Monday, January 27, 2014

සමතැන සොයා නිසිතැනින් පලා යමුද

මා අප්‍රිය කරන ෆොටෝවක් 

පහුගිය ටිකේම කාන්තා අයිතීන්  ගැන ලිවෙච්ච අමුතු තාලේ ලිපි කියවන්න හම්බුණා. එවුවා වල තියෙන දේවල් දැක්කම බයත් හිතෙනවා..ඒ වගේම කාන්තාව අරගල කරලා නිසි තැන, සමතැන දිනාගන්න ඕනෙලු."ප්‍රොයිඩියානු සංකල්ප" "බටහිර ගැහැණිය" "කාන්තා අරගල" අනේ මට නම් තේරෙන්නේ නැහැ ඔවුවා. මාත් කාන්තාවක් නිසා මට තේරෙන භාෂාවෙන් මගේ වයසේ හැටියට සහ කල්පනාවේ මට්ටමට කාන්තාව ,නිසි තැන, සමතැන වගේ දේවල් ගැන ලියන්න හිතුණා. මට බටහිර ගැහැනියගෙන් සහ අරාබි ගැහැනියගෙන් වැඩක් නැහැ ඒ නිසා මං ලියන්නේ මගේ අදහස මගේ රටේ සිංහල ගැහැණිය ගැන.

කාන්තාවගේ භූමිකාව මොකක්ද?

නිසිතැන/සමතැන මේ මොනවද ?

කාන්තාවට සමතැන අවශ්‍යද ?

නිසි තැන ගන්න අරගල කරන්න ඕනෙද?

කාන්තාවක් සතුවිය යුතු ගුණාංග මොනවාද?

පිරිමියාගේ පැත්තෙන් බලපෑම මොකක්ද ? 

' බේබදුකම සහ නුගත්කම '
අපේ ජිවන චක්කරේ 
කාන්තාව ගැන අර්ථ දැක්වීම් ලියන්න අවශ්‍ය නැහැනේ එක එක්කෙනා බරසාර වචන වලින් අර්ථදැක්වීම් කරලා තියෙනවනේ ඕනේ තරම්..මං කල්පනා කලේ අපි මොන විදියෙන් හරි පිරිමින් සහ ගැහැණුන් විදියට මේ ලෝකේ ජාති දෙකකින් ඉන්නවා.අපි දෙගොල්ලන්ම එකම අමුද්‍රව්‍ය වලින් හැදිච්ච අය හැඩයෙන් සහ අවයව කීපයකින් විතරයි රූපෙන් වෙනස් වෙන්නේ. ඒත් ශරීරයට එහා ගියපු මොකක්දෝ දෙයක් නිසා අපි ගැහැණු පිරිමි කියලා වෙන් වෙනවා..අපිව මවපු මැවුම්කාර දෙවියන් හෝ සොබාදහම මෙහෙම කරන්න අත්තේ යම් හේතුවක් ඇතුවනේ.එක්කෝ අර සමහර ගස් වගේ ද්විලිංගික සත්ව කොට්ඨාශයක් විදියට අපිත් හිටියනම් මේ ප්‍රශ්න මොකුත් නැහැ. පිරිමින්ටත් ළමයි හම්බෙයි. හරි ශෝක් එකට තියෙයි එහෙනම්.. ඒ වල් පල් නෙමේ කතාව ලියන්න ඕනේ.


අපි පුංචි බිලිඳියක් විදියට ඉපදිලා දැරියක්,තරුණියක්,බිරිදක් ,මවක්,මිත්තණියක් විදියට කාලයත් එක්ක ගමන් කරනවා.මේ ජිවන චක්‍රයේ එකිනෙකට වෙනස් චරිත කීපයකට පනපොවන්න අපිට සිද්ධ වෙනවා.අපිට වගේම පිරිමි අයටත් මේ විදියම තමයි. ඒත් කාන්තාවෝ වෙච්ච අපිට පිරිමින්ට වඩා වෙනස් වගකීම් සමුහයක් තියෙනවා ඉටුකරන්න. දරුවෙක් බිහිකිරීමේදී ඒ දරුගැබ දැරීමේ ඉදලා ඒ මාස නවයත් ඉන් පස්සේ ඒ හම්බෙන දරුවා විවාහ වෙලා වැඩිහිටියෙක් දෙමාපියෙක් වෙන දවස වෙනකල්ම කාන්තාවට ,

"ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා බව "කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා හරි අපුරුවට කියනවා වෙලාවක් තියෙනවා නම් මගේ යාළුවො මේ සින්දුව අහනගමන් හෝ පෝස්ට් එක කියවන්න.


-
-----------------------------------------------------------------------

අම්මට විශාල වගකීම් කොටසක් තියෙනවා ඉටු කරන්න...
උදේට ගෙදර ඔක්කොටම කලින් නැගිටලා අම්මා කුස්සියට ගිහින් දරුවන්ට ස්වාමිපුරුෂයට උදේ කෑම සුදානම් කරනවා.තාත්තා හොදට නිදි එයා දන්නෙත් නැහැ වැඩට යන්න නැගිට්ටවනකල්..උදේ වැඩට යන තාත්තා හවස ගෙදර එන්නේ.ඒ අතර තුර ගෙදර හැම දෙයක්ම හොයා බලලා කරන්නේ අම්මා,දරුවන්ගේ හැමදේකටම ලගින් ඉන්නේ අම්මා. 

අම්මට ගෙදර කොච්චර ලොකු වැඩ කොටසක් තියෙනවද බලන්න, ඒ වගේම ඊළග පරම්පරාව ගැන මුළු වගකිම තියෙන්නේ ඇයගේ අතේ.කිරිපොවලා ඇති දැඩි කරන පුංචි කිරිදරුවා නිතරම අහන්නේ අම්මගේ කටහඩ අම්මා කතා කරන විදිය තමයි වැඩිපුර අනුගමනය කරන්නේ. තාත්තා පවුලේ ආර්ථිකය වෙනුවෙන් මහන්සි වෙද්දී,කැප වෙද්දී අම්මට තියෙනවා පවුල ඇතුලේ තියෙන ජිවිත ටික ගොඩනගන්න පරිස්සමින් රැකගන්න. 
මෙච්චර ලොකු වගකීමක් දරන අම්මා ගුණවන්ත වෙන්න ඕනේ,ඒ වගේම සිල්වන්ත කරුණාවන්ත වෙන්න ඕනේ, ඒ වගේම අම්මා බුද්ධිමත් වෙන්න ඕනේ. කාන්තාව මෘදු මොලොක් ,සියුමැළි වෙන්න ඕනේ කියල සමහරු කියනවා;එහෙම මෘදු මොලොක් අහිංසක වෙලා හිටියොත් හොදට හිටී කියලත් කියන පිරිසකුත් ඉන්නවා ඒ නිසා ඒ වගේ ගුණාංග ගැන මං කියන්නේ නැහැ ඒවා තම තමන්ගේ හැගීම් එක්ක බාහිර ප්‍රතිචාරත් එක්ක තමන් තීරණය කරන්න ඕනේ දෙයක්. 

(අද ආර්ථිකයත් එක්ක දෙන්නම ජොබ් කරන්න ඕනේ ඕවා කතන්දර කියලා ඔයාට හිතෙනවා ඇති, හ්ම්ම් මං ලියන්නේ  මට දැනෙන කතන්දරේ තමයි.)
 ඒ වගේ අම්මා කෙනෙක් සෙවනේ වැඩෙන දරුවන්ගේ ජිවිත කවදාවත් නරක පැත්තට යන්නේ නැහැ.නිසිතැන ඕනේ සමතැන ඕනේ කියලා අද කාන්තා සංගම් වලින් කියනවා නිතරම ඇත්තටම අපේ ආච්චි අම්මට තාමත් ගෙදර නිසි තැන තියෙනවා (තාත්තා අපි සමග නැති නිසා අපේ ගෙදර ගෘහමුලිකයා කොහොමත් අම්මනේ ඒකයි ආච්චිව ගත්තේ) එයා මවක් විදියට දරුවන්ට සලකපු ආකාරය එක්ක,එයා ගත කරපු ජිවිතේ එක්ක තාමත් ගෙදර එයාට අම්මා කියන ඒ තැන තියෙනවා. 

අම්මා මොන තරම් සිල්වන්ත ,ගුණවන්ත වුණත් තාත්තා හවසට බීලා ඇවිත් කරදර කරනවනම්,හොයන පඩියෙන් වැඩිකොටසක් නාස්තිකරනවනම් අම්මගේ මොන ගුණයන් තිබ්බත් ගෙදර ඇයට ඉන්න වෙන්නේ ලොකු පිඩනකින්.කිසිම සතුටක් නැතුව. ඒ වගේම දවසෙම දරුවෝ එක්කයි ගෙදර වැඩයි එක්ක හෙම්බත් වෙලා ඉන්න බිරිදගේ කැමැත්ත අකමැත්ත හෝ රුචි අරුචිකම් ගැන නොහිතා තමන්ගේ තෘප්තිය ගැන විතරක් හිතලා බිරිද එක්ක යහන්ගතවෙන පිරිමි කොච්චර අපේ රටේ ඉන්නවාද..ගොඩක් ගැහැණුන් නිහඩව ජීවිතකාලය පුරාම මේ දේවල් විඳගෙන ජිවත් වෙනවා.ඒ ජිවිත කොච්චර පව්ද..ඒ පවුලේ ඇතිදැඩි වෙන දරුවන්ගේ ජිවිත වල‍ට ඒවා කොච්චර බලපානවද.මේක මහා ඛේදවාචකයක්.



ඒ වට විසදුම් විදියට අහිංසක මිනිස්සුන්ගේ ඔළු වලට අරලගයක් ගැන එකපාරට අදහසක් ඇතුල් කරන එක වැරදි.. එක වහල යට ජීවත්වෙන තමන්ට කන්න ටික උයලා දීලා රෙදිටික හෝදලා දීලා තමන් නිසා මේ ලෝකෙට බිහිවෙච්ච දරුවෝ පරිස්සම් කරන තමන්ගේ ආදර බිරිඳට සළකන විදිය ගැන පිරිමි දැනුවත් වෙන්න ඕනේ. නිසි ලිංගික අධ්‍යාපනයක් නැතිකමත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බිරිදට හිංසා කරන වද දෙන ස්වාමිපුරුෂයත් පොඩි දරුවෙක් වෙලා අම්මා කෙනෙක්ගේ සෙවනේ වැඩිච්ච කෙනෙක්. මෙතනදී වක්‍රාකාරයෙන් හෝ ඒ දරුවාගේ අම්මාගේ යම් දායකත්වයක් තියෙනවා ඒ වගේම තාත්තගෙත්. මේ ප්‍රශ්නය පිළිකාවක් වගේ කාටවත් ඇඟිල්ල දික්කරන්න හෝ නිවැරදි කරු කරන්න බැහැ. 

ගහකට පෝර වතුර ටික හරියට නොදා, පලිභෝධකයන්ගෙන් වෙන්න පුළුවන් හානි වලට ප්‍රතිකර්ම නොකර,ඔහේ හැදෙන්න ඇරලා අස්වැන්න නෙලන කාලේ ආවම ගිහින් අස්වැන්නක් නැහැ හෝ අඩුයි කියලා ගහට බැනලා හරියන්නේ නැහැ.
පස්සේ එකපාරට පෝර වතුර දාලා හරියන්නෙත් නැහැ. 
යම් ක්‍රමවත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. 

මොකක්ද මේ කාන්තාව සමතැන ඉල්ලන කතාව සහ නිසි තැන ඉල්ලන කතාව.එය මොන කාරණයන් සහ මොන වගේ ස්ථාන සම්බන්ධවද කියලා මං නම් දන්නේ නැහැ. ලෝකේ පළවෙනි අගමැතිනිය වුණේ සිරිමාවෝ මැතිණිය.ඒකෙන් මට දැනෙන දේ ජනාධිපති අගමැති වගේ ඉහළම තනතුරකට යන්නත් අපේ රටේ නීතියෙන් බාදාවක් නැහැ. ඒත් සමතැන නැහැල්ලු,නිසි තැන නැහැල්ලු. නීතියෙන් බාදාවක් නැත්නම් ඒ බාදාව තියෙන්නේ තමන්ගේ පවුල ඇතුළෙමයි කියලා මට හිතෙන්නේ. ඒ වගේම තව අදහසක් 


ෆෙමිනිසම් ගැන උඩ දාගෙන අරගල කරන කාන්තා සංවිධාන වල  සම තැන ඉල්ලන කාන්තාවන්ගේ  තර්කයක් තමයි පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න පිරිස ගෑණු පිරිමි විදිහට සම සමව (50% / 50%) ‍තෝරගන්න නීති වෙනස් කරන්න ඕන කියන එක... හැබැයි ලංකාවෙ තවමත් ගොඩක් බාර් වලිං ගැනු අයට අරක්කු විකුනන්නෙ නෑ.නීතියක් නැතත් එහෙම දෙයක් තියෙනවා .(බොන එක හොඳද නැද්ද කියන එක වෙනයි) හැබැයි මට දැනෙන විදියට ඒක හරිම ගෝත්‍රිකයි. සම අයිතීන් ඇයි සමහර තෝරගත්ත දේවල් වලට විතරක්  ... . අර මහා අරගල කරන ෆෙමිනිසම් ඇන්ටිලාට ඒවා තෙරුං ගන්න මොලයක් නැද්ද?.ගැහැණුන්ට අරක්කු නිකුත් කිරීම ගැන රටේ ගැහැණු අය අතර ජනමත විචාරයක් තිබ්බොත් ගෑණු හැමෝම වගේ කියන්නේ "ඔව් ගැහැණුන්ට අරක්කු නිකුත් නොකරන එක හොදයි කියලා". මට ඔයාලට කියන්න අවශ්‍ය වුණේ සමතැන ,සම අයිතිය කියන වචනෙ පාවිච්චි කිරීමේ යම් වරදක් ඇති බව පෙන්වීමටයි.

මගේ පවුද්ගලික අදහස කාන්තාවත් පිරිමියා සමානම කෙනෙක් බුද්ධියෙන් සහ ක්‍රියාශිලිත්වයෙන් ඒත් ඒ දෙන්නා එකිනෙකට වෙනස් වගකීම් සහ යුතුකම් කොටස් දෙකක් වෙනුවෙන් බැඳී සිටිනවා. ගැහැණිය තමන්ගේ කොටසත් පිරිමියා ඔහුගේ කොටසත් ඉටුකරන්න ඕනේ. මෙහෙම අය මේ පොලවේ නැති වෙන්න පුළුවන්.ඒත් වෙන්න ඕනේ ඒ විදියට කියලයි මං හිතන්නේ.ඒ ගැන මං කලින් විස්තර කළා. 

ගැහැණිය සහ පිරිමියා මානුෂිය කාරණාවන්ගෙන් ,නීතියෙන් ,අධ්‍යාපනය ලැබීමේදී ,සමාජ පිළිගැනීම් වලදී සමතැන් ලැබිය යුතුයි. නමුත් ගැහැණිය ,බිරිඳ,මව,මිත්තණිය විදියට අපි  නිසිතැන රැකගෙන අපේ වගකීම ඉෂ්ට කළයුතුමයි.

-----------------------------------------------------------------
ප/එ/කි 


ඊයේ කියෝපු බ්ලොග් අඩවියක තේරී ගාථා කියලා තෙරණින් වහන්සේලා කියපු ගාථා කීපයක් අහම්බෙන් කියවන්න හම්බුණා.එතරම් අවබෝදයක් ඇතුව කියෙවුවෙත් නැහැ මං. ඒත් පස්සේ ඒවා ගැන ආයෙම මතක් වෙච්ච වෙලාවේ හිතුණා ඒ ගැනත් යමක් ලියන්න.  ඒ ගාථා ලියපු තෙරණින් වහන්සේලාගේ අතීත ජිවිතේ තිබ්බ  දුක සහ සෝවාන් ,රහත් ,මාර්ගඵල ආදිය අවබෝධ කරගත්තාට පසුව දැනෙන සතුට ,සැනසීම ගැන ඒ ගාථා තුළ ලියවිලා තියෙන බව හරිම ලස්සනට පේනවා. 
බුදුරජාණන්වහන්සේ පහළවෙච්ච කාලේ බ්‍රාහ්මණ සමාජේ කාන්තාවට තිබුණේ ඉතාම අඩු පිළිගැනීමක්. කුඩාකාලේ සහ තරුණ කාලේ තාත්තට. ඊට පස්සේ කසාද බැන්දම ස්වාමිපුරුෂයට යටත් වෙලා ඉන්න ඕනේ....ඒ වගේම ඉගෙනගන්න අවසරයක් නැහැ ,නීතිරීති ගැන රටේ වෙනදේවල් ගැන ඇයට යමක් දැනගන්න කිසිම ඉඩක් තිබ්බේ නැහැ.වහළියක් වගේ ගේ මුල්ලේ ඉන්න සිද්ධ වුණේ.ඒත් බුදු දහම තුලින් ඒ කාන්තාවන්ට සහනයක් සහ නිදහසක් ධර්මය දකින්න ඉඩක් ලැබුණා. බටහිර සහ දියුණු රටවල කාන්තාවන් අරගල කරලා සමතැන දිනාගත්තා ඒ වගේ අපිත් කරන්න ඕනේ කියන අයට මං කියන්න කැමති බෞද්ධ දර්ශනය බිහිවුණු ආසියාවේ කාන්තාව නිසිතැන දිනාගෙන තියෙන්නේ අවුරුදු දහස් ගානකට කලින් කියලා.. 
පාර්ලිමේන්තුවෙන් බාගයක් විතර කාන්තාවන් ඉන්න,සදාචාරය ,සංස්කෘතිය ගැන කතාවක් නැති ,බස් ඩ්‍රයිවර්ලා පවා කාන්තාවන් සිටින ඊශ්‍රායලයේ  තාමත් ගැහැණුන්ට පිරිමි එක්ක ආගම අදහන්න පල්ලියට යන්න බැහැ..පිරිමි කියන්නේ උසස් ගැහැණු කියන්නේ පහත්...ගෙදර ඉන්න ගෑණිට මාසික ශුද්ධ වීම වෙන දවසට එයා අශුද්ධයි..

147 comments:

  1. පිරිමි අපිට විරුද්ධව නැගිටින ස්ත්‍රීවාදිනිය. ව‍රෙවු කොල්ලනේ හි… හි… :-D.

    නියමයි ඔමා, ඇත්තටම හදවතට දැනුනා. මම කාන්තාවො තුන් දෙනෙක්ගෙ ආදරේ ලබනවා. මගෙ අම්මා මගෙ බිරිඳ මගෙ දුව. ඔයා දන්නවද දරුවො වෙනුවෙන් අම්මලා විදින දුක් මාත් අනන්තවත් දැකලා තියෙනවා.
    අපි පොඩිකාලෙ අපෙ තාත්තා එක පාරක් ඇක්ෂිඩන්ට් වෙලා වැඩ කර ගන්න බැරිව ඉත්දි අම්මා දවසම එයා නොකා අපිටකන්න දුන්න දවස් තිබුනා. තාත්තා හිටියත් අපේ ගෙදර හැම දාටම ගෘහමූලිකයා අම්මා තමා (තාත්තා මූලිකයා චන්ද ෆෝම් එකට විතරයි :-D) ඔයා විශ්වාස කරනවද බැඳලා ලමයි හිටියට් මමත් තාමත් පඩිය ගෙනත් දෙන්නෙ අම්මා අතට දීලා අයෙ කීයක් හරි බෑන්ක් කරන්නයි අපේ වියදමටයි ඉල්ල ගන්නෙ එයාගෙන්. ගෙදර සල්ලි පවා පාලනය අපේ අම්මා. කවදාහරි එයා නැති කාලෙක මගේ වයිෆ් එතනට එයි. ඒක නිසා අපේ ගෙදර නම් ඔය සමතැන් කතන්දර ඇහෙන්නෙම නැති තරම්.

    දැනටත් මම මේ කොටන්නෙ ඇදට වෙලා බෙඩ්ෂීට් එකකුත් පෙරවන් සීතලේ ගැහි ගැහි. ඒ සීතලේම මගේ වයිෆුයි අම්මයි කෑම හදනවා මල්ලිටයි මටයි ගෙනියන්න. තාත්තානම් දවල්ට කන්න එනවා.

    දිවුල් ගනේගෙ සිංදු අහන්න ඕන්නෑ. ඔයාමේ ලියලා තියෙන විදි‍යට හදවතටම දැනුනා ඔමා. ලස්සනයි ඔයා ලියන්න තියෙන දේ ලස්සනටම ලියලා තියෙනවා.

    ආ මම තව එක දෙයක් එකතු කරන්නම්. ඔයා අර කිවුවා වගේ මාශික ශුද්ධිය හැදුන දවස් වලට මෙහෙ අපේ ගෑණුන්වත් කොන් කරනවනෙ ආගමික වැඩ වලින් එහෙම. කොටින්ම කාන්තාවක් වෙච්ච සංඝමිත්තා තෙරණිය ජය ශ්‍රී මහ බෝධියම වැඩම්මුවා. ඒත් බෝ මුල් ගෑණුන්ට පෑගෙන්න හොද නෑ කියලා ගෑනුන්ට උඩ මළුවට යන්න නොදෙන විහාරත් මම දැකලා තියෙනවා ඒවා නම් පිරිමි කමටත් නිගාවක්.

    ඔයාගෙ ලිපියනම් එළ. :-D.

    ReplyDelete
    Replies
    1. බලාපල්ලකො ඉතින් වැඩට ගියත් බ්ලොග්, නිදාගත්දිත් බ්ලොග්, උදේ පාන්දර නැගිට්ට ගමනුත් බ්ලොග්...මෙයාට අනිත් වැඩ වලට වෙලාවක් තියනවද මන්ද...වයිෆ් බයින් නැද්ද අයියෙ 24පැයේම ඉන්ටනෙට් එකේ කියල :D

      Delete
    2. ඉස්සර නම් ඔය පොඩි ලවු වලියක් යන වෙලාවට බනිනවා "තමුසෙ බැන්ඳෙ මාවද? ලැපයි ෆෝන් එකයිද?" ඒත් එයා කැමතී මම ලියන එකට. විශේෂෙන්බ්ලොග එක ලියන එකට එයා සපෝට්. හි… හි… :-D

      Delete
    3. //මම කාන්තාවො තුන් දෙනෙක්ගෙ ආදරේ ලබනවා.//මේ කොටස කියවන එද්දී හිනා ගියා මං හිතුවේ එහෙම පවුල් දැන් හොයාගන්න නැහැ කියලා,සතුටුයි ඔයාගේ කොමෙන්ට් එක කියෝපුවම.ඔයාගේ පවුලේ අද තියෙන ආදරය සෙනෙහස හැමදාමත් තියාගන්න.ප්‍රියා මේක නිතරම වෙනස් වෙන ලෝකයක්නේ, ස්තුති අදහස් එකතුකලාට

      Delete
  2. කාන්තාවන්ට, කාන්තාවන් වූ නිසාම ඇතිවුණු ප්‍රශ්න තියෙනවා, ඒවාට හේතුව පිරිමි අධිපතිවාදය කියන එකයි මගේ පිළිගැනීම. යුදෙව්, ඉස්ලාම් ආගම් අදහන අය අතරේ ඒ ප්‍රශ්න වැඩි ඇති.

    බුදුහාමුදුරුවෝ පසුකාලෙක කාන්තාවන්ට සමව සැලකුවාට මුලින් කළේ නෑ, ඒ ඒ දිනවල සමාජය දියුණු නැති නිසා විය යුතුයි.

    දැන් අපි රන් කරන බුද්ධාගම සිංහල බුද්ධාගමක්. ඒක ග්‍රෝත්‍රවාදී එකක්.

    ඒ නැතිවුණත් සමාජයේ වැඩිපුර තියෙන්නේ පසුකාලීනව එකතුවුණු වික්ටෝරියානු සදාචාරයේ හණ මිටි. බහුදරය වැඩ කරන්නේ තලිබාන් ක්‍රමයටයි!

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්න ඔබ හිතෙන් මවා ගත්තුව.පිරිමි වාගෙම වෙන්න ගියොත් ප්‍රශ්න තමයි.එතන ස්වාභාවික සුන්දරත්වයත් අහෝසි වෙනවනෙ.මුලින්ම කිව්වොත් පියයුරු වගෙ අවයවත් ප්‍රශ්නයක්නෙ.සිරුරේ හැඩයත් ප්‍රශ්නයක්නෙ.
      පිරිමි අධිපතිවාදයක් නොවෙයි.කාන්තාව ආරක්ෂා කිරීමට කරන දේවල්.
      ඔය විදියට තර්ක කළොත් කාන්තා අධිපතිවාදයකුත් තිබෙනව කියල කෙනෙකුට කියන්න පුළුවන්.ඔය මොන අධිපතිවාදයක්වත් ඕන නෑ.අන්‍යෝන්‍ය ආදරය ,බැඳීම තමයි ඕන.
      බටහිර නොවන හැම සමාජයක්ම පසුගාමී තලේබාන් සමාජද?
      මෙහෙම කිව්වොත් ඔබ අමනාප වෙයි බටහිර අවශ්‍යතා ඉටුකරන කොටි වැනි සංවිධාන ද ඔබ ප්‍රගතිශීලී ය කියන්න.

      වික්ටෝරියානු සදාචාරයක් නොවෙයි මානව සදාචාරය.බල්ලො වගෙ මහපාරෙ අර වැඩේ කරන්න දෙන්න බැහැනෙ.එහෙමනම් වික්ටෝරියානු සදාචාරයෙන් පිට ඉන්නෙ බල්ලොයි සුද්දොයි තමයි හෙහෙ හීහ්

      Delete
    2. ග්‍රෝත්‍ර ද ගෝත්‍ර ද කකා

      Delete
    3. මේක ගොඩක් පුළුල් මාතෘකාවක් ,මං ලීවේ මගේ හිතට දැනුන යම් මානයක් දිගේ, මෙයින් ඔබ්බට තව දහසක් දේවල් කියන්න පුළුවන් ඒ වගේම තියෙනවා..ඒ නිසා ඔබේ අදහස් දැක්වීමට ස්තුති කාකා

      //බුදුහාමුදුරුවෝ පසුකාලෙක කාන්තාවන්ට සමව සැලකුවාට මුලින් කළේ නෑ, ඒ ඒ දිනවල සමාජය දියුණු නැති නිසා විය යුතුයි./// මේ කොටස අදාළ බුද්ධත්වයට පත් වුණාට පසු ජිවිතයටද ? නැත්නම් පෙරද ? මං නම් අහලා නැහැ එහෙම දෙයක්.

      Delete
    4. බුද්ධත්වයට පත් වුණාට බොහෝ කලකට පසු තමයි මෙහෙණි සස්න පිහිටු වූයේ. අවසානයේ එම තීරණය ගත්තේ බුදුන්වහන්සේගේ සුළු මවගේ ඉල්ලීම වහ උද්ගෝෂණ නිසා. මුලින්ම නොකරන්න ඇත්තේ ඒ කාලේ තිබුණු සමාජ ක්‍රමය අනුව ප්‍රශ්න ඇතිවිය හැකි නිසා වෙන්න් පුළුවන්. බුදු දහම අනුව කාන්තාවන් ට සමතැන බොහෝසෙයින් ඇතත් කාන්තාවකට බුදුවිය නොහැකි ලෙස දහමේ සඳහන් වෙනවා මම අසා ඇති විදියට.

      Delete
    5. ස්තුති විශ්ව . ///කාන්තාවකට බුදුවිය නොහැකි ලෙස දහමේ සඳහන් වෙනවා මම අසා ඇති විදියට.// මේකටත් හේතුවක් ඇති කාගෙන් හරි අහලා බලන්න ඕනේ ..

      Delete
    6. @විශ්ව
      කාන්තාවකට බුදුවිය නොහැකි ලෙස දහමේ සඳහන් වෙනවා මම අසා ඇති විදියට. ////

      මම දන්න විදිහට නම් විද්‍යාත්මකව දන්නෙ නෑ .බුදු වෙනවා කියන්නෙ මොළයේ සියලු අංශ ක්‍රියා කරන තරමට දැනුම වඩවා ගන්නවා ...ගැහැනියට ඒ දේ කරන්න බෑ කියන දේ තමා ඔය කතාවේ කියන්නෙ ,මම දන්න තරමට ,

      @ යකා
      ඔබෙ කතාව එලය සමහරු හිතන් ඉන්නෙ බටහිර සියලු දේ මල් හතයි කියාය ...උන් නිතරම පිරිමි අධිපත්‍යවාදි කිය කියා කෑ ගසනවා ය .ඇත්තටම එතකොට පිරිමින්ට අසාධාරණ වෙන්නෙ නැති ද ?ගැහැනියට විතරක් අසාධාරණ වෙනවා ,මෙක මොන විකාර කතාවක් ද ?අපි හැම දෙනාටම අසාධාරන වෙනවා ,බලය ධනය ඇති උන් ගෙන් ...
      මම දැක්කා අපේ රටේ යුද්ධය ඉවර විමත් එක්ක එවා විකුණ කමින් හිටිය උන්ට සල්ලි නැතුව කොට උඩ කියලා දැන් ඉතින් මේ වගේ එවා හොදයි අයේ සැරයක් පටන් ගන්න ..

      Delete
  3. අපේ අතීත ජීවන රටාව හරිම සරලයි. බටහිර සංකල්ප වැළඳ නොගත්තට අපේ පුරාණ සංස්කෘතිය ,සමාජය තුල කාන්තාවට නිසිතැන තිබුනා. සමහරවිට ඉහල තැනක් ලැබුනා ,අවශ්‍ය ගෞරවය ලැබුණා. මේ තත්වය අපි සංකීර්ණ කරගත්තා . ඇත්තෙන්ම විවාහයේදීනම් දෙදෙනා එකසමානව කැපවෙන්න එකන්ගනම් වෙන කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ මම දකින විදිහට. අපි කියලා හිතන්න පුරුදු වුන දවසට මේ හැමදේටම උත්තර ලැබෙයි

    ඔයා බටහිර කාන්තාව හදාරන්න හරිද? හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මාත් ඔයදේම තමයි ඉවාන් ලිපිය පුරා කිවේ

      //ඔයා බටහිර කාන්තාව හදාරන්න // හි හි අපේ අටම් අයියට අර ඇන්ටි කිවනේ එහෙම.. හි හි

      Delete
  4. ඔමා //ඒ වගේ අම්මා කෙනෙක් සෙවනේ වැඩෙන දරුවන්ගේ ජිවිත කවදාවත් නරක පැත්තට යන්නේ නැහැ.// කිව්වට ඕක එචච්ර සාර්ථක කතාවක් නෙවෙයි මට හිතෙන්නෙ.... අම්මා, තාත්තා කියන ස්වාධීන චරිත වලට වඩා වැඩිපුර දරුවන්ට බලපාන්නෙ ඒ දෙන්නා එක්ක ඉන්න ගෙදර පරිසරය... අම්මා තමන්ට සලකන විදියට වඩා අම්මා තාත්තට සලකන විදිය, තාත්තා අම්මට සලකන විදිය... මොකද පොඩි කාලේ අම්මලා තාත්තලා අපිට මොනව කළත්, ඒ කාලෙ ඒවා ඔක්කොම වද හිංසා වගේනේ අපිට තේරෙන්නෙ... හි හි... පහු වෙලා තමයි මේ ඔක්කොම අපේ හොඳට කරපුවා කියල තේරෙන්නෙ...

    මං පොඩි කාලේ කියෝපු පොතක් තිබ්බා “ මැටි කෝප්පෙ” කියලා... අම්මා ආච්චිට කන්න දෙන්නෙ මැටි කෝප්පෙක.. ළමයා මේ මැටි කෝප්පෙ හංගනවා.. ඒක ගැන ඇහුවම එයා කියන්නෙ “ අම්මා වයසට ගියාම අම්මට කන්න දෙන්න මැටි කෝප්පෙ පරිස්සම් කරනවා ” කියලා... ( මෙතන මැටි කෝප්පෙ කියන්නෙ මැටි වලින් හදපු කොරහ වගේ භාජනේකට..)

    මේ ළඟින් යන පෝස්ට් මං කලින් ලිව්වා ඔමා... දැං නං වෙලාවක් නෑ ලොකු කමෙන්ට් එකක් දාන්න... ඒක නිසා ඔන්න ලින්ක් එකක් දැම්මා...

    මාතෘකා නැති කතා...

    ReplyDelete
    Replies
    1. ඔය කොටස මං එකතු කලේ ඒකෙන් එහෙමම වෙනවා කියන්න නෙමේ . ඒ වගේම මං සහන කළා /අම්මා මොන තරම් සිල්වන්ත ,ගුණවන්ත වුණත් තාත්තා හවසට බීලා ඇවිත් කරදර කරනවනම්,හොයන පඩියෙන් වැඩිකොටසක් නාස්තිකරනවනම් අම්මගේ මොන ගුණයන් තිබ්බත් // කියලා .මේක කතාකරලා විසදන්න පුළුවන් මාතෘකාවක් නෙමේනේ අක්කේ ,,
      මැටි කෝප්පේ කතාව මාත් අහලා තියෙනවා.එකයි කිවුවේ අම්මට දරුවෝ ගාන ලොකු වගකීමක් තියෙනවා කියලා

      Delete
    2. //මැටි කෝප්පේ// ඩබ්.ඕ.ටී.ප්‍රනාන්දුගේ පොතද? මාත් බබා කාලෙ ලියෙවුවලු ඕක.

      Delete
    3. * සොරි... ලියෙව්වලු නෙමෙයි කියෙව්වලු....

      Delete
  5. කාන්තාවට නිසි තැන තියෙනවා. තාම ඒක අහිමි වෙලා නැහැ. ඒත් අරගල කිරීමෙන් නිසි තැනත් අහිමි වෙනව කියලයි මගේ අදහස.

    අයිතිවාසීන් වෙනුවෙන් නැගී සිටීම යනු හුදෙක් දේසපාලුවන් විසින් ඇති කළ සමාජ අරගල කියල තමයි මම නම් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන කියලා අර සොදුරු ලිය අල්ලන් කප්පාදු කරයි සැමෝ .. මාත් එකයි

      Delete
  6. වර්තමානයේ ගොඩක් තැන්වල දැන් කාන්තාවට නිසි තැන හම්බෙලා තියනවා, පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක තමා මේ වෙනස ගොඩක්ම ඇතිවෙලා තියෙන්නෙ, අනේ මන්ද ඉතින් කාන්තාව උනත් පිරිමිය උනත් සමාජය තුල හෝ පවුල තුල නිසි තැන ලැබෙන්න හේතු කාරනා 3ක් ඕන කියලයි මන් හිතන්නෙ..
    1 තමන්ගෙ යහපත් චර්යාව
    2 කරල තියන කුසල අකුසල කර්ම
    3 අන් අයගේ ගති පැවතුම්
    ඔය 3 යහපත් ආකාරයෙන් තිබුනොත්තමා කාට උනත් සමාජයේ කෙනෙක්ට තමන්ට හිමි නිසි තැන ලැබෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් සසිදු සරළ දේ සංකීරණ කරගෙන ඉන්නේ අපේ මිනිස්සුමයි ,, ඔයා කියපු කරුණු 3 හරිම වැදගත්

      Delete
  7. කාන්තාවන් කාන්තාවන් ලෙසටම සිතන තාක් ඔය පුරස්න ඒ විදියටම තියේවි...

    ReplyDelete
    Replies
    1. කාන්තාවෝ පිරිමි විදියට හිතනන්ද දේශක තුමා කියන්නේ ,, කාන්තාවක් හෝ පිරිමියෙක් විදියට ඉපදීම කියන්නේ අපේ තෝරාගැනීමක් නෙමේ ,ලැබිච්ච දේ ,අපි අපේ වගකීම් හරියට ඉෂ්ට කරනවා නම් ගැටළුවක් නැහැ ,

      Delete
    2. අන්න ඒකයි වැරදුන තැන ඔමා. කාන්තාව කාන්තාව කියල එයාට අයිති වෙනම ඇජෙන්ඩා එකක් හදල දීල අපිම ඒ ඇජෙන්ජා එකෙන් පිට පනින්න කියල ඒකෙම ඉදං කෑ ගහනවා. මං කියන්නේ පිරිමියෙක් විදියට නෙමෙයි තමන් ගැහැණීයක් හෝ පිරිමෙයක් හෝ නොවන ලෙස හිතීම ගැනයි.

      Delete

    3. // මං කියන්නේ පිරිමියෙක් විදියට නෙමෙයි තමන් ගැහැණීයක් හෝ පිරිමෙයක් හෝ නොවන ලෙස හිතීම ගැනයි.// මෙයින් ඔබ අදහස් කරන දේ මට පැහැදිළි ..ඒත් මේ විකුර්ති ලෝකේ හැමදේම අවුල් වෙලා ඉවරයි.


      (අජෙන්ඩා එකක් කවුරුත් හදලා දීලා නැහැ. මං හිතන විදියට ගැහැණුන් මිනිසුන් විදියට ශරීර වල හෝර්මෝන ක්‍රියාවලි සම්පුර්ණ වෙනස් සිතුවිලි වෙනස් , එහෙම නොවී පිරිමි ගැහැණු බේදයක් නැතුව තියෙන්න ඕනේ නම් මොකටද ලිංගිකත්වයක්. )

      Delete
  8. වැදගත් කතාවක් උදෙන්ම... ඒත් ඔමා අක්කෙ සමහර ගැහැණු මයි නේද එයාලගෙ හිමිකං සමතැං නැතිකරන්නෙ සහ නැතිකර ගන්නෙ.. මං කියන දේ තේරෙනව ඇතිනෙ.. නේ
    මොන දේ කියන්නත් කරන්නත් කලිං එයාලට එයාල ගැන තියෙන පහත් ආකල්ප නැති කරන්න පුලුවං නං මං හිතන්නෙ එයාලට නිසිතැන ඉල්ලලා ෆයිට් කරන්න ඕන නෑ... ඒක ඉබේම ලැබෙනව. මොකද කොයිතරං කට්ටිය කෑ ගැහුවත් මේක පීතෘ මූලික සමාජයක්ය අරකය මේකය කියල තාම පවුලෙ ආධිපත්‍ය තියෙන්නෙ ස්ත්‍රියාව අතේ..

    ReplyDelete
    Replies
    1. // සමහර ගැහැණු මයි නේද එයාලගෙ හිමිකං සමතැං නැතිකරන්නෙ සහ නැතිකර ගන්නෙ../// ඒත් මල්ලි අපේ රටේ ගෘහස්ත හිංසනය කියන එක සෑහෙන්න තියෙනවා. බිරිද තමන්ගේ කටුයතු නිසි විදියට ඉටු කලත් සමහරක් පිරිමින්ගේ නුගත්කම සහ බේබදු කම නිසා බිරිදට නිසි තැන අහිමි වෙලා තියෙනවා. ඒක නැහැ කියන්න බැහැ

      Delete
  9. ඔය මැදපෙරදිග රටවල් වලට වඩා අපේ රටේ කාන්තාවට නිසි තැන ලැබිලා තියෙනවා. :)

    ReplyDelete
    Replies
    1. මධු. මාත් එහෙම හිතනවා.පොදුවේ

      Delete
  10. සමතැන බයිලාවක් පමණයි.
    ලංකාවේ ඇත්තේ ස්ත්‍රී මූලික සමාජයක්. මගේ වයිෆ්ගෙ අම්මා තාත්තා රයිඩ් එකට ගන්නවා (taking for ride) දැක්කාම අය්යෝ මේ මනුස්සයා පිරිමියෙක් වෙලා ඉපදුනාද කියලා හිතෙනවා. අන්න ඒ ආභාෂය නිසා මුලින් කරේ නැග කටට ...මට ආවත් දැන් මගේ වයිෆ්ට නිසි තැන ලැබී තමාගේ රෝල් එක තේරිලා තියෙනවා. ඒක නිසාම රොස් පරොස් ඉවත්වී හොද ෆන් සහ සාර්ථ්ක පවුල් ජීවිතයකට අඩිතාලම වැටෙමින් තියනවා.
    අවුරුදු 5ක පවුල් ජීවිත්යේ අත්දැකීම් වලින් කියන්නෙ. අලුත බැදපුවුන් පලවෙනි මාස හය වයිෆ් නිහඩයි. දෙවනි මාස හය වෝකල්. තුන්වෙනි මාස හය ඉරිටන්ට්.අන්න එතකොට ලනුව ලිහන්න අතහරින්න. ඇය කැමති විදියට ඉන්න. හැබැයි අනිත් අවුරුද්ද ඇතුලත හෝල්ඩ් එක ගත්තෙ නැත්නම් සොරි ඩොට් කොම්.
    පිරිමින්ටත් සිතුම් පැතුම් ඇත. නිදහස අවශ්යයි කියන දේ තේරෙන්න අරින්න. ලංකාවෙ ගොඩක් පවුල්වල තාත්තා නිහඩකරලා තියෙන්නෙ. අම්මා හොල්ඩ් එක අරගෙන. එතකොට එක දකින ගෑණු ලමයි තමන්ගේ සැමියන්ගෙන් ඒ දේම බලාපොරොත්තුවෙනවා. හැබැයි කොල්ලනෙ අර මොකක්ද නිසා ගෙම්බෙක් වෙන්න එපා.හැබැයි ගෑනුත් එක්ක රණ්ඩුවෙන්නත් එපා මොකද රණ්ඩුවෙලා දිනපු එකෙක් නැහැලු

    ReplyDelete
    Replies
    1. සමාජයෙ ජීවත් වෙන කෙනෙක් හැටියට හුඟක් පවුල් වල තත්වය ඕක තමයි.නමුත් මේ සංවිධාන කාරයො කියන්න ගෑණු ඉන්නෙ මාර පීඩනේකලු.උන් ඩොලර් වලට නැති ප්‍රශ්න මවනව

      Delete
    2. අකලංක , යකා . ඇත්ත අකලංක . /ලංකාවේ ඇත්තේ ස්ත්‍රී මූලික සමාජයක්.// කියන එක මාත් පිලිගන්නවා,තාමත් අපේ පැත්තේ ගෙවල් වල හැමදේම මුලික තැන ගන්නේ අම්මා, ඒක ගෘහ මුලික වීමක් හෝ පිරිමියා ඉක්මවා යාමක් නෙමේ කාන්තාව සතු වගකීම් දැරීමේ හැකියාව .පවුලේ බර දැරීම ..ඒක ඉතාම සහයෝගයෙන් වෙන දෙයක්,මං ලිපිය පුරාත් කියන්න උත්සහ කලේ මේකම තමයි

      Delete
  11. කාන්තාවන්ට තමන්ගේ ස්වභාවික ස්ත්‍රී ලිංගිකත්වය අන් කවර දේටත් වඩා වටිනා වියයුතුයි. සමතැන් ගන්න ගියොත් ඒ සේරම නැතිවෙලා නවතියි. අනෙක කාන්තාවන්ට සමතැන දෙන්න කෑගහන්නේ වැඩිපුරම පිරිමි. ලෝකෙම බැලුවහම කාන්තාවන් වැඩි බහුතරයක් සමතැන බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ සමතැන කියන එක ස්වභාවික ස්ත්‍රී ලිංගිකත්වයටත් ස්ත්‍රී මනෝභාවයටත් ගලපන්න බැරි නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මං

      ෆෙමිනිසම් ගැන උඩ දාගෙන අරගල කරන කාන්තා සංවිධාන වල සම තැන ඉල්ලන කාන්තාවන්ගේ තර්කයක් තමයි පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න පිරිස ගෑණු පිරිමි විදිහට සම සමව (50% / 50%) ‍තෝරගන්න නීති වෙනස් කරන්න ඕන කියන එක... හැබැයි ලංකාවෙ තවමත් ගොඩක් බාර් වලිං ගැනු අයට අරක්කු විකුනන්නෙ නෑ.නීතියක් නැතත් එහෙම දෙයක් තියෙනවා .(බොන එක හොඳද නැද්ද කියන එක වෙනයි) හැබැයි මට දැනෙන විදියට ඒක හරිම ගෝත්‍රිකයි. සම අයිතීන් ඇයි සමහර තෝරගත්ත දේවල් වලට විතරක් ... . අර මහා අරගල කරන ෆෙමිනිසම් ඇන්ටිලාට ඒවා තෙරුං ගන්න මොලයක් නැද්ද?.ගැහැණුන්ට අරක්කු නිකුත් කිරීම ගැන රටේ ගැහැණු අය අතර ජනමත විචාරයක් තිබ්බොත් ගෑණු හැමෝම වගේ කියන්නේ "ඔව් ගැහැණුන්ට අරක්කු නිකුත් නොකරන එක හොදයි කියලා". මට ඔයාලට කියන්න අවශ්‍ය වුණේ සමතැන ,සම අයිතිය කියන වචනෙ පාවිච්චි කිරීමේ යම් වරදක් ඇති බව පෙන්වීමටයි.///

      කොටසේදීත් කියන්න උත්සහ කලේ යාලුවා..ඔයාගේ කතාව එක්ක එකගයි මාත්. තමන්ගේ වගකීම්,වටිනාකම් ගැන ගැහැණුන් දැනුවත් මදිද කියලත් හිතෙනවා

      Delete
    2. ඔය ටික නොතෙරෙන එවුන්නේ වැඩිපුර ඉන්නෙ

      Delete
    3. ෆෙමිනිස්ම් ලෝකේ අසාර්ථක වෙලා ඉවරයි. දැන් මේවගේ අසාර්ථක මතවාද වලට විකල්ප ඕනේ විශේෂයෙන් කාන්තාවන් වෙනුවෙන් ස්ත්‍රීත්වය පදනමට ගැනෙන ආකාරයට

      Delete
  12. කාන්තාවන්ට සලකන්න ගරුකරන්න කතා කරන ගොඩක් පිරිමින් කාන්තාවට සොබාදහමෙන් ලැබෙන ස්ත්‍රී ලිංගිකත්වය හරියට පිළිගන්න යම්කිසි මැලිකමක් දක්වනවා. මේ නිසාම තමයි එහෙම හිතන අය කාන්තාවන් පිරිමින්ට හරියට සමාන කරල සමාන තැනක් දෙන්න හදන්නේ කාන්තාවන්ගෙන් බහුතරයකට එහෙම තත්වයක් අනවශ්‍ය වෙලා තියෙද්දීත්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ දේවල් දැකලා දැකලම තමයි මාත් හිතුවේ මගේ අදහස මේ විදියට ලියලා දාන්න.. අපේ රටේ ගොඩක් වෙලාවට ගැහැණු අය කතා කරන්න ඉදිරියට එන්නේ නැහැ ,, ඒ දේවල් නිවැරදි වෙන්න ඕනේ

      Delete
    2. ඔබ මේක තේරුම් ගත්ත විදිහ හරි. අනෙක ගොඩක් කාන්තාවන් තමන්ගේ හිතට දැනෙන දේ කතාකරන්න බයයි. ඒකනිසා තමයි කාන්තාවට පුරුෂභාවය බලෙන් පටවන්න යන කුහක පිරිමින්ට තියෙන ලොකුම වාසිය.

      Delete
  13. ඔය සබ්ජෙක්ට් එක ගැන නම් මගෙත් වැඩි දැනීමක් නෑ.ඒකට හේතුව මම ඕක ලගින් යන ලිපියක්වත් කියවන්නෙ නැති නිසා.මේ ලිපියෙත් උඩම දාල තිබෙන ඉමේජ් එක දැක්කහම අප්පිරියාවෙ බෑ.මේක සම්පූර්නයෙන්ම සොබා දහමට එරෙහිව යන එකක්.කිසිම සත්ව විශේෂයක ගෑනු පිරිමි ගැටුම් කියන එක නිකම් හිතන්නත් අමාරුයි.හැබැයි සත්තු අතර පිරිමි පිරිමි ගැටුම් තිබෙනව ගෑනු සත්තු බෙදා ගන්න.

    ඕනම කෙනෙක් වගේම මමත් අම්මගෙ,ආච්චිගෙ ආදරය මැද්දෙ හැදුනෙ.මගෙ ආදරණීය අම්ම මාත් එක්ක ගේම ඉල්ලනව කියන එක ඇහෙන කොටත් මට යකා නගිනව.අප්පිරියයි ඔක්කාරෙට එනව.මට ඔය කාන්තා සංවිධාන එවුන් නම් පේන්න බෑ.මට විතරක් නොවෙයි හුගක් දෙනෙකුට එහෙම තමයි.

    මට බටහිර ගැහැනියගෙන් සහ අරාබි ගැහැනියගෙන් වැඩක් නැහැ ඒ නිසා මං ලියන්නේ මගේ අදහස මගේ රටේ සිංහල ගැහැණිය ගැන.// මමත් කියන්නෙ ඒක තමයි.

    මම කියන්න යන්නෙ මේකයි.මට ඔය ගැන කතා කරන්න දැනුමක් නෑ කියල මුලින්ම කිව්වනෙ.හැබැයි අපුරි නගෝ ඔය බර වචන වලට නම් බය වෙන්න එපා.ඕවගෙ තේරුම කියන එවුන් වත් දන්නෙ නෑ.නිකම් වචන සෙල්ලම් විතරයි.

    මම කියන්න හදන්නෙ මේකයි.ඔය ඔවුන් සමතැනද මොකක්ද කියල අල්ලන අඩව්වෙන් වෙන්නෙ මේ ලිපියෙම කිව්ව වගෙ පවුලෙ අම්මගෙ භූමිකාව නැතිවෙන එක.ඒක මහ කාලකන්නි සමාජයක්.දරුවොයි අම්මයි අතර සමබ්න්ධයක් නෑ.අම්ම තවත් තාත්ත කෙනෙක් වගෙ.

    මට හිතෙනව මෙහෙම.මේ වගෙ දේවල් ලෝක විනාශයෙ ලකුණු කියල.හැම ආගමකම ගෞරවයට ලක් වුන පවුලට හානිකර අදහස් පහල වීම.පිරිමින් ට වෛර කරන්නට කාන්තාවන් (සුළු පිරිසක් හෝ ) පහල වීම ,අස්වාභාවික හැසිරීම් නීතිගත වීම ( ඒ අයට හිරිහැර නොකළ යුතුය යන්න වෙනම කතාවක් කසාද බදිනව කියන්නෙ මාර වැඩක්නෙ )

    කොසොල් රජුගෙ සිහින වගෙ,එහෙම නැත්නම් බයිබලයෙ,කුරානයෙ තිබෙන විදියට ලෝක විනාසෙට කිට්ටුවුනහම දකින්න ලැබෙන ලකුණු වගෙ දේවල් කියල මම හිතන්නෙ.
    නැත්නම් මේ තරම් අස්වාභාවික දේවල් සිද්ධ වෙන්න බෑ.මමත් වෙනස් විදියට හිතන කෙනෙක්.එහෙමයි කියල මෙච්චර අස්වාභාවික අමුතු සිතිවිලි නම් දරන්න බෑ.බුදු දහමෙ අනාගතවංස දේශනාවෙ තිබෙනව මුරුගසන් වර්ෂාවට තෙමුනම එකිනෙකා ගහමරාගන්නව කියල.මේ ගෑනු ඒකට තෙමිල ඇති.මෙවැනි මතවාද ගැන කියන්න තිබෙන්නෙ එච්චරයි.

    බයිබලේ හරි කුරානෙ හරි තිබෙනවලු ලෝක විනාසයට පෙර ගෑනු පිරිමි වගෙ හැසිරෙනවය,පිරිමි ගෑනු වගෙ හසිරෙනවය හැම දේම අමුතු වෙනවය,අස්වාභාවික වෙනවය කියල (හරිද මන්ද )

    ReplyDelete
    Replies
    1. මාත් ඒ ෆොටෝ එකට පොඩ්ඩක් වත් ආස නැහැ ඒක දැම්මෙත් ඒ නිසාමයි, මගේ අදහස ලිපිය පුරං මට පුළුවන් ආකාරයෙන් මන් ලිවුවා . මේක ලියන්න මං පෙළබුනේ ඔයාගෙයි හිරු අක්කගෙයි අර සංවාදේ ;) හි හි ගැහනිය කියන්නේ ගැහැණිය ,ඇයට අවශ්‍ය ඇයට සුදුසු ගැලපෙන ජිවිතයක් ,ආදරයක් ,සෙනෙහසක්. පිළිගැනීමක් විතරයි , ඇයි කාන්තා සංවිදාන වලින් ගැහැණුන් පිරිමින් කරන්න හදන්නේ ,,

      බයිබලේ කොහෙවත් සදහන් වෙලා නැහැ යකා ඔයා කියපු කාරණය. නමුත් බයිබලයේ තියෙනවා ,මිනිස්සු ලොකු විපර්යාසෙකට පත්වෙනවා කියලා

      Delete
  14. අන්තිමට ඔමාත් එන්ජීඕ ස්තිර්ක්කයක් උනා එහෙනං

    ReplyDelete
    Replies
    1. මොකක් ? මං හිතුවේ ඔයා පෝස්ට් එක කියවන්න ඇති කියලා :(

      Delete
  15. මට නම් කියන්න තියෙන්නේ ලැජ්ජයි කියන එක. ළිපියේ සාරංශය ගත්තහම තියෙන්නේ. මම සාම්ප්‍රදායික ගැහැණියට කැමතියි කියන දේ. ඉතින් අපේ පිරිමි ටිකට මේ ළිපිය මල් හතයි. ගෑණු මෙහෙම මානසිකත්වයක් ඉන්න කොට තමයි පුරුෂාධිපත්‍ය ගෙදර බල්ටි ගහන්නේ. ඊශ්‍රායලයේ ආගමේ කේස් එක ඇර. අනිත් සෑම තැනම කිසිම වෙනසක් නෑ. එහේ ආගම තියෙන්නේ සෙනගෝ එකට විතරයි. මුස්ලිම් උන් වගේ ඔළුව උඩ තියාගෙන යන්නේ නෑ. මේ ටික කිව්වේ නොදන්න උන් ඊශ්‍රායල කාන්තා අයිතිවාසිකම් ගැන වැරදි චිත්‍රයක් මවා ගන්න පුළුවන් නිසා. එහෙ කෙල්ලෝ කොල්ලෝ කියලා කිසිම වෙන්සක් නෑ.

    ReplyDelete
    Replies
    1. මොකක් ගැනද ලැජ්ජා මගේ අදහස ගැනද ? :( ///ගෑණු මෙහෙම මානසිකත්වයක් ඉන්න කොට තමයි පුරුෂාධිපත්‍ය ගෙදර බල්ටි ගහන්නේ.// ඒත් මං අදහස් කලේ මේක සරළ ප්‍රශ්නයක් නෙමේ .ගැහැණිය ගැහැනියගේ යුතුකම් කරන්න ඕනේ පිරිමියෙක් වෙන්න සමාන වෙන්න අවශ්‍ය නැහැ, ඒ වගේම පිරිමි අය ඇයට ඒ තැන දෙන්න ඕනේ. හිංසාව නැති වෙන්න ඕනේ,, තමන් එක්ක ජිවත් වෙන බිරිදව තේරුම් ගන්න ඕනේ ආදරේ කරන්න ඕනේ,, මේවා බලහත්කාරයෙන් ඇතුල් කරන්න බැහැනේ .. මේක මහා පටලිච්ච නුල් බෝලයක්.. මගේ අදහස මං ලියලා බැලුවේ මාතලන්

      ඊශ්‍රායලය මාත් කිවේ ඔය ටිකමනේ අනේ.

      ඉශ්‍රයලේ නෙමේ ඇමරිකාවෙ, එංගලන්තේ උණත් ,, ගැහැණුන් පිරිමි කරන හැම වැඩේම කලත් ගෙදරක ,පවුලක වැඩි බරක් මානසික වශයෙන් ගැහැණියට දරන්න වෙනවා , සොබාදහම ඒකයි. දෙන්නම ජොබ් කලත් හවසට ගෙදර ආවම ,නිවාඩු දවසට වැඩි වැඩ කොටසක් කරන්නේ කවුද? මං ලිපිය පුරා කියන්න අදහස් කලේ ගැහැණුන් සහ පිරිමින් විදියට අපි දෙගොල්ලන්ට වෙන් වෙච්ච වගකීම් සහ කලයුතු වැඩ කොටසක් තියෙනවා.. ඒ දේවල් හදුනා ගෙන සහයෝගයෙන් ආදරෙන් ජිවත් වෙන්න ඕනේ,, දැන් ඒ හැමදේම විකුර්ති වෙලා..

      Delete
  16. ගැහැණියට සම/නිසි තැන දෙනවාට විරුද්ධ වන්නේද බොහෝවිට ගැහැණුන්මය.
    පවුලට එකතුවන ලේලිය මරාගෙන කෑමට තැත් කරන්නේ බොහෝවිට නැන්දම්මලා නෑනලා ඇතුලු ගැන්සියය. නැන්දා ලේලි ගැ‍ටුම මිස මාමා ලේලි ගැ‍ටුමක් ඔබ අසාතිබේද?
    මේ තවත් එක පැත්තක් පමණි.

    ReplyDelete
    Replies
    1. මාමා ලේලි ගැටුමක් ගුණදාස අමරසේකරයානන්ගේ "කරුමක්කාරයෝ" පොතේ හා චිත්‍රපටයේද තිබිනි.. නමුත් ඒ ගැටුම තිබුනේ ඇඳ උඩය..

      Delete
    2. හෙන්රි අයියා @ ඒක ඇත්ත මාත් දැකලා තියෙනවා . දැන් ලෝකේ හැමදෙයක්ම විපරිත වෙලා ..

      මාතලන් ගොයියා @ හි හි ඉකෙයියා මෙයා කියන එවුවා ඉදගෙන :D

      Delete
    3. @ මාතා.....උඹ නම් පොරක් බං. ෆුල් සීරියස් කියවගෙන පල්ලෙහාට ආවා. කෙලියා තාප්පෙට. හිනා කාලා මැරෙනවා...ඇඳ උඩ අරගලය කරේ සෝමසිරි දෙහිපිටියයි ගීතක්කයි.

      Delete
  17. බොරුවට කෑ ගහන්නේ නැතුව මේ විදියට කරුණු කාරණා සහිතව මේක ගැන කතා කරපු එක ගොඩාක් වටිනවා. සිංහල බෞද්ධ සමාජයක ඉන්න අපිටත් මේක ගැටලුවක් උනේ කොහොමද කියන එක ඇත්තටම මට ලකු ගැටලුවක්

    ReplyDelete
    Replies
    1. යක්කුන්ට තේරෙන ගොඩක් දේවල් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ යක්ෂයෝ ;)

      Delete
  18. ගැහැනු පිරිමි බේද නැතිව තම තමන්ට පැවරෙන යුතුකම් ටික හරියට කරනවනං මේ කේස් ඔක්කොම අහවරයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ ඕවා මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද තේරුම් ගන්න උවමනාවක් නැද්ද , නැත්නම් වෙලාවක් නැද්ද මන්දා

      Delete
  19. කවුරු මොන දේ ලිව්වත් කිව්වත් අන්තිමට තීරණ ගන්නෙ ගැහැණියය..අවසාන ආයුදය කඳුළු/ ගෑස්.. ගෑස් කඳුළු දෙක අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා මනුස්සයාව යටත් කරනවාය.. ඒ නිසා අපි පුරුෂ පක්ශෙට සමාන අයිතිවාසිකම් ඕනෑය..

    ReplyDelete
    Replies
    1. හි හි ඇත්තටම ගැටළු වල ඉන්න අයට මේ දේවල් සන්නිවේදනය වීමක් වෙන්නේ නැහනේ ..

      ගැහැණුන්ට 64 ක් මායම් තියෙනවා කියලා පිරිමි ගෘෂි වරයෝමනේ හොයාගෙන තියෙන්නේ ..

      Delete
  20. කලින්නම් කාන්තාවන්ට කරනන් බැරි පිරිමි කරන වැඩ ඕනේ තරම් හොයාගෙන උපහාසයෙන් කතා කලත් මම දැන් මගේ බිරිඳ ඉන්න තත්වේ දක්කයින් පස්සේ පිස්සු හැදිලා ඉන්නේ මේ දේ අපිට කරන්න වුනොත් යන්න වෙන්නේ හොම්බෙන් නේද කියල. හරියට නිදා ගන්න නැහැ. ඕනේ ඇඳුමක් අඳින්න බැහැ. ප්‍රශ්න ගොඩයි ලොකු කැප කිරීමක් ඒ දේ කරනන් පිරිමින්ට කවදාවත් බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ එහෙම පිරිමින්ට ඒ දේ කරන්න බැහැ කියලා දෙයක් නැහැ , පිරිමියාටත් තමන්ගේ පවුල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා.. කාන්තාවෝ රැකියාවල් කරන එක ගැන හිතද්දී මට හිතෙන්නේ පවුලේ බරෙන් 4/3 ම ගන්නවා වගේ තමන්ට නිත්‍ය වශයෙන්ම උරුම වෙච්ච 50 % තුල තියෙන දරුවන් බිහිකිරීම , ඇතිදැඩි කිරීම අතරට පවුලේ ආර්ථිකයත් දායක වෙනවා . හිතලා බලන්න අපි විහින් නේද වැඩ වැඩිකරගෙන තියෙන්නේ (ආර්ථිකය කියන සාදකය නොසලකා)

      Delete
  21. මම නම් හිතන්නෙ ගැහැනියට නිසි තැන දැනුත් තියෙනව එක නැති කර ගන්නෙ ගැහැනු අයම තමා ,ගැහැණිය ගේ වටිනාකම් ගැහැනියම නැති කර ගෙන මම නම් හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. සහෝදර ගේ අම්මා තාමත් ගෙදර ආදරණීය අම්මා නේද?

      Delete
    2. සහෝදර ගේ අම්මා තාමත් ගෙදර ආදරණීය අම්මා නේද? /////

      සමාවෙන්න ඔමා අක්කා මගෙන් ලොකු ප්‍රශ්නයක් අහලා මේකට මට උත්තර දෙන්නෙ නෑ ..හැබැයි හිත නම් රිදුනා ...මට තෙරෙන්නෙ නැත්තෙ ඔබ අම්මා ගැන අහුවෙ ඇයි ද කියාය.අම්මා ගැහැනියක බව සැබෑය එත් මා කිවු දේ හා අම්මා අතර ඇති සම්බන්ධය මොකක්ද?..මම කියා සිටියේ මගේ පෞද්ගලික මතය පමණි ..ඇත්තටම ඔබ අම්මා ගැන ඇසු හෙතුව මට නම් පැහැදිලි නැත .මම කිවු දෙය ඔබේ බ්ලොගියට එක් කිරිම නොකිරිම ඔබේ කැමැත්තය එත් .................වැඩක් නෑ නොදන්නා දෙවල් මොනවට කියනවා ද ......එක්කෝ

      Delete
    3. //මම නම් හිතන්නෙ ගැහැනියට නිසි තැන දැනුත් තියෙනව /// ඇයි හිත රිදුනේ? ඔයාගේ කොමෙන්ට් එකේ කියපු දේ සහ අම්මා අතර සම්බන්දතාවක් නැත්තේ ඇයි? කවුරුත් කොමෙන්ට් කරන්නේ තමන්ගේ පවුද්ගලික මතය තමයි මල්ලි,, කොටින්ම මම ලියල තියෙන්නෙත් මගේ පවුද්ගලික මතයනේ.... මං එහෙම ඇහුවේ ඔයා කොළඹින් දුර බැහැර නිසා. ඒ වගේම අපේ ගෙවල් වලත් තාමත් අම්මා කියන භූමිකාව ගෙදර ප්‍රධානයි.. ඒකයි අයියෝ මෙයා හිතලා තියෙන දුර

      Delete
    4. මට නම් මගේ කමෙන්ටුව හා අම්මා අතර මෙලෝ සම්බන්ධයක් පෙන්නෙ නෑ ..මට ටිකක් පැහැදිලි කරා නම් වටිනවා ..

      අයියෝ මෙයා හිතලා තියෙන දුර/////
      ඔබ ඕනම් කෙනෙකුගෙන් අම්මා ගැන අහන්න බලන්න ,ඔබට එතකොට අම්මා හා අනෙක් ගැහැනුන් අතර වෙනස දැනෙන්නේ කොමද කියලා තෙරෙයි ..

      සම හරක් කියනවා අනික් හැම ගැහැනියකටම අම්මා ,සහෝදරිය වගේ හිතන්න කියලා මම නම් එහෙම පොරක් නෙවෙයි...මොකද ලොකේ අනික් ගැහැණු ඔක්කොටම වඩා උඩින් ඒ අය ඉන්නෙ ...එක නිසා ඒ අය ගැන කියවෙන තැනක මම අනිවා හිතනවා ගොඩක්

      Delete
    5. ////මම නම් හිතන්නෙ ගැහැනියට නිසි තැන දැනුත් තියෙනව එක නැති කර ගන්නෙ ගැහැනු අයම තමා ,ගැහැණිය ගේ වටිනාකම් ගැහැනියම නැති කර ගෙන මම නම් හිතන්නෙ////

      මේ ඔයාගේ කොමෙන්ට් එක .. ,ඒ කමෙන්ට් එක දක්කමට සතුටක් දැනුණා. මං ඔයාගෙන් ඇහුවේ අපේ ආත්තම්මට වගේම ඔයාලගේ ගෙදර ඔයාගේ අම්මට විශේෂ තැනක් තාමත් තියෙනවා නේද කියලා.

      Delete
  22. කාන්තාව සහ පුරුෂයා ජීව විද්‍යාත්මකව වෙනස්, දෙගොල්ලොම වෙනස් වගකීම් සහිත අය. සමතැන කියා අදහස් විය යුත්තේ කාන්තාවන්ට වැඩ පිරිමියා උසස් ලෙස පවතින ආකල්පය බැහැර වීමයි. හින්දු සහ මුස්ලිම් සමාජය හා සාපේක්ෂව සිංහල සමාජය කාන්තාවට සැලකීම අතින් බොහෝ ඉදිරියෙන් සිටීම ගැන සතුටු වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් විශ්ව ඔය සරළ කාරණාව මිනිස්සු තේරුම් ගන්නේ නැහැනේ .ආකල්ප වෙනස් කරන්න නෙමේ ගොඩක් අයට ඕනේ අරගලයක් කරලා බලෙන් උඩින් ගෙනල්ලා මොනාහරි ඔළු වලට දාන්න. ස්තුති අදහස් එකතු කලාට

      Delete
  23. මම උදේ පාන්දර වෙනද වගේ ඔබේ ලිපිය කියවල කමෙන්ට් නොකර ගියා...
    ලැබිල තිබෙන ප්‍රතිචාර එක්ක කමෙන්ට් නොකරපු එක හොදයි කියල හිතුන..
    ඔබේ නිදහස් අදහස් දැක්වීම විශිෂ්ටයි මගේ මතය වෙනස් වුවත්...
    මෙවැනි ඔබට හිතෙන දෑ දිගටම ලියන්න ....

    ReplyDelete
  24. ඇත්තටම ඔමා ඒක තමයි ඇත්ත.දුෂ්කර ගම් පලාතකට යන්න ගිහින් බලන්න.නගරයේ ගැහැණුන් අතරත් ගමේ ගැහැණුන් අතර ත් ඇති වෙනස.නගරයේ ගැහැණුන් එකාකාරි ජවන රටාවක් ගෙවන්නේ. බොහෝ දුරට ඔබ ඉහත දක්වන ලද ඒවා. නමුත් ගමේ ඊට වඩා හුගක් වෙනස්. ගැහැණිය තමන්ගෙ මිනිහ වගේම කරට කර අරගෙන හේනේ කුඹුරෙ වැඩ කරන අවස්ථා වැඩියි.හේනක කුඹුරක වැඩ කරනවා කියන්නෙ කාර්යාලයක ඉදන් වැඩ කරනවා වගේ දෙයක් නෙමෙයි ඊට වඩා හාත් පසින්ම අමාරුයි.ගැහැණිය ඒ තරමටම දුක් විදිනවා.අපි පුංචි කාලේ අපේ අම්මා හේනේ වැඩ කරල එන්නෙ රැ 7 ට 8 ට විතර ඒ ඇවිත් අපිට කන්ඩ උයනවා.කොයිතරම් නම් දුකක්ද. ඒ විතරක්ද හරකා බාන ඉන්න ගෙවල්වල ඒ දේ කරන්නෙ ගොඩක් දුරට බවලත් උදවිය.ගොඩාක් පිරිමි අයට ශක්තිය දෙන්නෙ තමන්ගෙ ගෑනි. නමුත් ඒ දේ ගොඩක් පිරිමි දන්නෙ නෑ.ගැහැණිය ගැන ලියන්න ගොඩාක් දේවල් තියෙනවා.මට විතරක් නෙමේ හැමෝටම.ඒ වෙන මොකවත් නිසා නෙමේ අපිව මේ ලෝකෙට ජනිත කරේ ගැහැණිය නිසා. ඒ ගැහැණියට සම තැන නොවේ ඊට ඉහළින් සැළකීම උතුම් වු මනුස්ස ගුණාංගයක් කියල පෙන්වලා දීලා තියෙනවා.හිතන්න බුදුන් වහන්සේ බුදු වෙලා තමන්ගේ යසෝදරාව බලන්න යනවා. නමුත් යසෝදරා එනවද බුදුන් ගෙ පෙරමගට. නැහැ තුන්ලෝකෙටම උතුම් බුදුපියානන් තමන්ගෙ ගිහිකල භාර්යාව ගාවට වඩිනව.ඒ ඇයගේ ඇති ඒ ගැහැණියගේ ඇති උතුම් ගුණාංගයට කෘත ගුණ සැළකීමක් ලෙසට.සමතැන් ඉල්ලන ස්ත්‍රීන්ට මේ ප්‍රමාණවත් ඇති තමන්ගැන වටහා ගන්නට

    ReplyDelete
    Replies
    1. මගේ ලිපියෙන් නොකියවෙච්ච ලොකු කොටසක් ඔයාගේ කොමෙන්ට් එක ඇතුලේ තියෙනවා අයියේ ස්තුති ගොඩක්,,,

      ///ගැහැණිය තමන්ගෙ මිනිහ වගේම කරට කර අරගෙන හේනේ කුඹුරෙ වැඩ කරන අවස්ථා වැඩියි.හේනක කුඹුරක වැඩ කරනවා කියන්නෙ කාර්යාලයක ඉදන් වැඩ කරනවා වගේ දෙයක් නෙමෙයි ඊට වඩා හාත් පසින්ම අමාරුයි.ගැහැණිය ඒ තරමටම දුක් විදිනවා.///

      මේ කොටස් අපි tv එකේ විතරයි දැකලා තියෙන්නේ අයියේ,, අපේ ගම්වල යම්තාක් දුරකට දැකපු දේවල් තමයි මං ලියලා තියෙන්නේ.. ගැහැණිය ,අම්මා කියන කෙනා ගැන ලියලා කොහොම නිම කරන්නද ,,, ස්තුති ඔයාට

      Delete
    2. ////මේ කොටස් අපි tv එකේ විතරයි දැකලා තියෙන්නේ අයියේ,, /////
      ඔමා.......නමුත් ඔබ පොතපත ඇසුරුකරන, සමාජ චර්යා රටා පිලිබඳ අවබෝධයකින් ඉන්නා කෙනෙක් ලෙසයි මම දුටුවේ. ඔබ ලියනා බොහෝ දේවල් ඔබ නොදුටුවාට ඒ පිලිබඳ යම්කිසි අවබෝධයක් ඇතිනේ.

      Delete
    3. අරූ @ ///මගේ ලිපියෙන් නොකියවෙච්ච ලොකු කොටසක් ඔයාගේ කොමෙන්ට් එක ඇතුලේ තියෙනවා අයියේ ස්තුති ගොඩක්,,, // මෙහෙම කිවා මං මොකද මට ඇත්තටම හේන් වැඩ කරන ගොවිතැන් කරන කාන්තාව ගැන ලියන්න බැරි වුන නිසා. මේ මාතෘකාව ගැන ලිපියක් ලියන්න හරිම අමාරුයි කොච්චර දේවල් තියෙනවද ලියන්න . මං ලිවේ හරිම චුට්ටයි ඒ වගේම ඔයා ඔය කියපු කොටස ලියන්න හේතුව මං නොදැකපු නිසා ලිවේ නැහැ දන්නේ නැති නිසා ලිවේ නැහැ කියන අදහසින් නෙමේ . මං ඒ දේවල් ඇස් වලින් දැකලා නැහැ කියලා විතරයි කිවේ .. මං සැමන් මාළුවා ගැන ලිවේ එයාව ඇස් වලින් දැකලා නෙමේ , ඒත් ඒකයි මං අදහස් කල දේයි දෙකක් අයියේ.. නමුත් මගේ කොමෙන්ට් එක තුලින් එහෙම අදහසක් මතුවෙනවා නම් මං වැරදි පිලිගන්නවා

      Delete
    4. ඔමා...ඔමා...ඩෝන්ට් වොරි...මම නිකන් අදහසක් ඉදිරිපත් කලා පමණයි.

      Delete
    5. එලස් අනේ .. තැන්කු @අරූ

      Delete
  25. එන් ජී ඕ එකකද වැඩ?

    ReplyDelete
    Replies
    1. එහෙමද පේන්නේ ?

      Delete
    2. ඔයා නේද ගෘහ සේවිකාවන්ට පොලු තියන ධනා මෑන් පවර් එකේ ලොක්කා.

      Delete
  26. ගෙදර යුද්දෙට වගේම ගෑණු යුද පිටියේ යුද්දෙටත් එකවගේ දක්ෂයි කියලා මම අත්දැකීමෙන්ම දන්නවා. ගැහැණුන්ට අමුතුවෙන් දියයුතු තැනක් නැහැ මුස්ලිම් ආගමේ හැර ලෝකයේ වෙනත් බොහෝ ප්‍රදේශවලදී. ඒ ඒ සමාජය තුළ තිබන මානුෂිකත්වය කොපමණද කියලා පෙන්වන සංකේතයක් තමයි ගැහැණිය කොපමණ තෘප්තිමත්ව සහ නිදහස්ව සිටිනවාද කියන එක. ඊළඟට ඒ තෘප්තිය සහ නිදහස අර්ථ දැක්වීම ඒ ඒ සමාජ හරයයන් අනුවයි සිදුවන්නේ. අපේ ගෑණුන්ටත් හවසට ක්ලබ් එකට ගිහිල්ලා බීලා නටලා එන්න පුළුවන්. දැනුත් ලංකාවේ එහෙම යන අය ඉන්නවා. මේ සියල්ලට ඉහළින් අපි පිළිගත් සම්ප්‍රදායයන් තිබෙනවා. ඉතා ඉහළ නිදහසක් විඳින ගැහැණු බොහොමයකගේ අභ්‍යන්තරය නම් අපේ ලාංකීය සමාජ හරයයන් සමග බද්ධ වෙන්නේ නැහැ. අපේ දෙමවුපියන් සමග අපි බද්ධවී සිටින ආකාරයට බටහිර සමාජය තුළ බද්ධ වීමක් නැහැ. ඔපමණ නිදහසක් විඳින බටහිර සමාජය ඔපමණ කුණුවී තිබෙන්නේ ඇයි? බුද්ධියෙන් හා සදාචාර සම්පන්න බවෙන් අගතැන්පත් ගැහැණියගේ දෙපතුල ලඟට ගෞරවය ගලාගෙන එනවා. මෙගේ අම්මාට, සහෝදරියට, බිරිඳට මා සැළකියයුත්තේ කෙසේද යන්න අවබෝධ කරගැනීමේ පරාසය පුළුල් වූ තරමට ගැහැණියට නිසි තැන ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ගැහැණියක් හෝ පිරිමියෙක් හෝ ඔය විදින නිදහස සාපේක්ෂයි නේද? කාන්තා විමුක්තිය කියන්නෙ ක්ලබ් වල බීල නටන එකද?ඒක මතද කාන්තාව නිදහසින් සිටින බවට සහතිකය. එහෙම නෑ.ක්ලබ් වල බීල නටන ගෑනියෙක් ලබන සතුටම සංස්කෘතික හර පද්ධති එක්ක ජීවත් වෙන ගෑනියෙකුත් ලබනවා.මේක පිරිමින් ගැනත් මේ විදියටම හිතන්න පුළුවන්.අර බිබී දඩාවතේ යන කාන්තා සංවිධාන ගෑනි සමස්තයක් විදියට ගත්තම ඉන්නෙ දුකින් පසුතැවිල්ලෙන්.බුද්ධියෙන් හා සදාචාර සම්පන්න බවෙන් වාගෙම වගකීමෙන් අගතැන්පත් ගැහැණියගේ දෙපතුල ලඟට ගෞරවය ගලාගෙන එනවා

      Delete
    2. විචාරක තුමණි . ස්තුති ඔබේ අදහස් දැක්වීමට , රැකියාවේ සහ ජිවිතයේ මට වඩා ඔබ අත්දැකීම් බහුල කෙනෙක් විදියට ඔබේ ගැහැණිය පිළිබද තියෙන ගෞරවය ගැන සතුටුයි.///බිරිඳට මා සැළකියයුත්තේ කෙසේද යන්න අවබෝධ කරගැනීමේ පරාසය පුළුල් වූ තරමට ගැහැණියට නිසි තැන ලැබෙනවා./// මේ දේ තමයි මාත් කියන්නේ එක පාරට බලෙන් ඔලුවලට ඔබන්න බැහැ ඒ දේවල්... මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ,,

      //බුද්ධියෙන් හා සදාචාර සම්පන්න බවෙන් අගතැන්පත් ගැහැණියගේ දෙපතුල ලඟට ගෞරවය ගලාගෙන එනවා./// අනිවාර්යෙන්ම

      Delete
  27. ඔන්න මම ලියන්නේ මම අහපු විස්තරයක් ..... චීනෙන් ආපු ඔරිජිනල්ම චීන ජාතිකයෙක්ගෙන් . ... චීනයේ මා ඕ සේතුන් තුමා ඉතා මහන්සියෙන් කාන්තාවන්ට සම තැන අරන් දුන්න.... දැන් සෑම කාන්තාවක්ම පිරිමින්ගේ ගානටම හම්බ කරන්න ඕනා ...පිරිමි හැමෝම දවසට එක වේලක්වත් උයන්න ඕනා, කසාද බඳින කොට ප්‍රධාන වෙන්නේ දෙන්නගේ ආදායම් සමානද කියලා බලන එක.. ගැහැණු අයත් හවසට වැඩ ඉවර වෙලා යහළුවෝ එක්ක ක්ලබ් එකට බැහැලා අහම්බෙන් හොඳ පොරක් සැට් උනොත් ගෙදරට ආරංචි නොවන විදියට එයත් එක්කත් පොඩ්ඩක් සතුටු වෙලා ... තමයි රෑ දෙගොඩ හරියේ ගෙදර එනවා කියන්නේ (දැන් සාමාන්‍යයෙන් අපි දන්නා පිරිමි අය කරන විදියට) කොටින්ම කියනවානම් කාන්තාවකට ලෝකයේ සම අයිතිය ලැබීම අතින් ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි චීනය.... ඒවගේම මේ වෙනකොට ලෝකයේ වැඩිම අසාර්ථක පවුල් ජිවිත ගෙවන රටත් (සන්ක්‍යත්මකව නොව ප්‍රතිශතයක් ලෙස) චීනයයි...... මුකුත් හිතෙනවද ???

    ReplyDelete
    Replies
    1. චීනයෙ මිනිස්සුන්ටත් සලකන්නෙ යන්ත්‍රසූත්‍ර වලට සලකන විදියට තමයි.ඔය මාවෝසේතුන්ගෙ කාලෙ හාමුදුරුවරු උගත්තු මරල පන්සල් කුඩුකරල තිබෙනව.චීනයේ පරන සංස්කෘතිය විනාශ කරන්නයි ඔවුන් හිතුවෙ.නමුත් චීනය විශාල රටක්.ඔවුන් හිතපු විනාශය කරන්න බැරි වුනා.මාවෝ සේතුන් චීන ජනගහනයෙන් 1/4 ක්ම මැරුවලු.මා වෝ ගේ මරනයෙන් පසු මේ විනාශය නැවතුනා.වර්තමාන චීනයේ යෝධ සංවර්ධනය ඇතිවුනේ චීනය 1979 දී විවෘත කිරීමත් සමඟයි.මා වෝ ගේ මරනය සිදු නොවුනානම් අද චීනය දුප්පත් කුලීකරුවන්ගේ රාජ්‍යයක්.

      Delete
    2. ///කොටින්ම කියනවානම් කාන්තාවකට ලෝකයේ සම අයිතිය ලැබීම අතින් ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි චීනය.... ඒවගේම මේ වෙනකොට ලෝකයේ වැඩිම අසාර්ථක පවුල් ජිවිත ගෙවන රටත් (සන්ක්‍යත්මකව නොව ප්‍රතිශතයක් ලෙස) චීනයයි...... මේ තියෙන්නේ උත්තරේ,,,, මේ ටික අපේ කාන්තා සංවිධාන වල අන්ටිලට තේරෙන්නේ නැහැනේ

      Delete
    3. යකා @ ස්තුති ඔය දේවල් කියද්දී දැනුම අලුත් වෙනවා, ඒවා ගැන හොයා බලන්න හිතෙනවා ..

      Delete
  28. කාන්තාවක් කාන්තාභාවය ප්‍රතික්ෂේප කරනව නම් ඒ වගේම ගෙදර අම්ම කියන භූමිකාවෙන් කාන්තාව ඉවත් කරනව නම් එතන ලොකු විනාශයක්.මට නම් මේ අන්තවාදය ගැන එහෙමයි කියන්න තිබෙන්නෙ.ඒ වගේම ගෑනු වගෙ පිරිමිත් පිරිමි වගෙ ගෑණුත් හරි අජූවයි.ඒක ශාරීරිකව විතරක් නොවෙයි සමාජමය වශයෙනුත් හරි අප්‍රසන්නයි.ගෑනියෙකුගෙ ගෑනුකම නැතිකරගන්න එක ඒ ගෑනුකෙනාටම හානියක්.ස්වාභාවිකත්වයට හානියක්

    ReplyDelete
    Replies
    1. මනුස්සයා එදා ඉදන් කලේ සොබා දහමට පිටින් ගිහින් අලුත් දේවල් හොයාගත්ත එක, මේ කරනාවේදීත් මට දැනෙන්නේ ඒකමයි. ඔබ කිවූ ආකාරයට ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ පිරිමි වගේ ගැහැණුන්ට ඒ වගේම ගැහැණු වගේ පිරිමින්ට ත් ඉහළ මන් දාලා තියෙන ෆොටෝ එකේ ඉන්න ගැහැණු කෙනා දැක්කම දැනෙන හැගීම බලන්න . මිනිස්සු ලෝකේ ගොඩක් දේවල් පටලාගෙන ඉන්නේ යකා ඒකයි වෙලා තින්නේ.

      Delete
  29. //ගැහැණිය තමන්ගේ කොටසත් පිරිමියා ඔහුගේ කොටසත් ඉටුකරන්න ඕනේ. මෙහෙම අය මේ පොලවේ නැති වෙන්න පුළුවන්.// ++++ මේක තමයි ඔමා පරමාදර්ශී සංකල්පය. සමහර දේවල් වෙනස් විය යුතු යි. කතාව ඇත්ත. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒව වෙනස් නොවෙන එක.

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුට්ටියේ , අපිවත් අපේ ජිවිත එහෙම හැඩගස්ව ගන්න උත්සාහ කරමු ,වෙන මොන කරන්නද , යාන්ත්‍රික ජිවිත වල හැමදේම ඇති ඒත් සතුට සැනසීම නැතුව ඇති, ඒ දෙක නැතුව සල්ලි උඩ නිදාගත්තත් වැඩක් තියේද

      Delete
  30. මුළු සමාජයම පොදුවේ සලකපුවම ඒ සමාජය කාන්තාවකගෙන් සහ පුරුෂයෙකුගෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. පිරිමි සහ ගැහැණු විදියට මිනිසුන් පවතින්නේ හේතුවක් සහිතවයි. හුදෙක් ප්‍රජාව බෝ කිරීමට වඩා එහා ගිය සමාජ අවශ්‍යතාවක් ඒ මගින් පිරිමසෙනවා. පුළුවන් නම් අරගෙන කියවන්න ආරියරත්න චන්ද්‍රවංශ පරිවර්තනය කරපු " ගැහැණු සහ පිරිමි මෙතරම් වෙනස් වන්නේ ඇයි " පොත. එතකොට මේ දේවල් තවත් හොඳට අවබෝධ කරගන්න පුළුවන්. පිරිමියා හෝ කාන්තාව සමතැන ඉල්ලීම නොව තමන්ට හිමි නිසි තැන අවබෝධ කරගෙන ඒ තුල ජීවත් වෙන්න පුලුවන්නම් අන්න එතනයි සමාජ අවශ්‍යතාවය සම්පුර්ණ වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුති සෙහාන් ඔයාගේ අදහසත් එකතු කලාට ,, ඕක තමයි මාත් කියන්නේ ,, ඒ පොත හොයාගන්න මන් උත්සාහ කරන්නම්

      Delete
  31. වටින ලිපියක් ඔමා.... ජිව විද්‍යාත්මක වෙනසට අනුව නිසිතැන දීමයි වඩා සුදුසු.

    ReplyDelete
    Replies
    1. සොබාදහමෙන් එහා ගිහින් අපිට ලබාගන්න පුළුවන් හිස් කම විතරයි ස්තුති බස්සි

      Delete
  32. වටින ලිපියක් ඔමා.. ලංකාව ඇතුලේ තව වෙනස් වෙන්න ඕන කාරණා තියෙනවා කියලා හිතෙනවා.. එලියට බැහැලා කෑ ගහලා සමතැන් ඉල්ලුවට, පවුල ඇතුලෙම සමතැනටත් වඩා තැනක් කාන්තාවට ලැබිලා තියෙනවා කියලයි මං නම් හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. බේබදු ,සුදු කාර, සල්ලාල ස්වාමිපුරුෂයෝ නැති බොහෝ ගෙවල් වල ඒ තැන තියෙනවා.

      Delete
  33. ඒක පවුලේ ඇතුලේ විතරක් නෙමෙයි සමාජයේත් තියෙන්ඩ ඕනෑ. රැකියා ස්ථානයේ ත් තියෙන්ඩ ඕනෑ. තවමත් ගොඩක් තැන්වලදී decision making procecss වලට කාන්තාවන්ගේ දායකත්වය අවමයි කියලයි හිතෙන්නේ. මම කියන්නේ පවුල ඇතුලේ නෙමෙයි, පවුලෙන් පිට.
    පවුල ඇතුලෙදි දෙන්න කතා බහ කරලා තම තමන්ට පුළුවන් විදිහට වගකීම් සහ තීරණ ගන්න එක වෙනව ඇති. ඒ උනාට සමාජයේ පිට ගෑණුන්ට 'අරම ඉන්න, මෙහෙම කරන්න, මේක ඔයාලට බෑ" කියල නීති දාන්ඩ එන කට්ටිය නම් තාමත් ඉන්නවා!
    තමන්ගේ අම්මා නංගි ඇරෙන්න අනෙක් කාන්තාවෝ තමන්ට පාවිච්චියට තියෙන 'බඩු' කියන මානසිකත්වය තියෙන අයත් ඉන්නවා.
    ඒ වගේම පවුල ඇතුලේ උනත්, නෝනයි මහත්තයයි දෙන්නම වැඩ ඇරිලා ආවම, නෝනා කෙලින්ම කුස්සියට ගිහින් උයද්දී මහත්තයා හොඳට ටී වී බලන පවුලුත් තියෙනවා. බැන්දට පස්සේ රස්සාවෙන් අස් වෙන්ඩ කියල නෝනට අණ කරන මහත්තුරුත් ඉන්නවා (නෝනා සිය කැමැත්තෙන්, පවුල් අයවැය මහත්තයට විතරක් දරන්න පුළුවන් කියල මහත්තය කියනවා නම් සහ එයත් කැමති නම් රස්සාවෙන් අස් වීම වෙනයි)

    ගෑනු උනාම මෙහම ඉන්ඩ ඕනා, පිරිමි උනාම මෙහෙම ඉන්ඩ ඕනා කියල අපි කොහොමද නීති දාන්නේ? ගෑනු හැමෝම එකවගේ නැහැ වගේම පිරිමි හැමෝම එක වගේ නැහැ. හැමෝටම තියෙනවා එක එක දක්ෂතා, සිතුම් පැතුම් සහ ආසාවන්. හැමෝම හැමෝටම ගෞරවයෙන් සැලකුවනම් හැම දෙයක්ම හරි! :)

    ReplyDelete
    Replies
    1. මම මගෙ බ්ලොග් එකේ හිරු ත් එක්ක කළ සංවාදයක් මේකට පදනම් වුන නිසා සමහර අය වැරදි කොන් වලින් අල්ලගෙන තර්ක කරන නිසාත් තමයි මම මේ සංවාදෙට දිගටම එන්නෙ.

      තවමත් ගොඩක් තැන්වලදී decision making procecss වලට කාන්තාවන්ගේ දායකත්වය අවමයි කියලයි හිතෙන්නේ //

      අද හැම රැකියාවකම බහුතරය කාන්තාවන් ඔබ ඔය විදියට කියන්නෙ කොහොමද? කාන්තාවන් බහුතරය නොවන්නේ නුපුහුණු කම්කරු රැකියාවල පමණැයි.උසස් රැකියාවල මේ තත්වය 80% ක් 90 % ක් පමන වෙනවා.

      ඔබ ඊලඟට කියන කතාවට නම් හේතුව ස්ත්‍රී පුරුෂ ලිංගික ආකර්ශනය.මෙතනදි පුරුෂයා ආක්‍රමණශීලීයි.ඒක සත්ව ලෝකයේ සොභාවය.එහෙම කියල නීතිමය සීමා ඉක්මවන්න දෙන්න බෑ.

      ඔබ තුන් වැනියට කියන කාරනේ ඇත්ත.කාන්තාවන් සමහරෙක් පිරිමි ගති ලක්ෂන පෙන්වනවා.සමහර පිරිමි ගැහැණු ලක්ෂන පෙන්වනවා.සමහර පිරිමි කැමතියි ගෑනුන්ට යට වෙලා ඉන්නත්,සමලිංගිකයො දෙවර්ගයෙම ඉන්නෙ.නමුත් අපි කතා කරන්න ඕන පොදු දේ ගැන .බහුතරය ගැන.සම්මතයෙන් පිට පනින සුළුතරය ගැන නොවෙයි.

      Delete
    2. //අද හැම රැකියාවකම බහුතරය කාන්තාවන් ඔබ ඔය විදියට කියන්නෙ කොහොමද? කාන්තාවන් බහුතරය නොවන්නේ නුපුහුණු කම්කරු රැකියාවල පමණැයි.උසස් රැකියාවල මේ තත්වය 80% ක් 90 % ක් පමන වෙනවා.//
      මේ සංඛ්‍යාව ඔයා ගත්තේ කොහෙන්ද කියලත් කිව්වොත් සහෝ?

      Delete
    3. //කාන්තාවන් සමහරෙක් පිරිමි ගති ලක්ෂන පෙන්වනවා.සමහර පිරිමි ගැහැණු ලක්ෂන පෙන්වනවා.සමහර පිරිමි කැමතියි ගෑනුන්ට යට වෙලා ඉන්නත්,සමලිංගිකයො දෙවර්ගයෙම ඉන්නෙ.//

      අපොයි! එහෙම දෙයක් ගැන නම් නෙමෙයි මම කිව්වේ.
      උදාහරනෙකට, සමහරු කියනවා ගෑණුන්ට ගණන් බෑ කියලා. ගෑණු ළමයි ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් ඉගෙන ගන්නම ඕනේ කියනවා. ඒ උනාට මම දන්න පිරිමි අය ඉන්නවා හරිම දක්ෂ කුක්ස් ලා. ඒවගේම ගෑණු අය ඉන්නවා හරිම ගනන්කාරියෝ. ඉතිං ඒ උනාට සමාජයේ ආකල්ප නිසා සමහරු සාම්ප්‍රදායික ගැහැණු පිරිමි රැකියා තෝරාගන්නවා තමන් දක්ෂ සහ කැමති දේ ට නොයා. මට නම් හිතෙන්නේ ඒක හරිම අපරාධයක් කියලා. අන්න ඒක ගැනයි මම කිව්වේ :)

      Delete
    4. ඕනම රාජ්‍ය ආයතනයක ව්‍යුහය බලන්න.සියළුම තරඟ විභාග වලින් තෝරාගන්නා පිරිස් දෙස බලන්න.කළමනාකරන සහකාර,පරිපාලන වැනි සේවා සඳහා 80% ඉක්මවූ කාන්තා ප්‍රතිශතයක් ඉන්නවා.ගුරු වෘත්තිය බලන්න,නීතීඥ වෛද්‍ය වෘත්තීන් බලන්න.ඉන්ජිනේරු ක්ශේත්‍රය හැර අන් සියළුම ක්ෂේත්‍රවල බහුතරය කාන්තාවන්.අලුත් පත්වීම් දෙස බලන විට තමයි 80%,90% ප්‍රතිශත කරා යන්නේ.

      මගේ අත්දැකීම් ගැන ත් කියන්නම්.මම නම් මේකට කැමතියි.මොකද පිරිමින්ට වඩා හොඳින් කාන්තාවන් වැඩ කරන බව මට තේරිලා තිබෙනවා.හේතුව නම් මටත් හිතා ගන්න බෑ.උසස් තනතුරු දරන කාන්තාවන් නම් අති විශිෂ්ටයි.පිරිමින්ට ඔවුන්ගේ අහලකටවත් එන්න බෑ.මේ මගේ අත්දැකීම්.ඒක මේ මාතෘකාවට අදාල නෑ.නිකමට කිව්වෙ.
      ඒ වගේම නුපුහුණු කම්කරු රැකියාවල පිරිමිනුත් ඒ රැකියාවලට නියමෙට ගැලපෙනවා.දුවල පැනල කරන රියදුරු ,කාකාස වගෙ පහල මට්ටමේ රැකියා වලට බර වැඩ වලට පිරිමි හොඳයි.උසස් රැකියා වලට ගැහැණු හොදයි කියන මතයෙ මම ඉන්නෙ.ඒක ඵලදායිතාව හා කාර්යක්ෂමතාව,නිවැරදි තීරණ ගැනීම වගෙ කාරනා ගැන මගෙ පුද්ගලික අදහසක්.

      Delete
    5. නිරෝෂිනී @ යකා .අදහස් දැක්වීම් වලට ස්තුති. //ඒ උනාට සමාජයේ පිට ගෑණුන්ට 'අරම ඉන්න, මෙහෙම කරන්න, මේක ඔයාලට බෑ" කියල නීති දාන්ඩ එන කට්ටිය නම් තාමත් ඉන්නවා! /// මේ වගේ දේවල් ගැන හොයල බැලුවොත් ඒ වල කෙළවරක ඉන්නෙත් ගැහැනියක් බොහෝ දුරට. //ගෑනු උනාම මෙහම ඉන්ඩ ඕනා, පිරිමි උනාම මෙහෙම ඉන්ඩ ඕනා කියල අපි කොහොමද නීති දාන්නේ?// මේවා පවා පිරිමින් දාපු රීති රාමු නෙමේ.. ,,මගේ අදහස අපේ රටේ සමාජයේ ගැහැණියට තියෙන බාදා ඉතාම අවමයි.. ඕනෙම රැකියාවකට යන්න , ඕනෙම තැනකට යන්න අයිතිය තියෙනවා.. ඒත් සමාජයේ ඉන්න ගැහැණුන්ගේ පිරිමින්ගේ ආකල්ප වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

      Delete
    6. ඒ වගේම දරුවන් වෙනුවෙන් වැඩි වගකීමක් ගැහැණිය පිට තියෙන නිසා ,සමහර රැකියාවල කාන්තා දායකත්වය අඩුවෙන්න පුළුවන්,. ඒ ගැන මගේ පවුද්ගලික අදහස ලිපිය තුල ලියලා තියෙනවා

      Delete
    7. ඔව් නීති වලින් අවහිර නැහැ අපුරිවී. ඒ උනත් ඔයා කියන විදිහටම සමාජයේ ආකල්පමය අවහිර නම් තියෙනවා.

      උසස් රැකියා වල ඇතුලත් වීමේදී එකම සුදුසුකම් තිබුනත් සමහර වෙලාවට ගැහැණියක වීම නිසාම අඩු වේතනයක් ලැබෙන අවස්ථා මම පුද්ගලිකව දැකල තියෙනවා. මේ මම කියන්නේ salary එක negotiate කරන රැකියාවන්. සමහර වෙලාවට ඒකට හේතු වෙන්නේ පිරිමි ළමයිනට සාපේක්ෂව ගෑණු ළමයින්ට දක්ෂ විදිහට තමන්ව interview එහකදී promote කරන්ඩ බැරි එක. සමහර වෙලාවට interview කරන එක්කෙනාගේ 'ගැහැණු' ගැන තියෙන preconceived අදහස්.

      රැකියාවන්ට ඇතුල් උනාට පස්සේ, උසස් වීම් ලැබිලා ඉහළටම යද්දිත් ගැහැණුන්ට ප්‍රශ්න තියෙනවා. සමහරු ඉන්නවා ගෑනු බොසී ලා යටතේ වැඩ කරන්ඩ අකමැති අය!
      මේ ඉතිං මම අත්දැකීමෙන් දැකල තියෙන දේ :)

      Delete
    8. නීරෝ @ මේවා හැමදේම හිතද්දී දැනෙන්නේ මේක නම් විසදුමක් නැති ප්‍රශ්නයක් වගේ .මේ මාතෘකාව ගැන ලිපියක් ලියන එක හරිම අමාරු වැඩක් ..අපි කොච්චර කිවත් අපේ රටේ වෙනස් කරන්න බැරි තරමට මේ ප්‍රශ්නේ තියෙනවා.. ඔය කාන්තා සන්විධාන වල අයට පුලුවන්නම් බොරු දේවල් වෙනුවෙන් කා නොගහා පැහැදිලිව බුද්ධිමත්ව ඉල්ලීම් සමාජයට ගේන්න...ඔය කියපු සේරම ඇත්ත. // සමහරු ඉන්නවා ගෑනු බොසී ලා යටතේ වැඩ කරන්ඩ අකමැති අය! //මේක නිසා මගේ යාලුවෙක් හරියට වද වුණා.

      Delete
  34. මට නම් හිතෙන්නේ මේ අල්ලාගෙන ඉන්නේ වැරදි කොන් වලින් කියලා. කාන්තාවන් සහ පිරිමි භෞතිකව සමාන නැහැ. ඒ නිසාම පිරිමි පිරිමි වීම තුල සහ ගැහැණු ගැහැණු වීම තුල අනන්‍ය ප්‍රශ්න තියනවා. නමුත් සමානාත්මතාවය කියන්නේ මිනිස්සුන්ව ගැහැණු හෝ පිරිමි නොවන සම තලයකට ගේනවයි කියන එක නෙමෙයි. ගැහැණිය ගැහැණියක් ලෙස ඉටු කරන වැඩ කොටස සමාජයේ අවතක්සේරුවට ලක්වී තිබීම නිසා තමයි මේ ක්‍රියාමාර්ග මුලින් බිහිවුණේ. විශේෂ හේතුවක් නැතිව පිරිමින්ට පමණයි ලෙස වෙන්වෙලා තිබ්බ රැකියා අවස්ථා ආදියත් කාන්තාවන්ට විවෘත වුණා. ඔතනදි මූලික වෙන්නේ හැම කාන්තාවක්ම ඔය රස්සා වලට යනවා කියන එක නෙමෙයි. එහෙම අවශ්‍ය අය ඉන්නවා නම් ඔවුන් කාන්තාවක් වීම නුසුදුසුකමක් නොවේ කියන පණිවිඩයයි.

    අද කාන්තාව වැඩට යන, පිරිමියා ගෙදර ඉඳන් ලමයි බලාගන්න පවුල් ඉන්නවා ඕන තරම්. ඒක ඒ ඒ යුවලගේ කැමැත්ත. ලංකාවේත් මේක තියනවා ටිකක් වෙනස්. පිරිමියා එක්කෝ කිසි දෙයක් කරන්නෙ නෑ, නැත්නම් ලැබෙන සියලු මුදල් දුසිරිතටම වියදම් කරනවා. කාන්තාව රැකියාවකුත් කරලා, ළමයිනුත් බලාගෙන, ගෙදර වැඩත් කරනවා. ඒ මනුස්සයා විඳින අසාධාරණය කතා කරන්නෙ නැතුව අපි කියනවා අන්න ශ්‍රේෂ්ට කාන්තාවක් කියලා.

    සමතැන දීම කියන්නේ යම් යම් දේ කිරීමට ස්ත්‍රී පුරුෂ බව අනවශ්‍ය බාධකයක් ලෙස තිබීම ඉවත් කිරීම. ආගම, ජාතිය සම්බන්ධයෙනුත් තත්වය ඕකයි. මිනිසුන්ව ස්ත්‍රී පුරුෂ, ආගම්, ජාති, සමලිංගික, විෂමලිංගික ලෙස රාමු තුල සිරකිරීම නැවත්වීම තමයි මෙයින් කරන්නේ. සමහර එය ඒවා වැරදි කොන් වලින් අල්ලාගෙන වැරදි අර්ථකතන දෙනවා. නමුත් මේ තියෙන්නේ නිදහස් වීමක්. ඒ නිදහස තමන් කැමති ලෙස, අනෙකාට හානියක් නොවන ලෙස වගකීමෙන් පාවිච්චිකිරීම කියන එක මෙයින් අහෝසි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නමුත් සමානාත්මතාවය කියන්නේ මිනිස්සුන්ව ගැහැණු හෝ පිරිමි නොවන සම තලයකට ගේනවයි කියන එක නෙමෙයි.//

      අන්තවාදී කාන්තා සංවිධාන වලට අවශ්‍ය ඒ දේ නේද?

      අද කාන්තාව වැඩට යන, පිරිමියා ගෙදර ඉඳන් ලමයි බලාගන්න පවුල් ඉන්නවා ඕන තරම්//

      මාත් අහල තිබෙනව ඇමරිකාවෙ සුලු ප්‍රතිශතයක් එහෙම තිබෙනවලු.ඔය සංවිධාන බලවත් එහෙනෙ.මෙහාට සල්ලි එවන්නෙත් එහෙන්නෙ

      නමුත් මේ තියෙන්නේ නිදහස් වීමක්.//

      සංවිධාන කාරයො කියන්නෙ කාන්තාව පවුලෙ වගකීම් වලින් සම්පූර්නයෙන් ඉවත් කරන්න.ඒ කියන්නෙ කන්තාව අම්ම කියන භූමිකාවෙන් ඉවත් කරන්න.අම්මයි දරුවයි අතර තිබෙන බැඳීම නැති කරල දාන්නනෙ.අම්මයි දරුවයි එකට ඉන්න දැන්වීම් ,මවුගුන ගී වගෙ දේවල් වලටත් සංවිධාන කාරයො විරෝධය ප්‍රකාශ කරල තිබෙනවා

      මෙතන කොමෙන්ට් කරල තිබෙන බහුතරය වගේම රටේ බහුතරයත් විරුද්ධ ඔය සංවිධාන කාරයන්ගෙ අන්තවාදයට.එහෙම නැතිව වෙන මොකකටවත් නොවෙයි.

      Delete
    2. තිසර @ස්තුතී අයියේ .. මේ දේවල් මිනිස්සු හරියට තේරුම් ගන්නේ නැහැනේ බොරුවට තමන්ගේ පවුද්ගලික වාසි වෙනුවෙන් සංවිධාන හදාගෙන අහිංසක මිනිස්සුන්ට වද දෙනවා. .


      යකා @ ඒ දේම තමයි මාත් හිතන්නේ ගොඩක් ස්තුති ඔයාලගේ පැහැදිළි කිරීම් වලට සල්ලි වලට ගිරිය පුප්පන් කෑගහන ඇන්ටිලා දැන් සද්දයක් නැහැ .

      Delete
    3. @යකා, මෙතනත් තියෙන්නේ සමාජයේ යම් අයහපත් යැයි සිතන දෙයකට විරෝධය පෑමේදී, විරෝධය දැක්විය යුතු මූලික කරුණු නිසි පරිදි හඳුනා නොගැනීම. ඒ වෙනුවට අර අයහපත් යැයි සිතන පිරිස අයත් වෙන සාමූහික කුලකයටම පහර එල්ල කිරීම.

      ඕනෑම දේක අන්තවාදයට යනවා නම් ඒක සමාජය මත ඇති කරන්නෙ අහිතකර බලපෑමක්, ඒකෙ විවාදයක් නෑ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කාන්තාවන්ට සමතැන දීම සහ ඔවුන්ගේ අයිතීන් දිනාගැනීම කියන අරමුණු පෙරදැරිකරගත් 'ස්ත්‍රීවාදය' (feminism) කියන සංකල්පයේ නෙමෙයි. සමහර සංවිධාන එය පාවිච්චි කරන ආකාරයේයි. වැරැද්දක් විවේචනය කිරීමේදි අපි මුලින්ම වැරැද්ද මොකද්ද කියලා නිවැරදිව හඳුනාගත යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන වලටත් තියන විරෝධය ඔය වගේ. රටට ප්‍රයෝජනවත් වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන අනන්තවත් තියනවා. නමුත් රාජ්‍ය නොවන සංවිධානයකින් වැරැදි වැඩක් කලාම විරෝධය එක්ක වෙන්නේ මුළු රාජ්‍ය නොවන සංවිධාන පද්ධතියටමයි. තවමත් ලංකාවේ බහුතරය දෙමළ සහ එල්ටීටීඊ, ඉස්ලාම් මූලධර්මවාදීන් සහ සාමාන්‍ය මුස්ලිම් ජනයා අතර වෙනස හඳුනන්නේ නැහැ.

      විරෝධයක් දැක්වීමේදි තමන් විරෝධය දක්වන්නේ කොතැනටද, කුමකටද කියන එක පැහැදිලි කර නොගැනීමෙන් සහ එය කියවන්නාට පැහැදිලි නොකිරීමෙන් සිද්ධවෙන වරද හිතනවාට වඩා බරපතලයි.

      Delete
    4. තිසර @ ගැටළුව තිබෙන්නෙ අර කුලකය තුල විරෝධය දැක්විය යුතු සියළු කරුණු අඩංගු වීම.ඔබ ඔය කියන සංකල්පය යටතේ ඉන්න හැමෝම කාන්තාව නිවසේ වගකීම් වලින් ඉවත් කරන්න ඕන කියන අය.ඒ වගේම අම්මයි දරුවයි අතර සම්බන්ධය බිදින්න ඕන කියන අය.ඔබට වුනත් ඒ වගෙ අදහස් දරන ගෑනු කෙනෙක් එක්ක පවුල් කන්න බෑ.
      ගෘහස්ත හිංන්සනය වගෙ ඒව අපි ඉතා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.

      ඔබ කියන ආකාරයට ඒක සමහර ස\ම්විධාන වල ප්‍රශනය්ක් නොවේ.සියළුම සංවිධාන වල ප්‍රශ්නාය්ක්.ඒ කියන්නෙ ඒ මතවාදයේ ප්‍රශ්නයක්.

      ඔබ රාජ්‍ය නොවන සංවිධාන ගැන කියපු එක හොඳයි.ඔය වාගෙ තර්ක අපි හදාගන්නෙ අනේ අරෙය නරක වුනාට ඒක හරි ශෝයි කියන්න.ඒත් එහෙම නෑ.ඔබ දන්නව ඇති යුද්ධෙ කාලෙ ඔක්කොම ප්‍රධාන ධාරාවෙ රාජ්‍ය නොවන සංවිධාන කොටින්ට සපෝට් කළා.හැම එන් ජී ඕ එකකම බලාපොරොත්තුව ඩොලර් කුට්ටියක් කඩාගන්න එක.ඒකයි ඇත්ත.ඒ නිසා ඔවුන් වැඩිපුර මාකට් කරන්න පුළුවන් දේ කරනව.

      එල් ටී ටී යයි දෙමළ ජනතාවයි ගැන ඔබ කියපු එක තවත් හොඳයි.ඇත්තටම හැම දෙමළ ජාතිකයෙක්ම එල් ටී ටී එකට කැමතියි.සම්මතයෙන් පිට පනින කීප දෙනෙක් ඇර.අන්තවාදයේ භයානකකම ඒකයි.අන්තවාදය දිය සුළියක් වගෙයි.ඒකට අහුවෙනකම් කිසිම කෙනෙක් දන්නෙ නෑ.සිංහල ජනතාව අතර හොඳට අන්තවාදයක් මාක්ට් කළොත් ඒත් එහෙමම තමයි.ඉතින් කාන්තාවන් අතර අන්තවාදයක් ඇති කරන්න දෙන්න බැරි ඒක හමෝගෙම විනාශය නිසයි.මට මටහ්ක් වෙනව සින්දුවක්

      "බාලිකා ලොව මැළවුන දා මුලු ලොව මැළවෙනවා" )

      ඔබ ඔය කියන ස්ත්‍රීවාදය කියන ඒව නම් මට කුණුහරප.මට ඒව තේරෙන්නෙත් නෑ.මම කියන්නෙ මට අහන්න දකින්න ලැබෙන දේ.මේ ලිපියෙ ඉමේජ් ටික බලන්න අන්තවාදය ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන්.මේව මේ අපි කවුරුවත් එඩිට් කරල හදපුව නොවෙයිනෙ.ඒ රටවල තිබෙන භයානක දේවල්.ඒ රටවල මිනිස්සුන්ටත් දැන් කරන්න දෙයක් නෑ.

      Delete
  35. දේශපාලනිකව හෝ සමාජීයව හෝ නීතිමය විදිහට සියලු දේ නිසියාකාරව ගොඩනැගී තිබුනත් , ගැහැනියට වඩා පිරිමියා / පිරිමියාට වඩා ගැහැනිය උසස් කියලා හිතන ගෑනු/පිරිමි ඉන්න තාක්කල් මේ සමතැන/නිසිතැන කියන වචන එක්ක බැඳිලා තියන සියලුම ප්‍රශ්න හැමදාමත් පවතිනවා.
    මේ මාතෘකාවත් එක්ක කතාකරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. කමෙන්ට් එකක් ඇතුලෙ කෙටියෙන් කියන්න අමාරුයි.
    >
    උඩ කමෙන්ට් එකක "තිසර" කියන කෙනා දීර්ගව ලියලා තියෙන විස්තරයට 100%ක් එකඟයි. නමුත් කාන්තාව වෙනුවෙන් පෙනීසිටින ගොඩක් සංවිධාන තිසර කියන සමතැන පිලිබඳ නිවැරදි අර්ථයෙන් කියාකරනවා ගොඩක් අඩුයි.

    ReplyDelete
    Replies
    1. තිලිණ ස්තුති ; ඔයා කියන එක හරි ,, අයියේ ,ස්තුති

      Delete
  36. ඔමා.......ගැහැණියක් වීම නිසාම අහිමිවූ බොහෝ දේවල් සංවිධානාත්මකව ගොනුවී ලබාගත් සිද්ධීන් තියෙනවා. මැද පෙරදිගදීනම් ඡන්ද අයිතිය, රිය පැදවීමේ අයිතිය, අධ්‍යාපනය වැනි දේ. එහෙම කාන්තාව ලබාගත් අයිතිය අපිට සරලව ලඝු කරන්න බැහැ. අරාබි ජාතිකයින් හා විවාහවී සිටී විදේශීය කාන්තාවන් ඒ පීඩනය කොහොම දරාගත්තාද කියා හිතාගන්න බැහැ. අපේ රටේත් අතීතයේ මෙවැනි සිදුවීම් අසා තිබෙනවා. ලාම්පුව යටටවී රෑට ගැහැණුන් පොත් කියවීම මූසල ගතියක් යැයි කීමට බොහෝ පරණ අය පුරුදුවී සිටියා.

    ඔබේ ලිපියේ යම් යම් අදහස් සමග එකඟ වෙනවා. මීට බොහෝ කාලයකට පෙර පුරුෂ සමාජය බලාපොරොත්තුවූ සාම්ප්‍රදායික ගැහැණියට අදත් එලෙසම ඉන්න වුනා නම් මෙවන් ලිපියක් ලියන්න අපූර්වී ඔමායා කෙනෙක් නොසිටින්නට තිබුනා. මේ බොහෝ දේ අරගල තුලින් හෝ අරගල නැතුව සිදුවූ සමාජ පරිවර්තන. නමුත් ඔබ සිතන කෝවේ සිට හිතපු අයම පමනක් ලෝකේ හිටියා නම් ඔමාගේ හීන , හීන පමණක්ම වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ ලංකාවේ උනත් ගෑනු අයට, ගැහැණු වීම නිසා ඇතිවෙන ප්‍රශ්න ඉස්සර ගොඩක් තිබිල තියෙනවා. ගෑනු ළමයින්ට නිසි අධ්‍යාපනයක් දෙන්නත් මිනිස්සු එච්චර උනන්දු වෙලා නෑනේ. කැමති උනත් නැති උනත් ජීවිතේ ගෙදරට සීමා වෙලා තිබුනේ.
      ඉස්සර අපේ ගෙදර වැඩට ආපු ආච්චි කෙනෙක් අකුරු දැනන් හිටියේ නැහැ. දන්නවද හේතුව? කොල්ලොන්ට ලියුම් ලියල පැනල යයි කියල එයාගේ තාත්ත ඉස්කෝලේ යවල නැහැ!
      අපි දන්න ආච්චි කෙනෙක් හිටියා ළමයි දහ දෙනෙක් වදාපු. ඒ ආච්චි අන්තිම කාලේ කිව්වේ අනේ මම ළමයි හදලම දිරල ගියා කියල. එයාට ළමයි දහයක් හදන්න උනේ සීයාගේ ඕනෑකමට ලු. ඒ කාලේ අදට වඩා ගෑනු අයට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගැනීමේ අයිතිය සෑහෙන්න අඩුයි.

      Delete
    2. හ්ම්ම් .. මං ලිවේ මගේ අදහස් පුළුවන් විදියට අයියේ, මං නොදකින සහ මගේ දැනුමේ පරාසයෙන් එහා දේවල් එමටයි කියලා මං දන්නවා ඔයාලගේ කොමෙන්ට් දකිද්දී .. ස්තුති ඔයාටත් නිරෝටත්.. මං ලිපිය බොහෝ දිගු කරන්න කැමති නැති නිසා හැකි උපරිම ආකාරයෙන් යම් පැත්තකින් පමණක් ලිවේ,මේ මාතෘකාව ගැන ලියන එක ගොඩක් අපහසුයි..නමුත් මං විස්වාශ කරන එකම දේ සොබාදහම අපිව යම් යම් විශේෂිත දේවල් වෙනුවෙන් වෙන් කරලා නිර්මාණය කළා , ශාරීරිකවත් මානසිකවත් .. ගැහැනුකම සහ පිරිමිකම අතරේ විශාල පරතරයක් තියෙන්න ඕනේ,නැත්නම් මේ ලෝකේ වැඩක් නැහැ,,.එකෙන් අදහස් කරන්නේ නැහැ ගැහැණු පහත් පිරිමි උසස් කියන එක,,

      Delete
    3. ඔමා......අපි කවුරුත් දන්න පොඩ්ඩ තමයි ලියන්නේ. ඒ තුලින් තමයි සාකච්ඡා හා සංවාද ගොඩ නැගෙන්නේ. ඒතුලින් තමයි යම් යම් ඉදිරි පියවරයන් නිර්මාණය වෙන්නේ. ඔමා කතාව ලියපු නිසානේ මෙහෙම සාර්තකව සාකච්ඡාවක් ඉදිරියට ආවේ. අපි සියල්ලෝම මරණය තාක් ඉගෙණගන්නෝ වෙමු. ඔබ දිගටම ලියන්න.

      Delete
    4. හ්ම්ම්ම් ,, ඔව්,, ඒක නම් ඇත්ත. ස්තුති අයියේ

      Delete
  37. අරූ @ඔව් ඒ දේ මටත් තේරුණා කමෙන්ට් නිසා අපිට එක කාරණයක් වටා කෝණ කීපයකින් දකින්න පුළුවන් ,, ඒක කොච්චර වාසියක්ද ,,අපේ අඩුපාඩු හදාගන්න ,අඩු තැන් පුරෝගන්න ඒක ගොඩක් ප්‍රයෝජනවත් .. ස්තුති.මං හදවතින්මයි ඒ කොමෙන්ට් එක දැම්මේ, ඔයාලා මට වඩා මේ සමාජේ ජිවත් වෙච්ච ගැටිච්ච අත්දැකීම් තියෙන අය, ඒ දෙවල් මට වටිනවා. ඒ නිසා මං ලියනවා හැකිතරම්.. ස්තුතී

    ReplyDelete
  38. මුලින්ම ඔමාට ස්තූති කරන්න ඕන වටිනා ලිපියක් පළ කිරීමත් කොමෙන්ට් හැසිරවීම ගැනත්.ඒ වගේම කොමෙන්ට් කරපු හැම කෙනෙක්ම වගෙ වටිනා අදහස් පළ කරල තිබුනා.හැබැයි සමහර අය වැරදි කෝනයෙන් මේ ප්‍රශ්නෙ අල්ලගෙන තිබෙන බව පේනව.ඒක කනගාටුවෙන් වුනත් කියන්න ඕන.

    මම දකින විදියට මේ ලිපියෙ හරය වුනේ අපට නොගැලපෙන කාන්තා සංවිධාන වල නරුම කම් කියලයි මට හිතෙන්නෙ.කාන්තා සංවිධාන කිව්වම ඒ නරුම අද්හස් දරන වෙන අයත් ඉන්න පුළුවන්.
    මෙතන බටහිර කාන්තාව වත් අරාබි කාන්තාව වත් පටලගන්න උවමනා නෑ.මම මෙහෙම කියන්නෙ මේ ලිපිය වරදවා වටහා ගන්න අය ඉන්න ඉඩ තිබෙන නිසා.දැන් අප්‍රිකානු රටවල ගෑනු ළැමයි ඡර්මඡේදනය කිරීම වගෙ දේවල් ඒව අපට අදාල නෑ.

    නිරෝෂිනී කියන ප්‍රශ්න සමාජ අවශ්යතා මටහ් ඇතිවෙන ඒව.ඉස්සර තිබුන රැකියා බහුතරයක් බරවැඩ කරන ඒව.ඉතින් ඒවට ගැලපෙන විදියට සමාජය හැඩගැසුන.නිරෝශිනිගෙ උදාහරනෙ ආච්චි ඉගෙන ගත්තෙ නැතිකාලෙ සීයල ඉගෙන ගත්තෙත් නෑ.අද සැහැල්ලු රැකියා වැඩිවෙලා තිබෙනව.ඒකෙ වාසිය කාන්තාවට ලැබිල තිබෙනව.මම මේ විදියට මේක දකින්න ඉගෙන ගත්තෙත් මගෙ බ්ලොග් එකට වැටුන කොමෙන්ට් එකකින්.

    මෙතන සංකීර්න ප්‍රශ්නයක් නෑ.අන්තවාදී අදහස් වලින් ඔලුව පුරවගෙන ගෙදර මිනිහ ළමයි එක්ක රන්ඩුකරන මානසිකත්වයකට ගෑනු ගේන කල්ලිකාරයො ගැනයි මේ කියන්නෙ.නිරෝෂිනි ල ඒ ගැන මොකද කියන්නෙ
    ගබ්සාව නීතිගටහ් කරන්න කියල පෙලපාලි යන අන්තවාදී ගෑනු ගැන මොකද කියන්නෙ?

    මේ අන්තවාදය සමාජයට ගැලපෙන්නෙ නෑ කියන එකයි බහුතරයක් කියන්නෙ.මම කලින් කොමෙන්ට් එකකිනුත් කීව වගේ ගෙදර අම්ම කියන භූමිකාවෙන් කාන්තාව ඉවත් කරන්නයි අන්තවාදීන්ට ඕන.මව සහ දරුවා අතර සම්බධය බිදින්නයි අන්තවාදීන්ට ඕන.
    අම්මයි දරුවයි එකට ඉන්න වෙළද දැන්වීම්වලට පවා අන්තවාදීන් කැමති නෑ.අනික ගෙදර ගෑනි 50% ට 50% අරගල කරන්න ගිහාම එතන අපායක්.එහෙම නොවෙයි ගෑනුහා පිරිමි 100% ක් සමාන වෙන්න ඕන නෑ.දෙගොල්ලම අන්‍යෝන්‍ය වශයෙන් දෙගොල්ලට ගරු කරමින් වැඩකළාම ඇති.

    ගෑනු පිරිමින් එක්ක තරගෙට රස්සා කරන්න ඕනත් නෑ.ඔතන අවුලක්නෙ.ඒ වගෙ පවුල් වල හැමදාම ආරාවුල්නෙ.ඒක අපට පේන්න තිබෙන දෙයක්නෙ.පිරිමියා ගැහැනියගේ අනෙකා විය යුතු නෑ.වඩා වැදාග්ත් පවුල හා සමාජයයි.මම නම් කියන්නෙ කාන්තාව පවුලට මුල් තැන දෙනව නම් හොඳයි.පවුලේ යහපත වෙනුවෙන් ආදායම් ඉපයූවාට කමක් නෑ.

    මේ කොමෙන්ට් වලින් මමත් හුගක් දේවල් ඉගෙන ගත්තා.මම කැමතියි නිරෝශිනිත් මේ කාන්තා සංවිධාන වල අන්තවාදය ගැන සිත යොමුකරනවනම්.මේක සමාජයට හානියක් බවයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. පවුල සහ දරුවන් අමතක කරල අන්තවාදී අදහස් පසුපස කිසියම් කාන්තාවක් ගියොත් ඒ කාන්තාවට තමන්ගෙ ජීවිතේ නිශ්ඵල බවදවසක වැටහේවි.එහෙම කාන්තාවක් සමඟ යම් පිරිමියෙක් විවාහ වුනොත් ඒ පිරිමියට තේරෙනව මේ ගෑනි එක්ක වැඩි දවසක් පවුල් කන්න බෑ කියන එක.ජීවිතය කියන්නෙ අයිතිවාසිකම් ඉල්ලන අරගලයක් නොවෙයිඅපට කැපකිරීම් කරන්න සිද්ධ වෙනව.සැමියා සමඟ අරගල කරනව කියන ඔය කාන්තා සංවිධානවල මතයම මට නම් අප්පිරියාවක්.

      Delete
    2. අන්තවාදය නම් මොක උනත් නරකයි. මම කිව්වේ අන්තවාදයක් ගැන නෙමෙයි, කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා ඇතිවෙන ප්‍රශ්න ගැන. ඔයා කියල තියෙන විකාර අදහස් තියෙන අන්තවාදීන් ගැන මට පුද්ගලිකව අත්දැකීම් නැහැ. ඉතිං ඒ නිසායි මම මගේ අත්දැකීම් කිව්වේ. එහෙම කිව්වේ අපුර්වී කියන දේ තේරුම් නොගත් නිසා නෙමෙයි - සමහරු කාන්තාවන්ට කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැහැ සහ ඇත්තේ නැහැ වගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණු නිසා. ඉතිං ඒ ඒ අයට ලැබුන අත්දැකීම් අනුව වෙන්ඩ ඇති. මම මම දැකපු දේ කිව්වා. එච්චරයි. :)

      [PS:
      //නිරෝශිනිගෙ උදාහරනෙ ආච්චි ඉගෙන ගත්තෙ නැතිකාලෙ සීයල ඉගෙන ගත්තෙත් නෑ//
      ඔයා කියන්නේ අකුරු ලියන්න බැරි ආච්චිද? එයාව ඉස්කෝලේ යවල නැත්තේ ඒ කාලේ කවුරුත් ඉස්කෝලේ නොගිය නිසා නෙමෙයි යකා. එයාගේ පවුලේ පිරිමි ළමයින්ව ඉස්කෝලේ යවලා. මම ලියපු එක තේරුනේ නැද්ද මන්දා :( ]

      Delete
    3. නිරෝශිනියි මායි අතර මත ගැටුමක් නෑ.දෙන්නම දෙන්න දන්න දේ කියල දානව.ඒත් මේ ලිපියෙම ඉමේජ් වල තිබෙන අන්තවාදී කාන්තා සංවිධාන ගැන හැමෝටම අත්දැකීම් තිබෙනව.මේ ලඟදි ගබ්සාව (නූපන් දරුවන් මැරීම ) සඳහා ඔය අන්තවාදියො පෙලපාලිගියෙ.ඒ ගැන අත්දැකීම් නැත්නම් මම පුදුම වෙනව.
      නිරෝෂිනිගෙ කොමෙන්ට් වලිනුත් මම යමක් ඉගෙන ගත්ත.ඒවත් හොයල බලන්න වටින කාරනා.කාන්තාවන්ට ප්‍රශ්න තිබුනෙ නෑ කියල කිසිම කෙනෙක් කියල නෑ.කාටත් ප්‍රශ්න තිබුනා.හැබැයි ඒව කාලානුරූප දේවල්.

      ඒ කාලෙ ගැහැණු ළමයි වැඩිදුර ඉගෙන ගැනීමේ අවශ්යතාවයක් තිබුනෙ නෑ.පිරිමි ළැමයිනුත් ඉගෙන ගත්තෙ බේත් සීට්ටුවක් කියවන්න තමයි.ඉහලම රැකියා වුනේ ලිපිකරු වගෙ රැකියා.මම මේ කියන්නෙ සිංහල දෙමළ කතා කරන සාමාන්‍ය ජනතාව ගැන.කොළඹැ හතේ ඉංග්‍රීසි කතා කරන අය අතර වෛද්‍ය විද්‍යාලෙට යන්න නීති විද්‍යාලෙට යන්න බලාපොරොත්තුඉ තිබෙන්න ඇති.

      ඔය කියන ආච්චි 1920 ගනන් වල උපන් කෙනෙක් වෙන්න ඇති.ඒ කාලෙ උපන් බහුතරයක් ඔහොම තමයි.ගම්වල මධ්‍යම පන්තියක් වර්ධනය වුනේ මෑතක.මධ්‍යම පන්තිය වර්ධනය වීමට සමගාමීව ගැහැණු පිරිමි බේදයකින් තොරව අධ්‍යාපනය ලැබුව.

      ලිංගවාදීව ප්‍රශ්න දෙස බැලීමෙන් නිවැරදි දේ තේරුම් ගන්න බැරිවෙනව.මම ඒ කීවෙ ඔබ ගැන නොවෙයි.අද ඉහළ රකියා නම් බහුතරය කාන්තාවන් දරන්නෙ.තව අවුරුදු 10 කින් 15 කින් මෙය 80%,90% ඉක්මවල ලංකාව කාන්තා රාජ්‍යයක් වෙන්නත් බැරි නෑ.මොකද පරිපාලන වෛද්‍ය,නීති වගෙ ක්ශේත්‍රවල ඉහල ප්‍රතිශතවලින් කාන්තාවන් සමත් වෙලා තිබෙන නිසා.
      ඒ නිසා ලංකාවෙ ලිංගිකත්වය පදනම් කරගෙන අරගල කරන්න ඕන කියල කවුරුහරි කියනවනම් පුදුමයි

      රාජ්‍ය ආයතනයකට යන්න.පුද්ගලික ආයතනයකට යන්න ගිහින් බලන්න කොහොමද ලිංග අනුපාතය කියල.සමහර තැන්වල 100% ක් කාන්තාවො.ඒක වැරදියි කියනව නොවෙයි.හරියටම හරි.නමුත් එහෙමත් තියෙද්දි අන්තවාදීන් අලුතෙන් ප්‍රශ්න මවන එකයි වරද

      Delete
    4. ඔය දෙන්නගෙ කොමෙන්ට් වලින් මන් තනියම ඉගෙනගන්නවා .. නීරෝ , යකා ඒ අතර මන් කොමෙන්ට් නොකරන්නේ මං කියන්න අදහස් කරපුවා මං ලියලා දාපු නිසා, ඔයාලට ගොඩක් thanks. දැන් තේරෙනවා මට අපි හැමෝම එකතු උනාම කොච්චර නම් අදහස් ගොන්නක් එකතු වෙනවද කියලා.

      Delete
  39. සමතැනට වඩා නිසි තැන නම් හොඳයි.
    ඊටත් වඩා හොඳයි "Ladies First" සංකල්පය. බස් එහෙක සීට් එකක් දෙන එක, දොරක් ඇරල දෙන එක නරකද මං අහන්නේ? දෙන දෙයක් කාල, පැත්තකට වෙලා ඉන්න එකේ වාසි නැතිවම නෙවි.
    මං නම් එහෙම ඉන්න කැමති.
    කවදා හරි බඳින ඒකා කිව්වොත් වැඩට නොගිහින් ගෙදර ඉන්න කියල...... කොච්චර හොඳද :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බඩී අපේ සීයලගෙ කාලෙ එහෙම තිබුනලු.බස් එකකට ගෑනු කෙනෙක් ආවොත් සීට් එක දෙන සිරිතක් තිබුනලු.මම නම් දන්නෙ නෑ.ඔය පීඩනයක් කියල අන්තවාදීව හිතුවට ඒ කාලෙ මාර චාන්ස් ගෑනුන්ට තිබිල තිබෙන්නෙ.ටයිටැනික් නැව ගිලෙද්දි ජීවිතාරක්ෂක බෝට්ටුවලට නැග්ගෙ කාන්තාවො.ඒකට කියන්නෙ බ්‍රිකන්හෙඩ් සම්ප්‍රදාය කියල.කාන්තාව ආරක්ෂා කළ යුතු වන්දනීය අනර්ඝ වස්තුවක් ලෙසයි පැවතුනෙ.
      හැබැයි ධනය බලය තුබුන අයගෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම පීඩාවට ලක් වුනා.මේ අදහස ගත්තෙ ඉහල කොමෙන්ට් එකකින්.ඉතින් ඒ පීඩනය තමයි පිරිමින් නිසා ඇතිවුනා කියල කියන්නෙ.

      සැහැල්ලු රැකියා ජනප්‍රිය වුනාට පස්සෙ ඒවගෙ දොර කාන්තාවන්ට ඇරුන.

      හැබැයි කාන්තාවන්ගෙන් බහුතරයක් කැමති ගෙදර ඉන්න තමයි.ආර්ථික ප්‍රශ්න මිනිහ විසදනවනම් ගෙදරට වෙලා මලක් හිටවගෙන,බ්ලොග් එකක් ලියාගෙන,ටී වී බලමින් ලස්සනට ඉන්න හුඟක් ගෑනු ආසයි.හැබැයි ප්‍රශ්නෙ එක්කෙනෙකුට විතරක් රස්සාව කරල අදකාලෙ ජීවත් වෙන්න අමාරුයි.

      දැන් ප්‍රශ්නයක් එනව අර උඩම පින්තූරෙ වගෙ ඒවගෙ ඉන්නෙ කවුද කියන එක.හරි කාන්තාවන්ගෙන් යම් ප්‍රතිශතයකට පිරිමි හෝමෝන ක්‍රියාකාරීත්වයක් තිබෙනව.පිරිමිනුත් එහෙමයි.ඉතින් සමහර ගෑනු පිරිමි වගේ.සමල්ංගික සේවනයට හේතුවත් ඒකයි.පිරිමිත් යම් ප්‍රතිශතයක් ගෑනු වගෙ.ඉතින් ඒ සුළු ප්‍රතිශතයට තමන් කැමති දේ කරන්න දෙන්න ඕන අර තිසර කියනව වගේ.ඒකට බාධා කරන්න හොඳ නෑ.මම කියන්නෙ පොදුවේ සාමාන්‍ය කාන්තාව ගැන.

      Delete
    2. @බඩියෝ මගේ හීන අඩවියට ආදරෙන් පිලිගන්නවා ,, නියම අදහස අනේ ලේඩිස් ෆර්ස්ට් ,, කාලෙකින් ඇහුනේ මට

      Delete
  40. යකා @ හැකිනම් බ්‍රිකන්හෙඩ් සම්ප්‍රදාය ගැන චුට්ටක් කියන්න , මන් නොදන්නා ගොඩක් දේවල් ඔයාගේ කොමෙන්ට් වලින් ඉගෙනගත්තා ස්තුති

    ReplyDelete
    Replies
    1. බ්‍රිකන්හෙඩ් කියන්නෙ ඔමා නාවික සම්ප්‍රදායක්.ඒකට නම වැටුනෙ බ්‍රිකන්හෙඩ් කියන නැව නිසයි.මේ නැව ගිලුනහම ජීවිතාරක්ෂක බෝට්ටුවලට නගින්න හැමෝටම ඉඩ දුන්නෙ නෑ.එතනදි කාන්තාවන් හා ළමයින්ට තමයි ජීවිත බේරගන්න ඉඩ ලැබුනෙ.බෝට්ටුවල ඉඩ ඉතිරිවෙලා තිබුනා නම් පිරිමින්ටත් අවස්ථාවක් ලැබුනා.නැවේ කපිතාන් තමයි අන්තිමටම බෝට්ටුවට නගින්නෙ.සීතල මරනය දෑස් ඉදිරිපිටට ආපු මොහොතක මේ වගෙ ඉවසීමක් පෙන්වන්න පැරණි යුරෝපීය පිරිමින් උදාර වුනේ කාන්තාව කෙරෙහි වූ ගෞරවය හා ආදරය නිසයි.
      බ්‍රිකන්හෙඩ් සම්ප්‍රදාය එක් සම්ප්‍රදායක් විතරයි.මේ වගෙ සම්ප්‍රදායන් දහස් ගනනකගෙ ආරක්ෂාව කාන්තාවට ලැබුනා.අමාරු බර වැඩ පිරිමින් පවරා ගනිමි සැහැල්ලු වැඩ කාන්තාවන්ට දුන්න.මේක තමයි සංවිධාන කාරයො පුරුෂාධිපත්‍ය කියන්නෙ.ඇතැම් දේවල් වල 90% ක නියෝජනය කාන්තාවන්ට ලැබිල තිබන විට ඉතිරි 10%ත් නැති කරන්න උද්ගෝෂන කරන්නේ.

      බ්‍රිකන්හෙඩ් කියන්නෙ කුඩා නැවක්.නමුත් මේ සම්ප්‍රදාය ලොවම දුටුවේ සුප්‍රකට ටයිටැනික් නැවේ ගිලී යාමත් සමඟයි.ටයිටැනික් නැව ගිලෙද්දී බෝට්ටුවලට නැග ජීවිත බේරා ගෙන යන තම බිරින්දෑවරුන් ට ආචාර කරන සැමියන්ගේ දර්ශනය සිත් කම්පාකරවන්නක් වූ බව කියා තිබෙන්නේ එම නැවෙන් බේරී දිවිගලවාගෙන මෑතකදී මියගිය කාන්තාවක්.ඈ ඇයගේ පියා තමන්ට හා තම මවට අතවැනූ හැටි තවම මතක බව මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුනා.ඉන් දශක හතරකට පසු ඇමරිකාවේ අන්තවාදී කාන්තාවන් පිරිමින්ට එරෙහිව පාරට බැස්සා.

      Delete
    2. ස්තුති මට මේක හැමදාමත් මතක හිටී .. ඔයාගේ බ්ලොග් එකේ මේවගේ දේවල් ලියන්න යකා.අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ,ඒ වගේම ඉගෙනගන්න ළමයින්ටත් වැදගත්..

      Delete
  41. නියමයි ඕමා. කතාව ඇත්ත. සමතැන ඉල්ලන එක මෝඩ වැඩක්. හඳ අල්ලපු රටේ මැටනිටි නිවාඩු කියලා ජාතියක් නැත්තේ මොකද දන්නවද? ඔන්න ඔය සම තැන ඉල්ලන්න ගිහින් කරගනිපු දෙයක් තමයි ඒ. අපේ රටේ නම් ගොඩක් ගැහැනුන්ට නිසි තැනවත් ලැබෙන්නේ නැති එකේ සමතැන ඉල්ලලා උද්ගෝෂණ කරන එක විකාරයක් වගේ මට පේන්නේ.

    කාන්තාවක් වීම නිසා ආගමික කටයුතු වලින් ඈත් කිරීම, පිරිමින්ට වඩා වෙනස් නීති දැමීම, අධ්යාපානය පැත්තෙන් අසාධාරණ කම් සිද්ධ වීම වගේ දේවල් තමයි මටනම් අල්ලන්නේ නැත්තේ :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත සයුරි .ස්ත්‍රීන් හා පුරුෂයන් කියන්නේ පොදු කාර්යයක් සඳහා හැඩ ගැසී තිබෙන දෙපිරිසක් මිසක් එකිනෙකා මරාගන්න වෛරකරන්න නිර්මානය වුන දෙපිරිසක් නොවේ.හැමදාම පුරුෂාධිපත්‍ය,කාන්තා පීඩනය කිය කිය ගෑනුන්ගෙ ඔළුවලට විශබීජ දමමින් අන්තවාදියො නාඩගම් නටනව.බහුතරය කටපියන් ඉන්නව.නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයේ දුෂ්ටකම් වල හොඳම සගයාය කියල කතාවක් තිබෙනව.මටත් හැමදාම මේ දුෂ්ටකම් වලට සගයෙක් වෙන්න බෑ කියල මට හිතුන.ඒකයි ඔමාගෙ ලිපියට දිගටම සංවාදශීලීව එක් වුනේ.ඔමාටත් අනෙක් හැමෝටමත් ස්තුතියි

      Delete
    2. ස්තුති සයුරි ඔයාගේ අදහසත් එකතු කලාට.,මේ දේ කාන්තා සංවිදාන වලට නොතෙරෙනවද පවුද්ගලික වාසි වෙනුවෙන් ඒ දේ අමතක කරනවද කියලා හිතාගන්න බැහැ...

      //.නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයේ දුෂ්ටකම් වල හොඳම සගයාය කියල කතාවක් තිබෙනව.මටත් හැමදාම මේ දුෂ්ටකම් වලට සගයෙක් වෙන්න බෑ කියල මට හිතුන/// හ්ම්ම්,මටත් ඒ දේ නිතර දැනෙනවා යකා

      Delete
  42. කාන්තාවට එකට පල්ලි යන්න බැරි මුස්ලිම් ආගමේ තියෙන ලිංගික කුහකත්වය නිසා...කාන්තාවගේ ඔක්කොම වහලා පිරිමි සල්ලාල කමේ යනවා...පිරිමියට නිදහස තිබේ...කාන්තාවට නැත...ඒ නිසයි ඒ දහම පිළිබද ගැටලුවක් බොහෝ අයට තියෙන්නෙ...

    කාන්තාවට සම තැන නෙමෙයි නිසි තැනයි දිය යුත්තෙ...අපේ සමාජ ව්‍යුහය තුල කුඩාම ඒකකය වන කුටුම්භයට ඇගෙන් වෙන සේවය අමිලයි. ශ්‍රම බලකායට ඇගේ මෙහෙවර ඇතුලු නොකලත් එහි වටිනාකම ඉතාම වැඩියි. අපේ පවුල තුල අම්මා අපි වෙනුවෙන් මහන්සි වෙච්ච ආකාරය කුඩා කාලයේ ඉදලම හොද හැටි දැකලා තියෙන නිසා...සමස්ත කාන්තා පරපුර කෙරෙහිම මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා...කසාද බැන්ද දවසක උනත් මේ කාරිය ගැහැනුන්ට අයිති දෙයක් කියලා බලාන ඉන්නෙ නැතුව...හැකි හැම වෙලේම සහකාරියට සහායක් වෙන්නයි මම කැමති.

    මැලේසියාවෙ ආර්ථික නිෂ්පාදනයන් තුල කාන්තාව ඉතා පෙරමුණේ ඉන්නවා...මෙහෙ සමාජය ඒ අයට බොහොම ගෞරව කරනවා...ඒ අයත් බස් එලවීම/ දුම්රිය පැදවීම වගේ පිරිමින්ට සීමා වූ භාරදූර රාජකාරි වල නියැලෙනවා....වඩා වැදගත් වන්නෙ පිරිමි කිසිවෙකු කුහක කමින් ඒ දිහා බලන්නෙ නැති වීම. එහි ප්‍රතිඵලය තමයි රට දියුණුවට පත් වීම...

    කොච්චර කලත් කාන්තාවන්ට නොහැකි දේත් තියෙනවා...ඒ බවත් කාන්තාවන් තේරුම් ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. //අපේ පවුල තුල අම්මා අපි වෙනුවෙන් මහන්සි වෙච්ච ආකාරය කුඩා කාලයේ ඉදලම හොද හැටි දැකලා තියෙන නිසා...සමස්ත කාන්තා පරපුර කෙරෙහිම මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා...කසාද බැන්ද දවසක උනත් මේ කාරිය ගැහැනුන්ට අයිති දෙයක් කියලා බලාන ඉන්නෙ නැතුව...හැකි හැම වෙලේම සහකාරියට සහායක් වෙන්නයි මම කැමති.///ඔය හැගීම හැමදාම ඔයා ලග තියාගන්න අයියේ . ,,ස්තුති

      Delete
  43. කුහකකම කියනේම ඒ වගේ පිරිමින් කරන සියල්ල කාන්තාවන් කළයුතුයි කියන එකයි. මොකද ඒ අය ලිංගිකතවය ගැන දක්වන අනෙක් ආකල්ප සමාජයෙන් වසන් කරනවා. විශේෂයෙන් ඒ අය සමලිංගිකත්වයට් පක්ෂයි.

    ReplyDelete
    Replies
    1. නිවැරදි අවබෝදය දැනුවත් කම වැඩිපුර අවශ්‍යයි

      Delete
  44. මිදුණා මිදුණා තුන් කුදයෙන් මිදුනා
    වංගෙඩියෙන් මෝල් ගහෙන්
    කුදු සැමියාගෙන් මිදුණා
    තණ්හාවෙන් මහ සසර දුකෙන් මිදුණා.

    ReplyDelete
    Replies
    1. ඔව් ස්ප්‍රි මාත් ඕක කියෙවුවා තේරී ගාථ වල.ස්තුති

      Delete
  45. මිදුණා මිදුණා තුන් කුදයෙන් මිදුනා
    වංගෙඩියෙන් මෝල් ගහෙන්
    කුදු සැමියාගෙන් මිදුණා
    තණ්හාවෙන් මහ සසර දුකෙන් මිදුණා.

    ReplyDelete
  46. ලිපිය නියෙව්වා.. කොමෙන්ට් කියෙව්වා.. මම මඥ්ඥං උනෙමි.

    ReplyDelete
  47. මගේ සුදු නංගි , මගේ දරුවන්ගේ අම්මා වෙන්න ඔයා කැමතිද,, මේ ලෝකේ මට වෙන කාවවත් හරියන්නේ නැහැ. කෙන්ජියට ඔයාව අයිතිවෙන්න දෙන්නෙත් නැහැ ,මං මරාගෙන මැරෙනවා නංගි ඔය සියව දාලා මං ලගට එන්න ඔයාව රාජකුමාරිකාවක් වගේ බලාගන්නම් මං ඇත්තමයි බබෝ

    ReplyDelete
  48. මේක මේ හැමදාම හෝද හෝද මඩේ දාන පරන කතාවක් නේද?
    මේ ලෝකෙ එක එක අය එක එක දේට විශේෂඥ හැකියාවන් පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි සමහර වැඩ ගැහැණු තරම් හොඳින් පිරිමින්ට කරන්න බැහැ. ඒ වගේම තවත් සමහර වැඩ පිරිමි තරම් හොඳින් ගැහැණුන්ට කරන්න බැහැ. මේ කාන්තා විමුක්තියට සටන් කරන අයත් ඒ ගැන ලියන අයත් "පොට වරද්දාගත්තු" තැන් තියනවා. කාන්තා විමුක්ති සටන අවශ්‍ය වෙන්නේ නිසිතැන හෝ සමතැන සඳහා නෙවෙයි, පුරුෂාධිපත්‍යය නැති කිරීම සඳහායි. පුරුෂාධිපත්‍යය ඇති වෙලා තියෙන්නෙ සමහර වැඩ පිරිමින් විසින් පමණක් කරන නිසා නෙවෙයි. ඒක ජාතිවාදය වගේම සමහර මිනිස්සුන්ගෙ හිතේ තියන ජරා ගතියක්. ඒකට විරුද්ධව සටන් කිරීම අවශ්‍යයි. ඒ සටන ස්ත්‍රීන් විසින් වගේම පුරුෂයන් විසිනුත් කළ යුතුයි. කාන්තාවය ප්‍රමුඛතාව දෙන සමාජයේ වුනත් කාන්තාව පීඩනයට ලක් වෙන තැන් තියනවා. මේ පීඩනය ඇති කරන එවුන් කාන්තාව විතරක් නෙවෙයි පීඩනයට ලක් කරන්නෙ, කුලය, ජාතිය, වයස, ලිංගය වගේ මේ හැම එකක්ම උන්ට තමන්ගේ පීඩනය ඇති කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්, එහෙම කරනවා. ඒ නිසා අපූර්වී, තවදුරටත් ඒ ගැන පොඩි ස්ටඩි එකක් කරලාම ලියන්න පටන් ගන්න. මටත් වෙලාවක් තිබුනොත් සම්මාදම් වෙන්න බලන්නම්.

    ReplyDelete
    Replies
    1. හෙනහුරා @ ස්තුති ඔයාට .. කාන්තා විමුක්තිය ගැන කතා කරන අය තමයි සම්පුර්නම වරද්දාගෙන තියෙන්නේ ,, ඔයා කියා දේ හරි ... අපි බලමු ඉස්සරහට

      Delete
  49. පුදුමයි අරයා මෙතන නාන්න නාව එක. විකෘති මනසකින් තමන්ගේ විකෘති අදහස් සමාජය තුල වෛරය පෙරදැරිව පතුරවන අර උඩම පින්තූරෙ Profile Icon එකට ගත්තු අයගෙ බ්ලොග් බැලුවම ඔයාගේ මේ බ්ලොගය ක්ෂෙම භූමියක් නගා... ජයවේවා! දිගටම ලියන්න.

    ReplyDelete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...