata call karanna. balanna unath enna.

      man denatamath pass port hadanna dila thiyenne. yanna awashya weda katayuthu hemadema karagena yanawa. lankawen awashya hemadema aran yanna kiyala thama mata kiwe. e hemadema lesthi karagena oyala hemogema ashirwaden man heki ekmanin sethkamata yanna balaporoththu wenawa.

      Delete
    7. අපිට පැහදිලි සල්ලි හොයන්නම සල්ලි කොච්චර වියදම් කරන්න ඕනෙද කියන එක,

      Delete
    8. මම යශෝධාව බලන්න ඇගේ කඩවත නිවසටම ගියා. ඇගේ රෝගී තත්වය ඇත්ත. ඒ වෙද්දි මම සිරාව, රජාව, සංජිව මෙන්ඩිස් අයියව දැනුවත් කරල තමා බලන්න ගියෙ. ටිකට් පොත් අපි අතර කිහිපයක් බෙදාගෙන විකුණල දුන්නා. සංජිව අයියට දීපු පොත් වලින් කොටසක මුදල් ලැබුනා. මේ සිද්ධියට මැදිහත් වෙච්ච කෙනෙක් නිසා බොහොමයක් අය මගෙන් කතාකරල ඇහුව මේක ඉවරයක් නැද්ද? තාම සල්ලි එකතු කරනවද කියලත්, ඒ හැම අවස්ථාවකම මම යශෝධාව ෆේස් බුක් එකේ චැට් එකට අල්ලගෙන විස්තර අහල ඒ ඒ අයව දැනුවත් කළා.

      සැකය ඇති වීම සාධාරණයි.. ඒ අතින් මම යශෝධාට ඇඟිල්ලක් දික් කරනවා. වැරදියට හිතන්න එපා. හසංගිට හසරැල්ලක් වෙන්න කියල, හසංගිට ආධාර එකතු කරන්න හදපු පේජ් එක විනිවිද භාවයකින් යවත් කාලින වුණා. ඒත් යශෝධා ලැබෙන අධාර පිළිබඳව අධාර දෙන පිරිස් දැනුවත් කිරීම අතින් සෑහෙන්න දුර්වලයි. මුලින්ම ඇයව බ්ලොග් අතරට ගෙනාපු අයවත්, මේ තාක් ඇගේ තත්වය සමාජ ගත කළ අයවත්, යවත් කාලීන කිරීම අතින් සෑහෙන්න දුර්වලයි.. විටක හරිම කණගාටුයි.

      Delete
    9. පලි - ස්තුති නැවත ඇය වෙනුවෙන් ලිපියක් ලීවාට..

      Delete
    10. සැකය දුරු කර ගැනීම ඉතාම වැදගත්...සෑමා ඇයව බලන්නට යන්නත් කලියෙන් නුවර සිටින මගේ බ්ලොග් අඩවිය කියවන නංගි කෙනෙක් යවලා මම ඇගේ අත්ත තත්වය දැනගත්තෙ...අරයා මෙයා අලි දෙන්නං කොටි දෙන්නං කියලා පොරොන්දු උනාට ඒ දේවල් තිරය ඉස්සරහා විතරයි...හැබෑවටම නෑ....නැත්තං යශෝධා මෙච්චර අපහසුතාවක් දරාගෙන අවශ්‍ය මුදලුත් අතේ තියෙනවා නම් තවත් කල් මරන්නෙ ඇයට පිස්සුවක් තිබුනා නම් පමණයි.

      මාතලන් අහලා තියෙනවා අවුරුදු ගානක් තිස්සේ නේද මේ කථාව යන්නෙ කියලා...මේ වැඩසටහන ඇරඹුනේ ගිය වසරෙ මාර්තු මාසෙ...හොයන්න තිබුන මුදල ලක්ෂ 45 ක්...ඒක මේ රුපියල් දහ පහලොස්දාහක් නෙමෙයි...ගෙඩි පිටින් ලක්ෂ හතලිස් පහක්... තමන්ට කියලා රැකවරණයට පියෙක් නැති රැකියාවක් කරන එකම අක්කගෙන් සහ අම්මගෙ සොච්චං විශ්‍රාම වැටුපෙන් යැපෙන ඇයට මේ මුදල මහමෙරක් නෙමෙයිද ?

      ඇයට ජනාධිපති අරමුදලෙන් කියලා මා දන්නා විදියට ශත පහක්වත් ලැබිලා නෑ. අපේ දේශපාලුවො වෙනත් දේ වලට අත දිග ඇරලා වියදම් කලාට මෙවැනි දේ වලට වියදම් කරන්නෙ නෑ එතන තමන්ට දේශපාලන වාසියක් ගන්න බැරි නම්...

      යශෝධා නංගි ඉහළ කමෙන්ටුවක මගේ යාලුවො කියලා සදහන් කරලා තියෙන්නෙ මගේ බ්ලොග් එක කියවන ඇතැම් පිරිස් මිසක මගේ පාසල් මිතුරෙකු හෝ එවැනි වෙනත් කෙනෙකු නෙමෙයි. අපි ලියපු බ්ලොග් පෝස්ට් කියවපු සමහරු ටිකට් පොත් මිටි ගහලා අරගෙන යනවා විකුණලා දෙන්නං කියලා...ඒ උනාට ඒ දේවල් සල්ලි වෙලා ආයෙම ලැබෙන්නෙ නෑ....ඔන්න ඔය වගේ දේවල් නිසයි ලක්ෂ 45ක් හොයන්න මෙච්චර කල් ගියේ....

      මගේ අවසන් ලිපියෙදි අවශ්‍යතාව ලක්ෂ 15 ලෙස දැක්වුනා...ඒ වෙද්දි මේ පුවතට සංවේදී වෙච්ච බොහෝ දෙනෙක් ආධාර කරලා හමාරයි...ඔබ දන්නවා බ්ලොග් කියවන පාඨක පිරිස මහා ගොඩක් නොවන වග....එහෙව් එකේ මාසෙන් මාසෙට ඇය ගැන බ්ලොග් පෝස්ට් ලිව්වත් වැඩක් නෑ ආධාර දෙන්න සිතක් පහළවෙන බහුතරය ඒ වෙද්දි ආධාර කරලා ඉවර නම්...මොකද ඇය ගැන ලිව්වා කියලා ඒ බ්ලොග් පෝස්ට් එක කියවන්නෙත් වෙනදා කියවන පිරිසම තමයි...මාතලන්ට මේ කාර්යය සැක නම් මෙතන අකුරු කරන්න කලියෙන් ඇය ගැන ලියපු මම හෝ සෑම්ට හෝ රජා ට දැන්වූවා නම් ඔබට පුද්ගලිකව මුණගැසිලාම සැකය දුරු කරගන්න අවස්ථාවක් සලසන්න තිබුනා....

      Delete
    11. ස්තුති සැමා අයියටත් සිරා අයියටත්.ලොකු දෙයක් ඔයාලා මෙහෙම පැහැදිළි කිරීමක් කල එක

      Delete
    12. @ sam ayya athulu hemotama> magen waradak adupaduwak, ho maga arima unanam samawenna oyala hemoma. eth man mata puluwan hemamohothakama mage FB pituwa aluth kala, visthara athul kala.

      Hasangi wenuwen karapu dei me dei eka wagei kiyala hithanna epa ayye. eya wenuwen anith ayai online ho wena yam athakin adara hoyana katayuthu kale. eth mage me hemadema karanne mamamai. online vitharak neme anith hema athakinma karana siyaluma weda man balala karanna one. anika mage gana vishalai. mage lagin enna pirisa adui.

      anith de thama salli awashya gana demma pamani kawruth udaw karanne ne. godak aya like karanawa share karana vitharai. sira ayya kiyala thiyenawa wage mechcharak dennam achcharka dennma kiyapu aya one tharam. eth lebenne harima adu pirisakagen.

      e wagema hasanigi kiyana kenage thathwaya barapathala mohothak kiyala penna thibba. eya hospital eke hitiye. e wage dewla nisa kattiya udaw karana prathishathaya wedi. wachana walin kochchara mage thathwe kiwath kenekta denenawa adui, mokada man pitata penne man hodin kiyalai. mamamai hemadema karanne, hodin katha karala hinawawela ennawa. oyalata vitharak neme matawath hithenne ne heta dawasedi unath mage givithe nethi wena thathwayak thiyenne mata kiyala... ethin oya wage godak dewal nisa kochchara elluwath lebena tharama adui.

      hasangi kiyana kenage godak visthara man danne ne ayye. eth mata mage asanipe thathweth ekkama payudgalika prashnath godai... ethin e hema prashnayakma karadarakma amarukakmakma thiyagena thama me sethkama wenuwen salli hoyanne.

      masa 10yema hema dawasema mata salli lebune ne. paththara wlaa dapu hema article ekakma dekapu godak aya katha kale sinhala weda mahaththuru gena kiyanna. e wagema dennam kiwa godak ayath me weddi ahaka balala. paththarawalin wagema online mage phone numbers aran godak aya katha kale number eka dekka nisa adinaganna asai kiyala, ekko vihiluwata, ekko naraka adahasin. godak karadara karapu ayath hitiya. ethin number ekak demma kiyala adara karanna karunika une godak sulu pirisai. me masa 10 athulatha api kuli gewal 4k maru kala. badu askaranna, badu adinna, aluth thenata aye as karanna me hemawedakmath ammai mai nangi thama karagaththe. e wagema mage nanagi agosthu mase A/L liwa. ethin e de thama e mase apita thihbba lokuma de... mama leda una, mage nangige kakule ledak hedila sathiyak ekthen una, mage amma thamath asanipen... ethin me wage edineda thiyena karadara prashna weda ekkama thama me salli hoyana wedath api karaganne...

      aththatama pitin penawata wada amaru kalayak gewanne. ethin oyalata mona hari aluth deyak man kiwe kale neththam mata samawenna.

      harishana malli, sam ayya, sira ayya wagema den apporvi akka nisath mata godak loku sahayogayak lebuna me wedeta. visheshen harshana malli loku wakakimak aran essellama man gena blog ekak loyapu eken mage visthare godak minissu atharata giya. oyalage blogs nisa aththatama mata godak minissu adara kala.ethin man wenuwen edipath wela man gena liyapu oyala 4 denata man godak naya gethi. oyala nohitinna man adatath me ynaa gamane atharaman wela....

      e wagema oyalage post dekala udaw karapu ayatath, ashirwada karapu ayatath, e post share karapu ayatath, e post wlaata comment, like karapu ayatath godak sthuthi e wagema pin... oyala hemoa nisa man me tharam mage elakketa lan wela enne... ow aththatama thawa chutti durai... e dura man man ekmanin yanawa... hema man oyalata dannawanna.. yanna kalin aniwaryen oyalata kiyanawa... mage me hoda wena sihine sebe wenakam math ekkama enna. mata ashirwada karanna.... oyalata newathath sthuthi... godak pin

      Delete
    13. @ සිරා

      මේ ගැන කලබල වෙන්න ඕන නෑ. මම මට හිතෙන දේ කෙලින්ම කියන කෙනෙක්. මට එක එක්කෙනාගෙන් මේ කතා අහලා නිරවුල් කර ගන්න ඕන නෑ. අපූර්වී මේ දේ ලියපු නිසා, මම මට හිතෙන දේ ලිව්වා. අනික තමන් වැරැද්දක් කරපු බව සෑම් උනත් පිලිගන්නවා.. මාර්තු ඉඳලා ජනවාරි කියන්නේ අවුරුද්දකට කිට්ටුයි. ඔයාලම පිලිගන්නවා මේක බ්ලොග් කියවන අයගෙන් එක්කාසූ කර ගන්න බෑ කියලා. ඒක කවුරුත් දන්නවා. මේකට කරන්න තියෙන්නේ. රූපවාහිනි නාලිකාවකින් උදව්වක් ඉල්ලන එක. එහෙම වෙලාවට උදව් කරන්න ඕන තරම් පිරිසක් ඉන්නවා.

      මෙහෙම මුදල් ආධාර එකතු කරන අය වැඩේ ඉවර උනාමත් එන මුදල් ලබා ගන්නවා. ඒ සැකය තමයි මම ප්‍රකාෂ කලේ.. ඊට වඩා මේ ගැන යාවත්කාලීන බ්ලොග් පෝස්ට් කීපයක් හෝ දැමුවා නම් විශාල සේවයක් වෙනවා.. නැතුව මගේ අවංක අදහසට කස්ටිය උරණ වෙන්න ඕන නෑ..

      Delete
    14. සිරා.. පෞද්ගලිකව අහන්න ඕනේ කියන එක හරිය කියලා මම හිතන්නේ නෑ. මමයි මාතලනුයි මතුකලේ තව බොහෝ දෙනෙක්ගේ සිත් වල තිබ්බ සැකයක් වෙන්න පුලුවන්. දැන් ඒකෙන් වුණේ මේ පිළිබඳව වර්තමාන තත්වය මේක කියවන හැමෝටම දැනගන්න ලැබිච්ච එක. මාතලන් සහ මම පුද්ගලිකව අහලා සැකය දුරු කරගත්තා නම්, තමන්ගේ සැකය වචන නොකරපු අය එහෙම්මමයි.

      සෑම්, සිරා, අපූර්වි, ඔබලා මේ දේවල් වලට පුරෝගාමීවීම මම ඉතාමත් ඉහළින් අගය කරන දෙයක්. ඒ ගතිය හැමෝටම නැහැ, මමත් ඇතුළුව. නමුත් සරත් ගේ පෝස්ට් එකෙන් ඇතුළු හැමදෙයින්ම ඇඟවෙන්නේ ඒ මැදිහත්වීම තුල තියන බැරෑරුම් වගකීම. බොහොම ස්තූතියි සිරා සහ සෑම් නැවතත් අප සියළුදෙනාවම යාවත්කාලීන කිරීම ගැන. ඒ වගේම යශෝදාටත්. මේ විනිවිදභාවය රැකෙන්නේ ප්‍රශ්න ඇසීම තුල සහ ඒවාට නිසි පිළිතුරු ලැබීම උඩ කියන එක තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. ඒ වගේම මේකෙන් මේ වැඩේට නැවතත් පොඩි තල්ලුවක් ලැබුණා කියලා මම හිතනවා.

      හරි අපි දැන් නැවතත් වැඩේට බහිමු. මෙහි නිවැරදිභාවය දැන් තහවුරු නිසා දැන් ආධාර කිරීමයි අවශ්‍ය. දැන් අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වැඩේට එකතුවෙමු.

      Delete
    15. ''යශෝධා'' නංගිගේ අම්මා මේ දිනවල ප්‍රදේශයේ තරුණයන් කන්ඩායමක් සමග කඩවත සහ රාගම ප්‍රදේශයේ ගෙයින් ගෙට යනවා ගිණි අව්වේ පයින්ම , ඒ අම්මගේ අධිෂ්ඨානය හන්දම ඒ කාර්ය සාර්ථක වෙයි

      Delete
    16. කරන්න ඕන ඒ දේ නෙමෙයි අටම්.. මේ කතන්දරේ ගැන කියලා.. ඒ අම්මා විඳින දුක ගැනත් කියලා.. රූපවාහිනි නාලිකාවක නිව්ස් වලට පෙන්වන එක. නැත්නම් මේක බිස්නස් එකක් කියලා ඕන කෙනෙක් හිතන්නේ. සමහර විට තනි පුද්ගලයෙක් ඉදිරිපත් වේවි එහෙම පෙන්නුවොත්. දැනට නම් අපට ඒ හැකියාව නැති උනාට. අපි සෙලින්කෝ සමාගමේ ඉන්න කාලේ, කොතලාවල මහත්තයා මේ වගේ අයට කිසි පැකිලීමක් නැතිව ආධාර උපකාර කලා.

      Delete
    17. @මාතලන් - සිරස දම්සර වැඩසටහනේ මෙය පෙන්වූවා...

      Delete
    18. mage amma guruwariyak. eyage golayo tikak thama edirpath wela me pilibadawa amma uganapu ayawa denuwathth karala puluwan udawwak karana kiyalai ragama wate ammawath ekkagena giye...

      mage me seththakama pilibadawa hema dema man hema mohethama oyalawa denuwath karanam. karana katayuthu saha lebena sayayogath ekkaadu mudal ekmanin lebevi kiyala hithanawa... ehen dina dunna gaman man e pilibadawa oyala hemomawa denuwath karanam. pebarawari mase athulatha kohomath dinayak lebevi mata....

      Delete
    19. ලිපිය ලියන්න කලින් මං මේ ගැන ගොඩක් දැනගෙන හිටියේ නැහැ මං බ්ලොග් වලට එද්දී මේ පෝස්ටර් එක එල්ලලා තියෙනවා දැක්කා , ඒ කාලේ මාත් යම් මුදලක් ගිණුමට දැම්මා ,ඇත්තටම ඒ ඔයාට කියලවත් මං දන්නේ නැහැ නංගි..

      මාතලන් ,සෑම් ,තිසර, සිරා . මේ ගැන මං දැනුවත් වෙලා හිටියනම් ලිපිය මං සම්පුර්නම වෙනස්ව ලියනවා,, යශෝදා එක්ක මං චැට් කරපු දවසේ රෑ එයා ගෙන් විස්තර අහපුවාම එයා කියපු දේවල් එකතු කරලයි ලිවේ,, ඒ වගේම එයාගෙන් ගොඩක් දේ අහන්න මට ශක්තියක් තිබුණේ නැහැ එයාගේ අපහසුතාව ගැන දැනෙද්දී .. ඒත් කාළය ගොඩක් අඩු නිසාමයි එදා පාන්දර වෙනකල් ලියලා පෝස්ට් කලේ.. මං හැකිතරම් උත්සහ කරනවා ,, යශෝදගේ ඔපරේෂන් ඉවරවෙලා එනකල් එයාගේ එදිනෙදා දේවල් ගැන හොයාබලලා උදව් කරන්න ,,.ඒ වගේම මාතලන් කියපු අදහසට අපි කෙනෙක් හොයගන්න බැරිවෙයිද .

      Delete
    20. මාතලං ඔය නාලිකා වලින් ඔය දේවල් කරන්න පුලුවන් කියලා කිව්වට ඒවා ප්‍රායෝගික දේවල් නෙමෙයි....ඔබ ඔවැනි දෑ යෝජනා කරන්නත් කලියෙන් තමයි මම ඒවට උත්සාහ ගත්තෙ...මොකද ලංකාවෙ ජනමාධ්‍ය ආයතනයක සේවය කරපු කෙනෙක් විදියට මට ඔය හැම තැනකම මිතුරො ඉන්නවා...නමුත් මෙවැනි කථා පුවතක් බොහොම සාමාන්‍ය දෙයක් ඒ අයට...නාලිකා වලට මේ කථාවෙ ප්‍රවෘත්තිමය වටිනාකමක් නෑ. මොකද මෙවැනි රෝගීන් සුළභව රට පුරාම සිටින නිසා...

      ඔබේ කථාව ගැන මම කිව්වෙ...ඔබට විශ්වාස නෑ කියලා ඔය විදියට කිව්වම අර අසරණ කෙල්ලට උදව් කරන අයත් ඒ අදහස නිසා අධෛර්යමත් වෙනවා...මෙතන වෙච්ච කථා බහ නිසා යශෝධා සෑහෙන්න කල කිරිලා..මට දැන් මොහොතකට කලින් එයා කිව්වෙ මම බොරුවක් කරන්නෙ නෑ...මාව විශ්වාස කරන්න කියලා...ඇයට තියෙන ප්‍රශ්න වලට අමතරව තව හොර කරනවා කියන මානසික පීඩාවත් මේ පෝස්ටුවෙන් පස්සෙ තිළිණන වෙලා....පොඩ්ඩක් මීට වඩා සංවේදී විදියට මේ ගැටලුව දිහා බලන්න...ඇය විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන කෙනෙක් නිසා ඇයට හැමදේම කරලා දෙන්න මිනිස්සු නෑ...තොරතුරු සැරෙන් සැරේට අන්තර්ජාලයේ යාවත්කාලීන කරන්න මිතුරො නෑ...පුටුවක ඉදගෙන ඉන්න බැරි...ඇදක සුවපහසුව නිදාගන්න බැරි කෙනෙක් තමයි...මේ පෝස්ටුව උදෙසාත් මේ විදියට දීර්ඝ කමෙන්ට් එක් කරලා තියෙන්නෙ...ආධාර කරන නොකරන එක තමන්ගෙ වැඩක්...ඒත් මේ කාර්යයෙ කිසි විශ්වාසයක් නෑ කියලා...ඒ මතය අනිත් අය අතර තහවුරු කරන්න හදනවට මම විරුද්ධයි...

      Delete
    21. යශෝධා නැගනිය විශ්ව විද්‍යාලයක ඉගෙනුම නොලබන කෙනෙකු යනුවෙන් මගේ අදහස නිවැරදි විය යුතුයි. හසංගිගෙ වැඩ සටහන සහ යශෝධගෙ වැඩ සටහන සමපාත කරන්න උත්සාහ කරන්න එපා සෑමා...හසංගිට හොයන්න තිබුනෙ ලක්ෂ 10 යි. ඇය විශ්ව විද්‍යාල සිසුවියක් නිසා ඇය වටා විවිධ විශ්ව විද්‍යාල වල වර්තමාන මෙන්ම ආදි විද්‍යාර්ථීන් රැසක්ම උදව්වට හිටියා...ඒ කිසිවක් නැතුව හසංගි මෙන් හතර ගුණයකටත් වඩා මුදලක් හොයන්නයි යශෝධට සිද්ධ වෙලා තියෙන්නෙ...

      Delete
    22. @ සිරා

      සිරා ඔයා නාලා තියෙන්නේ.. මම කිව්වේ නෑ කිසි විස්වාශයක් නෑ කියලා.. මම කිව්වේ මොකක්ද කියලා හොඳට කියවලා බලන්න. තිසර හා මම කරපු ඒ ප්‍රශ්ණ කිරිම නිසා මේ දරුවට ඒකෙන් වාසියක් උනා මිසක් වෙච්ච කිසිම අවාසියක් නෑ. බ්ලොග් කියන්නේ හිතට එන ඕනම දෙයක් ලියන්න පුළුවන් තැනක්. ඒක තේරුම් නොගන්නා තාක් කල් මේ වගේ දේවල් සිඳුවෙයි..

      Delete
    23. නෑවෙ කවුද කියන එක පස්සෙ බලමු මාතලන්...මේ වෙලාවෙ ඇයට අවශ්‍ය කරන්නෙ හැකි තරම් මේ පුවත නොදන්නා අය වෙත සන්නිවේදනය කරන එකයි. හැකිනම් එයට උදව්වක් වෙන්න.

      Delete
  3. මාත් මට පුලුවං දෙයක් කරන්න උස්සාහ කරන්නං.. අපිට පුලුවං විදියට උදව් කරන්නං.. ගොඩාරියක් සල්ලි දෙන්න තරං පුලුවං කෙනෙක් නෙවේ මම... ඒත් අද මම බැංකු යනව අනිවා මං පුලුවං ගානක් ඒයාගෙ එකවුන්ට් එකට දානව...
    අක්කෙ කියාහන්කො අර යශෝද අක්කයෙ පිංතූරෙ කොමෙයි එයාග සයිට් 1ට ලිංක් වෙන විදියට අපේ බ්ලොග් 1ට දාන්නෙ කියල.. ඒක මගෙ බ්ලොග් 1ට න අයටත් උදව්වක් වෙයි පිනක් සිද්ද කර ගන්න

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි.ඒ වගේම එයාගේ ෆෝන් නම්බර්ස් එහෙම තියෙනවනේ,,කතා කරන්න උණත් පුළුවන්,

      මෙහෙම කරන්න ගැජට් වලට ගිහින් ඉමේජ් සිලෙක්ට් කරලා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ ඒ ගැජට් එකේ තියෙනවා වෙබ් එඩ්රස් එක එකතු කරන්න තැනක්,එතනට සයිට් එකේ ලින්ක් එක දෙන්න එච්චරයි

      Delete
  4. මේකත් එල්ලන්න ඔමායා අක්කේ ඔය පෝස්ටුවට...

    සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක යශෝධා අක්කා ගැන වීඩියෝව...

    මෙම වීඩියෝවේ 3:30 සිට විස්තරය!!!!

    http://www.youtube.com/watch?v=GEbiZQoVROI&list=PLjkPRbI5S9G4JcTV0bsm7writQSKCa3oG

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩකරන්නේ නැහැ මල්ලි @ කිංග්

      Delete
    2. apoorvi akke, me link eketh thiyenne ekama thama. eth wena kenek upload karapu eka... oken passe thama sira ayya blog eka liwe. http://www.youtube.com/watch?v=f-hm6fx7nDM

      Delete
    3. හරි මල්ලි thanks මන් එකතු කළා

      Delete
  5. අනිවාර්යෙන්ම උදව්වක් කරන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් මධු ස්තුති ගොඩක්

      Delete
  6. ඔව් ඔමා. අපි පුළුවන් විදිහට උදව් කරමු. අපි හැමෝම මිනිස්සුනේ. දන්න කියන අය අතර තොරතුරු බෙදා හරිමු. මේ ගැන මම සිරා ගෙ කාමරේ ලිපියත් කියෙව්වා. මම හිතුවේ දැන් ඇගේ තත්ත්වය සුව අතට හැරෙන්න වුවමනා ප්‍රතිකාර කෙරිලා ඇති කියල යි. තව ටික දුර යි... පුළුවන් විදිහට නැවතත් උපකාර කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි .මේ මාස ගාන පුරාවටම සල්ලි හොයන වැඩ වෙනුවෙන් එහෙමෙහෙ යන්නත් ,,දැනට කරන ප්‍රතිකාර වලටත් රුපියල් ලක්ෂෙකට වඩා එයාට ගිහින් තියෙනවා.. ප්‍රින්ටින් වැඩ ,ප්‍රචාරක වැඩ වගේ දේවල් වලටත් ගන්න තියෙන්නේ එයාගේ ඔපරේෂන් එකට එකතු කරන සල්ලි වලින්මයි,, එයාගේ පවුලට තියෙන එකම අදායම් මාර්ගේ අබුඩාබි වල වැඩ කරන අක්කගෙන් ලැබෙන සල්ලියි , අම්මගේ පෙන්සන් එකයි විතරයි..,

      Delete
    2. apoorvi akka kiyala thiyena eka deyak niweradi karannai one. neththam e de dakin aya weradiyata therum gani.

      surgery ekata ekathu karana salli wenath kisi dekata ganne ne. puluwan tharam hema amathara viyadamama daraganne akka dena salli walin, eth doctorsla hambenna yanna, reports ganna, man e dewal walata yaddi wahaneta yana mudal, passport eka hadanna weni dewalwalata lebena mudal gaththa. ewagema geniyanna one arana dewal ganna uneth e lebuna mudal walin thama. e aththatama ape kiyala loku mudalak api laga nethi nisa. ketiyen kiwoth surgery eka wenuwen karana mulika atayuthu walata thama e...

      samahara then walata wahanath aran yanawa adara denawa enna kiwama. eth anthimedi adara ne yanna enna viyadama vitharai. e weni dewal godak matai mage ammatai wela thiyenawa. apoorvi akka ehe mehe yanna kiyala adahas karala thiyenne.

      apoorvi akka kiwa de aththa. salli hoyaganna salli godak viyadam wenawa. me yana gamana lehesi ne. godak amarukam prashna meda thama meweni mudal pramanaya hoyaganna heki une.

      e nisa waradawa therum ganna epa lebena mudal ape wenath atayuthu walata viyadam karanawa kiyala hithala.

      Delete
  7. ඇත්තටම මාත් හිතුවේ මේ වෙන කොට සැත්කම සිදුකර ඇතැයි කියායි. මුලින්ම මේ ගැන දැන ගත්තේ සිරා නිසා..මේ වෙනුවෙන් සිරා ලොකු වැඩ ගොඩක්ම කළා. ඒ සමහර දේවලට අපේ උදව් පවා ලබා ගත්තා..මමත් මට කළ හැකි දේ කළා ඇය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. sir, yanna hemadema lesthi karala tihyenne. waradawa therum ganna epa... oyala wage hoda minissunge udawwen thama me tharam dura awe...

      Delete
  8. ඉතාම සංවේදී පුවතක්! මට විශාල උදව්නක් කරන්න බැරි උනත් හැකි පමනින් වෙලාවේ හැටියට උදව්වක් කරනවාමයි...
    අපි ඔක්කොම එකතුවුනොත් ඒක ලේසි වෙයි. තුවාලය ඇති කෙනානේ ඒකේ වේදනාව දන්නේ.
    යශෝධා ඇතුළු දුකෙන් පෙළෙන සියළුම සත්වයන්ගේ දුක නැතිවී සැනසීම උදා වේවා!!

    ReplyDelete
    Replies
    1. 200 % එකගයි චන්දන අයියෙ.

      Delete
    2. චාන්දන@ ඔයාගේ චේතනාව තමයි වටින්නේ ,පුළුවන් ප්‍රමාණෙන් අපි කරමු

      Delete
  9. oyalata me gena sekayak athi wena eka gena sadaranai. eth mage asanipe pennala boru karanna matawath mage ammatawath one ne.

    kale godak gewna thama. apoorvi akka kiwa wage mata liyuma lebune 2013 marthu mase. eda edan ada wenakam api mahansi wenawa salli hoyanna. tickect poth dunnatama salli lebenne ne. eka boru neme. harshana malli athata poth 40 dunnath mata thamath lebune ewagen 5000katath adu pramanayak. sira ayyage yaluwekta poth 60 dunnath mata lebune 10000i. ewage thama hema thenama.

    sirase giyapu dawae mata 60000k okkoma lebuna. e arenna eka dekala wena kawruwath salli dunne ne.

    salli prashne nisa thama kal yanne. eth salli madi unath man den pebarawari 15ta kalin yanna thirane karala ewarai. e wenuwen 13 wenida man ayeth mage sethkama karana doctorta pennuwa. e pilibadawa man FB eketh update kala.

    eda doctor ta pennuwama thama denagaththe surgery ekata kalin karana parkshana walata lankawe salli walin laksha 3k vithara one kiyana eka. sethkamen passe hoda wenakam enna kale athulatha beth heth walatath thawa lakshayakwath one. ehema beluwoth mata thawa laksha 10katath wada one. eth kohomahari thawa 10k wath hoyaganna hithalai man sira ayyai apoorvi akkai ekka me gena katha karala udaw elluwe.

    mage aththa visthara sam ayya sira ayya hodata dannawa. apita vikunanna ukas thiyanna eda kadam ne. denatath enne rent ekata geka. akka dena salli amamge vishrama wetupenui thama edi neda viyadam karanne.

    laksha 10 one kiyala demmata eka para salli leben ne. 15 demmata passe thama me weddi 5k vvithara lebune. me masakatath wada adu kale athulatha mata thawa laksha 5k wath ekathu karaganna puluwan unoth senasimen mata sethkamata yanna puluwan.

    e nisa mage me visthare weradiyata therum ganna epa. oyala denatamath mata karala thiyena udaw mata godak watinawa. oyala wage godak ayage udawwen thama me tharam dura awe. puluwan kenek udaw karanna. man hemadama mage aluth visthara dannam. oyala hemotama godak pin man wenuwen blog awakashe ekathu wimata.

    man heki ekkamanin mage ginum wala visthara saha 13 wenida doctor ta pennanna gaththa X-ray pitapath dannam. e wagema onema kenek mata call karanna. balanna unath enna.

    man denatamath pass port hadanna dila thiyenne. yanna awashya weda katayuthu hemadema karagena yanawa. lankawen awashya hemadema aran yanna kiyala thama mata kiwe. e hemadema lesthi karagena oyala hemogema ashirwaden man heki ekmanin sethkamata yanna balaporoththu wenawa.

    ReplyDelete
    Replies
    1. ඔයා දුක් වෙන්නත් බය වෙන්නත් එපා යශෝධා. හැම දේම හොද විදියට විසදෙයි. අනාගතේ ගැන සුභවාදී බලාපොරොත්තු නැති කර ගන්න එපා.

      මම උඩත් කිවුවා වගේ අපේ මිනිස්සු තාමත් මිනිස්කමට ආදරේ කරනවා. අපිත් සල්ලි කාරයො නෙමේ. ඒත්අපි අපිට හැකි තරමින් ඔයා වෙනුවෙන් යමක් කරන්නම්.

      ඔයාගෙ අනාගතේ යහපත් නිරෝගී එකක් වේවා කියලා මම හදවතින්ම පතනවා.

      දෙවි පිහිටයි !!!!

      Delete
    2. යශෝධා@ තිසර මාතලන් කියන අය ඒ විදියට ප්‍රශ්න කරපු එක හරිම සාධාරණයි දැන් කාලේ සිද්ධ වෙන දේවලුත් එක්ක,, ඒවගේම ඔයාට ස්තුති කොමෙන්ට් වලින් පැහැදිළි කිරීම ගැන. ඔයා තනිවෙලා නැහැ ,, ඔයාගේ හීනේ ඒ විදියටම සැබෑ වෙයි..

      Delete
    3. පැහැදිලි කිරීමට ස්තූතියි යශෝදා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා කියා පතනවා.

      Delete
    4. @ යසෝධා

      ඔයා පුතේ මේ ආකාරයට උදව් බලාපොරොත්තූ වෙන එක කාළය කා දැමීමක්. පොඩි ගානක් නම් මගේ මිතුරන් ඉන්නවා තනියෙම උනත් උදව් කරන්න පුළුවන්. ඒත් මේ ගනන ළොකු ගනනක්. ඔයා අම්මත් එක්ක රූපවාහිනි නාලිකාවක නිව්ස් එකට මේ ගැන දාන්න.. ඉතාමත් ඉක්මනින් ඔයාගේ බලාපොරොත්තුව ඉටුවේවී.

      ඉක්මනින් සුවය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

      Delete
  10. අපුර්වි,
    මල් කැකුලකට ජීවිතය දෙමු FB පිටුවටත් යශෝධාගේ විස්තර ඇතුලත් මේ ලිපිය එක් කලා. වෙනත් තොරතුරු ඇත්නම් කරුණාකර comment එකක් වශයෙන් දාන්න. නැත්නම් email කරන්න info@vweb.lk.

    මෙන්න ලින්ක් එක.
    https://www.facebook.com/littleruvini/posts/498043266982622

    ඔබගේ කැපවීම අපි අගය කරන්නෙමු. විකසිත සින්ඩිය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. හොදයි ... ස්තුති බුද්ධික

      Delete
    2. මේ ලින්ක් එකට යන බැහැනේ බුද්දික

      Delete
    3. දැන් හරි @බුද්දික

      Delete
  11. ඔබගේ උත්සාහය අගය කරන අතර අයගේ හීනය ඉක්මනින් සැබෑවෙවයි පතමි

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමත් ඒකමයි රාලේ ස්තුති

      Delete
  12. ඔන්න මාත් අර දැන්වීම මගෙ බ්ල්ගෙත් එල්ලනවා..

    ReplyDelete
  13. මගේ බොගෙත් ලක්ෂ 15 පෝසටරේ අයින් කලේ පෙරේදා.ඒ වැඩි විස්තරයක් දන්නෙ නැති හංදා..මං දැං ආයිත් එල්ලන්නම්

    ReplyDelete
    Replies
    1. thanks මල් මල්ලි ;)

      Delete
    2. ඔන්න මමත් අලුත් පෝස්ටරේ මගෙ බොගේ මුලින්ම එල්ලුවා.

      Delete
    3. gayan ස්තුති මල්ලි පුලුවන්නම් ශෙයා කරන්න ,,

      Delete
  14. මේ ගැන මුලින්ම දැනගත්තෙ ඔයාගෙ පෝස්ට් එකෙන් ඔමා. පුලුවන් විදියට උදව් කරන්නම් මමත්. මේක බොරුවක් වංචාවක් නෙමෙයි කියලා හදවතට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි බස්සියේ ෆොටෝ එක එහෙ මෙහෙ දැක්කට මාත් මේක ලියපු දවසේ රෑ තමයි විස්තර දැනගත්තේ ස්තුති

      Delete
  15. ඒ ඇස් දෙක ඇතුලේ තියෙන බලාපොරොත්තු තේරැම් ගන්න ලොකු වෙලාවක් යන්නෑ අක්කේ....කරන්න පූළුවන් හැමදෙයක්ම කරන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුති මාල්ලි අමිල

      Delete
  16. අක්කේ...image එක නම් දාගත්තා.ඒති link එකට දාන්න ඕනි link එක මොකක්ද දන්නෑ.පොඩ්ඩක් ඒක කියනවද?

    ReplyDelete
    Replies
    1. ඔය සයිට් එකේ ලින්ක් එක දෙන්නඅමිල. ඊට වඩා ලේසියි ගැජට් වල HTML/JavaScript කියන එකට ගිහින් ඔය ඔමා උඩින් දීලා තියෙන කෝඩ් එක කොපි පේස්ට් කරලා සේව් කරන්න.

      Delete
  17. ඉස්තුති ඔබට මේ ගැන සදහන් කලාට.හෙට සවස සහයෝගයක් දෙන්නම්

    ReplyDelete
  18. මම හිතන් හිටියේ දැන් සැත්කම කරලා ඇති කියලයි.. කමක් නෑ.. මගේ සහයොගයත් මම දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. ලක්ප්රිය අයියගේ පෝස්ට් එකේ පැහැදිලිව ලියවිලා තියෙනවා දිනේෂ් මේ ප්‍රමාද වලට හේතු ස්තුති ඔයාට

      Delete
  19. දැන්වීම මමත් ඔන්න එල්ලගත්තා

    ReplyDelete
  20. මමත් අධාරයක් කරලා දැන්වීමත් එල්ල ගත්තා... සිරාගේ පොස්ට් එක දැකපු දවසේ... කොහොම වුනත් අපි තව පුළුවන් තරම් උත්සාහ කරලා බලමු .. ඇත්තටම තව කියක් ඕනෙද කියන දේ පැහැදිලි කරලා කට්ටිය ටිකක් දැනුවත් කළා නම් ප්‍රයෝජනයක් වෙයි..

    ReplyDelete
    Replies
    1. obe adarayata saha karunikathwayata godak sthuthi.... eththatama mage surgery ekata vithara mata thawa laksha 7 one. me sere doctor hambunata passe thama kiwe ehe avith kalin karana parikshana api viyadam karala karaganna one kiyala. e tikata lankawe rupiyal laksha 2-3k athara viyadam wei kiwa. e wagena yana ena viyadam nawathina thenata gwanna, kanna bonna viyadam e okkomatath viyadam karaganna one api athnne.

      aththatama ape pawle adayamath ekkai, den thiyena prashna saha karadara ekkai ehema ganak api ethuru karagena ne. mage sethkama karala masa 6k vithara yai sampoorna suwa wenna. e kale athulath a godak beth heth viyayam karanna wei. e dewalnam awata passe amma nayak wela hari karai. eth gihin enakam viyadam karanna salli onene.

      apporvi akkai sira ayyai ekka oya dewal kiyala thama man kiwe pareekshana walata awashya laksha 3th ekka mata thawa 10k vitharama one kiyala.

      blog eke laksha 10 one kiyala lokuwata dapu eka prashnayak wela tihyenawa godak ayata. eth boruwata ellanawa neme. 10 ellala demmoth seththakmata one mudalawath me podi kale athulatha hoyaganna lebei kiyalai hithuwe.

      blog haraha vitharak nemei puluwan hema vidihakinma api me gana hoyanna weda katayuthu karanawa. uda comment ekakadi sira ayya kiwa wage aluthin blog ekak demma kiyala loku mudalak aluthin enne ne ayye. mokada blog balanne ekama pirisak nisai, e aya me weddith mata puluwan hema vidihakinma udaw karala thiyena nisai. eth podi hari sahoyagayak lebeine kiyala hithuwa...

      sira ayya hemawelema mage visthara ahala puluuwan puluwan vidihata sahayogaya denawa... me sathiye katha karala visthara ahapu wele thama kiwe ehenam nangi api thawa blog ekak damu kiyala... koi yam vidihakin hari podi hari adarayka lebena hemadema man karanne awashya ganata kohoma hari lan wenna... ekai sira ayya ehema kiwama man kiwe ane loku udawwka ayye karala denna puluwanda kiyala....

      sira ayyata godak godak sthuthi blog awakasheta mage aluth thorathuru denna puluwan vidihaya ayeth aluthin blog ekak danna udaw kalata....

      Delete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සොරි ඇනෝ , තුන් වෙනි පාරශ්වයකට හානි වෙන කොමෙන්ට් එකක් තියාගන්න බැහැ මට .

      Delete
  22. Replies
    1. අපුර්වි,
      ගොඩක් අයගේ බ්ලොග් වල මේ දැන්වීම මම දැක්කා, ඒත් ඒ ගැන මම කිසි තැකීමක් කළේ නෑ. ඒක මගේ නොහැදිච්ච කම වෙන්න ඇති. නමුත් මේ ලිපිය සහ ඒ හා ඇති සියළු සබැදි පිළිබඳ විමසිලිමත් වන්නට වූයේ ඔබගේ මෙම ලිපිය කියවූවාට පසුවයි.
      මෙම තොරතුරු සහ යශෝදාගේ පැහැදිලි කිරීම් මේ වෙනුවෙන් උදවු කල හැකි මාගේ මිතුරන් කිහිප දෙනෙකු වෙත පෙන්වා ඔවුන් හා එක්ව හෝ මට සිදු කල හැකි පමනින් සෑම දෙයක්ම කරන්නම්..
      ඔබට බෙහෙවින්ම ස්තූතියි මේ පිළිබඳ දැනුවත් කළාට..

      යශෝධාට ඉක්මන් සුවය පතමි...

      Delete
    2. විදානේ @ මල්ලි ඔයා පරක්කු නැහැ පුළුවන් විදියට දෙයක් කරන්න,, ස්තුති

      Delete
  23. කල හැකි යමක් වෙතොත් කරමි .. නොපකිලිවම ...

    ඉක්මන් සුව පතමි ...

    ReplyDelete
    Replies
    1. thanks මල්ලි,, පෙබරවාරි මාසේ මැද වෙද්දී වගේ වත් යශෝදට මුදල් ඕනේ කරනවා ,, පුළුවන් මට්ටමෙන් උදව් කරන්න

      Delete
  24. සියල්ල කියෙව්වා....
    මාතලං, සිරෝ, සෑමො, අපූ,තිසර
    මෙහෙම දෙයක් වුන කෙනෙකුට තමා මේ ගැන හරියටම කමෙන්ට් කරන්න පුලුවන්. මට දෙවියන්ගෙ පිහිටෙන් කාටවත් අතපාන්න නැතුව මගේ කොල්ලගෙ ප්‍ර්ශ්නෙ විසදගන්න හැකිවෙලා තියෙනවා මගේ අම්මා නොවිදිනා දුක් විදලා මට ඉගැන්නුව නිසා. ලංකාවෙ මිනිස්සු උදව් කරන්නෙ සෝඩා බෝතලේ කැඩුවා වගෙ. මුල් කාලෙ සද්දෙ දාගෙන උඩ පැනගෙන. ටික දවසක් යනකොට දුකට පත්වෙච්ච මිනිහා විතරයි.
    ඒක නිසා මම දැන් මහරගමට අලුතෙන් එන පොඩි වුන්ගෙ අම්ම තාත්තට කියන්නෙ මුලදි කරන හැම උදව්වම ගන්න. කෑම අරගෙන එන්න 5දෙනෙක් එන්න හදනවානම් එන්න අරින්න. අරගෙන ආපු කෑම වැඩිනම් කවුරුවත් එන්න නැති පරන් ලෙඩෙකුට දෙන්න කියලා. මොකද උදව් ඇතියි කියලා කියපු ගමන් හිතනවා ප්‍රොබ්ලම් එක ඉවරයි කියලා.
    මෙතනත් සැක ඇතිවීම් සාධාරණයි. මොකද මම දන්නවා ලමයා හොඳ කරන්න බෑ කිව්වාම පුලුවනතරම් සල්ලි එකතුකරගන්න/එකතුකරගත්ත අම්මලා තාත්තලා.

    තව පුංචි දෙයක් තියෙනවා බුද්ධාගම් කාරයන්ට. දානය යනු අතහැරීමයි. අතහැරියාට පස්සෙ ඒකට මොකවුනේ කියලා සෙවීම සසර බැදතබන තෘෂ්ණාවයි.

    ReplyDelete
    Replies
    1. අකලංක @ කෑම අරගෙන එන්න 5දෙනෙක් එන්න හදනවානම් එන්න අරින්න. අරගෙන ආපු කෑම වැඩිනම් කවුරුවත් එන්න නැති පරන් ලෙඩෙකුට දෙන්න කියලා. මොකද උදව් ඇතියි කියලා කියපු ගමන් හිතනවා ප්‍රොබ්ලම් එක ඉවරයි කියලා./// මේ කතාවනම් ඇත්ත.

      ඔයාට ස්තුති වටිනා අදහස එකතුකලාට ,අපි පුළුවන් මට්ටමෙන් එයාට උදව් කරමු.

      Delete
  25. ෆෙස්බුක් එක හරහ උදව් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා. මට ඒ ලින්ක් එක දැනට ඕපන් කරගන්න බැහැ. බලල, දන්න අයටත් කියන්නම් උදව් කරන්න කියල. :)

    ReplyDelete
  26. යාලුවොත් එකතු කරගෙන අපිත් උදව් කරනව, හැමෝම යශෝධාට නිරෝගීසුව ප්‍රාර්ථනා කරනවා. :)

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...