Friday, January 31, 2014

බෝල් ගාඩ් එක ඔලුවෙන් ගැලවීම "minor than ego"


එල්ලේ ගහද්දි එක පිට තුන් වතාවක් බෝලේ පිත්තේ නොවැදුනොත්  අවුට් ,, ක්‍රිකට් ගහද්දි කී පාරක් නොවැදුනත් අවුට් නැහැ ,,,

බැලේටර් වලදී බිම වැටිලා ඉද්දි පයින් පාගන්න සහ සුෂුම්නාවට පහර දෙන්න බැහැ ඒ වගේම බෝල් ගාර්ඩ් අනිවාර්යයි ,,,ඒත් රෙස්ලින් වලදී මේසයක් , පුටුවක් ,මිටියක් ගෙනත් පහර දෙන්නත් සුෂුම්නාවට නෙමේ ඕනේ තැනකට පහර දෙන්න පුළුවන්(රෙස්ලින් නම් බොරුවක්නේ) ,,,,

බැලේටර් වලදී අතේ අල්ල සහ ඇගිලිවල දෙවැනි පුරුක වගේ වෙනකල් විතරක් තදට අත්වැසුම් වලින් ආවරණය කරන්නේ. ඒත් බොක්සින් වලදී මැණික් කටුවෙන් පහළ මුළු අතම ආවරණය කරනවා . ඒ වගේම බිම වැටුණාම පෙරලගෙන පහර දෙන්නේ නැහැ බොක්සින් වල .ඒත් බැලේටර් වලදී බිම දාගෙන මුණෙන් ලේ වැක්කෙරෙනකල් ගහන්න පුළුවන්.  

වොලි බෝල් වලදී බෝලෙට අතින් ගහන්නේ ෆුට් බෝල් වලදී කකුලෙන් ගහන්නේ ෆුට් බෝල් ගහද්දි බෝලෙට අතින් ගහන්න බැහැ..නෙට් බෝල් -බාස්කට් බෝල් ක්‍රීඩා දෙකෙත් ඒ වගේ තමයි .දෙකම බෝලේ උඩ තියෙන ගෝල් කණුවකට දානවා උණත් ක්‍රීඩා විලාසයන් වෙනස් 

මේ වගේ එක හා සමාන ක්‍රීඩා වලදී තරග නීති රීති වෙනස් ,,,  ඒ ඒ තරගය අනුව මිනිස්සු තරගයේ නීති රීති අනුව ක්‍රීඩා කරනවා ,, 

ඒ වගේම ,, බැලේටර් වල සෙල්ලම් කරන අය ,, දැන් රෙස්ලින් වල සෙල්ලම් කරනවා ,,, (tito ortiz , rampage jackson වගේ අය) එයාලා ඒ වෙලාවට ඒ තරගයට අදාළ විදියට සෙල්ලම් කරනවා ,,, එකම කෙනා ඒත් ක්‍රීඩාවේ නීති රීතී පටලවගන්නේ නැහැ ,,,නරඹන්නොත් එහෙමයි කොච්චර ක්‍රීඩා වර්ග නැරඹුවත් පටලගන්නේ නැහැ. 
 .......................................................................    
                      මන් කල්පනා කලේ සංස්කෘතිය කියන පුදුමාකාර නම්‍යශීලි වචනය ගැන සංස්කෘතියට අර්ථකථන බොහෝ වර කියවා අසා තිබුණත්,, ඒ වචනේ ගැන නම් අවබෝධෙකට එන්න බැරි වෙයි කවදාවත්,,,


                              මානව විද්‍යාවේ පියා  එඩ්වඩ් ටේලර්ගේ නිර්වචනයට අනුව "සංස්කෘතිය කියන්නේ  දැනුම, විශ්වාස, ඇදහිලි, කලාව, නීතිය, ආචාරධර්ම, සිරිත් විරිත් සහ මිනිසා විසින් සමාජ සත්වයෙකු ලෙස අත් කර ගන්නා ලද අනෙකුත් හැකියාවන් සහ උපාංග පිළිබ‍ඳ හදාරනු ලබන සංකීර්ණ ඒකකයක් ".ලු ....
මෙතනින්  ගිහින් තව ගොඩක් නිර්වචන කියවන්න පුළුවන්.

මං සංස්කෘතිය ගැන ලියන්නේ නැහැ.ඒක කලාවට සම්බන්ධ පුළුල් විෂයක්නේ.මං ඒ ගැන දන්නේ නැහැ.

මං කල්පනා කලේ ඇයි මං මේ බොක්සිං ,ක්‍රිකට් අස්සේ සංස්කෘතිය කියන වචනයක් ලීවේ කියලා.හ්ම්ම්.. මටත් තේරෙන්නේ නැහැ.
....................................................................

"වරදක් නැහැ නංගි හොදින් ගිය බදාදා ලංකාවට ආවේ" 
"ආ එහෙමද?"  
"ඔව්  දුවගේ වෙඩින් එකට අනේ .... "

ඔය විදියට විනාඩි දහයක විතර ස්කයිප් කතාබහ අතර මගේ ඇස් සීසිටිවී  කැමරා එකක්වගේ ඔක්කොම රෙකෝර්ඩ් කරන් මට කරන්න දෙයක් නැහැ.පේන ඒවා නවත්තන්නැයි.
කෝල් එක කට් කලාට පස්සේ ඔළුව ඇතුලේ ජවනිකාව පටන් ගත්තා .
  කළු කෙට්ටු පිරිමි කෙනෙක්ට එයාගේ දුව තාත්තේ කියවුවා.,ගෙයි කිසිම පිළිවෙලක් තිබ්බේ නැහැ.
ස්ට්‍රේට් කරලා කලර් කරලා තිබ්බ ලස්සන කොන්ඩේ හොදට තෙල් ගාලා පීරාගෙන, අපේ අම්මා අඳින වගේ දිග සායක්, කොලර් දාපු හැට්ටයක්.ඒ ඔක්කොමත් හරි අවුරුදු 22 ක දුවෙක්.මං හිතුවේ අක්කා බැදලත් නැහැ කියලා.

ලෙගින් එකට ගැලපෙන බැගී බ්ලවුස් එකක් ඇදලා බූට් සපත්තු දාලා කොන්ඩේ කඩා දාලා මේකප් පුරෝගෙන ලස්සනට පිරිසිදුවට අවුරුදු 3ක් හිටපු කෙනාට සතියකින් මොකක්ද ඒ වෙච්ච නස් පැත්තිය කියලා මං කල්පනා කලේ.
අවසානේ නිරීක්ෂණ ආශ්‍රයෙන්  කෙලින්ම කල්පිත කීපෙකට ඇවිත් කතාව අමතක කළා.ඒවා ලියන්නම්කො පහලින්.
අක්කට නමක් දානවා මං ඉලානා කියලා (සීයාගේ මැරිච්ච වයිෆ්ගේ නම )

1. ඉලානා මෙහෙ ඉද්දි මෙහෙ විදියට ඇන්දා..හැසිරුණා..ලංකාවට ගිහින් මෙහෙ හැමදේම නවත්තලා ලංකාවේ විදියට අදින්න ගත්තා. කෙනෙක්ට මේක හොදයි කියලා හිතෙන්න පුළුවන් ,තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ. ලස්සනට ඉන්න තිබ්බනේ මෙහෙ වගේම, එයා විතරක් නෙමේ එයාගේ පවුලේ අයවත් වෙනස් කරන්න තිබ්බනේ.


2.ඉලානා ලංකාවේදී සාය හැට්ට ඇඳලා චාම්ව හිටියනම් ඇයි වෙන රටකට ගියාම වෙනස් වුණේ ? එහෙම වෙනස්නොවී  ඉන්ඩ බැරිද ?

දැන් ඉලානව පැත්තකින් තියලා ටින්කාබෙල්(මං ආසම සුරංගනාවීගේ නම) කියලා අපි අදුරන්නේ නැති කෙනෙක් ගැන මගේ නිරීක්ෂණ දෙකක් දෙන්නම්කො  

1.රට එන්න කලින් හරිම චාම් ගවුම් ඇන්දේ මේකප් මොකුත් නැහැ 

2.රට ඇවිත් එහෙ විදියට හැඩගැහිලා ලස්සනට අදින්න මේකප් කරන්න පටන් ගත්තා.ලංකාවට ගියාට පස්සෙත් දිගටම පිට රටදී වගේම ඇන්දා කරා. 

ටින්කාබෙල් ගැන මගේ අදහස ලියන්නේ නැහැ ඔයා හිතන්න 

මේ දෙන්නගෙන කවුද හරි කවුද වැරදි..උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක්. ඒ නිසා අවසානේ මං තීරණේ කළා වොලි බෝල් ගහද්දි බෝලෙට අතින් ගැහුවට එයාලා ෆුට් බෝල් ගහද්දි බෝලෙට අතින් ගහන්නේ නැහැ කියලා ...එතකොට සංස්කෘතිය කියන්නේ?තමන්ට ගැලපෙන්න රීති දාගත්ත  ක්‍රීඩාවක් වගේ දෙයක්ද ?

81 comments:

  1. ම්ම්ම්ම්...තවත් හොද විස්තරාත්මක ලිපියක්.
    නරඹන්නෝ තමයි ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්නේ.

    ReplyDelete
    Replies
    1. නරඹන්නන් කුපිත වෙනවා ,හිනාවෙනවා නීති කැඩෙද්දී thanks kenji

      Delete
  2. සංස්කෘතිය කියන්නෙ දේසපාලුවන් විකුණගෙන කන එකක්,
    දේශ ප්‍රේමීන් හුරතල් කරන එකක්,
    අලුත් දේ හිතන උන්ට බාධාවක්...

    බහුතරයකට වෙස් මූණක්...

    ReplyDelete
    Replies
    1. අර්ථකථන,වලට කිසිම බාදාවක් නැහැ අයියේ.

      Delete
  3. අපි එක එක පුරුදු හදා ගන්නවා...ඊට පස්සේ පුරුදු අපිව හදා ගන්නවා කියන්නේ ඕකට මගේ හිතේ....

    ReplyDelete
    Replies
    1. මයියා ඔය ටච් කරලා තියෙන්නේ ස්තුති මෙහෙ ආවට

      Delete
  4. එයා එහේ ඉන්න කොට කොහොම හිිටියත් . මෙහෙට ආවහම කොහොම හිටියත් ඔයාට මොකද අනේ .

    ඔන්න ඕතන තියනවා උත්තරේ

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙයා පොයින්ට් එක. බුඩ්ඩිමට් !!

      Delete
  5. වවුලගෙ මඟුල් ගෙදර ගියානම් අපිට හිටන් ඉන්න වෙන්නෑ. අකමැත්තෙන් උනත් එල්ලිලා ඉන්නම වෙනවා. ඒක තමා යථාර්තය.

    මම නම් දකින විධියට ඉලානාගෙ වැරද්දක් නෑ. මොකද අපි ක්‍රිකට් නීති වලින් එළ්ලෙ ගහන්න බෑනෙ. එහෙම කලොත් අපි අසාර්ථකයි අපිට එළ්ලෙ නීති ෆලෝ කරන්නම වෙනවා.

    ඒ ඒ ක්‍රීඩා වලට වෙනස් නීති දාලා තියෙන්නෙ ක්‍රිඩාවෙ පැවත්මට. ඒ වගේම ඒ ඒ රටවල පමණක් නොවේ ප්‍රදේශ වල පවා සංස්කෘතිය කියන දේ තියෙන්නෙත් ඒ දේට කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. සංස්කෘතිය කියන්නේ මිනිස්සුන්ගේ ඒකාකාරී පැවැත්මට හදාපු එකක්..හිතලා බලන්න ඒකෙ ගෝත්‍රික ගතිය කොච්චරද කියලා @ප්‍රියා

      Delete
  6. ඔය නීති තමන් දාගන්න එව්වා නෙමේනේ, පුට් බෝල් ගහනකොට අතින් බෝලෙට ගැහුවොත් අර කාර්ඩ් තුනෙන් එකක් පෙන්නලා එලියට දානවා බොල. එක නිසා අනිත් උන් නිසා හදාගන්න වෙන රීතියක් . . .

    ReplyDelete
    Replies
    1. රීති වලට යත්වෙලා ඉන්නේ කැමැත්තෙන් නෙමේ නේද? ෆුට් බෝලේ රබ්බි වගේ තුරුල් කරන් දුවන්න තිබ්බනම් ශෝක් නේද? ඒත් නීති නිසා ,තමන්ට තරගයෙන් අයින් වෙන්න සිද්දවෙන නිසා පයින්ම ගහනවා කොහොමහරි ,, හි හි

      Delete
  7. මා හිතනවා බොහොම වේගවත් සිථුඑඉලි සමුදායක් එවැනිම හැකි උපරිම වේගයකින් ලියා ඇති බව.

    සංස්කෘතිය යනු කාලීනව වටිනාකම වෙනස්වන, සම්මතයක් පමණයි. එය කාලීනව බහුතර මතය අනුව පවතිනවා හැර නීති මගින් හැදිය හැක්කක් නොවේ.

    ReplyDelete
    Replies
    1. සම්මතයක් පමණයි.!!!!!!!!!!!

      විචාරක තුමණි ඒ මගේ හැටි වෙන්ටැති. රෑ 12ට පටන් අරන් 2,3 වෙනකල් ලියලා පබ්ලිෂ් බොත්තම ඔබලා ගුලිවෙලා නිදාගන්නවා ඒ මගේ හැටි

      Delete
    2. ///සංස්කෘතිය යනු කාලීනව වටිනාකම වෙනස්වන, සම්මතයක් පමණයි. එය කාලීනව බහුතර මතය අනුව පවතිනවා හැර නීති මගින් හැදිය හැක්කක් නොවේ.///
      මොනවා කියන්නද විචාරක තුමනි. 1000% ම ඇත්ත.

      ඒත් අර බහුතර කතාවෙ පොඩි සැඟවුණු පැත්තකුත් තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.
      ඇත්තටම කියනවනම්, බහුතර කැමැත්ත සාහරවිට පරණ එකක් වෙන්නත් පුලුවන්. ඒත් අලුත් බහුතරය තමන්ගේ කැමැත්ත සම්මත කරගන්නතුරු පරණ සම්මතයට අනුව අකැමැත්තෙන් එකඟ වෙනවා වෙන්නත් පුලුවන් නේද??

      Delete
  8. ඔයත් එන්ජීඕ එකකට බැදුනද???

    ReplyDelete
    Replies
    1. අපිට කොහෙන්ද ආයුබෝවන්ඩ රජයේ රැකියා

      Delete
  9. චාල්ස් ඩාවින් කියල තියෙන විදියට හැම දේම පරිණාමය වෙනව. ඉතිං සංස්කෘතිය කියන එක විතරක් එක තැනක තියෙන්න විදියක් නෑ. එහෙම උනොත් ඒ ජාතියට පැවැත්මක් නැති වෙනව.

    ඇත්තටම ඔය රෙස්ලින් කියන එකනං තාම මට අහුවෙච්ච නැති එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. රෙස්ලින් වර්ග කීපයක් තියෙනවා. බලන්න ඩිවාස් (ගැහැණු )ලත් සෙල්ලම් කරනවා . WWE වගේ එකකින් පටන් ගන්න බලන්න..
      හැමදේම පරිණාමය වුණාට එකම වේගෙකින් නෙමේ

      Delete
  10. අනේ මන්ද අප්පා... මොනව වුණත් සංස්කෘතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න මම කැමති නැතෝ....

    ReplyDelete
    Replies
    1. ප්‍රතික්ෂේප කිරීමක් හෝ අනුගමයක් ගැන කිසිත් නොකීවෙමි ඉදගෙන :D

      Delete
  11. පිටරට යන ගෑණු උදවිය ගැන, ලංකාවේ නිරිභීත පිරිමි කම ඉහවහා හිය පුරුෂ ශක්තියෙන් හෙබි උත්තම පුරුසයෝ වගේම රට ඉන්න එකත් බලන්නේ රබර් ඇහැ දාලා. ඒ කියන්නේ වපර ඇහෙන්. නිලියෝ වගේම රට ඉන්න ඔක්කෝම ගෑණුත් උන්ට ගොන්නු. ඒත් එකෙක්වත් හිතන්නේ නෑ මේ තවත් මනුස්සයෙක් කියන් දේ. අර මහාචාර්වරයෙක් ඉන්නවා නිතරම හුචක්කුවක් ගැන පොර ටෝක් දෙන. එයාම රට යන ගෑණුන්ට ගහනවා. ඒ කියන්නේ හුචක්කුව ඇඳගෙන උන්නට ගානක් නෑ. හැබයි දැලු කුණු ගාගන්නේ නැතිව, ගඳ ගහන්නේ නැතිව ඉන්න ඕනේ. ගෙදර ආපු ගමන්, ඇඳ උඩ පෙරලගෙන ලයිට් නිවාගෙන, විනාඩි තුනේ පුරුෂ ස්ශක්තිය පෙන්නන්න කියලා. ඉතින් මහාචාර්යලත් හිතන්නේ එහෙම නම්. අනෙක් උන් ගැන මොන කතාද..

    මම නම් හරි ආසයි.. කුණු සාය කෑලි හැට්ට කෑළි අඳන් එන ගෑණු. ඔහේදි ඊශ්‍රායල් කෙල්ලෝ වගේ ජීන්ස් ගහලා ලෙගින්ස් ගහලා ඩෙක්ස් දාලා ටී ගහලා කැප් දාලා, ව්හින්න වගේ පේන කන්නඩි දාලා යනකොට. ඒත් අපේ උන්ට ඒ කෙල්ලෝ එහෙම ගියාම වේසියෝ. ඉතින් කොහෙද ලංකාවට ඇවිත් එහෙම යන්නේ.. ආයේ බහිනවා හුචක්කුවට..

    මේ ගොබ්බ සමාජය ගැන බොහෝම ලස්සන ළිපි දෙකක් තිබුනා.. මාව මරන් කන්නේ නැතිව ඒ ළිපි කියෙව්වේනම් බොහොම හොඳා...

    http://rasthiyadukarayamo.blogspot.com/2014/01/blog-post_29.html

    http://niro-offonatangent.blogspot.com/2014/01/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. ලිපියකට නියම පුරුෂ ශක්තියකින් ප්‍රතිචාර දැක්වීම ගැන උඹට මගේ උත්තමාචාරය මචෝ....!!!

      Delete
    2. ස්තුති මාතලන් ලිපි දෙකම මං කියෝලා කොමෙන්ට් කරපුවා. නියමයි.

      මං ලිපිය තුලින් කිසිවක් ගැන මගේ අදහස ඉදිරිපත් නොකර දකින්න පුළුවන් පැති කීපයක් ගැන විතරක් ඉගි කරන්නේ කියවන්නන්ගේ අදහස් වලට ඉඩ තියලයි. .ඔබේ ග්‍රහණය කරගැනීම ගැන සතුටුයි.

      Delete
    3. මාතලන් ++++++++++++++++++++++++++++ අපුර්විගේ කතාවේ ඇය නොකිවුව ටික උබ කීවා. උබ නියම බුවෙක්

      Delete
  12. ඔමාගෙ කතාව ගැන නෙවෙයි ක්‍රීඩාව ගැන වචනයක් කියන්න ඕනෑ.රෙස්ලින් කියන්නෙ බොහොම ලස්සන ගෞරවනීය ක්‍රීඩාවක්,ඇත්තම රෙස්ලින් ඔයා ඔය කියල තියෙන රෙස්ලින් නෙවෙයි, රෙස්ලින් කියන වචනයවත් ඔය ක්‍රීඩාවට(ඇත්තටම ඒකට ක්‍රීඩාවක් කියල කියන්න බෑ)පාවිච්චි කරනවට මම විරුද්ධයි.ඒ නිසා රෙස්ලින් කියන ක්‍රීඩාව ගැන පොඩ්ඩක් හොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. //රෙස්ලින් කියන්නෙ බොහොම ලස්සන ගෞරවනීය ක්‍රීඩාවක්/// රෙස්ලින් කියන්නේ සාමන්යෙන් පොරබදනවටනේ මල්ලව පොර කියන්නේ ඒවගේ එවටනේ. හැබැයි තමන්ගේ ශරීරයට රිදවමින් කෙනෙක් පරයා නැගීසිටින කිසිම ක්‍රීඩාවක් මං ප්‍රියකරන්නේ නැහැ.(ඒත් අවාසනාවට හැමදවසකම පැය 4ක් විතර TNA Impact , WWE , MMA තරග බලන්න වෙනවා මට සීයා නිසා.)මං දන්න පරණම රෙස්ලර් තමයි යාකොබ් දෙවදුතයෙක් එක්ක ආත්මීයව පොරබදපු කෙනෙක් එයා. ,ඔයා මම විරුද්ධ වුණත් නැතත් ලෝකෙ සෑහෙන පිරිසක් කැමති රෙස්ලින් වලට.ඒක නාට්‍ය රංගනයක් කියලා හැමෝම දන්නවා.යු ටුබ් එකේ ඕනෙතරම් ෆේලර් වීඩියෝ තියෙනවා.
      ඉන්දියාවේ ඔයිල් රෙස්ලින් බලලා තියෙනවද අන්න ඒවානේ රෙස්ලින්.

      //ඔමාගෙ කතාව ගැන නෙවෙයි ක්‍රීඩාව ගැන වචනයක් කියන්න ඕනෑ/// හ්ම්ම්ම් .

      Delete
    3. මම ඔමාට කියන්න හදපු එකක් අපේ හැලපේ කියලා. ටීවී රෙස්ලින්ග් නම් ගොන් චූන් එකක් ඔමා. ග්‍රිකෝ රොමානො සහ මොඩර්න් රෙස්ලින් තමයි ඔලිම්පික් ක්‍රීඩා සම්මතයන්ට අනුව තියෙන්නේ. මොකක්ද මේ බැලේටර් කියන ක්‍රීඩාව.මම අහලා නැහැනේ ඔමා.

      Delete
    4. අරූ @ ඔව් අයියේ මාත් ඒක පිලිගන්නවා ඒත් මේකේ විහිළුව දන දන උණත් මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නේ.. මාත් රෙස්ලින් ඉතිහාසේ ගැන කියෝලා තියෙනවා .. බැලේටර් ගැන මං ලියන්න ලිපියක් ඒක නම් ටිකක් දරුණුයි රෙස්ලින් වගේ නෙමේ .
      රෙස්ලින් වගේ නෙමේ මධු බැලේටර් ඇත්තටම ෆයිට් කරන්නේ. ඒත් රෙස්ලින් වගේ අපිට බල බල හිනාවෙන්න බැහැ. එයාලා ලේ පෙරාගෙන ගහ ගන්නේ ,,, බොක්සින් වල විනාඩි 3 ගානේ වට 5ක් නේ බැ ,ටර් වල විනාඩි 5 ගානේ වට තුනක් ,, චැම්පියන් ෂිප් එක වෙනුවෙන් තියද්දි වට 5ක් .පිලිපිනේ ,සිංගප්පුරුවේ කැසිනෝ වල ගොඩක් වෙලාවට තරග තියෙන්නේ .. ගොඩක් වෙලාවට වට 3 ඉවරවෙන්න කලින් බලවන්තයා දිනනවා . රෙස්ලින් වගේ කකුල් යට කරන් ඉදලා නෙමේ ..එක්කෙනෙක් මැරෙන්න ලං වෙලා ඇති කිවම ,, මුනටමයි ගහන්නේ ..

      Delete
  13. මේකට මම දකින එකම හේතුව තමයි අපි තාමත් සමාජයේ සිතුවිලි වල ගොදුරක් වීම. මොකද අපි බයයි අපි මෙහෙම කරොත් සමාජය මොනවගේ දෙයක් කියයිද? අපි ගැන මොනවා හිතයිද වගේ දේවල් වලට. කොච්චර උදපන්නත් රදික කියලා පෙන්නෙන හැදුවත් හැම කෙනෙක්ම වාගේ සම්මජය තමුන් ගැන හිතන දේ ගැන සංවේදී වෙනවා. තමුන් කැමති ඇඳුම අඳින්න බැරුව තමුන් කැමති කොල්ලා කෙල්ල එක්ක යන්න බැරුව දුක් විඳින්නේ ඒ නිසයි.
    තමුන්ගේ හිතට එකඟව ජීවත් වෙන්න තාමත් අපි බයයි.

    ReplyDelete
    Replies
    1. ඉවාන් ඇයි අපිට බැරි යම් මට්ටමකින් ස්වාධීනව තීරණ ගන්න..අදෘශ්‍යමාන හිරගෙවල් විදියට මං නම් සමාජයේ සිතුවිලි කියන එක සිතන්නේ .. අනිත් දේ තමයි සමහරු මෝඩ විදියට එකපාරට ලොකුවෙනසකට යන එක ,ඒ වගේම ඒ පුද්ගලයාගේ පවුර්ශ්යට නොගැලපෙන වෙනසකට. ගොඩක් sri ලාංකිකයෝ වෙන රටවල සිටිසන් ගන්න දගලන්නේ ඕක නිසා වෙන්න ඇති

      Delete
  14. එතකොට අන්තිමට බැලුවම අපි අපිට ඕනැ විදිහට ජීවත් වෙන්නේ අනුන්ගේ රටකට ගිහාමද!

    ReplyDelete
    Replies
    1. නිදහස එහේදි ලැබෙනවා.. ඉතින් පොදුවේ මිනිසුන් තම සිතැඟියාවන් නොපැකිලව ඉටු කර ගන්නවා.. ගමේදි ඒවා කරන්න ගියෝත් ගෑණියෙක්නම් එයා සක්කරවට්ටමක් වෙනවා.. පිරිමියෙක් නම් සූරසෙන වෙනවා.. නගරයේ ඔය දේ අඩුයි..

      Delete
    2. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩු කෑලි ගැන කම්පා වෙන එක තමයි අපේ සංස්කෘතිය කියන්නේ. එකයි ඒ. කොච්චර කිවත් මමත් නොදැනීම කරනවා ඕක.

      Delete
    3. //අපි අපිට ඕනැ විදිහට ජීවත් වෙන්නේ අනුන්ගේ රටකට ගිහාමද!/// මේකත් අපිට ඕනේ විදිය කියන්න බැහැ නීරෝ..අත්විදින්න ලැබිච්ච නිසා හුරුවිමක්නේ වෙන්නේ.. ඊටත් වඩා නිදහස් වෙන සමාජෙකට ගියාම එතන විදියට හුරු වෙනවා..

      කලින් පරම්පරාව අපිට මවලා දීලා තියෙන නොපෙනෙන සිර ගෙවල් වල අලුත් පරම්පරාව ජිවත් වෙනවා

      Delete
    4. ඇයි අළුත් පරම්පරාව දැන දැන ඒ හිර ගෙදරම ජීවත් වෙන්නේ. ඊලඟ පරම්පරාවටත් එහෙම වෙන්නද වෙන්නේ..

      Delete
    5. ඔයා කලින් කිව විදියට තනි තනි පුද්ගලයා විදියට හිතනවා නම් මේ දේවල් වෙනස් වේවි ,, මං පවුද්ගලිකව මගේ ළමයින්ට නම් මේ විදියට වෙන්න දෙන්නේ නැහැ ,, ඒවගේම අපේ බස්සිත් එහෙමයි

      Delete
  15. මම දන්නා විදියටනම් සංස්කෘතිය නිර්වචනය වෙන්නේ මෙහෙමයි ... අපිට බැරි දේවල් අනික් එවුන් කරනකොට අපේ හිතට එන ඉරිසියාව පිටකරගන්න තියෙන හොඳම වචන වලින් එකක් (උදා:- මුන් අපේ සදාචාරය සංස්කෘතිය විනාස කරන ......බල්ලෝ වගේ ඒවා කියලා )

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනේ මං කිවේ නම්‍යශීලි වචනයක් කියලා

      Delete
  16. ලාංකික සංස්කෘතිය එකක්, බටහිර සංස්කෘතිය තව එකක්.සමහරු විදෙස් ගත උනාම දෙවනි එකේ උපරිමේටම ඒනවා.ආයි ලංකාවට එන්නේ ඒක පිටින්ම තමා.කලාතුරකින් ඕක වෙනස් වෙනවා

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. ඔව් sadun ඒකත් වෙනවා ,සමහරුන්ට සිංහලත් අමතක වෙනවා. තව කට්ටියක් ඉන්නවා එයාපෝර්ට් එකේදී ඇදුම් මාරු කරගන්නවා :)

      Delete
  17. ඇත්තටම අපට වෙනත් සංස්කෘති වලින් අපට ගැලපෙන දේ අවශෝෂණය ක්‍රගන්න බැරිකමකුත් නෑ. ඒත් ඒකත් පුලුවන් සීමාවකට වෙන්න ඕනේ. ඒ වගේම අපේ දේවල් ලෝකය ඉදිරියේ හරියට නියෝජනය කරන්න පිටකොන්දක් අපට තියෙන්නත් ඕනේ.

    ReplyDelete
  18. සංස්කෘතිය කියන්නේ අපට කැමති විදිහට ජිවත් වෙන එක වලක්වන්න හදපු එකක්ද? අනේ මන්ද?එහෙම එකක් නැති උනොත් අපි නිකන් වල් (wild) සත්තු වගේ වෙයිද? අනේ මන්ද. මම තාම මේක ගැන හිතනවා. මොනවා උනත් හැම දේම හොද නරක දෙකම තියෙනවා. කෙළවරකට නොයා මැද ඉන්න එකයි හොද කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. කෙටි උනත් හොඳම අදහස ///කෙළවරකට නොයා මැද ඉන්න එකයි හොද////
      බුදු දහමත් අනුමත කරන්නෙ අන්න ඒ අදහස තමයි.

      Delete
    2. චමින්ද මා ඒ කිසිවක් කීවේ නැහැ..ඔයාට හිතන්න ඉඩ සැලැස්සුවා විතරයි .. ඔයා සංස්කෘතිය කියලා හිතං ඉන්න දේ මත තමයි ඔයා කතා කරන්නේ , ඉන් එහාට හිතන්න .

      ගයාන් @ බුදු දහමේ කියවෙන දේ මගේ දැනුමේ හැටියට නම් දුකේදී එය මද්‍යස්තව දරා ගැනීමත් , සැපේදී එය මද්‍යස්ත්ව දරාගැනීමත් තමයි හොද. ඒත් සංස්කෘතිය හෝ වෙනයම් හෝ සමාජ මුලධර්මයක් ගැන නම් ,, නිවැරදි අවබෝදය එන තැන අපි හොයාගන්න ඕනේ,, ඒක අන්තගාමි වීමක් නෙමේ ,සත්‍යට ලං වීමක්

      Delete
  19. අපි හදාගත්තු නීති රීති වලින් අපි අපිවම බැඳ දමාගෙන.

    ReplyDelete
    Replies
    1. ස්වර්ණ විමානෙන් එහා ලෝකයට .....
      මාගේ දේශය අවදිකරනු මැන..............

      Delete
  20. සරලවම කිව්වොත්, ලංකාවේ අසහනකාරයෝ වැඩි නිසා තමන්ට කැමති ලස්සන, ගැලපෙන ඇඳුමක් ඇඳන් පාරේ බැහැලා යන්න තත්වයක් නෑ.
    මේ යන විදියට අඳින්න වෙන්නේ බුලට් පෲෆ්, වෝටර් පෲෆ්, ස්ක්‍රැච් පෲෆ් තව හුඟක් දේවල් පෲෆ් කූඩාරමක් වගේ ඇඳුමක් තමයි. ඇයි ඔයා දැකලා නැද්ද

    ReplyDelete
    Replies
    1. නරඹන්නන්ගේ බලපෑම් නිසා තමන්ට රිසි ශෛලියෙන් ක්‍රීඩා කරන්න බෑ ඩූඩ්. ගල් මුල් ප්‍රහාර එනවා නෙව.

      Delete
    2. අනිවා බස්සියේ..ප්‍රේක්ෂකයෝ තමයි තමයි වගකියන්න ඕනේ,,

      හෙන්රි අයියේ ඒ වගේම සයිබර් පෲෆ්ෆුත් ඕනේ වෙලා තියෙන්නේ දැන්

      Delete
  21. ඔය එකක්වත් වැරදි නැ.තමන්ට හොදයි කියල හිතන දෙ කරට කමක් නැ.මුකුත් අදින්නෙ නැතුවනම ඉන්න එපා නිතියෙන තහනම්

    ReplyDelete
    Replies
    1. දමිත් @ එහෙම ඉන්නේ කොහෙද ප්‍රේක්ෂක ජහමනයා එක්ක :)

      Delete
  22. මට අදත් නංගිගේ ලිපියෙන් ගොඩක් දේවල් පේනවා. හරිම වටිනවා.
    මමනම් මම කැමති මට හොඳ විඳිහට ඉන්නේ. එක එක්කෙනාගේ හා දේශයේ හැටියට වෙනස් උනොත් ඒ අපි නෙමේ. ඒත් අපිට මොළයක් තියෙනවානේ. ඉතිං හිතලා අපට අවශ්‍ය විඳිහට හැඩ ගැහෙන්න පුලුවන්...
    ජය!!

    ReplyDelete
    Replies
    1. ඕවා කරන්න හැමෝටම ආසයි ඒත් ප්‍රේක්ෂකයෝ පිනවීම අනිවාර්යිනේ

      Delete
  23. මටනම් තේරෙන් නෑ.... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,, තේරෙයි කල් යයි

      Delete
  24. තමං කවුද කියලා තමංගෙම ස්වඥාණයෙන් අවබෝධ කරගන්න හැමෝටම බෑ. එහෙම මිනිස්සු අල්පයයි ඉන්නෙ. අනිත් හැමෝටම තමා කවුද කියන කාරණය අවබෝධ කරගන්න යම්කිසි මග පෙන්වීමක් සමාජ ක්‍රමය ඇතුලෙම ගොඩනැගිලා තිබිය යුතුයි.
    ඒත් ලංකාවෙ හැම දේම ගොඩනැගිලා තියෙන්නෙ අනිත් පැත්තට... අපිම ගිනි ගොඩ ගහගෙන රස්නෙයි රස්නෙයි කියලා කෑගහනවා. පිච්චෙනවා කියලා දුවනවා. සමහරු ගිනිගොඩ උඩිං සීතල වතුර මුට්ටි තියලා තමං කැමති ගානට රත්කර ගන්නවා. ගින්න නිවන්න හදන එවුංට පිස්සො කියනවා. ඒ පිස්සොත් කාලෙකට පස්සෙ අර ගිනිගොඩටම දර එකතු කරනවා.
    සංස්කෘතිය ගැන උඩ කමෙන්ට් එකක විචාරක'තුමා කියන කතාව හරියට හරි. ඒත් අපි වැඩි දෙනක් තාමත් මේක මහලොකු ලබ්බක් කරගෙන පිස්සු කෙලිනවා. අතිමට අපි කරලා තියෙන්නෙ ජීවත් වෙනවා කියලා වෙන කාගෙවත් මතවාද ටිකක් ජීවත් කරවන එක විතරයි.
    >
    ලිපිය නියමයි ඔමා. මේවගේ අදහස් හිතට එන වෙලාවට මේවගේ ගලපලා ලියන්න දිගටම... ඒකෙන් තව කෙනෙකුට හිතන්න දෙයක්, කතා බහ කරන්න දෙයක් ඉතුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ ඔයාගේ අදහස් දැක්වීමට. මගේ මට්ටමට මන්ලියන්න උත්සහ කරනවා ,,

      Delete
  25. බැලේටර් ???
    මම නම් එහෙම ක්‍රීඩාවක් ඇහුවෙත් අදමයි.. රෙස්ලින්, බොක්ශින් නම් දන්නවා.

    ReplyDelete
    Replies
    1. රෙස්ලින් වගේ නෙමේ මධු බැලේටර් ඇත්තටම ෆයිට් කරන්නේ. ඒත් රෙස්ලින් වගේ අපිට බල බල හිනාවෙන්න බැහැ. එයාලා ලේ පෙරාගෙන ගහ ගන්නේ ,,, බොක්සින් වල විනාඩි 3 ගානේ වට 5ක් නේ බැ ,ටර් වල විනාඩි 5 ගානේ වට තුනක් ,, චැම්පියන් ෂිප් එක වෙනුවෙන් තියද්දි වට 5ක් .පිලිපිනේ ,සිංගප්පුරුවේ කැසිනෝ වල ගොඩක් වෙලාවට තරග තියෙන්නේ .. ගොඩක් වෙලාවට වට 3 ඉවරවෙන්න කලින් බලවන්තයා දිනනවා . රෙස්ලින් වගේ කකුල් යට කරන් ඉදලා නෙමේ ..එක්කෙනෙක් මැරෙන්න ලං වෙලා ඇති කිවම ,, මුනටමයි ගහන්නේ .. මගේ අවාසනාවට මට හැමදාම සිය එක්ක බලන්න වෙනව්ව

      Delete
  26. දැන් හැම දෙයක්ම විනාසෙට ඇදෙන නිසා මේ දේවල් පුදුම වෙන්න දේවලුත් නෙවෙයි..

    ReplyDelete
  27. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  28. බැලේටර් අස්සෙ මොකක්ද මේ ඇදුම් හුට පටේ...බැලේටර් ගැන ඇහුවෙත් අද...ඒ ගැනම කියාගෙන ගියා නම් අහවරයි නොවැ....අපේ රටේ තියෙන සංස්කෘතික රාමුව ඇතුලෙ වර්තමාන සමාජයට නොගැලපෙන බොහෝ දේ තියෙන බවයි මගේ අදහස...වර්තමානයත් සමග යාවත්කාලීන නොවී අපට රටක් විදියට නැගී ඉන්න අමාරුයි. කොටින්ම අපේ ගෑණියෙක් හෙට පුරුෂාධිපත්‍යයට අභියෝග කරලා ලේලන්ඩ් බස් එකක් එලවගෙන පාරෙ ගියොත් පිරිමි රියදුරන්ගේ ප්‍රතිචාරය කෙබදු වෙයිද ? ඒත් අපි දෙකයි පනහට දාලා කථා කරන...නිතරම කාණ්ඩ ගතවී කාන්තාවන් දුෂණය කරන අපේ අල්ලපු රටේ ඒ වගේ කාන්තාවන් රාශියක් ඉන්නවා වගේම ආසියාවෙ පළමුවැනි ඩීසල් දුම්රිය එන්ජින් රියදුරුවරිය ඉන්නෙත් එහෙ...අපේ කාන්තාවටත් සීමා බාධක නැති කරලා නිදහසේ පෙරට ඇවිත් පිරිමින්ට පමණක් කල හැකියි කියන රැකියා වල නිරතවෙන්න සංස්කෘතිය ඇතුලෙන්ම ඉඩක් ලැබුනොත් අපේ ලංකාවත් දියුණු වේවි...හරියට මම ඉන්න මැලේසියාව දියුණු වෙලා තියෙනවා වගේ....

    දුම්රිය රියදුරු වරිය පිළිබද මෙතැනින් බලන්න

    ReplyDelete
    Replies
    1. බැලේටර් ගැන ලියන්නම් දවසක. ශා අදමයි දැක්කේ අයියේ මේ වීඩියෝ එක,, එයාව දැක්කම හිතන්නත් බැහැ thanks ,,, අදහස් එකතු කලලට

      Delete
  29. මට මේ ලිපිය පෙනුණේ වෙනත් කෝණයකින්. හොඳයි මම ඒ දේ අවුබෝධ කර ගත්තා. අනිත් අය එයාලට ඕන විදියකට අවුබෝධ කර ගනී නේ.

    ReplyDelete
    Replies
    1. සුදීක@ කිසිම අන්තයක් ගැන කෙලින් කතා නොකර ඔයාලට ෆොටෝ 3ක් පෙන්නුවේ ..තම තමා තම තමාගේ හැටියට ලබාගත්තාවේ ඉදගෙන .. :) මට විශ්වාසයි ඔබ යමක් අවබෝධ කරගත්ත බවට ,ස්තුති

      Delete
  30. මට නම් සංස්කෘතියක් කියලා කියන්නේ ජීවන මාදිලියක්. පාරිසරික, ඉතිහාස, ආර්ථික ආදී නොයෙක් කාරණා මේක ගොඩ නගන්න හේතු වෙනවා. මේක ආරක්ෂා කරගතයුතු පූජනීය දෙයක් නෙමෙයි. කාලයත් සමග වෙනස්වෙන දෙයක්. නිරන්තරයෙන් සංවාදයට, ප්‍රශ්නකිරීම් වලට ලක් විය යුතු දෙයක්. අද දවසට ගැලපෙන හර පද්ධතිය තීරණය කරන්න පුළුවන් අද ජීවත්වෙන අපිටම තමයි. මීට අවුරුදු බර ගාණකට කලින් ජීවත් වූ අයගේ ජීවන රටාව අනුව අදට අවශ්‍ය තීරණ ගන්න බැහැ.

    ReplyDelete
  31. @thisara
    ස්තුති තිසර ඔබේ අදහස එකතු කලාට . ////නිරන්තරයෙන් සංවාදයට, ප්‍රශ්නකිරීම් වලට ලක් විය යුතු දෙයක්. අද දවසට ගැලපෙන හර පද්ධතිය තීරණය කරන්න පුළුවන් අද ජීවත්වෙන අපිටම තමයි. මීට අවුරුදු බර ගාණකට කලින් ජීවත් වූ අයගේ ජීවන රටාව අනුව අදට අවශ්‍ය තීරණ ගන්න බැහැ.//// මේ දේවල් කින් කීදෙනාද තේරුම් ගන්නේ

    ReplyDelete
  32. එක සංස්කෘතියක් ඇතුලේ තව උප සංස්කෘති ගොඩයි දරුවෝ.. අපෙ රටේ නම් හැමදාම අලුත් සංස්කෘති එනවා. මේ දවස්වල පාරෙ ෆොර් වීල් සංස්කෘතිය. ඒකට අනුව සෙස්සෝ ඒ අයට පාර දීල තණකොල තීරුවේ ඉන්න ඕනෙ.. ඔය විදිහට සංස්කෘති බිහිවෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුති අයියේ .. තව අදහසක් ඒකත් හිතලා බැලුවම ඇත්ත තමයි ,

      Delete
  33. ගැලපෙන දේ ගැලපෙන තැනට කලාම හරි මට හිතෙන විදිහටනම් අක්කේ ... සංස්කෘතිය රැකියා යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක් මම .. අනේ මන්දා ... අපේ ගෑනුන්ට දැන් මක්ක හරි වී ගෙන යනවා කියලා නම් පේනවා ... :D

    ඇවිත් යන්න එන්න අපේ පැත්තේ .. මේ පුංචි ආරාධනාව ඔයාටමයි

    http://sulanganonimsathsara.blogspot.com/2014_02_01_archive.html

    ReplyDelete
    Replies
    1. ඔයා fb එකේ සුළග මල්ලියා නේද > ස්තුති අදහස් දැක්වීමට..මන් ඔන්න එනවා ඔයාගේ බ්ලොග් එකට

      Delete
    2. සුළග එක්කෙනයි අක්කි .. එයාම තමා ස්තුතියි

      Delete
  34. මම හැම වැරැද්දක්ම සංස්කෘතියේ නාමයෙන් දේවත්වයේලා සලකනවාට අකැමති මතයක ඉන්නේ. මේ කාලීන වෙනස්වීම් සිදුවිය යුතුයි. ඒ වෙනස්වීම් කවුරුත් කරලා දෙන්නේ නැහැ. තම තමන් විසින් ඒ වෙනස්වීම් ඇති කර ගත යුතුයි. වෙලින්ටන් බූට්ස් දෙකක් දාගෙන ,කලිසම්ක් ඇඳගෙන හේනක් කුඹුරක් කොටන එක සංස්කෘතියට එරෙහිව යනවා කියලා හිතන්නේ සංස්කෘතිය විකුණන් කන්න ලෑස්ති උදවිය. ඒ කුහකත්වය.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නිතරම තනිව හිතන්න තීරණ ගන්න අකමැති . තමන් දෙයක් කරන්න හිතුවට පස්සේ කරන්න කලින් ගොඩක් වෙලාවට පුරුද්දට වගේ රාමුවට දාලා බලනව .. ඒක යහපත පැත්තෙන් බැලුවොත් හොද දෙයක් , ඒත් මිනිස්සු නොදනිම කොටු වෙලා ඉන්නේ. සංස්කෘතිය කියන දේට මිනිස්සු ඔබ්බලා තියෙන දේවල් වෙනස් වෙන්න ඕනේ,.. ස්තුති අයියේ ඔයාගේ කොමෙන්ට් එකට .මේ කොමෙන්ට් වලින් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

      Delete
  35. හොද දෙයක් කියාගෙන ඇවිත් ඔන්න පැන්න සුපුරුදු ට්‍රැක් එකට. මං කවදාවත් අහල නැති බැලේටරයක් ගැන බලන්න හිත හදන් කියවන්න හදනකොටම මැදිං ඇඩ් එකයි ඕපදූප මල්ලකුයි අතෑලියනෙ ඔයා. සික් ඈ... එතකොට අර බැලේටර් සෙල්ලම ගැන ආයෙ ලියන්නැද්ද ඈ...හයියූ

    ReplyDelete
    Replies
    1. නේට්වර්ක් බ්ලොග් ගැජට්ටුවෙ මං ඔයාව ෆලෝ කරා පෙන්නන්නෑ. ඇය් ඒ.
      මට තේරෙන්නෑ හය්යූ. මාත් ඕකෙ ඉන්නවනේ එත් පෙන්නන්නෑ.. බ්ලා

      Delete
    2. මට නොටිෆිකේශන් එකක් ආවා .. මාත් මේ ගැන හරියටම දන්නේ නැහැ තාම ,ඔයා මාතලන්ව ෆලෝ කල කියලා ආවේ, බලමුකෝ

      Delete
    3. රිෆ්‍රෙශ් කරලා බලන්න තියෙනවා ,, .. බැලේටර් ගැන ලියන්නම් කෝ

      Delete


ලිපිය කියවා කොමෙන්ට් නොකලත් කමක් නැහැ.. කමෙන්ට් කලොත් සතුටුයි. ලිපිය කියවන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා.
අපුර්වි_


,නිතරම යහපත කරන්න...,සතුට සැනසිල්ල හැමදාම ඔයාලග රැදේවි,,දෙවිපිහිටයි,

Related Posts Plugin for WordPress, Blogger...